Sunday, December 30, 2012

114 එදා පත්තර කී කථා

සිරාගේ ඇන්ටික් රසඤතාවය ගැන කාමරයට ගොඩ වදින බොහෝ ඇත්තන් මේ වන විටත් යම් තරමකට  දනී. සිරා කොලුවාගේ පවුලෙන් මේ ආශාව ඇති එකම ජීවී පරාණයද මමය. අනෙකුත් සමවයසේ නැදෑ දරුවන්ගෙන් සිරා කැපී පෙනෙන්නේද මේ ඇන්ටික් පෙරේතකම නිසාය.

මේ ලියමන ලියන අවස්ථාව වන විට මගේ මිත්තනියන් දෙදෙනා මෙන්ම සීයාවරුන් දෙදෙනාද දිව්‍ය ලෝකයට ගොස් හමාර වී ඇති මුත් ඔවුන්ගේ ගුණ සුවද මුසු වූ විවිධ සැමරුම් තවමත් අප නිවසේ විවිධ අහුමුළු වල සැතපී සිටී. දැනට දශකයකට පමණ පෙර හිටිවනම පියාගේ පියා භාවිතා කල පැරණි කබඩ් ලාච්චුවකින් ප්‍රාතූර්භූත වී සිරාගේ මව විසින් ගිණි දෙවියාට පුද දීමට නියමිතව සිටියදී මවිසින් අභය දානය දී අදුරු මුල්ලක් සැතපවූ මේ අපූරු ලියවිලි සමූහය එදා සහ අද, සමාජ/දේශපාලන/ආර්ථික විපර්යාසයන් පිළිබද වර්තමාන පරපුරට තොරතුරු සපයන දත්ත ගබඩාවක් බදුය. එදා සහ අද අතර වෙනස දක්වන කදිම කැඩපතකි.

මෙවර මා ඉදිරිපත් කරන ඇන්ටික් ගැජට්ටුව වනාහී පැරණි පුවත්පත් එකතුවකි.  නිකංම නිකං පුවත් පත් නොව අදින් වසර 53 කට පෙර මුද්‍ර‍ණය කර ප්‍ර‍සිද්ධ කල පුවත්පත් සමූහයකි.  වර්තමාන ශ්‍රී ලංකාවේ වැඩිම අළෙවියක් ඇති පුවත් පත ලෙස නම් දරා සිටින මෙහි නම එදා මෙන්ම අදද සංස්කරණයකින් තොරව එකසේ භාවිතා වෙයි. එය ලංකාදීප නම් වෙයි.

1959 සැප්තැම්බර් මස 26 වැනි සෙනසුරාදා සිට ඔක්තොම්බර් මස 1 වැනි බ්‍ර‍හස්පතින්දා දක්වා ලංකාදීප පුවත් පත් පිළිවෙලින් සීයාගේ එකතුවේ තිබිනි. මේ පුවත්පත් කිපය විශේෂයෙන් එක්රැස් කර ලග තබාගැනීමට ඔහු කටයුතු කලේ විශේෂ කාරණයක් නිසාවෙන් බව පැහැදිලිය.  සිරාගේ සීයා දැඩිව ඇලුම් කල ජනනායකයා වූයේ   දිවංගත අගමැති ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාය. ඔහුගේ අභාවය සහ අවසාන කටයුතු පිළිබද තොරතුරු ඇතුලත් මේ පුවත්පත් කීපය ඔහුට ළග තබා ගැනීමට සිත් පහල වූයේ ඒ නිසාවෙන් විය හැකිය. දොඹ ගෙඩියක් තරමේ පුංචි කොණ්ඩ ගෙඩියක්  බැදි පාරම්පරික ගොවියෙක් වූ උන්දෑ සිරා කොලුවා වයස අවුරුදු 5 ක් තරමේ පුංචි එකෙකු සන්ධියේදිම මිය පරලොව ගියේය. නමුත් ඔහුගේ රූපකාය පිළිබද යම්තරමේ මතකයක් තවමත් මා සතුය. පහත ඡායාරූපය පසුකලෙක ඔහුගේ ගොවි හැදුනුම්පතින් මා විසින් ගලවා ගන්නා ලද්දකි.

පත්තර එකතු කල සිරාගේ සීයා

ගෙවී ගිය වසර 53 ක කාලය තුල සිදුවී ඇති වෙනස්කම් රාශියකි. එදා ටයිම්ස් ඔෆ් සිලෝන් යනුවෙන් හැදින්වූ ලංකාදීප ආයතනය අද විජය පුවත්පත් සමාගම ලෙස සිය නාමය වෙනස් කර ඇත. වර්ණ දෙකක් පමණක් භාවිතා වූ අතීත පුවත්පත් ආ මග දිගේ දැන් සිදුවී ඇති තාක්ෂණික පෙරළියද සිතාගත නොහැකි තරමේ එකකි. පැය ගණනාවක් මිඩංගු කර පත්තර පිටු අතින් සැලසුම් කර ඒ අනුව අකුරු අමුණා පිටපත් තුන් හාරදාහක් ගැසූ ඉතිහාසය වෙනස් කරමින්  නවීනතම පරිගණක මෘදුකාංග  මගින් විනාඩි ගණනාවක් ඇතුලත පිටු සැකසුම් කිරීමටත්  වැඩි ධාරිතාවක් සහිත මුද්‍ර‍න යන්ත්‍ර‍ මගින් වෛර්ණයෙන් ලක්ෂ සංඛ්‍යාත පිටපත් සංඛ්‍යාවක් මුදුණය කර  , රටපුරා විහිදුනු බෙදාහැරීමේ ජාලයක් මගින් වෙළදපලට  යැවීමටත් හැකි  යුගයකට අප දැන් පිවිස සිටී.අකුරු ඇමිණීම අතීතයට අයිති කාර්යයක් පමණකි. අද සියලුම අකුරු පරිගණකය තුලින් උපදී.

එයින්ද නොනැවතී අතේ ඇති කුඩා ටැබ් එකෙන්, ජංගම දුරකථනය මගින් කියවිය හැකි  ඊ පුවත්පත් පැමිණෙන යුගයට අප අද අවතීර්ණ වී සිටී . කැකුළු හාල් සේරුවක් ශත 75 ට ලබාදුන් යුගය පසුකර සහල් කිලෝව රු 60/- කට විකිණෙන සමාජයක සාමාජිකයන් වී සිටිමු.

ගෙවී ගිය වසර 53 ක කාලය තුල රාජ්‍ය නායකයන් 8 දෙනෙකු පමණ රටට නායකත්වය සපයා ඇති අතර එදාට සාපේක්ෂව සෑහෙන තරමේ වෙනසක් සහිත ජීවන තත්වයක් වර්තමාන ශ්‍රී ලාංකිකයාට උරුම වී තිබේ. කාලය මැවූ වෙනස පුදුමාකාරය. එක් අතකින් එය චමත්කාර ජනකය. ඒ චමත්කාර ජනක අතීතයේ සිරි විසිතුරු ඔබ වෙත ගෙන එන පරණ පත්තර පිටු ආශ්‍රිත  ලිපි කීපයක ඇරඹුම මෙසේ සටහන් වේ.

පංචමහා බලවේගය තුලින් බලයට පැමිණ ජනතා හදවත් දිනා සිටි බණ්ඩාරනායක අගමැතිතුමා ශ්‍ර‍මන වේෂයෙන් පැමිණි අයෙකු විසින් සිදුකල වෙඩිතැබීමකින්   ඝාතනය වූයේ 1959 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා දිනයකය. එය සිරාගේ සීයාට සෑහෙන තරමේ සංවේගජනක පුවතක් වූ බවට සැකයක් නැත. ඔහුට අමතරව එවකට ශ්‍රීලාංකික ජනයාද සිය නායකයාගේ අභාවයෙන් සංවේගයට පත් වූ ආකාරය පහත ඡායාරූපයන් මගින් අවබෝධ කරගත හැකි වනු ඇත.

