Sunday, December 7, 2014

48 ඇපල් ගැන කථා

රෝස පවුලට අයත් Malus Domestica නැමති කුළය යටතට ගැනෙන ඇපල් නැමති පළතුර ලොකු කුඩා සැමගේ ආදරය දිනාගත්, පළතුරු ලෝකයේ ඉහළම තැනක තිබෙන පළතුරකි. ඇපල් ගෙඩියේ ඇති වර්ණයත්, එහි සුවඳත්, එයටම ආවේණික රසයත් සෑම කෙනෙකුම මේ පළතුර වෙත ආකර්ශනය කරගන්නට සමත් වී තිබේ. වර්තමානය වන විට ලෝකය පුරාම මහා පරිමාණයෙන් අැපල් වෙළඳාම සිදුවන අතර ලෝක ඇපල් නිෂ්පාදනයෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් නිපදවන්නේ චීනයයි. චීනයට පසුව ලෝක ඇපල් නිෂ්පාදනයේ දැවැන්තයින් ලෙස ඇමරිකාව, තුර්කිය සහ ඉතාලිය යන රටවල් දැක්විය හැකි වෙයි.



ඇපල් පළතුරේ ඉතිහාසය ක්‍රිස්තු උපතටත් පෙර කාලයකට දිවෙන අතර මහා ඇලෙක්සැන්ඩර් රජතුමාගේ නාමයද ඒ ඇතැම් තැනක දක්නට ලැබේ. බොහෝ දෙනා පිළිගන්නා කාරණය නම් මධ්‍යම ආසියාවෙන් ඇපල් ලොව පුරා පැතිරුන බවකි. එය ඇමරිකාවට ගෙන ගොස් ඇත්තේ ආසියාවේ සිට එහි ගිය ජනපදිකයන් විසිනි. පළතුරක් ලෙස ආහාරයට ගැනීම, විවිධ පාන වර්ග සහ වෙනත් ආහාර වර්ග ලෙස පසු සැකසුම් කිරීම සහ මත්පැන් නිෂ්පාදනය යන ආකාර 3 ලෝක ඇපල් නිෂ්පාදනය භාවිතා කරන ප්‍රධාන විධි ක්‍රම වෙති.

ආදම් සහ ඒවා තහනම් ගහේ ඇපල් කෑ කථාව බොහෝ දෙනා අසා ඇති එකකි. අයිසැක් නිව්ටන් මහා විද්‍යඥයාගේ හිසට ඇපල් ගෙඩියක් නොවැටෙන්නට අප තවමත් ගුරුත්වාකර්ෂණය පිළිබද මූලධර්මයන් නොදැන ඉන්නටත් ඉඩ තිබුනි. ස්ටීව් ජොබ් විසින් හොයාගත් ඇපල් මගින් මේ ලිිපිය ඔබ දැන් කියවනවා වන්නටත් පුලුවන. ඒ අනුව ඇපල් යන නාමය ජන ජීවිතයට ඉතාම සමීප එකකි.
ඇපල් ගෙඩිය වටා යුරෝපයේදී බිහි වී ඇති මිථ්‍යා කථා සංඛ්‍යාවද විශාල අගයක් ගනී. ජර්මන් මිථ්‍යා කථාවකට අනුව Iduna නම් දෙවඟන දෙවිවරුන්ට සදාකාලික තරුණ බව ලබාදීමට ඇපල් සැපයූ තැනැත්තිය බව කියවෙයි. ග්‍රීක ආගමික කථා බොහොමයක එය ගුප්ත හෝ තහනම් පළතුරක් ලෙස දැක්වෙයි.
Iduna දෙවඟන
ලංකාවේ වාණිජ ලෙස ඇපල් වවන්නේ නැති වුවත් ඇපල් ගෙඩියට මුවාවී ජීවිතය ගැට ගහගන්නා චරිත සිය දහස් ගනණක් ලක් පොළවේ ජීවත් වෙති. රෝහලකට රෝගියෙකු බලන්නට ගියත්...බස් රථයක දුර ගමනක් ගියත් ඇපල් රැගෙන යන්නට බොහෝ අය කැමතිය.

