Wednesday, August 1, 2012

76 (අ) සුන්දර ඉරිදා


ඇත්තමයි... මෙහෙම කථාවක් කියන්න/ලියන්න මට කිසිම අදහසක් තිබ්බෙ නෑ.. ඒත් කරැණු සිද්ධ වෙච්ච විදිය අනුව අවසානයේ කෙසේ හෝ මෙය ලියන්නට අවස්ථාව එළැඹුනා... ඒ අනුව මේ පෝස්ටුවෙ මුල්හරිය ප්‍රීතිමත්, ඒ උනාට අග හරිය දුක්බරයි..

ගිය ඉරිදා ඒ කිව්වෙ (2012/07/29) දවසත් කිසිම අමුත්තකින් තොරව අපේ ගම්පෙදෙසට හිරු උදාවුනා... ඉරිදා දිනය කියන්නෙ සිරා ට උසස් අධ්‍යාපන කටයුත්තකට කොළඹ යන්න තියෙන දවස... ඒත් එදා යෙදිලා තිබ්බ වෙනත් හදිසි වැඩකට මීගමුවට යන්න සිද්ධ වුනු හින්දා  සිරා ආයෙත් නිවසට සේන්දු වුනේ ගොම්මන් අදුර වැටිලා තිබ්බ වෙලාවෙ... ඊට ඉස්සෙල්ලා දවසෙ හදිසියේ හිසේ නහරයක් පිපිරීමෙන් මියගිය අසල්වැසි කාන්තාවකගේ මළ ගෙයකුත් තිබුන නිසා ශෝකාකූල ගතියක් ගම පුරාම තිබුනෙ... එකමුතු කමේ බැම්මෙන් ඉතා තදින් බැදිලා ඉන්න අපේ ගමේ අය එකා දෙන්නා මල ගෙදරට එක්කාසු උනා... තරැණ පිරිස විශේෂයි... පිරිසක් කාඩ් ගහනවා, තවත් පිරිසක් කැරම් ගහනවා, තවත් පිරිසක් රස කථා, ආගිය කථා කියනවා, ගෑණු දරුවො, පිරිසට සංග්‍ර‍හ කටයුතු කරනවා. මළගෙදරට ටිකක් විතර එහාට වෙන්න කලුවරේම බූරු සෙල්ලමත් පටන් අරන්  තිබුනෙ.

ඔන්න සිරා කොලුවත්  ඔය කථා කියන සැට් එකට කිට්ටු වෙලා හිටියෙ. ඒ හොද කථාවක් ඇන්ටනාවට වැදුනොත් පෝස්ටුවක් විදියට දාන්නට පුලුවන් හින්දා..

මුලින්ම කථා පෙට්ටිය ඇරියෙ අපේ විමුක්ති මළයා

අපේ ඉසව්වෙ මෑතකදි වැඩ නිමකල දුරකථන කුලුනක් ඉදිකරනකොට සිදුවුන සිදුවීම් පෙළක් තමා මිනිහා ඇද බෑවෙ.. මීටර් 70 කට වඩා උස මේ කුලුන මුදුනටම නැග්ගම කොළඹ වරායත් පේනවලු. අපේ ගම හරහා ගලාගෙන යන අත්තනගලු  ඔය පේන්නෙ හරියටම කාණුවක් වගේ කියලා තමයි මිනිහා කථාව නැවැත්තුවෙ..

ඊට පස්සෙ කට ඇරියෙ සුරංග මාමා..  සිරාට වඩා වසර කීපයක් පමණක් වැඩිමහල් මෙතුමාට අපි කවුරුත් කිව්වෙ සුරංග අයියා කියලා... ඒ වුනාට කරකාර බැදලා දෙන්නා තුන්දෙනා වෙලා, තුන්දෙනා හතරදෙනා බවටත් පත්වුනාට පස්සෙ හැමෝම කිව්වෙ සුරංග මාම කියලා..

ජා-ඇල පැත්තෙ මළගෙදරක් එක දිගටම සතියක් විතර තිබුනලු... මෘත දේහයත් කලු වෙලා, කුණු ගද ගහන තත්වෙටම ඇවිල්ලා තිබ්බත් වළලන පාටක් පේන්න තිබිලා නෑ... බැරිම තැන අසල් වාසීන් පොලෝසියට පැමිණිල්ලක් දාලා. එතුමන්ලා මේ ගැන පරීක්ෂණ කරපුවාම හොයාගෙන තියෙන්නෙ කවුරුත් හිතපු නැති කථාවක්... කාත් කවුරුත් නැතිව තනියෙන් ජීවත් වෙලා ටවුමෙ අදුරු මුල්ලක මිය ගිය හිගන්නෙක්ගෙ මිනියක් තමයි මේ පිරිස තමන්ගෙ ඥාතියෙක්ගෙ කියලා එම්බාම් කරගෙන ගෙදරට ගෙනල්ලා තියෙන්නෙ... ඒ යහමින් බූරු ගහලා කීයක් හරි හම්බකර ගන්න.. සතියක් ගතවෙලා මිනිය කුණු වෙන තරමට ආවත්  උන්ට වලලන්න හිත දීලා නෑ.. මොකද මොණර කොළ රෑට රෑට ඒ පැත්තෙන් ඉගිල්ලෙන හින්දා... අන්තිමට සැට් එකටම හිරකූඩුවෙ කූරු ගනින්න තමා වෙලා තියෙන්නෙ...

ඊළග කථා වාරය උදා වුනේ  සුරංග මාමගෙ මල්ලිට... නම අනුරාධ එයාගෙ කථාව මෙහෙමයි...

එකෝමත් එක දවසක මද පමණ සප්පායම් වෙලා මිනිහෙක් මළගෙදරක ගියේලු...  එකා දෙන්නා බැගින් ඇවිල්ලා සෑහෙන පිරිසකුත් මේ කියන මළ ගෙදර හිටියට  කිසිම සොමියක් නෑලු.. ඒ කිව්වෙ කාඩ් කුට්ටමක්, කැරම් ලෑල්ලක්, බෙහෙතකට හොයා ගන්න නැතිලු... බිස්කට් එකක් තියා ප්ලේන්ටියක් ආසාවට දකින්න නෑලු. සෑහෙන වෙලාවක් කම්මැලි කමේ ගත කරපු මේ හාදයා හඩ අවදි කරලා. මළගෙදරට අදාළ කෙනෙක්ගෙන් අහනවලු...

මේ මල්ලි තාම මොකුත් නැතෙයි......
ඒ කිව්වෙ අයියෙ ?
නෑ මේ මම කිව්වෙ කාඩ් පැක් එකක් එහෙම... ඕමියක් බලන්න....
කාඩ් පැක් ගෙනාවොත් බූරු ගහයි කියලා ලොකු  අයියා ගේන්න එපා කිව්වනෙ
එතකොට මල්ලි කම්මැලිකමට කැරම් පාරක් වත් ගහන්න බෝඩ් එකක් නැද්ද ?
මාර වැඩේනෙ.. අපේ ගමේ කැරම් බෝඩ් තියෙන එකෙක්වත් දෙන්නෙ නෑනෙ..
මළ ගෙදර උන් සෙල්ලං කරලා සවුත්තු කරයි කියලා...