1957 සැප්තැම්බර් මස 27 වන ඉරිදා ලංකාදීපයේ මුල පිටුවේ විස්තරය පහත පරිදිය....





උපුටා ගැනීම

අවමගුල ගුරුදා හොරගොල්ලේදී

දහනායක නව අගමැති වෙයි.

අග්‍රාමාත්‍ය ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාට වෙඩි වැදී පැය 22කට පසු ඊයේ උදේ 8ට අභාවප්‍රාප්ත වූ බෑව් ඊයේ ‘ලංකාදීප‘ විශේෂ මුද්‍ර‍ණවලින් ඉතා සංවේගයෙන් ජාතිය වෙත නිවේදනය විය.

අගමැතිගේ අභාවයෙන් පැය 3කට පසු අධ්‍යාපන ඇමති විජයානන්ද දහනායක මහතා, අළුත් අගමැති ලෙස දිව්රුම් දී අගමැති කාර්යාලයට පැමිණ හඩා වැලපෙමින් අගමැති ධූරයේ වැඩ භාර ගත්තේය.

අගමැති අවමගුල ලබන බ්‍ර‍හස්පතින්දා රාජ්‍ය සම්මාන සහිතව හොරගොල්ලේදී පැවැත්වේ. අගමැති තුමාගේ මෘත දේහය මහජන ගෞරවය සදහා නියෝජිත මන්ත්‍රී මණ්ඩල මන්දිරයේ තැන්පත් කෙරෙනු ඇත. අලුත් ඇමති මණ්ඩලය මේ ගැන විධි විධාන යෙදීම ගැන ඊයේ කථානායක තුමා හමුවී සාකච්ඡා කළේය.

අවසාන ගෞරව දැක්වීමට පෙරහැරේ

අගමැති බණ්ඩාරනායක මහතාගේ මහජන සේවී ජීවිතය දුක්ඛදායක සිද්ධියකින් අවසාන වීමෙන් කම්පාවට පත් දස දහස් ගණන් ජනයා ඊයේ දවාල සිට සැතපුම් ගණන් පෝලීම් ගැහී රොස්මිඩ් පෙදෙසේ නිවසේ තැන්පත් කර තුබුණු මෘත දේහය බලා කදුළු සලමින් අවසාන ගෞරවය පල කලහ.

පෞද්ගලික ජීවිතය කෙරෙහි පවා බලපෑ දේශපාලන පෙරළි දුක සැප හා දහසක් ගැටළු මැද උරෙන් උර ගැටී ජීවත් වූ තම ආදරණීය ස්වාමියා නැතිවී යාමේ විද දරා ගත නොහැකි ශෝකයෙන් වෙලී ගිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මෘත දේහය පසෙකින් සිටී.

රෝහලේ සිට අගමැති මෘත ශරීරය රියක තබා රොස්මිඩ් නිවසට ගෙන යද්දී මාවත දෙපස රොක්වී ජනයා ආචාර කරමින්ද, දෑත් නගා වදිමින්ද ගෞරවය පල කලහ. රටට වැඩ කළා - ජාතියට වැඩ කළා - අද මා තනිවුනා යයි දෑත් හිසේ තබා සිරිමාවෝ මැතිණිය විටින් විට විලාප නගයි.

අගමැතිවරයාට අවසාන ගෞරවය දැක්වීම සදහා ඊයේ පෝලිමේ ගමන් ගත් ජනකාය හසුරුවා ගැනීමට පොලීසිය අසමත් තරම් වූයේය.

අගමැති මෘත ශරීරයට අවසාන  ගෞරවය දක්වා යන හැම කෙනෙකුගේම මුහුණේ ශෝකී භාවය රැදී තිබිණි.

1959 සැප්තැම්බර් මස 28 වෙනි සදුදා පත්තරේ මුල පිටුවේ විස්තරය මෙසේය.


අගමැති දේහය බැලීමට දහස් ගණන් දෙනා අව් වැසි නොබලා පෝලිම් ගැසී යති.දැන් පන්ලක්ෂයත් පනී. මුළු රට මළගෙදරක් මෙනි.


දිවා රෑ දෙකේහි පෝලිමේ ගොස් අගමැති දේහයට අවසාන ගෞරවය දැක්වූවන්ගේ සංඛ්‍යාව ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට පන් ලක්ෂය ඉක්මවා ගියේය.

අගමැතිගේ මෘතදේහය බලා වාවාගත නොහැකි ශෝකයෙන් ඉකිබිද හැඩූ එක් භික්ෂූන් වහන්සේ නමකට ඊයේ සිහිසන් නැතිව ගියේය.

‘‘අනේ ඉතින් මීට පස්සෙ කවුරුන් හමුවී අපේ දුක කියන්නදැයි අගමැති දේහය හමුවේ වැද වැටෙන කම්කරුවෝ කියති.

රොස්මිඩ් පෙදෙසේ අගමැති නිවසේ තැන්පත් කර ඇති මෘත දේහයට ගෞරව දැක්වීමට ඊයේ මුළු දවස පුරා ගිය මහ ජනකාය නිවසේ ගේට්ටුව ළග සිට මැකාර්ති පාර ඔස්සේ වෝඩ් පෙදෙසට විත් බොරැල්ල පැත්තට විහිදී කින්සි පාර දිගේ, හෝටන් පෙදෙස රවුම කරකැවී ඇලෙක්සැන්ඩර් මාවතේ පදික වේදිකාව අගට සිට රොස්මිඩ් පෙදෙසේ නිවස ලගට සෑදුනු සැතපුම් තුන හතරක් දිග එකම මිනිස් වළල්ලක් සේ දිස්විය.

අගමැති ඇසින් නොදුටු ඈත ගම්වල සමහරු කෑමක් බීමක් නැතිව, ජාතියේ නායකයානන්ට වූයේ මොන අපරාධයක්දැයි සිත සිතා තැවෙති.

කවරදාවත් කොළඹ නොආ, මහළු අම්මලා පුතුන් අමතමින් "අනේ පුතේ මට බණ්ඩාරනායක උන්නැහේ නම් බලන්න ඕනේ" යැයි පෙරැත්ත කරති.

"කොච්චර වැස්සත් නොබලා නම් යන්නේ නෑ" කිය කියා සමහරු පැය පහ,හය යන පෝලිමේ එක තැන පැය භාගය, කාල සිටිති.


උපුටා ගැනීම අවසන්...
මෙතැන් සිට ඡායාරූප එකතුව නරඹන්න...

අගමැතිතුමාට වෙඩි තැබීමට පාවිච්චි කල අඩියක් පමණ දිග රිවෝල්වරය,
ඊට යටින් ඇත්තේ භික්ෂුවගේ කහ රෙද්දය.
භික්ෂුව ලග තිබූ බඩු, වමේ පොට්ටනියේ ඇත.
වෙඩි තැබීම සිදුවූ තැන. ඊයේ උදයේ අගමැති බණ්ඩාරනායක මහතා වෙනදා මෙන් කොළඹ රොස්මිඩ් පෙදෙසේ සිය නිවසේ උදේ තේ බී අමුත්තන් හමුවීමට ඉස්තෝප්පුවට ආවිට "භික්ෂූ  නමක් " සිටි නිසා වාඩි නොගෙන මෙහි කතිරය ඇති තැන සිට ගත්තේය. " භික්ෂුව " වාඩි ගෙන සිටියේ ඊතලය ඇති තැන පුටුවේය. "භික්ෂුව" තැබූ පළමුවැනි වෙඩි පහර වැරදී ගොස් වීදුරු දොරේ වටකර ඇති තැන වැදුනේය.
අගමැති තුමාගේ එක්ස් කිරණ ඡායාරූපය.
 ශරීරය  ඇතුලත රැදී ඇති උණ්ඩයද දැක්වේ.


