Tuesday, November 19, 2013

146 අපිත් ගියානෙ මී මුරේ 3 (අවසන් කොටස)

බුර බුරා නැගෙන ගිණි මැලේ වටේට පිරිස දැන් එකදු පහදු වෙලා. රම් සුවදට ඉව අල්ලන ගමන් බැදපු හුරුල්ලො එකා දෙන්න කුස කරා ඇදෙනවා. ඒ අතරෙ ජීවන්තයගෙ කොංගෝව වෙනදා වගේම උගෙන් සෑහෙන්න පහර කනවා. කාත් කවුරුවත් අහලක පහලක නැති පාලු වනාන්තරයක...ගෙවෙන මේ රාත්‍රිය කොපමණ සොදුරුද...ඒ අත්දැකීම විදපු කෙනෙක් තමයි ඒ චමත්කාරය ගැන දන්නෙ.

කලින් කොටස් දෙක කියෙව්වෙ නැත්නම්
1 කොටස
2 කොටස

වනාන්තරයට රාත්‍රිය උදා උනාම හරිම ශාන්තයි...කිසිම හැළ හොල්මනක් නැති පරිසරයට එක්වෙච්ච එකම ශබ්දය ගලායන ජල පහරෙ හඩ විතරමයි. මළානික සද කිරණ ගස් අතු ඉති අස්සෙන් බේරිලා සීරුවට අපේ සිරුරු උඩ සැතපිලා.

සිංහල ගිත වංශකථාවේ සෑහෙන ප්‍රමාණයක ගීත ගිණි මැලේ අද්දර දැන් ගැයෙනවා. මේ සමහරක් ගීත මෙතැන ඉන්න සමහරුන්ගෙ පුද්ගලික ජීවිත එක්කත් සම්බන්ධයි.

මචං අපි දවාලෙ එකතු කරපු අනිත් කොට ටිකත් ගිණි මැලේට ලං කරලා තියමු...එතකොට ඒවාගෙ තියෙන තෙත ගතිය ටිකක් අඩු වෙයි. සෑහෙන වෙලාවකට පස්සෙ ගිතයේ රස වියැකුනේ චතුරයගෙ හඩට

කැලේක රැයක් ඉන්නවා කියන්නෙ සෑහෙන අවධානම් වැඩක්...සතා සිව්පාවගෙ වාස භවනට අනවසරයෙන් අපි රිංගලා ඉන්නෙ. ඒ අයට හානියක්, කරදරයක් නැතුව ඉන්න තුරාවට අපිටත් කරදරයක් නෑ කියන විශ්වාසය තමයි අපිට තියෙන්නෙ.

බෝතලයෙන් බෝතලය හිස් වෙද්දි හැමෝම දොඩමළුයි. තමන්ගේ රංගන ජීවිතය තුල ලබපු අත්දැකීම් අපේ පරණ නලුවො කියන්න ගත්තෙ කාගෙන්වත් ආරාධනාවකින් තොරව. ඒ කථා වලට ඔවුන්ගේ රංගන දායකත්වයත් ලැබෙන නිසා රසවත්ව ගලා යනවා. වර්තමාන ඇතැම් ජනප්‍රිය නිළියනුත් ඇතැම් කථා වල අග්ගිස්සට වෙන්න හිටියා. ඒ කථා මෙතන කිව්වොත් මගේ නමට අපහාස නඩු බර ගානක් වැටෙන නිසා කියන්න නම් විදියක් නෑ සුදෝ.

මචං බිත්තරයක් ඔම්ලට් දාමුද.... එකෙක් ජීවන්තයාගෙන් අහනවා...

මට අමතක වුනා බන් අන්තිම මොහොතෙ ඒකට උවමනා තාච්චිය ගේන්න...අපි දැනට මේ යකඩ පිගානෙන් ගොඩ යමු...

ජීවන්තයා තමන්ගෙ අතේ තිබුන පිගානට පොල් තෙල් ටිකක් තවරලා ගිණි මැලේට අල්ලලා හොදට රත් කලා...ඒ රස්නෙ මතට බිත්තර අතඇරලා, ලුණු කුඩු සමග ගම්මිරිස් කුඩු ටිකක් ඉසීමෙන් තමයි ක්ෂණික ඔම්ලට් එදා අපි හදා ගත්තෙ...ඔයින් මෙයින් ගතවෙච්ච පැය ගණන ගැන අපිට අවබෝධයක් නෑ...ගිණි මැලේ වටේ පැවැත්වුනු සාදයෙන් පස්සෙ, සමතලා නැති කලු ගල් කැබලි විසිරුනු බිමක හිටිය අපි....බොහොම පරිස්සමෙන් දවාලෙ අටවගත්ත කූඩාරම ඇතුලට රිංග ගත්තෙ ඒ ඇතුලත විදුලි පන්දමක ආධාරයෙන් හොදින් පරීක්ෂා කලාට පස්සෙ...කලු ගල් තලාවකට අයත් වුන කොටසක තමයි මට නිදියන්න ලැබුනෙ. කාමර කාමර ලෙස අපූරුවට බෙදී වෙන් උන කුටීරයන්ගෙන් යුක්ත වෙච්ච කූඩාරම අපි 6 දෙනාට හොදට සෑහුනා.


ඔම්ලට් හැදුවෙ මේ පිගන් වලින්
අපරාදෙ කියන්න බෑ දිවා කාලයේ බොහොම වෙහෙසට පත්ව සිටි නිසාමදෝ ඉතාමත් තද නින්දකට පිවිසෙන්න අපට වැඩි වේලාවක් ගියේ නෑ. පාන්දරින්ම ඇරඹෙන කුරුළු කූජනයේ මිහිරි හඩින් තමයි අපි නැවතත් අවදි වුනේ....රූස්ස ගස් වලට ඉහළින් පහළට පතිත වෙන්න පොර කන හිරු රැස් මැව්වෙ බොහොම චමත්කාර ජනක දර්ශනයක්.

මේ දර්ශනය දෙස බොහෝ වේලා බලාගෙන හිටියත් ඇති වීමක් නෑ.....එය එතරම් සුන්දර දසුනක්....ජීවිතයේ එක් වරක් හෝ විදගත යුතුම අත්දැකීමක්.

රැය පහන් කරලා තාමත් හිරිගඩු පිපෙන සීතලට දෙස් දෙන අපේ ඇත්තො


හැමෝම උදෑසනින්ම ගලායන පිරිසිදු ජලයෙන් ස්නානය කරලා, පිරිසිදු වෙලා කලින් දවසෙ ඇවිලුනු ගිණි මැලේ තවමත් සජීවීව පවතින අගුරු උඩ කේතලේ තියලා රත් කරපු වතුරෙන් තේ එකක් කාරිය බීලා අද දවසෙ වැඩ කටයුතු ගැන සාකච්ඡා කොලා.

ඉස්සෙල්ලාම උදේට මොනව හරි කාල ඉමු. අපි ලිපක් හදලා බත් ටිකක් උයා ගමු... ජීවන්තයා බොහොම මැනවින් කණ්ඩායම මෙහෙයවනවා.

එතකොට මොනවා එක්කද බත් කන්නෙ...සිරා ප්‍රශ්නයක් නැගුවා.

බැදපු හුරුල්ලො කලින් දා රාත්තිරියෙම අපට හොරා යලි නොඑන ගමන් ගිය නිසා දැන් කන්න දෙයක් ඉතිරිවෙලා නෑ.

අපි ගමට යමු...කඩේකින් පොල් ගෙඩියක් අරගෙන...එතනින්ම ගාගෙන ඇවිල්ලා සම්බෝලයක් හදමු...කැකුළු බතට සම්බෝලෙ මරු...චතුර අලුත් අදහසක් එකතු කොලා.

අද දවස අවසානය වෙද්දි ආයෙමත් නිවෙස් බලා යන්නත් තියෙන නිසා අපිට සුනංගු වෙන්න කාලයකුත් නෑ.

අපේ කණ්ඩායමෙන් දෙදෙනෙක් බත් උයන්න නතර වෙද්දි ...ඉතිරි පිරිස නැවතත් මී මුරේ ග්‍රාමයට පැමිණියේ පොල් ගාගෙන යන්න.

මචං...අපිට කිතුල් රා සුට්ටක් හොයාගන්න බැරිද ? සිරා කොලුවා උදේ පාන්දරම කිතුල් රා හෙව්වෙ  ඒ වෙද්දි කවදාවත් මේ වර්ගය බීලා තිබුනෙ නැති හින්දා රස බලන්න ඇතිවෙලා තිබුන කුතුහලය නිසාමයි.

පොල් වැඩේ කරගෙන එහෙමම යමු රා ටිකක් හොයාගන්න. ජීවන්ත එහෙම කිව්වා.

කිලෝමීටර් 3කට ආසන්න දුර ගෙවාගෙන අපි ආයෙමත් මී මුරේ ග්‍රාමයට සේන්දු උනා. ඉස්සෙල්ලාම නෙත ගැටුන සිල්ලර කඩය අද්දර වාහනය නතර වුනා. විශේෂයෙන් කියන්න තියෙන්නෙ මේ කඩ වල අළෙවියට තියෙන්නෙ ඉතාමත් සීමිත බඩු මුට්ටු ප්‍රමාණයක්...එළවළු පළතුරු කිසිවක් අළෙවිය පිණිස තබා තියෙනවා කිසිම තැනකදි මම දැක්කෙ නෑ . හැම ගැමියෙක්ම තමන්ගෙ ශක්ති ප්‍රමාණයෙන් එළවළු කොරටුවක් කාරිය වගා කරනවා ඇති කියන උපකල්පනය ඉන් පසු මට ඇති වුනා. කොහොමත් මී මුරේ වැසියන්ගෙ අවශ්‍යතා හරිම සරලයි.
කඩේ අක්කා...පොඩි පුතා....බලු මල්ලියා...සමග සිල්ලර කඩේ
හරිම අහිංසක මිනිස්සු
කඩේ මුදලාලි තරුණ කාන්තාවක්...කුඩා දරුවත් එක්කයි ඇය සිටියෙ. අපිව බොහොම සාදරයෙන් පිළි අරගෙන අපිට අවශ්‍ය අඩුම කුඩුම වගේම පොල් ගාගන්න හිර මනයකුත් දුන්නා..සුමේධ මල්ලි පොල් ගාන්න බාර ගත්තට පස්සෙ අවශේෂ අපි කිතුල් රා හොයන්න පිටත් වුනා...විශාල වතුර බූලියකුත් අරගෙන...


පොල් ගාන්න උපන් හපන් සුමේධ මලයා
දැන් වාහනේ විවිධ තැන් වල නතර කරමින් කිතුල් රා වලට ඉව අල්ලනවා...ගමේ කෙනෙකුගෙන් ඇහුවාම එක් එක් නිවාස පෙන්වනවා කිතුල් රා කර්මාන්තයේ යෙදෙන අයවලුන් කියලා...නමුත් අපේ කරුමෙට මේ කිසිම කෙනෙක් අපි යද්දි කිතුල් මලක් කපලා තිබුනෙ නෑ.

අවසානයේ ටිකක් වයසක ගැමියෙක් භාර ගත්තා මොන ලෝකෙන් හරි අපිට කිතුල් රා ටිකක් හොයලා දෙනවා කියලා. අපි එයත් එක්කම  ගමේ විවිධ අහුමුළු වල කරක් ගැහුවත් අන්තිමේදි උත්සාහය අසාර්ථකයි.

කොහෙවත් හොයන්න යන්න එපා මහත්තයා. ගිය සදුදා එහා මන්ඩියෙ කිතුලක් කපන්න ගිය කෙනෙක් ගහෙන් වැටිලා මලා...එහෙම උනාම සිරිතක් විදියට සතියක් යනතුරු කවුරුවත්ම ආයෙ කිතුලක් නගින්නෙ නෑ..කපලා තියෙන මල් වලින් මුට්ටි වලට එකතු වෙලා තියෙන තෙලිජ්ජ පැණි හදන්න ගන්නවා.

