Sunday, November 24, 2013

183 රංජිත් අයියා සහ තේ පෙට්ටිය

විමලාවතී යනු අපේ ජෑස් කොල්ලාගේ බිරිදයි. ජෑස් කොල්ලා ගැන කියවූ අයට ඇය අමතක වන්නට ඉඩක් නැත. එසේත් නැත්නම් කසිප්පු කලුවාගේ නිවසට ගිය සිදුවීම සමගද මේ තැනැත්තිය කරළියට ආවාය. මේ කියන්නට යන තේ පෙට්ටිය ඇගේය. එය ඔබ හිතනා තේ පෙට්ටියට මදක් වෙනස්ය.

මා 3 වසර පන්තියේ පමණ ඉගෙන ගන්නා සන්දියේ පියාණන් සිටියේ විදේශගතවය. එකල මගේ මලයා පෙර පාසල් යන කුඩා එකෙකි. මලයාගේ පෙර පාසල මගේ කුඩා පාසලට යාබදව පිහිටා තිබුනෙහිය. දහවල් 12 ට එහි නිමාව සටහන් වුවත් මගේ පාසල නිමා වූයේ දහවල් 1.30 ටය. අද මෙන් තුන් රෝද රථ සුලභ නොවූ ඒ කාලයේ  ඒ ආශ්‍රිත පාසල් සේවයන්ද නොවූයෙන් සවස් වරුවේ අප දෙදෙනා නිවසට ගෙන යාමට මෑණියන්ට දෙවරක් ඒ සදහා පාසලට පැමිණෙන්නට සිදු වූවාය.

මේ වෑයම දෙස අනුකම්පා දෑසින් බලා සිටි එකල මගේ පන්තිය බාරව සිටි ගුරුපියා, මලයාගේ පෙර පාසල නිමා වූ පසු ඔහුට මගේ පන්තියට පැමිණෙන ලෙසත්, පාසල අවසානයේ දෙදෙනාම එක වර රැගෙන යන ලෙසත් මෑණියන් හට දැන්වූයෙන් එතැන් සිට ඇගේ කටයුතු පහසු විය.

කුඩා කල ඉතාම හුරුබුහුටි එකෙකු වූ මගේ මලයා නොබෝ දිනකින්ම අපේ පන්තියේ වූ මගේ වයසේ කොල්ලන් කෙල්ලන් සියල්ලන්ගේම හුරතලයට පාත්‍ර වූවෙහිය. විවේකයේදී අනුභව කරන්නට ගෙන එන බිස්කට්ටුවක් දෙකක් හෝ පාන් කැබැල්ලක් අපේ එකාට දෙන්නට ඉතිරි කර ගන්නට තරම් ඇතැම් උන් මද කාලයකින්ම ඔහුට ලෙංගතු විය. දාංගලය බෙහෙවින් අඩු හෙතෙම පන්තියේ ගුරුවරයෙකු පාඩම් කියා දෙන විට කුඩා පුටුවකට බර වී ඒ දෙස යොමාගත් දෑසින් බලා සිටියේය. දවස අවසානයේ අප දෙදෙනාටම එතැන් සිට එකටම වාගේ නිවෙස බලා යා හැකි විය.

මධ්‍යම තත්වයේ ආර්ථික තත්වයකට අපේ කුටුම්භය එකල හිමිකම් කිව්වද එය සම්පූර්ණයෙන්ම තාත්තා උපයන මුදලක් මත පදනම් වූයෙන් වෛවාරණ විදුලි උපකරණ අපේ නිවසේ සුලභ නොවීය. තාත්තාගේ අම්මාට හෙවත් මගේ මිත්තනියට බණ අසන්නට සාලයේ කුඩා රේඩියෝවක් වූ නමුදු අප නිවසේ රූප පෙට්ටියක් තිබුනේ නැත. වර්තමානයේ නම් රූප පෙට්ටියක් නොමැති නිවසක් සොයාගත නොහැකි වුවත් එකල අප ගම් පියසේ රූපවාහිනියක් තිබුනේ එහෙමත් තැනකය. ඇතැම් උන් ඒවා නරඹන්නට...විශේෂයෙන් එකල ඉතාමත්ම ජනප්‍රියව පැවති කෝපිකඩේ නරඹන්නට ඒ තැන් කරා ගියත් ඇතැම් විටෙක නිවෙස් හිමිකරුවන්ගේ රැවුම් ගෙරවුම් හේතුවෙන් ඒ උත්සාහයන්ට මද කලෙකින්ම තිත තැබිනි.

දවසේ නිමාව සටහන් කරමින් අදුර වැටෙන විට ටින් බෙලෙක්කයක් සොයාගෙන එයට ගසමින් මහ හඩින් ගීත ගායනා කිරීමේ පුරුද්දක් එකල මා සතු විය. විටෙක මගේ මලයාද මේ කාරියට දායක වුවත් එය සැමදාම සිදු නොවූවකි.

මගේ ගීතයන් අසා එහි හොද නරක වර්ණනා කරන්නට එකතු වූවෝ ජෑස් කොල්ලා සමග විමලාවතී යුවල වූහ. ගීතය නැගලා යන විටෙක අපේ නිවසට පැමිණ මිත්තනිය සමග කථා බහකට වැටීම මේ කියන ජෑස් කොල්ලාගේ දින චරියාවේ අංගයකි. රාත්‍රී බත් පත සූජානම් වන තුරුම මේ කථා බව පැවති බවයි මට මතක.

අරුමෝසම් උපකරණ නිවෙස් තුල හිග වූ මේ කියන කාල වකවානුව සැබැවින්ම සුන්දර කාල පරිජේදයකි. අසල්වැසියන් බොහෝ දෙනෙකු නිදා ගන්නා වේලාව උදා වන තුරුම අල්ලාප සල්ලාපයේ යෙදීම එකල ගමේ එකමුතු කම මෙන්ම සමගියටද බෙහෙවින් ඉවහල් විය. අද අප පාවිච්චි කරන ඇතැම් නවීන පහසුකම් මිනිසුන්ගේ වූ ඒ බැදියාව නැති කර ඔවුන් අතර පරතරයක් ඇති කිරීමට දායක වූ ඒවා යැයි විටෙක මට සිතේ.

අපේ ජෑස් කොල්ලාට සහ විමලාවතී යුවලට දරුවන් සිටියේ නැත. ඒ නිසාම ඔවුන් කුඩා අප කෙරේ වැඩි වැඩියෙන් සෙනෙහස දැක්වූවා වන්නටත් පුලුවන. විමලාවතී උන්දැගෙ පැත්තෙන් ඉතා ලග ඥාතීත්වයක් තිබූ රංජිත් අයියාට ඔවුන්ගේ නිවෙස පසු කලෙක ලියා පැවරීමට මේ යුවල කල්පනා කර තිබූයෙන් හමුදාවේ සේවයෙන් නිවාඩු ලැබ පැමිණෙන සෑම විටෙකම හෙතෙම අපේ ඉසව්වට පැමිණීම වැරදුනේ නැත.

සරමකින් හා කමිසයකින් නිතර සැරසී සිටි රංජිත් අයියා තරමක් කලු පැහැති සිරුරකින් හෙබි දේහදාරී නිවුනු ගති පැවතුම් තිබූ පුද්ගලයෙකි. යුද්ධය බොහෝ දරුණුවට ඇවිලී තිබූ එසමයෙහි අපේ වැඩි හිටියෝ ඔහුගෙන් ඒ පිළිබද විවිධ තොරතුරු විමසූ බැව් මට මතකය. සාමාන්‍යයෙන් යුද්ධය පිළිබද කිසිවක් නොකියන රංජිත් අයියා එවන් අවස්ථාවක පමණක් කුමක් හෝ දොඩයි.

ගම පුරාම කුඩා අප සමග ඇවිදින්නට යාමත්, අපේ අසල්වාසියකුගේ වත්තේ පිහිටි අති විශාල දිවුල් ගසේ ඉදුනු ගෙඩි අහුලන්නට යාමත්, සරුංගල් අරින්නට වෙල් ඉස්මත්තට පිවිසීමත් නිවාඩු ලැබ පැමිණි විටෙක ඔහුගේ රාජකාරීන්  අතරට එක් වෙයි. අපගේ වැඩිමහලු සොහොයුරෙකු මෙන් අපත් සමග සිටි රංජිත් අයියා පසු කලෙක ඉතාමත් අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණ දුන්නේය. ඒ ගැන ලිපිය අග සටහනක් තබමි.

දිනක් ලිපියක් අතැතිව අපේ නිවසට පැමිණි විමලාවතී නැන්දා එය කියවන්නට මා හට ලබා දුන්නාය. ඒ ලිපිය පෙර කිව් රංජිත් අයියාගෙනි. ලබන සතියේ නිවාඩු පැමිණෙන බවත් ඒ එන විට අගල් 14 වර්ණ රූපවාහිනියක් ගෙන එන බවත් එහි සටහන් වී තිබිනි. මෙය කියවා මමත් මලයාත් ප්‍රීතියෙන් පිනා ගියෙමු. ජෑස් කොල්ලාගේ  නිවෙසට රූපවාහිනියක් පැමිණෙනවා යනු අපේ නිවසට එකක් ගෙන එනවාට සමාන සිදුවීමකි. ඒ අප නිවෙස් දෙක අතර තිබූ සමීප සබදතාවත් ඥාතීත්වයත් නිසාවෙනි.

ඉස්කෝලෙ පන්ති කාමරයේදී  අප්පුවාගේ හා ඩිංගි මහත්තයාගේ කෙරුවාවල් ගැන කියවමින් සිනා හඩ නගන මගේ මිත්තරයන් දෙස අයාගත් දෑසින් බලා සිටි මට ඒ චරිත ඇස් පනා පිට දකින්නට දැන් ඉතින් වරම් ලැබී තිබේ.

රංජිත් අයියා එක් උදේ වරුවක ජෑස් කොල්ලාගේ නිවෙසට සැපත් විය. දෑතින්ම ඔසවා ගෙන පැමිණි කාඩ්බෝඩ් පෙට්ටියේ NEC යනුවෙන් සටහන් වී තිබූ අතර රූපවාහිනියක පින්තූරයක්ද එහි මුද්‍රණය කර තිබිනි. ගමන් විඩාව හරින්නට හෝ නොසිට එහි එකලස් කිරීම් කර නැවතත් ඔහු පිටව ගියේ ඇන්ටනාව සවි කිරීමට යකඩ බටයක් ගෙන එන්නටය. කෙසේ හෝ හැන්දෑ කොරේ වන විට රූප පෙට්ටියේ කටයුතු අවසන් වූයෙන් එහි අභිමංගල දර්ශනය නරඹන්නට එහි නිවැසියෝ අප හටද ආරාධනා කලෙන් අපිද එහි ගියෙමු. නැතහොත් මිටින් හල කුරුල්ලන් මෙන් ඉගිල ගියෙමු.

තේ පෙට්ටියෙ හැඩය මේ වගේ


රූප පෙට්ටියේ චලනය වන රූප මට අලුත් අත්දැකීමක් නොවේය. අපේ කිරි අම්මාගේ ගම්පහ නිවසේදී කලු සුදු රූප පෙට්ටියකින් මේවා කලින් දැක ඇතත් වර්ණ රූපවාහිනියක් නැරඹීම නම්  අලුත් අත්දැකීමකි. කලුසුදු රූපවාහිනී බහුලව තිබූ සමයක වර්ණ රූපවාහිනියක් තිබුනේද අතරින් පතර නිවෙසකය.

එදායින් ආරම්භ වූ මේ රූප කෙළිය සෑම දිනෙකම නරඹන තැනට වැඩකටයුතු සිදුවීමට වැඩි කාලයක් ගියේ නැත. විමලාවතී නැන්දා රූපවාහිනිය ක්‍රියාත්මක කිරීමට අප එනතුරු මග බලා සිටියෙන් එය ක්‍රියාත්මක වන මුල් අවස්ථාවේ සිටම සියලු දර්ශන අපට නැරඹීමට ලැබුනි.

රූප පෙට්ටියේ  පාලනය සිදුකලේ ඇය පමණි. ස්වාධීන රූපවාහිනියේ එකල විකාශය වූ මධුරසාංග වැඩසටහනත් එහි නිතරම පාහේ විකාශය වූ ඇම්. ඇස් ප්‍රනාන්දු ගායකයා ඔහුටම ආවේණික ශෛලියකින් නටමින් ඉදිරිපත් කල ගීතත් මේ මහලු යුවලට වඩාත් ගෝචර විය.

නොබෝ දිනකින්ම තවත් අසල් වැසි නිවෙසක පිරිසක් මේ රූප පෙට්ටිය නරඹන්නට ආයෙන් දැන් කිසිදු පාලුවක් නැත. ඔවුන් එහි හැමදාම පැමිණියේ නැති වුවත් රාත්තිරියේ සිංහල චිත්‍රපටයක් පෙන්වන දවසක නම් නොවැරදීම ආවෝය. මධ්‍යම රාත්‍රිය වන තුරා විකාශය වන සිංහල චිත්‍රපටයක් අතර තුර උණුසුම් තේ කෝප්පයකින් සංග්‍රහ ලැබීමට තරම් අපි  භාග්‍යවන්තයෝ වූවෙමු.

බොහෝවිට මගේ මෑණියන් සහ විමලාවතී උන්දෑ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් රූපවාහිනිය නැරඹීම සිරිත් ලෙස සිදු වන්නකි. හැන්දෑව උදාවෙත්ම කණ මදයා මෙන් ගිණිවතුරින් රත් වී, රාත්‍රී ආහාරයෙන් පසු පෙරේතයා පොළවේ ගැසුවාක් මෙන් දපනෙ වැටෙනා ජෑස් කොල්ලා රූපවාහිනිය නැරඹුවේ එහෙමත් දිනෙකය. මමත් මලයාත් හැන්දෑවේ කාටුන් නරඹන්නට පටන් ගත්තේ මවගේ නියමය පරිදි පාසලේ සියලුම අභ්‍යාස විසදූ පසුවය. අහවල් කාටූනය බලන්නට රූපවාහිනිය ක්‍රියාත්මක කරන ලෙස අප ඉල්ලීම් ඉදිරිපත් කල විටෙක විමලාවතී නැන්දා ගෙදර වැඩ කලාදැයි අම්මාගෙන් සැකහැර දැනගෙන මිස එය ක්‍රියාත්මක කලේ නැත.

වැසි සමය ඇරඹීම මට මෙන්ම මලයාටද අහිතකර ලෙස බල පෑවේය. විදුලි කොටනා කලෙක කුඩා දරුවකු මෙන් රෙදිකැබල්ලකින් වසා රූප පෙට්ටිය ආරක්ෂා කල විමලාවතී නැන්දා කිසිදු කලෙක එය ක්‍රියාත්මක නොකලාය. එවන් සමයක හොද කාලගුණ තත්වයක් යටතේ  හදිසියේ රූපවාහිනිය ක්‍රියාත්මක කලද එක්වරම දකිනා විදුලි කෙටීමකින් පසු නිවෙසින් එළියට අවුත් අහස දෙස කට ඇර බලා සිට නැවතත් විදුලියක් කෙටූ විගසම රූපවාහිනිය විවේක ගැන්වීමට ඇය රිසි වූවාය.

එවන් විටෙක විකාශය වෙමින් පැවති වැඩසහනෙන් ඇස් ඉවතට ගන්නට මැලී වූ කලෙක මමත් මලයාත් නොයෙක් ඉල්ලීම් ඉදිරිපත් කලත් ඒවා ගගට කැපූ ඉනි මෙන් පාවෙන්නේ අපේ සිත් සතන් තුලින් මතුවන සියුම් කෝපයක්ද සමගය.

මා නිහඩව සිටියද මගේ මලයාට මේ සිදුවීම ඉවසුම් නැත. අනේ විමලො වහගනින් උඹේ තේ පෙට්ටිය...අපි නම් ආයෙ ඕක බලන්න එන්නෙ නෑ යනුවෙන් ඒකා හැඩීමද නිතර සිදු වූවකි. එවන් විටෙක මලයාගේ කෝපය තවත් අවුලුවා සිනා සීම අපේ සතුට විය. මෙසේ හඩ ගෑවද ඊලග දිනයේ කිසිත් නොවූ අයුරින් රූපවාහිනිය නැරඹීමට පැමිණීමට ඔහු ක්‍රියා කලේ කිසිම සිදුවීමක් මතක නැති අයුරිනි.

රූපවාහිනියට ලැබුනු අලුත් නාමය වූ තේ පෙට්ටිය යන්න ඒ සිදුවීමේ සිට දිගටම භාවිතා විය. එහි හිමිකරුවෝද එයට උරන නොවූහ. එය පසුකලෙක නිකංම නිකං තේ පෙට්ටිය නොව විමලාගේ තේ පෙට්ටිය යනුවෙන් මොඩ් විය. පොඩි පොදයක් ගියත් විමලා තේ පෙට්ටිය රෙද්දේ ඔතයි. වැස්සක් නැතත් එළියට වී තරු කඩන් වැටෙනවාදෝයි  බලා සිටි ඇයට කොහේ හෝ එළියක් විදුලියක් මෙන් පෙනෙයි. විදුලියක් කෙටූවකැයි සිතා තේ පෙට්ටියට විරාමයක් දීමට සිතයි. මේ හේතුවෙන් අපේ මලයා තේ පෙට්ටියට සහ එහි ක්‍රියාකාරිණියට දොස් තැබීමත්...එය අසා හිත උණුවන ජෑස් කොල්ලා ඇඹේනිය සමග පැටලීමත් ඇතැම් දිනෙක සිදුවූ සිදුවීම්ය.

එහෙත් මා හට මතක ඇති පරිදි මහ වැස්සේ අකුණු ගැසීම් මැද වුවද තේ පෙට්ටිය නැරඹූ දිනයක් ඇත. ඒ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා මරාගෙන මැරෙන බෝම්බයකට හසුව මිය ගිය දින රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නැරඹූ අවස්ථාවයි. රටේ නායකයා ඝාතනය වූ සිදුවීම නරඹා තේ පෙට්ටියට කෙළවුනත් කම් නැතැයි එදා නම් ඇයට සිතෙන්නට ඇත.

කාලයේ ඇවෑමෙන් විදේශගතව සිටි පියාණන් දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක කල හැකි නවීනතම පන්නයේ විශාල රූපවාහිනියක්ද සමගින් සිය රට පැමිණි පසු තේ පෙට්ටිය නැරඹීම අපෙන් බැහැර විය. එහෙත් අපේ රූපවාහිනිය නැරඹීමට ඒ දෙපලට කල ආරාධනාව ඔවුන් පිළිගත්තේද නැත. අපිට අපේ තේ පෙට්ටිය හොදයි. විමලාවතී නැන්දා එසේ කීවා මතකය.


පසු සටහන

රූපවාහිනිය ගෙන ආ රංජිත් අයියා අවසන් වර නිවාඩු පැමිණ යන විටෙක අපේ වැඩිහිටියන් හා විහිලුවට මෙන් කියා තිබුනේ ඊළග වර නිවාඩු එන්නට ජීවතුන් අතර හිදීවි යැයි විශ්වාසයක් නොමැති බවකි. යුද්ධය එතරම් දරුණු ලෙස ඇවිලී ඇති බවක්ද ඔහු කියා ඇත්තේය. විවාහ වන්නට නියමිතව තිබූ හෙතෙම ඒ වෙද්දී සියලු කටයුතු සූදානම් කර ආරාධනා පත්‍ර පවා බෙදා අවසන්ව තිබිනි. කොටින්ම මංගල ඇදුම පවා මසා තිබිනි. මට මතක විදියට රංජිත් අයියාගේ අත ගන්නට නියමිතව තිබුනේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ තරුණියකි. මංගල උත්සවය උදෙසා නිවාඩු ලැබ කදවුරෙහි වූ ට්‍රක් රථයක නැගී බස් නැවතුම කරා එන විටෙක කොටි ත්‍රස්තයින් ට්‍රක් රථය වට කර තැබූ වෙඩි වරුසාවකට අන් සෙබලුන් සමගින් ගොදුරු වූ රංජිත් අයියා එදායින් පසු අපිත් සමග දිවුල් ඇහිදින්නට, සරුංගල් යවන්නට ආයෙත් ආවේ නැත. දහවල් වරුවක මහා හඩින් විලාප තියමින් හැඩූ විමලාවතී නැන්දා මේ දුක්බර පුවත අපට සැළ කලාය.

