පින්තූරය මෙතැනින් |
අපේ බත් දන්සැල සදහා ගමේ ඇත්තන්ගෙන් ගෙවල් ගානෙ ගොහින් ආධාර එකතු කිරිල්ලක් තිබුනේ නෑ කියලා මම කලිනුත් කිව්වා නොවැ. දන්සැල පවත්වන්න උර දීගෙන කර දීගෙන වැඩ කටයුතු කොරාපු කොල්ලො කෙල්ලො ඇතුලු තරුණ, මහළු දෙපාර්ශවයේම අය තමන්ට හිතවත් මන්තිරියෙකුට, මුදලාලි කෙනෙකුට මේ කාරණේ ගැන සැල කොරලා පුද්ගලික මට්ටමෙන් එකතු කල ආධාර උඩ තමයි දන්සැල දිව්වෙ. සංවිධායක මණ්ඩලේ රැකියා කරන ඇත්තො තමන්ට ඇහැකි විදියට යම් කිසි ආධාරයක් මේ වෙනුවෙන් කොලා. තත්වය එහෙම උනාට මේ වෙනුවෙන් ආධාරයක් කොරන්න කැමැත්ත තියෙන ගමේ ඇත්තන්ට ඒ සදහා අපි ඉඩ ප්‍රස්ථාව හදලා දුන්නෙ හන්දියෙ සිල්ලර කඩ වල තියාපු ආධාර පත්තර හරහා. සමහරු මුදල් ආධාර කලා, සමහරු පරිප්පු කිලෝ දෙක තුනකින් ආධාර කලා...මෙන්න මේ විදියට එකතු වෙන ආධාර වල බල මහිමයෙන් වෙසක් දවසෙ මද්දහනෙ ඉදන් රාත්තිරී 7 කණිසම දක්වා එක හුස්මට දන්සැල පවත්වන්න අපට හැකි වුනා.
දන්සැලේ ආහාර වට්ටෝරුව කවදත් ලෙහෙසියෙන් පහසුවෙන් ගමෙන්ම හොයාගන්න පුලුවන් දේ වලින් තමයි සමන්විත උනේ. ඊට අමතරව කට්ටා කරවල ගෝණි කීපයක් අඩු මුදලට අපිට ගෙනත් දුන්නෙ තොග කඩ මුදලාලි කෙනෙක්. කොස් , අඹ , පරිප්පු, පපඩම්, මැල්ල කොළ සමග මිරිස් බැදුම, සම්බෝල අපේ දන්සැල් කෑම වේලෙ වැරදුනේ නෑ.
දන්සැලට සති දෙකක් විතර දුර තියෙද්දි එකතු වෙලා තියෙන ආධාර කාරිය ගනන් බලලා හාල් මිටි කීයක් ගේනවද? කියන කාරණේ තමයි ගන්න තියෙන පළවෙනි තීරණේ. මිටියකට හාල් කිලෝ 50 යි. සමහර ව්‍යාපාරිකයො තමන්ගෙ ආධාර විදියට හාල් මිටි අපට ලබා දුන්නා. එවන් විටෙක ඒවා අතහැර මිළට ගත යුතු හාල් මිටි ප්‍රමාණය තීරණය උනා.
මේ කාරණය අහවර උනාට පස්සෙ දන්සැල් සංවිධායක කමිටුව ගමේ හැම ගෙදරකටම රාත්තිරියේ යනවා..ඒ යන දවසටත් අපි එක්ක යන පොඩි උන් ගම දෙවනත් කරන නිසා ඈත තියාම දන්සල් නඩය එන බව ගම්මු දන්නවා. ආධාර එකතුකිරිල්ලක් නැති හින්දම කවුරුත් හැංගෙන්නෙ නෑ.
මේ ගමනේ අරමුණ උනේ දන්සැල දවසට එතැන සිදුකරන කටයුතු වලට සහභාගි වන ලෙස පොදුවේ හැමටම ආරාධනා කිරීම, විශේෂයෙන් කාන්තා පාර්ශවයට...බුලත් හුරුල්ලක් අතේ තියලා අපේ අම්මලාට, නැන්දලාට, අක්කලාට, දන්සැල දවසට ඇවිදින් අපිට උදව් වෙන්න කිව්වාම ඒ අයගෙ මූණු පොඩි සතුටින් ඉපිලෙනවා, ඒ අයට නිසි ගෞරවය දීලා, ගෞරවාන්විතව ආරාධනා කරනවාට ඒ ඇත්තො බොහොම මනාප උනා. ඒ නිසා අති මහත් බහුතරයක් ගමේ අය එදාට දන්සැල පවත්වන තැනට ආවා.
ඊටත් පස්සෙ තියෙන්නෙ අවශ්‍ය භාජන සොයා ගැනීම. විශාල ප්‍රමාණයේ හට්ටි මුට්ටි, ඇළුමිනියම් භාජන හිමිකරුවන්ගෙන් ඉල්ල ගන්නෙ ඒ අය ඉදිරිපිටදිම ඒවා හදුනාගත හැකි ලෙස සලකුණු යොදමින්. ඊටත් පස්සෙ දන්සැල පැවැත්වෙන භූමිය ශුද්ධ පවිත්‍ර කිරීමත්, වේලාසන පලන ලද දර ආදිය නිසි ලෙස ගබඩා කිරීමත් සිදුකෙරෙනවා. වෙසක් දිනයට දවස් දෙකකට පමණ කලියෙන් තමයි සමරු මාමගෙන් ඉල්ලගන්න මහ ට්‍රැක්ටරේ අරගෙන කොලු රැළ ගම වටේ රවුමක් දාන්නෙ.
මේ ගමනෙ අරමුණත් ආධාරම තමයි. සමහරු මුදල් ආධාර වෙනුවට ද්‍රව්‍යමය ආධාර ලියනවා, ගෙදර ගහෙන් අඹ, මගෙන් පොල් ගෙඩි 10 යි. ගමේ ඇත්තො මෙහෙම ආධාර පත්තරේ ලිව්වට මේ ආධාර අපි තමයි ගස්වලින් බිමට ගන්න ඕනෙ. මහ ට්‍රැක්ටරයත් අරගෙන ගොහිං අපි කොරන්නෙ අන්න ඒ අහවල් කාරණේ තමයි.
වෘත්තීය පොල් ගස් නගින්නෙකු වන ලාල් අයියා තමයි ෆයිලට්. මිනිහා දන්සැල් ආධාරයට ලියලා තියෙන පොල්ගෙඩි ප්‍රමාණය පමණක් කඩලා බහින්නෙ නෑ. ගෙදර ඇත්තන්ගෙ පහසුවට පැහිලා තියෙන පොල් ඔක්කොම කඩලයි බිම බලන්නෙ.
වතාවක් අපේ ගමේ ඇලන් උන්දැ ගෙදර ගහෙන් අඹ කියලා ලියලා තිබුනා. අපි ආධාර එකතු කරන්න ගිය දවසෙ ඒ නිවසේ කිසිවෙකු හිටියෙ නෑ. දන්සැලේ වැඩ රාජකාරි අස්සෙ ආයෙ දවසක අඹ කඩන්න එන්න කියලයැ. ආයෙ ඉතිං නන්දිකඩාල් වලට හමුදාව ගැහුවා වගේ අපේ උන් අඹ ගහේම ගෙඩි කඩලා ට්‍රැක්ටරේට පැටෙව්වා.
පහුවදා ගෙදර ආපු ඇලන් හාමිනේ...හෙළුවෙන් ඉන්න අඹ ගහ දැකලා නප්පියට නැගලා. කවුද යකෝ මේ අලුගුත්තේරු වැඩේ කලේ...මම කිව්වෙ මුන්ට ඔක්කොම අඹ කඩන්න කියලද ? මේ අපරාදෙ කරන්න ඇත්තෙ ඌරු ජයන්තයම තමයි. අපේ කෙලීගෙ පොඩි කොලුවට කන්න අඹ ඉදවලා යවන්න හිටියා මදැයි. නෙදකින් නොසන්ඩාල හැත්ත. මේ විදියට අඹ කඩන්න ගිය උන්ගෙ වරුණාව ඇලන් උන්දැගෙ ශ්‍රී මුඛයෙන් ඉතාම කන්කළු විදියට පිටවෙන බව අපිට ආරංචි උනේ උන්දැගෙ අසල්වැසියන්ගෙන්. ඒ උනාට කිසිවෙකු මොකුත් කියන්න ගියේ නෑ. එදායින් පස්සෙ කිසිම දවසක ඇලන් උන්දැ අපිට උදව් කලෙත් නෑ.