දැන් ඉතිං කාරණේ පැහැදිලියි. ප්ලාස්ටික් භාජන, මුට්ටි එල්ලලා තියෙන කිතුල් ගස් අපේ දෑස මානයේ සෑහෙන්න තිබුනත්...ඒවායෙ තෙලිජ්ජ පිරිලා තිබුනත් සම්ප්‍රදායට පිටින් යන්න කිසිවෙක් සූදානම් නෑ. මැරිච්ච කෙනාගෙ ආත්මය ඒ ඉසව්වෙ තවමත් සැරි සරනවා කියන විශ්වාසයෙන් තමයි කිසිවෙකු ගහට නගින්නෙ නැත්තෙ.

කිතුල් රා හොයන්න ගම ඇතුලෙ හක්කොලං කරද්දි තමයි බොහෝ නොදුටු දර්ශන දුටුවෙ. මී මුරේ කුඹුරු සී සාමින් තිබුනෙ තනිකරම නගුලෙන්, හරකුන්ගෙ ශ්‍රම දායකත්වයෙන්. ට්‍රැක්ටර් වල කිසිම දායකත්වයක් අපි කිසිම තැනකදි දැක්කෙ නෑ. ඒ වගේමයි සෑම ඉසව්වකම දැකපු ගැමි කාන්තාවන් කුමක් හෝ හිස තියාගෙන යන්නෙ. අඩුම තරමෙ දර ලීයක් හෝ...ඔවුන් බෙහොම නිරෝගීව ශක්ති සම්පන්නව ජීවත් වන බවක් තමයි අපි දුටුවෙ.

මචෝ අර අක්කගෙ කඩේ දෙහි තිබුනෙ නෑ නේද ? සම්බෝලෙට මොනවද ඇඹුල් විදියට දාන්නෙ...ඉදලා ඉදලා එහෙම පුරස්නයක් ඇහුවෙ අපේ චතුර ගොයියා...අන්න ඒ වෙලාවෙ තමයි ජීවන්ත කොලුවා ටිකක් ඈතින් තිබ්බ අඹ ගහක් පෙන්නුවෙ...

ගැට අඹ හොදටම ඇඹුල්නෙ බන්....අපි අඹ තලලා දාමු....

වෙලාවෙ හැටියට ඒකත් නරක නෑ කියලයි පොලු පාරවල් දෙක තුනක් ඇවෑමෙන් අඹ ගෙඩි කීපයක් බිම පත බෑවුනේ. කිතුල් රා හෙවිල්ල නවත්තලා, කඩේ අක්කට නොසෑහෙන්න ස්තූති කරලා....ගාපු පොල් එක්ක සුමේධ මලයවත් පටවගෙන ආයෙත් රාත්‍රිය ගත කරපු තැනට ලගා වුනේ ඊටත් පස්සෙ.

පුංචි පුංචි තීරු වෙන්න කපපු අඹ කෑලි හොදට හෝදපු කළු ගලක තියලා තවත් කළු ගලකින් ගහලයි තලා ගත්තෙ...අඹ කෑලි ඇඹුලට හැපෙන බොහොම වටිනා සම්බෝලයක් එක්ක තමයි සුදු කැකුළු බත් අපේ අමාෂය කරා එදා ඇදුනෙ.

අම්බරුවො දෙන්නා දැක්කද ?

අම්මයි දුවයි...ජීවන සටනේ...




කිතුල් රා හොයමින් ඒ මේ අත සක්මන් කරපු වෙලාවෙ ගමේ එක් කෙළවරකදි අපිට රූස්ස කදු ගැටයක් පෙනෙන්න ගත්තා. ඒ කුමක්ද කියලා විපරම් කරද්දි තමයි පහළින් කියවෙන තොරතුරු අපිට ගම්වාසීන් මගින් අහන්න ලැබුනෙ.

ලකේ ගල


මී මුරේ නම් ගමේ ඉතිහාසය රජ කාලය දක්වාම දිව යන්නක්. ගම්මුන්ට අනුව මහනුවර රජ කල ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉංග්‍රීසීන්ගෙන් බේරි පලයන්නට තමයි මී මුරේ ග්‍රාමය සැලසුම් කර තිබෙන්නෙ. නමුත් ඔහු ඒ කාරිය කරන්නට කලියෙන් ඉංග්‍රීසීන්ට හසු වී තිබෙනවා. දුම්බර මිටියාවතේ කදු වළල්ලකින් වට වී තියෙන නිසා රජතුමාට මෙහි කදිම ආරක්ෂාවක් දැනෙන්න ඇති. රජතුමාගේ පාවිච්චිය උදෙසාම ඉදිකල නිවසක් ගමේ තියෙන බැව් කිව්වාට එය බලන්නට යන්න අපිට වේලාවක් තිබුනෙ නෑ.

මී මුරේ ගම වටේට තියෙන දුම්බර මිටියාවතේ කදු පන්තියට නකල්ස්, හිරිගල්පොත්ත, කොබෝනිල්ල ගල, වමාරපු ගල, දුම්බොන ගල වගේ විවිධ නම් වලින් හදුන්වන ලොකු කුඩා කදු රාශියක් තිබෙනවා. ඒ අතරින් මී මුරේ ගමේදි බොහොම හොදින් අපේ ඇසට හසුවන මායිමේ පේන්න තියෙන්නෙ ලකේ ගල.

යක්ෂ නම් ඉපැරණි ජන කොට්ඨාශය මේ මී මුරේ ප්‍රදේශය අවට අතීතයේ ජනාවාශ ඇතිකරගෙන සිටි බවට විශ්වාසයක් තිබෙනවා. ඒ කථාව තරමක් තහවුරු වන්නෙ ලකේගල යන්නට යකාගල යනුවෙන් තවත් නාමයක් තියෙන හින්දයි. බුදු රජානන් වහන්සේ මහියංගනයට වැඩි පළමු අවස්ථාවේ ලගේ ගල මුදුනේ සිය ශ්‍රී පාද ලාංජනයක් තැබූ බවත්, රාවණා දඩු මොනරය පැදවූවේද ලකේ ගලට ඉහලින් වැටී තිබූ මාර්ගයක බවත් ඇතැම් පුරාවෘත වල සදහන් වෙනවාලු.

දැන් ඉතින් උදෑසන ආහාරයෙනුත් සන්තර්පණය වෙලා අහවරයි නොවැ. ඊටත් පස්සෙ අපේ බඩුබාහිරාදිය ඒ පරිසරයෙන් ඉවත් කරගත්තා. කිසිම දෙයක් අඩුම තරමින් කොළ කැබැල්ලක් හෝ අප නවාතැන් ගන්නා තැනක ඉතිරි කර ඒම අපි කිසිම කිසිදාක නොකරන දෙයක්...මේ කටයුතු සියල්ල නඩේ ගුරාගෙ අධීක්ෂණයට නිතර ලක් වෙනවා. ඔහු ඉතාම තදබල ලෙස පරිසරය අපවිත්‍ර කරනවාට විරුද්ධ පුද්ගලයෙක්. ඒ නිසා අතපසු වීමකින් හෝ යමක් අත ඇරුනොත් ඒ කෙරේ නැවතත් අවධානය යොමු වෙනවා.

මේ කටයුතු අවසන් කරලා සෑහෙන දුරක් කැළෑව තුල පාද යාත්‍රාව මගින් තරණය කරන්නත් අපි අමතක කලේ නෑ...මේ ගමනෙදි තමයි ඉතාමත් විසිතුරු දේ දැක ගත්තෙ...ජීවන්ත වගේම ඒකාගෙ ගෝලයෝ දෙන්නත් තරමක් උස පර්වත කොටස් ගල් කුහර අස්සට අත් තබමින් තරණය කලේ හරිම අවධානම් සහගත ආකාරයට...සිරා කොලුවා වන මම නම් ගිය ආත්මෙ උස් තැනකින් බිම වැටිලා මැරිච්ච එකෙක් නිසාදෝ උස් තැන් වල වැඩ වලට හරිම භයයි.

අපි නවාතැන් ගත් කොටසට යාබදව දියඇල්ලක් ආකාරයෙන් දිය පහර කඩා හැලෙන තැනක් තිබුනා. අපේ කණ්ඩායෙමන් මුලින්ම ඒ දර්ශනය හොයාගෙන අපිට ඒ තොරතුරු සැළකලේ සුමේධ මලයා. ඒ නිසාම ඒ ඇල්ලට අපි දුන්න නම තමයි සුමේධ ඇල්ල. එහි සිට අවට පරිසරය නරඹන විට නම් ලංකාව පාරාදීසයක් වගෙයි පෙනුනෙ. ඒ දර්ශනය එතරම් අලංකෘතයි.

මීදුමෙන් වැසුනු කදු මුදුන්

සුමේධ ඇල්ල
ජලය ඉතාමත් පිරිසිදුයි...මේ දර්ශන සජීවීව දැක ගන්න ඔබට කැමැත්තක් නැද්ද ?

කොහොමින් කොහොම මී මුරේ සංචාරය නිමා කරලා ලස්සන මතක සටහන් ටිකකුත් තුරුලු කරගෙන ආපසු එන්න පිටත් වුනාට තාම පොඩි අඩුපාඩුවක් හිතට වද දෙනවා. ඒ තමයි කිතුල් රා ඩිංගිත්තක රහ බලන්න නොලැබීම. කැබ් රථය පිටුපස බකට්ටුවට වෙලා සංචාරය පුරාම හිටිය ජීවන්තගෙ ගෝලයො දෙන්නා ලූල් වත්ත හන්දියට ටිකක් මෙහායින් එක පාරටම ලතෝනියක් දුන්නා.

චතුර එක් වරම වාහනය නවත්තලා බැහැලා ගියේ මුන් දෙන්නට යකෙක් ගැහුවද බලන්න. අනේ බැලින්නම් එතනට යාබදව කැලේ ඇතුලට වෙන්න තිබුන කිතුලක මුට්ටියක් එල්ලලා තියෙන වටිනා කියන දර්ශනයක් උන් දෙන්නා දැකලා.

ජීවන්ත අයියෙ මොකද කියන්නෙ..මුට්ටිය බිමට ගන්නද ?

ගෝලයගෙ අදහසට ගුරා අනුමැතිය දුන්නා...සැණෙකින් කිතුල් ගස සමීපයට ආව මහේන් කොලුවා කිතුල් ගසට තද කර වරපට මගින් බැද තිබුන උණ ලීයක් දිගේ ඉතාමත් වේගයෙන් මුට්ටියට මාන බලමින් ඉහළට ඇදුනා...ඒකා නගින නැගිල්ලට ගස් නැගීමට උපන් හපනෙක් බව අපි හැමෝටම මොනවට පැහැදිලි වුනා. තවත් සුලු මොහොතකින් කටින් එල්ලා ගත් කිතුල් රා මුට්ටියක් අප කරා ආවෙ අපේ සිත් සතන් තුල අලුත් බලාපොරොත්තුවක් ඇති කරමින්.

කිතුල් රා මුට්ටි සොයමින්
මුට්ටිය පිරෙන්නට කිතුල් රා........

අප සතුව තිබූ හිස් ප්ලාස්ටික් බෝතල වලට රා පුරවමින් දැන් රථය ඉදිරියට ඇදෙනවා. මුට්ටියක් සහිත කිතුලක් දුටු විගස අරුන් දෙන්නා බෙරිහන් දෙනවා. රථය නැවතෙනවා...දුර දක්නයෙන් කිතුල් මල අලුතෙන් කපපු එකක්ද කියන කාරණයත් සැක හැර දැනගන්නවා, එකෙක් ගහට බඩගානවා..මුට්ටිය පොළවට ලගා වෙනවා. මෙන්න මේ ආකාරයෙන් කිතුල් ගස් කීපයක් තමන්ගෙ ඵලදාව නොමසුරුව අපට බෙදා දුන්නා.

අන්තිම ගහ සමීපයට වටේ පිටේ තිබුන අකුල් අතරින් ලගා වෙද්දි තවත් පුද්ගලයෙක් එතන....අතේ තිබුන වක් පිහියෙන් වගේම අනිකුත් උපාංග වලින් අපිට වහාම තේරුම් ගියා මේ කිතුල් කපන පුද්ගලයා බව.

අයියෙ කිතුල් රා ටිකක් ගන්න නැද්ද ?

අනේ මහත්තයො.....මේවා මේ පැණි හදන්න....
බුලත් කහටින් දුර්වර්ණ වෙච්ච දත් පෙන්නමින් ඔහු බොහොම බයාදු ලෙස සිනාසුනා.