තවත් ටික වෙලාවකින්
මේ මල්ලි ප්ලේන්ටියක් එහෙම .......
අපේ ගෙදර ඉතිං මොකුත් හදන්න බෑනෙ අයියා... ගමේ කවුරු හරි ගේනකන් ඉන්න වෙනවා.. වැඩේ කියන්නෙ තාම එකෙක්වත් තේ පෝච්චියක් උස්සගෙන ආවෙ නෑනෙ....

මෙන්න මේ වෙලාවෙ ඊට ටිකක් දුරින් තිබ්බ තවත් මළ ගෙදරක හෝඩුවාවක් ලැබිලා මේ හාදයා මේ මළගෙදරින් සමුඅරන් ඒ මළගෙදර ගිහිල්ලා... එහෙ ඉතිං හැමදේම තිබිලා... ඒ කිව්වෙ කාඩ් පැක්, කැරම් බෝඩ්,  වගේම සංග්‍ර‍හ කටයුතුත් ගානට කෙරෙනවලු... ඉතිං බොහොම සතුටින් පැය කීපයක් ගත කරලා ගෙදර යන ගමන් අර මනුස්සයා තමන් කලින් හිටිය මළගෙදරට ආයෙමත් ගොඩවැදිලා... කාඩ් පැක් කැරම් බෝඩ් ගැන විමසූ කොල්ලට ආයෙත් කථා කරලා.

මේ මල්ලි තමුසෙලට අපි ඉල්ලන දේවල් දෙන්න බැරි නම්
මළ ගෙවල් ගන්න එපා ඕයි !

අර එහායින් තියෙන මළගෙදර වගේ ගන්නවකො... 
අන්න මළ ගෙවල් කියලා මිනිහා අදුරේම නොපෙනී ගිහින්....

මේ කථාව අහලා වටේ පිටේ හිටපු උන් මළගෙයක් කියලත් අමතක වෙලා සද්දෙට හිනාවක් දැම්මා...

මෙන්න මේ වෙලාවෙ තමා ධාවන තරගයක රථයක් පාරදිගේ ලිස්සලා යනකොට ටයර් වලින් නැගෙන හඩ වගේ හඩක් ඇහිලා දඩෝං ගාලා සද්දයක් ඇහුනෙ....
අනුමානයක් නෑ වාහනයක් හැප්පුනා කියපු කොල්ලො රොත්තම අඩියට දෙකට ප්‍ර‍ධාන පාරට දිව්වා.... අපේ හන්දියට ටිකක් ඈතින් බෝක්කුවක් ළග නවීන කාර් රථයක් පෙරලිලා තිබුනා...

අපි එතනට යනකොට එක්කෙනෙක් යටි ගිරියෙන් කෑ ගහනවා.... රියදුරු අසුන පැත්ත උඩට වෙන්න තමා රථය පෙරළිලා තිබුනෙ... අසීරුවෙන් එළියට ආපු තරුණ රියදුරා බිම ඉදගත්තා.. රථයේ ඉදිරිපස සිටි අනිත් කෙනත් අසීරැවෙන් එළියට ආවා... ඒත් පිටිපස අසුනෙන් සද්දයක් නෑ... බිදිලා තිබ්බ වීදුරැ අස්සෙන් බලපුවාම  කොල්ලො හතරදෙනෙක් අසුන උඩ කිටි කිටියෙ හිරවෙලා... අපේ උන් ආවේගශීලීව කෑගහනවා  ඉක්මනට බේරා ගම්මු කියලා.... හතර දෙනා අතරින් එක්කෙනෙක්ට විතරයි සිහිය තිබුනෙ... අනිත් තිදෙනා ඒ වෙද්දිත් සිහිසුන් වෙලා...

සීරුවට මාරුවට උඩ පැත්තට තිබුන දොරෙන් එක්කෙනා බැගින් අපේ කොල්ලො එළියට ගත්තා ඒත් අන්තිමට හිටපු කෙනා හිටියෙ අසාධ්‍ය තත්වයක... තුනට නැමිලා කාර් එක අස්සෙ හිරවෙලා තිබුන ටෙලිෆෝන් කණුවක් අස්සෙ එයාගෙ හිස හිරවෙලා.... මේ වෙලාවෙ හැමෝම හිසට වෙන්න පුලුවන් හානිය අවම කරලා එයාවත් කාරයෙන් එළියට ගත්තා... ඒ වෙනකොටත් එයාගෙ හිස සහ උරහිස බොහොම දරැණු විදියට තුවාල වෙලා.. ලේ විලක් එතන...

විශ්වාස කරන්න අඩි 3ක් පමණ පොළොව යටට වෙන්න සිටුවන කොන්ක්‍රීට් ටෙලිෆෝන් කණුව, වලෙන් උඩට ඇවිල්ලා තවත් අඩි 5 ක් විතර ඈතට විසිවෙලා කෑලි 3 ක් වෙන්න කැඩිලා... රථයේ වේගය හිතාගන්න පුලුවන් නේද?...

හැමෝම බේරා ගත්තට පස්සෙ රියදුරා හැර රථයේ පැමිණි සියල්ලන්ම ඉතා ඉක්මනින් රෝහල් ගත කලා... ඒ අවස්ථාවෙ මාර්ගයේ ධාවනය වුන හැම රථයක්ම ඒ සදහා සහාය දීමට ඉදිරිපත් වීම ප්‍ර‍ශංසනීයයි.

ඔන්න ඊට පස්සෙ රියදුරු තුමා බෝක්කුව උඩ ඉද ගත්තා... එයාට කිසිම හානියක් වෙලා නෑ මේ දරැණු අනතුරෙන්. කොල්ලො සැට් එක එයාගෙ ලගින් ඉද ගත්තා... මිනිහගෙ ඇස් දෙකෙන් කදුලු වැක්කෙරෙනවා අපිටත් හරිම දුකයි.... දමිළ සහෝදරයෙක් උනාට අපිට භේදයක් නෑ.. ඒ අපි හැමෝගෙම ලේ, වතුරට වඩා ඝනකම් නිසා...

කවුරුවත් බීමත්ව හිටියෙත් නෑ... එහෙනම් කොහොමද මෙහෙම දෙයක් වුනේ... මීටර් 20 කට වඩා දුරක් පාර අයිනෙ තිබුන කාණුවක් දිගේ වේගයෙන් ඇවිල්ලා තමා රථය කණුවෙ වැදිලා නතරවෙලා තියෙන්නෙ... පාර පුරාම පස් ,තණකොළ වගේ දේවල්...

