Saturday, October 20, 2012

126 මුත්තරා බොක්ක නූලෙන් බේරුන දවසක්

බර්ර් ර්ර් බ්ර්ර්ර්..... 
මේසෙ උඩ තිබ්බ දුරබණුව සද්දෙ දාගෙන කම්පනය උනා...
හෙලෝ.... මචන්.... මම ප්‍රියා... අපේ අයියගෙ වෙඩිම ලබන මාසෙ...බොට පුලවන් නේද දෙවැනි මනමාලයා වෙන්න... එහා පැත්තෙන් එහෙම ඇහුනා....
අයියෝ ඕවා සිම්පල් බොලං... දෙවැනි මනමාලිත් ලස්සනට ඇති නොවැ.... සිරාගෙ හිත කිව්වා...ඒ උනාට කටෙන් පිට වුනේ හරි හරි මට පුලුවන් කියලා විතරමයි...
අපේ තාත්තා නුවර නිසා මුල් ඇදුම ඒ කිව්වෙ නිළමෙ ඇදුම තමා අයියට අදින්න කිව්වෙ,
ප්‍රියා එහෙම කිව්වම තමයි සිරා පැටලුනු අලකලංචියෙ තරම වැටහුනෙ....
ආයෙමත් සැරයක්... නිළමෙ ඇදුම...මම මටම කියා ගත්තා....

සිරා හාපුරා කියලා නෑදෑ කොලුවෙක්ගෙ වෙඩිමෙ දෙවැනි මනමාලයා වුනෙත් ඔය කියන නිළමෙ ඇදුම ඇදගෙන... ඒ ඇදුම ඇන්දම දැනෙන සනීපෙ දන්නෙ ඒක ඇන්ද පින්වතෙක් ම තමයි. බඩ ලොකුවට පෙන්නන්න කිටි කිටියෙ ඔතන රෙදි පටි නිසා දවස් දෙකක්වත් ඇග රිදෙන එක කිරි ගහට දැලි පිහියෙන් ඇන්න වගේ ෂුවර්... වාහනේ ඉදගත්තම හේත්තු වෙන්නවත් බෑ.... ඔලුවට ඔටුන්න දාලා සුටුස් ගානකොට නලලත් එක්කම ඔලුව රිදෙනවා...  අපි වගේ හොරිකඩයන්ට මේ ඇදුම ඇදගෙන ඉන්න බැරි උනාට උඩරට  සංස්කෘතියත් එක්ක බද්ද වෙච්ච පාරම්පරික වටිනා ඇදුමක් තමයි මේ නිළමෙ ඇදුම...මේ ඇදුමට පළදින  ආභරණත් එක්ක උදේ ඉදන් හවස් වෙනකන් තුන්සිය හැටපස් දවසෙම මුල් ඇදුම ඇදන් හිටපු උඩරට රජවරුන් වගේම, උඩරට ප්‍ර‍භූන් කෙතරම් නම් ශරීර ශක්තියක් ඇති පිරිසක් වෙන්න ඇතිද කියලා වෙනදා වගේම මගේ අක්මාවට ඔය ඇදුම ඇන්ද පළමු වංගියෙම දැනුනා.... එදා ඒ වෙඩිම අහවර වෙලා සිරා හිතුවෙ ආයෙ නම් මේ ඇදුමට අත තියන්නෙ නෑ කියලා...

එහෙම හිතාගෙන හිටිය සත්ගුණවත් සිරා කොලුවට හොදම යාලුවෙකුගෙන් ලැබුනු මේ ආරාධනවා පැහැර හරින්න තිබ්බ අමාරුකම නිසාම භාරගන්න සිද්ධ වුනා... ඒ උනාට ආයෙමත් සැරයක් අපහසුවෙන් ගත කරන පැය කිපය ගැන තමයි සිරාට නිතරම සිහි උනේ...

ඔන්න ඉතිං විදුලිවේගෙන් කාලය ගෙවිලා ගිහිල්ලා වෙඩිමට දිණ ළං වුනා.  අවසන් සතියෙ සිරාට ආහාරයට ගන්න අවසර තිබුනෙ නිර්මාංශ ආහාර විතරයි. උත්සවයට ඉස්සෙල්ලා දවසෙ හැන්දෑවෙ සිරා ප්‍රියාගෙ නිවසට සැපත් වුනා.. නිළමෙ ඇදුම කියන්නෙ සංස්කෘතියට බද්ධ වෙච්ච ඇදුමක් නිසා ඒක අදින්න කලින් කරන චාරිත්‍ර‍ වාරිත්‍ර‍ තියෙනවා... ප්‍රියාගෙ දෙමාපියන් නුවර ප්‍රදේශයේ අය නිසා  මේ පිළිබද ඉතාම සැළකිලිමත්... වෙඩිමට කලින්දා රාත්තිරියෙ නිවෙස තුලදි ගිහි අයෙකු පිරිත් කියලා ඇදුම අදින්න ඉන්න මනාලයා ඇතුලු පිරිසට ආශිර්වාද කරලා අතේ පිරිත් නූලක් බැන්දා...මුල් ඇදුම ඇදන් ඉන්න එක ටිකක් අමාරු උනාට එහි තියෙන වැදගත්කම/ වටිනාකම ගැන යමක් කියන්නත්  සිරාට හිතුනා...


මුල් ඇදුමේ නිජබිම ඉන්දියාව ලෙස තමයි සළකන්නෙ. මහනුවර රජකල නායක්කර් වංශික රජවරුන් විසින් ලංකාවට මෙය හදුන්වාදී ඇතැයි හිතන්න පුලුවන්.  එකල පැවති දැඩි කුල වාදය නිසාම සමාජයේ සුවිශේෂ යැයි පිළිගන්නා කුලයන් විසින් පමණක් මෙම ඇදුම භාවිතා කර තිබෙනවා. 1815 දී පමණ මුල් ඇදුම සියලුම රාජ වාසල නිලධාරීන් ඇදිය යුතු යැයි සම්මතයක් ඇති උනා. ඒ අනුව රටේ මහත්තයා, මොහොට්ටාල, දිසාව, බස්නායක නිළමේ යන රාජකීය තනතුරු දැරූවන් මුල් ඇදුම හැදි අතර තනතුරු වල තිබූ උස් පහත් කම් අනුව එහි වර්ණය හා මෝස්තර වෙනස් උනා. දැඩිමුන්ඩ දේවතාවාට අදාළ ඇදුමක් ලෙසත් මුල් ඇදුම සළකනවා..
උඩරට මුල් ඇදුම ඉතා වැදගත් මෙන්ම සිත් ඇදගන්නා ඇදුමක්,  වර්තමානය වන විට උඩරැටියන් පමණක් නොව අනෙකුත් පළාත් වල අයත් විශේෂ උත්සව අවස්ථා වලදී හා විශේෂයෙන්ම මංගල අවස්ථා වලදී මෙම ඇදුමෙන් සැරසෙනවා දකින්න පුලුවන්...

මේ තියෙන්නෙ මෝස්තර කීපයක්ම
ඡායාරූපය http://www.srilankanwedding.com/admin/images/17175105500.64773000%201347442803nilame.png

මෙන්න බොලේ සුදු අයියා කෙනෙකුත් ඉන්නවා....

ඔබත් විල්ලුද සැට්ටය, රෙදිකඩ සතර, කැටයම් කල පිහිය, අලංකාර කරන ලද කොන් හතරක් ඇති හිස් වැසුමෙන් සැරසුනොත් හරියටම ආදි කාලෙ වංශාධිපතියෙක් වගේම ඉදීවි...

නියම මුල් ඇදුමට ඉණ වඩා ඔතනා රෙදි කඩ 7 ක් අයත් වුවත් වර්තමානයේ එය 4ක් දක්වා අඩු වී තියෙනවා... මුල් ඇදුම වාණිජකරණය වීම ඊට හේතුව වෙන්න පුලුවන්.   මෙයට  අමතරව රැළි කලිසම, විල්ලුද පපු පටිය, සුදු තිප්පොටිය, පච්ච වඩම, සෝමාන, කාවනිය, විල්ලුද සැට්ටය, මල් ගස සහිත හිස් වැසුම, පිහිය, සපත්තු, පේරැස් මුද්ද සහ මාලය  යන අංග වලින් මුල් ඇදුම සමන්විතයි.