අගමැති දේහය

මෘත කලේබරය වැසීමෙන් අනතුරුව මැති ඇමැතිවරුන් විසින් ඔසවාගෙන පාර්ලිමේන්තු මන්දිරය තුලින් පිටතට ගන්නා ලදී. ඉදිරියෙන්ම ඔසවා ගත්තේ ජෝන් කොතලාවල, මුදල් ඇමති ස්ටැන්ලි ද සොයියා, රජයේ වැඩ ඇමති හෙන්රි අබේවික්‍ර‍ම යන මහතුන්ය. අනෙක් ඇමතිවරු ඊළගට සිට මෘත කලේබරය ඔසවා ගත්හ.
පඩි පෙළින් පහළට ගෙනයන ලද දෙන පැරැණි සිංහල ගොඩනැගිලි ශිල්පයට සමාන ලෙස සාදා ධවල හා රන්වන් පැහැයෙන් ඔප් ගන්වා තිබුනු රංසිවිගෙට ඇමැති මණ්ඩලය විසින් ගෙනයන ලදී.
ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ මෘත දේහය හොරගොල්ලේ තැන්පත් කිරීම සදහා
අවමගුල් පෙරහැර මෘත කලේබරය සහිතව පාර්ලිමේන්තු මන්දිරයෙන් පිටත් වෙයි.
දිවංගත අගමැති තුමාට අවසන් බුහුමන් දැක්වීම පිණිස කොළඹ සිට හොරගොල්ලට එන මග දිගේ
මහ සෙනග රොක් වූහ. පාසැල් ළමෝ සුදුකොඩි ගෙන ආචාර කළහ.
මේ මහා පිරිස කැලණි පාලම අසබඩ සිටියහ.
ඊයේ දවල් දොලහමාරට පමණ හොරගොල්ලේ වලව්වට අවමගුල් පෙරහැර ලගාවීමෙන් පසු 
මෘත දේහය මැද සාලයේ තැන්පත් කර තිබුනි. 
පොල්තෙල් පහනට අගමැතිතුමාගේ දෙවැනි දියණිය සුනේත්‍රා සහ පුතු අනුර තෙල් වත් කරති.
අභාවප්‍රාප්ත අගමැතිතුමාට අවසන් බුහුමන් දක්වන මහජන පෝලිම කොළඹ කොම්පඥ්ඤ වීදිය කොටසේ






අද 2012 වසරේ අවසන් දිනයයි. 2012 වර්ෂය සිරා කොලුවාට දුක්ඛදායක වසරක් නිසාමදෝ අවසන් පෝස්ටුවද  දුක්ඛදායක මතකයන් සහිත  එකක්ය. සියලු දුක්ඛ දෝමනස්සයන් 2012 වසරට  භාර දී , ගෙවී ගිය වසර තුල කල කී දෑ ගැන පසුතැවිලි නොවී,  එයින් ලබාගත් අත්දැකීම් සමගින් 2013 නව වසරට පිය නගමු.  සිරාගේ කාමරයට ලෑලි දෙරෙන් ඇතුලු වූ ඔබ  සියල්ලන්ටම සුභ දායක නව වසරක්/ පැතුම් ඉටුවෙන නව වසරක් වෙන්නට සත්ගුණවත් සිරා කොලුවා ඉත සිතින් ප්‍රාර්ථනා කරයි.


http://1.bp.blogspot.com/-Gb7CeJFKMoE/UL4Nmh73S_I/AAAAAAAABAs/wRu5pZWD2eU/s1600/Happy-New-Year-2013-picturer-2.jpg











එදා පත්තර කී කථා නමින්  අලුත් ලේබලයක් අලවමින් සිරා 2012 වසර අවසාන දින මෙසේ අලුත් ඉසව්වකට කාමරේ දොර විවර කරන අතර පැරණි පත්තර හා සබැදුනු තවත් රසවත් දේ ඉදිරියට....


කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

මගේ අහිංසක රවුටරය විදුලි කෙටීමකින් ආයුෂ නිම වූ  නිසා අලුත් එකක් ගන්නා තුරු මේ පෝස්ටුව තරමක් ප්‍ර‍මාද වූ බැව් කරුණාවෙන් සලකන්න.

මෙවැනි පෝස්ටුවකට  සිරා පෙළඹවීමක් ලද්දේ චන්දනගේ සටහන් ලියන සහෘද චන්දන   නිසා බැව් මතක් කරමි. ඔහුට කෘතඤ වෙමි. චන්දනගේ ලින්කුව  මත එබීමෙන් ඔහුගේ පෝස්ටුවට මාර්ගය විවර වේ.

මේ ලිපිය හුදෙක් පැරණි පත්තර පිටුවක් උපුටා දැක්වීමක් මිස දේශපාලනික කථාබහක නිරත වන්නක් /දේශපාලන මතවාදයක් කියවන්නන් හිස මත බලෙන් පටවන්නට ගන්නා වෑයමක් නොවේය. ඒ හේතුවෙන් දේශපාලනික මතවාදයන් පිළිබද මෙහි සාකච්ඡා කිරීමක් නොකෙරෙන බැව් අවධාරනය කරනු කැමැත්තෙමි.

මේ පුවත් පත පලවූ දිනය වන විට සිරාගේ මෑණියන් වයස මාස 3ක ළදැරියකි.

1959 වකවානුවේ  ගුවන් විදුලි යන්ත්‍ර‍ක්  පවා අති සුඛෝපභොගී භාණ්ඩයක් බවට පත් වී තිබුනේලු.

මෙහි එන ඡායාරූප, විස්තර වර්තමාන පරපුරේ බහුතරය කිසිදිනෙක දැක/අසා  නැති බැව් සිතමි.

දිවංගත බණ්ඩාරනායක අගමැතිතුමාගේ විශාල ඡායාරූප එකතුවක් මෙතැනින්



















114 comments:

  1. මේ රට මේ තත්වෙට පත්වෙන්න මුල් වූ රට කාපු නායකත්වය තමයි මේ...

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුවට ස්තූතියි.... ඔබේ අදහස් පිළිබද සංවාදයක් මෙහි ඇති කිරීම මගේ අරමුණ නොවේ. මෙය හුදෙක් පැරණි පත්තර පිටුවක් ඒ ආකාරයෙන්ම උපුටා දැක්වීමක් පමණකි.

      Delete
  2. අද මේ රටට වන සියලු විපත් වලට වගකිව යුතු ප්‍රධානම පුද්ගලයෙක්. මම නම් මෙයාගේ දේශපාලන දර්ශනය පිළිගන්නේ නැහැ.

    ඒක නෙමේ සිරා මල්ලිට සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔබේ ස්වාධීන අදහසට ගරු කරමි...

      අපේ මහ වෙදනා තුමාටත් සුභම සුභ නව වසරක් වේවා !

      Delete
  3. වටිනා කලෙක්ෂන් එකක් නේ...

    :)

    ReplyDelete
    Replies
    1. කල් යන්න යන්න තමයි අගේ වැඩි වෙන්නෙ.... තව ටික කාලෙකින් පත්තර මුද්‍ර‍ණය කරන එක නතර වේවි. E පුවත් පත් පමණක් ඉතිරි වේවි. සුප්‍ර‍සිද්ධ News Week සගරාව දැනටම එතනට ඇවිල්ලා. දැන් ඔවුන් පල කරන්නේ E සගරාව පමණයි.

      Delete
  4. සිරා කිව්ව වගේ චන්දනගේ ලිපිය දැකල...මමත් ඉස්සරම මිහිර පත්තර වගයක් තිබිල හෙව්ව ඒත් හමු උනේ නැහැ.රුපියලයි ඒ දවස් වල මිහිර පත්තරේ.
    මේ ලිපිය දැකල ආයිත් මතකය අලුත් උනා.

    ReplyDelete
    Replies
    1. අමතක උනා සිරාගෙ කාමරේටත්...පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා...!

