ලංකාවේ සංචාරකයන්ට අමතරව පකිස්ථානයේ සිට මැලේසියාවට පැමිණෙන සංචාරකයන් බහුතරයක් අපේ ආයතනයේ සේවය ලබාගන්නේ පාකිස්ථානු ඒජන්තයන් කීප දෙනෙකුම අප සමග ගිවිසුම් ගතව සිටින හෙයිනි.
පසුගිය වසරේ අග භාගයේ සිට පකිස්ථානු විශේෂඥ වෛද්‍යවරු පිරිසක් මැලේසියාවට පැමිණෙන බවත්, ඔවුන් දින දෙකක් පුරාවට මෙහි සම්මන්ත්‍රණයක් පවත්වන බවත් මා හට වටින් ගොඩින් අසන්නට ලැබුනි. සංචාරකයන්ගේ කටයුතු සමග සෘජු ගණුදෙනුවක් මගේ වෘත්තියට අදාළ නැති නිසා මෙලෙස එන යන අය සමග මට කිසිදු ඇසුරක් නැත. එහෙත් නොසිතූ විරූ ලෙස මේ සම්මන්ත්‍රණ භූමියේ සිට අප ආයතනය වෙනුවෙන් ඒ කටයුතු සම්බන්ධීකරණය කරන්න ලැබීම මගේ ජීවිතයේ මා ලද අමතක නොවන අත්දැකීමකි. වෙසක් දිනය උදාවෙන්නට ප්‍රථම මෙය පවත්වනු ලැබූවත්...එය කාමරේ දොර ඇර අකුරු කරන්නේ අදයි.
ඔයාට පුලුවන්ද ඉරිදයි සදුදයි පොඩි වැඩක් කරන්න.
සිකුරාදා දිනක සේවය නිමවී නිවසට යාමට ප්‍රථම ආයතන ප්‍රධානියා මගෙන් විමසුවේය.
කියන්න බොස්.....මම පැවසීමි.
ඉරිදයි, සදුදයි ෂෙරටන් හෝටලේ දොස්තරවරුන්ගෙ සම්මන්ත්‍රණයක් තියෙනවා. එතැනට ගිහින් අපේ ආයතනය සපයලා තියෙන දේවල් හරියට ක්‍රියාත්මක වෙනවාද කියන එක හොයලා බලන එකයි....සම්මන්ත්‍රණයෙ ෆොටෝ ටිකක් ගන්න එකයි තමයි ඔයාගෙ වගකීම. කෑම බීම සියල්ල හෝටලෙන්. උදේ ඉදන් හවස් වෙනකං එතැන ඉන්න අවශ්‍යයි. මම මේ වැඩේට වෙනම ගානක් මේ මාසෙ පඩියට එකතු කරන්න කියන්නම්. කැමතිද ? ඔයාට කා එක්කද වැඩ කරන්න පහසු...ආයතන ප්‍රධානියා යෝජනා කල නම් කීපය අතරින් අප නිවසේ මගේ කාමරයට යාබද කාමරයේ සිටින මා මිතුරා තෝරා ගතිමි. ඔහුද ලාංකිකයෙකි.
ලංකාවේදී බොහෝ වෙලාවට අතින් කා හරක් බලා ඇති මට මෙවැනි වටිනා කියන අවස්ථාවකදී බෑ කියන්නට හේතුවක් නැත. ඉරිදා දිනයේ දහවල් වන තුරු දපාගෙන සිට කාමරයට වී මනෝපාරක් ගසනවාට වඩා ක්වාලාලම්පූර් අගනුවර ප්‍රමුඛම තරු 5 හෝටලයක් වන ෂෙරටන් ඉම්පීරියල් වෙතින් සප්පායම් වීමම කෙතරම් අගනේද ? අමතර ආදායමකුත් ලැබෙන එකේ මම දෙපාරක් නොසිතාම යෝජනාවට එකග වුනෙමි.
වෙනදා වගේම කාලය ටික් ටික් හඩින් ගලා ගොස් ඉරිදා දිනයටත් එළැඹුනේය. එදින උදෑසන මහත්වරුන් ලෙස සැරසී හෝටලයට ගිය අප දෙදෙනා, හෝටලයේ ඇත්තන් උණුසුම් ලෙස පිළිගෙන සම්මන්ත්‍රණය පැවැත්වෙන ස්ථානයට යොමු කලහ. එතැනදී මගේ අතට ලැබුනේ වෘත්තීය මට්ටමේ කැමරාවකි. මගේ මලයා වෘත්තීය කැමරාකරුවෙකු වුවද ඒවායේ භාවිතය ගැන මා දන්නා ලබ්බක් නැත. මා වහා ඔහු අමතා උපදෙස් කීපයක් ලබා ගතිමි. එයින් අනතුරුව කැමරාව අතට හුරුවන තෙක් හෝටලයේ විසිතුරු සහ සම්මන්ත්‍රණය කළමනාකරණය උදෙසා අප ආයතනය විසින් තෝරාගෙන සිටි තවත් ආයතනයක සේවක පිරිස අතර සිටි චීන නංගිලා දෙදෙනා ෆෝකස් කලෙමි.
මේ තියෙන්නෙ ෆෝකස් කරපු එකක්...චීන නගාලා දෙන්නා හැර අනෙක් අය පකිස්ථානුවන්ය. |
උදෑසන 10 කණිසම වන විට වෛද්‍යවරුන් සහ වෛද්‍යවරියන් සම්මන්ත්‍රණ භූමියට පැමිණ සිටියෝය. පකිස්ථානු වෛද්‍ය වරුන් පිරිසක් අපේ අපේක්ෂාව වුවද එහි බංග්ලාදේශය, මැලේසියා, සිංගප්පූරු, තායිවාන්, ඉන්දුනීසියා, ඉන්දියා, හොංකොං, තායිලන්තය වැනි රටවලට අයත් වෛද්‍යවරුන්ද වූයෙන් මෙය ජාත්‍යන්තර මට්ටමේ කාර්යයක් බව මගේ අක්මාවට දැනුනි.
සම්මන්ත්‍රණයට පැමිණි වෛද්‍යවරු සමරු සටහන් තබමින් |
TB (Tuberculosis)නම් රෝගයෙන් වැඩියෙන්ම පීඩා විදින රටවල් 3 ක් තම අත්දැකීම් අනෙක් රටවල් සමග බෙදාගැනීම මේ සම්මන්ත්‍රණයේ අරමුණ බව සදහන් පුවරු තැන තැන විය.මේ රෝගය ලංකාවේත් තියෙනවාදැයි මමත් මගේ සගයාත් කල්පනා කලේ මෙයින් ලබාගත හැකි යම් තොරතුරක් ලංකාව වෙත අපනයනය කිරීමේ අරමුණිනි. නමුත් මේ කථා කරන්නෙ ක්ෂය රෝගය පිළිබදව බව අප වටහාගත්තේ සම්මන්ත්‍රණය නිම වී දින කීපයක් ගත වූ පසුව වීම විශේෂයකි. ඒ වග පසුවට කියමි.
සම්මන්ත්‍රණයේ පළමු දිනයේදී විවිධ රටවලින් පැමිණි වෛද්‍යවරු, ක්ෂය රෝගය පිළිබද ඔවුන්ගේ අත්දැකීම් සහ දැනුම සභාවට ඉදිරිපත් කලහ. තම තමන්ගේ රටවල පිහිටීම, විශාලත්වය, රෝගීන්ගේ සංඛ්‍යාව, රෝගීන්ගේ ව්‍යාප්තිය, ඔවුන් හදුනාගන්නා ආකාරය, ප්‍රතිකාර ක්‍රම මෙයට අයත් විය. සෞඛ්‍ය සායන වල ප්‍රගතියද එයටම අදාළ විය. මෙවන් විටෙක සභාවේ සිටින සෙසු වෛද්‍යවරු විවිධ ගැටලු ඔවුන් වෙත යොමු කලහ.
ඉන්දුනීසියානු වෛද්‍යවරියක් තම රටේ තත්වය සභාවට ඉදිරිපත් කරමින් |
මේ සම්මන්ත්‍රණයට සහභාගි වූ අති මහත් බහුතර වෛද්‍යවරුන් වසර 10 කට වඩා ක්ෂය රෝගය සමග ගැටුන, පශ්චාත් උපාධියද සමත් අයවලුන් වූහ. ඒ අතර බහුතරයක් මහාචාර්ය වරුන් ලෙස කටයුතු කරන්නෝය.