ලංකාවේ භාවිතා වන  ඇදුම් අතරින් වැඩිම කොටස් සංඛ්‍යාවකින් යුතු ඇදුම  තමයි මුල් ඇදුම හෙවත් නිළමෙ ඇදුම.  ඒ සදහා බහුතර රෙදි ප්‍ර‍මාණයක් භාවිතා වන නිසාම තවෙකෙකුගේ සහායකින් තොරව තනිව අදින්න නම් මේ කපේට බෑ ගොයියො... මෙම ඇදුම් සැකසීමේදී මෙන්ම ඇන්දවීමේදීද විවිධ සිරිත් විරිත් රාශියක් තියෙනවා.... ඔන්න කථාවෙ අස්සෙ අමතර තොරතුරු කීපයකුත් දෙසා බෑවා....


පිරිත් නූලත් බැදගෙන රාත්තිරී 12 ට පමණ නිදිදෙව්දුව වැළදගෙන ගල් පාන්දර 3 කණිසමට අවදිවෙලා පිරිසිදු වුනා...ඔන්න ඉතිං ඇදුම කුලියට සපයන නඩේ ඇත්තො නමෝ විත්තියෙන් අන්දන්න පටන් ගත්තා...මනමාලයා, මනමාලයගෙ යාලුවො දෙන්නා, පොඩි උන් මේ හැමෝටම ඔය ඇදුම අන්දන්න තියෙන හින්දා තමා තුනේ කණිසමට වැඩේ ආරම්භ කොලේ... මනමාලයට පස්සෙ  ඔන්න සිරාගෙ අවස්ථාවත් උදා වුනා... සිරාගෙ බඩ ගෙඩිය අනිත් උන්ට වඩා තරමක් වැඩි නිසා රෙදි පටි දෙකක් එතීමෙන් පස්සෙ වැඩේ ගොඩ ගියා...

ඔන්න ඉතිං සියල්ල සූජානම්... ප්‍රියාගෙ ඥාති හිත මිත්‍රාදින් අතර සිටි කාන්තා පාර්ශවයෙන් තමයි සිරාට වැඩි ප්‍ර‍තිචාර ලැබුනෙ ඇදුම ඇන්දම සිරා  සිරා කියලා. ලුණු මිරිස් සමග කිරිබත් කෑලි දෙක තුනක් ආමාශ ගත කරගෙන පිරිස වෙඩිමට යන්න මංගල රථයෙ ඈදි ගත්තා... හරිම අමාරුවෙන් යන්තමට  හේත්තු වෙලා   දැන් සිරා ඉන්නෙ...රථය ක්‍ර‍ම ක්‍ර‍මයෙන් ඇදෙනවා ඉස්සරහට...  මාළඹෙ කිට්ටුව තැනක තමයි උත්සව ශාලාව තිබ්බෙ.... රථය පිටත්වෙන්න මොහොතකට ඉස්සෙල්ලා මුත්තරා බොක්ක හිස් කලාට රථය පිටත්වෙලා මාළඹේ කිට්ටුවට එනකොට ටැංකිය පිරුනා... ඉන්න හිටින්න බෑ බොලං කට කපලා...

අයියෙ මට නම් අමාරුයි බන්... හුජ්ජ කරන්න පුලුවන් තැනක නවත්තපන්කො....
රියදුරු ගොයියට එහෙම කිව්වම මනමාල ගොයියා......
ලැජ්ජ නැද්ද යකෝ ඔච්චර වටින ඇදුමක් ඇදගෙන අකුල් ගානෙ රිංගන්න... බලපන් වටේටම ගෙවල්... ඒ මදිවට පිටිපස්සෙ එන වාහන වල ගෑල්ළමයිනුත් ඉන්නවා... පොඩියක් අල්ලං ඉදපන් තව සුට්ට දුරයි....

හොද සුට්ට... තවත් කිලෝමීටර් 5ක් විතර ගියාට පස්සෙ මම ආයෙමත් ඉල්ලීම ඉදිරිපත් කොලා... ඒ වෙද්දි අපි ශාලාව කිට්ටුවටම ඇවිල්ලා... ඒ වගේම බේතකට අකුලක් හොයා ගන්න බැරි ඉසව්වක්.... ඉවසගෙන ඉදින් මලේ දැන් ළගටම ඇවිල්ලා තියෙන්නෙ කියලා මනමාල උන්නැහේ ආයෙත් කියපු නිසාම සිරා හක්ක තද කරගෙන ඉවසගෙන හිටියා...

ඔන්න ඉතිං උත්සව ශාලාව අභියසටම ආවට පස්සෙ සිරා හිත හදාගත්තා තව ඩිංගෙන් අමාරුව ඉවරයිනෙ කියලා..

ඉස්සරහ ගේට්ටුවෙන්ද වාහනේ ගන්නෙ... පැත්තෙ තියෙන අනිත් ගේට්ටුවෙන්ද ... වැඩිහිටියො අතර කථා බහක්, ඒ අස්සෙ සිරා එහෙට මෙහෙට වැනෙනවා හරියට නිමෙන්න හදන පහන් තිරයක් වගේ... කථාවෙන් කථාවෙන් නිවැරදි ගේට්ටුව තෝරගෙන ඇතුලට ගියා කියමුකො... ඔන්න ඉති සිරා රථයෙන් බහින්න හදනවා අමාරුව වැඩි කමට...

කොහෙ යන්නද  බොලා හදන්නෙ... වාහනෙන් බහින තැන ඉදලාම ෆොටෝ ගහන්න තියෙන නිසා පොඩ්ඩක් ඔහොම ඉදපන්... ප්‍රියාගෙ අයියා මොර දුන්නා... මුත්තරා බොක්ක දැන් පැළෙයි දැන් පැළෙයි කියන බයත් එක්ක බොක්ක පැළිලා සිරා රෝහල්ගත කරන ආකාරය... වෛද්‍ය ඇත්තො ශල්‍යකරුම  කරන ආකාරය සිරාට මැවිලා පේන්න උනා...

විනාඩි දෙක,තුන,හතර, පහ ගතවෙනවා... ඒත් වාහනෙන් බහින පාටක් නෑ.... කාර් රථයේ වීදුරු අස්සෙන් මනමාලිගෙ පාර්ශවයෙ පිරිස පේනවා.... මොකක්ද බොල මේ හරුපෙ.... රථයේ වීදුරුවක් පහත් කරලා සිරා අවට හිටි කෙනෙක්ගෙන් ඇහුවා...අයියා මක්කෙයි සුනංගු....

අඩා මල්ලියා... ෆොටෝ ගැෆර තෙමේ තාම මෙතනට ආවෙ නෑ බොල... ඒකා සූජානම් වෙලා එන තුරු හිටු කියලා ඒකා කිව්වා, හරියට මූණට දමලා ගැහුවා වගේ... හයියෝ සංසාරෙ.... සිරා දිග හුස්මක් අරන් ආසනයට බර දුන්නා.... ඇත්තමයි දැන් නම් කැපෑසිටි ඔව්ර් ලෝඩ්.... ඇගම හිරි වැටිලා.... මට මොනවද වේගන යනවා....

අනේ දෙයියො මගේ මූණ දිහා බැලුවා වගේ ඡායාරූප ශිල්පියා ඕන්න ආවා... උඩරට නැටුම්...  කරණම්... බල්ටි , වෙඩි සද්ද අස්සෙ  පිරිස විනාඩි කීපයක් ඉදිරියට ඇදිලා ශාලාවට පිවිසුනා...

අයියෙ සින්දුවක් කියලා එන්නද ? අසරණ සිරා ෆොටෝ ග්‍රැපර තෙමේගෙන් විමසුවා...

තව විනාඩි දෙකෙන් කසාදෙ රෙජිස්ටර් කරන නැකත... ඒ වෙලාවට බොලාත්  ඉන්න ඕනෙ... මේකෙ ටොයිලට් තියෙන්නෙත් දුරින් හින්දා ගිහිල්ලා එන්න වෙලාවකුත් නෑ මලේ කියලා ඒ ගොයියා මගෙ පිටට තට්ටුවක් දැම්මා....

