Thursday, November 28, 2013

118 මගුල් හටන්

මගේ වෘත්තීය ජීවිතයේ දෙවන නැවතුම වූ කලී දැන්වීම් ප්‍රචාරණ කටයුතු කරනා ලංකාවේ ප්‍රකට ආයතනයකි. පුවත් පතක පළවී තිබූ දැන්වීමකට අනුව අයදුම් කර පරීක්ෂණ ආදියෙන් සමත් වී, ඔවුන් සමග එක් වූ මා හට වැඩිකල් නොගොස්ම ආයතනයේ පිරිසක් සමග සුහද සාදයකට එක් වන්නට වරම් ලැබුනි. ඒ අපේ සීනියර් ඩිසයිනර් ගොයියාගේ වෙඩිම කන්නට.....

මල්ලි....උඹත් මගේ වෙඩිමට වරෙන්...මගේ නමට අකුරු කල කාඩ් පතක් මා අත තබමින් හෙතෙම මා හටද ගෞරව සම්ප්‍රයුක්තව ආරාධනා කොලේය. සුපුරුදු පරිදි ටික් ටික් හඩින් ගලා ගිය කාලය අප වෙඩිමට යන දිනය ආසන්නයටම කැදවාගෙනද ගියේය.

වෙඩිම තියෙන්නේ සෑහෙන දුරකය. එනම් හැටන් පැත්තේ කොටගල නම් ඉසව්වේය. ඒ නිසාම දැරිවියෝ එහි යන්නට එන්නේ නැති බව කීවෝය. තවත් සමහරු මම ඔච්චර දුර යනවට අරයා කැමති නෑ, නැන්දම්මා කැමති නෑ...අල්ලපු ගෙදර සුදු අයියා කැමති නෑ ආදී ලෙස විවිධ කරුණු දක්වමින් ආරාධනය මග හරින ලකුණු පෙන්වයි. එකෙක් දෙන්නෙක් අනේ මට හොද සාරියක් නෑ යනුවෙන් මුචලින්ද ප්‍රමාණයේ නාගයන්ද ඔපීසිය කියා බලන්නේ නැතුව ඔහේ මුදා හැරියෝය.

හැටන් කියන්නෙ සීතල පැත්ත....අපිට එදාට ගහන්න පුලුවන් කොල්ලො රිදෙන්න...මත්ලෝලී පොදු ජනමනයා එසේ පැවසූහ. කොහොමත් මගුලකට යන්නට පිරිමි පාර්ශවයට එතරම් දේ අවශ්‍ය නැත. මූණේ විසිතුරු මතු කරන්නට වැලි කඩදාසි, පොටි වැනි දෑ අවශ්‍යද නැත. ඒ නිසාම මේ මගුලට යන්නට පිරිමි පාර්ශවය සිටියේ දත කට මදිමිනි.

මස්සිනා, අපිට මගුලෙ යන්න හොද වාහනයක් ලැස්ති කරපන්. ආයතනයේ වාහන භාරව සිටි තැනැත්තාට වේලාසනින් මේ වග පවසා වැඩේ සැටමෝල් කර ගන්නට තරම් අපේ පිරිමි පාර්ශවය දූර දර්ශී ඇත්තන්ම වූහ.

මංගල උත්සවයට පිටත් වන දිනය උදා වන විට අප සමග යන්නට කිසිම බවලතෙක් නොවූයෙන් එය තනිකරම විනෝද චාරිකාවක් සේ දිස්විය. ගෙදරදී මැදගෙන පොඩි නොවන සේ ගෙනා මගුලට අදිනා ඇදුම් වෙනම බෑගයක අසුරාගෙන ඩෙනිමකින් හා ටී ෂර්ටයකින් සැරසී මගුල් නඩේ ගමනට මුලපුරන්නටයි දැන් සූජානම.

වාහන බාරව සිටි පුද්ගලයා කදිම බුවෙක්ය. අපට යන්නට තිබූ සියලුම වාහන විවිධ කාර්යයන්ට මුද හැර ඇති සෙයකි. දැන් මොකේද බොල යන්නෙ ? උඹට වේලාසනින්ම කිව්වා නේද අපිට වාහනයක් තියපන් කියලා...

අනේ මට සමාවෙන්න ලොකු අයියේ....අත්‍යවශ්‍යම වැඩකට තමයි ඕගොල්ලන්ට යන්න වෙන් කරපු වෑන් එක වෙන ගමනක් යැව්වෙ.

දැන් මොකක්ද එහෙනං යන්න තියෙන්නෙ...

කැමති නම් අර ඩීමෝ බට්ටව අරන් යන්න.


බට්ටා........
බට්ටා අල්ලලා ගහ ගනිං උඹේ -කේ.

නප්පියට තද වූ එකෙක් වාහන භාරව කටයුතු කරන සුපින්වතාට දෙස් දෙයි.

ඩීසල් ගහන්නට සොච්චමක් දී යන්නට හැකි නිසාම කෙසේ හෝ අවසානයේ සැට් එක බට්ටා මතට ගොඩ වූහ. ඒ තරමක කාලයක් ගෙන එය මොඩ් කලාට පසුවය. පිටුපස කොටසට කෘතිම වහලයක් සකසා...තට්ටුව මත නිවෙසක සාලයේ තිබෙන ආකාරයේ සෝෆා සැට් දෙකක් තැබූ පසු එය සුවපහසු වාහනයකි. යකඩ හා ලී භාවිතයෙන් කදිම වැඩ කල හැකි වැඩ කරුවන් සිටිනා වැඩ පලකින් යුතු වූ (Work Shop) මේ කියන ආයතනයේදී පෙර කියූ ලෙස බට්ටා සැකසීම එතරම් අමාරු කාරියක් නොවුනි.

පොල් ගසා, දුම් අල්ලා, දෙවියන්ට යාථිකා කිරීමෙන් පසු අපේ ගමන ඇරඹිනි. බට්ටා ඒ මේ අතට පැද්දෙමින් තැන්නේ හැටට හැටේ දුවයි. එහෙත් කන්දක් දුටු විගස හති හලයි. එදා අප සමග සිටි අය අතර අපේ කොම්පැණියේ සුපරීක්ෂකයෙකු, අළෙවි ප්‍රවර්ධකයෙකු, ස්ටිකර් අලවන්නෙකු මෙන්ම වෑල්ඩින් කරුවන් දෙදෙනෙකුද සිටි බව මට මතකය. රථය පැදෙව්වේ කොම්පැණියේම රියදුරු සගයෙකි.

අපේ පළමු ගමනාන්තය වූයේ බෝපත් ඇල්ලයි... බට්ටා දැන් ගමන් කරන්නේ ඒ ඉසව්ව වෙතය. එක ආයතනයක සේවය කලද  අප විවිධ අංශ වලට අයත් වීමත්...ඒවා එක් ස්ථානයක නොව විවිධ තැන්හි පිහිටා තිබීමත් නිසාම මේ ගමනේදි හමුවන ඇතැමුන් මට ආගන්තුකයෝය. ස්ටිකර් කරුවා සහ වෙල්ඩින් කරුවෙකු ගෑණු දැක නැති උන් බැව් මට ඒ වන විටත් වැටහී තිබුනි.  පිටුපස විවෘත බට්ටා ඉදිරියට ඇදෙද්දී මාර්ගයේ ගමන් ගන්නා සෑම යුවතියකටම උන් දෙන්නාගේ අවඥා සහගත විහිලු වලින් ගැලවෙන්නට නොලැබීම එයට හේතුවයි.