දිනකට ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීම හදවත් රෝග වලින් ඔබ ඈත් කර තැබීමට ඉවහල් වන බවක් ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂක කණ්ඩායමක් විසින් මෑතකදී සොයාගෙන තිබුනි. ඒ නිසාම ඇපල් යනු හදවතේ මිතුරෙක් ලෙසද හඳුන්වයි. එහෙත් ලංකාවේ බොහෝ තැනක අළෙවියට තබා ඇති විවිධ රසායන ද්‍රව්‍ය මගින් එළදායී ජීව කාලයෙන් පසුවද ආයුෂ දිගුකරගත් ඇපල් භාවිතයෙන් නම් ඒ ප්‍රතිලාභය ලබාගත හැකි වේ දැයි සැක සහිතය. ඒ කාරණා කෙසේ වෙතත් ඔබ නිතරම හපනා මුත් ඇපල් ගැන නොදන්නා කාරණා කීපයක් ගැන ජාලයෙන් පෙරලා ඔබට කියන්නට සිරා කොලුවා වන මම රිසි වෙමි.

ඇපල් පෝෂ්‍ය දායක ආහාරයක්ද ?

ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් අපගේ ඉන්ද්‍රියන් තුල විටමින් සහ වෙනත් පෝෂක වර්ග ප්‍රති ඔක්සිකරණය වීම ග්‍රීන් ටී හෝ බ්ලැක් ටී මෙන් දෙගුණයක අගයක් ගන්නා බව පෝෂණවේදීන් මේ වනවිට සනාථ කොට තිබේ. එහෙමත් නැති නම් බ්ලූබෙරි වට්ටියකින් භාගයක පෝෂණය එක ඇපල් ගෙඩියක අන්තර්ගතව තිබේ. මේ තොරතුරු පුදුම සහගත වුවත් එය සත්‍යයකි.

ඔස්ට්‍රේලියානු සමීක්ෂණ සමූහය (CSIRO) මගින් වසර 10 පුරාවට ඇපල් පිළිබඳ සිදුකල පර්යේෂණ වල ප්‍රතිඵල ඔවුන්ගේ 2010 ඇපල් වාර්තාවට එකතු කොට තිබේ. එයට ඔවුන් දායක කරගෙන තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේදී වවන ඇපල් විශේෂයි.

සාමාන්‍ය පරිදි ඇපල් ආහාරයට ගැනීමෙන් ශරීරයේ බර අඩුකරගත හැකි බවත්, විශේෂයෙන් උදරය ආශ්‍රිත මේදය අඩුකරගත හැකි බවත් ඔවුන් පවසති. නවීන විද්‍යාව තුලින්ද ඇදුම, ආසාත්මිකතාව වැනි තත්වයන් ඇපල් ආහාරයට ගැනීමෙන් අඩු කල හැකි බව සොයාගෙන තිබේ. ඇපල් තුල අන්තර්ගත ස්වභාවික රසායනික සංඝටක විශාල ප්‍රමාණයක් අතරින් Polyphenol නැමති රසායනිකය අපගේ සම කෙරෙහි බලපෑම් ඇති කරන එකකි. ඇපල් ගෙඩියේ පොත්ත ඉවත්කර ආහාරයට ගැනීමෙන් මෙම රසායනය නොලැබී යන අතර කුඩා දරුවන්ට ඇපල් ලබා දීමට පෙර ඒවා කැබලි වලට කපා වෙන් කිරීමේදී,පොත්ත වැඩිපුර ඇතුලුවන සේ කැපීම යෝග්‍ය බව පිළිගැනීමයි.

ඇපල් නැමති පළතුර ශීතාගාර තුල බොහෝ කල් තබා ගත හැකි එකකි. එය දිගුකාලයක් එසේ ගබඩා කර ඇති ශීතාගාරයකට ඇතුලු වීම අනතුරුදායක වෙයි. එහි විෂ සහිත වායූන් නැත. නමුත් ශීත කල ඇපල් ගබඩාවක් තුල ඔක්සිජන් නැත. ඒ නිසාම ඒ තුලට ඇතුලුවන අයෙක් ඔක්සිජන් රහිත නිසා මරු වසගයට යා හැකිය. සෙල්සියස් අංශක දශම 5 ක උෂ්ණත්වයක් ඇති මේ ගබඩාවක ඇපල් ගෙඩි ආශ්වාස (Respiration) කරන්නේත්, මේරීමට ලක් වෙන්නේත් ඉතා සෙමිනි. ඒ නිසාම ඇපල් ගෙඩියේ ජීවකාලය දිගු වී තිබේ.
සම්ප්‍රදායිකව ශීත කල ගබඩා තුල ඇපල් ගබඩා කොට තබා..ඇපල් ඵලදාව හට නොගන්නා කාලයට ඒවා පරිභෝජනය කිරීමට මිනිසුන් අතීතයේ සිටම හුරුව තිබේ. ඇපල් වල අඩංගු ආහාරමය තන්තු පෝෂ්‍යගුණයෙන් මෙන්ම ආහාරයට ගත් පසු ශරීරය තුල ප්‍රතිඔක්සිකරණ කර්තව්‍යයටත් දායක වන අතර මේ තන්තු කල්තබා ගැනීමේ  ක්‍රියාවලියේදී හානියට පත් නොවීම සුවිශේෂී කරුණකි.