කසාදෙ රෙජිස්ටර් කරලා.... පහන් පත්තු කරලා....බදින් උන් දෙන්නා කිරිබත් කවාගෙන, සමූහ ඡායාරූපත් ගත්තට පස්සෙ... දිගේලි කරපු ගොනාට නිදහස ලැබුනා වගේ සිරාගෙ සතුටුදායක අවස්ථාව ඒ කිව්වෙ සින්දුවක් කියන්න අවස්ථාව එළඹිලා  අදාළ ස්ථානයට වාර්තා කොරන්න දේවවරමින් අවස්ථාව ලැබුනා.

මුල්  ඇදුමෙ පොටවල්... රෙදි පටි ඔක්කොම අස්සෙන් අතදාලා ආයුදේ අල්ලගත්තම තමා නැවතිලා තිබ්බ සිරාගෙ නාඩි ආයෙත් වැටෙන්න උනේ.....හයියෝ එහෙමත් දවසක්... මතක් වෙද්දිත් හුජ්ජ බරයි වගේ බොලන්..... තමන්ගෙ අත මිට මොළව ගත්තම තියෙන සයිස් එකට තියෙන මුත්තරා බොක්ක මගේ පෙර පිනකට තමා නිරුපද්‍රිතව බේරිලා තිබුනෙ...


මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

ඔබේ අත මිට මොළවා ගත් කල ඇති ප්‍ර‍මාණය ආසන්න වශයෙන් ඔබේ මුත්‍රාශයේ ප්‍ර‍මාණයයි... එය කුඩා වුවත් මුත්‍රා එකතු වීමේදී ඇදෙන සුලු නිසා උපරිමය මිලිලීටර් 500 ක පමණ ධාරිතාවක් පවතී...

මුත්‍රාශයේ පුමාණය  කාන්තා / පිරිමි අනුව  විශාල වෙනසක් නොමැත... විකිපීඩියා තමයි ඒ බව කිව්වෙ... නැත්නම් බොලා කියයි මම ඕවා බල බලා ගියා කියලා...

මුල් ඇදුම ඇදන් ඉන්න ටිකක් අපහසු උනාට ඇන්දට පස්සෙ හරිම ආඩම්බර හැගීමක් එනවා බොලං... ඇදලම බලහල්ලකො...

කාමරේට පැමිණි ඔබත් මෙසේ අසරණ වූ දිණක් වේ නම් කොමෙන්ටුවක් ලෙස අනිත් අයත් එක්ක බෙදාගෙනම යන්න....


126 comments:

  1. Ammo eka kiyavala matath chuu bara hduna
    Ambiyo oka hirakaran inna tharam amaaruvak vena naa
    Sirage bokka pudumayi ithuru una :)

    ReplyDelete
    Replies
    1. පෙර කල පින් බෙලෙන් තමයි මගේ මුත්තරා බොක්ක රැකුනෙ... තව ටිකක් වෙලා ගියා නම් මම බොක්ක පැලිලා මැරෙනවා....

      කොම්පීතරේ ඉස්සරහා හුජ්ජ යයි... ඒ හින්දා හුජ්ජ කොරලම වරෙන් මඩයො....

      Delete
  2. හි හි... හයියෝ... අපේ මහත්තයා අහනවා මොකද මේ රෑ ජාමේ බඩ අල්ලන් හිනා වෙන්නේ කියලා... මුල් ඇදුම් සීන් එකක් කිව්වම වැඩේ තේරිලා ඔන්න ආයිත් නිදි... අපේ ලොකු මස්සිනාටත් ඔය වැඩේ උනාලු එයාගේ වෙඩින් එක දවසේ.. හි හි...

    අපේ මහත්තයා හොඳටම කෙට්ටු නිසා ඔය යාර 7ම එතුවත් වැඩ් හරි යන්නේ නෑ කියලා තේරුණ නිසා මම නම් උඩරට ඇඳුම් දෙකම අයින් කරලා ගැලපෙන විදියට සාරියම ඇඳලා එයට කෝට් බෑය දාන්න කිව්වා... මොකද ඔසරිය ඇඳලා කෝට් එක අඳින එකේ කිසිම ගැලපීමක් නෑ වගේම උඩරට ඇඳුමට කරන අගෞරවයක් කියල මට හිතුන නිසා....

    හෝම් කමින් එකට නම් ඔසරිය ඇන්දා.. ඒක ඒච්චර ලොකු ෆන්ෂන් එකක් නොවුන නිසා.. අනිත් එක හැමෝම කියන විදියට සාරියට වඩා ඔසරිය මට හොදයි කියලා ඒක අඳින්න ආසාවක් තිබ්බ නිසා....

    ReplyDelete
    Replies
    1. හිනාවෙන එක පැත්තක දාමුකො... අපේ මහත්තයා භය වෙන්න ඇති බඩ අල්ලගෙන ඉද්දි බඩේ රුදාවක් ද කියලා...ඔය දාලා තියෙන ඩිංගිත්තන් ෆොටෝවෙන් හිතා ගන්න පුලුවන් හිරු ඔසරියට හැඩයි කියලා... අපේ මහත්තයා ඔය කියන තරමටම කෙට්ටු නම් ඔයාගෙ සූපවේදී උපක්‍ර‍ම හා කේක් කඩෙන් කේක් කවලා මහත් කර ගන්න පුලුවන් වෙයි....

      Delete
  3. හික්ස් ..

    හය්යෝ සංසාරේ .. ඔය කුණ ලබන දෙසැම්බර් වල මටත් කන්න වෙනවනේ... මං යාලුවට කියන්නද බං දැම්ම වෙන එකෙක් හොයාගන්න කියලා

    ReplyDelete
    Replies
    1. එපා එපා එහෙම කියන්න එපා... රජෙක් වගේ පේනවට මී ගොඩයා කැමති නැතෙයි.... අපි කියනවට නෙමෙයි ඇදලම තමයි බලන්න ඕනෙ ඒ ඇදුම ඇන්දම තියෙන සොමිය...

      Delete
  4. පුතේ මේකනම් හරිම රසවත්ව ලියලා තියනවා..

    ReplyDelete
    Replies
    1. අනේ බොහොම ස්තූතියි ලොකු මාමෙ...

      Delete
  5. අඩෝ උඹ කිව්වට විශ්වාස කරන්නේ නෑ මම ඔය සීන් එක අහපු 14 වෙනි වතාව.දුක කියන්නේ ඕක වැඩිපුර වෙන්නේ දෙවෙනි මනමාලයන්ට.අහපු 14 ම දෙවෙනි මනමාලයෝ.

    ReplyDelete
    Replies
    1. මානවකයත් සෙල්ලම් නෑනෙ... අහපු වාර ගණනත් මතකයි...දෙවැනි මනමාලයාට ඉතිං රාත්තිරියට රාජකාරියක් නෑනෙ... රාත්තිරී සංග්‍රාමය ගැන හිත හිතා ඉන්න නිසා මනමාලයට හුජ්ජ ගියත් දැනෙන්නෙ නැතුව ඇති....

      Delete
    2. මොන සංග්‍රාමද සිරා....? අපේ මල්ලි කෙනෙක් ඒකත් කරගෙන තියෙන්නෙ පහුවදා රෑ.ඒද රෑ දෙන්නම කට කපලා නිදිලු.

      ඔය වස්තරෙන් සැරසෙන මනමාලයෝ දවස් තුනක්වත් මධු මෙව්වා එක දාගත්තොත් හොදයි. නැත්නම් සොරි තමයි.

      Delete
    3. එහෙම ඒවා තමයි වැඩි සුමිත් අයියා... හැම කෙනාම මැච් ගහන්න යන්නෙ නෑ පළමු දවසෙම...

