Sunday, March 22, 2015

64 මල්ලක් එල්ලගෙන මැලේසියාවේ MATTA පොලේ යමු

MATTA FAIR යනු මැලේසියාවේ සංචාරක අංශයට අදාළව වසරකට දෙවරක් පැවැත්වෙන අති දැවැන්ත ප්‍රදර්ශනයයි. Malaysian Association of Tour & Travel Agents යන්න ලඝු වීමෙන් MATTA යන වදන සැකසී තිබේ.

සංචාරක අංශය කර්මාන්තයක් ලෙස ලෝක මට්ටමෙන් පෙරට ආවේ 90 දශකයෙක් පසු බව මගේ අදහසයි. ගුවන් යානා සමාගම්, ගුවන් තොටුපල වල යටිතල පහසුකම් දියුණු වීමත්, ගුවන් යානාවන්හි තාක්ෂණ ක්‍රමවේදයන් වැඩි දියුණු  වීමත්, ආර්ථික වශයෙන් රටවල් පෙරට ඒම හේතුකොට ජනතාව අත යහමින් මුදල් ගැවසීමත් ඒ සඳහා හේතු වන්නට ඇත. මීට පෙර කෘෂිකාර්මික හා කාර්මික අංශයන්ගෙන් ආදායම් ලැබූ රටවල් දැන් දැන් සමස්ත දේශීය ආදායමෙන් වැඩි කොටසක් සංචාරක අංශය මගින් ඉපයීමට පටන් ගෙන තිබේ. මැලේසියාවද සංචාරක ක්ෂේත්‍රයෙන් විශාල ආදායමක් ලබන රටකි.

රටක ආදායම් මට්ටම වැඩිවී එහි ප්‍රතිලාභ ජනතාව කරා යොමුවී ඔවුන්ගේ ජීවන තත්වය ඉහළ නංවාගෙන මූලික අවශ්‍යතා සපුරාගත් පසු ඔවුන් ද්විතීක හා තෘතීක අවශ්‍යතා වෙනුවෙන් යොමුවෙයි. ඒ අනුව මැලේසියානු ආර්ථිකය තුල මැලේසියානු පුරවැසියෙකුට වසරකට වරක් විදේශ සංචාරයක නියැලීම යනු බොහෝ සුලභ දෙයක් බවට වර්තමානය වන විට පත් ව තිබෙයි. ඒ ඔවුන් එදිනෙදා නියලෙන ආර්ථික කටයුතු වලින් ප්‍රමාණවත් ආදායමක් ඔවුනට ලැබෙන හෙයිනි. සිරා කොලුවා සේවය කරන ආයතනය හරහා මෙහි බස් රියදුරන්, කුඩා පරිමාණ ව්‍යාපාර හිමියන් පවා කරදරයකින් තොරව ඇමරිකාවේ සංචාරය කරති.

ලෝකය තුල මැලේසියානු ගුවන් ගමන් බලපත්‍රයට (Passport) හිමිව තිබෙන්නේ සුවිශේෂී ස්ථානයකි. වීසා නොමැතිව වැඩිම රටවල් ගනනකට යා හැකි ගුවන් ගමන් බලපත්‍ර අතර ලෝක මට්ටමේ 8 වන ස්ථානය හිමිව තිබෙන්නේ මැලේසියාවටයි. පසුගිය වසරේ සැප්තැම්බරය වන විට එයට වීසා නොමැතිව රටවල් 166 ක සංචාරය කල හැකිව තිබුනි. ඒ රටවල් අතරට ශ්‍රී ලාංකිකයකුට වීසා ගන්නට තරමක් වෙහෙස විය යුතු එංගලන්තය / නව සීලන්තය / ජපානය / ජර්මනිය / ඔස්ට්‍රේලියාව / බෙල්ජියම / ප්‍රංශය වැනි රටවල්ද අයත් වෙයි.  ලොව හොදම ගුවන් ගමන් බලපත්‍ර අතර පළමු 10 දෙනා අතර සිටින අග්නිදිග ආසියාවේ රටවල් ද්විත්වය මැලේසියාව සහ සිංගප්පූරුවයි. ෆින්ලන්තය / එංගලන්තය / ජර්මනිය / ස්වීඩනය සහ ඇමරිකාව යන රටවල් මේ ලැයිස්තුවේ පළමු තැන වැජබෙන්නේ රටවල් 174 කට නිදහසේ සංචාරය කිරීමට හැකියාව ඇති නිසාවෙනි. ලැයිස්තුවේ අන්තිම තැන සිටින්නේ රටවල් 28 කට පමණක් වීසා නොමැතිව සංචාරය කල හැකි ඇෆ්ගනිස්ථානයයි.

ගුවන් ගමන් බලපත්‍රයෙන් හිමිව ඇති වාසියත්, අතමිට මුදල් ගැවසීමත් මැලේසියානුවන් වැඩි වැඩියෙන් සංචාරයට පොළඹවා ඇති නිසාම අති දැවැන්ත MATTA ප්‍රදර්ශනය මාස 6 කට වතාවක් බැගින් වසරකට දෙවරක් සංවිධානය කිරීමට එහි සංවිධායකයන්ට සිදුවී තිබේ. මැලේසියාවේ නූතන සංවර්ධනයේ නියමුවා වූ මහතීර් මොහමඩ් අගමැති තුමාගේ කාලයේ ක්වාලාලම්පූර් නුවර ඉඳිකල Putra World Trade Center (PWTC) නැමති ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ දැවැන්ත ශාලා 4 ක් පුරා ප්‍රදර්ශ කුටි 1200 කට වැඩි සහභාගීත්වය ඇතිව MATTA ප්‍රදර්ශනය මාර්තු සහ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙයි.

වසරකට වරක් විදෙස් රටක සංචාරය කිරීම මේ වන විට මැලේසියානු පුරවැසියන් තුල මෝස්තරයක් තරමට ප්‍රචලිත වී තිබේ. ආර්ථික හැකියාව අනුව සමහරෙකු වසරකට දෙවරක් සංචාරය කරන විට තවෙකෙකු වසරකට වරක් සංචාරයේ යෙදෙයි. වාර්ෂිකව ශ්‍රී ලංකාවට 25000 කට ආසන්න මැලේසියානුවන් පිරිසක් සංචාරයට පැමිණෙන බවක් මා හට දැනගන්නට ලැබී තිබේ. ඒ අතරින් බහුතරය චීන සහ ඉන්දියානු සම්භවය ඇති පිරිස වෙති.