අපේ පපුකුහරයට හීනි රිදුමක් දැනුනා...මේ වගේ අහිංසක මනුස්සයෙකුගෙ දේවල් නේද අපි මෙච්චර වෙලා හොරා කෑවෙ...මල් කපන කෙනා භාවිතා කල මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවකු බදු පා පැදියත් ඒ හැගීම අපිට තව තවත් අවධාරණය කලා...

මහේන් මෙහෙ වරෙන්...

මල් කපන්නා එක්ක අනෙක් අයගෙ කථාව තව දුරටත් යන අතරෙ ගස් බඩගාපු මහේන් මලයට ජීවන්තගෙන් කැදවීමක්...

උඹ අන්තිමට බාපු රා මුට්ටිය යටින් මෙන්න මේක තියලා ඉක්මනට දුවලා වරෙන්....

මහෙන් තමන්ගෙ අතේ ගුලිවෙච්ච මුදල් නෝට්ටු කීපයකුත් එක්ක අකුල් අතරින් සැගව ගියා. තවත් විනාඩි 10 කට විතර පස්සෙ කොලුවා ආයෙමත් හති දාමින් අප අතරට ආවා.

වැඩේ හරිද?

කිරි ගහට මන්නෙන් කෙටුවා වගේ වැඩේ නියමෙට දුන්නා...

එහෙනං එච්චරයි...ජීවන්ත අපේ ආගන්තුකයගෙ පිටට තට්ටුවක් දමමින් රථයට නැගුනා.

සුදට සුදේ පෙණ කැටි වලින් අලංකාර වෙලා තියෙන කිතුල් රා බොන්න හැමෝම පොර කෑවා...මමත් ජීවිතේ පළමු වතාවට කිතුල් රං ඩිංගක රස බැලුවෙ එදා...රසය නම් උපරිමයි. කිතුල් රා ශරීරයට සෑහෙන්න ගුණයි කියලත් කවුදෝ කිව්වා.

බොහෝම සාර්ථකව මී මුරේ සංචාරය නිමා කරලා අපි අපේ නිවාසයන් කරා ලගා වුනා. වනාන්තරයක රාත්‍රිය ගත කල ඒ සොදුරු මොහොත සිහිපත් වන වාරයක් පාසා නැවතත් ඒ අත්දැකීම ලබාගන්නට තමයි හිත නලියන්නෙ. මීට කලින් සිරා මේ විදියෙම අත්දැකීමක් ලබපු ඇලි හතේ චාරිකාව ගැන ඉදිරි දිනයක සටහනක් තබන්නම්. කොටස් 3 ක් පුරාවට මේ කථාව කියවූ ඔබ සැමට තුති.



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

අද දින දිවිමගේ 31 වෙනි කඩඉම සලකුණු කල, සෑහෙන ඈතක සිට සිරාගේ කාමරයට නිතර පැමිණෙන මා මිත්‍ර මයික් කොලුවාට සුභම සුභ උපන් දිනයකට ආසිරි.

රාත්‍රී කාලයේ ඡායාරූප ගත හැකි උපකරණයන්ගේ බැටරි අපට හොරෙන් බැස ගොස් තිබූ නිසා එවැනි ඡායාරූප මා සතුව නැත.













146 comments:

  1. මං එක කියෝලා එන්නම් කොමෙන්ට් කරන්න ඉදගෙන

    ReplyDelete
    Replies
    1. ඇයි දැන් හිටගෙනද ඉන්නෙ ?

      Delete
    2. නැහැ වැඩ කරනගමන් ඉන්නේ අයියේ ඒකයි

      Delete
    3. හොදා හොදා නගෝ...වැඩ ඉවරකරගෙන කියවන්නකො එහෙනම්...ඉදගෙන...

      Delete
  2. මචං,
    මේ පාර ලංකවට ගියහම අනිවා යනවාමයි......

    මම
    මයික්

    ReplyDelete
    Replies
    1. ඔහ් දැන් දැක්කේ.... බොහෝම ස්තූතීයි සහෝ උපන් දින සුබ පැතුමට​....( වෙනත් අම්මා කෙනෙකුට දාව උපන් උඹ මගේම තවත් සහෝදරයෙක්)

      මම
      මයික්

      Delete
    2. හප්පි බර්ත්ඩේ මයික්....

      ඇනෝ ආවා ඇති කියලා හිතෙන්නෙ නැද්ද දැං.. ඔය නමටම ප්‍රොෆයිල් එකක් හදාගත්තනං...

      Delete
    3. ඇත්තටම මයික් උඹයි මමයි එකම පාසලේ ඉගෙන ගන්න කාලෙ මෙච්චර ෆීට් එකක් තිබුනෙ නෑ නේද...දැන් තමයි අපි බොහොම එකමුතු වෙලා තියෙන්නෙ...ජාලෙන් සම්බන්ධ වෙලා...

      හිරු..බොලා කිව්ව කථාවම මමත් කීප වතාවක්ම මෙයාට කිව්වා...ඒ උනාට වෙලාවක් නෑ කිය කියා මග අරිනවා...

      Delete
    4. සුබම සුබ උපන් දිනයක් වේවා මයික් .... ජීවිතේ සෑම කටයුත්තක්ම සාර්ථකව ඉෂ්ඨ කරගන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා....

      Delete
    5. මයික් ට සුබ උපන්දිනයක් වේවා ! සියළු පැතුම් ඉටුවේවා !!

      Delete
    6. හිරු , ෂාන් , ප්‍රසන්න : බොහෝම ස්තූතීයි ඔයාලගේ උපන්දින සුබ පැතුමට.. :)
      හිරු : දැන්නම් ඇති කියල හිතෙනවා ඇනෝ ආවා .....හදා ගන්න ඔනේ... :) ඉක්මනටම එකක් හදා ගන්නම්කෝ.

      Delete
    7. සුබ උපන්දිනයක් වේවා..මයික්..!
      සිරා........ගොඩක් යාලු මිත්‍රකම් ගොඩනැගෙන්නෙ ,පවතින්නෙ ඉස්කෝලෙන් පස්සෙ තමා

      Delete
    8. ඒක ඇත්ත වීයා...ජීවිතය පිළිබද අවබෝධයක් ඇති වෙන කාලෙ නොවැ...එතකොට ජීවිතේට සම්බන්ධ වෙන්නෙ ගොඩාක් වෙලාවට තමන්ට ගැලපෙන අය තමයි.

      Delete
    9. සුභ උපන්දිනයක් :)

      Delete
  3. ලකේ ගල කඳු මුඳුනට නගින්න හිතාගෙන තමයි අපි ගියවර මීමුරේ ගියේ.. ඒත් වැස්සට ඒ බලාපොරොත්තුව දිය උනා. තවත් වතාවක කොහොම හරි ලකේ ගල නගින්න බලාගෙන ආපහු මීමුරේ යනවා..

    කැලේක කූඩාරම් අටවා ගෙන රැයක් ඉදලා ලැබෙන සතුට ඉතින් ඉදලාම බලන්න ඔනේ..

    ඉක්මනටම ඇලි 7 ගැනත් ලියන්න..

    ReplyDelete
    Replies
    1. බලමු මෙදා පොටේ ලංකාවට ගියාම මමත් වැඩිය කවුරුවත් ගිය නැති තැනකට අපේ නඩේ එක්ක යන්න හිතාගෙන ඉන්නෙ....කොහෙ ගියත් කමක් නෑ....ෆොටෝ ටික අපිට බෙදා දීහන්...

      Delete
    2. පොඩ්ඩක් පරිස්සමෙන් කරන්න ඕන ගමනක්...සමහර තැන වලින් වැස්ස තිබ්බේ නැති උනත් යන්න අමාරුයි, හැබැයි බැරි නෑ....

      Delete
  4. ඔය කාලා බීලා තියෙන හැටියට ගෙවල් වලට එනකොට ආමාශ යහතින් තිබ්බද සිරා... හි හි

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් පණුබේත් වේලාසනම බිව්වා නොවැ...එතකොට බඩේ අමාරු කම්මුතුයි..බොරු නම් අපේ මහත්තයාගෙන් අහලා බලන්න....ඒකනෙ කොල්ලො හොය හොයා පණු බේත්ම බොන්නෙ.

      Delete
  5. ඔක්කොටම වැඩිය මගේ නම් හිතට වැදුනෙ මුට්ටිය යටින් සල්ලි කීයක් හරි තියන්න මතක් උන එකාගෙ මනුස්සකම !!

    ඒක නම් විශිශ්ටයි සිරා ..

    ReplyDelete
    Replies
    1. ජීවන්තයා වගේම අපි හැමෝමත් බොහොම සංවේදී හදවත් තියෙන මිනිස්සු...අපිට මේ මුට්ටි හොරෙන් බාලා බොන එක විනෝදයක් උනාට ඒ කාර්යය කරන මනුස්සයාට ඒක විනෝදයක් නෙමෙයි...දරු මල්ලන්ගෙ බිරිදගෙ කුස ගින්න නිමන්න වෙන්න පුලුවන් එයා ඒ වැඩේ කරන්නෙ...අපිට හමුවෙච්ච දවසෙ එයාට එකතුවෙන තෙලිජ්ජ ටික පැණි උණුකරන්නත් මදි නම් එදාට පැණි හදන වැඩේ අත ඇරලා දාන්න වෙන්නෙ...එතකොට ගෙදරට කීයක් හරි ලැබෙන මාර්ගයත් නැතිවෙනවා. මට මතක විදියට ජීවන්තයා කිතුල් රා වල වටිනාකමට වඩා සෑහෙන මුදලක් එතන තිබ්බෙ. මිනිහා ඔය වගේ දේවල් වලට අත දිග ඇරලා වියදම් කරන එකෙක්.

      Delete
    2. උඩින්ම එකඟයි..
      ඔය වගේ කරපු වැඩ මතක් වෙලා අපිට අපි ගැන අවංකවම ලැජ්ජ හිතුන බං..
      දැං පරක්කු වැඩී !!

      Delete
  6. මේ සුන්දරත්වය, නිර්ව්‍යාජ බව, ස්වභාවිකත්වය, යටකරගෙන නාගරීකරණය මෙහාටත් එයිද? එහෙ ඉන්න මිනිස්සු නාගරීකරණය වැළඳගන්න කැමතිනම් අපිට විරුද්ධ වෙන්න බැහැ. මීට අවුරුදු 25 කට කලින් මීමුරේට වාහනයකින් යනවා තියා හිතන්නවත් බැහැ. මීමුරේ කියන්නේ වැටක් බැඳලා රැකියා යුතු මනුසත් උයනක්ද?

    ReplyDelete
    Replies
    1. ඒ වගේ තමයි පේන්නෙ...කොන්ක්‍රීට් වනාන්තරේ ඉන්න කොයි මිනිහත් ගහට කොළට සතා සීපාවාට ආදරෙයි..ඒ ලෙංගතුකම විදින්න කැමතියි. ඒත් ලෝකයා දුවන රේස් එකට ඒ අයත් අකමැත්තෙන් හරි ඇතුලුවෙලා ඉන්න නිසා තමයි කොන්ක්‍රීට් වනාන්නතරයට වෙලා ආතක් පාතක් නෑ වගේ ඉන්නෙ...අපිට අපේ හිත එක තැනක තියාගෙන මේ රේස් දිවිල්ලෙන් මිදෙන්න පුලුවන් නම් මේ ස්වභාවිකත්වයත් එක්ක දිවි ඇතිතුරා ඉන්න පුලුවන්.

      Delete
    2. මම දන්න විදිහට මීට අවුරුදු 10 කට විතර කලින් මීමුරේ කියන්නේ ලංකාවේ දුශ්කරම ගම්මාන වලින් එකක්.. ඒත් දැන් ඒ තත්වය වෙනස් වෙලා. ගමට යන්න එන්න හොඳ පාරක් තියෙනවා. දැන් ගම තිබුනාට වඩා දියුණුයි. හොඳ පාසලක් තියෙනවා. මීමුරේ ළමයි හුන්නසගිරියට එනවා අමතර පන්ති වලට. ඒ ළමයිනුත් කවදා හරි දවසක අපිත් එක්ක හරි හරියට රේස් දුවන්න එකතු වේවි. තව අවුරුදු 10කින් අපිට මීමුරේ ගමේ අද තියෙන සුන්දරත්වය බලන්න බැරි වෙයි.
      ඒත් ගමේ වැඩිහිටියෙක් අපිට මෙහෙම කියයි..
      "ඒ දවස් වල මේ ගම හරි දුශ්කරයි, වටේම කැලෑව. යන්න එන්න හරිහමන් පාරක් නෑ.. දැන් පාරක් කපලා.. නිතරෝම බස් දුවනවා. ටවුමට යන්න හරි ලේසියි.

