Sunday, December 28, 2014

97 මොරවකදී සාටර් ජීවියෙක් වූයෙමි

සෑර්ගේ දෝතින් සභාවට පැමිණි බෝතලය හිස් කිරීමේ වගකීම කරට ගන්නට නගා කොලුවා ඉදිරිපත් වූයේ නැත. මහ දවාලේ කට් ඩවුන් වීමෙන් පසු දැනෙන අසික්කිත හැගීම් විදිමින් ඒකා ඇඳෙහි වැතිර උන්නේය. මමත්, පුෂ්පෙ ගොයියාත් සෑර් සමග බෝතලයට තනි රැක්කෙමු. බොර පාට හොද්දේ පෙගෙන පරාටා කැබැල්ලක්, රට කජ්ජක්, කඩල ඇටයක් සමග රහමෙර බඩවැල් දිගේ පල්ලම් බසියි.

මේ කථාවේ 1 කොටසට

බෝතලයේ අඩිය පෑදෙන විට පුෂ්පෙ කොලුවාගේ කරටිය පහත් වී තිබුනි. ඒකා බොන්නට ගිය කල පීප්පයක් වුවත් වත් කල හැකි තරමේ ධාරිතාවක් සහිත එකෙක් වුවද අද දවසේ ගමන් මහන්සිය නිසාදෝ වේලාසනම නැවතීමේ තිත තබා තිබුනි. බෝතලය අහවර කොට රාත්‍රී ආහාරයෙන් පසු ඇඳට වැටුනා පමණක් මතකය. නිදි දෙව් දුව අප සොයා පැමිණ තරයේ වැළඳ ගත්තාය.

පසුදා උදෑසන ආහාරයෙන් පසු අප මොරවක බලා ගියේ සෑර්ගේ මතක අග්ගිස්සක තිබුන නාන තොටුපලක් සොයාගැනීම උදෙසායි. දිය කෙලියේ යෙදෙමින් දහවල ගෙවා දමා තවත් බෝතලයක් දෙකක් හිස් කොට ආපසු නිවෙස් බලා යාම අපගේ සැලසුම විය.

නගා කොලුවා උදෑසන අහවල් කැත වැඩේ කොලේ නැත. ඒකා වීරයෙක් මෙන් රථයේ අසුන් ගෙන සිටියි.

නගෝ බොරු නම් බලහංකො උඹට තව ටිකකින් බොකක් සෙට් වෙනවා. මමත් පුෂ්පයාත් නගාගේ සිත චංචල කිරීමට මාරුවෙන් මාරුවට දායක වූවෙමු.

මට එහෙම අමාරුවක් නෑ යකෝ..නගා පවසයි...

නෑ නෑ උඹට තව ටිකකින් බොකක් සෙට් වෙනවා...වෙනවාමයි..අප දෙදෙනාට බනිමින් රථයේ උන් නගාගේ චිත්ත සන්තානය අපේ බස් ඉදිරියේ බිඳී ගිය නිසාදෝ ඒකාට බොක සිග්නල් වදින්නට වැඩි වේලා ගියේ නැත. එහෙත් එය ඉවසාගෙන දෙපසට ඇඹරෙමින් ඉන්නට නගා උත්සාහ ගත්තේ පරාජය පිළිගන්නට තියෙන අකමැත්ත නිසාය.

සෑර් පොඩියක් නවත්තන්නකො..කට ඇඳවී ගිය නගා කෝල හඬින් අවසානයේ පරාජය බාර ගත්තේය.

ඇයි....

ම...මට බොකක් දාන්න...

ඇයි උඹට ඕවා හිටපු තැන කරගන්න බැරි උනාද...තමුසෙලා පාරට බැස්ස වෙලේ ඉඳන් බොක දාන්න තැන් හොයනවනෙ...මතක නැද්ද හපුතලේ ගිහින්....

සෑර් රථය එක්තරා හුදෙකලා පෙදෙසක මාර්ගයට යාබද ගල් තලාවක් සහිත දිය පහරක් අසල නැවැත්වූවේය. අපේ උසුළු විසුළු හඬ මධ්‍යයේ ගල් තලාවට දිව ගිය නගා කොලුවා රාජකාරිය ආරම්භ කලේය...

මුගෙ මරු ෆොටෝ ටිකක් ගමු.

පුෂ්පයාගේ යෝජනාව මමද අනුමත කලෙන් නගාගේ නිරුවත් පශ්චාත් කලාපය අපූරුවට කාචයට නැගුනි. එමෙන්ම ඉදිරිපස තහනම් කලාපයද ඡායාරූපයට නැගුනි. නගා ඒ අවස්ථාවේ විරෝධය දැක්වූ ආකාරය සිනා උපදවන සුළුය.

නගාගේ බොක දැමීම දුටු පුෂ්පයාටද නැවතත් සිග්නල් වැදුනෙන් ඒකාද ගල් තලාවට ගියේය. ඒ වන විට වැඩ අහවර කර නැවත රථයට පැමිණ සිටි නගා පුෂ්පයාගේ කැමරාවෙන් තවත් නග්න ඡායාරූප කීපයක් ගත්තේය. බොක අමාරුව තවත් මොහොතකින් පුෂ්පයාගෙන් මටද බෝ උනේය. තිදෙනා මාරුවෙන් මාරුවට ගල් තලාව දෙසට යන අන්දම දුටු සෑර් රථය තුල තුෂ්නිම්භුතව බලා උන්නේය. අසික්කිත නගා සිරා කොලුවාගේද පෙර පරිදිම ඡායාරූප ගත්තේය. 36 රෝලෙන් වැඩි හරියක් බොකට යට වී ගියේ ඒ අන්දමිනි.

ගල් තලාවේ නාටකය අවසන් වී නැවතත් රථය පිටත් වූයෙන් වැඩි වෙලා නොගොස් නාන තොටුපලට ලගා වන්නට අපට හැකි විය. කීප දෙනෙකුගෙන් විමසා එම ස්ථානය සොයාගැනීමට අපට සිදුවිය. මොරවක ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට ආසන්නයේම තිබෙන මෙම ස්ථානයේ වටේටම විහිදුන කළු ගල් පවුරකි. මාර්ගයට මෙහි ජලය තිබෙන බවක් නොපෙනෙයි. ගල් පව්ව අතරින් පහලට පැමිණි පසු සුපිරිසිදු ජල දහරාව දකින්නට හැකි වෙයි.

