මැලේසියානු දින දර්ශනයට අනුව මෙවර වෙසක් දිනය යෙදී තිබුනේ මැයි මස 13 වෙනි අගහරුවාදාටය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඤාති හිත මිත්‍රාදින්ට කලියෙන් වෙසක් සමරන්නට අපට අවස්ථාව ලැබුනි. මැලේසියාවේ වෙසෙන අතිමහත් බෞද්ධයන් වූ කලී චීන සම්භවයක් ඇති පිරිස නිසාම වෙසක් සැමරුමේ මුල් තැන ගන්නේද ඔව්හුය.
මා වෙසෙන මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර ශ්‍රීලාංකික බෞද්ධ හිමිවරුන් වැඩ සිටින ප්‍රධාන බෞද්ධ විහාරස්ථාන දෙකක් පිහිටා තිබේ. ඉන් පළමු වැන්න බ්‍රික්ෆීල්ඩ් ප්‍රදේශයේ පිහිටා ඇති බෞද්ධ මහා විහාරයයි. දෙවැන්න සෙන්තුල් ප්‍රදේශයේ පිහිටා ඇති ශ්‍රී ලංකා බෞද්ධ විහාරයයි. මේවාට අමතරව අපේ හිමිවරුන් වැඩ වෙසෙන තවත් විහාරස්ථාන දෙකක් මැලේසියාවේ තිබෙන බව මා අසා තිබේ. ඉන් එකක් මැලේසියාවේ පෞරාණික නගරය ලෙස සැලකෙන මලක්කාවේ පිහිටා තිබේ.
මේ සියලුම විහාරස්ථාන අතරින් ප්‍රමුඛතම තැනෙහි ලා සැළකෙන්නේ බ්‍රික්ෆීල්ඩ් බෞද්ධ මහා විහාරයයි. ඒ වටා සිටින දායක පිරිසත්,විහාරස්ථානයෙන් සිදුවන සමාජ සේවා කටයුතු ආදියත්, විහාරස්ථානය ඈත අතීතයේ ආරම්භ වීමත් ආදී කරුණු සළකා බැලූ කල එහි වරදක් පෙනෙන්නට නැත. 1895 දි ඇරඹී ඇති මේ විහාරස්ථානය ශ්‍රී ලංකාවෙන් මැලේසියාවට පැමිණ රැකියාවල නියුතු බොහෝ දෙනා තම ආගමික කටයුතු උදෙසා නිතර යන එන ප්‍රමුඛතම ස්ථානයයි.
මැලේසියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස පවතින සමයේ ඉංග්‍රීසීන් විසින් විවිධ අංශයන්හි නිපුනතා පෙන්වා ඇති ශ්‍රී ලාංකිකයන් මැලේසියාවට ගෙන්වා තම කටයුතු සදහා සහාය කරගෙන ඇති බව ඉතිහාසයේ සදහන් වෙයි. ඒ කාලයේ අපේ මාතෘ භූමිය ආසියාවේ අනෙකුත් රට වලට වඩා ආර්ථික දියුණුව අතින් ඉදිරියෙන් පැවති රටකි. බේකරි කර්මාන්තය සහ රත්‍රන් භාණ්ඩ නිෂ්පාදනය වැනි කර්මාන්තයන්ද ශ්‍රී ලාංකිකයන් වෙතින් මැලේසියාවට දායාද වූ දේ වෙති.
ලංකාවෙන් මැලේසියාවට සංක්‍රමණය වූ මේ ඇත්තන් තම තමන්ගේ දෛනික කටයුතු වලට විරාමයක් ලබා දී දිවා ආහාරය භුක්ති විදීමෙන් අනතුරුව බ්‍රික්ෆීල්ඩ් ප්‍රදේශයේ අද මහා විහාරය පිහිටා තිබෙන ඉසව්වේ පිහිටා තිබූ බෝ සෙවනක හිද අල්ලාප සල්ලාපයේ යෙදුන බවත්...කල් යත්ම මේ ස්ථානයේ බෞද්ධ පන්සලක් ඇරඹීමට ඔවුන්ට අදහසක් පහළ වූ බවත්...ඒ කටයුතු සදහා ඉංග්‍රීසීන් අතර සිටි සුදු ජාතික කාන්තාවකගේ සාදර අනුග්‍රහය ලැබුනු බවත් බ්‍රික්ෆීල්ඩ් මහා විහාරය ගැන සහ මැලේසියාවේ අතීතය පිළිබද සිය සංචාරක සටහන් ඔස්සේ සමන් අතාවුදහෙට්ටි මහතා විසින් රචනා කරන ලද සරවක් නදිය දිගේ නම් කෘතියේ සදහන් වෙයි. මේ කෘතියද හෙතෙම දොරට වැඩූයේ මේ කියන මහා විහාර සෙවනේදීමය. මැලේසියාවේ සංචාරයකට පැමිණෙන්නට කල්පනා කරන කෙනෙකු වේ නම් මේ පොත කියවිය යුතුමය. එය ඉතාමත්ම රසවත් එකකි.
පොත දොරට වැඩිය දවසෙ මේසයක් තියාගෙන පොත් විකුණනු ලැබුවෙත් සිරා කොලුවම තමයි. |
පොතේ දොරට වැඩුම සිදුකල දවසෙ කර්තෘ තුමා සමග ආරාධිතයන්ගෙන් කීප දෙනෙක් |
යටත් විජිත සමයේ අපේ ජනතාව බ්‍රික්ෆීල්ඩ් ප්‍රදේශය අවට වැඩිපුර ජීවත් වුවද කාලයේ ඇවෑමෙන් එය සම්පූර්ණයෙන් වෙනස් වී තිබේ. ශ්‍රී ලංකාවෙන් මැලේසියාවට සංක්‍රමණය වූ මුල්ම පිරිසේ තෙවැනි හා සිව්වන පරපුර වර්තමානයේ මෙහි ජීවත් වෙති. ඒ ඇත්තන් සියල්ලන්ම වාගේ අද මැලේසියානු පුරවැසියන්ය. සිව්වන පරපුරේ බොහෝ දෙනෙකුට සිංහල භාෂාව කථාබහ කරන්නට හැකියාවක් නැත. නමුත් ඒ හදවත් තුල සිංහල කම නොනැසී ඇති බව ඔවුන් සමග කථා බස් කරන විටෙක මට හැගී තිබේ.
වර්තමානයේ බ්‍රික්ෆීල්ඩ් යනු මැලේසියාවේ වෙසෙන දෙමළ ජනතාවගේ කේන්ද්‍රස්ථානයකි. අන්‍ය ආගමිකයන් අති මහත් බහුතරයක් වෙසෙන පෙදෙසක මහා විහාරය පිහිටා තිබුනද එයට කිසි බලපෑමක් හානියක් නැත. මැලේසියාවේ පවතින ආගමික සහ ජනවර්ග අතර තියෙන සංහිදියාව නිසාම ඒ ඇත්තන්ද වෙසක් දිනය දවසේ බුදුන් පුදන්නට මලක් දෙකක් අතින් ගෙන මහා විහාරයට පැමිණ සිටි අන්දම මා ඇස් පනාපිට දුටුවෙමි. ඒ දසුන මා සිත තුල ඇතිකලේ චමත්කාරයකි. ආගම් අනුව ගහ මරාගන්නා ලෝකයක මෙලෙස සමගි සම්පන්නව සිටිය හැකි නම් කෙතරම් භාග්‍යයක්දැයි මට සිතිනි.
වෙසක් දින උදෑසනම මම බ්‍රික්ෆීල්ඩ් මහා විහාරය වෙත ගියෙමි. මා මැලේසියාවේදී සමරන දෙවැනි වෙසක් මංගල්ලය මෙය වුවද ගිය වසරේ මේ කාලය වන විට මා සිටියේ රටේ අගනුවරට කිලෝ මීටර් 240 ක් පමණ දුර, බෞද්ධ පන්සලක් ලග පාත නැති ඉපෝ නුවර නිසා එවර පන්සල් යාමට නොහැකි විය. ඒ අනුව මේ මාගේ පළමු මැලේසියානු වෙසක් අත්දැකීමයි.
සුපුරුදු පරිදි දුම්රියේ ගොස් කේල් සෙන්ට්‍රල් දුම්රිය නැවතුමෙන් බැස පාද යාත්‍රාවෙන් මහා විහාරය දෙසට යන විට ඒ ප්‍රදේශයම සැණකෙළි ස්වරූපයක් ඉසිලීය. මාර්ගය දෙපැත්තේම අන්‍ය ආගමිකයන් විසින් පවත්වාගෙන ගිය විවිධ වෙළද සැල්ය. තැනක රස කැවිලිය, තැනක ආගමික පිළිමය, තවත් තැනක ඇදුම් පැළදුම්ය...මේ නානාප්‍රකාර විසිතුරු අතරින් මහා විහාරයේ පිවිසුමට ලගා වන විට එතැන මහා තදබදයකි. අති විශාල ජනතාවක් පන්සල තුල වූහ.
