මේ එකම ගෑණු ළමයා...ඒ කිව්වෙ අක්කා බොහොම සුන්දර, විනීත, තැන්පත් ගතිගුණ තිබුන සීදේවි දැරිවි. පවුලෙ වැඩිමලා තමයි ප්‍රියන්ත අයියා...වෘත්තියෙන් කෝච්චියෙ කොළ පාට කොඩිය වනන එක තමයි එදා ඉදන් අද වෙනතුරුම කොරන්නෙ...මේ ප්‍රියන්ත අයියා බදින කෙනාගෙ සෑහෙන දේවල් හොයන්න ගිය හින්දද කොහෙද දශක තුන හමාරක් විතර ජීවන ගමන්මග දිගේ තනියෙන් ඇවිදන් ගියාට පස්සෙ තමා ඉතිං සහකාරිය මුණ ගැහුනෙ...
අඹේපුස්සෙ පවුලෙන් මගුල් කේක් කෑල්ලක් හා පුරා කියලා අපිට කැව්වෙ මෙන්න මේ ප්‍රියන්ත අයියා...ඒ වෙද්දි සිරා කොලුවා උසස් පෙළ එහෙමත් අවසන් කොරලා විවේකී සුවයෙන් සිටිය නිසා මේ මගුලට සහාය දෙන්න ඕනෙ තරම් වෙලාව තිබුනා....මගුල් ගෙදරට ආරාධනා කරන්න අපේ ගෙදර ආපු ජොශපින් නැන්දා අවධාරනය කරපු දෙයක් තමයි...පුතේ පුලුවන් නම් වේලාසනින් ඇවිල්ලා වැඩ කටයුතු වලට උදව්වක් කරලා දෙන්න කියපු ඉල්ලීම.
ඔන්න ඉතිං වෙඩිමට දින උදා වුනා...මනාලියගෙ පාර්ශවයෙ පුද සත්කාර, සංග්‍රහ ආදිය එහෙම භුක්ති විදලා ප්‍රියන්ත අයියා පැණි හද දකින්න ගියා....ඊළග උත්සවයට ඒ කිව්වෙ දෙවැනි ගමනට (Home Coming) තියෙන්නෙ තව දවස් දෙක තුනයි. ප්‍රියන්ත අයියා අභිනවයෙන් ඉදි කරපු නිවසෙ තමයි දැන් වැඩේ පත්තු වෙන්න යන්නෙ.. උත්සව භාණ්ඩ, සපයන ආයතන වලින් ඒ ඒ දේවල් වරින් වර ගෙනල්ලා සිරා කොලුවත් ඉතිං බොක්කෙන්ම දැන් මේ සද් කාරියට පේ වෙලා හිටියෙ.
මේ සියලුම රාජකාරි අධීක්ෂණය කලේ අයියගෙ තාත්තා...ඒ කිව්වෙ අපේ සැම්සන් මාමා...වෙලාවට කලාවට වැඩේ නැත්නම් මාමා පරල වෙන්නෙ හරියට දේවාලෙ කපුවා වගේ... ඔන්න දැන් උත්සව දවස උදාවුනා... දවාලට රාජකාරි මිත්තරයො....රාත්‍රියට නෑදෑ සනුහරේ... දහවල් උත්සවය කිසිම ගැටලුවකින් තොරව අවසන් වුනා...ආගිය ඇත්තො තමන්ගෙ තරමට කාපු බීපු නිසා ඩෝප් සීන් මොකුත් නෑ... දුම්රිය රියදුරු තුමෙකුගේ වෙඩිමකුත් එදාටම යෙදිලා තිබුන නිසා... දුම්රිය රියදුරු සහ කොඩිය වනන ඇත්තො බහුතරයක් මේ මගුල් දෙකට බෙදිලා ගිහින්...ඒ හින්දමද කොහෙද එදා දවසටම කෝච්චි ගියෙත් දෙක තුනයි.
ඔන්න රාත්‍රිය උදා වුනා...සිරාගෙ නිවසෙ සාමාජිකයනුත් දැන් වෙඩිමට ඇවිල්ලා...ඒ උනාට සිරාට මගුලෙ රාජකාරි පැවරිලා තිබුන නිසා ඔවුන් සමග අසුන් ගන්න විදියක් නෑ... සැම්සන් මාමා මගේ සහායට අපේ කෙහෙල්බද්දර පොඩි නැන්දගෙ පුත්‍ර රත්නයත් කැදවාගෙන ආවා. මට වඩා අවුරුද්දකින් වැඩිමල් උනාට ඒකාට මම කවදාවත් අයියා කියලා කථා කරලා නෑ... නම තමයි කියන්නෙ...ඕනෑම දේකට ඔට්ටු චරිතයක්...නම දුමිත්.
එකා දෙන්නා බැගින් ඇවිල්ලා ඔන්න දැන් වෙඩිං ගෙදර එකම හිස්ගොඩක්...දුමිත් සහ මම සර්විස් අංශයෙ....ඒ කිව්වෙ වේටර් ජොබ් එක කරන ප්‍රියන්ත අයියගෙ සහෝදරයන්ට සහ මිත්‍රයන්ට
බඩු සප්ලයි කලේ අපි...
නෙදකින් උඹලගෙ කැත හිනාව...මෙතන බඩු කිව්වෙ නැටුම් තෙල් අඩංගු බෝතල් වර්ග සහ බයිට් වර්ග වලට, අපේ රාජකාරිය තමයි ඒ දේවල් ඉල්ලුමට අනුව සැපයුම. ෆ්රීසරයක ඔබලා තියෙන බියර් බෝතල් වගේම සැර අරක්කු බෝතල් රාශියකුත් පිරිවරාගෙන තමයි ඉතිං අපි එදා බාර් එක පවත්වාගෙන ගියේ..වැඩේ ගිණි ගින්දරට මධ්‍යම රාත්‍රිය පහුවෙනකන් ඇදීගෙන ගියා. කකුල් දෙකෙන් ආපු උන් කකුල් හතරෙන් ගියා...සමහරු නෝනගෙ සාරි පොටේ එල්ලිලා ගෙදර ගියා...එකෙක් දෙන්නෙක් දැන් එන්න බෑ උදේට එන්නම් කියලා වෙඩිම අස්සෙම මුනින් අතට හැරිලා ඩවුන් ගියා. අපේ අම්මත්...බොන්නෙ එහෙම නෑ කියලා මට දඹර ඇගිල්ල පෙන්නලා රාත්රියෙම තාත්තත් එක්ක ආපසු නිවෙස බලා ගියා.
වෙඩිම අහවරයි...ඒ උනාට මමයි දුමිත් කොලුවයි තාම අමුවෙන්....
වැඩ ඉවරයි නේද බන්...අපිත් මුල්ලක සෙට් වෙමුද ? දුමිත් මගෙන් ඇහුවා...
අවුලක් නෑ...සැට් වෙමු...එත් බයිට් ඉවරයිනෙ බන්...
උඹ භය වෙන්න එපා බන්...වෙඩිම අස්සෙ මම අපේ ප්‍රයෝජනේට බයිට් අරන් තිබ්බා...මේ තියෙන්නෙ...
අප්පට...මෙතන තව හතර දෙනෙක්ට බඩු තියෙනවනෙ බන්.... දෙන්න හිතෙනවා උඹට උම්මා එකක්...
ඔන්න ඔය විදියට කථාව ගිහින් අපි දෙන්නා අදුරු මුල්ලක අඩව්ව අල්ලන්න ඉදගත්තා...නිවැසියො තාමත් තැනින් තැන ඉන්න නිසාත්, අපි ලැජ්ජ භයට හැදුනු බෝපැල වැනි කොල්ලො නිසාත්, සැර වර්ග භාවිතය අපි දෙන්නගෙම කීර්ති නාම වලට බලවත් කැළලක්...ඒ නිසාම සිංහයා බෝතල් 10 ක් පමණ ෆ්‍රීසරෙන් ගොඩ දාගෙනයි අපි ගේමට ඇන්ටර් උනේ....
දුමිත් ගෙනාපු බියර් වීදුරු වලින් කට කපලා දෙකක් දැම්මාම බියර් බෝතලයක්.... ඔන්න නමෝ විත්තියෙන් පළමු බෝතලේ හිස් වුනා....මම නම් පළවෙනි එක ඉවරයි....ඉක්මනට ගහපන්.... දුමිතා පෙරමුණේ රාළ වගේ මට අණ දෙනවා... විනාඩි 10 ක් ගියේ නෑ....මම දෙවැනි එකත් ඉවරයි...ඉක්මනට ගහපන්...දුමිතා බස් එකට ඩීසල් ගහනවා වගේ බෝතලේ කුස තුලට බස්සන්නෙ ගේමක් නැතුව, මේ විදියට බෝතල් 4ක් හිස්වුනා පැය භාගයක් ඇතුලත වගේ....පුද්ගලිකව අපි හිස් කරපු බෝතල් මේසය යටින් පේළියට තියා ගත්තා....එතැන හිස් බෝතල් වැඩි වෙන්න වැඩි වෙන්න අපේ සිංහ සිතුවිලි පීදුනා. දුමිත් 5 වෙනි බෝතලේ අතේ තියාගෙන වීදුරුවට නමනවා... ඒත් එක්කම උගෙ කනෙන් අල්ලලා කවුද උඩට ඉස්සුවා...බලාගෙන ගියාම දුමිත්ගෙ අම්මා...මගේ පොඩි නැන්දා...