ඔහුගේ අවසන් කටයුතු සිදුවූ දින කිරිදිවැල මිල්ලතේ පිහිටි නිවෙසට කුඩා මමද ගියෙමි. මගේ ළමා මනස කැළඹු එවන් අවමංගල උත්සවයක් මට තවත් මතක නැත. රංජිත් අයියා සාලය මැද වූ මිනී පෙට්ටියක හමුදා ඇදුමින් සැරසී නිදා සිටියේය. මියයන අවස්ථාව වන විට යුධ හමුදාවේ කෝප්‍රල් නිලයේ සිටි රංජිත් අයියාගේ අවමගුල් පෙරහැරේ යුධ හමුදා තූර්යවාදක ඛණ්ඩායමක් වාදනය කල ශෝඛී සංගීත රාවය මට තවමත් ඇසෙන්නා වාගේය. ඔහුගේ අත ගන්නට සිටි තැනැත්තියද අව සිහියෙන් මෙන් සිටි අතර එතැනින් පසු සියලුම දානමය පුණ්‍ය කර්ම සදහා බණ්ඩාරවෙලින් එළවළුද එව්වාය. ජීවිතය තිබෙන තුරා තනිකඩව වෙසෙන්නටද ඇය තීරණය කර තිබුනාය.

ජෑස් කොල්ලාගේ හදිසි අභාවයෙන් පසු තනි වූ විමලාවතී නැන්දා පසුකලෙක සියලුම දේපල ගමේ අයෙකුට අඩු මුදලකට විකුණා සිය උපන් ගම වූ කිරිදිවැල බලා ගියාය. අද වන විටත් ඇය ජීවතුන් අතර සිටිනවා වන්නටත් පුලුවන.

දැන් දැන් අසන දකින දෑ අනුව රංජිත් අයියලා වැනි දහස් ගණනක් රණවිරුවන් කලා වූ කැප කිරීම් තවත් මද කාලයකට පසු අපේ රටට අමතකව යනු ඇත. එහෙත් ඔවුන් හෙලූ රුධිරයෙන් සාරවත් වූ ඒ බිමේ අලංකාර පුෂ්පයන් සුපිපී නිදහසේ මදනලින් ඒ මේ අත  වැනෙනු ඇත. මව්බිම බේරා ගනු රිසියෙන් එඩිතරව සටන් වැද මිය ගිය මේ රණවිරු කැළ ඒ පුෂ්පයන් අතරේ කෙළි දෙලෙන් දුවනා කුඩා දරු දැරියන්ව නැවතත් මේ බිම උපදින්නෝ වන්නාහ.


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.











183 comments:

  1. මම මේ කමෙන්ට් එකම මීට කලිනුත් වෙන තැනක දැම්මා සිරෝ.

    තව අවුරුදු දහයකට පසු බස් හෝල්ට් එකක ඉන්නා කොල්ලෝ දෙන්නෙක් අතර දෙබසක්

    ඒයි...මොකක්ද බං මේ ආමි එකේ පොරක් සිහිවෙන්න බස් හෝල්ට් එකක් හදලා තියෙන්නේ.

    ඇයි උඹ දන්නේ නැද්ද. ඉස්සර යුද්දයක් තිබුනලු. ඔය ඒකේදී මොකක් වෙලා කජ්ජ ගහපු බුවෙක් සිහිවෙන්න උගේ පවුලේ එවුන්ගේ පුකේ අමාරුවට හදපු එකක්නේ.

    හෙහ් හෙහ් හම්බ පිස්සු පොරක්නේ මූ. අපි වගේ සොමියේ ඉන්නේ නැතුව මොන පුකකටද යුද්ද කරන්න ගියේ

    ReplyDelete
    Replies
    1. දැනුත් මෙහෙම හිතන අය නැතුවා නොවේ. උන්ගේ ඇඟේ බෝම්බ කෑලි නොවැදුන නිසා යුද්ධේ උන්ට දැනුනේ නැත. හැම ගෙදරකින්ම එකා ගානේ හමුදාවට ගත්තා නම් ඔය අමාරුව හොඳ වෙනවා ඇත.

      Delete
    2. හ්ම්ම් .. තව අවුරුදු ගානකින් නෙමේ ,,දැනුත් ඉන්නවා ඔය වගේ හිත ඒකුන් එකීලා

      Delete
    3. යන්තං අට පාස් උං නොවැ..

      උංගෙ අත පය අපේ තරං වටින් නෑ..

      අතක් කකුලක් ගියාට ගානක් නෑ ඒ හිංදා !!

      Delete
    4. මා දන්නා මගේ යහලුවකු සිටියා.ඔහු තැන තැන ඇවිද ඇවිද හිටියා වැඩිපුර ඉගෙන ගත්තේ නැහැ.දහය පන්තිය අසමත් වුනා.රැකියා ගනනාවකට උත්සාහ කලත් හරි ගියේ නැහැ.බැරිම තැන හමුදාවට ගියා විචාරකට අනුව ඔහු රනවිරුවෙක්ද නැද්ද

      Delete
    5. එක අත්තෙ වහන්නෙ එක ජාතියෙ කුරුල්ලොනෙ නේද ??

      යාලුව එහෙම නං තමුං ගැනත් හිතාගතහැකි !

      පිස්සුද බං උං රනවිරුවො නෙමේ.
      රනවිරුවො උපදින්නෙ වෙපන් එක අතේ තියං
      ග්‍රෙනේඩ් එක සාක්කුවෙ දාගෙන !
      පිටේ ගහල එනවා S L ARMY කියල !

      නැත්තං ඌ රන විරුවෙක් නෙමෙයි !

      Delete
    6. විචාරක තුමාගේ කතාව එල...

      Delete
    7. ප්‍රශ්නයක් ඇහුවම උත්තරයක් දෙන්න දන්නැතිව වැල් වටාරම් දොඩවන පත්තර මල්ලි පියාබන්නේ මොනවගේ කුරුල්ලො එක්කද

      Delete
    8. ඔහු රණවිරුවෙක් බම මගේ අදහසයි..

      Delete
    9. මංද ඇනෝ ??
      ඔයාට උත්තරේ හිතාගන්න බැරි එකට මං පලි නෑනේ !!
      උත්තරේ ඔව් !!

      Delete
    10. අමිල චතුරන්ග ,පත්තර මල්ලි,
      හැබැයි ඔහු මා සමග කිව්වේ ඔහු ආමි එකට ගියේ පඩි ලැබෙන නිසා කියලයි

      Delete
    11. ඉතිං හරිනෙ ඇනෝ .
      නඩු කාරය නඩු අහන්නෙත් පඩියකට නේ !
      ඉතිං දෙන තීන්දු භාර නොගෙන ඉන්නවද ඔයා ??
      පඩිය වෙනයි සොල්දාදුවා කරන කැපකිරීම වෙනයි මචං .. ඒක අමුම කට්ටක්.. දුකක් !
      ඒක සල්ලි වලිං මනින්න බෑ !!

      Delete
    12. විචාරක තුමාගෙ කමෙන්ටුව ඉදිරියේදී අපිට දකින්න වෙන කටුක යථාර්තය පිළිබද පූර්විකාවක් වගේ....ඇත්තටම හමුදාවට බැදුනු බොහෝ දෙනා ලංකාවෙ ඈත් පළාත් වල උදවිය..කිසිම රැකියාවක් හොයාගන්න බැරි කමට හමුදාවට ගියා කියලා සමහරු අවමන් කලත් මම පුද්ගලිකව හිතන විදියට පඩියකට හරි තමන්ට ලොකු ජීවිත අවධානමක් තියෙන තැනක සේවය කරන්න ඉදිරිපත් වෙන්නෙ හිතේ ධෛර්යයක් තියෙන මිනිහෙක් විතරයි. ඒ නිසයි රණවිරුවාට අපි ගරු කල යුත්තෙ...ඔහුගේ ධෛර්යය වගේම වචනයෙන් කිව නොහැකි කැප කිරීම් නිසා...

      Delete
    13. ඇනෝ ,


                        මුළින්ම ඔබට දෙයක් කියන්නම්.. මා දමා ඇති 5:09 PM කමෙන්ටුව උපහාසය සඳහා යෙදු එකක් පමණි..විචාරක පවා එවැනි කමෙන්ටුවක් දමා ඇත්තේ උපහාසයට පමණි...වරදව් වටහා ගන්න එපා..

                      ඔබ ඇසු ප්‍රශ්නයට පිළිතුරු මෙසේය.. ලොව කොහේවත් "යුධ විරුවන්" යැයි තනතුරක්/රැකියාවක් නැහැ. නීත්‍යානුකූල හමුදාවක සේවයේ යෙදෙන්නන් හඳුන්වන්නේ  "යුධ සෙබළුන්" ලෙස පමණි.

                      "යුධ විරුවන්" ලෙස අමතන්නේ ගෞරවය පිණිස පමණි. ඔබ කැමති නම් එම ගෞරවාන්විත යෙදුමෙන් ඇමතිය හැක. අකමැති නම් "යුධ සෙබළා" ලෙස හඳුන්වන්න පුළුවන්.

                       වර්තමානයේ එයද වැටුපක් හිමි රැකියාවක්. තම දරුපවුල , මාපියන් රැකගැනීමට නම් මුදලක් අවශ්‍යයි. අති බහුතර (99%)   "යුධ සෙබළුන්" ප්‍රමාණයක් යුධ වැදෙන්නේ/අණට එකඟව සටන් බිමට ගියේ රට බේරාගැනීමේ අරමුණින්. ඊට අමතරව ( ඉතුරු 1% අතර ) ඔබ වැනි නිවට නින්දිත අයද සිටියේ නැතුව නොවේ  . එම නිවට පුද්ගලයන් විසින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට තැන තැන අපහාස කරමින් / බොරු වපුරමින් / බර පොත් පෙරළමින් යන ආකාරය මා මීට පෙරද දැක ඇත.

                      ඒ සියලු දෙනාට කියන්න තියෙන්නේ " නැවත පරණ සෙල්ලම් කරන්න හැදුවොත් ,ඒ  අයගේ හිස කඳෙන් වෙන් වේවි " කියන දේ තමයි. ( දකින්න ඇතිනේ ප්‍රසිද්ධ නිවේදනයක් මගින් මේ බව දැනුම් දුන් ආකාරය )

      Delete
    14. විචාරක තුමා කාලය වෙනස් විය යුතුයි , තව අවුරුදු දහයකින් නෙවෙයි අදත් එහෙමයි, ආබාධිත රණවිරුවන්ට තමන්ට හිමි වන්දි මුදල ලබාගැනීමටත් නඩු දාන්න වුනු රටක් මේක

      Delete
    15. දැනටමත් ඔය තත්ත්වේ ඇති වෙලා තියෙන්නෙ.තව කාලයක් යනකොට රණවිරුවා කියන නමට කිසි අගයක් නැතිවේවි. මොකද ලංකාවේ මිනිස්සුන්ට හැම දෙයක්ම හරි ඉක්මනට අමතක වෙනවනේ.

      Delete
  2. පිස්සුද සිරා
    එහෙම යුද්ධයක් මෙහෙ තිබුනෙ නෑ.. කොල්ලො මැරුනෙත් නෑ ..
    සමහරවිට ඌරන්ට බැඳපු තුවක්කුවක් පත්තු උනාද කියන්ට බෑ නොවැ !!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ එහෙම වෙන්ඩත් බෑ

      පාමංකඩ කොයින්ද බං ඌරො ???

      කෙල්ල එක්ක අරෝවක් වත් තිබුනද දන් නෑ !!

      Delete
    2. ඔව් ඉතිං ඔහොම කියන පිටරටට ආවඩන කලු සුද්දො ටිකක් ඉස්සරහට බෝ වෙන්නත් පුලුවන්...පාමංකඩ ඌරො හිටියෙ නැති උනාට පත්තරයො මැදවච්චියෙ හිටියද දන්නෙ නෑ.

      Delete
  3. මෙහෙමයි මචං අයියේ.. අපේ මහ උන් යුද්ධේ මාකට් කරනවා විතරයි! ලේ දහදිය හලපු උන්ට හුළං වත් නෑ!

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදියි මල්ලි...එහෙම උනා නම් රටේ උන්ට කන්න දෙන්න එළවළු වවන්නයි, කාණු හෝදන්නයි...ටවුමක් ටවුමක් ගානෙ ටිකට් විකුණන්නයි අපේ රණ විරු සගයන්ට කියන්නෙ නෑනෙ...

      Delete
    2. නාඩියා ගෙයි සිරා ගෙයි කතා නම් මසුරන් වටිනවා. ඒ කාලෙ රණවිරුවෝ දැන් නිකන් 'හමුදාකාරයො' වෙලා.

      Delete
  4. කියලා වැඩක් නෑ සිරෝ මේ යුගය. අපිත් මුලින්ම අනුන්ගේ ගෙදරක බැලුවේ. පස්සේ අපේ ගෙදරත් ඒ වගේම ෆිල්ම් හෝල් එකක් වුණා.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ අපිට දකින්නට ලැබුනු ටෙලි නාටක වල වගේම රූපවාහිනී වැඩසටහනක වුනත් අමුතුම චමත්කාරයක් තිබුනා...ඒ වැඩේ දන්න අය එතන හිටිය නිසා කියලයි මට හිතෙන්නෙ...අද ඉතිං පැරෂුට් කාරයො නොවැ මාධ්‍ය ආයතන වල මහ පුටුවලට එන්නෙ...

      Delete
  5. විචාරක මතු කරපු තිත්ත ඇත්ත එක්ක මටත් කතාවක් මතක් උනා සිරා.. අද රටේ ගොඩක් අය හිතන්නේ " පුකේ අමාරුවට යුද්ධ කරා " කියලා.. මිනිහෙක්ගේ මොළ කෑලි එල්ලී එල්ලී තියෙනවා දකින්න ඕනේ .. ඒ මොළ කෑලි ආසෙන් පණුවෝ එන හැටි දකින්න ඕනේ සබැහින් .. ඒවා නොදැකපු අය දන්නේ නැහැ යුද්ධයේ ඇතුල් පැත්ත.. එවැනි හිස් මිනිස්සු " මානව දයාව " ගැන කියන්න ඒම තමයි රටේ අවාසනාව ....... ඕස්ට්‍රේලියාවේ ඉන්න අයට මේ ලෙඩේ වැඩියි..

    ReplyDelete
    Replies
    1. සහන්ට අනුව ප්‍රසිද්ද හිස් මිනිස්සු කිහිප දෙනුකුගේ නම් මට මතක් වෙනවා
      බුදුන් වහන්සේ
      මහත්මා ඝාන්දි
      යේසුස් වහන්සේ
      ඔවුන් සියලු දෙනාම මානව දයාව ගැන කතා කරපු අය

      Delete
    2. සරමේ හිටන් නේද ...?

      Delete
    3. ඒ උනාට බුදුන් වහන්සේ ශාක්‍ය වංශිකයින් සමූල ඝාතනයකට ලක් වන බව දැක අතර මග වැඩ සිටිය බව දන්නවනෙ ඇනෝ !!

      අපිට බුදු වෙන්න කල් තියනවා !

      නිවන පේන තෙක් මානෙක නෑ !!

      ඊට කලිං මගෙ වගේම ඔබෙත් දරුවා උදේ ගෙදරිං ගියා වගෙම හවස ගියා වගේම එන්නෙපැයි නේ ??

      Delete
    4. බුදුන් සහ ජේසුස් වහන්සේ අපි පැත්තකින් තියමු ..මහත්මා ගාන්ධි කියන්නේ මොකෙක්ද ...?

      " මේ ඉල්ලීම ඉටු කරේ නැත්නම් මම වහ බොනවා/ මැරෙනකම් නොකා ඉන්නවා " කියලා මිනිස්සුන්ට / රජයට බලපෑම් කරපු එක්කෙනාද ..? ඒක අවිහිංසාවාදයද ...?

      ඒ නිසා කරුණාකර ගාන්ධි කියන වංචාකාරයව පැත්තකින් තියන්න.. යුද්ධය ගැන කතා කරන්න අවශ්‍ය නම් මෙන්න මේ පෝස්ට් එක කියවන්න.. එතනට ඇවිත් ඔබේ අදහස් කියන්න..අකුරෙන් අකුර උත්තර දෙනවා ඕනෙම ප්‍රශ්නෙකට ...යුධ සිහි වටන සහ යුධ අවි අතර වෙනස නොදන්නා හරක් සඳහා පමණයි !

      Delete
    5. සහන් ,ඔබගේ එම ලිපිය මම ඒ දවස්වලම කියෙව්වා.කීර්ති පාටකුලසූරුයලා යුද පුවත්විචාරකයන් වන රටක එවැනි ලිපි ඉතාවැදගත් ලෙස පෙනෙන්නට පුලුවන්.නමුත් පොල් විලීරියො වැනි අයෙකුගේ ලිපි කියවා බැලුවොත් ඒවාට කියන්නට වන්නේ විහිලු කියායි

      Delete
    6. පොල් විරිලියෝ කියන්නේ කව්ද ? මහත්මා ගාන්ධි වගේ කෙනෙක්ද ...?

      Delete

    7. @ අනෝ

                  මම මේ කමෙන්ටුව දැම්මේ W3 එකේදී රාජ් මගෙන් අහපු එකකට.. මට ඔබට කියන්න තියෙන්නෙත් මේ ටිකමයි.. විවෘත මනසින් මෙය කියවන්න.. ඔබට අවශ්‍ය පරිදි ඇතැම් දේවල් අලුතින් එකතු කළා.....
      ____________________________________________
      SilentSahanNovember 16, 2013 at 1:14 PM


      රාජ් ,

               දැන් මේ අපි කතා කරන ජාතිවාදය සහ ප්‍රචණ්ඩත්වය යනු අපි " ලංකාවේදී දැකපු දේවල් " නේද ...? LTTE සිදුවීම , අපේ සිංහලු අහිංසක දෙමළ මිනිස්සුන්ව කැති ගාපු හැටි වගේ දේවල්... නේද ..? ඒ නිසා මන් ඒ කෝණයෙන් උත්තර දෙන්නේ... ( නැතුව ලෝක සම්මතයෙන් නෙවේ හරිද )

                    පැහැදිළිවම රාජ් අපේ පාහර සිංහල ( මාත් සිංහල ) හැත්ත නිසා තමයි LTTE වැනි කණ්ඩායම් බිහි උනේ.. 83 දී කරපු වැඩ වලට සහගහන්නේ නැතුව තියේද කියලා රාජ් දන්නවනේ.. අපේ සීයලා ඇඳන් අස්සේ දාගෙන තමයි හිතවත් දෙමළ අයව බේරගත්තේ ඉස්සර ... ඒ දෙමළ මිනිස්සු මට සහ මගේ පවුලට පණ උනත් දෙනවා .. ඒත් අනිත් සිංහලයෝ ගැන ඉන්නේ අප්‍රමාන වෛරයකින්.. දැක්කද වෙනස ....?මේ ප්‍රශ්නේ හැම පැත්තක්ම ඒ වගේ.. එක් එක් තැනදී එක් එක් පුද්ගලයා කෙරෙහි දක්වන ආකල්පය වෙනස්.

                   ප්‍රභාකරන් කෙනෙක් බිහි උනේ අපේම වරදෙන්.. කිසිම කෙනෙක්ට නැහැ කියන්න බැහැ. අපි කරන්න ඕනේ එවැනි සිදුවීම් නැවත ඇති වෙන්න ඉඩ නොදීමයි..අපි අතින් නොවෙන්නේත් ඒකයි .  2/3 තිබිලත් අපි මොනවද කරේ ? භාෂා ගැටලුව වෙනුවෙන් මොනවද කරේ ...?
      ____________________________________

             කොහොමින් හරි අන්තිමට මහා බලගතු ප්‍රභාකරන් කෙනෙක් බිහි උනා. ඉන්පසු  කරන්න තියෙන එකම දේ  යුද්ධ කරන එක විතරයි.. වෛරයෙන් ගිණි ගනිමින් ඉන්න ප්‍රභාකරන් කෙනෙක් සමග " ප්‍රජාතන්ත්‍රවාදයෙන් හා සාමයෙන් " කරන්න දෙයක් නැහැ... එසේ කියූ පමණින් හිතන්න එපා වැරදි දෙයක්..

