Tuesday, November 11, 2014

65 සිරාගේ ඉංග්‍රීසි සෑර්

සිරා කොලුවා ඇතුලු උගේ මිත්තර නඩය උ/පෙ ලියා අවසන් කල කාල වකවානුව වන විට කඩ්ඩ පොලිෂ් වී තිබුනේ මඳ වශයෙනි. අනාගතයේ එල්ලවිය හැකි අභියෝග මෙන්ම, කිච වීම්, සාටර් වීම්, කොළඹ නංගිලා ඉදිරියේ ගොළු වීම් ආදී ගැටලු නිමක් නොමැති විය හැකි යැයි අපේ අක්මා වලට වේලාසනම දැනුන හෙයින් පාසල් ගමන අවසන් වන කල්හි අපි ඉංග්‍රීසි පන්ති ගාටන්නට පටන් ගත්තෙමු.

අදින් දශකයකටත් එහා කාල වකවානුවක් වුවද වර්තමානයේ මෙන්ම අකුලක් අකුලක් පාසා ඉංග්‍රීසි පන්ති හතු පිපෙන්නා මෙන් බිහි වී තිබූ වටපිටාවක ඉංග්‍රීසි කථන හැකියාව ලබාගත හැකි හොඳ පන්තියක් සෙවීම අපගේ ඒකායන පැතුම විය.

මේ අතර තුර පන්සලේ කථාවෙන් ඔබට සම්මුඛ වූ වනිගයාගේ වැඩිමල් සොයුරිය අපට දුන්නේ කදිම ඔත්තුවකි.

මල්ලි ඔයාලා ඉංග්‍රීසි පන්තියක් නම් හොයන්නෙ හොඳ සෑර් කෙනෙක් ඉන්නවා. ගෙදරමයි උගන්වන්නෙ...ගිහිල්ලා බලලා එන්න. මගේ යාලුවෙක් විස්තරේ දුන්නෙ. එයා ලන්ඩන් වල ඉන්නෙ.

අක්කාගේ ඔත්තුවෙන් ඔද වැඩී ගිය වනිගයා මෙන්ම පන්සල් හන්දියේ පුෂ්පෙ කොලුවාද ඒ සති අන්තයේ සෑර් හමුවීමට ගොස් අපගේ අවශ්‍යතාව සැළ කලෙන් ඊලග සතියේ සිට ඉරිදා සවස 2 කණිසමේ සිට අප වෙනුවෙන් අපේ කියා හෝරා දෙකක් වෙන් විය.

මේ කියන සෑර් පන්ති කරන්නේ පුද්ගලික කණ්ඩායම් වශයෙනි. ඒ අනුව මමත් වනිගයාත්, පුෂ්පෙ කොලුවාත් දැන් පන්ති යන්නට සූජානමෙනි. සෑර්ගේ නිවසේ පන්ති පවත්වන්නට වෙනම ස්ථානයක් උඩුමහලක් ආකාරයෙන් තනා තිබේ. එහි සිට පන්ති පවත්වන විට නිවැසියන්ගෙන් කිසිම බාධාවක් නැත. වෙනත් සිසුන් නොමැති නිසා අපට ඉතා නිදහසේ අපගේ කාර්යය කරගත හැකි වීම ඉතාම වටිනා සාධකයක් බව අපට පන්තියට සහභාගි වූ පළමු දිනයේම වැටහී අන්ඩස්ටෑන්ඩ් විය.

පෙම්වතිය ඉදිරියේ හද්දා ලෙස කිච වූ නගා කොලුවා මේ පන්තියට ආවේ මාස දෙක තුනක් ගිය පසු බැව් මට මතකය.

සෑර්ට ලස්සන දුවලා ඉන්නවා යැයි ගං කෙබරයක් අත ඇර මේකා පන්ති ගෙන්වාගත් අප ඒකා පන්තියට පැමිණ තරුණ යුවතියන් පිළිබඳ විමසන කල සෑර්ගේ කුඩා දූ වරුන් දෙදෙනා පෙන්වීමු.

පළමු මාස 6 ක පමණ කාලය තුල අප සියල්ලෝ සැළකියු යුතු තරමේ දියුණුවක් ලැබුවෙමු. හෝරාවක පමණ කාලයක් කථනය වෙනුවෙනුත්, ඉංග්‍රීසි ව්‍යාකරණ වෙනුවෙන් තවත් හෝරාවකුත් ලෙස දෙහෝරාව දෙකට පලා තිබුනි.

මාසය අන්තිමට තමන්ගේ ගාස්තුව අය කරගන්නා සෑර් පුෂ්පෙ කොලුවාගේ පොතේ අන්තිම පිටුවේ ඒ වගට අත්සනක් තබයි.

අපේ ඉංග්‍රීසි සෑර් ක්‍රිස්තියානි භක්තිකයෙකි. ඔයින් මෙයින් ඒ වසරේ නත්තලද උදා වී තිබුනි. උපන්ගෙයි බඩජාරියෙක් වන වනිගයා එක් දිනක් පන්තිය නිම වන අවස්ථාවේ ඇඟට පතට නොදැනී සෑර්ගෙන් විමසා සිටියේ අපට නත්තල් නැතිද යනුවෙනි.



කවුද Liquor ගන්නෙ...සෑර් අපෙන් අසයි. අරක්කු බොන කිසිවෙකු නැත.

