Friday, September 6, 2013

110 අරක්කු සහ ආතල්

සුරාපානය පිළිබදව ඇත්තේ අවුරුදු දහස් ගණනක ඉතිහාසයකි. මේ අපූරු සොයාගැනීම කලේ කිසිවෙකුදැයි නිශ්චිතව සනාථ කල නොහැකි වුවත් එක් විකට කථාවක එන පරිදි මත්පැන් සොයාගෙන ඇත්තේ චියර්ස් (Cheers) නම් සුද්දෙකු විසිනි. බොහෝවිට සාදයක ඇරඹුම හෙවත් පළමු ෂොට් එක බොකු බඩවැල් කරා යැවීමට ප්‍රථම චියර්ස් යනුවෙන් මතක් කරන්නේ ඒ අනර්ඝ සොයා ගැනීම කල සුද්දාවය. මත්පැනින් සන්තර්පණය වන ජනතාව වූ කලී එතරම් කලගුණ දත් සුදී ජනතාවකි. මත්පැන්හි ඉතිහාසය පිළිබද යම් අවබෝධයක් ගත හැකි එක් ප්‍රකට සිදුවීමක් බුද්ධ චරිතයේද වෙයි. ඒ රා පොවා බුදුන් වැඩි මගට යැව් නාලාගාරි හස්තියා පිළිබද කථාවයි. ඒ කථාවෙන්ද අපට ගම්‍ය වන්නේ මත්පැන් වලට වසර 2600 කටත් වඩා ඉතිහාසයක් ඇති බවකි. රා යනු පොල් ගසින් ලබාගන්නා ඵලයකි. මූලික අවස්ථාවේ මත්පැන් වර්ගයකි. ගසින් බාගත් වනම තෙලිජ්ජ ලෙස හදුන්වන මෙය මද වේලාවක් සුළගේ දැවටුනු පසු නියම පදමට එයි. මයියොක්කා හෝ ඌරුමස් කැබැල්ලක් හපමින් රා රස විදගත් උන් මේ ලියමන කියවන විටද පරිගණක තිරයට මුවා වී කෙළ ගිලිනවා විය යුතුය. කල්වේලා ගත ව ගිය පසු රා , විනාකිරි නම් සාඩම්බර නමකට හිමිකම් කියයි.

තාක්ෂණයේ දියුණුව සමග රා නම් මුල් අවස්ථාවේ මත් පැන් තවත් දියුණු කරමින් සැර වැඩි මත්පැන් නිපදවීමට මත්ලෝලී නව නිපැයුම්කරුවන් තම සිත් මෙහෙයවූහ. රා බිවු පසු බඩ බුරුලට යන රා ඇලජික් මත්ලෝලීන්ට සිත් සේ නව නිපැයුම භාවිතා කල හැකි විය. බෝතලයක දමා සුළං නොවදින ලෙස සීල් කර ගණුදෙනුකරුවා සොයා ආ නිසාදෝ ඒවා සීල් අරක්කු නම් විය. ඒ අනුව විවිධ දැවයන්ගෙන් නිපදවූ පීප්පයන්හි මිශ්‍රනය පදම් කරමින් පදම් කල වසර ගණන අනුව මිළ වැඩි වන පරිදි මත්පැන් නිපදවූවා සේම විවිධ ධාන්‍ය වර්ග අනුසාරයෙන් සැර මත්පැන් නිපදවීමට යුරෝපා ජාතීන් කටයුතු කලෝය. ඒවා විස්කි, බ්‍රැන්ඩි,වොඩ්කා ආදී සුඛෝපභෝගී නම් වලින් යුතු විය. මේ අතරතුර පොල්ගස් නැති අහිංසක ජපනා සහල් මගින් මත්පැන් නිපදවා ඒවාට සකේ කියා සුන්දර නමක් තැබුවෝය. රජයේ විභාගය ලියා සති දෙකේ පුහුණුවකින් පසු කොණ්ඩය කොටට කපාගෙන කොරියාවට පිටත් වූ අපේ කොල්ලන් අඩුවට තියෙන නිසාම දිනපතාම පාහේ පොඩි සොමියක් ගන්නේ සෝජු නම් මත්පැනට පින් සිදුවන්නටය.

යම් යම් තත්ව පාලනයන් යටතේ උසස් ප්‍රමිතීන්ට අනුව පාරිභෝගිකයාට මේ නිෂ්පාදන ලබා දීමට අදාළ සමාගම් කටයුතු කරන නිසා සහ රජයට බදු ලෙස විශාල මුදලක් දොල පිදේනි දිය යුතු නිසා නිෂ්චිත මිළ මට්ටමකින් සීල් අරක්කු මිළ ආරම්භ වෙයි. මේ අතරින් ගල් හා පොල් මත්පැන් ලෝලී පොදු ජනතාවගේ හද ගැස්ම හදුනාගත් ප්‍රමුඛ පෙළේ නිෂ්පාදන වෙයි. පොල් ගසින් පොල් අරක්කු උපදින විට ඔරිජිනල් ගල් අරක්කු ඉපදෙනුයේ සීදුවෙනි. එහෙත් ඔරිජිනල් ඕනෑම දෙයක් කොප්ප ගැසීම අපේ ඇත්තන්ට සිම්පොල් නිසා ප්‍රදේශයේ නම මුලට ඈදා වෙළද පොලට එන තවත් ගල් අරක්කු වර්ග ඈත පළාතක විනෝද සවාරියක් ගිය කල ඇස්පනාපිට දැකිය හැක. ඒවා පිටුපස අදෘෂ්‍යමාන දේශපාලන හස්තයන්ද ඇති බවක් කව්දෝ කිව්වා මතකය. මොණරා දෙස බලමින් සිනාසෙන ගල් බෝතලය ලෝක ආර්ථිකය තව දුරටත් මුහුණ දෙන දරුණු අවපාතය හමුවේ තනි මොණරෙකු පුදා මිළදී ගැනීමට නොහැකි වන බව දැන් දැන් සක්සුදක් සේ පැහැදිලිය.

ගල් වන්දනාවට සැරසෙන බැතිමතෙක්

වෙනත් පාන වර්ග පානය කලා බිව්වා ලෙස උච්චාරණය කලත් එය අරක්කු සමග යෙදෙන විට ගැහුවා ලෙස වෙනස් වෙයි. ඒ අනුව මම පෙරේදා ගල් භාගයක් ගැහුවා, ගිය සතියෙ පොල් මදි වෙලා ගල් ගැහුවා ආදී අනුකාරයෙන් විවිධ හැඩතල ගනී. මෙවැනි විටෙක අරක්කු ගැන හාංකවිසියක් නොදන්නා සුදනෝ සහ කාන්තා පාර්ශවය සිතනුයේ අදාළ පුද්ගලයා දඩාවතේ ගිය බල්ලෙකුට ගඩොල් භාගයකින් ගැහුවා හෝ නිවසේ ආහාර පිසින්නට පොල් නොමැති වූ හෙයින් පොල් කඩා ගැනීමට පොල් ගසට ගල් ගැසූ කථාන්දරයකි.

