Sunday, March 9, 2014

64 අෆ්රීඩි සහ මා දුටු ක්‍රිකට්

සහීඩ් අෆ්රීඩි කියන්නෙ ක්‍රිකට් පිටියට අපූරු සුන්දරත්වයක් එකතු කරපු පාකිස්ථානු ක්‍රීඩකයෙක් බව ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි ළමා, ළපටි, තරුණ, මහළු  සියල්ලෝම දන්නවා. ඔහුගේ විකට නාමය තමයි Boom Boom. සනත් ජයසූරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග වැදිලා එක්දින ක්‍රිකට් පිටිය උඩු යටිකුරු කලා වගේ පාකිස්ථානය වෙනුවෙන් ඒ කාරිය කලේ ඔහු කියලයි මට හිතෙන්නෙ.


සනත් ජයසූරිය හොදින්ම ක්‍රීඩා කරපු කාලෙ රූපවාහිනියෙන් ඇස් ඉවතට ගන්න ක්‍රිකට් ක්‍රීඩා ලෝලියෝ සූදානම් වුනේ නෑ. ආරම්භයේ සිටම ප්‍රහාරාත්මක පිති හරඹයක නිරත වෙන එවැනි ක්‍රීඩකයො ලෝක ක්‍රිකට් පිටියට බිහිවුනෙත් අතලොස්සයි. ඒ අතලොස්සෙන් කෙනෙක් කියලා අපි අෆ්රීඩි ගොයියා ගැනත් හිතාගම්මු. මම පුද්ගලිකව ඔහුගේ පිති හරඹය නරඹන්න හරිම මනාපයි. හැබැයි ඒ අපේ රටට එරෙහිව නම් නෙමෙයි.

අපේ ජයසූරිය මන්ත්‍රීතුමා සැරටම ක්‍රිකට් පහරවල් එල්ල කරපු කාලෙ එයාගෙ නමින් ලියවුන ලොව වේගවත්ම එක්දින ශතකය තමයි අෆ්රීඩි ගොයියා අතින් මුලින්ම බිද වැටුනෙ. ඒ සිදුවීමෙන් පස්සෙ තමයි ඔහු ගැන ලෝක ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය යොමු වුනෙත්. ජයසූරිය නමටම ලියවුනු ලොව වේගවත්ම එක්දින අර්ධ ශතකය තවමත් නිරුපද්‍රිතව තියෙන්නෙ කෙස් ගහෙන්. පන්දු 17 ක් වැය කරලා ජයසූරිය මේ වාර්තාව පිහිටෙව්වට සහීඩ් අෆ්රීඩි සතුව පන්දු 18 කින් වාර්තා කල අර්ධ ශතක 3 තියෙනවා. ඒ වර්ගයේ අන්තිම එක වාර්තා උනේ ඊයේ  නිමා වූ අාසියානු කුසලාන තරගාවලියෙ බංග්ලාදේශය සමග ඔවුන් තරග වැදුන අවසන් අවස්ථාවේදී.

මේ අර්ධ ශතක 3 න් එකක් ඔහු වාර්තා කලේ කොළඹ SSC ක්‍රීඩාපිටියේ පැවති ශූරයන්ගේ කුසලානය (Champions Trophy) තරගාවලියේදි නෙදර්ලන්තයට එරෙහිව . එදා ක්‍රීඩා පිටියෙ ඉදලා සියසින්ම මේ අපූරු ඉනිම දැකබලා ගන්නට මට හැකි වුනත් ජයසූරියගේ වාර්තාව අභිබවා යන්නට ඔහුට නොලැබේවා කියන පැතුම තමයි අපේ හිත්වල තෙරපිලා තිබුනෙ.

උසස් පෙළින් පස්සෙ උසස් අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්න කලියෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග වල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ රාජකාරියක් මට සැට් උනේ අහම්බෙන් වගේ. තරගාවලි කීපයක්ම දිවයිනේ විවිධ පළාත් වල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා පිටි වලට ගිහිල්ලා ඒ කාරිය කොරන්නත්, රාජකාරි නැති දවසට අපේ ජාතික කණ්ඩායමේ බහුතර ක්‍රීඩකයන් පිරිසක් සමග වචනයක් දෙකක් දොඩන්නත්, ඔවුන් පුහුණු වන විටෙක පන්දුවක් දෙකක් අහුලලා දෙන්නත් ලැබුනෙ මේ ගමන් වලදි. ඒ අත්දැකීම් වලින් ලියන්න දේ සෑහෙන්න තියෙනවා. ඉදිරි දිනයක ඒවා ගැන සවිස්තරව ලියන්න හිතාගෙනයි ඉන්නෙ. මගේ පාසල් මිත්‍රයා නුවන් කුලසේකර හැරුනු කොට මට ක්‍රිකට් පිටියේ හමුවුන නිහතමානීම ක්‍රිකට් ක්‍රීඩකයා රොමේෂ් කළුවිතාරණ බවත් මේ කථා බහ අස්සෙ කියන්න කැමතියි.

එදා SSC ක්‍රීඩා පිටියට වෙලා සිරා කොලුවා කරමින් උන්නෙත් ප්‍රවේශ පත්‍ර රාජකාරියම  තමයි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන පාකිස්ථානය සමග ක්‍රීඩාවට කෝඩුකාර නෙදර්ලන්තය අතර උණුසුම් තරගයක් අපේක්ෂා කරනවානම් මිනිහට ඔල්මාදෙ. ඒ හින්දම මේ තරගය පැවති දවසෙ අපිට එතරම් ටිකට් පත් ප්‍රමාණයක් අළෙවි කරන්න ලැබුනෙත් නෑ. බොහොම සීමිත ක්‍රිකට් ලෝලීන් පිරිසක් අතර නෙදර්ලන්ත ජාතිකයො කීප දෙනෙකුත් අසුන් අරගෙන හිටියා.