මේ රෝගය වැළදී ඇතැයි හදුනාගන්නා රෝගියෙකු වෙනුවෙන් මාස 6 ක් හෝ මාස 8 ක් එක්දිගටම ප්‍රතිකාර කිරීමෙන් ක්ෂය රෝගය වැලදීමට ඉවහල් වන Mycobacterium tuberculosis නම් බැක්ටීරියාව අඩපණ කල හැකි බව වෛද්‍යවරුන්ගේ කථා බහ තුලින් මම දැන ගතිමි. රෝගය හැදින්වීමට TB ලෙස භාවිතා කරන්නේ එම රෝගය ඇතිකරන බැක්ටීරියාවේ කෙටි යෙදුම ලෙසයි.
ක්ෂය රෝගය යනු බැක්ටීරියාවක් හේතුවෙන් වැළදෙන ලොව ඇති පැරණිම රෝගයකි. ඊජිප්තුවේ ඇතැම් මමී අතර මේ රෝගය වැළදුන අයද සොයාගෙන ඇති බව කියවෙයි. පපුවේ ඇති වන වේදනාවත්...නිරන්තර කැස්සත්, කැස්ස සමග ලේ පිටවීමත් මේ රෝගයේ මූලික අවස්ථාවේ රෝග ලක්ෂණ වෙයි. මේ බැක්ටීරියාවෙන් වැඩියෙන්ම බැටකන්නේ මිනිසාගේ පෙණහළුයි. ඊට අමතරව මධ්‍යම ස්නායු පද්ධතියත්, වසා පද්ධතියත්, රුධිර සංසරණ පද්ධතියත් රෝගය හමුවේ ක්‍රම ක්‍රමයෙන් අඩපණ වෙයි.
එම හේතු නිසාම දීර්ඝ කාලීනව ප්‍රතිකාර නොලැබූ ක්ෂය රෝගීන් ශරීරයේ බර අඩු වීම, අධික ලෙස කෘෂ වීම, සුලු වැඩක නියැලුනත් අධික තෙහෙට්ටුවක් දැනීම ආදියට ලක් වෙයි. තවත් කල් ගිය තැන ඇවිදින ඇටසැකිල්ලක් බවට පත්වන මේ රොගීන් ඇවිද යාමට නොහැකිව අවසානයේ එකතැන් වෙයි.
ක්ෂය රෝගයේ උච්චතම අවස්ථාව |
මේ වන විට ලෝකයේ වැඩියෙන්ම ක්ෂය රෝගීන් සිටින රට පකිස්ථානයයි. දෙවැනි තැන සිටින්නේ ඉන්දුනීසියාවයි. තෙවන තැන පිලිපීනයට හිමි වී තිබේ. මේ රටවල් ත්‍රිත්වයේ එකමුතුවෙන් මේ වැඩසටහන පැවැත්වීමේ වාසිය වූයේ ක්ෂය රෝගය සමග ගැටීමේදී ඔවුන් ලද අත්දැකීම් අනෙක් රටවල වෛද්‍යවරුන්ට ලෝබ කමකින් තොරව බෙදා දුන් හෙයිනි.
එකම රෝගයක් උදෙසා වුවද රටවල් අනුව මෙන්ම වෛද්‍යවරයාගෙන් වෛද්‍යවරයාට දැනුම වෙනස් වන බව පැහැදිලිව මේ සම්මන්ත්‍රණය තුල දක්නට ලැබුනි. එක් පකිස්ථානු විශේෂඥ වෛද්‍යවරයකු මාස 8 ක් ප්‍රතිකාර කර රෝගියෙකු සුවකල කථාවක් සභාවට ගෙනහැර පෑවේය. සභාවේ සිටි සෙසු වෛද්‍යවරුන් ඔහුගෙන් විමසා සිටියේ ඒ සදහා භාවිතා කල ඖෂධ වර්ග පිළිබදවයි. එහිදී ඔහු දැක්වූ එක් ඖෂධයක් සභාවේ දැඩි මතභේදයට ලක් විය. දිගින් දිගටම සුහද මට්ටමේ වාද විවාද ඇති විය. අවසානයේ ගැටලුව මහාචාර්ය වරයකු වෙත යොමු විය. එතුමා ගත් කටටම කීවේ....මාස 8 ක් මේ බෙහෙත් වර්ගයෙන් ප්‍රතිකාර ලැබූ රෝගීයා මළවුන් අතරට එක්නොවී සුවවූයේ ඔහුගේ වාසනාව හොද නිසා බවයි. ඔහුගේ අදහස අනුව ඒ ඖෂධය එක දිගට මාස දෙකක් පමණක් භාවිතා කිරීමට සුදුසු එකකි. වෛද්‍යවරුන්ගේ වැරදි ප්‍රතිකාර නිසාවෙන් මිය යන අපේ රටේ රෝගීන්ගේද පසුබිමේ ඇතැම් විටෙක ඇත්තේ මෙවැනි කථා විය හැක.
වැරදි බෙහෙතක් හෝ ලබා දී රෝගියා ගොඩ දැමූ වෛද්‍යවරයා |
සම්මන්ත්‍රණයේ පළමු දිනය විවිධ රටවල වෛද්‍යවරුන් තම අත්දැකීම් සභාවට දැනුම් දීමට වැය කලහ. ඔවුන් වේදිකාව මතට පැමිණෙන විට පසෙකින් ඇති තිරයේ ඔවුන්ගේ උගත්කම සමග තනතුරු නාමද පෙන්වයි. ඒ සෑම විටකම PhD යන අකුරු තුන නොවැරදීම තිබුනේය. ඔවුන්ගේ කථා බහ අවසන් කල පසු ප්‍රශ්න ඇසීමේ වාරයක් තිබුන අතර දේශන පැවැත්වූ සියල්ලෝ ඒවාට පිළිතුරු දුන්හ.
දේශනය අතරතුර ගැටලු ඉදිරිපත් කරමින් |
ගැටලු වලට පිළිතුරු දුන් මහාචාර්ය වරුන්ගෙන් කීප දෙනෙක්...මහාචාර්යවරිය පකිස්ථානයෙනි. |
දිවා ආහාර විවේකයේදී මෙන්ම තේ විවේකයේදීද මේ වෛද්‍යවරු රැසක් සමග සුහදව කථා බහ කරන්නට අපට හැකි විය. ඔවුන් සියල්ලෝම ඉතාම සුහද මිනිසුන් වූහ. ලද හැම විටෙකම විහිළුවෙන් තහළුවෙන් කාලය ගත කල මොවුන් ඡායාරූපකරණයේදී අපට මහත් සහායක් ලබා දුන්නෝය. මෙවන් ජාත්‍යන්තර මට්ටමේ උගතුන් පිරිසක් සමග මෙවැනි වැඩසටහනකට දායක වෙන්නට ලැබීම පිළිබද මගේ සිත අපමණ සතුටට පත් වී තිබුනි.
පිලිපීනයෙන් පැමිණි වෛද්‍ය කණ්ඩායම |
පළමු දිනය නිමාවට පත්වූයේ සම්මන්ත්‍රණයට සහභාගි වූ සියලුම දෙනා කණ්ඩායම් ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුවයි.
මේ සම්මන්ත්‍රණයේ දෙවැනි දිනය යොදාගෙන තිබුනේ පළමු දින දැක්වූ කරුණු අනුසාරයෙන් තීන්දු තීරණ වලට එළැඹීමත්...මහාචාර්ය වරුන්ගේ දේශන කීපයක් උදෙසාත්ය. සම්මන්ත්‍රණය තුල කථා බහ කෙරුනු කාරණා අනුව සෑම රටකටම පොදු වූ ප්‍රතිකාර ක්‍රමයක් තීරණය කිරීම, එකම වර්ගයේ ඖෂධ සෑම රටකම භාවිතා කිරීම වැනි කාරණා එලෙස තීරණය වූ ඒවාය.
