Tuesday, November 27, 2012

201 ගණිකාව සහ සිරි ලංකාව (වඩාත් සුදුසු වැඩිහිටියන්ටයි)

අම්මේ.... ගණිකාව කියන්නෙ කවුද ?  සිරා හා පුරා කියා ගණිකාවක් ගැන විමසුවේ 5 පන්තියේ සිටියදීය. ඒ ශිෂ්‍යත්ව සම්මන්ත්‍ර‍ණයකට සහභාගී වීමට වෙනත් පාසලකට ගිය ගමනකදී බැව් මට තාමත් ඉතා හොදින් මතකය. මගේ මවට එදා කට උත්තර නැතිව සිටියදී ඈ වටා සිටි මගේ මිතුරන්ගේ මව්වරුද විශාල කල දෙනෙතින් මා දෙස බලාසිටියේ පන්සලේ පිංකැටය කොල්ල කෑ හොරෙකු දෙස බලා සිටින ආකාරයෙන්ය. පත්තර කොළයකින් හෝ ගුවන්විදුලි ප්‍ර‍වෘත්ති ප්‍ර‍කාශයකින් මා සවනත වැකි මේ වචනය මට නුහුරු නුපුරුදු නිසාත්... ගණී යනුවෙන් ඇරඹෙන එය ගණිතයට යම් සම්බන්ධයක් ඇති යැයි මා උපකල්පනය කල නිසාත්, ඉතා හොදින් උගෙන ගෙන උසස් විභාග ආදිය සමත් කර කල යුතු රැකියාවක් යැයි පුංචි මගේ සිත පැවසූ නිසාත් මේ ප්‍ර‍ශ්නය  හිටි හැටියේම විමසූයේ අප සහභාගී වූ සම්මන්ත්‍ර‍ණයද ගණිතය පිළිබද එකක් වූ හෙයිනි.

මා වෙත පිළිතුරක් දුන්නේ මගේ අතිජාත මිතුරෙකුගේ මෑණියන් වූ මාලනී නැන්දාය. ඒ දිනවල ඇය රජයේ දෙපාර්තමේන්තුවක උසස් රාජකාරියක් කරමින් සිටි නිසාදෝ ප්‍ර‍ශ්නය ඈ වෙතටම දෝලනය  විය...

පුතේ...නරක වැඩ කරන....හරියට ඉගෙන ගත්තෙ නැති, හිරේ විලංගුවෙ වැටෙන කාණ්ඩෙකට තමයි ඒ නම කියන්නෙ...තේරුනාද... ඒ අය ආශ්‍ර‍ය කරන්නවත් හොද අය නෙමෙයි. එදා ඇය එසේ පවසා මා හිස අතගෑ පසු ගණිකාව පිළිබද මගේ අවබෝධය මදක් පුළුල් විය. ඒ අනුව ගණිකාව නරක වැඩ කරන අයෙකි.

මේ දිනවල බ්ලොග් ලෝකයේ කීප පලකම මේ ගැන ලියවෙන නිසා නොව, සිරා කොලුවා ගණිකාව මාතෘකා කොට යමක් ලියන්නට තීරණය කලේ ගණිකා වෘත්තිය නීතිගත කලයුතු බවට දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට කල යෝජනාවක් නිසා ඇති වූ කැළඹිලි සහගත තත්වය හේතුවෙනි.


http://4.bp.blogspot.com/-CY2lAM2yDtM/UEbWESDm7JI/AAAAAAAAAIY/ijjpFkiPIJY/s1600/prostitutes1.jpg

කලකට ඉහත මුද්‍ර‍ණ කටයුත්තක් සදහා මගේ දායකත්වය ලබා ගැනීමට පැමිණි අයෙකු දුන්නේ අපූරු තොරතුරකි. ෆෝමලින් දියරයේ බහා ඇති විවිධ අසාමාන්‍යතා සහිත දරු උපත්, උරගයින්, අස්ථි කොටස්  ආදියෙන් සමන්විත ප්‍ර‍දර්ශනයක් ලංකාව පුරා විවිධ ස්ථාන වල පැවැත්වීම ඔහුගේ ආදායම් මාර්ගය විය. 

මල්ලි අනිද්දා කොළොන්නාවෙ තියෙන එක බලන්න එන්න.... ඒකෙ තියෙනවා අමුතුම බඩ්ඩක්....

මේ අමුතුම බඩ්ඩ වනාහි පිස්සු හැදිලා ආයෙත් හැදෙන වර්ගයේ එකකි. එනම් ස්ත්‍රී ජනනේද්‍රිය ඇතුලතින් කෘන්තක වර්ගයේ දතක් පිහිටා තිබූ විරල අවස්ථාවකි.

ඔහු කියූ පරිදි යටගිය දවස දතේ හිමිකාරිය කොළඹ නගරයේ වීදි ගණිකාවකි. ඇගේ සේවය පතා පැමිණි සියළුම පිරිමි ඈ හා සංසර්ගයේ යෙදෙන අතරතුර යටි ගිරියෙන් කෑ ගසමින් දිව යන්නේ ලේ ගලන පුරුෂ ලිගුවද අතින් මිරිකාගෙනය. මෙවැනි රෝගීන් කීප දෙනෙකුම කොළඹ ජාතික රෝහලට පැමිණීම නිසාවෙන් එහි වෛද්‍යවරු ඒ පිළිබද සැබෑ තතු සොයා බැලූහ. හොර බොරු කර තේරුමක් නැති බව වටහාගත් තුවාලකරුවන් සැබෑ තතු නොවලහා හෙලි කල නිසාවෙන් ඈ සොයා ගැනීමට අවසානයේ හැකි විය. වෛද්‍යවරුන්ගේ විශේෂ පරීක්ෂා කිරීමකට ඇගේ රහස් ප්‍රදේශය ලක් විය. එදා ඔවුන් සොයාගත්තේ ඇග කිලිපොලායන තොරතුරකි. ඇගේ යෝනි මාර්ගය ඇතුලත මසට සවි වූ දතකි. ඇය හා එක්වූවන් හූ කියමින් දිව්වේ මේ දත ශිෂ්ණ මුණ්ඩයේ වැදී තුවාල වූ නිසාවෙන් බව දැන් පැහැදිලිය.

මේ සුවිශේෂී පිහිටීම පිළිබද තව දුරටත් පරීක්ෂණ පැවැත්වීමට නියම විය. එහෙත් ගණිකාවටද ලැජ්ජාව කියා දෙයක් ඇත. ඒ නිසාම ඊළග පරීක්ෂණ වලට පෙර ඇය වස වර්ගයක් පානය කර ගණුදෙනුකරුවන්ගෙන් හා ජීවිතයෙන් සමුගත්තාය. අවසානයේ ඇගේ රහස් ප්‍රදේශය දත සමග ගිණි වතුරට එක්වී වීදුරු පෙට්ටියකට මැදි විය.

දත බැලීමේ පරම පවිත්‍ර‍ චේතනාවෙන් එදා සිරා කොලුවා ගම්පහ සිට කොළොන්නාවට ගියේ මගේ ගණුදෙනුකරුවා ගජබින්නයක් ඇද බෑවාදෝයි සිතමින් වුවත් වැඩේ සහසුද්දෙන්ම ඇත්ත බව මම මගේ ඇස්පනාපිට  දැකගත්තෙමි. කෘන්තක වර්ගයේ කුඩා දතක් එහි ඇතුලතින් මැනවින් පිහිටා තිබුනි.

ලංකාවේ ගණිකාවන් ඉන්නවාදැයි සමහර විටෙක ජාත්‍යාලයෙන් ඔද වැඩීගිය,අපේ සංස්කෘතික වටපිටාවෙන් ඔකද වූ  ඇතමෙකු අසන්නට ඉඩ තිබේ. බෞද්ධ සංස්කෘතියේ හර පද්ධතීන් යට හැදී වැඩෙන අපේ පරපුර මෙවැනි විෂමාචාර සදහා යොමු විය හැකිදැයි කෙනෙකුට විශ්මයක් වුවත් ඇත්ත තිත්තය. ගණිකාව, බඩුව,ගොනා, අයිටම් එක, වේසි ආදී විවිධ නම් වලින් හැදින්වුවත් ඔවුන් සළසන්නේ එකම සේවයකි.  ලෝකයේ පැරණිම රස්සාව ලෙසද එය විරුදය ලබා ඇත්තේ මානව පරිනාමයේ සෑහෙන අතීතයක් ඊට හිමි බව මොනවට දක්වමිනි.

කාලයකට පෙර ලංකාවේ වැඩිම ගණිකා ව්‍යාප්තිය තිබුනේ අනුරාධපුර දිස්ත්‍රික්කයේය. ඒ මාස තුන ,හතරක පඩි පත් සමග අනේක වූ ලිංගික හැගිම් හිතේ තද කරගෙන නිවෙස් බලා යාමට පැමිණෙන ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්ක කරගෙනය. පෙරට වඩා සන්නද්ධ වූ ගණිකාවන් තම සේවය සලසන මුවාවෙන් ගණුදෙනුකරුවන් විවිධ ආහාර පාන මගින් මත්කර මුදල් සදහා සුද්දය දෙන්නට වූ කල පොලීසියේ ඇස් ඇරුනි. පෙරට වඩා දැඩි කල සෝදිසි මෙහෙයුම් නිසා ගණිකාවන්ට අනුරාධපුරයෙන් පල්ලම් බැසීමට සිදු විය. ඉන් පසු ඔවුන් ඒ සදහා තෝරා ගත්තේ නොනිදන දඹුලු පුරවරයයි. යහමින් මුදල් ඇති රාත්‍රී කාලයට ක්‍රියාකාරීවන ව්‍යාපාරිකයන් ඔවුන්ගේ නවතම ඉලක්කය විය. අදුර ඔවුනට ආශිර්වාදයකි. ඒ අනුව දඹුල්ල යනු ගණිකා ව්‍යාපාරයේ කේන්ද්‍ර‍ස්ථානයක් ලෙස තවමත් වැජඹේ.

බොහෝ ගණිකාවන් අහිංසකය... දරිද්‍ර‍තාවය නිසාම මේ රැකියාව තෝරාගත් පිරිස වැඩිය. සිය දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට, ආබාධිත සැමියා ජීවත් කරගැනීමට /බෙහෙත් සපයා ගැනීමට, මහළු දෙමාපියන් රැකගැනීමට මෙන්ම සිය අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අමතර කාලයන්හි ගණිකා වෘත්තියේ නිරත වන විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන්ද  අපේ සමාජයේ සිටින බව ඔබ විශ්වාස කරනවාද ?

සිරා කිසිදිනෙක ගණිකාවක් ඇසුරු කර නැති වුවත් ඇසුරු කරන අයවලුන් හමු වී කථා බස් කර ඇත. ඒ අනුව තම කුමර ඹබසර ගණිකාවක් වෙනුවෙන් පුද දුන් තරුණයකුගේ තුවාල වූ ලිංගේන්ද්‍රියට බෙහෙත් දමා, ගෝස් කෑලි තබා ප්ලාස්ටර් රෝලක් ඔතා පැකට් කර එවීමට තරම් ඔහුට සේවය සැපයූ  ගණිකාව කරුණාවන්ත වූවාය. මෙවැනි අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීමට ඇය ළග කුඩා බෙහෙත් මල්ලක්ද තිබුනේලු.

ගිත සාහිත්‍යයේදී නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් පමණක් ගණිකාවන් ගැන මානුෂීය බැල්මෙන් සිය පන්හිද මෙහෙය වූයේ දළදා මාලිගයේදී සුදු ඔසරියක් හැද මල් පොකුරක් අතින් ගෙන බැති පුදට පැමිණි ගණිකාවක් තුල සමාජය නොදකින තවත් පැත්තක් දුටු හෙයින් විය යුතුය. එය අමරසිරි පීරිස් ගයන ළදුනේ ගිතයයි.

මාගේ මිතුරෙකු ලංකාවේ ඇති රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධානයක සේවය කරයි. මෙම සංවිධානයේ කාර්යයන් පිළිබද රජය දැනුවත්ව සිටී.  ඔවුන්ගේ ප්‍ර‍ධාන කාර්යය ප්‍ර‍ජනන සෞඛ්‍ය පිළිබද ප්‍ර‍ජාව දැනුවත් කිරීම සහ ඒඩ්ස් වසංගතය පිළිබද ජනතාව දැනුවත් කිරීමයි. ඒ යටතේ ඔවුන් නොයෙක් විට කරනා පර්යේෂන මගින් සොයාගෙන ඇති කරුණු පුදුම සහගතය. ඒවා ඇසූ විට මේ සිරිලංකාව දැයි සිතේ. මේ ලියමන වඩාත් හරබර එකක් කරනට මම ඔහුට දුරබණුවෙන් අමතා තොරතුරු විමසීමි.

ගණිකා වෘත්තිය ලංකාවේ නීතිගත කල යුතු යැයි මන්ත්‍රීතුමා කල යෝජනාවට යම්   තරමකින් හෝ එකග වීමට  සිතෙන්නේ ඒ අනුවය.  මන්ද මේ ගැටළුව  අප සිතනවාට වඩා සමාජය වෙලා ඇති පිළිකාවක් බදු තත්වයක් නිසාය. මගේ මිතුරා ලබා දුන් දත්ත අනුව ලංකාවේ මේ වන විට සිටින සමස්ත ගණිකාවන් සංඛ්‍යාව 50000 ඉක්මවයි. එක් ගණිකාවක දිනකට එක් පිරිමියෙකු සමග යහන් ගත වන්නේ නම් දිනකට පිරිමි 50000 ගණිකාවන් ඇසුරු කරයි. එහෙත් සත්‍ය එය නොවේ. මේ ගණිකාවන් බහුතරය දිණකට පිරිමි දෙදෙනෙකු හෝ තිදෙනෙකු සමග වත්  අවම තරමින් රමණයේ යෙදේ.  ඒ අනුව ආසන්න ලෙස එය දිනකට පිරිමි ලක්ෂයකට වැඩි සංඛ්‍යාවකි. අපේ ජනගහන එකතුව අනුව එය සැළකිය යුතු ප්‍ර‍තිශතයකි.

ඔහු කියනා පරිදි මේ අතර HIV ඒඩ්ස් ආසාධිත අයවලුන් සහ සුවකල නොහැකි සමාජ රෝග වැළදුනු අයද ඇත. එසේ නම් දිණපතා අලුතින් විශාල සංඛ්‍යාවක් මේ කරුම රෝගයන්ට ගොදුරු වෙනවා නොවේද ? එය රටක ශ්‍ර‍ම බලකායට මෙන්ම, ජනතාවගේ ජීවන තත්වයටත්, පොදුවේ ලංකාවේ ආර්ථික තත්වයටත් මරු පහරකි. ඉන් අනතුරුව ඇතිවන නොයෙක් ගැටළු සෘජුවම කුටුම්භයේ සමගිය කෙරේ බලපාන අතර ඉන් ඉක්බිති ඒවා සමාජයීය ගැටළු බවට පත් වේ.

මා මිතුරා සේවය කරන සංවිධානය හමුවට බොහෝ විට ගණිකාවන් පැමිණේ. ලංකාවේ ගණිකා වෘත්තිය නීති ගත කර නැතත්, එය මහාපරිමාණයෙන් ක්‍රියාත්මක වන බවත්, ගණිකා සංවිධාන පිහිටුවාගෙන ඒ අතර අනෝන්‍ය සබැදියාවක් ඇති බවත් ඔබ විශ්වාස කරනවාද ? මෙම සංවිධාන මගින් තම ගණිකාවන් මෙම ස්ථානයට යොමු කරන්නේ ලෙඩ රෝග පිළිබද සොයා බැලීමටයි. ඒ ඒ සංවිධාන නියෝජනය කරමින් නායකයන් ලෙස කටයුතු කරන අයවලුන්ද සිටී. එම පුද්ගලයන් ගණිකා සංවිධාන අතර අනෝන්‍ය සුහදතාව පවත්වාගෙන යයි.

ලංකාවේ ගණිකා ව්‍යාපාරය තුල පාසල් යන වයසේ සිට අවුරුදු 70 පමණ දක්වා වන පරාසයක ගණිකාවන් සිටී. වයස 60 ට වැඩි ගණිකාවන් රුපියල් 100 වැනි මුදලකට Oral Sex (මුඛය ආශ්‍රිත ලිංගික ක්‍රියාකාරකම්) උදෙසා යොදා ගන්නා අවුරුදු 15-16 වයස් කාණ්ඩයන්ගේ පාසල් සිසුන් සිටින බව ඔබ දැන සිටියාද ?  ඒ මගින් භයානක ලෙඩ රෝග පැතිරීමට ඉඩ තිබෙන අතර සුව කල නොහැකි සමාජ රෝගයන් හමුවේ කඩාකප්පල් වන අධ්‍යාපනය හේතුවෙන් සමාජයට දායාද වන්නේ රෝග වාහකයෙකු, අපරාධකරුවෙකු, කාන්තාවන් කෙරේ භීෂණය පතුරවන්නෙකු විය හැකියි. එවැනි අඩු මුදලකට සේවය ලබා දෙන එම පිරිස දරිද්‍ර‍තාවය පතුලේ සිටින අය විය යුතුය.

මා මිත්‍ර‍යාට වරක් ගණිකාවක් හඩා වැටෙමින්  පවසා තිබූ කථාවක් තමයි මේ. ඇය ඉතා රූමත් තරුණ කාන්තාවක්. නුවර ප්‍රදේශයේ ධනවත්, කුලවත් පවුලක එකම දියණිය වූ ඈ තම පෙම්වතා විසින් විනාශ කිරීමෙන් පසුව කොළඹ ප්‍රදේශයේ ගණිකා වෘත්තියට යොමු කර තිබුනා. ඇය අවසානයේ ඒඩ්ස් රෝගියෙකු බවටද පත් වී සිටියත් ඒ බැව් ඇය මෙහෙයවන කාන්තාව දැනගතහොත් ඇයට අත්වෙන්නේ මරණය නිසාවෙන් ඇය නිශ්ශබ්දව සිටියා. නමුත් ඇය කිසිවෙකුට කොණ්ඩම් නොමැතිව ඇය හා එක්වෙන්නට ඉඩ දුන්නෙ නෑ... නමුත් දිනක් ඇය කරා පැමිණි උසස් පෙළ පන්තියක පාසල් සිසුවෙක් ඇගේ ඉල්ලීම නොසලකා බලෙන් මෙන් ඇය හා ආරක්ෂක උපක්‍ර‍ම වලින් තොරව එක්වී තිබුනා...  ඔහු සමහර විට අදටත් තමන් ඒඩ්ස් රෝගියෙකු බව නොදන්නවා වන්නටත් පුලුවන්. ඇය මගේ මිතුරා සමග පවසා ඇත්තේ තමන් නිසා තවත් ඒඩ්ස් රෝගියෙකු බිහි වූ බවත්  ඔහු ඉතාමත් තරුණ වයසක සිටි කෙනෙකු නිසා ඉතාමත් කණගාටුවට පත්වෙන බවත්... සිය පවුල තමන් භාර ගැනීමට සූදානමක් නැති නිසා ජීවත් වීමට ඇති එකම මග මෙම කරුමාන්තය පමණක් බවද ඇය කියා තිබුනා.. මෙවැනි අය කී දාහක් අපේ සමාජයේ සිටීදැයි අපට කිව හැකිද? 

බොහෝ කාන්තාවන් පෙම්වතුන්ගේ වරදින්, සැමියාගේ වරදින්, දරිද්‍ර‍තාවය, අඩු උගත්කම නිසා රැවටීමට ලක් වීමෙන්  යන සාධක හේතුවෙන් මේ වෘත්තියට එළඹිලා තියෙන්නෙ....

ලංකාවේ ගණිකාවන් අතර පැහැදිලිව දැකිය හැකි ප්‍රභේද තුනක් තියෙනවා

1 වීදි ගණිකාවන් 

2 දුරකථන මගින් ඇනවුම් කර තමන් සිටිනා තැනට ගෙන්වා ගත හැකි අය

3 සුඛෝපභෝගී හෝටල් වල සිට සමාජයේ උසස් පුද්ගලයන්ට සේවය සලසන අය


ඉහත දැක්වූ අය අතරින් පළමු දෙවර්ගයේම අය දරිද්‍ර‍තාවය නිසා මෙම කාර්යයේ නිරත වන අතර ඒ අතරින් වීදි ගණිකාවන් රෝග වාහකයින් ලෙස පෙරමුණ ගෙන ඇත.

තුන්වන කාණ්ඩයේ අය උසස් පවුල් වලින් පැවතගෙන එන අතර  මුදල් හිගයක් නොමැති වුවත් උසස් සමාජය ඇසුරු කිරීමේ ආශාව නිසාම මේ වෘත්තියේ යෙදේ. ඔවුන්ගෙන් සමාජ රෝග බෝවීමට ඇති සම්භාවිතාව ඉතාමත් අඩුය. නිරන්තරයෙන් වෛද්‍ය පරීක්ෂා කරගන්නා ඔවුන් බොහෝ විට ඉහළ අධ්‍යාපනයක්ද ලබා තිබෙන අය වීම කැපී පෙනෙන කාරණයකි. මේ හේතුවෙන් මගේ මිතුරා සේවය කරන සංවිධානය ඔවුන් පිළිබද සොයා බලනවාට වඩා සමාජයට වැඩි හානියක් ගෙනදෙන වීදි ගණිකාවන් සදහා වැඩිපුර සිය සේවය ලබා දෙයි.

ඉස්සර දිණයක රාත්‍රී පරිගණක පන්තිය අවසන් කර කොළඹ කොටුවට පැමිණෙන සිරාට ගුණසිංහපුර බස් නැවතුම කිට්ටුව අදුරු මුලු වල රැදී සිටින ගණිකාවන් ගොදුරක් සොයමින් ඇස් බෝල කරකවපු ආකාරය දැනුත් සිහිපත් වෙනවා.

තොටළග වෙසක් තොරණ බලන්න ගියපු වෙලාවක තුන්රෝද රථයක සිට ගණිකා වෙළදාම කලේ කාන්තාවක් විසින්... මා ඇස යොමා සිටි විනාඩි 15 ක පමණ කාලය තුල ඇය අසල සිටි ගණිකාවන් තිදෙනෙකුටම ගණුදෙනුකරුවන් මුණගැසුනා... මොහොතකින් වෙසක් අසිරිය බලන ජනකාය අස්සේ ඔවුන් සැගව ගියා.

අපි දැන් බරපතල මාතෘකාවට බහිමු. 
ඇයි ගණිකා වෘත්තිය නීතිගත කල යුතු යැයි කියන්නෙ. 

