Monday, June 11, 2012

28 සිහිනයක සැබෑ වීම හෙවත් බ්ලොග් අමාරැව හොද වීම




මගේම කියලා බ්ලොග් එකක් පටන් ගන්න සෑහෙන කාලයක ඉදන් උවමනාවක් තිබුනත් එදිනෙදා යෙදෙන වැඩකටයුතුත් එක්ක ඒ වැඩේ  කාලයේ වැලිතලාවට යටවෙලා නොපෙනීම ගියා.. කෙසේ වෙතත් ටික දවසක ඉදන් බ්ලොග් අමාරැව ආයෙත් පටන් ගත්ත නිසා මම කල්පනා කලා  ඒකට ස්ථිරසාර විසදුමක් දෙන්න.
 ඒ තමයි මේ  
සිරාගේ කාමරේ
(පුටු මදිනම් ඇද උඩ හරි ඉදගෙන සිරාගෙ කථා අහන්න කාමරේට වරෙල්ලා)

 ඉබේම රෝපණය වී කාලයක් තිස්සෙ මා තුල අතු ඉති ලා වැඩුනු  බ්ලොග් සිහිනය නම් මේ කුඩා පැලය ලෝකය හමුවට එන  මේ අවස්ථාවට සපැමිණි ඔබ සැම ආදරයෙන් පිළිගන්නා අතරම.. ඔබගේ අදහස් උදහස් ගෞරවයෙන් අපේක්ෂා කරමි.

ඉදින් සබද අද සිට සයිබරයේ ඇරඹෙන මේ අපේ අලුත් මිතුරැකම චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා !

මා ඔබේ අලුත් මිතුරා

සිරා.....

ප.ලි  පොටෝ එක කොප්ප ගැහුවෙ මෙතැනින් http://www.doctors20.com/wp-content/uploads/2012/02/start-up-finance.jpg


28 comments:

  1. සුබ පැතුම් නුබ ගත් උත්සාහයට...ජය වේවා...

    ReplyDelete
    Replies
    1. හා පුරා කියලා මගේ කාමරේට ඇවිල්ලා පොඩි තල්ලුවක් දාලා ගියාට මහෞෂධ තුමාට ගොඩාක් ස්තූතියි !

      Delete
  2. හරි, අපිත් ආව බලල යන්න. දිගටම ලියන්නකෝ. සුභ ගමන් !

    ReplyDelete
    Replies
    1. මගේ මේ කුලුදුල් වෑයම අගයනු වස් ඔබේ හැගුමන් යතුරැ ලියනය හරහා කමෙන්ටුවක් ලෙස එන්නත් කල ඔබ සැමටම මගේ ප්‍ර‍ණාමය! ආයෙත් එන්න මම මග බලාගෙන ඉන්නවා...

      Delete
  3. රුෂාන් කොඩිකාරJune 12, 2012 at 3:14 PM

    හරි අපිත් ආවා .. වෙනස් දෙයක් මිනිස්කම ඉස්මතු වෙන ආදර්ශ දෙන දෙයක් කරන්න බලපන් මචං ... ජයවේවා

    ReplyDelete
    Replies
    1. මගේ මේ කුලුදුල් වෑයම අගයනු වස් ඔබේ හැගුමන් යතුරැ ලියනය හරහා කමෙන්ටුවක් ලෙස එන්නත් කල ඔබ සැමටම මගේ ප්‍ර‍ණාමය! ආයෙත් එන්න මම මග බලාගෙන ඉන්නවා...

      Delete
  4. අහම්බෙන් දැකලා ගොඩ උනා , පට්ට කතා ටිකක් ලියහන්, මම ආයෙත් එනවා.

    ReplyDelete
    Replies
    1. මගේ මේ කුලුදුල් වෑයම අගයනු වස් ඔබේ හැගුමන් යතුරැ ලියනය හරහා කමෙන්ටුවක් ලෙස එන්නත් කල ඔබ සැමටම මගේ ප්‍ර‍ණාමය! ආයෙත් එන්න මම මග බලාගෙන ඉන්නවා...

      Delete
  5. සිංහල බ්ලොග් අවකාශේ දිගු ගමනකට සුභ පැතුම් මිත්‍රයා

    කාලෝ අයන්තේ

    ReplyDelete
    Replies
    1. මගේ මේ කුලුදුල් වෑයම අගයනු වස් ඔබේ හැගුමන් යතුරැ ලියනය හරහා කමෙන්ටුවක් ලෙස එන්නත් කල ඔබ සැමටම මගේ ප්‍ර‍ණාමය! ආයෙත් එන්න මම මග බලාගෙන ඉන්නවා...

