Thursday, November 15, 2012

117 දතේ හිලක්ද ?


මේ 2001 කාල වකවානුවයි. හෙනගැහුවා මෙන් හිටි අඩියේ හිල් වූ මාගේ හක්කේ, උඩුඇන්දේ පුරස්චාර්වක වර්ගයේ දතක් මට නිතර දෙවේලේ දුක් දෙන විට කිරි ටොයියෙකු ලෙස අලුතින්ම විවෘත වූ පාසල් දන්තාගාරයේ සේවයට පැමිණියේ රූමත් තරුණ වෛද්‍යවරියකි. බාලක පාසලක් වූ අප පාසලේ  උසස්පෙළ පන්තිවල බහුතර කොල්ලන්ට දත් අමාරු ඇතිවූයේ ඇගේ ආගමනයෙන් පසුව බව මට ඉදුරා කිව හැක.

දත් වැඩක් කරගැනීමට අවශ්‍ය වූයේ පන්ති භාර ගුරුභවතාගේ අත්සන රැගත් ලිපියක් පමණක් වීම නිසා දත් රෝගය බෝවන රෝගයකටත් වඩා වේගයෙන් පැතිරුනි. හැම අල්ල පනල්ලේම පාසල් දන්තාගාරය රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොසිනි. වෛද්‍යවරිය තරුණ වීමත්, ඇගේ සහයට සිටි නර්ස් නෝනා ද එම ගණයටම අයත් වීමත් මෙලෙස දන්තාගාරයේ අධික තදබදයක් ඇති කරලූ සාධක විය.

දිණ කීපයක් උත්සාහකර අවස්ථාවක් උදාකරගත නොහැකි වූ තැන සිරා කොලුවා කලේ උදෑසන 6.30 හේ පමණ සිට දන්තාගාරය අසල දිග බංකුවකට වී පෝලිමේ පළමුවැනියා වීමයි. උසස් පෙළ විභාගයට දිණ ලං වී තිබූ නිසාම පන්තියේ එතරම් අධ්‍යාපන කටයුත්තක් සිදු නොවූ නිසා අවශේෂ බාධා ද නොවීය. සුදෝ සුදු වත දරා ජීවක තුමිය පැමිණියාය, ඉන් මොහොතකට පසු සීදේවි නර්ස් නෝනාද පැමිණියාය... ලෙඩ්ඩුන්ගෙන් අංක 1 සිරා කොලුවාය... එදින නම් රෝගීන්ට වඩා සිටියේ රෝගියාගේ තනියට පැමිණ  කාලඡේදයක් මග හැරීමට ආසාවෙන් සිටි උන් හා වෛද්‍යවරිය දැක බලා ගැනීමට සිටි අයවලුන්ය.

එන්න.... මේ පුටුවෙන් වාඩි වෙන්න... එතුමිය මට ආරාධනා කොලාය...

ගගන යාත්‍රාවක බදු කෑලි තුනකට නැමිය හැකි අපූරු ආසනයේ මා හිදගත් පසු සිරා ගුවන් ගත කිරීමට අදාළ ආයුධ ලහි ලහියේ සූජානම් කොලේ අපේ නර්ස් නෝනාය.  දොස්තර නෝනා හැද සිටි අලංකාර සාරියේ අස්සකින් ඇගේ සුදු  බඩ පෙනේ... ඒවා දකින විට සිරාට මේවා දැක මලත් කමක් නැතැයි සිතුනි. හෘද ස්පන්දනය කෙමෙන් කෙමෙන් ඉහළ ගියේ බඩ දැකීමෙන් නොව මීළගට මුහුණ දීමට ඇති උද්වේගකර අවස්ථාව නිසා විය යුතුය.

කෝ බලමු... ඇගේ සියුමැලි  අත්වල පහස විදි යකඩ කූරක් බදු උපකරණයක් හා   අන්වීක්ෂයක් බදු වීදුරු කණ්නාඩියක් මගේ මුඛය තුල ගිලුනේය.

දත දිරලා ඒකයි කැඩිලා තියෙන්නෙ... අපි මේක පුරවමු.... ඇය මෙහෙයුමට සූදානම්ය. මා මුඛය විවෘත කරගත් පසු ඇය විදුම් උපකරණයක් ආධාරයෙන් දත විදින්නට වූවාය....හරියට බුරුමයකින් රීප්පයක් විදින්නා සේය... විදීමේදී ඉවතට විසිවන කුඩා දත් කැබලි ඇගේ සුදු කුස මත සැතපේ.... ඒ දෙස මා නෙත් නොපියා බලා සිටියේ වලත්ත කමකට නම් නොවේය.

මද වේලාවක් ඇවෑමෙන් පුංචි මොළයට විදුලි කොටන්නට විය... ඉවසා සිට බැරිම තැන මම මගේ ශ්‍රී මුඛය යන්තරයෙන් ඉවතට ඇද ගතිමි.

වෛද්‍යතුමිය කෝපයෙන් මෙන් මා ඇමතුවාය...

ඔයා මහ පුදුම ළමයෙක්නෙ... රිදෙනවා නම් මට කියන්න තිබුනනෙ... බැරිවෙලාවත් මේකට විදුරු මහ හිල් වුනා නම් මැහුම් දාන්නත් වෙනවා... රිදෙනවා කියලා බෑ තව ටිකක් කඩන්න ඕනෙ... රිදෙනකොට  වම් අත ටිකක් උස්සන්න.

ඇගේ අණ හමුවේ හිස නැමුනු අහිංසක සිරාගේ දත් කුහරය නැවතත් විදීම ඇරඹුනි... වම් අත දිගටම තිබුනේ එසවී වුවද හිතුවක්කාර දොස්තර නෝනා මට එලොව පොල් පෙනෙන මට්ටමටම විද්දාය. මට රිදුනු තරම කියන්නට වදන් නැතුවාය. ටෙම්පරිය මුලින් දමා පසු දිනෙක දීර්ඝකාලීන පිරවුම දමා වැඩනිමකල මාගේ පුරස්චාර්වක දන්ත රාජයා වසර 11 ට පසුව අදද හොද හැටි ඇඹරීමට සමත්ය.

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී නැවතත් හක්කේ දතක පැත්තෙන්  කුහරයක් මතුවිනි. මෙවර කලින් එකට විරුද්ධ පැත්තෙනි. වේදනාවක් නැති නිසා සිරා එය එතරම් තැකුවේ නැත... ඒ ආකාරයෙන් වසරක් පමණ ගෙවී ගිය පසුව දිනක් හදිසියේ මා හිතවත් දන්ත වෛද්‍ය මිතුරෙකු මුණ ගැසුනේ වෙඩිමකදීය. පරීක්ෂා කර බලා  ඔහු කීවේ,

මචං දත්බුරුසුවෙන් තද කරලා වැරදි විදිහට දත් මැද්දම තමයි මේවා ඇති වෙන්නෙ... මේවා දැනට රිදුනෙ නැති වුනාට එක පාරටම තමයි දවසක රිදෙන්නෙ... එදාට උඹට හුජ්ජ නොගියොත් පුදුමයි. ඒ හින්දා රිදෙන්නෙ නැති කාලෙදිම වැඩේ ඉවරයක් කර ගනිං... වෙලාවක වරෙං මම උඹට රිද්දන්නෙ නැතුව වැඩේ කරන්නම්.

ඌ නම් කියයි.... දොස්තර නෝනා නිසා මට රිදුනු හැටි දන්නේ මමය... තවත් වසරක් /දෙකක් ගතවිය. දැන් දත් කුහරය මරියානා ආගාධට දෙවෙනි නැත. තවමත් වේදනාවක් නැති වුවත් මා වසර ගණනාවක් සිටියේ හිතේ ගින්දරෙනි. අනේ ආයෙත් වේදනා  විදින්නෙ කොහොමද ... මගේ හිත නිතරම  කීවේය.

කෙසේ හෝ මෙයට සති දෙකකට පෙර දිනයක දතේ ආගාධයට පිළියමක් යෙදීමට මම තරයේ අධිටන් කරගතිමි. ඒ අනුව පුරුෂ දහිරිය උපදවාගෙන  නගරයේ පළපුරුදුම දන්ත වෛද්‍යාචාර්ය තුමා වෙත ගියෙමි.

මොකෝ කාරණේ ඔහු කරුණාබරව ඇසුවේය.

මේ දතේ කුහරයක් .... මෙච්චර කල් භයටමයි ආවෙ නැත්තෙ ඩොක්ටර්... අනේ රිද්දන්නෙ නැතුව මොනා හරි කරලා දෙන්න... මගේ ආයාචනයට කන් දුන් දොස්තර මහතා කාලයකට පසු  නැවත වරක් සිරා ගුවන්ගත කිරීමට පුටුවේ ඉන්දවා මුහුණට ඉහළින් විදුලි ආලෝකය දල්වා දත පරීක්ෂා කලේය. මගේ හදවතේ ලබ් ඩබ් ශබ්දයද වෙනස් වී බොල් හඩක් නැගෙයි. ඒ මදිවාට එය වේගයෙන් කම්පනය වෙයි.

http://www.thegrocer.co.uk/pictures/620xAny/3/9/1/13391_dentist-tooth-decay-teeth.jpg

මේ විදියට දත් හෑරෙන්නෙ ඕගොල්ලො දත් මදින බුරුසුව නිසා සහ වැරදි ක්‍ර‍මයට දත් මැදීම නිසා...

