Monday, September 24, 2012

108 මාලි බේරාගන්න හැමෝම එන්න

අලියා හෙවත් හස්තියා යනු ගොඩබිම වෙසෙන විශාලම සත්වයාය... එය අද කාලයේ මොන්ටිසෝරි දරුවාද දන්නා කාරණයකි. අලියා තරම් මිනිසුන්ගේ ගෞරවයට පාත්‍ර‍ වූ තවත් සත්වයෙක් සිටී දැයි විටෙක මට සිතේ.... අලියා සම්බන්ධව අප අසා ඇති ඇතැම් සිදුවීම් බුදුරජානන් වහන්සේගේ කාලය දක්වාම දිව යයි.... මහාමායා දේවිය  සිදුහත් උපතට පෙර දුටු සිහිනයේද සිටියේ සුදු ඇත් පැටවෙකි.  බුද්ධත්වයට පත් වූ පසු දසවන වස් කාලය ගතකිරීමට පාරිලෙයිය වනයට වැඩම කල බුදු රාජාණන් වහන්සේ වෙත පළතුරු  ආදියෙන් සංග්‍ර‍හ කර සුගතිගාමී වූයේ පාරිලෙයිය වනයේ ජීවත් වූ ඇතාය. බුදු රජාණන් වහන්සේ වෙත කෙනෙහෙලි කම් කල දේවදත්ත වරෙක පිඩුසිගාවඩින බුදු රදුන් ඉදිරියට යැව්වේද රා පොවා මත් කල නාලාගිරි ඇතාය. ඒ බුදුන් දවස අලි ඇතුන්ගේ නම් කියැවුනු අවස්ථා කීපයකි. රට එක්සේසත් කිරීමට දුටුගැමුණු මහරජතුමා ගේ ගමනට සවියක් වූ කඩොල් ඇතුද කිසිවෙකුට අමතක විය නොහැක.

ඉන්දියානු ජනප්‍ර‍වාද අනුව අලියා යනු ශක්තියේ මෙන්ම නොසැලෙන බවේ සංඛේතයකි... කිරි මුහුදෙන් ඉගිලිනු සුදු ඇතුන් ගැන මෙන්ම වර්ෂාව ඇති කිරීමට සුදු ඇතුන්ට හැකි බවද ඔවුන් අදහයි. වාසනාවේ මෙන්ම සෞභාග්‍යයේ සංඛේතයක් ලෙසද අලි ඇතුන් ඉන්දියානු සමාජයේදී පිළිගැනේ.... මෙවැනි සතකු හිමිව නොසිටි කිසිදු රජෙකු අපට අතීත කථා වලදී හමුනොවන්නේ ඒ නිසාය. හින්දු ආගමේදී ඥාණයට අධිපති දෙවියා ලෙස සළකන ඝණ දෙවියන්ටද ඇත්තේ ඇතකුගේ ස්වරූපයකි.

ශ්‍රීලංකා වාසී බොදුනුවන් අන්කවර ජාතියකටත් වඩා අලිඇතුන් කෙරේ සෙනෙහෙ දක්වන්නන්ය. උතුම් දළදා වහන්සේ සහිත කරඩුව සිය පිටමත තබාගෙන පාවඩ මත සිට ගෞරව බහුමානයෙන් යුක්තව ගමන්කරන්නට වාසනාව උදාකරගත්තෝද මේ පරපුරේම අයය. නැසී ගිය රාජා හස්තියා මෙන්ම පනාමුරේ හස්තියාද ලක්වාසී ජනතාවගේ නෙතින් කදුලක් හෙලන්නට තරම් ලාංකීය ජනජීවිතයට සමීප වූ සද්දන්ත කුලයේ අය වූහ.

මා මෙතෙක් වේලා වටින් ගොඩින් පොට පාදා ගත්තේ මෙවැනි සාඩම්බර පරපුරක නුතන නියෝජනයක් වන හස්තියකු පිළිබද අනුවේදනිය කථා පුවතක් ඔබ වෙත ගෙන හැර දැක්වීමටය. ඇත්තටම ඇය ගැහැණු සතෙක් හෙවත් කෙණෙරක්. නම මාලි.....

බලන්න ඇගේ ඇස් දිහා..... ඇය කෙතරම් නම් අසරණද ?

වයස අවුරුදු  3ක කුඩා අලි දියණියකව සිටියදී නැදෑයෙක්... යහලුවෙක් නැති නුපුරුදු පිලිපීනයේ මැනිලා සත්තුවත්ත වෙත ලංකාවෙන් පරිත්‍යාග කල මෙම සත්වයා ගතවූ වසර 35 ක්ම ගත කර ඇත්තේ කුඩා ප්‍ර‍මාණයේ කොන්ක්‍රීට් කූඩුවක් තුලය. මිනිස්කමේ ආශිර්වාදය ලත් ඔබ මදකට සිතන්න .... වසර 35ක් වැනි දීර්ඝ කාලයක් ඔබේ හිතවතෙකු හෝ ඇසුරුකිරීමට අවස්ථාවක් නොලැබී.... නිසි ලෙස පොෂණය මෙන්ම ව්‍යයාමද නොමැතිව ජීවත් විමට සිදුවුවොත් ඔබේ හැගීම්.... හිතේ මවාගන්න, සිය හැගීම් වචන බවට පෙරළනු නොහැකි මාලි අසරණකමෙන් නරඹන්නන් දෙස මේ මොහොතේදීද  බලා සිටින ශෝක ජනක දර්ශනය....