සෑර් බෝතලයක්ද සමග නාන්නට බැස්සේය. පළමු දින දහවලේ නගා කොලුවාද..එදින රාත්තිරියේ පුෂ්පයාද කට් ඩවුන් වූයෙන් උන් දෙදෙනාම අද රහමෙර පානයට එකතු වන්නේ නැත. සිරා කොලුවා සෑර් සමග මධුපානය ආරම්භ කරන විට මුන් දෙන්නා පැත්තක සිට විහිළු කලේ අද වැටෙන්නේ මා බව කියමිනි.

පැයක් දෙකක් ගත වන විට බ්‍රැන්ඩි බෝතලයක් අවසන් කරන්නට අප දෙදෙනාට හැකියාව ලැබුනි. ආ මග සොයාගෙන ගල්කුළු තරණය කරමින් ඉහළට පැමිණ ජලය වැක්කෙරෙන කලිසම් කොටයෙන් මිදී රථයේ අසුන් ගත්තා පමණි. තැපෑලේ ආ වෙරි මා ගිල ගත් හෙයින් සිරා කොලුවා කුජීත ලෙස රථය තුලම ඔන්දස්පොට් විය.

සෑර් රථය පදවන විට වාහනයේ ඉදිරි අසුනේ සිටින මා කබරයා දිගේලි කිරීමට රථයේ දොර අවසරයකින් තොරව විවෘත කරනා විට එය වෙනත් වාහන වල ගැටීමෙන් වළකාගන්නට මහත් වූ සටනක් කරමින් අපගේ පිංබර සෑර් එය ධාවනය කල බව පසුව මට දැනගන්නට ලැබුනි.

එදා තරම් කිසිම දිනෙක මා හට අසාධ්‍ය වී නැත. ඒ නිසාම මගේ අපහසුතාව දැක මට ඔච්චම් කරනා පුෂ්පයා සහ නගා ඉදිරියේ...ආයෙ මම කවදාවත් බොන්නේ නෑ යනුවෙන් ශපත කලෙමි.

සිරා කොලුවාගේ ඇබැද්දිය නිසාම සෑර්ට නිවෙස් බලා යන්නට බැරිය. ඒ නිසා අකුරැස්සේ පදිංචිව සිටින වසර 20 කින් මෙහා හමුවී නැති මිත්තරයෙක් සොයා එහි යන්නට තීරණය විය. අප එහි යන විට සිරා කොලුවා තරමක් ප්‍රකෘති තත්වයෙන් සිටියෙන් කල කී දෑ මතකයේ තිබේ.

මිත්තරයාගේ නම කියූ විගස ඔහුගේ බිරින්දෑ ඉදිරියට පැමිණියාය...අපගේ සෑර් ගුරුකමට එන්නට කලියෙන් ජාතික උද්‍යාන සේවයේ සිටියදී හඳුනා ගත් මේ මිතුරාගේ ඇඹේනිය සෑර් දකින්නේද පළවෙනි වතාවටය.

අනේ එයා දැන් ලංකාවෙ නෑනෙ...අවුරුදු දෙකක් විතර ඇති රට ගිහින් දැන් යනුවෙන් තෙපළාය.

මේ මෙයාට (සිරා කොලුවා දක්වමින්) පොඩ්ඩක් වැඩි උනා...දැන් ඉතිං ගෙදර යන්න බෑ. යනුවෙන් සෑර් පවසන කල එහි පැමිණි මිතුරාගේ වයෝවෘද්ධ පියතුමා මා හට දෙහි සාත්තුව දෙන්නට ලං වූවේය.

ඒ අතරතුර දුරබණුවෙන් තම සැමියා ඇමතූ බිරින්දෑ අප කරා ආවේ.. එයා කියනවා හොඳ යාලුවෙක් ඒ හින්දා නවාතැන් දෙන්නම කියලා...

මේ දෙබසින් පසු අපේ නඩයට ඒ නිවසේ දොරගුළු විවෘත විය. ලැබුනු එකම ඇඳ කබලේ පහස අසාධ්‍ය රෝගියෙකු වූ සිරා කොලුවාට ලැබුනි. සෑර් සහ අනිත් උන් දෙන්නා බිම එලන ලද තුන්හිරියා පැදුරු මත සැතපුනෝය..

පසුදා උදෑසන කරදරයකින් තොරව උදාවිය. එහෙත් තවමත් හිසේ ඇති මහා බරත් බමන ගතියත් පහව ගොස් නැත. උදෑසන ආහාරයට කැකුළු බත් පොල් සම්බෝල සහ මාළු ඇඹුල් තියල් සමග ගිල දමා ගෙදර ගහකින් නෙලා ගත් ගස් ලබ්බක නොඉඳුල් රසයද විඳ ගත්තෙමි.

මේ සෑම තැනකම එක අතකින් මුව වසාගෙන සිටින සෑර් මට මහා ප්‍රහේලිකාවක් විය. ඒ ගැන විමසූ විට සෑර් අත ඉවත් කර සිනා සුනේය. මට මගේ සිනහව වළක්වාගත නොහැකි විය. සෑර්ගෙ උඩ ඇන්දේ ඉදිරි දතකට වෙච්ච දෙයක් නැත. බන්දු සමරසිංහගේ වැනි කොමිටල් පෙනුමක් සෑර්ගෙන් විද්‍යාමාන වෙයි. දතේ අඩුව දුටු විගස මම සිතුවේ නාන තොටුපලේදි කලු ගලක දත වදින්නට ඇති බවකි. එහෙත් ඒ සිතුවිල්ල නිවැරදි වූයේ නැත. සෑර්ගේ උඩු ඇන්දේ අපටත් හොරා මෙතෙක් කල් තිබූ සාප්පුවේ දතක් හැලීගොස් තිබේ.