අනෙක් වෙල්ඩින් කරුවා තරමක වයසක අයෙකි. නමුත් ජොලිය කොතැනද එතැනදී කොල්ලන්ටත් වඩා පෙරමුණ ගන්නෙකි. හෙතෙම ලීනස් නම් විය. ස්ටිකර් අලවන්නා ලලිත් වන විට අනෙක් වෑල්ඩින් කරුවා අනුර නම් විය.

බෝපත් ඇල්ලෙන් නා කියා ගෙන පිරිස මගුල් සූට් එකට මාරු වුනේ ඇදුම් මාරු කරන්නට එහි වූ, කුලියට දෙන ලෑලි කාමර තුල සිටය. සැට් එකම මනමාල පෙනුමෙන් සන්නද්ද වූ පසු බට්ටා හැටන් බලා කන්ද නගින්නේ දැන්නම් මට සෑහෙන්න අමාරුයි කොලුවෝ කියමිනි.

මගුල පැවැත්වූයේ තේ වත්තක් මැද වූ රමණීය ස්ථානයකය. සිහින් මීදුමත්, ඇගට දැනෙන කදිම සිසිලත් නිසාම බොහෝ උන් සිටියේ මත් වතුරෙන් බොක්ක තෙමා ගන්නේ කොයි වේලාවේදෝයි සිතමිනි. ඒ නිසාවෙන්ම මගුලට පිවිසි සැනකින් මංගල යුවලට සුභ පැතීමද පසෙකලා සියල්ලෝ බෝතලය ඇති ඉසව්වට ඉව ඇල්ලූහ.

අප එහි යන විටත් අපිටත් කලියෙන් එහි පැපත් වූ අපේ ආයතනයේ තවත් ඇත්තන් පිරිසක් විසින් බෝතලය කරළියට ගෙනවිත් තිබුනි. මනමාලයා පව්ය. නැත්නම් මේ වගේ බේබද්දන් පිරිසකට මෙවැනි ප්‍රදේශයක වෙඩිමකට ආරාධනා කරන්නේ නැතිය. එකෙකුට එකෙක් දෙවැනි නැත. බෝතල්ම ඉල්ලයි.

කොච්චර ගැහුවත් වදින්නෙ නෑ බං....මොනවද බන් මේ බ්‍රැන්ඩි...හොරට ගහන එකක්ද මන්දා....

බලාපොරොත්තු වන කික් එක නොමැති කල බැනුම් අසන්නේ බෝතලය නිපදවූ සමාගමයි.

කෝ බන් ලලියා....මත් වතුර අතරින් එකෙක් විමසයි.

මම දැක්කා වැනි වැනී හෝටලේ ඉස්සරහා පැත්තට යනවා... තවකෙක් උත්තර බදියි.

මේකා කොහේ හරි ගොස් කුප්ප වැඩක පැටලී ඇතැයි  භියෙන් මම ඉක්මනින් ඒකා සොයා ගියෙමි. මා යන විට ලලිත් සිටියේ හෝටලයේ ඉදිරිපසට වන්නට තිබූ රෙස්ටූරන්ට් එක තුලය. ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා මගීන්ට  ආහාර පාන ආදිය ලබා ගත හැකි තැනක් වූ එයින් කිරි තේ කෝප්පයක් බී මුදල් නොගෙවා මගුලට ආ අයෙකු ලෙස පාරම් බාමින් සිටි හෙයින්ම එහි වූයේ උණුසුම් වාතාවරණයකි. කාර්ය මණ්ඩලයේ සුන්දර මුහුණු ඇති යුවතියන්ගේ කෝපයෙන් රතු වූ දිගැස් ලලියා දෙසටම යොමුවී තිබේ.

ඒ වන විටත් හෝටලයේ කළමණාකාරතුමාද ගැටලුව විසදීමට පැමිණ සිටි අතර මනාලයාගේ පියතුමා හා මවිසින් කාරණය පැහැදිලි කොට අදාළ පාර්ශව වෙත කණගාටුව ප්‍රකාශ කල පසු තේ කෝප්පයේ බිල ගෙවා යන ලෙසට අවසන් තීරණය ලැබිනි.

මනාලයාගේ පියා සැනෙකින් ඒ මුදල ගෙවූයෙන්..ලලියාගේ මෙන්ම මංගල උත්සවයේද ගෞරවය රැකුනේය.

උඹ මොකද බන් පිස්සු කෙළින්නෙ...මොනවටද මේ අරක්කුත් බීලා කිරි කෝපි බොන්න ගියේ... තාත්තගෙ බස් අසා ඒ ඉසව්වට පැමිණි මනමාල තුමා එහෙම ඇහුවෙ ටිකක් සැරෙන්.

කවුද බන් දන්නෙ...මම හිතුවෙ මගුල් ගෙදරට ගේන්න එතන තමයි කෝපි හදන්නෙ කියලා...මම ගියේ එතන කෙල්ලෙක්ව ලයින් කර ගන්න...නිකං ඉන්න බැරි කමට තමයි කෝපි එක ගත්තෙ...පස්සෙ මතක් වුනේ පර්ස් එක වාහනේ ඇතුලෙ කියලා.

උඹලා ඇති තරම් බීපල්ලා...කාපල්ලා...මම අපේ මාමලටත් කිව්වා ඔෆිස් එකේ උන්ට රිදෙන්න සලකන්න කියලා...ඒකෙ කිසිම අවුලක් නෑ...අනේ වදින්නම්...කෙල්ලන්ට තුණ්ඩු කෑලිනම් දෙන්න හදන්න එපා. මෙතන ඉන්න ගොඩාක් අය අපේ නෑදෑයො.එහෙම කියපු මනාල ගොයියා ආපහු හැරුනා....හැබෑටම ඇයි ඒකා එහෙම කිව්වෙ....කලින් වතාවක ඔෆිස් එකේ උන් එක්ක මේ වගේ ගමනක් ගිහිල්ලා වෙච්ච දෙයක් නිසාද...මම තනිවම කම්පනා කොලා.

දිවා භෝජනය උදෙසා ආරාධිතයන් එක්ව ඇරඹූ පෝලිමේ දිග දැකීමෙන් දිවා ආහාරය ටක්කෙටම ලැබේදෝයි සැක සංකා පහල විය. ඒ නිසාම  අපිද සුනංගු නොවී වහ වහා ඒ මගම ගියෙමු. ඔයින් මෙයින් හිරු අවරට යන්නට යන්නට අවට පරිසරයේ සෙන්ට්‍රිග්‍රේඩ් අගය පහල ගිය හෙයින් දිවා භෝජනයෙන් පසුද බෝතල් කොට විවිධ අහුමුලුවලින් ප්‍රාතූර්භූත වී අවසන් බින්දුව දක්වාම අපේ උන්ට සේවය සැලසීය. එහි ආනුභාවයෙන් බමන මතින් යුතු පිරිසක්ද මංගල සභාවේ අසුන් ගත්හ.

මේ කියන දිනය සිරා කොලුවා වන මටද රිදෙන්නට වැදුනු දවසකි. එහෙත් බීමට පෙර මෙන්ම පසුවද සාමකාමී චරිතයක් නිසාම මාගෙන් කිසිවෙකුටත් කරදරයක් නැත.