විශාල ශරීරයක් හිමි මෙවැනි සතෙකුගේ ජීවන චර්යාව විමසීමේදී මෙය ඉතාමත් අනුවේදනීය තත්වයක්... වනගත අලියෙක් සිය ආහාර සොයාගනිමින් දිණකට කිලෝමීටර් 20 - 25 ත් අතර දුරක් ගමන් කරනවා... ඒ ව්‍යයාමය ඔවුන්ගේ සෞඛ්‍ය තත්වයටත් ඉතා වැදගත්.... කිලෝමීටර් ගණනත් තබා අඩි 50 ක් වත් ඇවිදින්නට ඉඩක් නොමැති මාලි වසර 35 ක් පුරා කෙතරම් පීඩාවට පත්වී ඇතිදැයි ඔබට සිතාගත හැකිද ?

ඇය කකුල් තබාගෙන සිටින ස්වරූපය බලන්න

අලි ඇතුන් පිළිබද වසර 40 ක අත්දැකීම්  සහිත විශේෂඥයකු මෙන්ම ලොව පුරා සත්වෝද්‍යාන / අභය භූමි වල සහ සර්කස් කණ්ඩායම් සතු සද්ධන්තයන් 100 කට වැඩි ප්‍ර‍මාණයක් පිළිබද වාර්තා ඉදිරිපත් කර ඇති දොස්තර හෙන්රි රිචඩ්සන් ( Dr. Henry Richardson)  පසුගිය ජූනි මස සිදුකල බාහිර පරීක්ෂා කිරීම් වලින් මාලි ශාරීරිකව  ඉතාමත් දුර්වල තැනක සිටින බවට වාර්තාවක් ඉදිරිපත් කලා. ඊට අමතරව ඇගේ පාදයන්ද නිසි ව්‍යායාම නොමැති කම හෙයින් අවධානමට ලක් වී තිබෙනවා...දීර්ඝ කාලයක් තනිව වාසය කිරීම නිසා ඇගේ මානසික මට්ටමද ඉතාමත් නරක ලෙස පිරිහී ඇති බවද සොයා ගත්තා. ඇගේ වාසස්ථානය ආශ්‍රිතව රාත්‍රී කාලයේ පවා ඔහු නිරීක්ෂණ සිදු කර තිබෙනවා. මෙයට විසදුම ලෙස එතුමා යෝජනා කරන්නේ සත්ව උද්‍යානයෙන් ඉවත් කර ඇය අභය භූමියක් වෙත නිදහස් කල යුතු බවයි. මිනිසා හා සමාන ආයුෂ ඇති සත්ව කොට්ඨාශයක් නිසා එසේ වුවහොත් මාලිගේ ඉතිරි කාලය යහපත් පරිසරයක සිට ගත කරන්න ඇයට හැකි වේවි.

දොස්තර මහතාගේ අත්දැකීම් අනුව අලින්ගේ ගැහැණු සතුන් කිසිම දිණෙක සිය රැළ හැර නොයන අතර මියයන තුරුම සිය නෑදෑයන් සමග ජීවත් වීමට ප්‍රිය කරයි. මෙම හේතුවම මාලි ගේ මානසික තත්වය අයහපත් කිරීමට හේතු විය හැක.

රිචඩ්සන් මහතාට අනුව අලින්ගේ දෛනික ක්‍රියාකාර කම් වන ඇවිදීම, කදු නැගීම, පාදයෙන් බිම හෑරීම, මඩ නෑම, පිහිනීම ආදී කිසිදු ක්‍රියාකාරකමක්  වසර 35 ක කාලයක් තුල ඇය විසින් සිදු කර නෑ... ඇගේ කුඩා කූඩුව අක්කරයෙන් 0.001 පංගුවක් වත් විශාල නෑ.



මේ කරුණු හෙළිදරව් වීමෙන් පසු සත්ව අයිතීන් වෙනුවෙන් ක්‍රියා කරන PETA ( the People for the Ethical Treatment of Animals ) ජාත්‍යන්තර සංවිධානය මාලි වෙනුවෙන් පෙනී සිටීමට පටන් ගත් අතර, මේ කථාව ලොව පුරා ප්‍ර‍චාරය කිරීමටත් ඔවුන් දායක වුනා.  ඒ එක්කම ඉංග්‍රීසි ජාතික ගායක Morrissey  පිලිපීන ජනාධිපති Benigno Aquino වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත්තේ අසනීප තත්වයෙන් සිටින නිසා මාලි නිදහස් කරන ලෙසයි. 

ඇගේ පාද සමබර ලෙස පොළොව මත තැබීමට ඇයට දැන් හැකියාවක් නෑ...බැක්ටීරියා ආසාධන නිසා ඒ තත්වය ඇති වී ඇති බවයි සිතන්නෙ... එය ඇයට දැඩි වේදනාවක් බවයි පරීක්ෂකයන් විශ්වාස කරන්නෙ. මේ පිළිබද ඉතා නිවැරදි තොරතුරු දැන ගැනීමට ඇගේ පාද 4 වෙන වෙනම විද්‍යාත්මක උපකරණ භාවිතයෙන් පරීක්ෂා කල යුතු අතර ලේ සාම්පල පරීක්ෂාවද අවශ්‍යයි. එහෙත් තවමත් එවැනි යමක් සිදුවී නෑ. මෙම ආසාධන තත්වය වැඩි වීම නිසා  ඇගේ මරණය පවා සිදුවිය හැකියි.  PETA සංවිධානයේ ආසියානු කටයුතු පිළිබද අධ්‍යක්ෂ  Rochelle Regodon  පවසන පරිදි මැනිලා සත්තුවත්තෙන් මාලි වෙත ලැබෙන දුර්වල වෛද්‍ය පහසුකම් හා අවධානය නිසා ඇය ඉතා ඉක්මනින් අභය භූමියකට නිදහස් කල යුතුයි.

