ඊයං සල්ල නිධානේ බුදස භගවතේ සකියානං සුකිත් හතානන් සහගිනිකානං සපුතදලානං
ශාක්‍යයන් විසින් ක්‍රි.පූර්ව පස්වැනි සියවසේදී පිළිස්සූ ගඩොලින් තැනූ චෛත්‍යයක් තුළ ඒ මහාර්ඝ වූ භෂ්මාවශේෂ තැනපත් කරන ලද්දේ ඉතාම අපූර්ව ආරක්ෂක ක්රමවේදයකටය. මහා අරගලයකින් පසු ලබාගත් තම ශ්‍රේෂ්ඨ ඥාතියාගේ භෂ්මාවශේෂ වලට දිය හැකි උපරිම ගෞරවය මෙන්ම ආරක්ෂාවද සහිතව ඒවා එම චෛත්‍යයේ තැන්පත් කර තිබුණි.
ස්ථූපයේ පොළොව මට්ටමේ එකිනෙකට සම්බන්ධ ගඩොල් කුටීර දෙකක් තනා තිබූ අතර ඒවායේ සබන් ගල් කරඩුව හා වටිනා රන් තැටි දෙක බැගින් තැන්පත් කර තිබිණි. එම කරඩු දෙකෙහිම මනුෂ්‍යයකුගේ යැයි සැක කළ හැකි ගින්නෙන් දැවී ගිය අස්ථි තිබූ අතර ඒවා බුදුන් වහන්සේගේ බව තහවුරු වූයේ වෙනත් ශෛල කරඩුවක තිබූ ඉහත සදහන නිසාය.
පෙප්පේ මහතා කළ කැණීම්වල දී හමුවූ කිලෝග්‍රෑම් 669 ක් බරැති දැවැන්ත ශෛලමය පෙට්ටියේ තිබූ මාළුවකුගේ ආකාරයට කපන ලද මිටක් ඇති කුඩා පලිගු කරඩුවක තිබූ රනින් කරන ලද සෙන්ටිමීටර 15 ක් උසැති සබන් ගල් කරඩුවක ඉහත සටහන කොටා තිබුණි.
උපුටා ගැනීම 2012 අගෝස්තු මස 26 වැනි ඉරිදා ලංකාදීප පුවත් පතට පුෂ්පා වීරසේකර ලියූ ලිපියකිනි.
පසු සටහන
කපිලවස්තුපුර ධාතූන් වහන්සේලා වසර 34 කට පසු දෙවන වරටත් ශ්‍රී ලංකාවට වැඩම කළේ පසුගිය අගෝස්තු 19 වැනි දිනය. ඒ ලංකාවේ පලාත් 7ක් ආවරණය වන පරිදි ලක්ෂ සංඛ්‍යාත බොදු සැදැහැවතුන් හට බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔද වැඩී ජීවමාන බුදුන් මේ යැයි සිතා වැද පුදා ගැනීමටය.
කැලණිය මානෙල්වත්ත විහාරස්ථානයෙන් ඇරඹුනු මේ සර්වඥ ධාතූන් ප්‍රදර්ශනය ඉන් අනතුරුව පැල්මඩුල්ල ,අනුරාධපුර, කන්තලේ ,ගම්පොළ , වාරියපොළ,මාතර,තිස්සමහාරාමය, ප්‍රදේශයන්හි ලක්ෂ සංඛ්‍යාත බොදුනුවන්ගේ නොමද භක්ත්‍යාදරයට ලක්වී නැවතත් කොළොම්පුරයට සේන්දු විය. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ප්‍රදර්ශනයෙන් අනතුරුව මුල් අවස්ථාවේ ධාතූන් වහන්සේලා වැඩමකිරීමට අවස්ථාවක් නොලද කැලණි විහාරයට කපිලවස්තු පුර සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කළේ සැප්තැම්බර් 11 වැනිදා පෙරවරු 9ට පමණය. එතැන් සිට එකම ජනගංගාවක් වූ කැලණිය පුරවරය සුදු වතින් සැරසුනු උවැසි උවැසියන්ගෙන් පිරී ගියෝය.
කැලණිය වරාගොඩ මාර්ගයේ තිබූ පෝළිම කොළඹ නුවර ප්‍රධාන මාර්ගය තෙක්ම දිගුවිය. කුඩා අතදරුවාගේ සිට වයෝවෘද්ධ මහල්ලා දක්වා වයස් පරාසයන්ගේ භේදයක් නැතිව පෝලිම් වල පැය 7 - 8 ගෙවා දැමීමට සූදානමෙන් පසු විය.
අසීරුවෙන් හිතවතකුගේ මිදුලක වාහනය ගාල් කර මාර්ගයට පිවිසි කල දකින්නට ලැබුනේ හතර අතට විහිදුන දහස් සංඛ්‍යාත බැතිමතුන්ගෙන් පිරී ගිය දිගු පෝලිම්ය. ඒවා සාමාන්‍ය පෝලිම් විය යුතුයැයි අනුමාන කර පොලිස් නිලදරුවෙක්ට කිට්ටු කර පාස් පෝලිම කොහේදැයි විමසූ විට අප ඉදිරියෙන් වූ පෝලිම ඔහු අපට දැක්වීය. එයද කෙළවරක් නොපෙනෙන දුරකට විහිදී තිබූ අතර බියගම පාරේ සෑහෙන දුරක් ඇවිද ගිය පසු යන්තම් පෝලිමේ අග සොයාගත හැකි විය. මර්වින් තුමා සිය ඡන්ද පදනම රැකගැනීමටදෝ දහස් ගණනින් VIP අවසර පත් නිකුත් කර ඇති සෙයකි.. එය 5 ගුණාකාර වලින් දැන් පෝලිම්ගතව සිටී.
VIP පෝලිම |
පෝලිම ඉබි ගමනින් ඉදිරියට ඇදුනු අතර ඒ අතරතුර පෝලිම පනින්නට එන වුන් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලු වචන හුවමාරු වල යෙදුනෝය. පොලිසි නිලධාරීන් සියල්ලන්ම අළුයම 5 සිට රාජකාරී අරබා තිබූ අතර ඔවුන් සිය උපරිමයෙන් කටයුතු කරමින් සැදැහැවතුන් වෙත කාරුණික සේවාවක් ලබා දුන්හ.
ජනතාව මහා මාර්ගය හරහා ආරක්ෂිතව ගමන් කරවමින් |
කැලණි විහාරයේ පරිවාර පිවිසුමක් අසලට අපගේ VIP පෝලිම පැමිණෙන විට අප ඒ තුල පැය 5ක් පමණ ගෙවා අවසන්ය. ඇදිරි වැටීමත් සමග තත්වය නරක අතට හැරිනි. එතෙක් වේලා නීතිගරුකව පෝලිමේ පැමිණි අයට ඉදිරියෙන් මනුෂ්‍යකම නොහදුනන තිරිසනුන් රැලක් පනිනන්ට විය. පොලිස් නිලධාරීන් කිසිවකු නොසිටි ඒ ඉසව්වේ පෑ ගණනක් පෝලිමේ සිටීමෙන් විඩාවට පත්වු අතදරුවන් ඔසවාගත් මවුවරුන්, වයෝවෘද්ධ මාතාවන් / පියවරුන් එමගින් තව තවත් පීඩාවට පත් විය.