කවුද බියර් බොන්නෙ. ගුරු භක්තිය හා මුසුවුන මානසික අවපීඩන තත්වයකින් සිටින නිසාදේ එකෙකුවත් බියර් බොන්නේද නැත.

අයියෝ අයිසෙ...මොනවත් බොන්නෙ නැත්තං මොනවද මම පාටියට දෙන්නෙ ? සෑර් වනිගයාගෙන් අසයි.

බේබදු නගා උගේ වාචාල කට ඇරියේය.

අරක්කු ටිකක් නම් අවුලකුත් නෑ.....නේද බං පුෂ්පෙ......(කකුල පා ගමින්...හා කියපියකො...දෙකක් නමාගන්න තියෙන චෑන්ස් එක යකෝ..)

ආ...ඔව් ඔව් සෑර්....අරක්කු ටිකක් නම් අවුලක් නෑ....පුෂ්පයාගේ කටටද පණ එයි.

ටිකක් කිව්වෙ කාලෙ බෝතලයක් 4 දෙනාටම ඇතිද...අනිත් උන් දෙන්නත් බොනවද ? සෑර්ගේ මුහුණේ මන්දස්මිතියක් ඇඳී තිබේ.

මූණු ටික බැලුවම පේනවා බේබද්දො කියලා...හරි හරි...නගිනවලකො වාහනේට...මම එන්නම් කාමරේට ගිහින්.

මිදුලේ තිබූ සෑර්ගේ කොළ පැහැති මැස්ඩා බොංගෝ කොට මොඩලයට නැගුන අප ගම්පහ තානායමේ නතර විය.

තූර්ය වාදක ඛණ්ඩයේ සිටි  කාලයේ නාන ලිං අස්සේ...තාප්ප මුල්ලේ...මදුරුවන් තලමින් බයිසන් ෂැන්ඩියට බිත්තර ආප්ප වාටියක් කමින් ගල් අරක්කු ගිල දැමූ සිරා කොලුවා දැන්  ප්‍රථම වරට මහත්තයෙක් මෙන් රහමෙර බොන්නට යන බවක් දැනී මගේ චිත්ත සන්තානය හිරිවැටී ඔකඳ වී ගොසිනි. මෙවැනි තැනක බොන්නට රැකියා නොකරන අපට මුදල් තිබුනේ නැත. පල්ලෙහා දෙකේ සිට සියල්ල අතගා අමාරුවෙන් හොයාගන්නා රුපියල් දහය පහළව වියදම් කර ගල් බෝතලයකට එහා දෙයක් ගන්නට එකල අපට හැකියාවක් තිබුනේද නැත. අවසානයේ බෝතලය මිළදී ගන්නා විට..එයට දායක වූ පිරිස 10 කට වැඩිය. බෝතලය හිස් වන විට පිරිස වැඩි නිසා කිසිවෙකුට කික් එකක්ද නැත.

සෑර් නත්තල් සීතල කැපෙන්නටදෝ හොඳවායින් බ්‍රැන්ඩියක් ඇණවුම් කලේය.

මොනවද බයිට් එකට ගන්නේ...ෆ්‍රයිඩ් චිකන් ගන්නද ? සෑර් අපෙන් අසයි.

මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හන්දා යැයි අපට සිතුන නිසා අපි නිහඬවම සිටියෙමු. සෑර් ඔහුට හිතෙනා ලෙසට ඇණවුම් කල බයිට් වර්ග කීපයකින් අප අසුන් ගෙන සිටින රවුම් වීදුරු මේසය වැසී ගියේය.

මගේ මිතුරන් හැම දෙනාටම අමාරුවෙන් අරක්කු උගුරක් තොල ගෑ අතීත මතකය අලුත් වන්නට ඇත. මෙවැනි ස්ථානයක, මෙවැනි මිළ අධික මත්පැනකින් සන්තර්පණය වන්නට යන මේ ආනන්දජනක අවස්ථාවේ සියල්ලෝම සතුටිනි.

සාදය අවසානයේ අපට නිවෙස් දක්වාම ප්‍රවාහන පහසුකම් සැපයීමටද අපගේ ඉංග්‍රීසි සෑර් උත්සුක විය. එ් හේතුවෙන් අතුරු ආන්තරාවකින් තොරව නිවෙස් බලා යන්නට අපට හැකි විය.

මට හැමදාමත් කියන්නට නොහැකිය. කාලය ගත වන්නේ ටික් ටික් හඬිනි. අපගේ ඉංග්‍රීසි පන්තිය, ගුරුවරයා මෙන්ම ඉංග්‍රීසි වචනද දැන් අපට බොහෝ හුරු පුරුදුය. මගේ මතකය අනුව ඒ මාසයේ අවසන් ඉරිදාවයි. හෝරා දෙකක කාලය ගත වී අප නිවෙස් බලා යන්නට සූජානමෙනි. අපගේ ගාස්තුව ගෙවා සෑර්ගේ අත්සන ලබා ගැනීමට පුෂ්පෙ කොලුවා වෙහෙසෙයි..

ගෙදර ගිහිල්ලා මොකද කරන්නෙ අද....සෑර් විමසයි...

මට වහලෙ උළු වගයක් හදන්න තියෙනවා උඩ නැගලා...පුෂ්පයා පවසයි.

මට අක්කා එක්ක එයාගෙ ගවුමක් මහන්න දීපු එකක් ගේන්න යන්න තියෙනවා...වනිගයාද සවස් වරුවේ කාර්ය බහුලය.