             100% ක් දන්නවා වැරැද්දේ මුල ඉන්නේ අපි.. අපිම ඇති කරලා අපිම නැති කරා.. අන්තිමට හොඳටම තැලුනේ දෙමළ මනුස්සයා.. "අහිංසක දෙමළ මනුස්සයා" අදත් අසරණයි.. කෝ ඒවට විසදුම් ...? පාලකයන් විසින් විසදුම් දෙන්නේ නැහැ.. හිඟන්නාගේ තුවාලය වගේ හැමදාම ඇදී ඇදී යනවා දැකීමයි පාලකයන්ගේ අපේක්ෂාව.. දේශපාලන වේදිකාව තුළදී විශාල කෝටාවක් හිමි වෙන තුවාලයයි මේ.. කිසි කෙනෙක් කැමති නැහැ තුවාලේ හොඳ කරන්න..

      Delete
    8. පත්තර මල්ලි ලන්කාවේ මිනිසුන් මියගිය ප්‍රදාන හෙතුව යුද්දය නොවෙයි.මාර්ග අනතුරු ඇතුලු වෙනත් දේවල්.එමනිසා ඔබගේ ගෙදර එන තර්කය මෙතනට අදාල කල නොහැකියි.

      Delete
    9. හරි ඇනෝ .. ඒක එහෙමයි කියමුකො.හ්ම්.
      මාර්ග අනතුරු වලින් මිනිසුන්මිය යන බව හැබෑව.
      නමුත් අපි බස් එකක කෝච්චියෙ ගියෙ කොයි තරම් බෝම්බ වලට බයේද කියල ඔබම දන්නවනේ.
      සංක්‍යාත්මකව කෙසේ උනත් යුද්දෙන් මැරුනෙත් මිනිස්සුම තමයි !

      Delete
    10. රණවිරුවකු අහිමි වෙච්ච පවුලකට තමයි ඔහුගේ අඩුව දැනෙන්නෙ....නැතුව පවතින රජයට වත්, පැවති රජයකටවත්, රණ විරුවගෙ අවමගුලට බැනර් ගහපු අයටවත් නෙමෙයි. පිය සෙනෙහස අහිමි වෙච්ච දරුවන්ට, සැමියාගේ රැකවරණය අහිමි වෙච්ච බිරිදට, ආදරණීය පුතා අහිමි වෙච්ච දෙමාපියන්ට නම්බු නාම පට්ටං වලින් වැඩක් නැ....ඒ අයට ගෞරවනීය ලෙස ජීවත්වෙන්න පුලුවන් තත්වයක් සමාජමය හා ආර්ථිකමය වශයෙන් ඇති කරන එකයි වැදගත් දේ.

      Delete
    11. සහන්, ඔබ ගාන්දි ගැන කතා කර ඇති ආකාරය බලන්න.ඒකා,වන්චාකාරයා
      මා දන්නා තරමින් නම් නිසි ශික්ශනයක් ඇති පුද්ගලන් වෙනත් අය ගැන කතා කිරීමේදී එවැනි වචන පාවිච්චි කරන්නේ නැහැ. මා කිර්තිගේ නම වෙනස් කර වැරද්දක් කර තිබේ
      දැන් ඔබගේ කොමෙන්ට් එක ගැන බලමු
      හෙම්බිරිස්සාව ගැන දොස්තර කෙනෙකුගෙන් ඇහුවොත් කියන්නේ මොකක්ද. ඔහු ඉගෙනගෙන ඇති anatomy ,physiology, microbiology,pathology, වැනි කරුනු භාවිතා කර විද්යාත්මක පිලිතුරක් දෙනු ඇත.වටහාගැනීමට මහන්සි විය යුතුයි
      දැන් හෙම්බිරිස්සාව ගැන ගොඩ වෙදෙකුගෙන් අහමු.ඔහු මෙහෙම කියනු ඇත.හෙම්බිරිස්සාවකියන්නේ ලෙඩක්.කිබුහුම් යනවා,හොටු එනවා,උන ගන්න පුලුවන්.උත්තරය යම් පමනකට ඇත්ත නමුත් සම්පූර්න ඇත්ත නොවේ.
      ඔබගේ කොමෙන්ට් එක ගොඩ වෙදා හෙම්බිරිසාව විස්තර කලා වගෙයි.තව දුරටත් මෙය වටහා ගැනීමට අවශ්ය නම් පත්තර මල්ලි මෙහි දමා ඇති කොමෙන්ට් ටික කියවා බලන්න. ඔහු යුද්දය ගැන නියම ගොඩ වෙදෙක්
      Paul Virilio කොසොවො යුද්දය ගැන කතාකල ප්රින්ශ බුද්දිමතෙක්

      Delete
    12. අනේ ඇනෝ නිකම් කාලේ කන්නේ නැතුව යන්න අනේ යන තැනක...ඔයාගේ මළ විකාර වලට උත්තර ලියන්න මට පිස්සුවක් නැහැ... හැබැයි මතක තියාගන්න ත්‍රස්‌තවාදීන් වන ඕනෑම අයෙක්ගේ ඔලුව පොඩි කරනවා නීත්‍යානුකූල හමුදාවක් විසින් ... ( දිව්‍ය ලෝකයේ තත්වය නම් දන්නේ නැහැ..මන් මේ කිව්වේ පෘතුවිය ගැන )

      Delete
    13. ඇනෝ
      පන්ඩිතයට ඒදන්ඩෙ යන්න බෑ කියනවනෙ.
      යුද්දෙඉවර කලේගොඩ වෙද්දු තමයි ඇනෝ.
      එහෙනං මහින්ද ඊට වඩාගොඩ් වෙදෙක් නෙ.
      ඔබ තුමා වගේ උගත් අය කරා නම් තාම යුද්ද කරනවා.
      පොත් පෙරලල යුද්දෙ කරන්න බෑ ඇනෝ !
      බැස්ටියාට් ගෙ නීතියයි ධනවාදී ක්‍රමයයි හොඳයි ඔයාලටම කියව කියව ඉන්න.

      Delete
    14. සහන් ඔබ උඩ දමා ඇති කොමෙන්ට් එක දැක්කෙමි.නීතියක් පවතින තැනක නම් එලෙස හිස වෙන් කල නොහැකියි.කල හැක්කේ අදාල වැරැද්දට නඩු අසා දඩුවම් දීම පමනි.නීතියක් ගැන කිසිම අදහසක් නැති අයෙකුට පමනයි එවෙනි කතා කියන්නට පුලුවන්.ඔබ බොරුවට ආර්තිකය ගැන කාර් ගැන දාර්ශනික කතා කියන්නේ නැතිව ඔය ටික කෙලින්ම කියන්න.එක කරුනකට අදාලව අසිශ්ට විදියටත් තවත් කරුනකට අදාලව ඉතාම දාර්ශනික ආකාරයටත් හැසිරෙන්නට බැහැ

      Delete
    15. සහන්, පත්තර මල්ලි,
      දැන් නිර්මානය වී ඇත්තේ ඔබලාට ගැලපෙන නියම ශ්රි් ලන්කාවයි.රස්සාවක් ගන්න නම් සුදුසුකම් අවශ්ය නැත .අවශ්ය පන්දමක් පමනි.ඔබලාගේ අනාගත නායකයන් වන්නේ සාරුවා සුනිල් වැනි පුද්ගලයන් පමනි.ලන්කාවේ හිටියොත් ගන්නා පඩියෙන් වැඩි කොටසක් බදු වශයෙන් ගෙවීමටත්,පිටරට ගියොත් කට පියාගෙන කවුරුත් ගනන් ගන්නේ නැති දෙවෙනි පුරවැසියෙකු ලෙස ජීවත් වීමටත් සිදුවේ . බොරුවට දාර්ශනික කතා කියමින් චන්ද්රග පුශ්ප වැනි පුද්ගලයන්ට සර් කියමින් ජීවත් වීම පමනි

      Delete
    16. @ ඇනෝ

      \\\\\කල හැක්කේ අදාල වැරැද්දට නඩු අසා දඩුවම් දීම පමනි.නීතියක් ගැන කිසිම අදහසක් නැති අයෙකුට පමනයි එවෙනි කතා කියන්නට පුලුවන්.\\\

      මරණීය දණ්ඩනය ගැන අල්පමාත්‍රයක දැනුමක් නැති හැඩයි නේද ?

      \\\\\\\ඔබ බොරුවට ආර්තිකය ගැන කාර් ගැන දාර්ශනික කතා කියන්නේ නැතිව ඔය ටික කෙලින්ම කියන්න.\\\\\\

      ඒක තමයි පැහැදිළිව කිව්වේ මුළින්ම " ත්‍රස්‌තවාදීන් වන ඕනෑම අයෙක්ගේ ජීවිතය නැති වේවි " කියලා.. පැහැදිළි නැද්ද ඒ කියලත් ...?


      ( මේ කමෙන්ටු අදාළ වන්නේ මේ ඇනෝට පමණි .. )

      Delete
    17. සහන් මේ ඔලුව පොඩි කරන කතාව මට පමනක් නොවෙයි.ඔබටත් අදාලයි.මේ කියන්නේ තියෙන දෙයක් කාලා කියන විදියකට බදු ගෙවලා,කියන හැම නීතියකටම යටත් වෙලා සම්පත් චන්ද්‍රපුශ්ප වැනි අයට සර් කියමින්,පාලකයන් හොරාකන ආකාරය නොදැක්කාසේ ඔවුන්ට කැමති දෙය නීතිය ලෙස සලකමින් බල්ලන් ලෙස ජීවත්ලෙසයි.ඔබ වැනි අයට එලෙස ජීවත් වීම ප්‍රශ්නයක් නොවුනත් අපටනම් එලෙස ජීවත් වීම ගැන ප්‍රශ්න තිබේ

      Delete
    18. ඇනෝ
      අපිටත් එහෙම ජේවත් වෙන්න නම් බෑ තමයි.
      සහන්ගෙ බ්ලොග් එකේ කට කපලා කියල තියෙන්නෙම ඒක බව ඇයි ඇනෝ ඔබ තේරුම් නොගන්නේ ??
      මියගිය ආබාධිත සෙබලාට ගෞරව කිරීමයි ඒකයි පටලගෙන අනන්නේ ඇයි ???

      Delete
    19. අනේ ඇනෝ මම නම් ඔබ ඉහත නම් සඳහන් කර ඇති සම්පත් චන්ද්‍රපුශ්ප , සාරුවා සුනිල් වැනි අයව දන්නේ නැහැ.. ඔබ මේ කතා කරන්නේ වෙනත් දෙයක් ගැන .. මන් ඒ දේවල් දන්නේ නැහැ.. මාව පටලන්න එපා ඒවට...

      තව දුරටත් ඔබටත් මටත් කතා කිරීමට දෙයක් නැහැ.. සුබ දවසක් ඔබට...

      Delete
    20. මනො විද්යාවට අනුව සැලකූ විට මිනී මැරීමට ඇති ආශාව සලකන්නේ තිරිසන් ආශාවක් ලෙසිනි.මිනිසා ශිශ්ට වීමත් සමග මෙම කැමැත්ත යටපත් කර දමනු ලබයි.මේ අනුව වඩාත් ශිශ්ට පුද්ගලයන් මිනී මැරීම හො ප්රතසිද්දියේ ඒ ගැන කතා කිරීම ගැන පිලිකුලක් දක්වයි.තිරිසන් පැත්තට වඩාත් බර පුද් ගලයන් එලෙස නැත.දිගින් දිගටම මරනවා මරනවා කියමින් සහන් මේ පෙන්වන්නේ තමන් ශිශ්ට මිනිසකු නොවන බවය.බ්ලොග් කරුවන්ට බලහත්කාරයෙන් මෙන් උදව් කරමින් එය යටපත් කරන්නට හැදුවත් සැමවිටම එය උඩට පැමිනෙන අයුරු මේ කොමන්ට් කියවූ විට බලාගත හැක.

      Delete
    21. ඇනෝ ,

      මන් එහෙම එක්කෙනෙක් නෙවේ අනේ.. මන් හිත හොඳ මනුස්සයෙක්.. පිං කඳක් ...

      Delete
    22. ඔව් බං ඇනෝ
      අපි මිනී මරන්නෙ කන්න බලාගෙන..
      හා හරිනේ !!
      දැං ඔයා ශෝක් අපි නරකයි ! මෝඩයි !
      ඔයා හොඳ රටක් හදන්න .අපි දෙන්නං සප් එක.
      එහෙම හරිනේ .
      හා එහෙනං . ටටා ඈ !!!

      Delete
    23. මට සප් එක දෙන්න එපා.ඔයගොල්ලන්ගේ චන්ද්‍රපුශ්ප සර්ටයි,සාරුවා සුනිල් සර්ටයි සප් එක දෙන්න.චන්ද්‍ර පුශ්ප සර් හිරෙන් නිදහස් වුනා නේද.බලන්නකො ඔයගොල්ලො වෙනුවෙන් ඒ අය කරන කැපවීම .ලයිට් බිල වැඩි වුනාට මොකද.දැන් බොම්බ බය නැතිව බස් එකේ යන්න පුලුවන්නේ.නේද.ආ මතක ඇතිව ඉන්ටර්නෙට් බිල ගෙවන කොට වැඩිවුන ටැක්ස් එකත් ගෙවන්න.

      Delete
    24. මොන xxතෙ චන්ද්‍රපුශ්පයෙක්ද බන් ?
      පොරගෙයි රණවිරුවංගෙයි සම්බන්දෙ මොකද්ද අනේ ??
      යන්නෙ කොහෙද මල්ලෙ පොල් නෙ ,.
      මට නං විකාරයි වාගෙ :-)
      අනේ ඇනෝ .
      ටටා ඈ !!

      Delete
    25. මල්ලි ඔලුව කරකෙවෙනව වගේ නම් අයි ඩී ඩී කාර්ඩ් එකකින් කොල් එකක් ගන්න. යුරොපෙ රටකටත් ගිහින් තියෙනවා එහෙනම් ශහ් නියමයිනේ .අපිනම් ඔයවගේ ඒවට කියන්නේ හීනමානේ කියල

      Delete
    26. හිතවත් ඇනෝ ,

                     ඔබ වෙනත් සිදුවීමක් පටලමින් පවසන දෑ මට නොවැටහේ. මා කතා කලේ LTTE ත්‍රස්‌තවාදය ගැන පමණි. ඔබ කතා කරන්නේ අනෙකකි. සාරුවා සුනිලෙක් ගැන මා නොදනිමි. හැකි නම් ස්කයිප් ඇමතුමක් ගන්න.

      01. යහපාලනය අරවා මේවා එක රැයෙන් දෙන්න බැහැ..
      02.කාලයක් යනවා.
      03.සිවිල් යුද්ධයක් පවතී නම් තවත් කාලයක් යනවා.
      04.යහපාලනය ඇති කිරීමට ප්‍රථම යුද්ධය නිමා කරන්න ඕනේ (සිවිල් යුද්ධයක් පවතී නම්).

      05.යුද්ධය නිමා කිරීමට නම් යුද්ධය සඳහා පුහුණු වූ සොල්දාදුවන් , නිලධාරීන් , අණ දීමේ ප්‍රවීනයන් , යුධ තාක්ෂණික නිලධාරීන් ඇතුළු තවත් බොහෝ පිරිසක් අවශ්‍යයි.

      06. ඉහත 05 හි සඳහන් සේවය ලබා දෙන්නන් " හුරතල් බබ්බු නෙවේ "

      07.ඉහත 06 තේරුම්ගන්න. ( බබ්බු එක්ක බෑ. ඉතින් බබ්බු ගන්නේ නැහැ )

      08.යුද්ධය නිමා කල පසු භූමිය "යහපාලනය" ඇති කිරීම පිණිස හමුදාව විසින් ඒ ඒ අංශ වලට ලබා දෙනවා ( රජයට ).

      09.ඉහත 08 සිදූවනතෙක් භූමිය භාර හමුදාවට.

      10. i. හරි ක්‍රමය
            ii.වැරදි ක්‍රමය
            iii.යුධ හමුදා ක්‍රමය
          
      යන ක්‍රම වලින් iii ක්‍රමය පමණයි 08 අවස්ථාව තෙක් භාවිතා කරන්නේ.

      11. ඉහත 08 වූ පසු හමුදාව ක්‍රමයෙන් නිද්‍රාශීලී තත්වයට පත් වෙනවා. එහෙත් එය ඕනෑම මොහොතක නැවත අවදි වීමට හැකි සේ ලබා ගන්නා කෙටි නින්දක් පමණි. අවශ්‍ය ඕනෑම මොහොතක නැවත සටනට යෑම සඳහා එම කෙටි නින්ද බාධාවක් නොවේ. නින්දට පත් වීමට ප්‍රථම ලොව ඕනෑම හමුදාවක් විසින් ඉහත ආකාරයේ නිළ නිවේදනයක් කරනවා.

      Delete
    27. //නැවත පරණ සෙල්ලම් කරන්න හැදුවොත් ,ඒ අයගේ හිස කඳෙන් වෙන් වේවි " කියන දේ තමයි. ( දකින්න ඇතිනේ ප්‍රසිද්ධ නිවේදනයක් මගින් මේ බව දැනුම් දුන් ආකාරය )//
      කවුරු කිවුවත් මසුරං කතාව, ඇමරිකාව ලෝකෙ පුරා කරන්නෙත් ඕකමනෙ.

      Delete
    28. සහන් , ඔබ ඉදිරිපත් කර ඇති අදහස් වලට අනුව ඔබ විවිද චරිත රගපා ඇති බව පෙනේ.
      1දාර්ශනිකයාගේ චරිතය-විවිද දෙවල් විශ්ලේශනය කරමින් විග්රපහ කරමින්
      2.තගාගේ චරිතය-දැගලුවොත් මරනවා.ඔලුව පොඩිකරනවා
      3.ජොකර්ගේ චරිතය-මා ඉදිරිපත් කර ඇති දෙවල් විහිලුවට ලක්කිරීම
      නිරවුල් මනසක් සහිත පුද්ගලයන් මෙවැනි විවිද චරිත රගපාන්නේ නැහැ (multiple personalities)
      රටේ ප්ර ශ්න ගැන කතා කරන්නට කලින් ඔබගෙ personality disorders ටික විසදගෙන ඉන්න

      Delete
    29. ඇනෝ ,

      මන් මුල ඉඳන්ම දැකපු දෙයක් තමයි ඔබට උවමනා උනේ " සහන් යනු ශිෂ්ඨ මිනිසෙක් නොවේ " කියලා කියන්නයි..ඒ නිසයි ඔබ බුදුන් වහන්සේ පවා පටලමින් පළමු කමෙන්ටුව යෙදුවේ..මා එය උපක්‍රමශීලී ලෙස මග හැරියා.. ඇත්තෙන්ම ඔබට සිහිය හොඳ නැද්ද සහන් සහ බුදුන් වහන්සේ සසඳන්න ? ඒ උත්තමයා කව්ද අපි කව්ද ? ඊට පස්සේ පටන් ගත්තා නීතිය ගැන කතා කරන්න.. මරණීය දණ්ඩනය ගැන කිව්වට පස්සේ කට වැහුණා නේද ඔබේ ...? ඊට පස්සේ පටන් ගත්තා යහපාලනය ගැන කතා කරන්න.. ඒවටත් උත්තර දුන්නම කට වැහුණා ඔබේ..