ක්ෂය රෝගයට ප්‍රතිකාර ලෙස ලබාදෙන ඖෂධ පිළිබද මේ වැඩසටහනේ අවසාන භාගය තුල දැඩිව කථා බහට ලක් වුනි. එකම ඖෂධය වුවත් ඒවා නිෂ්පාදනය කරන සමාගම් අනුව ගුණ වෙනස් වන බවත්. සමාගම් දෙකක නිපදවන එකම ඖෂධය රෝගියෙකු වෙත ලබා දී රෝගියාගේ ප්‍රතිචාරයන් පරික්ෂා කල විටෙක, අසමාන තත්වයන් නිරීක්ෂණය කල හැකි බවත්, වෛද්‍යවරුන්ගේ කරුණු දැක්වීම් හමුවේ අපට දැනගත හැකි විය. ඒ අනුව ඉතාම හොද ප්‍රමිතියක ඖෂධ සියලුම රටවල ඉදිරියේදී භාවිතා කිරීමට සියල්ලෝ එකග වූහ.
සියලු දේශන අවසානයේ පැවැත්වූයේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකි. සෑම ප්‍රශ්නයකටම තෝරා ගැනීමට පිළිතුරු 4 ක් එහිම විය. එහිදී තමා සිටින තැනම සිට නිවැරදි පිළිතුර ලබාදිය හැකි ඉලෙක්ට්‍රොනික ගැජට්ටුවක් සෑම කෙනෙකුටම ලබා දී තිබුනි. ප්‍රශ්නය අසා සැනෙකින් ඒ ඒ පිළිතුර වෙනුවෙන් කෙතරම් ප්‍රතිශතයක් පිළිතුරු ලබා දී ඇතිදැයි විශාල තිරයේ සටහන් වෙයි. ඒ ප්‍රතිඵල සැම විටම පරස්පර වූහ. එයින්ද වෛද්‍යවරු සතු දැනුම එකිනෙකාට වෙනස් බව යලිත් සනාථ විය.
ගැටලුවකට පිළිතුර සපයමින් |
ප්‍රතිඵල හැමවිටම පරස්පර විය |
ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන අතර තුර එකම පිළිතුරකට සියලුම වෛද්‍යවරුන් එකග වූ කිසිදු අවස්ථාවක් උදා නොවීය. එයින් අනතුරුව කණ්ඩායම් කීපයක් සකසා...ඔවුනොවුන්ට ප්‍රායෝගික කාර්යයක් පැවරුනු අතර ඒවා අධීක්ෂණය කලේ එතැන සිටි ජේෂ්ඨ මහාචාර්ය වරුන් විසිනි.
වැඩමුළුව අතරතුර යම් කරුණක් පැහැදිලි කරන පිලිපීන ජාතික මහාචාර්ය රොනාල්ඩෝ වෛද්‍යතුමා |
සම්මන්ත්‍රණයේ දෙවැනි දිනය නිමාවන විටත් මමත් මිතුරාත් සිතා සිටියේ TB යනු අලුතින් පැතිර යන රෝගයක් වන්නට ඇති බවයි. ක්ෂය රෝගය ඉංග්‍රීසියෙන් හදුන්වන නම නොදැන සිටීමද එයට හේතුවකි. සංඛ්‍යාලේඛන අනුව ලොව පුරා 5000 රෝගීන් දිනකට මිය යාම, එවන් තීරණයක එල්බගෙන සිටීමට අපට අත්වැල සැපයූවේය. මන්ද යත් ලංකාව තුල ක්ෂය රෝගය එතරම් දරුණු රෝගයක් නොවන හෙයිනි.
මේ පුවරුවේ ඉල්කම් වලින් දක්වා ඇත්තේ මේ රෝගය නිසා මියයන රෝගීන් සංඛ්‍යාවයි. ඒ අනුව සතියකට 35000 කි. |
සම්මන්ත්‍රණය පැවැත්වූ දෙදින පුරාවට අප සමග වඩාත්ම හිතවත් වූ වෛද්‍යවරයා වූයේ පකිස්ථානු ජාතික මහාචාර්ය ඉක්බාල් පිර්සාදා මහතායි. එතුමා ක්ෂය රෝගය පිළිබද වසර 23 කටත් වඩා අත්දැකීම් ඇති ජේෂ්ඨ වෛද්‍යවරයෙකි. ඉතාමත් නිරහංකාරව අප ඇසූ සෑම ප්‍රශ්නයකටම ඉතා සරළව පිළිතුරු දුන් ඔහුගෙන් මේ රෝගය පිළිබද අපේ රටේ ජනතාව දැනුවත් කිරීමට කුඩා වීඩියෝවක් සැකසීමට දායක විය හැකිදැයි අසා සිටියෙමු.
ඉතාමත්ම සතුටුයි. මගේ උපරිම දායකත්වය දෙන්නම්, වෛද්‍යවරයෙකු ලෙස මගේ වගකීම හැකි තරම් මේ රෝගය පිළිබද ජනතාව දැනුවත් කිරීම. ලෝකයේ කොතනක සිටියත් තව කෙනෙක් දැනුවත් කරන එක මට සතුටක්. එතුමා එසේ පැවසුවේය.
අවසානයේදී වෛද්‍යවරයාගේ පූර්ණ දායකත්වය යටතේ කුඩා වීඩියෝවක් සැකසීමට මටත් මිතුරාටත් හැකි විය. එය යූ ටියුබ් මාධ්‍යයට එකතු කර එහි ලින්කුව වෛද්‍යවරයා වෙතත් යැවීමට අපි කටයුතු කළෙමු. එතුමාද හැරෙන තැපෑලෙන් එ් පිළිබද ස්තූතිය අප වෙත දන්වා එවීය.
වෛද්‍යතුමාට අනුව 90 දශකයට වඩා සෑහෙන දියුණුවක් අද ක්ෂය රෝගය තුරන්කිරීමේ වැඩසටහන් අත්පත් කරගෙන තිබේ. සමස්ත ක්ෂය රෝගය වැලදුන රෝගීන්ගෙන් 2/3 ක් මේ වන විට ප්‍රතිකාර ක්‍රම යටතට ගෙන තිබේ. එහෙත් මිලියන 30 ක් වන ඉතිරි ප්‍රමාණය තවමත් කිසිදු ප්‍රතිකාරයක් නැතුව ඔබ අප වෙසෙන සමාජයේ නිදැල්ලේ හැසිරෙති. පොදු ප්‍රවාහන මාධ්‍යවල යති. සිනාසෙති, කිවිසුම් යවති. ඒ ක්‍රම මගින් මේ රෝගය තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය වෙයි. වෛද්‍යවරුන්ගේ දත්ත අනුව ප්‍රතිකාර නොගෙන සිටින එක් රෝගියෙකු වසරක කාලයක් තුල මේ රෝගය තවත් 15 දෙනෙකු වෙත ලබාදීමට නිර්ලෝභී වෙයි. ඒ අනුව ක්ෂය රෝගය ලොවෙන් තුරන් කිරීම කෙතරම් අසීරු කටයුත්තක්දැයි ඔබට වැටහෙනු ඇත.
වැයවන බයිට් ප්‍රමාණය පිළිබද ලොබ නොසිතා මේ වීඩියෝව නරඹන්න. ක්ෂය රෝගය පිළිබද නොදත් තොරතුරු දැනගන්න. එය කිසියම් දිනක ඔබට වැදගත් වේවි.
මම කාමරේ අරින සිරා කොලුවා.
ප.ලි
ශ්‍රී ලංකාවෙන් කිසිදු වෛද්‍යවරයෙකු මේ සදහා සහභාගි වී සිටියේ නැත.
මේ රෝගය පැරණි සිංහලයන් කාසෙ යනුවෙන්ද හදුන්වා තිබේ
ක්ෂය රෝගය පිළිබද සිංහලෙන් පලවූ ලිපියක් මෙතැනින්
ඉතාමත් අගනා පොස්ටුවක් සිරා ..
ReplyDeleteකාමරේට සාදරයෙන් පිළිගන්නවා මලික්...බොහොම ස්තූතියි ඔබේ අදහසට..
Deleteසත් ගුණවත් සිරා ගේ අසත්පුරුස ක්‍රියාවක් ගැන මේ දිනවල මේල් ත්‍රෙඩ් එකක් හුවමාරු වෙනවා. තම මිතුරන් ගැනම උඹ පවසා ඇති ඒ දේවල් දුටුවාම ඇතිවුණේ සිරා නැමැති සුදු චරිතය ගැන පිළිකුළක්. දවසක් හෝ උබ මිතුරෙක් හින්දා ඒ තෙට් එකේ ස්ක්‍රීන් ෂොට් හෙළි කරන්නේ නැ මෙතන. ඒවා හෙළි වුනොත් උඹට රෙදි ඇදන් ආයි බ්ලොග් ලියන්න වෙන්නේ නෑ. උඹම උමේ වචනවලින් කළ චැට් ගොන්නක් තිබේ අපි සතුව දැන්. මහත්තයෙක් නං සමාව ගනින්.