1873 දී ඔස්ට්‍රේලියානු ඇපල් තොගයක් වාෂ්ප නැවක් මගින් වියානාවේ ප්‍රදර්ශනයක් වෙත ගෙන ගිය අතර, ඒ අවස්ථාවේදීද ඒ නෞකාවේ ඇපල් ගබඩා කිරීමට ශීත කාමර ඉඳිකොට තිබුනි. මේ ආකාරයෙන් ගබඩා කරන ඇපල් ගෙඩියක් මාස 9 කට පසු වුවද නැවුම් බවින් යුතු වන අතර රසයෙන්ද අනූනය.

අැපල් ගෙඩි මේරීමට ලක්වන වේගය ඒ ඒ දේශගුණික කලාපය සහ ඇපල් වර්ගය අනුව වෙනස් වන එකකි. ඇපල් ගෙඩියක මේරීම අවස්ථා 6 අනුව වර්ග කොට තිබේ. ඇපල් ගෙඩියක තද බව විනිවිදුම් මානය (penetrometer) නැමති උපකරණයක් මගින් මැනගනියි. මෙවැනි කාරණා ඇපල් ගෙඩිය සමග බද්ධවන්නේ වාණිමය වශයෙන් ඇපල් සමග ගණුදෙනු කරන විටදීය. ඇපල් ගෙඩියේ පැණිරස, එහි ඇති පිෂ්ඨය ප්‍රමාණය, රතු සහ කොළ පැහැය අතර තීව්‍රතාවය වැනි කාරණාද ඇපල් ගෙඩියේ මේරීම වර්ග කරන අවස්ථා 6 ට ඇතුලත් වෙති. රසවත් මෙන්ම පහසුවෙන් හපන්නට පුලුවන් ඇපල් ගෙඩියක් වන්නට නම් ඇපල් ගෙඩිය තුල සීනි මෙන්ම පිෂ්ඨයද සමපාත විය යුතුය. මේ තත්වය ඇපල් ඵලදාව නෙලන්නට කලියෙන් මෙන්ම නෙලාගත් පසුවද පරීක්ෂා කරනු ලබයි.

ඔබ ආහාරයට ගන්නා ඇපල් ගෙඩිය පරිගණක තාක්ෂණය සහිත විශාල යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් නෙලාගත්තේ යැයි ඔබ සිතනවා නම් ඔස්ට්‍රේලියන් ඇපල් සම්බන්ධව එය නිවැරදි නොවේ. ඔස්ට්‍රේලියානු ඇපල් ගෙඩියක් ගෙඩියක් පාසා මිනිස් දෑතින් නෙලාගනු ලැබේ. නෙලාගන්නා ඇපල් ගෙඩිය එය නෙලන පුද්ගලයාට සම්බන්ධ කල බෑගයක් තුල තැන්පත් කොට පසුව ඇපල් ගබඩා කිරීම සඳහා දැවයෙන් නිර්මිත විශේෂ භාජන විශේෂයක් වෙත හිස්කරයි. මේ ඇපල් වතු වෙත කාබනික කෘමිනාශක එකතු කරන්නේ පිලවුන් සහ වෙනත් කෘමීන්ගෙන් එල්ලවන හානිය නැති කොට ඒ කෘමීන් ඇපල් වගාවෙන් සහමුලින් ඉවත් කිරීම සඳහාය. ඔස්ට්‍රේලියානු ඇපල් වල කාබනික රසායනික මට්ටම ඉතා පහළ අගයක් ගන්නා අතර එය සම්මත ආරක්ෂාකාරී තත්වයන්ට අනුකූල වෙයි.