පාකිස්ථාන් සින්දාබාද් (පකිස්ථානයට ජය වේවා !) කියමින් මා ආසන්නයේ තිබූ ක්‍රීඩා ගාරයේ එකම එක පාකිස්ථානු ක්‍රීඩා ලෝලියෙකු සිටි බව මට හොදට මතකයි. ඔහු අත තිබුන පාකිස්ථානු ධජය ඒ මේ අත වනමින් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලින් පමණක් අසුන් ගෙන සිටි පෙදෙසක තනිවම තමාගේ රට වෙනුවෙන් ජය ඝෝෂා නගමින් සිටි වෙලාවක තමයි අපේ රටේ ක්‍රිකට් ලෝලියෙක් නෙදර්ලන්තයට සහයෝගය දෙන්න ඉදරිපත් උනේ...ඔහුත් කෑ ගසමින් ඔවුන්ව දිරිමත් කරනවා...කලින් හාදයා එක්ක තරගයට වගේ...කලින් කෙනා පාකිස්ථාන් සින්දාබාද් කියද්දි මෙයා කියන්නෙ Pakistan go home කියලයි.

මේ දෙන්නා බොහොම සුහදව මේ කාරිය කරගෙන ගිය අන්දම එතන හිටිය බහුතරයකට තරගයේ තිබුන උදාසීන ගතිය නැති කරලා දුන්නා. පළමුව පන්දුවට පහර දුන්න  නෙදර්ලන්ත කණ්ඩායම කවුරුත් බලාපොරොත්තු වෙච්ච විදියටම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවුනා. වසරේ මාස 6 ක් පමණක් ක්‍රිකට් ක්‍රීඩා කරන්න හැකි දේශගුණයක් තියෙන රටක් තමයි නෙදර්ලන්තය කියන්නෙ. ඉතිං ඔන්න පාකිස්ථානු පිළිතුරු ඉනිම ඇරඹුනා.

ඒ කාලෙ අෆ්රීඩි ගොයියා ආරම්භක පිතිකරුවෙක් ලෙසයි කටයුතු කලේ. මුහුණ දුන්න පළවෙනි පන්දුවේ ඉදලම මිනිහා පන්දුවට නෙලන්න ගත්තෙ පන්දුව සමග තිබුන ජන්මාන්තර වෛරයකින් වගේ. දැන් දැන් පාකිස්ථානු ක්‍රීඩා ලෝලියගෙ කටේ කෙළත් හිදිලා...කොඩිය වේගයෙන් වන වනා කණ්ඩායමට ජය ගොස නගනවා තනියෙන්ම. අපේ කෙනත් අරින්නෙ නෑ....පාකිස්ථානයට ගෙදර යන්නම කියලා ඔහුත්  කෑ ගහනවා.

අඩීල් රාජා කියන නෙදර්ලන්ත දග පන්දු යවන්නාට අෆ්රීඩි රිදෙන්න නෙලුවා. ඒ සියල්ලක්ම දැවැන්ත 6 පහර..ක්‍රීඩා පිටියේ ඈත අනන්තයේ පන්දුව පතිත වෙද්දි කට කපලා සෙනග පුරවපු තුන්රෝද රථ පේලියක් ක්‍රීඩා පිටියේ අප සිටි පිවිසුම අසලට ලගා වුනා...

පාකිස්ථාන් සින්දාබාද් කියමින්...ඒවායෙන් එළියට පැන ගත්තෙ පාකිස්ථානු ජාතිකයන් පිරිසක්. කොළඹ නගරය අවට රැකියාවල නිරතව සිටි මේ පිරිස අෆ්රීඩිගේ මනස්කාන්ත පිතිහරඹයේ අවසන් කොටස හෝ දැකබලා ගැනීමේ පරම පිවිතුරු චේතනාවෙන් තමයි මේ විදියට පෝලිමේ ඇවිල්ලා තිබුනෙ. ඒ ඇත්තන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කරන තුරු පවා රැදී සිටින්නට අපහසුයි. ඒ තරම් තදියම,  ඉතා ඉක්මනින් ඒ කාරියත් අහවර කරලා...ක්‍රීඩාංගනයේ ආරක්ෂක සේවයේ  නිරත වෙච්ච අය මේ ඇත්තන්ගෙ අහවල් ඒවත් අතගාලා එහෙම තමයි ක්‍රීඩාපිටියට අැතුල් කලේ.

දැන් ඔන්න 50 කට වැඩි පාකිස්ථානු ක්‍රීඩා ලෝලීන් පිරිසක් තනිවම පාකිස්ථානයට සහයෝගය පල කල කෙනා සිටි තැනට ලගා වෙනවා. දුර ඉදන්ම ඔහුගේ හඩ ශ්‍රවනය වෙලා ඒ අයත් ඒ හඩින්ම කෑ ගසාගෙන තමයි එතනට ගියේ. ඒ දර්ශනයෙන් අන්ද මන්ද වෙච්ච, එතෙක් වේලා පාකිස්ථානය සමග ගැටුන අපේ ක්‍රීඩා ලෝලියාට කරතියාගන්න දෙයක් නෑ. මිනිහට හොදටම ලැජ්ජයි. එක්වරම අසුනෙන් නැගිටලා යන්න ගියා. ඒ පිටිපස්සෙන් ඔහුගෙ පෙම්වතියත් එකතු වුනා.