      Delete
  7. නියමෙටම නියමයි සිරා මල්ලි උඹේ කථාව. මට හැම සිද්ධියක්ම මැවිලා පෙනුනා. බැදපු හුරැල්ලෝ, ඇඹුල් අඹ සම්බෝලේ හා කිතුල් රා මගේ කටට කෙළ ඉනෙව්වා. මනරම් දර්ශන මගේ ඇස් පිස්සු වැට්ටුවා. ඊගාව පාර ලංකාවට ගියාම මී මුරේ යනවමයි කියලා හිතා ගත්තා. උඹට ජය! නැවත එන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔය උඩින් මයික් ගොයියත් කියලා තියෙන්නෙ ඒ කථාවම...මමත් ලංකාවට ගිය ගමන් ඈත පළාතක මේ චාරිකාව ගිය නඩේ එක්කම යන්න හිතාගෙන ඉවරයි....ඔබත් ඒ ආසන්නයේම ආවොත් අපිත් එක්කම සැට් වෙන්න හැකියි.

      Delete
  8. ඉරිසියාවේ බෑ අප්පා. මෙහෙම ගමනක් යන්න සෙට් වෙන එකෙක් වත් නෑනෙ. ශේහ්.

    ReplyDelete
    Replies
    1. ලබා උපන් හැටි කියන්නෙ අන්න ඒකයි මලේ..එහෙම කියලා අධෛර්යමත් වෙන්න එපා...දන්න කියන උන් නැත්නං පවුලෙ අය එක්ක ගියත් මී මුරේ චාරිකාවෙ රස අඩුවෙන්නෙ නෑ.

      Delete
  9. තව ටිකකලකින් ඔය සුන්දරත්වයත් අපේ මිනිස්සු විනාස නොකරයිද ????

    ReplyDelete
    Replies
    1. මිනිස් ජනාවාශ හදන්න ඉඩ කවදාවත් ඇති වෙන්නෙ නෑනෙ...අවශ්‍යතාවෙ හැටියට ඉල්ලුම සපුරන්න තවත් කාලයකදි මී මුරෙත් ජනාවාශ වේවි. හැබැයි ඒ වෙද්දි අපි තව ආත්ම ගානක ඉපදිලා තියේවි.

      Delete
  10. සිරෝ,ෆොටෝ ටික නම් නියමයි.අම්මයි දුවයි ජීවන සටනේ කියන ෆොටෝ එක තමයි මගේ හිතට වැඩියෙන්ම ඇල්ලුවේ....
    කවදා හෝ දවසක මීමුරේ යන්න හීනයක්‌ හිතේ පිළිසිඳ ගත්තා .......
    උඹට ස්තූතියි෴

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා අයාල්...

      වැඩිය කල් නොයවා අද හෙටම යන්න බලන්න..මොකද ගමේ සුන්දරත්වය එන්න එන්නම නැති වෙන්න පුලුවන්...මේ පෝස්ටුවෙ තියෙන ෆොටෝ වලින් මමත් කැමති ඒ ඡායාරූපයටම තමයි...එහෙ පුංචි ළමයි පවා තමන්ගෙ දෙමාපියන්ට හරි හරියට උදව් වෙනවා...ඒ බලකරලා හෝ සැර කරලා නෙමෙයි...පුංචි අවදියේ ඉදන්ම එයාලා දන්නවා තමන්ගෙ දෙමාපියො ජීවන සටන සදහා විදින දුක.

      Delete
  11. Ei ban meke apita kotanda beri

    ReplyDelete
    Replies
    1. Uba mawa udin thiyalada. Mata mathaka ne oya salli kathawa. Sumeda Mage sahodarayek wage u den inne Dubai gihin.Golayo ne. Un okkoma Mage sahodarayo. Addak gehuwa ada. Ubala nene. Heta jeewath weidA kauda danne. Meke sira unata apita Nasiya. Nasiyo ubata jayA. Mama wAge noida bedapan ban. Mama jeewantha.

      Delete
    2. උඹ වෙරි මරගාතෙම කොටපු හින්දා තමා කොටාගන්න බැරි වෙලා තියෙන්නෙ...දැන් සෑහෙන දවසක්නෙ බන්...උඹට මතක නැතුව ඇති. මම ඉතින් කථාවට තමයි ගෝලයෝ කිව්වෙ...කාලයක් උඹේ සෙවනෙ හිටිය අය නොවැ...

      ඉස්සර හැමදාම අඩ්ඩක් ගහන වෙලාවට උඹෙන් එන ඇමතුම මතක් වුනා...අපි දෙන්නා දේශපාලන මත දෙකක් දැරුවත්, අඩ්ඩක් ගහන වෙලාවට සෑහෙන්න වාද විවාද ඇති වුනත් කවදාවත් මරා ගත්තෙ නෑ නේද බන්....උඹට ජයම වේවා...වැඩිය කවුරුත් ගිය නැති තැනකට ඊළග වතාවෙ යමු...පොඩ්ඩක් හොයලා තියහන්...චතුරයවත් මතක් කොලා කියහං....

      Delete
  12. හරිම ශෝක් ගමන... අන්තිම කොටස කියල දැක්කහම නම් ටිකක දුක හිතුනා. ඉක්මනටම තව ගමනක් ගැන ලියමු හොඳේ...

    ReplyDelete
    Replies
    1. තව ගමනක් තියෙනවා ලියන්න...හිමිහිට ලියන්නම් නගේ...

      Delete
  13. "උඹ අන්තිමට බාපු රා මුට්ටිය යටින් මෙන්න මේක තියලා ඉක්මනට දුවලා වරෙන්....

    මහෙන් තමන්ගෙ අතේ ගුලිවෙච්ච මුදල් නෝට්ටු කීපයකුත් එක්ක අකුල් අතරින් සැගව ගියා. තවත් විනාඩි 10 කට විතර පස්සෙ කොලුවා ආයෙමත් හති දාමින් අප අතරට ආවා."

    ඇත්තටම ආඩම්භරයි. ඔහොම අහින්සක මිනිස්සු ඉන්න පැත්තකට දැන් සතෙක් වැදිල ඉන්නව නේද කියල හිතුන. මම මීමුරේ ගියෙ අනූ හතේදි. අපි මැද මහනුවර ඉඳල ටිකක් බස් එකේ ගිහින් පස්සෙ පයින් ගියා මට මතක විදියට කිලෝ මීටර් අටක් විතර. මට මතක විදියට රනිල් තමයි ඔය ගමට පාරක් දුන්නෙ. දිගටම ඔය සුන්දරත්වය තිබ්බොත් හොඳා!

    ReplyDelete
    Replies
    1. ඒ මනුස්සයව දැක්කෙ නැත්නම් අපිට එහෙම හිතෙන්නෙ නැතිව යන්න ඉඩ තිබුනා...එත් එයාගෙ ශරීර පෙනුමෙන්ම එයා මුහුණ දෙන දරිද්‍රතාව පිළිබද යම් අවබෝධයක් අපිට ලැබුනා. එහෙම කෙනෙක්ගෙ දෙයක් ඒ විදියට කඩා වඩා ගන්නවා කියන්නෙ සහගහන අපරාධයක්....සල්ලි දීලා හරි අපි හිත හදාගත්තට...ඇත්තටම ඒක වැරදි වැඩක්...අනුන්ගෙ ඉදි කට්ටක් වුවත් හොරෙන් ගන්න නරකයි.

      රනිල් තමයි 2001 දි කොන්ක්‍රීට් කරලා ගමට පාර දීලා තියෙන්නෙ...ඒ වෙනුවෙන් නිරාවරණය වෙච්ච සමරු ඵලකයක් ගම මැද්දට වෙන්න තියෙනවා...එතනම තියෙනවා විශාල ගහක්...මට මතක නෑ මොන වර්ගයේ එකක්ද කියලා. මීමුරේ ග්‍රාමයට මෙතෙක් ආපු එකම රාජ්‍ය නායකයා තමයි රනිල්.

      Delete
    2. ඒක මී ගහක්. ඒකට උඩපැත්තෙන් තියෙන්නේ මීමුරේ පාසැලයි.

      Delete
    3. ඔව් ඔව් කණිෂ්ඨ විද්‍යාලයක් තිබුනු බව මතකයි.

      Delete
  14. Replies
    1. එහෙනං කොලුවො මගෙන් ඇඩ්වයිස් ගනිල්ලා ඊළග ගමන යන්න කලියෙන්...කාමරේ තියෙන ටිං කබලට කීයක් හරි දාලා පලයන්....ඇඩ්වයිස් අරං...මොකද ඒකට සල්ලියක් වැටෙද්දි එන සද්දෙ අහන්න මං හරි ආසයි...

      Delete
  15. සිරා මතක ඇතුව මෙවැනි ගමනක් යද්දී අනිවාර්යයෙන්ම ගෙනියන්න ඕනේ අඩුම කුඩුම ටික ගැන ලැයිස්තුවක් දාන්න හෙට හරි..මේ වගේ ගමනක් යන්න මග බලන් ඉන්න අයට ඒක සෑහෙන වැදගත්.. භූමිතෙල් ලිපක් , අමතර බෙඩ් ශීට් , බහු කාර්ය පිහි කීපයක් , ලණු කැරළි කීපයක් , යකඩ පිඟන් කෝප්ප කීපයක් , ඉටි කොළ කීපයක් , ෂොපින් 10 ක් 12 , කෝපි , සමහන් , පැනඩෝල් , ගොස්‌ ප්ලාස්ටර් සහ තුවාල බෙහෙත් , කැප් , චොකලට් සහ චීස් පැක් කීපයක් , ටින් ආහාර ටිකක්, ලීටර් 10 විතර බූලි දෙක තුනක් වගේ දේවල් ගෙනියන්න ඕනේ... සිරාලා ගෙනියපු බඩු ලැයිස්තුව දැම්මා නම් රටක් වටිනවා...

    ඉතාම ආසාවෙන් බලපු පෝස්ට් එකක්.. තව අදින්න තිබ්බේ ...

    ReplyDelete
    Replies
    1. සහන් අයියෙ මම එකපාරකුත් ලියල මැකුවා
      පුංචි එකතුකිරීමක් කරන්නං
      වරදවා වටහාගන්න එපා නොමග යන්න උපදෙස් දෙනවා කියා.එහෙමනං සමාවෙයං සිරා.මං කියන්නෙ සහතික ඇත්ත .අත්දැකීමෙං මචං.
      අපි හිතාගෙන යන තරං ඔය ගමන් සුන්දර නෑ..කොල්ලො සෙට් එකක් එක්ක ගමං යන එක හරිම භයානකයි..පෙම්වතියක් හෝ ගෑනු අය ඉන්නවනං ඒක ඩබල් .අහිංසක විදියට කොහෙහරි අයිනක තියං සින්දුවක් ගහද්දි එතන්ට ඕනතරං ලෙඩ්ඩු එනවා..අරක්කු ටිකක් කටේ ගාගෙන ගෑනු ඉස්සරහ වැඩ පෙන්නන්න කැමති අමුතු පොරවල් .නෑ කියනවනං ඒ බොරු...පුද්ගලිකව මට තියනව ගාමන්ට් සෙට් එකක් එක්ක.
      මේව එකක් හරි අරං පලයල්ලා .පාවිච්චි කරන්න නෙමේ පෙන්නල ගේම ක්ලෝස් කරන්න..
      බයිසිකල් චේන් දෙකක් විතර.
      ක්‍රිකට් බැට් එකක්
      නකල් 2 ක් විතර.
      යකඩ පොල්ලක්
      වැඩිපු‍ර වීල් බ්‍රශ් එකක්..
      නන්චාකුවක්
      වීදුරු බෝතලයක්
      වැඩ දන්න කොල්ලෝ දෙන්නෙක්වත් ..
      ලෙඩක් වැටුනොත් කෝල් එකක් දීගන්න ඇරේන්ජ්මන්ට් එකක්.