      Delete
  6. සිරා අයියා නිලමේ කිට දමාගෙන ඉන්න ෆොටෝවකුත් දැම්ම නම් සිරා වගේ (අනිවාර්යයෙන්ම දාන්න ) , මාත් පන්ති වලදී නම් ඔය කට්ට ඤාව් වෙන්නම කාල තියෙනවා පැය 3-4 ක් ඉන්න කොට තමා සනීපෙ දැනෙන්නේ හිකි හික් හික්..............

    ReplyDelete
    Replies
    1. මාත් කියන්න ආවේ ඒකම තමයි.

      Delete
    2. ඊළග පෝස්ටුවක් අස්සෙ මගේ පින්තූරයක් අනිවාර්යෙන්ම දාන්නම් මලේ... පන්ති අස්සෙ මට නම් දවසක් මහ එක සැට් උනා පන්තිය පටන් ගත්ත ගමන්ම... බස් කොන්දොස්තරගෙන් ඉතුරු සල්ලි ගන්න අමතක වුනා කියලා එදා පන්තියෙන් මාරු වෙලා පොදු වැසිකිළියට ඇන්ටර් වුනේ...

      Delete
  7. හිනාවෙලා චූ ගියා...

    ReplyDelete
  8. සිරා පොස්ටුවට ඕන කරන විස්තර ඔක්කොම හොයලා දාලා තියන නිසා හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඔය බර හැදුනාම ඉතින් කොර වෙනවා. හෑල්ලු කරගත්තාම දිවියලෝකේ ගියා වගේ. මගේ නම් ඔය ප්‍රමාණය ටිකක් වැඩිද මන්දා.. මට දවසක් විතර ඉන්න පුළුවන්...:) :)

    ReplyDelete
    Replies
    1. දවසක් ඉන්න පුලුවන්... බොලාගෙ ආමාශෙ සයිස් එකට වෙන්ට ඕනෙ එහෙනම් මුත්තරා බොක්කත් පිහිටලා තියෙන්නෙ... ක්‍රිකට් ගහද්දි ඔතට පන්දුව වැදුනාම පහත් වෙලා ඉන්න කියලා තමයි උපදෙස් දෙන්නෙ....

      Delete
  9. උඹට තිබ්බෙ ඇගේම චූ කර ගන්න බන්. ඇඳුමෙ තිබ්බ රෙදි ප්‍රමාණය වැඩි හින්ද ගලායෑමක් නැතිව උරා ගනී කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හුජ්ජ වලින් මානෙල් මල් සුවද, අරලියා මල් සුවද වගේ එකක් එනවා නම් එහෙම කරගන්නත් තිබුනා බන්... රෙද්දෙම ගියොත් කොහොමද මම දෙවැනි මනමාලිට ලයින් එක දාන්නෙ...මේ කථාව අස්සෙ එහෙම ඒවාත් තිබුනා නොවැ...

      Delete
  10. පිස්සු හැදෙනවා සිරා..හිනාකාලා මැරෙන සිංකොන් එකක්නේ උබට වෙලා තියෙන්නේ.. මගේ යාලුවෙක්ටත් ඔය ඇදුම ඇදගෙන ඉන්නකොට ඔහොම උනා ඌට තිබුන ප්‍රස්නේ ඔය ඇදුමත් එක්ක අදාළ කාර්යය හදිසියේ කරගන්න බැරි කම..
    මමත් උබ වගේම ඔය අත්දැකීමට මුහුණ දුන්නා මාතර වෙඩිමකට යනකොට හයිවේ එකේදී වෑන් එකේ රියදුරු මහතා වාහනේ නවත්තන්න බැහැ කිව්වා තහනම් කියලා... මම කෑගහලා දගලලා නොවිදිනා වැදුම් වැදලා හයිවේ එකේම නතර කරගෙන වැඩේ කරගත්තා.. නැත්නම් මේ වෙනකොට චමියා ගේ මුත්‍රාශේ නැහැ....

    ReplyDelete
    Replies
    1. එහෙම අවුලක් නෑ චමී... මේ ඇදුමට අදින කලිසමේ අදාළ කාරිය කොරගන්න පහසු වෙන විදියට කැපුමක් දාලා තියෙන්නෙ... මෙහෙම වටිනා ඇදුමක් ඇදගෙන කාටත් පේන විදියට අකුල් අස්සෙ වැඩේ කොරන එක අශෝභන නිසා තමයි සිරාට ඉවසන්න උනේ...

      රියදුරු මාමට පින් දීපන් නැත්නම් බොලාගෙ බොක්ක පැලිලා ඒ වෙනුවට ප්ලාස්ටික් කෝප්පයක් තියාගෙන ඉන්න වෙනවා එදා නැවැත්තුවේ නැත්නම්...

      Delete
  11. අයියෝ මං ඕක අඳින්න පුලුවං දෙවෙනි මනාලයෙක් හොයන්න වින්ද දුකක්. ඒ දවස්වල බ්ලොග් ලියන්නෙ නෑනෙ නැත්තං සිරාට දෙන්න තිබුණ තව චෑන්ස් එකක්.

    ReplyDelete
    Replies
    1. හයියෝ... ආයෙ නම් මෙහෙම ආරාධනා භාරගන්නේ නැතෝ... මතක් වෙද්දිද් හුජ්ජ බරයි වගේ...

      Delete
  12. Api "Phata Rata" aya kiyala Ganige kastiya mama Mul aduma adinawata leda dama,(Magul gedarata Ganige nadayo awat naha mama Mul aduma adat naha).
    Jayawewa,
    Sajith

    ReplyDelete
    Replies
    1. වෙඩිමෙදි පණ දෙන්න කථා කරන නෑදෑයො කොහොමත් ඊට පස්සෙ ජෝඩුව උන්නද මළාද කියලා බලන්නෙ නෑ නොවැ... නෑදෑයන්ට බම්බු ගහගන්න කියලා ඇඹේනිය සමග සමගියෙන් සතුටින් සිටීම වටී... ජය !

      Delete
  13. හික්ස්.... ඔහොම්ම සීන් එකක් උනා මටත් මාතර ඉදන් කොළඹ එද්දී බස් එකේ.... හම්බෝ... මතක් වෙනකොටත් සින්දුවක් කියන්න ඕන වගේ..

    ReplyDelete
    Replies
    1. කොහොමද දැනෙන සනීපෙ.. මල් හතයි නේ...

      Delete
  14. අයියෝ මගේ බොක්ක පැලෙන්න එනවා මේකා ක්යන කතාවට හිනා වෙලාම. මගේ ලෙඩ්ඩු නර්ස්ට කියලා අද මහත්තයා ජොලි මූඩ් එකකින් ඉන්නෙ කියලා. ඇයි මේකට ආපු හිනාව තද කරගෙනනෙ ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේ පැත්තෙ ආවාට සතුටුයි... කාමරේට ඇවිල්ලා කථාවක් කියලා සතුටු වුනා කියලා ඇහුවාම ඊටත් වඩා සතුටුයි...

      Delete
  15. බොල සිරා, මම ඔය මුල් ඇඳුමට මොකුත් කියන්න යන්නෙ නැත්තෙ නිකං හත්පොලේ ගාගන්න වෙන නිසා. මම අදයි දැනගත්තෙ ඕක ගලවන්නෙ නැතුව චූ කරන්න පුලුවන් කියලා ඕං.

    ඕකට මගෙ ටිකිරි මොලෙන් මම උපකරණයක් ඩිසයින් කලා මුල් ඇඳුම අඳින උන්ගෙ මුත්‍රා බොක්ක ගැන පහල වූ මහා අනුකම්පාවෙන්. මම ඒක ඩිසයින් කරලා උඹට එව්වොත් උඹ මේකට ඌණ පූර්ණයක් නැතිනම් දෙවන කොටසක් හැටියට උඹේ බ්ලොගේ දානවද? නැතිනම් මගේ බ්ලොගේ දාන්නද? එක්කො උඹේ එකේ දාපන්කො. මේ සිරාවටමයි කියන්නෙ.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හොදා හොදා... හෙන්රි අයියා නව නිපැයුම්කරුවන්ගෙ සංගමේට ඔය ගැන දන්වලා පේටන්ට් අයිතියත් ගත්තොත් සෑහෙන අළෙවියක් කර ගන්න පුලුවන් වේවි... එක් වරක් භාවිතා කරලා ඉවත් කල යුතු එකක් ඩිසයින් කලොත් ආදායම සරු වෙයි...