ආගම් කීපයකට අයත් පිළිම, එක ලෑලි තට්ටුවක් මත... |
මැලේසියාවේ රසකැවිලි. මැලේසියානු ජාතිකයන් කුරුල්ලන් මෙන් ඕනෑම වෙලාවක යමක් හැපීමට දක්වන රුචිකත්වය නිසා මෙරට සෑම තැනකම ආහාර විකුණන ස්ථාන තිබෙයි. මග දෙපස රසකැවිලි විකුණන තැන්ද එමට තිබෙයි. |
විහාරයේ පිවිසුම් දොරටුව |
සාමාන්‍යයෙන් මෙරට දමිළ ජනතාව කපුරු මල් රැගෙන කෝවිල් යන්නට කැමතිය. ඔවුන් වෙසක් දිනයේද කපුරු මල් රැගෙන පවුල් පිටින් පන්සල් පැමිණ සිටියහ. ඒ සදහා අවශ්‍ය කපුරු මල් විකුණන්නට තැන්
කීපයකම වෙළද සැල් තිබුනි. දෙමළ ජනතාවට අමතරව මැලේසියානු මුස්ලිම් ජනතාවද පන්සල තුලදී මා දුටුවෙමි. එය මා කලින් කියූ ආගමික සහජීවනය පිළිබද කදිම උදාහරණයකි.
පන්සලට ඇතුලු වෙන තැනම හොදින් ප්‍රදර්ශනය වන ලෙස එල්ලා තිබූ බැනරයකි. පන්සලේ ක්‍රියාත්මක
වන ආධාර වැඩසටහන් පිළිබද එයින් සන්නිවේදනය කෙරිණි. ඊට අමතරව මහා විහාර භූමිය තුලද විවිධ
වෙළදසැල් ක්‍රියාත්මක විය. මේ සියල්ලම එක් අරමුණක් උදෙසාය. දිනෙන් දින මහා විහාරයේ සෙවන
පතන බැතිමතුන් ගනන ඉහළ යන හෙයින් ඒ ඇත්තන්ටත් ප්‍රමාණවත් ලෙස පන්සලේ යටිතල පහසුකම්
දියුණු කිරීමත්, දැනටත් 1500 කට ආසන්නව ඉගෙන ගන්නා දහම් පාසල් දරුවන්ටත්, ඔවුන්ට
ස්වේච්ඡාවෙන් උගන්වන 100 ඉක්මවා ඇති ගුරු මණ්ඩලයටත් පහසුවක් වෙමින්, අමතර පන්ති කාමර, පුස්තකාල ආදිය ඇතුලත් විශාල ගොඩනැගිල්ලක් ඉදිකිරීමත් මේ අරමුණු අතර වෙති. වෙසක් දිනයේ මේ අරමුණට සහාය පලකරමින් මහා ජනකාය අතර පින්කැට අතැතිව සිටි අය අතර අබෞද්ධ අයද විශාල
දෙනෙක් වූහ. මා මේ කියූ දෑ වලට අමතරව තවත් විශාල වපසරියක සමාජ සත්කාර මේ සෙවනේදී
සිදුවෙයි.
මහා විහාරයේ බුදු මැදුර අද අතුරු සිදුරු නැතුව පිරී ඇති සෙයකි. ඒ ඉදිරියේ මහා පෝලිමකි. ස්වේච්ඡා සේවකයන් යුහුසුලුව ක්‍රමානුකූලව ජනතාව බුදු මැදුර තුලට ඇතුලු කිරීම සහ පිටත් කිරීම කරති. ජනතාව
දණින් වැටී බුදු රදුන් නමදිති. අන්‍ය ආගමිකයන් කියා වෙනසක් නැත. ඔව්හුද මහත් භක්තියෙන් බෞද්ධ ජනතාව සමගම මුසුව සිටී. ශ්‍රී ලාංකික ස්වාමීන් වහන්සේ විසින් සියල්ලන් උදෙසා ආශිර්වාද පාඨ
සජ්ජායනය කරති.
පන්සලේ තවත් තැනක බීම දන්සැලකි. තවත් තැනක බත් දන්සැලකි. තවත් තැනක චීන ක්‍රමයේ නූඩ්ල්ස් දන්සැලකි. මේ සියල්ලක්ම නිර්මාංශ ගණයේ ඒවාය. විවිධ රට වලට අයත් බෞද්ධයන් ඒවායේ කටයුතු මෙහෙයවති. පන්සලේ ප්‍රධාන ශාලාව තුල ලේ දන්දීමේ පිංකමක් පැවති අතර ඒ ශාලාවේම පසෙකින් දහම් පාසල් දරුවන්ගේ වෙසක් නිර්මාණ ප්‍රදර්ශනය කර තිබුනි.
බීම දන්සැල සහ බත් දන්සැල |
බත් දන්සැලේ තිරය පිටුපස |
පැනින් පන්සලට පැමිණෙන බැතිමතුන්ට ස්වාමීන්වහන්සේ විසින් ආශිර්වාද කරන ලද දර්ශනයයි.
එය ලංකාවේ අපට හුරු පුරුදු නැති අත්දැකීමකි. සමහර විටෙක මෙය මහායාන බෞද්ධ සම්ප්‍රදායේ
කටයුත්තක් වන්නට බැරි නැත. ඒ කටයුත්ත සිදුවෙන තැනම පසෙකින් බැතිමතුන් වෙත ලබාදෙන පිරිත්
නූල් සැකසීම සිදුවෙමින් තිබුනි. පන්සලට පැමිණෙන සැමටම පිරිත් පැන් බෝතලයක් සහ පිරිත් නුලක්
ලබා දුන්හ. මේ කටයුතු ඡායාරූප ගත කරමින් සිටි සිරා කොලුවාටද මහා ජල ප්‍රහාරයකින් ආශිර්වාද
කරන්නට එතැන වැඩ සිටි චීන පෙනුමකින් යුතු ස්වාමීන් වහන්සේ කාරුණිකව කටයුතු කල සේක.
පිරිත් නූල් සූජානම් කරනා කාන්තා ප්‍රජාව |
බෝ සමිදු අභියස |
දහම් පාසල් දරුවන්ගේ ව්‍යාපෘතියක් |
චෛත්‍ය රාජයාට යටින් පිහිටා ඇත්තේ විවිධ රටවල සම්ප්‍රදායන්ට අනුව නිමවූ බුදු පිළිම වහන්සේලාගේ කදිම එකතුවකි. |
මා හට ලැබුනු පිරිත් පැන් බෝතලය. |
ප්‍රජාව මගේ නෙත ගැටුනි. ඒ අය බහුතරය මැලේසියාවට විවිධ රටවලින් සංක්‍රමණය වූවන් බව ඔවුන්ගේ හැඩරුව අනුව තේරුම් ගත හැකි විය. ඉන් බොහෝ දෙනෙක් මගේ ආධාරයට ලක් විය. එයින් බොහෝ දෙනෙක් වයෝවෘද්ධ අය සහ කුඩා දරුවන් අතැතිව සිටි අයවලුන් වූහ.
බ්‍රික්ෆීල්ඩ් මහා විහාරයෙන් අනතුරුව නැවතත් කේල් සෙන්ට්‍රල් වෙත පා ගමනින් ගොස් දුම්රියට නැගුනු
මගේ ඊලග නැවතුම වූයේ සෙන්තුල් දුම්රිය නැවතුමයි. එය එම දුම්රිය මගේ අවසාන දුම්රිය ස්ථානයද
වෙයි. එහි සිට පාගමනින් සෙන්තුල් පන්සල වෙත යා යුතු වෙයි. දුම්රිය ගමන හමාර කර වේදිකාවට පිවිසි
පසු මා පැමිණි දුම්රිය පදවා තිබුනේ සුරූපී මැලේසියානු යුවතියක බව හදිසියේම දුටිමි. ඇය දෙස මා මොහොතක් බලා සිටියේ සිරා කොලුවා යනු ස්වභාවයෙන්ම සුන්දර දේ අගය කරනා එකෙක් නිසාවෙනි.
1952 වසරේ ඇරඹී ඇති සෙන්තුල් බෞද්ධ විහාරයේද බහුතරයක් දායක කාරකාදීන් චීන ජනතාවම වූහ. බෞද්ධ මහා විහාරයට තරම් විශාල භූමි භාගයක් නැතත් පන්සලක අඩංගු විය යුතු සියලු දේ මෙහි අඩුවක් නැතුව තිබෙයි. එතැනද බුදු මැදුරට පිවිසීමට පෝලිමකි. දෙමළ ජනතාව කපුරු මල් අත දරා සිටිති.
ස්වේච්ඡා සේවකයන් ඒ කටයුතු මැනවින් මෙහෙයවති. ඒ අතර ඇතමෙකු බටහිර රටවල ඇත්තන් වූහ.
බුදු දහම දැන් බටහිර රටවල වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව අන්තර්ජාලයෙන් මෑත දිනයකදී මම කියවීමි.
සෙන්තුල් විහාරය |
බුදුන් වදින විට කියූ ගාථා පාඨයන් සියල්ල චීන ඌරුවට අනුව කියවුනු ඒවාය. ඒවායේ නුහුරු ගතියක්
මට දැනුනි. ඒ සියලු කටයුතු නිමවා පැමිණෙන විට සෙන්තුල් විහාරයේ බත් දන්සැල මගේ නෙත ගැටුනි.