නව යුවල මධු සමයට පිටත් වීමට ප්‍රථමයෙන් දැන් දෙපාර්ශවයේම වැඩිහිටියන් තම තමන්ගේ කුල පරම්පරාවන්හි නම්බුකාර බව මොනවට පසක් කරමින් නව යුවල වෙත අවවාද අනුශාසනා කරන අවස්ථාවටයි දැන් අපි එළඹ සිටින්නේ...එකෙකුට එකෙකු දෙවැනි නැත. තම තමන්ගේ වරිගයා ඉතාම හොද අයවලුන් බව රගපා පෙන්වයි. ඹමන මතින් යුතු වුවද අනුර සහ ලලිත් කෙල්ලක දැලේ දා ගන්නට  මාන බලයි.

උඹට හිත ගිය කෙල්ලෙක් එහෙම නැද්ද මෙතන....ලලියා මගෙන් විමසූයේ මේ අතරය.

ඒ වෙද්දී මගේ හිත ගත් රූමත් එකියක මංගල සභාවේ වූයෙන් මම ඈ පෙන්වීමි.

උඹ මොකද කියන්නෙ...උඹේ ටෙලිෆෝන් නොම්බරේ මම ඔය කෙල්ලට දුන්නොත්...ලලිත් මා සමග අලුත් කාර්යයකට අතගසයි.

ඔට්ටුයි බෑ....මම පිළිවදන් සැපයූවෙමි.

උඹ දන්නෙ නෑ බන්...මේ ලලිත් කවුද කියලා...පොඩ්ඩක් හිටපං....මම කොළයක් හොයාගෙන එනකං...

මංගල සභාව වටේ රවුමක් ගිය ලලිත් කොලුවා නැවතත් මට සම්මුඛ වූයේ හිස් සිගරට් පැකට්ටුවකින් ඉරා ගත් කාඩ්බෝඩ් කැබැල්ලක්ද සමගිනි.

ඕකෙ ලියපං නොම්බරේ... හොද සිහියෙන් ඉන්න වෙලාවට ඔලුව පහත් කර යටහත් පහත්ව කථා කරනා මේකා දැන් දැන් රැස්පොට්ය.

සෑහෙන වෙහෙසක් දරා සොයාගත් පෑන් කබලකින් මම ඉක්මනින් පැහැදිලි ලෙස නොම්බරය සටහන් කළෙමි.

උඹ බලාගෙන ඉදහං..මම මේක ඒ කෙල්ලගෙම අතට දෙන හැටි....අපි ඩෝ ෆේස් ටු ෆේස් ගේම් ගහන කොල්ලො අරිද ? ඕක්....ලලියාට වැඩි වී ඇති සෙයකි.

මම කියූ සී දේවි යුවතිය හිදගෙන සිටිනුයේ උත්සව සභාවේ කෙළවරකට වන්නට තිබූ ස්ථානයකය. අහස් නිල් පාටට සමාන නිල් පැහැයක් සමග කලු පැහැය මිශ්‍ර වූ  ඔසරියකින් සැරසී සිටි ඇය අතිශයින්ම රූමත්ය. බැලූ බැල්මට ඇය සිටිනුයේ තනිවමය. හොර පූසෙකු මෙන් වට පිට බල බලා ලලියා ගොදුරට ළං වන විටම කොහේදෝ සිට ඈ වෙත ඇස ගසා සිටින ඇගේ මාතාව යැයි කිවහැකි වැඩිහිටි කාන්තාවක් මේ දර්ශන පෙළ අතරට කඩා පාත් වෙයි. ෂේප් න්‍යායෙන් ආපසු හැරෙනා ලලිත් කිසිවක් නොවූ ලෙස නැවතත් මා කරා එයි.

කෙල්ලගෙ අම්මා එක්ක බෑ බං...ඒකිට ඇහැ ගහගෙනමයි ඉන්නෙ...ඒකා නිදහසට කාරණා ඉදිරිපත් කරයි.

තවත් විනාඩි කීපයක් ඇවෑමෙන් ලලියා නැවතත් උත්සාහ කරයි. ප්‍රතිඵලය පෙර පරිදිමය. පරාජිත හැගීමකින් ඒකා මා වෙත සම්මුඛ වෙයි.

මොනවද බන්...උඹේ පුරාජේරුව විතරනෙ...කෝ කොලාද ?

මාගේ උපහාස බස් තවදුරටත් අසා සිටිනු නොහැකි තැන ලලියා ඊ ගහක වේගයෙන් ඒ දෙසට නැවත වාරයක් ඇදුනේ මෙදා පොටේ නම් දෙන එක දෙනවාමයි යනුවෙන් මා හට ශපත කරමිනි.

දැන් සිරා කොලුවා සිටින්නේ මේ වටිනා දර්ශනය හොදින් දෑසට හසුකර ගත හැකි ස්ථානයකය. මා හට මෙහි සිට එක එල්ලේ  තොරණේ විස්තරය අපූරුවට පෙනේ. එවර ලලියා කෙසේ හෝ ඇය තනිකර ඈ වෙත ලං වන්නට සමත් වුවද තුණ්ඩුව දෙන්නට කලියෙන් සිරිත් පරිදි මව්තුමිය සැපත් වූවාය.

මව් තුමිය  සමග මද වේලාවක් සුහද කථා බහක නිරත වූ ලලියා ඈ වෙත තුණ්ඩුව දී මා සිටිනා ඉසව්ව පෙන්නන්නට හැරුනත් එහි මා නොවූයෙන් තරමක අපහසුතාවකට පත් වන බව පෙනුනි. ඒ අවසරයෙන් ඔවුන්ගෙන් සමුගෙන ඒකා මා සොයා පැමිණියේය.

කෙහෙද බොල ගියේ...මම අන්න කෙල්ලගෙ අම්මටම තුණ්ඩුව දුන්නා...අපි එහෙමයි...වැඩක් භාර ගත්තොත් තිතට ගේම දීලා ඇති...

ඉතින් බං මම කිව්වෙ කෙල්ලට දෙන්න කියලනෙ...උඹ අම්මට දුන්නෙ මොකද...

අම්මා මොකද කෙල්ල මොකද...උන්ගෙ අම්මත් හරි ජොලි බන්...මගෙන් ඇහුවා ඇයි පුතා හොරගල් අහුලන්නෙ කියලා....මමත් කිව්වා ඇන්ටි මේ යාලුවෙක්ගෙ වැඩකට කියලා...

ඉතිං උඹ දිගඇරියා ජාතකේම.. සිරා කොලුවා වන මම මැද්දට පැන්නෙමි. මේවා මනමාල ගොයියා දැනගත්තොත් වසලා හමාරය.

පොඩ්ඩක් ඉදපන්කො පැහැන්නෙ නැතුව...මම කිව්වා මගේ යාලුවෙක් ඔයාගෙ දුවට මනාපයි...එයාගෙ නොම්බරේ දෙන්න ආවෙ...දෙපාර්ශවය කථා කරගෙන ඉදිරි කටයුතු කරගන්න කියලා.

ඉතිං ඊට පස්සෙ මොකද උනේ...ලලියා නම් මාර බඩ්ඩක්..මගේ සිත මටම කියයි.

ඊට පස්සෙද...ඊට පස්සෙ අම්මා කෙල්ල දිහා බලලා තුණ්ඩුව ගත්තා...ගානකට නොගෙන කිව්වා...

මේවා දැන් දීලා වැඩක් වෙයිද මන්දා...මෙයාව බදින්න කියලා කෙනෙක් දැන් ගෙදරටම එනවා කියලා...
අන්න ඒ වෙලාවෙ තමයි බොල උඹව පෙන්නුවෙ...උඹ මාරු උනා නේද මාව ගිරේට අහු කරලා...