      ඔය ඇදුමට අදින කලිසමේ අදාළ ස්ථානයේ කැපුමක් දාලා තියෙනවා ඒ වැඩේට පහසු වෙන්න... මහ එක හැදුනොත් නම් ඉතිං විනාශයි... ඊයක් එවන්න මම දාන්නම්...

      ඇදුම අදින උන්ගෙ මුත්තරා බොක්ක ගැන අනුකම්පාවක් පහල වීම උන්ගේ වාසනාවක් ලෙස සිතමි...

      Delete
  16. මමනම් කියන්නේ ඕක රජමෙහෙසියන්ගේ වැඩක්. මොකද රජා දකින දකින ගෑනිට අහවල් එක කොරන්න යනවට තමයි රෙදි ඔතල පරිස්සම් කරලා තියෙන්නේ.

    නරකද සිරෝ ෂුගර් චෙක් එකක් කර ගත්තොත්. D

    ඔය ඇඳුමත් නවීකරණය කොර ගත්තනම් අහකයි අර (ස්කුබි) ඩුඩා කියන්නහේ.

    ReplyDelete
    Replies
    1. බොලාගෙ කථාවත් ඇත්ත තමයි... අහ වල් වැඩේ කරන්න ඕක ඇන්දම නම් අමාරුයි තමා...සිරා ටික දවසකට කලිං සීනි චැක් කොලා අවුලක් නෑ.. හොද මට්ටමක තියෙනවා..

      හෙන්රි අයියගෙ අලුත් නිර්මානෙ එවන්න කියලා කිව්වා... ඒක නැගලා යන එකක් නම් වාණිජව නිෂ්පාදනය කරලා විකුණන්න උනත් බැරියැ...

      Delete
  17. හිකිස්‌.. අයියෝ නියම වැඩේ තමා වෙලා තියෙන්නේ.
    කෝ ඉතින් එදා ගත්ත සිරා අයියගේ පින්තූරයක් නැතෙයි..??

    ReplyDelete
    Replies
    1. නියම වැඩේ තමා... තව සුට්ටෙන් බොක්ක පුපුරනවා... ඉස්සරහා දවසක ෆොටෝවක් දාන්නම්...

      Delete
  18. අපේ උන්දැගේ පැත්තෙන් මටත් ඔය ඇඳුම අන්දන්න හැදුවා සිරෝ. ආමි කාරයා බන්දින්නේත් නිල ඇඳුමෙන් නොවැ. ආයේ මොකටද චූ කරන්න බැරි ඇඳුම. මට එහෙම උනා නම් ආයේ පාරේ කියලා බලන්නේ නැහැ ගලවලා අවශ්‍ය සහනය ලබාගන්නවා.

    අපි ඒ කාලේ අලුතෙන් එන 2/ලුතිතන් වරුන්ට චූ රැග්‍ එකක් දෙනවා. උදේ කෑම වෙලාවේදී කියනවා ඔවුන් වතුර බොනවා මදි තව වතුර බොන්න කියලා. ලොකු වතුර ජෝගු දෙකක් පොවනවා. ඊට පස්සේ වයිද්‍ය අංශයේ කෝප්‍රල්ට කියනවා මේ සර්ලට දවසටම වතුර තිබහ නැතිවෙන්න බෙහෙත් දෙන්න, දුර ගමනක් යන්න තියනවා කියලා. ඒක කලින් ලැස්ති කරපු බොරුවක්. කෝප්‍රල් දෙන්නේ මුත්‍රා පිටකිරීමට ආධාර කරන පෙති වර්ගයක්. අපි අර නිලධාරීන්ව ඩබල් කැබ් රථයක පසුපස බක්කියේ තබාගෙන රළු පාරවල් වල බොරුවට රස්තියාදු ගහනවා. ටික වෙලාවකින් ඔවුන් යටිබඩ අල්ලගෙන් ඉන්නවා නමුත් අපෙන් අහන්න බයයි. අන්තිමට කැබ් එකේ චූ පිටවෙයි කියලා හිතෙන වෙලාවට කැලයක් ළඟ නවත්තනවා. එයාලා බැහැලා යන්නේ බබාලා හම්බවෙන්න ඉන්න අම්මලා වගේ, යටිබඩ දෝතින්ම අල්ලාගෙන. :D

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. කැළයක් ළඟ වාහනේ නවත්තන එකද? :D :D :D

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    2. නෑ. නෑ. උන් කැබ් එක හෝදන්ට කලින් නවත්වන එක.

      Delete
    3. හා හා සැට් එක බඩදරු අම්මලා වගේ යටි බඩ අල්ලගෙන යන හැටි මට මැවිලා පේනවා.. නියම රැග් එකක් නොවැ ඒක... මගෙත් යාලුවෙක් ඉන්නවා කැප්ටන් කෙනෙක්... උගෙනුත් අහලා බලන්නම් චූ රැග් එක කෑවද කියලා...

      උන්ට කැබ් එකේම හුජ්ජ ගියා නම් සෑහෙන්න කරදර වෙන්න තිබුනා මගෙ හිතේ...

      Delete
  19. හිනා කාලා මැරෙනවා බොල මේවා අහලා... නොදන්න දේත් බොහොම දැනගත්තා... මම නං ඔය ජාතියේ ඇඳුමක් ඇඳලා නෑ මේ කපේට... ඇන්දොත් එදාට ඉඳියි ගැරඬියෙක් ‍රෙදි කෑල්ලකින් එතුවා වගේ...

    ReplyDelete
    Replies
    1. ඒ තරම් මහතයිද මල්ලියෝ

      Delete
    2. ගැරඩියා උනත් මහත් කරලා ගන්න නොවැ රෙදි පටි 7ක්ම ඔතන්නෙ...කැතක් පේන්නෙ නෑ අපූරුවට ඉදීවි...

      Delete
  20. මමත් ඔය ඇඳුම ඇඳල තියනව. ඒත් පහ වසරෙදි. පොඩි රජෙක්ට. හැබැයි චූ බරක් නම් මතකයේ වත් නෑ.
    මේක කියවද්දි නම් හීනියට විතර චූ බරක් ආව. මං චූ පාරක් දාල එන්නම්. :D

    ReplyDelete
    Replies
    1. පොඩි කාලෙ ඔය වගේ ලෙඩ කිසිම දවසක මටත් ඇවිල්ලා නෑ... ඒ වයසෙදි එහෙම දේවල් වෙන්නෙ නැතුව ඇති... චූ පාර අල්ලගෙනම එන්න... නැත්නම් ඔතනම යයි...

      Delete
  21. චූ සීන්එකට එන්න කලින් මං හිතුවෙ මගේ යාළුවෙකුට රජ කිට්එක ඇඳල ඔයවගේම ඇබැද්දියක් උනා කියන්න. (කලබලේට මාතෘකාව බැලුවෙත් නෑ නෙව). වෙලා තියෙන්නෙත් ඒකම තමයි. කොච්චර දේශීය ඇඳුම උනත් මම නං රජ කිට්එකට කැමතිම නෑ.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ මේක ආවේණික තත්වයක් වගේ මුල් ඇදුමට .මොකෝ කියන්නේ රාජ්

      Delete
    2. අපේ සුන්දරම දවස වඩා පහසුවෙන් ඉන්න එක තමයි වඩා වැදගත් කියලයි මට හිතෙන්නෙ... ඒ නිසා වින්ද වේදනා ජරමර එක්ක මමත් මුල් ඇදුම අදින්න ප්‍රිය නෑ...

      Delete
  22. පට්ට කතාව..මමත් ඔය කතාව අහල තියනවා අපේ එවුන් කියනවා .. වෙලාවට ඕක ඇන්දේ නැත්තේ අම්මෝ.. මට මැවිලා පේනවා උඹ ඉන්න හැටි ඇඹරි ඇඹරි... :D.. සන්තෝස වෙන්න චු බරක් හැදුනා එකට .. විනාසයි වෙන මොකක් හරි බරක් හැදුනනමී.. කොහොමද ඕක ගලවන්නේ..අම්මෝ ඉවරයි එහෙනම්..!!!