      Delete
  6. පටන් ගන්න ලේසියි ගෙනියන්නයි අමාරු. මගේ සුබ පැතුම් දිගු ගමනකට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ! දිගටම ගෙනියන්න තමා හිතන් ඉන්නෙ මොන කට්ට හරි කාගෙන...

      Delete
  7. පටන් ගත්තා වගේ නෙමේ දිගටම ලියන්න හොඳේ . .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ! දිගටම ගෙනියන්න තමා හිතන් ඉන්නෙ මොන කට්ට හරි කාගෙන...

      Delete
  8. ලියමු.. එන්නම් කියවන්න..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ක්සැන්ඩර් .. දිගටම එන්න..

      Delete
  9. මේ වෙනකොට සිරා ලියපු කතා සෙට් එකම කියෙව්වා. සිරා ලියන විදිහ පට්ටයි !!1
    කියවන්න ආස හිතෙනවා. කතා වල අඩුපාඩුවක් දකින්න ලෑ ඒ තරමටම සුපිරියි..

    මචං සිරා.. පොඩ්ඩක් අකුරු සයිස් එක වැඩි කලා නම් හොදයි. මොකද කියවනකොට ටිකක් අමාරුයි බොලවු... :)

    ReplyDelete
    Replies
    1. බ්ලොග් අවකාශය තුල දිගු ගමනක් යන්න වරම් ලැබෙන්න කියලා එක හිතින්ම පතනවා.
      ජය වේවා සිරා !!!
      ඔන්න පෝස්ට් සේරම ටික කියෙව්වා !

      Delete
    2. මධුරංග එකහිතින් නිහතමානීව කිව්ව මේ දෙවල් ඔක්කොටම ගොඩාක් ස්තූතියි... ඔබේ මේ වචන තමා මගේ ශක්තිය... ජය!

      Delete
  10. ehama dalu daapu eken jeewithe ganama aye harila balanna
    puluwan una penna deyak nothibbath..

    ReplyDelete
    Replies
    1. බ්ලොග් අවකාශය තුල හමුවුනු බොහොම සොදුරු මිනිසෙක් බන් උඹ...සතුටුයි අපේ මේ හමුවීමට...

      Delete
  11. athatama sira apita sathutui ube me wadeta.aniwa api enawa ube kabareta.ube kabaree kotchara putu nathiunath,messa nathi unath,ube adee ida nathi unath bn ubath ekka hitagena hari assaraya karana eka watinawa.uba hoda yaluwek awankawama,uba samajaye hasirena ekak nisa assarayata sudusui bn.
    mama
    sujeewa piyumal

    ReplyDelete
    Replies
    1. බොහොම හෘදයාංගමව තමන්ගෙ අදහස එක් කරපු සුජීවට බොහොම ස්තූතියි...එන්න හැමදාම උනත් කාමරේට...දොර විවෘතයි...

      Delete
  12. මුලටත් ඇවිල්ල යන්න එපැයි.

    ReplyDelete
    Replies
    1. ඔයා මුලටම ආවා කියලා අදනෙ දැක්කෙ...හැක්.

      Delete
  13. රනිල් වික්‍රමසිංහ කියන්නෙ මං කැමති චරිතයක් නෙමෙයි. ඒත් අපි අකමැතියි කියලා මිනිහෙකුගේ දේශපාලන හැකියාව සහ නිපුණතාවය අවතක්සේරු කරන්න බෑ. මේ වෙලාවෙ දේශපාලන පිට්ටනියෙ ඉන්න වඩාත් ආකර්ශනීයම චරිතය රනිල්.

    රනිල් මේ මොහොතෙ කරන දේශපාලන සෙල්ලම මං ඉතා ආසාවෙන් බලන් ඉන්න එකක්. ඒක පොඩි ළමයින්ගෙ බෝල පාස් සෙල්ලමක් නෙමෙයි. නිකං සටන් පාඨවලින් ගොඩයන්න පුළුවන් එකක් නෙමෙයි. රනිල් කරන්නෙ මහින්ද රකින එක වගේ කතන්දර දේශපාලන ගැඹුරක් තියෙන ඕන කෙනෙකුට ජෝක්. මොකද දේශපාලනයේදි කිසි කෙනෙක් තව කෙනෙක් රකින්නෙ නෑ. තමන්ගේ බලය වෙනුවෙන් පාවිච්චි කරනවා මිස. ඒක තමයි ඒ විෂයේ හැටි. ජවිපෙ වගේ පක්ෂ විසින් විශ්වාස කරන හොඳ මිනිස්සු කියන කතාව දේශපාලන විෂයට අදාල කතාවක් නොවෙන්නෙ ඒ හින්ද. ඒවා නිකං ආර්ට් වැඩවලට හොඳ කතන්දර. දේශපාලනය කියන්නෙම මිනිස්සුන්ගෙ නරක පැත්තත් එක්ක ගනුදෙනු කිරීමට.