දත වැටෙන්න ඇති අපි නාපු තැන...මේ දත හදාගන්නකං මට ආයෙමත් ඉස්කෝලෙ යන්න බෑ බොලව්...කෙල්ලො මාව දැක්ක ගමන් හිනාවෙන්න ගනියි...

සෑර්ගේ වේදනාව අපගේ  අන්තශ්‍රෝත වලටද දැනුනි. නැවත වතාවක් නාන තොටුපලේදී දත සොයා බලන්නට අවසානයේ තීරණය විය.

අපට දැක්වූ ආගන්තුක සත්කාර උදෙසා මුව නොසෑහෙන සේ ස්තූති කොට අකුරැස්සේ නිවසින් සමුගෙන නැවත නානතොටුපලට යන විට එහි කිසිවෙකු සිටියේ නැත. සෑර්ගේ බොරු දත ජල තලයට පහළ වැල්ලේ අපූරුවට පෙනෙන්නට තිබූ නිසා සෑර්ගේ දුක්ඛ දෝමනස්සයන් එතැනින්ම පහව ගියේය.

එදින දහවල ඒ ආසන්නයේ පදිංචිව සිටි තවත් මිත්තරයෙකුගේ නිවෙස කරා යන්නට සෑර් යොදාගත්තේය. දශක දෙකකින් මෙහා හමුවී නැති මේ මිත්තරයා සොයා අපට සෑහෙන්නට රස්තියාදු වන්නට සිදු විය. කෙසේ හෝ අවසානයේ අපට ඔහු මුලිච්චි වන්නට හැකි විය.

කාලයේ ඇවෑමෙන් එක්දරු පියෙකු බවට පත්ව සිටි සෑර්ගේ මිත්තරයා සෑර් දුටු වහාම අඳුනාගත්තේය. එහිදීද ආගන්තුක සත්කාරයෙන් අඩුවක් සිදු වූයේ නැත.  දිවා ආහාරයද ඒ නිවසින්ම ලබාගෙන වත්තේ තිබූ පළතුරු ගස් වල ඵලදාවටද වග කීවෙමු.

රංජිත් නම් වූ සෑර්ගේ මිත්‍රයා ඒ වෙද්දී බේරුවල ප්‍රදේශයේ තරු 3 හෝටලයක සේවය කරමින් සිටියේය. සුනාමිය පැමිණි අවස්ථාවේ ඒ හෝටලයට සිදු වූ හානියත්..එයින් දිවි ගලවාගත් අයට උදව් කල ආකාරයත්, මියගිය අයගේ සිරුරු වාහන වලට පැටවූ අන්දමත් හෙතෙම බොහෝ වේලා අපට හෙළි කලේය. කෙමෙන් කෙමෙන් හිරු අවරට යන විට අපි ඔහුට හා ඔහුගේ ප්‍රිය බිරිඳට සමු දුන්නෙමු. ඇය එදා පිළියෙල කල වට්ටක්කා මාළුව එතරම් රසට මම මෙතෙක් භුක්ති විඳ නැත. දකුණේ ඇත්තියන් උයමනට උපන් හපන් අය යැයි මට සිතුනේ මේ නිවෙස් දෙකෙන් ආහාර භුක්ති විඳීමෙන් අනතුරුවය.

ආපසු පැමිණෙන අවස්ථාව වන විට නොදැවී ක්‍රීඩා කලේ සෑර් පමණක් නිසාම  ආපසු ගමන මතින් තොර එකක් විය. 36 රෝලේ ඉතිරියට විවිධ දෑ ඡායාරූප ගත කර අවසන් කරන්නට අපට හැකි විය.

ඒ දිනවල ගම්පහ නගරයේ සුප්‍රකටව පැවති ඡායාරූප ශාලාවේ පිරිමි පුළුටක් දකින්නට තිබුනේ නැත. ඒ නිසාම බොක ෆොටෝ සහිත දළ සේයාපටය එතැනට බාර දෙන්නට අප තිදෙනාගෙන් කිසිවෙකුට පුරුෂ දහිරිය උපදවා ගත නොහැකි විය. අවසානයේ අප තීරණය කලේ උපන්ගෙයි අහිංසකයෙක් වූ කිතුලා නැමති අප මිත්‍රයා ලවා එය එතැනට බාර දෙන්නට උවත් ඡායාරූප ශුද්ධ කිරීමෙන් පසු ඒවා ගන්නට යන එකාගේ රෙදි ඡායාරූප ශාලාව තුලදීම ගැලවෙන්නට ඉඩ තියෙන නිසා අප ඒ අදහස අත්හැර දැමුවෙමු.

කිසිදිනෙක අමතක නොවන දෙණියායේ මතක සටහන් ඡායාරූප ලෙස අපට කිසිදා දකින්නට නොහැකි විය. එතැන් පටන් වසර ගනනාවක් පුෂ්ප කොලුවාගේ මේසයේ අඳුරු කොනක නවාතැන් ගත් දෙණියායේ දළ සේයාපටය පසු කලෙක එතැනින් අතුරුදහන් වී තිබුනි. ඒ ගමනේ මතක සටහන් පමණක් ඉඳහිට දිනෙක තවමත් ජීවමාන වෙයි.



මම කාමරේ අරින සිරා කොලුවා. 


97 comments:

  1. මෙහෙමනේ සිරා කතාවේ රියැලිටි ගතිය ඒන්නත් ඒක්ක කියලා ඔය ගත්ත රූප ටිකත් මැදින් මැදින් දාන්න තමයි තිබුනේ.............. ඒහෙනම් ඉතින් මීටත් වඩා පට්ටය.....................

    ReplyDelete
    Replies
    1. ගත්ත රූප තිබුනා නම් කොටු ටිකක් හරි දාලා දානවා මෙතනට...මම කිව්වනෙ ඉතිං....දළ සේයාපටයට වෙච්ච දේ...

      Delete
  2. දැන් වගේ ඩිගිටල් කැමරා තිබුනා නම් තමයි වැඩේ. fb එකේදී රෙදි ගැලවෙයි

    ReplyDelete
    Replies
    1. ඩිජිටල් කැමරා තිබුනා නම් ඒ ඡායාරූප ටික අපි ලගනෙ කියලා හිතෙනවා...මතක් කලත් හිතට සතුටක් දැනෙන ලස්සන අතීතයක්...

