Tuesday, September 23, 2014

120 ආදරය, සරසවිය, චූටි නංගි සහ නගා

සිරා කොලුවාගේ අතිජාත මිත්තරයෙක් වෙච්ච නගා කොලුවාගේ ආදර අන්දරයේ අලුත් පිටුවක් පෙරලන්නයි සිරා කොලුවගෙ මේ සූජානම. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පිට වූ අන්දමත්...ඒ ප්‍රතිඵලය සිරා කොලුවා වෙත සන්නිවේදනය කර නගා තමන්ගෙ පොල්ල නැති බයිසිකලයට නැගුන බවත් ඔබ දැන් දන්නවා.

1 කොටස   2 කොටස

චූටි නංගිගෙ විභාග ප්‍රතිඵලය කුමක් වුවත් ඇයට මෙවරත් සරසවි යන්නට හැකියාවක් නැති බව තවත් ටික දොහකින් සිරා කොලුවට ආරංචි උනා. කැලණිය සරසවියට පිවිසෙන්න වරම් ලබා තිබුන නගා එහි පිවිසුනාට පස්සෙ තමන්ව අමතක කරයිද...නැත්තං මේ වගේ ආදරයෙන් දිගටම ඉදීද...සමහර විටෙක චූටි නංගිගෙ හිත දෙගිඩියාවක තියෙන්නත් ඇති.

සරසවිය ආරම්භ වෙන කාලය දක්වා නගා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවක රාජකාරි කොලා. ඒ කාලෙ මිනිහට පැවරිලා තිබුනෙ බැංකුවෙ දිනපතා මුදල් තැන්පත් කරන ව්‍යාපාරිකයන් පිරිසක් ලගටම ගිහින් ඒවා එකතු කරගෙන එන්න. මේ රාජකාරිය සිංහලෙන් හැදින්නුවෙ ඩේලි කලෙක්ෂන් යනුවෙන්. මෙහෙම ගමනදි තමයි නගාට අපූරු සිදුවීමක් උනේ.

කාන්තා / පිරිමි දෙපාර්ශවයටම අයත් නෑ කියලා රට්ටු කයි කතන්දර හදපු ව්‍යාපාරිකයෙකුත් මේ බැංකුවෙ දිනපතා මුදල් තැන්පත් කොලා. ඒවා රැගෙන එන්න යන්නෙ නගා. දවසක්දා....හැන්දෑවක...මේ හාදයගෙ ව්‍යාපාරික ස්ථානයෙදි වසර මුල දවසක මේ දෙන්නා එකිනෙකාට සම්මුඛ උනා.

මල්ලියා කැළැන්ඩරයක් දෙන්නද ?

ලස්සන පින්තූර එහෙම තියෙන එකක්ද ?

ඔව් ඔව්...ලස්සන පින්තූරෙ..

එහෙනම් දෙන්නකො අයියෙ...

එන්නකො මල්ලියා කඩේ ඇතුලට...

කෝල හිනාවක් දාගෙන කඩේ ඇතුලට ගිය නගාට පේන්න සැනෙකින් ඇදිවත උනා දමපු මේ ගොයියා,

කොහොමද මල්ලි පින්තූරෙ ලස්සනයි නේද....

කැලැන්ඩරේ දැක්කට පස්සෙ මහ දවාලෙ අකුණක් වැදුනා වගේ නගා බැංකුවටම දුවපු බවක් නගාගෙ ශ්‍රී මුඛයෙන් මේ සිදුවීම ගැන දැනගත්ත, අපි හඳුනන බැංකුවෙ කෙනෙක් පස්සෙ දවසක අපට සැළ කලා.

සිරා කොලුවා මේ වතාවෙ සරසවිය ලගටම ඇවිල්ලා නතර වෙලා. දශම ගානක වෙනසක්. අපේක්ෂා භංගත්වය නිසා පපුව ඇතුලෙ ඇවිලෙන විශාල වේදනාවක්. මාස කීපයකට පස්සෙ නගා, සිරා නොමැතිව අලුත් ගමන තනිව ආරම්භ කොලා. කැලණිය සරසවියෙ කළමනාකරණ ශිෂ්‍යයෙක් විදියට මගේ මිත්තරයා තමන්ගෙ නිවසෙ ඉදලයි අධ්‍යාපන කටයුතු වලට මුල් කාලෙ ආවෙ ගියේ.

යන්න එන්න මහමගට වැයවෙන කාලයෙනුත් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් නේද කියලා හිතපු නිසාම සරසවියෙ තවත් දෙතුන් දෙන්නෙක් අල්ලගෙන කිරිබත්ගොඩ පුංචි චමරියකට නගා කොලුවා සැට් උනේ ඊටත් පස්සෙ. උසස් පෙළ කරන කාලෙම අපි ඒකාට මත් වතුර උගුරෙන් පහලට හලාගන්නා ආකාරය මුල ඉදන් අගට නිර්ලෝභීව කියා දී තිබුන නිසාම චමරියේ පැවැත්වුන මධු සාද වලදිත් නගා පෙරමුණ අරගෙන කටයුතු කොරන ආකාරය අපේ ගෙවල් පැත්තෙ ආව ගිය වෙලාවට ඒකා රස කරමින් දෙසාබෑවා.

චූටි නංගිට දැන් ඉස්සර වගේ නගාව මුලිච්චි වෙන්න ඉඩක් නෑ...නගා කොලුවා සතියේ දවස් වල සරසවියෙ අධ්‍යාපනය ලැබීමත්, සති අග වරලත් ගණකාධිකරණය පාඨමාලාවකට සහභාගි වීමත්, මේකා ගම් බලා එන්නේ ඉදහිට දවසක වීමත් ඇගේ ප්‍රේමයට එල්ල වූ අතුල් ප්‍රහාරයක් වගෙයි.

සිරා කොලුවත් කෙටි කාලයක් වරලත් ගණකාධිකරණය හදාරන්න පන්ති  ගියත්, පාන්දර නැගිටලා පන්ති යන්න තියෙන කම්මැලි කමත්, මේ විෂයන් ඉගෙනගන්නට තිබුන අකමැත්තත් නිසාම ඒ ගමන් මගෙන් ඉවත් වෙලා පරිගණකයට ලං උනා. පුෂ්පෙ ගොයියා නම් දිගටම මේ පාඨමාලාවට සහභාගි වුනා. මිනිහට තමන්ගෙ ප්‍රියම්භිකාව මුණ ගැහුනෙත් මේ පන්තියකදි. ඒ කථාවත් මේ වගේම රසවත් එකක් හින්දා ඉදිරි දිනයක බොලාට කියන්න මම ඔන්න කාමරේ පැත්තකින් අරගෙන තිබ්බා.

සරසවියෙ පළවෙනි මාස දෙක තුන ඉතිං නවක වදය ලැබෙන කාල වකවානුව නොවැ. කැලණිය සරසවියෙ තෙල් බැම්මෙ ඉදගෙන ජේෂ්ඨයො අපේ නගාට බැල්ම දැම්මට මේකා කිසිම රහකට නැති එකා නිසා උන් කවුරුවත් වද දුන්නෙ නෑ. ඒ හින්දම නවක වදය කාලයෙදි අපි නගා කොලුවට පංකාදු පහේ වැඩක් කලා.

අපේ පුෂ්පෙ ගොයියගෙ පෙම්වතී කැලණිය සරසවියෙ නගාට ඉහළ වසරෙ ඒකාගෙම අංශයෙ තමයි ඉගෙනුම ලැබුවෙ. අපි එකම වයසෙ උනාට ඒ ඇත්ති පළමු වතාවෙම සරසවි ගිය නිසා නගාට කලින් සරසවි බිමට ආවා.

උඹලට රැග් එක නැද්ද බොල...මුල් කාලයෙදි නගා නිවසෙ ඉදන් මේ ගමන ගිය නිසා සතියකට දෙතුන් වතාවක් මුලිච්චි වෙනවා.

තාම නෑ බං...අඩු තරමෙ තාම සින්දුවක් වත් කිව්වෙ නෑ. උඹලගෙ මහ ලොකු ගෑණු ඉන්නවා නේද...කියහංකො අපිට රැග් කරන්න කියලා....නගා පුෂ්පෙ කොලුවට කෝචොක් පාරක් දැම්මා.

උඹට දෙන්නං වැඩේ....එහෙම හිතාගෙන පුෂ්පෙ කොලුවා පෙම්වතීට රාජකාරිය පැවරුවා. අනේ ඉතින් ඒ ඇත්ති තවත් දැරිවියො එහෙම පිරිවරාගෙන....අපේ නගාට මදි නොකියන්න නවක වදය දුන්නා...නගා හැන්දෑවට ගෙදර එන්නෙ ඇඩෙන්න ඔන්න මෙන්න වගේ...දැරිවියන්ගෙන් නවක වදය කාලා වැනි වැනි එන නගා දැක්කම අපි දෙන්නට හරිම සතුටුයි. තාලයකට අත්පුඩියක්වත් ගහගන්න බැරි නගාට වැඩිපුරම ලැබිලා තිබුනෙ දැරිවියො ඉදිරියේ සින්දු කියන්න.... එහෙමත් නැත්තං ඒ ඇත්තියො පෙන්වන තවත් දැරිවියකගෙන් කැමැත්ත විමසලා ආදරය දිනා ගන්න. එහෙමත් නැත්තං රූකඩයක් වගේ නටන්න. සින්දුවක පද පේලි දෙක තුනක් වත් මතක නැති තැන මේ උත්තමාවියො කියන අවලං කථා ඇහුවම නගාට පොළව පලාගෙන යන්න හිතෙන්න ඇති.

ඉතිං මේ කියපු විදියට සරසවි භූමියට නවකයෙකු විදියට ආව නගා ටිකෙන් ටික සරසවියෙ උප සංස්කෘතියට පත්තියන් උනා. කාලය හෙමි හෙමින් ගතවෙලා සරසවියට ඊලග නැවත් සේන්දු උනා කියමුකො.

මම වගේම පුෂ්පෙ ගොයියත් ඒ වෙද්දි වෘත්තීය ජීවිත වල අයන්න ආයන්න කියමින්  හිටිය නිසා නගා වගේම චූටි නංගිත් අපිට කථා බහ කරන්න මුලිච්චි උනේ එහෙමත් දවසක. ඇය උ/පෙ වලින් පස්සෙ කුමක් කරනවාද...අපි ඒ ගැන දැනුවත්ව හිටියෙ නෑ. නමුත් දෙන්නගෙ ප්‍රේමය නම් හොදින් ගලායනවා ඇති කියලයි අපි හැමවිටම හිතුවෙ.