මේක අපි පුරවමු.... අපි ළග ක්‍ර‍ම දෙකක් තියෙනවා... එකක් සාමාන්‍ය ක්‍ර‍මය අනිත් එක තමයි ලේසර් තාක්ෂණ ක්‍ර‍මය... සාමාන්‍ය එක 750/- යි ලේසර් එක 1500/- කෝකද කරන්නෙ ?

ලේසර් තාක්ෂණය අලුත් නිසා එමගින් වේදනාව අඩුවේ යැයි උපකල්පනය කොට සිරා ලේසර් ඉල්ලුවේය. දැන් කටයුතු ආරම්භ කිරීමට සූදානම්ය...

පුතා ලිහිල් වෙන්න... පොඩ්ඩක්වත් රිදෙන්නෙ නෑ... වේදනාවක් දැනුනොත් වම් අත පොඩ්ඩක් උස්සන්න...  කලිං වතාවෙ ලැබුනේද මෙම ඔවදන්ම නිසා මම හිත හදාගෙන දෑස් පියාගතිමි.  දත හිරිවැටී ගිය සෙයකි. වහාම වම් අත ඉහළට එසැවිනි.

මොකෝ මේ දැන්මම අත උස්සගෙන මම තවම මේ ආයුධ ටික හොයනවා... දොස්තර මහතාගේ එවදන් හමුවේ නර්ස් නෝනා නැගූ  සාටර්  හිනාව දුටු විට මට පොළොවේ පස් කන්නට සිතුනේය. මගේ වෙලාවට එය ටයිල් පොළවකි.

මෙහෙයුම ඇරඹුනි... මුලින්ම අධි පීඩනයට ලක් කල ජල ප්‍ර‍හාරයක් විශේෂ උපකරණයකින් දතට එල්ල විය. සර්වාංගයම හිරිවැටී දැඩි වේදනාවක් දැනුනි....

අනේ ඩොක්ටර් රිදෙන්නෙ නෑ කිව්වට මට දැනටම රිදෙනවා... සිරා කොලුවා අඩන්න ඔන්න මෙන්නය...

ඔය රිදෙනවා නෙමෙයි පුතා හිරිවැටෙනවා... මම සහතික වෙනවා රිදෙන්නෙ නෑ කියලා ඔයා පුලුවන් තරම් සැහැල්ලු වෙන්න...එතකොට ලේසියෙන් වැඩේ කරන්න පුලුවන්...

අනතුරුව විශේෂ උපකරණයකින් දතේ කැපුමක් යෙදූ පසු නර්ස් නෝනා බදාමය අනන්නට විය... ඇනූ බදාම දතේ කුහර වැසෙන සේ මැනවින් අලේප කල පසු ලේසර් කිරණ විහිදෙන උපකරණයක් මුඛය තුලට යොමු විය.  මේ ක්‍රියාවලිය මාරුවෙන් මාරුවට කීප වතාවක් කිරීමෙන් පසු දතේ කුහරය අන්තරස්දාන විය. වැඩේ අහවර බැව් වෛද්‍යතුමා කියන විට මට ඔහුව බදාගෙන ඉඹින්නට සිතුනි. ඒ සතුට වැඩි කමටය...

ඔය ටිකටනෙ දැගලුවෙ...එතුමා කෝචොක් එකට මෙන් එසේ පවසා... ඕනෑම අකාරයේ පානයක් හෝ ආහාරයක් දැන් පටන් ලබාගත හැකි බවත්... මෙය දීර්ඝකාලීනව පවතින ප්‍ර‍තිකාරයක් වුවත් නිවැරදිව දත් මැදීම එහි පැවැත්මට ඉවහල් වන නිසා දත් මදින නිවැරදි ක්‍ර‍මය පිළිබද පාඩමකුත් කියා දුන්නේය.

සිරා ස්කූටරයේ කණ්නාඩියෙන් දත බැලූ විට කිසිවක් හදුනාගත නොහැකි තරමට වැඩේ සුපිරියට කෙරී තිබුනි. පිරවුමද දතේ පැහැයෙන්ම තිබූ නිසා කිසිදු වෙනසක් නැත.. කොලුවාගේ දත මෙන්ම හිතද දැන් නිදහස්ය..

නිවසට පැමිණ මේ පිළිබද අන්තර් ජාලයෙන් රැස්කල කරුණු කීපයක් හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා මෙසේ සටහන් කරමි...  පෝස්ටුව අගටම කියැවීම ඔබේ දන්ත සෞඛ්‍යයට හිතකරය.

වැරදි ආකාරයෙන් දත් මැදීම නිසා අපගේ දත් පැත්තෙන් ගෙවී කුහර ඇති විය හැක. මෙය වර්තමානයේ ඉතා සුලභ සිදුවීමකි....සිරාට වැරදුනේද එතැනය...

දත්මැදීම ආශ්‍රිතව බහුලව සිදු කරන වැරදි...


1  තමාට ගැලපෙන දත් බුරුසුව තෝරා නොගැනීම

මුඛයේ ප්‍ර‍මාණය අනුව අන්තිම දත දක්වා ලගාවිය හැකි නැම්මක් සහිත දත් බුරුසුවක් තෝරාගත යුතුය.

2  නොගැලපෙන කෙදි සහිත දත් බුරුසු තෝරාගැනීම

මෘදු කෙදි සහිත නිෂ්පාදනයක් තේරාගන්න... නැතිනම් දිනපතා භාවිතයේදී දත්වලට හානි විය හැක.

3  දත් මැදීම සදහා ගත කරන කාලය

විනාඩි 3 ක් දත් මැදීම සෑහේ...ඊට අඩු කාලයක් මෙන්ම වැඩි කාලයක් ගත කිරීමද ඔබට අවාසි ගෙන දේ.

4  දිනකට වැඩි වාර ගණනක් දත් මැදීම හා දත් බුරුසුව දත් වලට දැඩි ලෙස තෙරපා දත් මැදීම

දතේ එනමලය හානියට පත්විය හැක. කෙටි කලකදී දත් ගෙවී කුහර ඇති විය හැක.

5  දත් මදින නිවැරදි ක්‍ර‍මය අනුගමනය නොකිරීම

දීර්ඝකාලීන වැරදි භාවිතයෙන්  දත් කුහර ඇති වේ.

6   එකම ස්ථානය දත් මැදීමේදී වරින් වර මැදීම

එම ස්ථානයේ දත් ඉක්මනින් ගෙවී යාමට හේතු විය හැක.

7   දතෙහි ඇතුල් පැත්ත මැදීම මග හැරීම

බැක්ටීරියා වර්ධනය සිදු වේ, බොහෝ දෙනෙකුට දත් වල ඇතුල් පැත්ත මැදීමට අමතක වෙනවාලු.

8   දත් මැදීමෙන් පසු බුරුසුව නිසි ආකාරව නොසේදීම

ඉතිරිවී ඇති දත් බෙහෙත් ආදිය සම්පූර්ණයෙන් ඉවත් වන තරමට සේදිය යුතුය. 
නැතහොත් භයානක බැක්ටීරියා කෙදි අතර වර්ධනය විය හැක.

9   දත් මැදීම ආරම්භ කරන විට දත් බුරුසුව වියළි තත්වයක නොතිබීම

තෙත් පරිසර මාධ්‍යයක් තිබීම නිසා   අධික බැක්ටීරියා ගහණයක් ඇති වීමට ඉඩ තිබීම  හා... බුරුසුවේ කෙදි වල හැඩය වෙනස් විය හැකි වීම.

10   නිසි  කාලයට දත් බුරුසුව මාරු නොකිරීම

මාස 3 කට හෝ 4 කට වරක් දත් බුරුසුව මාරු කිරීමෙන් දත් මැදීමේ කාර්යය ඵලදායීව  කිරීමට හැකි වේ. දත් බුරුසුවේ කෙදි වල හැඩය නිවැරදිව තිබීමද දත් මැදීම සාර්ථක කිරීමට ඉහවල් වේ.

නිවැරදිව දත් මදින ක්‍ර‍මවේදය...



අදට එහෙනම් කඩේ වහනවා....

මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

නිවැරදිව දත් මැදීම ඉතා යහපත් මුඛ සෞඛ්‍ය තත්වයක් පවත්වා ගැනීමට ඉවහල් වන්නා සේම සමාජයේදී පුද්ගල සබදතා මැනවින් පවත්වා ගැනීමටද ඉවහල් වේ.

දත් මැදීමේදී අප සාමාන්‍යයෙන් කරනා තිරස් අතට බුරුසුව එහා මෙහා ගෙනයාම වැරදි ක්‍ර‍මවේදයකි.

