Wednesday, March 4, 2015

92 කොමඩෝ ඩ්‍රැගන් | Komodo Dragon

දෙහිවල සත්ව උද්‍යානයේ විවිධ ආකාරයේ ගැටළු පැනනැගී සෑහෙන කලකි. එහි සිටින සතුන්ට ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති වීම, ආහාර නොමැති වීම, නිසි කලට වෛද්‍ය පහසුකම් නොමැති වීම වැනි කාරණා විටින් විට කරළියට ආ බවක් මට මතක තිබේ. දැන් සත්තුවත්තේ සතුන් කූඩු වලින් පැන යන්නටද පටන් ගෙන ඇති සෙයකි. මාරාන්තික විෂ සහිත කොමඩෝ මකරෙක් සත්තු වත්තෙන් පැන ගියා යැයි පුවතක් ඉකුත් සතියේ වාර්තා විය.

සිරා කොලුවා වන මම මේ සිදුවීම වාර්තා වන තෙක් මෙවැනි සත්ව වර්ගයක් පිළිබඳ අසා තිබුනේ නැත. ෆීනික්ස් කුරුල්ලා, කඟවේනා, දිය කිඳුරියන් මෙන්ම මකරාද මිථ්‍යා කථාවන්හි කියවෙන සත්ව නාමයකි. එහෙත් මිහිමත මකරා නමින් සත්වයෙකු වෙසෙන බව දැන් අපි දනිමු. අන්තර් ජාලය තුල සිංහල භාෂාවෙන් මේ අරුම පුදුම සත්වයා පිළිබඳ තොරතුරු අල්ප හෙයින් ජාලෙන් පෙරලා කොමඩෝ මකරා ගැන ඔබට කියන්නට අද මම සිතුවෙමි.


ලොව ජීවත් වන කටුසු පවුලේ විශාලතම සත්වයා කොමඩෝ ඩ්‍රැගන් නමින් හැඳින්වෙයි. කටුසු පවු‍ලේ අනෙක් සතුන් අතර මේ සත්වයා කැපී පෙනෙන්නේ විශාල ශරීරය, පැතලි හිස, වක්‍රාකාර පාද සහ දිගු වලිගය නිසාවෙනි. අඩි 8 -10 පමණ දිගට වැඩෙන කොමඩෝ මකරෙක් කි‍ලෝ ග්‍රෑම් 70 ක් පමණ බරින් යුතු වෙයි. ගැහැණු සත්වයා පිරිමි සත්වයාට වඩා ශරීර ප්‍රමාණයෙන් කුඩා වෙයි. Reptilia කුලයට අයත් වන කොමඩෝ මකරා Varanidae නැමැති පවුලට අයත් සතෙකි. ජීව විද්‍යාත්මකව හඳුන්වන්නේ Varanus Komodoensis යන නාමයෙනි.

ඉන්දුනීසියාවේ ‍කොමඩෝ දූපත ප්‍රධාන කොට මේ සත්ව විශේෂය ජීවත් වන නිසාම උගේ නමට ඒ නම එකතු වී තිබේ. එම දූපතට අමතරව Rinca, Flores, Gili Motang, Gili Dasami, Padar යන ඉන්දුනීසියානු දූපත් වලද මේ කොමඩෝ මකරා  ජීවත් වෙයි. බටහිර ලෝකයට මේ සත්වයා මුලින්ම නිරාවරණය වූයේ 1910 පමණ කාලයේදී බව දැනගන්නට තිබේ. මකරාගේ ශරීර ප්‍රමාණයත්, භියකරු පෙනුමත් බටහිර සත්ව උද්‍යාන වල කොමඩෝ මකරා ඉක්මනින් ජනප්‍රිය වීමට හේතුභූත වූ කාරණා වෙති.

වසර මිලියන හතරකට පෙර කොමඩෝ මකරාගේ මුතුන් මිත්තන් ඔස්ට්‍රේලියාවේ ජීවත් වූ බවට පොසිල සාධක හමු වී තිබේ. ඒ Queensland ප්‍රාන්තයෙනි. වර්තමාන පොසිල පරීක්ෂණ අනුව ‍මේ සත්වයා ඉන්දුනීසියාවට සංක්‍රමණය වීමට පෙර ඔස්ට්‍රේලියාවේදී පරිනාමය වී ඇති බවට සැළකෙයි. 

මකරාගේ සමේ  විවිධ පැහැයන් දකින්නට හැකිය. නිල්, තැඹිලි, කොළ සහ අළු පැහැය ඒ අතර ප්‍රමුඛ වෙයි. ඔවුන්ගේ සම ශක්තිමත් රළු එකකි. Osteoderms නමින් හැඳින්වෙන අස්ථි කොටස් මගින් එය තවත් සවිමත් වී තිබේ. ශක්තිමත් නියපොතු මෙන්ම ශක්තිමත් පේශීන්ගෙන් සමන්විත වලිගයද මකරාගේ ජීවන ගමනට බෙහෙවින් උපකාරී වෙයි. 


කොමඩෝ මකරාගේ සමේ ආසන්න දර්ශනයක්


කොමඩෝ මකරාගේ පෙනීම ඉතාම තියුණු එකකි. මීටර් 300 කට පමණ එහායින් ඇති වස්තුවක් උවත් කරදරයකින් තොරව දකින්නට ඔවුන් සමත් බව කියන්නේ අැමරිකාවේ ජාතික සත්ව උද්‍යානයයි. එහෙත් රාත්‍රියට මකරාගේ අැස් පෙනීම දුර්වලය. පැයට කි‍ලෝමීටර් 20 ක උපරිම වේගයකින් දඬයම් ලුහු බඳින මේ සත්වයා තමන්ගේ සීමාවට ගොදුරක් පැමිණෙන තෙක් පැය ගණනක් උවත් ඉවසීමෙන් බලා සිටින්නට සමතුන්ය. මීටර් 4.5 ක් දක්වා ජලයේ කිමිදෙන්නටත්, වේගයෙන් ගස් නගින්නටත් හැකියාව කොමඩෝ මකරාට තිබේ. ශක්තිමත් හනු නිසා ඉතාම තදින් හපන්නට මකරාට හැකියාව තිබේ. මිනිසෙකුට යමක් උපරිම තදින් හපන්නට හැක්කේ යම් සේද, කොමඩෝ මකරාට එමෙන් පස් ගුණයකටත් වඩා තදින් හපන්නට හැකිය. එ් පිළිබඳ තොරතුරු ලිපිය අග අමුණා ඇති වීඩියෝවෙන් නරඹන්න.

ගඳ සුවඳ හඳුනාගැනීමට ස්වභාවයෙන්ම උරුම වූ සංවේදක කොමඩෝ මකරාට තම දඬයම් සොයා ගැනීමට උපකාර කරයි. වෙනත් උරගයින් මෙන්ම මේ සත්වයාද තම දෙකට බෙදුනු දිගු දිව ඉදිරියට යොමු කරමින් අවට පරිසරය පිළිබඳ දත්ත උකහා ගනියි. දිව ඉදිරියට දිගු කිරීමෙන් අනතුරුව එය මුඛයේ ඉහළ කොටසට යොමු කිරීමෙන් පසු විශේෂ ඉන්ද්‍රියක් මගින් දිව සමග ඇතුලට පැමිණි වායුගෝලීය අණු පිරික්සීම සිදුකොට අදාළ තොරතුරු මකරාට සම්ප්‍රේෂණය කරයි. දිවේ වම් පසින් වැඩි තොරතුරු ප්‍රමාණයක් මේ සත්වයා උකහා ගන්නා බව කියවෙයි.