එතකොට ඔය දෙන්නා...සෑර්ගේ යුග දෙනෙත මටත් නගාටත් සම්මුඛ වෙයි.

අපිට නම් මොකුත් නෑ නේද බං...නගා කෝල සිනාවක් සභාවට එකතු කරයි...

එහෙනං ඔය දෙන්නා යන්න.  මම මේ බැලුවෙ අද පන්ති ඉවරවෙලා ඩ්‍රින්ක් එකක් ගන්න කියලා...ඊලගට තියෙන පන්තිය අද කැන්සල්.

ආ....නේ එහෙම කියන්න එපායැ සෑර්....වහළෙ කවදා හදාගන්න බැරිද...මොකද මේ දවස් වල වහින එකක් කියලයැ...පුෂ්පයාගේ මුවෙන් කෝපි මල් පාටට සිනා පොකුරක් පිට පනියි.

අක්කගෙ ගවුම මම හිතන්නෙ හෙට ගත්තත් ඇති...කමක් නෑ සෑර්...ඒක අවුලක් නෑ...වනිගයාද තම කපටි මොළය වෙහෙසවා ඇති සෙයකි.

මේ කියන දවසේ අපගේ නවාතැන වූයේ රුවන්වැල්ල ප්‍රදේශයේ රබර් වත්තකි. ගම්පහ නගරයේ නැති අමුතුම සිසිලත්...රබර් වතු යායේ දර්ශනයත්  නෙතට එක් කලේ කදිම මිහිරකි. සෑර්ගේ බොංගෝ කොටයට එකල රුපියල් 200 ක ඩීසල් ගැසූ පසු ඒකා දුවන්නේ ඩීසල් සුවඳටය. ඒ නිසා මේ ආකාරයේ ගමන් බිමන් වලින් අනාගතයේදී අපට කිසි අඩුපාඩුවක් නොවීය.

මුලදී මාසයකට වතාවක් සෑර්ගෙන් මධු බඳුනක් හිස් කරන්නට ඇරයුම් ලැබුනි. තවත් කල් යත්ම එය සති දෙකකට වතාවක් බවට සංශෝධනය විය. තවත් මඳ කාලයක් ඇවෑමෙන් සතියක් පාසා සෑර්ගේ කරුණාබර අනුග්‍රහයෙන් අරක්කු සුට්ටක් තොල ගා ගෙදර යන්නට අපට අවකාශය එලැඹුනි. මේ මහානර්ඝ අවස්ථාව පැහැර හරින්නට එකෙකුවත් සූජානම් වූයේ නැත. මේ කාලය වන විට සෑර් අපගෙන් පන්ති කිරීම වෙනුවෙන් මුදල් අයකලේද නැත. ඔහුගේ පවුලේ සමීපතම ඥාතීන් තරමට අප හතර දෙනා පත්ව තිබීමත් එයට හේතුවක් වන්නට ඇත.

තවත් මාස දෙක තුනක් යන විට ඉංග්‍රීසි පන්තිය පැවැත්වුනේම නැත. අප එනතුරු සෑර් මග බලා සිටින්නේ බොන්න යන්නටය. ඒ වෙනුවෙන් ඔහුගේ වාහනය සූජානම්ය. අපට තිබෙන්නේ පන්තිය දෙස නොබලා වාහනයට ගොඩ වීම පමණි.

ඒ කාලයේ සෑර් අතිරේක පන්ති මගින් සැළකිය යුතු ආදායමක් ඉපයූ කෙනෙකි. ඔහුගේ කාලසටහනේ කොතැනකවත් අලුතින් පන්තියක් ආරම්භ කිරීමට ඉඩක් තිබුනේ නැත.  අපගේ කාල සීමාව අවසන් වන විට ඊලගට නියමිත පන්තිය ඇතැම් විටෙක වෙනත් නිවෙසක පැවැත්වෙන එකකි. සෑර්ගේ ප්‍රමාදය දෙස බලා සිට ගෙහිමියෝ සෑර්ගේ ජංගම දුරබණුවට අමතති.

සෑර් අද පන්තියට එන්නේ නැද්ද...?

ආ...සොරි මිසිස් නාකන්දල....මම මේ අපේ ඥාතියෙකුගේ මළ ගෙදරකට ආවා හදිසියේම...පුතාට කියන්න අපි ලබන සතියෙ පැයක් වැඩිපුර කරමු කියලා....

සෑර් සැබෑ ලෙස සිටින්නේ අප සමග රුවන්වැල්ලේ රබර් ඉඩමේ පහලින් ගලායන කුඩා දිය පහරක් අසළය. ඔහු අරින මුචලින්ද තරමේ නාගයන් දෙස අපි දෑස් අයා බලා සිටින්නෙමු. බෝතලය කෙමෙන් කෙමෙන් පල්ලම් බසී. හැමදාම මෙන් අදත් ඉස්සෙල්ලාම වැනෙන්නේ නගාය.

ඒකාට මධුවිත ශරීරය හා  මුසු වන විට ගාය වැඩිවෙයි. එක තැනක ඉන්නට බැරිය. නගා හදිසියේ මා තල්ලු කලේ අසල වූ කුඩා දිය පහර වෙතය. ඒ අවසරයෙන් මගේ හඩු ඩෙනිම් කලිසම තෙත බරිත වූවේය.