ලිංගිකත්වය යනු ආහාර, නින්ද, පිපාසය තරමටම සන්තර්පණය කරගත යුතුම කායික සහ මානසික අවශ්‍යතාවකි. එය කුමන නීති රීතියක් යටතේ හෝ සමාජයෙන් බැහැර කල නොහැක.  මෙම අවශ්‍යතාවයන් සන්තර්පණය කරගත නොහැකි කල්හි බිහිවෙන්නේ මානසික රෝගීන් පිරිසකි. ඔවුන් නිසා සමාජය දූෂණය වන අතර කුඩා දරුවන් අපචාරයට ලක් වීම, ස්ත්‍රී දූෂණ, සමලිංගික සේවනය, විකෘති ලිංගික හැසිරීම් (සත්වයන් / උපකරණ භාවිතයෙන්) බීමත්කම හා මත්ද්‍ර‍ව්‍ය භාවිතය, ඉක්මනින් කෝපයට පත් වීම හා ආදරය කරන දෙදෙනෙකු වෙත හෝ සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන අය වෙත වෛර කිරීම, ඔවුන් ඝාතනය කිරීම ආදී  සමාජය දූෂ්‍ය වන ආකාරයේ  ක්‍රියාදාමයන් රැසක් ඇති විය හැකිය.

නීතිගත කිරීම කෙසේ වෙතත්  රට තුල සිදුවෙන ගණිකා වෘත්තිය හා සම්බන්ධ  ක්‍රියාකාරකම් පාලනය පිළිබදව රජය යම් ආකාරයකින් කටයුතු කල යුතුම කාලයක් දැන් එළඹ තිබේ.  ගණිකා සේවයේ යෙදීමට හා සේවාව ලබා ගැනීමට අවම වයසක් නියම කිරීම, ගණිකාවන් නිරන්තර වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කිරීම හා රුධිර පරීක්ෂාව, ආරක්ෂිත උපත් පාලන ක්‍ර‍ම පිළිබද දැනුවත් කිරීම, නිරන්තර උපදේශන සේවා සැපයීම, තරුණ තරුණියන්ට නිදහසේ පෙම් කල හැකි පරිදි උද්‍යාන ඇති කිරීම, පාසල් විෂය නිර්දේශය තුල ප්‍ර‍ජනන සෞඛ්‍ය පාඩම් එකතු කිරීම,  ආදී ක්‍රියාකාරකම් මේ යටතේ කල හැකිය. විශේෂයෙන් පාසල් යන වයසේ කුඩා දරුවන් ටොෆියකින් , චොකලට් එකකින් රවටාගෙන දූෂණයට ලක් කරන්නේ ඔවුන් සතුව ඒ පිළිබද නිසි අවබෝධයක් නොමැති කමිනි.

ගණිකා වෘත්තිය මගින් විදේශ විනිමය මෙරටට ගෙන්වීමට ක්‍රියාකිරීම යන කාරණයට නම් මම තදින් විරුද්ධයි. එමගින් රටේ ප්‍ර‍තිරූපය ජාත්‍යන්තරය හමුවේ දියවී යාම නම් වළක්වන්න බෑ. තරුණ දියණියන් පැහැරගෙන විත් බලෙන් එම වෘත්තියේ යෙදවීමත්, ආදායම් ලැබීමේ අරමුණින් වැඩි වැඩියෙන් තරුණියන් ඒ කෙරේ යොමු වීමත් ඒ හේතුවෙන් සිදු විය හැකියි. අප රටේ පසුගිය දිණවල සිදුවූ කාමරැල්ලේ අපරාධ දෙස විමසිලිමත්ව බැලීමේදී පෙනී යන්නේ මෙවැනි ප්‍ර‍තිසංස්කරණයන් ඉතා ඉක්මනින් ගෙන ආ යුතු බවයි.

ජිනා මැඩම් ලා වගේ උන් ඕනෑ තරම් සිටිති. ජිනා ට දැල එලන විට පැනගිය ඇමතියා  වැනි ප්‍ර‍භූ චරිත සදහා ලිංගික ක්‍රියාකාරකම් වල නිරතවීමට බාධා අවම වුවත්... පොදු ජනයාටද එවැනි අවස්ථාවක් යම් නීතිමය රාමුකට යටත්ව ලබා දීම ඔවුන්ගේ දැඩි ලිංගික ආශාව  පාලනයට උපකාරී විය හැකිය. එසේ නොමැතිව සරම උස්සා ජොකා ඇද සිටීදැයි සෙවීම, සහෝදර සිසුන් සමග සන්ධ්‍යා කාලයේ කථා බහේ නිරතව සිටින විශ්ව විද්‍යාල සිසුවියන්ගේ කන්‍යාභාවය බලෙන් පරීක්ෂා කිරීම, ජංගම දුරකථන වල අසභ්‍ය දර්ශන සොයා උසාවි දැමීම, උද්භිත උද්‍යාන වල ලංවී සිටින පෙම්වතුන් අත්අඩංගුවට ගැනීම  ආදී  විසුලු සහගත ක්‍රියා මේ කාම අපරාධ මැඩලීමට කිසිසේත් දායක නොවේ. වර්තමාන මාධ්‍ය භාවිතය තුල ලිංගික හැගීම් ඉතාමත් තීව්ර කරන මුත්, බොහෝ පුද්ගලයන්ට එම හැගීම් පහ කර ගැනීමට මගක් නොමැතිය. පසු දිනෙක මේ ජවනිකාව අවසන් වන්නේ පාසල් යන වයසේ කුඩා දියණියක අපයෝජනය වීමෙන් හෝ ස්ත්‍රී දූෂණයක් මගින්  විය හැක.

මෙම තීරණය ගැන වඩාත් අප්‍ර‍සාදය දක්වන්නේ අපගේ කාන්තා පරපුරයි. ඒ තමාගේ ස්වාමියා හෝ පෙම්වතා මෙයින් පසු ගණිකාවන් වෙත ඇදේවි යයි ඇතිවෙන භිය නිසාවෙනි. අවංකව තමාට ආදරය කරන  පෙම්වතෙකු / සැමියකු සිටී නම් කාන්තාවන්ට භිය වීමට කිසිදු හේතුවක් නැත. ලිංගික තෘප්තිය යනු මානසික සිතුවිල්ලකි. දෙදෙනා අතර ඇතිවන නිසි අවබෝධය මත තෘප්තිය රදා පවතී. දෙදෙනා විවෘත වන තරමට තෘප්තිය පිළිබද කථිකාවක් ඇති කරගත හැකි වනු ඇත. 


HIV ඒඩ්ස් සහ සිරිලංකාව

මෙම රෝගය ගැන මේ වන විට නොදන්නා කෙනෙකු නැත. නිට්ටාවට සුව කළ නොහැකි නමුත් වළක්වා ගත හැකි රෝගයක් ලෙස සරළව දැක්විය හැකිය. ශ්‍රීලංකාව තුල ඒඩ්ස් ව්‍යාප්තිය පසුගිය කාලය තුල සීඝ්‍රයෙන් සිදුවෙමින් තිබුනත් මෑතකදී ඒ වෙනුවෙන් ගත් සාධනීය පියවර කීපයක් නිසා යම් තරමකට පාලනය කල හැකිව තිබේ. නමුත් රෝගය ආසාධනය වූ බහුතරයක් අය තමාට ඒඩ්ස් ඇති බව දන්නේ නැත. සමීක්ෂණ මගින් 5000 කට වඩා වැඩි ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාවක් ලංකාවේ ඇති බැව් පැවසුවද තවමත් රජයේ රෝහල් වල ලියාපදිංචිව ප්‍ර‍තිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 1700 කට මදක් වැඩි ප්‍ර‍මාණයකි. ඉතිරි අය සියල්ල අප ජීවත් වන සමාජයේම වෙසෙන්නෝය.

ඒඩ්ස් වසංගතය දැන් දැන් වැඩි ව්‍යාප්තියක් පෙන්වා ඇත්තේ පිරිමි සමලිංගිකයන් අතරය. යෝනි මාර්ගයක් නොමැති වීම හේතුවෙන් ගුද මාර්ගය සංසර්ගයට (Anal Sex)  යොදාගන්නා ඔවුන් එහි අභ්‍යන්තර රුධිර වහනය වීම් නිසාවෙන් ඒඩ්ස් රෝගීන් බවට පත්වෙයි. ගුද මාර්ගය යෝනි මාර්ගයට වඩා රළු වීම නිසා කොණ්ඩම් පමණක් භාවිතය ඵලදායී නැත. කොණ්ඩම් නිරතුරුව ඉරී යාමට ලක් වේ. මෙය කියවන ඔබ මෙලෙස සමලිංගික සේවනයේ යෙදෙන අයෙකු නම් කොණ්ඩමය සමග ලිහිසි ජෙල් වර්ගයක් භාවිතය වඩා හිතකරය.

ලෝක බැංකුව මගින් ක්‍රියාත්මක ගෝලිය අරමුදල යටතේ එඩ්ස් රෝගීන් සදහා අවශ්‍ය වන ප්‍ර‍තිකාර, උපදේශන සේවා ආදිය දැන් ලංකාවේ ක්‍රියාත්මකය. රජයකට මෙවැනි ක්‍රියාකාරකම් තනියෙන් කල නොහැකි නිසා මේ මැදිහත් වීම ඉතාමත් වැදගත්ය. රෝහල් කාර්යය මණ්ඩලය ගණිකාවන් සහ ඒඩ්ස් රෝගීන් හට අතීතයේදී ප්‍ර‍තිචාර දැක්වූ රළු ස්භාවය නිසාම සමාජ රෝග සහ ඒඩ්ස් වැළදුනු අය රෝහල් මග හැරියද රජයේ නවතම පුහුණුකිරීම් ක්‍ර‍මවේදයන් යටතේ අනෙක් රෝගීන්ට මෙන් කරුණාවෙන් සැළකීමටත්, ඔවුන්ගේ අනන්‍යතාවය රැකෙන පරිදි ප්‍ර‍තිකාර කිරීමටත් රෝහල් කාර්යය මණ්ඩලය පුහුණු කර තිබීම පැසසිය යුතු කරුණකි. ඒ නිසාම ඒඩ්ස් රෝගීන්ට තව දුරටත් රෝහල් මගින් ප්‍ර‍තිකාර ලැබීමට තිබූ  බාධා අවම වී ඇත.


මෙතෙක් මා  දැක්වූ තොරතුරු පිළිබද යහපත් සංවාදයක් ඇති කරනු අරභයා ඔබේ අදහස ශිෂ්ඨ බසින් කොමෙන්ටුවක් ලෙස එක් කරන මෙන් මම ඔබට ගෞරවයෙන් ඇරයුම් කරමි.




මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා


ප.ලි

සමාජයීය වශයෙන් කාන්තාවන් පෙළන ගැටළු අවම වීම ගණිකා වෘත්තියේ නිරත වන කාන්තාවන් සංඛ්‍යාව අඩු කිරීමට සෘජුවම දායක වනු ඇත.

SPA හෙවත් සම්භාහන මධ්‍යස්ථාන වශයෙන් පවත්වා ගෙන යන බොහෝ ස්ථාන ගණිකා සේවය ලබා දෙයි.

මෙම ලියමන සදහා විශාල තොරතුරු සමූහයක් මා වෙත නොමසුරුව ලබා දුන්  ශලි.... මලයා වෙත මාගේ හෘදයාංගම ස්තූතිය.












201 comments:

  1. අර ස්ටයිල් එකට වගේ මරන්න ගෙනියන හරක් නිදහස් කරනවා වගේ, මුදල් එකතු කර ගණිකාවක් සාමාන්‍ය කල හැකිය. හොඳ ලිපියක් මලේ.

    ReplyDelete
    Replies
    1. අද ලංකාවෙ ගණිකා ව්‍යාපාරයෙන් වැඩි කොටසක් එහි නිරත වෙන්නෙ දරිද්‍ර‍තාවය නිසා කියන එක තමයි සත්‍ය... වඩා හොද ජීවන තත්වයක් උදාකර ගත හැකි මගක් වෙතොත් ඒ අය බහුතරයක් මෙයින් බැහැර වේවි...

      Delete
  2. අදතමා පළවෙනි වතාවට මේ පැත්තේ ආවේ ....මරු ලිපිය ..ජයවේවා ..

    මම ඊජිප්තුවෙ
    රම්සිස්

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා රම්සිස් රජතුමා...

      ස්තූතියි ඔබේ අදහසට... දිගටම එන්න කාමරේට...

      Delete
    2. බින්දි
      මමී රිටන්ස් කීවෙ ??? අම්ම කඩේ ගිහිං ආව වත්ද ?

      Delete
    3. මමී රිටර්න්ස් කියලා තියෙන්නෙ බින්දි බින්දිගෙ දුවලා දෙන්නට...ඒ දෙන්න ගේන්න කියපු ජමනාරං එහෙමත් අරගෙන ආවලු...

      Delete
  3. මගේ අදහස නම් මේ යෝජනා ක්‍රියාත්මක කරන්න ගේන ඒවා නෙවෙයි කියල. කාලෙන් කාලෙට මොකක් හරි දෙයක් එනවනේ රටේ වෙනත් ප්‍රශ්න අමතක කිරීම සඳහා. කොහොම උනත් ඕක නීතිගත කලොත් මට නම් හිතෙන්නේ තියනවට වඩා ව්‍යසනයක් ඇති වෙන්න පුළුවන් කියන එක. දැන් ඔය කෙල්ලෝ එහෙම අරන් ගිහින් රඳව ගෙන කරන ගණිකා නිවාස වලට නීත්‍යානුකුල බවක් ලැබුනම ඕක ව්‍යාපාරයක් විදිහට තවත් අය පටන් ගන්න එකක් නෑ කියල අපිට හිතන්න පුලුවන්ද. බලෙන් කී දෙනෙක් නම් ඒවාට යෙදවෙයිද එතකොට. අනෙක ඔය ගණිකාවන් ඇසුරු කරන අය අතර ඉන්නවනේ එක එක විකෘති ආශා තියන අයත්. උදාහරණයක් විදිහට කුඩා ළමයින්, ගැබිණි කාන්තාවන් වගේ අය වෙත කැමැත්ත දක්වන්නන්. නීත්‍යනුකුලව පිහිටවූ ගණිකා නිවාස වල හිමිකරුවන් ඉහත ආකාරයේ ගනුදෙනුකරුවෙක් ආවොත් ඔහුව ආපසු හරවා යවන්න කැමති වෙයිද..
    අපේ රටේ නීතියක් හරියට ක්‍රියාත්මක වෙන තැනක් කොහෙවත් නැති එකේ මේ නීතිය විතරක් හරියට ක්‍රියාත්මක වෙයි කියල හිතන්න අමාරුයි. අනෙක කාම අපරාධ අඩුවෙයි කියල හිතන්නත් බෑ මේ ක්‍රියාමාර්ගය ගත්ත කියල. මොකද ඒවා කරන අය ගණිකා නිවාස නැති නිසා නෙවෙයි නේ අපරාධ කරන්නේ. ඉතින් මචං මට නම් හිතෙන්නේ මේක අපේ රටට අනවශ්‍ය දෙයක්. තවත් සූරා කන්නන් ටිකක් බිහි වෙයි මේකෙන්.
    දෙපැත්තම සමබරව ලියපු සිරාම ලිපියක් සිරෝ..

    ReplyDelete
    Replies
    1. මේ කථාව චන්දන නීරසයි... ඒත් එහෙම උනා කියලා කථා නොකර ඉන්නත් බෑ...විවිධ පැති වලින් රටට බලපාන ප්‍ර‍ශ්නයක් බව මම කිව්වා... පිළියමක් ලෙස මම අදහස් කලේ විදේශ විනිමය ඉපයීමට නොව මෙම ක්‍රියාදාමයන් විධිමත් අයුරින් පාලනයට රජය මැදිහත් විය යුතුයි කියලා... නීති ගත කලත් නැතත් 50000 කට ආසන්න ප්‍ර‍මාණයක් එහි නිරත වෙනවා කියන්නෙ එහි ව්‍යාප්තිය සෑහෙන තරමකට සිදු වී තිබෙන බව නේද...

      රටේ නැති සංස්කෘතියක්, සභ්‍යත්වයක් ගැන පුරසාරම් දොඩවලා තේරුමක් නෑ... ඇත්ත ඇති සැටියෙන් දකින එක තමා වැදගත්...

      Delete
  4. දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් . මමත් මේ ගැන යම් මධ්‍යස්ත තැනක ඉන්නේ . මන් කරපු රැකියාවට ඔය ලෙඩ රෝග සම්බන්ධ නිසා ඒ ගැන නම් සැහෙන අත්දැකීම් තියෙනවා . හදිසියකට යාලුවෙක් හම්බ වෙන්න ඔය අංශයට ගියත් පාරේ උන බලන්නේ අපට ඒඩ්ස් හැදිලා වගේ .

    අනික තමයි ඔය වැඩ මුළු වලදී හෙම දේශකයින් කියන කතාත් පරස්පරයි. ප්‍රධාන මාතෘකාවෙන් මදක් අපගමනය වුනත් මේ ටික මෙතනම කියන්න හිතුනා . ඒගොල්ල කියන විදිහට සැමියාට ඒඩ්ස් ඇති බව බිරින්දට වත් ඒගොල්ල දැනුම් දෙන්නේ නැහැ රෝගියාගේ අනුමැතියක් නැතුව .
    එතනදී මානව හිමිකම් කැඩෙන්නේ ගෙදර ඉන්න මනුස්සයගේ නෙමෙයිද .
    අනික් අතට නිසි ලිංගික අධ්‍යාපනයක් නැති රටක කොයිකත් භයානකයි.
    නීති ගත කලත් ඔය ගැහැණු අනිවා අමුතු සත්තු ජාතියක් ලෙස දකින එක වෙනවාමයි.

    අනේ මන්දා සංකීර්ණයි අප්පා . තමාගේ ආරක්ෂාව තමා සපයා ගන්න කියල ජේ ආර් මහතා කි එක තමා පිලි පදින්න වෙන්නේ .
    ගබ්සාව නීති ගත කිරීමයි ඕකයි දෙකම එක වගේ ප්‍රශ්න . බුවා කි පරිදි ඇමරිකාවෙත් නැතිලු නීති ගත කරලා .
    මෙහෙ ඇමතියෙක් නම් කියා තිබුනා ආණ්ඩුවට බද්දක් අරගෙන රෝග නිර්ණය සහතිකයකුත් එක්ක නීති ගත කරන්න ඕන කියල . මක් වුනාද මන්දා .
    සිංගප්පුරුවේ නම් වෙනම පළාතක් තියෙනවා . තායිලන්තෙත් නිතිගතයි . අපේ රටට කොපමණ ඔරොත්තු දෙයිද මන්දා .

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවෙ එක් ප්‍රාන්තයක හැර අනෙක් ප්‍රාන්ත වල නීති ගත කර තියෙනවා කියලයි මම අහලා තියෙන්නෙ... එහෙ ප්‍රාන්තෙන් ප්‍රාන්තෙට නීති රීති වෙනස් වන බව ඔබ දන්නවා... සමහර ප්‍රාන්ත වල සමලිංගික විවාහ පිළිගන්නවා... සමහර ප්‍රාන්ත වල නෑ..

      අපේ සංස්කෘතික වටපිටාව නිසාම ලිංගිකත්වය කියන්නෙ බොහොම රහසේ කථා බහ කෙරෙන මාතෘකාවක්... නමුත් ඒ පිළිවෙත වර්තමානයට ගැලපෙන්නෙ නෑ කියන එකයි මගේ අදහස... පාසල් වියේ සිටම දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා දෙනවා නම් ප්‍ර‍ජාව තුල යම් සාධනීය වෙනස් කම් අපට අපේක්ෂා කරන්න පුලුවන්...

      Delete
  5. SIRA AYYE, OYA SAMBANDAWA KATAKARANNAMA DEKA NETNAM KARANNA TIYENNE BLAEN AHINSAKA LAMI BILI GANNA JAWARAM KARAYO NAWATTANA EKA WITARAI. ETHANIN EHA DEYAK ME TOPIC EKA EKA KATAKARANAWANM API , EHENAM APITA PISSU + HENA GAHANA PAPA KARMAYAK. OKA NEETI GATA KALATH NOKALATH PARANAMA RASSAWA WIDIYATA OKA DIGATAMA TIYANAWA. KARANNA ONE OKEN SAMAJAYATA WENA HANIYA NAWATANA EKA WITARAI. TOPIC EKA OKA NEWI WENNA ONE OYA PILIKAWEN APE LAMI BERA GANNE KOHOMADA, JAWARAM KARAYOGEN PRAWESHAM WENEN NAWATANE KOHOMADA , EY EHEMA KAWRUWATH NOAKRANNE KIYANA TOPICS.

    ReplyDelete
    Replies
    1. මේ දේවල් සම්පූර්ණයෙන් වළක්වන්න පුලුවන් කියලා කවුරු හරි කියනවා නම් ඒ කථාව හරිම සුන්දරයි... නමුත් ප්‍රායෝගික නෑ... මේ කාර්යයට එළඹෙන අය මුහුණදීලා තියෙන ප්‍ර‍ශ්ණ වල බැරෑරුම් කම නිසාම දිනෙන් දින වැඩි වෙනවා මිසක අඩු වෙන්නෙ නෑ... ඒ නිසා කල යුතු හොදම දේ තමා දැනට සිදුවෙන ක්‍රියාකාරකම් වලට ප්‍ර‍මිතියක් ඇති කිරීම...එමගින් ඒ ආශ්‍රිතව පැණ නැගී තියෙන සමහර ප්‍ර‍ශ්න වලට උදා- රෝග ව්‍යාප්තිය, යම් විසදුමක් ලැබෙන්න ඉඩ තියෙනවා...

      Delete
  6. ඉතාම වටින ලිපියක් විස්තරාත්මකව ලියල තියෙනව.මතලන්ගෙ ලිපියට විරුද්දව මත දරපු අයට වැඩි විස්තර මෙම ලිපියෙන් ලැබිල තියෙනව කියල මම හිතනවා.

    ReplyDelete
    Replies
    1. මේ කථාබහට විරුද්ධ වෙන බහුතරයක් කියන්නෙ ලංකාවෙ වගේ සංස්කෘතියක්, සභ්‍යත්වයක් තියෙන රටකට මෙය ගැලපෙන්නෙ නෑ කියලා... නමුත් ඇත්තම තත්වය එහෙම සභ්‍යත්වයක් අද ලංකාවෙ තියෙනවද කියලා... දිණකට මිනී මැරුම්, ළමා අපචාර, ස්ත්‍රී දූෂණ කීයක් නම් වෙනවද...

      Delete
  7. සංචාරක ව්‍යාපාරය තිබෙනතුරු ගණිකා ව්‍යාපාරය නැවැත්විය නොහැකියි. තාරුණ්‍යය නියමිත කලට පෙර බලහත්කාරයෙන් පුබුදුවන මාධ්‍ය ජඩ ව්‍යාපාර මගින් කෙරෙන්නේද ගණිකාවන් බිහිකිරීමට අත්වැල් සැපයීමයි. ඔබ පෙන්වා දී ඇති ගණිකාවන් වර්ග වලට අමතරව තවත් වර්ගයක් ඉන්නවා. තම අසීමිත අතෘප්තිකර භාවය නිසා විනෝදයට යහන් ගතවන කොටසක්ද ඉන්නවා. ඔවුන් ගාස්තු ලෙස ලබන්නේ කෑම බීම, තෑගී බෝග, සංචාර, ආදියයි. ගණිකා ව්‍යාපාරය නීත්‍යානුකුල කිරීමේ තත්වයට අප තල්ලුවෙමින් පවතින්නේ මහා බලගතු හස්තයන් විසින් වක්‍රව රට පාලනය කෙරෙන බවට උදාහරණ සපයමින්. ගුද ලිංගික සංසර්ගය හැඳින්වීමට යෙදිය යුතු ඉංග්‍රීසි වචනය Anal Sex නේද? යතුරුලියන අත්වැරැද්දකින් එය Eral Sex යනුවෙන් ටයිප් වී ඇති බව පෙනෙයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචාරක තුමා වැරැද්ද පෙන්වා දුන්නාට... අකුරු හුටපටේ මම නිවැරදි කොලා.