අපේ මුතුන් මිත්තන් ස්වභාවිකව නිපදවාගත් කිතුල්, තල්, පොල් ආදී රා විශේෂයකින් සන්තර්පණය වූ ඒ අතීතය වෙනස් වූයේ සිරිලංකාව බටහිර ජාතීන් විසින් යටත් කරගත් පසුව විය යුතුය. සීල් අරක්කු වල ඇති ගුණ සුවද හදුනාගත් මේ ජනතාවගෙන් පැවත එන පරපුර අදද හැන්දෑවට හැන්දෑවට මේ සුවදට ඉව අල්ලයි. මෙවැනි පුද්ගලයන්ට මගුල් ගෙයක් සුපිරිවන්නේ එහිදී ලබා දෙන අරක්කු වර්ගය අනුවය. මිළ අධික අරක්කු වර්ගයක් දුන්නොත් හත්පොලේ ගා ගෙන මගුල් ගෙදර යකා නටනා මෙවැනි ඇත්තන් පහුවදා ඒ සියල්ල අමතක කර ඊයෙ ගැහුවා රිදෙන්න යනුවෙන් පවසයි. මෙහිදී ගැහුවා ලෙස සංඛේතවත් කරන්නේද අපි මේ කථා කරනා මත්පැන් පානය කිරීම ගැනම බැව් සැළකුව මනාය. සත්‍ය ලෙසම රිදෙන්නේ සිය බිරිද හෝ මගුල්ගෙදරට සම්බන්ධ ඇත්තන් අතින් පයින් සැලකූ ඒවා බැව් වෙරිමත නිසාම අමතක වී ඇති සෙයකි. ඇතැම් මගුලක වෙරි මරගාතේ සුපිරි මත්පැන් හොරකම් කරන්නට ගොස් සිය පවුලේ සායමද යවාගෙන බත් වෙනුවට බඩ පුරා ගුටි බැට පූජාවට ලක් වූ අසරණයන් මම ඇතැම් විටෙක දැක ඇත්තෙමි. එවන් විටක අසරණ වන අහිංසක ඇඹේනිය සහ දරුවන් ගැන කියන්නට වදන් නැත. දිනපතා මත්පැනින් සන්තර්පණය වන පුද්ගලයන්ට පොදු ව්‍යවහාරයේදී බේබද්දා යන ගෞරව නාමය පට බැන්දත් මගුලක අරක්කු හොරකමේ ගොස් හසුවන මෙවැනි පුද්ගලයන්ටද ඒ නමම පටබැදේ.

මගුල ඇත්තේ රාත්තිරියේ නම් අරක්කු හොරු අල්ලන්නට සැදී පැහැදී සිටීමට මනාලයාගේ මිතුරන්ට සිදුවන තරමට අප සමාජය දැන් බේබද්දන්ගෙන් පිරී පවතී. විවාහ මංගල්ලයන්හිදී මෙසේ පජාති වන සැමියන් පිටුපස බොහෝ විට ඔහුගේ බිරිද වෙයි. සාර්ථක මිනිසෙකු පිටුපස කාන්තාවක් වෙයි යන කියමන මෙහිදී මදක් වෙනස් වෙයි. ඇතැම් බිරියන් තම පුද්ගලික කර්තව්‍යයන් උදෙසා හෝ පවුලේ යැපීමට ප්‍රමාණවත් ආදායමක් නොමැති කල්හි සිය සැමියාට මත්පැන් පානය සපුරා තහනම් කරන අතර සැමියාගේ අදෝවැඩියාව හමුවේ එහෙනම් මගුල් ගෙදරකදි, පාටියකදී වගේ තැනකදි විතරක් පොඩ්ඩක් බොනවා යනුවෙන් පොඩි බුරුලක් ලබාදෙයි. ඉන් පසු අරක්කු ඇති එවන් පරිසරයකට ඉද හිට යාමට අවස්ථාව ලැබෙන මේ අසරණ සැමියන් තමා අවිවාහකයෙකුව සිටි කාලයේ කුරුල්ලෙකු මෙන් සොමියේ සිටි අතීතය මතක් කර කනමදයෙකු ලෙස ලිමිට් කපා ගහයි. එවැනි විටෙක එදෙස බලා සිටින ඇත්තන් සිතනුයේ මේ මිනිහා සතුටට බොනු ඇතැයි කියා වුවද මිනිහා බොන්නේ වාවාගනු බැරි දුක නිසා යනුවෙන් ඒ සිතුවිල්ල වෙනස් විය යුතුය.

ධනයෙන්, නම්බු නාම ආදියෙන් උදම් නොවී නිරහංකාර පුද්ගලයා සැම විටම හිස පහත් කරන්නේ හරියට කිරි වදින විට වී කරලද බිමට නැමෙනා ආකාරයෙන් බවට කියමනක් ඇත. කියමන එසේ වුවද මගුල අස්සේ හිස සමග කරටියද පාත්වෙන මෙවැනි වර්ගයේ සැමියන් දෙස උපහාසයෙන් බලා බිරිදගේ යෙහෙලියන් ඒ බැව් ඇයට සැළකරන්නේ, අන්න ඔයාගෙ එක්කෙනාගෙ කන සාක්කුවේ හෝ අන්න ඔයාගෙ එක්කෙනාගෙ රතු කට්ට පැනලා යනුවෙනි. මෙහිදී කියවෙන රතු කට්ට ඇත්තේ කොතැනදැයි සිරා කොලුවා වන මට තවම නිනව්වක් නොමැත. හිස පහත් වුවද ඉහත කී නිරහංකාර කමක් ගැන මෙහිදී සදහනක් නැත. තත්වය තවත් දරුණු වුවහොත් කාපු බීපු දේ ශ්‍රී මුඛයෙන් නැවතත් පිටතට පැමිණෙන අතර සාමාන්‍ය ව්‍යවහාරයේදී වමනය යනවා හෝ වමනය දමනවා ලෙස මේ ක්‍රියාව හැදින්වුවත් කුපාඩි කොල්ලන් අද මේ ක්‍රියාව හදුන්වන්නේ කබරයා දමනවා යනුවෙනි. මෙලෙස මා විදේශ ගත වන්නට පෙර පැවති විවාහ මංගල්ලයක් අතර තුර පුංචි පහේ කබරයෙක් අත හැරි මගේ ඥාතියෙකු උත්සවය අවසන් වීමෙන් පසු සිනාසුනේම නැත. නිතරම සිනාමුසුව සිටින මේ මනුස්සයාට මක්ක උනාදැයි ඥාතීන් විමසන විට ඔහුගේ ඉදිරි ඇන්දේ බොරු දත් දෙක කබරයා සමග චුත වී ඇති බව හිමිහිට පැවසුවේ විස්සෝප වෙමිනි. හෙතෙම බොරු දත් පැළදි බැව් මම මෙන්ම බොහෝ අයද දැන ගත්තේද එදිනය. කෙසේ හෝ කබරයා දැමූ ස්ථානය පිළිබද ගැඹුරු විමර්ෂණයක් කර නැති වූ වස්තුව සොයා දීමට ඔහුට හිතවත් රහස් පරීක්ෂක කණ්ඩායමක් සමත් වූ බැව් පසුව අනාවරණය විය.

මගුල් අස්සේ සිදුවූ බොහෝ සිදුවීම් මගේ මතක ගබඩාවේ තැන්පත් වී ඇති නිසාම මගුල් ගැන කථා කරන විට කථා රැසක් මතකයට එයි. අතීතයේ අප සමග හොදින් කා බී ප්‍රීති වූ ළගම මිත්‍රයෙකු විය. නිසි කල වයස පැමිණි කල රූමත් සරසවි මානවිකාවක හා ප්‍රේමයෙන් වෙලුනු මේ හාදයා ඇගේ සියලු නීති රීති හිස් මුදුනින් පිළිගනිමින් අකමැත්තෙන් වුවද බීමට නැවතීම තැබුවෙහිය. තවත් කාලයක් ඇවෑමෙන් ඇය තම පාද පරිචාරිකාව ලෙස තෝරා පත්කරගෙන ඒ උත්සව ආදියෙන් පසු මිතුරන් විසින් පවත්වන කිසිදු මධුසාදයකට පැමිණීමෙන් වැළකී සිටියේය. එහෙත් ඇතැම් නිවාඩු දිනයක උදේ වරුවක ඉතා හදිසියෙන්, මචං අද උදේම වයිෆ් ඔෆිස් එකෙන් ට්‍රිප් එකක් ගියා...බොන්න ආසයි බන්...කට්ටිය සැට් කරගෙන ඉක්මනට ටවුමට වරෙංකො...මම ඉන්නවා බලාගෙන යනුවෙන් දුරබණුවෙන් සැළ කරයි. මෙවැනි විටෙක මේකා ගැන උපදින අනුපමේය අනුකම්පාව නිසාම ක්ෂණිකව සූදානම් කරන මධු සාදයට නිවාඩු දින සිත් සේ නිදාගන්නට සිතූ අයවලුන් නිදි ඇදෙන් ඔසවාගෙන විත් මේසයේ හිදුවන්නට සිරාට සිදු වෙයි. කෙසේ හෝ කාලයකින් එළැඹෙන මේ අවස්ථාවෙන් විපුල ඵල ලබන පෙර කී මිතුරා ඇති පදම් බී නිවසට ගොස් ඇල වෙන්නේ හැන්දෑ කොරේ ඇඹේනිය කැදවාගෙන ඒමට නැවතත් නගරයට යාමට අවැසි නිසාය. ඒ ගමන පිටත් වන්නට පෙර පේර කොළ දෙක තුනක් හපා පැය කාලක් පමණ කාලයක් දත් මැද පෙර සූදානම් වුවද ඇතැම් දිනයක හොර අසුවෙයි. එවිට ඔහුගේ බිරිද පොරොන්දු කඩ කල තම සැමියා සමග කිපී ඔහුට මේ අපරාධය කල මිතුරන් වෙත දුරබණුවෙන් අමතයි. එවැනි ඇමතුම් ලද විටෙක මම කිසිවිටෙක නිවසේ හෝ බස්නාහිර පළාත තුල සිටියේ නැත. හැම විටම ලංකාවේ ඈත කොනක විනෝද චාරිකාවක නිරත වන බැව්ම පැවසුවෙමි.