කලිසම වේලාගෙන මිසක නැවත ගෙදර යන්නට නම් බැරිය. බෝතලය හිස් වූ පසු සෑර් කීවේ මට වෑන් රථයේ ඉදිරියට ගොඩවෙන ලෙසය. ඔහු වායු සමීකරණ යන්ත්‍රයෙන් සීතල වෙනුවට රස්නය ඇති කලේය. වීදුරු සියල්ල වසා දමා ගිණි ගින්දරේ රථය ධාවනය වෙයි. ඉදිරි අසුනේ සිටින සිරාගේ ඉහින් කනින් දාඩිය පිට වෙයි. ඒ ක්‍රමයෙන් යම් තරමකට ඩෙනිම වේලා ජාමෙ බේරා ගන්නට එදා මට හැකි විය.

මේ ආකාරයෙන් අපගේ ඉංග්‍රීසි සෑර් අප එතෙක් නොදැක තිබූ ලොවක් වෙත අප කෙමෙන් කෙමෙන් රැගෙන ගියේය. සතියකට වරක් ඔහුගේ වියදමෙන් ලග නමාගත්තා හැරෙන්නට වෙනත් වරදක් අප අතින් සිදු වූයේ නැත.

සෑර් සහ අප හතර දෙනා අතර සබඳතාව ශක්තිමත්ව වැඩෙද්දී අපි අපිට ඇති වූයේ අමුතුම ගැටලුවකි.

ඇයි බන් සෑර් මේ විදියට අපිට වියදම් කරන්නෙ. සෑර් කොලු කාරයෙක්ද දන්නෙත් නෑ.  උඹ පරිස්සම් වෙයං නගෝ... 

එතෙක් කල් අප හද පතුලේ බුර බුරා නැගුන ප්‍රශ්නයක් කාගේ හෝ ශ්‍රී මුඛයෙන් පිටවී අවසානය. ඉන් අනතුරුව සිදු වූයේ කුමක්ද...සෑර් යනු එවැනි චරිතයක්ද...නගාගේ පතිවත කෙලෙසුනේද ? රැදෙන්න...සිරාගේ කාමරය සමග...


මම කාමරේ අරින සිරා කොලුවා.


65 comments:

  1. මෙගා එකක් වගේ නේ. හි හි.
    එල එල

    ReplyDelete
    Replies
    1. පික්සු කථා කරන්න එපා බොලං...මට ඔය මෙගා ලියලා පුරුදු නෑ...

      Delete
  2. අනේ මචෝ.. කොටස් වලට කඩලා ලියන කතාවක් නම් පුලුවන් නම් 'සිරාගේ ඉංග්‍රීසි සෑර් - 1 කොටස' වගේ හෙඩිමක් දාපන්. එතකොට ඔක්කොම ඉවරවෙනකන් ඉදලා එකපාරට කියවන්න පුලුවන්. නැත්තන් කෑලි මිස් වෙනවා බං

    ReplyDelete
    Replies
    1. මම එහෙම කොරන්නං රත්තරනේ...උඹලගෙ පහසුව තමයි මගේ පැතුම...අපිට ජය වේවා !

      Delete
  3. මේ මාවනැල්ල කියන තැන මට හිතෙන්නේ නිට්ටඹුවෙන් අවිස්සාවේල්ල පාරේ යත්දී ගෝනගල්දෙණිය ට කලින් හමු වෙන රබර් වත්ත සහ නාන තොට වෙන්න ඕනේ.
    ඔය සර් අන්කල් කෙනෙක් කාලයක් හිටියා අපේ ගෙවල් ළඟ.

    ReplyDelete
    Replies
    1. නැහැ සුදීක මාවනැල්ල තියෙන්නේ කොළඹ - නුවර පාරේ. කෑගල්ල පහුකලාම හම්බවෙන ඊළඟ ප්‍රධාන නගරය.

      Delete
    2. මෙයාල ගම්පහ ඉදන් බොන්න මාවනැල්ලට ගියානම් අපරාදෙ. මම හිතන්නෙ සුධීක කියන පාරෙ රුවන්වැල්ල හරියට ගිහින් තියෙන්නෙ අපේ සිරා මගදිම බීල යන්න ඇති.

      Delete
    3. සමාවන්ට...මට පොඩි පැටලීමක් වෙලා මාවනැල්ල සහ රුවන් වැල්ල පැටලිලා...නිවැරදි ස්ථානය රුවන් වැල්ල විය යුතුය. ලිපිය තුල එය නිවැරදි කලා ඔන්න.

      Delete
  4. මට හිතුනා තොපිට කන්න බොන්න දීලා ආතල් දෙද්දී....

    එක්කෝ සර්ට ඉංගිරිසි උගන්වන්න බැරි නිසා ආතල් දෙනවා..
    නැට්ටං කොලු කාරයෙක් නිසා වැඩේට සැරසෙනවා..

    ReplyDelete
    Replies
    1. උඹ එහෙමද හිතන්නෙ...බලගෙන ඉඳිංකො ඊලග කොටස එනකං....එතකොට බොලාගෙ කථාව හරිද වැරදිද කියලා දැනගත හැකියි.

      Delete
  5. මන්දස්තිති.. ඒවා මොනාද බං..

