Saturday, June 29, 2013

76 කෑ හැටියේ බඩ යාම

එදා පත්තර ඇසුරෙන් සිරාගේ කාමරයේ දිග ඇරුනු ලිපි මාලාවේ තවත් ලිපියක් සමගින් ඔබ මා හමුවන දිනයකි අද. මෙතෙක් කල් පල වූ දෑ විවිධ මාතෘකා අනුව වර්ග කර දැක්වීමට මම උත්සාහ කළෙමි. ඒ අනුව අද පලවන සියලුම දැන්වීම් ලෙඩ රෝග සහ විවිධ අපහසුතා සදහා සහනය සලසන නිෂ්පාදන හා ප්‍රතිකාර ක්‍රම වලින් සන්නද්ධ ඒවාය. මේ ලිපියත් සමගින් එදා පත්තර කී කථා ලේබලයෙන් ලියැවුනු ලිපි පෙල නිමාවට පත් වේ. ඉදිරි දිනයක නැවතත් මෙවැනි යමක් ඇස ගැටුනහොත් නිසැකවම එය කාමරයට ගෙන එමි.

මෙතෙක් ලිපි පෙල නුදුටු අය මෙතැනින්  ඒවා කියවන්න.

සුනිල් දැන් ප්‍රීතියෙන් සිටින රහස ඔබ දන්නවාද ?


සුනිල් ඈලි මෑලි දුබල ගතියෙන් පෙළුණි !  ඔහුගේ ශක්තිය හා ජීව බලය හීන වී ඔහුගේ ශරීරය දිරාපත් වී, වෙහෙසට පත්ව අලසයෙක් විය. නින්ද නොයාමෙන් ජීවිතය නීරස විය. (සුනිල්ට ඈලි මෑලි දුබල ගතිය ඇති වී තිබුනි)

දැන් සුනිල් ප්‍රීතියෙන් සිටී. ඔහු ශක්තිසම්පන්න පෘෂ්ඨිමත් ප්‍රබලයෙක් විය. ඔහුගේ සාමාන්‍ය නිරෝගී භාවය සහ පෙර තිබූ උද්යෝගය නැවත ලගා වී නිදි සුවය ලැබුනි. (දැන් සුනිල්ට ඈලි මෑලි දුබල ගතිය නොමැත) 

ඔබ ගනු ලබන ආහාර වලින් උවමනා තරම් පෝෂ්‍යගුණය ලබාගැනීමට ඔබේ ශරීරය අපොහොසත් වුවහොත් ඈලි මෑලි දුබල ගතිය (කෑම අරුචිය සහ ශක්තිය නැතිවී යාම, හිසරදය සහ නහර දුර්වලතාවය) වැළදෙන බව රසායනාගාර පරීක්ෂණයන්ගෙන් ඔප්පු වී ඇත. විශේෂයෙන්ම මාංශ ජනක ධාතුන් සහ විටමින් B පදාර්ථය අඩු වූ විට එය ඇති වේ. ඔබ ඈලි මෑලි දුබල ගතියෙන් නොපෙළිය යුතු අතර එයින් සුවය ලබාගත හැකි බව වැඩිදුර පර්යේෂණයන්ගෙන් ඔප්පු වී ඇත. 

පැනෝපෙප්ටන් පුදුමාකාර ලෙස සහනය ලබාදේ. සාමාන්‍යයෙන් ඈලි මෑලි දුබල ගතිය වැළදුන විට දිනපතා අවශ්‍ය මාංශ ජනක ධාතූන් සහ විටමින් බී පදාර්ථයන් බෙහෙවින් අඩංගු ඖෂධීය පානයක් ගැනීමට වෛද්‍යවරු නියම කරති. පැනෝපෙප්ටන්හි සෞඛ්‍ය සැපතට ඉවහල් වන මේ ප්‍රධානතම විටමින් පදාර්ථයන් බහුලව අඩංගු වී ඇත. 

පැය 24 ක් තුලදී ඉතා සීඝ්‍ර පුදුමාකාර ප්‍රතිඵල ලබාදෙන පැනෝපෙප්ටන් වල මනා දිරවීමේ සහ උරාගැනීමේ සංයෝගයන් අඩංගු වී ඇත. බාල මහළු දහස් ගණනකට සමව ක්ෂණික ප්‍රතිඵල ලබා දී ඇති පැනෝපෙප්ටන් ඔබත් පාවිච්චි කරන්නෙහි නම් නැවත වරක් ඔබ ඈලි මෑලි දුබල ගතියෙන් නොපෙලෙනවා ඇත.