      Delete
  3. අපරාදෙ බොලා අර රෝල සුද්ද කරගත්තෙ නැත්තෙ. ලැබ් එකේ ඉන්න උංට මොකද බං අපි මොනව ෆොටෝ ගැහුවත්.
    බොලාගෙ මේ ගමන ගැන කියවනකොට මට මතක් උනේ අපි අන්තිම වතාවට සිරීපාදෙ ගිය ගමන. හෝටන් තැන්න, නුවර එළිය හරහා සිරීපාදෙ. බලන්ගොඩට ගිය ගමංම පටන්ගත්ත බීම අන්තිමට නැවතුනේ දෙවෙනි දවසෙ නල්ලතන්නියෙදි කට්ටියම නන්නත්තාර උනාට පස්සෙ. හොඳම දේ කියන්නෙ යනකොට අරන් ගිය බෝතලේ චෙක් පොයින්ට් එකෙන් අල්ලගත්තට පස්සෙ බඩු නැතිවෙයි කියල හිතාගෙන ගියාට කට්ටියට නාන්නම බඩු හම්බවෙච්ච එක. ඒවයිනුත් වැඩි හරියක් නොමිලේ තමයි. කොහොම හරි දෙයියන්ගෙ පිහිටෙන් රෑ දහයට විතර නැගිටල කන්ද නගින්න පුලුවංකම ලැබුණ.

    ReplyDelete
    Replies
    1. අර සඳරරුවට දුන්න වගේ දෙය්යො බොලාට ගේම දුන්නෙ නැතෙයි.

      Delete
    2. එදාට පස්සෙනං ආපහු යන්න කට්ටිය සෙට් කරගන්න බැරි උනා. හැබැයි ඉතිං ඊට කලින් වතාවලත් නොබී ගියා නෙමෙයි.

      Delete
    3. ඔය කියපු ලැබ් එකේ වැඩට හිටියෙ රූප සුන්දරියො වගේ කෙල්ලො ටිකක් ලොකු අයියෙ...ඉතිං අපි කෝමෙයි අපේ රෙදි නැති ෆොටෝ උන්ට සුද්ධ කරලා දෙන්න කියලා කටක් ඇරලා කියන්නෙ. ඔය සිරීපාදෙ පේවිලා යන්න ඕනෙ ගමනක් කියනවා නේද...බොලාට අතුරු අන්තරාවක්...ඒ කිව්වෙ බඩ බුරුල් කරපු කේස් එකක්වත් ඇති උනේ නැද්ද ?

      Delete
    4. දෙවෙනි වත‍ාවෙනං එහෙම සීන් එකක් උනා. හැටන් පැත්තෙන් නැගල රත්නපුර පැත්තෙන් බහිනකොට කට්ටියටම බොක සෙට් උනා මගදි. බොහොම අමාරුවෙන් ඉවසගෙන ඇවිල්ල අර මකර තොරණ ගාව තියෙන පන්සලේ ලැට් එක බදු ගත්ත.

      Delete
    5. සිරීපාදෙ පේවිල යන සීන් මන්ද බං! මම මල් ගහල, බීල වගේම සාම චෛත්‍ය අස්සෙ ...එක්කො ඔන්නෑ..ඒව එහෙමයි. අවුරුදු හතරෙදි විතර ගිය පාර විතරයි ශ්‍රද්ධාවෙන් යන්න ඇත්තෙ.

      Delete
    6. අපේ තාත්තා කොල්ලා කාලෙ ගිය සිරීපාද ගමනක් ගැන තවම කියනවා...එදා අපේ බාප්පා කෙනෙක් කට වරද්දගෙන මිනිහට විතරක් එනකං බඩ ගියා කියනවා...

      Delete
  4. සික් බන් ගල් ගැහුවනම් ඔහොම වෙන්නේ නෑනේ... මෙන්ඩයි පත්තරය සාක්කි දෙයි බොරුනම්... මේ ලගදි නත්තල් පාටියකට සෙට් උනා... ලීටර් 4.5 chivas බෝතලයක්... ගොඩක් කට්ටිය වාහන වලින් ඇවිත් තිබ්බ නිසා බොන්න බෑ කියල මග ඇරියා... අනේ අසරණ මම සහ තව 5 දෙනෙක් අර ලීටර් 4.5ටම වග කිව්වා... අපරාදේ කියන්න බෑ අපේ පොරක් කබ්බා දාන්න ගිහින් කලිසම ගලෝලා කොමඩ් එකේ ඉදගෙන කබ්බා ලැට් එක පුරහම දාලා... මට කබ්බා ආවේ නැත්තත් පහුවදා දවල් 1 විතර වෙනකම් ඔලුව උස්ස ගන්න බැරුව සැතපිලා හිටියේ...

    ReplyDelete
    Replies
    1. 4.5L ÷ 6 = 750 ml

      :D

      Delete
    2. උබට හොදට ගණන් පුලුවනේ නේ බන් බලන් ගියාම... එකෙක් ලීටරයක් ගහල නෑනේ... මෙහෙ ඉන්න අයියලා ඉන්නවා ජැක් ඩැනියෙල් බෝතලේම ගහල නොබිව්වා වගේ යස අගේට ගෙදරත් යනවා... බොනකොට බොනකොට කපැසිටි එක වැඩි වෙනවා.... බොරුනම් සිරාගෙන්... මෙන්ඩියාගෙන්... පත්තරයාගෙන් අහපන්කෝ...

      Delete
    3. අනිවා..ඩෙපා..මම මාස 5ක් එක දිගට එක දවසක්වත් මග අරින්නේ නැතුව බිව්වා..මමයි බෝයා කියලා යාලුවෙකුයි ගල් බෝතල් දෙකක් ගහලා දෙන්නා කාර් දෙකේ දෙපැත්තට ගියා අදටත් මට හිතා ගන්න බෑ.

      Delete
    4. @ මෙන්ඩා,
      ශුවර් නේද කාර් දෙකක්ම කියල. එකක කාර් එකේ දෙපැත්තට ගියා නෙමෙයිනෙ. :D

      Delete
    5. කොහොමත් මචංලා 40% 43% සැර ඒවා බීල බීලා ගල් ගහන එක වතුර බොනවා වගේ... ඇයි බන් 33% නේ....