ඔස්ට්‍රේලියාවේදී ඇපල් ඵලදාව නෙලන අන්දම
ඇපල් එකතු කර තබන ලෑලි පෙට්ටියක්
ඔබ මිළදී ගන්නා ඇපල් ගෙඩියේ පොත්ත මත ඉටි විශේෂයක් තවරා තිබෙනු ඔබ ඇතැම් විටෙක දැක තිබෙනවා වන්නට පුලුවන. ඇපල් ගෙඩියේ ලෙල්ල මත ස්වභාවිකව ඇති වෙන ඉටි විශේෂයෙක් වෙයි. ඇපල් ගසකින් ඔබ විසින්ම නෙලාගන්නා ලද ඇපල් ගෙඩියක් ඔබේ කලිසමේ තදින් ඇතිල්ලූ විට එහි පොත්ත දිලිසෙන බවක් ඔබට අත්දකින්නට හැකිවෙනු ඇත. ඒසේ වන්නේ ඒ ස්ථානයේ වූ ස්වභාවික ඉටි ආවරණය ඉවත් වී තිබෙන නිසාය. අළෙවිය සඳහා පළදාව නෙලීමෙන් අනතුරුව වෙළදපොල වෙත යැවීමට ප්‍රථමයෙන් සිදු කරන සැකසීමේ ක්‍රියාවලිය තුලදී ඇපල් වල ස්වභාවික ඉටි ආවරණය ඉවත් වන නිසා ඒ වෙනුවට එළවළු තෙල් ආශ්‍රයෙන් නිපදවන ඉටි විශේෂයක් ඇපල් වෙත එකතු කරයි. එය නොමැතිව ඇපල් කල්තබා ගත හැකි කාලය අවම වෙයි.

ඇපල් ගැන කථාව අහවර කරමින් වඩා වැඳගත් කථාවක් ඔබට කියන්නට මේ හොඳම වේලාව යැයි මගේ අක්මාවට දැනෙයි. චෙරි,පීච්,ආමන්ඩ් වැනි රෝස පවුලට අයත් වෙනත් පළතුරු වල මෙන්ම ඇපල් ගෙඩියේද ඇට ආහාරයට නුසුදුසු වෙයි. ඇපල් ඇට තුල විෂ සහිත සයිනයිඩ්  විශේෂයක් කුඩා ප්‍රමාණයෙන් අන්තර්ගත බව නවතම පරීක්ෂණ මගින් සහතික කොට තිබේ. කුඩා දරුවන්ට ඇපල් ආහාරයට ලබා දෙන විට ඇට ඉවත් කර දෙන්නට හැම විටෙකම උත්සුක වන්න. මේ ඇට හපා ගිලීමෙන් ආහාර ජීරණ පද්ධතිය තුලදී එහි විෂ ශරීරයට එකතු වෙයි. එය විවිධ සංකූලතා ඇති කරන්නට සමත් වන්නට පුලුවන.



අපි නැවතත් ලංකාව දෙසට හැරෙමු. පිටකොටුවේ ඇපල් වෙළෙන්දන් රාශියකි. මොවුන් ඇපල් අළෙවි කරන අතර තුර ගණුදෙනුකරුගේ ඇස වසා හොඳ ඇපල් අතරට තැලී පොඩිවී ගිය ඇපල්ද, කල් ඉකුත්ව ගිය ඇපල්ද එකතු කරන බවට කලෙකට ඉහතදී රාවයක් පැතිරුණි. එය ඇතමෙකු විසින් පිටකොටුවේ ඇපල් මාෆියාව නම් හැඩකාර නමකින්ද හඳුන්වන ලදී.

හැඩකාර තරුණියක් මෙලෝ රහක් නැති තරුණයකු සමග ආලයෙන් වෙළුන විටකද....හොඳ ඇපල් කන්නෙම පණුවො යනුවෙන් පවසා පපු කැණැත්ත සැහැල්ලු කරගැනීමටද සිරි ලංකාවේ තරුණයා සමත් වෙති.




මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි


මේ ලිපිය සඳහා ප්‍රස්තූතය බවට පත්කරගෙන ඇත්තේ තත්වයෙන් උසස් ඔස්ට්‍රේලියන් ඇපල්ය. නමුත් ශ්‍රී ලංකා වෙළඳ පොලේ වැඩි වශයෙන් දකින්නට ඇත්තේ තත්වයෙන් බාල චීන ඇපල් බව මා අසා තිබේ. ඒවා භාවිතයෙන් මේ කියන ප්‍රතිලාභම අත්කරගත හැකිදැයි මම නොදනිමි.

48 comments:

  1. සිරා............... ඒක සිරා අැපල් කතාවක්............. දැන් නම් අැපල් කන්නමයි හිතෙන්නේ....................

    ReplyDelete
    Replies
    1. ඇපල් කෑවට කමක් නෑ...තහනම් ගහේ ගෙඩි නම් කන්න එපා...

      Delete
    2. තහනම් ගහේ ගෙඩි කෑ සොඳුරියේ නුඹට මගේ වත්තේ රඹුටං දැං රහ මදිද ?
      (මේක දැක්කේ බුකියේ)

      Delete
  2. Apple wageda papol..

    ReplyDelete
    Replies
    1. දුරට ඇපල් ලඟට පැපොල් කියලා තව කථාවක් තියෙනවා බොලා අහලා තියෙනවද...

      Delete
  3. එල ද බ්‍රා..
    අයිසැක් නිව්ටන්ගේ ඔලුවට පොල් ගෙඩියක් වැටුනානම් අද මේ කරදර මුකුත් නෑනේ

    ReplyDelete
    Replies
    1. එහෙනම් උඹලට වැල, වරක කරන්න හම්බවෙන්නෙ නෑ.

      Delete
    2. ගුරුත්වාකරෂනේ උඩු අතට තිබ්බනං උඹලට පුෂප් මහන්න වෙන්නෙ පැඩින් තියල නෙමෙයි තරාදි පඩි තියල :D ඕ යේස් !!!

      Delete
    3. අයිසැක් නිව්ටන්ගෙ ඔලුවට ඇපල් ගෙඩිය වැටුන ගමන්ම හිතිලා තියෙන්නෙ...මගේ වෙලාවට ඇපල් ගහක් යට හිටියෙ...බැරි වෙලාවත් දූරියන් ගහක් යට හිටියා නම් මට සොරි නේද කියලලු...

      උඹ කියන විදියට පත්තරයො එතකොට පුෂප් වෙනුවට..පුෂ් ඩවුන් තමයි මෙන්ඩලට මහන්න වෙන්නෙ නේද බං...

      Delete
  4. විසතරේ අනඟියි. ගෙදර ඇපල් ගහක් හදාගන්න තිබුනනම්..

    ReplyDelete
    Replies
    1. මතක ඇතුව ගහේ ටකයක් බැඳහං ඈ !!

      Delete
    2. නෑ එක්කො ඕන්නෑ... ඇපල් කඩෙන්ම කන්නම්!!

      Delete
    3. ආං හරි .. අපි ඇපැල් වැව්වට හොඳ ගෙඩි කන්නෙ වවුල්ලු :D

      Delete
    4. ගෙදර ඇපල් ගහක් හදාගත්තා නම් බොලා පැපොල් කන එක නතර කරනවා...ඕ යේස්...

      Delete
    5. දැන් පැපොල් ගනන් බං ඇපල් වලට වඩා..

      Delete
  5. ලංකාවෙ ඇපල් හදන්න තරම් දේශගුණික කලාප හිතකර පස් තිබුණත් පිටරටින් ගෙන්නලා බේත්ම ගගහ දෙන්නෙ ඒම කලොත් යන කොස්ට් එක වැඩි හන්දයි කියල ඊයෙලංකාදීප හෝ මව්බිම පත්තර දෙකින් එක්ක තිබ්බ මට හරියටම මතක නෑ
    ලංකාවෙ විකුනන්න ඇපල් කාපුවාම හදවත් රෝග නවතිනව කෙසේවත් ඉක්මණට අපායට යන්නනං පුලුවං.
    මට මතක විදියට මම ඇපල් කන එක නවත්තල අඩුම අවුරුදු තුනක් වත් ඇති.
    ඒ තරං අප්පිරිය වුණා

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ 10 ට 20 ට ගන්න තියෙන ඇපල් වල මේ ලිපියට පාදක වෙලා තියෙන ඇපල් වල තියෙන තත්වයම තියෙනවා කියලා මම හිතන්නෙ නෑ....ලංකාවට පළතුරු ගෙන්වන ව්‍යාපාරිකයො වැඩි ලාභ ගන්න තත්වයෙන් බාල ඇපල් ගෙන්වනවා කියලා කථාවක් තියෙනවා...සුපිරි වෙළදසැලේ ඇපල් ගෙඩියක මිළ සහ පාර අයිනේ ඇපල් ගෙඩියක මිළ වෙනස් වෙන්නට හේතුව ඒකයි...