පවුලේ සාමාජිකයන් මෙවර තමන් සංචාරය කරන්නේ කුමන රටකදැයි තීරණය කල පසු MATTA ප්‍රදර්ශනය වෙත පැමිණෙන්නේ එම ගමනාන්තය උදෙසා සේවා සපයන හොඳම ආයතනය තෝරා ගැනීමේ අටියෙනි. පළමු හා දෙවන දින තමන්ට වඩාත් ගැලපෙන ආයතනය තෝරාගන්නට වෙහෙසෙන ඔවුන් තෙවැනි දින මුදල් අත්තිකාරම් ගෙවා සංචාරයට ඔවුන්ගේ නම් එකතු කරයි.

ප්‍රදර්ශනයේ ප්‍රවේශ පත්‍රයක් රිංගිට් 4 කට මිළ නියම කොට තිබේ. එය රුපියල් වලින් ආසන්න වශයෙන් 160 කි. ප්‍රවේශ පත්‍රය සමග විශාල මල්ලක්ද ලැබෙයි. ඒ අත් පත්‍රිකා බහාලන්නටය. මෙතරම් විශාල ප්‍රදර්ශන ශාලාවක බිම අතහැර ගිය එකදු අත් පත්‍රිකාවක් හෝ දකින්නට නැති තරමට ප්‍රදර්ශනයට පැමිණෙන අය සතුව කඳිම විනයක් පවතී. උදෑසන 10 සිට රාත්‍රී 9 දක්වා ප්‍රදර්ශනය විවෘතව පවතින අතර සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා ලෙස එය සෑම විටෙකම සංවිධානය වෙයි. මේ ප්‍රදර්ශනය වෙනුවෙන්ම නිකුත් කරන ණය පතක්ද සෑම විටෙකම ප්‍රදර්ශන භූමියේදී කරළියට එයි.

ශාලා අංක 1 ආසන්නයේ ඇති ප්‍රවේශ පත්‍ර කවුළුව


ඔය ඉන්නෙ මල්ල එල්ලගෙන

දිනය අනුව මල්ලේ පැහැය වෙනස් වෙයි. කොහොමද මැලේ නංගිලා..ලස්සනද ?
ප්‍රධාන පිවිසුමෙන් අැතුලු උවහොත් එම නරඹන්නන් Putra හෝටලය මැදින් පළමුවෙන් 4 වන ශාලාවට පිවිසෙයි. 4 වන ශාලාව වෙන්කර අැත්තේ මැලේසියාව ඇතුලත සිදුකරන සංචාරයන් (Inbound) සඳහා පහසුකම් සපයන අායතන වලට තම සේවාවන් ජනතාව අතරට රැගෙන යාමේ අරමුණ වෙනුවෙනි. එයින් අනතුරුව එම ජනතාවට දෙවන සහ තෙවන ශාලා හරහා පළමු ශාලාවට පිවිසීමට හැකියාව ලැබේ. පළමු ශාලාව ආසන්නයේ ඇති පිවිසුමෙන් පැමිණියේ නම් පළමු ශාලාවෙන්ම ප්‍රදර්ශන කුටි වෙත පිවිසීම ඇරඹීමට හැකි වෙයි.

ප්‍රධාන පිවිසුම


ප්‍රදර්ශනය අතර තුර විවේක ගන්නා ජනතාව
සිරා කොලුවා මැලේසියාවේ සේවය කරන සංචාරක කර්මාන්තයට සම්බන්ධ ආයතනය හැම විටෙකම තම ප්‍රදර්ශනය කුටිය පවත්වාගෙන යන්නේ පළමු ශාලාව තුලයි. ඒ තුල දෙස් විදෙස් ආයතන ගණනාවක් තරගකාරීව තම ප්‍රදර්ශන කුටි පවත්වාගෙන ගියද සුහදත්වයෙන් අඩුවක් නැත. සියල්ලෝම අඩු වැඩි වශයෙන් තම ප්‍රදර්ශන කුටි වෙත ජනතාව අද්දවා ගැනීමට විවිධ උපක්‍රම භාවිතා කරති. ඇතමෙක් කිමෝනා වලින් සැරසූ චීන යුවතියන් ලවා අත්පත්‍රිකා බෙදති. තවත් සමහරෙක් අයිස් ක්‍රීම් කවති. තවත් තැනක කුඩා දරුවන්ට බැලුම් බෝල බෙදා දෙයි. තවත් තැනක විවිධ රටවල් පිළිබඳ සැකසුන වීඩියෝ දර්ශන පෙන්වති.

කිමෝනා නංගියෙක්


වෘත්තියෙන් ඩිසයිනරයෙකු වන සිරා කොලුවාට පෙබරවාරි සහ අගෝස්තු යන මාස වසරේ රාජකාරි අධිකතම මාස වෙයි. MATTA ප්‍රදර්ශනය ඉලක්ක කොට සැකසෙන ආයතනයේ ප්‍රදර්ශන කුටිය, අත් පත්‍රිකා මෙන්ම පුවත් පත් දැන්වීම්ද නිර්මාණය වන්නේ මගේ අතිනි. මෙවර පෙබරවාරිය මුලදීම අනුභව කල බූට් රාජයා නිසා මගේ කටයුතු අඩපණ වේ යැයි මම මහත් භියෙන් පසුවුවත් බූට් මාසයට පින් සිදු වන්නට සියල්ල ඉතා හොඳින් නිම කරන්නට මට හැකියාව ලැබුනි. සිරාගේ කාමරයට ආගිය, අපට ඔවදන් දුන් ලව් ඔස්තාද්ලාට ඒ පිළිබඳ මගේ මෙව්වා එක මෙයින් පල කරමි.

