Tuesday, May 27, 2014

69 ලංකාවේ කලාව මිනිසුන් මරයි....

ආදරය කරලා පිහියෙන් අනින්න පුළුවන්ද කියලා මට හිතුනා. එක් ගිතයක මෙහෙම කියනවානේ ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි බිදුනු දා පුජාව ප්‍රේමයේ ඔහුගේ ආගම වෛරයයි කියලා. මේ වෛරයේ ඇදහිල්ල මෙරට සිනමාව ,ගීතය,නාට්‍ය තුලින් මතුවී  අප මනසට පැමිණි විට තවත් මිනිස් ජිවිතයක් නිමාවට පත්වන බව කිසිදු විටෙක් සිතන්නේ නැත. කලා කරුවා කලාව තුල නිර්මාණය කරනු ලබන නිර්මාණය හමුවේ තවත්  සිතුවිලි පරම්පරාවක් ඒ තුලින් තවත් නිර්මාණ කෝටි සංඛ්‍යාත ප්‍රමාණයක් බිහි කරනු ලබනවා .




තමා ආදරය කල පෙම්වතිය හට ආදරය ඇති නිසාම තමා සමග නොව තවත් පෙම්වතෙකු වෙත යන්න කියන ගීතයක් ඇසුන මා හට අපුරු සුන්දරත්වයක් දැනින.

හන්තානට පායන සද ලස්සනයිද, කියන්න,
මා නොදුටුව ඒ පුර සද ඔබට හැකිය දකින්න.

මේ සිතුවිලි දැහැන රසවිදින්න පුළුවන් පෙම්වතෙක් පිහියක් ගෙන තම පෙම්වතියට ශරිරයේ කීප පොළකට අනින්නට නොසිතනු ඇත. එනමුත් මෙම ගීතය හැර තවත් ගීත මෙසේ නොවන්නේ තාර්කික ඥානයට කිසිදු අයුරකින් බුද්ධිමත් ලෙස සමිප නොවන නිසාවෙනි .අප අතර බිහිවන ආත්මාර්ථකාමි කලාව සමාජ පසුබිම වෙනත් මානයකට ගෙන ගොස් දූෂනය වු හදවත් නිර්මාණය කරන්නට සමත් බව නොසිතන සිමාවක් තුල කලාව කලාව සදහා ද නොමැති නම් මිනිසා සදහාද යන්න තෙරුම් ගැනිමට නොහැකිය. විද්‍යුත්  සන්නිවේදන ක්‍රියාවලිය හමුවේ උදේ සිට රෑ පුරවටම අසන්නට සලසනු ලබන්නේ මෙවැනි නිර්මාණ නම් එය සමාජය නිසි මගකට යොමු කරලිමට නොහැකි තත්ත්වයකි .අද එය සුන්දර විරහාවක් බවට පත්ව තිබේ .විරහාව නැවත නැවත විදිම හමුවේ නිර්මාණය කරනු ලබන ලෝකය උන්මත්තකයෙකු හෝ හෙරොයින් ගත් අයෙකු බවට පත් කරනු ලැබිම අවාසනාවන්ත සිදු විමකි.

ඇතැම් විට යම් අයෙකු නිර්මාණය කරනු ලබන කලාව තුල වෙනත් මානයක් කථා කලද පිටත සිට එය අසන්නා වෙනත් ඇසුරක් එම නිර්මාණයෙන් බලාපොරෙත්තු වේ.මෙම තත්ත්වය විශ්වවිද්‍යාල සිසුවෙකු හෝ සිසුවියක් තම සාහිත්‍ය රසයත් සමග විදදරා ගනු ලබන අතර එය සාමාන්‍ය ලෝකය හමුවේ වෙනත් මානයක් සොයා යනු ලබයි.

ඇතැම් සම්භාව්‍ය සිනමා පටයක කතා තේමාව හමුවේ ලිංගික අවස්ථාවක් නිරුපනය කලබව නිර්මාණ කරුවා කියුවද එහි රසවිදින පුද්ගලයා තේමාව ඉවතදා ලිංගික රසය පමනක් විදි නම් එය තව දුරටත් වැඩිහිටියනට පමනක් ලේබල් වුන කෘතියක් බවට පත්වේ .එවිට නිර්මානය සමාජය හමුවේ තවත් චරිතයක් නරඹන්නා වෙතින් නිෂ්පාදනය කරනු ලබයි. සියල්ල හමුවේ කලාව රස විදිම සහ කලාකරුවා අතර ඇති වන මෙම නොගැලපිම මාකට් එකක් බවට පත් කර ගැනිම සහ මුදල් සෙවිම හමුවේ කලාව තුලින් සමාජය නිරුවත් කර ම්ලේඡයින් බිහි කරිම ආරම්භ කරනු ලබයි. මනෝවිද්‍යාව සහ කලාව අතර සමිප බවක් තිබුනද කලා කරුවා මනෝවිද්‍යඥයෙකු නොවන බැවින් සමාජය හමුවේ මානසික රෝගින් විශාල පිරිසක් එක් පැයකට නිර්මාණය කරනු ලබයි. මෙම තත්ත්වය කොතරම් දුරට අපරාධයක් වනවාද යන්න තිරණය කල නොහැක. යුද්ධයකදි මිනිසුන් මියයනවාට වඩා මෙම ක්‍රමය හමුවේ මිනිසුන් මිය යනු ඇතැයි මට සිතේ. වේදනාව සහ සතුට වෙන් කරන සාධකය හමුවේ කලාව වැදගත් සාධකයක් බවට පත්වේ. මෙරට බිහිවු ගීත අතරින් අතිවිශාල ප්‍රමාණයක් ඝෘණාත්මක අවබෝධයන් නිර්මානය කිරිමට දක්ෂය. ධනාත්මක ලෙස පවතින නිර්මාණ ගණන ඉතා අඩුය.

ගොළුහදවත නවකතාව ඉතා රසවත් විය .එම නවකතාව ඇසුරින් නිෂ්පාදනය වු සිනමා පටයද ජනතාව ඉතා ආදරයෙන් වැලද ගත් බව රහසක් නොවිය. එය කොතරම් ජනතාව අතරට ගියද කිවහොත් සුගත්ලා සමාජය තුල නිර්මාණය විය. ඇතැම් අය සුගත් බීමට ඇබ්බැහි වු අයුරින්ම බේබද්දන් විය. ධම්මි ලෙස තවත් පිරිසක් නිර්මාණය විය. එක්ටැම් ගෙයද එසේම විය. ආදරයෙන් පැරදුන විට එක්ටැම් ගෙයක රස්සාව සොයා ගිය තරුණයින් බොහොවිට හමු විය.

දහසක් මල් මැද එකම මලයි පැතුවේ
එමල කිමද සරදම් කර සැගව ගියේ ,
මලේ සුවද පොද දැනේ තවම මට,

ජිවිතය ජිවත් කරන්න අරමුනක් සොයන විට කලාකරුවා එය ජිවිතයේ සුන්දරත්වයට යන පාර කියන අයෙකු නම් අද මේ ජනසමාජය කොතරම් සුන්දර විය හැකිද ? අප උදේ පාන්දර අවදි වූ විටක ඇසුන ගීතය ඇතැම් විට දිනය පුරාවටම මුමුනනු ලබයි. මා හිතවත් මිතුරෙකු තම ජංගම දුරකථනයෙන් තවත් අයෙකු හට උදයේම පණිවිඩයක් දිමට උත්සාහ ගත් විට මද වේලාවක් ඔහුට අසන්නට ලැබුණ ගීතය ඔහුගේ දවසේ ගීතය විය.

අවසාන මොහොත මාගේ පෝරකය දෑස මානේ පෙනේවී රූපේ,

මා හට ඔහු මෙම කොටස පමනක් කීප විටක් කියනු  ඇසිමෙන් ඇති වු සිතුවිල්ල හේතුවෙන් ඔහුට කතා කර යමක් පහදා දුන්නෙමි .එනම් යම් සුභ වචනයක් ආශිර්වාදයක් කර ගන්නා සේම අවසාන මොහොත යනුවෙන් මැතිරීම කොතරම් උචිතද යන්න පහදා දෙන ලදි . මෙය ඇතැම් විට එක් අයෙකුට නොව සමස්තයකටම සිදුවී ඇත. කලාව සුන්දර මැතිරිල්ලක් නොව අසුන්දර වස්කවියක් වී ඇති හැඩය. මෙය ඛේදාන්තයකි.

අද පුවත් පත් වාර්තා කියවීම හමුවේද එසේම සිදුවේ. දිනය තුල මිනි මැරුම් ස්ත්‍රි දුෂණයන් ඇතැම් අයෙකු වස පානය කල සැටි. ඒ සදහා යොදාගත හැකි වස වර්ග සහ ලේසියෙන් මිය යාමට හැකි ක්‍රමයන් මේ සියල්ල දවසේ පාඩම ලෙස කියවන්නට පාඨකයා හට අවස්ථාව උදාවේ. පාඨකයන් මෙම සිදුවිම් සංවේදිව කියවනු ලබයි. මේ අය කොයියම් අවස්ථාවක හෝ තමා සංවේදි වූ විටක විකල්ප විසදුම ලෙස ක්‍රියාත්මක කරනු ලබන්නේද එයයි. නැති නම් ජාතික වශයෙන් සොරෙකු බේබද්දෙකු  මිනිමරුවෙකු බිහි කිරීමට මෙම පුවත් පත් පාඩම් ඉතා වැදගත් වේ. එය අද සිදුවෙමින් පවතී. දිනකට කීප දෙනෙකු ලංකාව තුල ඝාතනය වෙයි.