ඔය විදියට අඹ වැඩි අය අඹ දුන්නා. පොල් වැඩි අය පොල් දුන්නා. කොස් වැඩි අය කොස් දුන්නා. සමහර කෙල්ලො දන්සැල අස්සෙ කොල්ලන්ට බහ දුන්නා. ඒ වෙද්දිත් ලව් කොර කොර හිටපු උන් දන්සැලේ සංවිධාන වැඩ අස්සෙ කාටත් හොරෙන් උම්මා දුන්නා.
අපේ ජයන්තයගෙ මාමා කසාද බැදලා හිටියෙ ඉන්දියානු ජාතික රූමත් ලලනාවක්. වෘත්තියෙන් පිටරටක නර්ස් නෝනා කෙනෙක්. ජයන්තගෙ මාමා කාලයක් පිටරට රැකියාව කරලා නිවාඩුවටයි ඕන්න දැන් ඇවිදින් ඉන්නෙ. ඒ අල්ල පනල්ලෙ කොල්ලන්ගෙ වැඩේනෙ කියලා ගෙදර ගහකින් පොල් වල්ලක් කපාගෙන යන්න කියලා ආධාර පත්තරේට ලිව්වා.
ෆයිලට් ලාල් අයියයි..සමරු මාමගෙ මහ ට්‍රැක්ටරයෙ කට කපලා ඉන්න දන්සැල් නඩයයි ඔන්න ඒ ඉඩමට සැපත් උනා කියලා කියමුකො. අපි යන වෙලාවෙ ගෙදර හිටියෙ නර්ස් නෝනා විතරයි...දන්න ඉංගිරිසියෙන් කාරණය විස්තර කලාට පස්සෙ එයාම පෙන්නුවා පොල් කඩන්න ඕනෙ ගහ.
මේකි හිටියට කමක් නෑ ලාල් අයියෙ....උඹ වලු දෙකක්ම කඩපන්...මම මාමට කියන්නම්... ජයන්තයා සිංහලෙන් වීරයා වගේ කෑ ගහනවා...
උඹ කියනවා නම් මට මොකද....ඔන්න පුතෝ එහෙනම් වලු දෙකක්ම කැඩුවා...
ලාල් අයියට පොල් ගහ මුදුනෙදි මියගිය ආච්චි වැහුන හින්දද කොහෙද පිස්සු විකාරෙන් වගේ පොල් වලු දෙකට වක් මන්නෙන් කොටාගෙන කොටාගෙන ගියේ....හතර අතේ පොල් හැලෙනවා,
මෙන්න මේ වෙලාවෙ තමයි ගේ ඇතුලෙ හිටිය නෝනා කෑ ගහගෙන එළියට දුවගෙන ආවෙ...දන්සැලට ලිව්වෙ එක පොල් වල්ලයි කියලා...බිම හැපුනෙ නැති ටික විතරයි...අනේ එතැනින් පස්සෙ ජයන්තයගෙ සිංහ නාදය බලු කෙදිරියක් බවට පත් වෙලා කුජීතම වෙලා ගියා.
අපේ අල්ලපු ගමේ ඇත්තන්ට අැති පදම් ඉඩම්...හැම කෙනෙක්ටම අක්කරයක්වත් අවම තියෙනවා. මේවායේ මායිම් වල තියෙන කොස් ගස් මැයි මාසය වෙද්දි අතින් කටින් විශාල කොස් ගෙඩි දරාන ඉන්නෙ අපේ දන්සැලටම පුදන්න වගේ. සමහර වෙලාවට කොස් කඩන අස්සෙ වරකා / වැළ එහෙමත් අහු වෙනවා. ඒ වෙලාවට කොස් කැඩිල්ල පැත්තක තියලා හැමෝම ඒවට වගකියන්නෙ නිවෙස් හිමියාගේ අවසරය ඇතුවයි. සමහර වෙලාවට අපිත් එක්ක වැල, වරකා කන්න ගෙදර ජෝඩුවත් එකතු පහදු උනා.
අපේ ජයන්තයගෙ මාමා කසාද බැදලා හිටියෙ ඉන්දියානු ජාතික රූමත් ලලනාවක්. වෘත්තියෙන් පිටරටක නර්ස් නෝනා කෙනෙක්. ජයන්තගෙ මාමා කාලයක් පිටරට රැකියාව කරලා නිවාඩුවටයි ඕන්න දැන් ඇවිදින් ඉන්නෙ. ඒ අල්ල පනල්ලෙ කොල්ලන්ගෙ වැඩේනෙ කියලා ගෙදර ගහකින් පොල් වල්ලක් කපාගෙන යන්න කියලා ආධාර පත්තරේට ලිව්වා.
ෆයිලට් ලාල් අයියයි..සමරු මාමගෙ මහ ට්‍රැක්ටරයෙ කට කපලා ඉන්න දන්සැල් නඩයයි ඔන්න ඒ ඉඩමට සැපත් උනා කියලා කියමුකො. අපි යන වෙලාවෙ ගෙදර හිටියෙ නර්ස් නෝනා විතරයි...දන්න ඉංගිරිසියෙන් කාරණය විස්තර කලාට පස්සෙ එයාම පෙන්නුවා පොල් කඩන්න ඕනෙ ගහ.
මේකි හිටියට කමක් නෑ ලාල් අයියෙ....උඹ වලු දෙකක්ම කඩපන්...මම මාමට කියන්නම්... ජයන්තයා සිංහලෙන් වීරයා වගේ කෑ ගහනවා...
උඹ කියනවා නම් මට මොකද....ඔන්න පුතෝ එහෙනම් වලු දෙකක්ම කැඩුවා...
ලාල් අයියට පොල් ගහ මුදුනෙදි මියගිය ආච්චි වැහුන හින්දද කොහෙද පිස්සු විකාරෙන් වගේ පොල් වලු දෙකට වක් මන්නෙන් කොටාගෙන කොටාගෙන ගියේ....හතර අතේ පොල් හැලෙනවා,
මෙන්න මේ වෙලාවෙ තමයි ගේ ඇතුලෙ හිටිය නෝනා කෑ ගහගෙන එළියට දුවගෙන ආවෙ...දන්සැලට ලිව්වෙ එක පොල් වල්ලයි කියලා...බිම හැපුනෙ නැති ටික විතරයි...අනේ එතැනින් පස්සෙ ජයන්තයගෙ සිංහ නාදය බලු කෙදිරියක් බවට පත් වෙලා කුජීතම වෙලා ගියා.
අපේ අල්ලපු ගමේ ඇත්තන්ට අැති පදම් ඉඩම්...හැම කෙනෙක්ටම අක්කරයක්වත් අවම තියෙනවා. මේවායේ මායිම් වල තියෙන කොස් ගස් මැයි මාසය වෙද්දි අතින් කටින් විශාල කොස් ගෙඩි දරාන ඉන්නෙ අපේ දන්සැලටම පුදන්න වගේ. සමහර වෙලාවට කොස් කඩන අස්සෙ වරකා / වැළ එහෙමත් අහු වෙනවා. ඒ වෙලාවට කොස් කැඩිල්ල පැත්තක තියලා හැමෝම ඒවට වගකියන්නෙ නිවෙස් හිමියාගේ අවසරය ඇතුවයි. සමහර වෙලාවට අපිත් එක්ක වැල, වරකා කන්න ගෙදර ජෝඩුවත් එකතු පහදු උනා.
කොස් ඉඩම් වලට යාබදව තියෙන කැළෑතුල මැල්ල කොළ ඇති පදමට...ඒවාත් අවශ්‍ය පමනට කඩලා ට්‍රැක්ටරයට පටවනවා. කොස් කඩලා දවසක් දෙකක් තියෙද්දි මේවා ඉදෙන්න බලනවා. අන්න එතකොට කොස් තැම්බුවාම රසය වෙනස් වෙනවා. කොස් ගෙඩි 200 ක වගේ ප්‍රමාණයක් මේ අවධානමෙන් බේරගන්න අපි යෙදූ උපක්‍රමය, අපේ ගමේ තනිදොරේ පොඩි ඇනිකට් එකේ දොර වහලා ඒ ජලාශයට කඩපු කොස් අත ඇරපු එක. ඒවා අපි පහුවදා ගොඩ ගන්න තුරු පාවි පාවි තිබුනා. කවුරුවත් අත තිබ්බෙ නෑ.
දැකලා නැති අය බලාගන්න . මෙන්න මේවා තමයි මැල්ල කොල කියන්නෙ.
මෙතෙක් වේලා කියපු විදියට වැඩ කටයුතු කරගෙන ඇවිදින් වෙසක් දවසත් උදා වෙනවා කියමුකො. එදා උදේම තමන්ගෙ වැඩක් වගේ උවමනාවෙන් ගමේ කාන්තා පාර්ශවය දන්සැල තියෙන තැනට එන්නෙ තම තමන්ගෙ නිවෙස් වල තියෙන හොදට කැපෙන පිහි එහෙම අරගෙන.