    අපෙත් සෑර් කෙනෙක් හිටියා ගණං ක්ලාස් එකේ.. මිනිහගෙත් ගෙදර වැඩ ඔක්කෝම අපි කරනවා. අපි පනිති යන්න ඕන 6.30 ගෘෘප් එකට. ඒත් යන්නෙ හතට විතර. ඉතිං එළවනවා. එතකොට අපි ගේට්ටුව ගාවට වෙලා සද්දෙට කතා කර කර ඉන්නවා. මල වදේ තමුසෙලා කියල ආයි ගන්නවා. මොන ඉතිං විනාඩි පහලොළවක් විතර තමා ක්ලාස් එක. ඇයි බං හතහමාරට ඉවරයි නේ. ඒත් අපි යන්නෑ ගේට්ටුව ගාව තවත් කයිය. ඔන්න ඔය වෙලාවට සර් යනවා පොඩි අඩියක් ගහන්න පයින්ම.. එනවා යන්න කියල අපිටත් අඩගහනවා සමහර දවසට. එදාට පොර බෝතලයක් අරන් කාලක් විතර අමුවෙන්ම ගහල ඉතිරි ටික අපිට දීල පයින්ම ගෙදර යනවා. සෑර්ගේ ඇන්ටනාව හදන්න, ලයිට් හදන්න වගේ වැඩ ඉතිං අපිට තමා කියන්නේ. හැක්..

    දවසක් සෑර්ට තෑග්ගක් ලැබිලා.. විස්කි එකක්. එදා ටීවි වයර් එක මීයෝ කාපු දවසක්. මායි තව එකෙක්තුයි තමා ඒක හදන්න ගියේ. පැය බාගයක් විතර දගගල ඒක හදන කොට රෑ අට විතර ඇති. සෑර් සුපුරුදු චර්යාවට අද නොයන පාටක් නිසා අපිත් ටිකක් හෙමින් වැඩ කරා. මෙන්න බොලේ වැඩේ ඉවර වෙලා අඩගහනවා කාමරේට. හප්පේ කවදාවත් දැකල නැති ලස්සන බෝතලයක් දිලිසෙනවා. බයිට් මොනවදත් හදලා. තමුසෙලා බොනවද මේ හොද විෂ්කි එකක්. මොන කතාද කකුල් හතරෙන් එන ගානටම බිව්වා. අපේ සෑර්ට කාල තමා ක්‍රියා කරන්නේ. ඊට වැඩි උනාම කුනුහරුප කියනවා ගෑනිට බනිනවා. එදාත් ඒ වැඩේ උනා. පස්සේ අපි එළියට බැස්සම සෑර්ගේ නෝනා කිව්වා ආයි සර් එක්ක ගෙදරදි බොන්න හිතන්නවත් එපා කියලා. පව් නේ එයාට ලැජ්ජ ඇති. සෑරුත් අමුතු බුවා නේ.. බැන්දේ ගෝලයෙක්. සර්ට වැඩිය සෑහෙන්න බාලයි. ඒ කාලේ හැටියට මට වැඩිය ඒ දැරිවි අවුරුදු හතක් අටක් වැඩිමල් ඇති ඕන නං.. පව්නේ..

    අපි බලමු බොලාගේ ඉංගිරිසි සෑර් මොකාටද එන්නේ කියල. උඹ ඒ කාලෙත් ටිකක් හරි සුදුයිද පැටියෝ..?

    ReplyDelete
    Replies
    1. ඒ දැරිවි බයවෙන්ට ඇති සෑර් හරහ වැටෙනකං ඉඳලා ගෝලයො වයර් කාපු මීයොත් අරං කාඹරේට එයි කියලා...:P

      Delete
    2. //සෑර්ගේ ඇන්ටනාව හදන්න//
      ඒක එච්චරම සවුත්තුද බං.

      Delete
    3. ස්තුතියි බොල දේශකයො...මම මන්දස්මිතිය කොලා ඔන්න. දන්නෙ නැද්ද මේවා ඉතිං කලබලේට ලියන ඒවා නොවැ.

      මට එච්චර ඇල්ලුවෙ නෑ සෑර් බෝතලේ කඩන්න කියලා කාමරේ ඇතුලට අරගෙන ගිය කථාව.....මොකවත් අතවරයක් එහෙම උනේ නෑ නේද...

      සෑර්ගෙ ඇන්ටනාව නිතර නිතර කැඩෙන්න ගත්තෙ නැද්ද ඉතිං....

      Delete
  6. හිහි ඉතුරු ටික එන කං මට නං කියන්න දෙයක් නෑ...
    ඔය මාවනැල්ල ය කීවෙ අර සුදික අය්ය කියල තියෙන මාවනැල්ලද සිරා අය්යෙ....

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මාවනැල්ල කියලා වැරදිලා ලියවිලා තිබුනෙ...නියම තැන රුවන්වැල්ල....ඊලග කොටහත් බලලම එහෙනං මොකුත් කියමුකො බලන්න....

      Delete
  7. මටත් ටිකක් ඩෝප් වගේ :D
    මං හිතුවෙ අහවරයි කියලා. බැලුවම චිත්‍රකතා වගේ...ලබන සතියට.
    //සෑර්ගේ මුහුණේ මන්දස්තිතියක් ඇඳී තිබේ.// මන්දස්මිතයක් නොවේද?

    ReplyDelete
    Replies
    1. මන්දස්මිතියක් තමයි...අනිත් වචනය වැරදීමක්...එය නිවැරදි කලා....ස්තූතියි ඒ ගැන විමසුවාට...

      අපේ ඉංග්‍රීසි සෑර් එක්ක අපි කොරාපු වැඩ ගැන කියලා වැඩක් නෑ...බොට කියන්න අවුරුද්දක් උනත් ලියන්න දේ තියෙනවා.