පික්සු කථා කරන්න එපා මස්සිනා..උඹව මම එහෙමත් අමාරුවෙ දානවද ? මම මේ අනුරයා කොහෙද කියලා බලන්න ගියා...

කවුද කවුද අපේ කෙල්ලට තුණ්ඩු දුන්නෙ....
ඇදලා ගනු ඕකට දෙකක් දෙන්න...

මංගල සභාවේ අවවාද දේශනා  අතරතුර අනතුරක සේයා මතුවෙයි....

හැබෑටම මක්ක වෙන්න ඇතිද ? සිරා කොලුවා ලලියත් එක්ක බඩකට පුරා කන්න ඇතිද ? නැත්නම් අපේ නිශ්ශබ්ද සහන් කියනවා වගේ ගං පෝරියල් එකක්ද ?

ඒ කොටහ ඊළග කොටසින්  කියවමු එහෙනං... එතකං ඒකත් මේකෙ ලිව්වෙ නෑ කිය කියා මට බැනහල්ලා.



මතු සම්බන්ධයි....



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.



ප.ලි

මෙහි එන සිදුවීම් ඇත්තම ඇත්ත වුවද පුද්ගල අනන්‍යතාව රැකගනු උදෙසා මනංකල්පිත නම් භාවිතා කල බැව් ඔබට කියන්නට රිසි වෙමි. ඒ අනුව මෙහි කිසිම නමක් ඒ ඒ චරිත සතු නියම නම් නොවේය.

මලේ..... පෝස්ටුවක් දෙකට කඩද්දි ඒකෙ කුතුහලය උපරිම තැනින් කඩහං යැයි මා හට අම්පාර ගමන අතරතුර ගුරුහරුකම් ලබා දුන් වෙනිවැල් මාමා ආදරයෙන් මතක් කොරමි. ඒ කිව් ලෙසම බැටේ දුන්නෙමි.












118 comments:

  1. ඊළඟ කොටහත් බලලම කියන්නම්......... රෑට කන්න ඕනෙ වෙන්න නැහැ. ගමෙන් කාපුවහම හරි සනීපයි මල්ලි. (අපිත් එක පාරක් කාල තියනවා ඇති වෙන්නම් බඩකට පුරා. මාර වැඩේ කියන්නෙ ඌ ලලින්. මෙකෙ ලලිත්. එකාම ද මන්ද හැබැයි අපේ එකා හමුදාවේ මියගිය රණ විරුවෙක්.)

    ReplyDelete
    Replies
    1. ගමෙන් කෑවද ? නැද්ද කියලා ඊළග කොටසෙන්ම බලා ගමු...නැත්තං මට තිසරගෙන් බැනුම් අහන්න වෙනවා ආතල් කැඩුවා කියලා ඊළගට තියෙන ඒවා මෙතන කියලා....ඒ නිසා ආතල් නොකඩා ෂේප් වෙමි.

      Delete
  2. මගුල් ගෙදර අස්සේ තව හොඳ මගුලක් බලා ගන්න පුළුවන් වගේ. බලමුකෝ ඊළඟ කොටසත් කියවලා :)

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවද අනේ ඒ ගැන...මට නිකං මතක් වෙද්දිත් ඒ අවස්ථාව සෑහෙන කික්....

      Delete
  3. අම්මෝ ගං පෝරියල් නං එපාමයි !!
    ඒ ගමේ ආමි ඇබ්සන්ට් මචං ල හිටියොත් ශෝචනීයයි ! හතුරෙකුටවත් වෙන්න එපා .
    ඒ උනාට පෝස්ට් එක දිගටම තිබුනනම් ලස්සනයි සිරෝ !!

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක දිගට තිබුනා නම් ඊළගට මට පෝස්ට් එකක් දාගන්න චෑන්ස් එකක් දෙන්නෙ පොලෝසියෙන්ද මලයො....ගං පෝරියල්...ආමි මචාලා හිටියොත් ඉතිං ඇග පතේ සවි ශක්තිය හොදට මැන බලලා තමයි ගමට ආපු ආගන්තුකයො ආයෙත් ගම් රටවල් බලා යවන්නෙ....

      Delete
  4. සිරා සිරාවට කුතුහලය තියෙන තැනින් කඩලා බලමු ඊ ලග කොටසත්...මොකද වුනේ කියලා.

    ReplyDelete
    Replies
    1. අනේ හොදා..පොඩ්ඩක් ඉමු ඔහොම ඉවසගෙන හොද ළඹයි වගේ...

      Delete
  5. හයියෝ මනමාලයාගේ නම්බුව ;)

    ReplyDelete
    Replies
    1. ඒ වගේද රෙප් අපේ නම්බුව...උඹව හුග කාලෙකින් දැක්කෙ...

      Delete
  6. ඩබල ගමකට කාලා වගේ මටනම් පේන්නෙ.
    කුතුහලේ උච්චම තැනකට ගෙනත් 'මතු සම්බන්දයි' කියපු එකනම් හෙලා දකිනවා.
    ඉක්මනට ඊළග කොටස දාමු.

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද ? වෙනිවැල් මාමට තමා ඒ ගැන බනින්න ඕනෙ බොලා...

      Delete
  7. ගං පෝරියල් කියන නම ඇහෙද්දීත් නිකන් පපුව කීරි ගැහිලා යනවා සිරා.. රස දන්නෝ දනී ... ඔය අපේ වෙද මහත්තයත් කියලා තියෙන්නේ.. :) මොන ලොක්කෙක් උනත් කරන්න දෙයක් නැහැ දණින් වැටෙන්න වෙනවාමයි ... :D

    \\\මූණේ විසිතුරු මතු කරන්නට වැලි කඩදාසි, පොටි වැනි දෑ අවශ්‍යද නැත. ඒ නිසාම මේ මගුලට යන්නට පිරිමි පාර්ශවය සිටියේ දත කට මදිමිනි.\\\

    ඒ ඕනෙත් නැහැ ආයුබෝවන් ....

    ReplyDelete
    Replies
    1. ගං පෝරියල් එකක් කෑවද නැද්ද කියලා මෙතන කියාගන්න විදියක් නැතුව මම මේ ඇඹරෙන්නෙ...ඊළග කථාවත් අහවර උනාම බොලාට වැටහෙයි මෙච්ච සන්තෑසිය....

      පිරිමි කොහොමත් ලස්සනයි නොවැ...

      Delete
  8. Replies
    1. අනේ මේ දරු දෙන්නෙක් ඉන්න අටම් ගොයියා නේද මේ තරම් සැර කුණු හරුපයක් කියලා තියෙන්නෙ...ඒක කියවලා තව පොඩ්ඩෙන් මමත් සවුත්තු වෙනවා...අපි හොදට හැදිච්ච ළමයි.

      Delete
    2. අටමට කුණුහරුප මතක් වෙන එක සාධාරනයි. මම නම් ඒකට කැමතී. අර අටමා ලියන අත පිච්චුනාට සමාවෙන්න කියන කතාවෙ මූ කඩන කොටත් අපිට මතක් වෙන්නෙ ඔය ටිකම තමයි..අපි ඉතින් ඕක නොකියා ඉවසන් හිටියා..අටමො දැන් පේන්වැයි ඇහේ තියෙන පොල් කොටේ ?