පන්දු 18 කින් අර්ධ ශතකයක් වාර්තා කරලා එදා අෆ්රීඩි තරගය නිමා කලාට පස්සෙ ඒ අතීත මතක සටහන් නැවතත් මගේ සමීපයේ ජීවමාන වෙන්න ගත්තෙ මෙදා ආසියානු කුසලාන තරගාවලිය අන්තර්ජාලයෙන් නරඹද්දි. කාලෙකට පස්සෙ පරණ අෆ්රීඩි ආයෙමත් ජීවමාන වෙලා. තාක්ෂණය කුමක් වුවත් ඔහුගේ පිත්තේ ගැටෙන පන්දුව හතරේ සීමාව සොයා යන්නෙ විදුලි වේගයෙන්.

ඉන්දියාව සමග පැවති තරගයේදි ඔහු අවසන් පන්දු කීපය තුල එල්ලකල හයේ පහර දෙකකින් තරගයේ ජයග්‍රහණය ඔවුන් ලබා ගත්තා. අළු යට ගිණි වගේ පවතින ඉන්දු පාකිස්ථාන් දේශසීමා අර්බුදය නිසාම මේ දෙරට ක්‍රිකට් පිටියේ හමුවෙන හැම වාරයක්ම අතිශයින් උද්වේගකරයි. කරට කර සටනක් හැමදාම දකින්න පුලුවන් වගේම ක්‍රිකට් තරග නරඹන අපටත් මේ දෙරට අතර පැවැත්වෙන තරග අමුතුම වින්දනයක් ලබා දෙනවා. අවි ආයුධ වලින් යුද්ධයක් කෙරෙන්නෙ නැති නිසා මේ දෙගොල්ල සටන් කරන්නෙ ක්‍රීඩාවෙන්.

අපේ කාර්යාලයේ  රැකියාවේ නියුතු පාකිස්ථානු ජාතිකයන් දෙදෙනෙකු ඉන්නවා. ඒ අතරින් ජබීර් කියන හාදයා තමයි මා එක්ක බොහොම හිතවත්. ඉන්දියාව සමග පැවති තරගය ජයගත් දිනයට පසුදා ඔහු හරිම සතුටින් කාර්යාලයේ වැඩ කලේ.

සිරා කොලුවත් ක්‍රිකට් ලෝලියෙක් බව ඔහු දන්නවා. ඊයෙ අපේ රටේ සැණකෙළියක් වගේලු. අහසට වෙඩි තියලා..රතිඤ්ඤා පත්තු කරලා මිනිස්සු සෑහෙන්න සතුටු වෙලා. ඔහු එහෙම කිව්වා.

පඨාන් කියන ජනවර්ගයට තමයි පාකිස්ථානයේ බහුතරයක් පිරිස අයත් වෙන්නෙ. ඉම්රාන් ඛාන්ගේ ඉදලා මේ ජනවර්ගයෙන් ක්‍රිකට් ක්‍රීඩකයො විදියට රට නියෝජනය කරපු අය බොහෝ දෙනෙකු හිටියත්..ඒ සැමටම වඩා පාකිස්ථානයේ ජන සම්භාවනාවට පාත්‍ර වෙන පඨාන් වැසියා තමයි අෆ්රීඩි. ඔහු පාකිස්ථානු ජනතාවගේ ගෞරවය නොමදව ලබන වීරයෙක් බව මට කිව්වෙ අපේ ජබීර්.

මැලේසියාවෙ මගේ නවාතැනට කාර්යාලයේ ඉදන් එද්දි පාකිස්ථානු අවන්හල් රාශියක් පහුකරන්න ලැබෙනවා. පාකිස්ථානු ජාතිකයන් ඉතාම විශාල පිරිසක් මේ රටේ විවිධ රැකියාවල නිරත වෙලා ඉන්න නිසාම ඒ රටේ කෑම බීමත් මෙහෙ හරිම සුලභයි. නාන් නමින් හදුන්වන රොටී වර්ගය තමයි ඒ ඇත්තො නිතරම ගිල දමන්නෙ. ඒවයේ රස මමත් විදලා තියෙනවා. පංකාදුයි. නාන් විවිධ රස වලින් තියෙනවා. ඒ වගේමයි ඔවුනට ආවේණික හිම කිරම හෙවත් පාකිස්ථානු අයිස් ක්‍රීම්, බොහොම රසයි.

ඉතින් පහුගිය සතියෙ පාකිස්ථානය තරග වැදුන හැම අවස්ථාවකම රාත්‍රී කාලයේ මේ අවන්හල් අතුරු සිදුරු නැතුව පිරිලා. බිත්ති වල එල්ලලා තියෙන විශාල රූපවාහිනී තිර මගින් පාකිස්ථානු ජනතාව තරගය දිහා බලාන උන්න විදියට ඒ අල්ල පනල්ලෙ ලෝක විනාශය වුනත් ඒ ඇත්තො දන්නෙ නෑ. හරියට ශ්‍රී ලංකාව 1996 ලෝක කුසලානය දිනාගන්නා අවදියේ අපේ ක්‍රීඩා ලෝලියේ රැස්කකා ක්‍රිකට් තරග නැරඹුවා වාගෙමයි. නමුත් පස්සෙ පස්සෙ ඒ අතීත සුන්දරත්වය ක්‍රීඩාවෙන් ඈත් වෙච්ච හින්දමද කොහෙද ලංකාවෙ ක්‍රීඩා ලෝලීන් තරග නැරඹීමෙන් යම් තරමකට වැළකුනා.

මැලේසියානු ජාතිකයන් ක්‍රිකට් ක්‍රීඩාවට එතරම් මනාපයක් නෑ. ඒ අය කැමතිම ක්‍රීඩාව පා පන්දු වුවත් මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවන්න ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහි ප්‍රධානියා ලෙස මැලේසියාවේ සේවය කරන්නෙ අපේ පළවෙනි ටෙස්ට් නායකයා බන්දුල වර්ණපුර මහතා. මට එතුමාව වතාවක් මුණ ගැහුනා බ්‍රික්ෆීල්ඩ් ප්‍රදේශයේ පිහිටා තියෙන බෞද්ධ මහා විහාරයේ පැවැත්වුනු උත්සවයකදි. ලංකාවෙ අය එකතු වෙලා කරන හැම පොදු වැඩකදීම එතුමාගේ නොමසුරු දායකත්වය ලැබෙන බවයි දැනගන්න ලැබුනෙ. මා සහභාගි වූ උත්සවයේත් නිවේදකයා ලෙස කටයුතු කලේ ඔහු.  ලබන මාසයේ පැවැත්වෙන අවුරුදු උත්සවයේදීත් නැවත මට එතුමාව මුණ ගැහේවි.