      Delete
    6. කතාවක් දාගෙන බොනකොට වදින්නෙ නෑ..හැබැයි සමහර දවස් තියනවා අරික්කාලක් බි ගන්න බෑ

      Delete
    7. //බොනකොට බොනකොට කපැසිටි එක වැඩි වෙනවා....//

      ඕකට කියන්නෙ "වදින තැන ගෙවෙනව" කියල.

      Delete
    8. ඇත්ත මෙන්ඩෝ... බොන්න මූඩ් එකක් තියෙන්න ඕනේ... එතකොට බොන්න පුළුවන්.... එහෙම මූඩ් එකක් නැති දවසට දෙකක් ගහනකොට වදිනවා.... වැඩිය මේවා ගැන කතා කරන්න නාකයි.... අපි බාබෙද්දෝ කියල සිරාගේ කාමරේට එන කෙල්ලෝ හිතාවී...

      Delete
    9. ඔය බීමට ආධුනික පොරවල් සිහිනැති කලා වගේ ඇඳගෙන වැටෙන්නෙ මඟුල් ගෙවල් වල එහෙම ඔන්න ඔය කාරණේ නිසා...පුරුදු කාරයෙක් ගහන ගැහිල්ල ගහන්න ගියොත් ආධුනික පොරකට දවස් දෙකක් වෙරි...

      මෙන්ඩිස් අයියා...උඹ මාස 5 ක් එකදිගට බිව්වෙ අක්මාව ගලවලා තියලද බං....

      Delete
    10. මෙන්ඩා … ඕව සෙල්ලම් නෙමෙයි !!!!

      Delete
    11. ඇත්තටම මචංලා..ඊට පස්සේ මට අරක්කු නැතුව නින්ද යන්නෙ නැති වුනා..දැන් අවුලක් නෑ..පොඩි මෙන්ඩියා එන්න ඉස්සර තමයි ඔය කෙලි කරේ.

      Delete
    12. මාස 5 මොකක්ද බං...
      දැනට අවුරුදු දෙකකට ටිකක් වැඩි කාලයක් තිස්සේ හරියටම දවස් දෙකක් ඇර අනිත් සියළුම දවස් වල මමත් එහෙමයි බොලව්...
      ඉරිදා දවසක් කියන්නේ සමහර වෙලාවට උදේ 10 ට වගේ පටන් අරගෙන රෑ වෙද්දී බෝතලේකට කිට්ටු ප්‍රමානෙකට වග කියන වෙලාවලුත් තියෙනවා.
      මොකට බොනවද කියලත් වෙලාවකට හිතෙනවා...

      Delete
    13. ලොකු පුතේ ඒ කියන්නෙ අපි ලබන ආත්මෙටත් එක්ක බිලා

      Delete
    14. අපේ ගැනිත් දවසක් විදුරැවක් ගහලා බිම පෙරලි පෙරලි වමනේ දාලා මගෙන් ඇහැව්වා චැහැ..මල ඡාරව මොන මගුලකට තමුසේලා මොකට මේවා බොනවද ඔයි..කියලා
      මම කිව්වා..ඒක තමයි තමුසේ හිතන්නෙ අපි මේවා ආසාවට බොනවා කියලා අපිත් අමාරැවෙන් තමයි බොන්නෙ..චැහැ ඡාරව කියලා ගැහැව්වා තව විදුරැවක්.

      Delete
    15. ලොකු පුතා යකඩෝ ස්කාගාරයට සෑහෙන බිස්නස් කරලා දීපු ගොයියෙක් නොවැ...

      Delete
  5. අපරාදෙ දල සේයාපටල..ඉස්සර වගෙම ද කියල බොට බලගන්න තිබ්බ චැන්ස් එක..:))))

    බොක බෝවීම නම් මරුය.

    ReplyDelete
    Replies
    1. ඔය බොක වගේ සීන් මානසික මට්ටම පොඩියක් වෙනස් කලාම ඕනෙ එකෙකුට ඇති කරන්න පුලුවන්...හැබැයි වැසිකිළියක් අහළ පහළක නැත්තං තමයි වැඩේ සාර්ථක වෙන්නෙ...

      Delete
  6. බීපිය බීපිය. තව බීපිය. ඔව්වා තේරෙයි අපායේදී.

    සිරෝ, විවේක වෙලාවක මට කෝල් එකක් දෙනවද? පැය 24 ඕනෙම වෙලාවක.

    ReplyDelete
    Replies
    1. අැයි සෙට් වෙන්නද?????

      Delete
    2. මගේ ෆෝන් එකත් ඔන් පැය 24ම..
      බුට් ඇනෝ, පත්තර මල්ලි, කම්මල, කස්ටියගෙම නම්බර්ස් මම ලග තියනවා.
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    3. විචා ත් ඉංග්‍රීසි සර්ගෙ පාට් එක ඇට් කරන්න ලෑස්ති වෙනවද කියල සැකයක් ඇතිවෙන්නෙ මට විතරද? :D

      Delete
    4. හෑ... මේ මගේ....??? සිංදු ඇනෝගේ වෙන්න ඇති බන්... මූ දැනුත් ගල් බෝතලයක් ගහලද කොහෙද ඉන්නේ මට නම් පේන්නේ

      Delete
    5. (පච..පච..මම විහිලුවට කිව්වේ යකු..එකෙක්ගෙවත් නම්බර්ස් මම ලග නෑ..හිටපියකෝ අරක්කු ටිකක් බොන්න පොටක් පාදගන්න..)
      සින්දු ඇනෝට කෝල් කරන්න ඔිනේ නෑ බෝතලේ කැඩුවාම සුවදට ඇදිලා එනවා..

      Delete
    6. අනිවා..ප්‍රසා අයියන්ඩි කතන්දරේ අමල් බිසෝ පෙන්නන්නේ ඔලු බක්කෝද දන්නෙ නෑ

      Delete
    7. මෙන්ඩෝ, උබ නොම්බර තියාගෙන හිටියට වැඩක් නෑ , ගම්පහට ඇවිත් කෝල් එකක් නොදී ගියානෙ.