      Delete
    3. අන්න දැන් දියන් බලන්න අපේ වෙනී මාමට උත්තරේ...බොට පෙනුනද පොල් කොටේ...

      Delete
  9. මගුල් කෑම වගේද දන්නෙ නෑ. . .

    ReplyDelete
    Replies
    1. එහෙම වෙයිද කියලා බලමු මගියො...එතකං පොඩි ෂොට් එකක් දාගෙන චිකන් කෑල්ලක් කෑවා නම්...

      Delete
  10. මොන මඟුලක්ද මන්දා...:D

    ඊළඟ කොටසත් කියවලම බලමුකෝ.

    ReplyDelete
    Replies
    1. මොන මගුලකට මට වෙනිවැල් මාමා එහෙම කිව්වද මන්දා...මටත් එහෙම හිතෙනවා අනේ...

      Delete
  11. ම්... ඉතුරු ටිකත් ඉක්මනට ලියමු...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම එහෙමවත් කොරමු නගේ...

      Delete
  12. කොල්ලෙක් කෙල්ලෙකුට එඩ්‍රස් එකක් හරි නම්බර් එකක් හරි දෙන එක හරි සුන්දර සිදුවීමක් මචං.. තමන් කැමති කෙල්ල තෝරලා කල් යල් බලලා ශේප් එකේ ගිහිං ඒක අතට දෙද්දි තියන හැඟීම දීපු උන් දන්නවනෙ..(ඒක ගත්ත කියන්නෙ වැඩෙන් භාගයක් හරි තමා :-) මට එහෙම රිප් එකක් ඇවිත් ආපු ජොලිය වැඩි වෙලා මං ගියා බයික්කෙ කම්බි වැටක් කඩාගෙන කි මී කාලක් විතර :-):-):-)
    අකමැති නං සුහද විදියට දැනුම් දුන්නම අහවරයිනෙ..සමහර ගොං කෙල්ලො ඉන්නව ඕක කෙලින්ම අයියගෙ අතට දෙන හරියට අතවර කරන්න හැදුව වගේ කඳුලුත් පුරෝගෙන..එතකොට තමුං හොඳ ලමය කියල පෙන්නන්න..(මේකෙත් දෙපැත්තක් තියනවා ) අයියා හෝ තාත්තා හෝ බමන මතින් ඉන්න වෙලාවට මේවයේ ප්‍රතිපල අති භයංකර බව තේරෙන් නැද්ද මන්දා ..

    පිට රටක කෙල්ලෙකුට
    " අද ඔයා හරි ලස්සනයි " කිව්වොත් තෑන්ක්ස් කියනවා
    අපේ එහෙකුට කීවොත්
    "ඉන්නකො මං අයියට කියනකං , තමුසෙට හම්බවෙයි " :-) කියනව.
    දැං දැං ඔය වගේ ගොන් පාට් ටිකක් අඩු‍යි. නැත්තෙමත් නෑ !!

    ReplyDelete
    Replies
    1. //කොල්ලෙක් කෙල්ලෙකුට එඩ්‍රස් එකක් හරි නම්බර් එකක් හරි දෙන එක හරි සුන්දර සිදුවීමක් මචං//

      අම්මපා ඇත්ත බං

      Delete
    2. ඒක තමන්ම අතට දෙද්දි ඒ මූමන්ට් එක ..
      පුහ් . වැඩක් නෑ බං කියල . හරිම ලස්සනයි

      Delete
    3. මම ඔය වැඩේ කලේ එකම එක වතාවයි...උණ වටුන බීච් එකේදි...එදා ඒ දැරිවි හොදට හිනා වෙලා තුණ්ඩුව අරගෙන ගිය විදියට නම් මම හිතුවෙ වැඩේ එකෙන්ම ගොඩ කියලා...කෝ ඉතිං අද වෙනකං උත්තරයක් නෑ...

      Delete
  13. සිරා මේ ස්ථානය කොටපොල නෙවෙයි කොටගල කියලයි මට හිතෙන්නේ. මොකද ඒ ප්‍රදේශය ගැන මම තරමක් තොරතුරු දන්නා නිසා. කොටපොල තියෙන්නේ මාතර පැත්තේ.

    අනේ ඔහොම තැත් වරද න්‍යාය trial and error theory අනුව කටයුතු කරලා යාවගේ 'ප්‍රේම ක්රියාන්විත්' සාර්ථක කරගැනීමේ කිසිදු වරදක් නැත.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විචාරක තුමා...ඔබ නිවැරදියි..එය කොටගල යනුවෙන් වෙනස් වෙන්න ඕනෙ...මම දැන් එය පෝස්ටුවෙත් වෙනස් කලා...

      සමහර විට දෙමාපියොත් ඒ මගම ගිහිල්ලා වෙන්ට ඇති සැට් වුනේ...ඒත් ඒ අය ඒ අතීතය අමතක කරලා තමයි පස්සෙ කාලෙක ජීවත් වෙන්නෙ...

      Delete
  14. අනුන් නිසා හොදින් තෘප්තිමත් ලෙස ගන් පෝරියල් දෙකක් ගනේමුල්ල ප්‍රදෙශයෙදී හා දිවුලපිටිය ප්‍රදේශයෙදී බුක්ති විද දින 3 ගම්පහ රෝහලේ නැවතී සිට අතුරු පසද ගෙන අත් දැකීමක් ඇති හෙයින්ද මම මේ ගැන කිසිත් නොකියමි...ඉතුරු ටිකත් දාහන් මලේ..
    මම ඉන්දික

    ReplyDelete
    Replies
    1. අප්පට හුඩු...ගම් පෝරියල් දෙකකට අහුවෙලා අතක් පයක් වගේද කකුලක් කියන්නා වගේ මේ සියල්ල බේරාගෙන රට පැටවෙන්න තරම් ඉන්දික අයියා වාසනාවන්ත වී ඇති හැඩයි...

      Delete
  15. අති බයංකාර කතාවක් වගේ සෙට් වෙන්න යන්නේ!!!!

    ReplyDelete
    Replies
    1. නැත්තං නැත්තං....ඇහෙන්නෙ නැද්ද දෝංකාරෙ සද්දෙ...

      Delete
  16. උබලත් ඔය වෙනියලගේ පඩි කතා අහලා පාටකයව අමාරුවේ දානවා

    ReplyDelete
    Replies
    1. වෙනී මාමා බොක්කෙන්ම තමා ඒ ටික කිව්වෙ...මමත් ඉතිං අනුගමනය කොලා...

      Delete
  17. වෙඩිම අස්සේ තව වෙඩිමක්ද? ඔය වෙනී අයියා දැන් කියන එවුවනම් කරන්න යන්න එපා.. හෙහ්, දැන් ඉතින් මේක දෙකට කැඩුවත් බැනුම් අහන්නේ වෙනී අයියමනේ.. සිරා ශේප්..

    ReplyDelete
    Replies
    1. අන්න මගේ ශේප් න්‍යාය...බොට තේරුනා...වෙඩිම අස්සෙ තව පොඩ්ඩෙන් අවමගුලක් තමයි ...

      Delete
  18. අම්බෝ WEDDING කෙල්ලො නම් සුපිරි. පිස්සු පීකුදු, බිත්තර, මීට් බෝල්ස් වගේ. හැබැයි සමහරු මූන සේදුවොත් ඉවරයි. සමහරුනම් ඇත්තටම සුන්දරයි. ඒත් පට්ට පඩ.

    ReplyDelete
    Replies
    1. කාමරේට සාදරයෙන් පිළිගන්නවා.

