තවත් මඳ දුරක් ගියාට පස්සෙ ලොකු හාමුදුරුවො බස් රථය එක් තැනක නවතන ලෙස සංඥා කලා. මාර්ගයට යාබද කැළෑවෙ කණින ලද වලක් අළුතින් පස් යොදා වසා ඇති බවක් දකින්න ලැබුනා. අපේ කණ්ඩායම ඒ දෙස කුතුහලයෙන් යුතුව බලා සිටියා.
1 කොටසට
අද එතැන් සිට.....
1 කොටසට
අද එතැන් සිට.....
ලොකු හාමුදුරුවො අත දික් කර පෙන්වූ ඉසව්වට බස් රථයේ හැමෝගෙම නෙත් යොමු උනා. ඔතන ඔය අලුතින් වහලා දාලා තියෙන පස් යට මහා සද්දන්තයෙක් ගමේ අය මිහිදන් කලා. දල ඇතෙක්. ගමේ අයට එයාව මුලිච්චි වෙනකොට කාලෙකට කලින් වෙඩි වැදුන තුවාල උඩුදුවලා බොහොම අසාධ්‍ය වෙලා හිටියෙ. වනජීවී එකටත් කියලා ගමේ අය ඇතාට හෙවනක් හදා දීලා, කෑම බීම ආදියෙනුත් සෑහෙන්න උදව් පදව් කලා. ඒත් තුවාල වල තිබුන බරපතල කම නිසාම බේරගන්න බැරි උනා. ඒ සතා අන්තිම හුස්ම හෙලන්න කලියෙන් අපේ පන්සලේ හාමුදුරුවො කීප දෙනෙක් එක්ක එතනට වැඩම කරලා පිරිත් සජ්ජායනා කරන්නත් අපිට හැකි උනා. මරණය සිද්ධ වෙලා වළ දාන වෙලාවෙ ඒ සත්වයට පාංශකූලය දීලා පින් පෙත් අනුමෝදන් කරන්නත් ගමේ අය එකතු පහදු උනා. මේ ගම් වල මිනිස්සුන්ට මොන තරම් අලියාගෙන් කරදර තිබුනත් සතෙක් කදරයක වැටුනාම ඒ හැමදේම අමතක කරලා උදව් කරන්නෙ.
අපේ බස් රථය ආයෙමත් ගමන් ආරම්භ කරලා තාර කැඩුන හුදෙකලා මාර්ගය දිගේ ඉදිරියට ඇදෙනවා. ලග ලග නිවාස නැති මේ ඉසව්වෙ අතරින් පතර තමයි ගෙයක් දෙකක් දකින්න ලැබුනෙ. මාර්ගය දෙපැත්තෙම තිබුනෙ විශාල කුඹුරු යායක්. අපි එහි සංචාරය කල කාලයේ තමයි ඒවායෙ අස්වැන්න නෙලමින් තිබුනෙ.
තාර කැඩුන මාර්ගය තවත් නොබෝ වේලාවකින් ගුරු පාරක් බවට පත් උනා. කාලෙකින් අහස් දිය වැටිලා නැති නිසාම මතුවෙන දූවිල්ල කපාගෙන බස් රථය ඉදිරියට ඇදෙනවා. ඒ දිහා ගමේ මිනිස්සු දෑස් අයාගෙන බලා ඉන්නවා. දැන් අපි උපුල් විල රජමහා විහාරය කිට්ටුවටම ඇවිල්ලා.
ගුරු පාර දිගේ තරමක් මග ගෙවූ අපේ නඩේ ඔන්න රජමහා විහාරයෙ දොරටුව අසලටම ඇවිල්ලා නතර උනා. අපට කලින් මෙතනට වැඩම කරලා තිබුන කඳුරු වැවේ පුන්න හිමියන් එහි කටයුතු සියල්ල මැනවින් සංවිධානය කර තිබුනා. ඒ වෙද්දිත් දහම් පාසලේ පුංචි දරු පැටව් ඒ අයට ආධාර දෙන්න කිලෝමීටර් 200 කට වැඩි දුරක ඉදන් පැමිණි ආච්චිලා සීයලා, නැන්දලා මාමලා, අයියලා අක්කලා පිළිගන්න පුංචි ළමා සාරියකින්, පුංචි සරමකින් සැරසිලා පෙර මග බලාන උන්නා.
ආධාර කණ්ඩායම කප්රුක් කොඩිය යටින් විහාරයට ඇතුලුවෙද්දි අවට කලාපයම සාධු නදින් රැව් පිළිරැව් දුන්නෙ ගම්වාසීන් බොහෝ පිරිසකුත් මේ සත්කාර්යය දෑසින් දැකගන්න ඒ ස්ථානයට ඒ වෙද්දිත් රැස් වී තිබූ හින්දයි.