මේ අතර ලෝකයේ ඉදිරියෙන්ම ඇති ඇමරිකාවේ සහ එංගලන්තයේ සත්වෝද්‍යාන වලින් දැන් දැන් අලි ඇතුන් සහිත ප්‍ර‍දර්ශන කුටි ඉවත් කෙරෙමින් පවතිනවා... ඒ අලින් සදහා අවශ්‍ය සියලුම අවශ්‍යතා සත්ව කූඩුවක සපුරාදීම තාක්ෂණයෙන් දියුණු එවැනි රටවල් වලට පවා අපහසු නිසා.  ඉන්දියානු රජයද සිය සියළුම සත්වෝද්‍යාන වලට නිර්දේශ කර ඇත්තේ සත්ව උද්‍යාන වලින් අලි ඇතුන් ඉවත් කර රජයේ පාලනය යටතේ පවතින අභය භූමි වෙත නිදහස් කරන  ලෙසයි.

මාලි අභය භූමියක් වෙතට යැවිය යුතු බව දොස්තර රිචඩ්සන් පවසන්නේ ඔහු සතු අත්දැකීම් නිසයි... සත්ව උද්‍යාන තුල වසර 20 කට වඩා කල් ගත කර නැවතත් අභය භූමි වෙත නිදහස් කල අලින්  කිසිම විටෙක වනගත අලින් වෙතින් ප්‍ර‍තික්ෂේප වී නැති බවයි එතුමාගෙ නිරීක්ෂණ ඇසුරෙන් පවසන්නෙ.

වසර 30කට වඩා කල් ඇලස්කා (Alaska ) සත්වෝද්‍යානයක කල් ගත කර මෙලෙසම රෝගී වූ මැගී (Maggie)  නම් කෙණෙරකද  කැලිෆෝනියාවේ අලින් සදහා වූ අභය භූමියක් වෙත නිදහස් කිරීමෙන් පසු ඒ රෝග තත්වයන්ගෙන් මිදී යහපත් මානසික තත්වයක් උදාකරගෙන තිබෙනවා...

උතුරු තායිලන්තයේ තවත් අලි 14 දෙනෙකු වෙසෙන අභය භූමියකට මාලි යැවීමට අවශ්‍ය සියලු වියදම් දැරීමට PETA සංවිධානය තීරණය කර තිබෙනවා... මාලිගේ සෞඛ්‍ය තත්වය විමසා රක්ෂිතයකට මුදා හරින ලෙස පිලිපීන ජනාධිපති කාර්යාලය නියම කර ඇතත් ඒ පිළිබද වගකිව යුතු  පිලිපීන නිලධාරීන් මාලි නිදහස් කිරීම පිළිබද නිවේදනයක් නිකුත් කර නෑ... ඔවුන් පවසන්නේ මාලි හොද තත්වයෙන් සිටින බවත් දොස්තර  Henry Richardson ගේ වාර්තාවක් ඔවුනට ලැබී නැති බවත්...ඒ වගේම ඔවුන් PETA  සංවිධානයේ ක්‍රියාකාරකම් වලටත් බාධා කරමින් සිටිනවා.

මෙයට පිළියමක් ලෙස මාලි නිදහස් කරන ලෙස බලධාරීන්ට බල කරමින් PETA සංවිධානය විසින් අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කලා....ඔවුන්ගේ ඉලක්කය අත්සන් 50000 ක්.

මෙය ලියන අවස්ථාව වන විට එයට ලොවවටා 35068 දෙනෙකු අත්සන් කර තිබූ අතර තවත් අත්සන් 14932 ක් අවශ්‍යව පැවතුනා...

දයාබර සොයුරු සොයුරියනි... 

මෙවැනි ඉරණමකට ලක්ව සිටින මාලි වෙත දයාබරත්වයේ හස්තය දිගු කරන්නට ඔබත් කැමති නම් / හදවතේ තෙතමනයක් තිබේ නම්, දැන්මම මේ පෙත්සමට අත්සන් කර මාලි මුදාගැනීමේ මෙහෙයුමේ සක්‍රීය  දායකයෙක් වන්න.... ඔබ ඩොන්ගලයක් භාවිතා කරන්නෙක් නම්  මෙගා බයිට්ටු කීපයක් මෙවන් උතුම් සත්කාර්යයක් වෙනුවෙන් පුද කරන්නට දෙවරක් සිතන්න එපා .........

වසර 35ක් පුරාවට මාලිගේ ඒකාකාරී දින චරියාව මේ  වීඩියෝවෙන් නරඹන්න...... එය කෙතරම් නම් කටුකද ?




පෙත්සමට අත්සන් කරන්න මෙතැනින්

මේ කාර්යය පිළිබද ඔබේ හිතවතුන් දැනුවත් කිරීමට තරම් කාරුණික වන්න.


මාලි පිළිබද තවත් සිංහල වාර්තාවක් මෙතැනින්

Face book හි මාලි වෙනුවෙන් වෙන්වූ පිටුව මෙතැනින්

මාලි නිදහස් වේවා !