කලාව මගින් ආනන්දයෙන්  ප්‍රඥාවට මිනිසා හට ගමන්  කරන්නට හැකි මගක් නිර්මාණය විම සමාජයට වැදගත් සාධකයකි. එනමුත් මෙරට බිහි කරනු ලබන කලාවට එය කොතරම් දුරට සිදු කිරිමට හැකි වීද යන්න ප්‍රශ්නයකී. පෞද්ගලික රුපවාහිණි නාලිකාවක විකාශනය කරනු ලබන පුවත් තුල අද වන විට මිනිමැරුම් රසවත් කර පෙන්විම තරගයක් බවට පත් කරගෙන තිබේ . එය සිදු කරනු ලබන ආකාරය වේලාව උපක්‍රම මැනවින් පහදා දේ මෙවැනි දෑ තුලින් බලාපොරොත්තු වන පණිවිඩයට වඩා යමක් සිදුවේ .එයින් සිදු වනුයේ හෙට දිනයේදි තවත් එවැනිම සිදු විමක් නිර්මාණය විමය.දි ගින් දිගටම පුවත් මැවිමය.

සන්නිවේදනයේ හර පද්ධතිය කලාව හරහා ජනතාව අතරට යාම තුල මනෝවිද්‍යාත්මක භාෂාවක් සමස්ත සමාජය තුලම නිර්මාණය වේ. එකිනෙකා තම තමන් විසින් ලබා ගන්නා අත්දැක්ම් සමාජ ගතකිරිම නැවතිමට හැකියාවක් නැති වුවද. සමස්ත සමාජයේ ලැජ්ජා භිය නැති කර ම්ලේච්ඡත්වයට ගෙන ඒමට එය අනෙක් අය හටද බෝ කිරිමට තම නිර්මාණ දායක වන බව දැන ගැනිම ඉතාමත් වැදගත්ය. අනූව දශකයේ මුල සිට නිර්මාණය වු ගීත කලාව හමුවේ අද දක්වා විරහාව හැරෙන්නට වෙනත් නිර්මානයක් ජනතාවට දුන් බවක් දක්නට නැත. නව සංගීත සංක්‍රමණය හමුවේ වේදිකා සසල කරමින් හඩන ගී ඇසු පරපුරක් අද ලාංකිය ජන සමාජයේ බින්න බැසගෙන සිටි.

කලාව විදිමට ඇති අයිතිය සහ කලාව විදීමට බුද්ධිය ලබාදිම අධ්‍යාපන ක්‍රමයේ සැලැස්මක් විය යුතුය. නමුත් සිංහල විෂය යටතේ විභාගයට පමනක් සීමා වු රසාස්වාදයක් නිර්මාණය කිරිම සහ ඇතැම් ගුරුවරුන් තම කීර්තිය වෙනුවෙන් ආදරය ෆැන්ටසි කරණය කල අවස්ථා පසුගිය දශකය තුල හමුවේ. එහි කොඩිවිනය වූයේ අද දක්වා මිනී මැරීමේ ආදර සංකල්පය හට ගැනිමය. ආකර්ෂණය සහ ආදරය හමුවේ තමා කැමති වස්තුව අහිමි වීම වෛරයීය මෙවලමක් බවට පත් කිරිම පුරුදු පුහුණූ කරණ ලදි.

කලාව කලාව සදහා පමනක් විම සහ කලාව මුදලට යටවිම හමුවේ කලාවේ සමාජ වගකීම කලාකරුවා විසින් පැහැර හැර තිබේ . මේ සිදුවීම කොතරම් දරුණු විපාක ඇති කරන්නේද යන්න වග විභාග කිරිමක් විවෘත ආර්ථික ප්‍රතිපත්ති හමුවේ ගිලිහී ගොස් ඇත. නමුත් මෙරට කලාව මිනිසා වෙනුවෙන් නිර්මාණය කිරිමට සුදුසු පරිසරයක් ඇති කිරීමට සිටින පිරිස නිහඩ වීම හමුවේ සිදුවන විනාශය අති මහත්ය.

වරක් මා ටි.එම් .ජයරත්න ගායන ශිල්පිය හමුවු අවස්ථාවක ඇසුවේ හැත්තෑව දශකයේ නිර්මාණ පෙරළියට පසුව නව නිර්මාණ සදහා අවධානය යොමු නොකරන්නට හේතුව කුමක්ද යන්නය. මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හින්දා කියලා මට හිතුණේ ටි.එම් .ජයරත්න මහතා දුන් පිළිතුර ඇසිමත් සමගය.

අද අපි අළුත් ගීතයක් කරන්න වියදම් කරනවා .ඒ වෙනුවෙන් වියදම් කරන්න කව්රු හරි හොයා ගන්න ඕනෑ. නැත්නම් අපි වියදම් කරන්න ඕනෑ. එහෙම කරලා විශාල වියදමකින් ගීතයක් වෙළද පොළට දෙන්න ගියාම අපිට හිතා ගන්න බෑ වෙන දේ. අපි ඒක පටිගත කරපු සීඩී පටය අරන් ගියාට පස්සේ අපිට අහන්න ලැබෙන්නේ අපි අමාරුවෙන් කරපු ගීතය වෙළද පොළට ආපු හැටි . අපිට කල කිරිමක් විතරයි ඉතුරු වෙන්නේ ඉතින් කොහොමද අළුත් දෙයක් කරන්නේ . හොරකම් කරන එක දැන් හරිම ලේසියි. අද තප්පර ගානකදි අපි කරපු රේකෝඩින් එක අන්තර්ජාලයට කවුරු හරි දානවා. ඒක හෙට මිනිස්සු  ලගට ගිහින් ඉවරයි. වියදමක් නොකර පද ටිකක් දාලා සිංදුවක් හදන ක්‍රමයක් තියෙන්නේ ශාස්ත්‍රිය බවක් උවමනා නෑ දැන් මාකට් එකට සිංදු කියන එක විතරයි තියෙන්නේ .

සනත් නන්දසිරි මහතා කියන කතාව තුල ඔහුද කලාව පිළිබද කල කිරුනු බවක් කියවේ . මම ගීතයක් ගායනා කරන්න කියන ගානට වඩා අද ඊයේ ගායකයෝ ගන්නවා. අපි එහෙම කිව්වොත් ගීත ගයනා කරන්න වෙන්නේ නෑ . මේ මෙරට ඉල්ලුම සැපයුම ගීත වක්‍ර විතැන් වෙන විදිය කියවෙන්නේ ඒ විදියට නම් තව මොන කතාද කියලා හිතන්න වෙනවා.

තව දුරටත් මෙරට කලාව පිළිබද සංවාදයක් නොමැති වුවහොත් අනාගත පරපුර කුඩු බිව්වාට වඩා හානියක් කලාව තුලින් සිදු කර ගනු ලබයි. මනස විකෘති කරගැනීමට අඩන කලාව සහ බුද්ධිමත් විචාර ශීලී පරපුරක් බිහි කිරීමට කාලයක් උදා නොවනු ඇත.

මෙරට ටෙලිනාට්‍ය කලාව තුලින් සිනී බෝල කතාවක් ආලින්දයට ගෙන ඒම හමුවේ තරුණ පරපුර තම ජිවිතය බවට මෙම සීනී බෝල කථා පත් කරනු ලබන විට කොසොල් රජු දුටු සිහින මෙම සමාජය හමුවේ ඉතා ඉක්මනින් දක්නට ලැබෙනු ඇත. පවතින ක්‍රමයට බුද්ධිමත් පරපුරක් සීටිම ගැටළු සහගත විය හැකිය. නමුත් මෙරට ලාංකිය චින්තන රටාව විනාශ වනු ඇත.

මනෝ විද්‍යාත්මක විග්‍රහයක් වන එක් කරුණක් විසි එක් වතාවක් අධ්‍යනය කිරිම හමුවේ යටිසිතට කාන්දු වී එය මතකයේ කොටසක් බවට පත් විම සත්‍යක් නම් අද අප සමාජයේ දකින අසන පෙනෙන කලාව ශරිරගතව මහ විනාශයක් සිදු කරනු ඇත.

ප්‍රියයානනි අහන්න එකපාර මා මරන්න කියන වචන මන්තරයක් වී, එය සැබෑවක් වී පෙම්වතුන්ගේ මරණයේ දේශය ලෙස මෙරට ප්‍රසිද්ධියට පත්වනවා ඇත. දරුසෙනෙහස දෙමාපියන් ඉවත දමා පාලම් වලින් දරුවන් ඉවතට වීසි කරණවා ඇත. අතීතයේ ආත්තම්මා සහ තම සීයා ඇසුරේ කවි කතා මතින් බිහි වු සාහිත්‍ය ලෝකය අප අනාගත පරපුරට අහිමි වනවා ඇත. ජන විඥානය සමග පරපුරෙන් පරපුරට රැගෙන ආ සියල්ල නැතිවී යනු ඇත. ලාංකිය සමාජය සදාකලිකවම කටුගෙයකට සීමා වනු ඇත. විකෘති කලා කරුවන්ගේ දේශයක් වනු ඇත.