පෝලිම් පනින ලද කාන්තාවක වාග් සංග්‍රාමයක |
එතැනින් පසු සැදැහැවතුන් එකම කාළගෝට්ටියකි. පෝලිම පනින වුන් හා පෝලිමේ එතෙක් වේලා පැමිණි වුන් දරුණු වාග් සංග්රාම වල පැටලුනෝය. පෝලිමට ඉදිරියට යාමට නිශ්චිත දිශාවක්ද පැහැදිලිව නොතිබූ අතර ඒවා සංවිධානය ඉතාමත් දුර්වල බව අගේට වැටහුනි. ගංගාරාමයේදී මැනවින් සත්කාර ලබමින් ඉතා පහසුවෙන් ධාතුන් වහන්සේලා වන්දනා කිරීමට ජනතාවට අවකාශ ලැබුනේ ගලබොඩ ඥාණිස්සර නායක හිමියන්ගේ පරිපාලනයේ තිබූ දක්ෂතාව නිසා විය යුතුය. එහෙත් එය කැලණි විහාරයේදී බැහැර වී තිබුනි. තවත් විනාඩි කීපයක් ඇවෑමෙන් තත්වය ඉතාමත් දරුණු විය. පෝලිමේ දැඩි තෙරපීමක් හට ගත් අතර අතදරුවන් රැගත් මවු වරුන් දරුවන් ඉහළට ඔසවාගනිමින් තල්ලු කරන්න එපා යැයි ආයාචනය කළෝය. වයෝවෘද්ධ මව්පියන් පෝලිම තුල ඇදවැටීමේ අවදානමක් ඇති විය. අවසානයේ බාධක ලෙස යොදා තිබූ යකඩ බට අස්සෙන් පෝලිම ගමන් කර තවත් පෝලිමක් සමග එක්වී දැඩි ලෙස තෙරපෙමින් ඉදිරියට ඇදුනෝය. දැන් VIP සහ සාමාන්‍ය පෝලිමක් එකට එකතු වී ඇත. පාස් වලට නෝ ප්ලේස්ය. තව පොඩ්ඩෙන් එතැන විශාලා මහනුවරක සිරි ගන්නට ඉඩ තිබිනි. එහෙත් සැදැහැවතුන් අතර සිටි කීප දෙනෙකුගේ නායකත්වය නිසාම එවැනි අවාසනාවන්ත තත්වයක් ඇතිනොවුනි....
බුදුන් පුදට සමහරුන් තබාගෙන සිටි සුදු නෙළුම්, රතු නෙළුම් වල පෙති තෙරපීම අතරතුර ගැලවී ගොස්ය. තව දුරටත් වෙහෙස දරාගත නොහී මහලු උවැසියන් කීප දෙනෙකුම බිම හිදගෙන ගිමන් නිවා ගන්නා සංවේගජනක දසුනද දිටිමි.
හිස වටේ අත දමා නහය අල්ලන්නා සේ ඒ මේ අත හැරි හැරී ගිය පෝලිම දැන පියගැට පෙළ පෙනෙන මානයට පැමිණ ඇත. එවේලේ නැවත වරක් දැඩි තෙරපීමක් ඇතිවුනි.
අනේ තල්ලු කරන්න එපා මේ පොඩි ළමයි ඉන්නවා
මොන කාළකන්ණි මිනිස්සුද මම දන්නෙ නෑ
අපි තල්ලුකලේ නෑ හලෝ තල්ලු කරපු එකෙක්ට කියනවා
මම ඔයාට කිව්වා පොඩි එකාවත් අරන් ආපහු ගෙදර යමු කියලා... කිව්වට ඇහුවද ...
කෝ මේ අම්මා... පේන්න නෑනෙ....
මෙවැනි දෙබස් අතරතුර තෙරපීම පාලනයට පොලිස් විශේෂ කාර්යය බලකා සෙබලු මෙන්ම ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවද එක්විය.
අපි පාන්දර 3ට වාද්දූවෙන් ආවෙ.... මා අසල සිටි කාන්තාවක් වෙහෙස නිසා හෙම්බත් වූ දෑසින් මා දෙස බලා පැවසීය. ඇය සමග ඇගේ මිත්තණිය මෙන්ම කුඩා දරුවකුද විය.
කීයටද පෝලිමට එකතු වුනේ ? මම පෙරළා ඇසීමි..
උදේ 6.00 ට
එතකොට දවල්ට කෑම
මොන කෑමද අපි මේ ගිණි අව්වේ කරවෙලා තමයි තාම මේ හිටන් ඉන්නෙ...ඇය සුසුමක් හෙලා පැවසුවාය.
ඉතාමත් ශ්‍රද්ධා සම්පන්නව වැද පුදා ගැනීමට හැකි මානසිකත්වයක්... ඉහින් කනින් දහදිය පෙරාගෙන, කුසට අහරක් නොමැතිව පැය ගණන් පෝලිමේ තෙරපී, අව්වේ කරවී ලබාගත හැකි දැයි මට ගැටලුවක් ඇති විය.
ඉන් අනතුරුව වයෝවෘද්ධ පියතුමෙකු මා හා කථා බහට එක්වූහ.
සීයෙ වයස කීයද ?
අවුරුදු 86 ක් පුතේ
මීට කලින් සැරෙත් මේ වගේ ධාතු වන්දනා කලාද ?
ඔව් ඔව් ඒ සැරෙත් කැලණි විහාරෙදි පෙන්නුවා... මම මගේ දුවත් එක්ක ආවෙ.... අයෙ සැරයක් ධාතු වන්දනා කරන්න අපි ඉන්නෙ නෑනෙ....
වයස 86 ක් වුවත් සීයා හොද ශරීර සෞඛ්‍යයෙන් යුතු විය.
සීයා බොහොම සනීපෙන් ඉන්නවා කියලා පේනවා වයසට ගියාට... මොකක්ද හේතුව...
අපි ඔය එක එක දහජරාව කටේවත් තිබේබෙ නෑ ඒ කාලෙ... ගොවිතැන් බතක් කරලා ඇග වෙහෙසලා වැඩ කලා නොවැ පුතේ..ඒ නිසා වෙන්න ඇති...
කථාවෙන් කථාවෙන් පියගැට පෙල අසලටම පැමිණි පෝලිම එතැන සිටි පොලිස් කාන්තාවන් පිරිසක් විසින් මෙහෙයවූහ. අළුයම 5 සිට රාජකාරී වල නියුතු වී දැඩි සේ වෙහෙසට පත්ව සිටියද ඔවුන් ඉතා කරුණාබරව සැදැහැවතුන්ට උපකාර කළෝය. විශේෂයෙන් මහළු අයට ඔවුන්ගේ සහයෝගය ලැබිනි. ධාතු වන්දනාවට යන පිරිසට එහිදී රතු ඇන්තූරියම් මලක්ද නොමිලයේම ලබා දුන්නෝය.
පැය 6 ක පමණ කාලයක් පෝලිමක් තුල විවිධාකාරයෙන් පීඩාවට පත්වී සර්වඥ ධාතූන් වැඩ සිටින ශාලාව අසලට පැමිණෙන විට පිරිස බොහෝ සේ විඩාවට පත් වී සිටියෝය.