මා මෙන්ම කල් ගත වූ දත් කුහර සහිතව බිය නිසාම ප්‍ර‍තිකාර ගැනීමට මැළිවන විශාල සංඛ්‍යාවක් සිටින බැව් මම ඉදුරාම දන්නා නිසා මම ඔවුනට යෝජනා කරන්නේ නූතන තාක්ෂණික දියුණුව සමග වේදනාවකින් තොරව ප්‍ර‍තිකාර කල හැකි නිසා කල්මරන්නේ නැතුව ඉක්මනින් ප්‍ර‍තිකාර ලබාගන්නා ලෙසයි. කල්මැරීම නිසා වඩා වේදනාත්මක අවස්ථාවකට ඔබට මුහුණදීමට සිදුවිය හැක.

දත් වල ඇති ස්නායු කෙළින්ම මොළය හා සම්බන්ධ වන නිසා දත් ගැලවීම ආදී කාර්යයන් සදහා හැම විටම සුදුසුකම් ලත් දන්ත වෛද්‍යවරයෙකු මුණගැසෙන්න...නැතිනම් අනපේක්ෂිත ප්‍ර‍තිඵල අත්විය හැක.





117 comments:

  1. අපෙ අම්ම කාටවත් කියන්න එපා කියපු කතාවක් අද මෙතන කියන්නම්.

    සෑමාගේ දත් කිසිදා පණුවෝ කා නැත. ගලවා නැත. විනාස වි නැත.

    අම්ම කිව්ව ඇස් වහ කටවහ වදි කියල..

    හොද පාඩමක් සිරෝ !

    ReplyDelete
    Replies
    1. බොලාලගෙ දත් සම්බන්ධ ජානෙ බොහොම ශක්තිමත් එකක් වෙන්න ඇති... මළ හත්තිලව්වයි... මේක දැකලා ඇස්වහක් හෙම වැදුනොත් අසරණ සිරා කොලුවට නම් දොස් කියන්න එපා සෑමො...

      Delete
    2. ස්ස්ස්ස් සූඌඌඌඌ සැමාගේ දත් ටිකේ ලස්සන .....

      Delete
  2. මං මීගොඩයගේත් දත් ටිකනම් ලෙසටම තියනවා .. හැබැයි පොඩ්ඩක් ඇදයි...ඔය ඇදේ හදන්න කියල එක දතක් නිස්කාරනේ දැන් දුන්නා...

    ඉන්පස්සේ ඥාන දත හරහට ආවා.. එකත් විදුරුමහ පළල අරන් දැම්ම ... දැන් අනිත් පැත්තේ එකත් ඇදේට එන්නේ ... ඒකටත් බඩු තමයි ඉතින්.. උබම කියහන් සිරෝ තනි මට ඉතරක් ඇයි මෙහෙම වෙන්නේ කියල

    ReplyDelete
    Replies
    1. ඥාණ දත ආපුවහම මොළේ පෑදෙනවා කියනවනෙ... මෙතන තියෙන පුරස්නෙ මී ගොඩයගෙ දත හරහට ආපු එක නෙව...

      සිරා මෝහන නිද්‍රාවට වැටී ඔබේ පෙර ආත්මයට පියමන් කල විට දක්නට ලැබුනේ පෙර ආත්මයකදී පෙම්වතිය සිප ගන්නා විට ඇගේ දිව සපා කෑම මෙම කරුමයට හේතු වූ බවකි.

      Delete
  3. අනේ සිරා අයියේ. මම මේ ලෝකේ විඳින්න බයම වේදනාව ඔය යන්න්තරෙන් දත හිල් කරන එකයි. මගෙත් තුනක්ම ස්නායු පුරවල තියෙනෙන් වැඩේ මම දත් මදින කොට තද කරනවාලු. හතර වෙනි තාට් හදන් කැඩීගෙන එනවා. අයියෝ සල්ලි මම විඳින දුකක් දත් නිසා.

    ReplyDelete
    Replies
    1. බොලා වගේම තමයි මමත්... දත් පුරවන්න භයේ ගැහි ගැහි හිටියෙ... අපේ වෙලාවට මේ ලේසර් ක්‍රමේ තිබුනෙ... නැත්නම් ඉතිං ආයෙමත් සිරාට බඩුම තමා... මම මේ දක්වලා තියෙන ක්‍ර‍මයට දත් මදින්න කෝරාලෙ... එතකොට අලුතින් කුහර ඇති වෙන්නෙ නෑ... දැනට තියෙන කුහරෙ ලේසර් ක්‍ර‍මයට පුරවන්න... පොඩ්ඩක් වත් රිදෙන්නෙ නෑ.

      Delete
  4. මළ කෙලියයි...ජූලි හතයි... මට නම් දතේ අමාරු සෑදී නැත. දත් නරක් වෙලාද නැත. ඒත් තියෙන්නෙ දත් 28කි. මලාට 32 එන හැඩක් නැත. තාම විස්ඩම් එක පහල වෙලා නැත...අයියෝ ඉතිරි දත් හතර...මම පව් !

    ReplyDelete
    Replies
    1. තත්වය එසේනම් බොලාද සෑමාගේ වර්ගයේය...ඔහොම යද්දී නුවන පෑදෙනු ඇත... බොලා පවු නම් දත් නිසා අසරණ වී ඇති මී ගොඩයා හා කෝරළේ වැන්නන් පවු නැතුවාද...

      Delete
  5. අම්මෝ ... ඇහුවමත් බය හිතෙනව බං.

    අපිට නම් තවම දත් කරදර නෑ, බොලා ඉතිං වයසට ගිහිපු කොලු තාත්තලනේ, දැන් ඉතිං ඔව්ව තමයි උඹට දිගටම ලියන්න තියෙන්නෙ. හෙහ් හෙහ් හෙහ් ....

    මම නිර්දේශ කරනව ලංකාවෙ සියළුම පිරිමි පාසල්වලට ලස්සන දන්ත වෛද්‍යවරියන් හා නර්ස් නෝනල අනුයුක්ත කළ යුතුයි කියල, කොල්ලොන්ට දත් ගලවන්ට. :)

    නිදිමතයි, අපි යනව.

    ReplyDelete
    Replies
    1. ““බොලා ඉතිං වයසට ගිහිපු කොලු තාත්තලනේ““

      DDT සූටි කොලුවගෙ ඇස් පෙනීමත් දුර්වල වී එන හැඩයි... සිරා වගේ භද්‍ර‍ යෞවනයෙක්ට ඔය වගේ අව කැපෙන කථා කියන්න වටිනවද මම අහන්නෙ...

      දන්ත ශල්‍යාගාර නැතත් ලංකාවෙ සමහර කෙල්ලො ඔය අගේට කොල්ලන්ගෙ දත් ගලවන්නෙ...

      Delete
  6. යකෝ දත් පුරවපු එකකින් මෙච්චර ලස්සනට කතාවක් ලියන්න පුලුවන්ද බන්.. මගෙත් දත් කිහිපයක්ම තියනවා මෙදා පාර ආපුවම පුරව ගන්න ඕනා..

    ඔවදන් වලට තුති.. ඒත් කවදාවත් ඕවා කෙරෙන්නෑ බන්.. ඔය මොකා කොහොම කිව්වත් මම දත් මදින්නෙ මට ඕනා විදිහට.. :-)

    උඹලා ඉස්කෝලෙ යන කාලෙත් හරි වල් නේද ? මම කිව්වෙ දත්වල..

    ReplyDelete
    Replies
    1. බොට ඕනෑ විදියට දත් මැද්දම ඇතිවෙන දත් කුහර ටික අපේයැ...

      දැනටම කිපයක් තියෙනවලු...ඥාණ දත ආවොත් මොළේ පෑදෙයි...

      මේකට කියන්නෙ වල් කම නෙමෙයි සෙන්නා... ලස්සන දේ අගය කරන්න... ඒ පිළිබද විමසිලිමත් වෙන්න තමා අපි පොඩි කාලෙ ඉදලම හුරු වුනේ... ඒ දේ තමා ඉතිං එදත් කොලේ...

      Delete
    2. // මේකට කියන්නෙ වල් කම නෙමෙයි සෙන්නා... ලස්සන දේ අගය කරන්න... ඒ පිළිබද විමසිලිමත් වෙන්න තමා අපි පොඩි කාලෙ ඉදලම හුරු වුනේ... ඒ දේ තමා ඉතිං එදත් කොලේ... //

      මේ ටික පැහැදිලි මදි බන්.. දත් වල තියන වල් වල මොන ලස්සනක්ද බන්.. හෙහ් හෙහ්හ්හ්හ්

      Delete
  7. දත් බුරුසුව නිසා දත් කුහර හැදෙන බව දැන ගත්තෙ අද, මදිනව කියල ජර බර ගාල මදින්න හොඳ නෑ නේද?

    http://dayal-bathee.blogspot.com.au/2012/11/blog-post_14.html
    රාජපක්ශ ජනපතිගෙ ප්‍රියතම කඩචෝරුව ? පරාක්‍රමබාහු රජතුමා පිලිමයේ අතේ තිබෙන්නේද කඩචෝරුවක්?

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා...

      දත් බුරුසුව නිසිආකාරව පාවිච්චි කරන්න හුරු වීම දත් කුහර ඇති වීම වළක්වනවා...