      අපේ කොල්ලො කථාවට කියන්නෙ වෙඩිමකදි නම් කෙල්ලො තෝරන්න යන්න එපා...සැට් එකම මේක්අප් පිටින් නිසා ලස්සනට ඉන්නවාය කියලා...බොලාගෙ කථාව සහතික ඇත්ත.

      Delete
  19. ඔයවගෙ තුන්ඩුවක් අපේ කෙල්ලෙකුට දීපු ගොයියෙක්ව අපි නම් නියමෙට ඇන්දුවා. පව්..

    ReplyDelete
    Replies
    1. අපිත් පව් අනේ...නැත්තං මෙහෙම ගුටි කන සීන් එකකට ඇන්ටර් වෙයිද....

      Delete
  20. මළ මගුලක් වෙයි වගේ... හැබයි පානිය දන්න එකෙක් හරි උන්නා නම් කන්නෙ නැතිව එන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. ඊලග කොටසින් බලමු පානිය දන්න උන් හිටියද කියලා...

      Delete
  21. සිරාව ගස් බදියි වගේ.......
    උඹලා බොපත් ඇල්ලෙන් නාලා හැටන් ගියේ කොයි පැත්තෙන්ද බන්???

    ReplyDelete
    Replies
    1. mamath oka kalpana kola.aye awissawellata awithda giye kiyala?
      indika

      Delete
    2. කොහෙන් ගියාද මම දන්නෙ නෑ බං...මම අදටත් ඔය ඈත පළාත් වලට යන පාරවල් හැරෙන මං සන්ධි එහෙම දන්නෙ නෑ....කොළඹ - නුවර - කලුතර වගේ ලග පාත ඒවා නම් දන්නවා...සිරාවටම බෝපත් ඇල්ලෙන් නාලා තමයි එදා හැටන් කොටගල ගියේ.

      Delete
    3. බලන්ගොඩින් නම් හැටන් වලට තියෙනව පට්ට ලග පාරක්.මාර ලස්සනයි.බොගවන්තලාවට වැටෙන්නෙ.හැබැයි පාර පටුයි.කට්ටිය දවක ගිහිල්ල බලන්නකො.එ පැත්තෙ පොරක් නම් එ පාරෙන් වෙන්න ඔන එක්කන් ගියේ

      Delete
  22. වෙනියෝ......... මට උබව අහුවුනොත්.... ආදරෙන් මතක් කරනවා... ඉක්මනට ඉතුරු හරිය දාපන්...

    ReplyDelete
    Replies
    1. වෙනී මාමට එහෙම කියන්න එපා බං...හිත හොද අහිංසක පුද්ගලයා..එයාට උඹව අහුවුනොත් හොම්බ දිග කැමරාවෙන් උඹේ කෝණය වෙනස් කරන්න ඉඩ තියෙනවා...

      Delete
  23. කෝ මේ අටමයි වෙනියයි... ???

    කෙල්ලන් කොල්ලො නොම්මර, ලියුම් නොදී නාකිද දෙන්නෙ.. මළ විකාර ... අපේ තාත්තයි, මාමලා සෙට් එකයි එහෙම නං ඔය වගේ ඒවට මෙලෝ සද්දයක් දාන්නෙ නෑ.. නොම්මරේ දීපු එකාට පිටට තට්ටුවක් එහෙම දාලා කියනව පුළුවන්නං යාලුකර ගනිං කියල.. හි හි.. වාතයක් වෙන ජාතියෙ කොල්ලෙක් එහෙම නං බාප්පව ඉස්සරහට දානව.. එයාගේ සයිස් එක දැක්කම මෙලෝ යකෙක් කිට්ටුවට එන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. ඒ වගේ මාමලටත් අපි භය නෑ බොල...ලියුමක් දෙන්න ඉස්සර සැට් එක සූ ගාලා 20 විතර එකතු වෙනවා....පිරිස් බලයෙ හැටියට මාමාලා උස්සගෙන යන්න කට්ටිය ඉන්නවා....

      හැබෑටම බොලා ලියුම් කීයක් විතර ගත්තද වටපිට බලලා ඒ කාලෙ ?

      Delete
  24. මගුල අස්සෙ මල මගුලක් වෙන්න වගෙයි යන්නෙ.
    අර කල්හාන් අහල තියෙනව වගේ බෝපත් ඇල්ලෙන් නාල කොහොමද හැටන් ගියේ.

    ReplyDelete
    Replies
    1. කොහොම ගියාද මම දන්නෙ නෑ අනේ...මම දන්නෙ ඔය තැන් දෙකටම ගියා කියලා විතරයි...මට මතක විදියට ඒ කිට්ටුව පැත්තක කෙනෙක් තමයි එදා අපේ රියදුරා....ෂෝට් කට් එකකින් ගියාද දන්නෙත් නෑ...මම අයෙත් ඒ සිදුවීම මතක් කලා...අපි එදා බෝපත් ඇල්ලෙන් නාපු බව හොදටම ෂුවර්...

      Delete
    2. බලන්ගොඩින් නම් හැටන් වලට තියෙනව පට්ට ලග පාරක්.මාර ලස්සනයි.බොගවන්තලාවට වැටෙන්නෙ.හැබැයි පාර පටුයි.කට්ටිය දවක ගිහිල්ල බලන්නකො.එ පැත්තෙ පොරක් නම් එ පාරෙන් වෙන්න ඔන එක්කන් ගියේ

      Delete
  25. ඒ කියන්නේ උබලා කෑවද...(ගුටි )

    මමත් වෙඩින් දෙක තුනකදී ඔය වගේ යාළුවන්ගේ නම්බර් කෙල්ලන්ට දීලා තියෙනවා..,මගෙත් දීලා නැතුව නෙමේ.., අපරාදේ කියන්න බැහැ ඒ වෙලාවට ඔය තුන්ඩු කෑලි දෙන්න බයක් හිතෙන්නෙම නැහැ නෙවැ මට ..,බය වෙන්න එපා බං නම්බර් දුන්නට ගහන්නේ නැහැ ..හැබැයි හැටන් වල එව්වෝ කොහොමද දන්නේ නැහැ ... උබලා කෑවද...

    ReplyDelete
    Replies
    1. කෑවද නොකෑවද කියලා ඊලග එකෙන් බලමු....උඹ වගේ එකෙක් අනේ මමත් වෙඩිමක ඉන්න වෙලාවක මගේ ලගින් ඉදගනිත්වා කියලා ප්‍රාර්ථනා කොරන්නම්...

      Delete
  26. මඟුල් වලි මාර ආතල් බං. මටත් දෙකතුනක් මතක් වෙනව.

    ReplyDelete
    Replies
    1. ඒ එකක් දෙකක් රස කාරක යොදලා ලිව්වොත් නරකද ?

      Delete
  27. මාර මඟුල්. බලමු බලමු.

    ReplyDelete
  28. කාල ඇවිත් කෑවෙ නෑ කියල කියයි මෙතන :P

    ReplyDelete
    Replies
    1. පික්සුද කොලුවො....මේ සිරා අවංකයා...කෑවා නම් කෑවා කියලා කියනවා....

      Delete
  29. මගුල,අවමගුලක් නොවේවා.

    ReplyDelete
  30. ඉතුරු ටිකත් කියවලම බලමු නේද සිරෝ,කොහොමත් බොලාට රෑ කෑමත් ලැබෙන්න ඇතිනෙ නොමිලේම.