      ඔයාගේ ලුණු ගොරකා මදි මාව තම්බන්න ඇනෝ ..තව කොච්චර කිව්වත් වැඩක් වෙන්නේ නැහැ.. "සහන්" කියන්නේ කව්ද කියලා හොයන්න උත්සාහ කරන්න එපා. වැඩක් වෙන්නේ නැහැ. තව තව බූරු බබෙක් වෙන්න හදන්න එපා. . . දැන් වත් මේක නවත්තන්න. . .

      Delete
    30. සහන් කවුද කියා සෙවීමට මට අවශ්යතාවක් නොමැත.සෙවීමට තරම් ඔබගේ වැදගත් කමක් මට පෙනෙන්නේ නැත.
      මා බුදුන් වහන්සේ ඔබසමග සැසැදීමක් කර නැත.තර්කශාස්ත්ර යට අදාල මූලික කරුනු වත් දන්නේ නම් ඔබ මෙවැනි ගොන් කතාකියන්නේ නැත.
      මරන දන්ඩනය යනුවෙන් හදුන්වන්නේ ඔබ කියන පිස්සු විකාර නොවේ.වැඩිදුරකතා කලේ නැත්තෙ එබැවිනි.
      ඔබ වැනි අය සමග යහපාලනය ගැන කතාකර වැඩක් නැති බව දැන් මම දනිමි.
      ඔබ ශිශ්ට මිනිසකු නොවන බව මා කටට ආවාට කිව්වා නොවෙයි.මා එය කර ඇත්තේ අදාල ඔප්පු කිරීම්ද සහිතවයි.
      අවසාන වශයෙන් කිව හැක්කේ කිසිදු දෙයක් ගැන ගැබුරින් හදාරා නොමැති ඔබ වැනි personality disorder අප අතරම සිටින බව පෙන්නා දීම ගැන ස්තුති බවයි

      Delete
    31.               අනේ බන් මෙච්චර බූරුවෙක් වෙන්න එපා.. ඔයාට ඉතාම සරළව කිව්වා දෙමළ ප්‍රශ්නේ පටන් ගත්තේ අපේම වරදින් කියලා.. එතොකොට වත් උඹේ ගොන් මොළේට තේරුනේ නැද්ද සහන්  ඇත්ත කියන බව අපිට අවාසි උනත් ...? ඇයි උඹට ඒවා පේන්නේ නැත්තේ.. වැරදි විතරද පේන්නේ ..?

      \\\\\සහන් කවුද කියා සෙවීමට මට අවශ්යතාවක් නොමැත.සෙවීමට තරම් ඔබගේ වැදගත් කමක් මට පෙනෙන්නේ නැත.\\\\\

      මෙන්න මේ පෝස්ට් එක බලපන් ... අන්තිමට ඒ මිනිස්සුම අකුලන් ගියා .... අන්තිමට වෙච්චි දේ මෙතන තියෙනවා..


      \\\\මරන දන්ඩනය යනුවෙන් හදුන්වන්නේ ඔබ කියන පිස්සු විකාර නොවේ.වැඩිදුරකතා කලේ නැත්තෙ එබැවිනි.\\\

      අනේ බන් උඹේ මෝඩ කතා වලට මාත් කමෙන්ට් කරේ අනික් මිනිස්සුන්ට වැරදි පණිවිඩයක් යන්න පුළුවන් එකෙන් වළක්වන්න විතරයි..එහෙම නැතුව තමුසේ වගේ හරක් දාගෙන යුද්ධ කරා නම් මේ වෙද්දී ප්‍රභාකරන් උඹේ ---- ----- ...? තේරුණාද ..? සහන් කතා කරන්නේ මෙහෙම තමයි මිනිස්සුන්ට .. දැන් හරිද ...?

      \\\ඔබ වැනි අය සමග යහපාලනය ගැන කතාකර වැඩක් නැති බව දැන් මම දනිමි.\\\

      උඹ වගේ උන් එක්ක "ත්‍රස්‌තවාදය" කතා කිරීමෙනුත් වැඩක් නැහැ.. මන් ඒක දන්නවා..ඒත් දිගටම කමෙන්ට් කරේ උඹේ ගොන් තර්ක බිඳින්න ඕනේ නිසා..

      \\\ඔබ ශිශ්ට මිනිසකු නොවන බව මා කටට ආවාට කිව්වා නොවෙයි.මා එය කර ඇත්තේ අදාල ඔප්පු කිරීම්ද සහිතවයි.\\\

      උඹේ ගොන් කතා වල නිරුවත එළි වෙලා ඉවරයි ... උඹ මේ කියවන බයිලා මේ පෘතුවියේ නම් වෙන්නේ නැහැ.. දිව්‍ය ලෝකේ පලයන්.. ඕනේ නම් මට උදව් කරන්න පුළුවන් ඒ ගමනට .. ( මන් මෙහෙම තමයි කතා කරන්නේ .. ඇයි මම අශිෂ්ඨ මිනිහෙක්නේ )

      \\\\\\අවසාන වශයෙන් කිව හැක්කේ කිසිදු දෙයක් ගැන ගැබුරින් හදාරා නොමැති ඔබ වැනි personality disorder අප අතරම සිටින බව පෙන්නා දීම ගැන ස්තුති බවයි\\\\


      අනේ බන් උඹේ ගැඹුරින් හැදෑරීම ගැන අපි හැමෝම දැක්කා...උඹ වගේ කෙප්ප හරකෙක් යුද්ධයට අණ දෙන තැන හිටියා නම් මේ වෙද්දී උඹේ කෑලි හොයන්නත් නැහැ...

      මට කියපන් උඹ ඔය කියන සාරුවා සුනිල් කියන්නේ මොකෙක්ද ..? චන්ද්‍ර පුෂ්පකුමාර කියන්නේ කව්ද ? උඹට උන් මොකද කරේ ...?



      මෙන්න මේ පෝස්ට් එක බලපන් අවසාන වශයෙන් ... අන්තිමට වෙච්චි දේ මෙතන තියෙනවා.. නීතිය , යුද්ධය , දේශපාලනය ඕනෙම දෙයක් කතා කරමු.. එම හඬ පටය ප්‍රසිද්දියේ දානවා.. කැමති නම් වරෙන් .... මන් හැංගෙන්න බලන් ආවේ නැහැ බ්ලොග් වලට ...


      __________________________________
      මේ තියෙන්නේ ඔබ වැනිම කෙනෙක් සිදු කල පාපොච්චාරණය..

      මහලොකුවට කරුණු ලිවුවට පැහැදිලි කරන්න දන්නේ නැති කෙනෙක් කියලා ඒක නිසා සජ්වී ලෙස කතාකරලා බලන්න skype මගින් සම්බන්ද වුනා.


      එතකොට තේරුනා මොහුගැන කල උපකල්පන වැරදි කියලා මෙන්ම ඔහු කරුණු නොකියන්න හේතුව හොඳට පැහැදිලි වුනා. පැය 2 විනාඩි 30 කතා කළා. ඇසට කඳුළු එන ඔහුගේ කතාව මගින් ඔහුගේ හැසිරීමට හේතුව අවබෝධ වුනා. සහන් කෙලින් සමහර දේ නොකියුවට ඔහු මරණය ලඟට ගොස් පැමිණි ආරක්ෂක ක්ෂේත්‍රයට සම්බන්ද කෙනෙක් කියලා නම් තේරුනා ඒ වගේම ක්ෂේත්‍ර කිහිපයක දැනුම සහිත කෙනෙක්.

                    මට කියපු ටික ලියන්න ලිපි 10 වත් මදිවෙයි. එමගින් මට ඇතිවූ ගැටලුවට පිළිතුර ලැබුනා. ඒ වගේම ---------- සැළසුම් කරන ආකාරය. ඒවා හදන විදිය ගැනත් හොඳ අවබෝදයක් ගත්තා මෙතන නොදාපු පින්තුර කිහිපයක් සමගම. ඒ වගේම ------------- ක්‍රියාවලියට සම්බන්ද ඉංජිනේරුවෙක් කියන්නේ කොතරම් පඩි ගත්තත් ජීවිත අවදානම සහිත කෙනෙක්. කොතරම් ආරක්ෂාවක් ලැබුනත්. මගේ ගැටලුවලට සහන් කමෙන්ට් වලදී කරුණු මගහැරීමට හේතුව පැහැදිලියි. ඒ වගේම සහන්ගේ එක ගුණයක් දැක්කා. එනම් මම කොතරම් තර්ක දැම්මත් ඒවායින් ඔහුට අපහාස වුවත් ඔහු නොකියන දේ නොකියන බව.

      ___________________________________


      @ ano

      කැමති නම් එන්න.. මේක චැලේන්ජ් එකක්.. බාර ගන්න..." ඔබ වැනි කෙනෙක් සමග කතා කිරීමට දෙයක් නැහැ " කියලා නිවට ලෙස යන එකක් නැහැ කියල හිතනවා කොන්දක් තියේ නම් ..සයිලන්ට් සහන් හැංගෙන්න ආවේ නැහැ..

      Delete
    32. අප්පට සිරි මෙන්න වාද විවාද...අර රූපවාහිනී චැනල් වල යන ඒවා මොනවද හැබෑටම...

      Delete
    33. මාව දිව්ය ලොකෙට වුනත් යවන්න පුලුවන් (මේ කියනවා ඇත්තේ මාව මරන්න වුනත් පුලුවන් කියා වෙන්න ඇතී)විවිද විශයන් ගනනාවක් ගැන විශාල දැනුමක් ඇති(එයාම තමයි කියන්නේ)ආරක්ශක අන්ශයක ඉහල තනතුරු දරා ඇති(එයාම තමයි කියන්නේ) සයිලන්ට් සහන් නමැත්තා මෙම විවාදයෙන් දිනූ බව මම ප්රඉසිද්දියේ පිලිගනිමි.personality disorders ගැන මම හොදටම දන්නා බැවින් ස්කයිප් කතන්දර අවශ්ය නැත.
      මෙම විශ්යන් ගනනාව කියන්නේ කුනුහරප කීම බැනීම තර්ජනය කිරීමට අමතරව වෙන්න ඇති.තවදුරටත් පිලිතුරු දෙන්නට එන්නේ නැත

      Delete
    34. Anonymous ගේ තර්කය සහන් වටහා ගෙන නැති බව පෙනේ මා ද මෙය වරක් මතු කරනු ලදුව සහන් වල්ගය පාගා ගත් නිසා නිහඩ වීමි

      Delete
    35. @ අටම්

      මුන්ට කිව්වේ වෙලේ කට ගලේ උලා ගන්න එක සැපයි බන්..

      @ බුවා

      අනේ මේ පලයන් මෙයා යන්න.. උඹයි මායි දන්න වලිගෙ...


      @ ඇනෝ නෝනේ

      ඉහත දක්වා තියෙන්නේ " විශ්ව රංගනාත් : විසින් සිදු කල කතාවක්.. අනේ මෙහෙම බූරු බබෙක්... සිංහල දන්නේ නැද්ද ..? සිංහලෙන් කිව්වා නේද මේ වෙන කෙනෙක් කරපු පාපොච්චාරණයක් කියලා.. නැවත ඉස්කෝලේ යන්න.. ඊට පස්සේ එන්න...

      \\\\\\මෙම විශ්යන් ගනනාව කියන්නේ කුනුහරප කීම බැනීම තර්ජනය කිරීමට අමතරව වෙන්න ඇති.තවදුරටත් පිලිතුරු දෙන්නට එන්නේ නැත\\\\\

      හූ හූ ... :P

      Delete

    36. @ ඇනෝ නෝනේ ,

      දැන් ඉතින් මටත් මේක විනෝදයක් බවට පත් වෙලා තියෙන්නේ..පොඩ්ඩක් එන්න මට විනෝද වෙන්න අවශ්‍යයි ඔබ සමග.. තරහා නැතුව මෙන්න මේ ලින්ක් එක බලන්න...

      විශ්ව රංගනාත් November 2, 2013 at 12:39:00 AM GMT+5:30
      මේ ලින්ක් එකේ ඇති කතාවයි මා ඉහත දක්වා ඇත්තේ.. ඔහුත් දිනක් මා සමග දීර්ඝ සංවාදයකට පැමිණියා සිංහයා වගේ.. බැරිම තැන ස්කයිප් ඇමතුමක් ගත්තා.. ඇමතුමෙන් පසු ඔහු කළ කතාවයි ඉහත මා උපුටා දක්වා ඇත්තේ... ඔබට සිංහල තේරෙන්නේ නැති නිසයි මේ නැවත පැහැදිළි කරේ... තේරුණාද ...?


      Delete
    37. සමාවෙන්ඩ ඇනෝ,.
      පොඩ්ඩක් පරක්කු උනා !!

      ඇනෝ මටත් පර්සනලිටි ඩිසෝඩර් වගේ
      ලස්සන නමක් තියන ඉන්ගිරිස් ලෙඩක් දෙන්නකො..
      ඊයෙ හීනමානෙ ද මොකද්ද කිව්වෙ .ඒ නම හරි නෑ මෙයා ! ඒක ලෝකල් නෙ .

      Delete
    38. @ පත්තර මල්ලි

      බලහන් මට නම් පොෂ් නමක් සෙට් උනා.. උඹට පීචන් එකක් ... :) :)

      Delete
    39. සහන් අයියෙ 
      උඩ ක්මෙන්ට් එකේ ඉංග්‍රීසි නම සිංහලෙන් ලියද්දි වැරදුනා නොවැ.ලැජ්ජාවෙ බෑ අනේ .චී !
      මටත් හීනමානෙ වෙනුවට self esteem වගේ ලස්සන නමක් කිව්වනම් මාත් ආසයි බං..
      " පර්සනලිටි ඩිසෝඩර් "හරි පොශ් වැදගත් .මං ආසයි ඒ නමට...
      හීනමානෙ . චි චී ඇනෝ .. මට තියෙන්නෙ සෙල්ෆ් එස්ටීම් හරිද ?හීනමානෙ ති‍යෙන්නෙ ගොඩේ උනට ! ඊයා

      Delete
    40. තමන්ගේ වල්ගය තමාටම පෑගුන විට වේදනාව වැඩි නේද සහන් මහත්තයෝ? දිව හැපිලා වගේ දැන් නේද? ඔබ කියන සියල්ල පිළිගන්න මල්ලිලා අයියලා එක්ක ආතල් ගන්න අපට රිදී නැත

      Delete
    41. @ බුවා

      කොහෙද යකෝ මගේ වල්ගයක් පෑගිලා තියෙන්නේ මෙතන.. මම උඹට එවෙලේ නොකියා හිටියේ බැරි කමට නෙවේ.. හිතුවා උඹ යමක් කමක් තේරුම් ගිහින් කියලා එදා මට කියල ඇර ගත්තට පස්සේ .. උඹට මතකද උඹවයි උදිත් කියන පල් හරකයි තව දෙන්නෙකුයි පෝලිමට ඇර ගත්තා මගෙන් ...? ඊට පස්සේ මාස ගාණක් ආවෙත් නැහැනේ කොටින්ම .. ( දැන් කියයි වැඩ කියලා )

      ආයේ මතක් කරලා දෙන්නද ..? යකෝ ඉස්සෙල්ල යමක් කමක් ඉගෙනගෙන වරෙන් පණ්ඩිත කම් කියවන්න කලින්...

      Delete
    42. මේ තියෙන්නේ බුවා , උදිත කියන මී හරක් දෙන්නයි තව දෙන්නෙකුයි මට කියලා පුකේ ඇර ගත්ත හැටි June 9, 2013 at 12:18 AM ඊට පස්සේ බුවා පේන්න හිටියේ නැහැ මාස ගාණක්.. උදිතයගේත් පුක මූට්ටු වෙලා ඉන්නේ.. යාන්තන් ඇඹරි ඇඹරි ඉන්නවා දැක්කා ඌ නම්... බුවාට ආයේ බෙහෙත් ඕනේ වෙලා වගේ... වරෙන්කො උගුරටම යන්න දෙන්නම් .... කෝ හොඳ ළමයා වගේ කට අරින්න ...

      Delete
    43. අම්මටහුඩු බුවා
      උඹත් ආවද ??
      ඒ පාර නමින්ම ඇවිත් නේ !!
      අපි ගන්න ආතල් එලටම ගන්නව මස්සිනේ !
      වරෙං වරෙං ..

      අපි යහපාලනේ ගැන කතා කරමු !!

      Delete
    44. ඹබව හද්‍රනා ගැනීමට ලැබීම සතුටක් ඔබේ රෝගය හා ගමන ඉතා පැහැදිලියි ජය වේවා .... සහන් මහත්මයා සමහර විට ඔබත් මාත් එකම මන් සන්දියකදී හමු වනු ඇත

      Delete
    45. හා හා පෝලිම් පනින් නෑ

      කට ඇරං පෝලිමට පෝලිමට !!

      Delete
    46. @ බුවා

      එහෙමද ...? අපි යන පාරෙන් එනතාක් නෝ ඔබ්ජෙක්ෂන්ස් .... පිට පාරෙන් දාලා යන්න නම් දෙන්නේ නැහැ මල්ලි... වැඩි දුර යන්න ලැබෙන්නේ නැහැ.. ඒක වගකීමෙන් කියනවා..

      Delete
    47. මේ බුවා මචං

      මං උඹව දැක්ක ඩික්මන් රෝඩ් එකේ ..

      එහෙදි නං බෑ ඔන්න .

      මං විනාඩි 5 න් එනවා . පොඩි වැඩක් .
      යන්නෙපා හොඳේ

      ඉන්න අපි යහ පාලනේ කතා කරමු

      Delete
    48. @සහන්
      ඔබ සිහිනයක් දකිනවා අවදි වන්න....

      Delete
  6. ඒ රටට ගිහිං ඉන්නෙ උගත් මද්‍යස්ත මත ධාරී වැදගත් මිනිස්සු සහන් !!
    උපාධිත් තියනව !
    අපි වගේ ගොබ්බයො නෙවෙ‍යි

    කරුනාකරල ආවට ගියාට ඒ මිනිස්සුන්ට එහෙම කතා කරන්නෙපා !!

    ReplyDelete
    Replies
    1. හෙහ්හ් හෙහ්හ් සමාවෙන්න ඕනේ එහෙනම් මයි ෆුට් ...!

      Delete
    2. ඇත්තට සහන් ඔස්ට්‍රේලියාව සුර පුරයක් වගේ රටක් නෙවෙයි නං ඔය බෝට්ටු වල එල්ලිලා ඔය තරම් යන්න පොරකයි ද ?

      Delete
  7. කලින් ෆෝන් එකෙන් කියෙවුවත් කොමෙන්ට් කරන්න බැරිවුණා. මුළු ලිපියම කියෙවුවා හොදේ .. ඒ සමහර සිද්දි කියවද්දී මගෙත් ඒහා සමාන මතකයන් මතක් වුණා. ප.ලි කොටස පෝස්ට් එකක් වගේම තමයි

    ReplyDelete
    Replies
    1. ඒ හා සමාන මතක් වු ඇතැම් සිදුවීම් ඔබේ බොග තුලින් අපිට ඉදිරි දිනයක කියවන්න ලැබෙනවා නම් හොදයි නේද නගේ ඉදගෙන...මුලු ලිපියම කියවලා කමෙන්ට් කරන පුරුද්ද හොද පුරුද්දක්...මම ඒක අගය කරනවා...

      Delete
  8. ////වර්තමානයේ නම් රූප පෙට්ටියක් නොමැති නිවසක් සොයාගත නොහැකි වුවත් එකල අප ගම් පියසේ රූපවාහිනියක් තිබුනේ එහෙමත් තැනකය.\\\\

    අපේ ගෙදර තවමත් ඔය මෝඩ පෙට්ටියක් නැහැ බං.අන්න ඒ නිසාම....