අලුත් බැජ් එකේ මරු කෑල්ලක් ඉන්නවා බං...පට්ට ගති...නගාගෙ කටෙන් කෙළ බේරෙනවා..

එතකොට චූටි නංගිව අමතක කරන්නද උඹේ කල්පනාව.....

කවුද බොල එහෙම කථාවක් කිව්වෙ....නගා අපිත් එක්ක එහෙම කිව්වා....

විභාගයෙන් පස්සෙ නගාගේ පෙම්වතිය කිසියම් පාඨමාලාවක් හෝ හදාරන්නේ නැතිව නිවසට වී සිටීම ගැන මිනිහා එතරම් කැමැත්තක් දැක්වූවේ නෑ. හොද රැකියාවක නිරත වන බිරිදක් ලැබුනොත් ඉදිරි ජීවිතයේ කටයුතු පහසු වේවි කියලා ඒකාට හිතෙන්න ඇති. ඒ නිසාම දවසෙන් දවස සරසවිය ඇතුලෙ මුලිච්චි වෙන දැරිවියො නගාගෙ හදවතට සමීප වෙන්න ඇත්තෙ නිරායාසයෙන්.

නගා සරසවිය තුලත්, සිරා කොලුවා සහ පුෂ්පයා වෘත්තීය ජීවිත තුලත් වසරක් දෙකක් ගත කලා. හදිසියේම දවසක සිරා කොලුවගෙ ජංගම දුරබණුවට කිංකිණි හඩින් දැරිවියක් කථා කලා. බොලේ මේ අපේ චූටි නංගිනෙ.

පුෂ්පෙ ගම්පහදි මුලිච්චි වෙච්ච වෙලාවක ඔයාගෙ නොම්බරේ ඉල්ල ගත්තෙ.

ඉතිං ඉතිං...සෑහෙන කාලෙකට පස්සෙ....දැන් කොහොමද ඔයාලගෙ ලව් එක නැගලා යනවද ?

ඒ ගැන කථා කරන්නත් එක්ක තමයි මම ඔයාට කෝල් කලේ.....

ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද...

ඔව්....එයා මාව හම්බවෙන්න ආවෙ නෑ හුග දවසකින්...කෝල් එකක් ගත්තට උත්තර දෙන්නෙත් නෑ. එයාට දැන් කැම්පස් එකේ කවුරු හරි ඇති.



චූටි නංගි කථාව අතරතුර මහා හඩින් හඩා වැලපෙන්න උනා. ඇය ඉතාමත් දැඩිව නගාට ආදරය කරන බව ඒ වෙද්දි මට වගේම පුෂ්පයටත් දැනිලා තිබුනෙ. සැබවින්ම චූටි නංගි ඕනෑම පෙම්වතෙකු ප්‍රාර්ථනා කල යුතු ආකාරයේ ඉතාම හොද පෙම්වතියක්. නමුත් ඒ සම්පත දැන් නගාට අගය නැති ගානයි.

අඩන්නෙ නැතුව කියන්න.

එයාගෙ උපන් දිනයට මම තෑග්ගක් ලෑස්ති කලා....

ඔයාට කොහෙන්ද සල්ලි....ඔයා රස්සාවක් කරන්නෙ නෑනෙ....

දන්නෙ නැද්ද එහෙං මෙහෙං හොයාගන්න ඒවා...මම මොන්ටිසෝරියකත් උගන්වනවා දැන් ගෙවල් පැත්තෙ. පොඩි උන්ට නැටුම් එහෙමත් කියා දෙනවා...චූටි නංගි පාසල් සමයෙ හොද නැට්ටුක්කාරියක් කියලා බොලාට මට වේලාසන කියන්න අමතක උනා.

ඉතිං....

මම දවස් ගානක් එයාට ගම්පහ ටවුමට එන්න කිව්වා තෑග්ග අරගෙන යන්න...එයා ඒ වෙනුවෙන්වත් ආවෙ නෑ.

ඇගේ ඉකිබිදුම නගා කෙරෙහි මා සිතේ ඇතිකලේ විශාල කෝපයක්.

පුදුම මිනිහෙක්නෙ මේකා...මට එහෙම කියවුනා...

දැන් එයාට මගෙන් වැඩක් නැතුව ඇති. ඒත් කමක් නෑ...මට අකමැති නම් කෙලින්ම කිව්වා නම් ඉවරනෙ.

ඉතිං මට මොනවද ඔයා වෙනුවෙන් කරන්න පුලුවන් ?

ඔයා ඇවිත් මේ තෑග්ග අරගෙන යන්න....එයාට වැදගත් දේවල් තමයි මම ලෑස්ති කලේ...හම්බවෙච්ච වෙලාවක එයාට දෙන්න.

ඔයා භය නැතුව ඉන්න...මමයි පුෂ්පයයි ඔය මිනිහව කනෙන් ඇදගෙන ඔයා ලගට අරගෙන එන්නම්..

මේ ඇමතුමෙන් පස්සෙ මගේ කෝපය ඉහවහා ගිහින්...දැරිවියක් සමග ප්‍රේම සබදතාවක් පටන් ගන්නට තදියම් කාලෙ ඇයට හඳ උනත් ගෙනත් දෙන්න පොරොන්දු වෙන පෙම්වතුන් පස්සෙ පස්සෙ මේ විදියට වෙනස් වෙන කාරණය මටත් හිතාගන්න බැරි ජාතියෙ එකක්.

පුෂ්පෙ කොලුවා එක්ක චූටි නංගිගෙ ගැටළුව සම්බන්ධයෙන් කථා කරලා කොළඹ සරසවියේ අධ්‍යාපනය ලබන බීඩියා සමග නගාව ගම්පහට ගෙන්නගන්නත්...ගම්පහ දුම්රිය නැවතුම අසලට ඒකාට හොරෙන් චූටි නංගිව කැදවාගෙන එන්නත් අපි සැලසුම් කොලා.

අන්න අරුන් දෙන්නා අද බෝතලයක් කඩමු කිව්වා...අද මමත් එනවා වරෙං යන්න...බීඩියා ජංගම දුරබණුවෙන්  එහෙම කිව්වම නගා බොහොම කැමැත්තෙන් ගමන පිටත් උනා. අද වගේම එදත් පිනට නමාගන්න තියෙනවා නම් නගා එක පයින්....

නගා චූටි නංගි ආදරය දිනවන්න මමත් පුෂ්පයත් අපේ වෙනත් වැඩ කැප කරලා ගම්පහ දුම්රිය නැවතුම ඉදිරිපිට ඕන්න දැන් බලාන ඉන්නවා.

රඹුක්කන දුම්රියෙන් බැහැලා බීඩියා නගා ජෝඩුව දැන් අපිට සම්මුඛ වෙලා.

අඩේ..අපි කොහෙද අද සෙට් වෙන්නෙ වලේද ? (වල යනු ගම්පහ නගරයේ ඇති මත්පැන් පානය සදහා නම් දැරූ අවන්හලකි )

නගාට පුදුම තදියමක්...

ඊට කලින් උඹට යාලුවෙක් ඉන්නවා මුණ ගස්සන්න.... එහෙම කිව්ව පුෂ්පයා අපිට මුවාවෙලා උන්න චූටි නංගිට ඉදිරියට එන්න හස්ත සංඥාවක් දුන්නා.

ඇගේ අනපේක්ෂිත දර්ශනය නගා තුල ඇති කලේ කම්පනයක්...ඒකා බොහෝ සේ අපහසු තාවට පත්වූ බවක් අපට දැනුනා. බැරිම තැන නගා අහක බලා ගත්තා.

කොහෙද බොල බලන්නෙ...මේ විදියට අහක බලන්නද අපි එදා පස්සෙන් ගිහින් කැමැත්ත ඇහුවෙ. බීඩියා නගාගෙ බෙල්ලෙන් අල්ලලා ඉදිරියට හැරෙව්වා.

අනේ අපේ සුකොමල පෙම්වතී චූටි නංගි බ්‍රවුන් පේපර් කොළයක ඔතාගෙන ඇවිල්ලා තිබුන තරමක් විශාල නගාගෙ උපන් දින තෑග්ග අත දරාගෙන ඒකා දිහා පහන් හැගීමෙන් බලා ඉන්නවා.

අන්තිමේදි නගා ඇය කරා ගිහිල්ලා තෑග්ග බාර ගත්තා. උන් දෙන්නට කථා කරන දෙයක් කථා කරන්න අවස්ථාව දීලා අපි පැත්තකට උනා.

එදා හවස මම නගාගෙ ගෙදර ගියේ උපන් දින තෑග්ගෙ තිබුන දේවල් දැනගන්න අටියෙන්. ඒ වෙද්දි නගා තෑග්ගෙ තිබුන දේවල් තමන්ගෙ මේසය උඩ පිළිවෙලට අහුරලා.

සුවද විලවුන් බෝතලයක් / A4 කඩදාසි පැකැට්ටුවක් / පෑන් පැන්සල් මිටියක් සමග තවත් ලිපි ද්‍රව්‍ය එහි තිබුනා. ඒ කාලෙ හැටියට රුපියල් දෙදාහකට කිට්ටු තෑග්ගක්. රැකියාවක් නොකරන චූටි නංගි මේ තරම් කැපවෙලා තමන් අමාරුවෙන් හොයාගත්ත රුපියල රුපියල එකතු කරලා ගත්ත මේ තෑග්ග ඒකාට කෙසේ වෙතත් මගේ පපුවට බොහොම බරට දැනුනා. මේ තෑග්ගට වියදම් කරපු හැම රුපියලක් ගානේම...හැම A4 කඩදාසියක් ගානේම තැවරී ඇත්තේ ඇගේ අකලංක ආදරය නේද...මට එහෙම හිතුනා.

තමන් අධ්‍යාපන කටයුතු සමග කාර්ය බහුල බව පවසමින් නගා කොලුවා තව දුරටත් චූටි නංගිව මග හැරියා. ඒ අතර තුර ඇය සමහර විටෙක හඩමින් මා සමග දුරබණුවෙන් කථා කලා.  ඇය ඖෂධවේදී පාඨමාලාව හදාරන්න පටන් ගත්තෙ මේ කාල වකවානුවෙදි. නගා තමාට කැමති නැත්තෙ තමාට රැකියාවක් කරන්න සුදුසුකම් නැති නිසා වෙන්න ඇති කියලා චූටි නංගි හිතන්න ඇති.