කප්රුක් පූජාවෙ වැඩකටයුතු අහවර උනාට පස්සෙ මේ පොඩි ඇත්තො තමන්ගෙ අතේ එතෙක් වෙලා හිරකරගෙන තිබුන සුදු නෙළුම පිළිගන්නලා අපේ කණ්ඩායමේ හැමෝම තමන්ගෙ දහම් පාසල වෙනුවෙන් සාදරයෙන් පිළිඅරගෙන උත්සව සභාව වෙත කැන්දගෙන ගියෙ තමන්ගෙ ගුරුවරුන්ගෙ මගපෙන්වීම යටතේ.
උපුල්විල රජමහා විහාරයෙ ඇත්තො කුඩා වේදිකාවක් සහිත කදිම උත්සව සභාවක් තමන්ගෙ ශක්තියේ ප්‍රමාණයට ඒ වෙද්දි එහි තනා තිබුනා. සියල්ලන්ම පංච ශීලයේ පිහිටුවා උත්සවේ වැඩකටයුතු ආරම්භ කලේ උපුල්විල රජමහා විහාරස්ථානයේ නායක හිමියන් විසින්.
මේ සත්කාර්යයේදි උපුල්විල විහාර පාර්ශවය වෙනුවෙන් සංවිධාන කටයුතු වල බර කරට ගත්ත කඳුරු වැවේ පුන්න හාමුදුරුවො තමන්ගෙ පිළිගැනීමේ කථාව ඇතුලෙදි උපුල්විල වැනි දුරබැහැර පෙදෙසක, මේ දහම්පාසලේ දරුවො මුහුණදෙන ගැටලු අඩුපාඩු ගැන සිදුකල විවරණය ඉතාම සංවේදියි. මට එතැනදිත් කල්පනා උනේ මෙවැනි පිරිසකට මේ අයුරින් ආධාර දෙන්නට සහභාගි වන්නට ලැබුන මේ අවස්ථාව මොන තරම් වටිනා එකක්ද යනුවෙන්.
![]() |
| නායක හිමිවරුන් තිදෙනා උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින්. |
![]() |
| මාකේවිට තරුණ සංගමයේ සභාපති තුමා |
මොනතරම් බාධක තිබුනත් ඒවා මැඩගෙන දිනපතාම දහම්පාසලට පැමිණි දූ දරුවන් දිරිමත් කරන්න පැමිණීමෙන් ඉදිරියෙන් සිටි අයට මුලින්ම ත්‍යාග ලබා දුන්නා. එයින් අනතුරුව වසරින් වසර ත්‍යාග ප්‍රදානය ඇරඹෙද්දි කුඩා දරු දැරියන් ඉතාම උද්යෝගයෙන් තමන්ට හිමි ත්‍යාග ලබාගන්නට ඉදිරියට ආවා. ඒ අය වයසින් පොඩි උනාට කලබලයක් නැතුව තමන්ගෙ අවස්ථාව එළඹෙන තෙක් ඉවසීමෙන් සිටි ආකාරය ඉතාම කදිමයි.
![]() |
| අපිටත් තෑගි ලැබේවිද ? |
දරුදැරියන්ගෙ ත්‍යාග අතරට අලංකාර පොත් බෑගයක්, අතිරේක කියවීම් පොත්, අභ්‍යාස පොත්, දහම් පාසල් එන්නට උවමනා ඇඳුම් සකසා ගන්නට අවශ්‍ය රෙදි, පෑන් පැන්සල් ඇතුලත් පැන්සල් පෙට්ටියක්, DSI පාවහන් ලබා ගන්නට හැකි තෑගි වවුචරයක් වැනි දෑ අයත් උනා.
මේ දරුවන්ගෙ නැණස පාදන්නට නොයෙක් කරදර බාධක මැද්දෙ කැපවෙලා කටයුතු කරන ගුරු භවතුන් හටත් ඒ අයගෙ සේවය අගය කරලා ත්‍යාග ලබා දෙන්න අපි පසුබට උනේ නෑ. මේ සියලු දේට අමතරව එතෙක් මේ දහම් පාසලට අඩුවක් වෙලා තිබුන කාර්යාලයක් වගේම එයට අවශ්‍ය වෙනත් උපකරණත් තරුණ බෞද්ධ සංගමය විසින් ලබා දුන්නා. කාලෙකට කලියෙන් හේලීස් ආයතනයෙන් උපුල්විල ගමට පිරිසිදු පානීය ජලය ලබාගත හැකි විශාල පිරිපහදු යන්ත්‍රයක් පරිත්‍යාග කොට තිබුනත් ඒ ජලය නිසි පරිදි ගබඩා කරගන්නට උපුල් විල රජමහා විහාරයට පහසුකම් තිබුනෙ නෑ. ඒ සඳහා උවමනා පානීය ජල ටැංකි දෙකකුත් මෙහිදී ප්‍රධානය උනා.