බේබද්දෙක් වගේ බොන්න එපා...උඹ දැන් බෝතල් කීයක් කියලා බිව්වද...මම ඈත ඉදන් බලාගෙන හිටියෙ...ඔය ඇති දැන් ගිහින් කාපන් කියලා...මොන්ටිසෝරි දරුවෙක් වගේ කනෙන් ඇදන් ගිහින් බුෆේ එක ඉස්සරහින් හිටෙව්වා....ඒ වෙද්දි මට බඩු පැකට් වෙලා තිබුනෙ...ඒ කිව්වෙ සිරා කොලුවා තුල සිංහයා අවදි වෙලා....ලෝකය ගෝලාකාරයි කියපු කථාව ටක්කෙටම හරි කියලා මට දැන් දැන් වැටහෙනවා...හැම දේම භ්‍රමණය වෙනවා...කබරයා මදින් මද හිස ඔසවනවා , මෙතෙක් මේ කථාව කියවගෙන ආ ඔබ තමුන්නාන්සේලා සියල්ලෝම පුල පුලා බලා සිටි ඒ උත්කර්ශවත්, පජාති අවස්ථාව එළැබුනා. මම සීරුවට පිරිස මග ඇරලා ගිහිල්ලා...කරුවල ඉසව්වක කබරයා දිගේලි කලා....හප්පේ...කෙලින් ඉන්න බෑ...මම මොකට මේ මළජරාව බිව්වද ? ආයෙ නම් දිවි තියෙන තුරා බොන්නෙ නම් නෑ.... වමනෙ දාලම කොර වෙච්ච මගේ බණ්ඩිය දකුණු අතින් තදකරගෙන මම කම්පනා කොලා.
මේ විදියට වරින් වර කබරයා දිගේලි කරමින් සිරා කොලුවා එම ඉසව්වෙ කොපමණ වෙලා හිටියද කියලා දන්නෙ එතැන රූස්ස ගහ මුදුනෙ හිටිය බකමූණො විතරයි. කෙලින් ඉන්න තියා ඇස් දෙක ඇරගන්නවත් බැරි තරමේ ශෝකජනක තත්වයක හිටිය නිසාම...මම අමාරුවෙන් ඊට එහායින් තිබුන සුදුවැලි මත සැතපුනා... වටේ පිටේ කවුරුවත් නෑ...උඹ විතරයි....ඇති තරම් වමනෙ දාපන්...කාගෙන්වත් හිරිහැරයක් නෑ...මගේ හිත මට කිව්වා...
අනේ ඒ ආතොල් එක මගේ පාඩුවෙ ගන්න ප්‍රියන්ත අයියගෙ නිවැසියො වැඩි වෙලා අවස්ථාවක් දුන්නෙ නෑ.... විදුලි පන්දම් අතදරාගෙන හැමෝම සිරා කොලුවා හොයන බව මට ඉවෙන් වගේ දැනුන නිසා...මමත් බැරි බැරි ගාතෙ නිවසට සේන්දු වුනා...මොකද උඹට ඩෝප් ද ? ප්‍රියන්ත අයියගෙ මල්ලි කෙනෙක් මගෙන් එහෙම අහලා පිටට තට්ටුවක් දැම්මා....පුතා මේ කාමරෙන් නිදා ගන්න...ජොශපින් නැන්දා මාව කාමරයක් තුලට දාලා දොර වැහුවා....නිවසේ සියලුම විදුලි බල්බ නිවී ගියා....සිරා කොලුවා නිදාගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් කොට්ටයට ඔලුව තැබුවා පමණයි... මා අවට පරිසරය නැවතත් භ්‍රමණය වෙයි. කබරයා මදින් මද කුස තුල මෝදු වෙයි. ආයාසයෙන් කලුවරේ මග සොයාගෙන නිවැසියන්ට නොදැනෙන සේ ප්‍රධාන දොර විවෘත කරගෙන අදුරේම නැවතත් පිටතට එන්න මේ සිරා එදා සමත් උනා...
නැන්දගෙ නිවසට මදක් ඈතින් තියෙන සුළු පරිමාන ගාමන්ට් ෆැක්ටේරිය තමා එවර මගේ ඉලක්කෙ උනේ... මම ගාමන්ට් එක වටේට කැරකි කැරකි කබරයා දිගේලි කලා...මටම පුදුමයි...ගිය ආත්මෙ කාපු ඒවත් වමනෙට යනවද මන්දා....යනවා කියලා මෙහෙමත් යන්නෙ කොහෙ තිබ්බ ඒවද බොලං...
සිරා කොලුවා නැවතත් සුදු වැලි මත සැතපී...ඉහළින් පෙනෙන පූර්ණ චන්ද්‍රයා දෙස බලාගෙන හදේ හිටෙව්ව ඇමරිකන් කොඩිය හෙව්වා....ගතවුනේ සුළුවෙලාවයි....නැවතත් පොඩි කසුකුසුවක් ඇහෙනවා....ප්‍රියන්ත අයියගෙ නිවසෙ නැන්දා ප්රමුඛ සෙබලු විදුලි පන්දම් එල්ල කරමින් අහිංසක සිරා හොයනවා... වැඩේ දෙල් වෙන්න කලියෙන් වැනි වැනී සිරා නැවතත් නිවසට කිට්ටු කොලා...
කොහෙ යනවද ? මෙන්න මෙහෙ එනවා...බොන්න ඕනෙ නම් පෙරේත කමට නැතුව ටිකක් බොන්න ඕනෙ...මම කියන්නම්කො හෙට උදේට ....පුතණ්ඩියගෙ තරම අම්මට....ජොශපින් නැන්දට නහුතෙට නැගලා... කලිං කාමරේටම ගිහිල්ලා මාව ආයෙත් එබුවා....ඒ එක්ක ඒ නිවසෙ හිටිය එකම දියණිය...අපේ මයුරි අක්කා ඔන්න ඇවිත් මගේ සහායට....
ආයෙ කොහෙවත් යන්නෙ නෑ....මම ඇද යටින් පොලිතින් දැම්මා... වමනෙ යනවා නම් ඒවට දාන්න...කියලා සිරාගෙ හිස පරිස්සමට කොට්ටෙ උඩට පහත් කරලා...ඇය යන්න ගියා... නිවස නැවතත් සාමකාමීව අදුරේ ගිලුනා...පෙර කල පින් මහිම නිසාදෝ සිරා ඒ අවස්ථාවෙ අතුරු උපද්‍රවයකින් තොරව උදෑසන දක්වාම නිදි දෙව්දුව වැළද ගත්තා....
දැඩි හිසේ අමාරුවක් සමග පසුදා උදෑසන සිරා කොලුවා අවදි වුනා....සිංහයගෙ පවර් එක මම එදා තමයි හරියටම දැන ගත්තෙ...ඒ වෙද්දිත් සිරා කොලුවා වැනෙනවා. ඈතින් පොඩි කසු කුසුවක්....මිදුල අමදින හඩක් තමයි ඇහෙන්නෙ.... බලන්න අයියෙ කවුද බේබද්දෙක් ගාමන්ට් එක වටේටම ඊයෙ රෑ වමනෙ දාලා....උදේම සේවයට වාර්තා කොරපු කෙල්ලෙක් කිංකිණි හඩින් කා එක්කද සිරාගෙ ගුණ වයනවා අහන් ඉන්න ආසයි.
ප්‍රියන්ත අයියගෙ නිවසෙ උදවියගෙ අවඤා සහගත කථා වලින් කුල්මත් වෙලා මම හීන් සීරුවෙ මිදුලට බැහැලා වැනි වැනී මිදුලෙ තිබුන අලුපාට වෑන් එක ලගට ගියා...මනමාලයගෙ මල්ලි කෙනෙක් මොනවද බඩු වගයක් බාර දෙන්න නගරෙට යන්න....වෑන් රථය පණ ගැන්නුවා විතරයි....මර ලතෝනි දීගෙන , මිදුලෙ හිටිය අක්කා වෑන් එක ලගට දුවගෙන ආවා.
හප්පේ තව ඩිංගෙන් ජංජාලයයි.... මටත් වඩා කට් වෙච්ච දුමිතා වෑන් එක යට දොයි....කාට කාටත් කලින් දවසෙ රෑ ඒකව මග ඇරිලා....අක්කා දැක්කෙ නැත්නම්...මේකා මේ වෙද්දි මොන දිල්ලියක ඉදීද මන්දා...ඔන්න ඔහොමයි සිරා කොලුවගෙ රෙදි ගැලවුනු කතන්දරේ...
ලස්සන බේබද්දන්ගෙ ලස්සන පින්තූර කීපයක් මෙන්න....හොදම බේබද්දාගේ අංකය කොමෙන්ටුව තුල කොටා යන්න. පින්තූර ගත්තෙ මෙතැනින්
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
8 |
9 |
10 |
11 |
මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා...