පෙම්බරා නිසා රිදුන හිත ඇගේ මිතුරන් විදියට මමත්, පුෂ්පෙ කොලුවත් හැකි විදියට හදන්න හැමවිටම උත්සාහ කලා.

විභාගෙ ගැන විතරක් හිතන්න...අනිත් හැමදේම අමතක කරන්න...ඔයාට පුලුවන් මේක පාස් වෙන්න...ඇයව අපි දෙන්නා හැම විටම ධෛර්යමත් කලා.

සතියකට වාරයක් දෙකක් ජංගම දුරබණුවෙන් අමතමින් අපි ඇයව විභාගය පැවැත්වෙන මානය දක්වා දිරිමත් කරමින් රැගෙන ආවා.

කොහොමද ඔයා හොදට පාඩම් කරනවා නේද...විභාගයට ලෑස්තියි නේද...

ඔව්...ඔයාලා දෙන්නට පිං...ඔයාලා නිසා තමයි මම මේ විදියට හරි හිත හදාගත්තෙ...මම හොදට වැඩකරගෙන යනවා...භය වෙන්න එපා. චූටි නංගි එහෙම කිව්වා.

නමුත් විභාගයට දින ගනනක් ඉතිරිව තියෙද්දි නගා ඇයට දුරකථන ඇමතුමක් ගත්තෙ මේ කිසිවක් ගැන නොදැන. තමා ආදරය කරන නමුත් තමා අමතක කර සිටින කෙනෙකු මේ විදියට හදිසියේ කථා කලාම ඒ හිතට ඇතිවෙන ප්‍රහර්ශය...මෙවැනි අත්දැකීමක් ලබපු අයට ආගන්තුක නෑ. මේ ඇමතුමෙන් පස්සෙ චූටි නංගි ආයාසයෙන් ගොඩනගාගත්ත සංයමය නැති උනා. තැන තැන දුවන මානසිකත්වයකින් ඇය විභාගයට මුහුණ දුන්නා.

නගාගේ මේ නොසිතූ විරූ වෙනස් වීම උගේ මිත්‍රයන් විදියට මටත් පුෂ්පෙ කොලුවාටත් ඇති කලේ විශාල වේදනාවක් වගේම තරහක්. චූටි නංගි වැනි ඉතාම දැඩිව ආදරය කරන අහිංසක චරිතයකට මෙලෙස සැලකීම කිසිලෙසකින් අනුමත කල නොහැකි නිසාම අපි දෙන්නා නගා සමග මධුවිතක් තොලගාපු සෑම වෙලාවකම ඒකාට බැණ වැදුනෙ මිත්‍රත්වය පවා බිදෙන තරමේ රළු වදන් වලින්. ඒ සෑම වෙලාවකම නගා මුනිවත රැක්කා.

ඖෂධවේදී විභාගයේ ප්‍රතිඵලය පිටවුන දවසේම චුටි නංගි සිරා කොලුවට කථා කලා.

වැඩක් නෑ...හැම බලාපොරොත්තුවක්ම ඉවරයි...

ඇයි...එහෙම කියන්නෙ....

විභාගයෙ ප්‍රතිඵල ආවා...මම ෆේල්....

ඇයි ඔයා හොදට වැඩකරගෙන ආවනෙ...

ඔව්...අරයා මට හදිස්සියේ කථා කලාට පස්සෙ මට පාඩම් වැඩක් කරගන්න බැරි උනා. හිත එක තැනක තියාගෙන විභාගය ලියන්න බැරි උනා. ඇයි එයා ඒ විදියට මගේ ජීවිතේ එක්ක සෙල්ලම් කරන්නෙ. එයාට මාව එපා නම් ඇයි කෙලින් කථා කරන්නෙ නැත්තෙ. අපි මේ වෙද්දි යාලු වෙලා අවුරුදු පහක්. ඒ උනාට අපි හම්බවෙලා කථා කරලා තියෙන්නෙ බොහොම අඩුවෙන්. මගේ හිතේ දවසෙන් දවස බලාපොරොත්තු ඇති වෙනවා කියලා එයා දන්නෙ නැද්ද ? අපේ අම්මටත් මේ සම්බන්ධය ගැන මම කියලා ඉවරයි.

චූටි නංගි හරිම සංවේදී යුවතියක්....ඇගේ ඉකිබිදුම ජංගම දුරබණුවෙ එහා පසින් ඇහෙද්දි, ආදර සබදතාවක් නැති තමන්ගෙ පුත්තරයා  හුරතල් වෙවී කථා කරන්නෙ කුමන කෙල්ලෙක් එක්කද කියලා තේරුම් ගන්නට නොහැකිව, සිරා කොලුවගෙ මෑණියන් තුෂ්ණිම්භූතව බලාන උන්නා.


මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

නගාගේ ආදර අන්දරයේ අවසාන කොටස මීලගට.

120 comments:

  1. //" ඔව්...අරයා මට හදිස්සියේ කථා කලාට පස්සෙ මට පාඩම් වැඩක් කරගන්න බැරි උනා. හිත එක තැනක තියාගෙන විභාගය ලියන්න බැරි උනා. ඇයි එයා ඒ විදියට මගේ ජීවිතේ එක්ක සෙල්ලම් කරන්නෙ.""// ඔන්න ඔය ටික තමයි අනික් කෙනාට තේරෙන්නේ නැත්තේ . කෙනෙක්ගේ හිතක් එක්ක සෙල්ලම කරන එක සමහරුන්ට විනෝදයක් . ඒත් ඒක කොයිතරම පාපයක්ද කියලා ඒ යට තේරෙන්නේ නෑ.
    හිතක් රිදවන්න , බිඳින්න ලේසියි ඒත් හදන්න කවදාවත් බෑ. එපානම් එපා නොකියා කොනිත්ත කොනිත්ත ඉන්න එක තරම් වරදක් ලොවෙත් නෑ.

    හිත මහ පුදුම තැනක්
    දිදුලන මහරු මිණක්
    හසරැල් වතළ වතක්
    විටෙකදි නොනිම් දුකක්
    හිත මහ පුදුම තැනක්

    නවතින්නැයි කී විට හිත නිනව් නැතිව දුවනවා
    ඉක්මන රිසි වූ විට හිත නැවතුණ තැන ඉන්නවා
    ලද දේ ඉවත හෙළන නොලැබෙන දේම යදින
    හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරනවා

    අනුන් ළඟම දැවටී හිත ඉතින් මවෙත රැඳෙනවා
    අසරණවූ දා වෙන්වී මදෙස බලා ඉන්නවා
    හිතකට හිමිදේ හැර අන් හැමදේම හිතන
    හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරනවා

    ගී පද - බන්දුල නානායක්කාරවසම්
    ගී තනු - එච්. එම. ජයවර්ධන
    ගායනය - සුනිල් එදිරිසිංහ

    ReplyDelete
    Replies
    1. සිත ඔබට මුවා වී ඉකිබිඳිනා
      ඔබ ඇය හා සිනාසී සුව විඳිනා
      ප්‍රේම ලොවේ දොර කවුළු වැසී
      සිත ඉකි ගසමින් හඬන හැටී....

      ගායනය - නිරෝෂා විරාජනී
      පද -අරුණ කිත්සිරි
      සංගීතය -සමන්ත පෙරේරා

      Delete
    2. බොලාගෙ කටේ මසුරන් දාන්න ඕනෙ ඉවාන් කොලුවො...ඒක හරිම පවු වැඩක්...හිතක් බිදුනම හදා ගන්න හරිම අමාරුයි. මම නෙමෙයි හැබැයි කිව්වෙ....

      සිතක් බිඳුනු පසු කොතෙක් කලත් ඔසු
      පලක් නොවේ ළදුනේ
      ඉතිං තවත් කල් රැදී පලක් නෑ
      ඔබ මගේ සෙවනේ //

      බිදෙන බදුන් සේ සුරකිනු බැරි නම්
      විශ්වාසය සැමදා //
      සිතින් දුරස් වී ඉමු අපි දෙන්නා
      දුක උහුලනු බැරිදා

      සිතක් බිඳුනු .....

      ඔබ මට මට ඔබ තේරුම් ගන්නට
      නොහැකි නම් කිසිදා //
      මගේම අදුරු ලොව තනිවෙන්නම් මා
      ඔබට සැපක් වෙනදා

      සිතක් බිඳුනු //

      සංගීතය ගායනය - සෝමසිරි මැදගෙදර
      ගී පද - බන්දුල ජයසිංහ

      Delete
  2. නගා නම් බල්ලෙක් නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම...අපි ඒකට මේ ගැන කියලා බනින වෙලාවට ඔය අහිංසක සතාගෙ නමත් වැඩිපුර යොදාගත්තා ඒ කාලෙ...

      Delete
  3. ඔහොම කාල අපි හැමෝටම තියෙනවා බන්.. කෙල්ල පව් තමයි හැබැයි සමහර වෙලාවට ඔය වගේ සීන් වෙන්නේ අපිව අපිටම ටෙස්ට් කරගන්න අවස්තාවක් දෙන්න... කාගෙන ඉන්න එකා දිනුම්... බලමු ඉතිරි කොටසත්..

    ReplyDelete
    Replies
    1. කෙල්ලත් ඉතිං තව කොල්ලෙක්ට ගින්දරක් වේලාසන දුන්නනෙ කියලා කෙනෙකුට හිතෙන්න පුලුවන්...ආදරය කියන්න මේක තමයි...තමන්ට හොදටම ගැලපෙන කෙනා ලග නතර වෙනකං දුක සතුට දෙක අතරමැද දෝලනය වෙන ගමනක්...

      Delete
  4. දුක් සීන් එකක් නෙ. මට ඇරුනේ නැති සරසවියේ දොර නුඹට ඇරුනු දවසේ... කියල සින්දුවකුත් තියන්නෙ

    ReplyDelete
    Replies
    1. මේ මතකය අවදිවෙන හැම වෙලාවමකම ඒ අහිංසක කෙල්ලගෙ මූණ මට මැවිලා පේනවා බං...චූටි නංගි හරිම අහිංසක කෙල්ලෙක්...