 කලාව මිනිසුන් සදහා පමනක් භාවිතා කරමු .ආනන්දයෙන් ප්‍රඥාවට ගෙන යන්නට සංවාදයකට එමු. 




මාසයේ අවසන් ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට ලියා එව්වේ,

අම්පාරේ චන්දන ලියනාරච්චි


ප.ලි

මාසයේ අවසාන ලිපිය වෙනුවෙන් චන්දන ලියනාරච්චි සහෘදයා සිරාගෙ කාමරය වෙත ලිපියක් ලියා එව්වාට මුලින්ම ස්තූති වන්ත වෙමි. ජනමාධ්‍යවේදියකුද වන ඔහු කථා කර ඇති මාතෘකාව සැබැවින්ම කාලීන එකකි. ඒ පිළිබද යමක් ලියන්නට මා සිතෙහි බීජය වැපිරෙන විටම චන්දන මේ සටහන මවෙත එවීම මහත් සතුටකි. ඔහු මෙහිදී ගෙන හැර පාන දිනෙන් දින කලාව වල පල්ලට යාමේ භූමිකාවට සෘජුව වගකිව යුතු කොටසක් ලෙස ලංකාවේ එෆ් එම් නාලිකා මාෆියාව මවිසින් හදුන්වා දෙන්නට රිසි වෙමි. මගේ අදහස් ඉදිරියේදී ලිපියකට ගොනු කරමි. එතෙක් අපි හොද සංවාදයකට මග සකසා ගනිමු.

69 comments:

  1. හොඳ කාලීන අදහස් දැක්වීම. කාලීන සමාජ විග්‍රහයක්. භාෂා විලාසයේ වෙනස නිසා මට මුලදී හිතුනා සිරා නෙවෙයිද කියන එකත්. සිරා මේ තරම් සිරා වෙන්නේ නැහැනේ දෙනවා දෙන එක කෙලින්ම. අතීත කාමයෙන් තොරව කතාකරනවානම් මට කියන්න තියෙන්නේ අත්‍යවශ්‍යම විෂයයන් වන භාෂාව, සාහිත්‍යය, ඉතිහාසය, අද අපෙන් ඉතා සීඝ්‍රයෙන් ගිලිහී යාමේ ප්‍රතිඵල තමයි පිහියෙන් ආදර ප්‍රශ්න විසඳන තැනට සමාජය පත්ව තිබීමෙන් පෙනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මෙරට තුල සිටින ජනතාව ජාතිවදි වන්නටත් එකිනෙකා මරා ගන්නා වු තත්තවයට පත් වන්නටත් දශක ගණනාවක් තිස්සේ හිතුමතේට පොෂණය වු අද පවතින කලාව වගකිවයුතු වෙනවා.යටත් විජිත පාලනයත් සමග අප තුල එතරම් වෙනසක් සිදු නොවුනද 77 පසුව සිදුවුන වෙනස බල්ලන් මරාහෝ මුදල් සොයමි පාඨය මත මෙරට වෙනස් විය.එම වෙනස මත අද කලාව මෙරට සමාජයේ ත්‍රාස්තවාදයක් බවට පත්ව තිබේ.සිරාගේ කාමරයේ මෙහෙම කතා කරන්න ලැබිම සතුටක් .දන්න කියන තැනකට අවම තියෙන නිදහස දැනේනවා

      Delete
  2. Aththa thamai. Kalawa dan nikamma nikan jarawak wela thiyenne.

    ReplyDelete
    Replies
    1. කලාවට වෙන මේ විනාශයට යමක් කල යුතුයි කල හැකි.වින්දනය පිළිබද ජනතාව දැනුවත් කිරිම මෙහි මුලික අරමුනක් විය යුතුයි.වින්දනය පහත් අයුරකින් මනසින් උසස් මිසාට රස විදිමට ඉඩදිම තිරිසන් සමාජයක පදනම වෙනවා.

      Delete
  3. //දහසක් මල් මැද එකම මලයි පැතුවේ
    එමල කිමද සරදම් කර සැගව ගියේ
    මලේ සුවද පොද දැනේ තවම මට// +++++ චිත්‍රපටියත් ගීතයත් දෙකට ම මම ෙබාෙහාම අාදරය කරනවා.

    ReplyDelete
    Replies
    1. රසවත් නමුත් විරහාව නිමා වුයේ වෙනත් මානයකින් .ඒ මග ගිය අද ගීත කලාව 90 පස්සේ හැදුවේ නපුන්සක හඩකින්. මහ සද්දබද්ද මැද්දේ සිංදු කතා කියපු එක විතරයි දැක්කේ අද එයට හොදම නිදසුන තමයි තරු තොරණ තැන්වල කියන්නේ පරණ සිංදුම තමයි.අළුත් එවා කියපු අය ගෙදර ගියා පැරණි එවා කියපු අය තරුවුනා එස් එම් එස් ගත්තා ....

      Delete
  4. හොඳ වගේම කාලින ලිපියක්,මෙවැනි සිදුවීම් අරභයා සමජය කොයි තරම් සංවේදී වෙනවාද යන්න සොයා බැලිය යුතුව තිබෙනවා නොවේද.?
    අනික් කරුණ ඔබ සදහන් කර ඇති සමහරක් ගීත සම්බන්දයෙන් මටත් පැහැදීමක් නැති බව ඇත්තයි.නමුත් එවැනි ගී ප්‍රිය කරන රසිකයින් පිරිසකුත් ඉන්නවා. ඒ වැනි ගී ප්‍රිය කරන හැමමෝම අර තත්වයට වැටේ කියලා හිතන්නත් බැහැ.අනිත් වැදගත්ම දේ මේවැනි දේවල් සම්බන්ධයෙන් මාධ්‍ය වලට වගකීමක් තියෙන නමුත් මාධ්‍ය වලට,කාලාවට විතරක් ඇගිල්ල දික් කරලා අපිට බේරෙන්න බැහැ.අපිටත් තියෙනව වගකීමක් ඉටු කරන්න.එක නොකරන කන් ඔය වගේ දේවල් දිගින් දිගටම වාර්තා වේවි.

    ReplyDelete
    Replies
    1. මෙරට ජන මාධ්‍ය කියන්නේ බිස්නස් එකක් ඒක මේ රටේ පැරණි ගයකයින් කියනවා .ඒ අයට අළුත් දේයක් කරලා ප්‍රචාරය කරන්න අවස්ථාවක් නෑ පරණ දේ විතරයි .ඉල්ලනනේ .අඩු මානසික රසවින්දනයට වියදම් කරන්න ඕනෑ නෑ .ඒ හින්දම ලැබ ලැබිය හැකි එයයි .මේ රැල්ලේ කොඩි විනය

      Delete
  5. කාලින් සමබර ලිපියක්.. මොන දේ කොහොම කිවුවත් ඉක්මන් හැඟීම් වලින් ප්‍රශ්ණ විසදෙන කාලයක් වෙලානේ මේක...

    ReplyDelete
    Replies
    1. හැගිම් වලට තැනක් දෙන්න කියලා දුන්නේ මේ රටේ පව්කාර කලාව එය මේ රටේ වසර තිහක යුද්ධය පවා වගා කරනු ලැබුවා...............අදත් ඇත්ත හංගන්න කලාව මහත් වේහෙසක් ගන්නවා ...බුදු හමුදුරුවෝ බණ කිව්වේත සාහිත්‍ය රසය සමග උපමාලංකාරය සහිතව අද එයත් පවන් සැලිමක් පමනයි ඒකයි ඇත්ත

      Delete
  6. කලාවට කෙලවුනේ...... කලාකාරයො නලාකාරයො වෙලා කඩේ යන්න ගත්තට පස්සෙ.
    ලිපියෙ මුලින්ම සදහන් මරණය ගැන මට කියන්න තියෙන්නෙ .....හමුදා කොල්ලගෙ පඩිය අතට අරං
    විවි මිතුරු මිතුරියන් සහ නගරයෙ පොෂ් හැන්ඩි පෙම්වතාට තමාත් පොෂ් කෙල්ලක් බව පෙන්වමින් නටපු "නඩලන්" ජීවිතය ඔහොම අවසන් වුන එක හොදයි.කසාද බැදල ඔය "නඩලන්" ජීවිතය ගෙව්ව නම් දරුවො කී දෙනෙක් අනාත වෙනවද දන්නෙ නැහැ.(මිනී මැරීම මා කිසි විට අනුමත නොකරමි)
    ඔය සවුන්ධර්ය සම හරක් එකීලා නටන නැටිලි මම හොදටම දන්න දෙයක් පෙර සිටම...අනිත් ඒවාට සාපේක්ෂව.....

    ReplyDelete
    Replies
    1. දේශපානය සහ කලාව අහසට පෙලොව වගේ විය යුතුයි මොකද අහස විතරක් නොවේ පොළවක් තිබිය යුතුයි .අපේ රටේ සල්ලි වලට විතරක් නියවන කලාවක් නිර්මාණය කරන්න දේශපාකයින් උනන්දු උනේ කලාව මිනිස්සුනට කතා කරන කොට ආණ්ඩු කරන් බැරි හින්දා අද කලාව කතා කරන්නේ ....ආණ්ඩුව ගැන නම් දෙවියන් ගැන මොන කතාද....ආණ්ඩුව සහ කලාව දෙකක් විය යුතුයි කලාව ස්වධීන විය යුතුයි.මිනිසුන් බුද්ධිමත් විය යුතුයි..................