මෙවර අපගේ ප්‍රදර්ශන කුටිය


ප්‍රදර්ශනය උදෙසා කරන නිර්මාණ වලදී වර්ණ මෙන්ම ඡායාරූපයන්ද මගේ අභිරුචිය පරිදි තෝරාගැනීමට මට නිදහස තිබේ. ඒ අනුව අපේ ප්‍රදර්ශන කුටියට හැමවිටකම ලංකාවේ ඡායාරූපයක් එකතු කරන්නට මම කිසිවිටෙකත් මැළි නොවෙමි. මෙවර මම ඒ සඳහා පොළොන්නරුවේ වටදාගෙය එකතු කළෙමි. මැලේසියාවේ වෙසෙන චීන සම්භවය සහිත බෞද්ධයන් මේ ඡායාරූපයට බොහෝ සේ ආකර්ශනය වූ අයුරු මම දුටිමි.

වටදාගෙය සහිත කොටස


ප්‍රදර්ශන කුටියේ දර්ශන මගෙ අතින් නිමවුවත්...එහි ඉඳිකිරීම් සෑම වසරකම චීන සමාගමකට පවරා තිබේ. මේ අායතනය වෙනුවෙන් මා සමග මේ කටයුතු සම්බන්ධීකරණය කරන්නේ ටිම් (Tim) නැමති චීනෙකි. මුල් කාලයේදී මේ චීනාගේ ඉංග්‍රීසි තේරුම් ගැනීමට මා හට ඉතාමත් අපහසු විය. ඒකාගේ උච්චාරණ‍ය චීන භාෂාවේ අාභාෂය ගැනීම එයට හේතුවයි. ඒ කාලයේ ලිඛිතව අදහස් හුවමාරු කරගත්තද දැන් මට ඔහු සමග වාචිකව අදහස් හුවමාරු කරගන්නට හැකිය. මගේ කනට ටිම්ගේ ඉංග්‍රීසි කාලයේ ඇවෑමෙන් හුරු වී තිබේ.

Tim සමග මම
MATTA ප්‍රදර්ශනය නරඹන්නනට පැමිණෙන අති මහත් බහුතරය චීන සම්භවය සහිත මැලේසියානුවන් වෙති. රටේ ආර්ථික ශක්තියේ වැඩි ධාරිතාවක් මේ ජනකොටස අත තිබෙන නිසා ඔවුන් බහුතරය ආර්ථික තත්වයෙන් උසස්ය. ළමා ලපටින් මෙන්ම ඉතාම වයෝවෘද්ධ අයගෙන්ද මේ ප්‍රදර්ශනය පිරී ඉතිරී යයි. චීන ප්‍රදර්ශන කුටි වල කාන්තා / පිරිමි භේදයක් නැතුව සියල්ලන්ම ඉතාම සහයෝගයෙන් කටයුතු කරන අයුරු දැකිය හැකිය. ඔව්හු ඉතාම කඩිසරය, කාර්යශූරය. උදෑසන 11.30 කණිසම වෙද්දී දවල් ආහාරයත්, හැන්දෑවේ 6.00 වෙද්දී රාත්‍රී ආහාරයත් අනුභව කිරීම මැලේසියාවේ සිටින චීනාගේ පුරුද්දයි.

මැලේසියානු ගුවන් සේවයේ කුටිය


පළමු ශාලාවේ උඩුමහලේ භෝජනාගාරයක් සමග විශේෂ වේදිකාවක් වෙයි. මේ වේදිකාව විවිධ රටවලින් පැමිණෙන කණ්ඩායම් වලට තම සංස්කෘතික අංගයන් ඉදිරිපත් කිරීමට වෙන් වී තිබේ. මේ වසරේ මාර්තු ප්‍රදර්ශනය වෙනුවෙන් ලංකාවෙන් කණ්ඩායමක් සහභාගී වූයේ නැතත් කලින් සෑම අවස්ථාවකම අපේ සංස්කෘතික උරුමය විඳහා දක්වමින් වෙස් නැට්ටුවන් සමග නර්තන කාරියන්ද තම නර්තනයන් ඉදිරිපත් කලහ.

උඩු මහළට පෙනෙන MATTA අසිරිය




2014 දී මැලේසියාවේ ජනගී කණ්ඩායමක් ඉදිරිපත් කල චීන ජන ගීයක්

පළමු මහලේ ප්‍රදර්ශන කුටියේ සිටින මට උඩු මහලේ වේදිකාවේ අපේ බෙර හඬ ඇසෙන විට ඒ මානයට නොයා සිටින්නට හැකියාවක් නැත. මැලේසියානුවන් ඉදිරියේ නර්තනයන් ඉදිරිපත් කරන අපේ නර්තන ශිල්පීන් දකින විට සිතට දැනෙන්නේ මහත් අභිමානයකි. මෙහි ජනතාව ලාංකික නර්තන ශිල්පීන් සමග එකට සිට ඡායාරූප ගන්නට දක්වන්නේ පුදුම පෙරේත කමකි. ඒ අපේ නර්තන ශිල්පීන් සැරසෙන ඇඳුම් ආයිත්තම් වල ඇති අනබිභවනීය පෙනුම නිසාවෙනි.

2013 වසරේ සැප්තැම්බරයේදී අපේ ශිල්පීන් MATTA ප්‍රදර්ශනයේ..


කිමෝනා නංගිලා සමග 2014 දී, චංගුමීගෙ ගවුමත් මේ තියෙන්නෙ.

ඉන්දුනීසියානු සංස්කෘතික කණ්ඩායම සමග 2014 දී
සෑම දිනෙකම අවසානයේ තම ඉලක්කයන් සපුරාගත් ආයතන වල සේවක සේවිකාවන් මහා හයියෙන් කෑ ගසමින්, අත්පුඩි තලමින් තම ප්‍රීතිය පල කිරීමත් ඔවුන්ගේ නිළදරුවන් එළඹෙන දිනයට ඔවුන් දිරිමත් කරන ආකාරයත් සුලභ දසුනකි. දින 3 ට වර්ණ 3 කින් යුතු ටී ෂර්ට් සෑම ආයතනයක්ම භාවිතා කරයි. අපේ ආයතන ප්‍රධානියා සෑම දිනයක් අවසානයේම ආයතනයේ සියල්ලන් සමග ප්‍රදර්ශන ශාලාව ආසන්නයේ චීන අවන්හලකට වැදී ඔහුගේ අනුග්‍රහයෙන් රාත්‍රී භෝජනය භුක්ති විඳින්නට අවස්ථාව සලසා තිබේ.