මේ සියලු කටයුතු අතරෙ උත්සව භූමියේ ඉදිවෙලා තිබුන පුංචි වේදිකාව උඩ මේ පුංචි ඇත්තො විවිධ ප්‍රාසාංගික අංග ඉදිරිපත් කලා. ඒ අයට තියෙන සීමිත පහසුකම් එක්ක ඒ දක්ෂතා ඉතාම ඉහළ බවයි අපේ කණ්ඩායමේ හැමෝගෙම පාහෙ අදහස උනේ.
උපුල්විල ගම්මානය හරිම අව්‍යාජයි කියලා මට දැනුනෙ එහි ගම්වැසියන්ගෙ අල්පේච්ච ජීවන රටාව නිසාම නෙමෙයි. ඒ ඇත්තන් අප වෙනුවෙන් පිළියෙල කර තිබූ සංග්‍රහයන් පවා ඔවුන්ගේ ශක්තිය අනුව පිළියෙල වී තිබීම නිසයි. ආධාර කණ්ඩායමේ හැමෝගෙම පිපාසය නිවන්නට ඔවුන් විසින් පිළි්යෙල කර තිබුනේ දෙහි යුෂ පානයක්. ඊට අමතරව උපුල්විල ගම්මානයට ආවේණික නාරං කැවුම් වලට සමාන ගැඹුරු තෙලේ බදින ලද පොල් බෝලත්, පෑන් කේක් වලට සමාන වෙල්ල වැහුම් නැමති ආහාරයත් තිබුනා. මේ ආහාර දෙවර්ගයම ඉතාම ප්‍රණීත බව නොකියාම බෑ.
ත්‍යාග බෙදාදීලා අහවර උනාම ආයෙමත් පරංගියාවාඩිය පන්සලට පැමිණිලා දිවා ආහාරය සකසා ගන්නයි අපේ අරමුණ වෙලා තිබුනෙ. ඒත් තමන්ගෙ ගමට ආධාර දෙන්න පිට පළාතකින් පැමිණි ඇත්තන් දිවා ආහාරයෙන් සංග්‍රහ නොකොට සමුදීම තමන්ට මදිකමක් කියලා හිතුන නිසාදෝ ගමේ සම්පත් උපයෝගී කරගෙන ඉතාම රසවත් දිවා ආහාරයක් ඒ ඇත්තන් සූජානම් කොට තිබුනා. නෙළුම් කොලේ බත් ටිකක් කන්න ලැබෙන්නෙ ඉඳලා හිටලා නොවැ. ඉතින් කවුද අකමැති වැව් මාලු ටිකක්, නෙළුම් අල ටිකක් එක්ක බත් ඩිංගක් කන්න. ඉතින් ඒ අවස්ථාව අපිට උදා උනා. සිරා කොලුවා මීට කලියෙන් කවදාවත් රස විදලා නැති, කුරහන් තලප, නෙළුම් බට්ටො වගේම සියඹලා කිරිහොද්දත් මේ කෑම වේලෙදි රස බලන්න ලැබුනා. උපුල්විල ගමේ අම්මලාගෙ අත් ගුණය ගැන නම් කියන්න වදන් නෑ. අපේ දිවා ආහාරය ඒ තරම් රසවත්.
නෙළුම් බට්ටො ගැන අපේ පළාත් වල බොහෝ දෙනෙක් දන්නෙ නෑ. ඒ නිසා ඒ පිළිබඳ කෙටි හැඳින්වීමක් කල යුතුයි. වැවක නෙළුම් මලක් පිපිලා අහවර උනාම කෝන් එකක් වගේ ඉතිරි වෙන කොටස තුල නෙළුම් බීජ අඩංගු වෙනවා. මේ කොටස හොඳින් මෝරා අහවර උනාට පස්සෙ ඒ තුලින් ලබාගන්න නෙළුම් බීජ තම්බා ආහාරයට ගන්න පුලුවන්. අන්න ඒවා තමයි නෙළුම් බට්ටො.
![]() |
| නෙළුම් කොලේ බත් සමග මනුස්සකමත් බෙදූ උපුල්විල දහම් පාසලේ ගුරු මණ්ඩලය |
දිවා ආහාරයෙන් පස්සෙ උපුල්විල රජමහා විහාරයේ දහම් පාසල් ගුරුවරියක් ලෙස සේවය කරන පරාංගියා වාඩිය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය සන්ධ්‍යා කුමාරි මහත්මිය සමග කෙටි කථාබහක නිරත වෙන්න සිරා කොලුවට අවස්ථාවක් ලැබුනා. මේ තියෙන්නෙ එතුමියගෙ අදහස්.
පරංගියාවාඩිය කියන්නෙ ත්‍රස්තවාදී තර්ජන නිසා සෑහෙන්න බැටකෑව ගමක්. අපේ ගමට යාබද ගම වතාවක් සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදියො විසින් ගිණිබත් කලා. මේ මොන තර්ජන තිබුනත් පරංගියා වාඩිය ගමේ මිනිස්සු පාසලත් පන්සලත් රැකගෙන ගොවිතැනින් ජීවිකාව කරගෙන හරිම අමාරුවෙන් ජීවත් උනා.