මාලිගේ නිදහස තවත් අත්සන් 14000 ක් දුරින්....




මම සයිබරයේ අලුත් මිතුරා සිරා..


ප.ලි

තොරතුරු ලබා ගැනීමට ශ්‍රී ලාංකික සත්වවේදීන් කීප දෙනෙකුට පුද්ගලිකවම ඇමතුවෙමි.

මාලි ට පසු තවත් කුඩා අලි පැටවෙකු මෙම සත්වෝද්‍යානයට පරිත්‍යාග කිරීමට ශ්‍රීලාංකික බලධාරීන් කටයුතු කලද සත්වවේදීන්ගේ නොපසුබස්නා උත්සාහයේ ප්‍ර‍තිඵලයක් ලෙස එය වැළැකී ඇත.

ඡායාරූප ලබා ගැනීමට පරිශීලනය කල වෙබ් අඩවි...

http://www.gmanetwork.com/news/story/262422/news/metromanila/elephant-expert-says-manila-zoo-s-mali-is-suffering

http://newsinfo.inquirer.net/221061/profound-loneliness-foot-ailments-might-kill-manila-zoo%E2%80%99s-lone-elephant%E2%80%93expert

මගේ යුතුකම මම ඉටු කලෙමි.




108 comments:

  1. මමනම් මූණු පොතේ දැකල ගොහින් අත්සනක් දැම්ම

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ හදවතත් ඇය නමින් තෙත් වුනාට....

      Delete
  2. මූණු පොතේ දැක්කට වැඩි උනන්දුවකින් කියවන්න බැරි උනා. සිරාගෙ ලිපිය කියවගෙන යනකොට මටත් පොඩි සංවේගයක් ඇති උනා. දාල තිබුන ලින්කුවෙන් ගිහින් අත්සනක් දැම්ම. මේ සත්කාර්ය වෙනුවෙන් සිරාටත් පිං.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධුරංග... මේ සත්කාර්යයට දායක වුනාට ඔබටත් පිං....

      Delete
  3. ස්තූතියි යාළුවා....මමත් ෆෙස් බුක් එකේ දැකලා අත්සනක් දැම්මා, තව ඔය වෙබ් ලින්ක් එකත් ෆෙස් බුක් එකේ යාළුවන් අතර පුලුවන් තරම් ෂෙයා කලා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුෂි.... පුලුවන් තරම් යාලුවන්ට මේ ගැන කියන්න...

      Delete
  4. මාත් චන්දයක් දැම්මා වැදගත් වාර්ථාවකි...

    ReplyDelete
    Replies
    1. ඔබේ මිතුරන් වත් දැනුවත් කරන්න...

      Delete
  5. Mamath adhama chandhayak dhamannam..sanweadhee satahanak..

    ReplyDelete
    Replies
    1. අමතක කරන්න එපා... ඔබේ අත්සනත් එකතු කරලා යහලුවන්ටත් පණිවිඩේ දෙන්න...

      Delete
  6. 14,841 NEEDED
    වුනා මමත් අත්සනක් දැම්මා. ගොඩක් ස්තූතියි. මාලි නිදහස් වේවා!

    ReplyDelete
    Replies
    1. ඒ පැතුම තමයි මට තියෙන්නෙත්...මේ කථාව අහපු ගමන් මටත් හරියට දුක හිතුනා...

      Delete
  7. කොමෙන්ටුව කෙටීමට පෙර ගොස් අත්සනක් දමා ආවෙමි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බණ්ඩා... ගොඩාක් පිං...

      Delete
  8. මේ වගේ දේකදි අත්සනකින් කරන්න පුළුවන් මොන වගේ දෙයක්ද කියලා දන්නේ නෑ...
    නමුත් කරන්න පුළුවන් එච්චර නම් ඒක කරන්න සූදානම්....

    කමෙන්ට් කරන්න කලින් ගිහින් අත්සනක් දාලා ආවා.
    14,827 තව ඕනේ කිව්වා...

    ReplyDelete
    Replies
    1. මේ අත්සන් එකතු කිරීම හැමෝම පිළිගන්න ප්‍ර‍මිතියකින් කරනවා කියන මතය තමයි මට තියෙන්නෙ... එමගින් PETA සංවිධානයට පිළිපීන බලධාරීන්ට බලපෑම් කල හැකි වේවි..සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින තවත් ජාත්‍යන්තර සංවිධාන සමග එක්වී... ඔබේ වෑයමට මගේ ප්‍ර‍ණාමය !

      Delete
  9. අත්සන් කරා
    තව කරන්න පුළුවන් දේවල් මම කරන්න බලන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිශාන්... අන්තර් ඡාලය භාවිතා කරන ඔබේ මිතුරන් පුලුවන් තරම් දැනුවත් කරන්න...

      Delete
  10. මමත් අත්සනක් දැම්මා
    සිරා සිරාම වැඩක් කර තියේ
    බුකියෙත් පල කිරීමට සිතමි

    ReplyDelete
    Replies
    1. බුකියෙත් පල කර ඇගේ නිදහස් වීම උදෙසා සහයෝගය ලබා දෙන්න....

      Delete
  11. මාත් දැම්මා..!දායක කරගන්න තොරතුරු දුන්නාට ස්තුතියි.
    අපේ රටේ අඳබාලයන්ට මේ තිරිසන් සත්තු ගැන පුදුම *කේ අමාරුවක් තියෙන්නෙ.හැම මගුලටම අලි පැටව් දන් දෙන්නමයි හදන්නෙ.