මේ අතරතුර දිනක් අපගේ තවත් කිට්ටු මිතුරෙකු තනි කමට තිත තබා යුග දිවියේ රහ බලන්නට තීරණය කළෙන් ඒ මංගල උත්සවයට අප සියල්ලන්ටම ආරාධනා කළේය. මේ මගුල පැවති ශාලාව තට්ටු දෙකකි. ඉහළ මාලය තනිකරම වෙන්කර තිබුනේ මධුසාදය සදහාය. ඒ සදහා මිතුරන් වෙත ඇරයුම් කිරීමට මනාලයා විසින් පත්කර සිටි නියෝජිතයා,බොනවා නම් උඩතට්ටුවට යන්න යැයි සෑම පිරිමියෙකුගේම කණට කොදුරමින් ගියහ. අපේ මේ බීමට තිත තැබූ අසරණයාගේ කනටද පෙර කිව් පණිවිඩය සන්නිවේදනය කරන විටම එය ශ්‍රවණය වූ ඔහුගේ බිරින්දෑද මිනිහා උනත් බඩු ෂුවර් නැති නිසා ඉහළ මහළට නැගුනාය. එදා ඒ මහලේ සිටි එකම කාන්තා පරාණය ඇය බැව් මට හොද හැටි මතකය. ඇගේ ආගමනය දුටු ඇතැම් මිතුරන් ඔහුට කෝචොක් එක දැම්මේ මචං උඹේ වයිෆ් බොන්න පටන් ගත්තේ කවදා ඉදන්දැයි ඇසීමෙනි. සිය බිරින්දෑ නිසා බීමට ඇති ලැදියාව අමාරුවෙන් වළකාගෙන කොකාකෝලා සහ ස්ප්‍රයිට් ආදී අවශේෂ පානයන්ගෙන් බඩ පුරවා ගත් ඔහු එදා පත්ව තිබූ අමාරුව වැනි අපහසුතාවකට කිසිදු ජීවී පරාණයක් ලක් නොවේවා යැයි මම අක්මාවෙන්ම පතමි.

මෙතෙක් වේලා මා කථා කලේ තත්වයෙන් උසස් යැයි සම්මත මත්පැන් පිළිබදවය. එහෙත් කය වෙහෙසා එදිනෙදා වේල සොයාගැනීමට වෙහෙසෙන සිරි ලංකාවේ අති මහත් වැඩ කරන ජනයාට ඒවා මිළදී ගන්නට මුදල් නැත. අමාරුවෙන් සොයාගත් දේ සීල් අරක්කු සදහා වැය කලොත් ගෙදර උන්ගේ බඩ වියත පිට කොන්දේ ඇලෙන නිසා මේ අය පානය කරන්නේ ගමේ බඩුය. සුදුවා, නැටුම් තෙල්, ඇති හිටියා, වෙල් ෆැන්ටා ආදී නොයෙක් නම් මේවාට පටබැදී ඇතිමුත් කවුරුත් දන්නා සුලභ නාමය කසිප්පු නම් වෙයි. කය වෙහෙසා වැඩකරන මේ මිනිසුන්ගේ අවශ්‍යතාව හොදින් දන්නා ඇත්තන් මේවා ඇළ ඉවුරක් හෝ බඩ වැටියක් අස්සේ සිට නිපදවන්නේ සිය රට දේ සිරි සැපදේ යන කියමනේ පිහිටමිනි. අතීතයේදී කජු ලෙලි, පොල් කටු හෝ දර භාවිතයෙන් කසිප්පු නිපදවන විට හොරා පොලිස් සෙල්ලමේ යෙදෙන පොලෝසියේ ඇත්තන්ට ඉහළට නගිනා දුම් කදෙන් කසිප්පු පොට් එක හදුනාගත හැකි නිසා කාලයේ ඇවෑමෙන් බල ශක්තිය ලෙස එල් පී ගෑස් එක් විය. දැන් එකදු දුම් රොටුවක් හෝ නැතිව වඩිය පෙරන්නට කසිප්පු මුදලාලිට හැකිය.

කිසිදු තත්ව පාලනයක් හෝ ආරක්ෂාව පිළිබද ප්‍රමිතියක් නැති නිසාම කසිප්පු වලට ඇති හිටියා නම් විකට නාමයක්ද තිබේ. වරක් වැලිවේරිය ප්‍රදේශයේදී මේ බැව් සනාථ කරමින් 20 කට මදක් වැඩි සංඛ්‍යාවක් මරු වැළදගත් ඛේදවාචකයක් තවමත් මගේ මතකයේ තිබේ. බිරින්දෑ වරු විවිධය. ඇතැම්හු සුරාවට සම්පූර්ණයෙන් තිත තියන විට ඇතැම් කාන්තාවන් සිය සැමියා කසිප්පු පානය කරනවාට පමණක් විරුද්ධය. එවැනි තැනක සැමියන් නිවසටම කසිප්පු ගෙන යන්නේ කසිප්පු වෙත කොකා කෝලා එකතු කර ක්ෂණිකව සීල් අරක්කු නිපදවීමෙනි. ඒ කොකාකෝලා හේතුවෙන් වර්ණය වෙනස් වන නිසාවෙනි.

කසිප්පු යන වදන ආදරේ වැඩි කමට ඇතැම්හු කසියා ලෙසද හදුන්වන අතර ඒවා නිතර පරිහරණය කරන අයවලුන් කෂ්ඨා ඩයල් ලෙස හදුන්වයි. මෙවැනි අඩු ආදායම් ලාභී අහිංසක මත්ලෝලීන්ට විස්කි, බ්‍රැන්ඩි, ආදී සුඛෝපභෝගී වර්ගයේ පිටරට මත්පැන් ලැබෙන්නේ ඉතාම කළාතුරකින් නිසාම ඒවා පරිහරණය කරන්නට ලැබුනු විටක සැර බාල කිරීමකින් තොරව ආශාව වැඩිකමටදෝ එක හුස්මට නිම කරන්නේ වටා පිටාවේ ඉන්නා උන්ට තමන් කෂ්ඨා ඩයල් බව හදුනාගැනීමට උදව් වෙමිනි.