    ReplyDelete
    Replies
    1. නොමිලයේම කෑවද...නැත්තං සල්ලි දීලා කෑවද කියලා ඉතිං තව දවස් දෙක තුනකින් තමයි දැන ගන්න වෙන්නෙ ලොකු මාමෙ...

      Delete
  31. සිරා ට මගුල් මයි මතක් වෙන්නේ...... සුවර් එකට එදාත් වැඩේ හරි ගිහින් නෑ ... නැත්නම් දැන් සිරා වේලි වේලි මෙහෙ ඉදියිදැයි

    ReplyDelete
    Replies
    1. අන්න හරි ....මැලයගෙ සට කපට නුවනට ඒ කාරණේ අපූරුවට වැටහිලා තියෙනවා...ඒක නෙමෙයි කෝ අර සැට් කරනවා කිව්ව චීන කෙල්ලො....

      Delete
  32. ඔය කොරලා තියෙන්නේ.... ඊට පස්සේ මොකද උනේ කියලා ඉක්මනට කියමු බලන්න... අඩේ මෙවුනුත් කරන්නේ මහ පුදුම වැඩ නෙහ්..

    ReplyDelete
    Replies
    1. ඇයි බන් සුන්දර දැරිවියන්ගෙ බටර් වගේ උණුවෙන හිත කොහොම හරි අපේ පැත්තට නම්මගන්න නොවැ අපේ ඒකායන පරම පිවිතුරු පැතුම...

      Delete
  33. බලමු .. මොනා වෙයිද කියාල ..ඒ කෝම වුණත් ඩීමෝ බට්ටා අවතක්සේරු කල එක නම් වැරදියි මචං .. ඒක අපේ ගම් පලාතේ ජාතික වාහනේ

    ReplyDelete
    Replies
    1. අවතක්සේරු කොලා නෙමෙයි මලේ...ඒ වගේ වාහනයක කොහොමද බන් සූට් බූට් ගහලා තට්ටුවෙන් බිමට පනින්නෙ...එදා අපි වාහනේ ටිකක් ඈත තැනක නතර කරලා තමයි ඔන්න සිද්ධියට ඇන්ටර් උනේ....බට්ටා ඉතිං ඩීසල් සුවදට දුවන එකානෙ...

      Delete
    2. සඳරු මලය දැන් දැන් නොවැරදීම කාමරේට ගොඩවෙනවනෙ. දකින්නත් හම්බුවෙන්නෙ මෙතැනදිම විතරද මන්දා..?

      Delete
  34. බොට හොද වැඩෙ කබ්බො ෆොම් කරාට.යකො බොට ඔනනම් උබම බහින්න එපැයි ගෙමට,බලල්ලු ලවුව කොස් ඇට බාවන්නෙ.අපො අපිත් එකසැරයක් නුවරෑලි ගිහිල්ල එනකොට මල් කඩෙක හිටපු කෙල්ලෙකුට "නන්ගි මම ඔයාට ආසයි" කියල තවඩින්ගෙන් තාමත් පල්ලමට වැටෙන ගමන්.හොද්වෙලාවට කෙල්ලගෙ අම්මට ටිකක් මොලෙ තිබුන.බිවුවට පරෙස්සමෙන් යන්න කියල අපිව එවුව.එද්යින් පස්සෙ මම නම් උත් එක්ක ඔයවගෙ ගමන් යන්නෙ නැ.

    ReplyDelete
    Replies
    1. ඇයි බොලං...ඒකමනෙ මට සැට් කරලා දෙන්නද ඇහුවෙ....සිරා ඉතිං නිකං දෙනවා නම් මන්න පාරක් හරි කමක් නෑ කියන එකා වෙච්චි...මම එපා කියයිද...ඒ වගේ රුවැත්තියකගෙ අරයා වෙන්න...

      Delete
  35. කාලා වරෙන්කො ... එහෙනං.

    ReplyDelete
  36. අපරාදේ ඔයා එතන හිටියේ නැත්තේ ,, අර ගායකයා කියලා ඔයාව පෙන්නුවා නම් කෙල්ලගේ අම්ම්ම කැමති වෙනවා ,, තාමත් කෙල්ලෙක් සෙට් වුනේ නැද්ද අයියේ

    ReplyDelete
    Replies
    1. මේ කාලය වෙද්දි මගේ ඒ පෙනුම ටිකක් නැති වෙලා තිබුනෙ...ඒ ගතිය සැරටම තියෙන කාලෙ නම් මගුල් ගෙවල් වල ගියාම ගෑණු අය කොදුරනවා ....//අර ගායකයත් ඇවිල්ලා කියලා//....මගේ මේ කන් දෙකටම ඇහිලා තියෙනවා...

      Delete
    2. කව්ද බන් ඔය ගායකයා .......?

      Delete
    3. මගේ පරණ පෝස්ටුවක තියෙනවා...පොඩ්ඩක් ඇදලා බලන්න...

      Delete
    4. අර ඔළුවෙ සුපර්ස්ටාර් සීසන් වන් එකේ හිටපු කොලුවෙක් නෙව සහන්. කොහෙද, මූ ඊට වැඩිය බඩ හොඳයි කියල ලොකු බඩක් හදාගෙනනේ.

      Delete
    5. DDT & සිරා

      සුපර් ස්ටාර් යන කාලේ මට කෙළින් කටින් ඉන්න වත් පුලුවන් කමක නෙවේ හිටියේ..ඉතින් එතරම් දන්නේ නැහැ බන්ස් ඔය සිද්දි ගැන.......

      Delete
    6. මෙන්න ලිංකුව http://siragekamare.blogspot.com/2012/07/blog-post.html

      Delete
  37. ඩිමෝ බට්ටගෙ නැගල ෆුල් කිට් ගහගෙන යද්දී කවුරුත් බැලුවේ එහෙම නැද්ද? ඒ කෙල්ලත් උඹල ආපු හැටි දකින්න ඇති ෂුවර් එකටම.

    ReplyDelete
    Replies
    1. ෆුල් කිට ගැහුවෙ බෝපත් ඇල්ලෙ ඉදලනෙ....ඒ හරියෙ ඉතින් ඉන්නෙ බොහොම තැන්පත් මිනිස්සු නොවැ....අපිට තව පොඩ්ඩෙන් ගං පෝරියල් එකක් සැට් වෙන්නෙ අරුන් දෙන්නා වාහනේ ඉදලා කියපු කුණු කථා වලට...අපේ වාහනය අපි ටිකක් ඈතට වෙන්න නතර කරලා තමයි ජාමෙ බේරා ගත්තෙ...

      Delete
  38. සිරාගෙ මූණෙ කියන්න තරම් දරුණු කැළලක් මම දැක්කෙ නෑ, ඒ හින්ද ගංපෝරියල් හම්බවුනෙ නෑයි කියලා ස්තීරවම කියන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අන්න දුර දිග කල්පනා කරලා බලන පාඨකයෙක්...ෂුවර් එකටම දිවයින පත්තරේ කියවන කෙනෙක්...

      Delete
  39. Adath patteta liyala thiyenawa.... ikmanata Ithuru kotasath daapan sira goiyo

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බන්...පොඩ්ඩක් යටින් කොටන්න එපායැ..බොලාගෙ නමත්...

      Delete
  40. ෂෙහ් ! මේ වෙනිවැල් මාමටත් ඕන නැති මඟුලක් නෑ. මොනාද බං, ඉඳල ඉඳල කියවන්න ආවා විතරයි, කතාව මස්කොරල.