      අද සමහර තැන් වල රැකියාවක් ලබා ගන්න, ස්ථාන මාරුවක් ලබාගන්න වගකිව යුතු පුද්ගලයන්ට ලිංගික අල්ලස් දිය යුතු තත්වයක් නිර්මාණය වෙලා තියෙනවා... මම හිතනවා එමගින් ලංකාවෙ පුද්ගලයන් කෙමෙන් කෙමෙන් යන්නෙ කොතනටද කියලා අදහසක් ගන්න පුලුවන් කියලා...

      Delete
  8. ගොඩක් අය ඔය රස්සාවට වැටෙන්නේ තමන්ගේ වරදින් නෙමේ අනුන්ගේ වරදින්.. සල්ලි වෙනුවෙන් මිනිස්සු මොනතරම් දේවල් කරනවද . සමහර විට තමන්ගේ දරුවන් ජිවත් කරන්නේ ඇග විකුණලා ගන්න සල්ලි වලින් වෙන්න පුලුවන්.. ඒ අය දිහාත් සානුකම්පිතව බලන්න පුලුවන්නම් හොදයි..

    පිරිමින්ගේ පාප කදට දෝෂ විදින ලදුනේ...
    අදුරේ පව් කරන දනා එළියේ රවන ලදුනේ
    ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලදුනේ..
    කුහුබුවේකුට වරදක් නැති වැරදිකාර ලදුනේ...

    ReplyDelete
    Replies
    1. ඔබ හිතන විදියට හැමෝම හිතනවානම් ඒ අයගෙ ජීවිත සැබවින්ම වෙනස් වේවි...

      අදුරේ පව් කරන දනා එළියෙ රවන ළදුනේ....

      Delete
    2. Blog ekan "Anonymous" ayin kara ai?
      Jayawewa,
      Sajith

      Delete
    3. Anonymous අයින් කලා නම් ඔබ කොහොමද කමෙන්ට් කරන්නෙ... එහෙම කරලා නෑ තවම...

      Delete
    4. sorry..sorry..oya nami "Chami". awulak naha mata dan gmail tiyanawa.
      Sajith

      Delete
  9. නියම ලිපියක් සිරා.

    ReplyDelete
  10. ඔය ක්‍රියාවලිය නිතිගත කිරිම අපේ රටට නුසුදුසුයි....මොකද ව්‍යසනය සීඝ්‍ර ලෙස වැඩිවිය හැකි නිසා එක උදාහරණයක් හොර මෙඩිකල් සෙටිෆිකට් තොග ගානට ගන්ඩ පුලුවන් නේව අපේ රටේ

    ReplyDelete
    Replies
    1. නීතිගත නොකලත් දැනට තියෙන තත්වයේ හැටියට ඇතිවෙන සමාජ ව්‍යාකුලතා අවම කිරීමට රජයේ යම් මැදිහත්වීමක් අවශ්‍යව තිබෙනවා...

      රජයේ ආයතනයකින් පමණක් වෛද්‍ය සහතික මේ අයට නිකුත් කිරීමට රෙගුලාසි පනවන්නට හැකියි නොවැ... එවිට ඔබ දක්වන අඩුපාඩුව නිෂ්ප්‍ර‍භා වෙනවා...

      Delete
    2. රජයේ හොරයක්කු නැතුවැ මලේ ...

      Delete
    3. එහෙම තර්ක ඔට්ටු නෑ... හැමතැනම හොරු කියන එක උත්තරේ නම් කිසිම තර්කයක් නගන්න බෑ...

      Delete
  11. මමත් ඒඩ්ස් සම්බන්ධව කටයුතු කරපු රාජ්‍ය නොවන සංවිධානයක් එක්ක යුද්දේ තිබ්බ කාලේ පොලොන්නරුව පැත්තේ වැඩ කළා. හමුදාවෙන් නිවාඩු අරන් එන කොල්ලන්ගේ පඩි පැකට් එක ගණිකාවන්ට පුජ කරලා හිස් අතින් ගෙදර යන හැටි මමත් දැකලා තියෙනවා.

    අරක්කු සිගරට් වලට නීතියෙන් තහනමක් නැති උනාට කසිප්පු වලට තහනමක් තියෙනවා නේ. අන්න ඒ විදියට ගණිකා ව්‍යාපාරයේත් යම් ප්‍රමිතියකින් යුතුව නිත්‍යානුකුල තත්වයක් ඇති කරනවාට මමත් එකගයි. මෙහෙම කියන කොට සමහරු කියන්න පුළුවන් උඹේ අම්ම හරි අක්ක හරි මෙහෙම ගණිකාවක් වෙනවා දකින්න උඹ කැමතිද කියලා. හොර රහසේ මේ රස්සාව කරනවාට වඩා නිත්‍යානුකුල තත්වයක් යටතේ මේක තිබ්බොත් දැනටමත් වලට වැටුණු ඒ අයට කෙසේ වෙතත් ඒ අයගේ ළමයින්ට හරි මිට වඩා ඔලුව උස්සලා සමාජයේ ජිවත් වෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මොකද දැනට ඒ ළමයින්ට මේ සුද්දවන්ත සමාජයේ සුද්දවන්තයෝ කියන්නේ වේසිගෙ පුතා කියලා නිසා

    වෙන රස්සාවක් නැති කමට ආතල් එකට මේක කරන අයත් හිටියට ගොඩාක් කාන්තාවෝ මේ තත්වෙට වැටිලා තියෙන්නේ තමන්ගේ කැමැත්තෙන් නෙවෙයි.
    රෙපා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෙපා... ඔබ මේ ගැටළුව දිහා බොහොම ධනාත්මකව බලන බව පේනවා..මේ අයත් අපි ජීවත් වෙන සමාජයේම කොටස් නිසා කිසිසේත් ඒ අය සමාජයෙන් බැහැර කරන්න බෑ... ඔවුන් මේ තත්වයට පත්කල ගැටළු හදුනාගෙන විසදුම් ලබාදෙන්නට නොහැකි නම්... දැනට කරගෙන යන කාරිය හරි විධිමත් කිරීමට රජය උත්සුක විය යුතුයි.

      Delete
  12. රත් උන තැටියේ පුච්චන තවත් රොටියක්...අනේ මන්ද මේ ගැන කියෝලම එපා වෙලා..

    ReplyDelete
    Replies
    1. අමතක උනානෙ කියන්න. අර දත් කතාව ගැන තිබුන ෆිල්ම් එකක් මම බලලා තියෙනවා..ඒකෙ නම Teeth

      http://www.imdb.com/title/tt0780622

      Delete
    2. හි හි.. ළිහිණියෝ... මටත් අමතක උනා බං ඒක කියන්න....

      Delete
    3. ඈක්කා මටනම් ඒක අප්පිරියයි අනේ

      Delete
    4. අප්පිරියා මොකටද...අර බල්ල කන සීන් එකටද හි හි හී...

      Delete
    5. හැම කෙල්ලටම එහෙම එකක් තියෙන්න ඕනේ කියලත් හිතෙනවා බං.. බලෙන් කරන්න එන එවුන්ට පාඩමක් උගන්නන්න... හි හි....

      Delete
    6. @ ලිහිණි

      රත්වුන තැටියේ පුච්චපු තවත් රොටියක් ලෙස ඔබට පෙනෙන එකේ වරදක් නෑ... මම මේ ගැන ලියන්න හිතනකොට කිසිම බ්ලොගක මේ සම්බන්ධයෙන් ලියවිලා තිබුනෙ නෑ... කරුණු එක් රැස්කර ගෙන වැඩේට බහිනකොට කීපයක් ලියවිලා තිබුනා... ඒ අස්සෙ මමත් ලිව්වා...

      මව් කුසේ මුල් කාලයේ කලල දෙකක් විකසනය වීමේදී සිදුවන ඇබැද්දියක් නිසා වෙන්ට ඕනෙ ඔය කියන තැන දතක් පිහිටලා තියෙන්න ඇත්තෙ... ස්තූතියි ඔබේ ලින්කුවට... වෙලාවක බලමු ඒ කථාවත්..

      @ හිරු

      ඊට නරකද හිරු අර බ්‍රීප්කේස් වල වගේ අංක සහිත ලොක් එකක් තියෙන යට ඇදුමක් නිර්මාණය කලොත්....

      Delete
    7. //හැම කෙල්ලටම එහෙම එකක් තියෙන්න ඕනේ කියලත් හිතෙනවා බං.. බලෙන් කරන්න එන එවුන්ට පාඩමක් උගන්නන්න... හි හි....//

      අපොයි අපේ මහත්තයගේ .......

      Delete
    8. හිරු
      මෙන්න මේ වගේ එකක් නේද ඔයා කියන්නෙ ?

      Delete
    9. මමත් ඒ ෆිල්ම් එක බැලුවෝ. මටත් අප්පිරියයි

      Delete
  13. කියන්න තියෙන ඔක්කොම ටික ඊයේ කිව්වා සිරා මාතලන්ගේ ඒකේ... මම හිතන්නේ නෑ ආයිත් ඒ ටික කියන්න මෙතනත්... එකම දේ ඕකේ දෙපැත්තක් තියෙනවා.. ඒ දෙපැත්තෙන් නරක පැත්ත සිදු වීමේ ඉඩකඩ වැඩියි ලංකාවේ...

    මට නම් පෙන්නේ මෙතන වැරැද්ද සමාජයේ කියලා... ( මමත් ඇතුළුව) එහෙම එකේ නීතියක් ගේන එකෙන් වෙන්න වැරද්ද කරන අයට ( ගැහැණුන්ව මේ තත්වයට පත් කරන අයට) අනුබලයක් ලබෙන එකයි කියලා මට හිතෙනවා.. ඒත් වෛද්‍ය පහසුකම්, නීතිමය පහසුකම් දෙන්න ගණිකා “වෘත්තිය” නීතිගත කළ යුතුමයි කියලා මම හිතන්නෙ නෑ.... කවදාවත් එහෙම කළාය කියලා මේ දැන් තියෙන සමාජයේ ඒ වගේ කෙනෙක්ගේ දරුවන්ට හෝ ඔය ලැබෙනවාය කියන පිළිගැනීම ලැබෙන්නෙ නෑ...

    ගෑණියෙක් හැටියට මම ගණිකාවක් කියන තත්වය පහත් කියලා හිතනවා... කිසිම ගැහැණීයක් ඒ තත්වයට වැටිය යුතු නෑ කියලා හිතනවා.. මම ඒ වගේ තත්වයක ඉන්න කෙනෙක්ට අනුකම්පා කරනවා වගේම, එතනින් මිදෙන්න මට පුළුවන් උදව්වක් කරන්න ලෑස්තියි.. කරලත් තියෙනවා.. නමුත් ඒ තත්වයේම තවදුටරත් රෑදී ඉන්න පහසුකම් සලසන්න නම් මම කැමති නෑ....

    ඉස්සෙල්ලා සමාජයේ යම් තරමකට මේ ගැන විවෘතව කතා කරන තත්වයක් ඇතිවිය යුතුයි... ඒ කිව්වේ ලිංගිකත්වය ගැන... මොකද දැනටත් ගොඩක් අය බය නීතියට නෙවෙයි,සමාජයට.. පෝස්ටර් ගහනවා, ටීවී එකේ දානවා කියලා ගණුන්ව බය කරන්න බැරි තත්වයක් යම් තරමකින් හරි ඇතිවිය යුතුයි... ඊට පස්සේ නීතියක් ගෙනාවොත් ඒකෙන් වෙන හොඳ වැඩිවෙයි.. නැතුව නම් එක වැරැද්දක් හදා ගන්න ගිහින් තව වැරදි මහ ගොඩක් ඇති කරගන්න එක විතරයි වෙන්නේ මට හිතෙන විදියට...

    ReplyDelete
    Replies
    1. මුලින්ම හිරු ට ස්තූති වන්ත වෙනවා මේ සංවාදයට ඔබේ වටිනා කාලය කැප කරලා දායක වීම සම්බන්ධයෙන්...

      මම මේ කාරණය නීතිගත කළ යුතුමයි කියන අයෙක් නොවෙයි. මා අවධාරණය කරන්නේ 50000 කට අධික ගණිකාවන්ගේ කාර්යයන් යම් කිසි පාලනයකට ලක් කිරීමට රජය මැදිහත් විය යුතු බවයි. මේ වගේ විශාල අගයක් සමග ගණුදෙනු කරන ස්වාමිපුරුෂයන්, සහෝදරයන්, පියවරු මේ සමාජයේ ඕනෑ තරම් ඉන්නවා... ඒ අය එවැනි ඇසුරකින් උකහාගෙන එන රෝගයක් කිසිත් නොදන්නා බිරිදට,පෙම්වතියට නොමසුරුව පරිත්‍යාග කරන වටපිටාවක් දැනට තියෙන්නෙ... එවැනි සිදුවීමක් වුවොත් එමගින් ඇතිවන සමාජ ගැටළු ඉතාමත් සංකීර්ණ වෙන්න පුලුවන්...

      ගණිකාව තමන්ගෙ දරුවාගේ අධ්‍යාපනයට, පවුලේ නඩත්තුවට, දෙමාපියන් පෝෂණයට මුදල් උපයන්නේ මෙමගින් නම්, ඇයට වෙනත් ආර්ථික කාර්යයක නිරත වීමට හැකියාවක් නැති නම්, උදව් කිරීමට කිසිවෙකුත් නැතිනම්...ඇයට ඇති එකම පිළිසරණ දැනට කරනා මේ වෘත්තිය නොවේද...ඒ අයට එය නතර කරන්න කිසිවෙකු කියනවානම් ඊට පෙර වෙනත් ආදායම් මාර්ගයක් සූදානම් කර දිය යුතුයි. නමුත් ඒ කාර්යය කවදාවත් වෙන එකක් නෑ.

      Delete
    2. පළවෙනියට කරන්න තියෙන දේ නොකර නීති ගෙනල්ලා වැඩක් නෑ කියන එකයි මම කියන්නේ සිරා...

      පළවෙනියට මේ සමාජයේ ලිංගිකත්වය ගැන විවෘතව කතා කරන තත්වයක් ඇති කරන්න ඕනේ... දැනුවත් කිරීම් කරන්න ඕනේ...මේ වගේ මාතෘකා වැඩිහිටියන්ට පමණයි කියලා නොදා කතා බහ කරන්න පුළුවන් තත්වයක් ඇති වෙන්න ඕනේ... බලෙන් මේ තත්වයට දාන එක නවත්තන්න කරන්න පුළුවන් හැමදේම කරන්න ඕනේ... ඊට පස්සේ පුළුවන් ඕනෙනම් නීතියක් ගෙනල්ලා බද්දක් අය කරගන්නත්...

      මොන රටේ මොන විදියට තිබ්බත් ඕනෙම සමාජයක ගණිකාව කියන්නෙ පහත් තත්වයක්.. ඔය කොච්චර නෑ නෑ කිව්වත් ඇත්ත තත්වය ඒකයි... නීතිගත උනත් නැතත් සමාජය ගණීකාව දිහා බලන්නේ වපර ඇහින්... ඒ සමහර රටවල් විවාහයට කලින් දහ පාලොස් දෙනෙක් එක්ක හිටියත් ප්‍රශ්නයක් නැති රටවල්.. නමුත් ලංකාව තාමත් කන්‍යාභාවය හොයන රටක්...

      මම කියන්නෙ නෑ මේ තත්වය නැති කරන්න පුළුවන් කියලා.. නැති කරන්න ඕනේ කියලත් කියන්නේ නෑ... ඒත් වෛද්‍ය පහසුකම්, ළමයින්ට ආරක්ෂාව, ඒ අයට ආරක්ෂාව දෙන්න මේක නීතිගත කරන්න ඕනේ නෑ... ඒකයි මගේ අදහස...

      මේකට මට දෙන්න පුළුවන් උදාහරණ දෙකක් තියෙනවා..

      එකක් කාන්තාවන් මැද‌ෙපරදිග ගෘහ සේවයට යැවීමෙන් වෙච්ච දේවල්... අද වෙන‌ෙකාට ඇති වෙලා තියෙන තත්වය ගොඩක් අය දන්නවා.. ඒක උනේ මුලින්ම කරන්න අවශ්‍ය උනු දරුවන්ට ආරක්ෂාව සැලසීමේ ක්‍රමයක් හදන්නේ නැතුව අම්මලව පිටරට යවපු එකෙන් නේද...?

      අනිත් එක තැලිසිමියා කැම්පේන් එක.... අපෙ රටේ තිබ්බ නෑනා මස්සිනා විවාහ අඩු කරන්න තැලිසිමියා කැම්පේන් එක කොච්චර බලපෑමක් කළාද... ? අද හැමෝම වගේ තැලිසිමියා කේන්දරේ කියන එක අඩු ගානේ අහලවත් තියෙනවා... කරන්න ඕනේ දේ මුලින් කරපු එක තැනක් ඒක...

      Delete
    3. ඔබ මුලින් යෝජනා කරන දෑ ඉටුකරන්න යම් කාලයක් යනවා නොවැ... අන්න ඒ කාල පරාසය තුල කල යුතු දේ තමයි කර්මාන්තයට රජයේ මැදිහත් වීම....ඔබ යෝජනා කරන දෑ සමග මම එකගයි...දූෂිත නිලධාරීන් සමග රජයකට එවැනි දෑ නියමාකාරයෙන් ක්‍රියාත්මක කල හැකි වේදැයි යන්න ගැටලුවක්...

      ලිංගික අධ්‍යාපනය පුලුල් වෙන්න ඕනෙ පාසල් මට්ටමෙන් එහි විවාදයක් නෑ. නීතිගත නොකර වෛද්‍ය පහසුකම්, ආරක්ෂාව දෙන්න බැරි නෑ... නමුත් පුළුල් ලෙස කල්පනා කරද්දි ගණිකා ගහණය අඩු කරන්න නම් මෙය නීතිගත කර යම් නීති රීති වලට යටත් කල යුතුයි...එමගින් අලුතින් කර්මාන්තයට පැමිණෙන අයත් පාලනය වෙනවා...

      Delete
    4. සිරා, රියදුරු බලපත් ලබා ගැනීමේදී ලර්නස් එකෙන් තමන්ගේ නමින් මෙඩිකල් රිපෝර්ට් එකක් පුරවා ඉදිරිපත් කරන්නේ කිසිදු පරීක්ෂාවකින් නොවන බව ඔබ දන්නවාද?

      5000කින් 50000ක් අමාරුවේ වැටෙන්නේ අඳුරේදී. (නීතියෙන් තහනම්ව තිබියදී) එසේනම් නීති ගත කල හොත්?

      කිසිදු ආකාරයකින් නීතියක් ක්‍රියාත්මක නොවන රටකදී මෙවන් නීති මගින් පනින රිලවුන්ට ඉනිමං බැඳීමක් පමණක් සිදුවේවි. දැනට ගැහැණු ළමුන් අමාරුවේ දාන අයවලුන් නීතියෙන් නිවැරදි කරුවන් වේවි.යම් තරමකින් හෝ නීතියෙන් රැකවරණයක් ලබා සිටින ස්ත්‍රිය අසරණ වේවි.

      @ හිරු +++++++

      Delete
    5. ලර්නස් වලින් මෙඩිකල් පුරවනවද කියලා නම් මම කියන්න දන්නෙ නෑ... මගේ ලයිසන් එක වෙනුවෙන් ඒ වැඩේ කලේ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්... මා භාවිතා කල රියදුරු පුහුණු පාසල අනුමත කලෙත් නිවැරදි ඒවා පමණයි... හොර කරන්න බෑ කිව්ව ලංගම ටිකට් මැෂිමෙනුත් ටිකට් හොරට කැඩුවෙ ලංකාවෙ ගොයියෙක් තමා... හොරකම නැති තැනක් නෑ එහෙම බැලුවොත්.... ඉහළ සිට පහළට හොරකම..

      මා තර්ක කරන්නේ නීතිය නිවැරදි ලෙස මේ ගැටළුවේදී ක්‍රියා කරනු ඇතැයි යන උපකල්පනයෙන්... ඔබ කියන පරිදි කිසිදු ආකාරයක නීතියක් අප රටේ ක්‍රියාත්මක නොවේ නම් නීතියෙන් තරමක හෝ රැකවරණයක් ස්ත්‍රියට හිමිවෙන්න ඉඩක් නෑ නේද..

      Delete
  14. ඔබේ යම් අදහස් වලට මම එකඟයි.!( මගේ මතය මම හිතන්නේ ඔබ දන්නවා!) //මෙම තීරණය ගැන වඩාත් අප්‍ර‍සාදය දක්වන්නේ අපගේ කාන්තා පරපුරයි. ඒ තමාගේ ස්වාමියා හෝ පෙම්වතා මෙයින් පසු ගණිකාවන් වෙත ඇදේවි යයි ඇතිවෙන භිය නිසාවෙනි.//කොහෙත්ම මේ නිසා නම් නොවේ !මක් නිසාද යත් මගේ සැමියා දැනට රැකියාවේ නියුතු රටේ ගණිකාවන් ඕනෑ තරම් !
    :)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත රෙහානි.. ආත්මාර්ථය යම් තරමකින් බලපානවා උනාට මේක නෙවෙයි තියෙන ප්‍රධාන බය... දැනටත් මේ සමාජයේ කාන්තාවන්ට තියෙන පීඩනය මේකෙන් තවත් වැඩි වෙනවා මිසක් අඩු වීමක් වෙන්නේ නෑ.....

      Delete
    2. ඔබේ පිළිතුර ඔබට සාපේක්ෂයි රෙහානි... ඔබට ඔබේ ස්වාමිපුරුෂයා විශ්වාස නිසයි ඔබ එවැනි මතයක ඉන්නෙ... නමුත් අද සමාජයේ බහුතර බිරින්දෑවරු ඔතන නෑ... තමාගෙන් තෘප්තිමත් නොවන ස්වාමියා අන් ළදක් වෙත ඇදේවි යන භිය ඒ අයට හොදින්ම දැනෙනවා...