මහ වැහි වැටිලා යාන් ඔය ගැලුවොත් මිනිස්සුන්ගෙ වගා බිම් සියල්ල පාළු වෙනවා. තවත් කාලෙකට හබරණ පැත්තෙන් පැමිණෙන අලි ගම් වදිනවා. මේ කොයි විදියට බැලුවත් පරංගියාවාඩිය ගමේ මිනිස්සුන්ට තියෙන ගැටලු වල නම් නිමක් නෑ. ගොවිතැනින් ජීවිකාව රැකගන්න මේ ගමේ බහුතරයකට තමන්ගෙ දූ දරුවන්ගෙ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන්න මහ සල්ලියක් නෑ. ඇරත් මේ තියෙන ගැටලු එක්ක ඒ ඇත්තන්ට ගමෙන් පිටවෙලා රස්සාවක් කරන්නත් බෑ. තමන්ගෙ පවුලෙ ආරක්ෂාව ගැන බැලිය යුතු හින්දා.
පරංගියා වාඩිය පාසලේ දූ දරුවො 265 ක් විතර ඉන්නවා. 1 වසරෙ ඉදන් 11 වසර දක්වා තමයි පන්ති පැවැත්වෙන්නෙ. ගිය අවුරුද්දෙ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 100%. ඒ දරුවොම තමයි උපුල්විල පන්සලේ දහම් පාසලේදි ආයෙමත් අපිට මුණ ගැහෙන්නෙ. පරංගියාවාඩිය පාසලේ ගොඩනැගිලි සහ ගුරුවරුන් ප්‍රමාණවත්, නමුත් අපිට තියෙන ගැටලුව තමයි අපේ දරුවන්ට නව තාක්ෂණය එක්ක ගැටෙන්න තියෙන අවස්ථා ඉතාම සීමිත වීම. වතාවක් එල්ලාවල මේධානන්ද හාමුදුරුවො පාසලට පරිගණක 10 ක් පරිත්‍යාග කලා. ඒත් අද වෙද්දි ඒ බොහොමයක් ක්‍රියා කරන්නෙ නෑ
පිටපළාත් වලින් ඇවිල්ලා ඉන්න ගුරුවරු බහුතරයක් මේ පාසලේ වැඩ කරන්නෙ. ඒ හැමෝම මේ දරුවන්ට තමන්ට පුලුවන් උපරිමයෙන් උගන්වලා ඒ අයගෙ අනාගතය අදට වඩා යහපත් එකක් කරන්න උත්සාහ කරන්නෙ මේ දරුවන්ට මේ තියෙන ගැටලු වලින් මිදිලා යහපත් ජීවිතයක් ගත කරන්න තියෙන එකම මාර්ගය අධ්‍යාපනය නිසයි. සමහර වෙලාවට ගුරුවරු ප්‍රශ්න පත්‍ර අතින් ලියලා හොරොව්පතාන ටවුමට අරගෙන ගිහින් ඡායා පිටපත් ගහගෙන ඇවිත් මේ දරුවන්ට විභාග වලට පිළිතුරු සපයන්න ඒවා ලබාදෙන්නෙ.
ඒත් ගමේ ගොඩාක් දරුවො සාමාන්‍ය පෙළ දක්වා අමාරුවෙන් පාසල් ඇවිල්ලා එතනින් නතර වෙනවා. සමහරු නගරයේ රස්සාවකට යනවා. විශේෂයෙන් ගෑණු දරුවො ඉක්මනින් කසාද බඳිනවා. නැත්තං ගාමන්ට් එකක හරි රස්සාවක් හොයා ගන්නවා. තමන්ගෙ පවුල් වල තියෙන ආර්ථික තත්වය එක්ක ඒ අයට අකමැත්තෙන් හරි ඒ දේවල් කරන්න වෙලා තියෙනවා. එතනින් එහාට ඉගෙන ගෙන විශ්ව විද්‍යාලයට යන අතලොස්සකුත් අපේ ගමේ ඉන්නවා.
උපුල්විල දහම් පාසල යුද්ධය පැවතුන සමයේ ඉඳන්ම ගම්වාසීන් එකතුවෙලා බොහොම අමාරුවෙන් පවත්වාගෙන ආවෙ. දහම්පාසලට කියලා ස්ථිර ගොඩනැගිල්ලක් ඉඳි උනේ 2015 දි World Vision ආයතනයේ අනුග්‍රහයෙන්. ඒ ගොඩනැගිල්ලෙ පන්ති පවත්වන්න උවමනා කරන ඩෙස් බංකු හැදුවෙ මේ දරුවන්ගෙ දෙමාපියො. අපේ දරුවන්ට පිරිසිදු පානීය ජලය ලබාදෙන්න හේලීස් ආයතනය උදව් කලා. ඒත් පොහොය දිනට සිල් ගන්න එන ඇත්තන්ට ප්‍රමාණවත් ඉඩ පහසුකම් නැති හන්දා එදාට මේ පන්ති කාමරේ එයාලට දීලා දහම් පාසල නිවාඩු දෙන්න සිද්ධ වෙනවා.