    ReplyDelete
    Replies
    1. අලි පැටව් දෙන ක්‍ර‍ම සහ විධි පිළිබදව සත්වවේදීන් මා දැනුවත් කර තිබෙනවා... එම කටයුතු සදහා සමාජයේ ප්‍ර‍භූ යැයි සම්මත බොහෝ අය සම්බන්ධයි... විශේෂයෙන් දේශපාලන බලවතුන්...

      මේ සත්තුන්ටත් තමන්ගෙ අමාරුකම් කියන්න පුලුවන් කම තිබ්බා නම් ඒ කථා අහලා සංවේදී මිනිස්සුන්ගෙ හදවත පැලෙන්න තිබ්බා....

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ මෙයා ලඉන්නේ ලංකාවේ කියල.
      ඇත්තටම රටවල් අතර සත්තු සුහදතාවට හරි මොකකට හරි හුවමාරු කරගන්න එකනම් මහ තිරිසන් වැඩක්.

      Delete
    2. විශාල ශරීරයකට උරුමකම් කියන මේ අයගෙ අවශ්‍යතා සපුරන්න නොහැකි නිසා සියලුම සත්වෝද්‍යාන වලින් අලි ඇතුන් ඉවත් කරනවා නම් හොදයි....මේ වගේම දුක් විදින තවත් සත්ව කොට්ඨාශ දෙහිවල සත්තු වත්තෙදි මමත් දැකලා තියෙනවා....

      Delete
  13. ඇත්තටම මේ වගේ සතුන් විදේශ වලට පරිත්‍යාග කරනවා නම් මීට වඩා සොයා බලලා කරන්න ඕනි. අලි කියන්නේ ලංකාවෙත් ඉතාම අඩුවෙන් ඉන්න සතුන් විශේෂයක් නේ දැන්. මේ වගේ සතුන් නොදී ඉන්නයි තියන්නේ.
    මමත් අත්සනක් දැම්ම. දන්නා අයට ලින්ක් එක ශෙයා කරන්නම්. ස්තුතියි සිරා දැනුම් දුන්නට මේක ගැන.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන ඔබේ දායකත්වයට... පිලිපීනයේ මැනිලා නුවර ඔය කියන සත්වෝද්‍යානය සතුන්ට නිසි පහසුකම් සලසන්නේ නැති එකක් ලෙස කුප්‍ර‍කට එකක්.... කරුණු එසේ වුවත් තවත් සතෙක් ලංකාවෙන් යවන්න හදපු එක තමා පුදුමෙ....

      Delete
  14. ඉතාමත් කාලොචිත, වටිනා පොස්ටුවක්. මෙවනි කාර්‍යකට ඔබගේ බ්ලොගිය වෙන්කිරීම ම ලොකු පිනක්. මමත් අත්සන් කරා.. ඒ වගේම ඔබේ පොස්ටුවේ සැබෑ වටිනාකම වටහාගත් නිසා අතේ ඇගිලි ගණනට ටිකක් වැඩියෙන් මිතුරන් සිටින මගේ බ්ලොගියෙන් මේ ලිපියට සබැදියාවක් දෙන්නටත් කල්පනා කළා. හෙට දිනයේ මාලි නිල්ල පිරුනු වනගොමුවක ඇවිද යන විට ඒ සතුටේ පංගුකාරයන් වීමට හැකිවේනම් කොපමන සතුටක්ද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට.... ඔබ මම වැනි අනන්ත අප්‍ර‍මාණ සයිබර් සත්වලෝලීන්ගේ කරුණාව නිසාම මාලි නිදහස් වන දිනය වැඩි ඈතක නොවේවි... එදාට මේ වෑයම ගැන අපිටත් සතුටු වෙන්න පුලුවන්...

      Delete
  15. නිසි රැකවරණය පෝෂණය ලබා දෙන්න, ඔවුන් වෙනුවෙන් අවධානය යොමු කරන්න බැරි නම් මොන මඟුලකට මේ සත්වෝද්‍යාන පවත්වගෙන යනවද මන්ද.මිනිස්සුන්ගෙ සතුටට, ජොලියට බලන්න ඒ සත්තු එයාලගෙ නිජභූමිවලින් වෙන්කරල ගෙනත් කූඩු කරන එකම මහ කෘෘර කමක්. අලි ඇතුන්ට විතරක් නෙවෙයි අනෙක් හැම සතෙක්ටම මේක අදාලයි කියල මම හිතනව, ඔවුන් ලෝකෙන් වඳ වී යාමේ තර්ජනයට මුහුණ දෙමින් ඉන්න නිසා ඔවුන් වෙනුවෙන් අවධානය යොමු වෙනව වැඩි ඇති. නිකමට හිතල බලන්න මිනිසාත් තව එක සතෙක් විතරක් උනානම් තවත් මොක්කුන්ගෙ හරි ප්‍රදර්ශනේට අපිත් කූඩු කරල තිබ්බනම් කොහොමද? මම නම් මොනම විදියෙ සතෙක්වත් කූඩු කරල හදනවට විරුද්ධයි. ඇත්තෙන්ම අපේ රටේ බලධාරීන් තමන්ගෙ බූදලේට අයිති ඒව වගේ මෙහෙම රටේ සත්තු දන් දුන්නට පස්සෙ උන් ගැන කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඇති. මේ වගේ අපකීර්තිමත් ඉතිහාසයක් තියෙන එවුන්ට ආයෙත් අලියෙක් දෙන්න උත්සාහ කරන තරමට මුන් ගොන් අලිද? අපේ රට ඇතුලෙම උනත් ඉන්න බූරු නිලමෙලගෙ දොලදුක සන්සිඳුවන්න ඒ අහිංසකයො දැනටමත් ඕනවට වඩා විඳවල තියෙනව. සමහරුන්ට ඇත් පැටවෙක් පේන කොටත් කට දෙපැත්තෙන් කෙළ බේරෙනව, මුන් මළාට පස්සෙ කොහේ යයිද මන්ද?