      Delete
  5. //සුවද විලවුන් බෝතලයක් / A4 කඩදාසි පැකැට්ටුවක් / පෑන් පැන්සල් මිටියක් සමග තවත් ලිපි ද්‍රව්‍ය // මෙහෙම දේවල් අපිටත් හම්බුනානම් අපිත් අද හොඳ තැනක ඉන්න කොල්ලෝ! :D
    තාමත් ඉතිං දුක්ගන්නාරාළ පත්වීම තමා ඉතිං

    ReplyDelete
    Replies
    1. එතකොට හැබෑටම නාඩියො...උඹ ගම්පහ ගෙට්ටුවට එක්කගෙන ආව නගා කවුද...මම මේ නිකමට වගේ ඇහුවෙ....

      Delete
    2. උඹලට තාම ඒ දැරිවිනම් මතකයි නේ.. මගේ හොඳ යාළුවෙක් ;)

      Delete
  6. Ayyo adath iwara une na ne siro. Kella pau mona unath .

    ReplyDelete
    Replies
    1. එහෙම ඉවර කොරලා කොහොමද...වෙච්ච සිදුවීම් පිළිවෙලට කියාගෙන එන්න එපායැ...ඊලග කොටසෙන් අහවරයි...

      Delete
  7. මම දන්න මේ වගේ අවුරුදු 11 ක ආදරයක් ඒ කාලේ අපේ පාසලේ එකට ඉගෙනගත් හැම දෙනාගේම සිත් කම්පා කරමින් බිඳී ගියා. හැබැයි අද ඒ දෙන්නාම විවාහව දරුවන් ලබා ඔවුන්ද විවාහ කරදී සතුටෙන් ඉන්නවා. ලෝකේ හැටි ඔහොම තමයි සිරෝ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි...බුදුන්ගේ ධර්මයේත් තියෙනවා නොවැ ලොව කිසිම දෙයක් සදාකාලික නෑ කියලා...ඒ ඇත්තො අද ඒ අතීතය සිහිකරලා දුක් වෙනවා වෙනුවට සිහින් සතුටක් ලබනවා ඇති....

      Delete
  8. ඔහොම කාලකන්ණි නිසා තමයි බන් සමහර කෙල්ලෝ ආදරේ කරන්න බය.... මුලින් පු* දීගෙන පස්සෙන් ගිහින් කෙල්ලව යාළු කරන් ඊට වඩා ලස්සන එකක් දැක්ක ගමන් අර කෙල්ලට පොල්ල....වැරදි කොල්ලට ආදරේ කරලා ඌ දාලා ගියාට පස්සේ වෙන කොල්ලෙක්ට ලං වෙන්න කෙල්ලෝ බයයි... අර කතාවක් තියෙනවනේ ගිණි පෙලෙල්ලෙන් බැට කාපු එකා කළාමැදිරියටත් බයයි කියලා... සමහර කෙල්ලොත් එහෙමයි...

    ReplyDelete
    Replies
    1. ඇනෝ මිත්‍රයා..මට හිතෙන විදියට කෙල්ලන්ගෙ බාහිර ස්වරූපයට...වත් පොහොසත් කම් වලට, ජනප්‍රියත්වයට, උගත්කමට ආදරය කලාම ඔහොම වෙනවා...බොහොම ගැඹුරු අධ්‍යාත්මික ආදරයක් කරපු කෙනෙක් නම්...තමන්ගෙ පෙම්වතිය කිසිදවසක හැර යන්නෙ නෑ...මොකද ඔහු ඇගේ බාහිර සාධක වලට නෙමෙයි ආදරය කරලා තියෙන්නෙ. ආදරය නිසා හිත රිදවුන කෙල්ලෙක් තව කෙනෙක්ට ලං වෙන්න හරිම භයයි...ඒ බව මම පුෂ්පයගෙ ආදර කථාව කියන වෙලාවකව බොලාට හොදට වැටහෙයි.

      Delete
  9. කොහොමත් 90% ම ඔය ඉස්කෝලේ කාලේ යාළු වෙන ඒවා වැඩිකල් තියෙන්නේ නෑ..... වයසත් එක්ක හැමදෙයක්ම වෙනස් වෙන්න පටන් ගන්නවා.... මම නම් එකම වයසේ අය විවාහ වෙන එකට කැමති නෑ... අඩුම තරමේ කෙල්ල අවුරුදු 3 ක්වත් බාල වෙන්න ඕනේ...

    අනිත් කොටහත් ඉක්මනින් දාපන්..... මෙහෙම කඩන්න ගියාම අපිටත් එපා වෙනවා බන්... දිග වැඩිනම් කොටස් දෙකකට විතරක් කඩපන්.... කියවන්න ආස එකා කොච්චර කාර්‍යබහුල උනත් වෙලාව හොයන් කියවයි.... දවස් ගණන් බලන් ඉදලා පොඩ්ඩ පොඩ්ඩ දානකොට තද වෙනවා ඕන්..

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම..පාසල් යන කාලයේ ඇති වන ආදරය බොහොම සරළ එකක්...තව කෙනෙක් කරනවා දැක්ක නිසා...මටත් කෙනෙක් හිටියා නම් හොදයි කියලා හිතෙන නිසා..එහෙමත් නැත්තං යාලුවො ඉදිරියේ පොරක් වෙන්න..මේ වගේ මානසිකත්වයකින් තමයි බොහෝ වෙලාවට මේ ආදර කථාවක් පටන් ගන්නෙ....ඒ නිසාම ඒවාට වැඩි ආයුෂ නෑ...මොකද ජීවිතය පිළිබද කෙමෙන් කෙමෙන් අවබෝධය පුලුල් වෙද්දි තමන්ගෙ පෙම්වතාගෙ/පෙම්වතීගෙ අඩුපාඩු සහ නොගැලපීම් හොදට පේන්න ගන්නවා.

      බොලා කියනවා වගේ එක දිගට ලියන්න බෑ කොලුවො...කාර්යාල වලදි බ්ලොග් කියවන අයට දිග ඒවා කියවන්න අමාරුයි...සමහරුන්ට ජාල සබදතා නිවසට නැති නිසා කාර්යාලයෙන් තමයි කියවන්නෙ..මේ හැමෝම ගැන හිතලයි මම ලියන්නෙ...

      Delete
  10. මාර කෙස් එක නේද බන් සිරෝ... ගොඩක් වෙලාවට බොක්කෙන් ලව් කරන කොල්ලෙක්ට බොක්කෙන් ලව් කරන කෙල්ලෙක් සෙට් වෙන්නෙත් කලාතුරකින්... බොක්කෙන් ලව් කරන කෙල්ලෙක්ට බොක්කෙන් ලව් කරන කොල්ලෙක් සෙට් වෙන්නෙත් කලාතුරකින්....

    මම ප්‍රවීන් (ඇනෝලා ගොඩක් නිසා මම නම දැම්මේ)

    ReplyDelete
    Replies
    1. අමූලික ඇත්ත...මටත් ඔවැන් අත්දැකීම් එමට තියෙනවා...මුල් කාලෙ මම ෆූල් සීරියස් කරපු ලව් ඔක්කොම...ඒත් මට සෙට් වෙච්ච කෙල්ලො ඒකෙ අනිත් පැත්ත....ඒ ගැන කියලා වැඩක් නෑ බං...තනි ඇහැට ඇඩෙන්නෙ...

      Delete
  11. ආයුබෝවන් පෙම්බරානනි
    ඔබට සුභ දවසක් 
    දුකක් නොලැබෙන හෙටක් වෙනුවෙන් 
    සුසුම් සුභ පැතුමක් …ඔබට සුභ දවසක් !!
    ===== චූටි නංගී =====

    ඉවසයිද මන්දා මාදුන් රිදුම්
    වෙන් වීල ආ දා වෙනතක් බලන්
    උන්නාට මා රහසේ තුරුලක හෙමින්
    මට ඉන්න බෑනේ - මතකෙට හොරෙන්
    ===== නගා කොල්ලා =====

    ලාභ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
    ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
    උන්ට සෙයිලමේ මඟ තොට පාර වැරදුනේ
    අන්න ඒ නිසයි මට දුක රත්‍තරන් දුවේ……
    ==== චූටි නංගිගේ තාත්තා =====

    මගේ නංගි එදා ඔබට පිදුව පෙම් කුසුම්
    ඔබෙ දෙපයට පොඩි වුනාලු නොපිපෙන විලසින්
    ඔබ එතැනින් තවත් මලෙක සුවඳ පැතුව නම්
    පින් සිදුවෙයි මගේ නංගි මරල දැම්මනම්
    ===== චූටි නංගිගේ ලොකු අයියා ======

    පලංචියේ ලී ඉරුවේ අපි එකට
    මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට :D
    එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට
    ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට !!!!!

    /////=== සි රා කොළුවා ====\\\\\\ :D :D :D

    බ්‍රෑන්ඩ් එක ගල් !!
    - ස් තු ති යි -

    ReplyDelete
    Replies
    1. /පලංචියේ ලී ඉරුවේ අපි එකට 
      මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට :D 
      එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට 
      ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට !!!!!

      /////=== සි රා කොළුවා ====\\\\\\ :D :D :D 

      බ්‍රෑන්ඩ් එක ගල් !!
      - ස් තු ති යි -
      ++++++++++++++++++++++++++
      ඕන්න ඕකයි ඇත්ත. හෙක් හෙක්... අපි නොදන්න අප්පුහාමි :D


      Delete
    2. //ආදර සබදතාවක් නැති තමන්ගෙ පුත්තරයා  හුරතල් වෙවී කථා කරන්නෙ කුමන කෙල්ලෙක් එක්කද කියලා තේරුම් ගන්නට නොහැකිව, සිරා කොලුවගෙ මෑණියන් තුෂ්ණිම්භූතව බලාන උන්නා.//

      බළල් තඩියා පැන්න පැනිල්ලක් මල්ලෙං මේං මේම :D

      Delete
    3. බළල් තඩියා පැන්න පැනිල්ලක් මල්ලෙං මේං මේම :D
      +++++++++++++++++++++++++++++++++++

      වෙඩරු සොරා වෙඩරු සොරා කවට කමට එන්ට එපා
      බසින නුරා හද උදුරා ගන්ට අනේ යොදන උපා

      මී අඹ දළු සුළගෙ නටයි
      තනමින් හෝපලූ සඳැල්ල
      පසෙක තියා වෙඩරු සැලිය
      එන්න මගේ ගොපලූ කෙල්ල

      මොණරු රුවින් මොණර ඇසින්
      නිල් වනරොද සරසා මල් මුවරද ගවසා
      මල් නොතලා රොනට වඩින්
      චාටු කතා චාටු කතා චාටු කතා කියල