දහම් පාසලට තියෙන එකම වැසිකිළිය දැන් ගොඩාක් අබලන්. ඒ නිසා අලුතින් වැසිකිළියක් දෙකක් ඉඳි කරගන්න හැකි නම් බොහොම වටින වැඩක්. පන්සලට බුදු පිළිමයක් තිබුනෙ නැති නිසා ටික කාලෙකට කලින් තරුණ සංවිධානයක් බුදු පිළිමයක් හදන ව්‍යාපෘතියක් පටන් ගත්තා. නමුත් ඒ අයට මේ වෙද්දි මුදල් හිගකමක් තියෙන නිසා ඒ කාර්යය දැන් අතර මග නැවතිලා. කවුරු හරි සුපින්වතෙක් හෝ සංවිධානයක් ඒ බුදුපිළිමයේ වැඩ අහවර කරගන්න උදව් කරනවා නම් දහම් පාසලට එන පුංචි දරු දැරියන්ට බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුක්තව බුද්ධ වන්දනාවේ යෙදෙන්න පහසු වේවි.
තමන්ගෙ ගම, තමන් සේවය කරන වටපිටාව ගැන සන්ධ්‍යා කුමාරි ගුරුතුමිය දීර්ඝ විග්‍රහයක යෙදුනා. ඇයත් දියණියන් දෙදෙනෙකුගේ මවක්. ඇගේ බාලම දියණිය ත්‍යාග ප්‍රදානෝත්සවයෙදි නැටුම් අංග ඉදිරිපත් කරන්නත් දායක උනා.
ත්‍යාග ප්‍රදානෝත්සවයෙ වැඩ අහවර උනාට පස්සෙ අපි ආයෙමත් තිරප්පන්කඩවල රජමහා විහාරයට ඇවිත් නෙළුම් වැවේ දියවරින් දාහය නිවාගෙන ආයෙමත් ගම රට බලා එන්න පිටත් උනේ මතු දවසක මේ වැනි යහපත් කාරියකට දායක වීමේ ආශාව සිතේ තද කරගෙන. දින දෙකක කාලයක් තුල මා සමග බොහෝ සේ හිතවත් උන පුංචි ස්වාමීන් වහන්සේලා දෙනමක් මගේ අත් දෙකේ එල්ලිලා.
ආයෙමත් කවදද අපිව බලන්න එන්නෙ ?
ඉක්මනින්ම....මම උත්තර දුන්නා.
ඉක්මනින්ම කිව්වෙ ?
හාමුදුරුවො අදට වඩා ලොකු හාමුදුරු කෙනෙක් වෙච්ච දවසට මම ආයෙමත් එන්නං.
ඔය ඇත්තමද...පුංචි ස්වාමීන් වහන්සේ හීන් හිනාවක් නැගුවා.
මෙන්න මේක අධ්‍යාපන වැඩ වලට යොදාගන්න. පුංචි මුදලක් ඒ පුංචි අත්වල තනි කලාම උන් වහන්සේලා ඒ වත්කම දෝතින්ම ග්‍රහණය කරගත්තා. සමහර විටෙක මේ සල්ලි පවුලෙ අගහිගකම් නැති කරගන්න යොදවාවි. ඔවුන්ගෙන් සමුගන්න අවස්ථාවෙදි මට එහෙම හිතුනා.
උපුල්විල රජමහා විහාරයේ ත්‍යාග ප්‍රදානෝත්සවය පුරාම ඒ කටයුතු මැනවින් මෙහෙයවමින් නිවේදන කටයුතු වලින් දායකත්වය දුන්නෙ බොහොම පියකරු දැරියක්. කිසිම ගුරුහරුකමක් නැතුව ජන්මයෙන් තුරුලුකරගත්ත හැකියාව මේ යැයි කියමින් ඇය ඉතාම ව්‍යක්ත ලෙස භාෂාව හැසිරුවා. ඒ වගේම පුංචි වේදිකාව පුරාම ඇවිදිමින් වෘත්තීය මට්ටමේ සන්නිවේදකයෙකුගේ හැඩතලා පෙන්වූවා. සමහර වෙලාවට තමන් ආමන්ත්‍රණය කරන වචන වල අර්ථය ඇගේ මුහුණේ හැගීම් වලින් නරඹන්නන්ට දකින්න ලැබුනා
මේ කෙල්ල නම් හරිම දක්ෂයි. කවුරු හරි මේ දේවල් හරියට කියා දුන්නොත් හොඳ තැනකට යයි. ඒත් ගමේ මල් ගමේම පරවෙලා යන්න සිද්ධ වෙන එකනං අපරාදයක්. අපි එක්ක ගිය සමහරු එහෙම කිව්වා.