    මේ කෘෘර ඉරණමෙන් ඉක්මනින්ම ගැලවීයන්න ඇයට හැකිවේවායි මම ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි DDT ඔබේ මූණු පොඩ්ඩත් ඔන්න අද දැක ගත්තා...

      මට නම් සත්තුවත්තකට ගිහින් ඔවුන් නරඹලා කවදාවත් සතුටක් දැනිලා නෑ... කුඩා කූඩු වල හිරවෙලා දෙහිවල සත්වෝද්‍යානෙ ඉන්න බැබුන්ලා, ඔරංඔටන්ලා, චිම්පන්සි දකිද්දි මට පුදුමාකාර වේදනාවක් ඇති වුනා... ප්‍ර‍තිකාර ලැබිය යුතු යැයි මට හැගුනු සතුන් පිළිබදවත් මම ඉන් පිටවීමට පෙර බලධාරීන්ට දැනුම් දුන්නා.... සත්තුවත්තේ දිගටම සිදුවෙන සත්ව මරණ වලින් පේනවා නොවැ අපේ අයගෙත් සැළකිල්ලෙ තරම....

      Delete
  16. උඹ එල කොල්ලෙක්

    ReplyDelete
  17. අනිවා සිරා මාත් එකෙන්ම සප් එක දෙන්නම්
    දන්න එවුන්ටත් කියන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පුබුදු... ඔබ වැනි හදේ තෙතමනයක් ඇති උන් අභියස 14000 ක් යනු මහ ලොකු බාධකයක් නොවේවි....

      Delete
  18. ස්තුති සහෝ..

    ෂෙයාර් කලෙමි.. අත්සන් කලෙමි..

    ජය !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෑමා... මේ පිංකමට දායක වුනාට.... ජයම වේවා !

      Delete
  19. මමත් අත්සන් කළා බං..දන්න හැමෝටම කියන්නම්..සිරාවට මහා පවු වැඩක් බං......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නාඩියා.... තවත් අය දැනුවත් කොලා නම් හොදා...

      Delete
  20. ඔන්න අපිත් අපේ යාළුවව බේරා ගන්න අත්සනක් ගැහුවා සිරාට පිං මේක කිව්වට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි....නිපුන් ඔබේ දායකත්වයට...

      Delete
  21. මෙහෙම දෙයක් කියන්න පෝස්ට් එකක් ලියවෙන එකත් වටිනවා..ඔන්න මමත් අත්සනක් දැම්ම සහෝ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිරු... මේ සත්කාර්යයට දායක වුනාට...

      Delete
  22. අත්සනක් වහාම දාන්නම්...

    සිරාට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ කෙරෙහි අවධානය යොමු කලාට.... ඔබේ මිතුරන් වෙතත් මේ පණිවිඩය ලබා දෙන්න..

      Delete
  23. ඔන්න මමත් යුතුකම ඉටුකලා මේකට තව හොඳ ඩොකියුමෙන්ට්‍රියක් කලොත් නරකද ලංකාව පැත්තෙන් මමත් ඔන සපොර්ට් එකක් දෙනවා ලොකෙටම පනිවිඩයක් යවන්න පුලුවන් විදිහේ වැඩක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රාජ්.... ඩොකියුමෙන්ට්‍රියක් කියලා අදහස් කලේ කුමක්ද ? වීඩියෝ මාධ්‍යයෙන් වාර්තා වැඩසටහනක්ද ?

      Delete
    2. අන්න හරි වීඩියෝ මාධ්‍යයෙන් වාර්තා වැඩසටහනක්

      Delete
  24. සඳකිඳුරත් ඕන් නිදහසේ සත්මෙහෙවරට දායක වුනා :)

    ReplyDelete
    Replies
    1. මේ සත්කාර්යයට දායක වුනාට ගොඩාක් පින්...

      Delete
  25. thawath sirama wadak watinawa saho kala samaja sathkaraya....post eke watinakama kiyanna wachana na.mamath dayaka una...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිත්තමී... නැවතත් බ්ලොගිය ලියන්න පටන් ගන්න....

      Delete
  26. ඔන්න මමත් දායක උනා.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කාව්‍යා... ඔබටත් පිං රැස් වේවි...

      Delete
  27. මමත් අත්සන් කළා.පින් සිද්දවෙන වැඩක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.... අනෙක් අයවත් දැනුවත් කරන්න...

      Delete
  28. අපොයි මාත් අත්සන් කළා . අනේ මන්ද සත්තු කුඩු කිරීම ගැන නම් මගෙත් මනාපයක් නැහැ කොහෙත්ම . ස්තුතියි සිරා .

    ReplyDelete
    Replies
    1. මගෙත් කිසිම සතුටක් නෑ... අපේ ගෙදර ඉස්සර බල්ලො හිටියෙත් කූඩු නොකර නිදහසේ... ස්තූතියි අත්සන දැම්මට...