කාලයේ ඇවෑමෙන් සමහරක් විට පැනෝපෙප්ටන් මේ වන විට භාවිතයෙන් ඉවත් වී ඇතුවාට සැකයක් නැත.

ප්‍රේත දෝෂ වින දෝෂ, අපල උපද්‍රව ගැන කථාකරද්දි ඒ සියලුම දේවල් ජනතාවගේ පොකැට්ටුවට තට්ටු කරන දේවල් බව බොහෝ දෙනා දන්නවා. මේ දේවල් දුරු කරලන්න භාර ගන්න අයත් අවසානයේ ජනතාවගේ පොකැට්ටුවටම තමා තට්ටු කරන්නෙ. භාහිර අයගේ මැදිහත් වීමකින් තොරව තමන්ගේ නිවසේ ඇති දෝෂ දුරුකර ගත හැකි අන්දමක් ගැන සදහන් දැන්වීමක් හදිසියේ නෙත ගැටුනා. ඒ වෙසමුනි නයනායුධය නම් බලගතු සුවද ධූපයක් ගැන... මෙය භාවිතයෙන් දුම් ඇල්ලූ කල සියලු අපල දුරු වේලු.


කෑ හැටියේ බඩ යාම...කටක් ඇරලා කියන්න පුලුවන් ලෙඩක්ද...මේ ලෙඩේ හැදුන උන් කන්න බොන්න ඇත්තෙ වැසිකිළිය කිට්ටුවක ඉදගෙන වෙන්න ඇති. මේ ලෙඩේ අද නැද්දා මන්දා...කෙසේ වෙතත් බඩ යා හැකි විවිධ ආකාර පිළිබදවත් මේ දැන්වීමෙන් කියා දෙනවා.


ශරීරයේ ඇති වන අපහසුතාවක් සමනය කරගැනීම උදෙසා නිපදවූ නිෂ්පාදනයක් මීළගට...සෙම්ප්‍රතිශ්‍යව නිසා ඇතිවන නාස්පුඩු හිරවීමට එමගින් ඉක්මන් සහනය ලබා දුන්නේලු.



මේ තියෙන ලෙඩ ලිස්ට් එක දැක්කම භයත් හිතෙනවා...ඔය පණදෙන බෙහෙතකුත් තියෙන්නෙ...පණ එන්නෙ කාටද කියන එකනම් කියවලාම දැනගන්න.


කොල්ලො අර්සස් ද...නරකද සත්‍යාපාලගෙන් බෙහෙත් ටිකක් බීලා බැලුවොත්...


මේ කාන්තා රෝග පිළිබද දැන්වීමක්... ඒ පිළිබද විශේෂඥතාවක් සහිත වෛද්‍යවරයෙක් පලකරන ලද්දක්...පයාගල දුම්රිය නැවතුමේ  නාමපුවරුව තවමත් තියෙන්නෙ මේ දැන්වීමේ දක්වා තියෙන පරිදි නේද ?


ඒ කාලෙ ඉතිං පවුලක් ගත්තොත් අවම 6 දෙනෙක් වත් ඉන්නවා...බොහෝ තැන් වල ඊට වැඩි මිසක් අඩු නෑ. පවුලෙ යැපීමට ප්‍රමාණවත් සහල් කුඹුරෙන් ලබා ගැනීමට හැකි වීම, බතට අවශ්‍ය අනිකුත් දේවල්  තමන්ගෙ ගෙවත්තෙන්ම ලබා ගැනීමට හැකි වීම, දරුවන්ගෙ පෝෂණයට අවශ්‍ය කිරි ගෙදර ඇති කරන එළදෙන මගින් ලබා ගැනීමට හැකි වීම, ඇළ දොළ ගංගා මගින් ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරමින් මත්ස්‍ය අස්වැන්න නිවසට පැමිණීම ආදීය නිසාම මේ වගේ ඉහළ අගයක දරුවන්  ප්‍රමාණයක් භිය සැක නැතුව ජනිත කරන්නට හේතු සාධක වෙන්න ඇති. ඊට අමතරව අදුර වැටුනට පස්සෙ රූපවාහිනී නරඹන්න...චිත්‍රපට, ක්‍රිකට් තරග, අන්තර් ඡාලය වගේ දේවල් නොමැති නිසා අදාළ කර්තව්‍යයට වැඩි වැඩියෙන් හිත යොමු වෙන්නත් ඇති. බත් කන්න බැරි නම් ප්‍රයෝජනයට ගන්න කොස් ගහක් දෙල් ගහක් සෑම වත්තක පාහේම තිබුනා.