      Delete
    8. @කම්මල
      ආය ඉතිං අලුතෙන් එන්න දෙයැක්යැ බං..මාසේට දෙපාරක් කෑගල්ලේ යන්නෙ උඔලාගේ සිටි එක හරහා ඒත් අපි නිදහස් වෙලාවක සැට් වෙමු..

      Delete
    9. විචාරක තුමාගෙ අදහසට එකතු වෙලා ඉන්න පිරිස දැක්කම මට හිනා ගියා...බේබද්දො රොත්තයි...දැන් ඉතිං මෙහෙම බොන්නෙ නෑ....දැන් මාස 4 කට විතර එක සැරයයි...විචාරක තුමාට මම ඊයක් විද්දා ...පොඩියක් බලන්න ඒක...

      Delete
    10. සෑර් මාත් එනවා ඕං.. !!!!

      Delete
    11. ඇයි බං හිටපු බෑනා ඉවානයා ඌත් අරන් යං

      Delete
  7. යකඩෝ බලාගෙන ගියහම සිරාට ඉදලා තියෙන්නේ බොක සෙට් එකක් නෙහ්.

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවද ඒ ටික...අපි ඉස්සර ගමනක් යනවා නම් ඔය අතර මගක මොකෙක් හරි එකෙක් බොකක් දාන්න ඕනෙ කියනවම තමයි...සමහර දවස් වලට ඒක තව උන්ට බෝ උනා...

      Delete
  8. උබලා බොනවා නෙවේ නානවානෙ. මගෙ ගල් කියනවා සිංහල කොල්ලො ඔක්කෝම ඔහොමතමයිලු. එයා සිංහල. ROFL

    ReplyDelete
    Replies
    1. උඹ සිංහල නෙමෙයිද ඇනෝ.....මේ කමෙන්ට් එක බොලාගෙ නෝනා කොටපු එකක්ද....

      Delete
    2. මම හිතුවා උබ comment කරයි කියල. මම මුස්ලිම් මචං සිංහල පුලුවන් සිංහල ඉස්කෝලෙ ගිය නිසා. උබ ලස්සනට ලියනවා මරුමරු.

      අර උබ කියන එකේ අනික් බ යන්න ගහන්නෙ කොහොමද මචං ??

      Delete
    3. ඕ දැනුයි තේරුනේ "මගෙ ගල්" කියන්නෙ කවුද කියල. බි.පෙ.සි ( බිම පෙරළෙමින් සිනා ).

      උඹ පාවිච්චි කරන්නෙ යුන්කෝඩ් කන්වර්ටරෙනං අනික් "ඹ" යන්නට Ba ගහපන්

      Delete
    4. ඇනෝ කොලුවො..මම ඔය කන්වටර්ටරය පාවිච්චි කරන්නෙ නෑ ගොයියො...මට සිංහල යතුරු ලියන හැකියාව තියෙන නිසා ඒ විදියට යුනිකෝඩ් වලින් ලියන්නෙ.

      Delete
    5. ඉන්දික සිරා තෑන්ක්ස් මචං. දෙවිපිහිටය්.

      Delete
  9. මේ සටහන සම්පූර්ණ වෙන්න නම් ඡායාරූප ටිකත් අත්‍යවශ්‍යය. අපට බොරු නොදා ඒ ටිකත් දාන්ට ය.

    ReplyDelete
    Replies
    1. බොලාට බොරු මොනවට කියන්නද...ඒ දළ සේයාපටය කාලයක්ම එක තැන තිබිලා පස්සෙ කාලෙක අතුරුදහන් උනා....ඒක ඇතුලෙ තිබුන ඡායාරූප කවදාවත් අපිට දකින්න ලැබුනෙ නෑ.

      Delete
  10. චැහැ..කවදාවත් ආය බොන්නේ නෑ කියලා පොරෝන්දු වෙන්න එපා..මෙහෙම කියපං
    ආය බොනකන් කවදාවත් බොන්නේ නෑ..
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. හුකෑස්... පට්ට කතාව.... +++++++++

      Delete
    2. චැහැ..හැමදාම බොන්න අපිබේබද්දෝද? අපි බොන්නෙ..සදුදා අගහරැවාදා බදාදා බොනවා ඊට පස්සේ බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා රෑට ඉරිදා බොනවා නිවාඩු නිසා.

      Delete
    3. අයියෝ ගල්....

      Delete
    4. දැන් කියන්නෙ ඒ විදියට තමයි....ආයෙ බොනකං බොන්නෙ නෑ කියලා...මෙන්ඩිස් අයියා...බොලා නමේ හැටියට කවදාවත් මෙන්ඩිස් ගහලා නැද්ද....අපි නම් ඉස්සර කෝඩෙ ගහපු දවසට සංස්ථා ගල් ගන්න සල්ලි නැති නිසා මෙන්ඩිස් ගල් ගැහුවෙ....

      Delete
    5. ආං හරි මෙන්ඩා … !! ඕ යේස්

      Delete
    6. යකෝ පුරේ කොල්ලෝ සල්ලි කාරයෝ නෙමෙයි ඉස්සර යාලුවෙක්ගේ ලව් එකක් අස්පට් ගියාම සෝමේ අයියාගෙන් හරි සුදු අක්කාගෙන් හරි කසියා බෝතලයක් අරන් ගහනවා..සුදු අක්කා නහයෙන් අඩ අඩ දෙන්නෙ උඔලා මගේ දරැවෝ වගේ නැතිබර කමට මේවා වික්කාට මට පව් පුරවන්න එපා මල්ලිලා කියලා.

      Delete
    7. මෙන්ඩෝ උබ පුරේ කිව්වේ ඔබේසේකරපුරේද බන්....?

      Delete
    8. අනුරාඡපුරේ අනුරාඡපුරේ

      Delete
    9. මම ඇහුවෙ බං මෙන්ඩිස් බිව්වෙ නැද්ද කියලා...මෙන්ඩිස් බොන්නෙ ගොඩාක් වෙලාවට වයසක අය නේද...