      කඩචෝරු ලිස්ට් එක දාලා ආවෙ...

      Delete
  8. හොඳ පාඩමක් අපි ඔක්කොටම. හොඳ පාඩමක් පිරිමි ලමයි ඔක්කොටම ලස්සන අය රිද්දවන්නේ නෑ කියලා හිතනවට. මම කීවේ දත් දොස්තර නෝනා ගැන...:)

    දත් පොඩි කාලේ ඉඳන් රැක ගත හැකි දෙයක්. සිරාගේ ලමයින්ගේ දත් මට මැවිලා පේනවා ඔන්න. හී හී...

    ReplyDelete
    Replies
    1. ලස්සන අය තමයි වැඩිපුරම සිරා ට නම් රිද්දලා තියෙන්නෙ... දුකේ බෑ මතක් වෙද්දි...

      මගේ ළමයින්ගෙ දත් .... හයියූ කියන කතා සිරා තාම සූටි කොලුවෙක්...

      Delete
  9. What a beautiful piece of writing!

    ReplyDelete
  10. මගෙත් මෙඩිකල් චෙකප් එකකදී දත් පරීක්ෂා කරපු දත් දොස්තර මහතා ඔයා කතාව කිව්වා. වර්දියටලු දත් මදින්නේ. මම ඒ දවස් වල කරන්නේ දත් වල ඇතුල් පැත්ත මැදලා ඒ ගමන්ම හරවල ගන්නවා අනිත් පැත්තට. එතකොට අර දත් වලා දාර වගේ මුවහත් කොටස් රවුම් වෙනවා. දැන් හෙමිහිට හරි ක්‍රමයට මදිනවා. එත් පාවිච්චි කරන්නේ සෙන්සිටිව් දනතාලේප.

    ReplyDelete
    Replies
    1. සෙන්සිටිව් දන්තාලේප භාවිතයෙන් ප්‍ර‍තිඵල ලැබුනද...

      අලුතින් එන්නෙ නැති නිසා මැරෙනකම්ම තියෙන දත් ටික පරිස්සම් කරගන්න ඕනෙ බොහොම අවධානයෙන් ඉදලා... දත් අමාරුව හැදුනාම නම් දත් නැතත් සැපයි කියලා තමා හිතෙන්නෙ... එය එතරම් වේදනාකාරීයි.

      Delete
    2. ඇත්තමයි සිරා දත් අමාරුව හැදුනම සුජ්ජ වෙන සුළුයි. අඩුවක් අරන් ඇදල දාන්න හිතෙනවා දත අමුවෙන්ම.

      Delete
  11. මා හටත් නුවණ තවමත් පෑදී නැත. ඒත් අපේ පුංචිට පිංසිද්ද වන්නට දත් සැට් එක හොඳින් තිබේ. පොඩි කාලේ සිටන්ම බෙල්ලෙන් අල්ලාගෙන දත් නිවැරදිව මන්දවා දත් සැට් එක ආරස්සා කොල දුන් පුංචිට පිං

    ReplyDelete
    Replies
    1. ඒ පුංචි වෙත මාගේද ප්‍ර‍ණාමය හිමි වේ...දැන් වත් දත් ටික හරියට මැදපන් මලේ...

      Delete
  12. දත් ගැන නම් මතක් වෙනකොටත් මට දැං තරහයි සිරා... කොච්චර මැද්දත් ඩොක්ට ගාවට ගිය ගමන් කියන්නේ දත් ටික නම් හරියට මැදලා නෑ කියලා... මට ඉතිං....... ගර්ර්ර්ර්......... හැබැයි දත් ගලවලා නම් නෑ..

    ඇයි වදේ ... අවුරුදු 12 වෙන‌කොට කිරි දත් ටික හැලෙන්න එපැයි... බදින්න කලින් අවුරුදු 2කට සැරයක් මං ඩොක්ට කෙනෙක් ගාවට ගිහින් දත් සුද්ධ කළා.. අවුරුදු 26ක් වෙලා බැන්දටත් පස්සේ මගේ දතක් කැඩුනා... බලනකොට ඒක කිරි දතක්..... හයියෝ.. අර මහරගම ඩෙන්ට්ල් එක තියෙනවා නේද... මේ‌ලෝකේ සංසාරෙකට වැඩක් නෑ... මමත් හිතාගෙන හිටියේ ඒක හොඳයි කියලා තමා... මාව දවස් 3ක් නිකම් රස්තියාදු කරලා අන්තිමට කිව්වා ඒකේ කරන්න බෑ කියලා.. දැන් නං අපේ මහත්තයට ඕනේ වෙලාවක මේක හදලා දෙන්නැතෑ කියලා හිතාගෙන අතෑරලා දාලා, උඩ දත් ඇන්දේ ඉස්සරහම හිඩැසක් තියාගෙන ඉන්නවා..

    තව එකක්.. අපෙ මහත්තයා දත් මදින්නේ සෙන්සොඩයින් වලින්.. මාත් ඕකෙන් මැද්දා.. අම්මා.. මාස දෙක තුනක් යනකොට වීදුරුමහ රිදෙන්න ගත්තා ... මං ආයිත් සිග්නල් වලටම මාරු උනා... අපේ මහත්තයට ඉතිං දත් ගලවන්න ගියත් හිරි වැටෙන්නෙ නැති එකේ එයාට නම් හොඳ ඇති...

    විස්ඩම් නම් තාමා ඇවිල්ලා නෑ අප්පා.. මං හිතන්‌ෙන් මේ ඇත්මෙට එන එකක් නැතුව ඇති.. මේ වෙන‌කොටත් නැති විස්ඩම් එකෙන් දැං මක්කොරන්නද... හි හි

    ඔය කොච්චර තාක්ෂනේ දියුණු උනත් ලොකේ මිනිස්සු වැඩිපුරම බය ඩෙන්ට්ස්ගේ අර අහස් යානේ වගේ පුටුවේ වාඩි වෙන්නලු... මාත් ඒ ජාතියේ තමා..... හි හි

    ReplyDelete
    Replies
    1. ඔය කිරිදත කැඩුනෙ බැන්ද අලුතම ඇද රෙද්දෙ පැටලිලා නේද... මට මතකයි බොලා ඒ කථාව කියලා තිබ්බා... කොහෙද ඉතිං දාංගලේනෙ...

      අපේ මහත්තයා කිරි දත් වත් හැලිලා නැති සූටි කෙල්ලෙක් නොවැ බැදලා තියෙන්නෙ...

      මහරගම පැත්ත ගැන දන්නෙ නෑ නෝනෙ... ඔහෙ අවුල් නම් එන්න ගම්පහට... මෙහෙ දත් ගලවන්නෙ අයිතිකාරයට නොදැනෙන්න...

      බොලාගෙ කොමෙන්ටුවෙ තියෙන ඇඩ් දැක්කම ඒ කොම්පැනි වලින් ගාණක් එවයි නොමිලේම දීපු ප්‍ර‍චාරනේට...

      අර පුටුව උඩට නැග්ගම මමත් හරියට භයයි තමා...

      Delete
    2. තැන කියපන් බුදු මල්ලියේ .....

      Delete
  13. මගේ හක්කේ කෙරෝලේම දත ආවේ රුයිතෙටය.. මහරගම ඩෙන්ටල් එකට පට්ට පාන්දර ගොස් නිදිමතේ පෝලිමේ සිට එය ගලවා ගත්තේය.. ඉන්පසු මේ ලගකදී දවසක් හැර දවසක් වශයෙන් දින 4ක්ම ඩෙන්ටල් කට්ට කෑවෙමි. ඒ නැන්දාගේ තනියට ගොස්ය. නැන්දාට දත ගලවන්නට පෙර ගසන හිරිවැටෙන ඉන්ජෙක්ෂන් ගැසුවාට හිරිවැටෙන්නෙ නැත. දවස් 4ක් කට්ට කා අන්තිමට ප්‍රයිවෙට් තැනකට රිංගුවේය. බැය බාගෙන් දත ගැලෙව්වේය. මහරගම ඩෙන්ටල් එකේත් රූමත් තරුණ නර්ස් නෝනලා සිටියේ නම් දවස් 4ක් කට්ට කෑම අමාරු නැත. මගේ කරුමයට එහෙමද නැත.

    දැනට නම් මගේ දත් ටික සෝයි එකට තියෙනවා. මුතු ඇට වගේ.
    හුටා..දැනුයි මතක් උනේ තාම දත් මැද්දෙත් නෑ.
    මං යනවා දත් මදින්න සිරා කියන විදිහට.

    ජය..

    ReplyDelete
    Replies
    1. ඔය කියන මහරගම ගැනම නොවැ අර හිරු කෙල්ලත් කියලා තියෙන්නෙ...

      මට දුක හිතුනා බණ්ඩො.. ඩෙන්ටල් එකේ එදා ලස්සන නර්ස් නෝනලා එහෙම හිටියා නම් අද බොලාට බොලාගෙ ළමයින්ගෙ දත් ගලවන්න අවස්ථාව ලැබෙන්න තිබුනා...