ලොකු අයියා හිටියෙ ඇමරිකානු තානාපති කාර්යාල කුටියෙ


අපේ ප්‍රදර්ශන කුටිය ආසන්නයේම මෙවර තිබුනේ මැලේසියානු ගුවන්තොටුපල විසින් පවත්වාගෙන ගිය ප්‍රදර්ශන කුටියකි. එහි සිටි මැලේ යුවතියන් අපට ටොෆී වලින් නිතරම සංග්‍රහ කල අතර අවසන් දිනයේදී වර්ණවත් පින්තූර කාඩ්පත් කීපයක්ද මා හට ලබා දුන්නෝය. දින 3 ක් පුරාවට එක වහළක් යට එකම අරමුණක් උදෙසා උනුන් හා තරග කලද අප වෙන්වන හෝරාව ආසන්න වන විට සියුම් වේදනාවකින් මගේ චිත්ත සන්තානය පිරී යයි. මැලේසියානු ජනතාවගේ මනුස්ස කමත්, අත්පත්‍රිකාවක් ලබා දුන්නත් ස්තූතියි කියන ඔවුන්ගේ සිනාමුසු අහිංසක මුහුණුත් මේ වගට හේතු වී තිබේ.

මැලේ රාළ වගේද ගින්දර මැලේ කොල්ලෙක්

මැ‍ලේසියාවේ ආදර්ශ පාඨය සතු මැලේසියා යන්නයි. සතු යනු එකේ ඉලක්කමට මැලේ වදනයි. මැලේ/චීන/දෙමළ යන ප්‍රධාන ජාතීන් 3 වෙසෙන මැලේසියාව එක රටක් යන සංකල්පයෙන් බලගැන්වී තිබේ. බොහෝ මැලේසියානුවන් ජාතික කොඩිය සහිත 1 ඉලක්කමක් පළදින්නේ රට ගැන ඇති හැගීම නිසාවෙනි.

ප්‍රදර්ශනය අවසන් වන අවස්ථාවේදීම ඔපීසියේ සිට රැගෙන ආ සියලු අඩුම කුඩුම නැවත වාහන වල පටවා ඔපීසියට පිටත් කොට ක්වාලාලම්පූර් නුවර නොනිදන ඉසව්ව බුකිට් බින්තාන්හි චීන අවන් හලකට වැදී ආයතනයේ වියදමෙන් මධුවිතක් සමග රසවත් චීන ආහාර වේලකින් කුස සනහා මැදියම් රැයේ නිවසට ලගා වන්නට ඉන්පසුව අවස්ථාව එළඹෙයි. මධුවිත අවසාන දිනයට පමණක් සීමා වී තිබේ.

මධුවිත මැදින් මම හැමදාමත් සිතන්නේ පසුගිය සියවස ආරම්භයේදී ලංකාවටත් පසුපසින් සිටි මැලේසියාවේ ජනතාව අද භුක්ති විඳින ජීවන තත්වය අපේ මිනිසුන් භුක්ති විඳින්නේ කවදාද කියා පමණි.

බුකිට් බින්තාන් (Bukit Bintang)...එක යායට චීන අවන් හල්



වෙහෙසකර සති කීපයක නිමාව, මුස්ලිම් / සිංහල / දෙමළ එක බෝතලයක සෙවනේ








මම කාමරේ අරින සිරා කොලුවා.

64 comments:

  1. පොහ්........! මාර විස්තරයක්නෙ. ඇවිත් බලන්න ඇත්නම් කියලා හිතුනා. සිරා මාර හැන්ඩියෙක්නේ. කවුද යකෝ මේ වගේ එකෙකුට බූට් තියපු එළදෙන?

    අනගිභවනීය නෙවෙයි නිවැරදි වචනේ අනබිභවනීය = අබිභවනය (ඊට වඩා ඉහලින් යාම) කල නොහැකි කියන තේරුම.

    මට ඔලුවට වැදුන වැදගත්ම කාරණේ මේකයි.

    //මම හැමදාමත් සිතන්නේ පසුගිය සියවස ආරම්භයේදී ලංකාවටත් පසුපසින් සිටි මැලේසියාවේ ජනතාව අද භුක්ති විඳින ජීවන තත්වය අපේ මිනිසුන් භුක්ති විඳින්නේ කවදාද කියා පමණි//

    අම්මපා ලැජ්ජයි සිරෝ.

    ReplyDelete
    Replies
    1. //අපේ මිනිසුන් භුක්ති විඳින්නේ කවදාද කියා පමණි// වැඩිය දුක්වෙන්න දෙයක් නෑ මාමේ අපේත් සමහර අය තකහනියක් එනවා ඔය ප්‍රදර්ශනේට......

      මොනවා උනත් අර ගැනුළමයට එළදෙන කියපු එකටනම් මාගේ තදබල මෙව්වා එක

      Delete
    2. විචාරක තුමාට ස්තූතියි වරදක් පෙන්වා දුන්නාට, ඇත්තටම මේ ප්‍රදර්ශනය නැරඹුවොත් මැලේසියානුවන්ගෙ ක්‍රය ශක්තිය (මිළදී ගැනීමේ හැකියාව) ගැන හොඳ අවබෝධයක් ගන්න පුලුවන්. අර කෙල්ලට එළදෙන කියලා නොකියා ඉමු. රූපය විතරක් තිබිලා සබඳතාවක් ගොඩයන්නෙ නෑනෙ...ඇයත් මමත් අදහස් වලින් ගොඩාක් පරස්පරයි. ඒවා ගලපන්න උත්සාහ කලත් පලක් උනේ නෑ. අවසානයේ ඇය සමුගැනීමකින් තොරව, මට කථා කරන්න ඉඩක් පවා නොදී බොහොම අකාරුණික විදියට මගෙන් ඈත් උනා.

      Delete
    3. @ AnonymousMarch 22, 2015 at 9:12 AM

      අයියෝ ඇනෝ සිරාට මගේ දුවක් දෙමුද කියලා අහන්න ඇනෝ එන්න ඕනේ නැහැ. ඔය පොන්න විදිහට නැතුව නමෙන් අහන්න.