      Delete
  7. සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්
    ම වෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්
    මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
    තව කුමකටද දුක් ගී කල්පනාවන්... !!!

    මොනවා කියනවද සිරා.. කියන්න තියන සේරම චන්දන අයියා කියලනේ.. සාහිත්‍ය කන්ඩද කියල අහපු රටක අපි ඉන්නේ .!!

    ReplyDelete
    Replies
    1. සාහිත්‍ය අද පැන්ටසි කරණය කරපු සංන්නස්ගලලා .ආදරයට ආදරය කරන්න ඉගැන්විමට වස්සානය යොදා ගැනම ......ගොළුහදවතට වඩා ......කොඩිවිනයක් උනා අරලිය සුවද වගේ සුකිරි පත්තර මේ රටේ ආදරය විකුනන් කැවා................අපිට සාහිත්‍යක් නෑ .......තියෙන්නේ වචන හරඹයක් විතරයි......

      Delete
  8. හොඳ ලිපියක් චන්දන...පුවත්පත් කලාව ගැන නම් කියන්ටම දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුති අගය කිරිම ගැන

      Delete
  9. මෙවැනි මානසික දුර්වලයින් හැම සමාජයකම ඉන්නව. ඔය බුරුතු පිටින් ඉස්කෝලවල ළමයි මරන්නේ ඇමරිකාවේ පවා .
    හිතක් වෙනස් වුනහම ආයේ බැගෑපත් වෙලා ලඟට ගැනීමට උත්සාහ කිරීම නිෂ්පලයි. එහෙම එකතු වුනා වුනත් ජිවිතයම දෙන්නම අසතුටින්. දීපන් මගේ සල්ලි උඹ යන අතක පල කියන්න තරම් ආත්ම ශක්තියක් නැති වුනේ මොකද . මේ ගැන හුඟක් අය කතා කරන්නේ ඉස්සර ලිඳ ගාව ඕපාදුප සොයපු ගැහැණුන්ගේ මට්ටමින්. අපේ සමාජය හරි කැමතියි මැරිලා ඉන්නේ කෙල්ලක් නම් '' ඕකි ගේ වැරදි ඇති '' කියල තරාදියේ බර ඒ පැත්තට දාන්ඩ අපේ සමාජය හරිම ආසයි. එකෙක් හොඳ නැත්තන් තව එකෙක් එක්ක යාලු වෙන්න ගැහැණු පිරිමි දෙගොල්ලටම නිදහස තියෙන්න ඕන . ප්‍රථම ප්‍රේමය මත්තෙම දිවි පරදුවට තියන සංකල්පයටත් කලාව වග කියන්න ඕනද කියල හිතෙනවා . කෙල්ල වෙන කෙනෙක් එක්ක යාලු වෙලා පිස්සු වැටිලා පස්සේ ඒ කෙල්ලට සමාන රුපය තියෙන කෙල්ලක් අමානුෂික විදිහට මරා දාල අද හිරේ ඉන්න කෙනෙක් මා දන්නවා . මේ ලිපියේ කියන කරුණු වලත් හිතන්න දෙයක් තියෙනව . කලාවකට සමාජය වෙනස් කරන්න පුළුවන් .එක පාරටම නෙමේ වුනත්. පාසලේ සාහිත්‍යට මෙයිට වඩා තැනක් දෙන්න නම් ඕන . පොත පතට ආස එකා කියවනවා මිසක් හැමෝටම ඒ ගැන ආසාවක් ඇතිව එන ක්‍රමයක් අපිට නැහැ . මෙතනදී හමුදා සෙබලෙක් වුන පලියටම හැමෝම එකම මිම්මට දාන්න හොඳ නැහැ . මන් දන්නා හමුදා සාමාජිකයින් ඉන්නවා බොහොම කලාකාමී සහ මානුෂික ගතිගුණ ඇති. අර මා කලින් කියූ මිනි මැරුම කලේ අපි දේවත්වයෙන් සලකන වෘත්තියක කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. මෙරට මිනි මැරුම් රසවත් කතාවක් බවට පත් කිරිම හමුවේ .තව දුරටත් යුද්ධයට වඩා මිනිසුන් මිය යනවා ....මෙය නවත් වන්න නම් ජනතාව මේ දෙවල් පිළීකුල් කල යුතුයි .සංවිධානය විය යුත්යි..අනාගත පරපුර මේ කලාවේ බෙරගන් පුළුවන් වෙන්නේ එම විටයි

      Delete
  10. ආයත් අහලා 1න්ම කාලින ලිපියක්.

    ReplyDelete
  11. මෙහෙමයි ඔය පෙම්වතිය මරපු කතාවක් මතක් වුණා මං ඉස්කොලෙ යන කාලේ ,ඉස්කොලේට ඇවිත් මරලා තමන් ගේ පෙම්වතිය වුණු ටිචර්ව පස්සෙ මනුස්සයත් ඒ තුවක්කුවෙන්ම වෙඩි තියාගෙන තිබුණා ,ඒ දවස්වල එක මොකක් හරි හෙතුවක් නිසා මේ තරම් මතු වුණේ නෑ .... දැන් මිනිස්සු ජීවිතේට ඕනෑවට වඩා රාමු හදා ගෙන ...

    ReplyDelete
    Replies
    1. මිනිසුන්ගේ මානයන් අමානුෂීක වෙලා කලාව එකට අවියක් වෙලා

      Delete
  12. අදහස් දැක්වීම හොදයි.. පරිපුර්ණ කලාවක් පරිපුර්ණ ලෝකයක් ඒකාකාරි ව්‍යාධියක් ඇති කරයි..

    ReplyDelete
    Replies
    1. වෙනම ලිපියක් ලියන්න වෙනවා දේශක මේ ගැන............අදහසට ස්තුති දේශක

      Delete
  13. චන්දන ඔබේ මේ ලිපිය ගැන වැඩිපුරම ආඩම්බර වන කෙනා මමයි.

    ReplyDelete
    Replies
    1. ඒ මොකටද දන්නෑ නේද?? හැක්

      Delete
    2. ආන්න බොස් අද හවසට හොඳ හේතුවක්.. ඕව ලේසියෙං අරින්ඩ හොඳ නෑ මූඩි දෙකක්වත් කරකවන්ඩ ඕනැ . ඕ යේස් .

      Delete
    3. මටත් ආඩම්බරයි ඒ සුභ පැතුම් කතාවට. නලින් මහත්තයා සොයා දුන් පාර අද මට තොතැන්ක් වෙලා .අද සිරාගේ කාමරය ඇතුලේ මම සද්ධදානවා මේ අවස්ථාව උදාකරදිම ගැන මම සිරාටත් ස්තුති කරනවා දහස් වරක් .අද මගෙම සුවිසැරිය මග හැර සිරිගේ කාමරයේ .....

      Delete
    4. නලින් අයියා නිසා තමයි අපිට අම්පාරෙන් සදරුවාට අමතරව තවත් බ්ලොග් කරුවෙක් මුලිච්චි උනේ...ඒ බව ඊයෙ රාත්තිරියෙත් මම ඔහුට මතක් කලා...ඇත්ත වශයෙන්ම මමයි බොලං ලිපියක් ලියා එව්වාට බොට ස්තූති වන්ත වෙන්ට ඕනෙ.

      Delete
    5. නලින් මහත්තයා මගේ ලිවිම ගැන පසුපස සිට සෑම අවස්ථාවකම ශක්තියක් උනා මිට අවුරදු ගාණනකට පෙර මම ඔහු ඉදිරියේ පෙනි සිටින විට.මට දුන් උපදෙස් අද මට දියුනු කර ගන්න පුළුවන් උනා .සමාජය ගැන විවෘතව කතා කරන්න උපදෙස් ලැබුනා .ඒ ගමන ඉදිරියටම යනවා.
      සිරිගේ කාමරයට රිංගන්න දුන්න එක කොච්චර නම් වටිනවද මේ දොර ඇරිය එකම මැදෑ අද මගේ වගේ මම සැරි සරණවා ඒ දුන්න නිදහස හින්දා.ඒ කැප කිරිම සහෘද හිතක ඇති මිත්‍රත්වය තවත් වැඩි කරනවා

      Delete
  14. ඇත්තෙන්ම කාලීන ලිපියක් චන්දන.

    ReplyDelete
  15. ඉතාම වටිනා ලියවිල්ලක්. ඇත්තටම ගීතය තුලින් සිදුවිය යුත්තේ මිනිස් සිත් සතන් නිවා සැනසීම මිසක්, මනසට කෝපයෙන් හා වෛරයෙන් කැළඹීමට පත් කිරීම නොවේ. ජීවිතය ගෙවන මිනිසා එහි විවිධ වූ අවස්ථාවන් තුලදී, කළකිරීම්, පැරදීම්, දුක්ඛ දෝමනස්ස්යන්ට මුහුණ දෙනවා. මෙම අවස්ථා ප්‍රස්තුත කරගනිමින් නිර්මාණය වන ගීත, එම අත්දැකීමට මුහුණ දුන් මිනිසාගේ එම පරාජිත හැඟීම්, එම දුක් සන්තාප අකා මකාලමින්, ජීවිතයට ධෛර්යක් ලබා දෙන, එම වේදනාවන් විඳවීමට නොව විඳීමට ලක් කල හැකි නිර්මාණ විය යුතුයි.