      @ හිරු

      දියුණු යැයි සම්මත ඇතැම් රටවල දැන් මාලදිවයිනේ පවා නිරුවත් කලාප තියෙනවා... එහෙම උනා කියලා මහමග යන කාන්තාවන් දූෂණය කිරීමක් වෙන්නෙ නෑ... හැමදේටම මුල් වෙන්නෙ පුද්ගල චින්තනය... බටහිර මිනිස්සු විවාහ ජීවිතයේ එන නොගැලපීම් හමුවේ වෙන්වෙනවා... අපේ අය ලෝකයාට භයේ වෙන්වෙන්න දහසක් හේතු තිබියදීත් අමාරුවෙන් කසාදෙ ගැටගහගෙන දහස්වර මානසිකව හා කායිකව දුක් විදිනවා...

      Delete
  15. මගේ මතය මම මාතලන්ගේ පෝස්ට් එකේ දී කිව්වා. මම පෙනී සිටින්නේ ලාංකික කාන්තා පරපුරම වෙනුවෙන්. වෛද්‍යවරයෙක් ලෙස විශේෂයෙන්ම ලිංගික කටයුතු සම්බන්ධ විෂයකට විශේෂඥතාවය දරන නිසා මම දන්නවා මේ රටේ මිනිස්සුන්ගේ සිතිවිලි. එම නිසා ලිංගික කටයුතු වලදී ඔවුන්ගේ පසුබෑම මම හොදින්ම දකිනවා.

    ගණිකා වෘත්තිය නීත්‍යානුකූල ව්‍යාපාරයක් කිරීමෙන් කිසිම හානියක කාන්තාවට වන්නේ නැහැ කියලා මම කියන්නේ නැහැ. නමුත් අද ට වඩා හොද තත්ත්වයක් ඇති වනවා.

    මම ඇමරිකාවේ දී එක්තරා නිරුවත් සමජ ශාලාවක වැඩ කරන නලඟනක් සමඟ කතා කළා. ඇය විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්. ඇයගේ පාසැල ගාස්තු හොයන්න තමයි මේ විදියට හැමදාම රෑට පැය තුනක කාලයක් වැඩ කරන්නේ. ඇය ගණිකාවක් නෙමේ. ඇයගේ උපාධිය ඉවර වුනහම මොකද කරන්නේ කියලා මම ඇහුව ප්‍රශ්නෙට ඇය දුන්නේ මෙහෙම උත්තරයක්. දන්නේ නැහැ. තාම හිතලා නැහැ.

    මම කියන්නේ මේ සේවයක් ඇයි අපි ඔවුන් දිහා වැරදි විදියට බලන්නේ?

    මේ කමෙන්ට් එක මගේ ප්‍රතිරූපයට හානියක් කියලා මම දන්නවා ලංකාවේදි. මට මොකද ? මම ඒ ගැන හිතන්නේ කම්මලේ බල්ලගේ න්‍යායෙන්.

    ReplyDelete
    Replies
    1. //ගණිකා වෘත්තිය නීත්‍යානුකූල ව්‍යාපාරයක් කිරීමෙන් කිසිම හානියක කාන්තාවට වන්නේ නැහැ කියලා මම කියන්නේ නැහැ. නමුත් අද ට වඩා හොද තත්ත්වයක් ඇති වනවා//

      +++++++++++++

      මමත් කියන්න හැදුවේ මෙන්න මේ කතාව. මොකද කාන්තාව ගණිකාවක් බවට පත් වෙන්නේ පිරිමියෙකුගේ අවශ්‍යතාවයක් වෙනුවෙන්. පිරිමියා ඇයගේ ශරීරය වෙනුවෙන් මුදල් ගෙවන නිසා තමයි ගණිකාව කියන ගැහැණිය තමන්ගේ ශරීරය ඔවුන්ට විකිණීම හෝ කුලියට දීම සිදු කරන්නේ.

      දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ රස්සාවට වැටුණු ගැහැනුන්ට වඩා ඔවුන්ගේ ළමයින්ට සමාජයේදී ඇති වෙලා තියෙන තත්වය මම දැකලා තියෙනවා. මේක නිත්‍යානුකුල බවට පත් කිරීමෙන් කාන්තාවට කෙසේ වෙතත් අර කිසි දෙකට සම්බන්ධයක් නැති අහිංසක දරුවන්ට වත් යහපතක් වෙනවා නම් ඔවුන්ගේ අනාගතය මිට වඩා ගොඩාක් වෙනස් වෙයි.


      රෙපා

      Delete
    2. වෙද මහත්තයා කියන කතාව ඇත්ත.. ඒක හොදයි.. නමුත් මේ සමාජයේ ඔය පිළිගැනීම ලැබෙන්නෙ නෑ කියන එක ගෑණියෙක් හැටියට මම දන්නවා.. හේතුව කොච්චර සංස්කෘතිය සභ්‍යත්වය වල පල්ලට ගිහින් තිබ්බත් ලංකාවේ හැම මනුස්සයෙක් තුළම සංස්කෘතිකමය ගෑණීයෙක්, පිරිමියෙක් ඉන්නවා....

      දැනට ඔය තත්වයේ ඉන්න අයට හොඳයි කියලා කියමුකෝ... හැම කෙනක්ම වගේ පිළිගන්නවා බොහොමයක් කාන්තාවන් මේ තත්වයේ ඉන්නේ තමන්ගේ කැමැත්තෙන් නෙවෙයි කියලා... ඒ ව‌ෙග්ම වැඩි දෙනෙක් මේ ත්තවයට පත් වෙන්නෙ බය කිරීමෙන්, බලෙන් කියලා... එත‌කොට ඔය තත්වය වැඩි වෙන එකක් නැද්ද...?

      ////මම කියන්නේ මේ සේවයක් ඇයි අපි ඔවුන් දිහා වැරදි විදියට බලන්නේ?////

      සේවයක් කරන්නේ කැමැත්තෙන්... ඒක තමන්ගේ තෝරා ගැනීමක්... නමුත් ලංකාවේ මේක සේවයක් නෙවෙයි නේද.....? ( 80% වත් ඉන්නේ බගෙන් මේ “ වෘත්තියට’ යොදවපු අය නෙවෙයිද....?

      අනිත් එක පිට රටවල්වල ඒ අයට කාලයක් එහි යෙදී පස්සෙ එයින් ඉවත් වීමේ අවස්ථාව තියෙනවා.. ලංකාවේ එහෙම තියෙනවද....? නීතියක් මඟින් පුළුවන් කියමුකෝ.. සමාජය තුළ පුළුවන්ද.... ?

      සූදානම් නැති සමාජයක නීතියකින් කරන්න පුළුවන් හොඳට වඩා වැරදි ගොඩක් තියනවා...

      එක කාලයකදි කාන්තාවන් ගෘහ සේවයට පිට රට යන එක වැරැද්දක් නෙවෙයි කියලා හිතලා මහා පරිමාණෙන් කළා.. දැං ඒකේ ඵල විපාක දැනෙනකොට ඒක වරැද්දක් කියලා හිතෙනවා.. ඒක උනේ සාමජයේ සූදානම් කමක් නැති නිසා... ළමයි ගැන බලන්න මේ රටේ ක්‍රමයක් නෑ... ළමයි අයාලේ ගියා... මුලින් තිබ්බේ ඒක කරන්න නෙවෙයිද....?

      Delete
    3. මහ වෙදනා තුමා මේ කාරණයට සුදුසුම අර්ථ විවරණයක් ලබා දී තිබෙනවා... එතුමා වෘත්තීය ජීවිතයේත් යම් පමණකට ලිංගික කාරණා කථා බහ කරන නිසා අනිත් අයට වඩා ගැටළුව පිළිබද අවබෝධයක් තියෙනවා කියලයි මට හිතෙන්නෙ...

      මිනිහෙක්ට තමන්ගෙ හිතේ හිරවෙලා තියෙන ලිංගික පීඩනය මුදාගන්න අවස්ථාවක් විවර කර දීලා ඔහුගෙන් දූෂ්‍ය වන්නට ඉඩ තිබූ කුඩා දැරිවියක් හෝ කාන්තාවක් ආරක්ෂා කරගැනීමට හැකියාවක් ලැබෙන්නෙ නෑ කියලා කියන්න බෑ...

      ඔබතුමාගෙ ප්‍ර‍තිරූපයට ඇත්තටම මේ කොමෙන්ටුව හානියක් බව මමත් පිළිගන්නවා... වැල යන අතට මැස්ස ගහන ක්‍ර‍මයක් තමයි ලංකාවෙ ජනප්‍රිය... හොද නරක හොයා බැලීමකින් තොරව අනෙක් අය අකමැති නම් මමත් අකමැතියි න්‍යාය....

      @ හිරු

      //ලංකාවේ හැම මනුස්සයෙක් තුළම සංස්කෘතිකමය ගෑණීයෙක්, පිරිමියෙක් ඉන්නවා.... //

      ඇත්ත... නමුත් එවැනි සංඛේතාත්මක සංස්කෘතික රාමුවකින් මේ ගැටළු කිසිවක් විසදන්න බෑ...අපේ රට සංස්කෘතික බැදියාවෙන් බොහොම ඉහළ රටක් ඇත්ත... නමුත් ඒ දැන් නෙමෙයි බොහොම කාලෙකට ඉස්සර... ඒ කාලෙ තමයි මැණිකක් අතින් ගත්ත කාන්තාවක් තනිවම මහ රෑ පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට කිසිම හානියක් නැතුව එන්න පුලුවන් කියලා කිව්වෙ...

      Delete
    4. මම අදහස් කළේ සිරා ඉස්සර තිබ්බ සංස්කෘතිය ගැන නෙවෙයි... දැං තියෙන සංස්කෘතිය ගැන..

      අපේ රටේ කොල්ලො තමන් බඳින කෙල්ල ගැන දරන අදහස් වගේ දේවල් ගැන.. වැඩි ඉල්ලුමක් තියෙන්නේ කොට ගවුම් අඳින අයට වඩා සාරියක් අඳින කෙල්ලන්ට.. හොයන්නේ කන්‍යාභාවය තියෙන අයව ... වැඩිය රස්තියාදු ගහන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න කෙල්ලන්ට... කොල්ලො ගොඩක් යාලුවො නැති අයට... කොටින්ම වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා වත් නැති අයට.... උපාධියක් ගත්තත් ගෙදර නවත්තින්න කැමති කෙල්ලෙක්ව... රස්සාවට කොච්චර ලොකු උනත් දවස් ගණන් පිට යන්න තියෙනවා කෙල්ලව නම් ගෙදර නවත්තගන්නේ නැද්ද...? නිළීයක් වෙන්න හදන කෙල්ලෙක්ට කොච්චර බලපෑම් එනවද ගෙවල් වලින්... ඔය වගේ දේවල් ගැන....

      නිකමට හිතන්න... කිසි කෙනෙක් කැමතිද වයිෆ් ගණිකා වෘත්තියේ යෙදුන කෙනෙක් කියලා සමාජය දැන ගන්නවට....? කිසි කෙනෙක් කැමතිද තමන්ගේ හස්බන්ඩ් වෙන ගෑණියෙක් ළඟට යනවට....?

      කී දෙනෙක් මේ වගේ මතෘකාවක් කතා කරද්දි තමන්ට ප්‍රශ්නයක් වෙයි කියලා මඟෑරලා යනවද...?

      කොච්චර රැඩිකල් කිව්වත් ඕවා අපේ ඔලු වල කා වැදිලා තියෙන්නේ....

      Delete
    5. ඔබ මුලින් දක්වලා තියෙන දේවල් ඒ ඒ පුද්ගලයාගෙ රුචිකත්වය මත තීරණය වන දේවල්...(කන්‍යාභාවය/සාරිය) ඊටත් පස්සෙ දක්වලා තියෙන කාරණා (නිළිය/රැකියාව) ආදරය නිසා ඇති වෙන සංසිද්ධීන්... ආදරය කවදාවත් රාගයෙන් තොර සද එළිය සේ අචින්ත වෙන්නෙ නෑ... එහෙම උනා නම් ආදරයෙන් බැදුනු යුවලකට ළමයි හදන්නත් බෑ...එහෙම කියන්නෙ මම නෙමෙයි මහාචාර්ය සුචරිත ගම්ලත්, ආදරය කියන්නෙ සම්පූර්ණයෙන්ම ආත්මාර්ථකාමී සිතුවිල්ලක්. තමන්ගෙ කෙනා තමන්ගේ පමණමයි...එහෙම තමයි හැමෝම හිතන්නෙ... ඒ නිසයි වෙන කෙනෙක් දිහා බැලුවත් තරහා යන්නෙ.

      තමන්ගෙ බිරිද ගණිකා සේවයේ නිරත කරවලා එමගින් ආදායම් ලබන, පිරිස් ඕනෑ තරම් ඉන්නවා ඔබ විශ්වාස නොකලාට... දිණපතා පුවත් පත් වල මේ වගේ සිදුවීම් නිතරම පල වෙනවා හිරු... මුදල් අගහිගකම් වලදි මේ කිසිම බැදීමක් තව දුරටත් බැදීම් නෙමෙයි...ඒක තමයි ඇත්ත...

      Delete
    6. මෙතන හිරු වෙන්නේ අපි සද්භාවයෙන් කරාට
      කව්රු හරි බලන් ඉන්නවා ඒකෙන් අයුතු ප්‍රයෝජන
      ගන්න. ඔයා ගෑනු ළමයෙක් විදිහටම දන්නවා ඇතිනේ
      පොඩ්ඩක් හිනා උනත් කරේ නගින්නම කීදෙනෙක් එනවද
      කියන දේ කොල්ලෙක්ටවත් තනියම යන්න බැරි කාලෙක .
      අන්න ඒකයි ප්‍රශ්නේ මට හිතාගන්න බැහැ මේවා කොහොම
      විසදෙයිද කියල.ඔයා කියන දේ ඇත්ත.මොකද කොච්චර
      පොෂ් උනත් ඇතුලාන්තය බමුණු OS එක දුවන්නේ ..

      Delete
    7. ඒ ලංකාවෙ මානසිකත්වය...ඒ දේවල් වෙනස් කරන්න නම් පුද්ගල සංවර්ධනයක් අවශ්‍යයි. මේ මානසිකත්වය වෙනස් කරන්න දරණ උත්සාහයන් අපේ සංස්කෘතික රාමුව ඇතුලෙදි ගැටෙනවා...

      Delete
    8. ඔව් සිරා සහ හිරු ඕක වෙන්නේ ඇතුලේ දුවන බමුණු OS
      එකයි , පිටට පෙන්නන්න හදන පොෂ් ගතියයි , ආයේ ලගක ඉඳන්
      ඇතිවෙලා තියෙන බොරු බොදු බැති කමට තියෙන වටිනාකමයි නිසා ..
      ඔය තුනම එක ඔලුවක් ඇතුලේ දුවද්දී කොහොමද ?
      ram , hard මෙහෙම හරි දුවන එක ගැන සතුටු වෙන්න ඕන ..

      Delete
    9. man kiwwe oyala ohoma aya kiyala newe hodada?
      man kathaa kare samajaya gana.

      Delete
    10. සිරා.. රුචිකත්වය හදන්නේ මොකෙන්ද.... සංස්කෘතියෙන් නෙමෙයිද... පොඩි කාලේ ඉඳලා ගෙවල් වල තියෙන දේවල් වලින්, වටපිටාවෙන් නෙවෙයිද.. ඒවයින් නේද පුද්ගල මනස හදන්නේ.. ඒකයි මම කියන්නේ... ලංකවේ ඉන්නේ දරුවෝ වෙනුවෙන් ඉවසගෙන අවුල් වෙච්ච පවුල් ජීවිත කොහොමහරි ඇඳගෙන යන මිනිස්සු නේද වැඩිපුර.... අම්මයි තාත්තයි ඩිවෝස් උනාම ළමයින්ට වෙන දේවල් ගැන හිතන්න නේද ලංකාවේ තාමත් මුලින්ම කියන්නේ... ඔය නෑක් නෑක් ගාන සංස්කෘතිය තමයි ඔය.. වෙන මොකවත් නෙවෙයි...

      මේ මානසිකත්වය එක පාරට වෙනස් කරන්න බෑ සිරා... ඒක කරන්න ඕනේ අධ්‍යාපනය, සමාජීය දැනුවත් කිරීම් හරහා...

      //එහෙම තමයි හැමෝම හිතන්නෙ... ඒ නිසයි වෙන කෙනෙක් දිහා බැලුවත් තරහා යන්නෙ.///

      ඒක තමයි ඇත්ත... ඔය කොච්චර රැඩිකල්ය, කොච්චර යථාර්ථවාදීය, කොච්චර දියුණූයැයිද කියන හැම ශිෂ්ටාචාරයකම ලක්ෂණයක් ඕක...

      ///තමන්ගෙ බිරිද ගණිකා සේවයේ නිරත කරවලා එමගින් ආදායම් ලබන, පිරිස් ඕනෑ තරම් ඉන්නවා ඔබ විශ්වාස නොකලාට... ///

      මොකද මම විශ්වාස නොකරන්නේ ... එහෙම කෙනෙක්ව ඒ තත්වයෙන් බේරගන්න උදවු කරන්න ගිහින් තමයි මම මේ ගැන අත්දැකීම් ලැබුවේ...

      //බමුණු OS//

      හි හි.. සහන්... මරු උපහැරනේ.... මං මේක කම්පියුටරේට ආදේශ කරලා බැලුවා.. කතාව ඇත්ත... OS එක Update කරන එක තමයි මුලින්ම කරන්න ඕනේ... නැතුව අලුත් සෝෆ්ට් වෙයාර් ඉන්ස්ටෝල් කරන්න බෑ.. කළත් ඒවා ලෙඩ දෙනවා... එත‌ෙකාට හිතෙනවා අපරාදේ මේ මඟුල දැම්මෙ කියලා... එත‌ෙකාට වෙන්න තියන ඒවා වෙලා ඉවරයි...

      Delete

    11. ඔව් dr හොදට කල්පනා කරන්න එහෙම බැලුවම තේරෙනවා
      හැමෝම ලැජ්ජාවට කව්රු හරි ඇවිත් බලද්දී බේරුමට කරලා
      තියෙන්නේ නිකන් පොෂ් ,බොදු බැති theme එක විතරයි
      ගහල තියෙන්නේ . පොෂ් , බොදු බැති OS එකට ගැලපෙන
      software උස්සන් ආවට run වෙන්නේ නැහැ ඉතින් ...

      Delete
    12. රුචිකත්වය සම්පූර්ණයෙන්ම සංස්කෘතික සාධක මත පමණක් තීරණය වෙන්නෙ නෑ... ආර්ථික සාධක, සමාජයීය සාධක වගේ තවත් දේ එයට හේතුවෙනවා... රූපවාහිනියෙ නිතර පෙන්වන වෙළද දැන්වීමක් දැකලා සෙසේජස් කන්න කෙනෙක්ට රුචියක් ඇතිවෙන්නෙ සංස්කෘතිය නිසා නෙමෙයි... වෙළද ප්‍ර‍චාරනයට හසුවෙලා ඒ දේ හොදයි කියලා හිතුනාම සහ මිළදී ගැනීමේ හැකියාවක් තිබුනාම...

      තමන්ගෙ දියණිය දූෂණය කරන පියවරුන් බිහිවෙලා තියෙන්නෙ අපේ සංස්කෘතියෙ වරදකින් නෙමෙයි, තමන්ගෙ සහෝදරිය දූෂණය කරන... අම්මා,අක්කා ඇදුම් මාරු කරන හැටි බලන්න කාමරේ හොරෙන් කැමරා හයි කරන උන් බිහිවුනේ සංස්කෘතියෙ අවුලකින් නෙමෙයි... ඒවා මේ පවතින සමාජ ප්‍ර‍වාහය අතර මැදදි උන්ට ලැබුණු විෂ රසායන... මේ කිව්ව චරිත තමන්ගෙ ලිංගික හැගීම් තමන්ගෙම ලේ ඥාතීන් මත තිරිසන්නු වගේ බලෙන් පටවන්නෙ නෑ, එය පිටකරගන්න අන් මගක් තිබුනා නම්...

      OS එක අප්ඩේට් කරන්න කලින් හාඩ් ඩිස්ක් එක පාටිෂන් කරන්න ඕනෙ... අන්න ඒ කටයුත්ත කලේ නැත්නම් OS එක කොච්චර පට්ට උනත් වැඩක් නෑ...

      Delete
  16. නීතිගත නොකලත් නීතියෙන් බලපෑමක් නැති තැන් දැනුත් තියනවනෙ. ඇත්තටම මේ යෝජනාව දැන් රටේ තියන ප්‍රශ්න මිනිස්සුන්ගෙ ඔලුවෙන් ගලවල වෙන දේකට අලවන්ඩ් දාන ගැටයක් අර කෝට්ටේ එකා කුඩු නැතිකරනන්ඩ් කියල උපවාස කරන්න්ඩ් හදන්නෙත් මේවගේ එකක්ම තමයි.

    ReplyDelete
    Replies
    1. මේ ගැටළුව රටේ ප්‍ර‍ශ්න අමතක කරන්න රජය ගෙනාපු උප්පරවැට්ටියක් කියන එක මම පිළිගන්නෙ නෑ... රාජ්‍ය නොවන සංවිධාන බොහොමයක් ප්‍ර‍ජාවගේ ප්‍ර‍ජනන සෞඛ්‍ය පිළිබද කටයුතු කරනවා... ඒ අය සමීක්ෂණ සහ එදිනෙදා කටයුතු මගින් උකහා ගන්නා තොරතුරු සම්පිණ්ඩනයෙන් තමයි මෙවැනි මතවාදයක් දැන් රජය හමුවට යොමු වෙලා තියෙන්නෙ... කවුරුවත් පිළිගනීද ලංකාවෙ ගණිකාවො 50000 ඉන්නවා කිව්වට... මේ සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාවගේ තියෙන දැනුවත් බව බොහොම අඩුයි.

      නීතියෙන් බලපෑමක් නැතිව දැනට කෙරීගෙන යන කාර්යයන් මගින් ජනිත වන ගැටළු රජය මගින් යම්තරමකට පාලනය කලයුතු බව තමයි මගේ අදහස...

      Delete
  17. ව්‍යාජ සංස්කෘතික සදාචාරයන් පසෙකට වීසි කර දමා මේ ප්‍රශ්නය දිහා අප කාටත් තේරෙන සමාජ මය සාධක ඔස්සේ බලන්න ඕනෑ ,,ඒ වගේම පාසල් අද්‍යාපනයේදී මේ කරුණු කාරනා පිලිබදව සත්‍ය තත්වයන් ගැන රටේ අනාගත පරපුරට අවබෝධයක් ලබා දෙන්නත් ඕනෑ යැයි මම හිතනවා. හැමදාමත් වගේ උත්කෘෂ්ට ලිපියක් සිරා .මෙහෙම මේ තරම් සරලව මේ කාරණා පැහැදිලි කරදෙන්නට පුළුවන් වෙන්නේත් සිරාටම තමයි.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුවට ස්තූතියි රතු,

      බහුතරයක් මේ කථාව ඇත්ත බව දන්නවා... නමුත් ඊට වඩා බලගතුයි අප පෙළන සංස්කෘතිමය බැදියාව... ඒ ඔස්සෙ කල්පනාකරද්දි මේ යෝජනා එයට හානිකරයයි හිතෙනකොට මුලින් ඇතිවෙච්ච අදහස යට යනවා...