ඒ අතර ව්‍යාංජන බෙදමින් උන් තරුණයෙක් වහා මා හැදිනගෙන බත් කන්නට මා හට ආරාධනය කලේය. හෙතෙම සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකයෙකු වූ නැසීගිය එච් ඩී ප්‍රේමරත්න මහතාගේ පුත්‍ර රත්නය විය.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවයේ නියුතු ඔහු, මා හදුනාගත්තේ ඉකුත් මස මෙහි පැවති අවුරුදු
උත්සවය වාර්තා කරන්නට පැමිණ සිටි අතර තුරයි.මෙවර ඔහු මැලේසියාවේ වෙසක් අසිරිය ලංකාවට සන්නිවේදනය කරන්නට පැමිණ සිටියේය.
ඒ ආරාධනය ඉවත ලෑම නොහොබිනා ක්‍රියාවක් විය හැකි යයි මගේ අක්මාව මා හට සන් කල නිසාම මම නැවතත් බත් කෑවෙමි. නැතුව බඩජාරි කමකට නොවේය. මහා විහාරයේ බත මෙන් නොව මෙහි ව්‍යාංජන රාශියකි. චීන ක්‍රමයට සෝයා මගින් සකසන..බැලූ බැල්මට මාංශයක් මෙන් පෙනෙන ව්‍යාජන කීප
වර්ගයක්ම තිබුනි. ඒ අතරට අපේ රස හොදට දැනෙන සිංහල ක්‍රමයේ අච්චාරුවක්ද විය. මේ අච්චාරුවට
ගස්ලබු හොයන්නට කිලෝමීටර් 100 කට වඩා දුරක් ගිය බවක් ඒ සදහා අනුග්‍රහය දැක්වූ අයෙකු වන
ගාමිණී අයියා සිය ව්‍යාපාරික ස්ථානයේදී වේලාසන දිනක මට කියා තිබුනි.
සෙන්තුල් පන්සලේ එක් තැනකදී මාගේ නෙත ගැටුනේ බුදු පිළිමයක් සුවද පැනින් නහවන බැතිමතුන්ගේ දර්ශනයකි. මමද එයට එක් වීමි. මා සිතනා ලෙසට මෙයද මහායාන සම්ප්‍රදායේ සිරිතක් විය යුතුය.
සෙන්තුල් විහාරයෙන් පිටත් වීමට ප්‍රථමයෙන් පිරිත් නූලක්, පිරිත් පැන් බෝතලයක් සහ ටොෆී 3 ක් අඩංගු පාර්සලයක් සෑම අයෙකු අතරම බෙදා දුනි. මේ සියලු කටයුතු අවසානයේ මා නැවතත් මගේ නවාතැන
වෙත පැමිණෙණ විට සවස් යාමය එළැඹී තිබුනි. තවත් හෝරාවකට දෙකකට පසු සැදෑ අදුර මධ්‍යයේ
බ්‍රික්ෆීල්ඩ් මහා විහාරයේ පෙරහැර ආරම්භ විය. බුද්ධ චරිතය විදහා දැක්වෙන අයුරින් අලංකාරව
සැකසූ රථ වාහන මේ පෙරහැරට කවදත් මනා එළියක් ලබාදෙන බව පෙරහැර වාර කීපයක් නරඹා
තිබුනු ඇත්තන් මා සමග කියා ඇතත් මෙවර ඒ දසුන් සජීවී නෙතින් බලන්නට මට නොහැකි විය.
එදින රාත්‍රියේ ලංකාවේ සහ මැලේසියාවේ වෙසක් අත්දැකීම් සිතින් සංසන්දනය කරමින් නිදි දෙව්දුව වැළදගන්නා අවස්ථාව වන විට දහවල් කාලයේ ගිණි අව්වේ ගමන් කිරීම නිසාවෙන් හටගත් හිසේ
කැක්කුමක් යන්තමින් මෙන් මා හට තනි රකිමින් සිටියේය.
මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.
මම කාමරේ (දොර) අරින සිරා කොලුවා.
(ලිපිය යටින් ලියන්නට අලුත් නමක් යෝජනා කල දූෂකයා වෙත මාගේ නොමද ස්තූතිය. වරහන් තුල ඇති කොටස දූෂකයාගේ යෝජනාවේ තිබුනේ නැත. එය මවිසින් එකතු කලෙමි. කලින් කලට කාමරයේ
විවිධ දේ වෙනස් කිරීම මගේ පුරුද්දකි.)
ප.ලි
වෙසක් පෙරහැරේ ධාවනය වූ රථ වාහන වල ඡායාරූප මූණු පොතේ චීන මිතුරියකගෙනි.
මැලේසියාව අතීතයේ බෞද්ධ රාජ්‍යයක් වුවද වර්තමානයේ මුස්ලිම් බහුතරයක් වෙසෙන රාජ්‍යයකි.
එහෙත් මේ රටේ වෙසෙන් මුස්ලිම් ප්‍රජාව අනෙක් රටවල මෙන් අන්තවාදී අදහස් ඇති අය නොවේ. කැමති ආගමක් අදහන්නට මැලේසියාවේ නිදහස ඇති අතර බොහෝ විට අාගමික සැමරුම් සමග අන්‍ය
ආගමිකයන්ද ඒවා සමරන්නට එක්වෙයි. අනෙකුත් මුස්ලිම් රටවල මෙන් නොව මැලේසියාවේ මුස්ලිම් ජනගහනය එන්න එන්නම සෝදාපාළු වෙමින් පවතී. රටේ මහ ජාතිය ලෙස ඔවුන්ගේ බලය එන්න
එන්නම පිරිහෙන බවක් මා දකින අතර දෙවැනි තැන (සමස්ත ජනගහනයෙන් 34%) සිටින චීන ජනතාව
දිනෙන් දින ඉදිරියට පැමිණෙයි. මෙරට ආර්ථික මර්මස්ථාන බහුතරයක් චීන්නුන්ගේ අතේ පැවතීමත් එයට හේතුවක් විය හැක. මැලේසියාවේ වර්තමාන දියුණුවේ විශාල කොටසක් චීන ජනතාව අතින් ඉටු වී තිබේ.
විවිධ දේ වෙනස් කිරීම මගේ පුරුද්දකි.)
ප.ලි
වෙසක් පෙරහැරේ ධාවනය වූ රථ වාහන වල ඡායාරූප මූණු පොතේ චීන මිතුරියකගෙනි.
මැලේසියාව අතීතයේ බෞද්ධ රාජ්‍යයක් වුවද වර්තමානයේ මුස්ලිම් බහුතරයක් වෙසෙන රාජ්‍යයකි.
එහෙත් මේ රටේ වෙසෙන් මුස්ලිම් ප්‍රජාව අනෙක් රටවල මෙන් අන්තවාදී අදහස් ඇති අය නොවේ. කැමති ආගමක් අදහන්නට මැලේසියාවේ නිදහස ඇති අතර බොහෝ විට අාගමික සැමරුම් සමග අන්‍ය
ආගමිකයන්ද ඒවා සමරන්නට එක්වෙයි. අනෙකුත් මුස්ලිම් රටවල මෙන් නොව මැලේසියාවේ මුස්ලිම් ජනගහනය එන්න එන්නම සෝදාපාළු වෙමින් පවතී. රටේ මහ ජාතිය ලෙස ඔවුන්ගේ බලය එන්න
එන්නම පිරිහෙන බවක් මා දකින අතර දෙවැනි තැන (සමස්ත ජනගහනයෙන් 34%) සිටින චීන ජනතාව
දිනෙන් දින ඉදිරියට පැමිණෙයි. මෙරට ආර්ථික මර්මස්ථාන බහුතරයක් චීන්නුන්ගේ අතේ පැවතීමත් එයට හේතුවක් විය හැක. මැලේසියාවේ වර්තමාන දියුණුවේ විශාල කොටසක් චීන ජනතාව අතින් ඉටු වී තිබේ.
මැලේසියාවට ගිහින් හැබෑවටම වෙසක් බැලුව වගේ දැනුන විස්තරේ කියවනගමන් පිංතූර ටික බැලුවම. මැලේසියාවෙ පෙනුමත් ලංකාවෙ පෙනුම වගේමයි නේද? වැඩි වෙනසක් නෑ වගේ.
ReplyDeleteමෙතන මේ වැඩිපුර ඉන්නෙ දෙමළ ජාතිකයන්...ඒ අයගේ සහ අපේ පෙනුමේ විශාල වෙනස්කමක් නෑ...නමුත් මැලේ ජාතිකයන් ඉතාම පැහැපත්...ඒ අය සහ අප අතර පැහැදිලි වෙනසක් තියෙනවා...මේ මාවතේ තිබෙන වටපිටාව අනුවයි ඔබ ලංකාව එක්ක බොහොම සමානයි කියන්නෙ..නමුත් නගර සැලසුම, ගොඩනැගිලි , සංවර්ධනය ආදිය සළකා බැලුවාම වර්තමාන මැලේසියාව ලංකාවට වඩා සෑහෙන ඉදිරියෙන් ඉන්නෙ.