      Delete
  29. අත්සන් කලා කලින්ම

    ReplyDelete
    Replies
    1. ගොඩාක් සතුටුයි... මේ සත් ක්‍රියාවට දායක වීම සම්බන්ධව...

      Delete
  30. Replies
    1. ඉල්ලීම පිළිගත්තාට ස්තූතියි....

      Delete
  31. අත්සනකුත් දැම්මා... මෙතනට ලින්ක් එකකුත් දැම්මා...

    ReplyDelete
    Replies
    1. බොහොම පිං ආයුබොවන් ඔබේ දායකත්වයට....

      Delete
  32. අද දවසේ බ්ලොග් කියවන්න ඇවිත් මුලින්ම කියවපු සහ අවසානයටම comment කරපු පොස්ට් ඒක මේක. කියන්න ගොඩක් දේවල් තියෙනවා.

    මම මුලින්ම මේ ඇතින්න ගැන දැන ගත්තේ ලක්බිම පත්තරෙන්. ඒ හරියට ඇතින්නගේ තනියට තවත් පිරිමි සතෙක් යවන්න හදලා සත්වවේදීන්ගේ විරෝධතාව පාපු නිසා ඉස්මතු වුන සිද්ධියක් විදියට. අනේ මන්ද..? දැන් නම් සත්තු වතු සංකල්පේ බැහැර කරන්න ඕනේ.. මම දැක්ක මේ දිගටම දෙහිවල සත්තු වත්තෙත් සත්තු මැරෙනවා දිගට හරහට කියලා දාල තිබුණා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. සත්තු කැලේදිට වඩා විලෝපිකයන්ගෙන් ආරක්ෂා වෙන නිසා උපරිම ආයු කාලයක් සත්තු වතු වලදී දකින්න ඕනනේ.. හැබැයි වෙන්නේ ඕකේ අනික් පැත්ත. ඒ සත්තු ඊටත් වඩා ඉක්මනට මැරිලා යන ඒක.

    මිනිස්සු සල්ලි ගැන hithuwata සතාගේ පාරිසරික තත්ත්ව ගැන හිතන්නේ නෑනේ.

    ඕක මිනිස්සු ගැන හිතුවොත් හිතන්න අධික ස්ථුල කකුල් සිහින් මනුස්සයෙක්ට දිගටම කන්න බොන්න දිදී හිර කරගෙන පොඩි කාමරයක තියනවා. ඒ මිනිහාට වෙන්නෙත් ඔය සතාට වෙන දේවල්මනේ..

    මම දැකපු විදියට නම් ඇතින්නට අතාරයිස්ටික් තත්වයක් වගේ.. තව මාසයක් ඔහොම හිටියොත් ඒ සතාගේ දණ හිස් දෙකට සරිරයේ බර දරා ගන්න බැරුව ඇද වැටේවි.

    සත්ව විද්‍යාව ගැන පතල දැනුම් තියෙන මිනිස්සු ඉන්න සත්තු වතු වල මිනිස්සුන්ට ඕක නොතේරෙද්දී අපි වගේ පොඩි මිනිස්සුන්ට ඕක දැනෙන එකනේ වැඩේ.. මාත් අත්සන් කරන්න යනවෝ.. තව අයට කියලා අත්සන් කරවන්නත් ඕනේ.

    ReplyDelete
    Replies
    1. ප්‍ර‍ධානම ගැටලුව තියෙන්නෙ සත්තුන්ට උන්ගෙ හැගීම් ප්‍ර‍කාශ කල නොහැකි වීම... එහෙම වුනා නම් මාලි මොන තරම් දේ කියාවිද.... වඩාත් වැදගත් කාරණය තමයි... සතුන්ට භාෂාවක් භාවිතයෙන් මිනිසුන් සමග අදහස් හුවමාරු කල නොහැකි වුවත්... සතුන් කෙරේ මිනිසුන් වඩාත් සංවේදී වුවොත් ඔවුන්ගේ හැගිම් දැනගත හැකියි... ස්තූතියි මලේ...

      Delete
  33. ඔය යක්කුන්ට දෙන්න ඕනා අලි නෙමේ අලි බෙටි...
    කාලකන්නි..

    ReplyDelete
    Replies
    1. තරියා යාලුවන්ටත් පණිවිඩේ කියන්න...

      Delete
  34. Replies
    1. ස්තූතියි මාතලන් අයියා.... ජයම වේවා !

      Delete
  35. මමත් අත්සන් කළා සිරා.... මේ වගේ දෙයක් ගැන දැනුවත් කලාට ගොඩාක් පින්

    ReplyDelete
    Replies
    1. තවත් අය මේ සත්කාර්යයට දායක කරවන්න... බොහොම පිං...

      Delete
  36. මේ වැඩේ මම පෝස්ට් එක කියවපු ගමන්ම කරලා, ඒ කියන්නෙ අත්සන් කරලා, ඊට පස්සෙ සෑහෙන පිරිසකට ඊමේල් කරලා තියෙන්නෙ සිරා හරි?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි හෙන්රි අයියා... ජය !

      Delete
  37. සිරාම වැඩකට සම්බන්ධ වුවා යයි හැඟීමක් දැනේ!
    හොඳ වැඩට කවදත් අපෙන් අත හිත!
    ජය!

    ReplyDelete
    Replies
    1. හොද මිනිසුන් තවමත් ඕනෑ තරමි සිටින බව දැනේ... ජය !