ප.ලි
අද සිට සිරාගේ කාමරේ හැඩ වෙන්නේ ඩියුඩ් සිරා හුජ්ජ බෑග් නම් ඉතාමත් වටිනා නව සොයාගැනීමක් සිදුකල Henry Blog Walker හෙවත් හෙන්රි ශ්‍රීමතාණන් විසින් සිතුවම් කර මා වෙත එවූ සිතුවමකිනි. ඒ පිළිබද එතුමාට මාගේ බලවත් මෙව්වා එක පුද කරමි.
මා ප්‍රිය මිත්‍රවරුනි...ඇත්ත වශයෙන්ම අද සිරා කොලුවා මෙලෙස කුජීත වෙන්නට බොන්නේ නැතිය....තමන්ගේ තරමට ඉදලා හිටලා හීනියට එකක් ගන්නවා මිස....ඇදගෙන නාන්නේ නැත...
ජොශපින් නැන්දාට කොන්ද රිදෙන තුරු වැද වැටී කල ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මෙම කථා වස්තුව මගේ මව හෝ පියා අදටත් නොදනී...
අපට මගහැරුනු තවත් එකෙක් දෙන්නෙක් පපුදා උදයේ වෙඩිං ගෙදර විවිධ අහුමුලු වලින් ප්‍රාතූර්භූත විය...ඒ අයට රාත්‍රී ආහාර වේලෙන් මෙන්ම උදෑසන තේ කෝප්පයකින්ද සප්පායම් වී නිවසට යාමේ විරල ගනයේ භාග්‍ය හිමි විය...
අරක්කු වලින් වගේ නෙමෙයි...බියර් වලින් ඩෝප් උනොත් පහුවදාටත් ඩෝප්....වගකීමෙන් කිව්වෙ...
අදින් පස්සෙ එකෙක් හරි මට බේබද්දා කියලා අහුඋනොත්.... දත් හලනවා....මේ සිරා හරි වසයි....අරිද ?
අර වල ඇතුලේ මුණ ගහගෙන ඉන්න එකා නම් සුපිරි සිරා අයියේ...අයියා වගේමයි!
ReplyDeleteමම වගේමද...තූ නොදකින්....
Deleteඋඹ සැරටම බීල නොවැ..
ReplyDeleteබොන ඒව ගැන කිව්වම මට යාළුවෙක් මතක් වෙනව මචං :)
ඌ සමහර විට මට බැනල යටින් කමෙන්ට් එකක් දායි !
මටත් මතක් වෙනවා උගෙත් ඔය වගේ ෆොටෝ එකක් ඕනෙනම් දැම්මහැකි ඔය ෆොටෝ ගොඩටම , කොට රජෙක්ව බදාගෙන ඉන්න එකක් ,
Deleteමම ඔන්න ඒකා නැති තැන උගෙ කීර්තිනාමය උඹලා වනසනවා කියලා පණිවිඩේ යැව්වා...ඉස්සරහට බලාගමු ගිණිකෙළි සහ ගිණිඅවි...
Deleteචමියා වීදුරු ගෙවල් ඇතුලේ ඉදලා ගල් ගහන්ඩ එපා
Deleteකෝ බන් උඹලා දෙගොල්ලොගෙම සද්දෙ විතරනෙ...කෝ ෆයිට්....
Deleteකතා කරන අරක්කු ගැන කියන්න ගියොත් අටමා මාව මරණව. සිංදු කියන අරක්කු ගැන කියන්න ගියොත් සෑමා මාව මරණව. :D
Deleteමම කැමතිම අර සුදු වැලි ගොඩ පතබෑවිලා ඉන්න බෙබේගෙ එකට.. උගෙ පින්තූරෙ මෙතන දාලා නැත්තෙ ඇයි ?
ReplyDeleteමට පේන්නෙ උඹලා කලවම් කරලා ගහලා වගේ..
මගෙ ෆොටෝ ගහන්න දුමිතා කෙලින් හිටියෙ නෑනෙ...ඒකයි සීන් එක
Deleteනෑ සෙන්නා..කලවම් උනේ නෑ...පැය භාගෙකට බෝතල් හතරක් බිව්වම කොහොමද කියලා හිතාගන්නකො... ගෑස් එක සම්පූර්ණ බඩේ...
බේබද්දෝ බේබද්දෝ... නෑ මම කිව්වෙ අර පොටෝ කෑලි වල ඉන්න උන් ගැන....:P
ReplyDeleteඅන්න එහෙම එන්න....මම මුල ටික කියවද්දි කල්පනා කලේ කොයි දතද හලන්නෙ කියලා... D:
Deleteබාබෙද්දෝ,,, මත්පැන් කටේ තියන්නේ නෑනේ ඔයාලා,, උගුරෙන් පහළට හලා ගන්නවා මිසක්
ReplyDeleteඋගුරෙන් පහළට හලා ගන්නෙත් නෑ නගෝ....නිකංම පෙවෙනවා...
Deleteඅඩේ එදා ගම්පහදී වගකිම් තිබ්බ හින්දද මන්ද සිරා බිව්වේ වීදුරු 5ක් විතරනේ... පොටෝ නං සේරම එකයි අපි නැ ඕවට දොස් කියන්නේ
ReplyDeleteහා හා... නලින් අයියට ඩෝප් හින්දද මන්දා මම වීදුරු දෙකක් ගත්ත එක ඩබල් වෙලා පෙනිලා තියෙන්නෙ...
Deleteදෙකේ ඩබල් එක 5 ද? සිරා දැනුත් බිල ද මන්දා?
Deleteනෑ බොලං...මම ගත්තෙ ෂොට් දෙකයි...එතකොට නලින් අයියගෙ ඇසට හසුවුනේ ෂොට් 5යි...ගුණාකාරය 2.5යි. නමුත් එය තාත්වික නොවන හෙයින් ඩබල් යනුවෙන් අකුරු කළෙමි.
Deleteශිහ්... බියර් ගැහුවමත් වෙරි වෙනවද ?
ReplyDeleteහතර විලි ලැජ්ජාවයි නෙ...
බියර් බිව්වම වෙරි වෙනවා... බෝතල් තුනක් හතරක් ලග ලග නමනකොට ඇදගෙනත් වැටෙනවා...වෙලාවක ටැස්ට් කොරලා බලන්න...
Deleteලැජ්ජා නැතුව මේක ලියුවනේ මූ, නේද ඇල්
Deleteදවසක් මම මගුල් ගෙදරක ගිහින් ඇවිත් (කෙසේ ආවාද නොදන්නේ, ඉර්දියෙන් ආ නිසාදැයි නොදනිමි) ටයි, කොට්, සපත්තු පිටින් පසුදින වනතුරු නින්දේ පසු වී ඇති බව අසල්වාසීන් පැවසූ සේක. (දැන් නොබොන්නට ආසන්නතම හේතුවද මෙයමය)
ReplyDeleteඋඹනම් බේබද්දෙක්ම තමා....
මම විතරක් බෙබා...උඹ බබා....දතක් හලාගන්නවද ?
Deleteසිරා හෙන බෙබා නේ?????????
ReplyDeleteවෙඩිමෙදි සිරා කොහොම සර්විස් එක දෙන්නැද්ද කියලා මට හිතා ගන්න පුළුවං එයා ගෙට් එකේ වැඩ කරපු හැටි දැක්ක නිසා...
එදත් එහෙට පයිනවා මෙහෙට පයිනවයිනේ....
අනේ බොලං...උඹත් ඉතිං දත් හලාගෙන අනුෂ්කා මීට් වෙන්න යන්න කැමතිද ?
Deleteබේබද්දා.........................
ReplyDeleteහි හි....
හිටපිය අල්ල ගන්නකම් බොලාව...
Deleteඋඹ ඈත්තටම එල කොල්ලෙක් බන්.... අම්මප මන් කිව්වේ...
ReplyDeleteඅනේ බොහොම ස්තූතියි..
Delete"අද සිට සිරාගේ කාමරේ හැඩ වෙන්නේ ඩියුඩ් සිරා හුජ්ජ බෑග් නම් ඉතාමත් වටිනා නව සොයාගැනීමක් සිදුකල Henry Blog Walker හෙවත් හෙන්රි ශ්‍රීමතාණන් විසින් සිතුවම් කර මා වෙත එවූ සිතුවමකිනි. ඒ පිළිබද එතුමාට මාගේ බලවත් මෙව්වා එක පුද කරමි." මට පේන්නෙ නෑනෙ..
ReplyDeleteඔය වගේම කලින් නොබීපු කොලුවෙක්ට වෙච්ච දුක්බර කතාවක් මතක් උනා සිරා... මේ කොලුවා හරිම අහිංසක කොලුවෙක්.. දවසක් ඈත නෑදෑ ගෙදරක මගුල් ගෙදරක ගිහින්.. බොන වයසක් නෙමෙයි හින්දා ඔහුගේ වයසෙ සෙට් එක මඟුල් ගේ අස්සෙ හොරන් සෙට් වෙන්නයි හිතන් ඉඳලා තියෙන්නෙ.. රෑ මඟුල් ගේ වෙලාවෙ එකෙක් ගිහින් බීලා ඇවිල්ලා.. අරූටත් දර මඩුවෙ බෝතලේ ඇති ශොට් එකක් දාලා එන්න කියලා... අර බීපු නැති එකා අරුන්ගෙ ඉල්ලීමට දර මඩුවට ගිහින් අන්ධකාරෙම අතපත ගාලා බෝතලේ හොයාගෙන ශොට් එකක් දාලා.. හැබැයි වැඩිදුර එන්ඩවෙලා නෑ.. මොකද අරක්කු බෝතලේ කියලා හම්බෙලා තියෙන්නෙ මඩුවෙ තිබ්බ මැහිතෙල් කුප්පියක්..