      මලින් මලට ඉගිල ගියේ
      ළඳේ නුඹව හමුවන තුරු
      බඹා කෙටූ හැටි මේකයි
      දිවුරන්නම් නෑ හොර බොරු

      උමතු කරයි ගොපලූ ළඳුන්
      සුරමුරලිය වයලා මල් හීසර යවලා
      ගං ඉවුරේ ළිය ගොමුවේ
      හැංගි හොරා හැංගි හොරා හැංගි හොරා නටලා

      අදින් පසුව ඔබට පමණි
      වයන්නෙ මේ සුරමුරලිය
      වෙඩරු නෙවෙයි සොරා ගත්තෙ
      කියන්නෙ මොනව ද කොමළිය

      හරි හරි දන්නවා අනේ
      බලමු බොළඳ ළඳුනගෙ හිත
      ඉක්මන් කර ගෙදර යන්න
      දෙන්නකො මට මගෙ හදවත
      ගෙදර යන්නෙ කොහොම ද ඔබ
      මා ළගනොවැ ඔබෙ හදවත

      හඩ – නන්දා මාලිනී/රෝහණ බැද්දගේ
      පද – සුනිල් ආරියරත්න
      ස්වර - ලයනල් අල්ගම

      Delete
    4. රත්තරනේ...රත්තරනේ ඔබ පොඩියක් අහක බලන තුරැ ඉදලා..
      හොරැහින් මට ඉගි කරනව ඔබේ ලගම යාලු මිත්‍රයා..
      මොකද අනේ, එහෙම උනේ..
      ලග ඉදගෙන අගේ ඉදන් කන කනවා මිත්‍ර ද්‍රෝහියා....................

      Delete
    5. //චූටි නංගි හරිම සංවේදී යුවතියක්....ඇගේ ඉකිබිදුම ජංගම දුරබණුවෙ එහා පසින් ඇහෙද්දි, ආදර සබදතාවක් නැති තමන්ගෙ පුත්තරයා හුරතල් වෙවී කථා කරන්නෙ//

      ආන් නගේ සල් අත්තේ පාන් කිරිත්තා
      මේන් බලාපන් හනිකට අඬා පනින්නා
      හිතම අමුතු වුනා නගේ වූ තනි හිංදා
      නගේ වූ තනි හිංදා

      අයියන්ඩී ඉගිලුනාද පාන්කිරිත්තා
      අන්න අතන සල් මල උඩ බඹරපොඩිත්තා
      අමුතු වුනේ හිත අහවල් දේට මන්දා
      අහවල් දේට මන්දා


      රෑන් ඇදී ඇල ඉවුරේ කොක්කු නැගෙන්නේ
      රටා පුරන සෙවනැලි පෙළ දියේ ඇගෙන්නේ
      හීන් නගා හෙට මන් යන පාර බලන‍්‍නා
      හිරු දෙවියෝ ඉර සේවෙට ඒවිද මන්දා

      ආන් නගේ සල් අත්තේ පාන් කිරිත්තා
      පාන් කිරිත්තා

      මිදු‍ල පුරා ඔලිද වැලේ ඇට ඉහිරෙනවා
      කඳුලු බිංදු වෙනුවට මම ඔලිද ගණිනවා
      කොළොම්පුරේ හැන්දෑවට ඉර රට යනවා
      නුඹ සිහි වී හිත එතකොට ගම රට යනවා

      ආන් නගේ සල් අත්තේ පාන් කිරිත්තා
      මේන් බලාපන් හනිකට අඬා පනින්නා
      හිතම අමුතු වුනා නගේ වූ තනි හිංදා
      නගේ වූ තනි හිංදා

      අයියන්ඩී ඉගිලුනාද පාන්කිරිත්තා
      අන්න අතන සල් මල උඩ බඹරපොඩිත්තා
      අමුතු වුනේ හිත අහවල් දේට මන්දා

      අහවල් දේට මන්දා

      -කපුගේ සහ මාලනී බුළත්සිංහල

      Delete
    6. අහුවෙයංකො පත්තරයො උඹ මට...පොවනවා ගල් කාලක්....බොලාට කියන්න....ඇත්ත වශයෙන්ම මට චූටි නංගි ගැන තිබුනෙ විශාල අනුකම්පාවක්...ඒක ආදරයක් බවට පත් වූනේම නෑ...අපි පුස්තකාලෙන් අදුනගෙන ජීවන ගමන් මගේ මිත්‍රත්වයෙන් ඉදිරියට යද්දි...අපේම සහෝදරියක් තරමට මටත්, පුෂ්පයටත් ඇය සමීප උනා...ඒ හින්දයි අපි දෙන්නම නගාට අන්තිම පහත් වචනත් පාවිච්චි කරලා මේ ගැන කථා කරන වෙලාවල් වල බැණ වැදුනෙ...අපේ මිත්තරයා කියලා අපි කිසිම දවසක නගාගෙ පැත්ත ගත්තෙ නෑ..අපි හිටියෙ චූටි නංගි එක්ක....අපි ඉතිං දැරිවියක් එක්ක කථා කරද්දි පාවිච්චි කරන වචන වෙනස් නොවැ...මචං...උඹ ...ඔය වගේ කථා කරන්නෙ නෑනෙ....ඉතිං අපේ අම්මා දන්නවා කොල්ලා මේ කථා කරන්නෙ දැරිවියක් එක්ක කියලා...මගෙන් ඔය ගැන ඇහුවාම මම ඇත්ත ඇති සැටියෙන් කිව්වාම...අපේ අම්මටත් නගා එක්ක තරහක් ආවා.

      Delete
    7. බොලා සින්දු කියද්දි මම කෝමෙයි සින්දුවක් නොකියා ඉන්නෙ...

      දෑසම රිද්දන හසගන තාලෙට
      පාද නගාගෙන කවුද හැබෑටම
      මේ යන රන් ළන්ඳා...
      කිව්වානාහන මේ මගෙ දෑසම
      ඇසිපිය නොහෙළනවා...
      මේ හැටි ලස්සන රූ වරුනාවට
      ඉබේම නැවතුනු හිටි පාදෙම
      ඔය කී රූ වරුණා...
      මා ගැන නම් මේ අහන්න ආසයි
      ආයෙම මයෙ වරුණා...

      මල් පෙති වාගේ පාද රිදෙද්දෝ
      බොරළු ප‍යේ ඇනිලා
      මා‍ ගැන මන්දෝ මේ අනුකම්පා
      හිතට දුකක් දැනිලා...
      ආලේ කුසුමෙන් මා හිත පිපිලා
      සුවඳ හදේ රැඳිලා...

      පේර නාරං බෝවිටියා දං
      අපට කඩා දෙයිදෝ
      බුරුතු පිටින් මේ වාරේ අවාරේ
      නෙලාන ඉන්නම් දෝ...
      මේ ගුරු පා‍රේ මේ නෙතු ආයේ
      හෙටත් සිනා සෙයිදෝ...

      ගී පද : අජන්තා රණසිංහ
      ගායනය සහ සංගීතය : රූකාන්ත ගුණතිලක

      Delete
  12. බි‍ඳෙන එක කොහොම හයි කරන්න හැදුවත් බි‍ඳෙනවාමයි..බැඳගෙන පස්සෙ උසාවි පෝසත් කරනවාට වඩා හොඳයි බි‍ඳෙන එක. ඒත් ඔය ඇත්ත තේරෙන්න අපේ වයසට එන්න ඕනෙ..

    ReplyDelete
    Replies
    1. //ඒත් ඔය ඇත්ත තේරෙන්න අපේ වයසට එන්න ඕනෙ.//
      මම හිතන්නෙ දරුවෙක්, දෙන්නෙක් ඉදල අවුරුදු 35 - 40 වෙද්දි වෙන්නැති සරත් අයියෙ ඔය ටික තේරෙන්න ගන්නෙ.

      Delete
    2. මුලින්ම බිදුනාම ඒකෙ දුක දෙන්නකෙුට විතරයි...ටිකක් කල් ගිහිල්ලා බිදුනාම ඒකෙ දුක තවත් අසරණයො පිරිසකටත් විදින්න වෙනවා..මොකද ඒ අය තමන්ගෙ කැමැත්තෙන් නෙමෙයිනෙ මේ ලෝකෙට ආවෙ...ඊට කලියෙන් නොගැලපීම් තියෙනවා නම් වෙන් වෙන එක ඉතාම යහපත්...නැත්තං මුළු ජීවිතයම අපායක් වේවි.

      Delete
  13. Replies
    1. බ්‍රා එකක කොලිටි බලන්නද ?

      Delete
  14. හොඳ වැඩේ චූටි නංගිට,කලින් කොල්ලට බූට් එක තිබ්බට.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්නත් පුලුවන් තමයි...ඒත් මෙතැන සිද්ධිය ඊට වඩා මානුෂීයයි බං...අවුරුදු 5 ක් කියන්නෙ සෙල්ලං නෑනෙ...

      Delete
  15. හැම එක්කෙනාම එකම නෑ සිරා...
    සමහර කෙල්ලො මැරී ගන ලව් කරනකොට කොල්ලට ඒක විහිළුවක්..
    ඒකෙ අනික් පැත්තත් ඒකම තමා...
    හුගක් වෙලාවට කට්ටිය පේම කොරන්න පටං ගන්නෙ රූපෙට සමාජ තත්වයට අරකට මේකට අහවල් එකට.. ඒත් කාලයක් යද්දි තේරෙද්දි දෙන්න ටික ටික නොගැලපෙනව කියනඑක නොසෑහෙන්න දුර ගිහින්... අන්තිමේ ආදරේ විතරක් නෙවී හැම ලබ්බක්ම නැති කරං තමා නවතින්නෙ...
    නගා වගේ අය සේම චූටි නංගි වගේ අයත් ඕන තරං...

    ReplyDelete
    Replies
    1. මම හිතන විදියෙම කමෙන්ටුවක් තමයි බොලා මෙතන එකතු කරලා තියෙන්නෙ...අපි ආදරය කරන්න ඕනෙ අනිත් චරිතයේ අධ්‍යාත්මික ගතිගුණ වලට...බාහිරින් පේන දේවල් වලට කරන ආදරය කෙටි කලකින්...ඒ සාධක පිරිහෙද්දි පිරිහිලා යනවා...අධ්‍යාත්මික ආදරය මැරෙන තුරාවට පවතිනවා...