කොමඩෝ මකරාගේ  කන් සිදුරු ඇස් වලට පිටුපසින් පිහිටා තිබේ. මේ සත්වයාගේ හඬ ශ්‍රවනය වීමේ සංඛ්‍යාතය හර්ට්ස් 400 සිට 2000 දක්වා පරාසයක විහිදෙයි. මිනිසෙකුගේ හඬ ශ්‍රවණය වීමේ පරාසය හර්ට්ස් 20 සිට 20000 අතර පරාසයක විහිදී තිබේ. ඒ අනුව බලන විට කොමඩෝ මකරාට ශබ්ද ඇසීම ඉතාම දුර්වල මට්ටමක තිබේ. එහෙත් ලෝකයේ පැරණිම විද්‍යාත්මක සත්තු වත්ත වන ලන්ඩන් සත්තු වත්තේ Joan Proctor නැමති සේවකයා කෑම දෙන වෙලාවට තම කටහඬට ප්‍රතිචාර දක්වන කොමඩෝ මකරෙක් පුහුණු කර තිබේ. ඔහුගේ රුව නොදැක කටහඬට ප්‍රතිචාර දක්වන්නට මේ සත්වය සමත්කම් දක්වන්නේලු.

ඇසට පහළින් ඇති විවරය කන් සිදුරයි


කටුසු පවුලේ සතුන් නිවර්තන වියළි කලාපයේ සිට සැවනා තණ බිම් දක්වාත්, එතැනින් වැසි වනාන්තර දක්වාත් ව්‍යාප්තව සිටියත් මේ පවුලේ විශාලතමයා වන කොමඩෝ මකරා තම ජනාවාශ පිහිටුවා ගන්නේ පරිසර උෂ්ණත්වය  ඉහළ ස්ථාන වලයි. සෙල්සියස් අංශක 35 ක පමණ උෂ්ණත්වයක් ඇති තැනක ජනාවාශ පිහිටුවන්නට  කොමඩෝ මකරා කැමතිය. ඔවුන් ජීවත් වන ඉන්දුනීසියානු දූපත් වල ඇත්තේද එවැනි පරිසර තත්වයකි. හිරු රශ්මිය අධික දිවා කල සෙවනකට වී හිදින්නට වඩාත්  ප්‍රිය කරයි. නැතිනම් තම ශක්තිමත් නියපොතු ආධාරයෙන් පොළවේ හාරන ගුලකට වී කල් ගත කරයි. සන්ධ්‍යා කාලය එළඹෙන විට දඬයමේ යාම මකරාගේ  පුරුද්දයි.

මකරාගේ කැඳලි ද්විත්ව කාර්යය ඒවාය. ඒවායේ පිටවීම ඇත්තේ පහළට වන්නටය. එවිට රාත්‍රී කාලයේදී කැඳැල්ලේ උණුසුම රැකෙන අතර දිවා කාලයට රස්නයෙන් තොර වෙයි. 

කොමඩෝ මකරා මාංශ භක්ෂක සත්වයෙකි. මොවුන් ප්‍රචණ්ඩ දඩයම් කරුවෝ වෙති. තමාගේ ශරීර ප්‍රමාණයට වඩා බොහෝ සේ විශාල මී හරක්, මුවන්, උෟරන් මෙන්ම මිනිසුන් වුවද දඩයම් කරන්නට ඔවුනට හැකිය. එහෙත් මිනිසාට පහර දී ඇත්තේ ඉතාම සීමිත අවස්ථා වල පමණකි. මකරා සමහර විට තමන්ගේම කුඩා පැටවුන් ආහාරයට ගනියි. උගේ ශරීරයේ බරින් 80% ක පමණ ප්‍රමාණයක ආහාර එක් වරකට ආහාරයට ගන්නා බව National Geographic අඩවිය පවසයි. එමෙන්ම මිය ගිය සතුන්ගේ කුණූ වී යන ශරීර ආහාරයට ගන්නටද මකරා කැමතිය. එවන් විටක හමනා ගන්ධය බොහෝ දුර සිටින කොමඩෝ මකරෙකුට වුවද ග්‍රහණය කරගත හැකි නිසා උන් එවැනි සිරුර ඇති තැනට පැමිණෙයි. ඇතැම් විටෙක වළලන ලද මිනිස් සිරුරු ආහාරයට ගත් අවස්ථාද වාර්තා වී තිබේ.

කොමඩෝ මකරාගේ මී හරක් දඬයමක්


2001 වසරේදී Sharon Stone නැමති ඇමරිකානු නිළියගේ ස්වාමි පුරුෂයා Phil Bronstein ලොස් ඇන්ජලීස් සත්ව උද්‍යානයේ කොමඩෝ මකර කූඩුව භාරව සිටි සේවකයාගේ ආරාධනයෙන් ඒ තුලට ගියේය. කොමඩෝ මකර භාරකරුවා මේ පුද්ගලයා පැළඳ සිටි සුදු පැහැති සපත්තු සහ සුදු පැහැති මේස් ඉවත්කරන්නට යෝජනා කලත් ඔහු එයට අවනත වී නැත. මකරාට නිතරම ආහාර පිණිස ලබාදෙන සුදු පැහැති මීයන් විශේෂය යයි සිතා දෝ  ඔහුගේ පාද වලට විශාල ලෙස හානි ගෙනදෙමින් මකරා හදිසියේම පාද සපා කා තිබේ. Phil Bronstein ගේ පාදයේ ස්නායු නැවත සම්බන්ධ කරමින් ශල්‍ය කර්මයක් පවා කරන්නට තරම් මේ සපා කෑම දරුණු වී ඇත.

සත්ව උද්‍යානයක තම භාරකරුවා සමග කොමඩෝ මකරෙක්


කොමඩෝ මකරා තමාගේ ගොදුර මරා දමන්නේ ඔවුනටම ආවේණික සුවිශේෂී ක්‍රමයකටය. ගොදුර මතට එක්වරම පැන තම නියපොතු ආධාරයෙන් නොවැටී සිටින අතරම තම තියුණු දැති සහිත දත් ආධාරයෙන් ගොදුර තදින් සපා...සම තීරු වලට ඉරා දමයි. යම් හෙයකින් මකරාගේ සපාකෑම් සහිතව සත්වයෙක් පලා ගියහොත් ඒ සත්වයා ජීවත් වන්නේ තවත් පැය 24 ක කාලයක් පමණි. මකරාගේ ඛේඨයේ විෂ සහිත බැක්ටීරියා විශේෂ 50 ක් පමණ තිබෙන හෙයින් සපාකෑමට ලක්වූ සත්වයා ලේ විෂවීමෙන් මියැදෙන්නේය. තමාගේ ගොදුර තමාගෙන් ‍බේරී පලා ගොස් වෙනත් තැනක මිය ගියද, කොමඩෝ මකරාගේ සංවේදක සිරුර ඇති තැන පිළිබඳ දත්ත ලබාදෙන නිසා ඒ සිරුරු කරා පැමිණ පසුව හෝ ඒවා බුඳින්නට මකරාට අපහසු නැත.


තියුණු නියපොතු


කොමඩෝ මකරාගේ ඛේටය විෂ සහිත බව දන්නා මුත් එය කෙතරම් විෂ සහිතදැයි සෙවීමට 2005 වසරේදී මෙල්බර්න් සරසවිය විසින් විශේෂ පරීක්ෂණයක් පවත්වා තිබේ. කොමඩෝ මකරාගේ පවුලටම අයත් වන කබරයන් විශේෂ දෙකක් සහ කොමඩෝ මකරෙක් මිනිසුන්ගේ අත්වල ඇඟිලි හපා කෑ අවස්ථා නිරීක්ෂණය කල විට පර්යේෂණ කණ්ඩායමට දකින්නට හැකි වී ඇත්තේ සෑම විටම එකම ප්‍රතිඵලයක් උදා වී ඇති බවයි. වේගයෙන් ඇතිවන ඉඳිමුම, ලේ කැටි ගැසීම අඩාල වීම, වැළමිට දෙසට පැතිරී යන අධික වේදනාව ඒ ලක්ෂණ වලට අයත් විය. ‍ඇතැම් ලක්ෂණ පැය ගණනාවක් පුරා පවතී.