වරක් මගේ මිතුරෙකුගේ පියාගේ අභාවය හේතුවෙන් අවසන් කටයුතු කිරීම සදහා කනත්තේ සොහොන ඉදි කලේ මෙවැනි පිරිසකි. මේ මිතුරාගේ වැඩිමහල් සහෝදරයන් දෙදෙනාම විදේශයන්හි සේවය කරන අය නිසාම අවසාන කටයුතු වලින් පසුව සොහොන ඉදිකිරීමට දායක වූ පිරිසට ඉස්තරම්ම වර්ගයේ විදේශීය විස්කි බෝතලයක් පිරිනැමුවේ අවශ්‍ය වුනොත් තව එකක් දෙන්නම් යනුවෙන් පවසමිනි. මේ පුද්ගලයන්ගේ දෙනෙත් බෝතලයේ කාන්තියෙන් බැබලුනු ආකාරය ඒ ආසන්නයේ සිටි මා හට මනාව දර්ශනය විය. අතින් අත යවමින් එකිනෙකා බෝතලයේ හැඩරුව බැලූ පසු වත්ත කොනට වන්නට පිහිටි ස්ථානයක මධු සාදය ඇරඹිනි. පෙර කී සහෝදරයන් මත්පැනෙහි සැර බාල කිරීමට සැන්ටිං ලබා දීමට ඉදිරිපත් වුවද මේ පිරිස එය ප්‍රතික්ෂේප කළෝය. මූඩිය කරකවා ඉවත් කර වීදුරුවට වත් කරගැනීමට උත්සාහ කලද මත්පැන් එන්නේ නැත. මේ අවස්ථාවේ ඔවුන් මේ ගැටළුව නිවැසියන්ට ඈතින් ඥාති වන පුද්ගලයෙකුට ඉදිරිපත් කරන අන්දම මම දුටිමි.

අපේ පුතාලා නැත්නම් උඹලා මේ වගේ එකක් ගහයි...මේක බං සෑහෙන ගාණක්...යනුවෙන් පවසමින් පුරසාරම් දෙඩූ ඔහු යතුරක් උපයෝගී කර ගනිමින් බෝතලයේ කට ඇතුලතින් ඇති ආරක්ෂාකාරී ආවරණය ඉවත් කිරීමට උත්සාහ කර බැරිම තැන ගැටලුව මවෙත ඉදිරිපත් විය. බෝතලය තනි කෙලින් ඉහළට එසවූ පසු අමෘතය ලැබෙන බැව් මම ඔවුනට පෙන්වූ පසු පිටරට අරක්කු වීදුරුවට වැටෙන්නෙත් හරි අමුතු විදියට නේද බං යනුවෙන් එකෙකු තෙපලුවෙහිය. මද වේලාවක් ඇවෑමෙන් සැට් එකම ඔන්දස්පොට් වූ හෙයින් තවත් බෝතලයක අවශ්‍යතාව එහිදී පැනනැගුනේ නැත.

කෂ්ඨා ඩයල් ලෙස අතැම්හු අවමන් කලද මරණයකදී හෝ හදිසි කරදරයකදී මහතුන් යැයි සමාජය සම්මත පුද්ගලයන් අහක බලාගන්නා විටෙක මේ මිනිසුන් තමන්ට හැකි පරිදි අදාළ පාර්ශවයන් වෙත උදව් කරනා බැව් ඔවුනට කරනා ගෞරවයක් ලෙස සටහන් කරමි. විශේෂයෙන් මරණයකදී කනත්තේ සිදු කල යුතු කාර්යයන් බොහොමයකට මේ මිනිසුන් ඉදිරිපත් වන්නේ අපේ ආරාධනයකින් හෝ තොරව බැව් කිරි අම්මාගේ මරණය අවස්ථාවේ මම පසක් කර ගත්තෙමි.

උසස් පෙළ කරන අවධියේ අපේ පාසලේ අමද්‍යප සංගමයේ සභාපති තනතුර දැරූ මා මිතුරෙක් ඒ දිනවල අප වෙත බැණ වැදුනේ මත්පැනෙහි ආදීනව කියා දෙමිනි. එහෙත් මා ලංකාවෙන් පිටත් වන්නට පෙර පැවති සාදයකදී කාලයකට පසු ඔහු හමුවූයේ කට කපා සිටි වෙලාවකය.

මොකෝ බං බීලා ,  උඹ අමද්‍යප සංගමේ සභාපති නේද ඒ කාලෙ?

ඒ ඉස්සර බං...සුරාවෙහි රසයත් එහි ඇති අගයත් බොන සුදනෝ මිස නොබොන දුදනෝ නොදනිත් කියලා කථාවක් තියෙන්නෙ....අන්න ඒ වගේ තමා බං...බිව්වට පස්සෙ තමයි මට තේරුනේ මාර කික් කියලා....ඕක්......



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.




ප.ලි

කවුරු කෙසේ කීවත් බීම හෝ නොබීම ඔබේ අයිතියකි. ඒ පිළිබද තීරණය ඔබ සතුය. මේ ලිපියෙන් මත්පැන් පානයට යම් පෙළඹවීමක් ඇති කිරීම මගේ උත්සාහය නොවන බැව් කාරුණිකව සළකන්න.


ලංකාවේ අරක්කු වර්ග ගැන හොද අත්දැකීම් ඇති අයෙක් ගල් වලට ඇයි එහෙම කියන්නෙ කියලා මෙන්න මෙහෙම බ්ලොග් සටහනක් තියා තිබුනා.

110 comments:

  1. Sira.arakku saha bima gana honda wisyharayak..(pssse sinhalen komemt ekak dannam )

    ReplyDelete
  2. රස හදුනන්නෝ....
    ගද නොබලන්නෝ...
    සුරලොව යන්නෝ...
    ගල්ම ගහන්නෝ...

    ප.ලි - මංතුමානං හෙනම අමධ්‍යපය, නමුත් බෙබාලට උපදෙස් නොදෙන්නෙමි...

    ReplyDelete
    Replies
    1. බොලාගෙ කිට්ටුව සෑම් කොලුවා ඉන්න නිසා උගෙන්වත් අහලා බලහන් මේ පානයෙ තියෙන විශේෂතා...

      Delete
  3. රසවත් බවෙන් පිරුනු හොද විස්තරාත්මක ලිපියක්.

    ReplyDelete
  4. ඇයි බන් ඉවර කරේ තව ලියපන්කො

    ReplyDelete
  5. අද නම්, 'මත්පැන්' ගැන රචනාවක්ම ලියලා. :D

    ReplyDelete
    Replies
    1. වෙනසකටත් එක්ක ලියන්න හිතුනා...හැමදාම එකම දේ ලියලා බෑ නොවැ...

      Delete
  6. මොනවද අරක්කු කියන්නේ ...?

    ReplyDelete
    Replies
    1. මේක බබා..
      අර නලින් ආරාධනාවක් කරල තිබුන.

      Delete
    2. අරක්කු කියන්නෙ බබෝ..චූටි බබාලා පණු අමාරුව හැදෙනවට බොන බෙහෙතක්..

      Delete
    3. යෑස් .. යෑස් ... චූටි කාලෙ අයියයි මමයි තාත්තා අවුරුදු වෙලාවක ගෙනත් තියපු බෝතලයකින් බිව්වා ‘පණු අමාරුවට‘. :) (අයිය නම් ඇත්තටම මත් උනා, ඉන් පස්සෙ සිද්ධිය අතිශය ශෝචනීයයි.)

      Delete
    4. ඒ ටිකත් කොටහංකො ලෝභ නැතුව...

      Delete
  7. මත්පැන්! පූජනීය නිසාද?

    ReplyDelete
  8. මත් පැන් ගැන හොද විස්තරයක්.....

    ReplyDelete
  9. නියම විස්තරයක් සිරා.
    මගුල් ගෙවල්වලදිනං අර වගේ පිරිමියගෙ පස්සෙන් ඉන්න ගෑනු පරාණ මම තරයේ හෙලා දකිනව.

    ReplyDelete
    Replies
    1. මටත් සෑහෙන අප්සැට්...එහෙම කෙනෙකුගේ බිරිද විදින අවමානය දැක්කම...

      Delete
  10. මේක නං මත්වතුර පිළිබද පර්යේෂණයක් තරම්ම වටිනවා. මත් පැන් හැදිච්ච දවසක් ගැන නියම කාලනිර්ණයක් තාම නැහැ බං.. චියර්ස් කියන සුද්දට කලින් ඉදලම මත්වතුර තිබ්බා. නැත්නං බුදුන් 5 වැනි සිල්පදයක් දාවියැ..

    ReplyDelete
    Replies
    1. දේශකයට ඔය කල්පනාව ආවෙ...ගල් කොටයක් ඇද යටින් එළියට ගන්න ගමන් නේද ?