පොල් ගාන්න කරදරයක් තිබුනෙ නෑ. අල්ලපු ගමේ හිටියා මහා පරිමාණ කිරිටොෆී නිෂ්පාදකයෙක්. අන්න එයාගෙ යාන්ත්‍රික හිරමන කීපයක්ම අපට ලබා දුන්නෙ අපේ කටයුතු පහසු කරගන්න. විනාඩියක් යන්න කලින් පොල් බෑයක් ගෑවිලා. අහක බලාගෙන හිටියොත් පොල් කට්ට පසාරු කරගෙන යන නිසා හොද කල්පනාවෙන් තමයි පොල් ගෑම සිදුවුනේ.
දන්සැල් භූමියේ කෝකියෝ හිටියෙ නෑ නොවැ. අපේ වැඩිහිටි ආච්චිලා තමයි තමන්ගෙ බාල පරම්පරාවට ගුරු හරුකම් දීගෙන උයන පිහන රාජකාරිය යස අගේට කොලේ. උදේ පාන්දරම කොස් කපලයි දන්සැලේ කටයුතු හැම වසරකම ආරම්භ උනේ. ඒ ඇත්තියන්ට අවශ්‍ය වෙලාවට තේ කහට එක ලගට කලේ අපේ ගැටිස්සියො ටික. දන්සැල අස්සෙ ගැටිස්සියන්ට ඇහැ කරකවපු මනමාළ රැලකුත් වෙනම උන්නා....ඒක ඉතින් ලෝක ස්වභාවය නොවැ. ඒ වගේ සිදුවීමක් දෙකක් නැත්තං දන්සැලක වැඩ කරන්න කොල්ලො කෙල්ලො එයිද ආයිබෝං.
ඔයින් මෙයින් කෑම ටික සූජානම් කරලා අහවර උනාම, ගමේ නායක හාමුදුරුවො මෙතැනට වඩින්නෙ වේලාසන කරන ආරාධනය නිසා. මේ කටයුත්තට හවුල් වන සියලුම අයට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරලා, දන්දීමේ ආදීනව පිළිබද කෙටි අනුශාසනාවකුත් පවත්වලා, ආගමික කටයුතු අවසන් උනාට පස්සෙ දන්සැලේ ආහාර වලින් මුල්ම කොටස බුද්ධ පූජාව විදියට පන්සලට රැගෙන යන්න කීප දෙනෙක් කටයුතු කොරනවා.
ඊටත් පස්සෙ තමයි කිත්තා අතේ තියෙන තුන් හුලස් වැලට ගිණි ඇවිලෙන්නෙ. දන්සැල ආරම්භ වෙන වගට අප ලබාදෙන සංඥාව තමයි ඒ. එතැනින් පස්සෙ එකම එක සැරයයි දන්සැලට එන්න කියලා කොඩියක් වනලා ආරාධනා කිරීමට සිදුවෙන්නෙ. එයින් පසුව ඉතින් වෙසක් සිරි නරඹන්න ඒ මේ අත යන ජනතාව ස්වේච්ඡාවෙන්ම පෝලිම් ගැහිලා අපට උපරිම සහයෝගය දුන්නා.
ඊටත් පස්සෙ තමයි කිත්තා අතේ තියෙන තුන් හුලස් වැලට ගිණි ඇවිලෙන්නෙ. දන්සැල ආරම්භ වෙන වගට අප ලබාදෙන සංඥාව තමයි ඒ. එතැනින් පස්සෙ එකම එක සැරයයි දන්සැලට එන්න කියලා කොඩියක් වනලා ආරාධනා කිරීමට සිදුවෙන්නෙ. එයින් පසුව ඉතින් වෙසක් සිරි නරඹන්න ඒ මේ අත යන ජනතාව ස්වේච්ඡාවෙන්ම පෝලිම් ගැහිලා අපට උපරිම සහයෝගය දුන්නා.
දන්සැල පැවැත්වෙන දවසට හැම ගෙදරකම වැඩිහිටි කාන්තාවො මෙතැන නිසා ඒ ඇත්තන්ගෙ පවුල් වල අයට කෑම පාර්සල් යවන්නෙ තවත් පිරිසක්. මේ ආකාරයෙන් ක්‍රමානුකූලව දන්සැල පවත්වාගෙන යද්දි, අවශ්‍යතාව අනුව බත් උයන්නත්...ඒවා ලිපෙන් බා ගත් පසුව කෙසෙල් කොළ මත තුනී කරන්නත් තවත් පිරිසක් සැදී පැහැදී සිටියා. එක් එක් වගකීම් වෙන් වෙන් වශයෙන් විවිධ පුද්ගලයන්ට ලබා දී තිබුන නිසා කිසිම තැනක ගැටලුවක් ඇති වෙන්නෙ නෑ. හොද පිරිස් බලයක් නැතුව බත් දන්සැලක් කරන්න නම් අමාරුයි ගොයියො.
මේ විදියට පැවැත්වෙන දන්සැල අවසාන වෙන්නෙ අපි සූජානම් කල ආහාර පාන සියල්ල අවසන් උනාට පස්සෙ. පිරිස විසිර යන්න කලින් භාජන සියල්ලම පිරිසිදු කරලා ඒවා නිසි හිමිකරුවන්ට එදිනම ලබා දෙන්නෙ, වෙසක් දිනයෙන් පසුව පිරිස් බලය නැත්තටම නැති වී යන හින්දයි. මේ සියලුම වැඩ අවසන් උනාට පස්සෙයි කොලු ගැටව් නිවෙස් බලා යන්නෙ. නමුත් නා කියා පිරිසිදු වෙලා නැවත හමුවෙන බලාපොරොත්තුවෙන් තමයි උන් යන්නෙ.
දන්සැලට එකතු වෙන ආධාර පරිපාලනය කලේ කොක්බෙට්ටා කියලා අපි ආමන්ත්‍රණය කරපු තොග කඩයක් පවත්වාගෙන ගිය සහෝදරයෙකු යටතේ. ඔහුගෙ හොර බොරු වංචා නෑ. අහවල් දිනේට ශේෂය මෙච්චරයි කියන්න ඕනෑම වෙලාවක හැකියාව ඔහුට තිබුන නිසා දිගින් දිගටම අපේ භාණ්ඩාගාරික වෙලා හිටියෙ කොක් බෙට්ටා.
හැම අවුරුද්දෙම වගේ දන්සැලෙන් පස්සෙ යම් මුදලක් අත ඉතිරි වෙනවා. මේ මුදලෙන් කොටසක් ඊලග වසරෙ දන්සැල උදෙසා පාවිච්චි කරන්න යෞවන සමාජ ගිණුමට බැර කරනවා. ඉතිරියෙන් දන්සැලට සහාය දුන්න තරුණ කොල්ලො, කෙල්ලො, වැඩිහිටියො කොළොම්පුර වෙසක් සිරි නරඹන්න යන්න වාහන පහසුකම් සපයාගන්නවා.
මම බොලාට කිව්වා නොවැ කොලු සැට් එක ආපහු එන්නයි දන්සැලෙන් පස්සෙ ගෙදර ගියේ කියලා. මේ පිරිස ආයෙම එකතු වෙන්නෙ සමරු මාමගෙ වහලා දාලා තියෙන කඩ කාමර පෙලේ කඩයක් ඇතුලෙ. වෙසක් කියලා නෑ. වැයවූ කාය ශක්තිය නැවත ලබා ගන්න පණුබේත් සුට්ටක් බොන්නයි මේ සූජානම..
තම තමන්ගෙ වයසට ගැලපෙන උන්ගෙන් සැදුන විවිධ කණ්ඩායම් විවිධ තැන් වල. අපේ දෙමාපියන්ට හොරෙන් තමයි සිද්ධිය දැන් යන්නෙ. මේ කියන දවසෙ මමයි, මගේ මලයයි, බැල්ලියි, මාකස් ගොයියයි බෝතලයක් අරන් වෙනම අයිනක් ගැහුවා. අපි හතර දෙනා දැන් එක එකාගෙ පම්පෝරිය අහන ගමන් සීදුවෙ ගල් බෝතලය හිස් කරගෙන යනවා. මට මතක විදියට බයිට් එකට තිබුනෙ දන්සැලෙන්ම පන්න ගත්ත කට්ට කරවල.
ගෙදරින් කිසිවෙක් ආවොත් ජංජාලයක් වෙන්න පුලුවන් නිසා කඩ කාමරය වහගෙන ඇතුලට වෙලා තමයි අපි දැන් සීදූවෙ අරවා පානය කරන්නෙ. කඩ කාමරයට එළියෙන් ඉන්නෙ අපිට වඩා වැඩිමල් පිරිස.
ඔයින් මෙයින් පෑ භාගයක් පමණ ගතවුනා කියලා කියමුකො. එක සැරේම බැල්ලිගෙ තාත්තගෙ කටහඩ ඇහුනා.