අයියෙ.. රියදුරු මල්ලියා කට ඇරියා...මිනිහා ලංකාවෙ ප්‍ර‍ධානම මාධ්‍ය ආයතනයක සේවය කරන කෙනෙක්...         මේ තාත්තගෙ කාර් එක... තාත්ත දැනගත්තොත් මාව මරයි අයියෙ...
පිස්සුද බන් මේ යකඩ ගොඩකට වඩා තාත්තෙක්ට පුතාව වටිනවා.. උඹ භය නැතුව වෙච්ච දේ කියපන් අපේ උන් උත්තර සැපයූවා

ඊයෙ අපේ ආයතනයේ තිබ්බ වසරේ හොදම සේවකයන් තෝරන තරගයෙන් මගේ අංශයේ හොදම කෙනා විදියට තේරුනේ මාව... ඒ සම්මානයත් කාර් එකේ තිබ්බා හැප්පෙනකොට...  එහෙම කියලා එයා ආයෙත් අඩනවා... මගේ යාලුවොත් එක්ක අපි යන්න ගියේ අපේ ගෙදර පොඩි පාටියක් දාන්න... අපි ටිකක් වේගයෙන් ආවා.. අපිට ඉස්සරහින් මෝටර් සයිකලයක් ගියා... ඒක ඉස්සර කරන්න හදනකොටම එයත් බයිසිකලේ පාර පැත්තට ගත්තා... එයාව බේරන්න ගිහින් කාර් එක කාණුවට වැටිලා ඒක දිගේම ඇවිත් කණුවෙ වැදුනා... බ්‍රේක් කලාට නතර වුනේ නෑ...

මේ කථාව අතරතුර පොලෝසියෙ මහත්වරැත් ඉතා ඉක්මනට එතනට ඇවිල්ලා මූලික විමර්ශන කටයුතු ආරම්භ කලා... එතකොටම තුන්දෙනා ඩබල් දාලා වේගෙන් ආපු බයිසිමොටෝ එකක් එකතැන බ්‍රේක් ගහලා කාර් එක තිබ්බ පැත්තට විරැද්ධ පැත්තෙන් වෙලට වැටුනා.... පොලෝසියේ ඇත්තන්ටත් හිනා..  හිතපු නැති වෙලාවක මේ මහත්වරැ දැකපු උන් තුන්දෙනා භයටම වෙලට වැටිලා තියෙන්නෙ හෙල්මට් තිබ්බෙ නැති නිසා.

තවත් වේලාවක් ගියාට පස්සෙ රියදුරු තුමාගෙ පියතුමා එතැනට ආවා... කාර් එක දිහා උවමනාවට එපාවට බලපු එතුමා  ළමයින්ට කොහොමද කියලා තමයි පොලෝසියෙ මහත්වරැන්ගෙන් ඇහුවෙ... වාහනයට වෙච්ච හානිය ගැන කිසිම තැවීමක් අපි ඒ මූණෙ දැක්කෙ නෑ... තමන්ගෙ පුතා ලගට ඇවිල්ලා Take It Easy Man කියලා විතරයි කිව්වෙ... උදව් කලාට අපිටත් ගොඩාක් ස්තූති කලා...

වාහනය තිබ්බ තැනට පහළින් ගලා යන ඇලේ තිබිලා වාහනයේ තිබුන ලියකියවිලි, වගේම ලැබුනා කිව්ව සම්මානෙත් සොයා ගත්තා... සම්මානෙ නම් ඒ වෙද්දි කෑලි කෑලි වෙන්න කැඩිලා තිබුනෙ... ලොව පවතින සියලු දේ අනිත්‍ය යැයි බුදුන්ගේ ඉගැන්වීමත් සිහිපත් කරලා... තවත් පැයක් පමණ එතැන ගත කරලා සිරා ඉතින් සැට් එකත් එක්කම ආයෙත් මළගෙදරට ආවා... පසුව දැනගන්න ලැබුනා අසාධ්‍යව හිටපු කෙනා කොළඹ මහරෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරපු බවක්...

මෙන්න මේ දේ තමා මට විශේෂයෙන්ම කියන්න උවමනා වුනේ

ඉදිරියෙන් ගිය බයිසිකලය හේතුවක් නැතුව ඒ කියන්නෙ විහිලුවට වගේ පාර මැද්දට ගත්තා කියලා තමා ඇසින් දුටු අය කිව්වෙ... කොහොම හරි ඒ අමනයගෙ වැඩෙන්  එක්කෙනෙකුට ජීවිතයත් මරණයත් අතර සටන් කරන්න සිද්ධ වුනා  වගේම වටිනා සැමරුමකුත් ඔවුන්ට අහිමි වුනා... අනතුර සිදුවුනාට පස්සෙ නැවතිලා උදව් කරන්න තරම්වත් මනුස්සකමක් ඌට තිබිලා නෑ.

නවීනම පන්නයේ වාහනයක් උනාට වායු මලු (Air Bags) ක්‍රියාත්මක වෙලා තිබුනෙ නෑ... ඒවා ක්‍රියාත්මක වීමට ආසන පටි පැළද සිටීම අත්‍යවශ්‍යයි.. ඒ අනුව රථයේ ආපු අය වැරදි දෙකක් කරලා...

1  පාලනය කරගත නොහැකි අධික වේගය
2  ආසන පටි පැළද නොසිටීම

මේ පෝස්ටුව කියවන ඔබත් රියදුරෙක් නම් මේ දේවල් තරයේ සිහිතබා ගත්තොත් හොදා නේද ?
අධික වේගය මරුවා කැදවයි !


මම සයිබරයේ අලුත් මිතුරා සිරා...


ප.ලි

කාර් රථය අනතුර වූ ස්ථානයෙන් ඉවත් කරන්න  ඒ සදහා අවශ්‍ය වාහනයක් ගෙනල්ල ඔසවන අවස්ථාවෙ මාර්ගයේ ඇතිවෙච්ච ක්ෂණික තදබදය අස්සෙ තවත් කාරයක් අනතුරට පත්වෙලා තිබුනා.....

ලංකාවෙ ප්‍ර‍ධාන මාර්ගයක් වන  A 33  දි තමයි මේ අනතුර උනේ...

ඉහළම පින්තූරෙ අනතුරට අදාළ එක නෙමෙයි... ඒක ගත්තෙ මෙතැනින්

අසාධ්‍යව සිටි කෙනා මියගිය බවට දැනගන්න ලැබුනත් එය සාවද්‍ය බව කොමෙන්ටුවකින් හෙළිවීම නිසා.. නැවතත් මෙම පෝස්ටුවේ ඒ බැව් පසුව සංස්කරණය කල බැව් සලකන්න...