නමුත් කාලයේ ඇවෑමෙන් මේ කියන කාරණය ආර්ථික ප්‍රශ්නයක් බවට පත්වෙනවා. ඒ නිවසේ ආර්ථික තත්වය අයහපත් වන්නට පටන් ගැනීමත් සමග. මහගෙදර වත්ත දරුවන් අතර බෙදා දෙනකොට බව භෝග වවන්නට ඉඩක් කඩක් නැති වුනා. ඒ නිසාවෙන් කලින් නොමිලේ ලැබුනු දේවල් මුදල් දී වෙළදපොලෙන් ලබා ගැනීමට සිදු වුනා. පඩිපෙල වගේ දරුවන් ඉද්දි ඒ බර ගෘහ මූලිකයට දැනෙන්නට පටන් ගත්තා. එයින් පසු තමයි පවුල් සැලසුම් කියන වචනය ලංකාවෙ ශබ්ද කෝෂයට එකතු වෙන්නෙ. ඒ පිළිබද දන්න සිංහලෙන් තේරුම් කිරීමට ගත්ත වෑයමක් විදියටයි මීළග දැන්වීම හදුන්වා දෙන්න පුලුවන්...

1959 සැප්තැම්බර් මාසය වෙද්දි ලංකාදීප ඉරිදා පත්‍රය පමණයි ඔවුන් කළු පැහැයට අමතරව තවත් වර්ණයක් එකතු කර මුද්‍රණය කර තිබෙන්නෙ. ඒ අනුව මේ දැන්වීම ඉරිදා ලංකාදීපයේ පල වූවක්... වර්ණ දෙකකින් පල වී ඇති නිසාම මේ සදහා පුවත්පත අයකර ඇති ගාස්තුවත් අනෙකුත් ඒවාට වඩා වැඩියි.

උපත් පාලනය කියන නුහුරු වචනය මිනිසුන්ට සමීප නැති නිසා...එයින් කියැවෙන අරුත පොදු ජනයා ග්‍රහණය කර නොගනී යැයි විශ්වාස කල නිසා සීඝ්‍රයෙන් බෝවීම කියන වදන භාවිතා කරන්නට ඇති කියලයි මට හිතෙන්නෙ. පේනවනේ අතින් කටින් වඩාගෙන ඉන්න අන්දම...


දැනට පවතින මේ තත්වය අනුව තව තවත් බෝවීම ඇති වුවහොත්, අනාගතය කෙබදුද යන්න ඔබට වැටහෙනවා ඇත. එසේ නම් අදම උත්පත්ති පාලනය සදහා ලෝක පවුල් සංවිධාන සංගමය පිළිගත් නෝනාවරුන්ගේ උපකරණයක් වූ "චැක් පැසරි" යක් පාවිච්චි කරන්න. බොහෝ කාලයක් සේවය ගෙනදෙනවත් හැර ඔබේ අවශ්‍යතාවය මැනවින් ඉටු කරයි.

එදා පත්තර කී කථා මෙතෙකින් සමාප්තයි.


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා..


ප.ලි

මෙහි ඇති රෝගාබාධයන් හා චැක් පැසරි  පිළිබද දැනුමක් ඇත්තෝ ඒවා පහදා දෙත්වා..

76 comments:

  1. කොහෙන්ද අප්පච්චියේ මෙව්වා හොයා ගන්නේ

    ReplyDelete
    Replies
    1. අපේ සීයාගේ එකතුවෙන්....පත්තර දැන්වීම් සම්බන්ධ පළමු ලිපියෙ සීයගෙ පින්තූරෙකුත් තියෙනවා ඔන්න...

      Delete
  2. සිරා කලින්ම ස්කෑන් කරලා තියාගෙන එහෙනම්.

    ReplyDelete
    Replies
    1. ස්කෑන් කරලා පරිගණකයට ඇතුලත් කරගෙනම ආවා....

      Delete
  3. දැන් තියන දැන්වීම් වලට වඩා රසවත්නෙ,

    සිතුම් සයුර

    ReplyDelete
    Replies
    1. ඒ භාෂාව භාවිතා කර තිබෙන ආකාරය නිසයි...