2009 වසරේදී මේ පරීක්ෂණ කණ්ඩායම සංරක්ෂණය කරල ලද කොමඩෝ මකරෙකුගේ හිසක් සිංගප්පූරුවේදී MRI Scan පරීක්ෂාවට ලක් කොට යටි හනුව ආසන්නයේ ඇති අවයවයකින් විෂ සහිත එකිනෙකට වෙනස් ප්‍රෝටීන විශේෂ නිකුත් කරන බව සොයාගෙන තිබේ. ඒ අනුව කොමඩෝ මකරෙකුගේ හපැකෑමකට ලක් වුවහොත්,

ලේ කැටි ගැසීම නතර වීම, රුධිර පීඩනය අඩු වීම, මස්පිඬුවල ඇති වන ආඝාත තත්වයන්, ශරීරයේ උණුසුම වේගයෙන් පහළ යාම, කම්පන තත්වය සහ සිහිකල්පනාව ගිලිහීම වැනි ලක්ෂණ පෙන්නුම් කරන බව සොයාගෙන තිබේ. ඒ අනුව මකර‍ාගේ මුඛයේ ඇති බැක්ටීරියාවන් නිසා ජීවිත හානි සිදුවේ යැයි තිබූ පැරණි මතය යම් තරමකට විවාදයට ලක් වී ඇත. එහෙත් කෙළ බිඳක් ගෑවුන පමණින් මරණයට පත්වන්නේ යැයි දෙහිවලින් අතුරුදහන් වූ මකරා ගැන ලියවුන ලංකාවේ පුවත් පත් වාර්තා වල සටහන් වී තිබූ කරුණ සාවද්‍ය බව මේ පරීක්ෂණ වාර්තා වලින් තහවුරු වෙයි.

ප්‍රජනනය සඳහා කාලය උදාවන අවස්ථාව වන විට පිරිමි සතුන් හුදෙකලා වෙති. ඔවුන් තනි තනි වශයෙන් තම බල ප්‍රදේශ වෙන් කරගන්නා අතර  ඇතැම් විටෙක එය කිලෝමීටර් 2 ක් තරම් දුරකට විහිදෙයි. තම බල ප්‍රදේශයේ ආරක්ෂාව තර කරන්නට නිතරම මුර සංචාරයේ නිරත වෙන්නට ඔව්හු ප්‍රිය වෙති. මැයි සහ අගෝස්තු මාස අතර සංවාසයේ යෙදී සැප්තැම්බර් වන විට බිත්තර දැමීමට ගැහැණු සතාට හැකියාව ලැබේ. සාමාන්‍යයෙන් එක් වරකට බිත්තර 30 ක් පමණ මුදාහරින්නට ගැහුණු සත්වයා සමත් වෙයි.

ප්‍රේමයෙන් වෙළුන කොමඩෝ මකර යුවලක්

කොමඩෝ ගැහැණු සතුන් උපායශීලීව තම කැඳලි තනන්නේ තම බිත්තර දඬයමේ එන විලෝපිකයන්ගෙන් ඒවා ආරක්ෂා කරගන්නා සූක්ෂම ක්‍රමවේද සහිතවය. කැඳැල්ලේ සැකැස්ම අනුව නොමග යන විලෝපිකයන්ගෙන් බිත්තර බේරා ගන්නට එමගින් හැකියාව ලැබෙයි. එක් බිත්තරයක් grapefruit ගෙඩියක් තරමට විශාල වෙයි. මාස තුනක් අඛන්ඩව බිජු රැකීමෙන් පසු කොමඩෝ මකරුන් මෙලොව එළිය දකියි.


කොමඩෝ මකරුන් සම්බන්ධ තවත් අරුම පුදුම තොරතුරක් තිබේ. ගැහුණු සතා බිජු ලන්නට පිරිමි සත්වයා සමග කායික එක්වීමක් හැමවිටම අවශ්‍යම නොවේ. එක්වීමක් ඇතුවත් නැතුවත් උන්ට බිජු ලන්නට හැකියාව තිබේ. ලන්ඩන් සත්වෝද්‍යානයෙන් මේ පුවත තහවුරු කොට ඇත. පිරිමි සතකු සමග එක්වීමකින් පසු බිත්තර දැමූ ගැහැණු සතෙකු නැවත පිරිමි සතෙකු හමුනොවන ලෙස වෙන් කර තැබුවද නැවත වතාවක් බිත්තර දැමූ බව එහිදී නිරීක්ෂණය වී තිබේ. පළමු එක්වීමේදී නිකුත්වෙන ශුක්‍රානු ගැහැණු සත්වයාගේ සිරුර තුල ගබඩා කල හැකි ක්‍රමයක් කොමඩෝ මකරාට ඇතැයි සත්ව විද්‍යාඥයින් විසින් උපකල්පනය කොට තිබේ.

කොමඩෝ මකරෙක් මෙලොව එළිය දකින විට අඟල් 12 ක පමණ දිගකින් යුතු වෙයි. අනෙක් සතුන්ගේ මෙන් අලුතින් උපන් පැටවුන් කොමඩෝ මකර දෙමාපියන් විසින් රැකබලාගන්නා බවක් දැනගන්නට නැත.

මකර පැටව්
කෙටි කලකින්ම මේ පැටව් ගස් බඩ ගාන්නටත්, එහෙ මෙහෙ ඇවිදින්නටත් පටන් ගනියි. ඒ කාලය වන විට සත්ව උද්‍යානයක නම් පැටවුන් වැඩිහිටි කොමඩෝ මකරුන්ගෙන් සහ උන්ගේ දෙමාපියන්ගෙන් වෙන් කරන්නේ වැඩිහිටි සත්වයින් විසින් මේ පැටවුන් ආහාරයට ගැනීම වළක්වාලීම සඳහායි.

අවුරුදු 4 ක් ගත වන විට කොමඩෝ මකරෙක් අඩි 4 ක පමණ දිගින් යුතු වෙයි. ඒ වයසේදී  වැඩිහිටියන් සමග උන්ට නිරුපද්‍රිතව වෙසෙන්නට හැකිය. කුඩා අවධිය කරදරයකින් තොරව ගත කලහොත් කොමඩෝ මකරෙක් අවුරුදු 30 ක පමණ කාලයක් ජීවත් වෙයි.

කොමඩෝ මකරා යනු වඳවීමේ තර්ජනයට ලක් වී ඇති සත්වයෙකි. ජාත්‍යන්තර ස්වභාව ආරක්ෂණ සංගමයේ රතු දත්ත පොතට ඔවුන් වර්තමානය වන විට ඇතුලත් වී සිටිති. මේ අවස්ථාව වන විට ලෝකය පුරා සිටින සමස්ත කොමඩෝ මකර ගහණය  6000 ක් පමණ වෙයි. ඔවුන්ගේ ජන්ම භූමිය වන ඉන්දුනීසියාවේ මේ සත්වයා ආරක්ෂිත සත්වයෙකු ලෙස නම්කොට කොමඩෝ ජාතික උද්‍යානයේදී සංරක්ෂණ කටයුතු සිදුකිරීම මේ වන විටත් ඉන්දුනීසියානු රජය විසින් ආරම්භ කොට තිබේ.

ඉන්දුනීසියාවේ කාසියක කොමඩෝ මකර රුව

කොමඩෝ මකර බිජු රැකීමෙන් ඉන්දුනීසියාවෙන් පිටත පළමු වරට කොමඩෝ මකරුන් බිහිකලේ 1992 දී ඇමරිකානු ජාතික සත්ව උද්‍යානයයි. එහිදී ‍කොමඩෝ මකර පැටවුන් 55 ක් දෙනෙකු මෙලොව එළිය දුටු අතර ඒ සත්වයින් ‍වර්තමානය වන විට ලොව පුරා සත්ව උද්‍යාන 30 ක ජීවත් වෙති. සමහර විට දෙහිවලින් පැන ගොස් නැදිමාලේ ඇළක සිටියදී නැවත කුදලාගෙන විත් කූඩුවට දැමුවේ ඇමරිකාවේදී උපත ලද සත්වයෙකු වන්නටත් බැරි නැත.