      Delete
    2. ආයෙත් උත්සාහයක් දරලා බලන්න...සමහර වෙලාවට හොයාගන්න පුලුවන් වේවි. විජය පත්තරේ ගිය මල් මාමා පෙනී සිටින මකාගෙ යලක් කාටූන් එක නම් අපි පොඩි උන් කාලෙ සෑහෙන්න ජනප්‍රිය වෙලා තිබුනා.

      වීයා, ප්‍රිය බිරිද, චතුනි දියණිය තිදෙනාටම සුභ 2013 වසරක් වේවා කියලා ඔන්න මමත් පතනවා....

      Delete
  5. සුබ අලුත් අවුරුද්දක්වේවා මචෝ ,ඔය වගේම කලෙක්ෂන් එකක් තියෙනවා මගේ ගාව ,අපේ මුත්තාගේ දිනපොත් එකතුව.ඒවායේ ලියල තියෙන ඒවායින් පොස්ට් එකක් දාන්නත් මගේ බලාපොරොත්තුවක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුභ නව වසරක් වේවා !

      මගෙ ලගත් අපේ සීයගෙ තාත්තගෙ දිණ පොතක් තියෙනවා තීන්ත පොගවපු පෑනෙන් ලියපු... ඉදිරි දිණයක ඒ ගැනත් යමක් ලියැවෙන්න පුලුවන්....

      පෝස්ටුව අනිවාර්යෙන් දාන්න... කියවන්න මමත් එනවා...

      Delete
  6. සුභ මෙව්වා එකක්වේවා

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුභ එව්වා එකක්ම වේවා !

      Delete
  7. සිරාටත් අහුවෙන්‌ෙන් මාර ඒවා තමා.. අද නම් අපේ ඇන්ටික් පිස්සත් මේක බැලුවා... හි හි...

    මේවා එකතු කරලා තිබ්බට සිරාගේ සීයට පිං අත් වේවා... මම දන්න තරමට අපේ රටේ මිනිස්සු මේ චරිතය අදටත් ‌ගෞරවයෙන් සිහිපත් කරනවා.. එහෙම එකේ ඒ කාලේ තිබ්බ භක්තිය හිතා ගන්න පුළුවන් මේ දේවලින්..

    සිරාටත් සුබ නව වසරක් වේවා... !

    ReplyDelete
    Replies
    1. අපේ අන්ටික් පිස්සා කිව්වෙ අපේ මහත්තයද ? හැබෑටම අපේ මහත්තයට ඇන්ටික් ගෑණියෙක් හෙම බැදගන්න හිතුනා නම් කොහොමට හිටීද හිරු ?

      එදා ජනනායකයො මුලිච්චි වෙන්න පොදු ජනතාවට පහසුවෙන් පුළුවන් කම තිබිලා තියෙන නිසාම අදට වඩා ඒ අය ජනතාවට සමීපයි කියලා මට හිතෙනවා...

      හිරු සහ අපේ මහත්තයටත් සුභ නව වසරක් වේවා !

      Delete
    2. //ඇන්ටික් ගෑණියෙක් හෙම බැදගන්න හිතුනා නම් කොහොමට හිටීද හිරු//

      හි හි... හිටපං .. මට ආවා කතාවක් කියන්න.. අහුවෙච්ච වෙලාවක කියන්නම්... හි හි

      Delete
    3. අහුවෙච්ච වෙලාවක එහෙනං කියමු බලන්න... හි හි...

      Delete
  8. [බණ්ඩාරනායක තමයි රට කෑවේ , දුරදිග නොබලා තීරණ ගැනීම නිසා රාජ්‍ය භාෂා ප්‍රශ්නය ]
    2013 සිරා අයියට දුඛ්කදායක වෙන්නේ ඇයි ? ,එහෙම කියන්න එපා බ්ලොග් එක පටන් ගත්තේ 2012 එකෙන් ගොඩක් fan ල සෙට් එකක් හැදුනා, සිරා කොලුවා රටම අදුන ගත්ත ඉතින් මෙව්වා අමතකද ? :)
    තව ඇන්ටික් විස්තර තිබේ නම් දමන්න .
    ඔබටත් 2013 වසර සතුට සෞභාග්‍යය පිරුණු වැඩිපුර ඇන්ටික් බඩු එකතූ කරගැනීමට හැකි සුභ නව වසරක් වේවා සිරා අයියේ :)

    ReplyDelete
    Replies
    1. සිරා කොලුවා බොහොම ආදරය කරපු කිරි අම්මා වියෝ වෙච්ච නිසා තමයි 2012 මෙච්චර දුක්ඛ දායක වුනේ.

      බොහොම ස්තූතියි මලේ ඔබේ ප්‍රාර්ථනාවන්ට... ඔබටත් එළඹෙන 2013 වසර බොහොම සුභ වෙන්න ප්‍රාර්ථනා කරනවා...

      Delete
  9. හරිම වටින ලිපියක්නෙ....සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සියලු පැතුමන් ඉටුවන නව වසරක් වේවා !

      Delete
  10. හොඳ විස්තර එකතුවක් සිරා. අන්තර්ජාලයෙන්වත් මේ තරම් විස්තරයක් හොයා ගන්න ලැබෙන්නෙ නෑනෙ.. ඇන්ටික් නිසා ඒකත් හොඳට ගියා. සමාවෙන්න ඕනෙ..අවසර දෙනවා නම් මම කැමතියි මේ ටික කොපි කරලා තියා ගන්න.

    සිරාට සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. අවසර ගන්න දෙයක් නෑ ලිහිණි, ඕනෑම දෙයක් කොපි කරගන්න... කිසිම තහනමක් නෑ... මොකෝ මැරෙනකොට ගෙනියන්න කියලයෑ...

      ලිහිණි කෙල්ලටත් සුභ අලුත් අවුරුද්දක් වේවා ! උසට සරිලන කොල්ලෙක් 2013 දී වත් සැට් වේවා !

      Delete
  11. සීරාටත් සුභ නව වසරක් වේවා!
    ඒ වගේ ලිපියත් වැදගත්.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. සහෝදරීටත් සුභ නව වසරක් වේවා... වෘත්තීය ජීවිතය තව තවත් සාර්ථක වේවා !

      Delete
  12. ම්ම්ම්... මම නම් මේ ලිපිය ඇත්තටම රස වින්දා.... සිරා අයියගේ සියට තමා ඒකට වැඩිපුරම ස්තුති කරන්න ඕනි.

    ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ වාසනාවන්ත නව වසරක් වේවා....!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත සීයා නිසා තමයි මෙවැනි වටිනා යමක් මට හිමිවුනේ...

      සමනළී නැගනියට සහ පවුලේ සියල්ලන්ටම නව වසර සුභ වෙන්නට පතමි !

      Delete
  13. සිරා ඉතින් ඔරිජිනල් ඇන්ටික් නෙව.
    ලංකාවේ සියලුම පත්තර (එදා සිටම) බොහෝ පොත් පත් ජාතික ලේකනාරක්ෂක ආයතනයේ ඇත,(කුරුදුවත්ත පොලිසිය ඉදිරිපිට). නිසි අවසරයකින් ඒවා පරිශීලනය කරන්නටත් හැක. මම ආස ඉස්සර වෙළද දැන්වීම් වලට.

    ReplyDelete
    Replies
    1. සිරාටත් කිරි පැණි උතුරන 2013ක් ලැබේවා!!!

      Delete
    2. තොරතුරට බොහොම ස්තූතියි...

      මේ ලේබලෙන් ඉදිරියට පැමිණෙන පෝස්ටු වල ඔබ කියන වෙළද දැන්වීම් එනවා...ඒවා ඇත්තටම සෑහෙන්න රසවත්....

      නව වසර ඔබටත් සුභ වෙන්නට පතමි !

      Delete
  14. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට වාසනාවන්ත වේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමි.
    ඉදිරි වසරේදී ඔබගේ සියලු බලාපොරොත්තු ඉටු වන , සියලු සිහින මල්ඵල ගැන්වෙන , පැහැබර අනාගතයකට නව මන්මාවත් විවර වන , සතුට සාමය පිරි ජීවිතයකට සුබ පතමි.