      Delete
  4. රු 40ක් දුන්නොත් කාටද පුළුවන් අර මැසිමක් තැපෑලට දන්න ????????

    ReplyDelete
    Replies
    1. මමත් හොයන්නෙ ඒ මැසිමම තමයි....

      Delete
  5. මොකද යකෝ කමෙන්ට් වලට උත්තර නැත්තේ?

    ආයෙත් හොයාගෙන තියෙන්නේ නියම පරණ පත්තර ටිකක්. මේවා දැකපුවම මට මතක්වුන දේවල් මෙන්න මේවයි.

    මේ දැන්වීම් වලින් බහුතරය ඒ කාලයේ පත්තරවලින්ම දැකලා තියනවා. අපි හතේ අටේ පන්තිවල ඉන්න කාලේ වැඩිය දුවන්නේ පනින්නේ නැතුව ඉන්න කොල්ලන්ට විහිළුවට කියනවා, 'මූට සත්‍යපාලගේ යබොර රසායනය දෙන්න වෙනවා' කියලා. මම හිතන්නේ අපි දැන් බොන නම්බුකාර Iron Syrup වලට අදාලව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ නිපැයුමක් වෙන්න ඇති.

    අර තරුණ බව රැකගන්න බෙහෙත් ගැන නම් දන්නේ නැහැ. ඒ කාලේ අපිට එව්වා ඕනේ නැහැනේ. පොඩි කොල්ලොනේ. ඒ දැන්වීමේ තියන G.O.H ගොඩනැගිල්ල කියන්නේ මොකක්ද දන්නවද? මේ තියෙන්නේ ඒ වගේම මම කැමතියි සියළු දෙනාගේ අවධානය යොමුකරන්න ඒ දැන්වීමේ තියන වෛද්‍යාචාර්ය නමැති වචනයට. අන්න තියනවා 100% නිවැරැදිව ඒ වචනය. 'ද්‍ය ' යන අකුර මේ දැන් ලියන ක්‍රමයට විකෘති වුණේ ටයිප් රයිටරය නිසයි. මොකද ටයිප් රයිටරයෙන් එය ලියන්න බැරි නිසා ඔය විකෘති ක්‍රමය ආවේ. අද එය සම්මත වෙලා. නමුත් ඔය යුනිකෝඩ්, අර කෝඩ්, මේ කෝඩ්, හදන අයට අදටත් ඕනෙනම්, මේ නිවැරැදි අකුර අපට හදලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි වෛද්‍යාචාර්ය කියන වචනයේ 'ර්ය' කියන කොටස අන්න ඒ දැන්වීමේ හරියට තියනවා. ඒවා ටයිප් කර තිබෙන්නේ ඒ කාලේ පුවත්පත් මුද්‍රණය සඳහා ලිපි ටයිප් කළ, ලයිනෝ ටයිප් යන්ත්‍රයෙන් ඉතින් ඒ ආදී කාලයේ එහෙම කලානම්, දැන් පරිගණකයෙන් මොකද කරන්න බැරි?

    මේ දැන්වීම්වල තිබෙන බෙහෙත් වල මිල ගණන් රුපියල් 1.00 සිට 12.00 පමණ වෙනවා. හැබැයි සිරෝ, ඒ කාලේ බත් පැකට් එකක් සත 55 යි. රු 12 ක් කියන්නේ පවුලක් සතියක් විතර නඩත්තුවෙන මුදලක්.

    කාන්තාවන්ගේ ඇඟ උණුකරවායාම නමැති මිත්‍යාව පතුරවා ගසාකෑම නම් අදටත් තියනවා මම හිතන්නේ. එය රෝගයක් නොවන බව අද මාධ්‍ය මගින් වෛද්‍ය වරුන් විසින් හොඳ දැනුවත් කිරීමක් කර තිබෙන නිසා දැන් ඒ ජාතියේ දැන්වීම් දකින්නට නැති තරම්.

    පවුලේ නඩත්තුව කියන දැන්වීම අපේ තාත්තා දැකලා නැහැ. එකයි අපේ පවුලේ දරුවෝ 8 දෙනෙක් ඉපදුනේ. තාත්තා දකින්න ඇත්තේ මේ ලිපියේ පළමුවෙන්ම තියන දැන්වීම වෙන්න ඇති. බලපන් උඹත් ඒක මට පෙනෙන්නමද කොහෙද මුලින්ම දැම්මා නේ. :D :D :D :D :D

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. - වෛද්‍යාචාර්‍ය්‍ය -

      ‘ද්‍යා‘ කොටසට නම් කරන්න දෙයක් නෑ විචාරක මහත්තයා. ඒත් අනිත් එක, යංශය උඩට අනිත් පැත්තගහපු කොම්බුව (:)) ගන්න එක (මම ඒකට කියන නම දන්නෙ නෑ) නම් කරන්න පුළුවන්.