අද ලිපියට මූලාශ්‍ර
1
2

මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

දෙහිවල සත්තුවත්තෙන් පැන ගිය කොමඩෝ මකරා ගැන පුවත මෙතැනින්

92 comments:

  1. දෙහිවල සත්තුවත්තේ හිටියේ කොමොඩෝ මකරෙක්ද? මං හිතං හිටියේ බ්ලූ ඉගුවානා එකෙක් කියලා.. බයිද වේ... very informative. Thanks a lot

    ReplyDelete
    Replies
    1. blue iguana ගේ හිස මුදුණෙන් පටන් අරන් නැට්ටේ කෙළවර දක්වාම කටු කටු වගේ පේලියක් තියෙනවා මෙයාලා වගේ නෙමේ

      Delete
    2. තෑන්ක්ස් ඔමා. මම හිතා හිටියේ සත්තුවත්තේ හිටියේ බ්ලූ ඉගුවානෙක් කියලා.

      Delete
    3. blue iguana සහ කොමඩෝ මකරා කිසි සේත් සමාන වෙන්නෙ නෑ...ඉගුවානා හරියට ලොකු කටුස්සෙක් වගෙයි.

      Delete
  2. නියමයි ස්තුතී.. පිරිමි සතෙක් නැතුවත් බිත්තර දමා පැටවූ බිහිකරන්න පුළුවන් වීම හරි පුදුමයි.. විනාශ නොවී පිරිමි බිජ ශරීරයේ ගබඩා වීමක් ගැන අහපු පළවෙනි වතාව. ස්තුතී තොරතුරු වලට

    ReplyDelete
    Replies
    1. නියමයි ස්තුතී.. පිරිමි සතෙක් නැතුවත් බිත්තර දමා පැටවූ බිහිකරන්න පුළුවන් වීම හරි පුදුමයි//
      ඔමා..ලගදි වනිතා ඇන්ටි මුන ගැහුනද?

      Delete
    2. දෙන්නේ ගුටි මෙන්ඩෝ ඈ :( :( ඒ ඇන්ටිට මාව පෙනන්න බෑ, නිතරම මගේ කමෙන්ට් වලට වලි වනිතා ඇන්ටිට යවන්න ඕනේ ලින්ක් එක :D

      Delete
    3. ඒ කාරණය මමත් ඇහුවෙ පළවෙනි වතාවට, ලන්ඩන් සත්තු වත්තෙ ගැහැණු සත්වයෙකුට පිරිමි සතා සමග එක්වෙන්න ඉඩ දීලා අවුරුදු දෙකක් කිසිම ලෙසකින් පිරිමි සත්වයෙකු හමු නොවන විදියට ගැහැණු සත්වයා වෙන්කොට තිබෙනවා, එහෙත් පළමු වර බිත්තර දැමීමෙන් පසු දෙවන වරටත් එම සතා බිත්තර දාලා තියෙනවා...

      ඔය වනිතව මේ පැත්තට එක්කගෙන එන්නකො....

      Delete
  3. හොයල බලලා විස්තර දැනගෙන නිකං ඉන්නෙ නැතිව ඒවා අපිත් එක්කත් බෙදා ගත්ත එක ශෝක්.කම්මලි නැතිව එක හුස්මට කියෙව්වා. ජය..!!

    ReplyDelete
  4. පහුගිය මාසෙම මම දෙපරකර වඩා සිරාගේ කාමරේට ආවේ නෑ. මොකද ඒ මාසේ බූට් කතා දානවා කියලානේ තිබුනේ. මම ඒවාට අකමැති නිසා කියවන්න ආවේ නෑ.

    ඉතිං අද මේ අලුත් පොස්ට් එකක් බලන්න ආවේ. මේකත් ඇල්ලුවේ නං නෑ. සිරා ඉස්කෝලේ කාලේ කරපු කියපුවා, ඉංග්‍රීසි සර්ගේ කතා නං සිරා.

    ඒ ඇරෙන්න ඔය ලව් පල් හෑලි නං කියවන්නේ නෑ.

    මගේ අදහස කෙලින්ම කිව්වේ. සිරා තරහ නෑ කියලා දන්නවා.

    ReplyDelete
    Replies
    1. ඇනෝ මචං..අපි තරහා නෑ..රෙස්පා එහම අදහස කෙලින්ම කිව්ව එකට ඒත් මචං මේක සිරාගේ කාමරේ.. හැම දෙයක්ම මෙතන තියනවා දුක සතුට වලි උදව්..අනික තමන්ගේ කාමරේට ඇවිත් කෙනෙකුගේ හිතේ තියන දෙයක් ලිපියකින් අනිත් අය සමග බෙදාගන්න අවස්තාවක් දෙනවා කියන්නේ හැම කාමර අයිතිකාරයෙකුටම කරන්න බෑ ඒකට ලොකු පිරිසිදු අවංක හදවතක් ඔනේ.. උඔ කැමතිද ඔයා ඉන්න බෝඩිං කාමරේ ටික දවසකට තව කෙනෙකුට නවතින්න දෙන්න...
      බ්‍රෑන්ඩ් එක ගල්ද?
      සින්දු ඇනෝ..
      මචං මට දියන් නිහාල්ගේ ගූනේ අයියාගේ කාමරේ.

      Delete
    2. සින්දු ඇනෝ නෝනට සනීප නෑ කියලා අද ලිව්...... මට කිව්වා ආපහු එනකම් බොලා ඉල්ලන ඒවා දීපන් කියලා............

      සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ
      අහපන් රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ
      හිටපන් සයිඩ් එකෙන් වාඩි වෙලා සුමිතුරේ
      මස්කට් පැණි බූන්දි තියෙනව මගෙ කාමරේ

      මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
      (ඒ) මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

      පච්ච සිරා ලා එතකොට කොච්චි ඇලා ලා
      ගුෂ්පි රොබාලා එහි මෙහි සොමිය සොයාලා
      සැප විඳලා මෂා වෙලා පීචං වීලා
      කැපිල යන්නෙ සක්විති සුව මෙහෙන් වළඳලා

      නළුමන්ට්ස් ලා නිලිමන්ට්ස් ලා කැමර කටා ලා
      අලි වංශෙං වැඩ පෙන්නන සුපර් මෑන්ස් ලා
      බර පොරවල් ෆොරීන් කකුල් එකට වැටීලා
      ටූ තව්සන්ඩ් ත්‍රී තව්සන්ඩ් යයි විසිකරලා

      මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
      (ඒ) මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

      ටින්කිරි ටින් එකෙන් නැතිනම් ටොනික් ඩප්පියෙන්
      පේස්ටු පේස් එනවා නම් වැඩ අතින් පයින්
      ඔය සෙවල කිවල වැක් කෙරුවොත් තෙල් වීදාගමින්
      ගල් වැලි කටු බොරු නෑ මගෙ වැඩ රාත්තලෙන්

      කොත නං කොත කුරුස වලට මගෙ ළඟ ඉඩ නැත
      ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් එකේ ඇත
      දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත
      බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොඳ හිත

      සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ
      අහපන් රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ
      හිටපන් සයිඩ් එකෙන් වාඩි වෙලා සුමිතුරේ
      මස්කට් පැණි බූන්දි තියෙනව මගෙ කාමරේ

      මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
      (ඒ) මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
      මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
      (ඒ) මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

      Delete
    3. ස්තුතියි බෝක්ක...උඔත් අලුත් මොනවා හරි ලියපන් නැත්නම් මකුලු දැල් බැදෙයි.
      ගහමු වේලාවක බෝතලයක්..
      එල ද බ්‍රා

      Delete
    4. එලද බ්‍රා මැලේ මචෝ ...ඔය සින්දුවේ තව වර්ෂන් එකක් තියනවා ..හිටපන් දාන්න .

      Delete
    5. මැලේ මෙන්න මචෝ අලුත් වර්ෂන් ඒක ...