මොකෝ මේ කට්ටිය සද්ද නැත්තෙ.... සාධුකාරයක් දීගෙන එන්න යැයි පොලිස් නිලදරුවෙකු කල කාරුණික ආරාධනය බැති සිතින් බාර ගත් සියල්ලෝ උස් හඩින් සාධුකාර දෙමින් ලංකාවට දෙවැනි වරටත් වැඩමවූ කපිලවස්තු පුර සර්වඥ ධාතූන් වැදපුදාගත්තෝය. එතෙක් වේලා විදි නේක දුක් ගැහැට ධාතූන් වහන්සේ දුටු පමණින් නැති වී ගිය සෙයක් සිරා හට දැනුනි. ජීවමාන බුදුන් දැකීමට පින්කර නොතිබූ නිසාවෙන් ජීවමාන බුදුන් යැයි සිතා සර්වඥ ධාතූන් වහන්සේ වැදපුදා ගැනීමට හැකි වීමද මහත් පිනක් බව පසුව මම කිසිවෙකුගෙන් අසා දැනගතිමි.
මම සයිබරයේ අලුත් මිතුරා සිරා.
ප.ලි
ශාරීරිකව ඇති වී තිබූ දැඩි තෙහෙට්ටුවත්, පෝලිම් වලදී වාග් සංග්රාමයන්හි නිරත වීමෙන් හටගත් තරහත් නිසා බොහෝ අයට බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිවුනාදැයි නොදනිමි.
ගංගාරාමයේදී තිබූ පහසුකම් කැලණියේදී නොතිබූ අතර දන්සැල් වූයේද අතලොස්සකි.
මෙම සත්කාර්යය තුල ඡන්ද ගොඩ තර කරගැනීමේ උවමනාවක් තිබුනේදැයි විටෙක මට සිතේ. එසේත් නැත්නම් ආචාර්ය තුමා මැදිහත් වී කල සත්කාර්යය සංවිධාන කටයුතු භාරව සිටි වුන් සිය වගකීම හරියට ඉටු නොකිරීමෙන් උදාසීන වී ඇත.
සමහරුන් පෝලිමේ අතරමැදදී ඉවත් වූ අතර ඔවුනට හිමි වූයේ දෙකකුල් හි රිදීමක් සමග අපේක්ෂා භංගත්වය නිසා හටගත් දැඩි කෝපය නිසා බොදවුනු කපිලවස්තු පුර සර්වඥ ධාතු වැදපුදා ගැනීමේ සිහිනයයි.
බ්ලොගියේ පලකිරීමට පෙළගස්වා සිටි පෝස්ටු අතරට මෙය හදිසියෙන් එක්වූ නිසා ඉදිරියේදී ඇන්ටික් යකඩ අස්පයන් පිළිබද පල වන බව කරුණාවෙන් සළකන්න.
දෙයියන්ගේ පිහිටෙන් අපෙ ගෙවල් දෙකේම කාටවත් ඕක මතක් උනේවත් නැද්ද කොහෙද... මාත් ගිහින් ගිය ටිකේම කට්ටිය කාපු කටු පොඩ්ඩ පොඩ්ඩ කියලා තිබ්බ නිසා පාදුක්කේ ඉදලා කැළණියට බස් දාලා තිබුනත් කට්ටිය යන්න උවමනාවක් දැක්වුවේ නෑ..
ReplyDeleteගියපාර දළදා වදින්න කියලා ගියෙත් ගමන ජොලි නිසයි..නැතුව ශ්‍රද්ධාවක් නම් තිබුන් නෑද කොහෙද.... හැබැයි එදා නම් සංවිධානය හමුදාවෙන් නිසාද කොහෙද පෝලිම් පැනිලි තිබුනේ නෑ... අපේ මිනිස්සු දැන් චුට්ටක් හරි සැලකිල්ලක් දක්වන්නේ හමුදා ඇදුමට විතරයි.. ඉස්සර නම් ග්රාමාරක්ෂක නිළ අදුමටත් හොද සැලකිල්ලක් තිබුනා... දැන් පොලිසියට කිසිම සැලකිල්ලක් නෑ... ඒකෙන් ඉතිං හොදට රාජකාරි කරන නිලධාරිනුත් කළකිරිලා පැත්තකට වෙනවා....
ඇත්තටම ලංකාවේ මිනිස්සු හරිම ආත්මාර්ථකාමීයි.... නීති දාලා තියෙන්නේ තමන්ගේ පහසුවට, යහපතට කියලා හිතලා ඒවට ගරු කරන්න හිතනවට වඩා නීතියක් දැම්මම ඒක කඩන්න ක්‍රමයක් තමයි මුලින්ම හොයන්නේ.... මිනිස්සු නීති වලට බය කරන්න වෙලා තියෙන්නේ ඒකනේ... කවදා මේ මිනිස්සු නීතියකට ගරු කරන්න ඉගෙන ගනීද කියලා තේරෙන්නේ නෑ.... මේක කිව්වෙ සාමාන්‍ය ජනතාව ගැන විතරක් හිතලා නෙවෙයි.. රට කරවන උන්දැලා ටත් එක්කයි....
නැතුව ශ්‍රද්ධාවක් නම් තිබුන් නෑද කොහෙද....
Deleteඒක අපිද දන්නෙ....
අපේ මිනිස්සු සහ හරක් තමන්ගෙ පහසුව ගැන විතරයි හිතන්නෙ... ඒක නිසයි මේ වගේ උතුම් කටයුත්තක් මේ තරම් පීඩාවට පත්වෙලා මිනිස්සුන්ට නරඹන්න වුනේ.....
ඇත්තටම සිරා මම මිනිස්සු රැස්වෙන ඔය වගේ තැන් වලට යන්න කැමති නෑ.. හේතුව මිනිස්සු කරන වැඩ දිහා බලන් කට වහගෙන ඉන්න බැරි කම... රණ්ඩුවට යන නිසා අම්මලත් කැමති නෑ මාව එක්කන් යන්න... හොර වැඩ, තක්කඩි වැඩ, වලත්ත වැඩ ඔක්කොම දකිද්දි කරන වැඩේට හිත හොදින් සහභාගී වෙන්න බෑ..
Deleteමිනිස්සු අඩුම දවසක මහත්තයයි මායි පන්සලට යනවා මිසක් ඒ ඇරෙන්න පන්සලකටවත් යන්න හිත හදාගන්න අමාරුයි මිනිස්සු කරන සෝබන වැඩ දැක්කම.... ඒගොල්ලන්ගේ ශ්‍රද්ධාව ඒක නිසා මුකුත් කියන්නත් බෑ... නොගිහින් ඉන්න එක හොදයි ඉතිං...
රණ්ඩුවට යන නිසා අම්මලත් කැමති නෑ මාව එක්කන් යන්න...
Deleteහා හා මොනවා උනත් ඇත්තම කියපු එකට ස්තූතියි.... මමත් ඔයා වගේ තමයි... අසාධාරණේ දැක්කම ඉන්න බෑ... ඒ නිසාම එදා පෝලිම පැනපු උන් කීප දෙනෙක් එක්කම ගැටුනා...
මේ ධාතූන් වහන්සේලා දිල්ලි කෟතුකාගාරයේ වෙඩි නොවදින කුටියක ඔහේ තැන්පත්කරලයි තියෙන්නේ.මෙය අපට පූජනීය වස්තුවක් වුණාට ඉන්දියානුවන්ට කෞතුක වස්තුවක් විතරයි
Deleteකපිලවස්තුපුර ධාතූන්වහන්සේ වන්දනා කරන්න සිරා පිං කරල තියනව එහෙනං. අපිට නං බැරි උනා.
ReplyDeleteකාමරයට සාදරයෙන් පිළිගන්නවා...