      Delete
  8. ඔන්න සර්ල.
    ඉතිං සිරා ඇතුලු නඩය දෙකක් නමාගත්තට පස්සෙ සුද්දන්ට දුවන්න ඉංග්‍රීසියෙන් දෙන්න ඇති නේද?

    //බයිසන් ෂැන්ඩියට බිත්තර ආප්ප වාටියක් කමින් ගල් අරක්කු ගිල දැමූ// අන්න ඒව තමයි නියම බීමවල් කියන්නෙ. ඔය පොෂ් තැංවලට වෙලා ප්‍රයිඩ් චිකන් කකා බ්‍රැන්ඩි බොනවට වැඩිය.

    ReplyDelete
    Replies
    1. අපිට ඊට පස්සෙ පන්තියක් තිබුනෙ නෑනෙ...පන්ති ගියාට පන්තිය කලේම නෑනෙ...ඒ නිසා සෑර් නීතියක් දැම්මා...බොන වෙලාවට සිංහලෙන් කථා කිරීම තහනම් කරලා...බෝතලේ හිස් කරන අතරෙ තමයි ඉංග්‍රීසි පාඩම ගියේ...යම් වරදක් තිබුනොත් සෑර් ඒවා ඒ තැන් වලම නිවැරදි කොලා.

      අපි ඉස්සට ගල් වලට ෂැන්ඩි කලේම බයිසන් බියර් එක...එක බෝතලේට අම්බානක සැට් එක හිටිය නිසා...ෂැන්ඩියෙනුත් ටිකක් වද්දගන්නයි අපිට උවමනා උනේ...අද හිතෙනවා මේක සෞඛ්‍ය පැත්තෙන් බැලුවාම අන්තිම නරකයි කියලා...

      Delete
  9. සෑර් කෙනෙක් එක්ක බොන එක පට්ට අතල්නේද බං? ඊටත් වඩා ඉංග්‍රිසි සර් කෙනෙක් එක්ක මොකද අර අරක්කු ඡාතියක් තියෙන්නේ බිපු ගමන් ඉංගිරිසියෙන් කතා කරන්න පටන් ගන්න..
    අපේ සමහර යාලුවෝ දෙකක් දාපු ගමන් කඩ්ඩෙන් කොටන්නේ පටන් ගන්නේ මොකද කියලා තේරැනේ දැන් ඒ කියන්නේ උන් බිලා පංති ගිය වුන්

    ReplyDelete
    Replies
    1. අපිට නම් නීතියක් පනවලාම තිබුනා බොන්න ගියාම එතැන ඉංග්‍රීසියෙන් සියලු කථා බහ කලයුතුයි කියලා. මොකද ඊට පස්සෙ අපිට පන්ති කාමර අධ්‍යාපනයක් තිබුනෙ නෑනෙ....සෑරුත් සල්ලි ගත්තෙ නෑනෙ උගන්වන්න කියලා.

      Delete
  10. සිරාටත් සෙට් වෙලා තියෙන්නේ මරු සර්ලා

    ReplyDelete
    Replies
    1. සෑර්ගෙ වැඩ කිඩ තව ඉදිරියට....

      Delete
  11. විශ්මිත 'ගල් වඩුවාණනි' ඔබ හට අප ණයගැති නොවේදෝ.............

    මීට ගෝල පිරිස.

    ReplyDelete
    Replies
    1. වඩුවා ගල් වඩුවෙක්ද කියලා ඊලග කොටහෙන් කියවමු විචාරක තුමා.....

      Delete
  12. අපිත් බැලුව මේ හොදට හිටපු කෙනා බොන්න පුරුදු උනේ මොකද කියල. Bongo එක විකුනල දානකම් පොරගෙන් බිවුව නේද ?
    ආවහම බය නැතිව බෝතලයක් ගහමු. මම ඉන්නවනෙ ආරස්සාවට.

    ReplyDelete
    Replies
    1. කම්මල අයියා ඉතිං මේ කියන චරිතය දන්නවා නොවැ...ඒක තමයි අපිට බොන්නම දීලා බංකොලොත් වෙච්ච බවත්...ඒ නිසා වෑන් රථය වික්ක බවත් තමයි අපිට පස්සෙ දවසක කිව්වෙ.
      බෝතල් 1ට දෙකක් ගහමු...

      Delete
  13. සිරි මචං පටන්ගත්ත හරියෙදි ම මටත් ඔය සැකය ම ආවා... බලමු බලමු............ ෂුවර් නගා අනාථ වෙන්න ඇති..........

    ReplyDelete
    Replies
    1. නගාගෙ පතිවත කෙලෙසුනාද කියලා ඊලග කොටසින් බලමු ගොයියො..

      Delete
  14. අයියෝ ඔන්න ඉතින් ආයෙත් කුතුහලේ අක්මාවට දනවලා කතාව කොටස් කැඩුව. :(

    ReplyDelete
    Replies
    1. එහෙම නොකලා නම් උඹලම තමයි බනින්නෙ මේක දිග වැඩියි පස්සෙ එන්නම් කියලා...