      Delete
    4. තරහා ගන්න එපා විචාරක තුමා...ඇනෝ ගොයියා විහිළුවට කියන්න ඇත්තෙ.

      Delete
  2. යම් කිසි මාධ්‍යක් හරහා අප දැක් ඇති පුවතක් මෙලෙස ලාංකිකයෙකුගේ අත්දැකීමක් ලෙස කියවීමට ලැබීම සතුටක්. විශේෂයෙන් මෙම ප්‍රදර්ශනයේ ක්‍රියාකාරි පුද්ගලයෙකු අතින්.

    \\\මම හැමදාමත් සිතන්නේ පසුගිය සියවස ආරම්භයේදී ලංකාවටත් පසුපසින් සිටි මැලේසියාවේ ජනතාව අද භුක්ති විඳින ජීවන තත්වය අපේ මිනිසුන් භුක්ති විඳින්නේ කවදාද කියා පමණි./// අප සැවොම මෙය බලාපොරොත්තු වන බව නොරහසකි.....

    කැමරාවෙන් එහා ලෝකය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිත්‍රයා...මේ රටවල මිනිස්සු විඳින සැප පහසුව අපේ අයටත් විඳින්න තියෙනවා නම් කියලා මට හිතෙන වාර අනන්තයි...විශේෂයෙන්ම පොදු ප්‍රවාහනයෙදි.

      Delete
  3. මගේ සියා වගේ පොරකගේ පොටෝවක් එල්ලලා මමවගේද කියලා අහලා නොදොකින් විතරක් බොට බුට් එකක් ලැබුන එකමයි හොඳ ඔයවගේ අපහස කරනවට (හිකිස්)..........

    හොඳ දැනුවත් කිරීමක් සිරෝ මිනිස්සුන්ට මේ ලෝකේ මේවගේ දේවලුත් තියෙනවා කියලා පෙන්නාපු එක
    අනික උබේ ඩිසයින් ටිකනම් බොහොම අගේට තිබිලා තියෙනවනේ බොලන්..... දන්නවනම් හැබැහින්ම බලා ගන්නම එනවා ........ කොහොමත් උබ වැඩකාරයා කියලා දැනගත්තා ගියපාර අවරුදු උත්සවේ ස්ටේජ් එක දැක්ක වෙලාවේ

    ReplyDelete
    Replies
    1. මගේ සීයා වගේ...හැක් හැක්..රාළගෙ එක කලු කෙස් ගහක් නෑ නේද...සීයාගෙ මල්ලි වගේ නේද පෙනුම...කොහොමද මැලේ කොල්ලගෙ කොණ්ඩෙ....

      ගියවර අවුරුදු උත්සවේ අර වැදි නැටුම නටන ගමන්ද රාළ ස්ටේජ් එකේ තිබුන ඒවා දැක්කෙ. මෙදා පාරත් වැදි නැටුම නටනවද...මගෙන් එදා නංගියෙක් ඇහුවා කවුද අයියා අර වැද්දට ඇඳලා ඉන්න හැන්ඩ්සම් සීයා කියලා...

      Delete
  4. උබල වගේ සංචාරක ප්‍රවර්ධන ආයතන වල ඉන්න උන්ට කරන්න පුලුවන් කාරිය හරි විශාලයි කියල හිතෙනව.ලංකාවෙ යම්කිසි ආයතනයක් එක්ක සම්බන්ද වෙලා ලොකු දෙයක් සිරාට කරන්න ප්ලුවන් කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. අපේ අායතනය ලංකාවේ ආයතන කීපයක් සමගම සම්බන්ධ වෙලා වැඩ කරනවා..ලංකාවෙ නියෝජිතයො නිතරම මෙහෙ එනවා යනවා.

      Delete
  5. යකෝ............. මැලේ අාවේ නැද්ද ඔය පැත්තට... ඔ්කා පොලේ යනවා කියලා කිව්වේ නැතුවාට පොලේමලු ඉන්නේ..... ඔය පොළවල් වල ඒළවලු පොල් හාල් ඒහෙම නැද්ද බං.......... මැලේ රාළයා පොල් කඩයක් කරනවා කිව්ව් අැත්තද සිරෝ

    ReplyDelete
    Replies
    1. අඩොව් ......................%#$#@*&...!!!!!!!!!

      Delete
    2. //මැලේ රාළයා පොල් කඩයක් කරනවා කිව්ව් අැත්තද සිරෝ//

      ඇත්තම කියනවා නං...මැලේ රාළ ගොයියා ඈත පළාතක නයි මිරිස් / කොච්චි මිරිස් / අමු මිරිස් කලවමේ වවපු මිරිස් වගාවක් කරනවා...හැමදාම උදේට මිරිස් කරල් අතගාලා තව දික් වෙන්නකෝ ඉක්මනින් කියලා කියනවලු.

      Delete
  6. නියමයි සිරා, වැඩේ එළට දීල. අර අන්තිමට කිව්ව "සිංහල දෙමළ එක බෝතලයක සෙවනේ" කතාව සිරා. ඔහෙ ජාතික ගීය භාෂ කීයකින් කියනවය කියලද කියන්නෙ බං?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලොකු අයියා...මම දන්නවා ප්‍රදර්ශන කිව්වම බොලාට ඒවා ටොයිස් වැඩ කියලා..අපි එක්ක ඉන්න මුස්ලිම් උන් ඔය අපූරුවට උගුරට හොරා සැර බීම බස්සන්නෙ.

      මෙහෙ ඉතින් එක මැලේසියාවක් කියලා කිව්වට ආණ්ඩුව ඒ ඒ ජන වර්ගයට එක එක හැඳි වලින් බෙදන්නෙ. මුලින්ම රටේ අයිතිකාරයා හෙවත් භූමිපුත්‍ර ඒ කිව්වෙ මැලේ මුස්ලිම් ජනතාව / චීන්නු ඊලගට/ අන්තිමට දෙමළ...බැංකු ණයක් ඉල්ලුවාම ණය ලබාදෙන අනුපාතයත් ජන වර්ගය අනුව වෙනස් වෙනවා. නමුත් ලංකාවෙ සුළු ජන වර්ග වෙනුවෙන් ජාතික කොඩියෙත් සංඛේත තියෙනවා. ජාතික ගීය දෙමළෙන් කියනවා. ප්‍රධාන ජාතිය, සුළු ජාතිය කියලා වෙනම නීති රීති නෑ. නමුත් අපේ උන්ට සහයෝගයෙන් වැඩ කරන්න බෑ.