    (හැබැයි හෙටින් උදා වන නව වසරට වග කිව යුත්තෙක් ඔය ..
    මේ ටික නොකිය බැහැ බොල )

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිශ්ශබ්ද ෂාන්...

      නව වසරේදීවත් ඔබේ නිශ්ශබ්දතාවය පරයා හඩ නැගේවා...

      නව වසර සුභ වේවා !

      Delete
    2. මන් දැන් තමයි මේ ටික හොදට බැලුවේ..
      සෑහෙන්න වටිනා කරුණු ටිකක්. මාත් මේ ලඟදි මතක් වෙලා මේ වගේ දෙයක් දාන්න කියල හිතන් පරණ දේවල් ටිකක් හෙව්වා.ඒත් තාම හම්බුනේ නැහැ.අපේ අම්මල එකතු කරපු අර නෙස්ප්‍රේ වලින් දීපු ගුවන් යානා , දුම්රිය , නැව් ගැන තිබුන පුංචි පොත්..ඒ ටික හම්බුනොත් දාන්නම් මන්.අපි බණ්ඩාරනායක නිවන් සුව පතමු ..
      බලමුකෝ සිරෝ මේ අවුරුද්ද සතුටින් ගෙවන්න අපි..
      ස්තූතියි සුබ පැතීමට..

      Delete
  15. අළුත් අවුරුද්ද ලබද්දිත් මම සිරාගෙ ලිපිය කියව කියව හිටියෙ, 2013 අවුරුද්දෙ මගේ පළමුවෙනි කමෙන්ට් එක සිරාට.

    බණ්ඩාරනායක මහත්තයගෙ දේශපාලනය ගැන මගේ අදහස මීට කලින් රතුරජරට දමපු පෝස්ට් එකකට කමෙන්ට් විදියට දැම්මා, මේ ඒකට තැන නෙවෙයි. ඒ නිසා ඒ ගැන කතා කරන්නෑ.

    කොහොම උනත් පරණ පුවත්පත් කියන්නෙ හරි අපූරු අත්දැකීමක් කියන එක මම අත්දැකීමෙන් දන්නව. මගේ ළඟත් ඉස්සර එහෙම පත්තර ටිකක් තිබුණ, දැන් ඒවගෙන් මගේ ළඟ තියෙන්නෙ හඳ ගමන ගැන රූප සමඟ 1969 ජූලි 13 ඉරිදා සිළුමිණ පත්තරේ පළකරපු ලොකු විස්තරයක් තිබුණු පරණ පත්තර පිටු දෙකක්. තව අවුරුදු 2000 ක් කාලයක් ජපානයේ වැළලිල තිබුණ ඇටයකින් හටගත්ත නෙළුම් මලක් ගැන විස්තර තිබුණු 1953 ඔක්තෝබර් 4 ඉරිදා ලංකාදීප පුවත් පතේ පිටු දෙකක් විතරයි.

    සිරාටත් පවුලෙ සියළු දෙනාටත් 2013 අළුත් අවුරුද්ද සියළු පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සුව ලැබෙන වාසනාවන්ත වසරක් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි...DDT,
      සිරාගේ කාමරේ ආරම්භයේ සිටම ඔබ ලබා දුන් සහයෝගයට...

      ඔබ ඇතුළු ඔබේ පවුලේ සියල්ලන්ටත් නිදුක් නිරෝගී චිරජීවනය සහිත ප්‍රීතිමත් 2013 වසරක් වේවායි පතමි !

      Delete
  16. පරණ පත්තරවලින් බොහෝ දේ දැනගන්න පුළුවන් තමයි, හැබැයි භාෂාවනම් ගන්න දෙයක් නෑ.

    2013 තව වසරක් නොවී - සුබ නව වසරක් වේවා.....!

    ReplyDelete
    Replies
    1. භාෂාවේ නම් පැහැදිලි වෙනස් කමක් තියෙනවා... කථා කරන භාෂවෙන් තමයි බොහෝ ලියවිලි ලියැවිලා තියෙන්නෙ....සමහර විට එදා සිටි පාඨකයන්ට කියවා තේරුම් ගැනීමට පහසු වෙන්න වෙන්න ඇති.

      සුමිත් අයියාටත් සුභ නව වසරක් වේවා.... සියළු කටයුතු සාර්ථක වේවා !

      Delete
    2. සුමිත් අයියා කියන භාෂාවෙ වෙනස නම් පරණ පත්තර කියවන හැම වෙලාවෙම දැනෙනව, හරියට නිකන් අද කාලෙ වැඩිදුර අධ්‍යාපනයක් නොලබපු කෙනෙක් යම් සිද්ධියක් විස්තර කරනව වගේ ප්‍රාථමිකයි නැත්නම් ටිකක් ග්‍රාම්‍යයි වගේ, ඒත් මම හිතන්නෙ අදහස් ප්‍රකාශ කරනහැටි කෙසේ වෙතත් ව්‍යාකරණ, අක්‍ෂර වින්‍යාසය එහෙම අදට වඩා නිවැරදියි. ඒ වගේම අදට වඩා අපූරු යෙදුම් ලස්සන හෙඩින් එහෙම දමපුවත් මම දැකල තියෙනව. කොහොමටත් අනෙක් දේවල් වගේම භාෂාවත් කාලයට සාපේක්‍ෂව වෙනස් වෙනවනේ. මගේ හිතේ ඕකෙ අනිත් පැත්තත් එහෙමම ඇති, කාලය හරහා අතීතයෙන් වර්තමානෙට එක් වරම ආපු මනුස්සයෙක් අද පත්තරයක් බැළුවොත් ඒ මනුස්සයට පිස්සු නොහැදිඅරියි කියල කාටනම් කියන්න පුළුවන්ද?

      සුමිත් අයියටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන වාසනාවන්ත සුබ අළුත් අවුරුද්දක් වේවායි කියල ප්‍රාර්ථනා කරන ගමන් මේ අවුරුද්දෙවත් බ්ලොග් එක දිගටම ලියන්න සිතක් පහළ වෙන්න කියල විශේෂයෙන් ප්‍රාර්ථනා කරනව ඔන්න.

      Delete
  17. ලැබුවා වූ නව වසර සුභ නව වසරක් වේවා !මේ පින්තුර මම නං දැකල තිබුනේ නෑ ..

    ReplyDelete
    Replies
    1. දැකලා නැති අයට බලන්නත් එක්ක තමයි දැම්මෙ... මේවා නොදැකපු අය සෑහෙන්න ඉන්නවා...

      ඔබටත් නව වසර සුභ වෙන්නට පතමි !

      Delete
  18. ගිනි දෙයියට පිදුවා නම් අපරාදේ. දැන් ඔහොම ඒවා කොහෙන් කියල හොයන්නද. සුමිත් අයියා කිව්ව වගේ ඒ ලේඛන වල භාෂාවේ නම් කිසිම ක්‍රමවත් බවක් නෑ. සමහර ඒවා කියවද්දී හිනාත් යනවා. සිරාගේ සීයා ඔය ටික පරිස්සමට එකතු කරලා තිව්ව එක නම් ලොකු දෙයක්. අනෙක් විස්තරත් දාමුකෝ ඉදිරියේදී.
    මාව මතක් කලාට ස්තුතියි සිරෝ. එහෙනම් සිරාටත් පවුලේ අනෙක් සියලු දෙනාටත් ප්‍රීතිමත් සුබ නව වසරක් වේවා..!!

    ReplyDelete
    Replies
    1. බොලාගෙ ලිපිය දැක්කට පස්සෙ තමා පත්තර උඩට වෙලා හිටිය කාවො ටික එලවලා දාලා...මකුළුදැල් කඩලා මේවා කරළියට ගත්තෙ...

      කථන භාෂවෙන් තමයි බොහෝ විට විශේෂාංග ලියැවිලා තියෙන්නෙ.... සමහර තැන් හාස්‍ය උපද්දනවා...