Deleteතැවෙන්න එපා.... ලෝකෙට පේන්න පිංකම් නොකලාට ප්‍රතිපත්ති ගරුකව ජීවත් වෙනවා නම් ඒ හොදටෝම ඇති....
සිරාගෙ කථාව වැරදියි. ප්‍රතිපත්ති ගරුකව හිටිය කියල ලොකු වෙනසක් වෙන්නේ නැහැ.
Deleteපිං නොකර හිටියොත් වෙන්නේ තියෙන පිං ටික ඉවර උනාම ඊළඟ භවය දැන් ඉන්න තත්වයටත් වඩා පහළට වැටෙන එකයි. ඒක නිසා තමයි අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශණා කරලා තියෙන්නේ පුංචි පිනක් උනත් එකතු කරගන්න කියල. පින තමයි සත්වයාගේ ජීවිතය මෙහයවන්නේ කියල.
මා පපමඤ්ඤේථ පුඤ්ඤස්ස - න මං තං ආගමිස්සති
උද බින්දු නිපාතෙන - උදකුම්භෝ, පි පූරති
පූරති ධිරො පුඤ්ඤස්ස - ථොක ථොකම්පි ආවිනං
ටිකෙන් ටික පින් කරන – තැනැත්තාගේ දිවිය අන්තිමේ පින්වලින් පිරී ඉතිරෙන්නේ... ය.
හිතවතුනි, පින්කමට- යොමු වීම පින්කමකි- පින් ම එක්රැස්වීම මහා සැප උල්පතකි.
සාදු කියන්න පුතේ සාදු කියන්න...අපි ධාතු වදිමු...කමු බොමු...අපිට මොන ප්‍රශ්නද
ReplyDeleteරත්ගමයා පුතා එක්කද ධාතු වදින්න ගියේ....
Deleteකොහොම උනත් බෞද්ධයන් පිංකම් වලට දක්වන උනන්දුව ගැන සතුටුවෙන්න ඕනේ.. ඒත් මමනම් හිතන්නේ ලඟටම ගිහින් වඬින්න ඔනේ නෑ.. ගෙදර ඉඳන් ශ්‍රද්ධාව උපදවගෙන සිතින් ධාතු වැඬත් ඇති.. ඒ හින්දා මම ඩුබායි ඉඳන් වැන්දා
ReplyDeleteඅනේ මී ගොඩයටත් පිං රැස් වේවා !
Deleteඒක ඇත්ත මොන පිංකම් කලත් වැඩක් නෑ හිතේ ශ්‍රද්ධාව නැත්නම්....
අපි නම් ඔන්න ගියේ නෑ... ටීවි එකෙන් ධාතු වන්දනා කලා.
ReplyDeleteපුදුම සෙනගක් නෙව...
ප.ලි. - අඩේ තවත් මධුරංග කෙනෙක් ඉන්නවා නෙහ්..
ඒ මදුරංගව මම කලින් දැක්ක උබට කියන්න බැරි වුනා :)
Deleteටීවී එකෙන් හරි වැදගත්ත එක මදැයි...
Deleteඋඩින් ඉන්න කෙනාව අදුනගත්තොත් නරකද ? මල්ලිද දන්නෙ නෑ...
අපේ අක්කණ්ඩිත් දරුවො දෙන්නත් එක්ක ගියා නොවැ ඔය ධාතු වන්දනාවට එයාලා ඊයේ පාන්දර 4ට පෝලිමට එකතුවෙලා රෑ 8.30ට වැදලා තියෙන්නෙ.ගෙදර එනකොට අද පානදර 1යි.දැන් කකුල් බෙර කොට වගේ ඉදිමිලා කතා කර ගනන්ත් බෑ.තාම නිදි මම හිතන්නෙ.එයාලා යහතින් ඉන්නවද බලන්න ඊයෙ දවසම මම පැය දෙකෙන් දෙකට කෝල් කලා ඒ කෝල් කරපු හැම පාරම සිරා මේ කියලා තියෙන දෙවල් වලට වැඩිය දෙවලුත් කීව්වා.
ReplyDeleteඔන්න සාක්ෂි... හරියට මේ සත්කාර්යය සැලසුම් කලා නම් මේ තරම් මිනිස්සු පීඩාවට පත් වෙන්නෙ නෑ.... අඩුම තරමේ පෝලිමේ ඉන්න ළමයි වඩා ගත්ත අම්මලා, මහලු අය පවා පෝලිම් වලින් පිටතට අරගෙන ධාතු වන්දවන්න ක්‍රමවේදයක් හැදුවා නම් ඒක ඒ අයට පහසුවක්...
Deleteඅක්කණ්ඩිට තෙල් ටිකක් ගාන්න ගියොත් නරකද ?
මම මානෙල්වත්තෙදි බැලුව. පාන්දර 2ට ගිහින් පෝලිම් නැතුවම. කැළණියෙදි අද (12/09) ආච්චිව එක්කරන් ගියා අපේ කට්ටිය එක්කම. උදේ 10ට විතර ගිහින් ක්ෂණික ආවා. මට පුදුමයි. ආච්චි නිසාද මන්ද ඉක්මනට යැව්වේ.
ReplyDeleteබුදුහාමුදුරුවෝ දේශනා කළේ ප්‍රතිපත්ති පුජාව උපරිමයෙන් කරන්න කියල වුනාට, ඔය පෝලිමේ ඉන්න ව්‍යාජ බැතිමත්තු ආමිස පුජාවටමයි දගලන්නේ.
මට නොතේරෙන්නේ ඔය බෞද්ධකම. මහ රජුත් ධාතු වඩම්මලා මාකටින් පාරක් දානවා.
ජය !
සෑමා මාර ලක් කාරයෙක්නෙ...
Deleteසමහර විට ඒක ආචිචිගේ වාසනාව වෙන්නත් ඇති... කොහොම වුනත් ඔබ කියලා තියෙන දේවල් නිවැරදියි... ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව තමයි උතුම්...මාකටිං ගැනත් පෝලිමේ හිටපු උන් කථා වුනා... ජය !
ඇන්ටික් යකඩ අස්පයන් පිළිබද
ReplyDeleteපරණ බයික්ද හා හා මරු මරු දාහන්කො බලන්ඩ
ඔව් ඔව් ඒවා ගැන තමයි.... ඊළග පෝස්ටු වලින් අපි ඒවා ගැන කථා කරනවා....
Deleteමේ වගේ දේවල් ගැන මොනවා කියන්ටද කියලා තේරෙන්නේ නෑ. වෙන විදියකට මේ තත්වය පාලනය කරන්ට තිබුනේම නැද්ද? සිරා මේක ලියලා තියනවා අපූරුයි. අපිවත් එතනට අරං ගිහින් වගේ. පොඩි ලමයි ඉන්න සහ වයසක උදවියට කලින් යන පිලිවෙලක්, දුර ඉඳන් එන අයට වෙනත් පහසුකම් එහෙම සැලසුවානම් හොඳයි කියලා හිතෙනවා.
ReplyDeleteපාස් ලැබිලත් පෝලිමේ ඉන්න හැටි දකිනකොට හිනාත් යනවා.
පින්තූරු ටිකත් අපූරුයි. වචනෙට වඩා වැඩි විස්තරයක් ඒවාවල ගැබ් වෙලා තියෙනවා.