Deleteමා ගැන දන්න උන් දන්නවා බං...මම කවුද කියලා...නොදන්න උඹලා නොදැන හිටියට කමක් නෑ....
Deleteසිරා සිරාවටම පොරක් වී ඇත. ආඩම්බරයි බං උඹ ගැන..!
ReplyDeleteඅනේ මොන පොරවල්ද බං...හිටිය එකාම තමයි..උඹේ අවංක මිත්‍රත්වයට ස්තුතියි වීයෝ...මම ඉතින් බොලා ගැන දන්නවා නොවැ.
Deleteසිරා මම ක්‍ෂය රෝගයත් එක්ක අවුරුදු අටක් හිටපු එකෙක්,ඒ ලංකාවෙ ලොකුම ළය රෝහලේ,දැන් ලංකාවෙ ළය රෝහල් නෑ ක්‍ෂය රෝගය හෙම්බිරිස්සාව ගණයට වැටෙන තරමට පාලනය කරලයි තියෙන්නෙ.ඔය සියලුම වෛද්‍යවරුන්ට උපදෙස් දිය හැකි වෛද්‍ය විශේෂඥයන් එකල මා දැනුවත්ව ලංකාවෙ හිටියා.ලංකාව ක්‍ෂය රෝගය ඉතා මැනවින් පාලනය කර ඇති රටක් නිසා ඔය සමුළුවට සහභාගී වන්නට අවශ්‍ය නොමැතිවුනා වෙන්නට පුළුවනි.
ReplyDeleteළය රෝහල් දෙකක් තියෙනවා.. වැහෙන්න ඔන්න මෙන්න
Deleteදෙවෙනි එක ගැන නං දන්නෙ නෑ... ඒත් වැලිසර ළය රෝහල ගැන නං දන්නව...
Deleteමං දන්න තරමිං මහරගම ඇරුණකොට රෝගීන්ට අපහසුතාවක් නොවෙන්න වගබලාගන්න එකම ඉස්පිරිතාලෙ වැලිසර...
ආ තව එකක් තියේ ඒ ජයන්තිපුර පුනරුත්තාපන රෝහල..
ළය රෝහල් දෙක වැලිසර සහ ආනියාකන්ද,ඊට අමතරව යාපනය මඩකලපුව අනුරාධපුර කුරුනෑගල රත්නපුර ගාල්ල බදුල්ල පුත්තලම වගේ පළාත්වල රෝහල්වලටම අනුබද්ධ ළය චිකිත්සාගාර තියනවා,ඒවා පාලනය වෙන්නෙ ක්‍ෂය රෝග මර්දන ව්‍යාපාරයෙන්,දැන් ක්‍ෂය රෝග මර්දන ව්‍යාපාරය නොවෙයි ස්වසන රෝග මර්දන ව්‍යාපාරයයි.කොළඹ මධ්‍යම ළය චිකිත්සාගාරය තිබුන බිල්ඩින් එක ක්‍ෂය රෝග මර්දන වැඩ සටහනට ජර්මානු රජයේ පරිත්‍යාගයක්,මධ්‍යම ළය චිකිත්සාගාරය තිබු සහ ක්‍ෂය රෝග මර්දන ව්‍යාපාරයේ මුලස්ථානය තිබුන ඒ ගොඩනැගිල්ල මධ්‍යම ළය චිකිත්සාගාරය බොරැල්ලට තල්ලු කරල ස්වසන රෝග මර්දන ව්‍යාපාරය නාරහේන්පිටට තල්ලු කරල ගොඩනැගිල්ල සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්තා දැන් සුවසිරිපාය කියල නමක් දාල තියෙන්නෙ ඒ ගොඩනැගිල්ලටයි.
Deleteලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ළය චිකිත්සාගාර ඇත. සමහර ඒවා ප්‍රධාන රෝහල් සමග ඇති අතර අනිකුත් ඒවා වෙනම පිහිටා ඇත.
Deleteහැලපයියා මේ රෝගය ගැන හොදින් දන්නවා නොවැ. ඔබටත් එය වැළදී තිබූ නිසා...කියන්නකො ඒ කාලයේ ඔබේ අත්දැකීම් සහ සමාජයේ පිළිගැනීම. මොකද ක්ෂය රෝගය හැදුන පවුලකට කසාදයක්වත් කථා කරපු නැති අතීතයක් තමයි ලංකාවෙ තිබිලා තියෙන්නෙ.
Deleteතොරතුරු දැක්වූ අනෙක් අයටත් මගේ ස්තුතිය.
Sri Lanka is one of the country where TB was well managed and controlled. It is statisticaly same as some develop countries. this map shows the distribution of TB in the world. http://www.worldmapper.org/display.php?selected=228#
Deleteගාල්ලෙත් ළය රොහලක් තියෙනවා....කාගෙ හරි නමකින් තියෙන්නෙ අනුස්මරණ රොහලක් හැටියට ...හරියටම සමූපකාර පුදගලික රොහල ඉදිර්පිට පාරෙ අනික් පැත්තෙ තියෙන්නෙ. නම නම් මතකයට් එන්නෑ. අපේ දුවගෙ අතට විද්ද බෙහෙත කැලල මතු උනේ නෑ පස්සෙ ඒ රෝහලට ගිහින් පරීක්ෂාවක් කරගන්න කිව්ව.
Deleteඔක්කොම ඉන්නෙ කහින අය මට බය හිතිල දරුව අරන් ගියේ නෑහැ.
වියෝ ....ලොකු වැරද්දක් නොවේද පරික්ෂා කර නොගැනීම ..එතනට යන්න අකමැති නම් වෙන තැනකින් හරි බලා ගන්න . එහෙම බෝවෙන්නේ නැහැ . ඕනෑම නම් ළමයට මාස්ක් එකක් දාගෙන එක්ක යන්න .
Deleteයෑස් යෑස් වීයා...ඉක්මනින්ම පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත්...කල් මරන්න එපා.
Deleteවී පොකුර සහෝ ..එකට කියන්නේ තාසිම් චෙස්ට් ක්ලිනික් කියල...ඒ ගොඩනැගිල්ල ක්ෂය රෝග මර්දන ඒකකයට පරිත්‍යාග කරලා තියෙන්නේ ඒ මහත්මය...
Deleteමෙන්න සිරා අයියේ කරන්න ඕනේ වැඩ. කොහොමද ඔය ජාත්‍යන්තර අත්දැකීම! පිස්සු බම්ප් වෙනවා නේද!
ReplyDeleteඇත්තටම මේ වැඩසටහනේ සංවිධානය පැත්තෙන් කියන්න කිසිම අඩුපාඩුවක් නෑ..හැමදේම නවීන තාක්ෂණය එක්ක හරි අපූරුවට බද්ධ වෙලා තිබුනා...කාලසටහනෙන් පිට එක විනාඩි 10 ක් කිසිම කෙනෙකුට අපතේ ගියේ නෑ...
Deleteඋඹ අවධානයෙන් නොසිටියාට බොහෝවිට උඹ ලංකාවෙන් පිටවෙද්දීත්, මැලේශියාවට ඇතුළුවූ පසුවත් අවම වශයෙන් දෙවරක් උඹත් TB ආසාදිතයෙක්දැයි බලධාරීන් චෙක් කරන්නට ඇති... :)
ReplyDeleteඔබ ඔය කියන්නෙ බෑග් චෙක් කරන්නට යොදා ගන්නවා වැනි විශාලා එක්ස් කිරණ යන්ත්‍ර පිළිබදවද ? මම ලංකාවෙදි එය අත්දැක්කෙ නෑ...සිංගප්පූරුවෙදිත් නෑ. මැලේසියානු ගුවන් තොට හරහා නොපැමිණි නිසා එතැන තත්වය දන්නෙ නෑ.
Deleteනෑ නෑ මම කිව්වේ රැකියා වීසා වලට කෙරෙන මෙඩිකල් ටෙස්ට් එකේදි කරන X-Ray එක ගැන... පුංචි නිවැරදි කිරීමක් එතෙන්දි TB ආසාදිතද කියලා ටෙස්ට් කරන්නේ ඒ X-Ray එක සැක සහිතනම් විතරයි මම හිතන්නේ...