      ඔබටත් පවුලේ සියල්ලන්ටත් සුභ නව වසරක් වේවායි මමත් ප්‍රාර්ථනා කරනවා....

      Delete
  19. ලැබුවාවූ න වසර සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා..!!!!!

    ReplyDelete
  20. අපේ තාත්තත් පරණ ක්‍රීඩා පත්තර ඔය වගේ එකතු කරල තිබ්බා. කබඩ් වල දාලා වහලා තියලා පස්සෙ බලද්දි වේයන්ට ගොදුරු වෙලා. ඕවා පරිස්සං කරලා තියාගනින් ලමයින්ට පෙන්නන්න.

    ඉතින් මලේ එහෙනං උඹටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
    Replies
    1. මේවායෙනුත් සෑහෙන කොටසක් මට හමුවෙද්දිත් කාවො කාලා තිබුනෙ...ඉතිරි ටික තමයි මේ රැකගෙන තියෙන්නෙ... මතු පරපුරට බලන්න සීයා කලා වගේ මමත් සුනාමි විපත දවස්වල පත්තර කීපයක් අරන් තිබ්බා....

      ඔබටත් සියළු පැතුමන් ඉටුවෙන සුභ නව වසරක් වෙන්නට ප්‍රාර්ථනා...

      Delete
  21. මං හිතන්නේ සිංහලෙන් බ්ලොග් ලියන අපි කව්රුත් බණ්ඩාරනායක මහත්මයාට ණයගැතියි. ඒ නිසා ඇති වූ දේශපාලනික තත්වය ගැන නොවෙයි මම කියන්නේ. ඒ කාලේ භාෂාව ගැන බොහෝ දෙනාට ඇති වී තිබෙන කුකුසට හේතුව තමයි, ඒ ලිපි සම්පාදකයන් හරියට සිංහල නොදැනීම. ඒ ඔවුන්ගේ අධ්‍යාපනය ඉංග්‍රීසි වී තිබීම. ඒ කාලේ ඒ තැන් වලට ඇවිත් තියෙන්නේ ඉංග්‍රීසි දැනුම වැඩි අය. පසුව තමයි වියත් සිංහල හසුරුවන අය ඒ තැන් වලට ආවේ. නිකමට හිතන්න සිංහල රාජ්‍ය භාෂාව නොවුනානම් සිංහලත් අද මල භාෂාවක් නේද ? සිරාගේ සීයාගේ එකතුවට මගේ ප්‍රණාමය. ඒ වාගේම සිරා ඇතුළු පවුලේ සැමටත් අර සංගීත මාස්ටර්ටත් සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා !!!!

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඉතිං...ඒ ගැන විවිධ අදහස් තියෙනවා නොවැ... ලිපි සම්පාදනය පිළිබද ඔබේ අදහස් නිවැරදියි කියලත් හිතෙනවා... සමහර ලිපි වල උක්ත අඛ්‍යාත සම්බන්ධය පවා ගිලිහී තිබෙනවා...

      බොහොම ස්තූතියි ඔබේ ප්‍රාර්ථනාවට.... පුංචි සමනලියට සහ ඔබටත් 2013 සුභ වසරක් වේවා කියා පතනවා !

      Delete
  22. අම්මෝ පරන පත්තර ....

    විස්තර කියවලා බැලුවා. අදහාගන්ටත් බෑ.:)

    සිරාට මේ වගේ තවත් ලස්සන පෝස්ටු ලියැවෙන සුබ නව වසරක් වේවා...

    ReplyDelete
    Replies
    1. පරණ පත්තර කථා පටන් ගත්තා විතරයි... හොද හොද දේවල් තව ඉදිරියට...

      ප්‍රාර්ථනාවට ස්තූතියි... ඔබටත් ඔබේ අභිනව සහකරුවාටත් සුභ නව වසරකට ආසිරි...

      Delete
  23. එතන තියෙන සමහර ෆොටෝ මුල් වතාවට දැක්කේ.නියම පොස්ටුව සිරෝ.

    සිරාට මේ අවුරුද්ද වාසනාවන්ත,සුබම සුබ,කිරි ඉතිරෙන වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. වර්තමාන පරපුරේ බොහෝ අය මේ දේවල් දැක නැති නිසාම තමයි පරණ පත්තර එළියට අරන් යමක් ලියන්න හිතුවෙ...

      ඔබටත් නව වසරේ කිරි ඉතිරේවා... සියළු පැතුමන් ඉටුවේවා !

      Delete
  24. සිරාට සහ පවුලේ සැමට සුභ නව වසරක් වේවායි පතමි!!!රටේ දරුවනට ඉංග්‍රීසි ඉගෙනුම නවත්තල තමන්ගෙ දරුවන්ට ඉංග්‍රීසියෙන් උගන්නල දැයේ දරුවන් ඕලමොට්ටලයින් කරන්න දායකවූ තවත් පියෙක් තමයි මෙතුමාත්.

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුභ නව වසරක් වේවායි පතමි.

      Delete
  25. SUBA ALUT AURUDAK WEWA...
    Ada idala aymat Hamdamat "SIRAGE KAMRE" ta bahinawa.
    Jayawewa

    ReplyDelete
    Replies
    1. සිරාගෙ කාමරයට හැමදාමත් එන සහෘදයකු ලෙස දැනටම මා ඔබ හදුනාගෙන තියෙන්නෙ...ඒ ලෙංගතුකමට ස්තූතියි...

      ජය !

      Delete
  26. සිරාට තව තවත් ඇන්ටික් දේ වගේම අලුත් දේත් ලැබෙන සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍ර‍සන්න අයියා... ඔබටත් සුභ නව වසරක් වේවා !

      Delete
  27. සියලු පැතුමන් මේ නව වසරේ ඉටුවේවා....

    ReplyDelete
  28. ස්තුතියි සිරා මේ තොරතුරු බෙදාගත්තාට..
    ඔබටත් සුභම සුභ නව වසරක් වේවා..

    ReplyDelete
    Replies
    1. ඔබටත් 2013 වසර ජයග්‍රාහී වසරක් වේවා !

      Delete
  29. සාමය සතුට සපිරි සුබ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනාවට ස්තූතියි... ඔබටත් එලෙසම පතමි.

      Delete
  30. වටිනා එකතුවක් සිරෝ
    හැපි නිව් ඉයර් ඈ

    ReplyDelete
    Replies
    1. වටිනාකම වසරෙන් වසරට ඉහළ යනවා... ඔබටත් සුභ නව වසරක් වේවා !

      Delete
  31. සුබ නව වසරක් වේවා,
    2013 වසර සතුටින් කල්ගත කරන්න පුළුවන් වෙන අවුරුද්දක් වෙන්න කියල ප්‍රර්තන් කරනවා.
    සිරා සීයාගේ පත්තර එකතුව පට්ටයි.බුකියේ දැක්ක Old Ceylon කියල group එකක්,එකෙත් දන්නේ අපේ රටේ අන්ටික් අයිටම් ගැන.පොඩ්ඩක් හොයල බලන්න.

    ReplyDelete
    Replies
    1. මූණුපොතේ ඔය කියන ගෘප් එක මම දැනටම බලලා තියෙනවා...බොහොම සුන්දර අතීතයක සුවද දැනෙනවා ඒවා බලපුවාම...

      ඉදිරියටත් පුලුවන් විදියට ඇන්ටික් ගැන ලියන්නම්...

      සුභ නව වසරක් වේවා !