      Delete
  16. මම යාලුවෙලා හිටියා ප්‍රිංයාකා කියලා කෙල්ලක් එක්ක ඊලග අවුරැද්දේ අලුත් නැව ආවම මට නිලු කියලා කෙල්ලෙක් එක්ක යාලු වෙන්න ඔින වුනා..ඒත් නිලුට උවමනා උනා මම ප්‍රිංයකා එක්ක තවම සම්භන්දය තියනවද කියලා දැන ගන්න ඉතින් මම ප්‍රිංයකට කිව්වා නිලු ඇහැව්වොත් දැන් අපේ සම්භන්දේ නැහැ කියන්න කියලා එදා ඒකි මාර විදිහට ඇඩුවා...
    දැන් නම් තේරේනවා මම එදා කරේ කැ#@%$^& වැඩක් කියලා..

    ReplyDelete
    Replies
    1. නෙදකින් ඒක කියන ලස්සන විතරක්.

      Delete
    2. හැක්! උඹ මාර බඩ්ඩක්නෙ මෙන්ඩියො. :D

      Delete
    3. බොන්ඩ ඕනැ කේස් එකක්. චැහ් !!!!!!

      දුක් සීන්. දුකට හරියන්නෙ ගල්..

      Delete
    4. දුකට හරියන්නෙ ගල් තමා..
      ඒත් ආදරය සමග හැලිබොරේන්ජ් දෙන්න.

      Delete
    5. බස්සි
      බොරැ මවාපැම් නැතුව උඔලා ඉස්සරහා විවෘත උනේ අපි අතර බොරැ බයිලා උවමනා නැති නිසා.
      ප්‍රියා
      ඒකාලේ ඒක වැරද්දක් කියලා හිතුනේ නෑ බං.
      පත්තර මල්ලි
      අම්මට හුඩු ඒ කලේ ඒකිව දාගන්නකන් දුකට බිව්වා පස්සේ සතුටට බ්ව්වා..ඒ කාලේත් බ්‍රැන්ඩ් එක ගල්.
      කම්මල
      නෙක්ටෝ එක්ක ගල් එල ද බ්‍රා...

      Delete
    6. මෙන්ඩා උඹට මේක දැක්කාම අයෙත් බොන්න වෙනවා ...
      බ්‍රෑන්ඩ් නම් ගල් හොදේ ...

      කොහොමද බ්‍රා ර්ර්
      " ලෝකයේ පළමු පියයුරු තුනේ කාන්තාව "
      http://www.lunudehi.gossiplankanews.com/2014/09/hsa-rfka-chkak-kajk-mshhqrla-noao-lra.html

      Delete
    7. මෙන්න මෙන්ඩ ඉන් බිස්නස්. (18+)

      http://www.youtube.com/watch?v=0jujQG7TBOs

      Delete
    8. මට මල මේ හු#@%& එක්ක..මම කැමති නැ මේ වැඩේට.. අපි බ්‍රා එකක් මහන්නේ භක්තියෙන් එහම කරලා අපි බලාපොරෙත්තු වෙන්නේ කෙල්ලෙක්ගේ හැඩය උපරිම මතු කිරිම. කස්ටමර් කම්පේලේන් එකකට අපි පට්ට බයයි.
      අපේ Buyer කෙනෙක් ඉන්නවා එයා fit-on බලන්නේ එයාගේ ගර්ල්ට අන්දලා..
      හැබැයි අපි බය නෑ.ඔනනම් මේකටත් පැටන් එකක් හදලා පෙන්නන්නම්..

      Delete
    9. අපි බ්‍රා එකක් මහන්නේ භක්තියෙන් // අපි ඕක ඇතුලෙ ඒවට සලකන්නෙත් භක්තියෙන් මෙන්ඩො.

      Delete
    10. මෙන්ඩිස් අයියා...ඇත්ත වශයෙන්ම ප්‍රියංකාට ගොඩාක් දුක හිතෙන්න ඇති...ඒ වෙලාවෙ ප්‍රියංකගෙ හෑන්ඩ් බෑග් එකවත් නැති වෙලා තිබුනා නම් ඔය කම්මල අයියට වගේ පංගරාර්තු කරන්න තිබුනා..

      //අපි බ්‍රා එකක් මහන්නේ භක්තියෙන් // අපි ඕක ඇතුලෙ ඒවට සලකන්නෙත් භක්තියෙන් මෙන්ඩො.//

      මේවා නෝනට පෙන්නුවොත් කම්මල අයියට ගෙදර යන්න වෙයිද ?

      සෙනෙහස දෙවොලකි පුදනු හැකි
      ඔබ නමටයි ඒ දෙවොල හිමි
      ආයාචනයට මසිත ගැයූ
      ඔබෙ දෙසවන් ඇයි අගුළු වැටී

      සුසුමට කඳුලට ලෙන්ගතු වී
      සැනසෙන්නද මා කෙලෙස යළි //
      ආදරයට හිමි කඳුලු බිඳු
      සාගරයට මුසු වේද මතු

      සෙනෙහස දෙවොලකි පුදනු හැකි
      ඔබ නමටයි ඒ දෙවොල හිමි

      සසරින් සසරට එකට බැඳී
      මෙතුවක් ආ මග අද නැවතී //
      ජීවිතයම එක රැයක දුටු
      සිහිනෙකි ප්‍රේමය බිඳුනු පසු

      සෙනෙහස දෙවොලකි පුදනු හැකි
      ඔබ නමටයි ඒ දෙවොල හිමි
      ආයාචනයට මසිත ගැයූ
      ඔබෙ දෙසවන් ඇයි අගුළු වැටී

      සෙනෙහස දෙවොලකි පුදනු හැකි
      ඔබ නමටයි ඒ දෙවොල හිමි

      ගායනය සංගීතය - රූකාන්ත ගුණතිලක
      පද රචනාව - බන්දුල ජයසිංහ

      (මේ ගීතයේ සෝමසිරි මැදගෙදර විසින් ගයන ගීතයක්ද ඇති අතර එය සංගීතවත් කර අත්තේ සරත්ද අල්විස් විසිනි. නමුත් රූකාන්තගේ ගීතය වඩා ජනප්‍රිය වේ.)

      Delete
    11. ඔය සින්දු දෙකෙන් මං නම් වඩා කැමති සෝමසිරි මැදගෙදර ගයන එකට.

      Delete
    12. @ මෙන්ඩ "මට මල මේ හු#@%& එක්ක..මම කැමති නැ මේ වැඩේට"

      සොරි මචෝ. ඒ නිව්ස් එක දැක්ක ගමන් මට උඹ මතක් උනේ .ආයෙත් මෙහෙම වෙන එකක් නැ ..... :-(

      එපා කෝපා පනේ එපා කෝපා පනේ
      විහිළු කලාට සිරියාවී ...//
      සම්පත් දෙන්නම් දුප්පත් නැ අපි ..//
      විහිළු කථා මගේ විහිළු කථා
      කවදත් ඔහොම තමයි සිරියාවී ..
      රන්රස වාගේ ඉන්ටහැකි ලෝකේ ...//

      https://www.youtube.com/watch?v=f1ikxC1a3Tg

      Delete
    13. සොරි මචෝ. ඒ නිව්ස් එක දැක්ක ගමන් මට උඹ මතක් උනේ .ආයෙත් මෙහෙම වෙන එකක් නැ ..... :-(
      අඩෝ සින්දු ඇයි මචං එහම කියන්නේ උඔ මගේ යාලුවනේ..අපේ බ්‍රැන්ඩ් එක ගල්නේ.

      Delete
    14. අපි ගල් බීල්, වඩේ කාල, ගෝලීප් බොන්නෙ. අවුල් ගන්ඩ දෙයක් නෑ ඔක්කොම දිරවනව.

      Delete
    15. බැරිවෙලාවත් දිරෙව්වෙ නැත්තං අපි අර රතු ටයිපටි දොස්තර නෝනගෙන් පෙති කරල් ඉල්ලගමු...

      Delete
  17. දෙනෝදහක් ගැවසෙන සරසවියේ
    පාළුව තනිකම දැණෙනවනම්
    කුටියේ කවුළුව විවර කරනු මැන
    සුළඟක් වී ඔබ වෙත එන්නම්

    ඔබ සරසවියක මා පොඩි ගෙපැලක
    එක්වන්නට අද වරම් නැතේ //
    එකම පන්තියේ එක ළඟ ඉඳගෙන
    පාසල් ගිය හැටි සිතට නැගේ

    ඔබ හා අත්වැල් බැඳ ඇවිදින්නට
    පෙරුම් පිරූ පාසැල් සමයේ //
    සිල්ප සතර රැඳුණේ නැහැ මා සිත
    ඒ හින්දයි අපි දුරස් වුණේ


    ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
    ගී පද - විජය රාමනායක
    සංගීතය - සරත් දසනායක

    ReplyDelete
    Replies
    1. මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා
      තරුවක් වාගේ හෙටත් නොපායන
      මගේ යොවුන් හද ප්‍රාර්ථනා
      අදත් එදා මෙන් බලා හිදී
      මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා

      බලා හිඳිමි පෙර මග නෙතු දල්වා
      ආදරයේ මුතු පියවිලි අතුරා
      කවදා හෝ එක් අරුණ උදාවක
      මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා

      බලා හිඳිමි කඳුලින් නෙතු පොඟවා
      ආදරයේ රන් කවුළු පියන් හැර
      වසන්තයේ පණිවුඩය සිතින් ගෙන
      මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා

      මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා ///


      ගායනය - නීලා වික්‍රමසිංහ
      ගී පද - අජන්තා රණසිංහ
      සංගීතය - ප්‍රේමසිරි කේමදාස

      Delete
  18. අදත් හයි ස්පීඩ් කියවගෙන ගියා. අයියෝ මෙයා තව කොටසකට ඇදලනේ. :(

    නගාට දෙන්න තිබුනෙ උඩින් ගිහින් පුඩින් වෙන්න. ඕ යේස්. මහ ජරාආආආආආආආආ කොල්ලෙක්.

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් බස්සි මතක නැද්ද චුටි නංගිත් ඔය වගේම වැඩක් නේද අර කෝලට කරේ..ඌ එදා ඡා-ඇලදි මාත් එක්ක ගල් බෝතලයක් ගහලා මිහරකෙක් වගේ ඇඩුවා.

      Delete
    2. බස්සි උඔගේ පිටුවට යන්න බෑ..ඇයි?