      Delete
    2. //පවුලේ නඩත්තුව කියන දැන්වීම අපේ තාත්තා දැකලා නැහැ. එකයි අපේ පවුලේ දරුවෝ 8 දෙනෙක් ඉපදුනේ. තාත්තා දකින්න ඇත්තේ මේ ලිපියේ පළමුවෙන්ම තියන දැන්වීම වෙන්න ඇති. බලපන් උඹත් ඒක මට පෙනෙන්නමද කොහෙද මුලින්ම දැම්මා නේ. :D :D :D :D :D //

      එහෙම උනානම් අපිට විචාරක කෙනෙක් කෙහෙන්ද? හොඳ වෙලාවට එතුමා මේක දැකලා නැහැ.

      Delete
    3. යංශය උඩ යොදලා තියන එකට කියන්නේ 'රකාරාංශය' කියලා. 'ර්' ශබ්දය දෙන කොටස කියන එකයි තේරුම.

      Delete
    4. මේ කොම්බුවට කියන්නේ රේපය.. එය දැන් ක්‍රමයෙන් අභාවයට යන අක්ෂරයක් විචාරක;

      Delete
    5. මට වැරදුනා. ඔබ හරි නලීන්. මේ රේඵය තමයි. රකාරාංශය කියන්නේ ප්‍ර ග්‍ර ත්‍ර වැනි තැන්වල ලියවෙන කොටසයි. මේවා අභාවයට යවන්නේ හිතුමතේට වැඩ කරන අයයි එහෙම වෙන්න දෙන්න බහ.

      Delete
    6. විචාරක තුමාගේ දැනුම් ගබඩාවේ දොර පියන් විවෘත කලාට මගේ ස්තූතිය....ජොබක් නැතුව කෝඩෙ ගහලා හිටිය හින්දයි පරක්කු උනේ...දැන් හීනියට ගොඩ...

      Delete
  6. "කෑ හැටියේ බඩ යාම " අනේ පව් ඒ මිනිස්සු ! ඉස්සර තිබුන රෝගයක් වෙන්න ඇති ,මම නං ඇහුවමයි !

    ReplyDelete
    Replies
    1. නෑ. ඔය කියන්නේ Amoebiasis එහෙමත් නැත්නම් Amebiasis කියන රෝගය. අර අපි පොඩි කාලේ අත හෝදන්නේ නැතුව කෑම කනකොට අම්මලා කියන්නේ බඩේ කැක්කුම හැදෙයි කියලා. ඒ තමයි මේ Amoebiasis. මේ රෝගය හැදෙන්නේ Entamoeba histolytica කියන නිර්වායු ඒකසෛලික ජීවියගෙන්. තෙතමනය සහිත පස්, ආහාර සහ ජලය වැනි ස්ථාන වල ජීවත් වෙමින් මිනිසා ඇතුළු ක්ෂීරපායින්ගේ ආහාර මාර්ගය ඔස්සේ තමයි මේ ජීවියා ශරීරයට ඇතුල් වෙන්නේ. මම හිතන්නේ මේ වෙනකොට අපේ රටේ සනීපාරක්ෂක පහසුකම් දියුණු වෙලා මිනිස්සු එළිමහනේ මල පහ කරන්නේ නැති තරම් නිසා සහ නල ජලය විෂබීජ හරණය කරන නිසා මේ ආසාදනය වැළඳීම ගැන අහන්න ලැබෙනවා අඩුයි.

      Delete
    2. ප්‍රදීප් සහෝදරයට ස්තූතියි...දැන් රෙහානි දන්නවා නොවැ විද්‍යාත්මක පසුබිම...

      Delete
  7. ඔන්න මචං ඉස්සර වෙලාම උබගේ බ්ලොග් එකේ සිංහලන් කොටනවා
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම සන්තෝෂයි....කලින් පෝස්ටුවකත් හිංහලෙන් කෙටූ බවක් මතකයි....