      Delete
  18. මේ වර්ග වලට අහු නොවුනු තවත් කාන්ඩයක් ඉන්නවා සෙවාස්තානවල. එක්කෝ විවාහ වීමට සුදුසු කෙනෙක් නොමැතිවීම නො එසේනම් වෙනත් හේතු නිසා තනිකඩව ඉන්නා අතරේ අවිචාරයේ හැසිරෙන කාන්තාවන් සහ ආර්ථික අපහසුකම් නිසා අතින් අතට යමින් අප්‍රසිද්ධියේ අර වෘත්තියම කරන ලඳුන්..
    නන්දසේන රත්නපාල මහත්තයා මේ අය ගැන හොඳ අධ්‍යයනයක් කරලා පොතක් ලියලා තියෙනවා. සිරා කියෙවුවද ?

    ReplyDelete
    Replies
    1. දැන් ලිංගික අල්ලස් කෙමෙන් කෙමෙන් සේවා ස්ථාන ආක්‍ර‍මණය කරමින් පවතින කාලයක්... වැඩිපුරම තියෙන්නෙ රජයේ ආයතන වල... ඒ අතරින් සෞඛ්‍ය ක්ෂේත්‍ර‍ය විශේෂයි... උසස්විමක් ලබාගන්න, ස්ථාන මාරුවක් ලබා ගන්න දීපල්ලකො ලිංගික අල්ලස්..

      නන්දසේන රත්නපාල මහත්තයගෙ ගණිකාවො සම්බන්ධයෙන් කල සමීක්ෂණයෙ තොරතුරු කියවලා නම් නෑ.... එතුමාගේ බොහොම ප්‍ර‍සිද්ධ හිගන්නන් සම්බන්ධව හොයාගත්ත දෑ නම් කියවලා තියෙනවා...

      Delete
  19. විචාරාත්මකව ලියල තියෙනවා හැබැයි අයියේ මගේ අදහස ඕක ලංකාවට ගැලපෙන්නේ නැහැ කියන එකයි

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට මම ගරු කරනවා කෝරළේ... ස්තුතියි සංවාදයට එක් උනාට...

      Delete
  20. මමත් එකගයි සිරාගෙ අදහසට.... මේක නීතිගත කිරීමේන් හුගක් ගැටලු මගහරවාගන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. අන්න ධනාත්මකව ගැටළුව දිහා බලන තවත් කෙනෙක්...

      Delete
  21. ලිපිය හොදටම හොඳයි .මගේ මතයත් ඉහේ කෙස් ගානට
    කියල තියෙනවා එක එක තැන වල.නීති ගත කිරීමම
    100% විසදුමක් වෙන්නේ නැහැ .ඔතොකොට කෙලින්ම
    නිලලත් රස්සාවක් වෙනවා ඒක .අන්න එදාට බලෙන්
    ගණිකා සේවයේ අහිංසක අයව යොදවන පිරිසට මේක
    ඉබ්බා දියේ දැම්ම වගේ වෙනවා.දැන් කාට හරි කියන්න පුළුවන්
    මචන් " ඒක තමයි කියන්නේ ඕක නීති ගත කරාම ඕව විසදෙනවා "
    කියල .. ඒත් ඇත්තට නිලලත් ගණිකාවකට සමාජයේ තැන අද තියෙන
    තැනට වඩා හොඳ වේවිද?

    01. පොලිස් කාරයෝ > " අද වරෙන් 7 ට "
    02.එක එකාගේ හෙන්චයියෝ > " අහ් උබල දැන් ලයිසන් පිටමලු නේද , අද වරෙන් 7 ට "
    03.සහචරයෝ > " මේ සෝමා අක්කේ අරකි පට්ට කඳ බන් , කොහොම හරි එක්ක වරෙන් අද 7 ට හොද මහත්තයෙක් එනවා බන් "
    04.කොල්ලෝ කුරුට්ටෝ > " මන් එන්නද 7 ට "
    05.සමාජය
    i " හනේ නොදකින් , මුන්ට හෙන ගහන්න එපැයි යකෝ මේ දෙයියෝ බුදුන් ඉන්න රටේ "
    ii . " දැන් ඉතින් මිනිස්සු බේරගන්න පොලීසි ගිහිනුත් හමාරයි , ඇයි මුන් රෙද්ද ඉස්සුවම ඔක්කොම නඩු යට යනවනේ "

    මන් කියන්නේ ඉස්සෙල්ලම නීති ගෙන්න ඕනේ බලහත්කාරයෙන් රදවා ගැනීම් , තර්ජනය කිරීම්
    නවත්තන්න . ඊට පස්සේ මිනිහෙකුට වැදගත් විදිහට කාටවත් අත නොපා ජීවත් වෙන්න පරිසරයක්
    හදන්න ඕනේ.එදාට නිකම්ම බලහත් කාරයෙන් වෙන ගණිකා සේවයේ අකටයුතු කම් නැවතී..
    කැමැත්තෙන් වෙන දේවල් ඒ විදිහටම වේවි..

    ReplyDelete
    Replies
    1. බොහොම නිර්මාණාත්මක පිළිතුරක්... ස්තූතියි එයට...

      මගේ අදහස නීතිගත කිරීමක් නොව... රජයේ පාලනයට යටත් විය යුතු බවයි... ඒ මගින් මේ ව්‍යාපාරය තුල දැනට ඇති ගැටළුසහගත කාරී සමහර දෑ නිරාකරණය කරන්න පුලුවන්...

      Delete
  22. නසියා
    පොඩි දෙයක් කියන්නම් ...තායිලන්තය කව්රුත් හොදට දන්නා රටක් නේ.. දැන් ඒ රටේ රජයට වීශාල ප්‍රශ්නයක් වෙලා ගණිකා වෘත්තිය.(මමත් දැක්කේ පත්තරයකින්)ගණිකා වෘත්තිය නීත්‍යානුකූල ව්‍යාපාරයක් කිරීමෙන් ලංකාවේ රජයටත් ලංකාවටත් වෙන්නේ ඒ ටික තමයි .. හැමදෙයකම හොද සහ නරක තියනවා..අපි දෙපැත්ටම හිතල බලන්න ඕන ...
    මොනවා වුනත් මම උබේ අදහස් දැක්වීමට ගොඩක් ගරු කරනවා...

    තව දෙයක් මේ යන විදිහට ඉදිරියේදී ගණිකා වෘත්තිය නීත්‍යානුකූල ව්‍යාපාරයක් කලොත් ලංකාවේ, අනිවා අහිංසක කෙල්ලෝ දුෂණය කරලා ඊට පස්සේ කියයි "ආ ... ඒක ගණිකාවක් එයාගේ කැමැත්තෙන් හිටියේ" කියල..

    මම
    මයීක්

    ReplyDelete
    Replies
    1. ඇත්ත මයික් තායිලන්තය කිව්ව ගමන් හැමෝටම මතක් වෙන්නෙ බඩු.... තායිලන්ත රජය විදේශ විනිමය උපයන මාර්ගයක් ලෙස එම කර්මාන්තය දියුණු කර තිබෙනවා... එහෙ ගණිකාවන් හදුන්වන්නෙ Sex Worker ලෙස... මහාපරිමාණයෙන් රජයේ අනුග්‍රහය යටතේ කෙරෙන නිසා තමයි ඔබ කියන ගැටළු ඇතිවෙලා තියෙන්නෙ...

      මම අදහස් කලේ ලාංකික සමාජයේ අහුමුලු වල කෙරෙන ගණිකා ව්‍යාපාරය යම් තරමකට ප්‍ර‍මිතිගත කිරීමක් හෙවත් පාලනයට ලක් කිරීමක්...

      ඔබ දක්වලා තියෙන කාරණය නීතියේ ඉදිරියේ විසදගන්න පුලුවන් දෙයක්... සියලුම ගණිකාවන් ලියාපදිංචි කලොත්..එලෙස අහිංසක යුවතියන් කෙරේ සාවද්‍ය චෝදනා කරන්න බෑ මයික්....එවිට වැරදිකරුට අනිවාර්යෙන් දඩුවම් ලැබිය යුතුයි.

      Delete
    2. සිරා,

      "ඔබ දක්වලා තියෙන කාරණය නීතියේ ඉදිරියේ විසදගන්න පුලුවන් දෙයක්... සියලුම ගණිකාවන් ලියාපදිංචි කලොත්..එලෙස අහිංසක යුවතියන් කෙරේ සාවද්‍ය චෝදනා කරන්න බෑ මයික්....එවිට වැරදිකරුට අනිවාර්යෙන් දඩුවම් ලැබිය යුතුයි."

      දඩුවම්...!!!!!!... වැරදිකාරයට ලංකාවේ ....!!!!!!!!!
      ලංකාව සිරා .... ලංකාව .... නීතියේ වෙනස්වෙනවා ඒ ...ඒ .... පුද්ගලයාගේ ක්‍රියාකාරකම් සහ බලපුළුවන්කාරකම් අනුව... ඒක උබත් දන්නවා මමත් දන්නවා ....!!!!!
      වැරදිකාරයට දඩුවම් ලැබෙන මනුසයන්ට යුක්තිය ඉටුවෙන දවසට ලංකාව ලස්සන තැනක් වේවි ....!!!!
      අනික හොදට බලපන් දුෂණය වුනු කෙල්ලෙක් නිතිය ඉදිරියට ආවහම ඒ කෙල්ලව නීතිය සහ නිතිය රකින්න බැදිලා ඉන්න මිනිස්සු විසින් කීපාරක් දුෂණය කරනවද ඊට පස්සේ ඒ ළමය එන්න වටපිටාවේ මිනිස්සු ලෝකයා බලන විදිහ (ඒකිව ගණිකාවක් කරලා ඉවරයි )... අන්තිමට අපිට ආරංච් වෙන්නේ ඒකි සියදිවි හානි කරගත්ත කියල... !!!

      මම
      මයීක්

      Delete
    3. ගණිකා වෘත්තිය නීතිගත නොකලත් තත්වය එහෙම තමයි බන්... ලංකාවේ ස්ත්‍රී දූෂණ බොහොමයක් ගැන පැමිණිලි නැත්තෙ, ඒවා පැමිණිලි කලාට පස්සෙ අගතියට පත්වෙච්ච පාර්ශවයට මුහුණ දෙන්න වෙන අමිහිරි අත්දැකීම් නිසයි... කොහෙ හරි අකුලක් අස්සෙ දූෂණය වෙච්ච තරුණිය ඊට පස්සෙ සමාජය ඉස්සරහා නැවත වරක් දූෂණය කලා වගෙයි ඒ සිදුවීම විභාග කිරීමට භාවිතා කරන ක්‍ර‍මවේද සළකා බැලුවාම.

      ඒක පොදු තත්වය බව ඇත්ත මයික්... මම ඒ බැව් පිළිගන්නවා... මම කිව්වෙ නීතිමය රාමුව යටතේ වුවත් ගණිකාවට පිළිසරණ තියෙනවා කියලා... නමුත් ලංකාවෙ දූෂිත නිලධාරීන් හමුවේ එය 100 % ක්‍රියාත්මක වේ යැයි සිතන්න බෑ.. ඒක හරි...

      Delete
  23. නිදාගෙන සිටිනා සමාජය අවදිකිරීම සඳහා ලියු ඉතා හරවත් ලිපියක්. මොකද මේ කිසිම දෙයක් නොදන්නා පිරිසක් සමාජයේ වෙසෙන බව මගේ පෝස්ටුවෙන් එළිඋනා. විචාරක කිව්වා සංචාරක ව්‍යාපාරය තිබෙන තුරු මේක නවත්වන්න බෑ කියලා. ඒක මම පිලිගන්නෙ නෑ. ඔවුන් ඇසුරුකරන වැඩි පිරිස ලාංකිකයින්මයි. මිනීමරණ උන් මනුෂ්‍යයයෝය කියා පිලිගන්නා රටක. මේ අහිංසක මිනිසුන් වෙනුවෙන් හඬක් නැගුවාට ඔබට තුති.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහාචාර්ය මාතලන් තුමා...

      ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ලදුනේ කියලා රණ්බණ්ඩා සෙනෙවිරත්නයන් ඇත්තම කියලා තියෙනවා ඒ අය ගැන...

      Delete
  24. තවමත් කියන්න තරම් අදහසක් ඔළුවට එන්නේ නැහැ....

    ReplyDelete
    Replies
    1. ඇත්ත හසිත... බින්දි කියනවා වගේ දැලිපිහියෙන් කිරිකනවා වගේ වැඩක්...

      Delete
  25. ඔව් මයික් මාත් කියන්නේ ඔය ටිකමයි .
    නීති ගත කිරීමෙන් වෙන්නේ සේවය ලබා
    ගන්නා අයට අප්‍රමාන නිදහසක් . සේවය ලබා
    දෙන කෙනාට වෙන්නේ " තමුසේ ලයිසනුත් අරන් නේද
    ඕව කරන්නේ තව මොනවද කියවන්නේ ? නිකන් පලයන් "
    කියල පොලිස් කාරයෙක්ගෙන් හරි බලහත් කාරයෙන් යොදවන
    කෙනාගෙන් අහන් ගෙදර එන්න ..
    අන්තිමට අසරණ එකා තව අසරණයි . දූෂණය කිරීම යටතේ වත්
    නඩුවක් දාන්න අමාරු වෙනවා කලින් ගණිකා සේවයේ යෙදිල
    හිටියොත්.( නීති ප්‍රකාරවම එහෙම උනොත් නිකම්ම විභාග කරන්නේ
    නැතුවම නඩු අත අරිනවා )

    ReplyDelete
    Replies
    1. ඉතිං අපි වෙනත් වෘත්තියක් සළකමු...තමන්ගේ අනිසි බලය යොදලා ඒ වෘත්තිකයා පීඩනයට පත් කලොත් නීතිමය පියවරක් ගන්න පුලුවන් වගේම... මේ සම්බන්ධයෙනුත් එහෙම කරන්න බැරි නෑ...

      විවාහක කාන්තාවන් දූෂණ නඩු පවරනවා නේද... ඒ කොහොමද එහෙම වෙන්නෙ... ඇගේ කන්‍යා පටලය ඒ වෙද්දිත් බිදී අවසන් නේද... එතැනදි වෙන්නෙ අනිසි බලය ක්‍රියාකරවීම තමයි වැරැද්ද...ඇගේ කැමැත්ත නොමැතිව ලිංගිකව එක්වීමට බල කිරීම...ඒ කාරණය ගණිකාවකටත් පොදුයි...

      Delete
  26. @ sira
    ඔව් Las Vegas වල කිසිම ආකාරයකින් ගණිකා ක්‍රියාකාරකම් බැහැ .
    තව ප්‍රාන්ත තියෙනවා නම් කරපු අතුරු පළාත්වල බැහැ .
    නගරය ආශ්‍රිත , අසවල් සීමාව වෙනකම් වගේ කියල විස්තර
    කරලා තියෙනවා ..

    ReplyDelete
    Replies
    1. Las Vegas වල වීදි ගණිකා වෘත්තිය තහනම් නමුත් නීත්‍යානුකූල ගණිකා මඩම් තිබෙනවා.. පහත ලින්කුවෙන් බලන්න...

      http://govegas.about.com/od/brothels/Brothels_in_Las_Vegas.htm

      Delete
  27. @ වෙද ගෙදර මහ වෙදනා

    ඔව් එතැනදී වෙන්නේ show girl කියන දේ.ඒක ඇතුලත් වෙන්නේ
    රාත්‍රී සමාජ ශාලා කියන නීති යටතට . night club වර්ග වෙනවා
    discotheque , bars, pubs , taverns ,French underground,
    adult clubs , private privileges only වගේ .මේවට තියෙන නීති
    එහෙකට එකක් වෙනස් .මේ තැන් වලින් ගොඩක් තැන් වල ඒ උනාට
    ලිංගික එක් වීමක් වෙන්න බැහැ. ඒ උනාට උඩු කය නිරුවත් කිරීම ,
    උඩු කය ස්පර්ශ කිරීම , යටි කය නිරුවත් කිරීම , යටි කය ස්පර්ශ කිරීම ,
    අස්වාභාවික ස්පර්ශය , ලිංගික සන්තර්පනයේ සීමාව වෙනස් . මේ සීමාව
    පැන්නුවොත් ඒ පුද්ගලයාව අයින් කරන්න පුළුවන් නීතියෙන්.ඒකට
    ආයතනයෙන් ආරක්ෂකයෝ ඉන්නවා අවි සහිත .
    ඒ වගේම brothel වලට වෙනම නීති තියෙනවා අර කලින් වගේම .
    ඉන්න අය , කාගේ කව්ද , තියෙන රෝග , එක දිනකට කී දෙනෙක්
    සමග ඇසුරට ඉඩ දෙනවද , වෙලාව , oral , anal , semi , full intercourse වලට
    වෙන වෙනම සීමාවන් , අර්ථ දැක්වීම් තියෙනවා විනය පිටකයේ විදිහටම .
    ඒ වගේම brothel එකේ හිමි කරු ඕනම වෙලාවක බැඳිලා ඉන්නවා රෝගයක් එයාගේ
    ආයතනය නිසා ඇති උනොත් ඒකට ඒ පුද්ගලයට වන්දි ගෙවීමට ..
    මේ ගැන වෙනම පොස්ට් එකක් දාන්න පවා හිතෙනවා මට .

    ReplyDelete
    Replies
    1. මෙයට පිළිතුරක් මහ වෙදනා තුමාම ලබා දේවි...

      Delete
    2. ශාන් කියන කතාව හරි. එහෙම තමයි. එතැන හිටියේ ශෝ ගර්ල්ස්ලා තමයි. සම්පූර්ණ නිරුවත්. හැබැයි ලිංගික ක්‍රියාකාරකම් බැහැ. උකුලේම වගේ වාඩිවෙලා ඕනෙම දෙයක් කතා කරනවා. හැබැයි අල්ලන්න බැහැ. මා එක්ක බොහොම ලෙන්ගතු වුනා. මම මා වාඩි වී සිටි සැටියෙම ඇයට වාඩි වීමට සලසා දුන්නා. එහෙමයි කතා කලේ.

      තව වැඩිපුර මුදල් ගෙවා වෙනම තනියම තැනකට යන්නත් හැකියි. මම ඒ ගැන දන්නේ නැහැ. අපිත් සමග ගිය කීප දෙනෙක් එහම ගියාට ඒ ගැන අහන්න සදාචාරාත්මක නැති නිසා මම ඒ පිළිබඳ දන්නේ නැහැ.

      මේවා ගෙඩි පිටින් ගේන්න නෙමෙයි යම් තරමකට හෝ ලංකාවේ ඇති කිරීමට මම එකඟයි. සමලිංගික යුවල් ද බොහොමයක් මේ ස්ථානයේ දී මම දුටුවා.

      Delete
  28. හ්ම්ම්....මොනවා කරන්නද????තව ටිකක් හිතලා බලලා තමයි මොනවා කිව්වත් කියන්න ඕනේ....

    ReplyDelete
    Replies
    1. අන්න හරි නාඩියා... කවුරුත් කියන්නන් වාලේ නොව තමන්ගෙම අදහස තමයි එළියට එන්න ඕනෙ...

      Delete
  29. නීතිය හරියට හැම කෙනාටම එක විදියට ක්‍රියාත්මක වෙන්නෙ නැති රටක..මේ වගේ දෙයක් නීති ගතකරන එක ගැන පැහැදිලි අදහසක් නෑ මගේ නම්..ඊට කලින් අනිත් නීති ක්‍රියාත්මක වෙන්න ඕනෙ හරියට..නැත්තන් අන්තිමට කොහෙන් ගියත් කෙල වෙන්නෙ අර අසරණ මිනිස්සුන්ට...

    Reaz West

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ නීතිය ගැන ඉතිං මම කියන්න යන්නෙ නෑ... සමාජ පන්තිය අනුව දෝලනය වෙන නීතියක් තමා දැන් පේන්න තියෙන්නෙ...

      නිතිගත කිරීම කෙසේ වෙතත් මේ කරුමාන්තයේ යෙදෙන අය පිළිබද නිසි විමර්ශනයක් හා පාලනයක් රජයේ පැත්තෙන් වෙන්න ඕනෙ...

      Delete
  30. "දත බැලීමේ පරම පවිත්‍ර‍ චේතනාවෙන් එදා සිරා කොලුවා ගම්පහ සිට කොළොන්නාවට ගියේ මගේ ගණුදෙනුකරුවා ගජබින්නයක් ඇද බෑවාදෝයි සිතමින් වුවත් වැඩේ සහසුද්දෙන්ම ඇත්ත බව මම මගේ ඇස්පනාපිට දැකගත්තෙමි. කෘන්තක වර්ගයේ කුඩා දතක් එහි ඇතුලතින් මැනවින් පිහිටා තිබුනි."

    ඔබ මේ කතාව කියන්නේ වගකීමෙන්ද? මොකද මම අහලා තියෙන විදියට Vagina dentata කියන මේ සංසිද්ධිය ජනප්‍රිය මිත්‍යා මතයක්...

    ReplyDelete
    Replies
    1. ඉතාමත් වගකීමෙන් තමා කිව්වෙ... මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා... ඇගේ ප්‍ර‍ජනන ඉන්ද්‍රිය Pubic Hair සමගම සංරක්ෂණය කර තිබුනා...එහි ඇතුලතින් මසට සවි වූ දත පේනවා...

      Delete
    2. සීරාව විස්වාස නැහැ කියනවා නෙවේ ඒත් මටත් ඕක
      කොටින්ම තේරුනේ නැහැ ...

      Delete
    3. ඔය දත අපේ කටේ ඉස්සරහම තියෙන දත් වගේ එකක්.. හැබැයි එච්චර ලොකු නෑ ගොඩාක් පොඩියි... දතේ පැහැය සාමාන්‍ය විදියමයි...

      Delete
    4. අනේ මන්ද මට අහද්දී පුදුම අප්‍රසන්න හැගීමක්
      එනව ..බලමු වෙද මහත්තයගෙන් අහල ..

      Delete
    5. මමත් සාක්ෂි, ඔය ප්‍රදර්ශනය අපේ පැත්තෙ දෙවරක්ම කළා.

      ඒක සිද්ධවෙලා තියෙන්නෙ හෝර්මෝන ක්‍රියාකාරිත්වය අධික වීමෙන්. සමට සවි වී ඇති කුඩා රදනක දත පැහැදිළිවම පෙනෙනවා.ඒ වගේම අදාල ප්‍රදේශයේ රෝම වර්ධනයත් අධිකව සිදුවෙලා තියෙනවා.

      ඒ විතරක් නෙවෙයි තව තිබුණා ද්වී ලිංගය. (ස්ත්‍රී යෝනියේ ක්ලිටෝරිසය වෙනුවට හොදින් වැඩුන ශිෂ්නයක්).ඒ වගේම නපුංසක ලිංගය (මුත්‍ර පිට කරන්න තියෙන කුඩා සිදුරක් හැර වෙනත් කිසිවක් නෑ)

      මේ ප්‍රදර්ශනය තවමත් රට පුරා කෙරෙන නිසා හෝදසියෙන් හිටියොත් ඕන කෙනෙකුට බලාගන්න පුළුවන්.