    නමුත් ඉහත ලියුම්කරුවා ඉස්මතු කරන පරිදිම, නූතනයේ සිදුවන්නේ මෙම විය යුත්තෙහි අනිත් පැත්තයි. ගී නිර්මාණ සාහිත්‍ය යළිත් 70,80 දශකයට "පල්ලම් බැස්ස්විය" යුතු කාලය එළඹ තිබේ.

    ReplyDelete
    Replies
    1. ගීතය පමනක් නොවේ සමස්ථ කලාව තුලම මෙය සිදුවිය යුතුයි.අනික සංගිතයේ ස්වර හත හරියට තුනපහ වගේ මේක දාලා හොද රසවත් ආහරයක් හන්නත් පුළුවන් ...කුණුමාළුවක් උයන්නත් පුළුවන් අවබෝදය වැදගත් .....එහෙම උනොත් 80-70 වඩා ගමනක් ලංකව තුල තියෙවී

      Delete
  16. ආදරයේ විරහ වේදනාව දරාගන්න බැරිකම බොහෝ ගීත වල ඇතුලත් වෙන්නේ මරනය ඊට වඩා සැපයි කියල ඒත්තුගැන්වෙන විදිහට. කොහොම උනත් ඒක ඉතින් ඒ තත්වෙට පත්වෙන කෙනාම තමයි දන්නේ.

    ReplyDelete
    Replies
    1. එහෙම පත් වෙන්න නිමිත්තක් බලපානවා .විරහාව විදින අයට මැරෙන්න විදින්න දෙන කලාව හරියට එල්ලුම් ගහ වගෙනේ .විරහාව යථාර්ථයක් නොවේ .එක අත්දැකිමක් පමනක් බව කියනවා හැරෙන්න ලෝකය අත හැර යන්න කියන දේ කලාව තුල තිබුය යුත්ක් නොවේ .කලාව රසවිදිම ආනන්දයෙන් ප්‍රඥාවට විය යුතුයි

      Delete
  17. අර ටීම් කිව්ව වගේ අද සිංදුවක් කරල ඒකට හරියන වටිනකමක් ගන්න බෑ... මොකද හොරු හැමතැනම. රජය විසිං ඔය සම්බන්ධව යම් ක්‍රියාමාර්ගයක් ගත්තත් ඒ සදහා වුණ වෙහෙස ගගට කැපූ ඉනි වගේ වෙලා... මොකද ඒ නීතිරීති හදුන්වා දුන්න කියල වෙනස් වුණ කිසි දෙයක් නෑ...
    අනික තමා අද සමහර ගායකයො කියාගන්න අය කරන නෙයියාඩගම්. මියුසිකල් ෂෝ එක්කට ආවොත් සිංදු කියනව නෙමේ වෙනප මගුලක් කරන්නෙ...
    සුපර් ස්ටාර් සංකල්පය හොදයි ඒත් ඒකෙන් බිහිවුණ අය ජෝතිගෙ සිංදු පට්ටගහන එකටත් ඒ තරං අපේ මනාපයක් නෑ...

    වැදගත් ලිපියක්.... ජයවේවා

    ReplyDelete
    Replies
    1. මේ සංහාරය අධ්‍යාපනයත් සමග සංකලනය වෙන දෙයක් අපේ රටේ අධ්‍යාපන ක්‍රියාවලිය ගැන නැවත හිතන්න කාලය හරි....අතිතයේ අපේ ජනකවිය පාසල් නොගියත් වින්ද සාහිත්‍ය අද පාසල් ගිහිල්ත් අපේ රටේ උන්ට විදින් බෑ

      Delete
  18. කාලීන ලිපියක් !

    ReplyDelete
    Replies
    1. ස්තුති මධුරංග දිරිමත් කරාට

      Delete
  19. chandana liyanarchchi kiwwa song ekak mathak una ban...

    polruupawe danga kala sellam... sulange paawi sithata dane... pita gam yana daa eya sihi wenawa... heen sare oba ma amathaka kara daa.... hak.. hak hak

    ReplyDelete
    Replies
    1. මමත් චන්දන ලියන ආරච්ච්ච තමයි නමුත් මම කියන මේ ගීතය සරළ නෑ .......... චන්දන ලියන ආරච්ච් කියන ගායන ශීල්පියා ගැන මට කියන්න දෙයක් නෑ.....ඒ ගීත ගැන මට කින්න දෙයක් නෑ.............

      Delete
  20. මේ සියල්ලකටම මුල තමයි කලාව කියන අකුරු තුන අතරට වෙලඳාම යන අකුරු හතර රිංගවීම. වෙලඳාම නැති තැන පැවැත්මක් නැහැ තමයි. අන්න ඒ නිසාම කලාකරුවා පවා තම නිර්මාණයන්ගෙන් පමනක් යැපීමට යනවා නම්..ඕනෑම කුණුගොඩක් කරන්න වෙනවා. ගීත කලාව පමණක් නොවේ, අනිකුත් ඉල්ලුමක් ඇති සියළුම කලා ක්ෂේත්‍රයන්ට මෙය පැතිරිලා අවසන්. මේක නවත්තන්න බැහැ. සමාජ සංස්ථාවම කුණු ගඳ ගහන තැනක, මීට වඩා යමක් බලාපොරොත්තුවිය හැකිද? 60-70 දශකයේ යම් සංස්කෘතික පිබිදීමක් ඇතිවෙන්නත්, ඒ දශකයෙන් පසු කෙමෙන් කෙමෙන් ඒ පිබිදීම ආපසු හැරෙන්නටත්, අද මේ තත්වයට පත්වෙන්නත් හේතු මොනවාදැයි පසු විපමරක් කලයුතුයි නැවතත්.

    චන්දන...ඔබේ ලිපිය අගයමි.

    ReplyDelete
    Replies
    1. සල්ලි වලට කරන්න බැරි දෙයක් තියෙනවා අපේ රටේ උන්ගේ මොළයට හරවත් වින්දනයක් සහිත ප්‍රඥාවක් දෙන එක නමුත් සල්ලි වලට අද අපේ රටේ උනගේ මොළය විකලා දාන්න පුළුවන් දැන් ඒක වෙලා

      Delete
    2. චන්දන.....මේ පිලිතුරෙන් උඹ සෑහිමකට පත්වෙනවද? මම නම් නැහැ.

      Delete
  21. මාව කොර උනා සිරාටත් හිතෙන දේවල කියලා හිතලා ..... බැලින්නම් මේ චන්දනනේ ....කතාව සම්පුර්ණ ඇත්ත අපේ මිනිස්සු ඕන වෙලාවක වැඩ ගන්න දගලන්නේ පිහියේ මොට්ට පැත්තෙන් .... කලාව උනත් ඒ වගේ තමයි පාවිච්චි කරන්නේ ඒ වගේ තමයි

    ReplyDelete
    Replies
    1. මොටවුන කාලාවට පනක් දෙන්න පුළුවන් අපිට එකතුවුනොත්...

      Delete
  22. අද කොහෙද එහෙම සුභාවිත සංගීතයක් එක්ක කරන රසායනයක් වන පද පෙලිත් එක්ක බාවත්මක වින්ධින්න පුළුවන් සින්දු, එකක් දෙකක් විතරක් තරුණ පරපුරෙන් එහෙම ඒවා ආවත් අනික්වා ඔක්කොම කොත්තු කඩේ කොත්තු ගහන්න වගේ සන්ගීතෙයි කකුල් දෙකට නටන්න පද ටිකකුයි වතරයි, ඒ ඔක්කොටමත් වැඩිය එක තමා ට්‍රෙන්ඩ් එක කරගත්ත තාරුණ්‍යය අද මහපොළොවේ පය ගහන් හෙටක් හොයනවා. ඒ අතරේ ගායකයෝයි පද රචකයෝයි තනු නිර්මාපකයෝයි කුඋට වෙළඳ පළාත් එක්ක අසරණ වෙනවා. කාලින ලිපියක්. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. වෙළද පොළ කරණය වු කලාව තුල වැඩෙන අපේ තරුණ පරපුර දෙයියන්ගේ පිහිට තමයි

      Delete
  23. කතා කළ යුතුම ඉසව්වකට ගෙන ආ මාතෘකාවක්. මෙතන ඇතිවී තිබෙන වැරැද්දට මට දැනෙන හේතු කිපයක්ම තියෙනවා. මට පුලුවන් තරමින් අදහසක් දෙන්නම් මෙහෙම

    01. 1990 න්පස්සේ ලංකාවෙ විද්‍යුත් නාලිකා ප්‍රමාණය සීග්‍රෙයන් වැඩි වුණා මේක මේ වගේ පුංචි රටකට කොහොමටත් ඔරොත්තු දෙන්නෙ නෑ. ඒ නිසා ස්වයංක්‍රිය මාධ්‍ය තරගයක් ඇතිවුණෘ. වහා ජනප්‍රිය වීමේ සහ රේට් වැඩිකරගැනීමේ තරඟයට ඔවුන් අවතීර්ණ වුණා. සුභාවිත කලාව ඔස්සේ නැගෙන නිර්මාණවලට වඩා ක්ෂණිකව ජනප්‍රිය වන ජනප්‍රිය ගිත කලාව මාධ්‍යවලට රිංගුවාත ඒක මුදල් මත සහ අතයට සිදුවන ගනුදෙනු අනුවත් කැසට් මුදලාලිලාගේ කැසට් කලාවත් ඒ තරඟයට හේතු වුණා. අන්තිමේදි මාකට් කළ හැකි කබල් ගිත සාහිත්‍යයක් දැන් ඉතිරිවෙලා.