    රනිල් දේශපාලනයේ අන්ත පරාජයකට ලක්වෙලා හිටියෙ. මං වුනත් රනිල් දිහා බලමින් කුරිරු සතුටක් ලැබුවා. ඔය කියන තරම් ස්මාර්ට් මිනිහා අන්තිමට මොනවද කරගත්තෙ කියල උසුළුවිසුළු කළා. රනිල්ගෙ වැදගත්ම දේ තමයි ඉවසීම. බලන් ඉන්න පුළුවන්කම. ජනතා දේශපාලනයේදී තමන් දක්ෂ නැති බව හොඳින්ම පසක් කරගෙන පිට්ටනිය තමන්ට ගැලපෙන මොහ‍ොත දක්වා එනකල් රනිල් නෙට්ෆ්ලික්ස් බැලුවා. ඇත්තටම නෙට්ෆ්ලික්ස්වල ක්‍රවුන් සීරීස් එක‍ දේශපාලන විෂයට කැමති කෙනෙක් බලන්නම ඕන. ඒකෙ චර්චිල් කරන දේශපාලනය මට හරිම ආකර්ශනීය එකක්. කොටින්ම තමන්ගෙම කැබිනට් එක පවා තමන්ව එලියට දාන්න බලන් ඉඳිද්දි කලිසමේ chu යන නාකි චර්චිල් ගේම් එක ගහනවා. ඒක මාර ඉන්ස්පයරින් කැරැක්ටර් එකක්.

    රනිල්ට ජනාධිපති වෙන්න ලැබෙන්නෙ තමන්ගෙ ප්‍රබලතම ප්‍රතිවාදී පක්ෂෙ සහායෙන්. එතනදි පොහොට්ටුවට රනිල්ව ඕන වෙන්නෙ තමන්ගේ ආරක්ෂාව පිණිස. නැවත තමන් ගොඩනැගෙන තෙක් පක්ෂයක් බලයක් අහිමි දුර්වලයෙක් පාවිච්චි කිරීම කියන තැනින්. රනිල්ට සිද්ද වෙනවා ඒ අවසරෙන් තමන්ට අහිමි සියල්ල යළි දිනාගන්න. ඇත්තටම ගත්තොත් විපක්ෂයත් රනිල්ට විරුද්දයි, පොහොට්ටුවත් විරුද්දයි. ඒ හින්දම රනිල්ට සටන්පාඨ දේශපාලනය කරන්න පුළුවන්කමක් නෑ. හරිම අවදානම් පාරක, ලොකු වීර වික්‍රම නැතුව ඉතා සියුම් දේශපාලන ගේම් එකක් එයාට සෙල්ලම් කරන්න වෙනවා. වැල් පාලමේ උදාහරණය මෙතනදි හරියටම ගැලපෙනවා.

    රනිල්ට දේශපාලනය කරන්න වෙලා තියෙන්නෙ ජවිපෙ කියන විදිහෙ හොඳ මිනිස්සු එක්ක නෙමෙයි. හොර ආණ්ඩු පක්ෂයක් සහ moda විපක්ෂයක් එක්ක. අනිත් පැත්තෙන් රටේ දැවැන්තම අර්බුදයත් එක්ක. ඒ නිසා සංදර්ශන පවත්වන්න අවසරයක් නෑ. විසිල් ගහන වීරයා වෙන්න බෑ. ලංකාවෙ ජනාධිපති කෙනෙක් මුහුණ දෙන අතිශය තීරණාත්මක, අභියෝගාත්මක මොහොතකට රනිල් මුහුණ දෙනවා. ඒක බලන් ඉන්න හරිම ඉන්ටරෙස්ටින්ග්. තියුණු බුද්ධියකින්, ඉවසීමකින් කරන චෙස් ක්‍රීඩාවක් තරම්ම ආකර්ශනීයයි.

    සියල්ලන් ප්‍රතිවාදීන් වූ දේශපාලනයක තනි මිනිහෙක් කරගෙන යන මේ සටන ඉතිහාසයේ වැදගත්ම පරිච්ඡේදයක් වෙනවා. රනිල් දිහා මං බලාපොරොත්තු සහගතව බලන් ඉන්නෙ ඒ හින්ද.

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...