Deleteඅපූරු අත්දැකීමක් වගේ. ඔන්න ඉතින් මමත් බ්ලොග් එකක් හැදුවා. ඒ පැත්තේත් ගොඩවෙලා යන්න එන්න.
ReplyDeleteවෙලාවක එන්නං බොලාගෙ පකිස් පෙට්ටිය බලලා යන්න...
Deleteෂ! මරුනේ. ස්තුති යි අපිත් එක්ක වෙනස් අද්දැකීමක් බෙදා ගත්තට....
ReplyDeleteස්තුතියි නගා කියවලා යන ගමන් අකරු දෙකක් කොටාගෙන ගියාට...
Deleteලංකාවෙත් පෙරහැරවල් වලට අලි වෙනුවට මැලේසියාවෙ වගේ වාහන යොදා ගත්තනම් කොහොමද?
ReplyDeleteඔය බුදු පිළිම නාවන වැඩේ නම් මම පන්නිපිටියෙ දෙව්රම් විහාරෙදි දැකල තියෙනව මීට අවුරුදු15කට විතර කලින්.
හීලෑ අලි සහ කරඩුව ගෙනියන්නට ඇතකු සොයාගැනීමට කිසිසේත් නොහැකි කාලයකදි එතැනට ඒවි කියලා මට හිතෙනවා....වාහනයක් නඩත්තු කරනවා වගේ නෙමෙයි. අලියෙකු නඩත්තු කිරීම ප්‍රායෝගිකවත් ඉතාම අපහසු කාර්යයක්...ඒ වගේම විශාල ධනයකුත් වැය වෙනවා.
Deleteහරිම ලස්සන විස්තරයක් සිරා. ආගමික සහජීවනය කියන එකට හොඳම උදාහරණයක්. මේ ලිපිය මෙහෙ පත්තරයක පලකරන්න තරම් වටිනවා. බො බ සේ කට්ටිය ඔහෙත් එයිද දන්නේ නැහැ රෙද්ද, නෑ නෑ සිවුර කරේ තියාගෙන එක පුලියේ දමාගෙන අර අන්‍යාගමික දේවල් පන්සලෙන් ඉවත්කරනු කියාගෙන. ආවොත් සිරාගෙ කාමරේට දාගෙන අරින එකයි තියෙන්නේ පෝලිමට.
ReplyDeleteඅර කෝච්චි ඩැයිවර් නෝනගේ පින්තූරයක් ගන්න බරිවුනැයි
මොකද බොල දොර වරහන් ඇතුළේ?
ඇත්තටම සීමා මායිම් දාලා අහුරන වෙලේ බුදුදහමේ සිසිලස හැමටම විදින්න ඉඩකඩ සැලසුවා නම් ඒ ඇත්තන්ටම වැටහේවි මේ ධර්මයේ යථාර්තවාදී ස්වභාවය..ඒ වගේම තියෙන නිදහස...ඒ අයත් කැමැත්තෙන්ම පසු කාලයකදි බුදු දහම වැළදගනීවි.
Deleteකෝච්චි නෝනලගෙ එහෙම පින්තූර ගන්න බෑ...ඒ අය ඉතාම ගරු කටයුතු සේවක කොටසක්...මාව කනෙන් අල්ලලා අනිත් පැත්තට යන කෝච්චියට පැටෙව්වා නම් එහෙම....
වරහන ඇතුලෙ එහෙමවත් දැම්මෙ නැත්තං මගෙ ජාමෙ බේ්රගන්න විදියක් නෑ නොවැ..
අය්යා....මට නම් ඈහෑ ගියේ පන්සලට එන විවිධ ආගමවල ,ජාතිවල අය වගේම ඇඳුම් වල විවිධත්වයයි. ලංකාවෙ පන්සලකට ඔහොම ගියානම් සිද්ධවෙන කචොල් එක හිතාගන්නත් බෑ...සුදු ඇන්දේ නෑ කියල තදින් දෝශාරෝපනය කරන එකේ...!!!
ReplyDeleteඇත්තටම බොට විවේකයක් තියේද බං ඕවයෙ කරක් ගහන්න..?
මොකද බොලං කවදාවත් නැතුව මට අයියා කියලා...බොලා වෙසක් සද යට කාලක් වත් ලග නැමුවද ? මෙහෙ පන්සල් එනවා බං චීන කෙලියො කොටට කොටේ කලිසන් ඇදගෙන...කවුරුවත් මොකුත් කියන්නෙ නෑ....හැබැයි අශ්ශීල විදියට කිසිම කෙනෙක් හැසිරෙන්නෙ නෑ...විශේෂයෙන් පෙම් ජෝඩු.
Deleteනිවාඩු දවසක ඉතින් විවේකයක් තියෙනවා...නැත්තං ඉතිං වෙලාවක් නෑ ගොයියො.
Shaa, ලස්සනට තිබිලනේ වැඩේ, :)
ReplyDeleteඅර හතරවෙනි පරම්පරාවට සිංහල බැරි මොකෝ බං? අම්ම තාත්ත උගන්නල නැතුවද :(
* අයින් කොරහං ඔය (දොර) කෑල්ල,අපි දන්නවනෙ මොකක්ද අරින්නෙ කියල ^_^
හතරවෙනි පරම්පරාවට සිංහල බැරි වෙන්න හේතුව තමයි දෙවැනි පරම්පරාවෙන් තෙවැනි පරම්පරාවට සිංහල ආවෙ භාගෙට වීම. එයිනුත් අඩක් තමයි ඊලග පරම්පරාවට ලැබෙන්නෙ. පාසල් අධ්‍යාපනය සහ සමාජීය ගනුදෙනු වලදි සිංහල භාෂාව භාවිතා නොවීම එයට හේතුවක්. මේ පන්සල් වල දහම් පාසල් අධ්‍යාපනය තනිකරම ඉංග්‍රීසියෙන් ලබා දෙන්නෙ.
Deleteහා කියහං බලන්න මොකක්ද අරින්නෙ කියලා...
දොර බං , :D වෙන මොකක්ද ඉතිං?
Deleteකාමරේ කියල ඕනෙත් නෑනෙ බං, අපි දන්නවනෙ කාමරේ කියල :v :v
ReplyDelete" අරින සිරා කොලුවා " කියල විතරක් දාපං , :P
හරියට හරි ගොළුබෙල්ලා. අරින කොලුවා සිරා මිසක් වෙන කවරෙක්ද? ඒක හන්දා සිරා කියන කෑල්ලත් අයින් කරන්න මම යෝජනා කරනවා. එතකොට අරින කොලුවා.
Deleteකවුද බං දූෂකයා කියන්නේ?
හරිම අපූරු විස්තරයක් සිරා. කොඩියේ හැටියට මම හිතුවේ රාජ්‍ය ආගම මොකක්ද කියලා පෙන්නන නිසා අන්තවාදී ඇති කියලා. කොඩිය හදලා තියෙන්නෙත් අමෙරිකානු කොඩිය ආදර්ශයට අරගෙනලු.
මම දැකපු එකම නොගැලපෙන දේ ප්‍රීති වෙසක් ටී ෂර්ට් එකේ පහන අල්ලාගෙන ඉන්න්න අත්දෙක ටී ෂර්ට් එක ගෑල්ලමයි ඇඳගෙන ඉන්නකොට වැරදි අදහසක් දෙනවා නේද කියලා.
හහහා,ඒක මරු, :P
Deleteඅරින කොලුවා , :D :D
කිව්වත් වාගෙ දැන්නෙ ඒක (වැරදියට) දැක්කෙ ;)
උඹලා නම් කියයි...අරින කොල්ලා දොර වෙනුවට වෙන එකක් අරිනවා කියලා රට්ටු පද හදයි...
Deleteඇමරිකානු කොඩිය ආදර්ශයට අරන් බව නම් ඇත්ත. මේ ලගදි ඔබාමා මල්ලිත් මේ පැත්තට ඇවිත් ගියා...නගරයේ තැන් තැන් වල ඔහුට විරුද්ධව විරෝධතා පවා පැවැත්වුනා. ඒවාට සුදු වෑන් වලින් ඇවිල්ලා ගැහුවෙ නෑ...ටී ෂර්ට් එකේ එහෙම සීන් එකකුත් තියෙනවද ? මම දැක්කෙ නෑනෙ...එහෙනං ගෑල්ලමයෙක් ඇන්දම ලස්සනට තියේවි.
දූෂකයා කිව්වෙ...අපේ දේශකයට...ලස්සන නම නේද මෙයා..
හා ඕකට් ඔහොම තමා කියන්න ඕන...හෙහ්..හෙහ්...දූෂකයා( මොන දූෂකයද බං..?පරිසර දූෂකය වෙන්න ඇති නෙහ්..!!)