      Delete
  15. හහා...මරු ගෝලයෝ ටික! මාසෙකට සැරයක් බෙබෙ වෙච්ච සෑර්ව සතිපතා බෝතලේට යටකළා එහෙනම් සිරා..:P

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවද...අපේ උනුත් ඉතිං දවස ගානෙ උනත් බොන්න දෙනවා නම් හා කියන උන්දැලා...ඉතිං සෑර්ට අපිට බොන්න දීලම වෙච්ච දෙයක් මම ඉදිරියට කියන්නම්...ඒක නෙමෙයි ගොයියො...බොලාගෙ නම වනය මැද තරුවක් කියලා දාගත්තොත් නරකද...හැක් හැක්...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. හැක් හැක්...නෑ මේ කට කහනවට කියපු කථාවක්...

      Delete
  16. අනිවාර්යෙන්ම මත් උනාට පස්සේ අර සෑර් කාරයා අරූගේ පු* පලන්න ඇති.. හික්ස් :)
    ඉතුරු කොටසත් බලාම ඉම්මු

    ReplyDelete
    Replies
    1. හප්පේ උඹව දැක්ක කල්...අපි බලමුකො පු- පැලුනෙ කාගෙද කියලා...හැක් හැක්....

      Delete
  17. ගල් අරක්කු, රා, කසිප්පු, ගංජා, වයිට් ඩයමන්ඩ්, ෆ්‍රන්ක්ල්න්, ඔල්ඩ් කෙග්, ඔල්ඩ් මන්ක්, බ්ලැක් ඩෝග්, රෙඩ් ලේබල්, වැට් 69......... ආ මග දකිද්දි හිතෙනවා මොන අපරාදද යකෝ ඒ දවස්වලකලේ කියලා.

    2003-2006 මාසෙට රු 15000ක විතර පඩියකුත් ලැබිලත් කොම්පියුටර් ගන්න ලොකු අම්මගෙන් සල්ලි ඉල්ලගන්න ඇත්තෙ කාලකන්නිකමටමයි.

    ReplyDelete
    Replies
    1. හැබෑට බං ඔය කියන කාලෙ ඒ වගේ මුදලක් ගත්තා කියන්නෙ ඉතාම හොදයි නොවැ...බොලාගෙ ලැයිස්තුවෙන් බොහෝ ඒවා මමත් අනුමත වෙච්ච ඒවා...

      Delete
  18. සල්ලි ගන්නෙත් නැතුව බොනවා කියද්දීම මට හිතුනා මරාලයක් තමා කියල :D බලමු බලමු.. මෙගා කරන්නේ නැත්නම් එච්චරයි...

    ReplyDelete
    Replies
    1. සල්ලි නොදී පිනට කෙලින්න ලැබීමම තමයි අපි සුරාව කෙරෙහි වඩ වඩාත් ලොල් කලේ...මෙගා කරන්නෙ නෑ උපරිම තව කොටස් දෙකක් ලියවෙයි.

      Delete
  19. ade ow ban me kadana ekatanam api patta wiriddai... sitath dan thatamanne nathuwa renawa athi sir ta pinsidda wenna...

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.....උඹ හිතන දේ උනාද නැද්ද කියලා අපි බලමුකො...දෙකට කැඩුවෙ නැත්තං මේ ලියවිල්ල ගොඩාක් දිග වෙනවා බොලං...

      Delete
  20. මටත් ඉස්සර ගිය ඉන්ගිරිස් ක්ලාස් එකක් මතක් වුනා.. බලන් ඉන්නම් ඉතින් ඊලග කොටස එනකම්..

    ReplyDelete
    Replies
    1. ඒ ඉංගිරීසි පන්තියෙ හිටිය කොලු කුරුට්ටො බොට බැල්ම දැම්මෙ නැතෙයි...ඒ ගැන ලිව්වොත් නරකද අර මකුලු දැල් බැඳෙන බොගේ....

      Delete
  21. අපිට හම්බවුනේ නැහැනේ බන් ඔය වගේ සෑර්ලා. අපෙන් ශොට් එක ගහලා යන අය තමයි අපිට සෙට් වෙන්නේ. කියන්න බැහැ නගා වාසියක් කරගත්තද කියලා.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්...එක විදියකට ඒකත් ලොකු වාසියක් තමයි...සතියක් ගානෙ ඉස්තරම් බෝතලයක් අපේ බඩට හලාගන්න ලැබුන එකත්...වාසියක් කාටද ලැබුනෙ කියලා අපි බලමුකො අරූ අයියා...

      Delete
  22. බාබෙද්දො !

    හෆොයි කුමර බඹසර ! උඹලට බොන්න අරන් දුන්න පලියටම එහෙමම ම කියන්නත් බෑනේ බං. ඔන්න වටින්-ගොඩින් කෙසෙල්කැන කන්න සෙට් වෙනව වගේ ඇක්ෂන් තිබුනනම් තව කමක් නෑ. උඹ එහෙම එකක් කියලත් නෑනේ. බලමුකො, කෑලි කර කර ඉන්නෙ නැතුව ඉක්මනට දාපං - රෙද්ද.

    ReplyDelete
    Replies
    1. අන්න හරි...DDT යා මේ ලියවිල්ල හොඳින් තේරුම් අරගෙන තියෙනවා....උඹ ඉතිං අමධ්‍යම සංගමයෙ සභාපති නොවැ...කුට්ටි කරලා පොලිෂ් පාරක් එහෙම ගාලා අරගෙන එන්නං ඉතිරිය...