    02. අනික 70 -80 දශකවල නිර්මාණය කරපු ගිත අතුල් විද්‍යුත් නාලිකාවල ප්‍රචාරයට යොදාගන්නේ අඩුවෙන් එකල මොනෝ සහ ස්ටීරියෝ ක්‍රමයට ගටිගත කළ ගිත නිවීන උපකරණ වලින් රස ජනනය කරන්න අමාරුයි ඒ.නූතත විද්‍යුත් උපකරණ වලින් ඉල්ලන ශබ්ධ ධාරිතායේ නිශ්චිත ගණණට වඩා වැඩි විය යුතුවි ( මට මතක හැටියට ටෙරා බයිට් 108 වඩා වැඩි ධාරිතාවයෙන් යුතු ගිත තමයි අද නාලිකා ඉල්ලන්නේ ) උදාහරණයක් විදියට ඔබ සඳහන් කළ සිංස්ලි පීරිස්ගේ රුචිරාණනි අහන්න ගිතයත් අවසාන මොහොත මාගේ ගීතයත් වෙ වෙනම අහල බලන්න ශබ්ධ ධාරිතාවය ගැන වැටහිමක් ගන්න පුළුවන්. ඒ නිසා ඕ ශබ්ධ දාරිතාවයෙන් තවම ප්‍රවීනයන් ගිත කරල නෑ. ඒ නුතන මෙවලම් ලට ඔවුන් හුරුවී නෑ ඒන අවුලක්

    03. ඉස්සර ගිතරචකයේ සාහිත්‍ය පොතපත කියවා දැනුමෙන් පරිපූර්ණ පුස්තකාල වගේ.අද ගීත ලියන අය නිකමටවත් සංදේශකාව්‍යයක් ජාතක කතාවක් පොතක් පතක් නොකියවන අය ඒනිසා ගියන ගිත භාෂවෙන් දුප්පත්. එදිනෙදා කතාකරන බස අරුනුවිට ඔවුන් බසහසුරුවන්න දන්නෙ නෑ.

    04. අනික අධ්‍යාපන ක්‍රමය තුළ රසවින්දනය ඉගැන්විම බිංදුවයි. ළමයින්ට ගිතයක් අහන්න නාට්‍යක් බලන්න වෙලාවක් නෑ ඔවුන් යාන්ත්‍රිකයි.විෂය ධාරාවතුළ හෝ ඉන් පිටත ක්‍රියාකාරකම්වලින් ළමයි හරිම දුප්පත් මානසික තත්වයක් ඉන්නේ යාන්ත්‍රික පිරිසක් විදියට

    05. තරඟකාරී සුපර්ස්ටාර් රැල්ල තරු බිහිකිරීමේ සංස්කෘතිය තුළ ස්සල් හෙවිම මිස කාලවක් නෑ

    ඔන්න ඔය වගේ සංකීර්ණ රාමු කීපයක් තුළ අද කලාව සාහිත්‍ය රස වින්දනය සිරිවෙලා. ඉතින් කොහෙද අලුත් නිර්මාණ බිහිවෙන්නේ

    මගේ සටහනේ අකුරු වැරදි හෝ අඩු ඇති. ඊට කමත්වා

    ReplyDelete
    Replies
    1. සාර්ථක ඇගයිමක් සතුටුයි මේ සටහන ගැන මේ වගේ හිතන අය අපේ රටේ හැම තැනකම පහල වෙනවා නම් ඊට වඩා දෙයක් නෑ

      Delete
  24. අද තියෙන්නේ වඳ පීදිච්ච/බ්‍රොයිලර් සංගීත කලාවක්. ඒ කියන්නේ නිසි කලට නියම පෝෂණ සහිතව එලියට එන්න ඕනේ දෙයක් කෘතිමව දින කිහිපයකින් එලියට ගැනීමක්. රියලිටි වැඩසටහන් තරග වලින් ලංකාවේ වෙන්නේ ඔන්න ඕක. නමුත් ඇමරිකාවේ/කොරියාවේ වැඩසටහන් වල අප දැක්කා පුදුමාකාර හැකියාවන් තියෙන කුණු ගොඩේ වැලලෙන්න නියමිතව හිටි අය සොයා ගැනීමක්. අපේ ඒවාගේත් ඉඳහිට එවැනි දක්ෂතා ඇති අය නොඑනවා නොවේ. නමුත් ඔවුන් තෝරන්නේ මාකට් කරන්න පුළුවන් හඩවල් සහ රූපයන්. ඉන් පස්සේ ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් මොවුන් යොදා ගන්නවා. නමුත් අර තරුණයා හෝ තරුණිය හිතන්නේ මම ශක්තිමත් කියලා. නමුත් ඔවුන් අකාලයේ මිය යනවා. මොන ගීත නිර්මාණ කලත් පවතින්නේ නෑ. හේතු උඩින් දයා විස්තර කරලා තියෙනවා. රචකයන්ගේ තියෙන සාහිත්‍ය දුප්පත් කමත් මේවට බලපානවා. අද ගීතය ජනප්‍රිය කරගන්න නාලිකා වලට මුදල් පවා ගෙවනවා. සමහර විට එය ජනප්‍රිය කරවන්න මහන්සි වන්නේ රචකයාම. ඉස්සර මිනිස්සු නොදන්නා පලාතක වැවකින් නාන්නේ ඒ පළාතේ අයගෙන් අහලා. ඒ වගේ තමයි ඉස්සර කෙනෙක් සංගීතයට පිවිසුනේ. නමුත් අද පූල් එකට පනිනනවා වගේ, පීනන්න පුළුවන් බැරි හැමෝම පනිනවා. මොකද එයාලා ගැඹුරු අන්තයට යන්නේ නැතිව අනිත් පැත්තේ කරනම් ගහන්න පුළුවන් බව දන්නවා.

    සමස්ත කලාව, ක්‍රීඩාව තුලත් මේ කඩාවැටීම අප දකිනවා. ඕනෑම දෙයක් නිසි විදියට හැදී පෝෂණය නොවුනොත් වෙන්නේ වඳ පීදීම. ඒක වලක්වන්න බෑ.

    ReplyDelete
    Replies
    1. සුදික මේ කාරණ්‍ය දැකපු අයුරු අපුරුයි.අපි ඉන්දියාවේ හින්දි ගීතයක් අහනකොට භාෂාව දැගෙන අහනවා නෙවේ නමුත් අපිට මොනවා හරි තේරෙනවා .අපි සංවේදි වෙනවා .එකට හොදම නිදසුන තමයි .60-70-80-දශක වල පැරණි හින්දි ගීත.එහිදි අපි දකිනවා මේ ගීත නිර්මාණ්‍ය වෙන්නනේ රාග අනුව නවනළු රසය උත්පාදනය කරන්න ඔවුන් ගත් උත්සහයේ ප්‍රතිඵල අදත් අපිට ඒ ගිත රස විදින් පුළුවන් .
      අපි දකිනවා වෙනසක් 70-80-අපේ රට තුලත් සංගීතය ඉදිරියට එනවා ඒ කට හෙතුවත් එයම තමයි .විශේධයෙන් දකින්න තිබුනා ඉන්දිය සංගීතය අමුවෙනම අරගෙන අපේ වචන දැලා ගීත හදලා තිබුනා .ඒ වගේම සනත් නන්දසිරි වික්ටරත්නායක් අමරදේව වගේ ගායකයින් මේ රාග උපයොගී කර ගනිමින් තම ගීත නිරිමානය කරා මෙිය සර්තක වැයමක් උනා අද ඒ කියන්නේ 90 රැල්ල ඒ වගේම 80 නව සිනමා රැල්ල මේ රටේ වානිජ්‍ය බස්බහර වාණිජ මාළු කෑල්ල කන්න පටන් ගන්නවා එය පුළුස්සා හෝ තුනපහ දමා කනවට වඩා අමුවෙන් සැරසිල්ලක් කරලා කන්න පටන් ගත්තා එය අද සැරසිලි නැතුවම කනවා .අපිට දිරවන්නේ නෑ වැඩි දවසක් නැතිව මේවා අපිට එපා වෙනවා.සිනමාව සංගීතය ටෙලිනට්‍ය වගේ විකිනේන දේවල් කුණු වෙන්නේ සිනාමා ශාලාවල් වැහොන්නේ .මේ නිසා වැඩියෙන්ම සේනග හිටපු සිනාමා පඨ වුයේ නො17-මමරජා වගේ සිනි බෝල සිනමා දර්ශන වලට පසුකාලිනව එතනිනි පසුව සීනමාව වැටෙිනවා .මෙක ඇත්ත කතාව.............අද අපි විකිනේනවා මේ වෙලාවෙත් අපිව විකුන්න බිලක් කැඩෙනවා අපි දන්නෑ කාටද විකිනේනනේ කියලා......කතාව අමුවෙන් විදින්න යන ලංකාවේ රසිකත්වය අද රෝගි වෙලා..............ප්‍රතිකාර අවශ්‍ය වෙලාව මේක..................

      Delete
  25. කාලීන ලිපියක්.
    දැන් එලිදැක්වෙන සමහර නිර්මාණ ගැනනං කියල වැඩක් නෑ.