Deleteසිරා අපි දන්න ආකාරයට කොලුවෙක් නිසා (හරියටම කියන්නත් බැ තමයි ) කොලුවා කැලලත් අයිකරල දාමු
Deleteහරියටම කියන්න බැරි මොනවද....සිරා කියන්නෙ බෝ පැලයක් වගේ කොලුවෙක්...සැක නම් ඔය වීයාගෙන් අහලා බලන්න.
Deleteසිරා ලාංකික සම්භවයක් තියන අයගේ ඉතිහාසය වර්තමානය ගැන පොඩ්ඩක් හොයලා ලියපන්කෝ,,ස්තූතී ඔහෙ වෙසක් අපිත් එක්ක බෙදා ගත්තට
ReplyDeleteලාංකීය සම්භවයක් තියෙන පිරිසක් සමග මේ දිනවල ආශ්‍රය කරමින් ඉන්නෙ. ඉදිරි දිනයක හැකි වුනොත් ලියන්නම් මිත්‍රයා....
Deleteඅපිටනම් මෙහේ මේ පාර වෙසක් නැතිම ගානයි.. ඒකත් ඉතින් අපේ කට්ටියගේ වැඩ හන්දම තමයි.. කොහොම වුනත් සතුටුයි ලංකාවෙන් බැහැරව වුනත් මේ වගේ වෙසක් සැමරුම් ලංකාවේ වගේම හොදට කෙරෙන එක ගැන..
ReplyDeleteකොහොමත් ඉතාලියෙ වැඩිපුර ඉන්නෙ ක්‍රිස්තියානි භක්තිකයන් නේද ? ඒ වගේ තැනක සුලුවට හරි මෙහෙම දෙයක් කරන්න නම් හොද සංවිධාන ශක්තියක් තියෙන කීප දෙනෙකු අවශ්‍යයි.
Deleteඋඹ මේ විස්තරෙ දැම්ම එක හරි හොද දෙයක්.නොදැන සිටි කරුණු ටිකකුත් දැනගන්න ලැබුන.....
ReplyDeleteබ්‍රික්ෆිල්ඩ් පන්සල ලගම පල්ලි දෙකකුත් තිබෙනව නේද සිරා මල්ලි...?
පන්සල ලගම නම් පල්ලි දෙකක් නෑ...කෙන්ජයියා..පන්සල වටේම තියෙන්නෙ නිවාස...
Deleteසිරෝ කෙන්ජා හරි පන්සලේ එක පැත්තක මායිම් වෙලා තියෙන්නේ පල්ලියකට ..... අර ඔයා පොත් ප්‍රදර්ශනේ පොටෝ එක අල්ලලා තියෙන හෝල් එක ඉවර වෙන පැත්තට ආයෙත් ගිය වෙලාවක බලන්න
Deleteඅඩේ ඒමත් එකක්ද ? ඔය කියන පල්ලිය මම දැකලම නෑනෙ...ඊලග වතාවෙ උවමනාවෙන්ම බලන්නම්...කොහෙද ඉතිං...ඇහැ දුවන්නෙ චීන නංගිලා දිහාවටමනෙ...ඒකයි අවුල...
Deleteසිරා මේ විස්තරය ලිව්ව එක ලොකු දෙයක්.. සෙන්තුල් පන්සලේදි මම දුටු වඩාත්ම සිත් පැහැරගත් දසුන එහි සිටි බහුතරයක් සැදැහැතියන් ඉන්දියානුවන් වීමයි.. බොහෝ අය පැමිණ සිටියේ පන්සලට යාබදව ඇති කෝවිලෙන් නලලේ තබන ලද තිලකත් එක්කමයි.. මාත් මගෙ පවුලේ අයත් විහාරයේ වාඩි වී වතාවත් වල යෙදෙන අතරේ අපට හාත්පසින්ම වාඩිවී සිටියේ ඉන්දියානු ජාතික බැතිමතුන්.. අපූරුව ඔවුන් බොහොමයක් තමා අතට ලැබුණු පොත මගින් පන්සිල් පවා ස්වාමින්වහන්සේලා අනුව යමින් උච්චාරණය කිරීමයි.. ඔවුන් අන් අය සමග පෝලිමේ හිඳ පිරිත් නූල් සහ වතුර ගෙන යන හෙටිත් අර නූල් අත් වල බැඳගන්න හැටිත් මම දුටුවා. මට ඇති උනේ අප්‍රමාණ සතුටක් සහ ඒ වගේම අපේ රට ගැන කණගාටුවක්.. අපේ රටේ සිංහල බෞද්ධ නමින් අළුත් ආගමක් හඳුන්වා දීම නිසා ආගම් අතර යුද්දය ජාතීන් අතර යුද්දයකට මුල පුරමින් තියෙනවා. අපේ රටේ කිසිම විහාරයකට පන්සලකට අන් ජාතීන් ඇතුළුවන එක මේ නිසා වැලකෙනවා. මේ ගැන ලිපියක් ලියන්න ලෑස්තිවෙනකොටයි සිරා මේ කාලෝචිත ලිපිය ලිව්වෙ. බොහොම පින්.. මට පුදුම මේ ලාංකික හිමිවරුම ලංකාවේ හිටියොත් බුද්දාගම සිංහලයින්ට සින්න කර අනිත් ජාතීන් ඉන් ඈත් කිරීමයි.. මේනොයෙකුත් පූහ්ජා විදි සහ යාතුකර්ම බුදු දහම අනුව පැවතීම යයි මා විශ්වාස නොකලත් ඒවායින් සහජීවනයට ලැබෙන සහය අනන්තයි අප්‍රමාණයි
ReplyDeleteසිංහලයා හින්දි දෙවිවරුන් වඳීමට දේවාල හදාගෙන ඒවා පන්සල්වලට යාකරගෙන ඒවා ව්‍යාපාර කරගෙන ඉන්නා අතරේ පන්සල අන් ජාතීන්ට අහිමි කරලා. ලජ්ජයි ලජ්ජයි...
ඔබේ අදහසට හිස නමා ආචාර කරමි. කථාව සහතික ඇත්තකි. මෙවැනි හින්දු බෞද්ධ සහජීවනයක් ලංකාවෙ ඇති හොදම තැනක් පිළිබද මා දනිමි. ඒ නාගදීප බෞද්ධ විහාරස්ථානයයි. එක් පෝය දිනක මා එහි ගිය කල කෝවිලේ කටයුතු අහවර කර සියලුම දමිළ හිතවතුන් නලලේ තැබූ තිලකයන්ද සමග පන්සලට පැමිණ බුදුන් පුදනු මම දුටුවෙමි. නැවත් වතාවක් ජනවාර්ගික අර්බුද ඇති නොවෙන්න මේවා තමයි සරලම ක්‍රම. නමුත් රට කරවන මෝඩ මී හරක්ට මේවායේ වගේ ගනනක් නැති බව නම් ඉතාම පැහැදිලියි. නැතිනම් අන්තවාදී කොටස් වලට වක්‍රව හෝ රාජ්‍ය අනුග්‍රහය ලබා දේවිද ?
Deleteවැදගත් විස්තර ටිකක්, ලෙව වටා වෙසක් !!!!
ReplyDeleteනම වෙනස් කරපු එකත් අවුලක් නෑ හිතට වදිනවා..
ජය වේවා!!!
ස්තුතියි විදානෙ..කොහොමද මෙදා පොටේ දන්සැල් එහෙම, හිතයි බඩයි දෙකම පිරෙන්න කෑවද ? බොටත් ජයම වේවා !
Deleteදැන් වැඩට යන්ඩ ඕනේ. නිවී හැනහිල්ලෙ කියවන්නම්..
ReplyDeleteහොදා හොදා...රාජකාරියට නිසි තැන දෙන්න ඕනෙ...
Deleteසිරා මේකනං සිරාවටම වටින ලිපියක්. මට මැවිලා වගේ පේනවා මේතැන් දැනුත්. ඒත් අපි ආ ගිය වෙලාවේ මේ තරම් සෙනගක් නං හිටියේ නෑ මේ තැන්වල. ආගමික සහජිවනය ඉතා හොදින් පවතින ජනතාවක් ඉන්න රටක් මේක නම්...
ReplyDeleteඔබ ආවෙ ඉතින් සාමාන්‍ය දවස් වල නොවැ...වසරේ වැඩිපුරම සෙනගක් පන්සලට ඇදෙන දවසේ පින්තූර තමයි මේ. ආගමික සහජීවනය හොදින් පවතින නිසාම තමයි...අපිටත් පිටරටක වෙසෙන බවක් සමහර විටෙක අමතක වෙන්නෙ.
Deleteඅපිටත් අලි ඇතුන් යොදා නොගෙන ඒ වෙනුවට අර වගේ නිර්මාණාත්මක යමක් කල නොහැකිද? නැටුම් ආදී සංස්කෘතික අංගයන් සමඟ ඒ වගේ දෙයකින්වත් සත්ව හිංසාව වළක්වා ගත හැකි නම් වටිනවා.