ස්තුතියි ඔබේ අදහස් වලට
Deleteධාතු ප්‍රදර්ශනය කල අනෙක් තැන් වල වයසක අය වගේම දරුවන් වඩාගෙන ඉන්න මව්වරුන්වත් පෝලිම් වලින් තොරව රැගෙන ගියත් මෙහි එවැනි වැඩපිළිවෙලක් කාර්යක්ෂමව ක්‍රියාත්මක වුනේ නෑ...මෙච්චර ප්‍රමාණයක් පාස් නිකුත් කරන්න ඇත්තෙ ඡන්ද දායකයො දිනා ගැනීමේ අරමුණින් බව පැහැදිලියි.
මම මාබිම..බලන්න.. මානේල්වත්ත අපේ ගමට අල්ලපු ගම.කැලණියට රුපියල් 16 දුර බලන්න මට ධාතුවහන්සේ බලන්න බැරි වුනා..මගේ හිතට මොකක්ද වගේ..අපේ අක්ක 2 පාරක් බැලුවා..මම අද උදේ ක්ල්ස් යනකොට තවත් කට්ටය යනවා....
ReplyDeleteමාත් හිතේ වන්දනා කලා..
කාමරයට සාදරයෙන් පිළිගන්නවා...
Deleteඅක්කා බලලා සිදු කරගත්ත පින මල්ලිටත් ලැබෙයි...
සාදු..සාදු..සාදු...!!!
ReplyDeleteයහපතක්ම වේවා !
Deleteඅනේ මන්දා ඔහොම ගිහින් කොහොම වැන්දා ද මම නොදනිම්.
ReplyDeleteමෙහෙම ගිහින් හැමෝම වැන්දා තමා... ඒ උනාට නියම ශාරීරික මෙන්ම මානසික සූදානමක් නැති නිසාම ඒ වැදීම පරිපූර්ණ නෑ කියලයි මට හිතෙන්නෙ....
Deleteමමනම් ගියේ නැහැ ධාතු බලන්න ,මොකද අපි පන්සිල් ටිකවත් හරියට රකින්නේ නැතුව ඕවා බලන්න ගියා කියන්නේ අපි බුදුන්ට කරන අගෞව්රවයක් කියලා මට හිතෙන්නේ ...
ReplyDeleteමමත් සිරිතක් විදියට පන්සල් යන කෙනෙක් නෙමෙයි... අඩු තරමින් පෝය දවසකටවත්...ඒත් පන්සල් නොගියා කියලා අනුන්ට ද්වේෂ නොකර, ප්‍රතිපත්ති ගරුකව ජීවත් වෙන නිසා මම හිතන්නෙ නෑ පන්සල් නොයෑම ප්‍රශ්නයක් කියලා... අම්මගේ බල කිරීමට මේ ගමන ගියෙත්....
Deleteසිරාත් පන්සිල් රකින්නෙ නෑනෙ නේද? ;)
Deleteපන්සිල් වලින් මම කඩන්නෙ සුරාමේරය සිල් පදේ විතරයි...ඒකත් මාස 3කට වතාවක්.
Deleteඅනේ මන්දා.රොබින් කියන කතාව සම්පූර්ණ ඇත්ත.// සීයා බොහොම සනීපෙන් ඉන්නවා කියලා පේනවා වයසට ගියාට... මොකක්ද හේතුව...
ReplyDeleteඅපි ඔය එක එක දහජරාව කටේවත් තිබේබෙ නෑ ඒ කාලෙ... ගොවිතැන් බතක් කරලා ඇග වෙහෙසලා වැඩ කලා නොවැ පුතේ..ඒ නිසා වෙන්න ඇති...// මේ ටිකට නම් මාත් එකගයි.
දැන් කාලෙ සීයා වගේ ජීවත් වුනත් එච්චර ආයුෂ ලබන්න බැරිවෙයි...
Deleteඅපි අද ආහාරයට ගන්න පළතුරු,එළවළු, වගේම සහල් වලත් කාබනික රසායනික පිරිලා... ගෙවත්තෙන් ගන්න දෙයක් විතරයි විශ්වාසවන්තව කන්න බොන්න පුලුවන්...
මම නම් සාමාන්‍යයෙන් සෙනඟ ඉන්න තැන්වල තදබද වෙන්න පෝලිම්වල යන්න හරි අකමැතියි. ඒ නිසා මම ගියේ නෑ. ධාතු වඩම්මන්න කලින් දවසෙ නම් පන්සල පැත්තට ගිහින් රවුමක් දාලා සූදානම කොහොමද කියල බලල ආවා.
ReplyDeleteමෙහේ නම් වීඅයිපී පාස් එකකින් 4 දෙනාටයි යන්න දුන්නෙ. යාළුවෙක් කලින් අහලත් පාස් එකක් අරන් දෙන්නද කියලත් මම එපා කිව්ව, මම හිතුවෙ එක්කෙනාටයි යන්න පුළුවන් කියල, අම්මල අක්කල නොගිහින් මම යන්නෙ මොටද කියලයි හිතුවෙ. අන්තිමට අම්මල රෑ 2 ට විතර ගිහින් එනකොට දවල් 1 විතර වුනාළු. පාස්වලින් ගිහිපු අයත් පැය 2-3 ක් පෝලිමේ ඉඳල. පෝලිම් පැනපු කතන්දර නම් මේ පැත්තෙත් හරියට තිබුණ.
ඔය පාස් කථන්දරේ තිබිලා නැත්තෙ ගංගාරාමෙ විතරයි. ඒ නිසයි එතැනදී ප්‍රශ්න අඩු වුනේ.
Deleteඋඹත් සිරා අර ඇන්ටික් යකඩ අස්පයො දාන්න පොරොන්දු වෙලා අපිට ධාතු පෙන්නලා මග ඇරියා නේහ්?
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
හා හා කලබල වෙන්න එපා... ඒවා යථා කාලයේ තථා අයුරින් වැටේවි.... මේක මේ හදිස්සියේ පැරෂුට් ක්‍රමයට පාත් වෙච්ච එකක්...
Deleteසිරා...
ReplyDeleteඕක කැලණියේ වරද නෙමේ...
සංවිධානය කලේ කැලණියේ අය නෙමේනේ..
ආචාර්යතුමා හා බේබි මහත්තයා ඇතුලු පිරිසනේ..
ඉතිං පංසලේ සංවිධායක මන්ඩලේට අයිතියක් නෑ මුකුත් කරන්න..
මොනා කරන්නද ඉතිං..
ඒක තමයි මේ කේස් එක... ආචාර්ය තුමාට ඕනෙ විදියටද දැන් පන්සලේ කටයුතු වෙන්නෙත්...
Deleteඅපොයි අපි පොඩි කාලේ යසට තිබ්බ පන්සල . කැළණි පන්සලට ඉතින් කොහෙන් හරි ගෝතයෙක් කඩන් වැටෙනවා කලින් කලට .ඉස්සර හිටියේ උපාලි විජේවර්ධන වගේ මිනිස්සු . ඇත්තටම දහම් පාසලේ තෑගී දෙන්න හෙම ආවම හරිම බැබලීමක් තිබුන . පස්සේ ඒ අයගේ කට්ටියත් දේශපාලනයට ගෑවුනානේ. ඔය රනිල් ලොක්කත් දායක සභාවේ සභාපති වෙලා හිටිය .
Deleteයන්න ලැබුනේ නෑ. පව්කාර කමට වෙන්න ඕනේ. මගේ පලවෙනි ධාතු වන්දනාවත් සිහිනයක් වුනා නේ.