    මම
    මයික්

    ReplyDelete
    Replies
    1. උඹ කියන අමාරුව හැදුනානම් විනාශයි තමයි බොලං... වැඩේ අහවර කොරලා ආයෙත් මුල ඉදන් ඇදුම අදින්න වෙනවා.. මෙහෙම අවශ්‍යතාවයක් ඇතිවෙයි කියලද මන්දා අන්දන කෙනත් බොහෝ විට වෙඩිම අවස්ථාවෙ එතන ඉන්නවා...

      Delete
  23. හි හි. මරු වැඩේ...
    ඔන්න අපිත් ලෑලි දොරට තට්ටුවක් දාගෙන ඇතුලට ආවා...

    ReplyDelete
    Replies
    1. හොදා හොදා... සාදරයෙන් මේ පැත්තට පිළිගන්නවා... දිගටම ආවොත් වඩා හොදා..

      Delete
  24. නිලමේ ඇඳුම නම් එක විකාරයක් අප්පා..අඳින අයට සංසාරෙ එපා වෙන වැඩක්..!!

    ReplyDelete
    Replies
    1. සංස්කෘතියද පහසුවද කියන කාරණා දෙක තමන්ගෙ අභිමතය පරිදි තීරණය කලොත් ඔය ගැටලුව එතැනින්ම නිමා වේවි...

      Delete
  25. මරු ස්ටොරිය සිරා.පින්තුරෙකුත් දාන්න නොවැ තිබ්බේ.

    ReplyDelete
    Replies
    1. සිරා ,තව දෙයක් .මම දැක්කා චන්දනගේ කොමෙන්ටුවක උබ කියලා තියෙනවා මාලි ගැන කතාවක් .මම එතකොටයි දන්නේ උබ තාමත් සීන්එකේ ඉන්නවා කියලා.ඉතින් මචංඔන්න ඊට පස්සේ මම උබේ උත්සාහය සාර්ථක කරගත්තා.ලබන 23 වෙනි අගහරුවදා මවුබිම පත්තරේ පරිසර පිටුවේ මාලි ගැන ලිපියක් පලවෙනවා .ඒක ඇත්තටම උබේ උත්සාහයේ ප්‍රථිපලයක්.

      Delete
    2. එල එල!!!

      Delete
    3. බොහොම පින් රතු... සිරාගෙ කාමරය අස්සෙ නිතරම හක්කොලං කරන මිතුරෙක් විදියටත්... සංවේදී හදවතක් තියෙන මිනිසෙක් විදියටත් ඔබේ උත්සාහය මම ඉතාමත් ඉහළින් අගය කරනවා... ඔබ වැනි පුද්ගලයන්ගෙන් මේ සමාජය වඩ වඩාත් සමන්විත වුනොත් ලෝකය වඩාත් ලස්සන වේවි...

      චන්දනටත් ස්තූතියි ඔබේ ප්‍ර‍තිචාරය ගැන මා දැනුවත් කලාට... ජයම වේවා !

      Delete
  26. කවුරු, කොහොම බෑ කීවත්, පොඩ්ඩි බඳින කෙනාට නම් ඔය ඇඳුම ඉතින් අඳින්ට වෙනවමයි.:)

    මාර ලස්සන ඇඳුමනේ. බලන්ටකෝ අර සුදු අය්යාගේ හැඩ...:D

    ReplyDelete
    Replies
    1. අපි උන්ගෙ ඒවා ඇඳගෙන බඳිනවා, උන් අපේ ඒවා ඇඳගෙන බඳිනවා.. අනේ මංදා...

      පොඩ්ඩි බඳින කෙනා මගුල් දවසට විතරක් නෙමේ, හැමදාම ඕක අඳින කෙනෙක් වෙන්ඩ එපැයි.. එහෙම නේද ?

      Delete
    2. හැබැයි පොඩ්ඩි ඔය ඇඳුමට ‍රැවුල වවල තියෙන්නත් ඕන.

      Delete
    3. @සෙන්නා,

      හැමදාම ඕක අඳින ??? හී හී...ඇයි සෙන්නා හිතුවද හැමදාම මඟුල් ගෙදරක ඉන්නේ කියලා...:D

      Delete
    4. @වීපොකුර,

      ඒකත් එහෙමද? ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. පොඩ්ඩි ඇඳුමට නම් කැමතී. රැවුලට නම් කැමති නෑ.:(

      ඔන්න තවත් ප්‍රශ්නයක් ආවා. එයා ඇඳුමට අකැමති වෙලා , රැවුලට කැමති උනොත්...හපොයි...:)

      Delete
    5. මුල් ඇදුම අදින්න වෙනවාමයි කිව්වෙ පොඩ්ඩි නුවර පළාතේ කෙනෙකු විය යුතුයි... සුදු අයියගෙ ලස්සන ගැන විශේෂයෙන් මතක් කරපු එකෙන් හැගුනෙ පොඩ්ඩිගෙ අත ගන්න ඉන්නෙ සුදු ඇත්තෙක් කියලයි..

      ඔය ඇදුමට රැවුලා වවලා තිබුනොත් පෙනුම වැඩියි... වීපොකුරගෙ කථාවට මමත් එකගයි... මොක ඇදලා හරි වෙඩිම ගන්න දවසක අපිටත් වෙඩිං කේක් කෑල්ලක් එවුවොතින් හොදා...

      Delete
    6. @ පොඩ්ඩි,.

      එහෙම නෙමේ. කුමාරිහාමි කෙනෙක් බඳින්නෙ නිළමෙ කෙනෙක්නෙ.. එතකොට නිළමෙලා ඕවනෙ අදින්නෙ.. දැන් තේරුනාද.. හැමදාම වෙඩින් කොරන්ඩ ගියොත්.. ඉතින් හබක් තමයි..

      Delete
    7. සෙන්න මට වඩා බොහොම විචාරශීලියි.... හැබෑටම මට කම්පනාවට ආවෙ නෑනෙ ඒ කාරණේ...

      Delete
    8. අපොයි පොඩ්ඩියේ ඔහොම උනොත් හැමදාම ‍තෝර.. ‍තෝර.. තමා ඉන්න වෙන්නෙ..! :)

      Delete
  27. // ඔන්න කථාවෙ අස්සෙ අමතර තොරතුරු කීපයකුත් දෙසා බෑවා.... //

    මේක තමා සිරාගෙ කතාවක් කියවපුවම ලැබෙන බෝනස් එක.

    මම නම් ඔය ඇඳුම අඳලා නෑ.. හෙන අමාරුයි වගේ නේද ඒක ඇඳගන්ඩම. කිව්වත් වගේ උදේ හවා ඇඳපු උන් කොහොම ඉන්න ඇත්ද ? මට කියවගන යද්දි හිතුනේ, සිරාට ඉවසගන ඉන්ඩ බරුව මුල් ඇඳුම දෝවනය කරලවත්දෝ කියලා.. එහෙනම් කරපු කෙම්පහන් ඔක්කොම වතුරේ .. හෙහ් හෙහ්..

    දැන් සිරාගෙ මගුලට මොකක් අදින්නද කල්පනාව ?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ සෙන්නා බෙල්ල ගියත් සිරා ඒ වගේ වැඩක් කොර ගන්නෙ නෑ... අන්තිම තත්පරේ වෙනතුරු හක්ක තදකරගෙන ඉවසගෙන හිටියා..

      මගුල දවසට නෑදෑ පරාණ ගොඩකට කොන්ද නමාගෙන වදින්නත් තියෙන නිසා සිරාගේ තේරීම කලිසම කෝට් බෑය... ඒක මුත්තරා බොක්කෙ ආරක්ෂාවටත් ඉවහල් වේවි...

      Delete
  28. අනේ බං, මමත් ඕක අඳින්න ආසාවෙන් හිටියෙ. දැන්නම් හිතෙනව ඕන්නෑ කියල, පුරුදු කලිසං බෑය හොඳයි වගේ.

    ඕක ඇඳන් ගතිපු ෆොටෝ කෑල්ලක් දැම්මනම් හොඳයි නේද අපිටත් බලාගන්ට.