76 comments:

  1. වාහන ගැන මාත් පෝස්ටුවක් දානව ලඟදිම. කතා ටික සිරා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රාජ්... අද ඔන්න රු හරියට ගැහුවා අරිද ? බලමුකො ඔයාගෙ පෝස්ටුවත් ඉස්සරහට...

      Delete
  2. ඇයි උඹ කයිවාරු කියල ලේබල් ගහල මේක ලිව්වෙ..මටනම් ඉතා වටිනා ලිපියක් මචං...! මේ විස්තර වටිනවා. අනික පාරට වාහනයක් දාල බලන්න ඕන ,බයිසිකල්,ත්‍රී වීල් තමා කිසිම විනයක් නැත්තෙ. අනිත්වා මිල අධික කාර්.වෑන් ජීප්,ආදිය.ඔවුන් හිතන්නෙ අපි වාහන අයින් කරගෙන ඔවුන්ට ඉඩ දියයුතුයි කියල,ප්‍රයිවේට් බස් කාරයො ඔක්කොටම හපන්.( හැබැයි හැමෝම නෙවේ.)

    ReplyDelete
    Replies
    1. පෝස්ටුවෙ මුල ටික නිසා ඒ ලේබලය ගැහුවෙ... මේ කියන මාර්ගයේ ආසන්නයේ තමා අපි ඉන්නෙ... කාපට් කරලා බබා වගේ යන්න හදලා තියෙන නිසා.. කවුරැවත් හෙමින් යන්නෙ නෑ... පුදුම අවදානමක් තියෙන්නෙ... වාහන කෙසේවෙතත් ලංකාවෙ රියදුරන්ට විනයක් නොමැති වීම තමා හේතුව.. වාර්ෂිකව ලංකාවට එන මම හදුනන විදේශීය මිතුරෙක් ඉන්නවා.. අන්තර්ජාතික රියදුරැ බලපත්‍ර‍ය තියෙන නිසා එයා වාහනයක් පදවන්න අරගෙන ටික දුරක් ගිහිල්ලා ලංකාවෙ එලවන්න එයාට බෑ කියලා රියදුරැ අසුනෙන් බැහැලා... වාර්ෂිකව ලංකාවට එන මේ හංගේරියානු යාලුවා එදායින් පස්සෙ කවදාවත් වාහන එලවන්නෙ නෑ මෙහෙදි...

      Delete
  3. කොච්චර කිව්වත් තමන්ට හරි ලඟම කෙනෙකුට හරි දෙයක් වෙනකං ඕව ප්‍රායෝගික නෑ.මටත්...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... එදා ඒ අනතුර දැක්කම මටත් හිතුනා එහෙම.. ඔෆිස් ට්‍රාන්ස්පෝට් එකේ සීට් බෙල්ට් දාන්නෙ නැතුව මේ කියනා මමත් ඇවිල්ලා තියෙනවා...

      Delete
  4. ඔන්න මාත් ආවෝ..ඔව් බන් සිරෝ මේ ලංකාවේ වාහන එලවන ඕනෑම එකෙක් කියයි මෝටර් බයික් ත්‍රි විල් නැත්නම් පාරක එලවන එක ලේසි කියලා..එත් ඉතින් ලංකාවේ බහුතරයක් පාවිච්චි කරන්නේ ඒ වාහන වර්ග 2 කනේ..

    ReplyDelete
    Replies
    1. සිම්බා මලයා ව හාපුරා කියලා ආදරයෙන් කාමරයට පිළිගන්නවා..

      තමන්ගෙ ආර්ථික තත්වය අනුවනෙ මිනිස්සු වාහන ගන්නෙ.. වාහන වර්ගය කුමක් වුවත් හැමෝම මාර්ග නීති අනුගමනය කරලා ධාවනය කරනවා නම් කිසිම ප්‍ර‍ශ්නයක් නෑ...

      Delete
  5. සිරාවට වටිනවා ඈ...මමත් අර ප්ලෙෂර් එකේ අරිනවා තියලා 80ට විතර :0
    හිමින් යන්න ඕනා :(

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බයික් එකක් උනත් කමක් නෑ රජෝ අනිවා හෙල්මට් එකක් දාන්න... මම නම් පොඩි දුරක් ගියත් හෙල්මට් එක දානවමයි...

      Delete
  6. "අයිසේ මෙන්න මළ ගෙවල් කන්නද බොන්නද ඕන දෙයක්. ඕයි මළ ගෙයක් හරියට කරන්න දන්නේ නැත්නම් වහලා දානවා......." :))

    මෙන්න කතාව

    http://aagiyakatha.blogspot.com/2011/11/blog-post_17.html

    ReplyDelete
    Replies
    1. ලින්කුව දැම්මට තුති..
      ඒ පෝස්ටුව අද දැක්කෙ... මළ ගෙදර වාදනය වුන වර්ෂන් එක තමා මේ..

      Delete
  7. මේක කයිවාරුවක් වෙන්නේ කොහොමද සිරා අයියේ?
    වාහනයක් පදවනකොට තමන්ගේ ජීවිතේ ගැන විතරක් නෙවෙයි අනිත් අයගේ ජීවිත ගැනත් හිතලා පදවන්න සංවේදී වෙනවනම් මෙහෙම දේවල් වෙන්නේ නෑ :(

    ReplyDelete
    Replies
    1. ලේබලය ගැන එච්චර හිතන්න එපා නගේ... මුලින් තියෙන ඒවා නිසයි ඒ ලේබලය වැදුනෙ.. වාහන පදවන විට ගොඩාක් අනතුරැ වෙන්නෙ වේගය නිසා.. ඒ තමන්ට ඉක්මනින් යන්න ඕන තැනට ලගා වීමට අවශ්‍ය නිසා...

      අනවශ්‍ය වේගය පාලනය කරලා... ගමන යන්න වේලාසනින් මාර්ගයට එනවා නම් මම හිතන්නෙ සෑහෙන අනතුරු ප්‍ර‍මාණයක් පාලනය කරන්න පුලුවන්...

      Delete
  8. කණගාටුදායකයි . අනවශ්‍ය විහිලු නිසා වෙන දේවල් . දැන් මේක කියවල අඬන්නද හිනාවෙන්නද මන්දා ,. අපේ තාත්තගේ මරණේ වෙලාවෙත් ඔය බුරුවා කාරයෝ වැද්ද ගත්තේ නැති කොට ටිකක් ඈතට වෙන්න අනික් වත්තක ඉඳන් බුරුවා ගැහුවලු. ගම්වල වැඩේ ඕක තමයි . හොඳයි නරකයි දෙකම .

    ReplyDelete
    Replies
    1. අඩන්නවත් හිනාවෙන්නවත් එපා... ඔබ රථයක් තුල ගමනක් යනවා නම් රියදුරු තැන වේගයෙන් යනවා නම් මේ සිද්ධිය මතක තියාගෙන ඔහුව පාලනය කරන්න... නිතරම සීට් බෙල්ට් පළදින්න... ලංකාවෙ අය මේ දේවල් කරන්නෙ දඩෙන් බේරෙන්න මිස සැබෑ අවශ්‍යතාවය නිසා නෙමෙයි...