Kinrara Oval @ Puchong


ඒ වගේම මැලේසියාවේ ජාතික පුහුණුකරුවා මෙන්ම කින්රාරා ඕවල් (Kinrara Oval) නමින් හදුන්වන Puchong කියන ප්‍රදේශයේ පිහිටා තිබෙන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියෙ භාරකරුවා ලෙස කටයුතු කරන්නෙත් එකම කෙනෙක්. ඒ අපේ තවත් පැරණි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන රෝයි ඩයස් මහතා. එතුමාවත් මට වතාවක් මුණ  ගැහිලා කථා බහ කරන්න අවස්ථාවක් ලැබුනා. ඒ වගේම කින්රාරා ක්‍රීඩාංගනයෙ විදුලි ආලෝක ධාරා යට ක්‍රිකට් ක්‍රීඩා කරන්නත් අමතක නොවන දවසක් උදා වුනා. ඒ විස්තර ඉදිරි දිනයක ලියන්නම්.

අර මොකද අතන මිනිස්සු රැස් වෙලා ඉන්නෙ. අවන්හලේ පොදිකකා ක්‍රිකට් තරග නරඹන අය දකින මැලේසියානු කුලී රථ රියදුරෙක් ඉදලා හිටලා මගෙන් අහනවා. 

ඒ අය ක්‍රිකට් මැච් එකක් බලනවා. පාකිස්ථානයයි බංග්ලාදේශයයි තරග කරන්නෙ. ආසියානු කුසලානය කියලා තරගාවලියක්. මම ඒ විදියට උත්තර දුන්නාම,

ඕකට ඔස්ට්‍රේලියාව නැද්ද ? ආසියාවට ඔස්ට්‍රේලියාව අයිති නැති බව සමහරු දන්නෙ නෑ.

ලෝක සිතියමේ මැලේසියාවට ටිකක් විතර කිට්ටුවට වෙන්න ඔස්ට්‍රේලියාව පිහිටා තියෙන නිසයි ඒ අය එහෙම අහන්න ඇත්තෙ කියලා පස්සෙ මට හිතුනා.

මෙවර ආසියානු ක්‍රිකට් කිරුල ලංකාව හිමිකරගත්තෙ ඊයෙ දිනයේදි. අපේ කණ්ඩායම අලුත් මුහුණුත් එක්ක ඉතා හොද කණ්ඩායමක් ගොඩනගාගෙන යන බව පැහැදිලියි. මෙවර තරගාවලියෙදි සාර්ථක ආරම්භක පිතිකරු යුගලයක් අපට ලැබුනා. ඒ වගේම සංගක්කාරගේ අමතක නොවන පිතිහරඹයත් කදිමෙට විද්‍යාමාන උනා. මේ සියලු සාධක මැනවින් ගලපා ගත්තොත් 96 න් පස්සෙ ආයෙමත් ලෝක කුසලානයක සිහින සැබෑ කරගන්න අපට හැකි වේවි.



ආසියානු කුසලාන තරගාවලිය නරඹලා ඇතිවුන චිත්ත ප්‍රීතිය නිසාම අද පෝස්ටුව ක්‍රිකට්. ක්‍රිකට් තරග කෙරෙහි ඇල්මැරුනු ප්‍රතිපත්තියක ඉන්න, ඒවා නොබලන ඇත්තො අහිංසක සිරා කොලුවාට මේ සටහන කියවා කමා කරත්වා. ඔබ අකමැති දෙයක් ගැන ලියපු එක ගැන.



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.



ප.ලි

පසුගිය සතිය මෙන්ම ඉදිරි සතියද මෙරට පැවැත්වෙන දැවැන්ත ප්‍රදර්ශනයක කටයුතු නිසා සිරා කොලුවා අතිශයින් කාර්යය බහුලය. ඒවා අවසන් වූ පසු සුපුරුදු ලීලයෙන් බොග දාන්නත්...අනෙක් උන් ලියනා බොග් බලන්නටත් එමි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අෆ්රීඩි තබා ඇති වාර්තා මෙතැනින්

64 comments:

  1. Danagaththa gaman kiyeuwa. Ela ela. Ape kollo tika ada wada pennuwa eka sathutui godak. .....

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම තමයි...කාලෙකින් නේද තරගාවලියක අවසන් තරගය දිනුවෙ...

      Delete
  2. මමත් ක්‍රිකට් එපාම වෙලා හිටියේ ඊයෙ වෙනකම්.. අපේ ටීම් එකට අලුත්ම සුපර් බඩු ටිකක් බැහැලා ඉන්න බව පේන්න තියනවා. කුසල් පෙරේරා ඇරපු අතක් නෑ සනත් ජයසූරිය. ඇන්ජලෝ මැතිව්ස් කියන්නේ දෝනිට අභියොගයක් වෙන ජයග්‍රාහී නායකයෙක්. ඒකෙ ආයෙ දෙකක් නෑ. මෙහෙම ගියොත්නම් ඉස්සරහා හොඳ වෙයි. ජයසූරියගෙ තේරිම් නරක නෑ වගේ..