      Delete
  6. නොදන්න කරුණු ගොඩක් දැනගත්තා. ඇපල් ඇට සහ ලෙලි ගැන දැනුවත් කරපු එක සෑහෙන වටිනවා.
    මමනම් කන්න ආසම ලංකාවේ ඇපල්... නමුත් ලේසියෙන් හොයා ගන්න බැහැ.
    ඒ ඇරෙන්න කොළඹ විකුණන්න තියෙන ඇපල් නම් කෑවොත් කන්නේ බොන වේලාවකදී විතරයි...

    ReplyDelete
    Replies
    1. ලොකු පුතේ ඇපල් ගෙඩි දෙක තුනක් අරගෙන මමයි පත්තරෙයි කම්මලයි නිමෝයි සින්දුයි එන්නද උඔ ඇපල් කන්න කැමති නිසා...(අමතක කරන්න එපා..ඇපල් එක්ක ගල් බිව්වාම ලස්සන වෙනවලු පුරැෂ ශක්තිය වැඩි වෙනවල...ඔි යෙස්...)

      Delete
    2. ලොකු මචං ගන්නවනං කාගිල්ස් එකෙන්ම ඇපලුයි ගලුයි ගනිං ඈ.. ඒකෙ බඩු හොඳයි .කැෂියර් එක ළඟ උඩ තියන රතුපාට පෙට්ටි වල ගෝලිප් පැකටුත් තියනව ඕන්නං..

      Delete
    3. ලොකු ,,මයේ පුතේ ....උඹ ඇපල් කොහෙන් ගත්තත් ගල් ගන්නවානම් කාගිල්ස් එකෙන්ම ගනින් කොලුවෝ .කවලන් ගැහුවොත් නම් ඔලුවත් ගලක ගහගන්න හිතෙනවා ...

      Delete
    4. ලොකු පුතේ මුං එක්ක සෙට් උනොත් අන්තිමට උඹට ඇපලුත් නෑ ගලුත් නෑ බං. :D

      Delete
    5. ප්‍රසා බොන්නෙ OLD, ලොකු පුතා ගෙ බ්‍රෑන්ඩ් එක මොකක්ද ?

      Delete
    6. බ්‍රෑන්ඩ් එක ගල් ...

      Delete
    7. අනේ අම්මේ මෙහෙමත් බේබද්දො ටිකක් හැබෑට...පත්තරයා තමයි මූලිකයා...අර මෙන්ඩිස් අයියලා වගේ අහිංසකයොත් බොන්න පොළඹවනවා...අපිත් ඉතිං බයිට් එකට සල්ලි නැති කුජීත වෙන දවස් වලට ඇපල් ගෙඩියකින් තමයි මැච් එක ගැහුවෙ.

      Delete
    8. අඩේ....!!! මම වඩේ ටිකකුත් අරං සැට් වෙන්නම්.

      -බ්‍රෑන්ඩ් එක ගල්-

      Delete
    9. බැඳපු හුරුල්ලො මගේ ගානෙ....

      Delete
  7. ලංකාවට එන ඇපල් වල ඉටි තට්ටුවක් ගාගාලු එවන්නේ. අනික ඒවෑ පෝශණ ගුණයකුත් නෑ ලූ.

    ReplyDelete
    Replies
    1. ඒ ඉටි ආවරණය නැති නම් ඇපල් ගෙඩිය ඉක්මනින් වේලෙනවලු...ඒ නිසා හොඳ ඇපල් වල තවරන ඉටි ආවරණය ශරීරියට අහිතකර නොවන ස්වභාවික අමුද්‍රව්‍ය වලින් හදන එකක් කියලයි කියන්නෙ. බාල ඇපල් වල ඉටි ආවරණයත් බාල ඇති.

      Delete
  8. හොදම ඇපල් ඊශ්‍රායල් ඇපල් කියල මට හිතෙන්නෙ.
    // හොද ගෙඩි කන්නෙම පනුවො// අනිවා කාන්තාරේ තිබුනත් පණුවන්ගෙන් බේරගන්න බෑ. හෙක් ...