      Delete
  11. බුදු හාමුදුරුවෝ කියලා තියෙන විදියට ඔය මොන දේ ගත්තත් අවුලක් නෑ.. ඔහේ කියපු ඔක්කෝම ජාති මගෙන් අනුමත වෙච්චි ඒවා තමයි...

    ReplyDelete
    Replies
    1. තමන්ගේ පරිමාණයට ගන්න හැකි නම් කාටවත් කිසි ගැටලුවක් නෑ...මුදල් නාස්ති කරමින් දිනපතා පාවිච්චි කරනවා නම් අවුල්...

      Delete
  12. //අපේ පුතාලා නැත්නම් උඹලා මේ වගේ එකක් ගහයි...මේක බං සෑහෙන ගාණක්...යනුවෙන් පවසමින් පුරසාරම් දෙඩූ ඔහු යතුරක් උපයෝගී කර ගනිමින් බෝතලයේ කට ඇතුලතින් ඇති ආරක්ෂාකාරී ආවරණය ඉවත් කිරීමට උත්සාහ කර බැරිම තැන //

    ඔය වගේ කශ්ටො දෙන්නෙක් මගුල් ගෙදරක් ගිහින් බෝතලේ තියන අර බෝලෙ අයින් කරන්න පැය ගානක් ට්‍රයි කරලා...හැමොම හිනා වෙවී ඉදලා ...කවුරුත් කියා දීලා නෑ .. :D :D පව් වැඩේ නෙහ්

    // මචං අද උදේම වයිෆ් ඔෆිස් එකෙන් ට්‍රිප් එකක් ගියා...බොන්න ආසයි බන්...කට්ටිය සැට් කරගෙන ඉක්මනට ටවුමට වරෙංකො...මම ඉන්නවා බලාගෙන //

    මෙහෙමත් පෙරේතකමක්

    ReplyDelete
    Replies
    1. ඒකට කියන්නෙ පෙරේත කම නෙමෙයි දරුවො...යාලුවො එක්ක සැට් වෙලා කයියක් ගහන්න තියෙන ආශාව...

      Delete
  13. බීම, නොබීම ඔබේ අයිතියක්.. බීලා ලෙඩඋනාම දුක් වීඳිම ඔබේ බිරිඳගේ සහ දරුවන්ගෙ අයිතියක්....

    ReplyDelete
    Replies
    1. ලෙඩ හැදෙන්නේ බිව්වම විතරද.. සිරෝසීස් කියන ලෙඩේ නොබොන යටත් හැදෙනවා.. කැන්සර් පොඩි දරුවන්ටත් හැදෙනවා. වෙජිටේරියන්ලටත් හාට් ඇටෑක් හැදෙනවා... එතකොට ලෙඩයි අනිත් අයයි ආතල් එකේද ඉන්නේ..

      Delete
    2. මම මේ හිරූගෙ කමෙන්ට් එක එනතුරුම තමා බලං හිටියෙ...මමත් දැන් හිරූගෙ පැත්තෙනෙ.ඒක නෙවෙයි බිරිඳ සහ දරුවන්ට අසාධාරණයක් නොවෙන ආකාරයට බොන්න විදියක් හෝ එහෙම බොන අය ඇත්තෙම නැද්ද.

      Delete
    3. සත්තකින්ම තියෙනවා..හැලපෙ. ඒත් හැමෝමකතා කරන්නෙ නස්පුක් වෙන අය ගැන විතරයි.

      Delete
    4. කාටවත් ඇණයක්, මුරුච්චියක්, වාතයක්, කූඤ්ඤයක් තුවාලයක්, වනයක්, බිබිලක් නොවී බෙල්ල කඩා වැටෙනකම් බිව්වත් වරදක් නැත කියා නිහතමාණීව ප්‍රකාශ කර සිටිමි.

      Delete
    5. අරූගෙ අදහසට බොක්කෙන්ම ප්‍රණාමය!

      Delete
    6. //කාටවත් ඇණයක්, මුරුච්චියක්, වාතයක්, කූඤ්ඤයක් තුවාලයක්, වනයක්, බිබිලක් නොවී බෙල්ල කඩා වැටෙනකම් බිව්වත් වරදක් නැත කියා නිහතමාණීව ප්‍රකාශ කර සිටිමි.//


      මමද එසේම ප්‍රකාශ කර සිටිමි.

      Delete
    7. ෂෙහ් ! දී කිරට සාක්‍ෂි දෙන්න ඉන්න බළල්ලු ගොඩ. :)

      Delete
    8. බොරු නම් අටමගෙන් අහලා බලහං...

      Delete
  14. සිරා අයියේ මේක සිරා ඈ..
    උඹේ මෙන්න මේ ලිවිල්ලනම් පට්ට.
    කියවලා වෙරි වගේ....:D

    ReplyDelete
    Replies
    1. එහෙනම් කොලුවො ලග තියෙන බිත්තිය අල්ලගෙන ඇදට ගොහින් ඇලවුනා නම්...බොලාට කොච්චර කිව්වත් තරමට බොන්නෙ නෑ නොවැ හැබෑටම...

      Delete
  15. සිරෝ... උබනම් නියෙමෙට ලියල තියෙන්ව... පට්ට ගති....

    ReplyDelete
    Replies
    1. එළ මචෝ...අක්මාවෙන්ම ස්තූතියි..

      Delete
  16. මද පමනට ගහලා ..මද පවනේ ඉන්නකොට කෝමද නෙග් ... හික් ..හික්..

    ReplyDelete
    Replies
    1. අටමගෙන් ඇහුවා නම් නියමෙට කියයි...

      Delete
  17. තුන් යමේ රෑ තුන් යමේ දුටු සිහිනයේ මම රජවෙලා ............
    මා මගේ කුණු රාජ්‍යයේ - රජවුණා කුණු කාණුවේ.........

    බෝතල් බාගය ඔසවා - කටේ දමාගෙන හිටියා........
    ගමේම උන් හොඳ බල්ලෝ......මගේම කට ලෙවකනවා.....

    ReplyDelete
    Replies
    1. පහුවදාට කට හෝදගෙන තැඹිලි ගෙඩියක් ගැහුවාම බල්ලො කට ලෙවකාපුවා අමතක වෙනවා...

      Delete
  18. සිරාගෙ පින්තූරෙ ටොප් එකට ඇවිත් තියෙනව

    ReplyDelete
    Replies
    1. හැලපයියට හතලිස් ඇදිරිය වගෙයි...ගල් කාලක් වත් අනුමත උනා නම්...හොදට ලග පෙනේවි...

      Delete
  19. මරු ලිපිය බං .. කියන්ඩ වදන් නෑ සුපිරිම සුපිරි . උඹට බොන්ඩම ලැබේවා !! ඇති පදං

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සෙ උඹව කාමරේ ඇතුලෙ දැක්කම මට මාර කික් බන්...දැන් ඉතින් ඉදලා හිටලා මද පමනට තමයි....වෙලාවක අශෝක වීදුරු දෙක තුනක් අරන් හිගුරාන බෝතලේකට සැට් වෙමු....

      Delete
  20. මම අරක්කු බොන්න කැමති පොඩ්ඩක් ෆන් එකේ ඉන්නකොට. ගැළපෙන මනුස්සයෙක් ඉන්නත් ඕනේ. කටට අමිහිරි නැති ජාතියක් වෙන්නත් ඕනේ. එක්කෝ මිහිරි ලෙස සකසා ගන්න දැනගන්න ඕනේ.

    යාන්තන් ඉගිලෙන නොයිඉගිලෙන ගාණට ආවම ඇති. ඊට පස්සේ පැයක දෙකක විතර පච ටිකක් ගහලා (බයියන් සුට්ටන් කාලා) දොයියගන්න ඕනේ . බීලා පොර ටෝක් දෙන උන් එක්ක බිව්වම ආතල් කැඩෙනවා බන්..