    ////අරුමෝසම් උපකරණ නිවෙස් තුල හිග වූ මේ කියන කාල වකවානුව සැබැවින්ම සුන්දර කාල පරිජේදයකි. අසල්වැසියන් බොහෝ දෙනෙකු නිදා ගන්නා වේලාව උදා වන තුරුම අල්ලාප සල්ලාපයේ යෙදීම එකල ගමේ එකමුතු කම මෙන්ම සමගියටද බෙහෙවින් ඉවහල් විය. අද අප පාවිච්චි කරන ඇතැම් නවීන පහසුකම් මිනිසුන්ගේ වූ ඒ බැදියාව නැති කර ඔවුන් අතර පරතරයක් ඇති කිරීමට දායක වූ ඒවා යැයි විටෙක මට සිතේ.\\\\

    ගමේ කෙසේවෙතත් ගෙදර මිනිස්සු එකට එකතු වෙලා රෑට කනකොට කතා කරන එකවත් ඉතුරු වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අහන්නත් ආසයි....මෙහෙම තැනක් තවමත් තියෙනවා කියලා...පාසල් යන වයසෙ දරුවන් ඉන්න අපේ සමහර ඥාතීන්ගෙ නිවෙස් වලත් රූප පෙට්ටි, පෙට්ටි වලට දාලා තියෙන්නෙ...දැන් යන ඒවා පොඩි අයට බලන්න පුලුවන් ඒවයෑ....

      Delete
  9. 'තේ පට්ටිය' ඒකත් මරු නම.
    අර අන්තිමට කියපු ටික නම් ඇත්තම තමා සිරා. අපේ උන්ට තව ටික කාලෙකින් අපේ ‍රටේ යුද්ධයක් තිබ්බද කියලත් අමතක වෙනවා.

    රංජිත් අයියටත් නිවන් සුව පතමු !

    ReplyDelete
    Replies
    1. තේ පෙට්ටිය .....අපේ මලයා දාපු නම නොවැ....අපේ මතු පරපුරට රණවිරුවන් කල කැප කිරීම් ගැන බොලා වගේ හැම දෙමාපියෙක්ම කියා දුන්නොත් මම හිතන්නෙ නෑ ඒ අයට අමතක වේවි කියලා...ඒත් දැන් යන විදියට නම් ඒක වෙයි කියලත් හිතෙනවා...රංජිත් අයියට නිවන් සුව පතන්න ඔහුගේ මලගම දවසෙ මමත් එකතු වුනා.

      Delete
  10. මට දැනිල තියෙන විදියට සාමන්‍ය ජනතාව අතරනම් රනවිරුවාට තවම ගරු කිරිමක් තියෙනව.හැබැයි එකෙන් අයුතු ප්‍රයොජන ගන්න ගියාම එ අයව එතනින් විසිවෙනව.මෙ ලගදි නෙවි එකෙ කෙනෙක් කල වැඩක් මම ලියන්නම් ලගදිම.

    ReplyDelete
    Replies
    1. රණවිරුවන් කියන්නෙ යුද්ධයටම විශේෂීකරණය වෙච්ච පිරිසක් නොවැ...යුධ පුහුණුව තුලදි මේ අය ලබන අත්දැකීම් සාමාන්‍ය ජනසමාජයට අහිතකර අන්දමින් බලපානව ඒ අයගෙ හිත් වල තියෙන අදහස් විෂමාකාරී වුනාම....රණවිරුවන් යුද්ධයෙන් පසු සමාජගත වෙද්දි ඒ අයගෙ මානසික තත්වයත් ඔය කියන සිදුවීම් වලට ඉවහල් වනවා. නිසි මගපෙන්වීමක් තියේ නම් තත්වය මදක් හෝ සමනය වේවි.

      Delete
  11. රූපවාහිනිය ආවටත් වැඩිය ඕකෙ පැයගණං ටෙලි නාට්ය පෙන්නන්න පටංගත්තට පස්සෙ තමයි ඔය පවුලෙ අය අතර දුරස්බව ඇතිඋනේ. ඉස්සර වගේ දවසකට පැය බාගයක් විතරක් පෙන්නුවනං ඔච්චර භයානක තත්වයක් ඇතිවෙන්නෙ නෑ.

    රංජිත් අයියාට මගේ ආචාරය.

    ReplyDelete
    Replies
    1. ඒ දවස් වලනෙ ඉතිං නිර්මාණ කිව හැකි දේ රූපවාහිනියෙ විකාශය වුනේ...ඒ වගේම ඒවායෙ වැඩකල ඇත්තොත් ඒ ගුණයෙන් ඉහළ අය....පස්සෙ කාලෙක හැම දෙයක්ම මුදලින් තීරණය වෙන්න ගත්තට පස්සෙ තමයි ඒ සුන්දරත්වය පලා ගියේ.

      Delete
  12. උඹේ මල්ලි ගැන කියද්දී මට මතක් උනේ අපේ දේශයගේ පුතණ්ඩි යව.
    මේ කතාව ලංකාවේ සාමාන්‍ය පවුල් වල සිදුවන දේවල්.
    යුදවිරුවන්ගේ සිදුවීම් ගැන එදත් ,අදත් අසන විට මගේ සිත හදා වැටෙන වාර අනන්තයි.
    මිය ගිය සෙබලාගේ මිනිය තමන්ගේ ගෙදර තබන්නට ඉඩක් නැතිව ගෙදෙර මිදුලේ පුංචි ඉඩ කඩේ තාවකාලික ටකරන් වහලය යට මිනිය තියපු රටක් සි ලංකාව.

    ReplyDelete
    Replies
    1. මමත් එවැනි කථා බහ ඕනෑ තරම් අසා තියෙනවා...සමහර නිවැසියන්ට දේශපාලකයො අලුත් නිවාස ලබා දෙන බවට රණවිරු දේහයන් අභියස පොරොන්දු දුන්නත්..ඒවා කිසි කළෙක ඉටු වුනේ නෑ...යුද්ධයකට කිසි ලෙසකින් සක්‍රීයව දායක වුනේ නැති හමුදා සාමාජිකයන්ටත් රජයේ රණවිරු නිවාස පස්සෙ කාලෙක ලැබුනා.

      Delete
  13. මට ටිකක් ටියුබ්ලයිට් වගේ ඇයි මේකට මල්ලි තේ පෙට්ටිය කියලාම කිව්වේ

    ReplyDelete
    Replies
    1. මටත් ඕකම හිතුන....
      හැබැයි ඇහැව්වේ නැහැ...

      Delete
    2. ඒකා ඉතිං ඒ කාලෙ ළපටි එකා නොවැ...මේ රූපවාහිනියෙ පිටිපස්සෙ අර ෆෝමිකා වලින් වගේ නිමාවක් තිබුනෙ...හරියට ලී වලින් නිම කල පෙනුමක්...ඒ නිසාම පොලේ තේ විකුණන්න මුදලාලිලා තියාගෙන ඉන්න තුනීලෑලි පෙට්ටිය ඒකාට මතක් වෙන්ට ඇති.

      Delete
  14. ඒ කාලේ අපේ පැති වල ඕ ලෙවෙල් ඉවරවුන ගමන් කොල්ලෝ හමුදාවට ගියා කෙල්ලෝ ගාමන්ට් ගියා..උන්ටත් සල්ලි තිබුනනම් ඒ විදිහට අකාලේ මැරෙන්නේ නෑ :(

    ReplyDelete
    Replies
    1. ඒක එහෙම තමයි බොහෝ තැන් වල උනේ නගේ...රණවිරු මරණය මතක තියෙන පොඩි කාලයක් විතරයි හැමෝම ඒ පවුල දිහා ගෞරව මුසු හැගීමකින් බැලුවෙ...රැකවරණය සැලසුවෙ

      Delete
  15. සිරාගේ කතාව කියෙව්වම මට මතක් උනේ මගේ පොඩි කාලේ...

    අපේ පියතුමා වැඩ කලේ පොලිසියේ නිසා මගේ ජිවිතයේ ගොඩක් කල් ගෙවුනේ පොලිස් පවුල් ඉන්න ෆලැට් වල. යුද්දේ උපරිමය තිබ්බ කාලේ මාස කිහිපයට සැරයක් ෆලැට් එකේ කවුරු හරි ත්‍රස්තවාදීන්ට බිලි වුනා.. ඒ පවුල් වල ඈයොන්ගේ දුක බේදාගන්න ලොකු මහත්තුරු අවේ 7 දවසේ දානය වෙනකම් විතරයි (හැමෝම නෙමේ).... මොනව වෙලා මලත් මාස 6න් ගෙදර බාර දෙන්න ඕන.. ඊට පස්සෙ ඔය වන්දි අනන් මනන් ගන්න ගියාම කාටවත් මතක නෑ මේ මනුස්සයා මැරුනේ රට වෙනුවෙන් කියන එක...

    ReplyDelete
    Replies
    1. ලියන මහත්තයා කාමරේට සාදරයෙන් පිළිගන්නවා...

      ඇත්තම කියනවා නම් අපේ පළාතෙත් මාසෙකට රණවිරු මරණ කීපයක් ආරාංචි වෙච්ච කාලයක් තිබුනා. ඇති හැකි පවුල් වල හොදට අධ්‍යාපනය ලබපු අය පවා ඒ අතර හිටියා අවංක හැගීමෙන් රට රකින්න ගිය.

      මේක රණවිරුවන්ට පමණක් නෙමෙයි හැම කෙනෙක්ටම පොදු ධර්මතාවක්...ඡන්දය ලබා ගන්න කොයි තරම් බොරු පොරොන්දු දෙනවද.....බලයට ආවම මතක නෑ...අයවැය දවසට කොච්චර බොරු කියනවද....අන්න ඒ වගේ බොරුවෙන්ම ගොඩ යන තැනකට අපේ රට පත්වෙලා ඉවරයි දැන්.

      Delete
  16. මට හරිම දුක යි රංජිත් අයියට වුණ දේ ගැන. //දැන් දැන් අසන දකින දෑ අනුව රංජිත් අයියලා වැනි දහස් ගණනක් රණවිරුවන් කලා වූ කැප කිරීම් තවත් මද කාලයකට පසු අපේ රටට අමතකව යනු ඇත. එහෙත් ඔවුන් හෙලූ රුධිරයෙන් සාරවත් වූ ඒ බිමේ අලංකාර පුෂ්පයන් සුපිපී නිදහසේ මදනලින් ඒ මේ අත වැනෙනු ඇත. මව්බිම බේරා ගනු රිසියෙන් එඩිතරව සටන් වැද මිය ගිය මේ රණවිරු කැළ ඒ පුෂ්පයන් අතරේ කෙළි දෙලෙන් දුවනා කුඩා දරු දැරියන්ව නැවතත් මේ බිම උපදින්නෝ වන්නාහ.// මේ කොටස නං තදින් ම හිතට වැදුනා. මද කාලයක් නෙමෙයි දැන්ටමත් සමහරුන්ට අමතක යි රණවිරුවෝ මේ රට රැක ගන්න කරපු කැප කිරීම. එහෙම නැත්තං ඉවක් බවක් නැතු ව රට විනාස කරලා දායි ද?

    ReplyDelete
    Replies
    1. මට අදත් සිහිනයක් වගේ මතක් වෙන ඒ අතීතය දෙන්නෙ රිදුමක්...ඔහුත් තරුණයෙක් විදියට කොච්චර බලාපොරොත්තු තියාගෙනද එදා එන්න පිටත් වෙන්න ඇත්තෙ...ඒ වගේ කැප කිරීමක් මුදලට හරි කරන්න අපේ රටේ හැමෝටම බෑ නේද...අන්න ඒ නිසයි රණවිරුව අනෙක් අයගේ ගරු සැළකිලි ලැබිය යුත්තෙ...

      ඒ අය අමාරුවෙන් බේරගත්ත රට වර්තමානයේ යන අත ගැන මටත් පැහැදිලි චිත්‍රයක් මැවෙන්නෙ නෑ.

      Delete
  17. පසු සටහනේ ලියා ඇති මෙව්වා ටික කියෙව්වාම...පෝස්ට් එකකියවාගෙන කික් එකේ ලියන්න හිතාගෙන හිටි ඒවා...වාශ්පවී ගියේය.හේතුව මාහටත් ඕවැනි අත්දැකීම් ඇති නිසාය.මතක් වෙනවාට වත් අකමැති එවැනි සිදුවීම් හදවත පාරයි. රණවිරුචන් ජීවිතය පුදා මුදාගත් මේ බිම නිසි සැලසුම් සහගත නොමැති ආර්ථික/විදේශ සේවා ප්‍රතිපත්ති නිසා රටට කෙලවෙන යුගයක් උදාවීගෙන එන බව පෙනේ.

    //අරුමෝසම් උපකරණ නිවෙස් තුල හිග වූ මේ කියන කාල වකවානුව සැබැවින්ම සුන්දර කාල පරිජේදයකි. අසල්වැසියන් බොහෝ දෙනෙකු නිදා ගන්නා වේලාව උදා වන තුරුම අල්ලාප සල්ලාපයේ යෙදීම එකල ගමේ එකමුතු කම මෙන්ම සමගියටද බෙහෙවින් ඉවහල් විය. අද අප පාවිච්චි කරන ඇතැම් නවීන පහසුකම් මිනිසුන්ගේ වූ ඒ බැදියාව නැති කර ඔවුන් අතර පරතරයක් ඇති කිරීමට දායක වූ ඒවා යැයි විටෙක මට සිතේ.//
    මේ කියමන් ඉතා සත්‍යය. අපකුඩා කාලයේ ගමේ තිබූ කුඩා,කුඩා තේ කඩවල මහ රාත්‍රිය තෙක් අල්ලාප සල්ලාපයේ බොහෝ අය යෙදී සිටිය අයුරු අදද මතකය.

    අපේ ගෙදර ටීවී එක කැඩී ගොස් ටික කලකි.ටික දිනක් යනකන් රාත්‍රිය ගෙවාගැනීම උභ‍තෝකෝටික වීය.එහෙත් දැන් ඉතාමත් සුවදායක බවක් නෙත් දෙකටත් ඇඟටත් දැනේ. හේතුව එකම ඉරියව්වට ටීවී බලා තුනටිය රිදීමට ලක් වීමය.( අනේ බං දිග වැඩී..බැනුං අහන්නයි වෙන්නෙ තව ලිව්වොත්)

    ReplyDelete
    Replies
    1. මම ලංකාවෙ ඉද්දිත් රූපවාහිනිය නැරඹුවෙ ක්‍රිකට් තරගයක් හරි ප්‍රවෘත්ති ටිකක් බලන්න විතරයි. ඇත්තටම ඒක නැති වුනාම මිනිස්සුන්ට තමන්ගෙ ගෙදර වැඩ කරගන්න කාලය තියෙනවා...ස්වාමියාට බිරිද එක්ක කථා බහ කරන්න වෙලාව තියෙනවා...බොලාට ගෙදර අන්තර්ජාල පහසුකම තියෙනවා නම් රූපපෙට්ටියක් නැතත් හොදයි වගේ...

      Delete
  18. අපේ ගෙදර ට ටීවි එක ආවෙ ඔයිටත් පස්සෙ..

    ReplyDelete
  19. මං මට වුන සිදුවීමක් කියන්නම්
    මෙයට වසර කීපයකට පෙර යුරෝපයේත් ශ්‍රී ලංකාවට ඇමතීමට තිබුනේ idd කාඩ්පත්..
    ස්තාවර හා ජංගම දුරකතන විනාඩියකට ඉහල මිලක් වුනා. එක කාඩ්පතක් තිබුනා ' ඥානම් 'නමින්.
    එක් ශ්‍රී ලාංකික සංහල ජාතිකයකු පවත්වාගෙන යන දුරකතන ඇමතුම් හලකට ගිය මා වෙනත් කාඩ්පත් වර්ගයක් ඉල්ලා සිටිවිට ඔහු මට ඥානම් ගන්න යයි පැවසුවා.මා දන්නා තරමට එය කොටි සංවිධානයට සම්බන්ධ ආයතනයක්.කාඩ් පතකින් කොමිස් මුදලක් කොටි සංවිදානයට හිමියි.
    (මා වැරදිනම් නිවැරදි කරන්න) මා එය ඔහුගෙන් ඇසූ විට ඔහුගේ පිලිතුර

    " කොටින්ට ගියාට මට කමක් නෑනේ මල්ලී මගේ ගාන ලැබෙනවනම් " වුනා.
    මං සුද්ද සිංහලෙන් ඌට කිව්වා.ආයෙ ඒ කඩේට ගියෙත් නෑ.‍යන්නත් බෑ
    යුද්දෙ දිනපු ගමන් ලොකුවට සිංහ කොඩියක් දාල නම් තිබුනා ඒත්.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් තැන් වල ඔවැනි ක්‍රියා සිද්ධ වුනා...ඔය මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ඒ කාලයේ නවාතැන් දුන්න කී දෙනෙක් අය සිංහලද...රූපවාහිනියෙ කොච්චර කිව්වත් නාදුනන අයට නවාතැන් දෙන්න එපා කියලා තමන්ගෙ අතට ලැබෙන මොණර කොළයක් ඉදිරියේ ජාතිය තියා උන්ගෙ දෙමාපියො හරි පාවාදෙන්න ඒ ජඩ හැතිකරේට පුලුවන්...බොලා එවේලේ ප්‍රතිචාර දක්වා ඇති ආකාරය මම ඉතාමත් අගය කරනවා..

      Delete
  20. අපෙත් තේ පෙට්ටි ඉතිහාසය ඔය වගේ තමා..එක දවසක් බලන්න යනකොට පුටු ඔක්කොම එළියට දාලා, ටීවී එක හුඩ් එක යට තියලා.. ඊට පස්සෙ තාත්තා ගෙනාවා කලු සුදු එකක්..

    ReplyDelete
    Replies
    1. ඔය වගේ හිත් රිදෙන වැඩ ගැන මට නම් අත්දැකීමක් නෑ...මොකද අපේ දෙමාපියො කිසිම පිටතැනකට ටීවී බලන්න යන්න දුන්නෙ නැති නිසා...අපි ගියෙ ජෑස් කොල්ලගෙ ගෙදරට විතරමයි. ඒත් අපේ නිවාසය අවට හිටිය ඇතැම් අයට නම් බොහෝ හිත රිදෙන දේ වෙලා තිබුනා...එක් පියෙක් ණයට මුදලක් හොයාගෙන පුංචි රූපවාහිනියක් ගෙනැවිත් තිබුනා එහෙම අවස්ථාවක.

      Delete
  21. රණ විරුවො අපිට ලබා දුන්න දේවල් බහුතර සමාජයම ඒ දවස්වලම අමතක කරලා කියන එක තමා මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අපේ ජාතිය කොහොමත් යම් සිදුවීමක් වැඩි කාලයක් මතක නොහිටින ජාතියක් හැටියට ප්‍රකටයි නොවැ...ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකකට බෙදී මහජාතිය කුලල් කා ගැනීමත් මෙයට හේතුවක් ලෙසයි මම දකින්නෙ...

      Delete
  22. දුප්පත්කම ඉහවහ ගිය පවුල්වල, හරිහමන් අධ්‍යාපනයක් නැති කොල්ලෝ, ජීවත්වෙන්න විදිහක් නැතුව යුද්දෙට බැඳුනා තමයි. හැබැයි පුහුණුවෙන් පස්සේ ඔවුන් තේරුම්ගත්තා තමන්ගේ වගකීම, යුතුකම, කාර්යභාරය, මොකක්ද කියන එක. ඒ නිසා උන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වුනා භයානක ක්‍රියාන්විතවල කොටස්කරුවන් වෙන්න. අට දෙනාගේ කණ්ඩායම් වලට බැඳිලා සතුරු ප්‍රදේශයේ ඇතුලට රිංගලා පහර දෙන්න. උන්ට තිබුනා ටිකක් දුර ගිහින් බොරුවක් කරලා ආපහු හැරිලා එන්න. උන් එහෙම කලත් අපි දන්නේ නැහැ. නමුත් ඇත්තටම් උන් එහෙම කලේ නැහැ. මරණය පෙනී පෙනී සටන් කළා. එහෙව් කොල්ලන්ට අපහාස කරන එවුන්ගේ හත්මුතු පරම්පරාවටම සාප වෙනවා.

    ReplyDelete
    Replies
    1. මෙන්න මේක තමයි මාත් කියන්න කියලා හිතාගෙන ආවෙ උඩ සාකච්ඡාව දැකලා...