Deleteඑහෙම කියන්න එපායැ...
Deleteබිටලේ..x කිරණ පටලයේ පෙනහළු පෙදෙස තමයි චෙක් කොරන්නේ..කළු පැහැති හෝ අළු පැහැති වගේ තිත් පිහිටලා තියනවනම් එහෙම නැත්තම් සාමාන්‍ය x කිරණ පටලයක පෙනහළු වලට වඩා තිත් වැනි සලකුණු තියෙනවනම් පරිස්සම් වෙන එක හොදයි..
Deleteඅම්මට බොල අපේ සිරා එල ප්ප්‍රක් වෙලානෙ..ඔහොම තැන් වලින් ලැබෙන දැනුම/අත්දැකීම්/කන්ටෑක්ස් අපිට ජීවිතේ යම් යම් තැන් වලදි මහමෙරක් තැන් වලදි වටිනවා..උඹට මතකද ස්ටීව් ජොබ්ස් නියම කතාවක් කිව්වා ජීවිතේ කියන්නෙ ඔයවගේ අත්දැකීම් රාශියක තිත් ඉරි යා කිරීමක් කියලා .. සුභ පැතුම් මිත්‍රයා !!!!
ReplyDeleteබොහොම සංතෝෂයි . බොහොම සංතෝෂයි !!!
බොක්කෙන් කෙටූ බොලාගෙ කමෙන්ටුවට මගේ ප්‍රණාමය. ජීවිතයේ දැන හෝ නොදැන ලැබෙන කිසිම අත්දැකීමක් කිසි ලෙසකින් අපතේ යන්නෙ නෑ. කිසියම් දවසක ඒ දැනුම ප්‍රයෝජනයට ගන්න පුලුවන්.
Delete"මන්ද යත් ලංකාව තුල ක්ෂය රෝගය එතරම් දරුණු රෝගයක් නොවන හෙයිනි."
ReplyDeleteඔබේ එම අදහස වැරදියි.අපේ රටේ මුලු ජනගහණයෙන් 45% ක්ෂය රෝගය ආසදිතයි. නමුත් එය ක්‍රියාකාරී නැති වෙන පුලුවන්. ශරීරය ඩුර්වල වූ අවස්තාවක මුත්වීමට ඉඩ ඇත.
මම ඒ පිළිබදව දන්නෙ නෑ...පොසිටිව් සහ නෙගටිව් යනුවෙන් ආසාධිතයන් දෙවර්ගයක් ඉන්න බව දන්නවා. මේ තත්වය ලියුකේමියාවටත් පොදුයි.
Deleteදිනකට 5000 ලෝකය පුරා මිය යද්දි...ලංකාවෙ මේ රෝගයෙන් මරණ සිදුවෙනවාදැයි හිතෙන තරමට රෝගය පාලනය වී තිබියදී ඔබ දැක්වූ 45% අගය පිළිබද මට ඇත්තේ කුකුසක්.
බොහොම වටිනවා මේ පෝස්ට් එක. කාසෙ කියන්නෙ ක්ෂය රෝගෙට වෙන්න ඕනෙ නේද කියල මට පොඩ්ඩක් වත් හිතුණෙ නෑ නොවැ!
ReplyDeleteමමත් මේ ගැන තොරතුරු හොයාගෙන යද්දි තමයි ඒ වචනයෙන් හදුන්වලා තියෙන්නෙත් ක්ෂය රෝගයට බව හරියටම දැනගත්තෙ.
Deleteසෑහෙන්න වටින ලිපියක්, ස්තූතියි.
ReplyDeleteඅදහසක් කොටා ගියාට ස්තූතියි.
Deleteමම දැකපු ලිපියක තිබුනේ අපේ රටේ ක්ශය රෝගය අඩපන කරපු දකුනු ආසියාවේ පලමු රට,තාමත් නැතුව නෙමේ මිනිස්සු බෙහෙත් ගන්නවා,ඉක්මනින් හොද කර ගන්නවා,වැලිසර ළය රෝහල තිබුනේ,
ReplyDeleteලංකාවෙ ක්ෂය රෝගය ඉතාම අවම මට්ටමක පවතින නිසා තමයි..මෙතැනදී ක්ෂය රෝගය පිළිබදව කථාබහ වෙන බවක් අපි හිතුවෙම නැත්තෙ.
Deleteබොහොම වටින ලිපියක් සිරා මහන්සි වෙලා ලියල තියනව.
ReplyDeleteපොඩි කරුණු කීපයක්:
- කතා කරපු දොස්තරල ඔක්කොටම PhD තිබුන කියල හිතන්න අමාරුයි, මොකද PhD කියන්නෙ වෛද්‍ය අංශයෙ එච්චර කොමන් දෙයක් නෙවෙයි. ඒ අංශයෙ ආචාර්ය උපාදියට ලඟින් යන්නෙ MD කියන එක.
- ඔය දොස්තරල වෙද කම ගැන එකඟ වෙන්නෙ නැති එක අමුතු දෙයක් ම නෙවෙයි බටහිර වෛද්‍ය ක්‍රමයෙ සාමාන්‍ය දෙයක්. බටහිර වෙදකම කියන්නෙ Physics වගෙ exact science එකක් නෙවෙයි. දියුනු රටක වුනත් ලෙඩෙක්ට අහු වුනු දොස්තර අනුව වෙනස් ප්‍රතිකාර ලැබෙන්න ඉඩ තියනව. අනික එක එක රටේ මිනිස්සු අනුවත් එක එක ලෙඩ/බෙහෙත් අහන විදිය වෙනස් වෙන්න පුලුවන්. හොස්පිටල් සිස්ටම් එක, ආර්තිකේ අනුව මොන බෙහෙතද ප්‍රායෝගික කියන එක වෙනස් වෙන්නත් පුලුවන්.
කථා කරපු දොස්තරලා මේ වැඩසටහන සදහා තෝරා දීලා තිබුනෙ ඒ ඒ රටවල ක්ෂය රෝග නිවාරන අංශ වලින්. අපි මේ හැම කථිකයෙකුගේම සමීප ඡායාරූප ගන්න ඒ අය කිට්ටුවම ගැවසුන නිසා තිරයේ සටහන් වෙච්චදෑ ඉතාම පැහැදිලිව දැක්කා. සම්මන්ත්‍රණයට සහභාගි වෙච්ච සියල්ලන්ටම නෙමෙයි. කථිකයො සියල්ලන්ටම ආචාර්ය උපාධි තිබුනා. ඒ පිළිබද මා තබා ඇති සටහන නිවැරදියි.
Deleteබෙහෙත් පිළිබද ඔබ දක්වා ඇති කරුණු සමග මම එකගයි.
TB = tubercle bacillus බැක්ටීරියාවේ නම ,මේ නිසා තමයි TB කියලා හඳුන්වන්නේ , කාසරෝගේ කියන එක දැන්නම් ලංකාවේ හොඳින්ම පාලනය කරපු රෝගයක් , අර වැරදි බෙහෙත් දීලා හරි ලෙඩා ගොඩ දැම්ම කියන කතාව විවාදාත්මකයි . මොකද ඔය කියන තරම් වැරදි බෙහෙතක් නම් ලෙඩා සනීප වෙන්නේ කොහොමද වාසනාවෙන් විතරක් , ඔය තමයි ජාත්‍යන්තර මට්ටමේ වුනත් ඔය වෘත්තිකයින්ගේ තියෙන කුහක කම මටනම් පෙන්නේ
ReplyDeleteඒ විදියට තියෙන්නෙ විකිපීඩියා අඩවියෙ නොවැ...එතැනත් සදහන් වෙනවා බොහෝවිට මේ බැක්ටීරියාව හදුන්වන්නෙ Mycobacterium tuberculosis යන නමින් කියලා...අපි ගත්ත වීඩියෝ එකෙත් TB යනු කුමක්ද කියලා ඇහුවාම මහාචාර්ය තුමා දෙන පිළිතුරත් Mycobacterium tuberculosis. ලෝක සෞඛ්‍ය සංවිධාන නිළ වෙබ් අඩවියෙ ඒ පිළිබද තියෙන්නෙ මෙහෙම විස්තරයක්.
DeleteTuberculosis, or TB, is an infectious bacterial disease caused by Mycobacterium tuberculosis, which most commonly affects the lungs. It is transmitted from person to person via droplets from the throat and lungs of people with the active respiratory disease.