      අපේ පැත්තෙ නම් බූරැ ගැහුවොත් මළ ගෙදරට අනිවාර්යෙන් මුදලක් දෙනවා බූරැ ගහපු අය. ඒ නිසා කාටවත් බාධාවක් නොකර වැඩේ කරනවා නම් කාගෙවත් විරැද්ධත්වයක් නෑ.

      Delete
  9. "මේ මල්ලි තමුසෙලට අපි ඉල්ලන දේවල් දෙන්න බැරි නම්
    මළ ගෙවල් ගන්න එපා ඕයි !"

    …මේ වගේ අය මල ගෙවල් වලදි දකින්න ලැබෙනවා. මල ගේ සහ මගුල් ගේ පටලවා ගෙන.අරක්කු තමයි කතා කරන්නේ, මිනිහා නෙවෙයි.

    "…අර අනතුර වුනු වෙලාවෙ උදව් කරන්න ඉදිරිපත් වීම අගය කල යුතුයි."
    … දැන් කාලේ මචං පාරේ වාහනේක යනවා කියන්නෙ ආපහු එනකල් ෂුවර් නැති වැඩක්.
    … කොච්චර පරිස්සමින් ගියත් අනිත් එකා කරන වැරැද්දක් නිසා පරිස්සම් වෙලා යන එකාත් අමාරුවෙ වැටෙනවා.

    …මටත් තියනවා රිය අනතුරු නිසා යන්තම් නොමැරී බේරුනු අත්දැකීම් දෙකක්. හම්මෝ.. ආයෙ නම් එහෙම අත්දැකීම් එපා කවදාවත්ම.

    …පස්සේ වෙලාවක පෝස්ට් එකකට දාන්නම් කො.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුවට ස්තූතියි... අපේ පැතිවල අය මළ ගෙදර ආපුවහම පාන්දර වෙනකන්ම එතන ඉන්නවා... ඒ නිසා සංග්‍ර‍හ කටයුතු අවශ්‍යයි.. ගමේ අයත් මේ සදහා උදව් කරන නිසා මළගෙදරට අදාළ පාර්ශවයට ඒ සදහා වැඩි වැයක් දරන්න වෙන්නෙ නෑ...

      මම නම් භයටම වාහන වල ඉස්සරහ ඉදගෙන යන්නෙ නෑ... ඔෆිස් ට්‍රාන්ස්පෝට් එකේ විශේෂයි...සිදුවෙලා තියෙන දේවල් ඉස්සරහ දවසක ලියන්න...

      Delete
  10. මේක හරිම වටිනා ලියවිල්ලක් නේ. මම ටික දවසකට කලින් බලපු මලයාලි වීඩියෝ එකක් මතක් වුණා. ඒක නම් විනෝදයි ඒත් ඒකෙ රඟේ තේරෙන්නේ සුක්කානමේ ඉන්න එකාට. ඔව්වා බලලද මන්දා මුත් එහෙම කරලා තියෙන්නේ.

    අර මළගෙදර කතාව මම කොහෙන්හරි අහලා තිබ්බ බ්ලොග් එකකම.

    ReplyDelete
    Replies
    1. මලයාලි වීඩියෝ එක පාර මැද වීල් කරන්න යන්න කොල්ලො නිසා කැලේට යන තුන්රෝද රථයක් ගැනද ?

      අවාසනාවකට මගේ දුරබණුවෙන් රාත්තිරියෙ ෆොටෝ ගන්න බෑ.. මේ අනතුරට ලක් වෙච්ච රථය දැක්ක නම් අනතුරේ තරම හොදට තේරැම් ගන්න තිබුනා...

      Delete
    2. අඃ.. ඔය කියන්නේ ඒ වීඩියෝ එක තමා. පිස්සු වීඩියෝවක් ඒත් වීල් එකේ ඩ්‍රයිවර් ගේ තැන ඉඳලා කල්පනා කරද්දී?

      Delete
  11. අම්මේ ආපු එකෙක් මැරුනා කිව්වම ඇඟ කූල් වුනා..

    අපේ ගම හරහාත් අත්තනගලු ඔය යනවනෙ.. ඔහෙන් පැන්නානම් අපේ දිහාට එන්න තිබුනා..

    ReplyDelete
    Replies
    1. පවු... අවුරැදු 20 - 22 වගේ කොල්ලො සැට් එකක්... ඒ දෙමාපියන්ට කොච්චර නම් දුකක් දැනෙනවා ඇතිද ?

      ගම්පහ අස්ගිරිය පැත්තෙද ?

      Delete
    2. නෑ නෑ ගගේ කෙළවරේ.. කලපුවට වැටෙන තැන කිට්ටුව..

      Delete
  12. රස්තියාදුකාරයාත් ආ‍ව ඔන්න කාමරේ පැත්තට..
    දරුණුම තත්වයේ අණතුරු නැති උනත් ඔය වගේ සීන් කීපයක්ම රස්තියාදුකාරයාට වෙලා තියෙනවා.. වැඩ ඇරිල ගෙදර ගිය දවසක අපි ගමන් ගත්තු බස් එකට ඉස්සරහින් ගිය බස් එකට ත්‍රීවීල් එකක් හැපුනා.. රස්තියාදුකාරය ගිය බස් එකත් නතර කලා බලන්න.. වැරැද්ද නං තනිකර වීල් එකේ.. කොහොම හරි අමාරුවෙන් ඒකෙ හිටි කට්ටිය එළියට අරන් ඉස්පිරිතාලේ යවල ගෙදර ආවා..එද්දිත් ගොඩ දෙනෙක් හැරි හැරී මගේ දිහා බැලුවා.. මාත් මට නෙවෙයි වගේ ආව.. ගෙදර ආපු ගමන් අම්ම ඔළුවේ අත තියල ඇහැව්වා මොකද පුතේ උනේ කියල.. එතකොටයි දැක්කේ සුදු කමිසෙයි කලිසමේ තඩි ලේ පැල්ලම් වගයක් තියෙනවා.. ඒවා මොනව උනත් කාගේ හරි ජීවිතයක් බේරගන්න ලැබිච්ච එක ගැන පුදුම සතුටක් තිබ්බේ..
    ජය!!!

    ReplyDelete
    Replies
    1. රස්තියාදුකාරයාවත් ඔන්න සාදරයෙන් කාමරයට පිළිගන්නවා...

      ඔබේ ක්‍රියාකලාපය මම නම් ගොඩාක් අගය කරනවා.. මමත් වෙලාව, අවේලාව නොබලා මේ වගේ සිද්ධි වලදි උදව් කරන කෙනෙක්... අම්ම භය වෙන්න ඇති එදා ඔලුව පැලිලා කියලා...