      (වෑන් එකේ යට කාපට් එක උස්සල බඩු ඩිපොසිට් කරාම හරි.)

      වරදවා වටහාගන්න එපා සහන් උඹලා මට වඩා මේ ගැන දන්නවා හොඳේ . ඇත්තනෙ ??!
      ඔහොම නැතුව දැන් ගමනක් යන්න බෑ අයියෙ දැං හරිම අමුතු පොරවල් බං පාරෙ ඉන්නෙ. බැලුවත් ගහන්න එනවා.
      අම්මපා !!

      (ඔය ටික ඇද්ද ගමං ඕන චන්ඩියෙක් දුවනවා,අපි ආතල් එකේ ගමන යනවා )

      Delete
    2. පත්තර මල්ලි සහලෝලා ඇත්ත බං.

      Delete
    3. ඔය කතාව ඇත්ත.. සහතික ඇත්ත.. ඒත් මන් දෙන උපදේශය තමයි " ගම් පෝරියල් නම් සෙට් කරගන්න එපා. මොන ජගතට වත් ගම් පෝරියල් එහෙකින් බේරෙන්න බැහැ . ගම් පෝරියල් මාරාන්තිකයි ... ! "

      Delete
    4. කල්හාර # ඉවා
      මං හිතුව මානුශික සෙට් එක මට නෙලුවා තමා කියල :-)
      වැද්දන්ගෙන් බන අහන අපි නොවැ !

      සහන් අයියා..
      දෙයියමපා ඇත්ත බං..
      හලාවතට එහා දැදුරු ඔයේදී කෑවා කෑමක් අයියේ ගමකින් අපේ බූරුවෙක් හින්දා ..
      පොලිසියෙන් ආවෙ නැත්තං තාම කනවා.
      අම්බෝ .. මං හිතුව ඉවරම තමා කියල.
      මේං උන් ගෙනාපු පිහි..පුහ්.
      ඒ වගේ උං හලල යන්න කියලත් ලියන්නම ඕනා..
      මතක් වෙද්දිත් ගං පෝරියල් නං -:)-:)-:)

      Delete
    5. @......All

      සහන් කියනවා වගේ ගම් පෝරියල් මාරාන්තිකය. ඔබට ඉන් ගැලවීමක් නැත.

      එහෙම කොකු ඇදගන්න කෙනෙක් යනවානම් මිනීපෙට්ටියක් සහ හදිසි මරණ පරීක්ෂකයෙකුත් රැගෙනයන්න. අත්දුටුවයි! ප්‍රත්‍යක්ශයි!!

      අරූ කුඩා කාලයේ සිටම සාම ලොල් නිසා ගමේ අයට වැඳ වැටී ජීවිත කිහිපයක් බේරා ගැනීමට හැකිවිය.

      Delete
    6. @ අරු අයියෙ..
      හොද පාඩමක් ඉගනගත්ත අයි‍යෙ නොදන්න එවුන්ව අන්තිම මොහොතෙ ට්‍රිප් එකට ගාව නොගන්න,
      හැබැයි ඒක ඉගනගන්න අම්බානකටම කන්න උනා . ඒකයි අවුල :-)

      Delete
    7. අනිවා මාත් ශේප් න්‍යාය භාවිතා කරන කෙනෙක්.. හොඳට කතා බහ කරලා ගේම් ගොඩ දානවා.. අන්තිමට කෑම ටිකක් නොකා එන්න දෙන්නෙත් නැහැ සමහර තැන් වලින්.. මිනිහෙක් එක්ක කතා කරන එක වචනෙකට පුළුවන් ගොඩක් දේවල් කරන්න..

      පත්තර මල්ලි උඹට මතකද තුෂාර ...? 3 සිග්නල් එක ළඟ ගෙවල් තිබ්බේ.. ( ජයසූරිය )

      Delete
    8. ඇත්තටම සහන් අපි බඩු ලැයිස්තු කරලා නෙමෙයි මේ වගේ ගමන් යන්නෙ...ඒ වෙලාවට අතට අහුවෙන දේ දා ගන්නවා...අමතක වෙච්ච දෙයක් තියෙනවා නම් මගින් ගන්නවා...ඔබේ බඩු ලැයිස්තුව සෑහෙන හොදයි...ඊට අමතරව මට ඒකට එකතු කරන්න හිතෙන්නෙ හොද විදුලි පන්දමක්...භූමිතෙල් උදුන වෙනුවට කුඩා ගෑස් ලිපක් සමග කුඩා සිලින්ඩරයක්...ආහාර සකසා ගැනීමට භාජන කීපයක්...එළවලු /මස්/ මාලු වර්ග කපනවා නම් පොඩි ලෑල්ලක්...වගේ දේවල් ටිකක්...

      පත්තර මල්ලිගෙ කථාව ඇත්තයි...විශේෂයෙන් ගෑණු ළමයෙක් දැක්කම අපේ අයියලා බහුතරයක් පොරවල් වෙන්න යන අන්දම මමත් දැකලා තියෙනවා...ඒ නිසාම තමයි පොසොන් සමයෙ සමහර වැව් වල දියේ ගිලිලා සමහරු මැරෙන්නෙ...කෙල්ලන්ට තමා වැඩ්ඩා කියලා පෙන්නන්න ගිහිල්ලා...මේ බව සදහන් වැකි පවා ඒ ආසන්නයේ පොසොන් කාලෙට දකින්න පුලුවන්...

      මම පුද්ගලිකව මෙහෙම ගමනක් යන්නෙ කුඩා කාලයේ ඉදන්ම හදුනගෙන ඉන්න යාලුවෙක් එක්ක විතරයි...ඒ නිසා මෙතෙක් කල් කිසිම ගැටලුවක් වෙලා නෑ...කවදාවත් කිසිවෙකු සමග ගහ මරාගෙනත් නෑ...අපේ උන් ඔක්කොටම ෂොට් එකක් දාගත්තට පස්සෙත් හොද විනයක් තියෙනවා...විශේෂයෙන් අන්මත ඉවසීමට වගේම ලදක් දැක්කට නොකැළඹී ඉන්නත්...

      ගොඩාක් වලි වල පිටිපස්සෙ ගෑණු ළමයෙක්ට අසභ්‍ය විහිලුවක් කරපු සිද්ධීන් ගොඩාක් තියෙනවා...ඒ නිසා ගෑණු දරුවො එක්ක ට්‍රිප් යනවා නම් බොහොම පරිස්සමෙන්...ඔලුවෙන් බේරා ගන්න තියෙන ගණුදෙනුවක් යකඩ පොල්ලකින් හරි වෙනත් ආයුධයකින් බේරා ගත්තොත් කාට කියන්නද ?

      Delete
    9. සහන් අයියෙ
      පුරේ නේ ?? තව චූට්ටක් හින්ට් එකක් දෙනවද තරහ නැතුව..මට ඕකව මතකයි .
      TZR බයික් එකක් පැද පැද හිටිය නේ බුවා ..සුසන්ත නාලක ලගෙ සෙට් එක .. මං හරිද ?? දේවාල සීන් එකකුත් ??

      සි‍රා..
      අනේ බන් හොදට ගහල ඉන්න උන් එක්ක කතාවට වත් යන්න බෑ බං..උං ලඟට ගියත් ගේමමයි ඉල්ලන්නෙ.අන්න ඒ කොටස ගැන මං කීවෙ.. ඔයවගෙ තැන් වලට අපි යන්නෙ මරාගන්නයැ ?? මල්ලිල මේ සින්දුව ගහපියව් කියල ෆිට් එකේ කිව්වොත් එලිවෙනක්ම් හරි අපි ගහනව.අපිත් ආසයිනෙ සි‍රෝ !! අපිත් වියදං කරං ආවෙ ඒකට මිසක් !

      Delete
    10. හරියට හරි ඒ ( දේවාල ) තුෂාර තමයි.. නාලක/චමින්ද ( පුල්ලයාර් ) ලා දැන් අච්චු.. තුෂාර දේව කරුණාවෙන් එංගලන්තේ ගිහින්. බැඳලා ඉන්නේ ඩොක්ටර් කෙනෙක්..තුෂාර ගැන මන් කිව්වේ මිනිහත් ලොකු ලයින් නැහැ.. ඕනේ දෙයක් ශේප් කරනවා. හිත හොඳ මනුස්සයා. මම නිතර ආව ගියා එතනට..

      Delete
    11. සහන් අයියා
      අප්පට බොල අපි උඹට සැලකුව මදිනෙ ලොක්කා... අපේ එකෙක්නෙ එහෙනම්.ඔය සෙට් එකේ හිටපු ඇපල් මැරුන .ගයාන් මැරුන WR 400 අයියගෙ හැප්පිලා.අපි මලගෙදර දවස් 3 ම..සහන් අයියෙ ඔය නාලකය මගෙ හොංදම හොංදම යාලුවෙක්. ඌ කෙල්ලෙක් එක්ක පැනල ගියා.. ඒකෙ බ්‍රෝකර් සපෝටර් පියන් සේරම මං බන්..හික් හික්. අන්තිමට කාමර‍යක් හොයල සේරම කරේ අපි.
      තුශාර අපිට වඩා ලොකු සෙට් එකේ..ස්ටේශන් වැගන් එහෙකුත් තිබ්බෙ.
      උඹ හොදයි කිවට පුල්ලෙයාරෙ වලි පප්පල බන් :-) නාලයට නම් පිස්සු.. හරිම හොඳ උන් අයියෙ.සිරාවටම.

      Delete
    12. ඒ ගයාන්ගේ අම්මා නර්ස් කෙනෙක්ද ..? කොහොමහරි නර්ස් කෙනෙක්ගේ පුතෙක්ට බයික් එකක් දුන්නා මතකයි.. අපෝ ඔව් පුල්ලයාර්ලා අපිට හොඳ උනාට ඉතින් බ්ලා බ්ලා බ්ලා .. ඒත් එහෙම නැතුවත් බැහැ නේද වෙච්චි ඒවගේ හැටියට..( ඒවා ගැන මෙතන ඕනේ නැහැ.. ) සිරි අන්කල් ( චමින්දගේ තාත්තා ) නම් හම්බෙනවා මට නිතර.. නිතර කිව්වට අවුරුද්දකට පාරක් වගේ .. කොහොමහරි තුෂාර කියන්නේ මන් ගොඩක් කැමති කෙනෙක්.. මොන තරම් ඉහළට ගියත් පොළොවේ පය ගහලා හිටියා..

      Delete
    13. උඹලා මොනවද බොලව් මෙතන මේ කියවන්නෙ....අපිටත් ඔය චරිත ටික හදුන්වලාම කයිය ගහපල්ලා...

      Delete
    14. සහන් අයියා .
      Tzr පොඩි එක පැද්දේ දුශාන්ත..උගෙ අම්ම න්‍ර්ස් තමා. ඒත් ඌ නෙමේ ගයාන්. ගයාන් ගෙ අයිය ජපන් ඉඳල එවපු එක හැප්පුනේ අයි‍යෙ..තුශාර ට වඩා අපේ ගනුදෙනු තිබ්බෙ
      නාලක පුල්ලෙයාරෙ දුශා එක්ක.ඔතන් ඉඳන් කි මී. භාගයක් වත් නෑ අපේ ගෙදරට...තුශාර ඒ කාලෙ ඕවට වැඩිය එන් නෑ ..ඌ වැදගත්.. නාලකගෙ බයික්කෙ තමා මං රඟන්න ගෙනියන්නේ :-):-) මගෙ වගේ..දන්නවනේ අපි ඔක්කොම සමන්තගෙ ගෝලයෝ :-) ..

      Delete
    15. අපි මේ කතා කරන අයගෙන් බහුතරයක් ජීවතුන් අතර නැහැ සිරා.. ඉන්න අයත් එහෙ මෙහෙ ඩිස් මිස් වෙලා ඉන්නේ.. මට පත්තරයව සෙට් උනේ තිලිණගේ ( ඩි සිල්වා ) බ්ලොග් එකේදී..ඒකත් මේ ජොයින්ට් සීන් එකක් කියන්න ගිහින්... මේවා එළිපිට කියන්න බැහැ බොලව්.. හම්බුණ දාක බලමු...