      Delete
    6. වැරදීමක්..රදනක නෙවෙයි "කෘන්තක" දතක්(පොරෝ දතක්)....

      Delete
  31. නියම විස්තරයක්නෙ සිරා.
    මගෙ අදහස නම්, ඕක නීතිගත කරන්න සුදුසු පසුබිම හදාගන්න තවත් දේවල් ගනනාවක් මේ විදියට සිදුවේවි කියලා අපිට උපකල්පනය කරලා විතරක් මදි. ඒ දේවල් එහෙම වෙන්න ඕනෙ. නැතිනම් අද පෝය නිසා හැමෝම පුණ්‍ය කටයුතුවල යෙදෙනවා ඇති කියලා දොරවල් වල අගුල් ගලවල දැම්මා වගේ තියෙයි.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හෙන්රි මහතා... සිරිලංකාවට සැපත් වෙලා ඉන්නවා කියලා ආරංචියි මේ දවස් වල...

      ඔව් ඔබේ කථාව මම පිළිගන්නවා.... අන්තිමට දාලා තියෙන උපහැරනෙත් මසුරං...

      Delete
    2. දෙන්නා අළුතින් පටන් ගන්න විය්‍යපාරයට සුබපැතුම්

      Delete
    3. බොටත් එවන්නද අටම් හුජ්ජ මල්ලක්...ටැස්ට් කොරලා බලලා හොද නම් රාගම අළෙවි නියෝජිත වෙන්න...

      Delete
  32. පොඩි උන් මේවාට කට නොදැමිය යුතුය :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අන්න හරි බොට තේරිලා තියෙනවා අගේට....

      Delete
  33. කාලීන ලිපියක් . එක ගැන මත විමසන්න ගියොත් හරියට පෞද්ගලික විශ්ව විද්‍යාල ඕනද/ එපාද? කියන එක වගේ ඉවරයක් නැති එකක් වෙනවා. මගේ පෞද්ගලික මතය නම් නිසි නියාමනයක් සහිතව නීතිගත කල යුතුයි කියන එක.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සබිත්.... සෑහෙන්න විවාදාත්මක මාතෘකාවක් බව ඉහළ තියෙන කොමෙන්ටු වලින්ම පේනවා නොවැ... මමත් ඔබේ මතයේ තමා ඉන්නෙ...

      Delete
  34. අහද්දිත් කුජීත ගතියක් දැනෙනවා.මේවා ගැන දන්නේ නැති නිසා කොමන්ට් ටිකත් බලලා නිකන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. මේක කියවන උන් හිතාවි මම ගණිකාවො ඇසුරු කරලා ඇති කියලා කප්පරකට... උන් ඇසුරු කරපු උන්ගෙන් සහ ඒ අයට සේවා සපයන කීප දෙනෙකු සමග කථා කලා මම මේ පෝස්ටුව ලියන්න කලියෙන්...

      Delete
    2. ඔව් ඔව් දැන් වෙන මුකුත් ඕනේ නැහැ අපි ඔක්කොම
      නරක අය , ලංකාව කන්න ආපු කියන ලේබලේ අලවන්
      ඉවරයි... විශේෂෙන්ම මේ සිරා ..:D

      Delete
  35. සිරා, අපේ රටේ කසිප්පු ජාවාරම මැඩලන්න රට බීම හල් වීවෘත කළා. ඒකෙන් ඇත්තටම බලාපොරොත්තු උනදේ උනාද?

    * මුලදී (ඉස්සර/නීතිගත වීමට පෙර) මත්පැන් විකිණීම රහසිගතව (/දරුවන්, ස්ත්‍රීන් නොසිටින ස්ථාන වල) සිදු වුවත්, දැන් මාර්ගය අසල පිහිටි තැබෑරුමෙන් ලබා ගත යුතුව ඇති බැවින් පෙර තමන් විසින්ම පනවා තිබු රීතිය ඉවත්ව ගොස් තිබෙනවා.

    * පෙර කල අදාළ ස්ථානයට ගොස් මත පන් භාවිතා කලත් මේ වන විට (කලින් කාරණයේදී මෙන්) වරදට ඇති ලැජ්ජාව පහව ගොස් ඇති බැවින් නිවසට ගෙනවිත් දරුවන්, බිරිඳ, මව ඉදිරියේදී භාවිතා කිරීමට පෙළඹී සිටිනවා.

    *පාරේ යනෙන විට නිතරම පෙනෙන්නට තිබීමත්, භාවිතා කරන අය නිතර දකින්නට ලැබීමත් හේතුකොටගෙන දරුවන් මත්පැන් භාවිතය සඳහා වැඩි වශයෙන් පෙළඹෙනවා.

    *වත්මන් රැල්ල තුල ලාභය පමණක් පදනම් කරගත් වෙළඳුන් වයස් සීමාවක් නොමැතිවම මත්පැන් ලබා දීමට පෙළඹී සිටිනවා.

    *මැති ඇමති ප්‍රභූ වරුන් හට පඬුරු පාක්කුඩම් ලබා දීමෙන් නීති හිල් වලින් බේරීමටද අපහසුවක් නොමැති බැවින් ඔවුන් නිදහසේ තම මඩිය තර කර ගන්නවා.

    **මත්පැන් වලින් අධික ලාභයක් ලබන්නේ වෙළඳුන් හා (නිවාඩු දිනවලදී) තැරව් කරුවන්ය.

    ***මත්පැන් නිපදවීමට කම්හල් ඉදිකිරීම ප්‍රමාණවත්. ඒත් ගණිකාවන්? නීති ගත කල පසුව ටියුශන් පන්ති අසල තැරව් කරුවන් කැරකීම නතර කල හැකිද?

    මේ සියලුම තර්කයන්ට ඔබගේ පිළිතුර නීතිය නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක කල යුතුය යන්නයි. ඒත්....

    ReplyDelete
    Replies
    1. //....මේ අමුතුම බඩ්ඩ වනාහි පිස්සු හැදිලා ආයෙත් හැදෙන වර්ගයේ එකකි. එනම් ස්ත්‍රී ජනනේද්‍රිය ඇතුලතින් කෘන්තක වර්ගයේ දතක් පිහිටා තිබූ විරල අවස්ථාවකි....///

      අඩේ සිරා, මේක ඇත්තක්ද? Teeth (2007)(http://www.imdb.com/title/tt0780622/)
      ෆිල්ම් එක බලලා බොරුවට හදපු එකක්ද?

      කමෙන්ට් ටිකත් බලලා එන්නම්කෝ.....

      Delete
    2. ඔබේ තර්කයන් සියල්ල නිවැරදි අකම්...මා කියන්නෙ ගණිකා ව්‍යාපාරය නීතිගත කිරීමක් මගින් සම්පූර්ණයෙන් නැවැත්විය හැකි යැයි නොව...සමාජයට එමගින් අත්විය හැකි අවාසිදායක තත්වයන් පාලනය කල හැකි බවයි.

      ඔහොම චිත්තරපටියක් ගැන ඇහුවෙත් අදමයි... මම කිව්වෙ ඇත්තම ඇත්ත...සත්තයි.

      Delete
    3. ලිපියේ ඇති මධ්‍යස්ථ භාවය කමෙන්ට් වලදී ඔබ අතින් ගිලිහී ගොස් ඇත. මට හිතෙන හැටියටනම් ලංකාවේ නීති ක්‍රියාත්මක වන ආකාරයත් එක්ක මේ මගින් තවදුරටත් අසරණ වෙන්නේ කාන්තාවමයි.

      Delete
    4. එය ඔබේ මතයයි... නමුත් මා සිටින්නේ ගණිකා ව්‍යාපාරය නීතිගත කල යුතුයි කියනා තැන නොව එම ව්‍යාපාරයට රජයේ නිසි මැදිහත්වීමක් අවශ්‍යයි කියන තැනයි...විදේශ විනිමය ඉපයීමේ කර්මාන්තයක් ලෙස මෙය සංවර්ධනය කිරීම තරයේ හෙළා දකිමි.

      Delete
    5. හි හි හී

      ඕක සේවයක් කියනවා..ආයෙම ව්‍යාපාරයක් කියනවා...විදේශ විනිමය ඉපයීමේ කර්මාන්තයක් ලෙස මෙය සංවර්ධනය කිරීම තරයේ හෙළා දකිමි කියනවා..මොනාද සිරා මේ...

      Delete
    6. එය එක් එක් පාර්ශවයන් වෙතින් බලන ආකාරය අනුව විවිධයි...

      ලිංගික හැගීම් පිටකරගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටින අයට එය සේවයක්, එහි නිරත වන අයට ව්‍යාපාරයක්...

      මම පෝස්ටුව තුලත් පැහැදිලිවම කිව්වා ගණිකා වෘත්තිය තුලින් විදේශ විනිමය උපයනවාට මම විරුද්ධ බව... නීතිගත කල යුතුයි කියලා රජයට යෝජනාව ගෙනාපු මහජන නියෝජිතයා දක්වලා තිබුනා එමගින් විදේශ විනිමය උපයන්නත් පුලුවන් කියලා... ඒ තුලින් වෙන්නෙ ජාත්‍යන්තරය තුල අපේ රට හෑල්ලුවට ලක් වීමත්... පර සුද්දො එක්ක වැඩි වැඩියෙන්අපේ ගෑණුන්ට නිදා ගන්න වීමත්..., හොද්ද බොර නිසා අලුතින් මේ වෘත්තියට එක්වන පිරිස වැඩි වීමත්...

      Delete
  36. එල ලිපියක්

    ReplyDelete
  37. සාමාන්‍යයෙන් අපේ රටේ ප්‍රසිද්ධියෙ කතා කරන්න අකමැති මාතෘකාවක්. මේ වගේ පෝස්ට් එකක් දාන්න ගටක් තිබුණු එකට මුලින්ම ස්තූති කරන්න ඕන බං. හුඟ දෙනෙක් මේ ගැන කතාකරල කමෙන්ට් දාලා තියෙන නිසා මම වැඩි දෙයක් කියන්න යන්නෙ නැහැ. ඒත් පැහැදිලිවම ලංකාවෙ අද කෝකටත් තෛලෙ විදියට ඉස්සර කරගන්න සංස්කෘතිය, සභ්‍යත්වය නිසා අනාගතේදි අපිට ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනව අනිවාර්යෙන්, කවුරු මොනව කිව්වත් ඇත්ත ඒක. ඒ කියන විදියට ඕව වහගෙන අහුරගෙන ඉන්න පුළුවන් නම් ඉතිං හොඳයි, අවුලක් නෑ, ප්‍රශ්නෙ සමාජෙ සැලකිය යුතු ප්‍රතිශතයක් අනිවාර්යෙන් සමාජ සම්මතයන්ට පිටින් යනව, එක්කො එය පාලනයට නිසි වැඩපිළිවෙලක් සැකසිය යුතුයි. අපි පිළිගත්තත් නැතත් අපේ රට වැවයි දාගැබයි ගමයි පන්සලයි සංකල්පෙන් ඔබ්බට ගිහින් දැන් දශක කිහිපයක් වෙනව, අද තියෙන්නෙ සංකීර්ණ සමාජයක් වගේම ඒ සමාජ ප්‍රශ්න අතිශයින්ම සංකීර්ණයි. මම හිතන්නෙ පැහැදිලිවම රජය ගැලරිය පිනවන ජනප්‍රිය විසඳුම්වලින් ඔබ්බට ගිහින් මේ සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි, රටේ බහුතරය මොනව කිව්වත්. මේ සම්බන්ධයෙන් ක්‍රියාකර අත්දැකීම් ඇති ආයතන, පුද්ගලයින්, සමාජ විද්‍යාඥයින් රටතුළ කොතෙකුත් ඉන්නව, අවශ්‍ය වෙන්නෙ යම් කමිටුවක් මගින් නිසි යාන්ත්‍රණයක් සකස්කර එය නියාමනය කිරීම සඳහා ව්‍යුහයක් සකස් කිරීම. පැහැදිලිවම එය කළහැක්කේ රජයට පමණයි. ඒත් රජය තුළ සිටින අන්තවාදී කොටස්වල හැටියටත් රජයෙ සාමාන්‍ය ක්‍රියාපටිපාටියෙ හැටියටත් මෑතකදි නම් ඔය කිසි දෙයක් වෙනකන් නැහැ.
    කොහොම කතාකරත් සිරා අපේ රටේ බහුතරයකට මේක අවබෝධකරගන්න එක එතරම් පහසු නැහැ. මම මෑතකදි වුනු එක සිදුවීමක් උදාහරණයක් විදියට සඳහන් කරන්නම්. අපේ රටේ මේ වගේ සිද්ධි සම්බන්ධයෙන් තියෙන තත්ත්වය කවුරුත් දැක්ක පහුගිය කාලෙ අර රිවිර පත්තරේ කරපු වැඩෙන්. ඔබත් සඳහන් කර ඇති ආකාරයට සමලිංගිකයින් අතර රෝග පැතිරීම පාලනය කිරීමට ලිහිසිකාරක ද්‍රව්‍ය යොදා ගැනීම වැදගත්. යම් රාජ්‍ය නොවන සංවිධානයක් සමලිංගිකයින් සඳහා ලිහිසි ජෙල් වර්ගයක් බෙදපු එක සම්බන්ධ ඔවුන්ගෙ ලිපිය රටේ ඇති කරපු ආන්දෝලනය ඔබට මතක ඇති. ඒක පත්තරකාරයෝ දුරදිග නොබල හුදු ලාභය තකා කරපු තකතීරු මෝඩ වැඩක් කියලයි මම නම් හිතන්නෙ. ඒ විදියෙ සමලිංගික සබඳතා සම්පූර්ණයෙන් පාලනය කළ හැකි නම් ගැටළුවක් නැහැ, නමුත් එය කළ නොහැකි බව කාටත් වැටහෙනව, ඉන්පසු පියවරේදි වඩා වැදගත් වෙන්නෙ ඔවුන්ගෙන් සමාජයට වියහැකි අනතුරුදායක තත්ත්වයන් පාලනය කරගැනීම, එතනදි පවතින නීති රීති අනුවත් රජයට ඒ සඳහා ඍජුවම සම්බන්ධ විය නොහැකි නිසා රාජ්‍ය නොවන සංවිධානයක් ඒඩ්ස් රෝගය පාලනය කිරීමේ වැඩසටහනක් ලෙස එය දියත් කර තිබුණ. ඒත් පත්තරෙන් කළේ මේ සම්බන්ධ සම්පූර්ණ වැරදි චිත්‍රයක් රට තුළ ඇති කිරීම. දැන් මේ යෝජනාව කරපු මන්ත්‍රීවරයට උනත් ගල්ගහන්න ඕන තරම් අය සිටීවි. එත් ඔහු මේ කතාකරන්නෙ මොකක් ගැනද කියලවත් බහුතරයක් දන්නෙ නෑ. ඒවගේ වටපිටාවක් තුළ ඔයාගෙ ලිපිය ගොඩක් වටිනව කියල මට හිතෙනව. දැන් මම මෙහෙම කිව්වම මට විරුද්ධවත් සමහරු මෙතන කමෙන්ට් කරයි. ඕක නීතිගතකළාම ඊට පස්සෙන්ද ඉඳල රටේ හැම කාත්තාවම ඔය වැඩේට බහීවිය කියල මම නම් හිතන්නෙ නෑ. එයින් දැනටමත් සිද්ධවෙන දෙයක් ඒ සම්බන්ධ රාජ්‍ය ආයතනවලට නියාමනය කිරීමේ නෛතික හැකියාවක් ඇතිවීමට වැඩිදෙයක් වෙනකක් නෑ. එයින් ලැබිය හැකි ප්‍රතිලාභ කිහිපයක්ම තිබෙනව. ඒත් රටේ අනෙක් දේවල් වගේම නීතිය ක්‍රියාත්මක වීම ගැන අසුභවාදීව හිතුවොත් නම් ඉතිං කොහොමටත් මේ කිසි දෙයකින් වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. කියන්න වදන් නෑ ගොයියො... නිදාගන්න තියෙන වටිනා කාලය කැප කරලා දීලා තියෙන උත්තරේ ඇතුලෙ කියවෙන්න ඕනෙ හැමදේම තියෙනවා..මේ වැඩපිලිවෙලට විරුද්ධයි කියන අයට හිතන්න යමක් තියෙන කොමෙන්ටුවක්... මේ පෝස්ටුවට ඌණ පූර්ණයක් එක් කලාට ස්තූතියි...

      Delete
  38. " මෙම තීරණය ගැන වඩාත් අප්‍ර‍සාදය දක්වන්නේ අපගේ කාන්තා පරපුරයි. ඒ තමාගේ ස්වාමියා හෝ පෙම්වතා මෙයින් පසු ගණිකාවන් වෙත ඇදේවි යයි ඇතිවෙන භිය නිසාවෙනි. "

    ලංකාව වගේ රටක මෙහෙම වෙන්නේ ඇයි කියන්න ගියොත් තව ලිපියක් ලියන්න වෙනවා. එකම දේ මෙහෙම කෙටියෙන් කියන්නම්. අසභ්‍යයි වගේ නම් ඉවත් කරන්න ඔබට අයිතිය තියනවා.

    ගෙදර කෑම හරියට හම්බවෙන්නේ නැතුවාම මිනිස්සු හෝටල් කෑම කන්න යන්නේ. අන්න ඒ දේ තමා ඔය.

    ReplyDelete
    Replies
    1. ///" මෙම තීරණය ගැන වඩාත් අප්‍ර‍සාදය දක්වන්නේ අපගේ කාන්තා පරපුරයි. ඒ තමාගේ ස්වාමියා හෝ පෙම්වතා මෙයින් පසු ගණිකාවන් වෙත ඇදේවි යයි ඇතිවෙන භිය නිසාවෙනි. "///

      ඇත්තටම ඇලෙක්.. ( අනේ බං උමේ මේ නම දිග වැඩියි... මං ඔන්න කොට කළා.. මට ගහන්න එන්න එපා.... හි හි)

      ඔතන තියෙන ප්‍රධාන බය ඒක නෙවෙයි... ලංකාවේ විවාහ තාමත් වැඩි හරියක් පවතින්නේ විශ්වාසය මත... මොන ගෑණිත් තමන්ගේ මිනිහා එහෙම නොකරයි කියලා තමයි හිතන්නේ...

      ප්‍රාධාන බය තමයි මේ තත්වයට කාන්තාවන් බලෙන් ඇද දැමීම වැඩි වෙයි කියන එක.... හැමෝම පිළිගන්නවානේ වැඩි දෙනෙක් මේ “ වෘත්තිය” කරන්නේ එක්කෝ යම්කිසි කෙනෙක් ගේ බය කිරීම මත, නැත්තම් බලෙන් යෙදවීමෙන් කියලා... වෙන කරන්න දෙය නැති කමත් එකක්.. මොකද වෙන ආයතනයක රැකියාවක් හම්බුනත් ඇයව ආයිමත් ඒ තත්වයටම ඇඳලා දාන්න ඕනෙ තරම් අය ඉන්නවා...

      හෝටල් කෑම ගැන කියන්න තියෙන්නෙ කතාව ඇත්ත කියලා... ( ඒක ඉතිං දෙපැත්තටම එකයි... වැඩිපුර ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ ගෑණුන්ට... ඒත් ගෑනු ඉවසනවා.. කවුරුවත් ඒ ගැන හිතන්නේ නෑ.... )

      Delete
    2. ෴ ප්‍රාධාන බය තමයි මේ තත්වයට කාන්තාවන් බලෙන් ඇද දැමීම වැඩි වෙයි කියන එක ෴

      හිරූ, රටේ තියෙන මොනම නීත්‍යානුකූල රැකියාවකටවත් කිසිවෙක් බලෙන් ඇදල දැමීමේ හැකියාවක් තිබෙනවද? ඒ වගේ සිද්ධිවලට ගොදුරුවන්නන්ගෙ තිබෙන වෙනත් ප්‍රශ්න නිසා ඔවුන් නීතියෙ පිළිසරණ නොපතනව ඇරෙන්න නැතිනම් දැනට රටේ තිබෙන නීතිය අනුවත් කිසිවෙක්ගෙන් බලෙන් වැඩගන්න බෑනේ. අනෙක මේ ගණිකා වෘත්තිය සඳහා වුනත් බලෙන් කාන්තාවන් යොදා ගැනීම පාලනය කිරීමටත් එය නීතිගත කිරීම උපකාරීවෙනව කියල ඔයාට හිතෙන්නෙ නැත්ද. ඇත්තෙන්ම සියල්ල නිසිපරිදි සිද්ධවෙනව නම් ගණිකා වෘත්තිය නීතිගතකළ පසු එය යම්කිසි පාලනයකට නතුවෙනව කියන එක පැහැදිලි කරුණක්.

      Delete
    3. ඉතිං අනේ මේ කියන්නෙ සියල්ල නිසි පරිදි සිද්ධවෙනවා තියා නීතියක් දැම්මම ඒ නීතිය කඩන්න පුළුවන් ක්‍රමේ මුලින්ම හොයාගන්න රටක් හින්දානේ මේක... ඇත්ත ඒකනේ... නැත්තම් ඔය කියන එකේ අවුලක් නෑ තමා...

      Delete
    4. ආඃ ..... හිරු පිළිගන්නවනේ අවුලක් නෑ කියල. ඒක තමා ඇත්ත. නීතියෙ හිල්වලින් රිංගීම නම් සම්පූර්ණයෙන්ම බලධාරීන්ගෙ නොසැලකිල්ල නිසා වෙන දෙයක්. මොනම දෙයක් ගැනවත් අපි සුභවාදීව බලන්නෙ නැත්නම් ඉතිං ආයෙ ඒකෙන් වැඩක් නෑ. මම කලින් කමෙන්ට් එකේ අවසානයට කිව්වෙත් ඒකමයි.

      // ඒත් රටේ අනෙක් දේවල් වගේම නීතිය ක්‍රියාත්මක වීම ගැන අසුභවාදීව හිතුවොත් නම් ඉතිං කොහොමටත් මේ කිසි දෙයකින් වැඩක් නෑ. //

      Delete
    5. ඉවත් කරන්න අසභ්‍ය කිසිම දෙයක් නෑ...ඕක තමා යථාර්තය... හෝටලේ කෑම අවුල් නම් කවුරුවත් අමාරුවෙන් කන්න කියලා එන්නෙ නෑ... කලාතුරකින් එකෙක් දෙන්නෙක් මිස...

      @ DDT

      // ඒත් රටේ අනෙක් දේවල් වගේම නීතිය ක්‍රියාත්මක වීම ගැන අසුභවාදීව හිතුවොත් නම් ඉතිං කොහොමටත් මේ කිසි දෙයකින් වැඩක් නෑ. //

      ඒ කොටස හරියටම හරි...

      Delete
  39. සමස්ථයක් විදියට මේ පෝස්ට් එකටත්....සිරාගෙ කමෙන්ට් රිප්ලයි වලටත් 100% ක් එකගයි.