      Delete
  13. ලංකාවෙ නම් රිය අනතුරු වැඩිම ප්‍රමාණයක් වෙන්නෙ මගේ හිතේ නොසැලකිලිමත්කම නිසා. දුම්රිය හරස්මගක ගේට්ටුව වහල තියෙද්දිත්, විනාඩියක් ඉවසන්න බැරිව ජීවිත බරගානක් නැතිකරපු රියුදුරොත් මේ රටේ හිටියෙ. ඒවගේම පදිකයොන්ගෙ නොසැලකිලිමත්කම නිසා අමාරුවෙ වැටෙන රියදුරොත් ඉන්නව. බලාන ගියාම ඕක සරලව ලඝුකරල සලකන්න පුළුවන් දේකුත් නෙවි. අපරාදෙ ජීවිත.

    ReplyDelete
    Replies
    1. රියදුරාගෙ නොසැලකිල්ලෙන් ජීවිතය අහිමිවෙන්නෙ තවත් අහිංසකයෙක්ගෙ... අපිට නොදැනුනාට රටේ දැන් තියෙන ත්‍ර‍ස්තවාදය තමා මාර්ග අනතුරු... වසරකට කීයක් නම් මැරෙනවද ...

      Delete
  14. මල ගෙවල් කතා නම් මරු !!

    ReplyDelete
    Replies
    1. මම නම් මලගෙයක් ලග පාත තිබුනොත් අනිවාර්යෙන්ම යනවා... ඒ මේ රසබර කථා බහට එකතු වෙන්න... වෙලාවට අපේ පැත්තෙ මළගෙවල් හොදට ගන්නවා....

      Delete
    2. ෴ වෙලාවට අපේ පැත්තෙ මළගෙවල් හොදට ගන්නවා.... ෴

      ආං .... ඒකයි මේ උඹ මළගෙවල් හොය හොය යන්නෙ. :)

      Delete
    3. මළ ගෙයක් හොදට ගත්තෙ නැත්නම් මහ රෑ 12 පහුවෙන කොට එකෙක්වත් නැතිවෙයි.. එතකොට ගෙදර ඇත්තන්ට තමා මිනියට තනි රකින්න වෙන්නෙ...

      Delete
  15. පැය කීපයකින් කතා සාගරයක්නෙ. බ්ලොග් පෝස්ට් පහ හයකට කරුණු මෙතනම තිබ්බා.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. කථා සාගරය පිරිලා ඉතිරිලා යනවා වුඩ් අයියා මේ ඇක්සිඩන්ට් එක නොවුනා නම්... ඊට පස්සෙ එකෙක්ටවත් කථා කියන්න තරම් මානසිකත්වයක් තිබ්බෙ නෑ...

      Delete
  16. මේ මල්ලි තමුසෙලට අපි ඉල්ලන දේවල් දෙන්න බැරි නම්
    මළ ගෙවල් ගන්න එපා ඕයි ! - හිනා ගියා ආ..:)

    'ඔන්න ඊට පස්සෙ රියදුරු තුමා බෝක්කුව උඩ ඉද ගත්තා... එයාට කිසිම හානියක් වෙලා නෑ මේ දරැණු අනතුරෙන්. කොල්ලො සැට් එක එයාගෙ ලගින් ඉද ගත්තා... මිනිහගෙ ඇස් දෙකෙන් කදුලු වැක්කෙරෙනවා අපිටත් හරිම දුකයි....'

    මේ ටිකේ අන්තිම පේලිය හරි දුකයි..

    'දමිළ සහෝදරයෙක් උනාට අපිට භේදයක් නෑ.. ඒ අපි හැමෝගෙම ලේ, වතුරට වඩා ඝනකම් නිසා...' - මේ ටිකට ප්‍රණාමය..

    ඊයෙ අපේ ආයතනයේ තිබ්බ වසරේ හොදම සේවකයන් තෝරන තරගයෙන් මගේ අංශයේ හොදම කෙනා විදියට තේරුනේ මාව... ඒ සම්මානයත් කාර් එකේ තිබ්බා හැප්පෙනකොට... එහෙම කියලා එයා ආයෙත් අඩනවා... - මේ ටිකටත් අවුල්.

    ඇත්තමයි සහෝ..ඔබේ බ්ලොගය අපූරුයි!!!

    ReplyDelete
    Replies
    1. හිරැ, පෝස්ටුව විග්‍ර‍හ කරලා කොමෙන්ටුවක් එකතු කලාට ස්තූතියි...
      අපේ ගම සම්පූර්ණයෙන්ම සිංහල අය පමණක් ජීවත් වන එකක්... ඒ නිසයි මම දමිළ කථාව කිව්වෙ... රියදුරු තුමාගෙ පියා මුලින්ම භය වෙලා තිබුනෙ නොදන්න පුදේශයක් නිසා.. ඒ උනාට අපේ සහයෝගය දැක්කම ඒ ගතිය නැතිව ගියා...

      Delete
  17. මල ගෙදර කතාව සිරා බං.

    උඹ මීගමුවෙද?

    ReplyDelete
  18. Oya accident eka gana dannawa... eya nathi wune naha.... tama general hospital eka ICU eka innawa... aranchi hatiyata tatwe dan tikak hondai... oya dannawada danne naha.... eya ape school eka malli kenek.

    ReplyDelete
    Replies
    1. මට ආරංචිය ආවෙ නැතිවුනා කියලා... අනේ කොච්චර දෙයක්ද ජීවත්ව ඉන්නවා නම්...

      Delete
    2. පසුව දැනගන්න ලැබුනා අසාධ්‍යව හිටපු කෙනා මියගිය බව
      Please change this

      Delete
    3. ඔන්න වෙනස් කලා... ඔබේ තොරතුරු වලට ස්තූතියි... එයාගෙ අලුත්ම තත්වය කොහොමද දැන් ?

      Delete
    4. latest updates nam danne naha... iye wenakota sihiya awa kiyala kenek kiwwa.... eyat bandaranayake malli kenek apita wada awurudu 3 4k pahala classes wala hitiye,,,

      Delete
  19. යකෝ ජා-ඇල මාර බුවාලනෙ ඉන්නෙ....

    කතාව නම් හොඳයි සිරා.. ඒත් ඔය වගේ කතා දාහක් ඇහුවත් අපි හැදෙන්නෑ බන්.. නොහැදියාව අපේ ඇඟවල් වලට කාවැදිලා තියෙන්නෙ..

    මම හිතුවෙ අර මල ගෙදරට බැනලා ගිය එකා කාඅරෙකට අහු වෙලා කියලා.. පස්සෙ හිතුනා ඌද දන්නෑ මෝටසයිකල් වෙට්ටුව දාපු එකා කියලා..

    උඹේ කතා කීමේ විලාසය ඉස්තරම්..