    ReplyDelete
    Replies
    1. මමත් ඔය ගනේටයි අයිති. හැබැයි තාලෙට සිංදුවක් කියන්න තියෙනම් මල් හතයි.කාටවත් කරදරයක් නොවී. මම හිතන්නෙ සිරාත් තව බොහෝ අයත් මේ ගනේ.(මෙතැනට එන)

      Delete
    2. ඇත්ත ඇත්ත..මමත් එහෙමයි...ප්‍රශ්න වලට කියලා කවදාවත් බීලා නෑ...යාලුවො එක්ක සුහදව කථා බහ කරලා විසිරිලා යන්න තමයි කැමති...නොදන්න උන් එක්ක නම් බොන්න යන්නෙම නෑ...සමහරු බිව්වට පස්සෙ සම්පූර්ණයෙන්ම වෙනස්...


      වීයා කියන වර්ගයේ එකෙක් තමයි මමත්...

      Delete
  21. සෑහෙන පරාසයක් ගැන විස්තර කරලා තියෙනවා අද නම්.

    ReplyDelete
    Replies
    1. දන්න දේවල් ටිකක් තමා ලිව්වෙ...තව ලියනවා නම් බොහෝ දෑ තියෙනවා ලියන්න...

      Delete
  22. උඹට කියන්න බං ඔය අමද්‍යප සංගමේ සභාපතිකම් කරපු සත්ගුණවත් කොළුවෙක් බීලා කබරයා දාපු සීන් එකක් ගැන දවසක් කියෙව්වා, විළිලැජ්ජයි බං. :)

    මම නම් ඔය බොන එවුන්ට බොන්න එපා කියන්නෙ නෑ, බීපියව්.. බීපියව්.. තව බීපියව්, බීලා ආණ්ඩුව පෝසත් කරපල්ල. දුප්පත් ආණ්ඩුව. අරක මොණරගෙ ගානට නෙවි, මොණරු හතර පහක ගානට ගියානම් හොඳයි. :) හාඃ... නැත්ද මචං.

    ReplyDelete
    Replies
    1. අනේ ඉදහං බං,
      අරක්කු විතරක් නෙමෙයි, උඹලා ගන්න කිරිපිටි - සීනි - පෙට්‍රල් ඔය හැම දෙයකින්ම ආණ්ඩුව පෝසත් වෙනවා.

      එහෙමය කියලා ගෙදර පෙරා ගන්නයෑ. ඇයි යකෝ ඇල්ලුවොත් එහෙම උසාවිට ගෙවන්න වෙන දඩ මුදලින් ආණ්ඩුව ඊටත්වඩා පෝසත් වෙනවා

      Delete
    2. අයියෝ බං විහිළුවටනේ කිව්වෙ. :)

      සාමාන්‍යයෙන් ඉතිං ආණ්ඩු අල ගෙඩියට ළූණු ගෙඩියට හිටන් බදු ගහනව තමා. ඒත් වාහනවලටයි අරක්කු සිගරට්වලටයි වගේ හැමිණෙන බදු ප්‍රතිශතයක් අනෙක්වට නැතුව ඇති මම හිතන්නෙ. ඒ ගැන වැඩිය හිතන්න එපා අපේ සිංහල බෞද්ධ දේශප්‍රේමී මතට තිත ආණ්ඩුව ආයෙ කෙළියත් කෙළින්නෙ ඒකටම තමා. එතකොට එක ගලෙන් කුරුල්ලො දෙන්නයි. :)

      සොයාං රැකියාවක් ගෘහ කර්මාන්තයක් විදියට පළතුරු බීම ටිකක් ගෙදර හදාගත්තට අවුලක් වෙනකක් නෑ බං. ඔය ෆිලුම්වල කියන්නෙ නීතිය අන්ධ උනාට නඩුකාරය අන්ධ නෑ කියල, උන්නැහැලෙත් ඉතිං කන බොන මිනිස්සුනේ. :)

      Delete
    3. බුදු මල්ලියෙ විහිලුවටවත් ඕහෝම් කියනවැයි...බඩ පපුව දාල ගියා..!!

      Delete
    4. දැන් බලහං DDT යො උඹට පණු අමාරුව...මාන්දම..දුර නොපෙනීම...කෑ හැටියේ බඩ යාම වගේ රෝග ගනනාවක් තියෙනවනෙ...පොඩ්ඩක් පානය කරලා බලහංකො මේ පානය...ලෙඩ කම්මුතුයි...

      සත්ගුණවත් හින්දා තමයි බොලං...ඇත්ත ඇති සැටියෙන් කිව්වෙ...දැන් වැටෙන්න ගහන්නෙ නෑ...මද පවනේ මද පමණට...

      පෙදරේරුවා අන්න එහෙම තමයි ටෝක් එක දෙන්න ඕනෙ...

      Delete
    5. අප්පටසිලි... එතකොට ඔහේ කියන්නෙ ඔය ලෙඩ ටික ඔක්කොම තියෙන එවුන්ය දැන් පානය කරන්නෙ, මළ මඟුලයි ! හෙනං ඕනැවෙනකක් නෑ බං රත්තරනේ. :D

      මද පමණට ගහන එවුන්ට තමා බං හිටිගමන් මදින් මද වැඩි වෙන්නෙ. :)

      Delete
  23. ලෝකය පටන් ගත්දා සිට නොතිබුණත් අවසන්වෙන දා දක්වාම මත්පැන් තියෙන එක සහතිකයි.. කුණුවෙන්න බොන එක නම් මහ මෝඩ වැඩක්..

    ReplyDelete
    Replies
    1. තමන්ගෙ තරමට..බොන්න ඕනෙ අනුන්ට ඇණයක් නොවෙන විදියට...පවුලේ යුතුකම් සියල්ලත් ඉටු කරන ගමන්...එතකොට අවුලක් නෑ කියලයි මගේ හැගීම...

      Delete
  24. මං දන්න විදිහට නං බොන්න cheers දැමිල්ල පටං ගන්නෙ 2වෙනි ලෝක යුද්ධ කාලෙ... ඒ කාලෙ එකට හිටියත් හතුර කවුද, මිතුර කවුද කියල හොයන්න බෑලු..(දැනුත් එහෙම තමයි ඉතිං...) බොනකොට වීදුරුවට වස දාල නෑ කියල sure කරගන්න වීදුරු හප්පලා වයින් පොඩ්ඩ පොඩ්ඩ වීදුරු 2 අතරෙ මිශ්‍ර වෙන්න අරිනවලු... එහෙම පටං ගත්ත දේ තමයි අද වෙද්දි සැමරීමක් ගානට විකශනය වෙලා තියෙන්නෙ"

    ReplyDelete
    Replies
    1. sorry බං සැමා...
      කලිං මකපු චොම්මෙන්ට් 2ත් උඩ තියෙන 1මයි, අගට මගෙ blog link 1 දැම්මා, ඒ'ක ගොං වැඩක් කියලා තේරුන්න ටික වෙලාවක් ගියා...

      Delete
    2. බ්ලොග් ලින්ක් එක දැම්මට මක්ක වෙනවද ?
      ඒත් මූ සෑම නෙමේ බං :D

      Delete
    3. අඩේ ඔව්'නෙ... මට 'සැමා'වයි 'සිරා'වයි පැටලිලා... මතක් කලාට thanz සමී...
      තව පොඩ්ඩෙන් උඹවත් පැටලෙනවා... :D
      ###
      මේ ලිපියට අදාල හෝ ලඟින් යන කාරනා තියෙන ලිපියක නං link 1 දාන එකේ අවුලක් නෑ. ඒත් blog link එක ගෙඩි පිටින් දාන එක add කාරයන්ට අනුබල දීමක් නේද මචං... මට එහෙම හිතිලයි අයිං කලේ.. මොකද ලිපියෙ අකුරක්වත් නොබලා add දාල යන උං මං දැකලා තියෙනවා...

      Delete
    4. ඇත්ත කියපන් තිළිණ...බොට හොදටම වෙරි නේද කමෙන්ට් කරන කොට...හැක් හැක්...කමෙන්ට් එක දෙපාරක්ම මකලා...ලින්ක් දාපන් බං...මගේ නෑ නොවැ ඔය කුහක කම්...

      Delete
  25. ම්..... ම්...... කොල්ලට ඊයේ පෙරේදා ත්‍රි සෝන්ග් එකක් හම්බ වෙලා වගේ ....