      තරහ නෙවෙන් මචං ඉන්නේ කොහෙද මචන්
      හරි කාලෙකින්නේ දැක්කේ උඹ මචන්
      මන් දන්නේ නැනේ මචන් උඹ බැඳපු වගක් මචන්
      මට දන්නුවනම් එනවා මන් මචන් ..
      ගුණේ අය්යා මචන් පොඩි කාමරේදී මචන්
      මට ඊයේ කිව්වා උඹේ ගැන මචන්
      සන්තෝසයි මචන් හරි සන්තෝසයි මචන්
      අපි කාමරේට තට්ටු වෙමු මචන් ..
      තාමත් තියනවා ගුණේ අය්යගේ කාමරේ ..
      අපි වගේ අයට මචන් අගුල් දාලා නැ දොරේ ...
      මොනවද මස්සිනේ උඹට අතට ලැබුනේ දැවැද්දට
      ඉඩකඩන්ද සල්ලිවලින්ද
      රඹ කිඳ රබන් කිකිඳ නෝනා ඉන්නවද නියමෙට
      සැලකිලි කොහොමද ලොක්කෙ
      දරුසුරතල් හෙම දැක්කද දන ගන්නට ආසයි මට
      බොරුව නොදා කියන්න ඕනේ
      පවුල් ජිවිතේ කොහොමද අවුල් නැතිව ගෙනියනවද
      ට්‍රබල් නැතිව සැපකුත් නැනේ
      බස් එකේදී දවසක් මට නියම ඉරක් වැදුනා ඇහැට
      මන් ඒකිට මගේ හිත දුන්නේ
      ඒ කෙල්ලව මිට් වෙන්න යන්නට ඕනෑ අද හෙට
      ෂෝ එකකුත් බලන්න ඕනේ ..
      ලව් කරලා බදින එකද බැඳලා ලව් කරන එකද
      වැඩිය හොදට දැන් ගැලපෙන්නේ ..
      ඒවගේ සොමි කතා බහට වැටෙන්න හැන්දෑවරුවට
      කාමරේදී අපි සෙට් වෙන්නේ ...
      තාමත් තියනවා ගුණේ අය්යගේ කාමරේ ..
      අපි වගේ අයට මචන් අගුල් දාලා නැ දොරේ ......
      අලුත බැහැලා සින් එකට බොරු සෝබන පාර දිගට
      සමහර අය වෙට්ටු දානවා
      එයා පැනලා දුන්නට වැටෙන්න බැ අපේ ගොඩට
      අතර මගදී නිකම් නානවා ..
      පක්ෂියා රජ වුන දවසට තබා ගනිවු පපුව හොදට
      නැත්නම් අත්තටු ගැලවෙනවා ..
      එහෙම කියපු ගුණේ අය්යට වටිනවා බන් දන නමන්න
      ඕවා පොත්වල ලියවෙනවා ...
      පෙලෙන්ටියක් මගින් දාලා යමුකො මචං කාමරේට
      තව කියන්න ගොඩක් තියනවා
      ඉස්සර වගේ නෙවෙයි මචන් ලාම්පු නිව්වත් ඉඳ හිට
      ඉටිපන්දම් එතන තියනවා
      ෂයින් රවින් ශකබෝනා රත්නේ ඇවිත් අද හවසට
      ෂුවර් එකට සින්දු කියනවා
      එන්න බැරිව බජව් එකට වටේ ඉඳං කහින අයට
      ගුණේ අය්යා පැම්පස් දෙනවා
      තාමත් තියනවා ගුණේ අය්යගේ කාමරේ ..
      අපි වගේ අයට මචන් අගුල් දාලා නැ දොරේ ...
      තවමත් තියනවා ගුණේ අය්යගේ කාමරේ ..
      අපි වගේ අයට මචන් අගුල් දාලා නැ දොරේ ......

      ගායනය - නිහාල් නෙල්සන්

      Delete
    6. ඇනෝ මිත්‍රයා බොට ස්තූතියි...එකම රසය හැමදාම හරියන්නෙ නෑ නොවැ...ඒ නිසා විවිධ රස කාමරෙන් බෙදන්න තමයි මගේ කැමැත්ත...ඔබ කැමති රසයට යමක් ලගදි දවසක නැවත සැට් වෙයි...

      ඔය සින්දුව නිසා තමයි මම කාමරේට සිරාගෙ කාමරේ කියලා නම දැම්මෙ...හේමසිරි හල්පිට තමයි සින්දුව ලිව්වෙ. බජාර් කකුලක් ජීවත් වෙන කාමරයකට එන යන පිරිස ගැන පොඩි විස්තරයක් තමයි තියෙන්නෙ..ලස්සන සින්දුවක්...

      Delete
    7. ඈනෝ...පොඩ්ඩක් ඉවසල ඉඳපන්...සිරා දෙනව රම්පෙට පොරි පොකුරු පොකුරු හෑලෙන්න....හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට....

      බ්‍රෑන්ඩ් එක ගල්....

      Delete
    8. අනේ ඔයා නැතුව අපි පාලුවෙන් හිටියේ.... දැන් හැමදාම එන්න හොඳේ.... අපේ සිරා ගොයියා ඔය කැමතිම ජාතියේ ඒවා දෙයි... (අවන්කවම මමත් කැමති ඒ කතා වලට බන්...)

      බ්‍රෑන්ඩ් එක ගල්......

      Delete
  5. ස්තුතියි මචං තොරතුරැ වලට..මේ ටික අද පොඩි මෙන්ඩාට කියලා දෙනවා..
    උඔ පහුගිය කාලේ හිතේ දුක කියන්න කාමරේ ඇරලා දුන්නාටත් ස්තූතියි..

    පත්තර මල්ලි උඔ ඉන්න තැනකින් හොදින් ඉන්නවා කියලා තොරතුරක් දිපන්..

    එල ද බ්‍රා
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. පත්තරයත් මේවගේ එකෙක් කියලා රැවටිලා කුඩු කරලා කියලා ආරංචියි ...

      Delete
    2. පොඩි මෙන්ඩට එලද බ්‍රා කම්පැණියෙ ඉහළ පුටුවකට යන්න හැකිවෙයි ඔබේ උනන්දුව දැක්කම...බ්‍රෑන්ඩ් එක ගල් නම් ගල් වලට නිළ බයිට් එක මොකක්ද ?

      Delete
    3. ගල් වලට නිල බයිට් එක ගොඩකවෙල වඩේ . නිල සැපයුම් කරු , ත්‍රි බාසා ප්‍රසන්න

      Delete
    4. හැක් හැක්.. වරෙං ගල් බෝතලයක් අරගෙන වඩේ හපන්න.

      Delete
    5. ගොඩකවෙල වඩේ වල මැද හිල තියෙනවද ?

      Delete
    6. සිරා දානවලු ගොඩකවෙල වඩේ ගැන වෙනම ලිපියක්....

      Delete
    7. කෝ බන් අපේ පත්තරයා... සුදු වෑන් දැන් නැති එකේ මුව මේ ජාතියේ සතෙක්වත් හපලද...? (එහෙනම් සතෙක්ට අමාරුයි කියලා හරි නිව්ස් එකක් යනවනේ...)

      Delete
  6. හොඳ විස්තරයක් සිරා. ඉන්දුනීසියා ගිය වෙලාවේ තමන් සෆාරි එකේදී මේකව හෙව්වා. හැබැයි හැංගිලා ද කොහෙද බලා ගන්න බැරි වුනා. ඉස්සර කබරයටත් අපි බයයි. බාවෙන් ගැහුවම කැපෙනවය. ... එපා කියල අපිව බය කරලා තිබ්බ නිසා. මෙයින් එක්කෙනෙක් ඉස්සරහට හම්බ වුනොත් පන එපා කියල දුවයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කා...තමන්ගෙ වල්ගයෙන් හොද වැඩ ගන්න කෙනෙක් තමයි මේ මකරත්..පහළ වීඩියෝවෙ එක තැනක තියෙනවා තමන්ගෙම සගයෙක්ට වල්ගයෙන් සැර පහරක් දෙන අන්දම...කබරයා අයත් වෙන්නෙත් මේ කොමඩෝ ඩ්‍රැගන් අයත් වෙන කටුසු පවුලටම තමයි...

      Delete
  7. මොන මකරුද බං.. කබරගොයෙක් නොවැ... මූ ගිනි පිඹිනවාද???

    ReplyDelete
    Replies
    1. එකක් ඔතලා දුමක් දාපු වේලාවක ගිනි පිඔිනවලු

      Delete
    2. ඇස් දෙක හීන් වෙලාද තිබුනෙ ‍මකරගෙ ෆොටෝ එක දකිනකොට...