    ReplyDelete
    Replies
    1. ayi ban chandimal... lol... mokata kaalakanniyawa team eke thiyan innawada manda... innings 15 kata paarak eka 50k gahanawa... matath puluwan ehema gahanna... hikzzz

      Delete
    2. ජයසූරියගෙ වෙනස සෙන්නා ඔහු ඉතාම පරිණත ක්‍රීඩකයෙක් වීම. දොන් අරුණසිරිලා, අසන්ත ද මෙල්ලා තරග කීයකටද සහභාගි වෙලා තියෙන්නෙ...ඔවුන් අද ඉන්න ක්‍රීඩකයො තරම් දක්ෂද ? නූතන තාක්ෂණය ගැන අවබෝධයක් තියෙනවද කියන කාරණා ගැන සැළකුවාම ජයසූරිය සහ ඔවුන් අතර වෙනස අහසට පොළව වගේ...අනිත් එක ජයසූරිය වීදුරු කූඩුවක් ඇතුලෙ ඉදලා තීරණ ගන්න කෙනෙකුත් නෙමෙයි. එදා තරගයේදි මම දැක්ක විදියට ක්‍රීඩා පිටිය ආසන්නයේ තැනක හිටගෙනමයි ඔහු තරගය නැරඹුවෙත්....මීලග සනත් ජයසූරිය කුසල් ජනිත් බවට සැකයක් නෑ...ඔහු එන්න එන්නම කදිම ක්‍රීඩකයෙක් වන ලකුණු තියෙනවා.

      Delete
  3. මමත් ඉඋඑ නිදාගත්තෙ පුල් හැපියෙන්.පිස්සුවෙන් ක්‍රිකට් බලපුකාලෙ ඉවර වුනත් ඉයෙත් එක බොලයයක් වත් අතනැර බැලුව.අෆ්‍රිඩිය මුලින්ම ගැහුවෙ ලන්කාවට නිසා උත් එක්ක පොඩි මලක් තියෙනව එ වුනාට මාර සුන්දර මිනිහෙක් මිනිහෙක්.වෙනම ස්ටයිල් එකක්.

    ReplyDelete
    Replies
    1. අෆ්රීඩි කවදාවත් පිටිය තුල කලහකාරී ලෙස හැසිරෙනවා මා දැක නෑ...කවදත් විනිසුරු තීන්දු සමග වාද විවාද කරන්න යන්නෙත් නැ...ක්‍රීඩාවේ මහත්මා ගතිය ඔහු ලග හොදින් තියෙනවා.

      Delete
  4. මටත් කියන්න තියෙන්නේ වෙල්ඩන් සනත් ජයසූරිය කියලා තමයි

    ReplyDelete
    Replies
    1. ඔහු නිසැක ලෙසම යහපත් හෙටක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් අපේ රටට ලබා දේවි.

      Delete
  5. ඊයේ මමත් හුඟක් කාලෙකට පස්සේ මැච් එක දිගටම බැලුවා. කණ්ඩායම් හැඟීම තිබෙනවානම් අපිට විශ්මිත ලෙස ඉදිරියට යා හැකියි.

    ReplyDelete
    Replies
    1. දැන් කණ්ඩායම් හැගීම අතිනුත් අපේ අය සෑහෙන්න හොද බව පේනවා..හරිම එකමුතු කමින් තමයි හැමෝම ක්‍රීඩා කලේ.

      Delete
  6. සනත් ට දැන්නම් සුදුසුම කාර්‍ය පැවරිලා තිබීම සතුටුයි. මෙච්චර කාලෙකට පැත්තකට දාලා තිබුන අලුත් කොල්ලන්න්ට තැනක් ලැබීම ගැනත් සතුටුයි.

    ඒ වගේම වැදගත්ම දේ අච්චර බැනුම් අහගෙන (මාධ්‍ය වලින්) තරගාවලියට එක්වූ ළහිරු තරගාවලියෙවීරයා වී හැමෝටම පිළිතුරු දීම.

    ReplyDelete
    Replies
    1. දක්ෂයාට සුදුසු තැන වගේම ජේෂ්ඨ උවත් ලකුණු අතර නැත්තං තරග වලින් නෙරපා හරින වැඩපිළිවෙලක් තමයි අපිට තිබිය යුත්තෙ

      Delete
  7. ආ....සිරෝ.... :D
    මම ඕව බලන එක නැවැත්තුවේ කාලයක් බලන බලන එක පරදින්න පටන් ගත්ත හින්ද.දැන් නම් අයිත් බලන්න හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම තමයි. ආසියානු කුසලානයේ ඉදන් ආයෙමත් ප්‍රේක්ෂකයෙක් උනේ...

      Delete
  8. ඇල් මැරුණු තරඟ වලට ජීවයක් දෙන්නෙ ඔය වගෙ ක්‍රීඩකයින් තමා. ජයසූරියයි කළුයි සෙල්ලම් කරපුවා නම් බැලුවෙ හිටි තැනින් හෙල්ලෙන්නෙ නැතුව. අලුත් සෙට් එක ගැන නම් දන්නෙ නෑ දැන් මැච් බලන්නෙ නැති නිසා. කොහොමත් බලපු අය කියන විදිහට අලුත් ක්‍රීඩකයින් ගෙන් යමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වගෙ.

    ReplyDelete
    Replies
    1. අලුත් ක්‍රීඩකයොත් හොද තත්වයට සීඝ්‍රෙයන් පත් වෙමින් ඉන්නෙ...ඊලග වතාවෙ තරගයක් දෙකක් නරඹලා බලහං මචෝ...

      Delete
  9. අෆ්‍රිඩී ගැන මොන කතාද මචෝ... මේ ළඟදී බංගලියන්ට නෙලපු නෙලිල්ල ඇති අෆ්‍රීඩී ගැන කියන්න.. ජාතියක්, ජන්මයක් බලන්නේ නැතිව ක්‍රිකට් විඳින මට, අෆ්‍රීඩි බැට් කරන්න එන කොට දැනෙන්නේ මාර හැඟීමක්..