    ReplyDelete
    Replies
    1. ඊයෙ රාත්තිරියෙත් අපේ බොසා කලු පෙට්ටියක දාපු බෝතලයක් පරිත්‍යාග කොලා...

      Delete
  26. හුඟ දවසකින් බ්ලොග් කියවන්න ආවේ

    ReplyDelete
    Replies
    1. පහුගිය මාස දෙකේ...රැකියා දඩයමේ ගිය හින්දා ලියන්න විදියක් තිබුනේ නෑ...ජෝන් අයියා...

      Delete
  27. අර සාර්තක මිනිහගෙ කතවෙ අනිත් එකතමයි "සෑම අසාර්ථක මිනිහෙකුගෙම ඉදිරිපසින් ගෑහෑනියක් ඈත" කියල

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්...ගෑණු නිසා ජීවිතය වරද්දගත් පිරිමි කී දෙනෙක් කියලද...මේකෙ ඉතිං අනිත් පැත්තත් එහෙමයි...

      Delete
  28. අම්මටසිලි සිලි මේ ලගදි පත්තරේ දැක්කා ලංකාවට තහනම් මත්පැන් වර්ගයක් ඇල්ලුවා කියලා. මාත් ඉතින් නිකමට වගේ ඒකේ නම සර්ච් කරලා බැලුවා ගූග්ල් දෙයියන්ගෙන්. ඊට පස්සේ ලෝකෙ තියන බයානකම මෙව්වා ටික ගැන බැලුවා. ලෝකේ තියන භයානකම ඇල්කොහොල් එක ඇබ්සින්ත්. ඒක තමා ලංකාවෙ ඇල්ලුවෙත්. ඊට පස්සේ තියන භයානකම ඒවා දැක්කාමත් බය හිතෙනවා. ‍්
    ස්නේක් වයින් - හදන්නේ නයින්ගෙන්. බෝතලේ අස්සෙත් නයෙක් ඉන්නවා පිංතූරෙක දැක්කා.
    බේබි මයිස් වයින් - හදන්නේ මී පැටවුන්ගෙන්.
    ඔය වගේ තව ටිකක් තිබුනා.
    http://www.mensxp.com/health/live-healthy/8214-the-worlds-7-most-dangerous-drinks-p1.html

    ඔන්න ඕකේ බලන්නකෝ

    ReplyDelete
    Replies
    1. බොගේ තොරතුරු වලට ස්තූතියි තරුවො...මම ජාලෙ පරීක්ෂා කොරලා බලන්නම්...

      Delete
  29. ඇයි මචං නැවැත්තුවේ. තව ටිකක් ලියන්ඩ එපැයි. අම්මප මම බොගෙ බ්ලොග් එක පැය බාගෙක ඉඳන් කිවන්නේ. ඒ තරම් කියවිමත් හොඳයි නෙ මගෙ. ඉඳල හිටලා අර කිවා වගේ පාටියකදි බොන එක ඇරෙන්න පුංචි එකෙක් සූප්පුව කටේ ගහගෙන බොනව වගේ බෝතලේට පුරුදු වෙන එක නම් මහ ගොන් වැඩක්. නැත්නම් බැඳුපු මිනිස්සුන්ගෙන් තමන්ගේ පවුලට බිරිඳට දරුවන්ට වෙන හානිය උන්ටම නොතේරෙන තරම්. රෑ දෙගොඩ හරි ජාමේ තමන්ගේ තාත්තා බිල ඇවිත් ගේ පිලිකන්නේ කෑගහද්දි මොන දරුවගෙද හිත සතුටු වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. තමන්ට තමන් පාලනය කරගන්න පුලුවන් ප්‍රමාණය සෑහෙනවා...මේ කථාවටම සම්බන්ධ තවත් කොටසක් ඊළගට තියෙනවා ගොයියො...

      Delete
  30. වෙලාවට ප.ලි. යා දාලා තිබ්බේ.

    ReplyDelete
    Replies
    1. නැත්නම් සිරාගෙ සත්ගුණවත් භාවයට කැළලක් වෙන්න ඉඩ තිබුනා...

      Delete
  31. අනේ බං උඹේ වාක්‍ය රචනාව. ඒක කියෙව්වහම ආයෙ ඉතිං බිව්ව වගේම තමා.

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා බෑ...වෙනදා ගහන ගල් කාල අදත් ගහපන් ඩ්‍රැකියො...

      Delete
  32. ඔක්කොම හරි සමහරු බොරු සිල් ගන්න එක තමා ඉවසන්න බැරි. මගේ යාලුවෙක් දැන් අමද්‍යප වෙලා..ඒ කියන්නෙ ඉස්සර කරටි කැඩෙන්න බිව්ව කියන එක නොවේ .පාටියක්දි මද පමන ගත්ත එකෙක්..ඒත් ඒ දවස් වල මාර පෙරේතයි.බැන්දට පස්සෙ අමද්‍යප උනේ.දැන් පොර ටෝක් දෙනව ..බොන උන් බේබද්දොලු(ඉඳලහිටල බොන උනුත්)එතකොට දිනපතා බොන උන්ටකියන්නෙ මොකක්ද කියල ඇහැව්වම දන්නෙ නෑ.
    ඒකහරියට පෙම් වතිය පි‍ටුපෑවම..ඇගේ වැරදිකියනව වගේ කුහකකමක්.!

    බොන එකට විරුද්ද සමහර දන්නැතිදෙයක් තියෙනව(ගොඩක් වෙලාවට බ්‍රැන්ඩිවලින්)....එක්කො ඕන්නෑ ඕව මක්කට කියනවද..දන්න ඇත්තෝ අවබෝධ කරගනී...!!

    ReplyDelete
    Replies
    1. බැන්ද අලුත සමහරු ඔහොමයි...ඒත් අවුරුද්දකට දෙකකට පස්සෙ ආයෙ පරණ තැනටම එනවා....බ්‍රැන්ඩි ටිකක් ගන්න කියලා දොස්තර මහත්තුරු කියනවලු නේද....

      ප්‍රශ්න විසදගන්න බොනවා නම් ඒක හරිම ගොං වැඩක්...හිතේ සතුට තියෙන වෙලාවක තමයි අපි ඉතිං හීනියට අඩියක් ගහන්නෙ...

      Delete
  33. ඔය වයින් බොන ආට් එක ගැන රෝල් ඩාල් එක පාරක් ලියලා තිබ්බා කෙටිකතාවක. ඉස්සෙල්ලම වීදුරුව නහයට ලං කරලා සුවඳ උරනවා. ඊට පස්සෙ උගුරක් කටට අරගෙන ඒක කට ඇතුලේ swirl කරනවා, ඇස් පියාගෙන. අන්තිමට තමයි ගිලින්නේ. ඔය වයින් ටේස්ටර් කියන එකත් හොඳ ජොබ් එකක්ලු. ඒකා ඔය වෙන සැරබීම හෙම බීලා දිවේ රසාංකුර විකෘති කර නොගෙන ඉන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ටී ටේස්ටර් කියන එකත් ඒ වගේම තමයි ... සැර කෑම බීම කෑවොත් ටේස් කරලා ඉවරයි

      Delete
    2. ආ... ඔය කතාවෙ තියෙන්නෙ වයින්වල රස බලල ඒවා නිෂ්පාදනය කරපු වර්ෂෙයි, නිෂ්පාදනය කරපු ප්‍රදේශෙයි කියන්න කියල මිනිහෙක් තමන්ගෙ දුවව ඔට්ටු අල්ලන සීන් එකක්නේ. ඒත් කතාවෙ අන්තිමට රෝල් ඩාල් සුපුරුදු පරිදි පාඨකයොන්ට මෝටාර් එකක් ගහනව.