සීදුවෙ අරවා |
අපේ පුතා එහෙම දැක්කද ?.....
නෑනෙ මාමෙ...අපි දැක්කෙ නෑ....පිටත හිටිය උන් එහෙම උත්තර දෙනකොට බැල්ලි හිටියෙ වීදුරුවකට පුරව ගත්ත ඇක්ස්ට්‍රා ස්පෙෂල් එක්ක.
දොර වහලනෙ තියෙන්නෙ...භය නැතුව ඕක ඇදපං...මම බැල්ලිට එහෙම කිව්ව හින්දද කොහෙද එක හුස්මට ගුඩුස් ගාලා බොක්කට හලන්නම් කියලා ධෛර්යය අරගෙන ඒකා වීදුරුව ඉහළට ඔසවලා කටට හලනවාත් සමගම හදිසියේ විවර වෙච්ච කඩ කාමරයේ දොරෙන් උගේ තාත්තා ජීවමාන වුනා.
තෝ මොකද යකෝ ඔතන කරන්නෙ....
පිය සෙනෙහස නිසාම ඇතිවුන ගෞරවයෙන් බැල්ලී එක්වරම නැගී සිටියා.
අඩි දෙකට තුනට එතනට පැමිණි පියා ...පුත්‍ර ස්නේහය මේ යැයි කියමින් බැල්ලිගේ කන් අඩිය රත්වෙන්න එකම එක පාරක් ගැහුවා...
පල ගෙදර...
ආ....අයියයි මල්ලියි දෙන්නත් ඉන්නෙ....මම කියන්නම් තාත්තට.... එහෙම කියලා බැල්ලිගෙ තාත්තා බැල්ලිව දක්කගෙන ගේ පැත්තට ඇදුනා. මමත්, මලයත්, මාකස් කොලුවත් බෝතලේ වැඩ කටයුතු අහවර කරලා බැල්ලිගෙ ගෙදර පිළිකන්න පැත්තට හොර රහසෙ කිට්ටු කලේ මේකාට මොකද උනේ බලන්න.
අපි යද්දි යුද්ධාධිකරණය රැස් වෙලා තිබුනෙ. සාලයේ ඉදගෙන ගෙදර උන් බැල්ලිගෙ භෞමික අඛණ්ඩතාව කීති කීතු වලට ඉරා දැම්මා. වෙසක් සද බොද වෙලා පේනකොට මමත් මලයත්, මාකස් කොලුවත් නිවසට ඇදුනා.
තවත් දවස් කීපයකට පස්සෙ තමයි බැල්ලිව මුලිච්චි උනේ.
අඩෝ...උඹලගෙ තාත්තා එදා අම්මට කිව්වද බං...උඹ අරක්කු බොනකොට මාට්ටු උනා කියලා....අපි එහෙම ඇහුවා.
නෑ නෑ....අම්මට කිව්වෙ බියර් බිබී ඉද්දි කනෙන් ඇදගෙන ආවා කියලා....
එහෙනං තාත්තා ගල් බෝතලේ අදුනගෙන නෑ....
උඹට පිස්සුද යකෝ...DCSL එකේ අවුරුදු 20 කට කිට්ටුව වැඩ කරන අපේ තාත්තා ගල් අරක්කු අදුනන්නෙ නැද්ද ?
තොට බොන්න ඕනෙ නම් මම ගෙදර ගෙනල්ලා බොන දවසට මගෙන් ඉල්ලපිය...එක එකා එක්ක ජවුසං නටන්නෙ නැතුව, ඔහොමයි තාත්තා කිව්වෙ.
අපේ තාත්තා හොදයි නේද බං....එදා මට කනට ගැහුවට, එහෙම කියපු බැල්ලි අපි දිහා බලලා අසික්කිත හිනාවක් දැම්මා.
තොට බොන්න ඕනෙ නම් මම ගෙදර ගෙනල්ලා බොන දවසට මගෙන් ඉල්ලපිය...එක එකා එක්ක ජවුසං නටන්නෙ නැතුව, ඔහොමයි තාත්තා කිව්වෙ.
අපේ තාත්තා හොදයි නේද බං....එදා මට කනට ගැහුවට, එහෙම කියපු බැල්ලි අපි දිහා බලලා අසික්කිත හිනාවක් දැම්මා.
මම කාමරේ අරින සිරා කොලුවා.
ප.ලි
මේ කියන කාලයේ සිරා කොලුවා උසස් පෙළ සිසුවෙකි. ගල් බෝතලේ රහස අපේ නිවෙසද සොයා ආවෙන් පොදු වැඩ නිම වූ විගස නිවසට පැමිණිය යුතු බවට අලුත් නීතියක් මව හා පියා එකතුව සම්මත කරගත්තෝය. අපේ අම්මාගේ දෝස් මුරය නම් ඒ සතිය පුරාම පැවතෙන්නට ඇත.
පසු කලෙක බැල්ලී සහ පියා...චියර්ස් දමා එකටම බිව්වෝය. මේ කියන බැල්ලි අද එක්දරු පියෙකි.
පොහ්.........නියම දන්සල් වැඩ කිඩ ඈ.............
ReplyDeleteඅපිනම් දන්සල අහලකටවත් කොත්තමල්ලි වතුරේ ගේන්නේ නෑ. එව්වා ටිකක් ඈත තැනක තියන්නේ ඒ කාලේ අපේ නඩේ එව්වොත් මහ අසමජ්ජාතියො හින්දා.
අපිත් අහලකටවත් ගෙනාවෙ නෑ...දන්සැල පැවැත්වුනු තැනට පිටතින් පිහිටි තැනක තමයි කොත්තමල්ලි වතුර බොන්න සූජානම් කරලා තිබුනෙ.....
Deleteඅම්මටහුඩු දන්සැල් ආතල් නං වැඩක් නෑ .. මේ අපි කරපු සීන් එකක්
ReplyDeleteඅපේ දන්සැලේ උදව්වට අහල පහල ගෑල්ලමයි එනවා..අපේ එකෙක් හිටියා ඌට පොඩ්ඩක් අන්දොස් !!
ඌ අහක බලනකං ඉඳලා අපි අන්දනවා..
අන්න මචං උඹ දිහා අර කෙල්ල බලනවා ,
අන්න ආයෙ බැලුවා ..
අතේ නම්බර් එක නේ ගුලි කරං ඉන්නේ ??
අන්න උඹ එක්ක හිනාවුනා පොඩ්ඩක් බලහං ඒ පැත්ත.
යකෝ පොඩි කැටයමක් කපපං ඔටුව වගේ ඉන් නැතුව.
එක එකා මූව ෆෝම් කරනවා මූ වයිං කරපු බෝනික්ක වගේ වැඩ ..මුරුංග ගහේ මුදුනේ..
අන්න ආයෙ බලල හිනා උනා . ළඟට යමං .
මූ ළඟට යනවා .. ඇඹරෙනවා . ඒ කෙල්ලට අංදෝසංසාරයක් නෑ ඒ අහිංසකී වැඩ හෝ ගාලා..
ඔන්න යකඩෙ රත් වෙලා..
අරූ අරං ගියා පැත්තකට.
පිරිමියෙක් නේ ?? අහපං මොකද්ද මේ වැඩේ තේරුම කියලා.. බය වෙන්න එපා .. අපි ඉන්නවා සෙට් එකම.
මූ ගියා ළඟට
" නංගි !! මොකද්ද මේ වැඩේ තේරුම ?? "
අර කෙල්ල හොල්මං .. " මොන වැඩේද අයියෙ ? "
අරූ හැරිල අපි දිහා බැලුවා..
අපි නෑ !!!! මිසිං ..
ඇන්ටි කෙනෙක් මුගේ පලු අරිනවා, මුන්ට මේ වගෙ තැනකවත් මනමාලකම නැතුව ඉන බැරි හැටි ..උඹ මෙතනට ආවෙ උදව් කරනද මගුල් කරන්නද ???
අරූ වාෂ්ප උනා .. අපිත් පොඩකින් හොඳ ළමයි වගේ වැඩ..
පත්තරයො බඩ රිදෙනව බොල හිනාවෙලා,තොපිලට තමයි නසරානියෝ කියන්නෙ.
Deleteපාප මිත්‍රයාේ..
Deleteයකෝ මේකා යන පාරකවත් යන්ඩ වටින්නේ නෑ.
Deleteපව් යකෝ අර අහිංසකයා.
Deleteඉවාන් කියනවා වගේ තෝව මරන්නම තමා වටින්නෙ
චැහ්.. මාව නිකං පොල්කුඩු ගානට දාල නොවැ.. අපි උදව්වක්නෙ කලේ ඌට.. වැරදිලාවත් ෂැට් උනානං :D
Deleteපත්තර මල්ලි නෙමෙයි මෙකා ගිනි මල්ලි.