      Delete
    16. සිරෝ
      ඔය කට්ටිය ගැන කියන්න ගියොත් සහන්ටයි මටයි මිනිස්සුන්ගෙ මූනු බලන්න බැරි වෙනවා .ඔන්න සහන්ගෙන් අහගනින්කො .:-):-)
      එකක් විතරක් කියන්නං ඔන්න. නාලක ගෙ තාත්ත කියන්නෙ බෑන්ක් එකේ වැඩ කරන මනුස්සයෙක්.පොර බෑන්ක් එකෙන් ණයක් අරන් පුතාට රේසින් බයික් එකක් අ‍රන් දුන්න නාලක ඒක මාස 3 න් කුඩේ කුඩු කරපු පොරක් ඕං !! ආයෙ ණයක් අරං ආයෙ හැදුවා බං එව්ක .මරු තාත්තා !"

      Delete
    17. හරි‍යට හ‍රි ඔය සහන් අයියා කියල තියෙන්නේ උඩ සිරෝ.
      කට්ටියක් ජීවතුන් අතර නෑ.තව කට්‍යියක් හිරේ. ඩිස් මිස් වෙච්ච උන් රට රටවල් වල :-) හැබැයි නරක උන් නෙමෙයි.. ඒක වෙලාව මචං.. !!

      Delete
    18. ඉතිං බොලං මෙතන සිල්ලරට කොටන එකේ...බොගේ කෙටුවා නම් නරකද අතින් බණ්ඩි පෝර පාරක් ගහලා තව සරුවට....

      Delete
    19. එහෙමයි එහෙමයි සිරා..

      Delete
  16. ඔහොම්මම මිමුරෙන් උඩහට නකල්ස් පැත්තට ගියා නම් දිය ඇලි ඕනෑ තරං.......

    ReplyDelete
    Replies
    1. ඊළග වතාවක ඒ ගැන සළකා බලනවා...ලංකාවෙ ඉන්න කාලෙ ඉතින් එක ලග නිවාඩු දෙක තුනක් වැටුනොත් නොවැ ට්‍රිප් යන්නෙ...ඒ නිසාම දවස් දෙක තුන වැයවෙන ට්‍රිප් යන්න අවස්ථාව ලැබුනෙ හරිම අඩුවෙන්...

      Delete
  17. Machan patteta liyala thiyenawa.... hamadaama kiyapan... bella kadagena hari enawa kiyawanna.... ekata ara gon raja... u liyana ewa uta wadakuth na apita wadakuth na....

    ReplyDelete
    Replies
    1. Kiyapan nemei LIYAPAN.... sama wenda one

      Delete
    2. පරණ ගියපු ගමන් කීපයක් තියෙනවා...ඒ ගැන ඉඩ තියෙන වෙලාවට ලියන්නම්...අදහසට ස්තූතියි යාලුවා.

      Delete
  18. ane sira machan.digatama liyapan hode.uba issaraha kadeta paan genna giya eka hari kamak na.uba liyana ewa harima rasai ban.

    ube boga hamadaama kiyawana ekek..

    ReplyDelete
    Replies
    1. දැන් පාන් ගේන්න යන්නෙ නෑ බන්...තුන් වේලම බත් තමා පොකට් එකට වගේම හදාගන්නත් ලේසි නිසා...මොනවා වුනත් බොලා එක්ක බෙදාගත යුතු දෙයක් දැක්කොත් අනිවා ලියමි.

      Delete
  19. හරිම සුන්දරයි කියවද්දී.ඔය ගමන් ගිහිල්ල තියෙන අය කියවද්දී මතකයන් අවදි වෙලා පුදුම සතුටක් දැනෙනවා.
    නකල්ස් කදු වළල්ල පෙනී පෙනී තියෙන ගමක සතියක් පමණ නැවතිලා හිටිය ගමේ නම මතක නැහැ.
    උඹලගේ රෙද්දේ සංවේදී .හොරෙන් රාබිපු එක කොහොමත් වැරදියි.
    මුට්ටිය යටින් කියක් තිබ්බත් වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ එයාලා සල්ලි තිබ්බනේ ඒකෙ වරදක් නැහැ ,, :)

      Delete
    2. නකල්ස් කදු වලල්ලෙ තවත් තැනකට ආයෙමත් යන්න ආසයි...ඒ ප්‍රදේශයේ තියෙන සුන්දරත්වය කියලා වැඩක් නෑ...හරිම ලස්සනයි.

      මමත් පිළිගන්නවා අපි කරපු වැඩේ අන්තිම නරකයි කියලා. අර මනුස්සයා දැක්කෙ නැත්නම් සල්ලි දෙන්නෙත් නෑනෙ අපි...එයාව දැක්කම තමයි අපි කලේ පවු වැඩක් කියලා අපිට හිතුනෙ...සල්ලි වලින් හැම වැරැද්දක්ම වහන්න පුලුවන් ඇති..ඒත් හෘද සාක්ෂිය වද දෙන එක නම් නවත්තගන්න බෑ.

      Delete
  20. නොගිය තැනක් ගැන ලස්සන විස්තරයක් ආසාවෙන් කියෙවුවේ..

    ReplyDelete
    Replies
    1. ලංකාවට ආපු දවසක අර කෙලිත් අරගෙනම යන්න මෙහෙම ගමනක්...

      Delete
  21. උඹට ස්තූතියි! උඹගෙ කතාව කියවලා මාත් මී මුරේ ගියා වගේ සතුටක් දැනුනා.. :)

    මුලින්ම මී මුරේ යන්න චාන්ස් එකක් ආවෙ කැම්පස් යන කාලෙ... ඒ දවස් වල මට හොඳටම උණ හැදිලා, කෙලින් හිටගන්න පන නැහැ... යන්න එපා කියල ගෙදරින් වදේ නිසා නැවතුනා (හැබැයි ගියා නම් කොල්ල වල කජ්ජ ගහනවා, ඊට දවස් දෙකකට පස්සෙ, ඩෙංගු කියල මං ඉස්පිරිතාලෙ).. එච්චර තමයි, ඊට පස්සෙ යන්න චාන්ස් එකක් ආවෙ නැහැ...

    ReplyDelete
    Replies
    1. කාමරේට සාදරයෙන් පිළිගන්නවා අහවලා...

      අන්න ඒකයි සුදෝ කියන්නෙ අවස්ථාව ලැබුන ගමන් උදාකරනගන්න කියලා...මොකද ආයෙමත් එහෙම චෑන්ස් වදින්නෙ නැතිවෙන්න පුලුවන් නිසා...ආයෙමත් යන්න චෑන්ස් එකක් ගන්න..යාලුවො මිත්තරයො කීප දෙනෙකුට කියලා...

      Delete
  22. හොඳ ගමනක්...හොඳ සටහන් එකතුවක්...නියමයි සිරා.

    මයික්ට මගේ ලයික් දෙන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ මහත්මයා....මයික්ට මම එය දැන්ම ලබා දෙන්නම්..

      Delete
  23. උඹලගේ ගමනට මමත් කැමති මොකද මාත් කැලැ කොල්ලෙක් නිසා නමුත් මේ චාරිකාවේ මා අකමැති එක් තැනක් තියෙනවා ඒ තමයි කැලේ මැද්දැවේ බජව් දැමිල්ල ඇත්තටම වනගත පරිසරය තුල අපි සංචාරය කරනකොට පුලුවන් තරම් ඒ පරිසරයට සමීප වෙන්න ඔන මොකද අපි තමයි වනයේ අමුත්තො. මගේ කල්පනාවේ හැටියට ඔබ සැම වනයට ඇතුලු වෙලා නිහඬව වනයට හැහුම්කන් දුන්න නම් ඔයිට වැඩිය සුවයක් ලබන්න තිබුනා ආයි කැලැ ගත වෙනකොට ට්‍රයි කරල බලපන් . මගෙත් එක් වනගත චාරිකාවකදි ඔය ලකේගලට උඩින් ඔය දිසාවට ඇවිත් තියෙනව ජය

    ReplyDelete
    Replies
    1. රාජ් ගෙ කතාවට මාත් එකඟයි.

      Delete
    2. රාජ්& ප්‍රසන්න........සීයට සීයක් එකඟයි. තරුණ කාලේ ඔහොම කරා. පස්සේ තේරුම් ගත්තා.

      Delete
    3. ඔය රාජ් කියන්නෙත් කොංගෝ වාදනයට හොද දක්ෂයෙක්...අපි අම්පාරෙ පොත් බෙදන්න ගිය ගමනෙදි තමයි මෙයාගෙ වාදන හැකියාවන් හොදටම දැක්කෙ...

      මේ වගේ ගමනකදි ඉතිං කීප දෙනෙකු යනවනෙ...ඒ අයගෙ රුචිකත්වයන් විවිධයි නොවැ...ඉතිං පණු බේත් ටිකක් බිව්වට පස්සෙ සින්දුවක් දෙකක් හිතේ හැටියට කියන්න ඇත්තම කිව්වොත් මමත් කැමතියි...මොකද ටවුමෙ මැද්දෙ තියෙන රැස්ටුරන්ට් වලා සින්දු කියන එක තහනම් නොවැ...අන්න ඒ ආශාව තමයි ඉතිං ඔය එළියට එන්නෙ...ෂොට් එකක් නොදා හිටියා නම් නිහඩව ඇහුම් කන් දෙන්න ඉඩ තිබුනා කියලා මට හිතෙනවා...

      Delete
  24. //ඒ අයට හානියක්, කරදරයක් නැතුව //

    බෙර ගගහ සින්දු කියන එක කරදරයක් නෙමෙයිද

    ReplyDelete
    Replies
    1. උඹේ කටහඬින් සිංදු කියනකොටනම් කරදර ඇති තමා ...:D

      Delete
    2. අටමො
      සංගීතය විශ්ව භාශාවක්නෙ බං ..
      කැලේ මැද්දෙ ෆුල් බෑන්ඩ් ගහන්ඩැයි ?

      Delete
    3. අපි බොලං නියම සෘතිය අල්ලලා..ගැලපෙන පිච් එකේ තමයි සින්දු කිව්වෙ...වැඩේ කියන්නෙ බොලං ඒවා අහන්න ආපු සත්තුත් අපිට කිව්වා...බොහොම හොදා ඊළග වටයට තෝරනවා කියලා...

      Delete
    4. උබලව තෙරුවොත් ඉතින් සත්තු තමා මලය... පස්සෙ එන්නම් සියලු සිතුම් පැතුම් මගදි ඉටුවේවා..
      මම ඉන්දික

      Delete
  25. ස්තුති යි ඔබේ චාරිකා සටහන බෙදා ගත්තට. ආසාවෙන් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිලිනි...කියවන ඔබ වෙනුවෙන් ලිවීම මට මහත් සතුටක්...

      Delete
  26. නිවාඩුවක් ලද විගස යන්න ඕන...කැම්ප් ගසා තිබුනත් පින්තුර වලින් දැක්වෙන මනස්කාන්ත පරිසරය දැක්කම යන්නයි හිත..........

    අපිත් රා හොරෙන් බාන වැඩේ නම් කොරලා තියෙයි...

    ReplyDelete
    Replies
    1. ආචාර්ය තුමාව කාමරයට සාදරයෙන් පිළිගන්නවා...

      ඇත්තටම ඒ පරිසරයෙදි හිතට වගේම ගතටත් දැනෙන්නෙ පුදුමාකාර සහනයක්...ඒ ස්භාවික දර්ශන වල තියෙන සුන්දරත්වය වචනයෙන් විස්තර කරන්න බෑ...ලංකාව ඇත්තටම ගොඩාක් ලස්සන රටක්...

      රා බීලා බඩ ගිහිල්ලා නැද්ද ?

      Delete
    2. කෑමකට බඩ ගියත් වස විස නිසා එහෙම අවුල් නැ

      Delete
  27. පසුගිය කොටස් දෙකත් බලන්න ඕන. හරිම සුන්දර පැත්තක් නේද සිරා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම...ඔබ එහෙම මේ පැත්තට ගියා නම් අපිට බොහොම සුන්දර ඡායාරූප ටිකක් නරඹන්න ඉඩ තිබුනා...