      දක්වලා තියෙන විදියට දත් මැදීම ඔබේ මුඛ සෞඛ්‍යයට හොදා... ජය !

      Delete
  14. අපරාදේ 1500 ය. පොලිස් කාරයෙකුට කින්ඩියක් දැම්මනම් ඔක්කොම නොමිලේම ගලවලා දානවා. ඊට පස්සෙ ඉතින් පනුවන්ට විදුරු මහ තමයි කන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ වගේද මහාචාර්ය තුමා කථා බහ දුරදිග ගිහිල්ලා උගෙ දත් ටික අපි ගැලෙව්වොත් එහෙම... හිරේ ගිහිල්ලත් නිකං ඉන්න නෑ... ලයිට් ඕෆ් කරලා වෙඩි තියලා මරන්නෙ...

      Delete
  15. එක දතක් පුරවා ඇත, එකෙන් කැල්ලක් අයෙමත් ගැලවිලාද කොහෙදය හැබැයි රිදෙන්නේ නැති නිසා මාත් ඔහේ ඉන්නවාය . පුරවන්න ගිහින් දොස්තරයා ඉන්ජෙක්ශන් ගැහුවාට හිරි වැටුනේ නැතිය (උගේ ඉන්ජෙක්ශන් එකට හිරි වැටෙන්නේ පුරවා ගෙදරට ආවටත් පසුවය ) . දැන් නම් උහුලන්නට බැරි කැක්කුමක් හැදුනෝතින් මිස දත් පුරවන්නේ නැතිය

    ReplyDelete
    Replies
    1. පුරවන්න තියෙනවා නම් රිදෙන්න කලිං පුරවගන්න එක තමා නුවනට හුරු... ජීවිතේ ඉතාමත්ම වැදගත් මොහොතක හදිසියේම අමාරුවක් ආවොත් ඉතිං බඩුම තමා...

      Delete
  16. මටත් ඕය වගේ වැඩක් උනා..දත් පුරවන්න ගියා පෞද්ගලික තැනකට දොස්තර නෝනා..පික්ෂුකොරවෙන්න සාරියක් ඇඳල හිටියේ..මම බයේ හිටිය.. අනේ බං..ටිකකින් සුදුපාට ලෝගුව ඇඳල සරුවාන්ගෙම වසාගත්තනොවැ.

    තදකරල දත් මදින්න හොඳ නෑ කියල දැන ගත්තෙ අද.

    ඉස්සර අපේ සීයල ආඩ‍තෝඩ කොල වේලල,කරාබුනැටි,කුරුඳු පොතු...තව ජාති වේලල,කුඩුකරල පෙනේරෙන් හලල අඟුරු කුඩුත් එක්ක ඇඟිල්ලෙන් මැද්දෙ බං..මියයන තෙක්ම ඉස්සරහ දත් කීපයක් හොඳට තිබුනා මතකයි.

    ReplyDelete
    Replies
    1. අනේ වී පොකුර පව් බොලේ... අපේක්ෂා භංගත්වයට පත් වෙලා වගේ එදා...

      තද කරලා දත් මැද්දොත් වසර 5-6 යද්දි දත් කුහරයක් ෂුවර්...අපේ සීයලා ආච්චිලත් දත් මැද්දෙ ඇගිලි වලින්...ඒ අය මැරෙද්දි නම් කටේ දත් තිබුනෙ 2-3.

      Delete
  17. නියමෙට ලියල තියෙනව අප්ප.

    මගෙත් තියෙනව මරියානා එකට වැඩිය ලොකු අගාධයක් තියනෙ දතක්. ඒකනං පුරවන්න බැරිවෙයි. රිදෙන්නෙ නැති නිසා ගලවන්නෙ නැතිව තියාගෙන ඉන්නව. ඒත් ඒ වැඩෙත් හොඳ නෑ කියල තමයි කියල තියෙන්නෙ. අනික් පැත්තෙ ඒ ජාතියෙම දතක් ගලවන්න ගිහිල්ල හිරිවැටෙන්න දෙපාරක් විදලත් ගලවනකොට රිදෙන්න ගත්ත.

    අර හිරු අන්තිමට කියල තියෙන කතාවනං ඇත්ත. අර පුටුවෙ වාඩිවෙලා ඔලුව පස්සට නමල ලයි‍ට් එක මූනට ඇල්ලුවම මටනං හීං දාඩිය දානව.

    ReplyDelete
    Replies
    1. සතුතියි අයියෙ...

      මරියානා එකටත් වඩා ලොකු නම් ස්නායු පිරවීමක් තමා කරන්න වෙන්නෙ... එය එකවරක් කරලා අවසන් වෙන්නෙ නෑ... දවස් කීපයක් වරින් වර කරන්න වෙන කාරණේ තමයි ගැටලුව...

      Delete
  18. දෙය්යන්ගේ පිහිටෙන් මගේ දත් වලටත් තවම කිසිම අකර තැබ්බක් වෙලා නැහැ බං ... අනික ඔය දත් ගලවන සීන් එකට මගේ පොඩි බයකුත් තියෙනවා.. ඒ එලියට එන්න බැරුව හිර උන හැක්කේ දතක් ගලවන්න ඔපරේෂන් කරපු අත්දැකීම නිසා බයවුනු පාර..ඒ හැරෙන්න තවම දතක් පුරවලාවත් නැහැ ... උබේ පොස්ට් එක වටිනවා අද ඉදල මේකේ විදියට තමයි මම දත් මදින්නේ...හික් :D

    ReplyDelete
    Replies
    1. දත් ගලවන එකට මම භය නෑ බන්... මගෙ දත් දෙකක් ගලවලා තියෙනවා...ඒක හිරිවට්ටලා කරන නිසා අවුලක් නෑ... ඒත් හිරිවට්ටන්නෙ නැතුව දත් පුරවද්දි දැනෙන ෆන් එක නිසාම දත් පුරවන්න තමා භය...

      ඒ ක්‍ර‍මය අනුගමනය කලාම දත් ටික බේරාගන්න පුලුවන් වෙයි.

      Delete
  19. budu Ammo...dat galavima..dat nisa godak duk vidina kenak mama..hoda docter/hospital ekak gana kiyana puluwanda?
    Jayawewa,
    Sajith

    ReplyDelete
    Replies
    1. සජිත් ලංකාවෙද ඉන්නෙ... මට ඊයක් එවන්න... මම විස්තර එවන්නම්...

      Delete
  20. පාසැල් මතක ඔව්වා හරි මිලයි එහේම ලෙසියට එලියට දානවට තොව ජිවිතාන්තයට හිරගෙදර යවනව ලැප්ටොප් එකකුත් එක්ක හරිය.... අම්මපා මං පුන්චි කාලේම මගේ දත් සෙට් එකක්ම පුරවල බං ඉතින් රිදිච්චා මතක නෑ ඒතරං පුංචියි ලූ හැබැ ඒ පුරොපුවා දෙයියනේ කියලා තාම වැඩ

    ReplyDelete
    Replies
    1. හිරගෙදර යන්න භයයි අයියා.... ජීවිතාන්තයට කියලා යැව්වට ඊට කලින් වෙඩි කන්න වෙනවා නොවැ...

      මෙයත් හොරාට හොරාට ඩෙන්ටල් එක පැත්තෙ කැරකිලා වගේ දොස්තර නෝනා බලන්න...

      Delete
    2. // මං පුන්චි කාලේම මගේ දත් සෙට් එකක්ම පුරවල බං ඉතින් රිදිච්චා මතක නෑ ඒතරං පුංචියි ලූ හැබැ ඒ පුරොපුවා දෙයියනේ කියලා තාම වැඩ //

      මොකෑ ..... යකඩො එතකොට රාජ් තවම කිරි දත්වලින්ද වැඩ. අපේ ඒව හැලුනනේ බං.

      Delete
  21. නියම ලිපියක්. මාත් ඔය කට්ට කාල තියනව අට වතාවක්. :) ඒ කියන්නෙ දත් හතරක් පුරවල!

    ලෝකයේ වැඩිම දත් දොස්තරල-දොස්තරල කිව්වට විශේඥ වෛද්‍යවරු- ඉන්නෙ අපේ කාර්යාලෙ. දත් ගලවන්නෙ කිසිම රිදීමක් නැතිව.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලෝකෙ රාජ් ලා දෙන්නම අද එකම තැන දැක්ක දුර්ලභ අවස්ථාවක්...

      අට වතාවක් කෑවා කියන්නෙ සැප කනේ නොවැ...

      ඔය කියන දත් දොස්තරලා නම් සුපිරියි... අනිත් අයට හොරෙන්, මුවා වෙලා නේද ඒ අය දත් ගලවන්නෙ...

      Delete
  22. සිරා අද වෙනස්ම ඉසව්වක් හොයාගෙනනේ. නියමයි වටිනවා ලිපිය
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
    Replies
    1. එකම දේ ගැන කොහොමත් මම ලියන්නෙ නෑ නොවැ... හැමදාම වෙනස් දෙයක් තමයි ලියන්න උත්සාහය.... ස්තූතියි ඔබේ අදහසට...