    ReplyDelete
    Replies
    1. හා හා එහෙම හිතන්න එපා.. මේ පෝස්ටුවක් කියෙව්වා කියලා...
      පින්තූරයක් ඉස්සරහා දවසක දාන්නම් ...

      Delete
  29. ඈ බං ආයුදේ හොයා ගන්න ඇත්තටම අමාරුවෙන්න ඇති නේ..මොකෝ පහල බැලුවම පේනවා කියලැයි ඉනවටේ ඔතල තියෙන රෙදි කන්දරාවට..!

    ReplyDelete
    Replies
    1. පිෂ්ෂුද, මිනිහට දැන් පුරුදුයි. රෙදි නැතත් වෙනදටත් ඔහොම තමයි බං, අර තඩි බඩ ගෙඩිය නිසා අයියා මල්ලි දකින්නෙත් කණ්ණාඩියක් ඉස්සරහට ගියාම විතරයිලු.

      Delete
    2. නෑ නෑ ආයුදේ හොයා ගන්න ඔය මොකවත් ඕනෙ නෑ... අත ඉවට වගේ නිසි තැනට යනවා..

      @ DDT

      මට අපහාස කරනවට බොලා බදින දවසක බොලාගෙ ගෑණු දැරිවි මුල් ඇදුම අදින්නම කියලා එක හෙලාම ඉල්ලලා සිටින්න ඕනෙ... ඉතිං ඊට පස්සෙ මේ පෝස්ටුවෙ වගේ වැඩක් වුනාම කොහොමද ආතොල් එක...

      Delete
    3. //අත ඉවට වගේ නිසි තැනට යනවා..//....හි..හි..! ඒකත් එහෙමද..?

      Delete
  30. //මුල් ඇදුමෙ පොටවල්... රෙදි පටි ඔක්කොම අස්සෙන් අතදාලා ආයුදේ අල්ලගත්තම තමා නැවතිලා තිබ්බ සිරාගෙ නාඩි ආයෙත් වැටෙන්න උනේ...//
    සිරාවටම මචං සිරෝ ඕක ඔවලෝඩ් උනාම නාඩි නතර වෙනවා! මට නම් අනන්තවත් වෙලා තියනවා..බස් එකේ ඔය දුර.......ගමන් යද්දී එහෙම... ;)

    ReplyDelete
    Replies
    1. නාඩියා ඉතිං නාඩි ගැන මට වඩා හොදට දන්නවා නොවැ... මටත් වංගියක් බස් එකක ඔය වගේ වැඩක් වෙලා තියෙනවා.. එදත් මේ වගේ අල්ලගෙනම ඇවිල්ලා බොහොම අමාරුවෙන් කන්න නවත්තපු වෙලාවක ගොඩ ගියා...

      Delete
  31. සෙන්නා පාර කිව්ව හින්දා තමයි මේ පැත්තට ආවේ.අපේ ගම්පහම පොරක්ලුනේ...ලස්සනට ලියලා තියනවා. ඔන්න මටත් මුත්තරා බරක් හැදීගෙන එනවද කොහෙද? ජය!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ගම්පහ හොද කකුලක්....සතුටුයි ගම්පහ තවත් කෙනෙක් හදුනාගන්නට ලැබීම ගැන
      ස්තූතියි මේ පැත්තට ආවට... ඔබටත් ජය !

      Delete
    2. ඇයි ඩෝ අපිත් ගම්පහ දිස්තිරික්කේ. කැළණිය ආසනේ හරිය ?

      Delete
    3. කැලණිය ආසනය කිව්වෙ අර පිස්සු ආචාරිය කප්පං එකතු කරන ඉසව්ව නේද ?

      Delete
    4. අඩෝ අපිත් ගම්පහ තමා.

      Delete
  32. ඔය අටමගලේ මාත් ඇන්ද බං. ඒත් ඒ කලිසමෝ පට්ට සයිස් හිලක් තිබ්බා හුජ්ජ කරන්න. මම ඒත් කල්පනා කලා ඇයි හැම එකාම මේක ඇන්දම හුජ්ජ කරන්න බැහැ කියල බනින්නේ කියලත්.

    මාත් එක්ක ඔය ගැජට් එක ඇන්ද අපේ මාමාගේ පුතාගේ කලිසං කෑල්ලෙත් හිලක් තිබ්බ බොල.

    ReplyDelete
    Replies
    1. ඔය කියන හැම කලිසමේම හුජ්ජ කැපුමක් තියෙනවා බන්.... මෙතැනදි මට ඒ කැපුමෙන් අහවල් එක එළියට ගන්න කොයි තරං කාරියක් කොරන්න වුනාද කියලයි කිව්වෙ...

      Delete
  33. හයියෝ හයියෝ....නායක්කාරයන්ගෙ නිලමක්කාර ඇඳුමක් "අපේ" කරගෙන විඳින වධයක්....!

    ReplyDelete
    Replies
    1. මේ ලගදි දවසක ක්‍රිස්තියානි පල්ලියක ඔය ඇදුම භාවිතා කරපු අවස්ථාවක් මම දැක්කා...ඇදුම පහසු විය යුතුයි නෙ... මේක ඇන්දම නම් අපහසුයි...

      Delete
  34. මරු කතාවක් ඈ ඇඟ හිරිවැටෙන සුළු කතාවක්.... අර අතරින් පතර දාපු දැනුමට යමක් කොටස් ටික නම් එල ඈ.හැම කතාවකම වගේ එහෙම තියෙන එක සිරා අයියගේ අනන්‍යතාවක් වෙලා වගේ.

    // සිරාගෙ බඩ ගෙඩිය අනිත් උන්ට වඩා තරමක් වැඩි නිසා රෙදි පටි දෙකක් එතීමෙන් පස්සෙ වැඩේ ගොඩ ගියා...//

    ඕං බලන්න බඩේ තියෙන වටිනාකම.මටත් ඕක අඳින්න වෙයිලු මටත් වැඩිය රෙදි යන එකක් නෑ.හැබැයි මම නම් හිතාගෙන ඉන්නේ ලංකාවේ රජකම දෙනවා කිව්වත් මේක අඳින්නේ නෑමයි කියලා.මොකද ඕක ඇන්දේ නෑ කියලා මගුල නොකෙරි තියෙන්නේ නෑනේ...

    අනික් අවශ්‍යතාවත් ඉවසතෑකි මෙන්න මේ මුත්‍රා අවශ්‍යතාව තමා ඉවසන්න අමාරුම අයිටම් එක...

    නියමෙටම ලියලා තියෙනවා අයියේ සුපිරියි...

    ReplyDelete
    Replies
    1. මෙතන උනේ ගැමියො මුත්තරා කොරන්න අවස්ථාවක් නොලැබුණු සිද්ධියක්... නැතුව මේ ඇදුම ඇන්දට මුත්තරා කොරන්න අපහසුවක් නෑ... යටින් අදින කලිසමේ හුජ්ජ කැපුමක් තියෙනවා... එතනින් ආයුදේ එළියට ගන්න පුලුවන්... කෂ්ටිය අදින්න කියනවා නම් ඇදපන් බන්... භය වෙන්න එපා... ස්තූතියි කොමෙන්ටුවට..

      Delete
  35. අඩෙඅප්පා..කොමෙන්ටුවක් දිගේ පන්නගෙන මාත් ආවයි කියන්නේ මේ පැත්තට...ආපු ගමන් චූ බර හැදෙන සීන් එකක්නේ ඈ....එන්නං එන්නං ආයිත් මේ පැත්තට...

    ReplyDelete
    Replies
    1. මම මේ බෙලි මල් කෝප්පෙ හදාගෙන එද්දිමනෙ බොලා අන්තරස්දාන වෙලා තියෙන්නෙ... හොදා හොදා ආයෙත් එමුකො එහෙනම් මේ පැත්තට...

      Delete
  36. හම්බේ ලෝකේ ඉවසන්නම බැරි අමාරු වලින් එකක් නේ ඕක.