      Delete
  7. නියම විස්තරයක්. බොට නියම අත්දැකීම් ටිකක් ලැබෙන්නත් ඇති නේද සිරෝ.
    අර මැලේසියන් එයාලයින්ස් වල අතුරුදං වෙච්ච ඒව ගැන දැං කතාවක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. මැලේසියානු ගුවන් යානා අනතුරු වල බලපෑම රටේ ආර්ථිකයටත් යම් තරමකට දැනිලා තියෙන්නෙ. රුපියල් 40 කට කිට්ටුව තිබ්බ රිංගිට් එක දැන් 37 ක් දක්වා පල්ලං බැහැලා. පහුගිය මාසෙ 35 ක් වෙලා තිබුනෙ.

      ඒ ගුවන් යානා තවමත් හොයනවා කියලා කියන්නෙ. නමුත් මැලේ ජනතාව අපි එක්ක කියන්නෙ ඒක ආණ්ඩුව දීපු ගේමක් කියලා. මෙහෙ අගමැති තුමාටත් අපේ මරා ට වගේ දූෂණ චෝදනා එමට තියෙනවා. රටේ විපක්ෂ නායකයා සමලිංගික චෝදනාවකට වසර ගානක් ඇතුලෙ ඉන්නෙ. රටේ විශ්ව විද්‍යාල ප්‍රජාව සහ තරුණ ප්‍රජාව විපක්ෂ නායකයා වෙනුවෙන් හඬ නගනවා...විශේෂයෙන් චීන ජනතාව.

      Delete
  8. මෑලේසියාවෙ දෑවෑන්ත ප්‍රදර්ශනයක් ගෑන හොද විස්තරයක් සමග පොටෝ ටිකත් බෑලුවා.ඒවගේ දෙයකට ලාන්කිකයෙකුගේ දායකත්වය.ලාන්කික අපිටත් සතුටක්,ආඩම්බරයක්.(රන්ජන්)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රන්ජන් සහෝදරයා...අපේ එකෙක් කියන හැගීම තමයි අපිට තියෙන්නෙ...ඒ හැගීම හැමටම තිබුනා නම් ලංකාව අද ඉන්න තැනින් සෑහෙන තැනකට ගේන්න පුලුවන්.

      Delete
  9. //මැ‍ලේසියාවේ ආදර්ශ පාඨය සතු මැලේසියා යන්නයි. සතු යනු එකේ ඉලක්කමට මැලේ වදනයි. මැලේ/චීන/දෙමළ යන ප්‍රධාන ජාතීන් 3 වෙසෙන මැලේසියාව එක රටක් යන සංකල්පයෙන් බලගැන්වී තිබේ. බොහෝ මැලේසියානුවන් ජාතික කොඩිය සහිත 1 ඉලක්කමක් පළදින්නේ රට ගැන ඇති හැගීම නිසාවෙනි.//
    මෙන්න දියුනුවේ රහස... ඇයි මේ පොඩියට දාලා...?
    අගේ ඇති විස්තරේ.. ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. පොඩියට දැම්මෙ එතන ඡායාරූපය විස්තර කල නිසයි. අංක 1 ඉස්සරහින් ගහ ගත්තා කියලා මෙහෙ ලංකාවෙ වගේ සුළු ජාතීන්ට සමානව සැලකීමක් නෑ. ලංකාවෙ හැම දේම දීලත් සහජීවනයක් නෑනෙ. නමුත් මෙහෙ මේ විදියට සලකලත් සහජීවනය තියෙනවා.

      Delete
  10. මරුනේ.. ඔය වගේ ප්‍රදර්ශන වල ඇවිදින්න මාත් මාරම ආසයි..

    ReplyDelete
    Replies
    1. මෙහෙ ආවා නම් මල්ලක් එල්ලගෙන ඇවිදින්න තිබ්බා සුන්දර මැලේ නංගියෙක් දිහා බල බලා...

      Delete
  11. මේ පාර MATTA එකට මම ආවේ නැහැ සිරා. ලොක්ක විතරයි ආවේ. කලින් පාරවල් වලට වැඩිය හොදයි වගේ මේ පාර. සැප්තැම්බර් MATTA එකට ශ්‍රී ලංකාවේ වෙස් නැටුම් කණ්ඩායමක් එනවලු.

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි මේ අපේ උදිත් මලයනෙ..මම ඔයාලගෙ ආයතනයේ නියෝජිතයාගෙන් ඔයා ගැන ඇහුවා...ලගදි දුපත් රාජ්‍යයක සේවයට යන බවක් මට කිව්වා. සැප්තැම්බර් අවොත් අපි හමු වෙමු. ලංකාවෙන් මෙදා පාර හෝල් 2 සඳහා ගෙනාව නැට්ටුවො දෙන්නා අපි එක්ක අඩියක් ගැහුවා අන්තිම දවසෙ බුකිට් බින්තාන් වලදි. මේ සැරේ ආයතන මට්ටමෙන් ගත්තම බිස්නස් හොදයි කියලයි කියන්නෙ.

      Delete
  12. නියම විස්තරයක් මැලේ.. තැන්කු මෙව්වා පෙන්නනවට...

    ReplyDelete
    Replies
    1. මේක ලියන්නෙ මැලේ නෙමේ සිරා. මැලේ කියන්නෙ විචාරක තුමා රිජෙක්ට් කරපු බෑන.

      Delete
    2. සමාවෙන්න.. සිරා සිරා.. මැලේ කිව්වෙ වැරදිලා....

      Delete
    3. සමාව ඉල්ලන්න දෙයක් නෑ බොලං..ඔය වගේ වැරදි මටත් වෙනවා ඉඳලා හිටලා.