ReplyDeleteඅලියෙක් පාරේ ගෙන යන එක හින්සාවක්ද? සුද්දා බල්ලෝ පුසෝ ඇති කරනවා. බල්ලෝ අරගෙන ජෝගින් යනවා එව සත්ව හිංසා කියලා සලකන්නේ නැහැ බල්ලෝ පුසෝ කියන්නේ ගෘහාශ්‍රිත සතුන් අපේ සංස්කෘතිය අනුව අලියා ක්කියන්නෙත් බල්ලා පුසා වගේ ගෘහාශ්‍රිත සතෙක්. අලියෙක් පාරේ ගෙනියනවට වඩා සත්ව හිංසාව වෙන තැන් තියෙනවා. සංකෘතික අංගයක් කපන්න සැලසුම් කරන්නේ නැතිව මුලින් ඔයිට වඩා දරුණුවට සත්ව හිංසාව වන තැන නවත්වා ගන්න ඕන.
Delete//අලියා ක්කියන්නෙත් බල්ලා පුසා වගේ ගෘහාශ්‍රිත සතෙක්// බුදු අම්මේ. මම අලියෙක් ඇටි කරනවා මැවිලා පෙනුනා.
Deleteහෙට උදේ අලයෙක් ගෙනැත් බලු කූඩුවට දාන්ඩ ඕනැ .!!
Deleteප්‍රියාගෙ අදහස මමත් අනුමත කරනවා...ඔය අලි දුක්විදින නිසාම මම පෙරහැර බලන එක නවත්තලා සෑහෙන කාලයක්...ඒ පිළිබද මම ලිපියකුත් ලිව්වා බොලාට මතක ඇති.
Deleteකළු සිංහලයො....අලියෙකු පාරෙ ගෙනයාමයි...පෙරහැරේ ගෙනයාමයි කියන්නෙ දෙකක්...මා නැවතත් උත්සාහ කරන්නෙ නෑ පෙරහැර තුලදි ඒ සතා කෙතරම් පීඩාවට පත් වෙනවාදැයි කියන්න...ඔබට හැකි නම් මා ලියූ මෙන්න මේ ලිපිය කියවා බලන්න.
@පත්තර මල්ලි,
Delete//හෙට උදේ අලයෙක් ගෙනැත් බලු කූඩුවට දාන්ඩ ඕනැ .!!// ( කතාවට සභාවේ තදින් සිනා )
මේකට යන්න වෙනව කැම්පස් එකක් ගවට. අලියෙක් ඕන නම් ඉතින් කෝට්ටෙට.
කැලණිය කැම්පස් එක ලගට ගියත් අලයෙක් හොයාගන්න පුලුවන්...පෙරහැරේ යන අලි ඉන්නවා කෝට්ටෙ...කොටං අදින උන් තාමත් ගම්බදව හොයාගන්න පුලුවන්...
Deleteඉන්දික අයියා.. හරි හරි බං අලයා නෙවෙයි අලියා..
Deleteමං උඹේම ටෝකක් දෙන්ඩද ??
මං ගාව තිබිල නැතිවෙච්ච පොතක තිබුනා නියම සිංහලෙන් අලියා නෙවෙයි හරි වචනෙ අලයා කියල.. ඇයි අවුල්ද ??
ප්‍රින්ටිං මිස්ටේක් එකක් කියන්ඩ ලැජ්ජයි මචං :D
ලැජ්ජා වෙන්න එපා පත්තරේ...අපි අපිනෙ බං....
Deleteඅපිත් ගිහින් තියෙනවා බ්‍රික්ස් ෆිල්ඩ් පන්සලට. නිස්කලන්ක තැනක්.
ReplyDeleteආගමික සහජිවනය නම් ඇති. නමුත් ජාතියක් ලෙස බහුතර මැලේ ජාතිය චීන ජාතියට අඩු සැලකිලි කියලයි මෙහෙ ඉන්න මැලෙසියන් චීන ජාතිකයින් කියන්නෙ. පනස්ගනන් වල ඇති වුන අරගලයකින් පස්සෙ චීන ජාතිකයින්ගෙ අයිතිවාසිකම් රැසක් අත් හරින්න වෙලා. චීන බසින් උගන්නවන පාසල් වල ඉගෙන ගත්තොත් ජාතික නැෂනල් යුනිවසිටි වලට ගන්නෙ නැහැලු .රැකියා දිමෙදිත් බොහොම අසාධාරණලු .හා හා වෙසක් ලිපියට ඔව්ව මොකටද නෙ. . සිතෙ සැනසීමයි ඕනේ
අක්කා මැලේසියාවට ඇවිල්ලා තියෙනවා කියලා මම දැන උන්නෙ නෑ නොවැ...මැලේ ජාතිය ලොකු පීඩනයකින් ඉන්නෙ...තව දුරටත් මහා ජාතිය ලෙස ඔවුන්ට වැජබෙන්නට නොහැකි තැනට කෙමෙන් කෙමෙන් රට පැමිණෙමින් තියෙන්නෙ. චීන ජන සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩි වෙනවා.
Deleteමෙහෙ ඉන්න චීන ජනතාව චීනයට යන්න කොහොමවත් කැමති නෑ...අඩුම තරමේ සංචාරයකටවත්...මැලේසියාවේ ඉහළම ධනවතුන් 10 දෙනාගෙ ලැයිස්තුවෙ චීන්නු 7 දෙනෙක් පමණ ඉන්නවා...ලාංකික සම්භවයක් තියෙන ආනන්ද ක්‍රිෂ්නන් මහත්තයා එකම දමිළ ජාතිකයා...ඊට අමතරව මැලේ මුස්ලිම් වරු දෙදෙනක් පමණයි මට මතක විදියට ඒ අතර ඉන්නෙ.
චීන ජනතාවට රැකියා සොයාගැනීම එතරම් ගැටලුවක් වෙන්න විදියක් නෑ...මොකද බහුතර ආයතන චීන ජනතාවට අයත් ඒවා. හැබැයි රජයේ රැකියා ලබාදීමේදී නම් මුස්ලිම් ජනතාවට යම් බරතැබීමක් ඇති. බස් රියදුරු / දුම්රිය රියදුරු වැනි රජයේ රැකියා කරන චීන්නු මම දැකලම නෑ.
දෙපාරක්ම ආවා මල්ලි. හැබැයි එතකොට ඔයා එහෙ නැහැ. ආයේ ආවොත් කියන්නම්කො . ඉස්සරහට පුළුවන් වෙයි
Deleteඊළග වතාවෙ නිසැකවම මුණගැසේවි....
Deleteසිරා සිරාවටම ලියපු හොඳ ලියුමක්..ඇයි දොර වරහන් අස්සේ..වරහන් ඇරලාම ඇරියානම් තමයි හරි.
ReplyDeleteප්‍රීති වෙසක්..
ස්තුතියි චෙෆ්....වරහන් ඇරලාම අරින්නම්කො ඉස්සරහා දවසකදි...දැනට මෙහෙම ඇරගෙන යමු. බොටත් ප්‍රීති වෙසක්...
Delete2007 අවුරුද්දේ මම ආපු වෙලේ බ්‍රික්ෆීල්ඩ් මහා විහාරය වැන්දා.. මට මතකයි එදත් පන්සලෙන් අපිට මොනවා හරි කන්න බොන්න එහෙම දුන්නා
ReplyDeleteයකෝ දීපු දේ මොනවද කියලවත් දන්නැතිවද කෑවෙ. :D
Deleteඋඹ මෙහෙ ඇවිල්ලා තියෙන බවක් කලින් කියලා නෑනෙ...හලි හොලා මෙයා...ආව කාරණේ එහෙම කිව්වා නං ඉතිං...2007 මොකක්ද සන්තෑසිය කියලා...
Delete@ ප්‍රසන්න....ඒ දවස් වල නාඩියට ලග පෙනීමේ ආබාධයක් තිබිලා...ඒ නිසා බත් පිගානෙ තියෙන දේ වුවත් දැකලා නෑ...
අපිත් ගියා වගේ දැනුණා...
ReplyDeletethanks Sira...:)
ස්තූතියි පොඩ්ඩි සුදා..
Deleteනියම විස්තරයක් සිරා. ඇත්තටම ලංකාවෙ බුද්ධ ධර්මය එක්ක සිංහල කෑල්ලක් පටලවගෙන ඉන්න හින්ද තමයි මට හිතෙන්නෙ අවුල වෙලා තියෙන්නෙ.
ReplyDeleteදූෂකය කිය්නෙ අර දේශකයටනං ඌ කියන දේවල් කරන්න ගිහිල්ල උඹ අමාරුවෙ වැටෙනව කොල්ලො. :D
ලංකාව පොඩි රටක් උනාට...දැන් දැන් ඉන්දියාවෙ වගේ ආගමික් / වාර්ගික ගැටුම් ඇතිකරවන වාතාවරණයක් තමයි කෙමෙන් කෙමෙන් ඇතිවෙමින් පවතින්නෙ.
Deleteපින්තූරත් එක්ක අපූරු විස්තර ටිකක්...
ReplyDeleteස්තූතියි නගෝ....
Deleteනියමයි සිරා , නිකන් මැලෙසියාවෙ හිටයා වගෙ . ගොඩක් පින් මෙගැන අපිට කිව්වට
ReplyDeleteස්තූතියි සිහින දකින්නො...දවල් සිහින නම් දකින්න නම් එපා...