    ReplyDelete
    Replies
    1. ඒ ටික කිව්වෙ අත්දැකීමෙන්ද කොහෙද... මේ අමාරුව ටිකක් හරි අල්ලන් ඉන්න පුලුවන් කොහොමද මහ අමාරුව... හප්පා පණ යනවා ඒක අල්ලං ඉන්න ගියොත්..

      Delete
  37. සිරාවට ඈ.... මුල් ඇදුම ඇන්දම හෙනම පොර ගතියක් එනවා තමා බං හිතට :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!

    ReplyDelete
    Replies
    1. බොලාගෙ රජ මගුලටත් වේලාසන හුජ්ජ කරලා මේ ඇදුමම ඇදපන් රජෝ...

      Delete
  38. සිරාගේ -ජ්ජ බිලිං ගෙඩිය වෙලා තියනවා මට මැවිලා පේනවා

    ReplyDelete
    Replies
    1. හරිම කුජීතයි ඒ සිතුවිල්ල නම්.... දැන් බිලිං දකින්නත් නෑ බොලං...

      Delete
  39. හච්චෝ හී හී :)

    ReplyDelete
    Replies
    1. බොලා හිනාවුනාට තිබ්බ අමාරුව දන්නෙ මමනෙ....

      Delete
  40. කමෙන්ට් එකක් නොදා යන්න බෑ වගේ.... නියම වැඩ තමා වෙන්නෙ ඔයාට.. :)

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුවක් දාගෙනම ගියාට ස්තූතියි... හරි හරි වැඩ තමා මට වෙලා තියෙන්නෙ... තව එව්වා ඉදිරියට...

      Delete
  41. හයියෝ.... කෝක ඉවසුවත් ඕක කොහොම ඉවසන්නද....
    මදැයි ඔයින් ගියා...

    ReplyDelete
    Replies
    1. ඕවර් ලෝඩ් ගියාම නම් ඉතිං කියලා වැඩක් නෑ....

      Delete
  42. Replies
    1. මට හිනාවෙනවා නේද... හලිම නාකයි..

      Delete
  43. ඉතින් ඊට පස්සේ අර යටට ඇඳන් හිටි එවුවගේ තෙමිච්ච පැල්ලම් වහගෙන හිටියේ කොහොමද සිරෝ ?

    ReplyDelete
    Replies
    1. යටට ඇදන් හිටපු ඒවා තෙමෙන්න දුන්නෙ නෑ.... මුත්තරා බොක්ක කඩාගෙන වැටුනත් අන්තිම වෙනකන් අල්ලගෙන ඉන්න කොල්ලෙක් මේ සිරා...

      Delete
  44. ඔය බර තමා ඉවසන් ඉන්න මාරුම. සිරාවට ඒ ඇඳුමේ තියෙනවා නේද පොඩි කික් එකක්. සිරෝ මගේ මගුලටත් වරෙන් මචන් මාලඹේ කිට්ටුවම තමයි තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එල එල මම දැන් දෙපාරක් හිටිය නිසා ආයෙම නැත කෝරලේ... බොලා විවාහකයි නේද ?

      Delete
  45. සිරා මල්ලි මේ හොඳ හිතිං කියන්නේ අර දාලා මැකුව පෝස්ට් එක ආයේ ඉක්මනට දානවද නැද්ද..එක පින්තූරයක්වත් අඩු වෙලා තියෙන්න බැහැ ඔන්න... ආයේ අපි නරක මිනිස්සු කියන්න එපා... :D

    ආ ඒ වගේම තමා මේ වෙනකොටත් ඒකේ තිබුන සියළුම පොටෝ අපි උස්සලා තියෙන්නේ.. එව්වට අවසර දෙනවනං එහෙමයි..නොදෙනවනං ඒත් එහෙමයි... කරන්න දෙයක් නැහැ... අපිට තියෙනවා වෙනී අයියා එක්ක ගණුදෙනුවක් බේරගන්න..

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕනෙ මාරයා... පොඩි හුටපටයක් වෙලා පබ්ලිෂ් වෙන එක ඇණ හිටියා... තව සුට්ටෙන් පෝස්ටුව ආයෙත් එනවා එතකන් ඉවසන්න... සිදු වූ ප්‍ර‍මාද දෝෂය පිළිබද මගේ බලවත් මෙව්වා එක...

      Delete
  46. හත්දෙයියනේ. මටත් ඔය සිද්ධියම වුනානෙව. හැබැයි එදානං පරක්කු වුනේ මනමාලි. අපි පාන්දරම ගියාට මනමාලි ආවෙ වෙලාවට කිට්ටු කොරලා. පැය 1 1/2ක්ම හෝල් එකෙන් එලියෙ කාරෙක ඇතුලට වෙලා උන්න කියහංකෝ. ජය...!

    ReplyDelete
    Replies
    1. ඔය ඇදුමද ඇන්දෙ... අන්න ඒ වගේ අවස්ථාවල ඇතිවෙන අපහසුතා වළක්වන අලුත්ම ගැජට් එකක් ගැන අපි ඉදිරි දිනයක කථා කරනවා... ජය !

      Delete
  47. ade naziya ela ban,kohenda ban mehama liyanna igenagaththe.

    ReplyDelete
    Replies
    1. ජානෙන් ආපු එකක්ද කොහෙද...

      Delete
  48. ඕක අඳින්න කලින් සාමාන්‍ය විදියට නම් අන්දන එකා කියනවා අදාළ බර වලින් නිදහස්ව වතුර පානය සීමා කරලා ඉන්න කියලා. එහෙම වුනාම වැඩේ 90% ගොඩ. එත් මගේ එක යාළුවෙක් ඉන්නවා ඒකට කොහේ හරි හෝටලයකට ගිය ගමන්ම චු බරක් සෙට්වෙනවා. ඌ ඕක ඇඳගත්ත දවසෙත් බඩු සෙට් වුනා. වැඩේ කියන්නේ මූ තමා මනමාලයා.. :)

    මමත් ඇන්දේ ඔය ඇඳුම. අපි ඉතින් නුවර අය නේ.

    ReplyDelete
  49. මමත් වෙඩිම දවසේ ඇන්දා . . ඒත් බන් මට නම් ඔය හැම එකාම කියපු තරම් අමාරු උනේ නෑ . . අනික චූ කරන්නත් පොඩි හිලක් තියෙනවා කලිසමේම . . . උඹට අන්දපු එකා කුපාඩි කමට ඒ හිල වහල අන්දවන්න ඇති .. . හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඔය ඇදුම ඇන්දම චූ කරන්න බෑ කියලා නෙමෙයි කිව්වෙ... මංගල දවසෙ චූ කරගන්නවත් විවේකයක් නැති වෙලා වෙච්ච සන්තෑසියක්...

      Delete
  50. "ඔබේ අත මිට මොළවා ගත් කල ඇති ප්‍ර‍මාණය ආසන්න වශයෙන් ඔබේ මුත්‍රාශයේ ප්‍ර‍මාණයයි..."

    …අපේ හදවතත් මේ ප්‍රමාණයමයි කියලා විද්‍යාවට ඉගැන්නුවා වගේ මතකයි.

    …දෙවෙනි මනමාලයට මෙච්චර හුජ්ජ බර වෙද්දී මනමාලයාට එහෙම බරක් තිබුණේ නැද්ද ??

    ReplyDelete
    Replies
    1. මනමාලයාට එදා රෑට කොරන්න තියෙන රාජකාරිය සිහිපත් වෙච්ච හින්දද මන්දා ඒකට තිබුනෙ නෑ නොවැ එහෙම අමාරුවක්...

      Delete
  51. ඔය කියන විදිහට අය්යේ මුල් ඇඳුම කුලියට දෙන තැන්වල ඉන්න මිනිස්සුන්ට දෙවැනි මනමාලයෝ ඔක්කොම සාප කරනවා ඇති නේද?

    ReplyDelete
    Replies
    1. මේක අන්දන්නෙ අමු පාන්දර...ඇග වටේ රෙදි තදට ඔතලා බැන්දම හුජ්ජ බර හැදෙන්නෙ නැතුව තියේවිද බන්...ඇදන් ඉන්න හරි අපහසු ඇදුමක්..

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...