      Delete
  8. අම්මට් හුඩු අමතක උනා මම උබගේ "සින්ගපුර්වන් සමු ගැනිමට" කොමෙන්ටුවක් දාලා තිබිලා සිංහලන් ඔය චමි රෙප්ල්ය් එකකුට් දාලා තියන්නේ

    ReplyDelete
    Replies
    1. ඒකනේ බොලං මමත් කිව්වෙ....ඊයෙ බීපුවට තාම වෙරිද ?

      Delete
  9. මේක නම් මරු එකතුවක් අප්පා.. :D

    ReplyDelete
  10. ආයෙමත් ලස්සන එකතුවක්......සෑහෙන්න වටින විස්තර ටිකක් අපිට කවද දකින් පුළුවන්ද මෙවැනි දුර්ලභ ගණනේ දැන්වීම්......

    විටෙක සෑහෙන්න හිනා යනවා......

    ගොඩක් දවසකින් මේ පැත්තෙ ආවෙ වැඩ සෑහෙන්න වැඩියි .....ඒකයි ගැත්තාට අනුකම්පා කරනු මැනවි....

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න වැඩ වැඩියි කිව්වෙ...කසාදෙ බැදගන්න වත් ලගද ?

      Delete
  11. ඒ වෛද්‍ය උපදෙස් ඔබ වෙත ගෙන ආවේ සත්ගුණවත් සිරා කොලුවා විසිනි .....

    ටින් ටොන් ටින් .....

    කෑ හැටියේ බඩයෑම අපේ දේශපාළුවෙන්ට හැදෙනව නම් හොඳා. උන් ජරාවකන එක එකෙන් හරි නවතින්නෙ නැතෑ.

    සිරා කොලුව මේ ටික අපිට පෙන්නන්න කලින් ඉඳලම පාවිච්චි කොරල වෙන්න ඕන, උඹේ ඈලි මෑලි දුබල ගතිය නැතිවෙල ජීව බලය රැකගෙන තාමත් තරුණව සිටින්නෙ.

    මම ඊයෙ ඇවිත් උඹේ පරණ පෝස්ට් එක බැලුවා, උඹ කමෙන්ට්වලට රිප්ලයි කරලද කියල. මේ පැත්තෙ ආපු බවක් තිබුනෙ නෑ. ඒත් මම හිතුවා උඹ අනිවාර්යෙන් අද හරි හෙට හරි එයි කියල, නැත්නම් උඹේ හතේ හත වෙනස් වෙනවනේ.

    ReplyDelete
    Replies
    1. //කෑ හැටියේ බඩයෑම අපේ දේශපාළුවෙන්ට හැදෙනව නම් හොඳා. උන් ජරාවකන එක එකෙන් හරි නවතින්නෙ නැතෑ.//

      අපොයි මලේ මේ මොකක්ද කරන්න යන්නේ, එහෙම උනොත් උන් කන එකේ නැවතුමක් නැති වේවි. මුන්ට හොයලා දෙන්න ඕන මළබද්ධය හැදෙන බෙහෙතක්.

      Delete
    2. ඉස්සෙල්ලාම ඩීඩිටියො බොගෙ ඈලි මෑලි ගතිය ඇරලා ඉන්ට මට හිතයි...බොට කෑ හැටියේ බඩ යන රෝගයත් තියෙනවා නම් එකවර බෙහෙතක් දෙන්නම්...

      Delete
  12. මලයෝ ඔය මැලේසියාව පැත්තෙත් තියනවා හොද වාජිකරණ ඖෂධවර්ග.

    ReplyDelete
    Replies
    1. හැබෑට...මේ පලාතට ආපුවාම හොයලා බලන්ට...

      Delete
  13. සීඝ්‍රයෙන් බෝවීම කියන්නේ හරියට හාවෝ, මීයෝ වගේනෙ.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ....එහෙම කිව්වෙ නැත්නම් ඒ කාලෙ වැඩර්ලට තේරුම් යන්නෙ නෑලු...වැඩ අල්ලන්නමලු කල්පනාව....