      Delete
  38. සොඬින් නෙලුම් මල ගෙනියන - බතික් රන් පතින් දිදුලන ඇතින්නියේ
    යදම් අමතකද පා බැඳී විලංගුවේ

    ගීතය මතක වුනා. ඔන්න මමත් මේ සත්කාර්යට දායක වුණා.

    ReplyDelete
    Replies
    1. තවත් අය මේ සදහා යොමු කරන්න... සැබෑ පිංකමක්...

      Delete
  39. I signed and shared this link.

    Hats off for your great attempt

    ReplyDelete
    Replies
    1. Thanks a lot for your great cooperation here....pls feel free to send this msg among all of your friends.....

      Delete
  40. ඔන්න මමත් යුතුකම ඉටු කලා.

    ReplyDelete
    Replies
    1. හරිම සතුටුයි...ඔබේ කාරුණික දායකත්වයට.... ජය !

      Delete
  41. ගොඩ ඉතා ලොකු සතා!
    අලි ඇති ගැන කතා!
    සිරා අයියගේ වැඩේනම් බොහොම වටින දෙයක්! ඔන්න පෙත්සමට මාත් අතන් කොලා!

    ReplyDelete
    Replies
    1. අලේ හලිම හොද වැඩක් නොවැ අපේ ඩයස් මලයා කොරලා තියෙන්නෙ....
      පිං සිදුවේවා !

      Delete
  42. කවුරු හරි බුකියේ සිරාගේ බ්ලොගේ ලින්ක් එක දල තිබ්බ. මමත් ඉතින් ගිහින් අත්සන් කළා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැතුම්.... අනෙක් අයටත් පණිවිඩේ දෙන්න....

      Delete
  43. මම මචන් ඕකට මුලින්ම අත්සන් කළා .. ඊට පස්සේ බුකියේ ෂෙයාර් පාරකුත් දැම්මා.
    උඹේ පොස්ටුවත් මම ෂෙයාර් කරන්නම්.
    එල වැඩක් ..:D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ෂානක... පිංඅතේ වැඩක්...

      Delete
  44. ස්තූතියි සිරා මේ ගැන කිව්වට.. අත්සන් කලා.. තව e-mail වලිනුත් බෙදලා දැම්මා.. ඇය ඉක්මනින්ම නිදහස් වේයැයි අපි බලාපොරොත්තු තබා ගනිමු, පතමු !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙන්නා.... ඇගේ නිදහස තමයි මගේ බලාපොරොත්තුවත්...

      Delete
  45. ඔන්න පළමු වතාවට ඇවිල්ල පෙත්සමට අත්සනක් දාගෙනම ගොඩවැදුනා.. පෙත්සම් වලට අත්සන් කිරිම ජනප්‍රිය වැඩක්නේ. මොනව වුණත් මාලිව නිදහස්වේවා..

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා...

      මේ සත්කාර්යයට දායක වුනාට පිං.... දිගටම එන්න...

      Delete
  46. onna mamath athsan kalaa :( dukayi godak mali gena.. :(..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෙහානි... මම දැක්කා ඔයාගෙ පෝස්ටුවකත් මේ ලිපියට සබැදියක් දීලා තිබෙනවා... මේ සියලුම අයගේ ආශිර්වාදයෙන් මාලිට ඉක්මනින් නිදහස ලැබේවි...

      Delete
  47. හරි!
    තව 13,698 ඕනි කියනව...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...මේ වන විට තත්වය 13624

      Delete
  48. අපූරු වැඩක් සිරා. කතා කරන්න බැරි උන්ගේ දුක වේදනාව වෙනුවෙන් අකුරක් හරි ලියන එක හරිම පින් ඇති වැඩක්. උඹට බොහොම පින්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලුවා... හඩක් නගන්න බැරි ඒ අසරණ සතුන් වෙනුවෙන් යමක් කරන්න පුලුවන් නම් එය සැබෑවටම සතුටට කාරණයක්...

      Delete
  49. ගොඩක් ලොකු දෙයක් සිරා ඔබේ උත්සාහය. මඩිස්සලේ නිශාන් ගේ ගූගල් + සටහනෙන් මම ගිහින් අත්සන් කළා. එත් තවත් මේ ගැන ප්‍රචාරයන් අවශ්‍ය මොහොතක් මේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ක්සැන්ඩර්... මම මේ සම්බන්ධයෙන් පුවත් පතක ලිපියක් හරි පල කරවා ගන්න උත්සාහ කරනවා... නියමාකාර ප්‍ර‍චාරයක් තිබුනා නම් මේ කාර්යය මේ වෙද්දිත් අවසන් වෙන්නට ඉඩ තිබුනා... ජය !

      Delete
  50. phollo kiyanne jaraama jaathiyak. mama inna rateth phillo innawa.. ahuwena one sathek ekko maralaa kanawa, nethnam kuudu wala daala ethi karanawa.. ballanta puusanta withay wenna ethi wada denne neththe.. ee minissu karana dewal wala hetiyata oya kiyana zoo eke saththunta salakana heti hitha ganna puluwan.. unta kawadaawath" saththuntath ridenawa, saththu paw" kiyalaa hithen nee..

    ReplyDelete
    Replies
    1. පිල්ලො ගැන දැන් මටත් අවබෝධයක් තියෙනවා...මුන් ටිකක් ආඩම්බර ජාතියක්...ඒ උනාට උන්ට ආඩම්බර වෙන්න දෙයකුත් නෑ...

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...