      Delete
    3. @ හෙන් රි.......වයින් ටේස්ටර් කතාව හරියට හරි.මොවුන් සේවය කරන්නේWINERY හෙවත් වයින් නිශ්පාදනාගාර වලය. මම බොහෝ කලකට පෙර SOMMELIER කෙනෙක් ලෙස තරු පහේ හෝටල්යක සේවය කලා.SOMMERLIER යනු WINE STEWARD ය.මෙය ටිකක් ආතල් සහ වගකීමකින් කලයුතු රැකියාවකි.මම වයින් විෂය යම් දුරකට හදාරා ඇත.මම බොහෝ දුරට වයින් පාණයට රුචිය.යහළුවන්ගේ උත්සව සඳහා වයින් තෝරගන්නේ මට කියලා.නයා කියලා නම් හිතන්න එපෝ!!!

      Delete
    4. ලෝකෙ තියෙන රහම ජොබ් එක තමයි...චොකලට් රස පරීක්ෂක...අන්න ඒ වගේ වෙන්න ඇති වයින් පරීක්ෂාවත්...මේ මිනිස්සු හැමදාම ඕක කොරන්න ගිහින් වයින් වෙන්නෙ නැද්ද හැබෑටම...

      Delete
  34. ඉයෑක් .. අලක්කු >:O

    ReplyDelete
  35. සිරාගෙන් සිරා මාතෘකාවක් ගැන සිරාම ලිපියක්. වුනත් මඳ පමණට මද්‍යපානය ඒ තරම් නරක දෙයක් නෙමේ.නරක වෙන්නේ හැසිරීම.ඒක පාලනය කර ගන්න පුලුවනම් ප්‍රශ්න අඩුයි./././

    ReplyDelete
    Replies
    1. අන්න හරි මගියො...මගේ අදහසත් ඒකයි...ඒ උනාට බොලා බීලා රිය පදවන්නෙ නැතුව හිටියොත් හොදා...

      Delete
  36. සිරෝ......මම ඔය කසිප්පු හදන පොට්වල බැහැලා කසිප්පු ගහලා තියෙනවා.මම ලෝකයේ සුප්‍රසිද්ධ විස්කි නිශ්පාදණාගාර DISTELLERIES කීපයක් දැකලාත් තියෙනවා. එකක් තමයී FAMOUS GROUSE DISTELLERY එක. ඇතුල්වෙන්නත් පවුම් 20ක් වගේ ගානක් ගන්නවා. වෙනස හඳුණගන්න කියලා සාම්පල් ෂොට්ස් කීපයක් දෙනවා ටේස්ට් කරන්න. මම ඔය විෂයට හරි කැමතියි. මගේ ලඟ මම හදාරපු පොත්පත් තියෙනවා.

    උඹේ පෝස්ට් එක හරිම රසවත්!

    ReplyDelete
    Replies
    1. මම වැඩිය අහලා නැති විෂයක්...දන්න දේවල් ටිකක් ලිව්වොත් නරකද හැබෑටම... FAMOUS GROUSE ඉදලා හිටලා අපිත් ගන්නවා...ඒකෙ රස නියමයි...

      අදහසට ස්තූතියි !

      Delete
  37. අක්මාවෙන්ම කියන්නෙ.. මමත් අමධ්‍යපයි ඈ ^_^

    ReplyDelete
    Replies
    1. අපරාදෙ කොලුවො තරණ ජීවිතේ...නිකං නාස්ති වෙනවා... අක්මාවෙන්මයි කිව්වෙ...හැක හැක...

      Delete
  38. අපි නම් නොබොන නිසා..කතාව අදාල නෑ..ඒත් කියෙව්වා ඕන්..

    ReplyDelete
    Replies
    1. වෙනී මාමා නොබොන අන්දම ඉතිං මම දන්නවා නොවැ...ලගදිද අමධ්‍යප සංගමයට එකතු වුනේ ?

      Delete
  39. සිරා බොට නම් හොඳක් වෙන්නෑ පුතෝ අහිංසක අසරණ අපේ හිත් කඩනවට. බලහං කොච්චර ආමාරුවෙන්ද හිත හදාගෙන ඉන්නේ. මේ කුජිත රටේ මත්පැන් නැත. මත්පැන් ඇත හැබයි ඒවා රිසොර්ට් වලින්ම ලබා ගත යුතුය. හොර බඩු ඇත රෙඩ්ලේබල් බෝතලයක් මෙහෙ මුදලින් රු1500/= පමණ වේ. ඔච්චර සල්ලි දීලා කොහොමද බොන්නේ බන්. ලංකාවේ සල්ලි වලින් රු 12000/= විතර . ඒ හින්දා මෙහෙදිනම් ඔය අල්පේශාක්‍ය මහේශාක්‍ය ඔක්කොම පොරවල් බොන්නේ කොන්ක්‍රීට් ය. ලංකාවේ සුදුවාම රත් කිරීමකින් තොරව සිමෙන්ති අනුසාරයෙන් පෙරා ගනී. මේවා බීපුවාම කචල් නැතිය. ගහපු එකා කොන්ක්‍රීට් කණුවක් මෙන් සිටි. බැංකු මැනේජර්ලා, අකවුන්ටන්ලා, ප්රෝග්‍රමෙර්ස්ලා, ටෙක්නීසියන්ලා. ආදී මෙකි නොකී බොහෝ දෙනෙක් මේ කොන්ක්‍රීට් ගසති.

    ReplyDelete
    Replies
    1. ඔබ සිටින්නේ අරාබි රටක යැයි සිතමි...මොනා කරන්නද ගොයියො...ලබා උපන් හැටි තමයි...සල්ලි තියෙන උන්ට තමයි හැම තැනම පහසුකම්...නැද්ද මං අහන්නෙ...

      Delete
  40. කවුරු කොහොම කිව්වත් මම නම් බොනවා හැබැයි ලිමිට්. ඕනෙම දෙයක් ඕනෙවට වැඩිය ඕනේ නැහැනේ නැද්ද මම අහන්නේ
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. අන්න හරි...සිරා කොලුවත් ලිමිට්...

      Delete
  41. Gal suttak thola nogapu ekek sinhala kollek wenna ba macho
    "SPR"

    ReplyDelete
    Replies
    1. හැමෝම ආරම්භය ගන්නෙ එතනින් නොවැ....

      Delete
  42. මේකට මොන විදියේ කමෙන්ට් එකක් දාන්නද කියලා මම මේ දවස් දෙකක් තිස්සේ කල්පනා කරන්නේ.

    ReplyDelete
    Replies
    1. තාම කම්පනාවට ආවෙ නැද්ද...පොඩි ෂොට් එකක් දැම්මා නම් අයිඩියා එකක් එනවා ෂුවර්.

      Delete
  43. මං අහලා තියෙන විදියට මත්පැන් හොයාගත්තේ කැලේ අතරමං වුණු වැද්දෙක්. පොර කැලේ අතරමං වෙලා ඉබාගාතෙ යනකොට ගස් බෙනයක රැඳිල තිබුන පල් වෙච්ච වතුර වගයක් බීලා. . එහෙමලු හොයාගත්තේ අරක්කු. :-) මට මතක විදියට ටී.බී. ඉලංගරත්න ශූරින්ගේ "හපනා" පොතේ තමා ඔය හෑල්ල තිබුනේ..

    ReplyDelete
  44. Sira Aiya Sira wadak kale...Mama Mulinma Kiyawapu Blog Site 1 thamai "Sirage Kamare"..Mama ekata addict wuna..Kaalekata passe adath kiyewwa..me post1ta adaala nathi wunath me cmment 1 daanne mama pahu giya tike ath vidapu dewal saha paaluwen idala mata mental upset 1k athi kiyala mama dadi theeranyakta avith inna welawaka thawamath mama yahathin wenada paridima suwen innwa kiyala mata mathak karala dunnata aiyata pin denna..menna PIN!!!! post 1ta adaalawa kiyanna tiyenne nam bona minissunta mage manaapayak na..mage thaththawa mata nathi wune beema nisa wagema adatath mama eka nisa ambanaka kathaa ahala thiyenwa..e wagema thamai mama mage koluwata kiyala thiynwa beemata thitha thiyanna kiyala..Deiyane kiyala me pirimi kiyana de akuratama ahana nisa me lagadith beela mata maattu..mak korannada dan eyata bona awasara deela thiyenne..

    ReplyDelete
  45. ඔබගේ භාෂා විලාශය කතාවේ ගිල්ල වූවා😁

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...