    එක්ටැම්ගේ චිත්‍රපටිය මගෙත් සිත්ගත්ම එකක් තමයි.

    ReplyDelete
    Replies
    1. සමහර කියල කියන්න විදියක් නෑ සියල්ම එකම සර්වත්‍රකුලකයක තියෙන ඒවා............
      වේදනාව නම් ඇතැම් ප්‍රබුද්දයි කියලා හදන කලාවත් හෙළුවෙන් ඉන්න එක යථාර්තයක් කියන එක...රැල්ලක් විතරයි . ස්තුති ප්‍රතිචාරයට

      Delete
  26. බොරුවක් උණත් දහස් වාරයක් කිව්වම ඇත්ත වෙනවලුනෙ.ඒ වගේ මේ මොට්ට සිංදු ඇහිල ඇහිල දැන් මිනිස්සුන්ගෙ ඔළුත් මොට්ට වේගන යන්නෙ. උඩ ඉන්න ඇත්තන්ට ඔළු පෑදෙන කලා නිර්මාණ මිනිස්සුන්ට අස්සවන්න ඕනකමකුත් නෑ.මෝඩයො ඉන්න තරමට පාලනේ ලේසීනෙ. :P

    ReplyDelete
    Replies
    1. ඇත්ත රටක පාලනය ලෙසි වෙන්න නම් කලාව මොඩ විය යුතුමයි...............

      Delete
  27. අපි විශ්වාස කරන දේ තමයි ජනමාධ්‍ය වලින් සමාජයට දෙන දේ අනුව සමාජයේ බොහොමයක් වෙනස්කම් වෙනවාය කියන එක. ඒක නිසා අපිට වුණත් සමාජමය වගකීමක් තියෙනවා චන්දන. ඔබ අපි මෙවැනි වැදගත් මාතෘකා කතා කිරීමත් අවශ්‍ය වන්නේ එහෙයිනි. ඉතින් සංගීතයෙන් වුණත් කරන්න තියෙන සමාජ වගකීම නොදන්නා අය නිසා ඒකේ විනාශය සමාජයට ම අත්වෙනවා....

    ස්තූතියි ලිපියට....

    කුරුටු ගෑ ගී පවුර

    ReplyDelete
    Replies
    1. වගකිම් පැහැර හැරිම අද සමාජයට කියලා දුන්නේ 77 ජේ.ආර්.ඒක ගැන විවාද නෑ මොනවා උනත් අපේ රටේ උන් තන කොළ කන ගානට හරක් උනාට පස්සේ වැඩේ ලේසි උනා .අද අපි විචාර ශීලි නැති නිසා දෙන හැම දේම පිළීගන්න පටන් අරන් .....හරක් පට්ටියක් කෙවිටකින් පාලනය කරනවා වගේ දැන් අපේ රට මේ වගේ දෙයකින් පානය කරන්න පුළුවන්.ඒක තමයි වෙනස ස්තුති ලිපියට දැක් වු ප්‍රතිචාරයට

      Delete
  28. chandana ඔලු ගෙඩි වැඩි වෙලා මොළ ගෙඩි අඩුවෙනකොට හරි ලේසියි කාණ්ඩයක් පාලනය කරන්න..හේතුව හිතන්න ශක්තියක් නැහැ.ඒ වගේම අද අපේ යොවුන් දරුවන්ට රස වින්දනයක් නැහැ... දරුවෙක් උප්න්නදා ඉදල අසුචි කන්න දුන්නොත් ඌට තරුණ වියට ආවම කිරිබත් කන්න දුන්නත් වැඩක් නැහැ..ඒක කියන්නේ මේ මොන මල ජරාවක්ද අරකනේ කෑම කියල .ඒ වගේ උපන්දා ඉදල හොද රස වින්දනයක් නොදුටු දරුවෝ එල්ලෙන්නෙත් ඒ වගේම ජරා වෙච්ච සමාජෙක තමයි..අනික එදා සෙනෙහෙ කොලයක දැවටුන දයාව හෘදයාංගම බව අද මේ කෙලි කුරුට්ටෝ යවන කෙටි ප්නිවිදයක තියෙනවද..?දැන් බිහි වෙන්නෙත් කළා කරුවන් නෙවයි කළා රිටවල්..ඉදල හිටලා සතුටුවිය හැකි මට්ටමේ නිර්මාණ එකක් දෙකක් එනවා..අනිත් එක අපි ඒ මුල් යුගයේ ගීත රස වින්දේ අපිට සාහිත්‍ය ගැන යම් තරමකට දැනුමක් තිබ්බ නිසා.සමහර ගීත වල තේරුම දැනගන්නේ සැහෙන්න කල් ගිහින් .ඉතින් හරි සතුටුයි..ඒ ගීත පරිහරණය කරන්නත්.දැන් ළමයි ඒවට අකමැති උන්ට සාහිත්‍ය දැනුමක් නැහැ.ව්‍යන්ගර්තයක් දන්නේ නැහැ..ඉතින් උන් කැමති නැහැ.ලියනවනම් බොහෝ දේ එමටයි...ඔබේ පිවිසුම ඉතා අනර්ගයි..මගේ සුබ පැතුම්.

    ReplyDelete
  29. ඉන්දික අපි දන්නවා රසවින්දනය ලග තියෙන භයානකම දේ දරා ගැනිම.මේ දරාගැනිම කරන්න පුළුවන් සමාජයක් තියෙනවද කියන එක වැදගත් නැත්නම් අපි ඒක ගොඩ නගන්න ඕනෑ.සමස්ත සමාජයම වල් වැදුනට පස්සේ කරන්න දෙයක් නැති වෙනවා තඅපි මේ කියන දේ කරන්න අමාරුයි .ලේසි නෑ .විචාර බුද්ධියක් තියෙන ..මිනිහේක හදන්න ලේසි නෑ...අතිතයේ තිබුන ගුවන් විදුලිය අපිව පොෂනය කරා පුංචි කාලේ අපේ කන්දෙක මොළය දුන්නා අපි ගුවන් විදුලිය අහලා චිත්තරුප මැව්වා අපිට පුළුවන් උනා චරිත පරිසරය මවාගන්න අපි නිර්මාණය කරපු .ඒදෙවල් අදල් මතකයි.සුන්දරයි.අද මොවද වෙන්නේ රුප පෙට්ටිය ලග අබේ බුද්ධිය නවතිනවා.අපි හරක් වමාර වමර කනවා වගේ අපිත් අරක දිහා බලාගෙන ඉන්නවා හිතන්න දෙයක් ඉතුරු වේලා නෑ...අපේ අනාගත පරපුර මේ විදින අත්දැක්මෙන් ගලවන්න පුවවන් දෙයක් නිරිමාණය විය යුතුයි....සාරවත් සමාජයක් වෙුනවට නිෂ්සාර සමාජයක් ගොඩ නැගුනොත් පවක් මේ රටේ එප් එම් නාලිකා වල නිවේදක නිවේදිකාවන් රට කන හැටියට මේ සමාජය විනාශ කරන හැටියට ..මගේ රටට අනාගත පරපුරට දෙයියන්ගේ පිහිටයි...................

    ReplyDelete
  30. කලාවටයි කලාකරුවනටයි දොස් මයි දැක්කේ
    දේශපාලනේ නෙවද කලාවට හෙණ කැටියේ

    දෙස්පලුවා වස්සා ඇඟ වැසූ මැස්සාය
    දුප්පත් කලාකරුවා නැට්ට කැපූ වස්සාය

    කලාකරුවා උන්ගේ අගු පිලේ ඉඳුල් බුදින්නෙය
    අපේ නැට්ටෙන් අපටම උන් බැට දෙන්නේය

    අපි දුක උරුම කර ගත්ත සමාජයක්නේ
    අපි දුකටමයි ආස
    ඉතින් විරහවට ආසවෙන අහන්නත් දෙයක්ද
    තියෙන එකත් උවමනාවෙන් නැතිකරගෙන හෝ
    අපිට දුක්වෙන්න ඕනෙ, බොන්න ඕනෙ
    ඇත්තටම කලාව තුල දේශපාලකයො සොයමින් ඉන්න සයිකොලොජියට
    විරහවත් අයිති ඇති,
    ඒකයි උන් ඒක ප්‍රමෝට් කරන්නෙ
    මේ දවස්වල බුද්ධ චරිතය, මහින්දාගමනය, වැලලී ගිය ඉතිහාසය ආදියට මුල් තැන
    කාලයක් ජැක්සන්ව නැග්ගුවා
    මොකද එයා ලොක්කන්ට ඕන දේ දුන්න නිසා

    මම ඔබේ අදහස්වලට සමගාමීයි.
    කලාකරුවා සිය වගකීම් තේරුම් බේරුම් කර ගැනීම කල යුතුමයි.
    ගැටලුව නම් කලාකරුවන්ව තෝරාගන්නේ මාධ්‍ය විසිනි
    මාධ්‍ය වල අයිතිය දේශපාලකයින්ටය බලවතුන්ටය