ReplyDeleteඅපොයි එහෙම හිතන්න එපා...පුංචි සමනළිය වෙනුවෙන් කරන දේම මදිද ඔබට පින් රැස් වෙන්න....
Deleteමටත් යන්න නම් ලැබුනේ නෑ. සර්වඥ ධාතු වදින්න සිරා පින් කරලා තියනවා, නිදහසේ වන්දනා කරන්න නොලැබුනත් දුර්ලභ අවස්ථාවක් නේ ලැබිලා තියන්නේ. අනික දුර්ලභ අවස්ථාවක් නිසාම කොහොමත් වදින්න එන අය වැඩි ඇති. මෙහෙ ප්‍රදර්ශනය කරපු අවස්ථාවේ නම් කිලෝ මීටර් ගණනාවක් පෝලිම තිබුන කියල ගිය අය කිව්වා.
ReplyDeleteස්තූතියි චන්දන ඔබේ වදන් වලට... ධාතූන් දකින විට මහන්සිය දැනෙන්නෙ නැතුව ගියා...
Deleteපිනක් දහමක් කරනකොට මානසික ඒකාග්‍රතාවය වැදගත්...!
ReplyDeleteදන්තධාතූන්..වහන්සේ හා සර්වඥධාතූන් වහන්සේ...අතර වෙනස මටනම් තේරෙන්නෑ මචං..!
මොකද..ජීවමාන බුදුන් ලෙස සර්වඥධාතූන් හඳුන්වන නිසා..එතකොට දන්තධාතූන්..වහන්සේ..???
ඒ වෙනස ගැන මම දන්නෙත් නෑ... ජීවමාන බුදුන් ලෙස සලකා වන්දනා මාන කරන්න පුලුවන් කියලා කියනවා සර්වඥ ධාතූන්...
Deleteමමත් ඒ ගැන හරිහැටි දන්නේ නැහැ.
Deleteඒත් මෙහෙම ලිපියක දැකලා තිබේ, ශ්‍රී සර්වඥ ධාතූන් ප්‍රධාන වශයෙන් සතර දළදා,ග්‍රීවා ධාතුව, අකු ධාතුව, ලලාට ධාතු හා නැලි 14ක් පමන වූ ඉතිරි වූ ධාතූන් ලෙසයි.
මෙයින් මහනුවර ඇත්තේ වම් දළදාව බවත්, රාම ග්‍රාමයට අයත්ව තිබූ නැලි දෙක රුවන්වැලි සෑයේ තැම්පත්ව ඇති බවත්ය.
එසේ නම් දළදාවහන්සේ ද ශ්‍රී සර්වඥ ධාතූන් වේ.
(වැරදි නම් දන්නා කෙනෙකු නිවැරදිකරත්වා..!)
෴ එසේ නම් දළදාවහන්සේ ද ශ්‍රී සර්වඥ ධාතූන් වේ. ෴
Deleteමම දන්න තරමින් නම් ඔබ නිවැරදියි. බුදු හාමුදුරුවොන්ගෙ ශ්‍රී ශරීරයෙන් ශේෂ වුනු කොටස්වලට තමා සර්වඥ ධාතු කියන්නෙ. ගෞතම බුදුන්වහන්සේගෙ ආයු කාලය කෙටි වුන නිසා උන් වහන්සේගෙ අධිෂ්ඨානයක් නිසාළු මේ ධාතූන් කුඩා කොටස්වලට වෙන් වී විශාල ප්‍රමාණයක් ඉතිරි වුනේ. ඒ වගේම දැනට ලෝකෙ එක තැනක තැන්පත්කර තිබෙන වැඩිම සර්වඥ ධාතු ප්‍රමාණයක් වැඩවසන්නෙ ස්වර්ණමාලි චෛත්‍ය ගර්භය තුළළු. එසේ වූයේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව බෙදා දුන් ධාතු, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ විසින් එකතු කොට දඹදිව පුරා චෛත්‍යය ඉදිකොට ඒ තුළ තුළ නිධන් කිරීමට අජාසත් රජුට ලබා දීමේ දී, රාම ග්‍රාමයේ තිබුණු ධාතූන් කොටස අනාගතයේදී ලංකාව තුළ මහ සෑයක නිධන්වනබව උන්වහන්සේගෙ නුවණින් දැක ඉතිරි කරපු නිසාළු.
ඒ වගේම අපි දළඳා වහන්සේට ගෞරවය දක්වන්න තවත් හේතුවක් වෙන්නෙ බුදු හාමුදුරුවො තම ජීවිත කාලය තුළ සිදුකළ සියළුම දේශනාවන්, ඒ ධර්මස්කන්ධයන්ගෙ ස්පර්ශය දළදා වහන්සේ ලබපු නිසා.
ඒත් සමහර විට තව මේ ගැන වැඩිදුර අධ්‍යයනය කළ කෙනෙක් ඇවිත් වැඩි විස්තරයක් කියයි.
@ වීපොකුර
Deleteබුදුන් වහන්සේ "සියල්ල දත්" පුද්ගලයා වන නිසා උන්වහන්සේට භාවිතා කරන නමක් තමා සර්වඥයන් වහන්සේ කියන එක. එතකොට සර්වඥයන් වහන්සේගේ ශ්‍රී දේහයේ තිබුණු කොටස්වලට තමා සර්වඥ ධාතු කියන තනි පදය යෙදෙන්නේ. ඒ අනුව බලද්දී දළදාව, ග්‍රීවා ධාතුව ආදී ධාතු කොටස්වලටත් භාවිතා වෙන පොදු පදය තමා "සර්වඥ ධාතූන් වහන්සේලා" කියන එක.
උන්වහන්සේ පරිහරණය කළ පාත්‍රයත් ධාතුවත් විදිහට සළකලා පාත්‍රා ධාතුව කියලා කියනවා. ඒ වගේමයි උන්වහන්සේගේ සිවුරු, බඳ පටියත් පූජනීය වස්තු විදිහට වන්දනා කරනවා.
ගෞතම බුදුන් වහන්සේ ප්‍රඥාධික බුදුවරයෙක් නිසා උන්වහන්සේලාගේ ධාතූන් වහන්සේලා ආදාහනයෙන් පස්සේ විසිරී පවතිනවා මහා ධාතූන් වහන්සේලා සත් නම හැරෙන්න. මහා ධාතූන් වහන්සේලා 7 වෙන්නේ සතර දළදා, ග්‍රීවා ධාතුව, අකු ධාතුව, ලලාට ධාතුව. අනෙක් සියලුම අස්ථි කොටස් මුං පියලි, අබ පියලි ආදී ප්රමාණයන්ට කැඩී පවතිනවා. ඒවා නැලි 16 ක් එහෙමත් නැත්නම් ද්‍රෝණ 8 ක ප්‍රමාණයක් වෙනවා.
මහා ධාතූන් වහන්සේලාගෙන් ද්‍රෝණ බමුණා ජටාවේ සඟවා ගත්තු එක් දළදාවක් sak දෙවියෝ තව්තිසාවටත්, පයින් පාගා ගත්තු දළදාව ජයසේන නා රජු නාග ලෝකයටත් ගෙනියනවා. තවත් එක් දළදාවක් ඛේම [මට මතක විදිහට] රහතන් වහන්සේම දැවෙන චිතකයෙන්ම අරගෙන කළිඟු රටට දෙනවා. අනෙක් දළදාව ගාන්ධාර දේශයට හිමිවෙනවා.