    ReplyDelete
    Replies
    1. "ජා-ඇල මාර බුවාලනෙ ඉන්නෙ...." මාත් අහලා තියෙනවා සෙන්නා ඒ පැත්තෙ ඉන්නෙ ලෝකෙ කාලා වතුර බීපු එවුන්ලු..

      Delete
    2. ඇත්තද බන්..??? බයේ බෑ.. කටුනායක ඉඳන් එද්දි ඔහෙ පහු කොරන්ඩ එපැයි..මුන් මරලා..මිනිය අරන් ගිහින් බූරු ගහයිද දන්නෙත් නෑ.

      Delete
    3. හ්ම්ම්.. ජා-ඇල වගේම වටේ ගම්වල උනුත් එහෙමලු.. මට මතකයි ඕනයත් ඒ වගේ පෝස්ට් එකක්දාලා තිබුනා..

      ජා-ඇල තියෙන්නෙ කොළඹ කටුනායක පාරෙද?

      Delete
    4. ජා-ඇල තියෙන්නෙ කොළඹ කටුනායක එහෙමත් නැත්නම් කොළඹ - මීගමුව පාරෙ කියලා කියන්නත් පුලුවන්... ක්‍රිස්තියානි භක්තියන් ඉතා විශාල ප්‍ර‍මාණයක් ඉන්න පළාතක්... ඒ වගේම අනෙකුත් ජාතීනුන් ඉන්නවා...

      Delete
    5. දවසක ගිහින් බලන්න ඕනා...

      Delete
  20. මම කියවලා තියෙනවා ලංකාවේ ඉංජිනේරුවෙක් ලියපු "මහ මගට පන්සිල්" කියල. ඒකේ කියල තියෙනවා 40-50 වේගෙන් ගියොත් අඩුම කාලෙකින් තමන්ගේ ගමන යන්න පුළුවන් කියල. සිරාගේ ලිපිය ආන්න්දයෙන් පටන් ගෙන ප්‍රඥාවෙන් ඉවර කරලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔය කියන වේගය නොවැ නගර සීමාවෙ පවත්වා ගත යුතු වේගය... ඒ උනාට හැමෝම ඉගිල්ලෙන්නම හදන්නෙ අනිත් කෙනාට කලින් ගමනාන්තයට යන්න.. අන්න ඒ සිතුවිල්ල වෙනස් කරගත්තා නම් සෞඛ්‍යට හොදයි...

      Delete
  21. මම දාපු කමෙන්ටුව නෑනේ යාලු. මක් උනා ද ඒකට ? වැරදිලා කුණුහබ්බයක් වත් ලියවෙලා බලධරියා විසින් කපා හරියා වත් ද ?

    …මුලින් හිනා ගියත් අන්තිමට හිතන්න බොහෝ දේ තියලා ලිපිය අවසන් කරල තියනවා.

    …පාරේ යනකොට හොඳ කල්පනාවෙන් යන්න ඕන පයින් ගියත්. දශමයක් වැරදුනොත් ඉවරයි තමයි. අර සත් ක්‍රියාවට පොඩි මල් මිටක් මගෙන් ....!

    ReplyDelete
    Replies
    1. මම කිසිම දෙයක් මැකුවෙ නෑ... ඔයාගෙ කොමෙන්ටුව Spam වෙලා තිබිලා. ඔන්න ඉහළින් පළ වෙලා තියෙනවා දැන්...

      Delete
    2. හ්ම්ම්.. දැන් තමයි බඩට අල ගෙඩියක් වැටුනෙ..:D

      Delete
  22. ඇත්තටම රියදුරන්ට හොදට ඔලුවට ගන්න ඕන ලිපියක්.. දෙයක් උනාට පස්සේ පසුතැවෙනවට වඩා, දෙයක් වෙන්න කලින් ඒක වළක්වා ගන්න එක තමයි කාටත් හොද...

    ජය වේවා...!

    ReplyDelete
    Replies
    1. ටික කාලෙකට පස්සෙ නේද මේ පැත්තෙ... සමහර රියදුරෝ ඉතා හොදට රියපදවනවා... ඒත් එක හරකෙක් හිටියානම් එතන අනතුරක්...

      Delete
  23. අපේ මිත‍්‍රයකුගෙ හිතවත් මළ ගෙදරක ගුලියක් සම`ග දවසක් මතක් වුණා මටත්. ඇත්තටම සිරාලට වගේ සිනා බෝ වෙලා මළ ගෙදරින් අකාරුණිකව දොට්ට දැම්ම අපිවනම්.
    ආසන පටි කතාවනම් හරි වටිනව. මේකෙ විතරක් නෙමෙයි අධිවේගි මාර්ගෙත් ආසන පටි නැතිව යනව මේ ඇස් දෙකට දැකල තියනව. මේව දැකලවත් හැදෙනවනම් මිනිස්සු ලොකු දෙයක්. සිරා ආ... ගිහිං එන්නං. ජය!
    ඉසුරු

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉසුරැ... ඒ කථාව පස්සෙ දවසක මට කියන්න සිරා සිදුවීමක් වගේ.... ජය!

      Delete
  24. කිව්වත් වගේ මුලින් විහිලු කතා කියලා අන්තිමට හිතන්න තරම් දෙයක් ලියලා තියෙනවා.බයිසිකල් කාරයට වැරැද්ද පැටෙව්වත් කාර් එකේ උනුත් වේගෙන් ආපු නිසානේ කෙල වුනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒක ඇත්ත... කොන්ර්‍ක්‍රීට් කණුවක් මේ විදියට ඇඹරිලා යන්න මොන තරම් වේගයක් තියෙන්න ඕනෙද ? කොහොමට තියේද මිනිහෙක්ගෙ ඇගේ වැදුනානම්...

      Delete
  25. හරිම වැදගත් ලිපියක් සිරා අයියේ... විහිළු කතා දෙක තුනක් අස්සෙ මෙහෙම කතාවක් තියෙයි කියලා කීයටවත් හිතුවේ නෑ මේ කතාවෙන් සෑහෙන්න අවධානය ලැබෙන්න ඕනේ දේවල් ලියවිලා තියෙනවා සුපිරි ගණයේ ලිපියක්... ඒ වගේම තාමත් මනුස්සකම කියන දේ අපි අතර තියෙනවා කියන එකට හොඳම උදාහරණයක්... ගන්න දේවල් බොහෝමයි.දිගටම ලියමු සිරා අයියේ ජය වේවා

    ReplyDelete
    Replies
    1. ගැමියා මලයා මනුස්සකම ගැන කථා කරන කොට ලංකාවෙ මිනිස්සු කොච්චර හොදද කියලා හරියටම වැටහෙන්න නම් ලංකාවෙන් පිටට එක සැරයක් හරි ගිහිල්ලා එන්න ඕනෙ... ඒ අත්දැකීම මටත් තියෙන නිසයි කියන්නෙ... අපි කොච්චර බැන්නත්... එපාම කරපු උන් හිටියත් ලංකාවෙ මිනිස්සුන්ගෙන් තරම් මනුස්ස කමක් ලෝකෙ කොහේදිවත් දකින්න බැරිවෙයි.