    මමත් කියන්නෙ මේ තියෙන තහනම ඉවත් කරලා යම් මැදිහත් විමක් කළ යුතුයි කියන එකයි.හැබැයි ඒ ආදායම් මාර්ගයක් හැටියට "නීතිගත" කළයුතුයි කියන එක නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම සුමිත් අයියා, මම කියන්නෙත් කාන්තාවන් ආදායම් මාර්ගයක් කරගැනීමේ අරමුණෙන් එහාට ගිහින් යම් යම් ආයතනවලට මේවට නීත්‍යානුකූලව මැදිහත් වෙන්න පුළුවන් පසුබිමක් සැකසීම සඳහා කිසියම් වැඩපිළිවෙලක් සකස්කළ යුතුයි කියල.

      Delete
    2. මෙතන සුමිත් අයිය තිරේ පිටිපස්සේ සෑහෙන්න කථා ගොඩාක් තියෙනවානේ.. අපේ එකාලා කල දුටු කල වල ඉහගන්න ගියාම ඔය කියන රටේ නම කැත වෙන ප්‍රශ්ණ මතු වෙනවා.. ඒත් මැලේසියාව වගේ රටවල් වල සංචාරක කර්මාන්තේ දුවන්නේ ඔය රස්සාව මුල් කරගෙන.. එහෙම බලද්දි නම කැත වීම කියන දේ තීරණේ වෙන්නේ ඒ දිහා බලන කෙනාගේ මානසික මට්ටම මත.

      මානුශීය පැත්තකින් බැළුවොත් මේ කියන පුද්ගල කොට්ටාශෙට අවම වශයෙන් වෛද්‍ය පහසුකම් වත් නීතියානුකූලව ලබා ගැනීමේ අවස්ථාවක් මේ වෘත්තිය නීතිගත කිරීමකදී වෙයි කියල මගේ අදහසක් තියෙනවා..

      අනික DDT සහෝදරයා කියන්නව වගේ නැතුව මේ කාරෙනේ ගැන වෙනම ආයතන නැතුව, ‍රටක රජයේ ‍සෞඛ්‍යය දෙපාර්තමේන්තුවක් වගේ මැදිහත් වීමක් සිද්ධ කරනවානම් වඩා හොඳ වේව්.. පාරක් කපන්නත් අමාත්‍යාංශ පිහිටුවද්දි ගෝලීය ප්‍රශ්ණයක් වෙනුවෙන් දෙපාර්තමේන්තුවක් පිහිටුවීමේ වැරැද්දක් නෑ කියලයි මගේ මතය.. එහෙම නේද?

      Delete
    3. මෙහෙමයි මචං, මම කියන්නෙ මූලික අදියරේදි දැනට පවතින යම් යම් ආයතනවලට (රෝහල්, පොලිසිය, සමාජ සේවා ආයතන වැනි) මැදිහත්වෙන්න පුළුවන් නීතිමය පසුබිමක් සැකසිය යුතුයි. (දැනට පොලිසිය මැදිහත්වෙන්නෙ ඔවුන් අත්අඩංගුවට ගන්නත් නඩු පැවරීමටත් පමණයිනේ) පසුව විධිමත් අධ්‍යයනයකින් පසු ඒ සඳහා ක්‍රියාපටිපාටියක්, වැඩිදුරටත් මේ කටයුතු කාර්යක්‍ෂම කිරීමට අවශ්‍ය නම් වෙනම ආයතන ව්‍යුහයක් සැකසිය හැකියි. එයින් මේ කටයුත්තෙ නිරතවන්නන් නිරන්තර වෛද්‍ය පරීක්‍ෂණවලට යොමු කිරීමෙන් ඔවුන්ගෙත් ඔවුන්ගෙන් සේවාවන් ලබා ගන්නන්ගෙත් ඒ ඔස්සෙ සමාජයෙත් මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමටත් දැනට අහුමුළුවල අනාරක්‍ෂිතව සිදුවෙන ක්‍රියා පාලනය කිරීමත් වැනි මූලික කරුණුවත් අඩුතරමෙ ඉටුවේවි.

      Delete
    4. පිලිගන්නවා.. මට මුලින් කිව්වේ මේ ආයතන කියන දේ ගැන කියල වැටහීමක් තිබුනේ නෑ.. ඒකයි මම එහෙම කිව්වේ..
      අනික මේක කොහොමත් එක ආයතනයක් හරහා ක්‍රියාත්මක කරන්න හිතනවානං ඒක අමූලික ප්‍රෝඩාවක් වෙනවා.. DDT සහෝ කිව්ව හැම අංශයකම ඍජු දායකත්වයක් මේ වැඩපිලිවෙලට ලැබෙනවානං අනිවා මේ කරන්න යන සාර්ථක වෙයි කියල අපිට හිතන්න පුළුවං..

      Delete
    5. සුමිත් අයියත් ගැටළුව නිවැරදිව හදුනාගෙන තිබෙන බව පේනවා...

      @ DDT

      මේ කාර්යභාර්යය කරන්න ඕනෙ විදිය ගැන පුරෝකථනය කරලා තියෙන විදියට මම කැමතියි...

      Delete
  40. හොඳ ලිපියක් සිරා.. කවුරුත් එච්චර කතා නොකරන මාතෘකාවක් උඹ කතාකරලා තියෙන්නෙ...

    මමත් ඔය සම්බන්ධයෙන් මධ්‍යස්ථයි..ඕක නීති ගත කරලා විධිමත් කරන්න පුලුවන්නම් තියන ගොඩක් ප්‍රශ්ණ නැති වෙන්නත් පුලුවන්..

    ඔය එක එක ගණිකාවක් ගැන සළකලා බැලුවොත් ඒක වෙන වෙනම ඛේදාන්ත රාශියක්.. ඔය රස්සාවට කැමැත්තෙන් යොමු වෙච්ච කව්රුවත් ඉන්න බෑනෙ නේද ?

    ReplyDelete
    Replies
    1. එකගයි සෙන්නා....

      කැමැත්තෙන් කරන අය බොහොම අතලොස්සක් ඇති... වැඩිපුර ඉන්නෙ දරිද්‍ර‍තාව නිසා යොමු වූ අය...

      Delete
  41. Sri Lanka needs nothing other than storng law and order. Law means not to restrict the facebook and controling the internet. Thing done here in the sake of law is terrible and always trying to restrict the movments of people. The MPs who are accused for rape cases and murders are now free. But government controling the needs (including sex) of the majority of people only, not their own and the "henchiyas".

    ReplyDelete
    Replies
    1. no doubt... you have described the current situation very well... the similar scenario may continue some resonable time.. majority of people do not trust on law any further...

      Delete
  42. 3 parak kiywa (comments atuluwa) ea taram hoda lipyak. me wage lepi liyana.
    Jayawewa,
    Sajith

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සජිත් හැමදාම වගේ මේ පැත්තට ඇවිල්ලා දිරිමත් කරනවාට...

      Delete
  43. සිරා ලිපිය දිගයි හොදයි. සෑහෙන්න කාරණා ආවරණය වෙනවා.. අර දත අපිටත් බලන්න බැරිද,, අන්න ඒක තමා නියම බෙහෙත හැම ගණිකාවකටම ඔය වගේ දතක් හයි කරල ඕක නීතිගත කරා නං ඉවරයි...

    ReplyDelete
    Replies
    1. මම හොයලා බලන්නම් ආයෙත් කොහෙද ඒ ප්‍ර‍දර්ශනේ ලගදි දවසක තියෙන්නෙ කියලා... බොලාගෙ යෝජනාව නම් මරු... ගණිකාව ඉන්න ආසන්නයේම ඩිස්පැන්සරියකුත් දැන්න වෙයි එහෙනම් ආයුදේ අල්ලගෙන හූ කියාගෙන දුවගෙන එන උන්ට බෙහෙත් දාන්න...

      Delete
  44. සිරා සෑහෙන්න කාලෙට ව‍ටින ලිපියක්.. ඔය කිව්ව බොහෝමයක් දේ ඇත්ත කියල අත්දැකීමෙන් දන්නවා. විස්තරේ කිව්ව වගේ සරසවි ශිෂ්‍යාවො කීප දෙනෙක් මට හබෑවටම මුණගැහිලත් තියෙනවා.. ඒ වගේම මැද කොළඹ එන්. ජී. ඕ ‍එකක මම කලින් රැකියාව කරද්දි ඔය වගේම වෘත්තියමය ගණිකාවන් 100කට කිට්ටු ගානක් එක්ක සම්මුඛ සාකච්ඡාවක් ‍කරන්නට මට හම්බුනා.. ඒකෙදි ඒ පුද්ගලයන්ගේ ජීවිත කථා ඇහුවාම ඒක වෘත්තියක් විදිහට සාධාරණීකරනය කි‍රීමේ සැලකිය යුතු අවශ්‍යතාවයක් පවතිනවා කියල තේරුණා.. ඒත් අපේ මිනිහා හැම ‍දෙයක්ම තමන්ගේ වාසියට හරවාගෙන ඒතුලින් අයුතු ප්‍රයෝජන ගන්න හදද්දි කරන්න ඕනි උනත් ඒ වගේ දේවල් කරන්න සමාජය තුල මතයක් ගොඩනැ‍ගෙන්නේ බොහෝම අඩු මට්ටමකින්. ඒ හින්ද අපි වගේම මේ සමාජෙ ජීවත් වෙන අපේම ජන කොටසක් අපිට පෙනි පෙනීම සමාජයෙන් කොන් වෙලා සමාජයෙන් අතුගෑවිලා යනවා..
    (Enal) කියන වචනේ (Anal) විදිහට වෙනස් වෙන්න ඕනි නේද??

    ReplyDelete
    Replies
    1. වැරැද්ද පෙන්වා දුන්නට ස්තුතියි මම එය නිවැරද කොලා...

      ඔබේ කමෙන්ටුව තව දුරටත් මා දරන මතය තහවුරු කරන්නක්... ඔබේ අත්දැකීම් සමග එය සමපාත වන බව දකින්නට ලැබීමත් සතුටක්...

      Delete
  45. සිරාවටම සිරා කතාව සිරෝ...
    හැමෝගෙම කමෙන්ට් ටිකෙනුත් වැදගත් ගොඩක් දේවල් ගන්න තියනවා...

    ReplyDelete
    Replies
    1. ඉගෙන ගත්තට මදි... හිතේ තියාගන්නත් ඕනෙ....නැත්නම් ලෙඩ බෝ වෙන්න පුලුවන්... හික් හික්...

      Delete
  46. සිරා අයියේ මං පෞද්ගලිකව මේ යෝජනාවට අකමැතියි , මොකද ළමයි පැහැර ගැනීම් වගේ දේවල් වැඩි වෙන්න පුළුවන් (ලංකාවේ උන් ගැන කියන්න දෙයක් නෑනේ ) , මේ මාතෘකාව ගැන නොබියව කථා කිරීම ගැන මගේ ස්තූතිය , අර බුවාට පොඩි යෝජනාවක් දාන්නකෝ මාතර පැත්තේ ඔය ප්‍රදර්ශනේ තියන්න කියලා

    ReplyDelete
    Replies
    1. අර දත් සීන් එක ගැන the teeth කියලා film එකක් තියෙනවා මට ඒක ඔක්කොම බලන්න බැරි වුනා යාලුවෙක් ගාව තිබ්බා, අරක බොරුවක් ද දන්නෙත් නෑ , පස්සේ දත සෙට් කරාද කියලා

      Delete
    2. ඔබේ මතයට ගරු කරමි... ඉහළින් ඇති කමෙන්ටු වල මා දරණ මතය දක්වා තියෙන නිසා මෙහි නැවතත් ඒ ගැන කථා කරන්නෙ නෑ...

      ප්‍ර‍දර්ශනේ පවත්වන කෙනා සම්බන්ධ කරගෙන බලන්නම්... ළගකදී ආයෙත් තියෙන්නෙ කොහෙද කියලා... ඒකෙ තියෙන දත නම් ඇත්තම එකක්...ඒක දකිද්දි මල්ලි හිරිවැටෙනවා...

      Delete
    3. විස්තරයක් ලැබුනොත් මට e mail එකක් දාන්න imalka128@gmail.com
      :-)

      Delete
  47. //ගණිකාව සහ සිරි ලංකාව (වඩාත් සුදුසු වැඩිහිටියන්ටයි)//
    මට හිතෙන්නේ මෙහි වැඩිහිටියන්ට සුදුසුයි කියන ලේබල් එක අයින් කලානම් වඩා සුදුසුයි කියා. මේක අපි නොසිතන තරම් ලොකු ගැටලුවක්. මේ දත්ත මම ඇසුවේ පළමු වතාවට. මේ ගැන විවෘතව කතා කිරීම ගැන සිරාට ස්තූති වන්ත වෙනවා.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලිපියක් සාර්ථකව ලිව්වට වැඩක් නෑ.. කියවන්න පිරිස නැත්නම්... එයට ආකර්ශනීය නමක් තිබ්බොත් තමා කියවන පිරිස ඇදිලා එන්නෙ... හරියට වෙළද ප්‍ර‍චාරනය වගේ... එහි කොටසක් තමයි ඔබ දක්වලා තියෙන වාක්‍ය ඛණ්ඩය...

      මේ ගැටළුව සෑහෙන තරමේ සමාජ ප්‍ර‍ශ්නයක්... බැට කන එකා විතරයි තවම මෙහි වේදනාව හදුනන්නෙ...

      Delete
  48. සිරාවට ලියලා තියෙනවා මචං. අදමයි මේ පැත්තේ ආවේ. නීතිගත කිරීම ගැන මගේ අදහස උඹට වඩා ටිකක් වෙනස් උනත් දන්නේ නැති කරුණු ගොඩක් දැනගත්ත. අර දතේ කතාවනම් මාරයිනේ බං. ඇඟ හිරිවටුනා ඒක ඇහුවම. :O

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා

      යමක් අලුතින් දැනගත්තා නම් ඒ ගැන මට සතුටුයි... දත ගැන ඇහුව මුල් දවසෙ මගෙ ඇගට අමතරව මල්ලිත් හිරි වැටුනා...

      Delete
  49. පිස්සු හැදෙන සුපිරි ලියුමක් ඈ....

    //එනම් ස්ත්‍රී ජනනේද්‍රිය ඇතුලතින් කෘන්තක වර්ගයේ දතක් පිහිටා තිබූ විරල අවස්ථාවකි.//

    මට මතක් වුනා මම බලපු ෆිල්ම් එකක් teeth කියලා. vaginal dentata කියලා මිථ්‍යාවක් වටා තමයි ඒ කතාව ගෙතිලා තිබ්බේ ඒත් ඒක ඇත්තක්නේ බොලේ බැලින්නං පිස්සු වගේ මට

    ඔන්න ඕක තමා කියන්නේ ගෙදරකට උනත් හොරෙන් පනින්න කලින් මුට්ටියක් දාලා බලන්ටෝන කියලා

    කතාවෙන් මතුවෙච්චි අනික් කාරණය ඒ කියන්නේ ගණිකා වෘත්තිය කියන්නේ එක්තරා විදියකට උත්තර නැති ප්‍රශ්නයක්.තිබ්බත් අවුල් නැතත් අවුල් ඕක නීතිගත කරනවට මම නම් පුද්ගලිකව විරුද්ධයි ඕකෙන් වෙන්නේ ‍අහිංසක කෙල්ලන්ව බලහත්කාරයෙන් මෙව්වට යොදවන දේවල් වැඩිවෙයි කියලා.දැනුත් එව්වා වෙනවා ඇති ඒත් එව්වත් නවතින්න ඕන කියන එකයි මගෙ අදහස

    ReplyDelete
    Replies
    1. ගැමියා මලයා ඕක තමා කියන්නෙ කොටු පනින්න කලින් කල්පනා කරන්න කියලා...ඔබේ මතයට ස්තූතියි... ඒ වගේ අදහස් දැරූ අයට ඉහළ කොමෙන්ටු වල පිළිතුරු දිලා තියෙනවා...

      Delete
  50. සෑහෙන්න කරුණු අධ්‍යනය කරලා මහන්සි වෙලා ලියපු ලිපියක් කියලා පේනවා සිරා. ඒ වගේම ගොඩක් හොඳට කරුණු ගෙන හැර පාල තියෙනාඅ....

    මමත් ඉන්නේ ගණිකා වෘතිය නීති ගත කල යුතුයි කියන මතයේ. එහෙම උනොත් අපේ ලංකාව වගේ දරිද්‍රතාවයෙන් පෙලෙන, තම දරුවන්ගේ කුසගිණි නිවන්නට පොලීසියට පගා ගෙව ගෙව බයෙන් හොරෙන් මේ වෘතියේ යෙදී සිටින්නන්ට සහනයක් වේවි.

    ReplyDelete
    Replies
    1. දුමි අයියා කාමරයට සාදරයෙන් පිළිගන්නවා...

      ඔබේ කථාව නිවැරදියි... මේ මිනිස්සුන්ගෙ දහඩිය මහන්සිය පිනට හූරගෙන කන පිරිසකුත් ඉන්න බව අපි අමතක කරන්න නරකයි. පොලීසියෙ සමහරක් ගණිකාවන්ගෙන් ලිංගික අල්ලස් ගන්න බව ප්‍ර‍සිද්ධ රහසක්...

      Delete
  51. වෙද ගෙදර මහ වෙදනාNovember 29, 2012 11:06 AM

    ශාන් කියන කතාව හරි. එහෙම තමයි. එතැන හිටියේ ශෝ ගර්ල්ස්ලා තමයි. සම්පූර්ණ නිරුවත්. හැබැයි ලිංගික ක්‍රියාකාරකම් බැහැ. උකුලේම වගේ වාඩිවෙලා ඕනෙම දෙයක් කතා කරනවා. හැබැයි අල්ලන්න බැහැ. මා එක්ක බොහොම ලෙන්ගතු වුනා. මම මා වාඩි වී සිටි සැටියෙම ඇයට වාඩි වීමට සලසා දුන්නා. එහෙමයි කතා කලේ.

    තව වැඩිපුර මුදල් ගෙවා වෙනම තනියම තැනකට යන්නත් හැකියි. මම ඒ ගැන දන්නේ නැහැ. අපිත් සමග ගිය කීප දෙනෙක් එහම ගියාට ඒ ගැන අහන්න සදාචාරාත්මක නැති නිසා මම ඒ පිළිබඳ දන්නේ නැහැ.

    මේවා ගෙඩි පිටින් ගේන්න නෙමෙයි යම් තරමකට හෝ ලංකාවේ ඇති කිරීමට මම එකඟයි. සමලිංගික යුවල් ද බොහොමයක් මේ ස්ථානයේ දී මම දුටුවා.
    **********************************************************************

    @ වෙද ගෙදර මහ වෙදනා

    ඔව් ඔය මම කියපු ඒවගෙන් අයිති වෙන category අනුව
    කැමති දෙයක් කල හැකි..මොනවා උනත් ඔතන වැදගත්ම
    දේ කව්රුත් ඒ ළමයට අපහාස කරන්නේ නැහැ අහවල් තැන
    මෙහෙම ඉන්නවා කියල.මොකද මගේ පුද්ගලිකත්වය කෙලවර
    අනික් කෙනාගේ නාහේ අග කියන දේ තේරුම් අරන් ඉන්න නිසා..
    අනිත් දේ මේ ලෝකේ මිනිස්සු ඉන්නවා ඒ ඒ කාලවලදී එක එක
    හැගීම් එනවා .ඒ හැගීම් පිට වෙන්න ඕනේ..ගොඩක් වයීද්‍ය වරුත්
    නිර්දේශ කරනවා සමහරුන්ට නිරුවත් සමාජ ශාලා , beach , මාඩි වගේ carnival
    ඒවට යන්න..අන්න එහෙම තැනකට ගියාමයි තේරෙන්නේ
    මොකක්ද මේ මහා ලොකු හෙළුව කියල හිතන් ඉන්න දේ කියල..
    කොහොම උනත් වේද මහත්තයෝ ඔබ තුමා අපි වගේම 100% විව්වෘත
    වෙන්නත් එපා .මොකද තරහ පිරිමහගන්න ඉන්න කෙනෙක්ට
    පහත් තර්ක ගොඩ නගන්න පුළුවන්. අපි වගේ නයි පනික්කියෝ මැද්දේ
    ඉන්න එක හරි නැහැ ඔබතුමාට ..බූරු පොලේ හිටියත් ඇතිනේ කූඩු
    දාන්න ...

    ReplyDelete
    Replies
    1. ඔච්චර තර්ක කරන්න දෙයක් නෑ බන්...උඹ කැමති නම් කැමතියි නැත්නම් නෑ... තමන්ට කැමති මතයක් දරන්න ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවෙන්ම පුරවැසියන්ට අයිතිය ලැබිලා තියෙනවා...

      Delete
  52. මොන රෙද්දක්ද ??? ජීවිතේ විඳවන්න නෙවෙයි... විඳින්න තියෙන මත් පැන් ටිකයි ලිංගික ජීවිතෙයි සදාචාරෙයි, සංස්කෘතියයි, සභ්‍යත්වයයි අරකයි මේකයි කියලා කූඩු කරලා හිර කර ගෙන ඉඳලා කිසිම ස්ථීරත්වයක් නැති ජීවිතේ ෆිලමන්ට් එක වගේ කියි වෙලාවෙද මන්දා සුටුශ් ගාලා යන වෙලාවෙ ද ඔය නොකරපුවා කොරන්න හිතන් ඉන්නෙ බහුතරයක් උදවිය ???? ඕක නීතිගත කොරන කන් බලන් ඉන්ඩ කියලද කියන්නෙ ? දෙන්න සල්ලිත් තියේ නම් හරියන එව්වත් තියේ නම්...ආයි මොනාද ඉතින් ? අපිට පොඩි කාලෙ ඔව්වා නරකයි නරකයි කියලා උගන්වන්නෙ ඒ මානසික මට්ටමේදි ඒවට යොමු උනොත් ඒක ඒ තරමට වැඩිච්ච මනසකට ඔරොත්තු දෙන්නෙ නැති නිසා මිසක් මේ මනස සහ කර දඬු උස් මහත් උනහමත් එව්වා නරකයි නරකයි කියලා අයින් කරන්න නම් නෙවෙයි කියලයි මගේ පුද්ගලික අදහස නම්.. කවුරු හරි කියනවා නම් අනේ මන් ඕකට කැමති නෑ කියලා එහෙනම් එතන තියෙන්නෙ මානසික ලෙඩක් හෝ ශාරීරික ව ආපු තත්වයක් නිසා ඇති වෙච්ච දෙයක් මිසක් වෙන දෙයක් නෙවෙයි කියලත් හිතනවා..ඒ හින්දා මේ සාඅජයෙන් එන අරකයි මේකයි කියන අදහස් ඔළුවෙ පුරවගෙන නැගලා තියෙන එක බස්සා ගන්න මන් නම් කැමති නෑ ඕන් කවුරු කීවත්..