    ReplyDelete
    Replies
    1. වරෙං ගල් කාලක් වක්කරන්න කටේ !!!
      කාන්තාරයේ කුසුම !! ඕ යේස්

      පමා වී පිපුණ මල් සුවඳයි

      හුකෑස්

      Delete
    2. //පමා වී පිපුණ මල් සුවඳයි // , වවුලෙකුට කොස් ඇටේකින් ගැහුව නේද ?.

      Delete
    3. මට පොඩි පුරස්නයක්. මේ පෝස්ට් එක ඇපල්නෙ ..ඊළඟට පතොක් / රට ඉඳි/ ඔටුවො ගැන වෙන්ටෑ ලියන්නෙ …

      Delete
    4. ඊළගට වැලි මීයො.

      Delete
    5. නෑ.. නෑ.. උරූ මීයෝ.....!!

      Delete
    6. කොහෙද පත්තරයො කාන්තාරයේ පමා වී මල් පිපුනා කියන්නෙ...පතොක් ගහක් මුදුනෙද ?

      Delete
  9. පුංචි කාලේ ඉංගීරීසි හෝඩිය ඉගෙන ගන්නකොට අපි හැමෝම ඉස්සෙල්ල කිව්වේ ඇපල් නේ.. ඒත් ඇපල් ගැන මේ තරම් දේවල් දැනගත්තේ නම් අද ..

    ReplyDelete
    Replies
    1. ඇපල් ඇටත් එක්ක පොඩි අයට දෙන්න එපා...ඒ අවවාදය හොදට මතක තියාගන්න.

      Delete
  10. ඇපල්වල ඉටි තට්ටුවක් ගාල තියනවා කියන කතාව ඇත්ත... ඒ නිසා පොත්ත ඇරල කන එක තමයි හොද... ඒත් පලතුරක ගුණ තියෙන්නෙ පොත්තයි මදෙයි අතරලු.. එතකොට මොකද කරන්නේ??

    ReplyDelete
    Replies
    1. ehenam kesel leli ekkama kanna wenawa... goraka lelith kanna wenawa... pani komadu lelith ekkama kanna wenawa... magus lelith ekkama kanna wenawa... ai yako annasi.... :D :D :D

      Delete
    2. ඇපල්වල පොත්තෙ තියෙනPolyphenol නැමති රසායනිකය අපේ සමේ ක්‍රියාකාරිත්වයට හේතු වන එකක් කියලා කිව්වනෙ...ඉතින් පොත්තත් එක්ක කන්න පුලුවන් නම් ඒ රසායනිකය ලබාගන්න පුලුවන්. ඇපල් වල ස්වභාවිකව තියෙන ඉටි ආවරණය සැකසුම් ක්‍රියාවලියෙදි නැතුව යන නිසානෙ කෘතිමව ඉටි ආලේප කරන්නෙ. එළවළු තෙල් වලින් හදන මේ ඉටි වර්ගය ශරීරයට අහිතකර නෑ කියලයි කියන්නෙ....ඒ උසස් තත්වයේ ඇපල් වල....බාල ඇපල් වල තත්වය ගැන විශ්වාසයක් තියන්න බැරි වෙයි.

      Delete
  11. ඇපල් වගේම කතාවක්නෙ.
    චය්නීස් ඒව එනවනං ඒ ගැන කතා කරල වැඩක් නෑ.
    ඔය ඇටේ විස කතාව අදමයි ඇහුවෙ.

    ReplyDelete
    Replies
    1. ඇටේ විෂ නිසා පොඩි අයට ඇට දෙන්න එපා...පොඩි අයගෙ ශරීර ප්‍රමාණය පොඩි නිසා කුඩා විෂක් උනත් ක්‍රියාකාරිත්වය වැඩි වෙන්න පුලුවන්.ලංකාවට ඇපල් ගෙන්වන ව්‍යාපාරිකයො මිළ අඩු තත්වයෙන් බාල ඇපල් ගෙන්වනවා කියලයි කියන්නෙ.

      Delete
  12. ඇපල් ජූස් නම් සුපිරි බීමක්!!

    ReplyDelete
    Replies
    1. මම නම් එච්චර මනාප නෑ බං...

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...