    ReplyDelete
    Replies
    1. මමත් එහෙමයි. කොයි රටකට අයත් උනත් හැකියාව අගය කරනවා...නුතන ක්‍රිකට් පිටියෙ මේ වගේ පෙරළිකාර ක්‍රිකට් ක්‍රීඩකයෙක් නැති බව තමයි මගේ අදහස.

      Delete
  10. කාලෙකට පස්සේ නියම තරගාවලියක් බලන්න ලැබුනා.

    ~ ඉෂාන් ~

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම...අවසාන තරගය දිගටම පරාද වෙච්ච එකනෙ අපිට මෙතුවක් කාලයක් උනේ....

      Delete
  11. ඒ කියන්නේ අපේ රජතුමා ඊයේ මැච් ඒක බලන්න ගිහින් නෑ

    ReplyDelete
    Replies
    1. මැච් එක බලන්න ගිහිල්ලා නෑ....අධිවේගයක් විවෘත කරන්න ගිහිල්ලා.

      Delete
  12. හොඳ වෙලාවට ඊයේ අෆ්රඩි ගොයියා 0/0* උනේ. නැත්නම් ගහන්න තිබ්බා පොරි හැලෙන්න

    ReplyDelete
    Replies
    1. ඒක ඒ අයට අවාසියක් වෙච්ච බව තමයි මගේ මතය. 40 වෙනි පන්දු ඕවරයේ ඉදලා වගේ අෆ්රීඩි පිටියට ආවා නම් ලකුණු තත්වයේ සෑහෙන වෙනසක් වෙන්න තිබුනා වෙනදා වගේම ඔහුගෙ ලකුණු මැෂිම වැඩ කලා නම්....

      Delete
  13. නිකන් නාන් නෙවෙයි බටර් නාන් එක්ක චිකන් කඩායි පාරක් දාලා බලන්න මරු. මට නම් ඔය අෆ්රීඩි ගොයියව පේන්න බැහැ. ඔය හාදයාට මැච් එකක් දින්නොත් හොඳයි නැත්නම් පලු යන්න බනිනවා. අයියා ඉඩ තියෙන වෙලාවක හොඳ ෆ්‍රෙෂ් ගුලාබ් ජාමුන් හොයාගෙන කාලා බලන්න පිස්සු හැදෙන රැසක් තියෙන්නේ. හැබැයි ෆ්‍රෙෂ් එක.

    ReplyDelete
    Replies
    1. channa masala ekakuth ganin....

      Delete
    2. චිකන් කඩායි කියන්නෙ ව්‍යාංජනයක්ද...වෙලාවක් ඔය කියන දේවලුත් රස බලන්න මතකයේ තබා ගන්නම්...කෝරලේ මලයට ස්තූතියි...ඒ වගේම ඇනෝ මිත්තරයටත් ස්තූතියි...

      Delete
    3. චිකන් කඩායි නේද.........තාච්චිය පිටින් කන්න හිතෙනවා මතක් වෙනකොට.

      Delete
    4. කඩායි කියන්නේ කුකුල් මස් ව්‍යංජනයක් ඒක මේසෙට ගේන්නේ තාච්චුවක තියලයි. මගේ නම් ආසම කෑමක් ඔය අරූ අයියත් කියල තියෙන්නේ පට්ට එකෙත් උපරිමයි අපේ ඇනෝ මිත්‍රයා කියන විදියට චන්නා (කඩල) මසාලා එකකුත් එක්ක තන්දුරි රොටි දෙකක්වත් කන්න පුළුවන්.

      Delete
    5. අපි මේක මෙහෙමත් කියමු. කඩායි කියනවා, කරාහි කියලත් කියනවා. කරාහි කියන්නේ උර්දුවලින් තාච්චියට. ඕනෑම මසකින් හදන්න පුළුවන්. මාළුවලින් හදන්න අමාරුයි. මාළු ඉක්මනට කුක් වෙලා කැඩෙන නිසා. පාකිස්තාන් කෑමක්. අරාබි රටවල හරිම ප්‍රසිද්ධයි. පාකිස්තාන් අය ගොඩාක් තෙල් පාවිච්චි කරන නිසා...තෙල් අඩුවෙන් දාලා හදලා දෙන්න කියන්න. ඇත්තටම බටර් නාන් එක්ක මරු. මම නම් ආසා පරෝටා එක්ක. නමුත් පාකිස්තාන් පරෝටා, ඉන්ඩියන් පරෝටා තරම් රස නැහැ.

      පකිස්තාන් කඩේකින් කඩායි කාලා...ඉන්ඩියන් කඩේකින් පරෝටා කමු :D

      Delete
  14. ඊයෙ මට පුල් ෆිට් බං,අපේ ගෙවල් ළඟ කඩ දෙක තුනක එළියෙ ලොකු ටී වී හයි කරලා පක්කො මැච් එක බලනව.අපේ ටීම් එක ගහද්දි මම එතනින් ගියෙ තදය වගේ ගොඩක් උන් මම ලංකාවේ කියල දන්නව.
    ජයසුරියගේ සිලෙක්ෂන් හොඳයි කියල තමා කියන්න තියෙන්නෙ,මෙන්ඩිස් ටීම් එකේ නැතිඑක විචාරකයො ගොඩක් විවේචනය් කළා.මමත් බැලුවේ ඒ මොකද කියලයි නමුත් ඒ තීරණය හරි.