මොනවද ඔයාට පේන්නේ නැත්තේ? 'සිතුවම' ඔය උඩින්ම තියෙන්නේ. 'බලවත් මේවා' එක නම් අපිට පේන්නෙත් නෑ.:D:D
Deleteහරීගෙ කථාව ඇත්තටම වෙන්න බැරි දෙයක් නෙමෙයි...මැහිතෙල් කෙසේ වෙතත් සර්පයෙක්වත් දෂ්ඨ කලොත්...
Deleteහරී ඇස්පෙනීමේ දුර්වල තාවක් එහෙම තියෙනවද ?
කැමතිම අර මනමාලයා බීලා ඉන්න පින්තූරෙට. කවුරු, කවුරුත් (බඳින්ට බලාගෙන ඉන්න මනමාලයෝ ) පරිස්සම් වෙන එක හොඳයි...
ReplyDeleteබේබද්දා කියලා කීවොත් ඇත්තටම දත් කඩනවද ඉන්න තැනකට හොයාගෙන් ඇවිත්? :D:D
ඔව් ඔව්...චන්ද්‍රිකා තාක්ෂණයෙන් දත් කඩන්නත් පුලුවන්...උදේට දත් මදින වෙලාවට...
Deleteමනස හොල්ලන මත් වතුර සහ සත්ගුණවත් සිරා.අනිච්චාත.........සං.......
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
බීමේ සොමිය බොන සුදනෝ මිස නොබොන දුදනෝ නොදනිති...
Deleteඑකෙන්ම ඇත්ත.
Delete@සිරා
Deleteහැක..හැක...!
හ්ම්............සිරෝ, ඔය මධුවිත කියන එක සම්බන්ධ මගේ අතීත කතා කිව්වොත් ගෙදරට ඇවිත් හොම්බට දෙකක් ඇනලා යන්ඩ හිතෙන කතා ඇති බැවින්, මෙතන ඒවා නොකියමි. මම දවසක් මධුවිත සමග ලොකු ගෝවා ගෙඩියක් අමුවෙන්ම බයිටයට ගත්තා නොවැ සිරෝ. පහුවදා තමයි දන්නේ.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ලොකු ගෝවා ගෙඩියක් බයිටට ගන්න තුරු යාලුවො බලන් හිටියද හැබෑටම...විචාරක තුමාට කලින් යාලුවො කට් වෙලා හිටියද මන්දා...
Deleteවිචාරක තුමාට අපහාස වන පරිදි මෙහි යොදා තිබූ ඇනෝ කොමෙන්ටුව මවිසින් ඉවත් කළෙමි...මගේ බ්ලොගේ මට හැර අන් අයට අපහාස කල නොහැකි බැව් තරයේ අවධාරනය කරමි.
අපොයි ගෝවා
Deleteඔය මොනවාද.. මම ලුණු එක්ක බිව්වේ (ඒත් පලතුරු පෙරාපුවා.) කීප වතාවක් මමත් නන්නත්තාර් වුණා.. :)
Deleteඅනේ මේ පැත්තෙත් ඇවිත් යන්න.මේ මගේ අලුත් බොගේ....http://siragekamare2.blogspot.com
DeleteMan hithaa hitiye man vitharayi beer beelaa wammanea karalaa thiyenne kiyalayi...huuuuu sira bebaaaaa !
ReplyDeleteදැං මේ කොමෙන්ට් එක දැම්මෙ වෙනී අයියද, ලියන්නද නැත්තං නිර්දය විවේචකයද?
Deleteබොලේ වෙනී මාමා...එදා අම්පාරෙ යද්දිත් කිව්වා වෙලාවක සැට් වෙමුකො කියලා...කෝ තාම අවස්ථාවක් උදා වුනේ නෑනෙ හැබෑටම...මොකෝ මේ අද කඩු අකුරෙන් නෙලලා...
Deleteබොන්ඩ දන්නෙ නැති එකේ වැරැද්ද මිසක් බිමේ වැරද්දක් නෑ. කිතුල් ගහ මුල ඉඳල රා බොනවා වගේ බිර බොන්න බෑ.එක බිර බෝතලයක් අඩු තරමේ පැය 3ක් විතර බොන්න ඕනෑ. හැබැයි බේබද්දන්ගේ ෆොටෝ ගැන නම් මට සැකයි. මගේ අත්දැකීම අනුව එවැනි පරිසරයකදී මාස 3 කාලයටම මම දැක්කේ එක බේබද්දෙක් පමණයි.
ReplyDeleteඇත්ත ඇත්ත...අපි බිව්ව වගේ එක ලග බියර් බිව්වොත් ප්‍රතිඵලය ඉතාම බිහිසුණුයි...මේ ඡායාරූප කාලයක් තිස්සේ එකතු කරපු ඒවා වෙන්ට ඕනෙ...
Deleteසෝචනීයයි,දුක්බරයි,විලි ලැජ්ජයි අප්පා,,,,,හැක හැක...
ReplyDeleteඇඩෙනවා බන්...
Deleteසිරා අය්යා ඒ කාලෙ බඩුත් සප්ලයි කොලාද? අනේ...... අපිට සෙට් වෙන් නෑනේ එහෙම වෙඩිං........ :P
ReplyDeleteඔන්න මම නම් කියන් නෑ සිරා අය්යා බේ බ ද් දා කියලා....
අය්යගේ ඔය අත්දැකීම බොහෝමයක් දෙනාට තියෙනවා පොඩි පොඩි වෙනස්කම් ඇතුව. අපිත් ඔය බෝට්ටුවෙ ගියා කාලයක්.
එහෙම තමා බන්...එක සැරයක් හරි කට් නොවුනු සැර බීම කරුවෙක් හොයාගන්න එක කලුනික හොයනවටත් වඩා අමාරුයි...
Deleteඅඩෝ අර අංක 6 කොලුව උඹ වගේම සිරා ඩයල් එකක්. කකුස්සියක නිදා ගත්තත් පිලිවෙලකට කොට්ට දෙකක් අරන් ගිහින් නිදාගෙන තියෙන්නෙ
ReplyDeleteබොලා ඔය කියන්නෙ අංක 7 ගැන...පවු ඉතින් පහුවදා සිහිය ආවම බෙල්ල කෙලින් කරගන්න බැරුව යන්න ඇති...
Deleteමෙතනින් ලොකුම බේබද්දා මෙන්න මූ.. බියර් ටිකක් බිව්වත් ඩෝප් - http://www.blogger.com/profile/11465850077790186481
ReplyDelete(දිව දොට්ට-කබරයා එළියට)
බෝතල් හතරක් කියන්නෙ හොද සුට්ට...රුපියල්ම කීයක්ද බන්...
Deleteසුදු වැලිතලාවෙ දිගාවෙලා හදේ ඇමරිකන් කොඩිය හොයන බේබද්දගෙ ෆොටෝ එකට තමයි මමනං කැමති.
ReplyDeleteහොඳ වෙලාවට දුමිතය වෑන් එක යට ඉන්නව දැක්කෙ.
ඒ ෆොටෝව ගහන්න පැපරාසියෙකු නොසිටීම ගැන දෙවියන්ට ස්තූතිවන්ත වෙමි. දුමිතයා වාහනේට අහු වුනා නම්...මගුල අවමගුල වෙනවා...
Deleteමම කැමතිම පින්තුරේ ඔතන නැහැ...ඒක ගම්පහ පාක් එකේ ගේට්ටුවකදී සූර් පිට බත් කන අපේ යාලුවෙක්ගෙ ෆොටෝ එකක් ,
ReplyDelete(මේක දැකලා ඌ මට බැන්නොත් උබ බලාගනින් )
මම මිනිහට පණිවිඩේ දුන්නා...මේ පැත්තෙ ඇවිල්ලා කියන ඒවට උඹම උත්තර දීපන් චමියො...
Deleteඕකා අද මට කටහඩ වෙනස් කරලා කෝල් එකක් දීලා මාව බයිට් එකට ගන්ඩ් හැදුවා , ඇත්තම කිව්වොත් මමත් බයිට් උනා .. මොනවා කොරන්ටද දුක තමයි .
Deleteඒක රැකෝඩ් වෙලා නම් උම ඉදලා හමාරයි...
Deleteඅන්න පොටෝව තියෙනවා දිලිසි දිලිසි :)
Deleteපස්ට සීන් එක , මට හිනා ගිහිල්ලම වෙරි වගේ
ReplyDeleteඅපි වගේ ආධුනිකයින්ට සිරා උපදෙස් ටික :D :D
තාම ආධුනික නම් මගේ උපදෙස...ළග නැමීම බොහොම භයානක ප්‍රතිඵල අත්කර දෙයි.