      Delete
  23. පොඩි කාලේ මගේ නල දතක් ගැලෙව්වා. අම්බෝ එකේ වේදනාව. මතක් වෙද්දි තාම බය හිතෙනවා. :)

    ReplyDelete
    Replies
    1. බොට දැනුන වේදනාව මටත් දැනෙනවා වගේ...දත් අමාරුව මතක් වෙද්දිත් නිකං මොනවද මොනවද වෙනවා...

      Delete
    2. දත් කැක්කුම කිව්වම මතක් උනේ. මට දත් කැක්කුමට මතුරන්ඩත් පුලුවන්. බුලත් කොලේකට 108වරක් මතුරලා ලෙඩාට කන්න දුන්නහම දත් අමාරුව නැතුව යනවා.

      Delete
  24. මට ඔය උපදෙස් ලැබුනේ දශක දෙකකට කලිනි. එහෙත් තවමත් අලුත් දත් දොස්තරවරු මට ඒ උපදෙසම දෙති.. මදින්නට ඇත්තේ සුලු කාලයකි එක දතක් දැනට හය පාරක් පුරවා ඇත.. ඩොකා කියන්නේ ඔහුගේ වරද නොව මගේ වරද බවය. කෙලවෙන්නේ සාක්කුවටය..

    ReplyDelete
    Replies
    1. හය පාරක් පුරවපු දත අඩනවා ඇති අනේ දෙන වදයක් කියලා...

      දත ඔබේ නම් වැරදි කරුවා ඔබම විය යුතුය. නිරෝගී පුද්ගලයෙකුට දත් 32 තිබෙන නිසා දත් දොස්තරවරුන්ට යහමින් මුදල් ලැබේ...ශරීරයේ අනෙකුත් ඉන්ද්‍රියන් එපමණ සංඛ්‍යාවක් නැති නිසා දත් දොස්තර කෙනෙක් වීම නුවනට හුරුය.

      Delete
    2. ඇයි බොලේ අස්ථි පිළිබද

      Delete
  25. මාත් මේ සතියේ මුල ගියා දවස් ගානක් කැක්කුමක් දුන්නු දතක් ගලවන්න.කලින් ටෙම්පරි එකක් දාලා තිබිලා ඒක ගැලවිලා ගිහින්.පර්මනන්ට් එක දාගන්න එක පහු කරේ අරක ගැලවිලා ගිහිල්ලත් කැක්කුමක් නොතිබුණු හින්දා.මේ පාර දත බලලා ඩොකා කියපි පර්මනන්ට් එක දාන්න දැන් වෙන්නෑ.දත ගලවන්ට වෙනවා කියලා.අනේ ඉතින් මක් කොරන්ටද! මං ගලවන් ආවා.

    පෝස්ට් එකනම් වටිනවා සහෝ.මාත් කියන්නේ ඔය වගේ දේවල් පරක්කු නොකර කලින්ම කරගන්න එක හොදයි.

    ReplyDelete
    Replies
    1. ඔහොම ඒවට ස්නායු පිරවුමක් දාන්න පුළුවන් මං දන්න තරමින්. පිරමීඩ වල තියන මමී වලට කරලා තියනවා වගේ දෙයක් ලු එතැනදී වෙන්නේ. එතකොට ඒක මල දතක්.. එහෙම නේද සිරා..?

      Delete
    2. ස්නායු පිරවීමේදී හානියට පත් දත අවට ස්නායු අකර්මණ්‍ය කර ඒ කියන්නෙ ස්නායු වල ක්‍රියාකාරීත්වය නැති කරලා තමයි අදාළ කාර්යය කරන්නෙ... ස්නායු අඩපණ උනාම වේදනාව දැනෙන්නෙ නෑ...

      ඒ උනාට ස්නායු පිරවීමක් එක දවසින් අවසන් වෙන්නෙ නෑ... දවස් කීපයක්ම යන්න වෙනවා...එහෙව් වෙලාවට නම් දත ගලවන එක සැපයි කියලා හිතෙයි...

      Delete
  26. අම්මෝ... මං දත් පුරවල, ගලවලා නම් නෑ..... ඒත් මේ ළඟදි අර ඥාන දතක් එන්න අවිත් ඒක විදුරුමහෙන් උඩට එන්න බැරුව සෑහෙන දුකක් වින්දා... අන්තිමට විදුරු මහ පැලුවා.... හිරි ගියාට පස්සේ තමා සැබෑම සැප.....අම්මෝ.... මතක් වෙද්දිත් ඇඟ වෙව්ලනවා....

    ReplyDelete
    Replies
    1. ඕකට සමහරු පැපොල් කිරි පොඩ්ඩක් තියනවා. වැඩේ ගොඩ.

      Delete
    2. චන්දන අයියත් දත් පිළිබද (හොර ) දොස්තරයෙක් ද ? :)

      Delete
    3. (කොන්) දොස්තරයෙක් :)

      Delete
    4. සමනලී කෙල්ලව කාමරේට සාදරයෙන් පිළිගන්නවා..

      ඥාණ දත එද්දි බොහෝ අයට ඔය ගැටලුව ඇතිවෙනවා... හැබැයි ඒ දත ආවට පස්සෙ නම් මොළේ පෑදෙනවලු...

      @ චන්දන

      නරකද ඩිස්පැන්සරියක් අටව ගත්තොත් පාරක් අද්දර...

      Delete
  27. මාත් ඔය ආනිසංසේ විඳලා තියනවා. දත කපන කොට ඇඩෙනවා..! පුරවන්න කලින් මොකක්ද ගැජට් එකක් දාල කට ලොක් ? කරනවා දැන් හුස්ම හිරවෙයි කියල හිතෙනවා එතකොට නම්. හැබැයි අර පුටුව නම් මරු බං. උස්සන්න, පාත් වෙන්න, දිගාරින්න මොනවද නැත්තේ. ගෙදර ගෙනාව නම් පැද පැද ඉන්න තිබ්බ. :)
    සිරා, ලේසර් පුරවනවා කියන්නෙයි ස්නායු පුරවනවා කියන්නෙයි දෙකක්ද එකක්ද.. මෙහෙ ගන්නවනේ ස්නායු පුරවන්න ඔයිට වඩා ලොකු ගානක්.
    අපිට හිටපු හොඳම දත් දොස්තර මහතා එතුමාගේ ශල්‍යාගාරය තුලම හෘදයාබාධයකින් මිය ගොස් සිටි කණගාටුදායක සිද්ධියත් මට මේ වෙලාවේ මතක් උන. ඔහු විසින් පුරවපු දතක් අවුරුදු ගානක් වෙලත් තවම තියනවා කිසි අවුලක් නැතුව..
    නියම ලිපියක් මචං..ජය!!!

    ReplyDelete
    Replies
    1. ලේසර් සහ ස්නායු කියන්නෙ දෙකක්... වඩා නවීන තාක්ෂණය තමයි ලේසර් ක්‍ර‍මවේදය. එහිදී කරන්නෙ දත පිරවීමට උපයෝගී කරගන්නා බදාමය ලේසර් කිරණ මගින් ඉතා ඉක්මනින් දතට සවිකර එහි ශක්තිමත් භාවය වැඩිකිරීම. බොහොම කෙටි වෙලාවයි යන්නෙ... නමුත් දැඩි සේ නරක් වූ දත් වලට මෙම සත්කාරය කරන්න බෑලු...

      මමත් මගේ දතේ වැඩේ කරගන්න ගම්පහ හිටිය බොහොම ප්‍ර‍වීණ දත් දොස්තර මහතෙකු තමා බැලුවෙ... අපේ අම්මා ප්‍ර‍තිකාර ලබාගත් පැරණි තුණ්ඩුවකින් දුරකථන අංකය හොයාගෙන කථා කලා... මට උත්තරේ විදියට ලැබුනෙ එතුමා මියගිහිල්ලා අවුරුද්දකටත් වැඩියි කියලා...

      Delete
  28. මේක වටින දතක් සිරෝ.. ලංකාවේ 95% කට මුඛ හා දන්ත ආසාදන තියෙනවා. වැඩිම ව්‍යාප්තිය කියල කිව්වම හරි තමා.. එළට ලියල තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා...

      ඒකනේ ඉහළින්ම දාලා තියෙන්නෙ ලොව තියෙන පැරණිම සහ වඩාත් ව්‍යාප්තිය ඇති රෝගය දත් රෝගය බව,

      Delete
    2. ඒක තමයි බොල මං කිව්වේ තෝ ඒක කිව්වය කියල. හැක්..

      Delete
    3. තේරෙන බාසාවෙන් කියන්න එපෑ බොල...

      Delete
  29. හප්පොච්චියෙ දත් කැක්කුම ගැන නම් කියලා වැඩක් නෑ සිරා අයියේ.
    ඒක නෙමෙයි අයියේ උඹ ලියන විදිහ මාර ගති, කියවල මිසක් ඉවර කරන්න හිතෙන්නේ නැති සයිස් එකක් තියෙන්නේ. (වැඩේ කියන්නේ අද කියවන බ්ලොග් ඔක්කොගෙම තියෙන්නේ සුපිරි ලිවීමේ රටාවක්, )

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලයා බොලාගෙ අදහසට

      දත් කැක්කුමක් ඇල්ලුවොත් ඉතිං බේත් ගන්න එළිවෙනකං ඉන්න බෑ...එවලේම දුවන්න වෙනවා... බොහෝ වෙලාවට රාත්තිරී කාලයේ තමා මේ අමාරුව ඇති වෙන්නෙ.