      Delete
    3. නගාගෙ යාලුවො උනාට අපිත් චූටි නංගිගෙ පැත්ත තමයි ගත්තෙ මේ ගැටලුවෙදි...තමන් අකමැති නම් කෙලින්ම කියලා දෙපැත්තට වෙන එක වෙනම දෙයක්....ඒත් මේ විදියට නොසලකා හැරීම ඉතාම අමන ක්‍රියාවක්..

      මෙන්ඩිස් කොල්ලො...බොලා ගල් බොන තරමට...සීදුවෙ ප්‍රඩක්ෂන් එක ඇතිද මන්දා...

      Delete
    4. හැක් හැක්.. මෙන්ඩා මගෙ බ්ලොගට යන්න බෑ කියපු එක දැක්කෙ දැනුයි!!

      Delete
  19. චූටි නංගිට අල්ලපු වත්තත් නෑ, පය ගහපු වත්තත් නෑ…

    නගා ගැන නම් කතා කර පලක් නැත.

    ReplyDelete
    Replies
    1. ඇයි බං පස්සෙන් සිරාගේ බස් එක ආවා ඒකට නගින්න ඇති.

      Delete
    2. පස්සෙ බස් එකේ නැගල ගිහිල්ල ආං පත්තරයට මාට්ටු වෙලා.

      Delete
    3. චූටි නංගි සිරාගෙ බස් එකට ගොඩවුන විදිය මම ඉහළ කමෙන්ටුවක කියා ඇත බොලව්...

      Delete
    4. ඔව් ඔව් ආ නගින්ඩ නගින්ඩ නංගි දැං ගෙනාපු කෝස්ට්‍ර් ඒ සී බස් එක. තාම කතරගම ගියෙත් නෑ කියලලු නග්ග ගත්තෙ !!!

      Delete
    5. උඹ එතකොට ඒ බස් එකේ පිටි පස්සෙ සීට් එකේද හිටියෙ පත්තරයො...

      Delete
  20. උඹට ඩිංගක් වත් ඒවා ගෑවිල නැද්ද??

    ReplyDelete
    Replies
    1. කෝවද බං....පොඩ්ඩක් පැහැදිලි මදි...

      Delete
    2. හැක් හැක්.. නිකං බබා වෙන්න එපා හරිය..

      Delete
    3. බබා නෙමෙයි බොලං...කෝවද ගෑවිලා නැද්ද ඇහුවෙ...

      Delete
  21. මම හිතුවෙ කැලන්ඩරේ බලපු දවසෙ ඉදන් නගා සමරිසියෙක් වුනා කියල.
    කැම්පස් ගියාම පරණ පෙම්වතා හෝ පෙම්වතිය බූට් එක කෑම අනිවාර්ය සිද්ධියක් කියන එක අත්දැකීමෙන් මම කියන්නෙ.
    හැබැයි බූට් එක කාපු එකා දැන් ගන්න ඕනෙ දුක සතුටට මාරු කරගන්න. කවද හරි එදා දුන්න බූට් එක ගැන පසු තැවෙන්න ජීවිතය හදාගන්න.
    නගා කැත වැඩක් කලේ කියන්න බෑ, එහෙම කිවුවොත් අපේ රතු ටයි පටි නංගි දැන් දොස්තර නලාවෙන් මගෙ බෙල්ල මිරිකයි.

    ReplyDelete
    Replies
    1. මගේ කමෙන්ටුව තේරුම් ගත හැක්කේ සිරාට පමණි. :D

      Delete
    2. හැක්, මෙන්ඩො කට කට පත්තරය එහෙම දැනගත්තොත් ?

      Delete
    3. මෙන්ඩිස් අයියා...ඔයාටත් ඊලග අවුරුද්දෙ කැලැන්ඩරයක් ඉල්ල ගන්න පුලුවන් මිනිහා මුලිච්චි වෙලා...ඔය කම්මල අයියා දන්නවා කෙනා කවුද, පොට් එක කොහෙද කියලා....තනියම යන්න භයයි වගේ නම් පත්තරයවත් එක්කගෙන යන්න.

      Delete

  22. මා හඬනා කඳුළු ගලා
    සැදුනු කඳුළු සාගරේ
    ඔබ ඇය හා ඔරු පැද පැද
    සිනාසුනේ ඇයි... සිනාසුනේ ඇයි..

    ඔබ දෙපසින් ගලාගියේ
    ඔබට හැඬූ කඳුළු නේද
    මලක මෙළෙක තිබුණු හදක්
    ගලක් කලේ ඇයි... ගලක් කලේ ඇයි..

    සියුමැළි හද රිදවන්නට
    හද රිදවා හිනැහෙන්නට
    ඔබ නොපෙළූ අසරණ මට
    සතුරු උනේ ඇයි... සතුරු උනේ ඇයි..

    ගායනය - නන්දා මාලනී
    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
    සංගීතය - එච්.එම්. ජයවර්ධන

    ReplyDelete
    Replies
    1. එල ද බ්‍රා..
      බැන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    2. තරුද නිදන මහ රෑ...
      නිදමි මහද නිදි නෑ...
      මතක පොතේ කඳුළින් කටු ගෑ
      කවි කියවෙයි මහ රෑ...

      පිණි විසිරෙන විට වටහා ගනු මැන
      දෙනෙතින් කඳුළැලි ගළන තරම්...
      රෑහි හඬන විට හඳුනා ගනු මැන
      රෑ තුන් යාමේ හඬන හැඩුම්...

      සුළඟ නොවේ මේ පාවී එන්නේ
      කුටියක සිරවී හෙලන සුසුම්...
      අතු අග පරවී බිමට වැටෙන්නේ
      සමනල යුගයක පිපුණු කුසුම්...

      Delete
    3. තරුද නිදන මහ රෑ...

      ගායනය - නන්දා මාලනී
      පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
      සංගීතය - රෝහණ වීරසිංහ.

      Delete
    4. තැන්ක්‍යු සි.ඇ!!!

      බ්‍රෑන්ඩ් එක කාල්ස්බර්ග්

      Delete
    5. ආයුබොවන් පෙම්බරානෙනි
      ඔබට සුභ දවසක්
      දුකක් නොරැදෙන හෙටක් වෙනුවෙන්
      සුසුම් සුභ පැතුමක්
      ඔබට සුභ දවසක්

      Delete
    6. ලස්සන සින්දු සැට් එක....හැමෝටම බොහොම ස්තූතියි...

      දුන්නු වේදනා, මේ
      නෙතින් උතුරලා..
      මතක රැස්වෙලා, හිත
      අයාලේ ගියා..
      හිතෙන්නේම නෑ, ඔබ
      මගේ නොවේ කියා..
      ජීවිතේම දැන් මාගේ
      හීනයක් වෙලා..

      කෙටි කාලයකින් හමුවී,
      මගේ ජීවිතයට පැමිණි,
      ලස්සනම සිහිනෙකි ඔයා..

      මේ සීත වස්සානේ,
      පාළුව ගලන්නේ..
      තනිකමයි හදවත, සරන්නේ..
      මේ අන්ධ හිත් මානේ,
      මතකය තැවෙන්නේ,
      සෝ සංකා හිරිහැර කරන්නේ..

      කෙටි කාලයකින් හමුවී,
      මගේ ජීවිතයට පැමිණි,
      ලස්සනම සිහිනෙකි ඔයා..

      සඳ නේන රැ යාමේ,
      සසලව හිඳින්නේ
      කළුවරයි දසතින්, හමන්නේ..
      වැටෙන හුස්මක් ගානේ,
      ඔබවමයි සිහිවන්නේ,
      ඔබ කොහේදෝ, හිඳින්නේ..

      කෙටි කාලයකින් හමුවී,
      මගේ ජීවිතයට පැමිණි,
      ලස්සනම සිහිනෙකි ඔයා..

      දුන්නු වේදනා..

      පද රචනය - ඩිලාන් ගමගේ
      සංගීතය - රදීෂ් වැන්දබෝනා
      ගායනය - නිරෝෂා විරාජිනී

      Delete
    7. ගනදුරට පෙම් බදින තරු යායට
      මල් යාය විකසිත වෙලා කුමකට
      මං ආයෙ හිනැහෙන්න උර මඩලට
      ලං වෙන්නෙ නෑ කදුලු පූජා කර

      දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්..…

      සිරා අයියා මගේ හිත හැදුවා :D :D
      ---- චූටි නංගී ------

      සිඑම්මම්

      Delete
    8. අපි සම වයසෙ බොල....චූටි නංගි මට වඩා මාස 4 ක් විතර වැඩිමල්...මට මතක විදියට...මොකද මම වතාවවක් ඒකිගෙ උපන් දින උත්සවයකටත් ගියා නොවැ ගෙදරට...

      Delete
    9. ග්‍රැෆික් ඩිසයිනිං කරන එකා වෙච්චි උඹට උප්පැන්න මවන්ඩ බැරියෑ යකෝ.

      පොටෝෂොප් තියෙන්නෙ ඒවට තමා :.D :D

      Delete
    10. ඔයා ඕවා ගනන් ගන්න එපා නගේ ..මම ඉන්නවානේ
      ---- සිරා අය්යා ---

      බිඳුණත් බැඳි පෙම
      නොසිතූ අයුරින්
      ඔබ කුළුඳුලේ පිදූ....
      මතු යම් දවසක
      සඳ පායනු ඇත
      නාඬන් නගේ සුදූ...

      ගසකින් නොසැළෙන
      මලක් කොයින්දෝ
      බඹරෙකු තුඩ නොතැබූ...
      මලක් ලොවේ නැත
      කිසි දින පිපුණේ
      ඒ හිමි කම නොලැබූ...

      දෙපය දොවාලා
      විල බොර කරලා
      ඇතැමුන් ඉවත පනී...
      විලට නොවේ දිය
      පවස දැනෙන්නේ
      ඒ අය එය නොදනී...


      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව සහ සංගීතය : ස්ටැන්ලි පීරිස්
      ගායනය : වර්නන් පෙරේරා

      Delete
    11. පත්තරේ සිරාට මහබැංකුවෙනුත් කථා කරා පෝටෝ ෂෝප් වලින් සල්ලි අච්චු ගහන හැටි අහගන්න.

      Delete
    12. මම ඩිසයිනරයා උනාට මගේ නර්ස් නෝනව අත ඇරියෙ ඔය උප්පැන්න අවුලක් නිසා බව බොලාට මතක ඇති....මම නීතිගරුක මිනිහා නෙව...