Deleteඅනේ එහෙම කියන්ඩෙපා රත්තරන් මං ඇවිල්ල අහිංසකයා බං.. :D
Deleteපත්තරයට හාමිනේ සෙට් වුනෙත් එහෙමයි කියන්නේ
Deleteහුහ් .. ආයෙ මොනාද දන්නවනේ ඉවා පත්‍තරයගෙ වැඩ ඉතිං :D
Deleteපත්තරයා ඉතිං සුපිරි කොල්ලෙක් නෙමෙයිනං...සීයාගෙ හඩු වෙච්ච රැලේ බයිසිකලේ පොල්ල යටින් පදින ගමන් පත්තර විකුණයිද ?
Deleteඅඩේ උඹ මට ඔහොම සීන් එකක් කිව්වම...මට තව කථාවක් මතක් වුනා බං...ඒක දන්සැලකට සම්බන්ධ එකක් නෙමෙයි...කෙල්ලෙක්ගෙන් අහන්න පුරුෂ ශක්තිය තිබුනෙ නැති එකෙකුට අපි දුන්න හැල්ප් එකක්...ඉදිරි දිනයක ලියන්නම්...මට නිතරම කථා මතක් කරලා දෙනවට උඹට ස්තුතියි පත්තරයො...ඔයා ඉවා එහෙම උඹට අනම් මනම් ටෝක් දාලා අහුවුනොත් මට කියහං...
මාර දන්සැලක් නොවැ!!!
ReplyDeleteමාර දන්සැලක් නෙමෙයි නගෝ...බත් දන්සැලක්...හික් හික්...
Deleteසියල් සපිරි සව්සිරි දන්සැලක්....
ReplyDeleteඋඹල කඩ්ඩ මරන්න ගියාට නේස් නෝනට හොඳට හිංගල තේරෙනවා වගේ.... :P
ඒකනම් දන්නෙ නෑ ගොයියො...හැබැයි ජයන්තයගෙ මාමා, ජයන්තයගෙ අම්මගෙ පවුලෙ පඩිපෙළ වගේ දරු කැලත අතර බාලම එකා නිසා ජයන්තයට වඩා පොඩි වයසයි වැඩිමල්....ඒ හින්දා ඒ නෝනා බොහොම තරුණයි....
Deleteහින්දි නිළියක් වගේ බොල...අපිට ආපු කාරණෙත් අමතක වුනා එයාව දැක්කම...අැත්තමයි සත්තයි....
අපි දුන්න මෙනු එකමනෙ සිරෝ බොලත් දීල තියෙන්නෙ.මොකද බං අපුරු කොල්ලෙකුට බැල්ලි කියන්නෙ.අර තියෙන්නෙ උඹ ගාව තියං ඉන්නව කියපු ගල් බෝතලේද.
ReplyDeleteබොලා දුන්නෙත් මේ මෙනු එකමද...ඔයා ලියපු එකෙත් මැල්ල කොළ සහ කොස් තිබුන බව මතකයි..අඹ තිබුනෙ නෑ නේද ?
Deleteඅපේ ගමේ ගොඩාක් කොල්ලන්ට නම් හැදුනෙ...ඇස් රතුවෙනකං පිනුම් ගගහා ඔයේ නාන්න ගිහිල්ලයි...පොල් වත්තෙ ක්‍රිකට් ගහනකොටයි....ඔය බැල්ලියි මමයි එකම ගමේ කොන් දෙකක වගේ ඉන්නෙ...ඒ නිසා පොඩි කාලෙ ලොකු ඇසුරක් තිබුනෙ නෑ. මට ඕකව මුලිච්චි වෙද්දිත් සම වයසෙ උන් බැල්ලි කියලම තමයි කිව්වෙ. ඒ කාලෙ ඌට නප්පියට නගිනවා බැල්ලි කිව්වම...පස්සෙ කම්මලේ බල්ලටත් නින්ද යනවා වගේ ඌට ඒ නම ගානක් නැතුව ගියා. ක්‍රිකට් හුටපටයක් තමයි එතැන තියෙන්නෙ...උගෙ පන්දු යැවීමෙ ඉරියව්ව එක්ක ගෑවුන.
ඔන්න ඕකට තමයි හැලපයියෙ ගල් ඉව කියන්නෙ...හරියටම හරි බොලං...ඒ මගේ කාමරේ තියෙන කිලෝමීටර් දහස් ගානක් දුර ගෙවාගෙන ආව සීදුවෙ අරවා බෝතලේ තමා...
දංසල් අාතල්නං අපූරුයි..
ReplyDeleteමොනව උනත් බැල්ලිගෙ තාත්තා හොද මනුස්සයා..
ජය වේවා!!!!
දන්සල් ආතල් ඉතිං අද කාලෙ කොල්ලො ගන්නවද මන්දා....බැල්ලිගෙ තාත්තා එළ කොල්ලෙක් තමයි ඉතිං....නැත්තං පුතාටත් එක්කම බොන්න ගේනේවිද, ජය !
Deleteමොනවා උනත් හිත හොඳ තාත්තා කෙනෙක්! :)
ReplyDeleteඔන්න නාඩියාලත් තාත්තලා උන කාලෙක කරනවානම් වැඩ...
Deletefatta
ReplyDeleteඑළ....
Deleteතාත්තට නිකන්ම ගෙනල්ලා බොන්න පුළුවන් හන්දා වෙන්න ඇති පුතාටත් එහෙම ගේන දවසටම සෙට් වෙන්න කියන්න ඇත්තේ..
ReplyDeleteඑහෙම නිකං දීමක් නෑ මලයො...මේ ෆැක්ටරිය අයිති හැරී ජයවර්ධන එහෙම නිකං දෙන පොරක් නෙමෙයි...හැරී ගැන දන්න අය කියාවි වැඩි විස්තර...
Deleteඔන්න මම මේ පැත්තටත් ආවා... සමහර වෙලාවට උඹලගෙ අහ එන්න බැරිවෙන්න හේතුව උඹලගෙ ලියවිල්ලේ හොඳකමමයි. උඹ ලියන කතන්දර සාපේක්ෂව දීර්ඝ ඒවනෙ... අනික උඩින් පල්ලෙන් කියවන්න පුළුවන් ඒවත් නෙමෙයි.. ඒ නිසා පොඩි විවේකයකදි උඹේ පෝස්ට් කියවන්න ගන්නෙ නෑ. ඔයින් මෙයින් ඕක යටට ගිහින් අමතක වෙනවා... හරි.. උඹට ලියන විදිහ වෙනස් කරන්න කියනවා නෙමෙයි උඹේ මේ ලියවිල්ලට මම කැමතියි. නමුත් අර වගේ ප්‍රායෝගික අවුල් තියනවා ඉතිං...
ReplyDeleteමම නම් බත් දන්සැලකට දායක වෙලා නැහැ. බීම දන්සැල් වලට විතරයි. අපිට තිබ්බේ පාරට පැනලා මිනිස්සු නවත්තලා බලෙන් පොවන රාජකාරිය. අපේ ගමේ නම් ආධාර එකතු කලා. මුදල් ආධාර විතරයි. මුලින්ම බොරුවට 500 ආධාර කීපයක් ලියාගෙන යනවා. ඉතිං ඊට පස්සෙ කට්ටියට 100 වත් නොලියා බැහැ. දන්සැල පවත්වපු ඉඩමේ සහ අවට ගෙවල් ඉදිවීමත් එක්ක දන්සැල නැවතුණා. උඹලගේ දන්සැල් කෙරුවාව නම් හරි විචිත්‍රයි... මට මතකයි අපේ බීම දන්සැලේ පිටිපස්සේ අයිස් කුට්ටිය ලී කුඩු ගොඩේ තියන හරියෙම ප්ලාස්ටික් බාල්දියක් මුනින් අතට නවලා බෝතලේ වහලා තියනවා. දන්සැල සංවිධානය කරන්න මූලික වෙන වැඩිහිටි කීප දෙනෙක් තමයි ඒ පැත්තේ ගැවසෙන්නේ.
මගේ බොග කීප දෙනෙකුගේම බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙන්නෙ නෑ කියලා කිව්වා...මම හිතුවෙ ඔබටත් එහෙම වෙලා ඇති කියල...ඒකයි පයින්ඩයක් තිබ්බෙ...මොකද අවංකව කමෙන්ට් කරන කෙනෙක් විදියටයි මම ඔබව අදුනන්නෙ.