      Delete
  30. ටොප් එකට ලියල තියෙනව.
    මගේ හක්කෙ අන්තිම දත එන දවස්වල ඊට ඉස්සරහින් තිබුනු දත ඇදවෙලා තිබුනු නිසා දතට උඩට එන්න බැරිව පුදුම වේදනාවක් වින්ද.
    පස්සෙ ඩෙන්ටල් එකට ගිහින් විදුරුමස කපල දත ගැලෙව්ව.

    ReplyDelete
    Replies
    1. ඔය සිද්ධිය බොහෝ අයට වෙලා තියෙනවා... අනේ මගේ වෙලාවට මට එහෙම උනේ නෑ...ඒ නිසාම තාම ඥාණය පහළ වෙලත් නෑ...

      Delete
  31. අපටත් දත් ගැන නම් නිතර ක්ලාස් කරනවා ඩෙන්ටල් එකෙන්.එත් ඔබ මම නොදන්න කරුණක් පිළිබඳව දැනුවත් කිරීම පිළිබඳව ස්තුතියි.ජය වේවා!
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. වෙලාවක් මීට පරිභාහිර කරුණු ඇතුලත් කරලා ඔබත් පෝස්ටුවක් ලියන්න...
      ඔබටත් ජය !

      Delete
  32. මගේ නම් දත් දෙකක්ම ගලවා ඇත. එකක් ගැලෙව්වේ බාගෙට හිරි තියෙද්දී ය. එදා නම් සෞරග්‍රහ මණ්ඩලේම සියසින් දැකගත්තේය. හඳ තිබ්බේ අතේ දුරින් ය.

    අපේ අම්මා නම් දත් ගලවන්න ගිය වංගියක දොස්තරගේ අත සපා කෑ පසු මගේ පියාණන් නැවත මෑණියන් කැටුව දත් දොස්තර වරු ලඟට ගියේ නම් නැත.

    ReplyDelete
    Replies
    1. සමහර අයට හිරිවැටෙන්න බෙහෙත කීප වාරයක් විදින්න වෙනවා... ඔබ කියන වේදනාව මට හිතාගත හැකියි.

      අම්මා දොස්තරගෙ අත කෑවා කියලා ඇහුවම හිනා ගියා, වේදනාව වැඩි කමට එහෙම වෙන්න ඇත්තෙ... දොස්තර ගොයිය දුවන්න ඇති එදානම්...

      Delete
    2. අම්මා දත් විදින කුර අතින් වීසී කොරලා දොස්තරගේ අතත් හපාදාල ඇවිත්. දොස්තර කෑගහල.. මෙයාව නම් ආයේ මේ පළාතේ එක්කන් එන්න එපා, මම මේ විසි අවුරුද්දක් වෙදකම් කරනවා මෙහෙම කෙනෙක් දැක්කමයි කියලා. අදටත් අම්ම දත් දොස්තරලා ලඟට යන්නේ නෑ. :)

      Delete
    3. හම්මෝ.. ක්සැන්ඩර් අයියගේ කතාවට මගේ බඩත් කොර වුනා හිනා වෙලා.:):):)

      Delete
    4. සිනහා ගියේ එතුමියගේ ක්‍රියාවට නොවන බවද සැලකුව මැනවි. මේ කතාවටය. ඒ අවස්ථාවේ දැනුනු වේදනාව නිසයි එසේ කෙරෙන්නට ඇත්තේ.

      Delete
    5. අනේ නෑ බං.. අපේ අම්මා කොරපු වැඩේට මටත් හිනා.. වේදනාවට වඩා අම්ම ටිකක් බයයි ඔය වැඩේට. :)

      Delete
  33. මගෙත් දතක් පිරෙව්වා පොඩි කුහරයක් එච්චර රිදුනේ නම් නැහැ එත් සර්වාංගයම හිරිවැටුනා.හොඳ දැනුවත් කිරීමක් අයියා ජය වේවා.

    ReplyDelete
    Replies
    1. අපි මේ රිදෙනවා කියලා කියන්නෙ ඔය හිරිවැටීම තමා... සමහර වෙලාවට එය දරාගන්න බැරි මට්ටමකට එනවා... අන්න ඒ වෙලාවට රිදෙනවා කියන එක සාධාරණයි... ජය!

      Delete
  34. අපරාදේ නේ දෙවෙනි පාරටත් අර doctor අක්ක ව ම හොයා ගෙන ගිය නම් ඉවර නේ (මොන ලෝකෙන් හරි ) , සිරා අයියේ ඒ කලේ කොල්ලෝ දත් හිල් කර ගත්තද බන් (2001) , /* මට නම් එපා කොරපු වැඩක් තමයි දත් පිරවිල්ල අපේ ඉස්කෝලේ නුත් අපි එක වසරේදී විතර දත් පුරවන්න එක්කන් ගිය මතකයි ඒ කලේ තිබ්බේ කකුලෙන් පාගල දත් හිල් කරන මැෂින් , මට මතකයි මන් ඔයින් එකක් ආතල් එකට පාගල , දතක් පුරවන්න එහා පැත්තේ පුටුවේ වාඩි වෙලා හිටිය එකා පන කඩාගෙන දිව්වා ඌ නම් ආයිත් පැත්ත පළාතේ අවේ නෑ , මට තමයි ටීචර් ගෙන් ගුටි කන්න උනේ */ දත් උපදෙස් වලට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඒ අක්කා අද බැදලා හස්බන්ඩ්ගෙ දත් ගලවනවා ඇති බන්...
      2001 දිත් මට මතක විදියට තිබ්බෙ කකුලෙන් පාගන මැෂිම තමා...
      උඹලටත් අතපය තියාගෙන ඉන්න බෑනෙ හැබෑටම... උඹට තිබ්බෙ නිකං පාගන්නෙ නැතුව ඒ කොල්ලගෙ දත දන්න විදියට පුරවන්න නොවැ...

      Delete
  35. අම්මෝ දතේ අමාරු ගැන කතා කරන්න එපා. ලඟදි දවසක මම ඩිස්ප්‍රීන් පෙත්තක් දතේ මුලට තියාගෙන ඉදලා උදෙම්ම ගිහින් ගලවලා දැම්මා. අම්මෝ එහෙමත් අමාරුවක් !!!

    ප.ලි. - වෙලාවක් තිබ්බොත් මගේ මාළු ටැංකියටත් ගොඩ වෙන්න එන්න.
    http://malutankiya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා...

      දත් අමාරුව ගැන නම් ඉතිං කියන්න වදන් නෑ...විදලාම බලන්න ඕනෙ..

      නිසැකවම ඔබේ මාළු ටැංකියටත් ඔලුව දාන්නම්...

      Delete
  36. දත් කිව්වම මට මුලින්ම මතක් වෙන්නේ ගම්පහ හිටිය දත් දොස්තර "දික්වැල්ල"

    සමහර විට සිරාටත් මතක ඇති... පොර හිරිවැටෙන්න කියලා ගහන ඉන්ජෙක්ෂන් එකට වතුරද කොහේද දාලා තියෙන්නේ.. මලාට හිරි වැටෙන්නේ නැහැ... මාරාන්තික හානි... ඒ දවස්වල මට දික්වැල්ල එක්ක මරු කේන්ති...

    ඒත් අන්තිමට මෑන් සුනාමියට ගියා...

    ReplyDelete
    Replies
    1. ඌ දික්වැල්ලේ එකෙක්ද මාර අයියේ , දික්වැල්ලේ උන් ඔක්කොම ඔහොම නෑ........... :) :) :)

      Delete
    2. මාරෙ ඔය කියන දොස්තරව මම දන්නවා... සුනාමිය වෙලේ එයාගෙ ගම දික්වැල්ලට යද්දි වහනේදිම සුනාමියට අහුවුනා කියලා තමයි ආරංචි උනේ... එයාගෙන් දතක් ගලවලා අපේ පැත්තෙ කාන්තාවක් වරක් පරලෝසැපත් වුනා... ඒ නිසයි දත් ගැලවීම ආවට ගියාට කරන්න බැරි වැඩක් කියලා කිව්වෙ...

      දික්වැල්ල කිව්වම දතේ අමාරු තිබ්බත් මිනිස්සු ගියේ නෑ මෑන් ළගට ඊට පස්සෙ...

      Delete
    3. මම මේ දොස්තරගෙ නම මතක් වෙන්නැතුව හිටියෙ. මගෙ දතක් ස්නායු ප්‍රතිකාරයක් කරමින් ඉද්දි තමයි එතුමා සුනාමියට අහු උනේ තාම දත පුරව ගන්න බැරිව ගියා, මොකද මම දත් ගලවන්න / පුරවන්න බයයි මේ දොස්තර නැතිව.