අනෙක් මහ ධාතූන් වහන්සේලාගෙන් අකු ධාතුව [දකුණු කොටස] ථූපාරාමයේත් ග්‍රීවා ධාතුව මහියංගණයේත් ලලාට ධාතුව සේරුවාවිලත් තැන්පත් කොට තිබෙනවා.
ඉතිරි සර්වඥ ධාතු ද්‍රෝණ 8 දඹදිව ප්‍රධාන රාජ්‍ය 8 කට හිමිවෙනවා. නමුත් මේවායේ සුරක්ෂිත බව පිණිස මගධයේ අජාසත් රජු රාම ගාමයේ තිබූ ද්‍රෝණය හැරෙන්න අනෙක් රාජ්‍ය 6 සර්වඥ ධාතු ද්‍රෝණ 6 ධාතු ස්වල්පයක් තබලා නැවත මගධයට එකතු කරලා ස්ථූපයක තැන්පත් කරනවා. ඒ ධාතු තමා පසු කාලෙක අශෝක රජතුමා 84,000 ක් ස්ථූප නිර්මාණය කරලා තැන්පත් කරන්නේ.
රාමගාමයේ ස්ථූපය මුහුදට ගසාගෙන ගිහින් ඒ ධාතු ද්‍රෝණය නාග ලෝකයට ලැබිලා ඒවා පස්සේ රුවන්මැලි සෑයේ තැන්පත් කරන්න ගේනවා.
මේ කතාව තව කොටස් ගොඩක් තියෙනවා. මේ හුඟක් කෙටියෙන් කතාව කිව්වේ :)
වටිනා තොරතුරු රාශියක් පෙළගස්වා කියවන අයගේ දැනුම වැඩිදියුණු කිරීමට දායක වූවාට ස්තූතියි !
DeleteDDT ටත්, හසිතටත් ස්තුතියි..කරුනු පෙලගැස්සුවාට.!
Deleteඅපේ උන්ට පිස්සු. කපිල වස්තු ධාතූ බුදු හාමුදුරුවන්ගේ කියලා කිසි තැනක ඔප්පු වෙලා නෑ. අනික ඔය කියන විදියට ධාතු තියෙනවනම් බුදු හාමුදුරුවෝ අර කියනවා වගේ රියන් 32 ක් උස පුද්ගලයෙක් වෙන්න ඕන. ගස් ගල් වලට වඳින්න එපා කියපු ශ්රේස්ඨ පුද්ගලයෙක්ගේ වදන් තඹ දොයිතුවකට මායිම් නොකර තඩි මාකටින් පාරකින් ඒකත් ට්‍රෙන්ඩ් එකක් කලා. මීට ඉස්සර වෙලා වැඩම කරපු වෙලාවේ ඔය වගේ පිස්සුවක් තිබුනේ නෑ. ලොක්කා මේක නියමෙට මාකටින් කලා.
ReplyDeleteඔහොම කථාවක් අපේ රනිල් තුමත් කිව්ව නේද ? එයා කිව්වෙ නේපාලෙ අය පිළිගත්තෙ නෑ නමුත් 1978 දි ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා ලංකාවට මේ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවාගෙන ජනතා ප්‍රදර්ශනය කලාට පස්සෙ ලෝකෙ අනෙක් අයත් මේ නියමම ධාතූන් ලෙස සැලකුවා කියලා... මම පුවත් පත් වල දැක්කා ස්වාමීන් වහන්සේ සාධක සහිතව ඒවා නියම ලෙසම බුදුන්ගේ කියලා ඔප්පු කරපු ආකාරය... ඒ තොරතුරු සොයාගෙන මම පසුව එක් කරන්නම්...
Deleteමාතලන් සහෝදරයට අර ඉහළින්ම තියෙන ටික වත් අවබෝධ වෙලා නැහැ වගේ.
Deleteඅනෙක් සෑම සර්වඥ ධාතුන් වහන්සේලාටම වඩා කපිලවස්තු ධාතුන්හි වෙනස එය පුරා විද්‍යාත්මකව බුදුහිමියන්ගේ බව තහවුරු වීමයි. තවද කාබන් 14 පර්යේෂනයෙන්ද මේ ධාතුන් කාල නිර්ණය කර ඇති බවද මතක් කරනු කැමැත්තෙමි. අනෙකුත් බොහෝ ආගම් වල මෙන් කල්පිත ශාස්තෘන් කෙනෙකු නොව, බුදු රදුන් සැබෑවටම ජීවත් වූ පුද්ගලයකු බව තහවුරු වන සාධකයකි, කපිල වස්තු ධාතුන්.
රනිල් තුමාට වයර් මාරු වීම සාමාන්‍ය දෙයක් බව ඔබ සැම මේ වනවිටවත් වටහා ගෙන ඇති සිතමු.
Deleteකාබන් පර්යේෂණයෙන් වසර 2000 කට වඩා පැරණියි කියලා ඔප්පු වෙලා තියෙනවා... ඒ වගේ ඈත අතීතයේ ධාතු නිදන් කරලා චෛත්‍ය ගොඩනැගුවෙ බුදුන්ගේ පමණක් නිසා එයිනුත් මේ ධාතූන් වහන්සේ බුදුන්ගේම බව ඔප්පු වෙනවා...
Deleteදෙසැම්බර්වල දඹදිව ගිය වේලේ මම නම් නිදහසේ පැය භාගයකටත් වැඩියෙන් ධාතුන් වහන්සේලා අසල වාඩිවෙලා වන්දනාමාන කලා.ඒපින් ගිය නොගිය සැමටම අනුමෝදන් වේවා
ReplyDeleteඑතැන වැඩිය සෙනග නෑ කියලා ගිය කෙනෙක් මටත් කිව්වා.... ඔබේ පැතුම එලෙසම ඉෂ්ඨ සිද්ධ වේවා !
Deleteඅයියත් ආවද ? මමත් ඊයේ උදේ ඉදන් අද උදේ වෙනකම් එතැන ඩියුටි හිටියා. දැක්ක නම් කතා කරන්නති තිබුණා. කස්සගේ මැස්ස කියන blog එක ලියන කසුන් මල්ලිව නම් මට හම්බුණා.
ReplyDeleteඅපේ අයවත් මතක කරලා තියෙන්නේ "ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ" අයත් හිටියා කියලා. ස්තුතියි. අපේ සේවය ගැනත් මතක් කළාට :)
දන්නවා නම් එනවා බැහැ දකින්න... මට මතක විදියට ගිලන් රථ හමුදාවෙ අය හිටපු තැනම සංග්‍රයකුත් කලා ජනතාවට...
Deleteමමත් පාසලේ ඉන්න කාලේ ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ ක්‍රියාකාරකම් වලට තූර්ය වාදක සාමාජිකයෙක් විදියට සහයෝගය දීලා තියෙනවා.... නැසීගිය කුරුප්පු අයියා හරහා තමයි අපේ දායකත්වය ලබා දුන්නෙ...
අපෙ අප්පේ..අනිත් හැම අට මන්ගල්ලෙටම රිංගන මට යාන්තම් ඕකට රිංගන්න හිතුනේ නෑනේ...අල්ලපු රට පැත්තේ ආයේ ගිය වෙලාවක හොඳට වැදලා පුදලා එන්න ඕනේ...
ReplyDeleteඒ පැත්තට ගිය දවසක අපිවත් මතක් කරලා වැදගෙන එන්න හොදේ...
Deleteඅපිනම් ග/ියා හැබැයි මාර පෝලිමකනේ ඉන්න තිබුණේ
ReplyDeleteඅන්තිමට 6 Km වගේ තිබුනලු කැලණියෙ පෝලිම...