      Delete
  8. සිරා..
    ගල් අරක්කු කියලා ‍බොලෝග් එකක් තියනවා රෝලට දාගනින්කෝ.
    gal-arakku.blogspot.com

    ReplyDelete
    Replies
    1. යකෝ මේක බ්ලොග් එකක්ද ගල් ඇඩ් කරන පොට්‍ එකක්ද

      Delete
    2. මෙන්න මචං ඒකෙන් උපුටා ගත් එකක්..
      හිත මිතුරු සුළඟ......
      හිත මිතුරු සුළඟ ලඟ එන මගේ යාළුවට කියන්....
      අද එනවිට ගල් බෝතලයක් රැගෙන එන ලෙසින්.....
      දිගු කලකින් අපි මුන ගැසේවි සෙට් වෙන්න ඉතින්....
      අද බිව්වොත් ඒ අඳුරු මොහොත සොඳුරු වෙයි සැනින්....

      කස්ටියටම ආරධනා කරනවා ඒ පැත්තෙ ගිහින් එන්න

      Delete
    3. මෙන්ඩෝ මම ඔය ගැන සිරාගේ කලින් පොස්ට් එකේ දැම්ම "බ්‍රෑන්ඩ් එක ගල් නිල කවි පිටුව" කියලා .. දැන් ඒක ලියන්නේ නැ මචෝ ...

      "සොයා ගල් බෝතල්....
      දමා ඩෙවල් චිකන්.....
      කොහේදෝ බොන්නේ.....
      දමා තනිකර එකට බොන මිතුරන්...."

      Delete
    4. සින්දුවගෙ තොරතුරකට අනුව මම එතනට ඔලුව දැම්මා...ගල් බෝතලේ නග්ගලම අරන් තියෙනවා.පංකාදු කවි ටික...ඒත් මේ බොග දැන් ලියවෙන්නෙ නෑ...ඒ නිසා රෝලට එල්ලලා පලක් නෑ ආයුබොවන්ඩ...

      Delete
    5. මැලේ , මෙතන අපේ බාර් එක ගල් විතරයි තියෙන්නෙ. එයාපෝර්ට් එකෙන් බැහැපු ගමන් හූවක දුර. ( මත්තල ගිහින් හූ කියන්න එපා ). කටුනායකින් බැහැපන්

      Delete
    6. මත්තල කියලා ලංකාවෙ එයාර්පෝට් එකක් තියෙනවද තවම ? (සභාවේ තදින් සිනා)

      Delete
    7. මටත් හොඳටම හිනා... මට මතක විදිහට එහෙම සරුංගල් යවන්න පුළුවන් තැනක් හැදුවද කොහෙද...

      Delete
    8. නෑ නෑ කුරුල්ලො බලන්න...මොණරු බලන්න...තඩි මී හරක් බලන්න..

      Delete
  9. දෙහිවලින් මුන් එකෙක් පැනලා ගියා කියලා කිව්වම හිතුනේ පේ සත්තුවත්තේ තරම තමා කියලා

    ReplyDelete
    Replies
    1. හරි හරි ඌව අල්ලලා ආපහු යැව්වා ගිය 28 හවස 5.20ට

      Delete
    2. සත්තු වත්ත බල්ලට ගිහින්..බල්ලො සත්තුවත්තට ඇවිදින් දැන්..මේ ලගදි දඩාවතේ යන බල්ලො වගයක් සත්තු වත්තට ඇවිත් මොක්කුද සත්තු වගයක් මරලා දාලා කියලා ආරංචියකුත් ආවා...

      Delete
  10. අපරාදෙ ඌ පැන්නෙ පාර්ලිමේතුව තියන වලට ගිහිල්ලා රස කෑම ටිකාක් කන්න වෙන්න ඇති..එහෙනෙ ගොඩක් මස් වැඩි මොලේ අඩු අය ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. එකනේ සරත් අය්යේ ..මම උඩ තියන ෆොටෝ ඒක දැක්කම හිතුවේ මේකා බත්තරමුල්ලේ හරක්ගාලට පැනලා කියලා ..

      Delete
    2. හැබැයි පාර්ලිමේන්තුවෙ ඉන්න උන්ගෙ ඇගවල් වල තියෙන බැක්ටීරියා මකරගෙ ඒවට වඩා සැර නිසා...උන්ව කෑවා නම් මකරා ඔන්දස්පොට් වෙනවා.

      Delete
  11. කියලා වැඩක් නෑ. හරිම සවිස්තරාත්මක, පර්යේෂණාත්මක ලිපියක් සිරා. ඉහලින්ම අගය කරනවා. මටනම් මු දැක්කම හරිම අප්පිරියයි. ඒ වගේම මුන්ගේ විෂ භයානක බව දැන සිටීම හැමදෙනාටම වැදගත්.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ මෙහෙයුමකට යද්දි කොමඩෝ මකරුන් රංචුවකට මැදි උනා නම් විචාරක තුමා මොකද කරන්නෙ...අදහසට ස්තූතියි...

      Delete
  12. වටිනා කියන පොස්ටුවක් සිරෝ ..

    "මකරා " කියලා නාට්‍යක් හෙන්ද්‍රි ජයසේන කළා ,මකරාක්ෂයා කියලා එකකුත් මතකයි ...
    කිඳුරා නඟින්නේ බසයට බොරැල්ලේ…
    මකරා පසුම්බිය පඩි දා විදිල්ලේ…
    දෙදරා විද්ද විදමන රත් කිහිල්ලේ…
    කිඳුරා පපුව පැළිලා ගෙයි තොටිල්ලේ…

    සිප බඳ කොමළතින් ලුණු කැඳ පොවාපියා…
    සැප නැති බදු ගේක වකුටු ව නිදාපියා…
    ලප සඳ මහිමි ගිනි පොලියෙන් මුදාපියා…
    පඩි පත කෑ තොපට හෙණ හතය පාපියා…

    බල සම්පන්න දෙවියොත් පඩි නොලබාද… ?
    හිඟමන් සදිසි පඩිපත දැක උණුවේද...?
    සුපසන් මහිමිගේ ඉහ ගිනි දුටුවාද… ?
    මටවන් මෙදුක තගෙ අඹුවට නොවදීද… ?

    දරුවන් උදේ අකුරට නොයති ද ඉතිනේ…
    පවසින් සයින් නැඟි ගිනි දලු ඉහ මුදුනේ…
    ගසකින් කඩන කහවනු හීනෙන් පෙනුණේ…
    ඉතිකින් කෙලෙස වෑවෙම් දෝ හිමි සඳුනේ…
    ගායනය - නන්දා මාලනී
    පද රචනය – කුමාර හෙට්ටිආරච්චි.
    සංගීතය - මර්වින් පෙරේරා.


    ReplyDelete
    Replies
    1. මේ ගීතය කවදාවත් අහලා නෑ...කොහෙන්ද බොලං මේ පැරණි රසාංග හොයාගන්නෙ හැබෑට...

      Delete
  13. සියලුම සත්තුවත්තවල් නවැත්විය යුතුයි මේවා සත්ව වදකාගාර
    සතුන් යොදාගෙන කරන සියම සංදර්ශණ වහාම නැවැත්විය යුතුයි
    මේ සදහා ජනතාව පෙලගැස්විය යුතුයි

    ReplyDelete
    Replies
    1. සත්ව උද්‍යාන නරඹන්න යන්න මගේ කිසිම කැමැත්තක් නෑ....අන්තිම වතාවෙ දෙහිවල ගියාම මගේ හිත ගොඩාක් සසල උනා...මානසික ආතතියෙන් ඉන්න ගොඩාක් සත්තු දැක්කා...පව් ඉතිං...කොච්චර කල් කියලා ඒ ජීවිත ගෙවන්නද...ඒ අයගෙ ඇස් දිහා බැලුවාම කියාගන්න බැරි ‍ලොකු දුකක් හිරවෙලා තියෙන බව තමයි මට නිතරම හිතුනෙ.

      Delete
  14. සෑහෙන්න මහන්සි වෙලා හොද විස්තර ටිකක් හොයාගෙන තියෙන්නේ..