      Delete
  28. ඇත්තටම සිරෝ මට ලැජ්ජයි.. මොකද කියනවනම් මම ලංකාවෙ ඉදලත්.... යන්න මහ දුරක නොවිලත්.... ඔය වගේ ලස්සන තැනක රැයක් ගත කරන්න යන්න වෙලාවක් නැති එක ගැන හෙනට දුක් වෙනව මචන්....

    මට වෙලාවකට හිතෙනව මම මොන කරුමයක් කරලද කියල...

    තවත් වෙලාවක හිතෙනව.. මම මේ ඉන්න ජීවිතේ හොදයි නෙ.... මුකුත්ම කරන්න බැරුව ඉන්න මිනිස්සු කොච්චරවත් ඉන්නවද??......

    උබ ලස්සනට ලියලත් තියෙනව....

    ReplyDelete
    Replies
    1. වෙලාවක උත්සාහ කරලා බලහං...මොකද කසාද බැදලා වගකීම් සහගත උනාට පස්සෙ හිතේ නිදහසක් ඇතුව මෙහෙම ගමනක් යන්න සමහර විටක බැරිවෙයි...ඒ නිසා තනිකඩ කාලෙ ඒ දේවල් කර ගත්තම හිතට දුකක් නෑ.

      Delete
  29. නියමයි සිරා. ආසාවෙන් කියෙව්වෙ මේ සටහන්. ඇත්තටම මටත් ගොඩක් කාලෙක ඉඳල මීමුරේ යන්න ආසාවක් තියෙනව කවද ඉටුවෙයිද දන්නෑ.
    ජීවන්තගෙ ගෝල‍යො දෙන්නගෙන් මේ ගමනට ගොඩක් උදව්වක් වෙන්න ඇති. ඒ වගේ ඕන දේකට ඔට්ටු කොල්ලො ඉන්නවනං ඕන දෙයක් කරන්න පුළුවං.

    ReplyDelete
    Replies
    1. ජීවන්තගෙ ගෝලයෝ දෙන්නා ගැන කියනවා නම්...ඕනෙ දේකට ඔට්ටු කොල්ලො දෙන්නෙක්...ඕනෑම දෙයක් කියන්න කලියෙන් කරනවා...අනිත් එක හරිම නිර්භීතයි...අර හැඩ පාර මැද අපිට එගොඩ වෙන්න පාලමක් හදපු එකම මදැයි...ප්‍රසන්න අයියටත් යාලුවො දෙතුන් දෙනෙක් එක්ක මී මුරේ වරුණ කියවලා මේ චාරිකාව යන්න ලැබේවා කියලා පතනවා...

      Delete
  30. මටනම් මේ පොස්ටු පුරාවට පෙන්නේ උඹලා කොච්චර කිව්වත් ගමනට හරියනම වාහනේ තමයි හම්බ වෙලා තියෙන්නේ ....ආයේ මක්කයි .. ! අර පත්තර මල්ලි කියපු ජාතියේ සීන් කොන් කීපයක් මටත් වෙලා තියෙනවා ඔහොම ගියාම.

    ReplyDelete
    Replies
    1. අරක්කු බීපු කාඩ්බෝඩ් චන්ඩි හැම ඇල්ලක් දොලපාරක් වැව් බන්ට් එකක් ගානෙ ඉවාන් අයියෙ..
      අහිංසක විදියට සින්දුවක් ගහද්දි ලඟට ඇවිත් .
      මල්ලි මේක ගහන්න
      ඔහොම නෙවේ මෙහෙම..
      ෆාස්ට් නම්බර් ගහපල්ල යකෝ ඕව සින්දුද ??
      දීපන් ඩෝලෙ අපි ගහන්න ..

      ඔන්න මූන දිහා බැලුවම

      මොනාද xxx බලන්නේ ? ගහන්ඩද ??
      සංසාරේ ටීක් බෝලේ .!!

      Delete
    2. කැබ් එකක වටිනාකම මටත් දැනුනෙ මේ ගමනෙදි තමයි...සුව පහසුව ගමනක් යන්න වගේම මේ වගේ චාරිකාවකදි අවශ්‍ය අඩුම කුඩුම ටිකත් පහසුවෙන් රැගෙන යන්න එයට හැකියි. රළු මාර්ග වලටත් හොදට ඔරොත්තු දෙනවා.

      පත්තර මල්ලි කිව්වා වගේම සිද්ධියක් ඊයෙ පෙරේදා මම ඉන්න රටෙත් උනා...සින්දු කියපු සෙට් එකක් ලගට ඔය වගේ තව සෙට් එකක් ලං වෙලා ගීත ඉල්ලීම් ඉදිරිපත් කලා. අන්තිමට එතන පොඩි අවුලක් ගිහින් සින්දු කියපු කොල්ලෙක්ගෙ ඔලුව පිටිපස්සට ක්‍රිකට් බැට් ප්‍රහාරයක් වැදුනා...අන්තිමට ගහපු එකත් අම්බානක කාලා රෝහල් ගත වුනා.

      Delete
    3. සිරා
      අපේ අයියල කොහෙ ගියත් එකම ප්‍රොසීඩියර් එක තමා..
      මං බොරු නෙමෙයිනෙ බං කිව්වෙ.පේනවනෙ ..
      මල්ලි මේකත් ගහපන් කියල කියන එක වෙනයි ලස්සනට ස්ටෙප් බයි ස්ටෙප් සිංදු ටික ගහගෙන් එද්දි මැද්දෙන් පැනල චාටර් කරන්න හොංද නෑනෙ බන්..කැතයිනෙ ඒක

      Delete
  31. සුමේධ ඇල්ල
    ජලය ඉතාමත් පිරිසිදුයි...මේ දර්ශන සජීවීව දැක ගන්න ඔබට කැමැත්තක් නැද්ද ?

    මුනා අහනවද මංදා ඉතිං..


    ඔය වගේ අත්දැකීමක් ලබන්න ඉතිං අපේ එක්කෙනා ලංකාවට සැපත් වෙනකම් ඉන්ට එපැයි..

    රා මුට්ටිය යටින් සල්ලි තියලා එන්න යනකොට අහු උනානම් කොහොමෙයි වැඩේ.... හික්ස්

    ReplyDelete
    Replies
    1. සුමේධ ඇල්ල ඇතුලුව මී මුරේ සුන්දරත්වය විදින දවස වැඩි ඈතක නොවෙන්න කියලයි මගේ ප්‍රාර්ථනාව...මහත්තයා ලගදි එනවද...කෝ එතකොට අපිට සෝජු...

      Delete
    2. ළඟදී නම් කොහෙද සිරා අයියේ .... ළඟදී කිය්න්නේ හිත් රවට්ටගන්න නෙව..තව අවුරුද්දක් ම තියේ....

      එතකොට ලංකාවේ උන්නොත් සෝජු සංග්‍රහයක් බුක්ති විඳින්ට බැරියැ

      Delete
  32. සුමේධ ගොයියා අවුරුදු උත්සව වලත් පොල් ගාලා තියෙනවා වගේ. ඉදගෙන ඉන්න ඉරියවුවෙන්ම කිවුවෑකි.
    අර අඹ තලලා දාලා පොල් සම්බෝලෙ ගැන කිවුවම කටට කෙළත් ආවා. එහෙම කාලාම නෑ. හෙට අනිත්දම හදලා කාලා බලන්න ඕන.
    මයික් ට අපිත් සුභ පැතුවා ඕන්.

    අර චාරිකාවත් ඉක්මනට ලියන්න.

    ReplyDelete
    Replies
    1. අඹ කෑලි හීනියට ලියලා තලන්න...ඊට පස්සෙ මිරිස් ටිකක් යහමින් දාලා හොදට අනාගන්න...ලුණු ටිකකුත් ඉහින්න..දැන් බලමු රස කොහොමද කියලා...

      මම මයික්ට කියන්නම්...ඉතිරි චාරිකා ගැන ඉඩ තියෙන පරිදි ලියන්නම් ප්‍රියා....

      Delete
  33. හප්පා කිතුල් රා...........යකඩෝ බඩ යනවා මෙහෙම අහිංසක මිනිස්සුන්ගේ ආසාවල් අවුස්සනවට. මමත් බීල නැහැ බොන්න ලොකු ආසාවක් තියෙනවා. කොහොම නමුත් මේ පාර වැකේෂන් එකේදී යන්න අදහසක් තියෙනවා මී මුරේ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම පලයන් මලේ...වැනට් එක අවුලක් නෑ...තෙලුත් වැඩ කරනවා නොවැ ඔය වාහනේ සුපිරියටම...කෑම්ප් ගහන්න වගේ යනවා නම් ගමේ කෙනෙක් එක්ක ඉස්සෙල්ලා කථා කරලා විස්තර අහගන්න...මොනවද තියෙන අවධානම් කියලා...

      Delete
  34. බොලා කූඩාරම් ගහල තියන තැන නං එච්චර හරි නෑ වගෙයි පේන්නෙ

    ReplyDelete
    Replies
    1. හරි නෑ නේන්නම්...අපි ගම වටේම ඇවිදලා තැනක් හොයාගන්න බැරුවයි මෙතනට සැට් වුනේ...ඒ වෙද්දි අදුර වැටෙන්නත් ලග නිසා සමතලා නැති ගල් ගොඩාක් තිබුන තැනක යන්තම් අටව ගත්තෙ...ඕකෙ එක පැත්තක යටට සමතලා කලු ගල් තලාවක් අහුවෙලා තිබුනා...ඒ හින්දම ගොඩ ගියා...මදුරුවෙක් වත් නෑ හැබැයි...

      Delete
  35. සමාජ විද්‍යාඥයො බොහොම උනන්දුවෙන් යන එන තැනක් තමයි මීමුරේ..මට නම් කවදාවත් යන්න ලැබිල නෑ තවම....සිරාගෙ රා කථාව මතක් වෙද්දි තමයි...මීටර් වුනේ අපේ බී.සී. ගජයො එක්ක හීන්දෙනියෙන් රා බීලා දවස් දෙක තුනක් බඩ ගිය හැටි...

    ReplyDelete
    Replies
    1. රා බීලා බඩ යන්නෙ රා පැහෙන්න කලියෙන් බිව්වම...එතකොට ඒවා පැහෙන්නෙ බඩ ඇතුලෙ නොවැ...බඩ යද්දි කොහොමද කොල්ලො සුගන්ධය...

      Delete
  36. කිතුල් රා ටිකක් බීව කාළයක් මතක නෑ... මෙහේ බොන්ඩ තියෙන්නෙම පොල් රා... ඒකත් කවලං කරපු රා... ඔරිජිනල් රා නෑ !

    ට්‍රිප් එක ගැන නං කියන්ඩ දෙයක් නෑ... සුපිරි !

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තෙ පොල් රා පවා දැන් නෑ...රා පෙරණ පළාත් වලත් දැන් තියෙන්නෙ කෘතිමව හදන එකක්...ඔය බෝතල් කරලා සමහර බාර් වලට එන්නෙත් අන්න ඒ කෘතිම වර්ගය...ඒක බිව්වම ඔලුව කකියනවා කියලා බීපු උන් මා එක්ක කියලා තියෙනවා.

      Delete
  37. කිතුල් රා බොහොම අගෙයි කියල මමත් අහල තියෙනව..සිරා ලොක්ක තව පින්තූර ටිකක් දැම්මනම් හොදයි කියල මට හිතෙනව..හොරා කාපු එකනම් වැරදි තමයි..ඒත් සල්ලි තියපු එකනම් හොද වැඩක් සිරෝ..අහිංසක මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. තව දාන්න මගේ ලග ෆොටෝ ඔච්චරයි තිබුනෙ බොලං...ජීවන්තයා ලග නම් තව ෆොටෝ තියෙන්න ඇති...ඒත් ඉතිං මම දැන් රට පැටවිලා නොවැ ඉන්නෙ....ඒ නිසා මගේ ඒවා වලින්ම යැපුනා...