දහම්පාසලේ තමන්ගෙ සහෝදර සහෝදරියන්ට තෑගි ගන්න එන්න කියලා නම් අඩගැහුවට මේ දියණියට තෑග්ගක් ගන්න එන්න කියලා කිසිවෙක් ආරාධනය කලේ නෑ.
ඔයාට තෑගි නැද්ද. මම ඇගෙන් ඇහුවා.
මට පැමිණීමට ලැබෙන තෑගි ලැබෙන්නෙ නෑ. මගෙ පැමිණීම අඩුයි මේ අවුරුද්දෙ. ඇය මයික්‍රපෝනය අතේ තද කරගෙන මන්දස්මිතියක් නැගුවා. සන්ධ්‍යා කුමාරි මහත්මිය හරහා මම දැරිවියගෙ මව්තුමිය මුණ ගැහුනා. ඇගේ කථාව බොහොම සංවේදියි.
දුවගෙ තාත්තා ලංගම බස් එලෙව්වා. ඇක්සිඩන්ට් එකක් වෙලා දැන් ඉනෙන් පහළ පණ නැතිව ගෙදර ඉන්නෙ. මම කුලී වැඩකට යන්නෙ නැති දවස් වලට එයාව බලාගන්න පුලුවන්. ඒත් මම ගෙයින් එළියට යනවා නම් මේ දුව තමයි තාත්තව බලාගන්නෙ. එදාට ඉතින් දහම්පාසල් එන්න ලැබෙන්නෙ නෑ. මගේ ලොකු දුව පේරාදෙණිය සරසවියෙ ඉගෙන ගන්නෙ. එයත් බොහොම අමාරුවෙන් එතැන අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. කුලියක් මලියක් කරලා අපිට යමක් දෙන්න කෙනෙක් නැති නිසා මට හැකි විදියට මේ දුවලගෙ ඒ අවශ්‍යතා සම්පූර්ණ කරනවා.
ඇගේ ඇස් අග කදුලක් මෝදු වෙනවා මම යන්තමින් දැක්කා. හිස් අහස විතරයි දහම් පාසලට ඉහළින් තිබුනෙ. ඉරට මුවාවෙන්නට වලාකුලකුදු නැති කාෂ්ඨක රස්නෙ යට මේ මිනිසුන්ගෙ ජීවිත මොන තරම් වියලිලා ඉරිතලා ගිහින්ද ? මම තනිව කල්පනා කලා.
තරුණ සංගමයෙ විශේෂ ඉල්ලීමක් අනුව මේ දියණියට පැමිණීමට ලබාදෙන ත්‍යාගය ලබා දුන්නා.
ඔබතුමන්ලා නැත්තං මට මේ තෑග්ග අද ලැබෙන්නෙ නෑ. ලස්සන රෝස පාට බෑගය අත ගාමින් ඇය අපිට කිව්වා.
ඔයා කැමතිද කොළඹ යන්න. නිවේදන කලාව ගැන ඉගෙන ගන්න. රූපවාහිනී නාලිකා වල වැඩසටහන් වලට සහභාගි වෙන්න.
මම නම් කැමතියි. ඇය සුදුවැලි මත මාපට ඇගිල්ලෙන් හාරමින් හොරැහින් අපි දිහා බැලුවා.
ඒත් තාත්තා බලාගන්න හිටියම කොහෙවත් යන්න විදියක් නෑ. ඇරත් කොළඹ වගේ දුරකට මාව එක්කගෙන එන්න කෙනෙකුත් නෑ.
දුවේ...ගැටලු බාධක හැමෝටම තියෙනවා. ඒවා පන්නරයක් කරගෙන හොඳට ඉගෙන ගන්න. මේ මහත්තුරු හැකි විදියට උදව් කරාවි. සන්ධ්‍යා මහත්මිය ඇගේ හිස අතගාමින් එහෙම කිව්වා.
දහසක් දුක් කම්කටොළු මැද්දෙන් හිනාවෙන්න වෙර දරන මේ මල් කැකුලට තමන්ගෙ අනාගතය ජයගන්න තවත් බොහෝ දුරක් යා යුතුයි. ඉතින් ඒ දුර අවම කරලා දෙන්න මේ ලිපිය කියවන ඔබට හැකියි. කැමති නම් උපකාර කරන්න ඔවුන්ගේ දුප්පත් දහම් පාසලට, කැමති නම් උපකාර කරන්න බාගෙට වැඩ නිමවුන බුදු පිළිමයේ කටයුතු නිම කරන්න, කැමති නම් උදව් කරන්න මේ දියණියගෙ අනාගතයට, කඳුරුවැවේ පුන්න හාමුදුරුවො අවශ්‍ය සම්බන්ධීකරණය ඔබ වෙනුවෙන් සිදුකරාවි.