    තව ඉස්සරහට දෙහිවලින් තව මොන මොන සත්තු පැනලා යාවිද දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. පැනලා යන්න එතෙක් සත්තු ඉතිරි වේවිද කියන එකත් මට නම් පුරස්නයක් බොලං...

      Delete
  15. හොද විස්තරයක් සිරා . ජනාකීර්ණ ප්‍රදේශයක් හරහා ඔය සතා නිරුපද්‍රිතව බේරිලා ගිය එක ලොකු දෙයක් . දෙහිවල සත්තු වත්ත ඉඩ තියන තැනකට ගෙනියන්න කාලෙක ඉදන් සැලසුමක් තිබුනත් තාමත් ක්‍රියාවට නගල නැති එක නම් කණගාටුවට කරුණක්.

    ReplyDelete
    Replies
    1. සත්තු වත්ත කියන එක කිසි ලෙසකින් සතෙකුට සුවපහසු තැනක් නොවෙයි නොවැ...ඒ නිසා සත්තු වත්ත වහලා දානවා නම් මම පුද්ගලිකව කැමතියි...අවසන් වතාවෙ එතනට ගියාම දැක්ක දේවල් වලින් මම ගොඩාක් දුක් උනා...

      මේ සතා නැදිමාලෙ ඇළක බැහැලා ඉද්දි හොයාගෙන තියෙන්නෙ...ඒ වෙද්දිත් මිනිස් පහරදීම් නිසා සතාට තුවාල වෙලා කියලයි ආරංචි...

      Delete
  16. කොමඩා මෙච්චර දරුණු සතෙක් කියල දන්නෙත් සු එකෙන් පැනල ගියාම.. මේ ටික කියෙව්වම සතා ගැන නොදන්නා දෙයක් නැති තරම්.. සිරාගේ මහන්සියට ජය...

    බැරිද ඔහෙන්වත් කොමඩෙක් හොයා ගන්න .ගෙදර මුරට තියන්න. හොරුත් වැඩි වෙලා.දැන් ගෙදර මුරට ඉන්න බල්ලොත් හරි මදි.. නැටිල්ල විතරයි..

    ReplyDelete
    Replies
    1. ඒක මරු කථාව බං...මේකෙක් බල්ලා වෙනුවට හැදුවා නම් ගොඩම තමයි...ලයිට් බිල ලියන මිනිහත් කිලෝමීටරයක් විතර ඈත ඉදන් කෑ ගහයි මකරා බැඳලද කියලා...

      බල්ලො මොකද බං ඔය හැටි නටන්නෙ..උන්ට පණුගාය ඇති..බේත් ටිකක් අරන් දීහං...

      Delete
  17. තෝ මහ ගං කබරෙක්නේ. මේ සතා ගැන කළින් අහල නැහැ කිව්වම මට උඹ ගැන හිතුනේ එහෙම. වැරදිලා හරි Nat Geo හරි Animal Planet හරි බලනවානම මෙවුන් ගැන වැඩසටහන් යනවනේ බං.

    ඒකට කමක් නැහැ, තමන් නොදන්නා දේ හොඳට හොයල බලල, නොදන්නා අයටත් බලන්න මේ
    තරමට විස්තර දාපු එක ගොඩක් වටිනවා...

    දෙහිවල සත්තු වත්තේ දැන් සත්තු නැහැ, ඒ මදිවට ඉන්න උන් එක්කෝ පැනල යනවා. එහෙම නැත්නම් එළියේ ඉන්න එවුන් පැනලා ඇතුලේ උන්ව කාල යනවා.
    පහුගිය දවසක පත්තරේක තිබුනා දඩාවතේ යන බල්ලෝ ටිකක් පැනලා සත්තු වත්තේ හිටපු මී මින්නෝ ටික ඔක්කොම හපලා මරා දාලය කියල.

    ReplyDelete
    Replies
    1. මම ඔය උඹ කියන රෙද්දවල් බලන්නෙ නෑ බං...ඕවා බලන්න මට වෙලාවක් නෑ. ගං කබරයත් මකරගෙ පවුලෙම එකෙක් තමයි.

      සත්තු වත්තට මම ආය‍ෙ කවදාවත් යන්නෙ නෑ. මම ගොඩාක් සසල උනා අන්තිම වතාවෙ ගිහිල්ලා දැක්ක දේවල් නිසා...ඒක හරිම දුක්බර අත්දැකීමක්...

      Delete
  18. හුඟක් වටින විස්තරයක්. ස්තූතියි මේ තොරතුරු අපිත් එක්ක බෙදා ගත්තට.

    බූට් මාසය වෙනුවෙන් ලියවුනු ලිපි වලටත් ස්තූති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. බුට් කාපු නොකාපු හැම කෙනෙක්ටම ඒ ලිපි පෙල බොහෝ දේ ඉගැන්නුවා කියලයි මට හිතුනේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නගෝ...බූට් මාසය නිසා තමයි මමත් විරහා වේදනාව අමතක කරලා අද මේ විදියට ඉන්නෙ...ඊට අමතරව හොද යාලුවො කීප දෙනෙකු අලුතෙන් හොයාගත්තා

      Delete
  19. ඇත්තටම මේ ලිපිය හුගාක් වටිනවා...මෙය පල කිරීම ගැන ස්තුතියි...ඇත්තටම සත්තු වත්තේ ඉන්න සත්තු දිහා බලලා අපි හිත සනසව ගන්නවා...ඒත් ඒ සත්තු හිතෙන් විදින වේදනාව කොයිතරම්ද කියල බලන්න අපිත් සතෙක් වෙන්නම වෙනවා...මේ ලැබුන ජීවිතේ ජොලි කර කර ජීවත් වෙන මිනිස්සුන්ට ඒ සතුන්ගෙ ජීවීතේ හොද පාඩමක් කියලා මට හිතෙනවා,,,අමාරුවෙන් පෙර පින් කරලා ලබාගත්තු ජීවිතේ,,කොයිතරම් නාස්ති කරගන්නවද? ඔය සත්වයා වුනත් පෙර පින් තිබුනනම් ඔහොම ඉපදෙන්නේ නෑ...බඩ පිරුනම හැමදේම අඩුවක් නැතිව ලැබෙනකොට සමහර මිනිස්සු හිතන්නෙ දැන් මට හැමදේම ලැබුනා කියලා,,,ලබන ආත්මේ මට කොයිවගේ වේවිද කියලා ගානක්වත් නෑ,,,ඔය අපි දකින හැම සතෙක්ම අපිට පෙන්වන්නේ ලෝකයේ සුන්දරත්වය වගේම ...සන්සාරේ භයානක කම...ඒත් මේ ලෝකේ මිනිස්සූන්ට වටිනා ජීවිතයක් ලැබිලත්...ඒ ජීවිතේ ආරක්ශා කරගන්න,,,,කිසිම වුවමනාවක් නෑ...තාවකාලික සතුටක්...වෙනුවෙන් මුලු ජීවීතේම නාස්තිකරගන්නවා...ජීවිතේට එන ප්‍රශ්න වලට ,,,ගල් බොතලයකින් තොර විසදුමක් හොයපු කෙනෙක් නැති තරම්,,,ජීවිතේ හැමදේම සල්ලි වලින් ...මත් වතුරවලින්...සම්පූර්න කරන්න පුලුවන් කියලා මම හිතන්නේ නෑ..හිතේ සතුට තමන්ගේ ජීවිතාවබොදයෙන් ලැබෙන්න ඕන දෙයක්..දර්මයෙන් ඈත් වෙන්න වෙන්න මිනිස්සු යන්නේ අපායකට ...ඒක එයාලට හිතෙන්නේ සුර ලෝකයක් කියලා.....තිරිසනෙක්ට කවදාවත් මනුශ්යයෙක් වෙලා මැරෙන්න බෑ...එත් සමහර මිනිස්සූ මැරෙන්නේ තිරිසන්නු වෙලා... ඒ නිසා මේ සන්සාරේ හොදින් ජීවත් වෙන්න ,,,හොද වැඩ කරන්න,,,තමන්ට ආදරේ අයට තමන් වෙනුවෙන් කැප වෙන අය ගැන හිතන්න...තමන්ගෙන් එයාලට විය යුතු යුතුකම් ගැන හිතන්න ඒවා ක්‍රියාත්මක කරන්න....දර්මයෙන් කවදාවත් ඈත් වෙන්න එපා....එදාට මේ මුලු ලෝකෙම ගොඩාක් ලස්සන වේවී..ලබන ආත්මෙටත් සැනසීමක් වේවි..ජීවිතේ ඇත්තම සතුට සැනසීම ලැබේවි... :)

    ReplyDelete
    Replies
    1. ධර්මානුකුල අදහසක්..මම එකගයි විවාදයක් නැතුවම...සමාජයේ ගොඩාක් දෙනාට ඉතිං අත පය වාරු නැතිවේගෙන එද්දි නොවැ ධර්මය මතක් වෙන්නෙ. ඔය ටික මටත් ‍පොදුයි.