Deleteවැඩිය න ටිකක් ලාවට වගේ වැඩි වෙලා තියෙන්නේ නේද සිරා? මම කැමති අර මගුල් ගෙදර බේබද්දට :D හික්ස්. බොන ඔක්කොම බේබද්දෝ අයෙ එකේ කිසි වෙනසක් නෑ.
ReplyDeleteඅපොයි ඔව්...බොහොම සුට්ටක් තමා වැඩි උනේ...
Deleteබේබද්දා කියලා පොදුවෙ කියන්නෙ දිනපතා බොන උන්...සිහියෙන් ඉන්න වෙලාවක් නැති තරමේ උන්...සිරා කොලුවා නම් හරිම අහිංසකයි... මාස 3කට වරක් තමයි ඉතිං පොඩ්ඩක් ගන්නෙ...
වස ලජ්ජවක්නොව වෙලා තියෙන්නේ.....
ReplyDeleteමොනා කියනවද...විලි ලැජ්ජයි...
Deleteකවුද බන් මේ පිස්සා නැට්ට හල හල යන
ReplyDeleteමම මූට මුගේ බ්ලොග් එකෙම ගිහින් කියලා ආවා
ReplyDeleteබා බෙද්දා
ReplyDeleteඅඩෝව්....
Deleteඩූඩගේ පින්තුරෙත් මරු ආ අර ඇඟිල්ල කටෙ ගහගෙන ඉන්න එකනම් නිකන් දැකලා ඇන්දා වගේ
ReplyDeleteමම ඇගිලි කටේ ගහන්නෙ නෑ ලොකු අයියෙ...ඕක එයාගෙන්ම තමා අහන්න ඕනෙ...මොකද මම දුම්බට පාවිච්චියකුත් නෑනෙ...
Deleteimagination හික් හික්
Deleteලැජ්ජයි කියන්නෙ බං විළිලැජ්ජයි ! බේබද්දා. හොඳ වැඩේ උඹට, පෙරේතයා වගේ බීගෙන බීගෙන ගියාට.
ReplyDeleteලොකුම බෙබේගෙ ෆොටෝ එකක් මෙතන දාලා නෑනේ බං. උඹේ රෙද්ද ගැලවිච්චි කතාවටම අර ඩූඩ්ගෙ චිත්තරේ දාපු එක හොඳයි.
>> ප්‍රියන්ත අයියා බදින කෙනාගෙ සෑහෙන දේවල් හොයන්න ගිය හින්දද කොහෙද දශක තුන හමාරක් විතර ජීවන ගමන්මග දිගේ තනියෙන් ඇවිදන් ගියාට පස්සෙ තමා ඉතිං සහකාරිය මුණ ගැහුනෙ <<
ඉතිං උඹත් දැන් ඕකෙ දශක තුනක්ම ගිහින්නේ, උඹ මක්ක හෙව්වද මෙච්චර කල්.
විළි ලැජ්ජයි නේන්නම් බොල...රෙදි නෑ... මම ඉතින් දශක තුනක් පරම පවිත්‍ර ආදරයක් හෙව්වා...වැඩක් නෑ බන්...ලෝකය අපි හිතනවට වඩා කුරිරුයි බන්...
Delete"මා ප්‍රිය මිත්‍රවරුනි...ඇත්ත වශයෙන්ම අද සිරා කොලුවා මෙලෙස කුජීත වෙන්නට බොන්නේ නැතිය....තමන්ගේ තරමට ඉදලා හිටලා හීනියට එකක් ගන්නවා මිස....ඇදගෙන නාන්නේ නැත..."
ReplyDeleteබොරුනම් කියන්න එපා සිරෝ........
මම
මයික්
අදත් රෙදි ගැලවිලා ඕං
Deleteඅනේ බොල මයික්...උඹ මා එක්ක එකම දවසක්වත් බීලා තියෙනවද...හලනවා උඩ ඇන්දම...
Delete@ දේශ්
උදේ නැගිටිනකොට නම් සරම ඇගේ තිබුනෙ නෑ තමා...
ෆොටෝ නම් එකකට එකක් දෙවෙනි නෑ. sms වලින් වත් තෝරගන්න බැරි වෙයි.
ReplyDeleteසිරා දැන් වැඩිය බොන්නෙ නෑ කියපු එක ගැන නම් සතුටුයි.
මාත් බීම නවත්තල තියෙන්නෙ(ආය බොනකල්)
//මාත් බීම නවත්තල තියෙන්නෙ(ආය බොනකල්)//
Deleteඅනේ බොල....ලැජ්ජ නැතුව කියන හැටි :-/
මමත් එහෙම තමා...ආයෙ බොනකල් නවත්තලා තියෙන්නෙ...හැබැයි ආයෙ බොන දවස උදා වෙන්නෙත් මගේ බොහොම කාර්යබහුල යාලුවො සැට් එක නැවත එකතු වෙන දිනයක...අඩුම ගානෙ තව මාස 3ක් වත් යාවි.
Deleteඅපෝ..... විලිලජ්ජාවේ බෑ....
ReplyDeleteඅර ගාමන්ට් එකේ අයට වමනේ දාපු බේබද්දව අහු වුනේ නැද්ද?
අහ්හ් අමතක වුනා.... ඩුඩ් ගේ චිත්‍ර කෑල්ල මරු ඈ.....
Deleteඅනේ නැත...ඒ අහිංසක දැරිවියෝ කබරයා හැලූ එකාට දෙස් දෙමින් සුදු වැලි යොදා කබරයා යට කලෝය...
Deleteඋබටත් මාරු වැඩ තමා වෙන්නේ.........උබ හොදයි බං අපේ එකෙක් හිටියා උ බියර් එකහා මාරෙන් බිම..........උබ ඕක මුහුදු වෙරළක් ලග ගැහුවනම් බඩුම තමා......උබ එහෙනම් කැරකිලා වැටෙන්නේ.......හැබැයි උබලගේ අම්මටනම් මේක කියන්නම වටිනවා බං.................
ReplyDeleteරස්තේ පාරක් ගහමුද
වතුර බොනවා වගේ බියර් බොන්න බෑනෙ බන්...එක ලග නැමුවොත් සොරි තමා....වත්තෙ හුළං තියෙන කොටත් කැරකිලා වැටෙනවා...බියර් බිව්වොත්...
Deleteකිතුල්ගලට යන පාරෙත් කව්දෝ කබරය දාල තිබ්බ......... හක හක හක
ReplyDeleteඉන්දියාවට ඇවිල්ලා හලන්නද ? කටුනායකින් රටට ඇතුලු වෙන දවසක හලන්නද බොගෙ දත් ඇන්ද..
Delete8 garde child
ReplyDeleteවැඩක් නෑ ජෝනා මූ හැදෙන එකෙක් නෙමේ .. මාත් දවසක් කිව්වා.. ගඟට ඉණි කැපුවා වගේ.. නැට්ට හැලුවට කමක් නෑ.. මට තද වෙනෙන් කියවන්නෙත් නැතුව "හොඳ ලිපියක්", "මරු ලිපිය", "නියම ලිපිය" ගානකොට තමයි.
ReplyDeleteමලේ, උඹ හැමතැනම ගිහින් "අපේ පැත්තෙ" එන්න කිය කිය අඬ අඬා යන්න ඕනා නෑ.. උඹ ලියන දේ හරියට ලියපන්.. හොඳනම් කට්ටිය එයි කියවන්න. ඒ අතර අනිත් අයගෙ බ්ලොග් කියවලා ඇඩ් නොදා උඹේ අවංක අදහස ලිපිය ගැන කියපන්.. එතකොට මිනිස්සු අඳුන ගනියි උඹ කවුද කියලා..ඊට පස්සෙ කට්ටිට්ය එයි බලන්න උඹ කවුද කියලා..
මන් දන්නෑ උඹට මේක තේරෙයිද කියලා...
සිරා සමාවෙන්ඩෝනා..
එහෙම අවුලක් නෑ සෙන්නා...කථාව ඇත්ත...පෝස්ටුවක් හරි හැටි නොකියා මෙහෙම කමෙන්ට් පේස්ට් කරගෙන යනවට මමත් කැමති නෑ...උඹ උත්සාහයෙන් බොග ලියපන්...හැම වෙලාවකම අනිත් අයගෙ ඒවාත් කියවලා කමෙන්ට් කොරපන්...එතකොට මේ වගේ නැටි එල්ලගෙන පින්සෙන්ඩු වෙන්න ඕනෙ නෑ...අනේ එන්න කියලා...
ReplyDeleteමමත් ඒ කතාවට එකඟයි සෙන්නා. මේ මලයා ඇත්තටම පොඩි එකෙක් නම් ඌ යන්නෙ වැරදි පාරේ.
ReplyDeleteඉතාම ලොල් සහගතයි මචන් මට බකස් ගාල
ReplyDeleteහිනා පැන්න.අම්මප සිරෝ මේවා දැක්කම මගෙත්
ඉවසීමේ මෙව්වා එක මෙව්වා වෙනවා ...:(
අන්න ඒ මෙව්වා වෙන මෙව්වා එකෙන් වෙලාවක ලියහංකො කථාවක් දෙකක්...