ප.ලි
හොරොව්පතාන පැත්තෙන් ඔබ කොහේ හෝ සංචාරයක යනවා නම් තිරප්පන්කඩවල විහාරස්ථානයට ගොඩ වදින්න අමතක කරන්න එපා. විහාරස්ථානයට හැරෙන ස්ථානයේම සිවිල් ආරක්ෂක කඳවුරකුත් තියෙනවා. මේ පන්සලේ පුංචි හාමුදුරුවො පන්සලට අමුත්තො එනවට හරිම මනාපයි. ඒ අය බැහැදැකලා, සුදු නෙළුමින් විකසිත උන තිරප්පන් කඩවල වැවේ සිහිල විඳගෙන ඔබට ආපසු එන්නට හැකියි.
සිරා කොලුවාගේ අවිවේකය නිසා මෙම ලිපිය සිරාගේ කාමරය තුල පලවන්නේ සිතුවාට වඩා බොහෝ ප්‍රමාදයකිනි. ඒ පිළිබඳ මගේ කණගාටුව.
![]() |
| සන්ධ්‍යා කුමාරි මහත්මිය |

| දහම් පාසල් ගොඩනැගිල්ල ඈතින් පෙනෙන ආකාරය |

| තවමත් වැඩ අහවර නොවූ බුදු පිළිමය |
තමන්ගෙ ගම, තමන් සේවය කරන වටපිටාව ගැන සන්ධ්‍යා කුමාරි ගුරුතුමිය දීර්ඝ විග්‍රහයක යෙදුනා. ඇයත් දියණියන් දෙදෙනෙකුගේ මවක්. ඇගේ බාලම දියණිය ත්‍යාග ප්‍රදානෝත්සවයෙදි නැටුම් අංග ඉදිරිපත් කරන්නත් දායක උනා.
ත්‍යාග ප්‍රදානෝත්සවයෙ වැඩ අහවර උනාට පස්සෙ අපි ආයෙමත් තිරප්පන්කඩවල රජමහා විහාරයට ඇවිත් නෙළුම් වැවේ දියවරින් දාහය නිවාගෙන ආයෙමත් ගම රට බලා එන්න පිටත් උනේ මතු දවසක මේ වැනි යහපත් කාරියකට දායක වීමේ ආශාව සිතේ තද කරගෙන. දින දෙකක කාලයක් තුල මා සමග බොහෝ සේ හිතවත් උන පුංචි ස්වාමීන් වහන්සේලා දෙනමක් මගේ අත් දෙකේ එල්ලිලා.
ආයෙමත් කවදද අපිව බලන්න එන්නෙ ?
ඉක්මනින්ම....මම උත්තර දුන්නා.
ඉක්මනින්ම කිව්වෙ ?
හාමුදුරුවො අදට වඩා ලොකු හාමුදුරු කෙනෙක් වෙච්ච දවසට මම ආයෙමත් එන්නං.
ඔය ඇත්තමද...පුංචි ස්වාමීන් වහන්සේ හීන් හිනාවක් නැගුවා.
මෙන්න මේක අධ්‍යාපන වැඩ වලට යොදාගන්න. පුංචි මුදලක් ඒ පුංචි අත්වල තනි කලාම උන් වහන්සේලා ඒ වත්කම දෝතින්ම ග්‍රහණය කරගත්තා. සමහර විටෙක මේ සල්ලි පවුලෙ අගහිගකම් නැති කරගන්න යොදවාවි. ඔවුන්ගෙන් සමුගන්න අවස්ථාවෙදි මට එහෙම හිතුනා.
පසු සටහන
උපුල්විල රජමහා විහාරයේ ත්‍යාග ප්‍රදානෝත්සවය පුරාම ඒ කටයුතු මැනවින් මෙහෙයවමින් නිවේදන කටයුතු වලින් දායකත්වය දුන්නෙ බොහොම පියකරු දැරියක්. කිසිම ගුරුහරුකමක් නැතුව ජන්මයෙන් තුරුලුකරගත්ත හැකියාව මේ යැයි කියමින් ඇය ඉතාම ව්‍යක්ත ලෙස භාෂාව හැසිරුවා. ඒ වගේම පුංචි වේදිකාව පුරාම ඇවිදිමින් වෘත්තීය මට්ටමේ සන්නිවේදකයෙකුගේ හැඩතලා පෙන්වූවා. සමහර වෙලාවට තමන් ආමන්ත්‍රණය කරන වචන වල අර්ථය ඇගේ මුහුණේ හැගීම් වලින් නරඹන්නන්ට දකින්න ලැබුනා
මේ කෙල්ල නම් හරිම දක්ෂයි. කවුරු හරි මේ දේවල් හරියට කියා දුන්නොත් හොඳ තැනකට යයි. ඒත් ගමේ මල් ගමේම පරවෙලා යන්න සිද්ධ වෙන එකනං අපරාදයක්. අපි එක්ක ගිය සමහරු එහෙම කිව්වා.