      Delete
  23. කඩ්ඩට අමතරව බොන්ඩත් දෙන මරු ගුරුවරුනෙ බන් උඹලට ඉදල තියෙන්නෙ.ඇත්තට අර කිව්වත් වගෙ බීපු හැටියෙ ඉංග්‍රීසියෙන් කතා කරන ජාතිද දන්නෙත් නැහැ

    ReplyDelete
    Replies
    1. අපිට නීතියක් පනවලා තිබුනා සෑර්..කොහෙ සෙට් උනත් බොන වෙලාවට ඉංගිරිසියෙන් කථා කල යුතු බවට...එහෙම වෙලාවට අපිට වරදින තැන් එයා හදනවා...ඒ වගේම ඒ ගැන කෙටියෙන් පාඩමකුත් කරනවා..ඒ නිසා බීම අස්සෙත් අපි ඉංග්‍රීසි ඉගෙනගත්තා.

      Delete
  24. කන බොන සර් කෙනෙක්. මට හිතෙන්නෙ නම් සර් ට සිරාලව හිතට අල්ලන්න ඇති, ගෝලයින් ට අමතරව යාළු මිත්‍රයින් විදිහටත්. සල්ලි තියන සමහර මිනිස්සු ඉන්නව ඔහොම දේවල් වලදි ලෝබ නැතුව වියදම් කරන. බලමුකො ඉස්සරහට.

    ReplyDelete
    Replies
    1. මේ සෑර් අපිට ඇයි මේ විදියට බොන්න දුන්නෙ...කියන කාරණය ඉදිරීයේදී විසදේවි. එතකං ඉවසා වදාරනු මැන...

      Delete
  25. Replies
    1. මොකද බොල කයිසම ගැලවුනාද ? නැත්තං කයිසමේ බඩ ගියාද බොට...

      Delete
  26. ගෝලයෝ නිසා සර් ට පාඩු ඇති .... :D

    ReplyDelete
    Replies
    1. ගෝලයෝ නිසා සෑර්ට වෙච්ච දේ ඉදිරි කොටස් වලින් දැනගන්න ලැබේවි.

      Delete
  27. බේබදු ගුරා, බේබදු ගෝල පිරිස සහ බේබදු ඉංග්‍රීසි. :D

    මම පෙරනිමිති කියන්න යන්නේ නෑ. මොකද...

    Assumption is the mother of all screw-ups.

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙ නෑ මාගේ ව්‍යාපාරික සහකරුවා හෙවත් අපේ ඉංග්‍රීසි සෑර් මේ තරම් දිග කමෙන්ට් එකක් දාලා යයි කියලා...මොකද හිතෙන්නෙ හෙන්රි අයියා...වැඩේ නැගලම යන්න ඇති කියලා හිතෙනවද...කල්පිතය ලෙසටම වැඩේ පත්තු උනාද බලමු...ඊලගට...

      Delete
  28. මාර ගුරයි ගෝලයයි..( මම මේ හොරෙන් අහන්නෙ..ඒ කාලේද මලය අර කෙටවල ඇනිකට් එකේ නාන එක අත හැරියෙ...මාලුන්ගෙන් කරදරයි කියල)කතාව හොදයි..බලමු ඉතුරු ටිකත්..

    ReplyDelete
  29. 'අ' යනු අකුරෙන් කුමක් කියමුව
    'අ' යනු අකුරෙන්..අම්මා..
    ලොවම ණයගැති සෙනෙහෙබර අම්මා..
    'අ'යන්න 'අ'
    අන්ඩරේ අන්ඩරේ
    'අ'යනු අකුරෙන්..අන්ඩරේ..

    'ආ'යන්නෙන් අපි කුමක් කියමුව
    'ආ'යන්නෙන් අපි..ආදරේ..
    ලොව අපට අප ලොවට පුදනා ආදරේ..
    'ආ'යනු 'ආ'
    ආජුතපර ලාහිලා බීජුතපර ලාහිලා
    'ආ'යන්නෙන් ආජුතපර ලාහිලා

    'මැ'යන්නෙන් අපි කුමක් කියමුව
    'මැ'යන්නෙන් යස මැදින් පුන් පෝදා..
    නිහඬ නිසසල මැදින් පුන් පෝදා
    'මැ'යන්න 'මැ'
    මැන්ටලේ..මැන්ටලේ..
    'මැ'යනු අකුරෙන් මැන්ටලේ

    නාට්‍ය‍ය‍ - ගුරු තරුව
    ගායනය - ජයලත් මනෝරත්න,රත්නා ලාලිනී

    ReplyDelete
  30. අපිට හිටියෙ නෑනෙ මේ වගේ ගුරුවරු.. අපි ඉතින් අපේ වියදම අපිම හොයා ගත්තා.. ක්ලස් කට් කරල.. සමහර විට ක්ලාස් ගියානම් හම්බෙන්නත් තිබ්බ එහෙම එකෙක් දෙන්නෙක්..කොහෙද කලින්ම තීරණය කරල මගින්ම හැරෙනවනේ..

    කෝකටත් බලමු ඉතුරු ටිකත්.. මට හිතෙන්නෙ සර් කාරය නැත්තටම නැති වෙන්න ඇති බොලෑ ආස්සරයෙං.. ජය ශ්‍රී!

    ReplyDelete
  31. දෙවෙනි කොටසත් ඉක්මනටම ලිව්වනං නේද හොඳ..... මටනම් හිතෙන්නෙ සර් ගෙ හිතේ වෙනමම මොකක්හරි අදහසක් තියෙන්න ඇති කියල

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...