Deleteඔය බොරුවට ආධාර ලියපු එක අපිත් කලා...රුපියල් 500 ක් තමයි මුලටම දාන්නෙ...හැමදාම ගමේ කොනේම තියෙන යමක් කමක් තියෙන පවුලකින් තමයි වැඩේ පටාන් ගන්නෙ...ඒ අය 500 දිහා බලලා හිනා වෙලා රුපියල් 50 ලිව්වා ඉස්සර අපි දන්සැලට ආධාර එකතු කරන්න ගෙවල් ගානෙ ගිය කාලෙ...වතාවක් මේ පස්සෙ බින්දුව එකතු කරන සීන් එකක් ලීක් වෙලා..දරුණු මත ගැටුමක් ගියා....ඒ වගේ දේවල් නිසාම තමයි ගෙවල් ගානෙ ගොහින් ආධාර එකතු කිරිල්ලට තිත වැටුනෙ.
This comment has been removed by the author.
ReplyDeleteදන්සල පැත්තෙ එන්න කියලා බුලත් දුන්නෙ එදාට උයන්න උදව් වෙන්න කියලා මිස බත් කන්න එන්න කියලා නෙමෙයි.මේ දන්සැල අදින් වසර 10 කට විතර කලියෙන් නතර උනා. දැන් දන්සැල දෙන්න කොල්ලො නෑ...බහුතරය මම වගේම රටින් පිට.
Deleteවැය වූ කාය ශක්තිය නැවත ලබා ගන්න කියලනෙ හැමෝම බිව්වෙ....ඒ දවස් වල අද වගේ නෙස්ටමෝල්ට් ඇඩ් එකක් තිබුනෙ නෑ.
This comment has been removed by the author.
Deleteදන්සැල් දන්සැල්.. මගේ අත තාම වැඩ.. බත් බෙදලා..දන්සලේ වරු දෙකක්ම.. හැබැයි පුතේ අපිනං දන්සල් ඉවර වෙලා සීදුවේ අරවා පාවිච්චි කරන්නෑ.
ReplyDeleteඔවු උඹ පාවිච්චි කරන්නෙ කෝක් නෙ.
Deleteඑහෙනං ඒ දන්සැල අංග සම්පූර්ණ නෑ, ඕක වැටෙන්නෙ බලු කපුටු දාන කැටගරියට,ඕ යේස් !!
Deleteඒක හරි දේශකයො..සීදුවෙ අරවා වලට වඩා හොද දෙයක් බොලා පාවිච්චි කරන්න ඇති ඇගේ අමාරුවට....බදින්න කලින් වෙන්ට ඇති...දූෂකයගෙ අත දරුණු ලෙස ඔය විදියට අන්තිමට මහන්සි වෙන්න ඇත්තෙ...නැද්ද පත්තරයො...
Delete//කොස් , අඹ , පරිප්පු, පපඩම්, මැල්ල කොළ සමග මිරිස් බැදුම, සම්බෝල//
ReplyDeleteහරිම රහයි. :)
//ඔය විදියට අඹ වැඩි අය අඹ දුන්නා. පොල් වැඩි අය පොල් දුන්නා. කොස් වැඩි අය කොස් දුන්නා. සමහර කෙල්ලො දන්සැල අස්සෙ කොල්ලන්ට බහ දුන්නා. ඒ වෙද්දිත් ලව් කොර කොර හිටපු උන් දන්සැලේ සංවිධාන වැඩ අස්සෙ කාටත් හොරෙන් උම්මා දුන්නා.//
මුලු දන්සැල් කතාවම මෙතනින් අඩුවක් නැතුව කියවෙනවා සිරෝ...
ඇත්ත පොඩ්ඩි මුළු කතාවෙන්ම මම හයිලයිට් කර ගත්තේ වැඩියෙන්ම එක....:D
Deleteපොඩ්ඩි මැල්ල කොළ බැදුම කාලා තියෙනවද ? ඒ කාලෙ අපි ගෙවල් ගානෙ යන දවස් වලට යෞවන සමාජයෙ කෙලියො ටිකත් එනවා...කපොල් ටික ආවෙ අන්තිම කොනේ...ඉතින් උන්ට ඒ වැඩ වලට නිදහස උපරිමයෙන් ලැබුනා.
Deleteමේක නං නියම දන්සලක් !
ReplyDeleteඅද දෙන්නෙ නැති එකනෙ බං පුරස්නෙ....
Deleteඔක්කොමත් හරි ජයන්තගෙ ඉන්දියන් නැන්දා කෑ මොර දුන්න එක මතක් වෙත්දි හිනා කාලා මැරෙනවා.
ReplyDeleteනියම දන්සලක් ඇත්තටම. දැන් ගම් වල ඔය තරම් සමඟියක් නැති එක ගැන නම් දුකයි.
ඒ නර්ස් නෝනා....අපේ පැත්තට කරගෙන තිබුන ගෙඩි ටිකෙන් තෝරලා හොදම පොල් ටික එයාගෙ පැත්තට දා ගත්තා...අපි බලාන උන්නා... මේ දන්සැල අදත් තිබුනා නම්...අපේ ගමේ සමගිය තවත් හොදින් පවතිනවා...පොදු වැඩකදි ඇත්ත වශයෙන්ම ගමේ සමගිය තමයි රැකෙන්නෙ.
Deleteදන්සල් කාලෙට මේවා සාමාන්‍ය වැඩ බං සිරා මලයා. ඒ වුණාට කොත්තමල්ලි ඔයිට වඩා පරිස්සම් ඇති තැනකින් තියාගන වගකියන්න ඕන බං.
ReplyDeleteඒ කාලේ දන්සල් කරනකොට නලින් අයියගෙන් සිගරට් පරිස්සම් කරන්න පොලොසියෙන් දාලා හිටියලු
Deleteකොත්තමල්ලි බොහොම පරිස්සං සහිතව තමයි තිබුනෙ...වැඩේ උනේ කොත්තමල්ලි වක්කරන වෙලාවට පොඩි අවුලක් ගිය එක....හැබෑට නලින් අයියෙ පවු නේද ජෝන්....මිනිහා තාමත් සිගරට් බොනවා.
Deleteඋඹේ මෙනූ එක කිව්වාමත් කටට කෙළ උණනවා. ඇයි බං සිරා අපි මෙච්චර කෑමට පෙරේත? ඒකනේ කියන්නේ පිරිමියෙකුගේ හදවතට ලඟාවිය හැකි ෂෝට් කට් එක ඔහුගේ ආමාශය හරහාය කියලා. ඒ බව දැනගන්න ගෑණු අය හොඳ රස කෑම දීලා පිරිමින්ව අල්ලගෙන පස්සේ උන්ටම කියලා උයව ගන්නේ ඇයි බං?
ReplyDeleteඒකට කියන්නෙ ගැහැණියගේ ආධිපත්‍ය නිවස තුළ පැතිරවීමේ හොඳම ක්‍රමය පිරිමියා කුස්සියට කිරීමය කියල.
Deleteඔච්චර ලව් කරලා බැදලත් දීපා උඹට ඔහොම කරයි කියලා මට හිතාගන්න බැරි උනා හෙන්රියො....
Deleteඅපේ හෙන්රි සෑර්ගේ අදහස දෙස අංශක 65.8 කෝණයකින් බැලූ කල ඇනෝ ගොයියාට මෙන් මටද හැගී ගියේ...කොටින්ම මගේ අක්මාව මට සංඥා කලේ මේ නම් හෙන්රි සෑර්ගේම අත්දැකීමක් බවයි. මගේ ව්‍යාපාරික මිත්තරයාට මෙහෙම උනාම මම කොහොමද අයියෝ උහුලන්නෙ...මට ඇඩෙන්න ඔන්න මෙන්න....
Deleteඔබ කියන විදියට ගෑණු එහෙම කරනවා නම්....හේතු තුනක් මට පේනවා.
1 සැමියා සූපවේදියෙකු ලෙස කටයුතු කරන්නෙකු විය යුතුයි.
2 බිරිදට පණු අමාරුව නිසා මල බුරුලට යවා ගැනීමට අවශ්‍යතාවක් තිබිය යුතුයි.
3 සැමියාගේ දාංගලයේ ප්‍රතිඵල ලෙස දරුවන් සමග බිරිද කාර්යබහුල වීම.
බොලා තුන් දෙනාටම.
Deleteප්‍රසන්නයා කියන කාරනාවේ ඇත්තක් තියෙනවා.
ඇනෝ සහ සිරා කියන කාරනාව සිද්ද වෙන්න පුලුවන්. නමුත් ඇයි උඹලා හිතන්නේ අපි හැමතිස්සෙම ලියන්නේ අපිට වෙච්ච දේවල්ම කියලා.
ඕක මට අදාල නොවෙන්නේ හේතු දෙකක් නිසා.
එකක් දීපා උයන්න ඉගෙනගත්තෙත් කසාද බැඳලා ආවට පස්සේ Trial and error method එකට. හපොයි ඒ කාලේ නම්! පැපොල් ගස් වලට කොයි තරම් පිටි මිශ්‍රණ කන්න දීලා අද්ද!
අනික මම කුස්සියට යනවටවත් දීපා කැමති නෑ මම විනාශකාරී කියලා. මම කරන්නේ laundry සහ dusting, cleaning, scrubbing.