![]() |
| කාගේත් සිත් දිනාගත් උපුල්විල පුංචි සමනලිය |
දහම්පාසලේ තමන්ගෙ සහෝදර සහෝදරියන්ට තෑගි ගන්න එන්න කියලා නම් අඩගැහුවට මේ දියණියට තෑග්ගක් ගන්න එන්න කියලා කිසිවෙක් ආරාධනය කලේ නෑ.
ඔයාට තෑගි නැද්ද. මම ඇගෙන් ඇහුවා.
මට පැමිණීමට ලැබෙන තෑගි ලැබෙන්නෙ නෑ. මගෙ පැමිණීම අඩුයි මේ අවුරුද්දෙ. ඇය මයික්‍රපෝනය අතේ තද කරගෙන මන්දස්මිතියක් නැගුවා. සන්ධ්‍යා කුමාරි මහත්මිය හරහා මම දැරිවියගෙ මව්තුමිය මුණ ගැහුනා. ඇගේ කථාව බොහොම සංවේදියි.
දුවගෙ තාත්තා ලංගම බස් එලෙව්වා. ඇක්සිඩන්ට් එකක් වෙලා දැන් ඉනෙන් පහළ පණ නැතිව ගෙදර ඉන්නෙ. මම කුලී වැඩකට යන්නෙ නැති දවස් වලට එයාව බලාගන්න පුලුවන්. ඒත් මම ගෙයින් එළියට යනවා නම් මේ දුව තමයි තාත්තව බලාගන්නෙ. එදාට ඉතින් දහම්පාසල් එන්න ලැබෙන්නෙ නෑ. මගේ ලොකු දුව පේරාදෙණිය සරසවියෙ ඉගෙන ගන්නෙ. එයත් බොහොම අමාරුවෙන් එතැන අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. කුලියක් මලියක් කරලා අපිට යමක් දෙන්න කෙනෙක් නැති නිසා මට හැකි විදියට මේ දුවලගෙ ඒ අවශ්‍යතා සම්පූර්ණ කරනවා.
ඇගේ ඇස් අග කදුලක් මෝදු වෙනවා මම යන්තමින් දැක්කා. හිස් අහස විතරයි දහම් පාසලට ඉහළින් තිබුනෙ. ඉරට මුවාවෙන්නට වලාකුලකුදු නැති කාෂ්ඨක රස්නෙ යට මේ මිනිසුන්ගෙ ජීවිත මොන තරම් වියලිලා ඉරිතලා ගිහින්ද ? මම තනිව කල්පනා කලා.
තරුණ සංගමයෙ විශේෂ ඉල්ලීමක් අනුව මේ දියණියට පැමිණීමට ලබාදෙන ත්‍යාගය ලබා දුන්නා.
ඔබතුමන්ලා නැත්තං මට මේ තෑග්ග අද ලැබෙන්නෙ නෑ. ලස්සන රෝස පාට බෑගය අත ගාමින් ඇය අපිට කිව්වා.
ඔයා කැමතිද කොළඹ යන්න. නිවේදන කලාව ගැන ඉගෙන ගන්න. රූපවාහිනී නාලිකා වල වැඩසටහන් වලට සහභාගි වෙන්න.
මම නම් කැමතියි. ඇය සුදුවැලි මත මාපට ඇගිල්ලෙන් හාරමින් හොරැහින් අපි දිහා බැලුවා.
ඒත් තාත්තා බලාගන්න හිටියම කොහෙවත් යන්න විදියක් නෑ. ඇරත් කොළඹ වගේ දුරකට මාව එක්කගෙන එන්න කෙනෙකුත් නෑ.
දුවේ...ගැටලු බාධක හැමෝටම තියෙනවා. ඒවා පන්නරයක් කරගෙන හොඳට ඉගෙන ගන්න. මේ මහත්තුරු හැකි විදියට උදව් කරාවි. සන්ධ්‍යා මහත්මිය ඇගේ හිස අතගාමින් එහෙම කිව්වා.
දහසක් දුක් කම්කටොළු මැද්දෙන් හිනාවෙන්න වෙර දරන මේ මල් කැකුලට තමන්ගෙ අනාගතය ජයගන්න තවත් බොහෝ දුරක් යා යුතුයි. ඉතින් ඒ දුර අවම කරලා දෙන්න මේ ලිපිය කියවන ඔබට හැකියි. කැමති නම් උපකාර කරන්න ඔවුන්ගේ දුප්පත් දහම් පාසලට, කැමති නම් උපකාර කරන්න බාගෙට වැඩ නිමවුන බුදු පිළිමයේ කටයුතු නිම කරන්න, කැමති නම් උදව් කරන්න මේ දියණියගෙ අනාගතයට, කඳුරුවැවේ පුන්න හාමුදුරුවො අවශ්‍ය සම්බන්ධීකරණය ඔබ වෙනුවෙන් සිදුකරාවි.
කඳුරුවැවේ පුන්න හිමි - 071 611 8062
මම කාමරේ අරින සිරා කොලුවා.