Deleteසිරා මැලේසියා හිටියත් වෙසක් බලන්න ගිහින් මට ලංකාවේ හිටියත් මේ සැරේ වයිරස් උණක් නිසා ඔලුව උස්සන්න බැහැ
ReplyDeleteඑහෙමද...මම හිතුවෙ දන්සැල් දෙක තුනකින් සප්පායම් වෙලා නිවසේ ඇත්තන් සමග ප්‍රීතියෙන් මේ දින දෙක ගත කරන්න ඇති කියලා.
Deleteඤාති නෙමෙයි ඥාති නේද? නිකමට වගේ කිව්වෙ අමනාප වෙන්න එපා.
ReplyDelete//මා මැලේසියාවේදී සමරන දෙවැනි වෙසක් මංගල්ලය මෙය වුවද ගිය වසරේ මේ කාලය වන විට මා සිටියේ රටේ අගනුවරට කිලෝ මීටර් 240 ක් පමණ දුර, බෞද්ධ පන්සලක් ලග පාත නැති ඉපෝ නුවර නිසා එවර පන්සල් යාමට නොහැකි විය.
//සිරා එහෙ ගිහින් එච්චර කල්ද? අද ඊයෙ වගේනෙ.
//මැලේසියානු ජාතිකයන් කුරුල්ලන් මෙන් ඕනෑම වෙලාවක යමක් හැපීමට
දක්වන රුචිකත්වය නිසා මෙරට සෑම තැනකම ආහාර විකුණන ස්ථාන තිබෙයි// පළැඟැටි තණකොළපෙත්හ්ටො වගේ එව්වත් ත්යෙනවද සිරා..
ඔන්න සිරාට පින් සිද්ධවෙනවා අපිට මැලේසියන් වෙසක් පෙන්නුවට.
වැරැද්දක් පෙන්නුවාම මොකට අමනාප වෙන්නද හරී...මම ඉතාම සතුටුයි ඒ ගැන...
Deleteමම ඉතින් රට පැටවුනේ වෙසක් මාසයට මාස දෙකකට කලියෙන් නිසා තමයි මේ වෙද්දි වෙසක් පොහෝ දින දෙකක්ම පහු වුනේ.
මෙහෙ ඇත්තටම තණකොල පෙත්තො /පලගැටියො වගේ දේවල් නෑ..ඒවා සහ සර්පයෝ මැලේසියාවේ අසල්වැසියන් වන ඉන්දුනීසියාවේ ආහාරයට ගන්නවාලු. මෙහෙ චීන ජාතිකයන්ගේ ආහාරය උදෙසා ටැංකි වල බහා පණ පිටින් තබාගෙන සිටින විශාල ගෙම්බන් විශේෂයක්නම් සිටිනවා.
හොදම විස්තරයක් වෙසක් සම්බන්ධව මං කියවපු.. නොරට නොලිය අපට මේව බලන්න සැලැස්සුව පිනම ඇති නෙව...
ReplyDelete(ඒ උපාසකම්ම කෙනෙක්ද කොහෙද)
ලංකාවෙත් මේ වගේ ආගමික සහජීවනයක් හදන්න නං තව කල්ප ගානක් යයි ඈ...
ඒක නෙවී ලංකාවෙ පිරිත් මණ්ඩපේ චාරිත්‍ර වලට ගැහැණු අය සහබාගි වෙන්නෙ නෑ නේද...
මං එහෙම ඇහුවෙ ගැහැණු අය පිරිත් නූල් හදන හිංද
අපේ රටේ ඉතින් පාලකයන්ගේ ඉදලා ආකල්පමය වෙනසක් අවශ්‍යයි ආගමික සහජීවනය වැනි කාරණයක් සාක්ෂාත් කරගන්න නම්...
Deleteමෙතැනි මේ තියෙන්නෙ පිරිත් මණ්ඩප්පයක් නෙමෙයි. පිරිත් මණ්ඩප්පයකදී පිරිත් කරන ලද නූල් බැතිමතුන්ට ලබා දීමට වෙන් කරන අවස්ථාවක් තමයි ඒ පින්තූරෙන් දැක්වෙන්නෙ.
අර කොම්පීතරේ උඩ තියන බෝතලේ ආයෙත් සූම් කරල බැලුව පිරිත් පැන් මද කියල :D
ReplyDeleteබොහොම අගේ ඇති විස්තරයක් මස්සිනා. බොහොම ස්තූතියි. !!
ඒක කොම්පීතරේ ලග තියලා ගත්තෙ පිටිපස්සෙන් වැටෙන එළියත් එක්ක ලස්සනට පෙනේවි කියලා හිතුන නිසා...මම එදාම ඒ බෝතලේ බීලා බැලුවා...සාමාන්‍ය ජලයම තමයි...ලංකාවෙදි නම් පොඩි හරි වෙනසක් තියෙනවා නොවැ...
DeleteNiyamai. Math enna hithan inne thawa masa kipayakin oya paththata. Dan thawath asawa wadi una. Jaya wewa.....
ReplyDeleteබොහොම සන්තෝෂයි...ඔබ මෙහෙට එන්නෙ රැකියාවක් සදහාද ? නැතිනම් අධ්‍යාපනය සදහාද ? සංචාරක වීසා මගින් රැකියාවක් හොයන්න එනවා නම්...මැලේ රාළ ලියන බ්ලොග් එක කියවන්න...ඔබට වැදගත් දේ එතැන තියෙනවා.
Deleteලස්සන විස්තරයක්. මම මැලේශියාවට ගිහින් නැහැ. ඒ උනත් එහෙ ගියා වගේ දැනුනා..ඔබට ගොඩක් ස්තුතියි.දෙමල අයට (හින්දුන්) කිසිම් ගැටළුවක් නැතිව පන්සල් වලට යන්න පුළුවන්.මොකද ඒ අය අදහන විෂ්ණු දෙවියන් වේෂ 10කින් (අවතාර) මේ ලෝකයට පහල උනා කියල ඒ අය විශ්වාශ කරනවා.අපේ බුදුන් ඒ අය කියන්නේ විෂ්ණු දෙවියන්ගේ 10වන අවතාරය කියලා. ඒ නිසා හින්දු දහම අදහන දෙමල අය පැකිලීමකින් තොරව පන්සල් වලට යනවා.වතාවත් කරනවා. ඉන්දියාවේන් මෙහි ආ මගේ හින්දු යහළුවන් (උතුරු ඉන්දීය මෙන්ම දකුණු ඉන්දීය අයද එහි සිටියා) සමග දළදා මාලිගාවට ගිය අත්දැකීම මට මතකයි. ඒ අය බොහොම භක්තියෙන් වන්දනා කල අතර ක්‍රිස්තියානි සහ මුස්ලිම් යහළුවන්ට එය සංචාරයක් විතරක් උනා.
ReplyDeleteඑබැවින් සිදධියක මතුපිට පමණක් දැක මතයකට එළඹීම සුදුසු නැති මා සිතනවා.
මගේ දකුණු ඉන්දියන් යාලුවා ගෙදරත් බුදු පිළිමයක් තියන් ඉන්නවා.
Deleteලංකාවෙත් හැම දෙමළ තෝසෙ කඩේකම, තොග කඩේකම වගේ බුදු රූප තීනව.
Deleteනොදන්න දෙයක් කියා දුන්නට ස්තූතියි සමරසේකර උන්නැහේ...ඔය දශ අවතාර කථාව මම නම් කලින් දැන් උන්නෙ නෑ. කොහොමත් බුද්ධාගමට සමීපතම ආගම හින්දු ආගම කියලයි කියන්නෙ.
Deleteමගේ සමහර දෙමළ යාලුවො ඉස්සර මා එක්ක කියලා තියෙනවා...ලංකාවෙ සමහර කෝවිල් ඇතුලෙ බුද්ධරූප තියෙනවා කියලා....
එල එල
ReplyDeleteසෑහෙන්න මහන්සි වෙලා කොටපු කමෙන්ට් එකක්....එලම තමා...
Deleteසිරා,
ReplyDeleteසාරු සාදු වගේ අය ඔය රටේ නැති එක පාඩුවක්. බලහන්, පන්සල් ඇවිත් තීන්නෙ පාට ඇඳුම්, කොට ගවුම් , කොටකළිසං ඇඳල. ඔහොම කොහොමද මල්ලි සාසනේ රැකගන්නෙ. මං හිතන්නෙ නෑ ඔය මිනිස්සු බෞද්ධ කියල.
අනික ඉතින් අල්ලපු තායිලන්තෙ අලි ඉන්නව බල්ලො ගානට. ඒ වෙලත් පෙරහරට අලියෙක් නැතුව වාහන දාපු ඔව්ව බෞද්ධද වැඩද බං?
මට නං සිරා කිසිම පැහැදීමක් ඇති උනේ නෑ ඔය වැඩ දැකල. පුලුවන්නං ප්ය ඇත්තොන්ට අපී ගංගරාමෙ පෙරහරයි අලි තියාගන්න විදියයි බලල යන්න එන්න කියාහන් හෙටානිද්දට.