      Delete
    4. ආයෙ ඒ දොස්තර එන්නෙ නැති නිසා වෙන කෙනෙක් ළගට ගියොත් හොදා...

      Delete
  37. මේක මම හිනාවෙවී කියෙව්වට (ඇත්තටම දත් කෑලි බඩව වීසිවෙනවද බං?) මේක හරිම වැදගත් පෝස්ට් එකක් සිරා. හුජ්ජ මල්ලට පස්සෙ දාපු වැදගත්ම පෝස්ට් කෙක් කිව්වෑකි. හික් හික්.
    මමත් අහලා තිබ්බෙ එක දතක් විනාඩියක් මදින්න ඕනෙ කියලා හරිනම්. එහෙම කලානම් හෙම මේ වෙනකොට දත් තිබ්බ තැනක් වත් හොයාගන්න බැරිවෙයි නේද?

    ඔය කොහෙන්ද බං ඕක කලේ? ගම්පහින්ද?

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans.

    ReplyDelete
    Replies
    1. ඇත්තම ඇත්ත හෙන්රි අයියෙ.. දොස්තර නෝනගෙ සූටි සුදු බඩ ගෙඩිය උඩ චූටි චූටි දත් කෑලි තිබුනා...

      විනාඩි 3 තමයි දත් මදින්න වැයකල යුතු හොදම කාලය විදියට දක්වලා තියෙන්නෙ... ඒ වගේම දත් මදින නිවැරදි ක්‍ර‍මයත් අනුගමනය කරලා දිණකට දෙවරක් දත් මැද්දොත් වයසට ගිහිල්ලත් උක්දඩු අඹරන්න පුලුවන්...

      සිරා මේක කොලේ ගම්පහින් තමා... සීදේවී දොස්තර මහත්තයා.. ලෙඩ්ඩුත් ඉන්නවා හෝ ගාලා. තව විස්තර ඕනෙ නම් කියන්න...

      Delete
    2. අර සණස අයිඩියල් එකේ ඉන්න කෙනාද ?

      Delete
    3. අන්න හරි... එයා තමයි....පළතුරු බීම කඩේට පිටිපස්සෙන් පහළම මාලයේ ඉන්න කෙනා...

      Delete
  38. හ්ම්ප්ස්...ඒ කියන්නේ දත් මදින්න වෙනවා නේ! :p

    ReplyDelete
    Replies
    1. උඹලා අනුන්ගෙ දත් ගලවන්න උනන්දු උනාට තමන්ගෙ ඒවා මැදගන්න කම්මැලියි නේද...

      Delete
  39. උඹ දත් දොස්තර කෙනෙක් වුනේ කව්දැයි.

    මගේ හැක්කේ එක දතක් කැඩිලා. එත් මම පොඩි කාලේ ඉඳලම දවසට දෙවරක් දත් මදිනවා. මාර දුකෙන් ඉන්නේ ඒ කාලේ ඉඳලම.

    ReplyDelete
    Replies
    1. මේ ළගදි දවසක තමා මම Commerce වලින් උ/පෙ ලියලා දත් දොස්තර කෙනෙක් උනේ..

      ඒ කාලෙ ඉදලම දුකෙන් හිටියෙ ඇයි හැබෑටම... කවුරු හරි දතක් වත් ගැලෙව්වද ?

      Delete
  40. දත් හොරට මැදලා නේද පණුවෝ කෑවේ :P

    ReplyDelete
    Replies
    1. දත් පණුවො කෑවෙ නෑ මලේ... මැදලා වැඩි වෙලා හෑරුනා...

      Delete
  41. දත් මදින්නේ නැතුව හිටියනං ඔය කිසි අවුලක් නෑනේ... ;)

    ReplyDelete
    Replies
    1. අපිට කා එක්කවත් කථා කරන්න වෙන්නෙ නැත්නම් එහෙම කරන්න තිබුනා බොලං... ඔහොම කරලා කට ඇරපු ගමන් ඒකෙ ගදට කස්ටිය දුවන එක වළක්වා ගන්න බෑ නොවැ..

      Delete
  42. සිරාලගේ කොල්ලන්ගේ බෝවෙන දත් ලෙඩේ ..හික් . බුද්ධියා හිටියා නම් සිත්තරයක් අන්ද ගන්න තිබුනා .

    අපෝ කොල්ලෝ මාර බය ගුල්ලොනේ . මන් මේ කල්පනා කරන්නේ මගේ පුරවපු නැති දත් කියක් තියේද කියල .

    මගෙත් ඉස්සෙල්ලම දතක් පිරෙව්වේ දත් වාට්ටුවේ හොඳ කඩවසම් දොස්තර කෙනෙක් . රවින්ද්‍ර රන්දෙනිය වගේ . [ තරුණ කාලේ ..] මන් ඉස්කෝලේ 10 විතර .

    ඊට පස්සේ දත් පුරෝපු දොස්තරල මොන වගේද මතකත් නැහැ . හැබැයි ඉතින් මෙයාව නම් හොඳට මතක හිටියා .

    ඉස්සෙල්ලම දතක් ගැලෙව්වේ නම් පොඩිම කාලේ ළමා රෝහලේ . අමුවෙන්ම ගලවල දැම්මේ නැද්ද . එදා බත් කන්න වුනේ අනික් පැත්තෙන් කියල නම් මතකයි.

    අපේ බනිගේ කිරි දත් දෙකක් ගලවන්න වුනා ලඟදි . අලුත් දත් ඇවිත් පිටිපස්සෙන් .

    ReplyDelete
    Replies
    1. බුද්ධියා කෙහෙල්කොටුව වැහුවා නොවැ...

      රවින්ද්‍ර‍ රන්දෙණිය මට සැබෑ ජීවිතයේ හමුවෙලා තියෙනවා... ඔහු වයසට ගියත් ඔහුගේ පෙණුම ගැන කියන්න වදන් නෑ... තරුණ කාලයේ කොහොම ඉන්න ඇද්ද කියලා තමා මට හිතුනෙ...

      දත් දොස්තර ඔච්චර හොදට මතක හිටියේ මොකද ? දත ගලවන ගමන් එයා මල් හීසරයක් වත් විද්දද?

      Delete
    2. හික් දත් දොස්තරලා මල් හි විදින්නේ ක්‍රිස් ගාලා දත් වලට . වෙන්නත් බැරි නැහැ . මන් ඒ කාලේ ස්වර්ණා වගේ කියලයි හැමෝම කිව්වේ ....අය්යෝ

      Delete
    3. මූණු පොතට දාන්නකෝ බලන්න ඔය ස්වර්ණාගෙ ෆොටෝ එකක්... ආසයි බලන්න...

      Delete
  43. හිනා සාගරයකුත් එක්ක වැදගත් පෝස්ට් එකක්

    මම නම් ඔය අත්දැකීම හොදට වින්දනය කරලා තියෙනවා. මුලින්ම නරක්වුන දතක් ස්නායු පිරෙව්වා. අසාර්ථකයි,ගැලෙව්වා.ඒක ගලවන කොට යාබද දත පිපිරුවා.අනත් පැත්තටත් ඒ ටිකම වුනා. ඒ වගේම ගලවපු දතේ කෑල්ලක් ඉතරු වෙලා ඔපරේෂන් කරලයි අයින් කළේ.
    මේ ඔක්කොම සන්තෑසි සිද්ධවුනේ යටි ඇන්දෙ හක්කෙ දත්වලට විතරයි.

    කොහොම හරි දැන් දත්තුනක් අඩුයි.වයසෙ හැටියට ඒක එච්චර දේකුත් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. සුමිත් අයියට වෙලා තියෙන දේවල් හැබෑටම මට වෙලා නෑ නොවැ... පුදුමාකාර දුකක් විදින්න ඇති කියලා හිතුනා ...

      Delete
  44. හප්පා. මගේත් දත් දෙකකම කුහරය. සිරි ගිය දොස්තර මහතාම හොයාගත්තොත් හොඳයි වගේ. අර වෛද්‍ය තුමිය ලඟ ලේසර් නැතිව ඇති නේද....:DDD

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒ දොස්තර මහත්තයා බොහොම අත්දැකීම් තියෙන හොද වැඩකරුවෙක්...

      අර නෝනා පාසලේ නොවැ දත් ගැලෙව්වෙ... දැන් නම් නැතුවත් ඇති...

      මොකද මේ ඒ නෝනාගෙන්ම ගලවන්ට කල්පනාව ? සුදු බඩ බලන්නද ?

      Delete
  45. දත් පනුවා.November 24, 2012 at 12:48 AM

    අනේ අයියේ, ඔය ලේසර් වලින් දත් පුරවන තැන කියන්නකෝ. මගෙත් එකක් තියනවා පුරව ගන්න

    ReplyDelete
    Replies
    1. ගම්පහ සණස අයිඩියල් ගොඩනැගිල්ලෙ පහළ මාලයේ ඉන්න කෙනා... සවස 4.00 ට තමයි වැඩේ පටන් ගන්නෙ...

      Delete
  46. Dr. Pushpakumara wenna athi ehenam.

    ReplyDelete
    Replies
    1. ඔහු තමයි කෙනා....ඔබ නිවැරදියි....

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...