Deleteබිලා නම් නෑ... හැබයි බොන යාලුවෝ ඉන්න නිසා ඔහොම එවා ගොඩකට සපොට් කරලා තියනවා..... (කබරයා දානකොට)
ReplyDeleteඋඹලා වගේ යාලුවො තමා අපිත් පතන්න ඕනෙ...
Deleteබේබදු සි... හෙහ් හේ.. :)
ReplyDeleteදැන් හොඳ කොල්ල නිසා කියන්න ගිය එක ගිල ගත්තා.. ඉතින් බං හඳේ කොඩිය දැක්කද...
දහ වෙනි පින්තුරේ තමයි මට නම් හොඳම. ඇස් දෙකේ එහෙම මිරිස් ටිකක් ගෑවුනාම වෙරි බහින්න ඇති.
බැනර් එක නියමයි. ඩුඩ් අයියගේ චිත්‍ර ගැන ආයේ ඉතින් කියන්න දෙයක් නෑ නේ.
Deleteහදේ කොඩිය දැකගෙන එද්දිම ඇස් බොද වෙනවා...කීප වතාවක්ම එහෙම උනා...
Deleteමම කැමතිම අර යුරීනල් එකේ මූණ ඔබාගෙන ඉන්න එකටයි. බලාපං ඒ ගඳටත් සිහිය එන්නෙ නැතිනම් කොහොම වැදිල්ලක්ද වැදිලා ඇත්තේ. ඔය වොඩ්කා පර්නෝ වගේ ඒවා වෙන්න ඇති ඇඩ්රස් නැතුව යන්න වදින.
ReplyDeleteදුමිතා තව පොඩ්ඩෙං කජ්ජ ගහනවා වෑන් එක එලෝපු එකත් හිරේ යවලා. රෑ ඌ මිසිං බව කවුරුවත් දැක්කෙ නැද්ද බං?
මාත් ඔය මගුල් ගෙවල් වල බාර්මන් රස්සාව කරලා තියෙනවා. හොදි ඕනෙ නෑ. අනික හොඳක් අහන්නත් බෑ මොනවා කලත්. ටිකක් රෑ වෙන කොට වලියටමයි බර. එකෙක්ගෙ දෙන්නෙක්ගෙ හොම්බ තලන්න මට හිතුනා බං උං කියනකොට මේවා කවලං කරලලු, සීල් එක කැඩිලා තිබුනලු කියලා. සමහර උන්ට බිව්වාම මතක නෑ මේක මේ බාර් එකක් නෙවෙයි නිකං බොන්න දෙන මගුල් ගෙදරක් කියලා. ඔක්කොටම එහා උන්ට අමතක වෙනවා අපි නියම බාර්මන්ලා නෙවෙයි මේ ගරු රඟපෑමක් කරන්නෙ කීයලා.
අර සිත්තරේ ඉන්න එකා උම වගේම නේද? තව පොඩ්ඩක් පුංචි කලානම් උමේ හෙල්මට් එකයි පතුල් දේක සම්පූර්නයෙන්මයි ගන්න තිබ්බා, උඹේ රතු ටී ෂර්ට් ඔක්කොම සම්පූර්නයෙන් වැටෙන්න.
චිත්‍රයට බොහොම ස්තූතියි...එහි පරිමාණයෙ ගැටලුවක් නිසා තමයි එහෙම උනේ...මේ දාලා තියෙන ප්‍රමාණෙට තමා චිත්‍රය තියෙන්නෙ ඕනෙ..ඊට වඩා පොඩි උනොත් බ්ලොගේ පරිමානය අනුව කැතයි..මක්කයි කොරන්නෙ...
Deleteමමනම් තවම ගෑවිච්ච නෑයෙක් ඉන්න තැනකදී බොන්නේ නැහැ. බෝතලේ කඩද්දීම ගෙදරට නිව්ස් එක යනවා. හිටපු ගමන් වෙන යාළුවොන්ගේ ගෙවල් වලට නොන්ඩි වෙලානම් තියෙනවා.
ReplyDeleteමේ උඩ පින්තුරේ උඹේ ඔළුව එක්කම තව කහ පාටට කකුල් දෙකක් වගේ පෙන්නේ මොකක්ද.මට තේරුම් ගන්න අමාරු උනා නේ.
කහ පාටට පෙන්නෙ කකුල් දෙක තමා...චිත්‍රය මට අවශ්‍ය ප්‍රමාණයට විශාලනය කරද්දි සමහර අංග නොපෙනී ගියා...
Deleteඒ උඹේ කකුල් දෙක වෙන්න බැහැ. කාගෙද කිහාන් කෝ.
Deleteසිරා තාම තනිකඩයා බන්...වෙන කකුල් පේන්න විදියක් නෑ
Deleteපින්තූර වලින් පේන විදියට රියල්ම බේබද්දාංකා 9.
ReplyDeleteඅයියට කුජීත සීන් එකක් තමා වෙලා තියෙන්නේ මටත් ඔහොම සීන් එකක් වුනා.හැබැයි ඒක වුනේ කාටද හොඳට ගහන්න පුළුවන් කියලා බලන්න ගිහින්.මායි තව මගේ අයියලා තුන්දෙනෙකුයි (ඥාති)
විස්කි බෝතලයක් ගෙනල්ලා ගැහැව්වා වෙඩින් එකකදී.මගේ හොඳම ෆිට් එක වුන අයියයි මායි ලෝඩ් ලා වගේ ගැහැව්වා විස්කි බෝතලේ අනිත් දෙන්නා හිමිට මාරු වුනා.අපි දෙන්නා පරණ සීන් කියව කියවා බෝතලෙම නැවුවා.
පැයක් විතර යද්දී අරූට නාග සලන් මට වෙරි වුනත් මන් වෙරි නැති බව පෙන්වාගෙන හිටියා,වෙඩින් එකේදිම අර යකා කබරයා දාලා කොහොම හරි චාටර් වුනා.අපි දෙන්නම එක සමාන බීලා හිටියේ එත් මට එච්චර අවුලක් වුනේ නැහැ.කොහොමහරි රෑ වෙලා ගෙදර ආවා.ඒ වෙද්දී වෙරි ටික ටික හිඳිලා.ගෙදර ආවම එකෙක් එක්කන් ගියා දන්සලේ ඉතුරු සල්ලි වලින් දාන පාටියට(ඇත්තටම දන්සල් දුන්නම අන්තිමට අතේ ගානක් ඉතුරු වෙනවා අනික ඒ මැයි මාසේ).එතන ගිහින් ගැහුවේ ගල්.මන් එතනදී බිව්වේ ෂොට් හතරක් වගේ බැරි බැරි ගාතේ.ඒ ෂොට් හතරෙන් විස්කි බාගෙම පවර් ආයේ නැගිට්ටා.මට වුන කිසිම දෙයක් මතක නැහැ.
අර යකා මාව අපේ ගෙදර ගේට්ටුව ගාවටම ඇරලලා.එත් මම ආයේ ඌව හොයන්න ගිහින් ගේ ගාව කඩයක් ඉස්සරා මුනින් අතට දොයිලු.ගෙවල් ගාව අයිය කෙනෙක් ආයේ මාව උස්සන් ඇවිත් ගෙදරට ගෙනල්ලා.ඔය සීන් එකෙන් අපේ අම්ම ගොඩක් ලැජ්ජාවට පත්වුනා.මම අදත් දුක් වෙනවා එදා වෙච්ච සිද්දියට.එදායින් පස්සේ බොන්න ඕන වුනාම බොන්නේ ගෙදරට ගෙනල්ලා. කොච්චර බිව්වත් අවුලක් නැහැ ගෙදරනේ.එහෙම බොනවට අම්මගෙන් කිසි ප්‍රශ්නයක් නැහැ.
බොලේ නිශාන් කොලුවා සෙල්ලම් නෑ වගේ...ගමේ නමක් තියන්නයි උත්සාහය...එහෙමද...
Deleteගමේ නම තිවිල්ල කෙසේ වෙතත් ගමේ නම වෙනස් කොරන්න වෙයි.. "විස්කි ගම" වගේ එකකට..
Deleteමම නම් ඕව කටේ වත් තියන්නේ නෑ (බියර් )
ReplyDeleteසිරෝ එක උපදේශයක් දෙන්නම් , රෑ බිලා උදේට අමාරුනම් තව එක ෂොට් එකක් අමාරුවෙන් හරි ගත්ත නම් වැඩේ ගොඩ ,
මටත් ඔය වගේ හරි හරි දේවල් වෙලා තිබේ
ඊළගට මෙහෙම වෙච්ච දවසක ටැස්ට් කොරලා ගුණ අගුණ කියන්නම්...