      ඇත්ත.. වෙන කරන්න දෙයක් ඇත්තෙම නැති තැන, ඕනෙ තරං කොල්ලො මැරුනත් මොකෝ කියලා හමුදාවට ගියා.. මළාම අම්මට තාත්තට පෙන්ෂන් එක හරි හම්බුවෙනව කියන එක තමයි ඒ අයගේ ඔලුවල තිබ්බෙ... ඒත් ඒ ගිය එකා ක්‍රියාන්විතයට ගිහින් කොටි වෙඩි තියන්න ගත්තම බුදු අම්මෝ කියලා පස්ස හැරිලා දිව්ව නං මොකාද ඉස්සරහට යන්න ඉතුරු වෙන්නෙ...? ලොකු ඉස්කෝල වල ඉගෙන ගෙන, උපාධි ගත්ත, ලොකු තනතුරු දරපු අය පිටිපස්සෙ ඉඳන් යුද්ධෙ සැලසුම් කරන කොට, තුවක්කු අරන් ඉස්සරහට ගියෙ ඉස්කෝලෙන් කට්ටි පැනපු, ජීවත් වෙන්න වෙන කරන්න දෙයක් නැති වෙලා හමුදාවට බැඳිච්ච ගම්වල කොල්ලො තමයි... හැබැයි උන් නැත්තං යුද්ධයක් කරන්න පුළුවන් වෙන්නෙත් නෑ...

      Delete
    2. හමුදාව විකුණන් කන පාලකයොනේ ඉන්නේ.....දැන් අර අබාධිත සෙබළුන්ට ඒ වන්දි නොලැබීම නිසානේ නඩු දාන තැනට පත්වුනේ..රණවිරුවා සිහිකරන එකයි, රණවිරුවා විකුණන් කන එකයි එකක් නෙමේ දෙකක්....ඒ දුක විඳින්නේ ඒ පවුල්වල උදවිය. රංජිත් අයියලා උදාහරන....අද බොහෝ දුරට ඉන්නේ මේවා කතාවට සීමා කරපු කතාපෙට්ටි දේශපාළුවෝ......ඔච්චර මල්වෙඩි ටෝක් දෙන රජතුමා යුද්ධේ කරේ තියන් බඩට නොකා සටන් කරලා විශ්‍රාම ගිය සෙබලාට අයවැයෙන් වැඩිකරේ දවසට රු.11.66යි..හම්බවෙච්ච පදක්කම පොලිශ් කරගන්න බ්‍රාසෝ ටින් එකක් ගන්න බැරිවෙයි ඒකෙන්....මෙන්න මේවයි කතා කරන්න ඕන. මොකද තාමත් අයවැයෙන් වැඩි මුදලක් වෙන් වෙන්නේ ආරක්ශක අමාත්‍යාංශයට්. රණවිරුවන්ට මොනවද වෙන්වෙන්නේ?

      සහන්....විචාරක තුමා...වගේ අය මේවා දන්නවා මට වඩා සහ මීට වඩා..

      Delete
    3. විචාරක තුමාගෙ අදහස් අපේ වගේ නෙමෙයි...හමුදාවෙ කීර්තිමත් නිලධාරියෙකු විදියට සේවය කරන කාලෙ මේ සිදුවීම් එක්ක ජීවත් වෙච්ච කෙනෙක්...ඒ නිසා අපේ රණවිරුවන්ට විරද්ධව බටහිර බලවේග එක්ක එකතු වෙලා අවමන් කරන නිවට සිංහල බල්ලන්ට ඒත්තු යන්නත් එක්ක විචාරක තුමා ඇසූ දුටු දේ ඇසුරින් අපේ රණවිරුවො කල කැපකිරීම් හෙළිදරව් වන ආකාරයේ ලිපියක් ලියන්න...මටත් එහෙම එකක් ලියන්න කරුණු තියෙනවා...මම සහන්ටත් කිව්වා...ඔහුත් ලියාවි.

      Delete
  23. රංජිත් අය්යලා මහන්සියෙන් හරි හම්බකරපු රට...

    ReplyDelete
    Replies
    1. දේශපාලුවො ටික දෑතින්ම බදාගෙන කනවා දැන්...

      Delete
  24. යුද්දෙට ගිය කොල්ලෝ ගැන කතා කලොත් බ්ලොග් පෝස්ට් ඕනා තරම් ලියන්න පුලුවන් බන්,,මම දන්නවා මේ මිනිස්සුන්ව අමතක නොකරන සෙට් එකක් අපේ රටේ හැමදාම ඉදීවි,,,අමතක වෙන උනුත් ඉන්නවා තමා...
    කාලෙකදි ඔය ටීවී ගෙදරක තේජස පෙන්නපු උපකරනයක් නේ

    ReplyDelete
    Replies
    1. ඒ කථා අපි අහද්දි අපේ රටේ යුද්ධයේ අමිහිරි අත්දැකීම් අපි සමාජය තුලින් වින්දා...නමුත් මතු පරම්පරාව මේවා දැකලා නැති නිසා ඕනෑම කෙනෙක්ට ව්‍යාජ චිත්‍රයක් මවන්න පුලුවන් රණවිරුවන් ගැන...අන්න ඒ උත්සාහයයි අඩපන කල යුත්තෙ...

      Delete
  25. අපේ ගෙදර ලගක් වෙනකම් තිබුනේ අවරුදු 25 ක් විතර පරණ national tv එකක් black & white
    අවරුදු 25 ටම දෙපාරයි කැඩුනේ පලවෙනි පාර කැඩුනේ 93 මැයි පළවෙනිදා ප්‍රේමදාස මැරුණ එක බලන්න ගිහිල්ල අකුණක් වැදිලා
    දෙවෙනි පාර කැඩුනේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැරුණ දවසේ
    ඊට පස්සේ අලුත් එකක් ගත්තා

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ දේශපාලකයෙක් මැරෙද්දි ටීවී එකත් ලෙඩ උනා....අලුත් එකට ඒ ලෙඩේ නැද්ද ?

      Delete
  26. තේ පෙට්ටිය, ඒක මරු නම.. අපේ දිහාට ඉස්සෙල්ලම ටීවී එකක් ගෙනාවේ මම තුන වසරේ ඉද්දී මට මතක හැටියට.. ඒක අපේ ගෙදර තාම තියෙනවා..

    රණවිරුවෝ ගැන විචාරක තුමා දාපු කමෙන්ට් එකනම් සහතික ඇත්ත.. ඔය විදිහට මිනිස්සු කතා කරන්න තව වැඩි කාලයක් යන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදරත් තාම තියෙන්නෙ අර මම කියපු එකම තමයි...දැන් අවුරුදු 20 කට කිට්ටු උනත් ඒකෙ බාහිර පෙනුම වගේම ක්‍රියාකාරිත්වයත් තාම යල් පැනලා නෑ...ඔරිජිනල් ජපන් බඩ්ඩක්ලු.

      Delete
  27. සිරා, පොඩි කාලේ ලඟ ගෙදරකට ටීවී එකක් ගෙනල්ලා බලන්න ගිහින්, අපිත් නොසෑහෙන්න මදි පුංචිකම් වින්දා..., අපේ නැන්දා ගෙනාපු ටීවී එක බලන්න ගමේ හැමෝටම නැන්දා එන්න කිව්වෙත්, ඒ හිතේ අමාරුවටමයි. අපේ නැන්දත් ඔය වගේම ටීවී එක රෙද්දකින් වහගෙන, වර්ණනා කර කර ආරක්ෂා කලා....

    ලිපිය අවසන් කරලා තියන ආකාරයට මම කැමතියි. දේශපාලනිකව අපේ මත වෙනස් වෙන්න පුළුවන්... නමුත් ඒක මනුස්සයෙක් ගත්තහම, යුද්ධය නිසා ඔහුට/ඇයට වෙන බලපෑමට 'මානව දයාව' අගය කරන හැමෝම සංවේදීයි. යුද්ධයක් පවතින දේශපාලනමය කාරණා ගැන නොයෙකුත් ප්‍රශ්න තියෙන්නේ පුළුවන්. එහෙම ප්‍රශ්න කිරීම කියන්නේ ඒ යුද්ධය මහ පොළොව මත කරන සොල්දාදුවන් ප්‍රශ්න කිරීමක් නොවෙයි. යුද්ධයේ දේශපාලනමය කාරණා වලට විරුද්ධ වූ පමණින් යුද්ධයකදී මිය යන සොල්දාදුවන්ට කවුරුත් අගෞරව කරන්නේ නෑ. ඒ නිසා, යුද්ධය සම්බන්ධ මගේ මතය මොකක් වුණත් මිය යන්නේ, සහෝදර සහෝදරියන් ඇති, බිරිඳක් සහ දරුවන් ඇති, මව්පියන් හිත මිතුරන් ඇති මනුෂ්‍යයෙක්ය යන කාරණාව නැති වෙන්නේ නෑ. මේ ටික ලිව්වේ ඔබේ ලිපියටම අදාලව නෙමෙයි. කොමෙන්ට්ස් දැකලා...

    ReplyDelete
    Replies
    1. මා තුල යම් දේශපාලන මතයක් තිබුනට මෙතැනදි එය අදාළ නෑ...රණවිරුවාට පක්ෂයක් තිබුනෙ නෑ....ඒ අය කැපකිරීම් කලේ සමස්ත රටවැසියන් වෙනුවෙන්...ඒ නිසාම අප වෙනුවෙන් කැප වෙච්චි හැම රණවිරුවෙක්ටම අපි ණය ගැතියි කියන අදහස තමයි මගේ හිතේ තියෙන්නෙ...

      Delete
  28. සිරා ලොක්ක මම මේ බ්ලොග් එක කියවන්නෙ මම බ්ලොග් අවකාශයට එන්නත් කලින් ඉදල..ගොඩක් කැමැත්තෙන් කියවපු බ්ලොග් එකක් තමයි.එදා වගේම තමයි අදත් නියමෙට කොටලා තියෙනව..රංජිත් අයිය ගැනනම් ගොඩක් දුකයි.රංජිත් අයියල වගේ අය කුරීරු යුද්දෙ නිසා අපිට කොච්චරනම් අහිමි වුනාද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...නිකමට හිතන්න සියල්ල සැලසුම් කරලා විවාහ මංගල්ලයත් සූදානම් කරලා මේ විදියට අකාලයේ මිය ගියාම පවුලෙ අයට...බදින්න හිටපු කෙනාට කොයි තරම් කම්පනයක් දැනෙනවා ඇතිද...මට නම් හිතාගන්නත් අමාරුයි...

      Delete
  29. තේ පෙට්ටිය රෙද්දෙන් වහන කතාව කිව්වම මට කතාවක් මතක් උනා. අපේ යාලුවෙකුගේ ගෙදරටත් පත ටී වී එකක් ගෙනාවා. ඒ වගේම වීඩියෝ ප්ලේයර් එකකුත් ගෙනාවා. ඔය ගෙදර තමයි අපි බ්ලූ ෆිල්ම් බලන්නේ. ගෙදර අයිතිකාරයා නැති වෙලාවටත් යාලුවගෙන් යතුර ඉල්ලගෙන ගිහින් බ්ලූ බලනවා.

    ගෙදර අංකල්, පාටියක් තිබුන වෙලාවක. ලොක්කා වගේ ගෑණු අයට පේන්න හොඳ හින්දි සෝ එකක් තියෙනවා බලමු කියලා. ප්ලේ කරාම කයි බෝයි සෝ එකක්ලු යන්නේ. කස්ටිය කියලා කමක් නෑ ඒක තියන්න කියලා. විනාඩියයිලු ගියේ, හායී..... හූයී..... ආ....... හා.... ගාලා සුද්දෙකුයි සුද්දියෙකුයි පොරකනවලු. තඩි බ්ලූ එකක්. අංකල් කාරයා කලබල වෙච්චි පාරට වීඩීයෝ එක ඕෆ් වෙන්නෙත් නෑලූ. ඒ පාර කරපු වැඩේ සරමෙන් ටී වී එක වහලා. අම්මට හුඩු දැන් බ්ලූ ෆිල්ම් දෙකයිලු.

    ReplyDelete
    Replies
    1. මටත් දැනුයි මතක් වුනේ මහාචාර්ය මා තලන් තුමත් රූප පෙට්ටි ගැන ලිපියක් ලිව්වා කියලා...තාත්තා ලයිව් බ්ලූ එකක් වෙලා ටීවී එක ඉස්සරහා ඉද්දි අම්මා ළමයින්ගෙ ඇස් අත් වලින් වැහුවා...එහෙමද වුනේ...

      Delete
  30. අන්තිමට රටට රණ විරුවො උනේ හොරු. හැබෑ විරුවෝ අදත් දුක් විඳිනවා.

    ReplyDelete
    Replies
    1. අන්තිමට උනේ රණවිරුවො සහ යුද්ධය මාකට් කරගෙන දේශපාලුවො රජ වෙච්ච එක...

      Delete
  31. අපිත් තේ පෙට්ටිය මුලින්ම බැලුවේ අනුන්ගේ ගෙවල් වලින්...හැබැයි අපේ කාලේ වෙද්දී හැම තැනම වගේ තේ පෙට්ටි තිබුණා අපිට නැතුවට :D

    රංජිත් අයියගේ කතාව හරිම සංවේදීව දැණුනා..මිනිස්සුන්ට දැනටමත් යුද්දේ ගැන මතක නෑ...නමුත් හමුදා ක්‍රියාන්විතයේ හිටපු දුප්පත් කොල්ලො තාත්තලා උන දාට දරුවන්ට කියා දේවි පුතේ අපි යුද්ධ කරේ මෙහෙමයි" කියලා..

    මටත් අපේ ගමේ ගුවන් හමුදාවේ හිටපු අයියා කෙනෙක්ගේ අවමංගල කටයුතු කරපු හැටි මතක් උනා..බෑන්ඩ් ගහලා වෙඩි මුර තියලා...ගමේ හංදියේ තවමත් එයාගේ පිංතූරෙත් එක්ක හදපු එයාගේ සොහොන් කොත තියනවා....සෑහෙන සෙනගක් හිටියා වගේම ගමෙන් බාගයක්ම ඇඬුවා..

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි නංගි...ආරක්ෂක අංශයක කොල්ලෙක් කියන්නෙ ගමේ හැම පොදු වැඩකදිම පෙරට ආපු අය...හතුරො නෑ ගම්වල මේ අයට මිතුරො මිසක...අපේ ගමේ තවත් සෙබලෙක් ගැන ඉදිරි දිනයක කියන්නම්...එයාට නම් මේ වගේ මූසල සිදුවීමක් වුනේ නෑ...

      Delete
    2. සිරෝ......ගමටම වාතවෙච්ච, රටටම කොඩිවින වෙච්ච හාදයොත් හිටියා කාලයක්....ජෙනරල් ෆොන්සේකා නිසා එහෙම උන් නැතිඋනා....දැන් ආයෙමත් උන් ඔළුව උස්සනවා.... හමුදා විනය පිරිහිලා....යුද්ධ සමයට සාපේක්ෂව. හේතුව?????????????????

      Delete
    3. හේතුව ඉතින් නියම සුදුස්සා වෙනුවට නුසුදුසු හමුදාවෙ ඉහළ තනතුරු වලට පත් කිරීම..

      Delete
  32. ඔය කියන කාලෙ අපි ටී වී බලපු හැටි මම දවසක් කතාවක ලිව්ව සිරා,බලපුවම ලංකාවෙ හැමතැනම ඒකම විදියට නෙ ඒ දවස්වල ටී වී බලල තියෙන්නෙ.ඒ මතකයන් සිහිවෙනකොටත් දැන් හරිම ආසයි.

    ReplyDelete
    Replies
    1. ඒ දවස් වල ඉතින් මිනිස්සුන්ට අද වගේ රාත්‍රී අවන්හල් වලින් කෑම කන සංස්කෘතියක් හරි...ඩිස්කො කැරොකෙ ක්ලබ් යන සංස්කෘතියක් හරි තිබුනෙ නෑනෙ....වින්දනයට කියලා අලුතෙන්ම ලැබුනු මේ රූපවාහිනී කලාවට හැමෝම රොක් වෙන්න ඇති. මොකද ශ්‍රීලංකා ගුවන් විදුලියෙන් හඩ විතරක් ප්‍රචාරය කලාට මේකෙ රූපෙත් ඒ එක්ක දුන්න හින්දා...

      Delete
  33. කොමෙන්ටුව දිග වැඩි නිසා 2 කට කඩන්න වුනා... ( බොහොම ස්තූතියි සහන් අයියේ උපදෙසට ). මේක තමයි මම හිතන්නේ සිංහලෙන් දාන දිගම කොමෙන්ටුව​.

    කොමෙන්ටු අංක 1:

    සිරා,
    තේ පෙට්ටියක් අපේ ගෙදරට ගෙනාවේ මම 1 වසරේ ඉන්නකොට​. Daytron අඟල් 14 කලු සුදු එකක්. පස්සේ වර්ණ එකක් ගෙනාවත් ඒක මයික් කොලුවා රට දාලා එනකන්ම තිබුන ඒක​. මක බාස් වැඩ කරන්න ඉගන ගත්ත ඒක ගලවල එහම​..

    පසු ලීවිම ගැන​:
    මම විචාරක සහ හිරු කියන දෙයට සම්පුර්න එකඟයි. බලන්න මිහින්තලේ අනුරාධපුර ගමකට ගිහින් ගෙයක් ඇර ගෙයක් සොල්දාදුවෙක් මිය නොගිය ගෙයක් තියනවාද කියල​. දැන් ගොඩ දෙනෙක් ලොකු කතා කියනවා. ඒත් ඒ දවස් වල බෝම්බ භීතිකාව නිසා අම්මට කියන්න බැරි කාලයක් තිබුන "අම්මේ ගිහින් එන්නම්" කියල​.. ඇයි හවසට පෙට්ටියෙන් එන්න වේවිද ගිය විදිහට එන්න වෙයිද කියල විස්වාසයක් නොතිබුන නිසා..

    මම 2 පාරක් 99න් බෝම්බයෙන් බේරුන කෙනෙක්.. එකක් කොලඹ කොටුවේ දුම්රිය ස්ථානයේ දවල් 1.20 දුම්රියේ අනික රෑ 8.20 පුපුරපු එකකින්. මගේ යලුවාට පින්සිද්ද වෙන්න (ඒත් ඊට විනාඩි 3 කට කලින් ඒකට පලූ යන්න බැන බැන හිටියේ ගෙදර යන්න දෙන්නේ නෑ කියල නිවාඩු දවසේ) අද මෙහෙම ජීවත් වෙලා ඉන්නේ.

    මම යාලුවෙක් මිය ගියා ඇඟට වෑදුන උන්ඩ 18 එක්ක.. (SF 8 මෑන් ටීම්) ඒ යුද්දයට මැදි වුන අහින්සක අම්මේකුයි දරුවෙකුයි බේරගන්න ගිහින්. අනිත් කට්ටිය කියද්දි උගුලක් කියල LTTE එකේ ඒ අයියා ගිහින් තිබුනේ. ඒක ඇත්තටම උගුලක් තමයි..