      Delete
  13. බලා පල්ලකො ....සිරා කොලුව ..නිකන් නළුව වගේ ඉන්න අපූරුව...

    ReplyDelete
    Replies
    1. මගේ බලවත් මෙව්වා එක පිළිගන්න.

      Delete
  14. ප්‍රදර්ශණය ගැන අහලා තිබුනට මේ තරම් විස්තර දැනගෙන හිටියේ නෑ.

    ඔය තියෙන්නේ ප්‍රදර්ශන කුටියත් අපූරුවට නිර්මාණය කරලා. අපේකම ලෝකෙට කියන්න වටදාගෙයත් යොදාගෙන තිබීමට අපි හැම කෙනෙක්ම සිරා අයියට ස්තූතිවන්ත වෙනවා.

    ReplyDelete
    Replies
    1. මම ලංකාවෙ බෞද්ධ සිද්ධස්ථානයක ඡායාරූපයක් හැම වාරයකම භාවිතා කරනවා. මොකද මෙහෙ ඉන්න බෞද්ධ චීන්නු ඒවට ආකර්ශනය වෙනවා හරිම ඉක්මනින්. සමහරු මේ බෝඩ් එක දිහා බලාගෙන එවලෙ ලංකාවට සංචාරය කරන්න හිතපු අවස්ථාත් තිබුනා.

      Delete
  15. මැලේ කෑලි ටිකක් ටුවර් එකකට මේ පැත්තට එවුවනන්, අපි වටදාගෙය පෙන්නල ආපහු එවන්නම්.

    ReplyDelete
    Replies
    1. වටදාගෙය පෙන්නලා ආපහු එවනවා කියලා ෂුවර් නේද...එලද බ්‍රාට කියලා අපි තෑගි ටිකකුත් දෙමු.

      Delete
  16. සිරා, Passport කියන එක ගුවන් ගමන් බලපත්‍රය කියලා පරිවර්තනය කරන එක වැරදියි කියලයි මම හිතන්නේ. ඒකෙන් අදහස විකෘති වෙනවා. හරි තේරුම ගමන් බලපත්‍රයයි. Passport එකකින්, ගුවනින් වගේම ජලයෙන් සහ ගොඩ බිමිනුත් වෙනත් රටක ඇතුල්වීමට හැකිනේ.

    ReplyDelete
    Replies
    1. ගමන් බලපත්‍රය කියන එකෙනුත් අදහස විකෘති වෙනවා. වඩා නිවැරදි තේරුම විදේශ ගමන් බලපත්‍රය කියන එකයි.

      Delete
    2. ස්තූතියි හෙන්රි අයියා. ඇනෝ මිත්‍රයා කියනවා වගේ විදේශ ගමන් බලපත්‍රය තමයි නිවැරදිම යෙදුම. ඇනෝ මිත්‍රයාටත් මගේ ස්තුතිය.

      Delete
  17. ඔය බූට් සූස් පැත්තකට දාල ඉටිකිරිස් මැලේ ළමයෙක් දිහා බලපන් බං අයියේ

    ReplyDelete
    Replies
    1. මැලේ දැරිවියන්ට ලව් කරන්න ගිහින් පොට නැතුව ගියොත් කියලා බයයි බොල...

      Delete
  18. හොඳ විස්තරයක් සිරා...
    අපේ රටේ සුළු ජාතීන්ට ඔක්කොම දීලත් සහයෝගයෙන් ඉන්න බැරිකමට හේතුව ඉල්ලන ඉල්ලන දේ ලැබෙන නිසාද දන්නෙත් නැහැ

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා..මේ රටවල සුළු ජාතීන්ට සමානව සැලකීමක්, ජාතික කොඩියේ ඔවුන්ව නියෝජනයක් නෑ. විවිධ හැදි වලින් ආණ්ඩුව බෙදන්නෙ. ඒ උනාට ඔය අපූරුවට ඉන්නෙ.

      Delete
  19. සුපිරියටම විස්තර කරලා. බාගයක් කියෙව්වා, ඉතිරිය හෙට. මෙව්වා බොහොම නිවීසැනසිල්ලේ කියවන්ට ඕනා ලිපි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බස්සි නගා..ඔයාලට මේ ලිපි වලින් ගන්න දෙයක් තියෙනවා නම් ඒ ගැන මම ගොඩාක් සතුටු වෙනවා.

      Delete
  20. අපේ කසිප්පු වගේ මැලේසියාවෙත් මොනා හරි තියේද සිරෝ.

    ReplyDelete
    Replies
    1. ‍මොකද ලොකු මාමෙ ප්‍රදර්ශනයක් අස්සෙ කසියා මතක් උනේ...මෙහෙ ඉතින් මහ ජාතිය මුස්ලිම් නිසා උන්ට බොන්න තහනම්..බීලා පාරෙ ගිහිල්රලා පොලිසියට මාට්ටු උනොත් මොන රටක හරි මුස්ලිම් මිනිහෙක්...දඩුවම් විදින්න වෙනවා. ඒකට අනිත් ජාතීන්ට උපරිම නිදහස..බොන්න කියන්නෙ නාන්න බඩු තියෙනවා. සමහර ටවුන් වල තුන හතර බාර්...ඉන්දියන් අරක්කු පට්ටම ලාභයි මෙහෙ. ඒත් මම පාවිච්චියක් නෑ. වකුගඩු ඇතුලෙම කඩා වැටෙයි කියලා මිනිස්සු කියනවා ඒවයෙ සැරට.

      Delete
  21. වැදගත් විස්තරයක් සිරා මල්ලි, ඔය කියන කාලෙට නම් යන්න උනේ නෑ ඔහේ. බලමු මේ වතාවෙ වත්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කා. මේ පැත්තට එන්න කලින් පයින්ඩයක් එවන්න.