එහෙම නොවුනා නම් ඕක මට අදාල කරන්න තිබ්බා. :D
මට තියෙන්නේ කුකින්ග් පමනයි. ඒක මම ඉල්ලං කරනවා. අනිත් කිසිම වැඩකට මාව සම්බන්ධ කරගන්නේ නැහැ. හැබැයි උඩ ප්‍රසන්නයා කියපු වැඩේනම් තාම වුනේ නැහැ.
Delete"ඔය විදියට අඹ වැඩි අය අඹ දුන්නා. පොල් වැඩි අය පොල් දුන්නා. කොස් වැඩි අය කොස් දුන්නා. සමහර කෙල්ලො දන්සැල අස්සෙ කොල්ලන්ට බහ දුන්නා. ඒ වෙද්දිත් ලව් කොර කොර හිටපු උන් දන්සැලේ සංවිධාන වැඩ අස්සෙ කාටත් හොරෙන් උම්මා දුන්නා."
ReplyDeleteමාර දීමක්නෙ දීල තියෙන්නෙ!
අපේ උන් කොහොමත් දෙන්න දස්සයි නොවැ...නැත්තං ආණ්ඩුව දෙන දීමට...අපේ උනුත් පෙරලා බොක්කෙන්ම දෙන නිසානෙ...හැමදාම ඡන්දෙන් මී හරක් රැළ ගොඩ යන්නෙ...
Deleteනියම දන්සැල් විස්තරයක් සිරා. ඇත්තටම හොඳ සංවිධාන ශක්තියක් තිබුණෙ නැත්තං අවුල් වෙන්නෙ නැතුව බත් දන්සලක් දෙන එක ලේසි වැඩක් නෙමෙයි.
ReplyDeleteඅනික අඩු වයසෙදි කොත්තමල්ලි භාවිතා කරනකොට ඔයිට වැඩිය සැලකිලිමත් වෙන්න ඕන.
//උඹට පිස්සුද යකෝ...DCSL එකේ අවුරුදු 20 කට කිට්ටුව වැඩ කරන අපේ තාත්තා ගල් අරක්කු අදුනන්නෙ නැද්ද ?// හැක්.. ඒක තමයි නියම කතාව.
මොනව උනත් බැල්ලිගෙ තාත්තනං නියම පොරක්. දෙපැත්තම ගානට බැලන්ස් කරල තියෙනව.
බැල්ලිගෙ අම්මා ඒ කාලෙ ගුරුවරියක් විදියටයි කටයුතු කලේ...මේ ආරංචිය එයාට කනේ තිබ්බා නම්...බැල්ලිගෙ ගන්න දෙයක් නැතුව යනවා....ඒ හින්දයි තාත්තා එහෙම කියන්න ඇත්තෙ....
Deleteබත් දන්සැලක් දීලම බලන්න ඔනෙ...කොච්චර දේ කරන්න තියෙනවද කියලා....පිරිස හොදට හිටියෙ නැත්තං..නාන්න තමයි වෙන්නෙ....
ඇයි ඌට බැල්ලි කියන්නේ ,
Deleteඔන්න මම ආවා
කමෙන්ට් එකකුත් දැම්මා
උඩින්...හැලපයියට සිද්ධිය කිව්වා රත්තරනේ...තරහා නැතුව එතැනින් බලහං...
Deleteදන්සැල් කියද්දි මට අපේ දන්සලත් මතක් වුණා ආයිබංඩ... ගමේ අය සම්මාදං වුණාට වැඩිපුරම මේකට සහයෝගය දෙන්නෙ අපේ පවුලෙ පවුලෙ අයමයි...
ReplyDeleteඒත් දන්සලේ වැඩ නං ගජරාමෙට කෙරෙනව...
එක පාරයි තමා කොඩිය අල්ලන්නෙ... මොකද අපේ දන්සලට කියල වෙනම සැට් එකක් හැදිල ඉන්නව.. අනික හැම කෙනාම දන්නව අහවල් තැන දන්සල ෂුවර් කියල ඉති ංකොහෙ ගියත් දංසල ට කට්ටිය එනව .
හුගක්ම කට්ටිය පුරුදු වෙලා ඉන්නෙ අපේ එකෙංම කන්න..
මොකද දංසල මේ පාර තිබ්බෙ 27 වෙනි පාරට(මටත් වැඩිය වයසයි) ඉතිං කට්ටිය හැදෙන එක අහන්න දෙයක්යැ... අනික සිරාල එකේ වගේ ගමේ දේ විතරයි පරිප්පු දෙනව අල නෑ... ඉතිං ඔහොම තමා..
සිරාලත් දන්සල කරල තියෙන්නෙ කාගෙන්වත් කතා අහන් නැති වෙන්න ... නේ... එහෙම වුණාම පුස්නත් නෑනෙ..
අවුරුදු 27 ක් දන්සැල දුන්නා කියන්නෙ සුලුපටු දෙයක්ද බොලං...බොහොම සතුටුයි ඒ ගැන...කී දාහක් මේ වාර 27 තුල කුසගිනි නිවා ගන්න ඇද්ද...
Deleteඅපි ඉතිං සයිඩ් එකෙන් ආධාර පත්තරයක් කඩේ තියලා තිබුන නිසා කතන්දර අහගත්තා ගොයියො...පරිප්පු කිලේ 2 දීපු කෙනා එදාට එනවා දන්සැල ලගට...දිගු පෝලිමක් තියෙද්දි ගමේ නොවන කෙනෙක් පිටිපස්සෙන් රිංගවන්න හදනවා...අපි ඒකට විරුද්ධ වෙනවා...එන්න ඉතිං බනිනවා...යකෝ මුන්ට ආධාර කරලත් අපිට කිසි සැළකීමක් නෑනෙ කියලා...ඇලන් නෝනා බැනපු හැටි මම කිව්වනෙ...සිංහලයාට සේවය කරනවා නම් බැනුම් අහන්න ලෑස්ති වෙලා ඒ දේ කරන්න කියලා කිව්වෙ අනගාරික ධර්මපාල තුමා.
ඒක නං ඇත්ත අපේ අයට හොදක් කරනව නං බැනුං අහන්න රෙඩි වෙන්නත් ඕන..
Deleteඅපිත් කරනව එක්තරා ජාතියක ගොංකමක්..
කෑම බීම පාර්සල් කරං යන්නත් පුලුවං.. ඒ හිංද අපිට අන්තිමට මාලු පිනි මදි වෙන වෙලාවල් තියෙනව... ඒත් අපේ වැඩිහිටියො අපි කියන දේ අහන එකක් යැ..
අපි කීවෙ පාර්සල් ඔතං ගියාට කමක් නෑ ඒත් මාලු පිනි විතරක් දෙන්න එපා කියල ෙමකද උයන අය එපෑ කට්ට කන්න .. හැම එක්කම අඩු පාඩු තියව... ඒ වගේම හැම එකක්ම බ අඩු වැඩිව බැනුං අහනව
වැඩියෙන්ම පින් සිද්ද වෙන්න ඇත්තෙ උම්මා දීපු අයටයි.. ඔව්ව ගන්නෙ කොච්චර අමාරුවෙන්ද
ReplyDeleteනැත්තං නැත්තං....ගමක කෙල්ලෙක් ලේසියකට උම්මා එකක් දෙනවා කියලද....දන්සැලට කලින් කපොල් වල හිටපු කොල්ලන්ට ඒවා ලැබුන නිසාම තමයි...උන් දැරිවියො ඉස්සරහා කඩියො වගේ වැඩ කොලේ...
Deleteදන්සල් ආතල් එක ගත්තේ නැති එකෙක් ඉන්නවනම් උගේ ජීවිතෙන් බාගයක් වතුරේ , හැබැයි අන්තිමට ගුටි කෙලියක් ගියේ නැත්තම් වැඩේ නිකං අසම්පූර්ණයි වගේ, මොකද බං අච්චර පට්ට බුවෙකුට බැල්ලි කියන්නේ
ReplyDeleteහැබැයි අපේ දන්සැලේ කවදාවත් අත පය වනාගෙන නෑ....කොහොමත් අපේ ගමේ ඉදලා හිටලා ගෑණු දෙනෙක් රන්ඩු උනොත් මිසක..දේශපාලන ගැටුම් ...අරවා මේවා කිසි දෙයක් නෑ....අදටත් එහෙමයි....මේ ගමේ ආගම් දෙකයි.......100% සිංහල...
Deleteමම උඩින් හැලපයියට කිව්වා ඌට බැල්ලි කිව්වෙ ඇයි කියලා...
ශෝක් දන්සලක්නේ.... ගෞරවාන්විතව ආරාධනා කරන නිසා කට්ටිය වැඩේට හොඳ සහයෝගයක් දෙනව ඈති...