In healthy people, infection with Mycobacterium tuberculosis often causes no symptoms, since the person's immune system acts to “wall off” the bacteria. The symptoms of active TB of the lung are coughing, sometimes with sputum or blood, chest pains, weakness, weight loss, fever and night sweats. Tuberculosis is treatable with a six-month course of antibiotics.
ඔය වැරදි බේත දීලා ලෙඩා බේරුන කථාව අපි මැලේසියානු විශේෂඤ වෛද්‍යවරයෙකුගෙන් දෙවැනි දින කටයුතු ආරම්භ වෙන්න ප්‍රථම විමසුවා. ඔහු කිව්වෙ එය විය හැකියි කියලයි. එයට හේතු ලෙස ඔහු දැක්වූවෙ ඖෂධ වල ප්‍රමිතිය පිළිබද ගැටලුවක් නිසා රෝගියාට අතුරු ආබාධ තත්වයන් ඇති වී නෑ කියලයි. ඒ වර්ගයේ හොද ප්‍රමිතියේ ඖෂධයෙන් එක දිගට බේත් කලානම් ඇති වන තත්වය නොවෙයි තත්වයෙන් පහත් බේතක් භාවිතයෙන් ලැබෙන්නෙ...
කොහොමත් ඒ වෛද්‍යවරයාගෙ මතය බොහෝ අය සමග සැසදුනේ නෑ.
ඔය කාස රෝගේ පාලනයට දැං දශක දෙකක විතර ඉදල ලංකාවේ හොද වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම එහි ව්‍යාප්තිය වැලැක්වීමට ඉතා වටිනා දැන්වීම් කිහිපයක්ම පළ උනා. ඒවා සාර්ථකයි. ඒකයි ලංකාවේ වෛද්‍යවරු ඕකට සහභාගී නොවෙන්න ඇත්තේ. ඒත් සෑහෙන ප්‍රමාණයකින් කාසේ පාලනය කරපු රටක් හැටියට අපේ දැනුමත් ගත්තනං ඔය සම්මන්ත්‍රෙන් සාර්ථකයි.. පොටෝ හොදයි. අර ගෘෘප් පොටෝ එක එඩිට් කරල හදනන්න තිබුනේ ටිකක්. මොකද ඒක ටිකක් දුරුවලයි..
ReplyDeleteලංකාවෙ ක්ෂය රෝගය පිළිබද මේ තරම් හරි දැනුමක් ඒ වෙද්දි තිබුනෙ නෑ. නැත්නම් මහාචාර්ය වරුන්ගෙන් අහන්න තිබුනා ලංකාවෙන් යම් ආදර්ශයක් ගන්න පුලුවන් නේද...ඇයි ඒ අය මෙතනට කැදවූවෙ නැත්තෙ කියලා.
Deleteගෘෘප් ෆොටෝව විශාල ප්‍රමාණයේ එකක්...පොඩියට පලවෙද්දි මුහුණු පැහැදිලි නෑ. ඒකයි අවුල. ඒක එඩිට් කරලා නෑ...ගත්ත විදියටම තමයි මෙතන දැම්මෙ.
මට වටිනනේ අපේ එකෙක් විදිහට උබට එතනට දායක වෙන්න ලැබිම.
ReplyDeleteඇත්තටම එය අලුත් අත්දැකීමක් උනා...මෙවැනි උගතුන් පිරිසක් සමග එතැන දින දෙකක් ගත කිරීමට ලැබීමම.
Deleteසිරා
ReplyDeleteමට වැලිසර ළය රෝහල එතකොට බොරැල්ලෙ එම් ආර් අයි එක ගැන අත්දැකීම් තියෙනව ඇත්තටම ලංකාවෙ ක්ෂය රෝගය වැලැක්වීම සදහා ලංකාවෙ දායකත්වය ඉහලයි...
අපේ වෛද්‍යවරු සාමාන්‍යෙයන් නියමිත ඖෂධ මාත්‍රාෙවන් පිට බේත් නියම කරනව මං දැකලම නෑ... (මේ ලෙඩය සම්බන්ධව) මොකද හැම කෙනාටම ඒ ඒ කෙනාගෙ ෆිට්නස් ඒ කියන්නෙ දරා ගැනීමේ හැකියාව අනිවදෙන බේත් වර්ග දෙකයි එක ජාතියක් තමයි නිකං උළු වල පාටට හුරු ලොකු දිග බේත් පෙති තුන. ඒ බේත් පෙති සාමාන්‍යෙයන් දෙන ඒව ඒත් සමහර අයට දරාගන්න හැකියාවක් නෑ... දුරුවල වෙනව... ඒ වගේ අයට දෙනව බේත් පෙති පහලොවක වඩියක් එක වේලකට... අර ජාතියෙ පෙති ගන්න අය මාස හයෙන් ලෙඩේ හොද වෙනව... දෙවන වර්ගය මාස 8ත් 9ත් අතර කාලයක් ගන්නව... ඒක තමා උපරිම... ඒත් බේත් බොන කාලෙදි අනික් අයට රෝගය වහනය නොකරන්න ලෙඩා දැනගන්න ඕන... මොකද හුගක් අය ඉස්පිරිතාලෙ නැවතිලනෙවී බේත් /ගන්නෙ.. ගෙදර ඉදං.. ඒකයි...
සිරා දන්නවද ටීබී හැදිල හොදවෙන කෙනෙක්ට එච් අයි වී පොසිටිව් වෙන්න පුලුවං කියල. ඒ කියන්නෙ තමංගෙ ශරීරය තුලිංම
අපේ පවුල්වල කිසිම කෙනෙකුට ඔය රෝගය වැළදිලා නැති නිසා මම තවම ක්ෂය රෝගියෙක් දැකලම නෑ. දිගටම කහිනකොට නම් අපිත් ආතල් එකට අහනවා උඹට කාසෙද කියලා...
Deleteකොහොමත් ලංකාවෙ වෛද්‍යවරු ලබන අධ්‍යාපනය ලෝක මට්ටමෙන් ඉහළ පිළිගැනීමකට ලක්වෙනවා නේද...ඒ නිසාමනෙ ඕනෑම රටක ලාංකික වෛද්‍යවරුන්ට දොරටු විවර වෙන්නෙ.
අපේ වීඩියෝවෙ වෛද්‍ය තුමා කියනවා ඒඩ්ස් වලදි ශරීරයේ ප්‍රතිශක්තිය පහත බහින නිසා බහුතර ඒඩ්ස් රෝගීන්ට ක්ෂය රෝගය පහසුවෙන් වැළදෙනවා කියලා.
සිරා වැඩේනම් සිරා!
ReplyDeleteඔබට ලැබුන අවස්ථාව අපි හැමෝටම ලැබුන එකක් වගේ.
සුබ පැතුම් සිරෝ.. ජය වේවා!
ස්තුතියි මනෝෂ්...ඔබේ අදහසට..
Deleteහොද ලිපියක් සිරා අයියෙ. ස්තූතියි.
ReplyDeleteඔය කාස රෝගය මර්ධනය කර ඇති රටක් හැටියට අපේ රටේ අත්දැකීම් ගන්න හැකියාවක් තිබ්බ නම් සෑහෙන්න වටිනවනෙ සමුළුවට.
ඒ අය සමහර විට ලංකාවෙ ක්ෂය රෝගය මර්ධනය පිළිබද දැනුවත් නැතුව ඇති. මොකද මේ සමුළුවට සහභාගි වුනේ ක්ෂය රෝගය ජාතික ප්‍රශ්නයක් බවට පත්වුන සහ පත්වෙමින් පවතින රටවල වෛද්‍යවරු.