      Delete
    10. නැතුව බං ඒ දවස්වල අතේ සල්ලි මදි වුනාම ගැහැව්වෙ මෙන්ඩිස්..

      Delete
  11. මම නම් කිව්වේ හත් අවුරුද්දකට බොන්නේ නෑ කියලා.. හය අවුරුද්දක්ම පොරොන්දුව රැක්ක.. ඒකෙන් වුනේ දියවැඩියාව හැදිච්චි එක.. බොන තැන්වල ඉඳන් බයිටුයි කොකා කෝලයි කෙලල ඇරලා.. අන්තිමේදී ලෙඩෙක් වෙලා ආයිම බොන්න පටන් ගත්තා.. හැබැයි මලත් කොකා කෝලයි හැනපියරුයි නම් බොන්නෙ නෑ.. ඔහොම වැඩිවෙලා පිත වමනේ යන්න ගත්තම කුජීතම තමයි..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපි බීම එන්ජෝයි කරන්න එපයි බන් බොන්න... මම ගහන්නේ අයිස් දාලා... දෙක වදිනකොට නීටුත් වදිනවා... කොකා කොලා සහ පැණි බීම දාලා බිව්වම විස්කි එකේ රසක් එන්නේ නෑනේ බන්.... එහෙම බොනවට වඩා හොදයි කොකා කෝලම බොනවා... අනික තමයි ගොඩක් උන් බොන්නේ මුන බේරී කරන් ඔක්කරෙන් වගේ... මට තියෙන ප්‍රශ්නේ අයි එච්චර අමාරුවෙන් බොන්නේ කියලා...

      Delete
    2. බූට් ඇනෝගෙ කථාවට මම එකගයි..මම මේ රට පැටවිලා ෂිවාස් වලට කෝක් ෂැන්ඩි කරනවා දැක්ක මගේ බොසා මට පොළව පලාගෙන යන කින්ඩියක් දැම්මා...කෝක් දැම්මම මත්පැනේ රස එහෙම් පිටින් වෙනස් වෙනවා...ඒ නිසා මිළ අධික එකක තියෙන කොලිටිය දැනෙන්නෙ නැතුව යනවා. දැන් ෂිවාස් වලට පාවිච්චි කරන්නෙ අයිස් වතුර..බ්ලැක් රෙඩ් දෙකත් අයිස් වතුරෙන්ම යනවා...ඉදලා හිටලා වොඩ්කා ටිකක් බොනවා නම් ඉතිං දොඩම් යුෂ තමයි...

      Delete
    3. අපිට කොයින්ද පුසෝ මාලු? අපි යනවද මුදු?
      අපිට ඉතිං ගල්

      Delete
    4. ලොකු කමකට කිව්වා නෙමෙයි මෙන්ඩිස් අයියා...මමත් ලංකාවෙ ඉද්දි කසියා නැතුව අනිත් දේවල් ගහපු පොරක්...මෙහෙදි බොසා හැම වෙලාවෙම බ්‍රෑන්ඩ් 3 දෙනවා කැමති දෙයක් බීපියව් කියලා...ෂිවාස් / බකාර්ඩි / බ්ලැක්

      Delete
  12. ඉතිං උඹ එදා ඉඳන් බිව්වේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඔි යැස්..සිරා බිම නවත්තපු නිසා අපේ පැත්තේ හාල් අලෙවිය ඉහල ගියා දැන් ඌරෝ කන්නෙ සම්බා හාලේ බත්

      Delete
    2. හෙ හෙ..මෙන්ඩිස් අයියා කාලක් ගහලද මන්දා මේක කෙටුවෙ..මෙහෙමයිනෙ උකුස්සා..බීලා ඔය විදියට හතරෙ ගාතෙන් වැටුනාම මාසයක් දෙකක් යනකං අරක්කු මතක් වෙද්දිත් අප්පිරියයි...ඒත් තුන්වෙනි මාසයට එද්දි ඒක හරි යනවා...එතකොට අර වෙරිමරගාතෙ දුන්න වචනය ෂේප් එකේ අමතක කරනවා මම කිව්වෙ නෑ වගේ....අන්න ඒකයි ක්‍රමය....

      Delete
    3. සිරා රට ගියාම මෙහේ බාර් වැහුවා පාඩුයි කියලා :D

      Delete
    4. උඔට කියන්න ගම්පහ බාර් කාරයෝ දැන් රටකඡු විකුනනවා බාර් එක වහලා..තව බාර් කාරයෙක් ගුවන් තොටුපල ඉස්සරහා ඇන තියාගෙන බලාගෙන ඉන්නවලු සිරා ආපහු ලංකාවට එනකන්..

      Delete
    5. බොන්නම ඕනේ නෑ බන්.... මුන්ගේ කමෙන්ට්ස් කියෝලා හිනා වෙලාම ඩෝප් වගේ

      Delete
    6. ගම්පහ බාර් කාරයො කෙසේ වෙතත් අපි බයිට් එක දාගෙන බීපු පොට් එක නම් නට්ටං උනා අපි නැතුව ගියාට පස්සෙ...

      Delete
  13. .අපිත් එක්කත් කිතුල්ගල ගිහින් චුට්ටක් වැඩිවෙලා අලුතෙන් ගත්තා සෙරප්පු දෙක නැතිවෙලා දුකෙන් හිටපු කොලුවෙක් මේකට කොමෙන්ට් කොරයි තව ටිකකින්.

    දාපන්කෝ ඔය නගාගෙ ෆොටෝ එකක්. බලන්නත් ආසයි. . ට්‍රිප් එකක් යද්දී රෙන්ට් එකට ගන්න බැරිද දන්නේ නැ ඔය නගාව .

    ReplyDelete
    Replies
    1. පොල්වත්තේ මල්කොබා...උඹ ඉතිං අමද්‍යප සංගමයෙ මහ ලේක්ම කියලා මම දන්නවා...අපි වගේ උන් ටිකක් එක්ක මුල ඉඳන් බොලාගෙ ආශ්‍රය තිබුනා නම් මේ වෙද්දි සෑහෙන දුරක් ගිහිල්ලා...