    උඹ ඇටෙන් පොත්තෙන් එළියට ආපු කාලෙ ඉඳල මඟුල් ගෙවල්වල ගිහිපුවයි ගිහින් බීපුවයි කබරයා දාපුවයි, වලි දාගතිපුවයි කිය කිය ඉන්නෙ මට කියපන් උඹ කවදද උඹේ මඟුල ගැන මේකෙ ලියන්නෙ සිරා.

    ReplyDelete
    Replies
    1. මොනවා කොරන්නද බන්...අර මල් දුන්නෙන් විදින එකාට තාම මට විදගන්න බැරි උනා...මට දැනගන්න ලැබුනු විදියට ඉලක්කය ගන්න අමාරුයිලු...තාම කෙලියක් නෑ බන්...උඹලා බදින දවස අහනවා...ඒ උනාට පොඩි හැල්ප් එකක් දෙන්න නාකයි...

      Delete
    2. DDT ඉන්නව එතකොට? මම හෙව්වට හිටියෙ නෑනේ :O

      Delete
  41. හොර ගෙඩියා මාව අල්ලලා ශේප් වෙලා..ආයි බෝපත් ඇල්ල හරහා පැලමඩුල්ලෙන් යනකොට අල්ලන් තලවන්නෙ අපේ රාමට කියලා අහුවෙයකො !
    දිගටම කතාව ලියං ගියා නම් දිග වැඩිත් වෙලා පාඨකයො උඹට බයින්ඩත් තිබ්බා !

    ReplyDelete
    Replies
    1. තැනට සුදුසු නුවන කියන්නෙ ඒකට...බලන්න දැන් එකෙක්වත් මට බැනලා නෑනෙ...ඔක්කොම බැනලා තියෙන්නෙ වෙනී අයියට...ඒ කියන්නෙ රාමා ට කියලා ගං පෝරියල් එකක්...අම්මෝ ආයෙ එන්නෙ නෑ....මේ ගෙවල් පැත්තෙ වතුර වලකින් නා ගන්නම්...

      Delete
  42. ඔය ඇඩ්‍රස් දිවිල් කිව්වාම මතක් වෙන්නෙ...ඔය කොරියන් ගිය අපේ ඉස්කෝලෙ බණ්ඩිය නිසා ඔය ජාතියෙම පෝරියල් එකක් මට ගම්පහ ස්ටේෂන් එකේදි සෙටි වුණා උ1 ඇඩ්‍රස් එක දීල..සෙට් එකක් ආව මට නෙලන්න...තනියෙන් ගේමට සේට් වෙලා බලද්දි අපේ ඉස්කෝලෙම එවුන්...මම ගේම අතෑරියෙ නෑ...පස්සෙ දවසක ඉස්කෝලෙ ගියාම අපේ අමදෝරැවත් එක්කම ඇවිත්..මගෙ වටෙි කැරකුනා...සිරා දන්නවනේ අමදෝරැ..උ1 මොනව වුනත් හොද එකා මට නොගහ යන්න ගියා..

    ReplyDelete
    Replies
    1. අමදෝරුවා දන්නවා...මගේ මිත්තරයෙක් වගේම..අපේ ආදි ශිෂ්‍ය සංගමයෙ අපේ වසරෙ සභාපති...දැන් ඔන්න ප්‍රංශයේ තමයි දරු පවුල එක්ක වෙසෙන්නෙ...ටයි පටිය කොළපාට එකක් නේද උඹ ඇඩ්‍රස් දීපු...

      Delete
  43. මමනම් ජීවිතේට ඔය වැඩේ කරලා නෑ.. හැබැයි යාලුවො වෙනුවෙන්නම් කරලා තියනවා..

    මම හිත්න්නෑ සිරාට නපුරක් වෙන්නැති කියලා..

    ReplyDelete
    Replies
    1. සිරා ඉතිං අහිංසකයා නොවැ...එහෙම නපුරක් වෙනවා නම් එතන ලොකු අසාධාරණයක් වෙනවා....බලමුකො ඊලග කොටසින් මක්ක උනාද කියලා...

      Delete
  44. අනේ ගහපිනං මුන්ට....

    ReplyDelete
  45. මමත් ඔය නම්බර් දෙන වැඩේ කරලා තියෙනව හැබැයි ඒ මළගෙදරකදී.අන්තිමට ඒක ඉවර උනෙත් එහෙමම තමයි.මම හිතන්නෙ වෙනද වගේම සිරා කොලුවා මොලෙන් ගේම ගහගෙන බේරිලා එන්න ඇති..(adsl සම්බන්ධතාවයේ තිබුනාවූ දෝෂයක් නිසා කොමෙන්ටුව ප්‍රමාද වූ බව දන්වා සිටිමි)

    ReplyDelete
    Replies
    1. ප්‍රමාදය තැකීමට අවශ්‍ය නෑ. පරක්කු වෙලා හරි ආවා නොවැ....මළගෙදර ඉවර වෙන්නත් කලියෙන් තවත් මළගෙදරකට පාර කැපුනද එදා ?

      Delete
  46. මොකද බන් එකත් දෙකට කඩුවේ හොඳම තැනදී. හැබැයි පුතෝ ඔය ගම පෝරියල් කන එකනම් ලේසි පාසු වැඩක් නෙවෙයි.විශේෂයෙන්ම කෙල්ලක් සම්බන්ධ වුනාම.

    ReplyDelete
    Replies
    1. ඇයි බන් මම කියලා තිබ්බෙ මට කඩන විදිය ගැන උපදෙස් දීපු කෙනා ගැනත්...ගං පෝරියල් කාලා නෑ බන් තාම...ඒක සෑහෙන රහයි කියලයි කාපු උන් කියන්නෙ...

      Delete
  47. හිසට උඩින් කෑම පිඟන් පියාඹයිද? බීවා නොබීවා ගානට කන්න වෙයිද?

    ReplyDelete
    Replies
    1. ඊළග කොටස ඔබේ චිත්ත රූපයන් හා සැසදේද බලා විමසනු...

      Delete
  48. කොල්ලෝ මාර බයගුල්ලොනේ...:D

    ReplyDelete
    Replies
    1. ඔයා පික්සු කථා කරනවා මෙයා...අපේ විනීත කම බියගුලු බව ලෙස වරදවා නොසිතන්න..

      Delete
  49. කිරිගහට ඇන්නවගේ කෙලින්ම අම්මට ටෙලිපොන් නොම්මරේ දුන්න ගමන් අම්මත් දුන්න උත්තරේ කදිමයි නොවැ. ආයෙ බලාපොරොත්තු ඇතිකරගන්නෙ මොකටද?

    ReplyDelete
  50. දෙවන කොටසට ගිහිල්ලම මොනව හරි කොටන්නම්...හැමදාම කියන නිසා අගේ යාවිද මන්දා..ඒත් නොකිය බෑ..හරිම රහයි බං...ලිවිල්ල.

    ReplyDelete
  51. සිරා මලේ මට අද තමයි වෙලාවක් ආවේ උඹගේ කථාව කියවන්න. නියමයි! මේ ගමන්ම දෙවැනි කොටසට යනවා...

    ReplyDelete
  52. සිරාත් ඉතින් අනෙ මට හරි ගියා කියල හිතාගෙන ඉන්නැති :D

    පරක්කුවෙලා ආවෙ හොද වෙලාවට.. දැන් දෙවෙනි එකටත් මෙ ගමන්ම ගියතෑකි

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...