    එයාගේ ගෙදර මිනිය තියන්න ඉඩ තිබුනේ නෑ ටකරන් ගහපු මඩුවක මිනිය තිබ්බේ. අම්මයි නංගී ජීවත් වුනේ අයියා නිසා. මල ගෙදර ඇවිත් අලි දෙන්නම් කොටි දෙන්නම් කියල පොරොන්දු වුන අය 3 මාසේ දනයට අවේ නෑ. මම අපේ ගෙදර අරුනහම නිතරම හොයල බලන ගෙවල් 2කෙන් 1කක් ඔය​.. ඒ නංගී අද ලස්සන නර්ස් නෝනා කෙනෙක් සහ තවත් විශේෂ බලකා සොහොයුරෙක්ගේ යහපත් බිරිදක් වුනා 2011 අවුරුදේ. දරු සුරතල් බලන්න මග බලාගෙන ඉන්නේ දැන්. (අනික මම එනවා කිව්ව ගමන් කොහේ හිටියත් නිවාඩුදාල එන ඇයගේ ස්වාමියා​)

    2ක නාවික හමුදාවේ SBS බලකායේ ලුතිනන් වරයෙක්. ඔහු මියයන්විට මාස 7ක දියනියකුගේ පියෙක්.. දරුවාව දැක්කේ ඒ අයියා 2 පාරයි. ඔහුව බලන්න මම ගියවිට කිව්වේ "මල්ලී අනේ අක්කවයි මගේ කෙලි පොඩ්ඩ බලාගන්න බලාගන්න​" ඔහු දැනගෙනහිටියා ඔහු මිය යන බව​. අක්කට එතකොට වයස අවුරුදු 23 ඊළග අවුරුදේ දානය කාලය වෙනකොට අක්කට මංගල යෝජනා ගලාගෙන ඇවිත් තිබුනා. ඒත් එයා ඒ එකකටවත් කැමති වුනේ නෑ.(ඒ අක්ක ගොඩාක් ලස්සන කෙනෙක්) හෑමදාම තනියම ඉන්නවා කිව්වේ දරුවවත් හදගෙන​. මමත් අනන්තවත් කියපු වෙලාවල් තිබුනා. ඒත් ඇය තීරනය වෙනස් කලේ නෑ. සමහරු පුලුවන් තරම් උත්සහ කලා කල දුටු කල වල ඉහ ගන්න(සමහර නිලධාරීන්, ඒ ගමේ සමහරු.බැරිවුන තැන අක්කවයි මාවයිත් පටලවල කතා හදල තිබ්බ​)​.. එත් එයා කිසි දෙයකින් නොසෑලී ගත්ත තීරනයම හිටියා.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටු අංක 2:


      අද ඒ අයියාගේ දෝනි අවුරුදු 10 හුරතල් කෙලි පැටිකියක්.කෙලි පොඩ්ඩ මේ පාර මම එයාට ලැප්ටොප් එකක් ගේනකන් සහ කොරල් බලන්න යන්න හික්කඩුවේ මම එනකන් බලන් ඉන්නේ. Skype කතා කරද්දී තියන හුරතල් කම ගෙදර ගියහම දැවටි දැවටි කරන කෝලම්. ඒ අයියා මැරෙන්න කලින් කියපු දේ මම ඒ විදිහටම කරනවා. අද එයා නෑ දෝනිගේ හුරතල් බලන්න​.. අක්ක හිටපු ගමන් අදටත් අඩනවා සමහර කරන දේවල් අයියාගේ සමහර වැඩ වගේම තමයි කියල​..එත් මම විස්වාස කරනවා එයා කොහේ හරි ඉඳගෙන බලාගෙන ඇති කියල​..

      අද කාලේ බිරිඳ ස්වාමියා විස්වාස කරන්න බැරි එකි නෙකාට වංචා කරගන්න කාලයක 1000 හොයා ගන්න බැරි යහපත් බිරිදක් , මට ඉන්න හොදම හොද සහොදරියක්. මට වඩා අවුරුදු කීපයකින් පමනක් වැඩිමල් වුනත් අදටත් කකුල් දෙක අල්ලල මම වැඳල එන ඒවගේම කොච්චර කෙටි කාලයකට ලංකාවට ගියත් ඒ හැමවේලාවෙම කොහොම හරි දුවලා බලලා එන්න යන ගෙවල් 2ක් ඔය​. .

      ඔය වගේ දෙපැත්තේම ගොඩාක් ජීවිත හානි වුනා. ඔය මම පෞද්ගලිකව දන්න අයට වුන දේවල් ඔයවගේ නොදන්න කොච්චර ඇතිද​..අපේ මිනිස්සුන්ට තියන ප්‍රදානම කාරනව තමයි මුල අමතක වීම​.. අනික සමහර මිනිසුන්ට අමතකයි සිංහල දෙමළ මුස්ලිම් මොන ජාතියක වුනත් ඇගේ දුවන ලේ රතු පාටයි කියන එක​. අපි රටක් වශයෙන් රටේ නීතියට හිස නමන්නේ නැතිව (නීතියක් කියල එකක් දැන් ලංකාවේ තියනවාද දන්නේ නැත​) රටක් වශයෙන් නැගී හිටින්නේ නැතිව ජාති කුල මල වලට මරා ගන්න ගියහම අන්තිමට වෙන්නේ කොහෙවත් ඉන්න් එවුන් ඒවයින් අයුතු ප්‍රයෝජන ගන්න එක​.

      මම 2002 STF SI , Army Cadet Officer, Navy Cadet Officer , SBS, SF, Commando ඔය හැම එකකටම දැම්මා interviews select වුනා. එත් ඒ ආපු හැම ලියුමක්ම අම්ම හැන්ගුවා.අන්තිමට KDU එකෙන් බදවා ගැනීමට සමත් කියල ලියුම එනකොට මම සිංගපූරු පුහුනුවකට යන්න සමත් වෙලා අම්මා ඒක දුන්නේ මම ගිහින් ආවාට පස්සේ. එදා ගියානම් අද එක්කො ජීවතුන් අතර නෑ එක්කො ජීවත් වෙලා ඉන්නවානම් හොඳ නිලයක​. අම්මා යන්න නොදෙන්න හේතුව නාවික හමුදාවේ සිටි මගේ මිතුරගේ අයියා මිය යාම​. (සිරා උබ දන්නවා මේ පුද්ගලයාව - අකරවිට).

      එදා රණ විරුවො කියපු කටින් මිනිස්සු ආමි කාරයෝ කියන්න ගත්තා. ඉස්සර බස් එකකට නගින්න කලින් සීට් එකක් දෙන්න පොරකාපු මිනිස්සු පස්සේ අහක බලා ගත්ත, නිදි කිරන්න පටන් ගත්ත​. ඒකට රජයක් වගකිව යුතුයි.. (සුදුස්සා සුදුසු වැඩ වල නොයෙදිවිම​.. )

      මම පෞද්ගලිකව ගොඩාක් හමුදාවේ ක්‍රියාන්විත බලපු කෙනෙක්.. සොල්දාදුවන් විදින දුක​, මරනය පෙනී පෙනී ගමන් කරන අකාරය​.. ඒවා දකින කෙනෙක් අපසූ යුද්ධයක් ප්‍රාර්ථනා කරයි කියල හිතා ගන්නත් බෑ. එත් දැන් සමහරු හැසිරෙන විදිහ අහසින් බැස්ස සේ හිතා ගන්නත් බෑ ලොකූ කණගාටුවක් විතරක් ඉතිරි වෙනවා අන්තිමට​.

      තව ලියන්න ගොඩක් තියනවා ලියනවනම් පෞද්ගලික අත්දැකීම්. ඒත් දැන් ඇති.

      මම
      මයික්

      Delete
    2. කොමෙන්ටු අංක 3:

      මම දාපු කොමෙන්ටුවට මේක අදාල නෑ... ඒත් මේ කතාවේ අන්තිමට කියල තියන දැන් දැන් වේගන යන්නේ.. (මම මේක අන්තර් ජාලයේ දැක්කේ.. උපුටා ගැනීමක් හොඳේ.. කතාව ඇත්තද බොරුද කියන්න දන්නේ නෑ.. ඒත් අන්තර්ගතයට මම කැමතියි.)

      රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා

      ලක්‍ෂ්මන් හිල්මි ගායනා කරන මේ සින්දුව අහනකොට ක...වුරුවත් මේකේ තේරුම ගැන හිතුවද?

      රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා
      නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා
      සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා
      යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා

      විඳින වේදනා මදි මට නගයි චෝදනා
      උහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනා
      පිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලා
      බලා උනිමි අසරණ වී කඳුළු සඟවලා

      නොදැන ඔබ එදා මට බැන වදින්නට ඇති
      ජාති ජාති වත් තරහක් මගේ නම් නැති
      එදා යුද බිමේ මතකය ඔයාටත් ඇති
      සදා කල්ම නොමියෙන රණ විරුව මම වෙමි..!!

      මේ ගීතයට පාදක වුන සිදුවීම මේකයි
      කොට්ටාව හන්දියෙන් අවිස්සාවේල්ල බස් රථයකට නැගුනු තරුණියක් බස් රථයේ සෙනග නිසා සෙමින් සෙමින් ඉදිරියට යන්නට විය... බස් රථය වේගයෙන් ඉදිරියට යමින් පවතී. හෝමාගම මංසංධියේදී සෙනග සුළු ප්‍රමාණයක් බැස ගිය අතර තවත් සෙනග නගින්නට විය. ඒ අතර හැඩි දැඩි පෙනුමෙන් යුතු උස මහත තරුණයෙක් බසයට අපහසුවෙන් ගොඩ උනි. සෙනග අතරින් ඉදිරියට පැමිණ ඔහු කලින් කී තරුණිය අසල සිට ගත්තේය. බස් රථය ඉදිරියට ඇදෙන්නට විය.

      ටික වේලාවකින් තරුණිය ගස්සා තරුණයාට රැවුවාය. නැවතත් සුළු මොහොතකින් තරුණිය රවන්නට විය. තෙවනි වර තරුණිය කට හඩ අවදි කලාය !!

      ''තමුසේ මහ වනචරයෙක් !! දැන් තුන්පාරක්ම මගේ කකුල පෑගුවා . තමුසේට අක්කලා නංගිලා නැද්ද. කෙල්ලෙක්ට බස් එකකවත් යන්න නෑ. ඔච්චර අමාරුනම් සල්ලි කීයක් හරි දීල ගෑනියෙක් අරං ගිහිං බුදිය ගනිං''

      බස් රථයටම ඇසෙන සේ කෑගැසු තරුණිය නිසා තරුණයා දෙස බස් රථයේ සියලු දෑස් යොමු විය. තරුණයා කෙතරම් හැඩි දැ‍ඩි උවද ඔහුට ඒ වචන දරා ගත නොහැකි විය. ක්ෂණයෙන් ඔහුගේ දෑස් රූරා කදුලු කැට කඩා වැටෙන්නට විට. ඔහු තම හඩ අවදි කලේය.

      ''ම‍ගෙන් වරදක් උනා නම් මට සමා වෙන්න නංගි. මම යුධ හමුදාවේ. පුදුකුඩුඉරිප්පු අවසාන සටනෙදී මට බොම්බයක් පෑගිලා මගේ කකුල මට නැති උනා. මගේ දකුණු අතත් හරියට වැඩ කරන්නේ නෑ. ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනවා නංගි. එදාම මැරිල ගියා නම් අද ඔයා මට බනින්නේ නෑනේ. මට සමාවෙන්න මගේ බොරු කකුලට හැගීම් දැනීම් නෑනේ නංගි ඒකයි එහෙම උනේ. ආය පාරක් මට සමාවෙන්න''

      තරුණයා කදුළු පිරි දෑසින් කියාගන කියාගන ගියේය. එසේ කියා තරුණයා පනාගොඩ යුධ හමුදා කදවුර අසලින් බැස ගියේය. ඔහුට ආසනයක් නොලැබීම ගැන බස් රථයේ සියලු සෙනග කම්පා වූ අතර තරුණිය ඉතා වේගයෙන් අඩන්නට විය.

      අප රණවිරුවන්ට මීට වඩා සැලකිය යුතුය. අපේ පණ බේරුවේ ඔවුන්ය. අප ඔවුනට නිසි තැන දී ගරු කල යුතුය. දෙවියන්ද ඔවුන්ව පුදනු ඇත.

      රණවිරුවන් නැවතත් ආමිකාරයන් වන සමයක අප වෙනුවෙන් ඔවුන් කල කැපකිරීම් සිහිපත් කිරීම සදහා උපුටා පල කරන ලදී.

      Delete
    3. ඇත්ත උනත් බොරු උනත් මේ කතාවට ගොඩක් දුක හිතුණා මයික් :(

      Delete
    4. ඔයා දන්නවද නංගි සිංහල අකුරු ටයිප් කරන්න හැකියාව අවම මයික්...මේ කරුණු ටික ගොනු කරන්න පැය 3ක් කම්පියුටරය එක්ක ඔට්ටු වෙච්ච බව...බොහොම කාර්ය බහුල වගකීම් සහගත රැකියාවක ඉන්න මයික් මේ තරම් කැප කිරීමක් කමෙන්ටුවක් කොටන්න හරි කලේ එයාගෙ හිතෙත් රණවිරුවන්ට තියෙන ගෞරවය බොහොම ඉහළ නිසා කියලයි මට හිතෙන්නෙ...කියන්න වදන් නෑ මිත්‍රයා උඹේ අදහස් මම ඉතාමත්ම අගය කරනවා...

      අකරවිට කෙනා ගැන මම ඉදිරියේදී ලියනවා මචං...අපේ බෑන්ඩ් එකේ අපිත් එක්කම හිටිය සහෝදරයෙක්...එයා එක්ක ගත කල කාලය මට අදටත් මැවිලා පේනවා බන්...පුදුම හොද මනුස්සයෙක්...

      Delete
    5. රන විරැවා යනු කුලී හේවායෙකි වැටුපට වඩා දෙයක් එහි නැත එය පාලකයන්ගේ අවියයි එම අවිය මයික් දෙ සට ද සහන් දෙසට ද රතුපස්වල දෙසටද නැවත එල්ල විය හැක ඔබ දෙසටද එල්ල වූ දිනයේ දී ඔබට එය වැටහෙනු ඇත

      Delete
    6. රෙහානි : ඔව් මමත් දන්නේ නෑ. මොකද ඔය කතාව මම කීප තැනක එක එක විදිහට දැක්කා.

      සිරා : දැන් ඉස්සරට වඩා හොඳට ටයිප් කරගන්න පුලුවන්. :P අකරවිට අයියා මගේ මිතුරෙක්. ඊට වඩා එයගේ සහෝදරයා මගේ මිතුරෙක්. ඒ වගේම එයාගෙ දෙමව්පියෝ හුඟාක් හිතවත්..

      බුවා : පිලිතුර මගේ කොමෙන්ටුව අතුලෙම තියනවා "එදා රණ විරුවො කියපු කටින් මිනිස්සු ආමි කාරයෝ කියන්න ගත්තා. ඉස්සර බස් එකකට නගින්න කලින් සීට් එකක් දෙන්න පොරකාපු මිනිස්සු පස්සේ අහක බලා ගත්ත, නිදි කිරන්න පටන් ගත්ත​. ඒකට රජයක් වගකිව යුතුයි.. (සුදුස්සා සුදුසු වැඩ වල නොයෙදිවිම​.. ) "

      And this is the answer for your thought about solder and mercenary ( Read this carefully you will understand the different)

      Soldier : is one who fights as part of an organized land-based armed force; if that force is for hire the person is generally termed a mercenary soldier, or mercenary. The majority of cognates of the word "soldier" that exist in other languages have a meaning that embraces both commissioned and non-commissioned officers in national land forces.
      http://en.wikipedia.org/wiki/Soldier

      Mercenary : is a person who takes part in an armed conflict, who is not a national or a party to the conflict and is "motivated to take part in the hostilities by the desire for private gain. The term "mercenary" is also used to describe the army itself.
      http://en.wikipedia.org/wiki/Mercenary

      මම
      මයික්

      Delete
    7. බුවාට පිළිතුර මයික් දීලා තියෙන නිසා මට වැඩි යමක් කියන්න නෑ....සමස්ත රටක්...ඒ රටේ ජනතාව වෙනුවෙන් පෙරට ගිය නිසයි ඒ අයට රණවිරුවො කියන්නෙ...පුංචි කල්ලියක ඉල්ලීම් දිනා ගන්න සටන් වැදුනා නම් අන්න එයාලට කුලී හේවායො කියන්න පුලුවන්...ඉස්සර රජ කාලෙ ඉන්දියාවෙන් මෙහෙට උස්සගෙන ආවෙ කුලී හේවායො...

      Delete
  34. අපේ ගෙදරට ඔය වගේ පෙට්ටියක් ගෙනාවේ 1983දි ඒක නැහනල් වර්ගයේ එකක් අගල් 14 වර්න . ශා බලන්න එපැයි ඒක ලස්සන ... අපේ අච්චිට ඔය කාලෙ වෙනෙකොට අවුරුදු අනූව පැනලා මයෙ හිතෙ උන්දැට පෙනීම හෙම හොඳටම අඩු කාලෙක තමයි ඕක අපේ ගෙදරට ගෙනාවේ. උන්දැ ඕකට කීවේ අල පෙට්ටිය කියලා

    ReplyDelete
    Replies
    1. අල පෙට්ටිය....හා හා පට්ට වර්ඩ් එක...1983 දි ගෙනාව කියන්නෙ අහල පහල ඇත්තන්ගෙන් සෑහෙන ඉල්ලුමක් තියෙන්න ඇති. ගම්පහ විජයාරාම පාරෙ අපේ කිරි අම්මලගෙ ගෙදරට තමයි ඒ ඉසව්වෙ පළමු රේඩියෝව ගෙනල්ලා තිබුනෙ...එළිසබෙත් රැජිනගෙ විවාහ උත්සවයෙ විස්තර එහෙම අහන්න ජනතාව රැස් වුනා කියලා සීයා හිටිය දවස් වල කියනවා මතකයි...ඒ උපකරණය මෑතක් වෙනකම්ම තිබිලා අවසන් ගමන් ගියා...වෑල් රේඩියෝවක්...ටීවී එකකට වඩා ලොකුයි.

      Delete
  35. මමනම් හිතන්නේ රණවිරුවන් කියා ආමන්ත්‍රණය කිරීමෙන් සිදුවුනේ ඔව්න්ගේ කැපකිරීම හෑල්ලුවකට ලක්වීම පමණයි. අවසානයේ ඔව්න් අසරණයි අද... යුද්ධය කරලා තියෙන්නේ ඇමතිවරු. විචාරකගේ ප්‍රකාශයට එකඟයි.

    ReplyDelete
    Replies
    1. හැමදේම දේශපාලනීකරණය වෙච්ච රටක් ඔයිට වඩා යමක් අපිට බලාපොරොත්තු වෙන්න අමාරුයි බන්...මොළේ කලදක් නැති මී හරක්නෙ අද පාර්ලිමේන්තුවෙ වැඩිපුර ඉන්නෙ...

      Delete
  36. වෙනදා වගේම සිරා මල්ලිගේ
    කථාවත් සමඟම අපට හිතන්න දෙයක් වගේම සමාජයට පනිවුඩයකුත් එකතු වෙනවා. රෑපවාහිණී කථාවෙන් මගේ සිතත් ඒ අතීතයට දිව ගියා. ක්‍රිකට් මැච් බලන්න අනුන්ගේ ආඩම්බර බලපු හැටි. බ්‍රහස්පතින්දා රෑට සිංහල චිත්‍ර පටිය බලන්න ගිය හැටි. චන්දේ බලපු හැටි මට සිහිවුනා.
    ඊට පස්සේ රංජිත් අයියාගේ කථාව අහලා දුකක් ඇතිවුනා. ඒ කාලකන්නි යුද්දෙන් මේ වගේ කී දෙනෙක් අසරන උනාද?
    ඒ කාළේ පත්තරේට යුද හමුදා පොලිසියේ මහත්මයෙක් කවි පළ කලා. ඒ ලියපු කවියක පද දෙකක් මට තවම මතකයි. එතුමාගේ නමවත් දැන් ඉන්නවදවත් මම දන්නේ නෑ.
    "අද මා නිදන ඊයේ ඔබ නිදපු ඇඳේ
    තවකෙකු නිදත හැක හෙට හිරැ නැඟෙන උදේ"
    ජය වේවා උඹට!!!

    ReplyDelete
    Replies
    1. චන්දන අයියත් හොද කවියෙක් නිසා කවිපද දෙක බොහොම හොදට මතක තිබිලා තියෙන හැඩයි...මේ පෝස්ටුවෙන් කියවෙන කථා බහත් එක්ක දැන් දැන් රණවිරුවන් කරපු කැපකිරීම් අමතක වෙලා යන යුගයක...ඒ අතීතය ආයෙමත් මතක් කරලා දෙන්න ලස්සන කවි පෙළක් ලියමුද බොගේ...

      Delete
  37. තේ පෙට්ටියේ කතා ටික නම් හරිම ශෝක්.. එත් පසු සටහන කියෙව්වට පස්සේ ලියන්න හිටිය දේවල් ඔක්කොම අමතක වුනා වගේ ... රංජිත් අයියගේ කතාව ඒ තරමටම සංවේදීව දැනුනා..