    ReplyDelete
    Replies
    1. වෙනී අයියා බොහොම අවංකව දාපු කොමෙන්ටුවට ස්තූතියි... බහුතරයක් අය ඔය වගේම මතයක් දැරුවත් ප්‍ර‍සිද්ධියේම ඒ ගැන කථා කරන්න භයයි...තමන්ගෙ වට පිටාවෙ ඉන්න අය තමන් කුමන ආකාරයකට තක්සේරු කරයිද කියලා ඇතිවෙන හැගීම් නිසා...

      Delete
  53. ඕක නීති ගත කලත්..අද කාලේ නීතියට පිටින් වෙන දේවල් දැක්කාම ඇහුවාම වෙන යහපතක් ගැන නම් හිතන්නමට නම් අමාරුයි සිරා අයියේ..ස්කොලේ යන පොඩි කෙල්ලෝ, බලෙන් පැහැරගෙන යන කාලයක් ඒවි හරියට ඉස්සර කොල්ලෝ කරෝල වාඩි වලට අරන් ගියා වගේ...අනික ඕක නීතිගත කලාම ජාත්‍යන්තරව ලංකාවට ඇතිවෙන පැල්ලම සුලුපටු එකක් කියලා හිතන්නත් බෑ. හිරු අක්කත් මේවගේ පොස්ට් එකක් දාල තිබ්බ. ඔය ප්‍රශ්නෙට උත්තරේ දෙන්න මම වැට උඩ ඉන්නේ කියල මම එතනත් කිව.

    ReplyDelete
    Replies
    1. නීතිගත කලා කියලා ජාත්‍යන්තරව ලංකාවට පැල්ලමක් ඇති වෙන්නෙ නෑ... ලංකාවෙ දැනට සිදුවෙන මානව හිමිකම් කඩවීම් මගින් නම් එහෙම දේ වෙන්න පුලුවන්... මම මේ තර්කය කරන්නෙ ලංකාවෙ නීතිමය පද්ධතිය සද්භාවයෙන් ක්‍රියාකරයි කියන උපකල්පනයෙන්...එහෙම වුනොත් ඔබ කියන ආකාරයේ පැහැරගැනීම් වළක්වාගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි.

      ගණිකා වෘත්තිය පාලනයට රජය යම් තරමකට මැදිහත් විය යුතුයැයි මා උදක්ම අවධාරනයෙන් කියන්නේ ඒ වෘත්තීයේ නිරත වෙලා ඉන්න 50000 කට වැඩි ජනතාවගේ සුභ සිද්ධිය අපේක්ෂාවෙන්, ඔවුනුත් මනුෂ්‍යයන් බව අපි අමතක කරන්න නරකයි.

      Delete
  54. හ්ම්ම්... පෝස්ට් එකයි කමෙන්ට්ස් ටිකයි කියෙව්වම මට කියන්න තරම් දෙයක් නෑ වගේ...

    ඒත් මට කියන්න හිතුණු අදහස කියල යන්නම්කො... ගණිකා වෘත්තීය නීති ගත කළත් ඇඟ හොඳ පාටට හැඩට තියෙන කල් විතරයි ඔක්කොම සෙල්ලම්... ඊට පස්සෙ....

    ReplyDelete
    Replies
    1. ඒක තමා මනුෂ්‍ය ස්භාවය...එය ගණිකා වෘත්තියට පමණක් නෙමෙයි. සිනමා,රූපවාහිනී ආදී බොහෝ කලාමාධ්‍යයන්ටත් පොදුයි...

      පොත්තෙ හම රැලි වැටෙන කාලෙට නෝ චාන්ස්...

      Delete
  55. වෛශ්‍යා වෘත්තියේ යෙදෙන කාන්තාව හැඳින්වීමේ පර්යාය පදයක් ලෙස 'වේසි' යන වදන භාවිත වේ. බොහෝවිට අගහිඟකම් හෝ ළඟම හිතවතකු අතින් සිදුවන ලිංගික අතවරයක් හෙවත් වැඩ වරද්දාගැනීමක් නිසා ඔවුන් එම වෘත්තියේ නියැලීම ආරම්භ කරත්. එවිට ඔවුන් හැඳින්වීමේ පහසුව තකා සමාජයේ අනෙකුත් පිරිස් විසින් ඔවුහු 'වේසියන්' ලෙස හඳුන්වත්.

    කිනම් වෘත්තියක නියැළුණ ද උහු ගැහැණුන්ම වෙති. එබැවින් ඔවුහු දරුවෝ වදත්. එකී ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය සාමාන්‍යයෙන් සිදුවන ආකාරයෙන්ම ඔවුන් ද සිදු කරත්. නමුත් මෙහි දී එක් වෙනසක් සිදු වේ. සම්ප්‍රදායානුකූල ව ලැබෙන පියාගේ වාසගම වෙනුවට එම දරුවනට මවගේ නමේ කොටසක් ලැබේ. ඒ ඔවුන් සම්ප්‍රදායට පිටින් උපත ලද්දා වූ හෙයිනි. මව හඳුනාගැනීම පිණිස සමාජය විසින් පිරිනැමූ නාමය එම පුතුන්ගේ නමට පෙර යෙදීමට සමාජය වගබලාගනිත්. ඔවුන්ගේ පුත්‍රයන්, එනම් එකී වෛශ්‍යාවන් විසින් බිහිකරනු ලබන වෛශ්‍යා පුත්‍රයන් 'වේසිගෙ පුත්තු' ලෙස හැඳින්වේ.

    ඒ කතාව මඳක් එලෙසම තිබුණාවේ.
    දැන් අප කතා කරන්නට යන්නේ තවත් පුතාලා ජාතියක් ගැන ය.
    තාත්තා කරන දේ නො කරන පුත්‍රයා හැඳින්වීමේ පර්යාය පදයකි 'නොට්ටිගේ පුතා'. එම වදන කවරාකාරයකින් උපනේදැයි නොදන්නා නමුත්, 'අප්පා කලදේ පුතා නොකලොත් ඌ නොට්ටිගේ පුතා' ලෙස හඳුන්වන බැව් අප දනිමු.

    වේසියන්ට වුව ඉබේ පුතුන් පහළ වන්නේ නැත.
    උන්ටත් තාත්තලා සිටිත්. නමුත් ඒ තාත්තලා වේසිගේ මිනිහා, වෛශ්‍යා ස්වාමියා වැනි වදනකින් හඳුන්වනවා නම් අප අසා නැත. එසේම අපගේ ජන සාහිත්‍යය හෝ ප්‍රබුද්ධ සාහිත්‍යය හෝ තුළ වේසියන් හා වේසිගේ පුත්තු ඇතිමුත්, ඔවුනගේ පුරුෂයන් හෝ වේසිගේ පුතාලා ජාතක කළ පියවරුන් පිළිබඳව සඳහන් නොවේ. එසේම මේ පුතාලාගේ කෙරුවාවල් බලා හිඳින අය ද සිහිකරන්නේම ඔවුනගේ අම්මලා මිස අප්පලා නොවේ.

    නමුත් ඒ පුත්තුන්ට ද අප්පලා සිටිත්. උප්පැන්න නම් නො වෙත්.
    ඒ පුත්තු ද ලොකු වෙති. ලොකු වී කරන්නේ ද අප්පලා කළ දේවල්මය. එසේ නො කළොත් නොට්ටීගේ පුත්තු වේ. එවිට වේසි, නොට්ටි බවට පත්වෙයි. එහෙත් පියාගේ වෙනසක් සිදු නොවේ. කොයි හැටි වෙතත් මේ පුත්තු ද අප්පලා ගිය පාරේම යත්. එබැවින් ඊළඟ පරම්පරාවේ ද වේසියෝ බිහිවෙත්. උන්ට දාව පුත්තු ද හැදෙත්.

    උන්ට ද අප්පලා ඇති මුත් උප්පැන්න නොවෙත්.
    _____________________
    සෞම්‍ය සඳරුවන් ලියනගේ

    ReplyDelete
    Replies
    1. කියන්න වදන් නැත... අතිශයින් පස්ට කොමෙන්ටුවකි... බ්ලොග් කෙරුවාවට ඔබට ඕනෑවටත් වඩා සුදුසුකම් ඇති බව පෙනේ...බ්ලොගක් ලියන්න පටන් ගමුද ?

      Delete
  56. අදයි මේ ලිපිය කියවන්න ලැබුනේ

    ReplyDelete
    Replies
    1. ඉතිං සම්පූර්ණයෙන් කියෙව්වද...

      Delete
  57. නියම ලිපියක් සිරෝ.....
    මීට කලිනුත් මම ලිපි කීපයක් කියෙව්වා.... ලියන එක සිරවටම ලියල තියෙනවා.
    කියවන කෙනකුට එපා නෙවෙන්න....

    ප.ලි.
    මම මේ අහන්න කියලමයි හිටියේ සිරාගේ මූණත් තහඩුව හොදට දැකලා හුරුයි වගේ...
    උසස්පෙළ කලේ මොන අවරුද්දේද කියල ඇහුවොත් තරහා නැනේ..
    මොකද මමත් 2003 ඉදන් 2005 වෙනකන් ගම්පහ කරක්ගැහුව අමතර පන්ති වලට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කාමරේට ඇවිල්ලා කොමෙන්ටුවක් දැම්මට...

      සිරා උ/පෙ කලේ 2001....

      Delete
  58. ශරීරය ඇගේ. ඈට ඒක විකුණන්න ඕනෙනම් ඒක ඇගේ වැඩක්. ඒකෙන් වෙන්නෙ සේවාවක් නම් රජය කළයුත්තෙ ඒ සඳහා නිසි පියවර ගෙන ඈටත් සමාජයටත් වෙන්න පුළුවන් හානි අවම කිරීමයි, නැතුව නීතියෙන් තහනම් කිරීම නෙවෙයි. සිරා සහෝදරයා, ඔබේ අදහස කාලයට, දීපයට, දේසයට ඔබිනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ නියම ලෙස ගැටළුව තේරුම් ගෙන ඇති බව පෙනෙනවා... සංස්කෘතියේ ඇලී ගැලී මේ ආකාරයේ ගැටළුවකට ප්‍රායෝගික පිළිතුරක් දෙන්න බෑ...

      Delete
  59. මාරයද කොහෙද කියලා තිබ්බා මේක බලන්නම ඔනෙ ලිපියක් කියල, ඒ නිසා හිතේ තියන් හිටියා මේක බලන්න ඕනෙ කියලා. මචං උඹේ ලිපියයි, ඒකෙන් ඇතිවෙලා තියන කතාබහයි දැක්කහම සතුටු හිතුනා. ඇත්තටම මේ වගේ මාතෘකාවක බලන්න ඕනෙ ගොඩාක් පැති තියනවා. ඉතින් හැම පැත්තම වගේ කතාබහට ලක්වෙලා තියනවා.

    මගේ මතය මේකයි. මේක නීතිගත කිරීමෙන් ගණිකාවන්ට නම් අනිවාර්යයෙන් හොඳක් සිද්ධවෙනවා. තමන් කරන රැකියාව වෙනුවෙන් නීත්‍යානුකූලව පෙනී හිටින්න ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. ඒක ඔවුන්ගේ ගොඩක් ගැටළු වලට විසඳුමක් වෙන්න පුළුවන්. අර කිව්ව වගේ මේකෙන් ඊට පස්සේ නීතියේ රැකවරණය අයුතු ලෙස ගනිමින් තව බොහෝ දේ සිද්ධවෙන්න පුළුවන්. නමුත් ඒක, මේක නීතිගත කිරීම හා කෙලින්ම බැඳුනු දෙයක් විදිහට මම දකින්නේ නෑ. ඒක අපේ සමාජයේ ඕනෑම ක්ෂේත්‍රයක දකින්නට තියන පොදු ප්‍රශ්නයක්.

    දැන් පාරක වාහන එලවන විදිහ බලලා කියන්න පුළුවන්, අපෝ ලංකාවට රථවාහන නීති වැඩක් නෑ. තිබ්බත් ඕවා ක්‍රියාත්මක වෙන්නේ සොක්කන්ට විතරයි කියලා. ඒක ඇත්ත උනත්, එහෙමවත් නීතියක් තිබ්බේ නැත්නම් තත්වය කොහොම වෙයිද? අනික නීතිය ක්‍රියාත්මක නොවීම කියන්නේ වෙන ප්‍රශ්නයක්නේ. ගණිකාවන් ගැන ඇති සමාජ ආකල්ප වලට ලොකු වෙනසක් මේකෙන් ඇතිවෙයි කියලා හිතන්න අමාරුයි. ගණිකාවන් ඇසුරු කරන අය වැඩි වෙයි කියලා හිතන්නත් අමාරුයි, ඒ වගේම ගණිකාවන් ගණන වැඩිවෙයි කියන එකත් එච්චර එකඟ වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද මෙතැනදි, ගණිකාවන් සම්බන්ධයෙන් දෙන්නෙ, 'ආ දැන් ගණිකාවන් නීත්‍යානුකූලයි, ඒ නිසා ආශ්‍රය කලාට කමක් නෑ', හරි 'අම්මේ මම ලොකු වෙලා ගණිකාවක් වෙනවා' වගේ වෙනසක් නෙමෙයි... ඔවුන් කරන රැකියාව ගැන යම් නීත්‍යානුකූලභාවයක්. ගණිකාවක් නිසාම විඳින්න සිද්ධවෙන අතවර, ගැහැට, සෞඛ්ය ප්‍රශ්න වෙනුවෙන් ඔවුන්ට යම් යම් ක්‍රියා මාර්ග ගන්න පුලුවන් තත්වයක්. ඒ නිසා අඩුපාඩු තිබ්බත්, නීත්‍යානුකූල කිරීමකට මම එකඟයි.

    ඒ වගේම කියන්න ඕනේ.. අපි වගේ ලියන්නන් වාලේ ලියන්නේ නැතුව, කරුණු හොයාගෙන, අරමුණක් ඇතුව උඹ වටිනා ලිපියක් ලියලා තියනවා කියලා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... මේ ලිපිය ලියන්න කලින් යම් තරමකට තොරතුරු රැස් කලා... ගණිකා වෘත්තියේ යෙදී සිටින කෙනා සමාජයෙදි මුහුණ දෙන්නෙ තමන්ගෙ ගෞරවය පිළිබද ප්‍ර‍ශ්නයකට... නීතිගත කලත් ඒ තත්වය එළෙසම තියෙන නිසා මම හිතන්නෙ නෑ මේ කර්මාන්තයට අලුතින් එක් වන පිරිස වැඩි වේවි කියලා...

      Delete
  60. කාලෝචිත මාතෘකාවක් ඔස්සේ කරුණු ගෙනාවට ස්තුතියි මචන්

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ඔලුව දාලා කොමෙන්ටුවක් එක් කලාට ස්තූතියි....

      Delete
  61. සිරා අයියා මේක හොඳ topic එකක්,සුද්දෝ දීපු ස්ංස්කෘතියක් සදාචාරයක් අස්සෙ අපි අපිවම හිර කරගෙන, Sex, Prostitution කියන එවා තහනම් වචන කරගෙන ඉන්න මේ වගේ රටකට ගැලපෙනම Topoc එකක්.
    හැබැයි අර ගණිකා වෘත්තිය නීතිගත කරන එකට මම විරුද්දයි

    ReplyDelete
    Replies
    1. ගණිකා වෘත්තිය නීතිගත කරනවාට මා මනාප ඇයි යන්න ඉහළ කමෙන්ටු වල දක්වා තියෙනවා...

      Delete
  62. හොද ලිපියක් සිරා!!කාලීන මාතෘකාවක්!!

    ReplyDelete
  63. සිරාගෙ කාමරේ දොරට තට්ටුවක් දැම්මෙ අද මම. සිරාම සිරා. නියමයි වැඩේ. අපි එදිනෙදා කථා නොකරන සැගවුනු තොරතුරු ගොඩක් දැනගත්ත මේකෙන්. නියම ලිපියක් මේක. දිගටම කරගෙන යමු. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම සන්තෝෂයි...ඔය විදියට තට්ටුව දාගෙන දිගටම එන්න කාමරේ පැත්තෙ... ජය!

      Delete
  64. ගොඩක් වැදගත් ලිපියක්. ඉදිරියත් මේ වගේ ලිපි වලින් හමු වෙන්න බලාපොරොත්තුවෙන් සුබ පතනව... ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අගය කිරීමට...

      Delete
  65. ලිංගිකත්වය කියන්නේ සියළුම සත්වයන්ට තමන්ගේ වර්ගයා බෝකිරිමට අවශ්‍ය හැගීමක්,
    එය නැතිවුනදාට ලෝකයේ පැවැත්මක් නැතිවෙනවා,
    ලිංගික හැගීම් අවශ්‍යයි, ඒවා නැති වුන් වගේ කතා කරන වුන් මොනවද කියන්නේ කියලා මට නම් තෙරෙන්නේ නෑ,
    හැබැයි නැග්ගම කවුරුත් වැඩ හැසිරෙන්නේ එකම විදිහට,

    එතකන් කවුරුත් බණ කියනවා පෝන් වුනාම කවුරුත්
    මේ කවුද කියලා බලන්නේ නෑ තමන්ගේ අරමුණ ඉටු කරගන්නවා,

    ඒක තමයි ලෝකේ හැටි

    හොද නෑ කියන කස්ටියම තමයි, ඒ වෙලාවට හොදයි කියන්නේ

    (කන්නවුනාම කබරගොයත් තලගොයා වෙනවා නේ) නේ ද?


    මෙන්න නියම සයිට් එකක්
    කස්ට්ය ගිහිල්ලම බලන්නකෝ

    http://homesexy.weebly.com

    ඔන්න බලන්නම වෙනවා....

    ReplyDelete
    Replies
    1. ලිංගික හැගීම සන්තර්පණය කරගන්න විදියක් නැතිව ඉද්දි සමාජය ඉදිරියේ ඉන්න සුදු චරිත කලු වෙනවා...ඒ අයගෙ මහත්මා හැගීම් නැතිව යනවා...නමුත් වැඩේ කරගත්තට පස්සෙ ආයෙත් සුදු චරිත වෙනවා...සේවය සැලසූ ගැහැණිය හැමදාමත් කලු චරිතයක් වෙනවා..

      Delete
  66. Very good cortical.This topic is so much hidden & not opened for discussion.But most of the people lose their identity without self control.Anthropology ( Study of man ) teaches that man has two natures.ONE IS HUMAN NATURE & THE OTHER IS ANIMAL NATURE.When man loses his self control ,he is in animal nature.

    ReplyDelete
    Replies
    1. Thanks for your valuable comment dear Sewwanda" yes self control is the main point here...after loosing that lot of people looking for a prostitute and some of them getting some kind of ilnesses absolutely free...

      Delete
  67. ඉතා හොඳ ලිපියක් !
    ගණිකා වෘත්තිය සංකීර්ණ සාමජයේ තිබෙන තවත් එක් සංකීර්ණ ප්‍රශ්ණයක්
    ලෙසයි මම දකින්නේ. මෙවැනි ප්‍රශ්ණවලට 100%ක් යහපත්, සාධාරණ පිළිතුරු
    නැහැ. වඩාත් පිළිගත හැකි විසදුමකට යාමට සිදු වෙනවා. මගේ මතය නම්
    ගණිකා වෘත්තිය නීතිගත කර, රජය මැදිහත් වී දැඩි පාලනයකට ලක් කළ යුතුයි.
    ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කලහොත් මෙය දැනටත් වඩා ඔඩුදුවන
    තත්වයක් හා කාන්තාවන් වැඩි වැඩියෙන් ගොදුරු කර ගැනිමට ප්‍රවණතාවයක්
    ඇතිවේද යන්න තිබෙන ගැටලුවයි.
    ඒ සදහා ගත හැකි පියවර කිහිපයක්:
    1. නාගරික ප්‍රදේශ වැනි තොරාගත් ප්‍රදේශවලට සිමා කිරිම.
    2. සීමිත මධ්‍යස්තාන ගණනකට බලපත් නිකුත් කිරිම.
    3. දැනට වෘත්තියේ යෙදිමට අවශ්‍ය ගණිකාවන් ලියාපදිංචි කර (බලපත්‍ර), වෘත්තීය
    ප්‍රමිතියකට අනුගත කිරිම.
    4. ඉන්පසු අලුතින් ලියපදිංචි කිරිම දැඩි ලෙස සීමා කිරිම (උදා: ඒ ඒ නගර සදහා
    වාර්ෂිකව නිශ්චිත බලපත්‍ර ප්‍රමාණයක් පමණක් ලබාදිම)
    5. සංචාරක ව්‍යාපාරය අශ්‍රිතව ගණිකාවන් යෙදිම තහනම් කිරිම.

    කෙසේ වෙතත් නීති මගින් හැමදේම පාලනය කරන්න බැහැ. ලිංගික අවශ්‍යතා නිසි පරිදි ඉ‍ටු කරගැනිම පිළිබදවත්, ඊට සමගාමීව කාන්තාවන් දැනුවත් කිරිම හා බලගැන්විමත් සමජමය වශයෙන් සිදුවිය යුතුයි. ස්ත්‍රීදුෂණයන්ට, ළමා අපචාරයන්ට එරෙහිව දැඩි දඩුවම් ලබා දිම, ගබ්සා නිති ලිහිල් කිර්ම ආදියද මීට සමගාමිව සිදුවිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. මගේ ලිපියෙන් මතුකල කාරණාවම නැවත වරක් තහවුරු කල කමෙන්ටුවක්...ඇත්ත වශයෙන්ම ඔබ දක්වලා තියෙන අදහස් වලට මම එකගයි...මේ කියන විදියට යම් කිසි විධිමත් පාලනයකට නතු කරන්න පුලුවන් නම්...ගණිකාවොත් මනුස්සයො විදියට මේ සමාජය පිළිගනියි.

      Delete
  68. ඉතාම වටිනා ලිපියක්. මගෙත් අදහස ගණිකා වෘත්තීය නීතිගත කළ යුතු බවයි.

    බාර් මෙච්චර තියෙන රටේ බොන එකා එව්වට ගිහින් බොනවා, නොබොන එක එතනින් නොදැක්කා වගේ යනවා. ඔය වැඩෙත් එහෙම තමයි

    ReplyDelete
    Replies
    1. මගේ අදහසත් එයම තමයි...නමුත් අපේ රටේ සංස්කෘතිය කියන රෙදි කෑල්ලට වහං වෙලා අපේ පාලකයො තවම ඉන්නා නිසා මේ වගේ ප්‍රගතිශීලී තීරණයක් ගනීවි කියලා හිතන්න අමාරුයි...මහා සංස්කෘතියක් තිබුනට ඒ සළු පිලි අස්සෙම තමයි බොහොම නරක දේ සිදුවන්නෙත්.....

      Delete
  69. █ මේ තියෙන්නේ අපේ අලුත්ම www.tinyurl.com/sinhalasyndi සිංහල Syndiya ඔයාගේ බ්ලොග් / වෙබ් සයිට් එකත් අදම එකතු කරන්න.

    ReplyDelete
  70. ඔය දත් කතන්දරේ මාත් අහල තියෙනවා
    මේ බලපං මේ ආටිකල් එක
    http://www.rotten.com/library/sex/vagina-dentata/

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...