Deleteඅද මම පොරගේ බ්ලොගේමත් කියුවා පොර කියනවා පොරගේ එක සින්ඩිවල නැති නිසාලු එහෙම කරන්නේ . පොර ලියන ලිපි හොඳයි සින්ඩියකට දාන්න දන්න් නෑ කියන්නේ සමහරවිට ඇහින්දාස්ද දන්නෙත් නෑ. කොහොමටත් අදත් අවවාදයක් නම් දුන්නා
ReplyDeleteමම නම් කට් වුනේ.. දවසක් මිත්‍රයෙක් එක්ක කලුතර ගිහින් රාබීලා දවස් දෙකක් අත්වින්දා බීමේ පලවිපාක.
ReplyDeleteඈබං බියර් 10 බොන්ඩ ගන්නකොට හිතුනෙ නැද්ද ඕක වෙයි කියලා. බලන් ගියාම ආදුනික තරඟයක්නේ තිබිල තියෙන්නේ..
රා වලින් වැදුනාම මාර කික් නේද...ආධුනිකයොත් නෙමෙයි ඇත්තටම ඒ කාලෙ වෙද්දි...අපේ තිබුන පෙරේත කම තමා හේනේට හිටියෙ...
Deleteඔන්න ඔහේ අල්ලා දාහල්ලා බං පොඩි එකානේ
ReplyDeleteඅපිනම් ඕවට නැනෙ... හිකිස්
ReplyDeleteඑහෙමද...අපරාදෙ තරුණ ජීවිතයක් නිකං නාස්ති වෙනවා...
Delete//බඩු සප්ලයි කලේ අපි...
ReplyDeleteනෙදකින් උඹලගෙ කැත හිනාව...මෙතන බඩු කිව්වෙ නැටුම් තෙල් අඩංගු බෝතල් වර්ග සහ බයිට් වර්ග වලට,//................හිනා කෑව බං..!
බියර් එක වදින්නෙ නෑ කියල..හිතාගෙන ගැහැව්වට..එක බෝතලෙත් වදින වෙලාවල් තියෙනව..
මගේ මල්ලිගෙ වෙඩින් එක වෙලාවෙ...මගුල් ගෙදර බියර් බීල...... කපල් එකත් එක්ක පොටෝ ගහද්දි මම ඉඳල තියෙන්න්නෙ අපේ ගෙදර උන්දැ ගාව නොවේ ..උන්දැගෙ නංගි ගාව...තාමත් ..බැනුම් පොටෝ දැක්කම..! චාටර් එකේ හොඳ එක..!
ඔලුව කකුල් දෙක අස්සෙ ගහගෙන ඉඳල ඉස්සුවම..ලෝකය භ්රමනය වෙනහැටිනම් ලොවෙත් නෑ බං..!
මේ වගේ උනාම හැමෝම කියන්නෙ මේ මල ජරාව ආයෙ නම් බොන්නෙ නෑ කියලා...ඒ උනාට එහෙම නවත්තපු එකෙකුත් නෑ...සමාවෙයන් වීයා...පහුගිය දවස් කීපයෙ සෑහෙන්න කාර්යබහුල වෙච්ච හින්දා ...අර මේල් එක පරක්කු උනා...අද හෙටම එවන්නම්.
Deleteපොඩි එකෙක් නේ බං. මමත් කාලෙකට කලින් කිව්වා. ම්හු.. පොඩි එකා හින්දා තේරෙන්නේ නෑ තවම. උදව් කරන්න බැලුවා ඒත් හරියන්නේ නෑ. දැන් අල්ලලා දාල ඉන්නේ. ඔය නැට්ට ගැන කතා කොරන්න ඕනේ නෑ අපි. කැමති ඇත්තෝ ගිහින් බැලුවාවේ.
ReplyDeleteබීල කුජීත වෙච්චා වගේම බීල ආතල් ගත්තුවා මටනං එමටයි. බොන්න යන්න කලින් හොඳ කිරි එකක් බොනවා පැය බාගෙකට විතර කලින්. ඒ කරලා ටිකක් කනවා. ඊට පස්සේ බීලා ඇවිත් වෙරි තියෙද්දීම මම වතුර කෝප්පයක් විතර නවාගන නිදි. කොල්ලා සනීපෙට නිදි එලි වෙනකම්ම. පස්සෙදා උදේ ගහනවා සැරටම කෝපි කෝප්පයක්. ඔලුවේ කැක්කුම් නෑ. චාටර් වෙන්නේ නෑ බීලා. වදින්නේ ගානට කිරි නිසා. කබ්බත් නෑ.
ReplyDeleteඅත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි නේද කේජ්?
Deleteමට නං හිතෙන්නේ බියර් බිව්වහම වමනේ යන්න තියන චාන්ස් එක ටිකක් වැඩියි. ඇයි බං අරකේ වීදුරුවෙන් පොඩ්ඩක් හලාගන්නකොට මේක ගුඩු ගුඩු ගාලා පටවනවනේ.. අනික ගෑස් වලට උගුරට එන ගතියක් තියනවනේ.. හැබැයි බයිට් එක ඩයට් කර ගත්තාමත් ඔහොම වෙනවා.
ReplyDeleteඩූඩාගේ චිත්රයේ ඉන්න උඹ, උඹේ නියම පෙනුමට කිට්ටුයි මට හිතෙන්නේ... මම බැලුවා මේ කකුල් ඔලුවටත් උඩින් තියෙන්නේ කොහොමෙයි කියලා, පස්සෙ තේරුනේ ඇඳක මුනින් අතට වැතිරිලා ඉන්න සීන් එකක් කියලා. අර පොටෝ වලින් එළම එක 2... ඔය පාටි වලදි වැඩි වෙන එවුන් ගාල් කරලා තියන්න නියම ක්‍රමයක්.
බියර් වල ගෑස් එක යවන්නෙ නැතුව හලපු ගමන් බඩට දාගත්තම තමයි ඉතින් ඔලුවටම වදින්නෙ...ගොඩාක් සුද්දො හොදට පෙන එන්න බියර් එක වීදුරුවට දාන්නෙ ගෑස් එක යන්න...
Deleteඩූඩ් ගෙ සිත්තරේ මම තමා ඉන්නෙ...පෙනුමටත් සමානයි. ඇද උඩ මුනින් අතට...කකුල් දෙක උඩ...පරිමාණය ගන්න ගියාම සමහර කොටස් ලොප් උනා...
වස බේබද්දා !
ReplyDeleteදත් එක්ක බත් කනවද...
Delete#7..adoow lejjay do beer bila wetenna.. :P
ReplyDeleteඅනේ පලයන් ඩෝ....බියර් බෝතල් 4 ක් බීලා උඹ කෙලින් ඉන්න එකානෙ...
Deleteතරුණ උඹලා මෙහෙම බොන්න එපා මචං. ඇයි තේරුම් ගන්නේ නැත්තේ? බලපන් දෙමව්පියෝ කොයිතරම් දුක්වෙනවා ඇද්ද උඹ ගැන. දැන්වත් හැදෙන්න බලපන් මචං. :D
ReplyDeleteමෙන්න සිරෝ වැඩි වෙච්ච එකෙක් තාම ඉන්නවා..
Deleteඈ බොල රතු...ඊයෙ රෑ ගත්ත ඒවා දැන්ද වැඩ කරන්නෙ...
Deleteමම නං අද ඉදල තෝ සද්ගුනවත් කියල කියන්නේ නෑ.. ඇයි ඩෝ බයිට් හොරකං කරේ.. හා හා... බියර් බිව්වත් එහෙම වෙනවා තමා.. උඹට මුත්‍රා අඩස්සිය නොතිබ්බ එක හොදා...
ReplyDeleteමුත්තරා කොරන්නත් කීප වතාවක් ගියා බන්...බියර් බොනකොට හෙනේ ඕකනෙ...හුජ්ජ බර හැම වෙලේම...
Deleteමම සත්ගුණවත් තමා බන්....රේප් සීන්, මුදල් වංචා, මංකොල්ල වලට සම්බන්ධ නෑ
ඒ කිව්වේ අනිත් ඒවට සම්බන්ධයි.. හෙහ්..
Deleteමගේ ගාව නම් ඔය වගේ කතා වැහි වැහලා. 13 ඉඳලා ගහන්නෙ බියරුත් නෙමෙයිනේ. සැරම එක. කොහොම හරි මම කැමති 9 වෙනි එකට. ඌ ආයි ඉතින් කවදා ඒ වගේ බොන්නෙයි කියලද....?
ReplyDeleteඅනේ ඒ මනමාලිට මොනවා හිතෙනවා ඇද්ද හැබෑටම...
Deleteවයස 13 ඉදන් බොනවද...සෙල්ලම් නෑනෙ එහෙනම්...
සේහ්. . මං හිතාන හිටියේ නෑනේ සිරා අයිය මෙච්චර බේබද්දෙක් කියලා... චා චා චා....
ReplyDelete"බලන්න අයියෙ කවුද බේබද්දෙක් ගාමන්ට් එක වටේටම ඊයෙ රෑ වමනෙ දාලා..." මේක තමයි මගේ කිරි උගුර ඉස්පොල්ලේ යවපු වාක්කිය..
අපි ඉස්සර එහෙ ගියාම ඔය ගාමන්ට් එකේ හිටිය සීදේවි ළමයින්ට රබර් ඇහැ දාගෙන හිටියෙ....කුජීතයි නේද බන්...