      Delete
  14. ඒ කාලෙ දැන්වීම්, දැන් ඒවට වඩා වෙනස් හින්දා අපිට හිනා යනවා. තව කාලෙකින්, ඊලඟ පරම්පරාව වත්මන් දැන්වීම්වලටත් හිනා වෙයි නේද?
    කොහොම වුණත්, මේ පරණ විස්තර, දැන්වීම් ආදිය කියවන්න හරිම ආස හිතෙනවා.
    එතකොට, අර කෑ හැටියෙ වැසිකිළි යාම, ඒක ඇමීබයසිස්වල රෝග ලක්ෂණයක් හැටියට අපි ඉගෙනගන්න කාලෙදිත් ඉගැන්නුවා. යහපත් සෞඛ්‍ය පුරුදු අඩු කාලෙ, මේ රෝග දැනට වඩා ව්‍යාප්තව තියෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. එදාට වඩා අද සනීපාරක්ෂාව සදහා මිනිසුන් යොදාගන්නා ක්‍රමවේද සංවර්ධනය වෙලා තියෙන නිසා මේ රෝගාබාධයන් අඩු බව තමයි මගේ අදහස....

      Delete
  15. පැනෝපෙප්ටන් ගැන තවත් දැන්වීමක් මේක ඉංග්‍රීසියෙන් ...... http://www.amazon.com/Panopepton-Dietetic-Medicine-Fairchild-Druggist/dp/B00CMGS4MG

    ReplyDelete
  16. ඉස්සර දැන්වීම් හරි ආකර්ෂණීයයිනේ..

    ReplyDelete
    Replies
    1. ඒ නිසානෙ අනේ මෙහෙම දුක් විදලා දාන්නෙ...

      Delete
  17. ඒ කාලෙ මේ දැන්වීම් කොහේ තිබිලා අරන් ද මන්දා. තාත්තා පත්තර කන්තෝරුවෙ යැ? කොහොම උනත් හොඳ දැන්වීම් එකතුවක්. දැන් නම් ඔවැනි ලෙඩත් නෑ නේ.

    ReplyDelete
    Replies
    1. පත්තර එකතු කොලේ අපේ සීයා...උන්දැට තමා මම පින් දෙන්නෙ මෙහෙම එකතුවක් මට තිළිණ කලාට...

      Delete
  18. අපේ ගමෙත් ඉන්නවා කා කෑ හැටියේ බඩ යන පොරක්... ට්‍රිප් එකක් එහෙම ගියාම ඌ විඳින දුක දැක්කාම සංසාරේ කලකිරෙනවා

    ReplyDelete
    Replies
    1. ටොයිලට් පේපර් රෝලකුත් උගේ කමිසෙ එල්ලලා බස් එකට නග්ගන්න කියලා අනිත් දවසෙ කොලුවගෙ අම්මට කියන්න.

      Delete
  19. මේ ඉක්මනට බෑදපන් නෑත්තන් අර පනගන්න බෙහෙත් උබටත් ඔනවෙවි.කාපුගමන් බඩ යෑමනම් සමහර කොත්තු කෑවම එනව

    ReplyDelete
    Replies
    1. බැදගත්තට පස්සෙ ලිහන්න අමාරු නිසා...හොද දවසක බදිමු...

      Delete
  20. කමෙන්ට් වලට උත්තර නැත්තං කමෙන්ට් නෑ සිරෝ, හරිය?
    (සීමිත ඉඩක්, වෙලාවක් තිබිලත් උඹ බ්ලොග් අවකාශය වෙනුවෙන් මෙච්චර දෙයක් කරන එක සිරාවටම වටිනවා මචං. ජය වේවා!)

    ReplyDelete
    Replies
    1. වටිනවනම් කමෙන්ට් එකක් දාපන් රිප්ලයි තිබුනත්, නැතත්.. මම හිතන්නෙ සිරා ඔටෝ පබ්ලිශ් දාලා කොහෙ හරි ගිහින්...

      Delete
    2. අන්න ඩ්‍රැකියට විතරයි මේ සිරාගෙ අගේ වැටහුනේ...ලග හිටියා නම් දානවා නාරං බිකක් බොගෙ කටේ...

      Delete
  21. මේ සමහර දැන්වීම් දැක්කම හිනත් යනවා.
    අයියා ඔහේ යනකොට මේ විස්තර ටිකත් පටෝගෙන ගිහින් නේද..... නියමයි.නියමයි.

    ReplyDelete
    Replies
    1. යනකොට අරගෙන ගියේ...මේ දේවල් ඕගොල්ලො එක්ක බෙදා හදා ගන්න....

      Delete
  22. මොකක්ද බන් ඇඟ උණුකරවා යාම කියන්නෙ.. ?

    වෙසමුනි නයනායුධය.. හෙහ් හෙහ්...