      Delete
  23. අඩෝ නගා කෙරුවේ සවුත්තු වැඩක් වගේ බං.චුටි නංගිට අර කොල්ලත් නැති කොරලා මුත් බුටක් තිබ්බා වගේ.

    ReplyDelete
    Replies
    1. අන්තිම සවුත්තු වැඩේ තමයි කලේ...ඊලග කොටසත් කියෙව්වාම නගා ගැන හොද නිගමනයකට බොලාට එන්න හැකි වේවි.

      Delete
  24. සිතක් බිදුනුපසු කොතෙක් කලත් ඔසු
    පලක් නොවෙ ලදුනේ
    ඉතින් තවත් කල් රැදි පලක් නැහැ
    ඔබ ඔහුගෙ සෙවනේ

    ඔක විදින කෙනා තමයි අමාරුව දන්නේ.කොරන එකාට තෙරෙන්නෙ නැ.

    ReplyDelete
    Replies
    1. ඔය සින්දුවෙ ඔක්කොම පද ටික මම උඩින් අත ඇරියා...ඕක තමයි ඇත්ත කථාව....ඇගේ අනෙකුත් අමාරු බෙහෙත් වලින් නැති කරගන්න පුලුවන් උනාට...හිතක් රිදුනාම ඒක සුව කරගන්න බෙහෙතක් නෑ...

      Delete
  25. මේක ඉවරද?නැත්නම් තව තියෙනවද? මම කැමතියි හිතන්න නගා වැ‍රැද්ද තේරුම් අරන් ආයෙම ඒ දෙන්නා හොඳින් හිටිය කියල හිතන්න

    ReplyDelete
    Replies
    1. තව එක කොටසක් තියෙනවා...ඒ කොටසින් මේ කථාව අවසන් වේවි...ඒත් මේ ඉරහද පවතින තුලාවට ඔබ අප ජීවත් වෙන සමාජය මෙවන් කථා වලින් නම් අඩු නොවේවි...

      හිතක් බිදුනු පසු දෙන්න ඔසු තියෙනවද ඉස්පිරිතාලෙ....දොස්තර නෝනා...

      Delete
    2. මීළඟ කොටසින් සිරා - චූටි නංගී ප්‍රේම වෘතාන්තය බලාපොරොත්තු වන්න !!!!

      Delete
    3. ඔව් ඔව්...ඊලග කොටසින් කියනවා...බලාන ඉදහං....එතකං සැර ජාතියක් බඩට හලා ගනින්...සීතල යන්නත් එක්ක....

      Delete
  26. මේක කොටියම කන්න එපැයි..ඔය දෙන්න එකටම ඉදල එකෙක් විස්ස විද්‍යාලේ ඉස්සෙල්ල ගියොත් බූට් සින් එකනම් ඉතින් බොහෝ දුරට හරි..(මටත් උනේ ඕකම තමයි)ඒත් ඉතින් පසුකාලෙක තමන්ගේ තත්වෙ ගැන හිතාගෙන එකෙක් ගමනක් යනකොට ඌට ගැලපෙන්නෙ නෑ කියල හිතෙන දේවල් කොච්චර කාලයක් ලග තිබ්බත් අයින් කරන්න සමහරු පෙලබෙනවා...මට හිතෙන්නෙ නාගත් එහෙම එකෙක් වෙන්න ඇති..ගොඩක් උන් ඔතනට ගියාම තමන්ගේම පන්තියක් ගොඩ නගා ගන්න හදනවා..ඊට පස්සේ ඒකට ගැලපෙන හෙල්පර් කෙනෙක් හොයනව..ඊටත් පස්සේ එතනට යන්න තමන්ගේ අම්ම තාත්ත උනත් අමතක කරනව.. මොනවා උනත් චූටි නංගි කියන්නෙ ආදරය හොයන කෙල්ලක්..ඒකිට දැනට සිද්ද වෙලා තියෙන දේ කනගාටු දායකයි... ( මම එහෙම කිව්වේ ඊලග කොටසෙන් මේ හාදය මොනවා ලියයිද දන්නේ නැති නිසා)...හා..දැන් මාත් හෙට අපේ ගෙදරින් මේ කොමෙන්ටුව දැකල එන කෝල් එකට උත්තරයක් හොයාගන්න ඕනෙ..

    ReplyDelete
    Replies
    1. ඔලුව පැලුන එකට බෙහෙත් දාන්න උනාද?

      Delete
    2. මෙන්ඩිස්..නෑ මචං..ඔය කොයි එක්කෙනා ගැනද කියල තියෙන්නෙ කියල ඇහුව..බලමුකෝ ඒකෙත් හැටි නෙහ්..

      Delete
    3. හැබෑට...ඒ උත්තමාවියත් සිරාගෙ කාමරේට එබිකං කොරනවද ?

      Delete
    4. එහෙනං.....අර මෙන්ඩ කියල ඉන්න උන්දැයි..සින්දු ඇනෝයි...පත්තර මල්ලිය කියල එක්කෙනෙක් ඉන්නෙ..අන්න උන්දගෙයි කොමෙන්ට් බලන්න තමා වැඩියෙම මනාප....(කතාවට අමතරව ඈ..)

      Delete
    5. ඉන්දික...චැ..තන්තෝසයි...බොන එක නවත්තලා හින්දා අද මම පාන් භාගයක් අරගෙන ගිහින් අරක්කුවල පොගවලා කනවා සතුටට.

      Delete
    6. @ මෙන්ඩිස්..... මේකව දිවියම කන්න එපායැ....

      Delete
    7. බොන එක නවවත්තලා අරක්කු කන ක්‍රමයත් නරකම නෑ...කොප්පරා කෑලි වලට කපලා අරක්කු වල පොගවලා ගත්තත් හොදට තියේවි...

      Delete
  27. බරට තිබුණු හිත තවත් බර වුනා බං මේක කියවලා. නගා කරපු වැඩේ නම් අන්තිම කැතයි කියලා විතරක් කියන්න පුලුවන්.

    නගාට බල්ලා කියලා උඩ බැනලා තියෙනවා දැක්කා. නමුත් මම නම් ඒකතාවට විරුද්ධයි. බල්ලො හරි අහිංසක ප්‍රතිපත්ති ගරුක සත්තු. මට වඩා හුඟක් උතුම් කියලා මමත් පිළිගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඒක නිසා තමයි මම කමෙන්ටුවක කිව්වෙ බල්ලා කියන අහිංසක සතාගෙත් නම අපි මේකාට බනින්න පාවිච්චි කලා කියලා...බල්ලා කියන්නෙ මගේ ප්‍රියතමම සතා...දවසක් කන්න දුන්නම මැරෙන දවසක් වෙනකං නැට්ට වනන ලෙංගතුකම, මිනිහෙක්ට වසර ගානක් උදව් කලත් තියේද...නගාට ඒ නම යෙදීම මේ වගේ ගුණගරුක සතෙකුට කරන නිග්‍රහයක්...ඕ යෑස්...

      Delete
  28. නගා කරපු වැඩේ නම් වැරදියි.. පව් චුටි නංගි..

    ඊලඟ කොටසත් ඉක්මනින්ම දාන්න..

    ReplyDelete
    Replies
    1. අපිත් එහෙම තමයි අදටත් කියන්නෙ...වැඩේ වැරදියි...ඊලග කොටස ලගදීම...

      Delete
  29. මොකද සිරා අයියේ කාමරේ ගඳ ගස්සන්නේ සුනකයෙක් ගේ කතා කියලා

    ReplyDelete
    Replies
    1. මෙහෙමනෙ මලයො...ලෝකෙ ගද සහ සුවද කියලා දෙකක් තියෙනවා...ගදේ තියෙන කටුක බව නිසා තමයි අපිට සුවද ගොඩාක් අගේ....ගද කියලා දෙයක් තිබුනෙ නැත්තං අපිට සුවද මේ තරම් වටින්නෙ නෑ...ඒ නිසා අපි ගද ගහන කථාවකටත් කාමරේ ඉඩක් දෙන්න ඕනෙ...

      Delete
  30. ප්‍රියදර්ශනSeptember 26, 2014 at 12:41 PM

    තාම නගා සිරාගෙ හොඳම යාලුවෙක්ද?..........

    ReplyDelete
    Replies
    1. ඒකට උත්තරේ මම ලිපියෙ ඉහළින්ම දීලා තියෙනවා නේද....//සිරා කොලුවාගේ අතිජාත මිත්තරයෙක් වෙච්ච නගා කොලුවාගේ ආදර අන්දරයේ// මෙතන මිත්තරයෙක් වෙලා හිටිය කියන අදහස දීලා තියෙන්නෙ වර්තමානයේ ඒකා සහ මා අතර සමීප සම්බන්ධයක් නැති නිසයි...උගේ ලග තියෙන මා අකමැති ගති ගුණ නිසාම අපි යම් තරමකට ඈත් වෙච්ච බව තමයි සත්‍ය.

      Delete
  31. Magaheruna kotasat ekkama den kiyeuwe....

    Man hithanne naga chuti nangigen wen wei..... (wen wena ekamai hoda.. )

    ReplyDelete
    Replies
    1. නගාව සෑහෙන කාලෙකින් දැක්කෙ...ඔයාගෙ අනාවැකිය හරි ගියාද කියලා බලන්න ඊලග කොටසෙන්...

      Delete
  32. අද තමයි මේ පැත්තට ආවෙ.. ..චුටි නංගි පව් හැබැයි එයා වාසනාවන්තයි ඒ එයාගේ හිත හදන්න එයාව ශක්තිමත් කරන්න හොඳ යාළුවො දෙන්නෙක් එයාට ඉන්න එක

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා හංසි...සැබෑ මිත්‍රත්වය කියන්නෙ ඒක තමයි. තව කෙනෙකුගේ දුකකදි ඔහුට/ඇයට පිහිටක් වෙන්න පුලුවන් නම්...ජීවිතේ එක අඩියක් හරි ඉස්සරහට තියන්න ධෛර්යයක් වෙන්න පුලුවන් නම්...මා අදහන සැබෑ මිත්‍රත්වය එයයි.

      Delete
  33. This comment has been removed by the author.

    ReplyDelete
  34. මේ දවස් ටිකේම බැලුවත් සිරා අයියගේ බ්ලොග් එක මට update වෙලා පෙන්නුවෙ නෑ. ,මම හිතුවෙ මුකුත් නෑ කියලා... අයියෝ අපරාදේ. අන්තිම කොටසත් බලල එන්නම්.

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...