      Delete
  26. සුද්දො වාහන හදල ඒව පාවිච්චි කරන ක‍්‍රමයි ඒ වගේම පාරෙයන විදිහයි දෙකම ඉගැන්නුව. හැබැයි අපේ මිනිස්සු මේ දෙකම හරියට ඉගෙන ගත්තෙ නෑ. අපේ රටේ මාර්ග විනය හදන්නේ නීති වලින් හැබැයි ඒ හදන නීතිය ක‍්‍රියාත්මක වෙන්නේ දවස් දෙකයි නැත්නම් තුනයි ඊට පස්සේ ඒ නීතිය කාගෙ හරි ආදායම් මාර්ගයක් වෙනවා. රුපියල් ලක්‍ෂ ගණන් වියදම් කරල කලර් ලයිට්ස් හදනව හැබැයි උදේටයි හවසටයි ඒවා නිවල පොලිස් නිළධාරීන්ට ඔ්නැ විදිහට වාහන හසුරවනව පොඩ්ඩක් වෙලාව අනුව කලර් ලයිට් සකසා ගත්තනම් වැඩේ පිළිවෙලයි. පහසුයි. ලස්සනයි.

    බලන්න මළ ගෙදරින් පටන් මේක යන දුරක්.....
    මොනව උනත් වැඩේ හොදයි.....

    ReplyDelete
    Replies
    1. ඔබේ කථාවත් එක්ක මමත් එකග වෙනවා... සමහර මැති අමැතිලා පාරෙ යන්නෙ පාර තමන්ගෙ කියලා හිතාගෙන... එහෙම වෙලාවට ලංකාවෙ මාර්ග නීති තියෙනවද කියලත් හිතෙනවා...

      Delete
  27. මේ වගේ සිදුවීමක් උනාම කොච්චර නම් අසරණ වෙනවද ඕනෑම කෙනෙක්? ඒ වගේ වෙලාවක උදව් කරන්න එතනට ගිය එකත් ලොකු පිනක්. මෙහෙම දේවල් නම් හතුරෙකුටවත් වෙන්න නම් එපා..

    ReplyDelete
    Replies
    1. නොදන්න පළාතක, නොහිතපු විදියට මෙහෙම දෙයක් වුනාම ගොඩාක් අසරණ වෙනවා... විශේෂයෙන් රියඅනතුරු වලදි ලංකාවෙ බහුතරයක් අය ඉතා ඉක්මනට තුවාල කරුවන් රෝහලට යවන්න උදව් වෙනවා...ඒ ගැන සංතෝෂයි...

      Delete
  28. ඔන්න සිරාගෙ කතා බලන්න මාත් ආවා . පෙට්ට්ගමේ කියල තිබුනනෙ ඇවිත් යන්න කියල .
    …සිරාම කතා ටිකක් . ජය වේවා !

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා... දිගටම එන්න... තව හොද හොද ඒවා ඉස්සරහට..

      Delete
  29. අනෙ අම්මෝ ඇග කීරි ගැහිල ගියා මේක කියවලා.ඇත්තටම අපේ ලංකාවේ රියදුරු මහතුන්ගේ වැඩ දකිද්දී හිතෙනවා මුන්ට ලයිසන් දුන්නේ කවුද කොහොමද කියල.අනික මේ වගේ ජෝකියන් මහ පාරේ කරන අනවශ්‍ය විහිලු වලින් මොන තරම්නම් අනතුරු වෙනවද මේ සිද්ධියම ඒකට හොදම උදාහරණයක්.

    අර හිඟන්නෙකුගේ මිනියක් ගෙදර ගෙනල්ලා තියාගෙන මළගෙයක් දැම්ම එකනම් පුදුම කතාවක් තමා හනෙ අම්මේ මිනියත් විකුනන් කන මිනිස්සු

    ReplyDelete
    Replies
    1. කනත්තෙ වළලලා තියෙන මිනියෙ ඔලුකටුව හොරකම් කරන රටේ මිනිය විකුණන එක අරුමයක් නොවෙයි කියලත් හිතෙනවා... බල්ලො මරලා හරි සල්ලි තමා ගොඩාක් අය හොයන්න උත්සාහ කරන්නෙ..

      Delete
  30. ගොඩාක් පරක්කු වුනා මචං කාමරේ දොර ඇරගන්න..

    ගොඩාක් දුක හිතෙන සිද්දියක්. ඒ වගේම උඹලගේ ගමේ වගේ එක මුතුව ඉන්න පිරිස දැන් ටික ටික අඩු වේගන එනවා වෙනත් පැති වල.. කරදරයක් වුන වෙලාවේ මිනිසත් කම ගැන හිතල උදවු කරපු සියලු දෙනාටම මගේ ප්‍රණාමය..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අසරණයා... පරක්කුවක් නෑ... හැමෝම වැඩ වලින් නිදහස් වෙලාවක නොවැ කාමරේ පැත්තෙ එන්නෙ.... ජය!

      Delete
  31. Hithan hitiye comentuwak noda yanna. Eth pahalin dakka wakya peliya dakala baya hithuna.
    Katha tika na aththama aththa.
    Wahana anathuru gana nam kiyal wadak na.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ අදහසට... වාහන අනතුරු බහුතරයක් වෙන්නෙ නොසැලකිල්ල නිසයි... ලංකාවෙ නූතන ත්‍ර‍ස්තවාදය තමයි මේ...

      Delete
  32. mama dinapathama internettuwe aadarayen live @ 8 baluwe ape rate kala dawasa gewena heti ehi apuruwata ediripath karana nisaya.....eheth den kalayaka patan mata eya nerabeema mahath hisaradayak wee eththe dinapathama wage ehi penwana hadisi anathuru deka hemadamath ane apoi kiya sithena nisaweni....ape rata wahana anathuru walata bosein balapana hethuwa riyadurange avineethakai........
    hema ratakama jeewath wanne ekama eta mas nahara walin sedumlath minissu unath me rate ( s.korea) riyadurange neethigaruka bawa thiyenne ape rate riyaduranta wada yodun ganan nowa aloka warsha gananawak ediriyeni.....A tharamatama me rate minissu sukkanama athata gath wita vineethaya......
    wishwasa karanna mithura awsan wathawata wahana nala shabdayak mage kana weki eththe 15-02-2009 pera dinaka viya uthuya..manda in pasu thamath ma sitinne mehi bewini...
    EDIN...,ma ekama eka pethumak samagin meya awsan karannam....
    mage sundara diwayineth mewan riyaduran pirisak ekmaninma bihiwewa.............

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ අදහස් වලට...

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...