    දැන් සුනිල් ප්‍රීතියෙන් ඉන්නවලු නේද ? ඒකම මදැයි... :D

    ReplyDelete
    Replies
    1. //වෙසමුනි නයනායුධය හෙහ් හෙහ්...// සෙන්නට හිනා.. මට නම් බයත් හිතුන නම දැකල. වෙසමුනි !! :)

      Delete
    2. බැදපු උඹලත් ඔය ප්‍රශ්න අපෙන් අහනවා නම්...අපි කාගෙන් අහන්නද....මට හිතාගන්න බෑ අයියෝ...

      Delete
  23. සිරා මගෙන් ඉල්ලීමක් කළා අධික කාර්ය බහුලත්වය නිසා ඔහුට කමෙන්ට් සඳහා ප්‍රතිචාර දක්වන්න තව ටිකක් වෙලාව අවශ්‍ය බව.

    නොරටක ජීවත් වන කෙනෙකුට තමන්ගේ රැකියාවට හැම දේටම වඩා මුල් තැන දෙන්න වෙනවා. අපි ටිකක් ඉවසන් ඉමු.

    ReplyDelete
    Replies
    1. කාර්යබහුලත්වයෙන් ටිකක් මිදිලා මේ පැත්තට ආවා උත්තර දීලා යන්න...

      Delete
  24. අඩේ මරුනේ...හිනාත් යනවා කියවද්දි

    ReplyDelete
    Replies
    1. හිනා යනවා නම් හිනා වෙය බොල...තද කරගන්නෙ නැතුව....

      Delete
  25. තව ටික කාලෙකින් බලද්දී අද තියෙන දැන්වීමුත් මේවගේ වෙයිද?

    ReplyDelete
    Replies
    1. තව ටික කාලෙකින් පත්තර කඩදාසි මත මුද්‍රණය වන එකක් නෑ.

      Delete
  26. මේ කාන්තා රෝග වෛද්‍යාචාර්‍ය තුමා සේවය කරන්නේ පයියාගල වීමත් විශේෂ කරුණක්!

    ReplyDelete
    Replies
    1. ඒක විතරයි මේකා දැකල තියෙන්නෙ.

      Delete
    2. මිනිහට හැබෑට වෙන පළාතක ඉන්න තිබුනෙම නැද්ද....

      Delete
  27. අඩේ අදයි දන්නේ උබත් මෙහෙ කියලා කවද හරි මම නවත්තන තැනක් ඉදන් පටන් ගන්න දැන් කට්ටිය ඕන තරම් ඉන්නවා නිවාඩු වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න

    ReplyDelete
    Replies
    1. නිවාඩු හොදටම ලැබුනු වෙලාවක ඔය පැත්තට එන්නම්...

      Delete
  28. ko ban uba... kamare kuliyata dunnada...? naththam uba marilada ? naththam bandala ganige gedara binna bassada ?

    ReplyDelete
    Replies
    1. නෑ බොල...ජොබට කෙළවිලා ගිහිල්ලා තිබුනා...දැන් අවුලක් නෑ...

      Delete
  29. සිරෝ .... ඉන්න තැනකින් වරෝ ........

    ReplyDelete
  30. මේකෙ වැඩි හරියක් මට මතකයි!

    පොඩි යෝජනාවක්; මේ එක් එක් දැන්වීම යටින් මොන වසරෙද කියල දැම්මොත් තවත් ප්‍රයෝජනවත් නේද?

    ස්තුතියි ඔබගේ ව්‍යායාමයට.

    ReplyDelete
    Replies
    1. මේ එකම සතියක පත්තර කීපයක දැන්වීම්...සීයා එකතු කලේ බණ්ඩාරනායක අභාවය සිදුවුන සතියෙ පත්තර පමණයි.

      Delete
  31. සිරා, මොකද මචං පේන්න නැත්තෙ..

    ReplyDelete
    Replies
    1. ඔන්න පේන්න ආවා....හැකියාවක් ලැබුනොත් අලුතින් යමක් ලියන්නම්....දැන් වෙලාව හරිම අඩුයි...

      Delete
  32. හරිම වටිනවා.සීයට පින්දෙන්න ඕන ඕව උඹලට තියලා තිබ්බට.සිරාගේ පැහැදිලි කිරීම් ඊටත් රසයි.සමහරක් ඒවා අපි පුංචි කාලේ වෙනකොටත් තිබුනා මතකයි.

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තූතියි සහෝදරයා...

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...