ඇත්ත ඇත්ත...කොහෙද මේ රටේ නායකයො අපේ වගේ නෙමෙයිනෙ...ප්‍රාදේශීය දේශපාලකයෙක් හරි මුලිච්චි උනොත් මම කියන්නම් ලංකාවෙන් ආදර්ෂ අරගෙන හැදෙන්න බලන්න කියලා.
Deleteමම දැක්කා ලංකාවෙ පන්සලක දැන්වීමක් තියෙනවා...කපොල් විදියට ආවට කමක් නෑ...වෙන වෙනම ගිහින් බෝධිය වදිනු සොදා කියලා....ඒ ක්‍රමයත් මේ අයට දන්වන්න ඕනෙ.....
මෙහෙ චීන කෙල්ලො අන්තිම කොටට ඇදගෙන ආවත්...කවදාවත් අශිශීල හැසිරීමක් මම දැකලම නෑ. උන්ගෙ විනය ඉතාම ඉහළයි...අපේ කපොල් ඉතින් පන්සල කියලා බලන්නෙ නෑ නොවැ....ඒ හින්දමනෙ වැඩි ප්‍රමාණයක් කපොල් පන්සල් යන්නෙත්...
පට්ට විස්ත්රයක්නේ බොලව් ..සිරා ඉන්නෙත් මැලේසියාවේද එතකොට ...?
ReplyDeleteනෑ ඉවාන්...මම ඉන්නෙ මැලේසියාවෙ....:D
Deleteඅනේ අනේ මේ දෙන්නා,, බස්සිගේ එකේදී අද තමයි සිරා අයියා ඉවාන් අයියගේ නම දැනගත්තේ,, ඉවාන් අයියා අද තමයි සිරා අයියා ඉන්න රට දැනගත්තේ.
Deleteඔය ඉවානයා දන්න උලව්වක් නෑ !!! ඕකනෙ මං හැමදාම කියන්නෙ.
Delete@ සිරා - අඩේ ඇත්තද බං මම හිතුවේ උඹ ඉන්නේ මැලේසියාවේ කියලා :D
Delete@ ඔමායා - ඔව් බං සිරාවටම මම හිතුවේ සිරා ඉන්නේ මැලේසියාවේ කියලා
@ පල යන්න වල් පත්ත්රයා මං දන්නවා උඹනම් මිනිහකුට ආශ්‍රය කරන්න තියා ,ළඟ ඉන්දගන්න්වත් හොඳ එකෙක් නෙවෙයි කියලා ...ලඟින් ගියොත් ඈස් දෙකම නෑ
ඇත්තද ඉවාන්...උඹ හිතුවෙ මම ඉන්නෙ මැලේසියාවෙ කියලද...උඹට වැරදිලා බං....මම ඉන්නෙ මැලේසියාවෙ...
Deleteපත්තරයා ගැන නම් කියලා වැඩක් නෑ...ඕකා ලගින් ගියොත් ඇස් දෙකයි, වම් කනයි ඔක්කොම නැතුව යනවා...
ඇඩෝව් දැන් ඉතින් මම ගහපු පොටෝ ටික තම්බලා වතුර බොනවා ............
ReplyDeleteආ උබට මැලේසියාවේ ක්වලාලම්පුර්වල තොටළඟ හන්දියේ ගහපු වෙසක් තෝ රනේ පොටෝ දාලා නැනේ... මම ඒ ටික දාලා පොසන් එකට ඉස්සෙල්ලා පොස්ටුවක් දාන්න
අඩේ මැලේ රාළෙ...බොට මක්කෙයි උනේ හැබෑට..පන්සලේ දන්සැලෙන් බඩ පැලෙනකං කාලා කෑම අජීර්ණයක් / වාත වේදනාවක් / බඩ පිපුමක් / ශබ්ද නගා වාතය පිටවීමක් වගේ දරුණු රෝගයක් වත් වැළදුනාද ?
Deleteතොරණෙ විස්තරේ අරන් පොසොන් එකට කලියෙන් ඔයා එනවමයි නේද...මට ෂුවර් නෑ...
ආ බං මැලේ දැන් එතකොට උඹත් ඉන්නේ මැලේසියාවේද?
Deleteමේ මොකෝ බන් ඉවානයට වෙලා තියෙන්නේ පත්තරයා අල්ලාගෙන නෙලලා වත්ද උතුර දකුණ මාරු වෙන්න
Deleteඅඩේ පත්තරයා ගහලද එතකොට ඉවානයට....වළිය නැගලම යනවද ? ඔලුවට මැහුම් කීයක් දාලද ?
Deleteහරි අපූරු විස්තරයක්. ලෝකයේ රටරටවල වෙසක් සැමරීම අපූරුව ආකාරයෙන් කරනවා. ගනා විස්තරයට වටින පිංතූර ටික. අපිත් මැලේසියා ගියා වගේ.
ReplyDeleteස්තුතියි දයානන්ද අයියා... ලංකාවෙ බොහොම දෙනෙක් හිතන්නෙ මැලේසියාව මුස්ලිම් රටක් කිව්වම අරාබිකරයෙ රටක වගේ නීති රීති ඇති කියලා...එය එහෙම නෙමෙයි කියන්නත් මට උවමනාව තිබුනා...
Deleteකියලා වැඩක් නැහැ ,නියමයි, මේ දැක්කමයි ලංකාවෙන් පිට වෙසක් මේ විදියට තියෙනවා. ඒ වෙනුවෙන් ඔයාට ස්තුතී. අපි පිට රටක ඉද්දි ඒ රටේ දේවල් ලියන එක කොච්චර වැදගත්ද කියලා හිතෙනවා, මේවා දකිද්දී මගෙත් ලියන්න පුරෝගෙන ඉන්න දේවල් ලියන්න හිතෙනවා ඉබේම, ස්තුති
ReplyDeleteබොහොම ස්තූතියි...නගෝ....මැලේසියාවෙ චීන ජනතාව හිටිය හින්දම තමයි අපිට මේ විදියට වෙසක් සමරන්න අවස්ථාව උදා වෙලා තියෙන්නෙ. මෙහෙ බෞද්ධ පන්සල් වල අපේ හිමිවරු වැඩ සිටියත් සමහර චාරිත්‍ර ලංකාවට වඩා වෙනස් නිසා වෙනසක් දැනෙනවා.
DeleteSome of these photos are in gossiplankanews.com
ReplyDeleteTake it easy man....I was the person who sent those photos to Gossip Lanka
Deleteeeka misak !
Deletehttp://www.photo.gossiplankanews.com/2014/05/vesak-in-malaysia.html
ReplyDeleteyep..I saw that photos....it was sent by me....
Deleteයකෝ බලාගෙන ගියාම ලංකාවේ මොන වෙසක්ද Malaysia නේ වෙසක් තිබිල තියෙන්නේ.
ReplyDeleteබොලා ඉන්නෙ අරාබි රටකද ? ඔය පැත්තෙ වෙසක් කියලා, ආශාවකට බලන්න වෙසක් කූඩුවක් වත් නැද්ද බොලං..
Deleteසිරා.....ආගමික සහජීවනය එදා ලංකාවේ අපි දැක්කා. පන්සලට ඇවිත් මල්පූජා කරන හින්දුන් මෙන්ම කෝවිල් යන බෞද්ධයෝ හිටියා. ඒ සහජීවනයේ සංඛේත. වැන්දෙ නැතත් ඇවිත් හාමුදුරුවෝ එක්ක කතාබහ කරකර ඉන්න මුස්ලිම් මිනිස්සුත් හිටියා. උත්සවවලදි මුස්ලිම් පල්ලියේ බෙදන කංජි බොන්න යන බෞද්ධ්යෝ හිටියා. කතෝලිකයෝත් එහෙමයි. පොඩ්ඩ පොඩ්ඩ අපි දැන් එකිනෙකා ඈත්වෙන තත්වෙට ඇවිත්. මේවාට උල්පන්දම් දෙන අය මිනිස් වෙසින් ඉන්න මළ පෙරේතයෝ.
ReplyDeleteඅන්න ඒ සහජීවනය නිසා තමයි සිවිල් යුද්ධය ඇරඹෙන්න කලියෙන් උතුරේ සිංහලයා සහ දමිළ මිනිසා එක පවුලෙ උන් වගේ සමගියෙන් හිටියෙ...එහෙත් අවස්ථාවාදී , දූරදර්ශී භාවයක් නැති දේශපාලුවෝ සහ..පටු වාසිතකා ජනතාව මුලා කල දෙමළ / සිංහල ප්‍රාදේශීය නායකයන් අද අපි අත්දකින විරසකයට පාර කැපූවෝ වෙති. මේ යන විදිය සුභ නැත. අළුයට ගිණි පුපුරු එලෙසමය.
DeleteA fellow blogger gave me the link to your post after seeing my post on vesak in Thailand ( http://trailsandstrings.blogspot.com/2014/05/visakha-bucha.html ). I have been to Brickfields several times but I never knew that a Buddhist vihara is located there. How come? I should look for it next time. Thanks for taking the readers through the whole experience. Well written. Keep it up.
ReplyDelete