    ReplyDelete
    Replies
    1. ජයසූරිය සීතල කාමර ඇතුලෙ ඉදන් තීරණ ගන්න මිනිහෙක් නොවන බව පේනවා. අනිත් එක මෙතුවක් කාලයක් තේරීම් මණ්ඩලයෙ මේ වගේ අත්දැකීම් තියෙන කෙනෙක් හිටියෙ නෑ. කුසල් ජනිත් තවත් ජයසූරිය කෙනෙක් බවට පත් කරමින් ඉන්නෙත් ඔහුම තමයි. සනත්ගෙ ශරීර ස්වභාවය දැකලා විචාරකයො කිව්වෙත් මේ හාදයට මේ තරගයට ක්‍රීඩා කරන්න කිව්වත් ක්‍රීඩා කරන්න පුලුවන් තරමට ශරීර ශක්තිය තවමත් තියෙනවා කියලයි.

      හැලපා මාමත් මාර ඩයල් එකක්නෙ...උන් දිනුවා නම් පාකිස්ථානයෙන් මක්ක වෙයිද ?

      Delete
  15. පටාන් කාරයන්ගෙ ෆිට්නස් වල හැටියට හයේ පාරවල් අරුමයකුත් නෙවෙයි කියල හිතෙනව . උන්ට එකදිගට දවසම වැඩ කලත් ගානක් නෑ , :D :D

    ReplyDelete
    Replies
    1. එහෙමද...අපේ ජබීර් ගොයියත් පඨාන් තමයි...ඒ උනාට හරිම අහිංසකයා..

      Delete
  16. //මේ සියලු සාධක මැනවින් ගලපා ගත්තොත් 96 න් පස්සෙ ආයෙමත් ලෝක කුසලානයක සිහින සැබෑ කරගන්න අපට හැකි වේවි.//

    හැබැයි ඒකටනම් මහින්ද මාමට ගෙදරට ෙවලා මැච් ඒක බලන්න කියන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. එහෙමද...ගොඩාක් අය එහෙම හිතනවා නේද....එයාට හොරෙන් ෆයිනල් එක තිබ්බා නම් හරි.

      Delete
  17. මම ක්‍රිකට් බලන්නේ නැහැ ..අපේ උන්දැත් ගෙදර නැහැනේ. උන්න නම් කන්දෙක ඉවරයි. කොහොම වුනත් ලංකාව දිනුවම ආසයි. නෙව ලාංකිකයෙක් විදිහට .

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තත් ඉස්සර ඔය වගේ තමයි...අපිට බනිනවා බොරුවට කාලය නාස්ති කරනවා කියලා. ඒ උනාට තරගය නැගලම යන වෙලාවට එයත් එනවා ඒක බලන්න....

      Delete
  18. මාත් ආසම ක්‍රීඩකයෙක්. මේ පාර මැච් එක නම් බලන්ට බැරි උණා. වෙලාවට අමුත්තෝ වගයක් ආවනේ. එයාලා ක්‍රිකට් බලන්නේ නෑ...:(

    ReplyDelete
    Replies
    1. ඊලග වතාවෙ අමුත්තෝ නොඒවා කියලා ප්‍රාර්ථනා කොරනවා...

      Delete
  19. අෆ්රිඩි එදා මෙදාතුරු ෆෝම් එකේ ඉන්න ක්‍රීඩකයෙක්. දක්ෂයෙක්.

    කිසිම නිහතමානි ගතියක් නැති අමනුස්සයෙක්. !

    ReplyDelete
    Replies
    1. ඒ පේන හැටි බන්..මිනිහා හැමෝම එක්ක හිනා වෙන්න නොගියට කවදාවත් විරුද්ධ පිලේ ක්‍රීඩකයො සමග ගැටෙන්න යන්නෙ නෑ...තීරණයක් ලැබුනාම විනිසුරුවො එක්ක හැප්පෙන්න යන්නෙ නෑ...ඒ වගේම තමන්ගෙ පිලේ ක්‍රීඩකයෙකු උඩ පන්දුවක් තමා පන්දු යවද්දි බිම දැම්මත් කුපිත වෙන්නෙ නෑ.

      Delete
  20. ambo ban... patan kaarayo ekka cricket gahanawata wada hondai dekata namila puka hapan marenawa... dawasak api match ekak gahuwa sharjah fish market ground eke... tennis boleta tape othala thamai gahanne... pitch ekata concrete ekak thiyenne... mun bola daanne hariyata gini bola daanawa wage.. bat eka ussa ganna welawak na...

    ReplyDelete
    Replies
    1. ඔය ටේප් ඔතලා ගහන කථාව වතාවක් මගේ යාලුවෙකුත් කිව්වා...මිනිහා කිව්වෙත් මුන් ගහන්නෙ 6 ඒවා නෙමෙයි 12 ඒවා කියලා....

      Delete
  21. අෆ්රීඩි මමත් ආසම ක්‍රීඩකයෙක් .. නිවාඩු දවසක මැච් එකක් තිබුනොත් නම් කොහොමහරි බලනවා ...

    ReplyDelete
    Replies
    1. මම නම් මිනිහා සෙල්ලං කරනවා නම් අනිවාර්යෙන්ම නරඹනවා.

      Delete
  22. මමත් ආසම ක්‍රීඩකයෙක්. හරිම අවංකයි. කීපර්ට කැච් එකක් එහෙම ගියොත් තත්පරයෙන් ඉවත් වෙනව...කීපර් දිහා බලන්නේවත් නෑ...අම්පෙයාර් දිහා බලන්නෙත් නෑ. ටයිමින් තිතට තියෙනව...බැට් එක ඇදල ගහන්නෙ..ඒකයි ස්ලෝබෝල වලට අහුවෙන්නෙ.

    උඹ ඉන්දියන් මැච් එක බැලුවද..? එදා සුපුරුදු...පඬි ඉන්දියානුවන්ගෙ ගති එලි දැක්වුනා. සමහර පකිස්ථාන ක්‍රීඩකයින් අවුට් වෙනකොට කෝලි ගෙ මෝල් ගති..කැමරාවලින් නැවත,නැවත පෙන්නුවා. කවදාවත් දෝනි එහෙම කරනව මම දැකල නැහැ.කෝලි නායකයත්වයට සුදුසු නැහැ.