Deleteඅපිත් පැල්මඩුල්ලෙදි ධාතුන් වහන්සෙ වන්දනා මාන කර ගත්තා.. මෙහෙත් ඔහොම පොළිම නම් තිබුනා
ReplyDeleteඅහන්න ලැබීමත් සතුටක්...
Deleteනුවර ධාතු වන්දනා කරන්න ගොස් බෞද්ධයන්ගේ කුහකකම් ඇති තරම් දැක්ක!මාලිගාවේ දොරටුව ළඟටම ගිහින් හැරිලා ආව.එහෙම වඳින ධාතුවලින් කාටවත් යහපතක් නෑ.ඒ නිසා මාතර ධාතු ප්‍රදර්ශනයක් තිබුනත් ගියේ නෑ!
ReplyDeleteබෞද්ධයන් අතර ප්‍රතිපත්ති ගරුක බෞද්ධයන් හිග වීම තමයි කාරණේ... හැමෝම බලන්නෙ තමන්ගෙ වාසිය විතරයි... අනුන් ගැන හිතන්නෙ නැති තරම්...
Deleteමට නම් යන්න උනේ නැහැ සහෝ.
ReplyDeleteඅපූරුයි ඔබේ පෝස්ටුව!
ආදර්ශමත් ලෙස ලියල..අර සීයල වගේ අයම හිටියනම් හොදයි අනාගතේටත්!
ඔබට ජය!
ස්තූතියි හිරු ඔබේ අදහස් වලට
Deleteඒ වගේ සීයා කෙනෙක් දැකීමත් වාසනාවක්...
සිරා මේක සිරා ලිපියක් ඔබට ජය.
ReplyDeleteකාමරයට සාදරයෙන් පිළිගන්නවා....
Deleteස්තූතියි ඔබේ අදහසට.. ඔබටත් ජයම වේවා !
ධාතු බලන්න යන්න උනේ නැහැ අප්පා..සිරා කියල තියන කතාවලට බොහොම සමාන කතා ටිකක් ගිය අයගෙන් අහගන්න ලැබුන මටත්.. :(
ReplyDeleteඑහෙනං හැමතැනම තත්වය එකවගේ....
Deleteමානෙල්වත්ත කියන්නේ අපේ ලඟමනේ . ඔය පන්සල නිකන් වල් වැදිලා තිබුනේ ඉස්සර . මන් නම් රටේ උන්න වුනත් යැවෙන එකක් නැහැ . ඔය තරම් සෙනග ඉන්න තැන් වල තෙරපෙන්න අකමැති නිසා . පොඩි කාලේ නම් ඔහේ යයි . පොඩි කාලේ පෝයට කැළණි ගියා . වෙසක් පෝයට නම් බුදුගෙට යන්නත් දිග පෝලිමක් . පෙරහැර බලන්නත් ගියා . පැය ගණන් බලන් හිටිය පෙරහැර පටන් ගන්න කම් . ලොකු වෙද්දී ටික ටික ඕවට කම්මැලි වුනා . පන්සල් ගියේ පෝය නැතුව වෙනත් දවස්වලට . ධාතු වන්දනාව ශ්‍රද්ධාවෙන් හෝ නැතුව හෝ සිදු කල අයට මන් ගරු කරන්නේ ඔවුන්ගේ ආත්ම ශක්තියට . මට එහෙම නැති නිසා . අනික මන් හිතන්නේ නැහැ බලයෙන්වත් මුදලින් වත් මිනිස්සුන්ව මේවට පොළඹවන්න පුළුවන් කියල . සමහරුන් මේ මිනිස්සුන්ව මෝඩයින් ලෙස හඳුන්වනවා . මට නම් කියන්න තියෙන්නේ විමලරත්න කුමාරගම මහතා කිවූ දේ .''මම නොකෙරුවත් නොකරමි එය ගැරහීම ''.
ReplyDeleteමුලිකවම ඔයවගේ දේකදී පාස් දීම වැරදියි . වයසක අයට සහ කුඩා දරුවන් ඇති අයට ආබාධිත අයට යම් සහනයක් දෙන්න ඕන . අනික් අයට සමානව සැලකීම තමයි වටින්නේ . පොලිසියට කියල කොච්චර රාජකාරිද අප්පා තිබිල තියෙන්නේ . ඒක හින්දනේ අර අල්ලගන්න ඕන අය ධාතු වන්දනාවට එද්දී වුනත් නොපෙනී යන්න ඇත්තේ .
මොනවා වුනත් සිරා ලබපු අත්දැකීම් ලස්සනට විස්තර වෙලා තියෙනව . අපිත් ගියා වගේ .
ස්තූතියි ! ඔබේ කොමෙන්ටුවට... පාස් දීම වැරදියි තමයි... හැමදෙනාටම සමානව සළකන්න ඕනෙ... ගංගාරාමෙදි නම් පාස් දීලා තිබුනෙ නෑ....
Deleteපාස් දීමෙන් සිදුවෙච්ච අනෙක් වරද තමයි පාස් පෝලිම වැඩිය දිගු එකක් නොවේ කියන හැගීමෙන් ධාතු වන්දනාවට ආ කුඩා දරුවන් සහිත මාපියන් සහ වයෝවෘද්ධ අය පැය ගණනක් පෝලිම් වල තෙරපීමට සිදුවීමෙන් අපහසුතාවයට පත්වීම....
ඇත්තටම ලස්සනට ලියල..ඒත්
ReplyDeleteධාතු වන්දනා කරන්න අපායට ගියා වගේ වැඩක් නේ බන් මේක...!!!
මම
මයික්
පට්ට කට්ටක් තමයි කන්න උනේ... ඒ උනාට ඒ කට්ට බොහොම සුන්දර විදියට දැනෙනවා ධාතූන් වහන්සේ දැක්කට පස්සෙ... මහන්සිය දැනෙන්නෙ නැතුව යනවා...
Deleteධාතු වන්දනාවටත් VIP පාස්. හනේ කාලේ වනේ වාසේ, මටනම් තේරෙන්නෙ නෑ මේ ලංකාව ගැන. මට මතක් උනේ නන්දා මාලිනී ගයන මේ ගීතය.
ReplyDeleteපානම්පත්තුවේ ඩිංගිරි අම්මාය
ගමේ අයට නම් ගජමන් නෝනාය
කවි කර කියන්නේ හැබහින් දුටු දේය
වට වන්දනාවෙදි නඩයම දුටු දේය
වදිනට ගිය කලට නුවරට දළදාව
ගමේ චන්ඩි ස්ටැන්ලි ද සිටියාය
යාලු නිළමෙලා දොර හැර දුන්නාය
ළගටම ගිහින් ඔහු දළදා වැන්දාය
හම්බන්තොටින් පසු කර ලුනු ලේවාය
කතරගමට අපි යහතින් ආවාය
සිටියදි පෝලිමේ අපි ගෙන පූජාව
සීයේ කොළවලට මුල් තැන ලැබුනාය
සිරිමා බෝධියට ගියදා උදයේම
කාර් ගොඩක් ආවා එක එක පාට
තෙරපී සිටිද්දී අපි පඩිපෙළ ගාව
ඒ මහතුඟ රන් වැට පැන වැන්දාය
ගායනය-නන්දා මාලිනි
රචනය-සුනිල් ආරියරත්න
කදිම උපහැරණයක්...
Delete