      නගාව රෙන්ට් එකට ගන්න අමාරු නෑ....නිකං දෙනවා නම් මන්න පාරක් උනත් කයි...හැබැයි බීලා වැඩි උනාට පස්සෙ උගෙ දුක්බර ප්‍රේම කථාව අහන එක තරම් අසික්කිත් වැඩක් තවත් නෑ. ඒ වෙලාවට කන් දෙකේ ඇගිලි ගහගත්තත් මදි...

      Delete
    2. @පොල්වත්තේ මල්කොබා.
      උඔගේ බොලෝග් එකේ කමෙන්ටු කොටන්න බෑනේ බං

      Delete
    3. @sanjeewa mendis ඊයේ පොල්වත්තේ වැඩ කරද්දී මොකද්ද වෙලා. දැන් හරි.

      Delete
  14. උඹට කියන්න සමහර දවස්වලට බෝතල් එක පිට එක බොන්න පුළුවනි කිසි අවුලක් නෑ.හැබැයි සමහර දවස් තියෙනව වීදුරුවක්වත් බීගන්න බෑ වෙරිවෙලා වැටෙනවා.ඒ දවසෙ හැටිද ශරීරයෙ හැටිද කියන්න දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත...ඒකට මම හිතන්නෙ ශරීරයේ තියෙන වෙහෙසකර බව...ආහාරයට ගත්ත දේවල්...මානසික තත්වය වගේ දේවල් බලපානවා ඇති...කලින් දවසෙ නිදි මරලා පහුවදාට ෂොට් එකක් දැම්මොත් වදිනවා හරියට පොල්ලෙන් ගැහුවා වගේ...මම එක සැරයක් බොරැල්ලෙ මින්ට් ලීෆ් එකේදි වයිට් ලේබල් ෂොට් 3 ගහලා නසරානි වෙන්න වැදුනා...මටත් හිතාගන්න බැරි උනා මොකද උනේ කියලා...අන්තිමට ඒ කාලෙ හැටියට පට්ට ගානක් ගෙවලා තුන්රෝද රියේ ගම්පහටම බඩ ගෑවා....

      Delete
  15. බොක නං මොකද්ද සිරා අය්ය පස්ස පැත්තනෙ කීවැකි
    අපේ උං දන්නෙක් ඇදුං නැත්ව පොටෝ ගහල ඒවත් ප්‍රින්ට් කරල තිබ්බෙ
    වැඩිපුරම ටොපා
    ඒ පොටෝ වත් රීල් එකවත් ඉල්ල ගන්ට නෑ නැත්තං සිරාවටම පන්නන්ට තිබ්බ;
    හිහි


    එළඹෙනා නව වසර සාමයෙන් සන්තෝසනේ පිරුණ කිරි පැණි වෑස්සෙන
    සුභම සුභ නව වසරක් වේවා....
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. කිරි පැණි නම් ඕනෙත් නෑ... ඉස්තරම් වර්ගයේ ගල් බෝතල්වත් හම්බෙනවානම්....

      Delete
    2. අපිට කිතුලව යවලා වැඩේ කරගන්න තිබුනා...නමුත් ඒකට කෙල්ලො හිනාවෙයි කියලා හිතලා ඒ අදහස අත ඇරියා..මොකද මිනිහා හරිම අහිංසක බුවෙක්..

      Delete
  16. උඹලගේ සර් එළකිරි වගේ බුවෙක් බං...
    ඔන්න ගුරු දෙවිවරු...
    බොන්න පුළුවන් ප්‍රමාණය ගැන මගේ අදහස මේකයි.
    මටනම් හිතෙන්නේ බොන්න පුළුවන් ප්‍රමාණය තීරණය වෙන්නේ අපි ඊට කළින් කාල තියෙන දේවල් අනුව, කෑම කාල ගතවෙලා තියෙන කාලය වගේ දේවල් සහ
    තෙහෙට්ටුව කියන සාධකය, කන්න ගන්න බයිට් වර්ගය කියන එකත් ලොකු සාධකයක් වෙනවා කියන එක තමයි මගේ මතය.

    ReplyDelete
    Replies
    1. ලොකු පුතාගෙ අදහස බොහොම නිවැරදියි...සමහර දවස් වලට බෝතල් ගනන් බොන්න පුලුවන්..සමහර දවස් වලට දෙක ගහද්දි වැටෙනවා...

      Delete
  17. "දැක මෝල්" වගේ දැක බොක සෙට් එකක්ද කොහෙද උඹලා ටික

    ReplyDelete
    Replies
    1. අනේ පලයං..උඹලා අතරමග බොක දාන්නෙම නැද්ද...

      Delete
  18. උඹලගෙ මේ කතා මතක් කරනව අපේ ඉතිහාසෙ, ඒත් ඉතින් ඕව බ්ලොග් වල ලියන්නෙ කෝමෙයි කියලයි මම කල්පනා කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක බොහොම සරල කාරණයක්නෙ ලොකු අයියා...බොලාට තියෙන්නෙ වෙන කෙනෙකුගේ නමක් දාලා කථාව ලියන්නනෙ...

      Delete
    2. එපා..එපා සිංහයා කියන්නේ කැලේ රඡා..උඔගේ නමින්ම ලියපන් අයියන්ඩි..බලන්න බැරි වුන් කුද ගහගත්තදෙන්

      Delete
    3. @ඉන්දික,
      ඕක ලියල උඹ කියවන්නෙ නැතුව ඉඳිංකො. අපිනෙ කියවන්නෙ අපිට ඒකෙ අවුලක් නෑනෙ. :D

      Delete
    4. ඊට පස්සෙ ඕන්නං හිතේ අමාරුවටත් එක්ක ගල් බාගයක් ගහන එකයි තියෙන්නෙ.

      Delete
    5. හෙහ්...හෙහ්...හිටහන් බලන්න. තොපි කියයි. මටනෙ අපෙ පොඩි උන්ට කවද හරි උත්තර දෙන්න වෙන්නෙ :D

      Delete
    6. හරි , හරි ඕක ලියල දාහන්කො අපේ නම් ටිකවත් දාල. මොකෝ අපිව මරාගෙන කන්ඩ අපිට බ්ලොග් තියන එකක්යැ

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...