    ReplyDelete
    Replies
    1. විකලපයක් සොයා යා යුතුයි .කලාකරුවා කරනුයේ එයමය ඔහු තම සිතුවිලි පරම්පරාව යම් විකල්ප ක්‍රමයක් තුලින් තවත් අයෙකුට කතා කිරිමට දරණ ප්‍රයත්නය කලාවයි.වහල් සමාජයක් ගැන පත්තර පිටු වල පොත්පත් වල ලියවුන අතිතය අද තිබෙනවා එය තියෙන විදිය පමනයි වෙනස් නමුත් කලා කරුවා මේ පිළිබද තෙවන ඇසකින් දකින්න පුළුවන් අයෙක් ඔහු වන්දනා කරනුනේ ඒ නිසාය.ඔබට ස්තුති දැක්වු අදහසට

      Delete
  31. අපි හිතමු ලංකාවේ 70-80 දශක වල සංගීතයේ හා කලාවේ ලොකු පිබිදීමක් වුනා කියලා.එතකොට ඒ යුගයේ ඉපදුනු ඒ යුගයේ තමන්ගේ ළමා හා තරුණ කාලය ගත කරපු අය අද නිර්මාණ කරද්දි ඒ නිර්මාණ ගුනත්වයෙන් අඩුයි කියනවා නම් ඒ අයගේ පදනම අර 70-80 කාලය වෙන කොට හරි පුදුම පරස්පරයක්නේ උදා වෙන්නේ.අනික අද ඔය ප්‍රවීණයි කියන අය නඟන අඳෝනාව නවකයෙකුට වුනත් එහෙමම තමයි.ඒත් එහෙම වෙද්දිත් නවකයෙක් කට්ට කාගෙන ඉදිරියට ආවා නම් ඒ කියන්නේ එයා අර පසුබසින ප්‍රවීනයාට වඩා ශ්‍රේෂ්ඨයි.මොකද ඔය කියනා ප්‍රවීනයින්ගේ යුගයෙදි ඒ කියන්නේ වෙළෙඳපොළ අරමුණු කර නොගත් කියන කාලෙදි කොච්චර නවකයින්ට අවස්ථා අහිමි වෙන්න ඇද්ද?කොච්චර කැපිලි වෙන්න ඇද්ද?මෙතන වෙලා තියෙන්නේ තමන්ගේ නොහැකියාව කාලයට බනිමින් මඟ හැරීමක්.

    ReplyDelete
    Replies
    1. නෑ මම ගැන දවසක කියන්නම් එහිදි මම තවම නිහඩ වෙලා නෑ මට කලාව කියන සමාජය කරපු දෙවල් මම විනිදා අද මම තැනක ඉන්නවා කියාලා මම හිතනවා මම විකල්ප හොයනවා.හෙට දවසේ යම් ක්‍රමයක් මම හොයනවා මේ මේ අකල්ප වෙනස් කරන්න.ඒ මම
      නමුත් අද අපි බලමු මේ රටේ විශ්ව විද්‍යාලවලින් වසරකට කී දෙනෙක් කලා විෂයන් තුලින් එලියට එනවද නමුත් මේ එන යන විදියට කෝ නිරිමාණ.එකට හේතුව අපි එකම අයිසි එක දාපු මැෂීන් ටික්ක එලියට දාන හිනිදා .හැම එකකකින්ම එකම දෙයක් සිදු වෙන්නේ .අළුත් යමක් සිදු වෙන්නේ නෑ .ඒ හින්දා නව කලාවක් තවම නෑ .පටන් ගන්නවා විචාර යනවා .අයි වසර ගණනක් යනකම් වෙන දෙයක් නෑ.භාෂාවක් නෑ ලෝව සියළු කලාවනට රටවල් වලට භාෂාවක් තියෙනවා සිනමාව ගීතය එයින් ප්‍රධාන තැනක් ගන්නවා නමුත් අපිට කලාවේ භාෂාවක් නෑ අපි තවමත් අනුන්ගේ දෙවල් කොපි කරනවා එච්චරයි.

      Delete
  32. කලාය විතරක් නෙමෙයි චන්දන මාධ්‍ය හැසිරවීම ද ප්‍රශ්නයක්.දැන් මාධ්‍යකරුවො මාධ්‍යවලින් පේනවා අඩුයි.මාධය අයිතිකාරයො තමයි පේන්නෙ.ඒ කියන්නෙ යම් ව්‍යාපාරික උවමනාවන් සදහා විකිණිය යුතු දේවල් හොයමින් පවතිනවා.සමාජයෙ ඉන්නෙ හෘද සාක්ෂියක් නැති මිනිස්සු වැඩිපුරම,ආත්ම විශ්වාසයක් හෝ පෞරශයක් නැති මිනිස්සු.මේ අය මොකද කරන්නෙ... තාර්කික නොවන අතාත්වික දේවල් හරහා හඹා යනවා.දේව විශ්වාස,සාත්තර,හදි හූනියම්...ලෝකය දියුණු වුූ මොහොතක සමාය එතනට පත් වීම වැළක්වීම සදහා කළ යුතු මාධය මෙහෙවරක් තිබෙනවා.නමුත් මාධ්‍ය ඒවාම වැපිරීම හරහා පොකට් කාරයාගේ භූමිකාවට ප්‍ර‍ේශ වෙනවානම් මොකද කරන්නෙතඇතැම් ටෙලි නාට්‍ය නාලිකා වලින් ඒ ආකාරයෙන් සපයන්න කියලා ඉල්ලන තත්ත්වයට පත් වෙලා.මේ මිනිස්සුන්ගෙ ආත්මීය විශ්වාසයන් බිද දමන සංස්කෘතිය රට තුළ පියාඹන්නට දීපු වපසරියක මානවීය සම්බන්ධතා වල බිද වැටීම ඛේදවාචක වලින් අවසන් වීම අරුමයක් නොවේ.

    ReplyDelete
    Replies
    1. කළුවර අවදි නොමවන වැව් ඉවුරු කොනේ
      කාලය විසින් හැරුව නුගගසක බෙනේ
      මලකා කළුව ගිය ආයුධ කැබලි පෙනේ
      දෙවියෙක් නැතත් එහි බලයක් තිබෙනු දැනේ

      මට ලෝකය ගැන කියන්න දෙවල් තියෙනවා නමුත් මම පිළීගන්නවා .අද මාධ්‍ය තුල සොයන්නේ අද්භුත කලාව කියලා.අතිතයෙදි අද්භූත රසය සහ හස්‍ය පිළිබදව රතා සෙවින් දැහැමින් කතා කතා කලා ඒ හමුවේ බුද්ධිමත් අද්භූත රසයක් එහි තිබුනා.අද සිද්ධිවාර්තා කරණය මේ වටිනා රසය විනාස කරනවා අමු අමුවේ.අද ලංකිවේ ඇති පිඩනයන් තුල භයනාක කොඩිවින ගැන විශෟවාස කරණ තැනට මනස යොමු කරවන මාධ්‍යක් තියෙනවා .ඒක එහෙම උනාම ජිවත් වෙන්න ලැබෙන පඩියට වඩා වියදම වැඩි කියලා හිතනවට වඩා අසල් වැසියා කල කොඩි විනය ගැන හිතමින් සිටිම පාලනයට පහසුයි .එි නිසා සමස්ථ ත්‍රාස්තවාදි මාධ්‍ය තුල ජනතාව දිසා ගත කරනු ලබනවා.මේ ඇත්ත කතාව අවුරුවත් තෙරුම් ගන්නේ නෑ .රජ කතා අද්භුත කතා හමුවේ ජනතාව ජිවත් වෙනවා .එච්ච්රයි.සල්ලි ගන්න කලා කාරයෝ පාලනය ලෙසි කරනවා................කලා කරුවා දැන් ඉන්නේ දැවෙමුද දුවමුද කියන තැන

      Delete

  33. මම බ්ලොග් වලට අලුත්..බ්ලොග් ගැන කිසිම දෙයක් දන්නේ නෑ මාත් ලියන්න උත්සහ කරා...මගෙ කතාවත් ඇවිත් කියවල හොද නරක පෙන්වල දෙනවනම් ගොඩාක් පින් http://mylifeasamuslimgirl.blogspot.com/

    ReplyDelete
  34. කලාව අනන්දයෙන් ආරම්බවී ප්රග්නාවෙන් කෙලවර වේ. ණමුත් දෑන් යන විදිහට කෙලවර වෙන්නේ ආනන්දයෙන් නොව මරියකඩෙනි
    Ranbanda Seneviratne used to say that he wrote the lyrics of Davwsak Pela Nethi Hene for over 10 years. On the other hand Premakirthi is said to have written Miniseku Pita Negi Asaruweki on the spur of the moment. Both are good songs which we do and will continue to enjoy. In a good song the singer does not hide behind music, but is complemented by music. Melody beckons us to a different world where the words take on a new, deeper meaning. I totally agree with Sira. I gave up contemporary Sinhala songs about 10 years back simply because I feel that most of them are an insult to intelligence (Sira Malaya described a few of them). The modern trends in music are partly due to the proliferation of radio stations, technology and changing attitudes of society (particularly the footloose generations). But I fault SLBC and SLRC; as publicly funded enterprises hey have a duty to cater to all people and tastes. SLBC record library is a treasure trove with music of every genre. SLBC’s Madhuwanthi in 1960 brought about the partnership between Amaradeva and Madawala S Rathnayake which led to a golden era of Sinhala songs. We got to know T M Jayarathne, Neela Wickramasinghe and Nanda Pathirana from the experimental music programmes of K De S Kulathilaka. What little I know of Western Classical Music was learnt from a programme on SLRC called Introduction to Classical Music by Sujatha Jayawardena.

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...