DeleteTB කියන්නෙ ලැජ්ජාවට පත් වෙන්න ඕනෙ ලෙඩක් කියල හිතං ඉන්න හෙදියොත් ඉන්නවා තාම ලංකාවෙ.. මාස ගානකට කලින් අපේ ගෙවල් ළගපාත ඇන්ටි කෙනෙක් වෙන ලෙඩකට ඇඩ්මිට් උනාම ටීබී වලට ටෙස්ට් එකක් කරන්න කියලා ඇඳ ඉහපතේ මාක් කරල තිබ්බ.. කෙනෙක් ලෙඩා බලන්න ගිහින් මේ ලෙඩා කොයි ඇඳේද ඉන්නෙ කියල ඇහුවම වාට්ටුවටම ඇහෙන්න නර්ස් ඇහුවලු “ ආ අර කාසෙ හැදිච්ච ලෙඩාද “ කියල... බලන්න ගිහින් තියෙන්නෙ ඒ ඇන්ටිගෙ දුවෙක්... පස්සෙ බලද්ද් ඒ මනුස්සයට ඇති කාසයක් නෑ... ඒත් ඊට පස්සෙ මුළු ඉස්පිරිතාලෙම අය මේ මනුස්සයා දිහා බැලුවෙ නිකං මාරාන්තික බෝවෙන ලෙඩෙක් දිහා බලනව වගේලු... අර අක්කා අඬ අඬ ඇවිත් ඔය කතාව කියල තියෙන්නෙ... ඔන්න ලංකාව...
ReplyDeleteඉස්සරම ඔය වගේ රෝගීන්ව හිත රිදෙන විදියට සම්ච්චලයට ලක් කරන පුරුද්දක් තිබුනෙ සමාජ රෝග වැළදුන අයට සහ ඒඩ්ස් වැළදුන අයට...හිත රිදුන සමහර රෝගීන් සමාජයෙන් පළිගන්න තවත් අයට රෝගය බෙදා දුන්නා...නමුත් පසුකාලීනව මේ රෝහල් කාර්යය මණ්ඩල වෙත රෝගීන් වෙත කාරුණිකව සේවය සලසන ආකාරය පිළිබද හොද පුහුණුවක් ලබා දී තිබෙන නිසා වර්තමාන තත්වය වෙනස්.
Deleteඔබ කියන නර්ස් නෝනා නම් ඉතාම නින්දිතයි. නයිටිංගේල් පරපුරටත් අවමානයක්. බොලාව සෑහෙන දොහකින් දැක්කෙ...
ඉතාමත්ම වටිනා අවස්ථාවකටනේ මලයට අහම්බෙන් වුවත් සහභාගී වෙන්න ලැබිලා තියෙන්නේ. එයින් උපරිම ප්‍රයෝජනය ගතුතු බව පේනවා. එය අපත් සමඟත් බෙදා ගත්තට උඹට ස්තූතියි!
ReplyDeleteස්තූතියි චන්දන අයියා...සිරා කොහොමත් අත්දකින් හොද දේවල් කාලයේ වැලිතලාවට යට වෙන්න කලියෙන් අකුරු කරන එකෙක්.
Deleteසිරා ...තමන් නොදන්නා ක්ෂේත්‍රයක් ගැන වුනත් අලුත් දෙයක් දැක්කම එය බෙදා හදා ගැනීමේ අවංක උවමනාව මා මේ ලිපිය තුල දුටුවා .
ReplyDeleteTB එහෙම නැත්තන් ක්ෂය රෝගය කියන්නේ තවමත් ලෝකයට තර්ජනයක්. නමුත් ලාදුරු වගේම මෙයටත් බෙහෙත් තියෙනව . ඒවගේම ලංකාව මෙය හොඳින් පාලනය කරලා තිබෙනවා. ඉස්සර වැලිසර ගියා කියන්නේ මලා වගේ තමයි. උපන් අලුත බිලිඳා ට BCG දෙන්නේ ඔය රෝගය වලක්වා ගන්න . දුප්පත් සහ අධික ජනගහනයක් ඇති රටවල මෙය වැඩි මොකද දන්නවද . මේ බැක්ටීරියාව හුඟක් බැක්ටීරියා නාසක වලට ප්‍රතිරෝධියි. නමුත් හිරු එලිය තමයි හොඳම මෙය මරන්න . හොඳින් වාතාශ්‍රය නැති අඳුරු මුඩුක්කු පරිසර මේ බැක්ටීරියාවට පාරාදීසයක් ..අනික මන්ද පෝෂණය මෙහි මිත්‍රයෙක්. නිසි පෝෂණය නොලබන අඳුරු පැල්පත් වල වසන මිනිසුන් තමයි ප්‍රධාන ගොදුර . ලංකාවේ මෙම රෝගීන්ට මාස් පතා යම් මුදලක් ලබා දුන්න ඉස්සර , දැන් කොහොමද මන්ද .
දුම් පානය කරන්නන්ට ලෙඩේ හැදෙන ඉඩ කඩ වැඩියි ඔන්න . මටත් කැස්සක් තිබිල TB වලට චෙක් කළා පොඩි කාලේ .
අක්කට ඉතාම සමීප මාතෘකාවක් තමයි මෙය...එහෙම නේද...මොකද ඔබත් රෝහල් පරිසරය තුල රැකියාව කරපු කෙනෙක් නොවැ. ඔබේ කමෙන්ටුව තුල කියවෙන පෝෂණ ඌනතාවය ගැන මම තවත් වෙබ් අඩවියක කියෙව්වා මේ රෝගයට අදාළව...බොහෝ අයගෙ ශරීර වලට මේ බැක්ටීරියාව ඇතුලු වුවත්..ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතියේ ක්‍රියාකාරිත්වය නිසා බැක්ටීරියාව අකර්මන්‍ය වන බව තමයි එහි තිබුනෙ. පෝෂණය අවම වෙද්දි ඒ කාරිය නිසිලෙස සිද්ධ වෙන්නෙ නැතිලු.
DeleteHoda athdakimak sirata. Watina lipiyak.
ReplyDeleteස්තූතියි ගයාන්...
Deleteබොහොම හොඳ අත්දැකීමක්. ස්තුතියි බෙදා හදා ගත්තාට. මලයා දුන් කැමරා උපදෙස් සාර්ථක වී ඇති බවත් පෙනෙනවා.
ReplyDeleteක්ෂය රෝගය අපේ රටෙත් දරුණු විදිහට තිබුණු අතීතයක් තිබුණු බව අමතක කරන්න හොඳ නැහැ. දැනටත් ඉතා කුඩා ප්‍රතිශතයක් මේ රෝගීන් අපේ රටේ ඉන්නවා. නමුත් දියුණු ප්‍රතිකාර ක්‍රම නිසා රැකෙනවා.
මලයලා ඉතින් වෘත්තීය ඡායාරූප ශිල්පීන් නිසා ඒ අය මැනුවල් මොඩ් එකේ තමයි කැමරාව හසුරවන්නෙ...මට ඉතින් එහෙම දැනුමක් නැති නිසා ඔටෝ මොඩ් එකේ දාලා ෆොටෝ ගන්න කියලා තමයි මලයා කිව්වෙ.
Deleteක්ෂය රෝගය වැලදුන පවුලකට අතීතයෙදි හිරයක් වත් දුන්නෙ නෑ කියලා මේ ලිපියෙ යටින්ම අමුණලා තියෙන සිංහල ලිපියෙ තියෙනවා.
හරිම වටින තොරතුරු ටිකක්... ඔබේ මෙහෙය ප්‍රශංසනීයයි..
ReplyDeleteස්තුතියි නගෝ...බ්ලොග්කරණය කියලා මා අදහස් කරන්නෙ වටිනා තොරතුරු හැකි සෑම විටකම නොදන්න අය සමග බෙදා ගැනීම කියලයි.
Deleteසිරාට වටින අවස්තාවක් ලැබිල තියෙන්නෙ.ස්තුතියි බෙදා ගත්තට.ලන්කාවෙ රොග පාලනය පහසු මට හිතෙන්නෙ ලන්කාවෙ මිනිස්සු ජනමාධ්‍ය එක්ක සම්බන්දය වැඩීනිසා.අනික ලෙඩගැන මිනිස්සුන්ගෙ අවධානයත් වැඩියි අසියාවෙ ගොඩක් රටවල් එක්ක බලනකොට
ReplyDeleteලංකාවෙ වෛද්‍යවරුන්ගෙ දැනුම ඉතාම ප්‍රශස්තයි...සල්ලි දීලා නෙමෙයිනෙ ඒ අය උපාධිය ලබා ගන්නෙ. ඒ නිසාම ලොව පුරාම ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ට හොද ඉල්ලුමක් තියෙනවා...
Deleteඉතාම වටින අවස්ථාවක් මලයට ලැබිල තියෙන්නෙ. ඒක බ්ලොග් එකෙන් බෙදා ගත්ත එකට ස්තුතියි.