Deleteමේ විදියට වරින් වර කබරයා දිගේලි කරමින් සිරා කොලුවා එම ඉසව්වෙ කොපමණ වෙලා හිටියද කියලා දන්නෙ එතැන රූස්ස ගහ මුදුනෙ හිටිය බකමූණො විතරයි// hik hik ....................... mama nan kemathi 2 pinthureta he he
ReplyDeleteඒකනෙ මගුල් ගෙදර ඉවර වෙලා කස්ටිය නිදා ගන්නත් ගිහිල්ලා....ඒ සම්පූර්ණ කාලයම මම සුදු වැල්ලෙ සැතපිලා...
Deleteසත් ගුණවත් බෙබේ සිරා.D කොහෙ ගිහින් කබා දැම්මත් කමක් නෑ, නෑයෙක්ගෙ ගෙදර නැතුව.
ReplyDeleteමලේ මොකද අර හුජ්ජ බෑග් එක වගේම කබා බෑග් එකකුත් හැදුවනම් .
මොනව කියනවද අයියා...නෑදෑ ගෙදරක බීලා කුජීත උනොත් ඉතින් ඉදලා වැඩක් නෑ... මම ඒ අදහස මහා නිර්මාණ කරු හෙන්රි තුමාට කියලා බලන්නම්...
Deleteමම තාම බීලා තියෙන්නේ අතේ ඇගිලි ගානට...
ReplyDeleteඒකෙන් වැදුනේ එකපාරයි.. ඒකත් වොඩ්කා කාලක් ගැහුවට පස්සේ! නැත්තං මේ රජාට ලේසියෙන් වදින් නෑ :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ගෙට්ටුව දවසෙ රජාට වද්දගන්න තිබුනා...කොහෙද අර අටම් කොලුවා ඇතුලු වයසක නඩේ ලග නැමුවනෙ...
Deleteහරි බේබද්ද කියන්නනෙ එපා කිව්වෙ.... ඔන්න ඔයා බාබෙද්ද ඈ.....;)
ReplyDelete“සිරා කොලුවා නැවතත් සුදු වැලි මත සැතපී...ඉහළින් පෙනෙන පූර්ණ චන්ද්‍රයා දෙස බලාගෙන හදේ හිටෙව්ව ඇමරිකන් කොඩිය හෙව්වා..“
හයියෝ හිනාකාල පන ගියා අයියෝ....^_^
උඹලට හිනා...මමනෙ දන්නෙ ඒ වෙලාවෙ තිබ්බ සොමියෙ තරම...සර්පයෙක්වත් කෑවා නම් කෙලින්ම යටියන්තොට යනවා....
Deleteමගේ මනාපය අඔක 8 ට හි හි...
ReplyDeleteඅපෝ.. මෙහෙමත් බීමක්.
අනේ මම නම් ඕවට නෑ...
Deleteඋඩ පින්තූරේ වෙනස් කියලා මීටර් වුනේ අන්තිමට දාලා තියෙන කොටස කියෙව්වටත් පස්සේ මාර කේස් එක ආපු ගමන් පෝස්ට් එක කියෙව්වට හැඩ වැඩ බලන්නේ නෑනේ ඉතින්
ReplyDeleteහැබැයි බොකුටු කොණ්ඩයක් එක්ක ඒ ඇඳලා තියෙන පින්තූරේ එල... ඩුඩිතුමාගේ චිත්‍ර ගැන දන්නවනේ ඉතින් මගෙන් ලකුණු ලැබෙනවා ඩුඩිතුමාට
අඩේ මම දැන්නේ දන්නේ සිරා අයියා බොනවා කියලා ඕං මං නං අමධ්‍යප හොදේ ඒක නෙමේ ගෙට්ටුවෙදි රජාට පොවලා වැඩිවෙලාද අටමා අයියව බදාගෙන හිටියේ ඈ
මගෙ මනාපය මනමාලි එක්ක ඉන්න පොරට මේ අවස්ථාවේදි හිමිවෙනවා
මම නම් එහෙමට කියලා දැං බොන්නෙ නෑ මලේ...ඉදලා හිටලා තමා...ගෙට්ටුව දවසෙ රජාට ෆුල් ඩෝප්...අටමව බදාගෙන උම්මා දෙන්නත් ගියා...
Deleteවැඩි ඡන්ද ලබාගන්න පින්තූරය නෑනොවැ.. ගාමන්ට් එක වටේට රටාවකුත් දාලයි ඇවිත් තියෙන්නෙ එහෙනම්.. :D
ReplyDeleteඇත්තටම එදා සිංහයෝ පිබිදුන වෙලාවෙ හිතා ගත්ත අධිෂ්ථානය තවම සුරකිනවද.. :D :D
හැකි සෑම අවස්ථාවකම සුරකිනවා...සමහර අවස්ථාවල අධිෂ්ඨානය ගිලිහී යනවා...ඒත් පොඩ්ඩක් ගත්තට පස්සෙ ආයෙත් අධිෂ්ඨානය එනවා...
Deleteබ්ලොග් එකට බණිනවා ඉවසිය හැකි. ඒත් අකුරක් වත් නොකියවා "හොඳ ලිපියක් යාළුවා, අපේ පැත්තෙත් ඇවිත් යන්න" කියන කොට තමා නහුතෙට නගින්නේ. (මට අර කොමෙන්ටුව කට පාඩං!)
ReplyDeleteසින්ඩි දන්න කට්ටිය මේ සහෝදරයට උදව්වක් කළොත්?
කොච්චර රෙදි ගැලවුනත් පාඩමක් නම් ඉගෙන ගෙන නෑ වගේ සිරා..
ReplyDeleteමොකද නැත්තෙ...දැන් සිරා ඒ වගේ කරටිය සාක්කුවට වැටෙන්න බොන්නෙ නෑ...බොරුනම් ගෙට්ටුවට ආපු කෙනෙක්ගෙන් අහලා බලන්න...
Delete//කකුල් දෙකෙන් ආපු උන් කකුල් හතරෙන් ගියා...සමහරු නෝනගෙ සාරි පොටේ එල්ලිලා ගෙදර ගියා...එකෙක් දෙන්නෙක් දැන් එන්න බෑ උදේට එන්නම් කියලා වෙඩිම අස්සෙම මුනින් අතට හැරිලා ඩවුන් ගියා. අපේ අම්මත්...බොන්නෙ එහෙම නෑ කියලා මට දඹර ඇගිල්ල පෙන්නලා රාත්රියෙම තාත්තත් එක්ක ආපසු නිවෙස බලා ගියා//මේ ටික කියවනකොට හොඳටම හිනා ගියා.... අර වාහනේ යට හිටපු හාදයා මොකක් කියල හිතාගෙනද දන්නෑ ඒක යටට රිංගුවෙ... :D
ReplyDeleteඅර පළවෙනි පින්තූරෙ නම් මට මතකයි ඕට්ටේලියාවෙ අස්ස රේස් තියෙන දවසක වෙච්චි සිද්දියක්... ඕකෙම කාන්තා වර්ශන් එකකුත් තිබ්බ ඔයිට හොඳට... හොඳ වෙලාවට ඒක අහුවෙලා නෑ...8 වෙනි පින්තූරෙ නම් ඈක්කා... ඊව්ව්... 9 වෙනි පින්තූරෙ මනමාලි නම් අර මල් මිටිය හොඳට තද කරලා අල්ලගෙනයි ඉන්නෙ... හොඳ වෙලාවට ඊළඟ පියවර කවුරුවත් පොටෝ ගහල නැත්තෙ... අපොයි අර අන්තිම පින්තූරෙ එකා පුටු ඇන්දත් කඩන් නේද අර ඇක්සසයිස් පාරක් දාන් ඉන්නෙ...
ඔක්කොමත් හරි වැදගත්ම පින්තූරෙ දාල නෑනෙ...
ඔහොම වෙලා මදි බා බෙ ... එක්කො ඕන්නෑ... :D
වටිනා කාලය කැප කරලා දිග කොමෙන්ටුවක් කෙටුවට බොහොම ස්තුතියි... වැදගත්ම පින්තූරෙ ගන්න හිටපු එකා තමා වාහනේ යට දපලා උදේ යන්තම් බේර ගත්තෙ...
Deleteමගේ තර්ජනයට භය වුන නිසා නේද අන්තිම ටික කියන්න ගිහිල්ලා නැවතුනේ. :D
කොහෙන්ද ඒ ෆොටෝ හොයාගත්තේ..:D
ReplyDeleteෆොටෝ හොයාගත්ත අඩවිය පෝස්ටුව තුලම දක්වා තියෙනවා...
Deleteඅඩේ මං ගාවත් තියනවා අපේ උන් ඔහොම කොමඩ් අස්සේ ඔළුව ඔබන් ඉන්න පොටෝ...
ReplyDeleteඒ කියන්නෙ උන් කට් ඩවුන්...
Deletemath okama una..
ReplyDelete(welawaka hiniyata set wemuda?)
Jayawewa
කැමරා නැති තැනක සැට් වෙමු...නැත්නම් ඉදලා හමාරයි...
Deleteබා බෙද්........... නෑ ඔන නෑ.............
ReplyDelete