      Delete
  32. සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබ නවවසරක් වේවා

    ReplyDelete
  33. බණ්ඩාරනායක අගමැතිතුමාට වෙඩි තියපු දිනය මට හොඳට මතකයි. ඒ කාලයේ මම හෝඩියේ පන්තියේ. ඉස්කෝලේ පවත්වන්නේ දවල් එකේ සිට හවස පහ දක්වා. ඉඩ නැති නිසා උදේ වරුවේ එක ළමයි පිරිසක්, හවස් වරුවේ තව පිරිසක්. මම එදා උදේ අම්මත් එක්ක නාගෙන ඇවිත් 11.00 ට විතර අම්මා රේඩියෝ එක දාපුගමන් මේ ප්‍රවෘත්තිය කිව්වා. අම්මා අඬන්න පටන්ගත්තා. ඒ කාලේ ඒ ප්‍රදේශයේ රේඩියෝ දෙක තුනකට වඩා තිබුනේ නැහැ. ඉක්මණින් ආරංචිය පැතිර ගියා. මට මතකයි තාත්තා මාත් එක්ක හොරගොල්ලට ගියා. මාව උස්සලා දේහය පෙන්නුවා අගමැති තුමාගේ. තාත්තා ඇඳගෙන ගිය ජාතික ඇඳුමට දාලා තිබුන නිල්පාට සාටකය වැස්සට තෙමිලා ඒ නිල්පාට තාත්තාගේ ඇඳුමේ උඩ කොටසට අල්ලලා තිබුනා මතකයි. ඒ වගේම තමයි හමුදා පෙළපාලියට මගේ සිත එදා ඇදීගියේ මා පසුව හමුදා සාමාජිකයෙක් වෙන බවට ලකුණක් නිසාද දන්නේ නැහැ.

    2013 ඔබට සුබ නව වසරක් වේවා!

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. බොහොම සුන්දර මතක සටහනක් නොවැ...ඒ කාලෙ රේඩියෝවක් තිබිලා තියෙන්නෙ යමක් කමක් තිබුනු නිවසක විතරයි. ඒ කාලෙ ජන නායකයන් සමග පොදු ජනයා බොහොම සමීප සම්බන්ධයක් තිබුනා කියලා මට හිතෙනවා...

      විචාරක තුමාටත් නව වසර සුභ වේවා !

      Delete
  34. සිරාට සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා . ඉදිරියේදීත් මෙවැනි වටිනා ලිපි ලිවීමට ඔබට
    …දිරිය ලැබේවා !

    ReplyDelete
  35. ඇත්තටම වටිනවා සිරෝ ... සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

    ReplyDelete
  36. ඒ අමුනපු අකුරු වල නියම සිංහල ගතිය තියනවා කියලා මට හිතෙනවා. ඒකාලේ සිරස්තල හරි අමුතුයි අප්පා.

    ගිය අවුරුද්ද ගියා. අපි අලුත් අවුරුද්ද ලෙසටම සමරමු සුභ අලුත් අවුරුද්දක් වේවා සිරා අයියේ.

    ReplyDelete
    Replies
    1. බොහොම වෙර වීරියෙන් සෑහෙන්න මහන්සි වෙලා තමයි ඒ කාලෙ පුවත්පත් පල කරලා තියෙන්නෙ...අද ඊට වඩා සෑහෙන්න තාක්ෂණය දියුණු වෙලා...ඒ උනත් මේ පුවත්පත් වලින් ඉගෙනගන්න පුලුවන් දේ ගොඩක් තියෙනවා...

      ගිය කෙනාට යන්න කියලා අලුත් කෙනා ගැන අවධානයෙන් ඉමු... ඔබටත් සුභ නව වසරකට ආසිරි...

      Delete
  37. මමත් ඉතිං ඇන්ටික් පෙරේතයෙක් තමයි. වටිනා විස්තරයක් බෙදා හදා ගත්තාට බොහොම ස්තූතියි.නව වසරට ආසිරි මගෙන්!!!

    ReplyDelete
    Replies
    1. සතුටුයි තවත් ඇන්ටික් පෙරේතයෙක් හදුනා ගන්නට ලැබීම ගැන...

      සුභ නව වසරක් වේවා !

      Delete
  38. සීයා තරුණ කාලෙ සිරා වාගෙම ඉන්න ඇති නේද?
    ඔබට සුබම සුබ නව වසරක් වේවා!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. සීයාගෙ හැඩරුව තාත්තට තියෙනවා....තාත්තගෙ හැඩරුව මට තියෙනවා...ඒ කියන්නෙ සීයා වගේ තමයි සිරා කොලුවත්...

      හැලප කඩේට බිස්නස් වැඩි වේවා ! සුභ නව වසරක් වේවා !

      Delete
  39. මමත් ඔය පරණ කියන ඒවා එකතු කරන වැඩේ කරනවනේ හරි ආසාවෙන්! මේ තියෙන්නේ ඒවායින් ටිකක්!
    එල කලෙක්ෂන් එකක්නේ සිරා අයියාටත් තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. ලින්කුවට ස්තූතියි...මමත් ඔලුව දාලා බැලුවා... පට්ට කලෙක්ෂන් එකක් නොවැ... ත්තගෙ කැප් එක දැම්මොත් අදත් කෑල්ලක් සැට් වෙන්න බැරි නෑ...

      මගේ ලග මුද්දර/කාසි කලෙක්ෂන් එකකුත් තියෙනවා...

      Delete
    2. උඹේ මුද්දර කලෙක්ෂන් එකේ ෆොටෝස් එක්ක ඒ ගැන පෝස්ට් එකක් දාන්න බැරිද, මුද්දර එකතු කරන එක මම ආසම දේවලින් එකක්.

      Delete
  40. සත්ගුණවත් සිරා කොලුවාටත් සුභ නව වසරක් වේවා! මේ වසරේදීවත් කාමරේ පාළුව මකා ගන්න පහනක් ලැබේවා!

    ReplyDelete
    Replies
    1. නව වසර කෙසේ වෙතත් අවසන් ප්‍රාර්ථනාවට නම් බොහොම පිං.... තාම එහෙම සලකුණක් නෑ මලේ... මේ වසරත් බොහෝ දුරට තනිකඩ වේවි...

      2013 ඔබේ සියලු ප්‍රාර්ථනාවන් මල්පල ගැන්වෙන වසර වේවා !

      Delete
  41. සත්ගුණවත් මහෝපාසක මානවකයෙක් වූ සිරා කොලුවාගේ තනිකඩ ජීවීතයට ආයුබෝවන් කියමින් නව ජීවන දෙමිනේ නිතිනි අප පුබුදු කිරීමට වාසනාව,ශක්තිය (පුරුෂ ශක්තිය නොවේ )ලැබෙන සුබම සුබ නව වසරක් වේවා.. ..

    ReplyDelete
    Replies
    1. හා හා පුරුෂ ශක්තිය නම් මදි නොකියන්න තියෙනවා... ගෑණු පරාණයක් තමා නැත්තෙ...බලමු 2013 දි වත් මල්සරා අහිංසක සිරා කොලුවට මල් හීයක් විදීද කියලා...

      ඔබටත් සුභ නව වසරක් වේවා !

      Delete
  42. වටිනා එකතුවක්.......සුභම සුභ නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා....!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා යි පතමි !

      Delete
  43. ජය වේවා. ඇන්ටික් සිරාට. මමත් මුලින්ම ගොඩ වැදුනේ උඹේ ඇන්ටික් සීන් එකකට තමා. මේක වෙනසකට නියමයි. ඉතිං උඹටත් උඹේ පවුලේ හැමටත් Happy New yearයක් වේවා!!

    ReplyDelete
    Replies
    1. තව ඉදිරියටත් ඇන්ටික් දෑ ගැන කථා කරන්නයි සිරාගෙ අදහස...

      ඔබටත් සුභ නව වසරක් වේවා !

      Delete
  44. සිරාටත් ඇන්ටික් උන තියෙනවද????මම හිතන්නේ ඔය පත්තර දැන් පුස්තකාල වලවත් නැතිව ඇති. බණ්ඩාරනායක මහත්තයාගේ මරණේ ගැන අපිට ජීවිතේට බලාගන්න හම්බ වෙන්නේ නැති විස්තර ඇතුලත්. සුභ නව වසරක් වේවා අයියන්ඩි.....
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. පුස්තකාල වල නම් නෑ...ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙ නම් මීට වඩා සෑහෙන්න පරණ පත්තර පවා තියෙනවා...