      Delete
  20. හොඳ විස්තර ටිකක් මෙතන තියෙනව සිරා. ස්තුතියි හොයල බලල දැනුවත් කළාට.
    දෙහිවල ගැනනං කතා කරල වැඩක් නෑ. මමනං කියන්නෙ අලුතෙන් සත්තු ගේන්නෙ නැතුව ඉන්න උං ටික කෙලස් වෙලා ගියාට පස්සෙ ඕක වහල දාන්න ඕන කියලයි.

    ReplyDelete
    Replies
    1. මගේ අදහසත් සත්තුවත්ත අවශ්‍ය නෑ කියලයි. මම අන්තිමට ගිය වතාවෙ කටේ ගෙඩියක් ආව ඕළු මුවෙක් හිටියා..මොන තරම් වේදනාවක් ඒ සතා විදිනවා ඇතිද...මම වගකිව යුතු අංශ දැනුවත් කලා සත්ව උද්‍යානයෙන් පිට වෙන්න කලින්...අනේ ඒ මිනිස්සු තඹේකට මායිම් කලේ නෑ.

      Delete
  21. කොහේද අය්යා වාසෙදේසෙ..? අපිව මතකද දන්නෑ..:)))

    ReplyDelete
    Replies
    1. කොයි අයියගෙන්ද ඇහුවෙ...

      Delete
    2. අප්පද බොල...මේ මං වෙන තැනක දාපු කමෙන්ටුවක්නෙ බොලාට දාපු එක වෙන එකක්නෙ....මම මේක ඇහැව්වෙ..අපේ නලින් අය්යගෙන්...සොරිවේවා...සිරෝ..!

      Delete
    3. කමෙන්ට් එක දානකොට බීලද උන්නෙ ?

      Delete
  22. කොමඩො ඩ්‍රැගන් කෙසේ වෙතත් කොමඩෝ කියලා ෆිල්ම් එකක් නං ආවා. සිරා බලලා තියේ ද ?

    ReplyDelete
    Replies
    1. මම චිත්‍රපටි බලන්න‍ෙ නෑ බං...මම ආසම නෑ

      Delete
    2. ඒ ෆිල්ම් එකෙත් හිටියෙ මේ වගේ තඩි මකරොම තමා බන්.

      Delete
    3. මමත් චිත්‍රපටි බලන්නේ නෑ... හැබැයි සිංහල ඒවා... (ඒවා බලලා වැඩක් නෑ... මොකද කොහෙන්හරි කොප්පක් ගහපු එකක්නේ... කුජීතයි...)

      Delete
  23. හරිම වටිනා විස්තරයක් මල්ලී. සත්ව ලෝකේ අසිරිය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කා...හුග කාලෙකින් දැක්කෙ..

      Delete
  24. ඉන්දුනීෂියාවෙදි මම මේ එකෙක් දැක්කා...කෙල ටිකක් ගෑවුනත් මැරෙනවා කීව හන්දා දුරින් ඉඳන් තමයි බැලුවේ. :D

    ReplyDelete
    Replies
    1. ඊලග වතාවෙ අවස්ථාවක් ලැබුනොත් පොඩ්ඩක් හුරතල් කරලම එන්න ලගට ගිහිල්ලා...

      Delete
  25. ඔක්කොම කියෙව්ව. දුන් දැනුමට තුති...

    ReplyDelete
  26. සත්තු වත්ත ගැන නම් කියලා වැඩක් නැහැ.හුණ්ඩුවක් වගේ කුඩු ඇතුලේ හිර වෙලා උන් විදින දුකක්.
    එක පාරක් නයෙකුත් මිසින් වෙලා තිබ්බා සත්තු වත්තේ හිටිය.පව් අහිංසක සත්තු.

    කමන්ඩෝ මකරා ගැන ඇහුවේ ඔය සිද්දියෙන් පස්සේ.ස්තූතියි උඹේ මේ පැහැදිළි කිරීමට.

    ReplyDelete
    Replies
    1. මමත් ආයෙ කවදාවත් යන්නෙ නෑ කියලා හිතාගත්තා අන්තිමට ගිහින් ආවට පස්සෙ. එදා මම දැක්කා මානසික ආතතිය ගොඩාක් වැඩි බැබුන් කෙනෙක් සහ චිම්පන්සියෙක්...මේ දෙන්නා නොනවත්වා තමන්ගෙ කූඩුව වටේට අැවිදිනවා...මට පුදුම දුකක් දැනුනෙ...ඒ වගේම බඩගින්නට කන්න දෙයක් නැති නිසා දවස් ගානකට කලින් කෑමට ලබා දුන්න කොස් අතුවල වේලිච්ච නාරටි කන ගෝන්නු ටිකකුත් දැක්කා.

      කොමඩෝ මකරා ගැන මම ඉස්සෙල්ලාම ඇහුවෙත් මේ සිදුවීම සමග තමයි.

      Delete
  27. මටත් මෙකෙක් ඇති කරන්න අසයි බොලවූ දෙහිවල පැත්තේ හොයන්න ඕන කබරයෙක්ට හරි තලගොයෙක්ට හරි ක්‍රොස් වෙලා නැද්ද කියල අල්ල ගන්න කලින්

    ReplyDelete
    Replies
    1. ‍පොඩ්ඩක් ඇවිදලා බැලුවා නම් හොයාගන්න බැරි වෙන එකක් නෑ.

      Delete
  28. මේ වගේ බඩගාන සතෙක් සත්තුවත්තෙන් පැනල ගියා කියන එක මොන තරම් භයානකද? වෙන රටක උනානම් අදාල සේවකය ගෙදර. ඒත් වෘත්තීය සමිති වලට ස්තූති වෙන්න අපේ රටේ උන්ට මොන හෙනයක්වත් නෑ!

    ReplyDelete
    Replies
    1. බඩගාන සතෙක් හෙමින් හෙමින් සත්තු වත්තෙ සීමාවෙන් පිටතට පැන්නා කියන්නෙ කාටවත් නොපෙනී...මට සැකයක් ඇති වෙනවා කවුරු හරි ඩීල් එකක් දාන්න මකරව පැන්නුවද කියලා එළියට...

      Delete
  29. මුගේ කෙල පොඩ්ඩක් ණයට ඉල්ලගන්න බැරිවෙයිද දන්නේ නෑ... තරහකාරයෙක් ඉන්නවා පොඩි ගේමක් දෙන්න...

    ReplyDelete
    Replies
    1. අර බාලිකා පාසලේ තාප්පෙට හේත්තු කරලා බොට කෙල්ලො ඉස්සරහා නෙලපු හාදයා නේද හතුරා...

      Delete
    2. සිකේ බන්....!!!! ඔහොම නෝන්ඩිය දාන්න හොඳද මම අහන්නේ....? ඒ කබරයා නෙමෙයි.... වෙන එකෙක්.....

      Delete
    3. mona de unath oyawage public kiyana aka hoda na...anith de thamai ...kenek mona waraddak thamanta kalath ea kenagen paligannawata wadiya ,samawa dena aka thamai ea kenata dhenna thiyena akama dhaduwama... :)

      Delete
    4. මේක පොඩි විහිළුවක් ගොයියො...අැත්තටම කෙරෙන වැඩ නෙමෙයි.

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...