    අෆ්‍රිඩි කවදවත් අනෙක් ක්‍රීඩකයන්ට අපහාස කරනව දැකල නැහැ අම්බානක පාර කනකොට කේන්ති ගියාට. ක්‍රීඩකයෙක් අවුට් කරගත්තම තනිවමයි සතු‍ටු වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. වීයාගෙ අදහස් එක්ක මමත් එකගයි. කවදාවත් ක්‍රිකට් පිටිය තුලදි අෆ්රීඩි ලෙඩක් දාගෙන නෑ කියලයි මට මතක. කෝලිව ඉතින් අපේ ක්‍රීඩා ලෝලීන් බහුතරයකට දිරවන්නෙ නෑ නොවැ...කොහොමත් ක්‍රීඩාවට ලොක්කො තමන් වගේ...අමුතුම හීනමානයක් ගොඩාක් ඉන්දියානුවන්ට තියෙනවා....

      Delete
    2. ara misbha wagemai neda ban... kalakanni hora...

      Delete
  23. අපේ රට ලෝකෙට විවෘත යවන්නෙ මේ වගේ දේවල් වලින් ඉතිං ඒ ගැන සතුටු නොවි ඉන්නෙ කොහොමද?

    ReplyDelete
  24. කාලෙකට පස්සේ බ්ලොග් එකක ක්‍රිකට් ගැන පෝස්ට් එකක් කියෙව්වේ.

    ReplyDelete
  25. පහුගිය කාලෙනෙම් ක්‍රිකට් වලින් ටිකක් ඈත් වෙලාම හිටියේ.. ඒත් ඊයේනම් ෆයිනල් බැළුවා නිවාඩුවකුත් දාලාම.. අෆ්‍රිඩී ගැනනම් මගේ හිතේ ඒ තරම්ම හොදක්වත් නරකක්වත් නෑනේ ඉතින් කියන්න කියලා..

    ReplyDelete
  26. බොක්කටම වැදුන පොස්ටුවක් ක්‍රිකට් කියන්නේ මගේ ජීවන ගමනේ තවත් පැත්තක් නෙව කුලයා ජාතික තලයට ගියා ආඩම්බරයි මාත් අපේ ඇවිද්දපය ලියන සූදීකත් බ්ලොග් වලදි පමනක් නොවෙයි ක්‍රිකට් පිටියේදි ක්‍රිඩකයන් විදිහට හමුවීමත් හරී අපූරුයි ඒ ඔහු ඔහුගේ බැංකුව නියොජනය කරමින් සහ මා මාගේ බැංකුව නියොජනය කරමින් ජනසතුසේවා කුසලානයට තරඟ කරන අවස්තාවල ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩකයන් හැමෝටම කැමති වුවත් මාත් කැමතිම ක්‍රිඩකයන් කිහිපදෙනෙක් සිටිනවා කලුවා සංගා මහියා කුලේ ඒ අතර විශේෂයි දැන් දැන් කුසල් ජනිත් ඒ අතරට එක්වෙමින් සිටිනවා යකෝ ඇහැට කඳුලක් ඉනුවා බං..!!!

    ReplyDelete
  27. ආඩෝ මැච් එකක් ගහන දවසට කථා කරපන්කෝ...

    ReplyDelete
  28. අපේ සනත් ජයසූරිය වගේ ඩයල් එකක් තමා ඔය අෆ්‍රිඩිත්.. ඒ කාලේ බුවාගේ බැටින් බලන්ඩත් ආසයි.

    ReplyDelete
  29. මතකද සිරා ගිය ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ අපේ ක්‍රිකට් ඇල්ම අන්තිමේටම ගිහින් තිබුණේ.ඕකට පරිපාලනේ අයත් වග කියන්න ඕනේ.කොහොම වුනත් ක්‍රිකට් වලට තියෙන කැමැත්ත නැති වෙන්නේ නැති එකනේ වැඩේ.මම හිතන්නේ ඕක අපේ ජාන එක්ක බැදිලා තියෙන දෙයක්ද කොහේද?

    ReplyDelete
  30. මං කිකට් වලට කැමති නැ ඒ හිංද බලන්නෙත් නැ... බලන්නැති හංද අදහසක් කියන්න තොරතුරක් දන්නෙත් නෑ... සොලි වෙන්න ඕනෙ......... ආපුපළවෙනි දවසෙම මේම ලීවට...
    ආයෙ එන්න රොලට දාගත්ත ඒ හිංද ඊලග ලිපියට හොද කොමෙන්ටුවක් අතාරින්නං...


    අවන්හල

    ReplyDelete
    Replies
    1. uba kamathi net ball walatada ???

      Delete
  31. බන් සිරෝ මම අහලා තිබුනේ ඔය බුලට් එක හෙන අවුල් පොර කියලා. මිනිහට බයේ ටීම් එකම ඉන්නේ කියලා දන්නේ.

    ReplyDelete
  32. මටනම් අෆ්‍රිඩි කියන්නෙ පේන්න බැරි එකෙක්.හැබැයි ඉතින් මිනිහා ඇත්තටම දක්ෂ‍යෙක්.

    ReplyDelete
  33. මොනව වුනත් එදා මැච් එක තමයි මැච් එක අෆ්ෆා..හුග දවසකින් ගැම්මක් ආව ක්‍රිකට් ගැන..

    ReplyDelete
  34. ගෙදර ආවාට පස්සේ කම්මැලිකමටත් එක්ක මැච් 2 බැලුවා..කලින් ටිකනම් බලන්න බැරිවුනා..අපේ අයගේ දැන් ටීම් වර්ක් හොඳට තියෙනවා වගේ.....

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...