    රට වෙනුවෙන් ජීවිතය පූජා කරපු අපේ රණවිරුවන්ට වගේම, අත පය අහිමි කරගෙන ආබාධිත තත්වයට පත් වෙච්චි අපේ රණවිරුවන්ටත් අපි හැම කෙනෙක්ම හිස නමා අචාර කරන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. අපිට ඒ තරමට සංවේදීව ඒ කථාව අවුරුදු විසි ගාණක් ගිහිල්ලත් දැනෙනවා නම් එයාගෙ අත ගන්න හිටිය කෙනාට...පවුලෙ අයට කොහොම දැනෙන්න ඇතිද...ඒ ශෝචනීය පුවත ලැබුනු ගමන්...

      Delete
  38. රණවිරැවා කියා ජීවිකාවක් නැත ඇත්තේ කුලී හේවායන්ය

    ReplyDelete
    Replies
    1. බොට උත්තරය ඉහළින් දුන්නා...

      Delete
    2. බුවා, මේ ලෝකෙ කුලියක් නොගෙන වැඩක් කරන එකෙක් නෑ. එහෙම බැලුවම උඹත් මමත් කුලී කාරයො. ඒ ගන්න කුලිය වෙනුවෙන් අපි අපේ ශ්‍රමය, දැනුම වගුරුවනවා. හැබැයි හමුදා සෙබළා ඒ වෙනුවෙන් දෙන්නෙ ශ්‍රමය හා සිය ජීවිතය. අන්න ඒ නිසයි එයා නිකම්ම නිකම් කුලී කාරයෙක් නොවී විරුවෙක් වෙන්නෙ. කුලී හේවායන් තමා හතුරො වෙඩි තියන් එනකොට පැනලා දුවන්නෙ.

      Delete
    3. @සෙන්නා
      රතුපස්වලදී වෙඩි තැබීම කල සෙබලා වීරයෙක් නොවෙන්නෙ ඇයි? (ආසන්නතම සිදුවීමක්)
      යම් හේතුවකින් (රජයට විරැද්ධ) උද්ගෝශනයක දී ඔබට වෙඩි පහරක් වැදුනොත් ඔබේ මවට ඒ සෙබලාත් රණ විරැවෙක්ද?

      Delete
    4. බුවා මචං
      පුලුවන්නම් මම කියන දේ හිතට එකඟව තේරුම් ගන්න උත්සාහ කරපන් සහෝ.
      උඹටත් අම්ම කෙනෙක් ඉන්නව මටත් ඉන්නව නේද.. ඇයි අපි අම්මට වඳින්නෙ දණ ගහල..අම්මේ කියන ගෞරවනීය වදනින් කතාකරන්නෙ ඇයි ??? ඇයට වධහිංසා නොකර ආදරෙන් බලාගන්නෙ ඇයි මචං ??

      අපි හැමෝගෙම අම්ම කරේ සොබාදහමෙන් එයාට ජීව විද්‍යාත්මකව පැවරුන රාජකාරිය නෙමෙයිද ?එයාට මහලු වයසෙදි රැකවරනය කියන ගෙවීම එයාට ලැබෙනව නේද ? ඉතිං ඇයි එහෙනම් අපි අම්මට ඔච්චර ගරු කරන්නෙ ??ඒ ගෑනි කියල නොකියන්නෙ කුලී හේවාය කියනව වගේ .

      අපි වෙනුවෙන් එයා විඳින ප්‍රසූත වේදනාවෙ ඉදන් ක‍රන කැපකිරීම් වල නිමක් තියනවද ?අම්මගෙ ඩියුටි එක කරන්න ගිහින් මිය යන මව් වරු කොපමනද ?? ඒ වගේ මිය යන කෙනෙක් මහපාරෙ මැරිල යන හිඟන්නෙක් ට වඩා අපිට සංවේගයක් ගේනව නේද ??

      මනුස්සකමක් තියනවනං කල්පනා කරල බලපං ඇයි අපි එතකොට රණවිරුවා කියන්නෙ ඇයි කියල මචං.උඹට තර්කානුකූලව හිතන්න පුලුවන් නම් මේ ක කල්පනා කරල බලපං..දෙන්නම් කරන්නෙ තමන්ගෙ ඩියුටි‍ය නෙමෙයිද කියල ?

      උඹේ අනිත් ප්‍රශ්නෙටත් මෙතනම උත්තරේ තියනව .
      පොඩ්ඩක් ආත්මාර්ථකාමී නොවී හිතල බලපං !!!

      Delete
    5. බුවා, සෙබළා වීරයෙක් වෙන්නෙ ජීවිත පරිත්‍යාගයෙන් රට දැය සමය රකින නිසා. ඔහු කරණ හැම ක්‍රියාවකදීම ඔහු සිය ජීවිතය පරදුවට තියනවා. රතුපස්වල වෙඩි තිබ්බ සෙබළාට අපි වීරයෙක් නොකිව්වට, අපි ඔහුට ත්‍රස්තයෙක්/ද්‍රෝහියෙක් කියලා කියන්නෙත් නෑනෙ. ඔහු කළේ ඔහුට පැවරුන රාජකාරිය.

      මට වෙඩි තියලා මාව මරා දාපු සෙබළාම මීනිමරු කොටින් සිය ගානක් මරා දාපු වීරයෙක් වෙන්නත් පුළුවන් නේද ? මගේ අම්මට ඔහු මිනීමරුවෙක් වුනාට මුළු රටටම ඔහු වීරයෙක්. එක එක හුදකළා සිද්ධිවලින් ඕක තේරුම් ගන්න බෑ බන්.

      මට කියන්න ඕනා මෙච්චරයි. හමුදා සෙබළා කියන කෙනා වීරයෙක් නොවුනත්, කුලී හේවායා කියන තත්ත්වයට වඩා ගොඩක් ඉහලින් ඉන්නෙ. මම මේ කතා කරන්නෙ අපේ හමුදා සෙබලුන් ගැන විතරයි හරිද ? මොකද කොටින්ගෙ පැත්තෙන් බැලුවාම උන්ට පේන්නෙ අපේ හමුදා සෙබලුන් කුලී හේවායහ් වගේ තමා..

      Delete
    6. @පත්තරේ
      මම අම්මට වදින්නේ නෑ කාටවත් වදින්නේ නෑ
      අම්මා මං ලවා කවදාවත් වංදවගෙනත් නෑ (මේ තර්ක අම්මට තේරෙන්නෙත් නෑ)
      අම්මා මට මම අම්මට කොයි තරම් ආදරේ දකියන එක ඉන් තීරනය වෙන්නේ නෑ
      පත්තර මල්ලී ඔය යුද්දෙ කරපු කොල්ලෝ ඇත්තටම අහිංසකයි සමහර විට උන් රට රකින්න හිතාන ගියා වෙන්නත් ඇති ගියාම මොලේ හෝදලා රට රකින කියන මන්තරේ පාඩම් කරවන්නත් ඇති. ඒත් කා වෙනුවෙන් ද?
      පාදඩයින් ටිකක් රකින්න නෙවෙයිද?

      Delete
    7. ////හමුදා සෙබළා කියන කෙනා වීරයෙක් නොවුනත්, කුලී හේවායා කියන තත්ත්වයට වඩා ගොඩක් ඉහලින් ඉන්නෙ./////
      ඒ අපේම සහෝදරයො තමා සෙන්නා නමුත් හමුදාවක අනට කීකරැ වීම හැර වෙන දෙයක් නෑ කවුරැන් මරන්න කීවත් උන් මරනවා
      දැන් ඔය වීරයෝ කක්කුස්සිත් අදිනවා ඒ හමුදාවක හැටි
      මගේ සහෝදරයෙනක් වුනත් උන් මාවත් මරනවා විරැද්ධ වුනොත්
      කොටි මරපු නිසා විතරක් රණවිරැවෝ කීවට වැඩක් නෑ

      Delete
    8. ////රට දැය සමය////
      කොහෙ තියන රටක් ද?
      කොහෙ තියන දැයක් ද?
      කොහෙ තියන සමයක් ?

      Delete
  39. අපේ ගෙදර තිබුනෙ ඔරෙක්ස් කලු සුදු එකක්.ඒකෙ සමහර වෙලාවට සද්දේ අහෙන්නෙ නතුව යනව.එතකොට වම් පැත්තට තට්ටුවක් දැම්මම හරි යනව.ඒක් පාවිච්චි කලා අවුරුඩු 20ක් විතට.අපේ අක්ක එයාගෙ පඩියෙන් තමා සින්ගර් කලර් අගල් 14 එකක් ගෙනෑවෙ.ඉස්සර ආසම වැඩසටහන තමා අර ඉරිද යන සෝරෝ එකයි ජී අයි ජෝ කාර්ටුබ් එකයි.

    ReplyDelete
    Replies
    1. ඔරෙක්ස් මම ඒ නම ඇහුවෙ අදමයි බොලං...ඔය කාටුන් දෙක මමත් ඒ කාලෙ බැලුවා නොවැ...ඒ කියන්නෙ මගියත් මගේ වයසෙ ගොයියෙක්ද ?

      Delete
  40. ඉස්සර TV තමා TV. අපේ ගෙදර සැම්සුන් TV එකට දැන් අවුරුදු 21ක්. තාම ලොකු රෙපෙයාර් එකක් කරලා නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ කොයි දේත් ඉතින් කල් පවතින ඒවා නොවැ...අද තමයි පුරස්නෙ...අරන් අවුරුද්ද යද්දි ලෙඩ...

      Delete
  41. අද තමා තේ පෙට්ටියේ කතාව කියවන්න නිදහසක් ලැබුනේ.. අපේ ගෙදර නම් අනූ ගනන්වල අග භාගයට වෙනකන් ටීවී එකෙක් තිබුනෙම නෑ.. පස්සේ තමා ගත්තේ.. තේ පෙට්ටිය කියන නමට වඩා මෝඩ පෙට්ටිය කියන නම හොදයි කියලා මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ නමත් හොදයි තමයි...ඔය මෙගා ටෙලි නාටක වල තියෙන තරමක් තියෙන්නෙ කිසිම තේරුමක් නැති දේවල් නොවැ....කපොල් එකයි දුෂ්ඨයයි...ගෙදර වැඩට ඉන්න ජෝකර් කොලුවයි...ඔන්න සංයෝගෙ...

      Delete
    2. අපොයි ඔව්..ඔය ගෙදර වැඩට ඉන්න ජෝකර් කොලුවාගේ කේස් එක තමයි නාට්ටි බැලිල්ල එපා කෙරුවේ. ගොන් ජෝක් මීහරක්ගේ.

      Delete
  42. සිරා ඔන්න හුඟ දවසකින් මේ පැත්තෙ ආවෙ. උඹ නෝක්කාඩු කියල තියෙනවත් මම දැක්ක. උඹට මේල් එකක් දාන්න ඕන කියල හිතන් හිටියත් තවම වෙලාවක් උනෙත් නෑ බං.. ඔන්න පැමිණීම මාක් කරාගනින් :) අතෑරුනු ඒවත් හෙමි හෙමීට කියවන්න එන්නම්.

    ReplyDelete
    Replies
    1. දැකීම ඉමහත් සතුටක් DDT යො...කාමරේ දොර ඇරපු මුල් කාලෙ ඉදන්ම ඉන්න එකෙක් විදියට ඔබේ පැමිණීම මට සතුටක් ශක්තියක්...පැමිණීමට එක දැම්මා...මේ වසරෙ පැමිණීම දුර්වලයි...ඊලග වසරෙවත් ඒක හදාගන්න....ජය !

      Delete
  43. සිරා මල්ලි මම දන්නෙ නැහැ මෙ කොමෙන්ටුව කොපමන ගැලපෙනවද කියල.මම මුලින්ම රැකියවකට ගියෙ 1999.එදා ඉදල වසර 12කට වැඩිකාලයක් මම ඒ රැකියාව කලා.ඒ කාලෙ වෙනකොට චන්ද යුද්ද තිබුන කාලෙ.මම මුලින්ම යාපනයට ගියේ1999 දෙසැම්බර්.ඔය කාලෙ වෙනකොට හමුදාවට අපෙ කොල්ලො බැදෙන එක අඩුමට්ටමක තිබුනෙ.මොකද චන්දයක් ලග එනකොට යුද්දයක් කියන හැගීම මිනිස්සුන්ට තිබුන නිසා.නමුත් 2005 පසුව ඒ තත්වය වෙනස් උනා.උඩ සහර කොමෙන්ට් කියවල බලනකොට මේ වගෙ මිනිස්සු ඉන්න රටක යුද්දයක් දිනුව කියන එකත් ලොකු දෙයක් කියල මට හිතුන.මේ ලෝකෙ හැමෝම එක වගේ නැහැනෙ.සමහරු ඉතාම කැමැත්තෙන් රට ගැන හැගීමෙන් යුද්දයට ගිය කොල්ලො හිටියෙ,.උන් උන්ගෙ ජීවිතේට බය නැහැ.අපි..?අපි බය නැත්තන් අපිත් යන්න එපායැ.ඇත්ත කතාව අපි බයයි.2002 සාමකාලෙ මම පාරෙන් යාපනයට කිලිනොච්චියට සහ මුලතිවු වලට ගියා.මෙතන කැත විදිහට ලියලා තියන සින්හයො සමහර විට අ/පුරෙන් එහාට ගිහින් නැතුව ඇති.එක වතාවක් යාපනය මහ රෝහලට අපි ගෙනියපු ස්කෑන් මැශින් එකක් වෙනුවට මම රුපියල් 200,000 කොටින්ට ඩුන්න.ඒ මගෙ ඔෆිස් එකේ උපදෙස් මත.අපි ගෙනියන හැම දෙයකින්ම උන් 10% කොමිස් එකක් ගත්ත.ඒ දවස් වල මම හමුදාවෙ කොල්ලන්ගෙන් කුනු බැනුම් අහල තියනව උබල පු__ දීහල්ලකො තව ටික දවසයි උන් රගන්නෙ කියල.ඇත්තටම කොටි කෙල්ලො ෆ්‍රොන්ට් ලයින් එකට ඇවිත් කලිසම ගලවල පස්ස පැත්ත පෙන්නනවලු අපේ කොල්ලන්ට. ඒක ඇත්ත.මගෙ මිත්‍රයෙකුත් ඒ වනවිට හමුදාවෙ ඉහල තනතුරක හිටියෙ.මිනිහ මාත් එක්ක කිව්වෙ.නමුත් රැකියාව නිසා අපිට ඒව කරන්න උනා.එවකට රජයේද අනුදැනුම මත.කොහොම නමුත් උන් කියපු විදිහට හමුදාවට අවශ්ය විදිහට යුද්ද කරන්න ලැබුන නිසාත් රජයක් විදිහට පහසුකම් සලසපු නිසාත් අපෙ කොල්ලො කෙල්ලො හැගීමකින් වැඩ කල නිසාත් යුද්දෙ ඉවර කලා...දැන් තමයි කියන්න අවශ්ය ටික කියන්නෙ..අපේ කොච්චර ඉන්නවද තමන්ගෙ අම්මට ආදරය කරන කොල්ලො.අම්මට පන ඉල්ලනවනම් දෙන්න පුලුවන්නම් දෙන කොල්ලො..... ඒ අතර නැද්ද කුඩු ටිකක් ගහන්න,අරක්කු ටිකක් බොන්න තමගෙ අම්මව ගනිකාවක් කරල ඒකට පිම්පි වැඩේ කරන උන්..අන්න එහෙම උන් දෙතුන් දෙනෙක් මෙතන උඩ් පහරල තිබුන.හරියකට උන්ඩයක් පත්තුවෙනව දැකල නැති උන් තමයි අද යුද්දෙ ගැන පසු වදන් ලියන්නෙ.මමත් බිරිදත් එක බස් එකේ වැඩට නොගිය කාලයක් තිබුන.ගෙදර එනකන් විස්වාස නැහැ.ඔය කියන කුලී හේවායො යුද්ද නොකලනම් අදත් බයේ ගැහි ගැහි යන්න වෙන්නෙ.මල්ලි උබට මතක නම් බලපන් යුද්දෙ අන්තිම මොහොතෙ මිනිස්සු වැල නොකැඩි එන අතරෙ මරාගෙන මැරෙන ගෑනියක් ඇවිත් පුපුරව ගත්ත.අන්න එතන මගෙ හොදම මිත්‍රයෙක් මියගියා මගෙ පාසලේ.මරනෙ ගෙදරට ගෙනාවම තමයි අපෙ කට්ටියත් හරියටම මිනිහගෙ රෑන්ක් එක දැන ගත්තෙ.ඒ නිසා මම කියන්න කැමතියි, ඒ කුලී හේවායො නිසා තම්යි අපි වගේ බය ගුල්ලො අද සතුටින් ඉන්නෙ.සමහරු කල්පනා කරනව නිකන් තියන අදෝමාර්ගයනෙ ඔන්න ඔහෙ ඒකත් අදායම් මාර්ගයක් කර ගන්නව කියල.අන්න එහෙම උන් තමයි ඔය යන යන තැන පහරන්නෙ...........
    ඔය රන්ජිත් අය්ය අපේ ගමට අල්ලපු ගමේ කොල්ලෙක්. රන්ජිත් ප්‍රේමසිරි කියල කෙනෙක් සහ රන්ජිත් ආනන්ද කියල දෙන්නෙක්ගෙ නම් මතකයි.ගොඩක් නම් අමතකයි මලය අපෙ ගම්වල ගොඩක් කොල්ලො මියගිය නිසා.මගෙ සහොදරයෙකුත් මියගියා පරන්තන් වලදි.2000 ජනවාරි 16.අපි යුද්දෙන් විදවපු මිනිස්සු මිසක් වින්දනය කරපු මිනිස්සු නෙමෙයි.යන්නම් මලය.......
    මම ඉන්දික.

    ReplyDelete
    Replies
    1. ඉන්දික
      රත්තරං වගේ වචන ටික මචං !!!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ////ඒ කුලී හේවායො නිසා තම්යි අපි වගේ බය ගුල්ලො අද සතුටින් ඉන්නෙ.////
      ඔබ වැනි මේ රටේ සතුටින් ආතල් එකේ සොමියේ ඉන්න පිරිසක් ඉන්නවා
      එවැනි අයත් සමග බුවාට වාදයක් නැත

      Delete
  44. ප.ලි.සිරා මල්ලි.මම මා ගැනම ආඩම්බර වෙනව..මමත් කුලී හේවායෙක්ගෙ සහෝදරයෙක් වීම ගැනත්...මම මගෙ අම්මව ගනිකාවකගෙ තත්වෙට නොදාපු පුතෙක් වීමත් ගැන...ඌරට සවුක්ය ගැන කතා කරල වැඩක් නැහැ මලය..ඌ කන්නම කැමති අසූචිමයි...මමත් ටවල් දෙක තුනක් සූදානම් කර ගත්ත..දැන් අර අසූචි ගොඩේ දගලපු කිහිප දෙනා මගෙ ඇගෙත් ගෑවෙන්න එන බව දන්න නිසා..උබට ජය..
    මම ඉන්දික

    ReplyDelete
  45. සියලළු දෙනා ////අපි වෙනුවෙන් යුද්ධ කළ නිසා/// කියන තර්කයනෙ ගේන්නේ
    ///ඒ හින්ද රණවිරුවෝ///
    බුවා කියන්නේ මෙච්චරයි
    ඔය අපි කියන බහුතරයකට (95%) නැති වෙන්න තියෙන්නේ ජීවිතය විතරයි
    එහෙව් රටක ජීවත් වෙන්නේ
    අද ලංකාව ප්‍රභාකරන් පාලනය කරත් මේ තත්වය මීට වඩා වෙනස් නෑ
    කවුරැන් රකින්නද යුද්ධය කලේ? කාට ඕනෑවටද යුද්ධය කලේ? දැන් මොකද වෙලා තියෙන්නේ?

    ReplyDelete
  46. awurudu 4kata passe den mokada kiyanne kastiya me demma comments gena????

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...