ReplyDeleteඅනිවාර්යෙන්ම...නිසි ගෞරවය පුදලා...ඕනෑම කෙනෙකුගෙන් තමන්ගෙ කාරිය කරගන්න පුලුවන්....ටැස්ට් කොරලා බලන්ට සැක නම්....
Deleteඔය වගේ දන්සැලකින් කන්නත් ආසයි බං.උඹලාගේ මාරම එකමුතුවක් නොවැ තිබිලා තියෙන්නේ.
ReplyDeleteමේ දන්සැල අද ක්‍රියාකාරී නෑ බං...එක පවුලක සහෝදර සහෝදරියො වගේ කොල්ලො / කෙල්ලො හිටියෙ...ඒක පුදුමම ලස්සන කාලයක්...මට මතක් වෙද්දිත් හරිම සතුටක් දැනෙනවා. මේකෙ හිටිය කෙල්ලන්ගෙන් අද වන විට විවාහ වෙලා නැත්තෙ දෙන්නයි තුන්දෙනයි...අනිත් සියල්ලම මව්වරුන්.
Deleteසැක් බඩගිනි වුනා බන්.නියමෙට විස්තර කරල.ඉතින් උබත් ඉල්ලගන්න එපැයි උම්ම එකක්වත් පින්සිද්ද වෙනව කියල
ReplyDeleteමට උම්මා දෙන්න ගමේ නංගියෙක් සෑහෙන කාලයක් හිතේ තියාගෙන ඉදලා...කෝ ඉතිං මට කිව්ව එකක්යැ...සෑහෙන කාලෙකට පස්සෙ තමයි මම දන්නෙ.....දුක තමා රංජනී..
Deleteසිදුවීම් ටික මැවිල පෙනුන! මරු!!
ReplyDeleteබත් රහයි නේද බස්සියේ...
Deleteමෙදා පාර කන්න ලැබුන දන්සලේ හැටියට සිරාලගෙ දන්සැල මල් මසුරන්..
ReplyDeleteලංකාවට ගිය දවසක ආයෙම උත්සාහ කරලා බලන්න හිතෙනවා...මේ දන්සැලට පණ දෙන්න පුලුවන්ද කියලා...
Deleteපෝලිමේ ඉදලා දන්සැලක් වැදලා වගේ මහන්සිය ලිපිය කියෝලා කොමෙන්ට් ටික වැදලා අහවර වෙද්දී, බත් දන්සලක් දෙන එක ලේසි නැහැ, ඒත් දෙන්න පටන්ගත්තට පස්සේ දැනෙන සතුට, . අපිත් ඉස්සර පොඩි බිම දන්සැල් දෙද්දී කොලේ උඩ හරියට ලොකු ගණන් ටිකක් දාගෙන යනවා සල්ලි එකතුකර්ද්දී
ReplyDeleteස්තුතියි නගෝ...පෝලිමේ ඉදලාම ආවට...දන්සැල් අත්දැකීමක් ලබන පළමු අවස්ථාවේ ...ඒ කිව්වෙ දන්සැලක සාමාජිකයකු ලෙස සිටින පළමු අවස්ථාවෙ අමුතුම මිහිරක් හිතට දැනෙනවා....ඔබත් එය විදලා ඇති.
Deleteකටට කෙළත් ඉනුවා බං.(බෝතලේ දැකලා හි හි හී)
ReplyDeleteඇළයො...මේ බෝතලේ ඇත්තටම මගේ කාමරේ දැනුත් තියෙන එකක්...මෙහෙට ලංකාවෙන් ආපු මගේ යාලුවෙක් ගෙනත් දුන්නෙ....තාම ප්‍රයෝජනයක් ගත්තෙ නෑ.
Deleteඅන්තිමට ආව නිසා ගොඩක් තොරතුරු කමෙන්ට් හරහාත් දැන ගන්න ලැබුණා. මේ ක්‍රමය හොඳයි කියලා මට වෙලාවකට හිතෙනවා. මම හිතන්නේ දන්සැලකට ඒ ප්‍රදේශයේ බහුලව තියෙන ජාති නොමිලයේ හෝ සුලභව ලැබෙනවා. අපිට මේ වගේ තිබ්බේ මාළු සහ පොල්. මේක බලලා මට අපේ දන්සල් කතාව ලියන්නම හිතුණා. සුළු-සුළු සිද්ධි කිහිපයක් මතක් වුණා ඒකයි. ලියන්නම්කෝ.
ReplyDeleteඒ කථාවත් කියවන්න ආශාවෙන් ඉන්නවා...ඒ දන්සැලේ රැළි කකුළුවොත් දුන්නද....
Deleteගමේ බඩු ගමේ දන්සැලේ දෙනකොට වියදම අඩුයි...ඉතිරි වෙන මුදල් අපේ ගිණුමට දා ගන්න පුලුවන්...අපි දන්සැල නතර කරපු අවුරුද්දෙ අත ඉතිරිය වියදම් කරලා අපේ හන්දියෙ බුදු පිළිමයක් ඉදිකලා....අදටත් එය අපේ හන්දියට අමුතුම එළියක් එක් කරනවා...
අනේ අම්මපල්.. දවල් වරුවෙ කරගත්ත කුසල කර්මයන් සේරම ඉවරයි...
ReplyDelete\\වෙසක් සද බොද වෙලා පේනකොට//
හිහි..හිහ්.. හී..හිහ්..
නිකං ගල් නෙමෙයිනෙ බං...සීදුවේ ගල්...අනික ඒ කාලෙ අපි කෝඩුකාරයො...දෙක තුනක් වනද්දි..සද බොද වෙනවා...
Deleteමරු බං...බොහෝම එකමුතු දන්සැලක්නෙ බං ගමේ තිබිල තියෙන්නෙ.හරිම රසවත්.
ReplyDeleteදන්සැල් දීමෙ තියෙන අමාරුම දේ තමා පිරිස් කලමනාකරණය කර ගැනීම..පොඩ්ඩක් එහා මෙහා උනොත් මහ ජංජාලයක්.මං කිව්වෙ ගමේ පිරිස..මුදල්,භාන්ඩ,පිරිස් කියන හැමදේම.
මේ සැරේ අපේ ගමෙත් කොල්ලො දන්සැලක් දුන්න දිවාරාත්‍රී දෙකම.මට නම් සහබාගී වෙන්න බැරි උනා. පවුල් පන්සල් වෙන්න කලින් නම් මමත් අත්‍යාවශ්‍ය චරිතයක් උනා. ඒත් දැන් ඕවට ඉඩක් නැහැ. කොල්ලො එහෙන් මෙහෙන් කැපිලිත් දානව ඉතිං අපි කර අරිනව කියල හිතන්. ආධාරයක් විතරක් දීල ගෙදෙට්ට වෙලා හිටිය.
නෙද්දකිං මක්කැයි බං අර උඩම ලියල තියෙන්නෙ...සරම නැතුව ඉන්නවැයි කියල...කෙල්ලො යන්නම යයි තට්‍ටු නොකර...! සරමෙයි කියන්නෙ...ඉතිං..බොහොම සැහැල්ලු ඇඳුමක් නෙ..????
Deleteවීයා ඉතින්.. අදින් වසර බරගානකට කලියෙන් කොල්ලා කාලෙ ඔය දන්සැල් කෙරුවාවට බොහොම ලැදිව හිටි එකා කියලා බොලාගෙ කථා වලින්ම මම දැනුවත් වෙලා තියෙනවා...ගෙදරට වෙලා ඉන්න එපා බං...නව පරපුර එක්කත් හැප්පිලා බලහං...අපේ පැත්තෙ එවුන් නං එහෙමයි.
Deleteමෙහෙමනෙ බං...සිරා කාමරේ නිදියගත්තම..සරම එහෙ මෙහෙ යන්න පුලුවන්...ඒ හින්දයි එහෙම එකක් එල්ලුවෙ...ඒක එල්ලුව දවසෙ ඉදන් කාමරේට ආව ගෑණු පරාන අඩුවේගෙන වේගෙන ගියේ ඇයි කියලා මට දැනුයි කම්පනාවට ආවෙ බොලං...
දන්සලේ මෙනු ඒකනම් මරු
ReplyDeleteසිරා ඔබගේ ලිවිල්ල හරිම අපූරුයි. දවස් තුන හතරක් තිස්සේ බොහෝ ලිපි කියෙව්වා හරිම ආසාවෙන්. දිගටම ලියන්න අපි වෙනුවෙන්
ReplyDeleteපුදුම මෙනු එකක් නේ අප්පා. මේ පරිප්පුයි අලයි දෙන අය මේක ආදර්ශෙට ගන්න එපැයි. හැබැයි සිරෝ ඒ මෙනු එක ලේසි පහසු නැහැ. උඹලා සෑහෙන්න මැරෙනවා ඇති.
ReplyDelete