      Delete
  22. සිරාට හරි යනවා කියන්නේ ඉතින් අපිටත් සතුටුයි. මේ වගේ දේවලින් තමයි ලංකාව ගැන පොඩ්ඩක් හරි හොඳක් ලෝකේ දකින්නේ. අද දවල් ලැබුණ එක්තරා ආයතනයකින් තමන්ගේ සේවකයින් ලංකාවට යනවා නම් දැනගත යුතු දේවල් . අම්මපා පැස්බරෙක් වුනා නම් ඔලුව හංග ගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔබතුමී ඉතිං මගේම සහෝදරියක් තරමට මට කිට්ටුයි නොවැ. ඒ නිසාම මම දන්නවා මගේ දියුණුවට සතුටු වෙන්න පුලුවන් හිතක් ඔබට තියෙන බව. මැලේසියාවෙ නම් ලොකු ප්‍රශ්නයක් නෑ. ලංකාවෙ කිව්වම සමච්චලයට බලන්නෙ නෑ. අපි දිහා වැඳගත් විදියට බලනවා. යටත් විජිත කාලෙ බේකරි සහ රත්‍රන් කර්මාන්ත ලංකාවෙ අයගෙන් මැලේසියාවට දායාද උනා කියලයි කියන්නෙ.

      Delete
  23. වතාවක් පැතුම් අයියා ඔහේ පොත් ප්‍රදර්ශනයක් ගැන ලියපු ලිපිය මතක් උනා.. ස්තුතීයි විස්තර වලට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔමායා. MATTA ප්‍රදර්ශනය පැවැත්වෙන ගොඩනැගිල්ල ප්‍රදර්ශන සඳහාම වෙන්වුන එකක්. ඒකෙ වසර පුරාම විවිධ ප්‍රදර්ශන පැවැත්වෙනවා. අපේ ප්‍රදර්ශනයට කලින් ලී බඩු ප්‍රදර්ශනයක් තමයි හැම වසරකම පැවැත්වෙන්නෙ.

      Delete
  24. ඉතා හොද විස්තරයක් සිරා මලය..ඔය මැලේ පරාල ඕනෙ නැහැ බන්..අපි මේඩ් ඉන් සිරි ලංකා එකක්ම හොයමු..ඒත් තියෙන්නෙ ඇසෙම්බල්ඩ් ඉන් වෙන කොහේ හරිනෙ..කොහොම උනත් අර මී විත තොල ගෑවා විතරද..බිව්වේ නැතෙයි..ආ බීල යන්නෙ කොහොමද නේද.. සුපිරි..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ලොකු මාමෙ, මම ඉතින් සියරට දේ සිරිසැප දේ කියලා අක්මාවෙන්ම හිතන එකෙක් වෙච්ච කොට ලංකාවෙන්ම තමයිහොයාගන්නෙ. එදා තොල ගෑවෙ නෑ හොඳට ඇදලා ඇරියා..ගෙදර යන්නෙ ටැක්සියෙ නොවැ.

      Delete
  25. එල ද බ්‍රා..
    උඔ සිංගප්පුරැව ගැන ලියපු ලිපි පෙල වගේම රටරටවල විස්තර ලියන මේ ලිපි වටිනවා.
    බ්‍රෑන්ඩ් එක ගල්
    නොබිම ඉන්න එපා යකෝ ඉදලා හිටලා ටිකක් බිපිය.

    ReplyDelete
    Replies
    1. අපේ බ්ලොග් ලියන සහෘදයෙක් මේ පැත්තට එනවා කියලා තියෙනවා මැයි මාසෙ..මගෙන් ඇහුවා උඹට මොනවද ඕනෙ කියලා. මම ඉතින් එක දෙයයි ගේන්න කිව්වෙ. ඒ තමයි සංස්ථා ගල් බෝතලයක්. බොලා හිතුවද අපි පටන් ගත්ත තැන අමතක කරලා කියලා...

      Delete
  26. සිරා කොලුවා අනංගය වගේ ඉන්නේ ඔය.. ලෝකෙට අපේ රටේ සුන්දරත්වය පෙන්නන්න සිරා කොලුවා ගත උත්සාහය අගය කරනවා..

    ReplyDelete
    Replies
    1. බොලාට ස්තූතියි...කාලයක් හිටිය රට ගැන උඹ ලියලා තියෙන්නෙ බොහොම අඩුවෙන්..ඒ ගැන මගේ බලවත් විරෝධය.

      Delete
  27. මැලේ එකෙක් කිව්වා රට දැන් ගන්න දෙයක් නෑ කිඩ්නැප් කේස්, මන්කොල්ලකෑම් වැඩියි කියලා. පිටරට අයට ඉන්වෙස්ට් වීසා දෙන කතාවකුත් තියනවා නේද?

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ තරම් නැති උනාට මෙහෙ පාලකයත් විවිධ දූෂණ ක්‍රියා කරන බවට රටේ පුරවැසියො කියනවා. මේ ළගදි පුද්ගලික ජෙට් යානයක් අරගෙන තියෙනවා අති විශාල මුදලක් වියදම් කරලා. වසර ගනනක් තිස්සෙ විපක්ෂ නායකයා ඉන්නෙ හිරේ මේ වගේ දේවල් මැලේ සමාජය තුල දැඩිව විවේචනය වෙනවා. කිඩ්නැපින්, මංකොල්ලකෑම් ඉතින් හැම රටකම තියෙනවනෙ. මැලේසියාව ඔය කියන තරම් නරක නෑ. මම මහ රෑ 12 ටත් තනියෙන් ගෙදර ඇවිත් තියෙනවා කවදාවත් කරදරයක් වෙලා නෑ. තෙල් අපනයනය කරන රටක් විදියට ලෝක වෙළදපොලේ තෙල් මිළ අඩුවීමත්, එකලග සිදුවුන ගුවන් අනතුරු නිසාත්, ඩොලරයේ මිළ ඉහළ යාමත් නිසා මැලේසියානු මුදල් ඒකකයේ අගය නම් පහළ ගිහින් තියෙනවා. මෙහෙ ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් එතැන අනිවාර්යෙන්ම රටේ පුරවැසියෙක් ඉන්න ඕනෙ. ඔබ ඔය කියන වීසා ගැන මම දැනුවත් නෑ මිත්‍රයා.

      Delete
  28. සිරගෙ ඩිසයින් වැඩ නම් කලිනුත් දැකල තිබුනා. ලස්සනයි !

    උඹ ඉතිං කොහේටවත් සංචාරය කරන්න තැනක් තෝරගත්තෙ නැතෙයි. :)

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...