ReplyDeleteමම හිතන්නෙත් ඔය රටවල්වල ජනගහනය වැඩි වීම වගේම සමහර ප්‍රදේශ ජීවත්වීමට සුදුසු වටපිටාවක නොතිබීම ඔය ලෙඩේ බහුල වෙන්න හේතු වෙනව ඇති.
දරිද්‍රතාවය , අඩු අධ්‍යාපනය, ජීවත් වන පරිසරයේ තිබෙන ගැටලු...ඔබ කියනවා වගේ මේවා තමයි ඒ රටවල රෝගය උත්සන්න හේතු වෙලා තියෙන්නෙ.
Deleteඋඹ ෆෝටෝස් ටික නම් ලස්සනට ගොඩ දාගෙන තියෙනවා.
ReplyDeleteසිරා මගේ පාට්නර් නිසාම මම පොඩි අවවාදයක් දෙන්නම් ආදරේට.
උඹේ ෆෝන් එකේ ඩික්ෂනරි එකක් ඉන්ස්ටෝල් කරගනින්. එතකොට ටැබ් එක හරි ලැප්ටොප් එක හරි මොකක් පාවිච්චි කලත් ඒකෙත් හොඳ ඩික්ෂනරි එකක් ඉන්ස්ටෝල් කර ගනින්. මේ කිව්වේ උඹ දැනටමත් එහෙම කරලා නැතිනම්.
ඒ එක්කම ඒ ඩික්ෂනරි නිතර පාවිච්චි කරපං. සැක සහිත අවස්තාවක, වචනෙක තේරුම වගේම වචනයක් උච්චාරණය කරන හැටි ගැන වහාම ඩික්ෂනරි එක ඈලා බලලා සැක හැර ගනින්.
ඒ එක්කම ඉංග්‍රීසි දැනුම දියුණු කරගන්න මොනවා හරි කරපං දවස ගානේ ක්‍රියාත්මක වෙන වැඩ පිළිවෙලක් හැටියට. විදේශ රැකියාවක් කරන කෙනෙකුට මේක හුඟක් වැදගත් වෙනවා.
හෙන්රි සෑර්ගේ ඔවදන හිස් මුදුනින් පිළිගනිමි. ඔටෝ මොඩ් එකට දමා ෆොටෝ ටික ගොඩදාගත්තෙමි. ඩික්ෂනරියක් ඉස්සර තිබුනා ඉන්ස්ටෝල් කරලා...මෑතක ෆෝන් එක රීසෙට් කරනකොට තමයි නැතුව ගියේ.
Deleteබ්ලොග් ඉංග්‍රීසි පන්තියක් කරමුද ? මාසික ගාස්තුව බැංකු ගත කරන්නම්.
No thanks. I hate teaching. :D
Deleteඑහෙනං...කෝච්චියක් හරි ප්ලේන් එකක් හරි එලවමු.
Deleteඑල පෝස්ටුවක් සිරා මල්ලිය.......
ReplyDeleteඔන්න බලන්න සිරා වෙන රටක හිටියම තිබෙන චෑන්ස් ..... උඹේ රැකියාවට අදාල නැති වුනත් ලැබුන අවස්තාව හරිම වටිනව ....
වෙන එහෙකුට ඔය අවස්ථාව ලැබුන නම් ෂෙරටන් එකෙන් කාල ටුත්පික් එහෙකින් දත් හාර හාර ඉන්නව ඉන්නව .....
ස්තුතියි ඔබට....
ස්තූතියි කෙන්ජයියා...
Deleteඔය වැඩසටහනට ගිය වෙලාවෙ ඉදන්..මේක බ්ලොග් ලිපියක් ලෙස ලියලා රෝගය පිළිබද යම් දැනුවත් භාවයක් කියවන අය අතර ඇති කරන්නම තමයි මට උවමනාව තිබුනෙ.
විස්තරේ හොඳයි. හැබැයි දැන් නම් ඉතින් ඔය ලෙඩේට එච්චරම බයවෙන්ට ඕනි නෑනේ...
ReplyDeleteදිනකට 5000 මිය යනවා කිව්වම සෙල්ලම්ද පොඩ්ඩි. රටවල් 22 ක මේ රෝගය වැඩියෙන් පැති ර යන බවක් තමයි වීඩියෝවෙ ඉන්න වෛද්‍ය තුමා කියන්නෙ. ඔබ ජීවත් වෙන රටේ ඉතිං වෛද්‍ය ක්‍රම ශිල්ප බොහොම දියුණුයි නොවැ...
Deleteමට නම් ඔය වැඩමුළු ගැන එච්චර පැහැදීමක් නෑ..ඒවෑ කරන්නේ කතාවයි කන එකයි විතරයි. වැඩමුලුවකට ගන්නෙත් ෆයිව් ස්ටාර් හොටෙල් එකක්.. ඒකට කට්ටිය ගිහින් සෙට් වෙලා කාලා එනවා..
ReplyDeleteඒ අතින් මේ වැඩමුලුව අපූරු යි !
ඒක නෙමේ, හිතුමතේ ජීවිතේ කියන්නේ අර හිරේට නියම වෙච්ච මනුස්සයා නේද ?
මේ වැඩමුළුවෙ නම් කියන්න කිසිම අඩුපාඩුවක් තිබුනෙ නෑ...සහභාගි වෙච්ච හැම කෙනෙක්ම අපි හැමෝගෙම දායකත්වය දීලා ලෙඩ්ඩු ටික ගොඩදාමු කියන අරමුණේ තමයි හිටියෙ....ඇතැම් අය ඉතා සංවේදී කථා පුවත් සභාවට ඉදිරිපත් කලා තමන්ගෙ කථා අතර තුර. ක්ෂය රෝගයට දෙන්නම් බැටේ කියලා හොද අධිෂ්ඨානයකින් තමයි පිරිස විසිර ගියේ.
Deleteසිරාට සිරාවටම සිරා චාන්ස් එකක් නෙව වැදිලා තියෙන්නේ.. මොනවා වුනත් ඉන්දියාවේ දොස්තර ලා හොඳයි. අත්දැකීමෙන් කියන්නේ. පිල්ලෝ නං අනේ වැඩක් නෑ කියල. උන්ගේ එක බෙහෙතෙන් කොහොම වෙතත් බෙහෙත් වට්ටෝරු දහයකින්වත් බෑ ලෙඩක් ගොඩ දාගන්න. මගේ අත්දැකීමෙන් කියන්නේ. පකිස්තාන් දොස්තරලත් හොඳයි. ඒ වගේම මම දෙයක් හොඳට බලල තියනවා. පකිස්තාන් මිනිස්සු ලංකාවේ අපිට හරි හිතවත්.
ReplyDeleteකාලයකට පසුව අපේ ක්සැන්ඩර්ව දැකීම මහත් සතුටකි. ඔබේ අත්දැකීම් කිසිවක් මා හට නැත. මා තවමත් මෙරටදී වෛද්‍ය ප්‍රතිකාරයක පිහිට පතා නැති වීම එයට හේතුවයි. පකිස්ථාන් ජනතාව ලංකාව සමග ඉතා හිතවත් බව මමද දනිමි. අපේ ක්‍රීඩකයෝ විස්සයි විස්ස කිරුළ දිනාගත් දිනට පසුදින ඔපීසියේ පකිස්ථානු සේවකයින් මා හට සුභ පැතූ ආකාරයෙන් එය මා වටහා ගතිමි.
Deleteවැලිසර හිටියා මම දන්න දෙන්නෙක් රෝගීන් ලෙස. ඔවුන් දෙන්නාම ඉතාම සාර්ථක ලෙස සුවපත් කරා. ඔවුන් තවමත් ජීවතුන් අතර ඉන්නවා. ඒ කාලයේත් මේ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය විධිමත් ප්‍රචාරක වැඩ පිලිවෙලක් දියත්කල බව මතකයි.
ReplyDeleteමේ වගේ කථා බොහොමයක් තැන් තැන් වලින් මමත් අසා තිබෙනවා...ක්ෂය රෝගය ලෙස මේ රෝගය මුලින් සැක නොකරන්නත් ඒවා හේතු උනා. ලෝකයේ 5000 දිනකට මිය යනවා නම් ලංකාවටත් එය අනතුරුදායක විය යුතුම නිසා. නමුත් පවතින තත්වයේ හැටියට ලංකාවේ ක්ෂය රෝගීන් වාර්තා වෙන්නෙ ඉතාම අඩුවෙන්.
Delete