      Delete
  38. ඊයේ කියෙවුවට අද තමයි කොමෙන්ට් කරන්න ආවේ ,ඔයාගේ ෆොටෝ ඇල්ලිල්ල නියමයි ,, ආසයි මටත් යන්න ඔය වගේ ට්‍රිප් එකක් ,,///ගිය සදුදා එහා මන්ඩියෙ කිතුලක් කපන්න ගිය කෙනෙක් ගහෙන් වැටිලා මලා...එහෙම උනාම සිරිතක් විදියට සතියක් යනතුරු කවුරුවත්ම ආයෙ කිතුලක් නගින්නෙ නෑ..කපලා තියෙන මල් වලින් මුට්ටි වලට එකතු වෙලා තියෙන තෙලිජ්ජ පැණි හදන්න ගන්නවා.//// ඒක අදමයි ඇහුවේ ,,ඔයාට ගස් නගින්න බැරිද අයියේ හි හි :)

    ReplyDelete
    Replies
    1. මගේ මලයා ඉතිං ඡායාරූප මාධ්‍යවේදියෙකු නොවැ...ගෙදර වෘත්තීය මට්ටමේ කැමරා තිබුනට ඉතිං මම ඒවා පාවිච්චි කරන පිළිවෙල දන්නෙ නෑ...ඒත් එයාගෙ ෆොටෝ දැකලා සමහර කෝණ ගැන මට දළ අවබෝධයක් තිබුනා...ඒ හින්දා ෆෝන් එකෙන් හරි ටිකක් වෙනස් විදියක ඡායාරූපයක් ගන්න තමයි මම හැමවෙලේම උත්සාහ කොලේ...

      තෙලිජ්ජ කියන්නෙ නගේ මුට්ටියෙ එකතු වෙලා තියෙන දියරය...මේක පැණි රහයි...ගොඩාක්ම මත් වෙන්නෙත් නෑ...මේ දියරය රා බවට පත්වෙන්නෙ ටිකක් වෙලා සුළං සමග දැවටුනාට පස්සෙ ඒ තුල වන වෙනස්කම් හින්දා...ඊටත් පස්සෙ රා කටේ තියන්න බැරි තරම් ඇඹුල් වගේම හරිම සැරකිනුත් යුක්ත වෙනවා...එතකොට කියන්නෙ විනාකිරි කියලා...විනාකිරි බොන්න බෑ නොවැ...ඒක රත් කරලා හින්දෙව්වම පැණි තමා ලැබෙන්නෙ...දැන් බොට වැටහුනාද ?

      මමත් ඉස්සර උස ගස් වලට නැගලා තියෙනවා...පොල් ගස් වලට පවා...වතාවක් තැඹිලි ගහක ඉදන් පොළවට කූරියා ගැහුවා...දැන් මට ඉස්සරහින් බඩ ගෙඩිය යන නිසා ගස් නගින්න අමාරුයි...

      Delete
  39. මෙයාල බීම්ල තියෙන්නෙ තෙලිජ්ජනෙ.. රා කොහෙද ගස් උඩ ?
    අර අමු අඹ දාල සම්බෝලයක් හදල බලන්න ඕනෙ... කටට කෙලත් උනනවා මතක්වෙනකොට..

    ReplyDelete
    Replies
    1. ඒක නොවැ...බිමට බාලා ටිකක් වෙලා ගියාම නොවැ රා ලැබෙන්නෙ...ඔය කිතුල් රා වලට වෙරි වුනොත් දවස් දෙක තුනක් යනකං බහින්නෙ නෑ කියලයි කියන්නෙ... වෙලාවක ටැස්ට් කොරලා බලන්න...අඹ කුඩා තීරු කපලා...හොදට තලලා ගන්න...

      Delete
  40. මරු ට්‍රිපක් නෙ? අපි ඔය තැන්වලට යන්න කැමති උනාට ඔවයෙ පදින්චි වෙන්න කැමති නැ නෙ.එවගෙ ඔය මිනිස්සුත් වෙගෙන් ඔය පරිසරයෙන් මිදෙනව.එක තමයි ස්වභාවය

    ReplyDelete
    Replies
    1. කොන්ක්‍රීට් වනාන්තරයෙ ඉදන් ඒ වගේ පළාතකට ගියාම ගතට වගේම හිතටත් දැනෙන සිසිලස කියලා වැඩක් නෑ...හැමදාම ඉන්න තියෙනවා නම් කියලා හිතෙනවා...ඒත් නගරෙදි අත් විදින පහසුකම් හා රැකියාව මතක් වුනාම ඉතිං එන්න හිතෙනවා...

      Delete
  41. කොටස් දෙකම එක පාර කියෙව්වා ,යන්න නම් ආස හිතෙනවා බං..කුඩල්ලෝ තමයි අවුල ...

    ReplyDelete
    Replies
    1. අපි මේ කදවුරු ගත වෙච්ච හරියෙ කූඩැල්ලො නෑ...සුළුදිය පහ කොරන්න ගිය තැන තමයි ඉදලා තියෙන්නෙ...

      Delete
  42. මම කලිනුත් කිව්වනේ ඔය වගේ කැලා ගමන් හොදට විදපු එකෙක් තමයි මම.... හැබැයි මි මුරේනම් ගිහිල්ලා නෑ ....
    එත් හුන්නස්ගිරිය කදු මුදුනේ එක සැරයක් නයිටක් දාන්න ගිහින් පාර වැරදිලා අදටත් නම නොදන්නා වෙන කන්දක් උඩ තමයි නයිට දාලා ආවේ....
    ඒ ගමනට අපිට පුර්ණ අනුග්‍රහය දැක්වුයේ කොකා කොලා එකෙන් හි. හි. හි.
    එහෙම කියන්නේ ගමන යන්න පිටත් වෙනකොටම කට්ටිය අර කඩදාසි කෝප්ප වලට කොකා කොලා දාලා දෙන තැනකින් කෝප්ප ටික අරගෙන රැ නැටුම් තෙල් බිව්වෙත් ඒවා වල
    උදෙ කඩයකින් උනුවතුර එකට අරගෙන මැගී නුඩ්ල්ස් හදා ගත්තෙත් ඒ කෝප්පේ ...
    එලගට හොද වතුර පාරක් ලග සරිරකෘතය කරලා හෝදන්න වතුර ගත්තෙත් ඔය කෝප්ප වලටම තමයි ......

    ReplyDelete
    Replies
    1. දවල්ට බත් කාල වතුර බිව්වෙත් ඒ කෝප්පෙංමද? :D

      Delete
    2. අඩේ ඇත්ත නේන්නම් කොකා කෝලා වලින් තමයි ගමනට අනුග්‍රහය. මටත් අහන්න තියෙන්නෙ ප්‍රසන්න අයියා ඇහුව ප්‍රශ්නෙමයි...දවල්ට කාලා බිව්ව වතුර වෙනදට වඩා රසද ? මේ වගේ ගමනකට නැටුම් තෙල් ටිකක් නැත්තං නිකං මොකක්ද මොකක්ද වගේ නේද...

      Delete
    3. හොද වෙලාවට දවල්ට කන්න ගෙදර ආවා

      Delete
  43. අර උදේ පාන්දරම..රතුපාටයි,සුදුපාටයි පැකට් එකේ මොනාදබං...?:)))

    සිරා දැන් පරිනත වෙලා ලිවිල්ල නම් සුපිරියි.

    අර හෙල්මලු ටිකදැක්කම ආසාවෙ බෑ බං..!

    ReplyDelete
    Replies
    1. සුදු රතු පැකට් වල තියෙන ඒවා ඉතිං මම නම් පාවිච්චියක් නෑ...එතන කීප දෙනෙකු හිටියා ඒවා පාවිච්චි කොරන...

      අදහසට ස්තූතියි වීයා...උඹ ඉතිං මගෙ බොක්කක් නොවැ...මේ කියන්නෙ අවංකවම කියන එක මම දන්නවා...හුග කාලෙකින් පෝස්ටුවක් ලියපු නැති එකේ මකුලු දැල් කඩලා එකක් ලියහං...දරුවන් නලවද්දි ඇතිවෙන හැගීම් ගැන හරි ලියහං....බොට ජයම වේවා !

      Delete
  44. බොහොම අගෙයි සිරා.. අර සුමේධ ඇල්ල නම් පට්ට ගති වගේ... උඹලා කිතුල් රා සම්බන්ධයෙන් කරලා තියන වැඩේ වැරදියි, පස්සේ සල්ලි තිබ්බත්. හැබැයි තමන්ගේ වැරද්ද තේරුම් ගත්ත එකත් වටිනවා... ඒ වගේම මේක කියවපු එකෙක්, ආයෙත් ට්‍රිප් එකක් ගියාම ඒ වගේ වැඩක් කරන්න කලින් දෙපාරක් හිතාවි කියලා හිතනවා...

    අවුරුදු කීපයක් නුවර අනුරාධපුරේ බඩගාපු කාලේ මේ ලකේගල නිතරම දැක්කා... නමුත් කවදාවත් ඒ පැත්තට ගිහින් නැහැ... ලංකාවට ආපු කාලෙක යන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපිත් සෑහෙන්න පසුතැවිලි උනා ඒ වැඩේ ගැන නම්...ඒ අයගෙ ජීවන සටන ගෙනියන්න විදින දුක දැක්කම ඒ වැඩේ බොහොම වැරදි වැඩක්...මේ කථාවෙන් හරි කෙනෙක් ඒ බව තේරුම් ගන්නවා නම් බොහොම සතුටක්....සමහර තැන් වල හොරෙන් රා බොන උන්ගෙන් කිතුල බේරා ගන්න උගුල් අටවපු අවස්ථාත් තියෙනවලු...

      Delete
    2. අපොයි ඔව් සිරා.......රා කළයට වහ දාපු අවස්ථා අහලා තියෙනවා හොරෙන් බොන එකට පලිගන්න.

      Delete
  45. මේක කියෙව්වම මතක් වුණේ සීතල පලාතකට ගිය ගමනක්. හිරිකටුඔය ගැන කවුරුත් අහලා තියෙනවද ? අන්න එතන ගත කරපු දවස් දෙක ගැනත් ඉදිරියේදී ලියන්න මතක් වුණා මේ පොස්ට් එක නිසා. සිරා මලේ මටත් ආසයි මේ පැත්තේ යන්න. මේවයේ රස දැන්නේනේ ගිය එවුවන්ටම තමා.

    ReplyDelete
    Replies
    1. කවදාවත් අහලා නැති නමක්...ඉතින් කියන්නකො බලන්න එහි තියෙන විශේෂතා වගේම සුන්දරත්වය ගැනත්...මාර්ග විස්තරයත් අමතක නොකර දාන්න....වෙලාවක බැංකුවෙ සැට් එකත් එක්ක කැලෑවෙ රැය පහන් කරලා බලන්න...

      Delete
  46. ට්‍රිප් ගියපු අය පොස්ට් ලියනව නොසෑහෙන්න.... ඒත් මේ තරම් රසවත්ව ලියන්න පුලුවන් සිරා අයියණ්ඩිට විතරයි.. බොහොම සංයමයෙන් අලංකාරවත්ව ලියනවා.. පරක්කු උනාට සොරි.. කලින් වතාවෙ ආවට කියවලම කමෙන්ට් කරනව කියල ගියා.. ඔන්න අද තමයි කියෙව්වෙ..

    ReplyDelete
    Replies
    1. මම හිතුවා සමියා මේ දවස් වල ගෙට්ටුවෙ වැඩ එක්ක කාර්යබහුල වෙලා ඇති කියලා...වැඩේ ලස්සනට කරන්න ලැබේවි...අවශ්‍ය යමක් තිබුනොත් මූණු පොතෙන් අහන්න...ජය !

      Delete
  47. නියම චාරිකාව කියල වැඩක් නෑ සුපුරි.. මම මීමුරේ දැක්කේ සෝමරත්න දියානායකගේ චිත්‍රපටයෙන් එහි තිබුණ රූපරාමු වගේම මේ පිංතූර ටිකත් ඒ දසුන්වල අගය තහවුරු කළා..

    කොහොම හරි කුතුලක් හමුබ වෙලා එහෙනම්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දයානන්ද අයියා...ඒ චිත්තර පටිය විකාශය වෙච්ච අලුතම වගේ ගියානම් අපි දැක්කට වඩා ගැමි ගතියක් දකින්න හැකි වෙන්න ඉඩ තිබුනා කියලයි මට හිතෙන්නෙ....

      Delete
  48. අපිත් යන්න ඉන්නේ.බොන්න තහනම්ද

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...