      කෝරාලටත් මේ නව වසර කිරියෙන් පැනියෙන් ඉතිරේවා....ඩිරාම් වැසි වසීවා !

      Delete
  45. අද වගේ නෙවෙයි ඉස්සර කාලෙ පත්තරවල කියවන්න අපූරු ලිපි තිබුනා. ඉරිදට පත්තරෙ ගත්තම වරුවක් කියවන්න පුලුවන්. දැන් මොනවද තියෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න කාලෙකින් සරත් අයියා දැක්කෙ... පසුගිය කාලෙ කාර්යබහුල වෙන්න ඇති කියලා හිතනවා...

      දැන් පත්තර විකුණන්න පුලුවන් ගුප්ත දේ වැඩි වැඩියෙන් ලිව්වොත් කියලා හිතන නිසාමද කොහෙද හැම පත්තරයක්ම එවැනි දෑ ගැන තමයි වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නෙ...ඇතැම් විස්තර කියවද්දි තේරෙනවා අතේ රෝල් කියලා...

      Delete
  46. හැපි 2013ක් ඈ....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  47. අඩේ සිරානේ...සුබ අළුත් අවුරුද්දක් වේවා....

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුභ නව වසරක් වේවා තරුවා...

      Delete
  48. කොච්චර වටිනවද . අපේ තාත්තලාගේ මහගෙදරත් අටුවේ තිබුන පරණ පත්තර සඟරා . මොනවා වුනාද මන්දා .

    සිරාටත් සුබ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. අටුවෙ තිබ්බ පත්තර අටුව කඩලා පුටුව හදද්දි අවසන් ගමන් යන්න ඇති...

      ඔබ ඇතුළු පවුලේ සියලුම දෙනාට සුභ නව වසරක් වේවා !

      Delete
  49. මේ පැත්තෙ එන්න බැරිවීම ගැනත්, උඹව දකින්නෙ එන්න බැරිවීම ගැනත් සමාව අයදිනවා, මුලින්ම.

    මේ සිද්ධිය වෙනාකොට මම ඉපදිලා නොහිටියත්, මම මේ ගැන විස්තර කියවලා තියෙනවා.

    මමත් හරි ආසයි මේවාගෙ ඇන්ටික් පත්තර වලට. මම ගාවත් 1956 Reader's Digest සඟරා තියෙනවා. ගෙදරදී හොයලා කීපයක් ‍තෝරාගත්තත් පස්සෙ අමතක වුනා අරන් එන්න.


    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. සමාව ඉල්ලන්න දෙයක් නෑ හෙන්රි අයියා... නිවාඩුවට කියලා එන කෙටි කාලය ඇතුලත කරන්න තියෙන රාජකාරි ගැන මට හිතාගන්න පුලුවන්... ගේ හදන බාස්ලා එහෙමත් සෑහෙන ආතල් දුන්නා නොවැ...

      ඊළග වතාවෙ හරි හමුවෙමු....

      Delete
  50. //...අගමැතිතුමාගේ දෙවැනි දියණිය සුනේත්‍රා....//

    අගමැතිතුමාගේ වැඩිමහල් දියණිය නේද සුනේත්‍රා. දෙවෙනි දියණිය නැත්නම් බාල දියණිය නේද චන්ද්‍රිකා ?

    ReplyDelete
    Replies
    1. හ්ම් .. මමත් ඒක දැක්ක හසිත, මගේ හිතේ ඒක වැරදීමකට වඩා ලේඛකයට ඝාතනය වුනු අගමැතිවරයගෙ දරුවන් ගැන වැඩි වැටහීමක් තියෙන්න නෑ, අද අපිට ඒ පවුලෙ දරුවන් ගැන හොඳ වැටහීමක් තියෙන්නෙ ඔවුන් වැඩිවිය පත්වෙල ජාතික දේශපාලනයෙ ඉහළටම පැමිණුන නිසා.

      Delete
    2. @ DDT

      //...ලේඛකයට ඝාතනය වුනු අගමැතිවරයගෙ දරුවන් ගැන වැඩි වැටහීමක් තියෙන්න නෑ,....//

      මේ තත්වය අද තත්වය සමඟ සසඳා බැලීම බෙහෙවින් වටී :D

      Delete
    3. DDT ගෙ පිළිතුර නිවැරදියි කියලා මටත් හිතෙනවා...ඒ දවස්වල දේශපාලඤයා මිස ගෙදර උදවිය ජාතික මට්ටමේ කථිකා වෙලා නෑ...

      Delete
  51. මටත් මේ පැත්තේ එන්න බැරි උනා සිරෝ. මටනම් උනේ ඇම්බුෂ් එකක්. :D පුංචිගේ පුතණ්ඩියා ආවා ඉස්කෝලේ නිවාඩුවට. ඉතින් කම්පීතරේ අල්ලන්නත් උගෙන් අවසර ගන්න උනා.

    අපේ තාත්තාත් ඉස්සර ඔය කතාව කියනවා මට මතකයි. එයාට එතකොට අවු:9යි.
    ඒ කාලේ ජන නායකයෙක් වෙනුවෙන් මනුෂ්‍යයෙකුගේ හිතේ නැගෙන අවංක ශෝකය දැන් ඇත්තටම තියෙනවාද? "ජන නායක" තනතුර මෙතරම් අවතක්සේරු උනේ ඇයි? (මෙම පැනයට පාටක් පක්ෂයක් බල නොපාන බව කරුණාවෙන් සලකනන්න.)

    ඒ කාලේ අගමැති උත්තමයා කියලා කට පුරා කිව්වට දැන් නිකම්ම නිකන් මහින්දයා, රනිලා, සෝමවංශයා... අපි පොතක් පාඩම් කරලා ඉවර උනාම වැඳලා අරන් තියන්නේ. නිසි දේට නිසි ගෞරවය ලැබෙන්න ඕනි. එතකොට තමයි එතනින් අපිට පෙරලා උදව්වක් ලැබෙන්නේ. අපේ මිනිස්සු ඒ උදව්ව බලා පොරොත්තු වෙන්නේ පෞද්ගලිකව විතරමයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ කොමෙන්ටුව සමග මම සම්පූර්ණයෙන්ම එකගයි... ජනනායකයා කියන වදන එදා ජනතාව හැගීමෙන්ම උච්චාරනය කලා කියලයි මට හිතෙන්නෙ...අද වගේ ආරක්ෂකයො පිරිවරාගෙන, මහාමාර්ග වහගෙන ඒගොල්ලො ගමන් බිමන් නොගිය නිසා අදට වඩා ජනතාවට සමීපයි කියලා හිතෙනවා...

      Delete
  52. සියා කවදාවත් හිතන්නේ නැතුව ඇති මුණුපුරා ඒ මහන්සියෙන් වැඩක් ගනිවියි කියලා. ගොඩාක් වටිනා පත්තර ඒ වගේමයි තව කාලයක් ඒ පත්තර ටික පරිස්සමින් අරන් තියන්න.

    සුභ අළුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. සීයා කවදාවත් හිතන්න නැතුව ඇති...ඒක ඇත්ත... මේ පරණ පත්තර පිටුවලින් තවත් දේවල් ඉදිරියට පල කරන්නම්...

      ඔබටත් සුභ අළුත් අවුරුද්දක් වේවා !

      Delete
  53. නියමයි.... බලාගෙන ගියාම පරණ පත්තර එකතු කරන එක හුඟ දෙනෙක්ගේ විනෝදාංශයක් නොවැ...

    ReplyDelete
    Replies
    1. පරණ පත්තර වලින් ගොඩාක් දේ දැනගන්න පුලුවන්...විශේෂයෙන්ම ඒ කාලෙ තිබුන සමාජ තත්වය පිළිබද හොද අවබෝධයක් ගන්න පුලුවන්...

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...