Monday, February 25, 2013

83 පින්තූර කථාවක්

අල්ලට සිගාවත් රස නැති කැවිලි        කකා
වල්කොළ බිම අතුට නිදි නොලැබ දුක්  තකා
කල්ගිය රෙදි වැරලි ඇද දැලි කුණෙන්    වකා
ඇල්මෙන් අකුරු උගනිවු ඉදිරි වැඩ      තකා

වේවැල් කෝටු නාරං සියඹලා        අතු
කිතුල් පොල් ඉරටු වැල් කහඹිලියා අතු
මෙවැනි ඉපල් මගෙ දැසට නොපෑ    යුතු
පමා නොවී එමි අකුරට මෙයින්       මතු

තිබු තැනක සොර සතුරන් ගත  නොහෙනා
එසැඩ මනාවත් වතුරෙන් වල    නොහෙනා
කෝප වුවත් රජ මැතිදුන් ගත    නොහෙනා
උගත මනා ශිල්පයමයි මතු         රැකෙනා

මේවා අපි පොඩි සන්දියෙ නිතර දෙවේලෙ  අහපු / හඩ නගා කියපු කවි...අද පරම්පරාවෙ ශිෂ්‍යයො නම් සමහර විට මේ කවි කවදාවත් අහලා නැතුව ඇති. ඒ ගැන පුදුමයකුත් නෑ...ගුණ ධර්ම මග හලාගෙන පිම්මෙ රේස් එකක් දුවන නුතන අධිවේගී සමාජ ක්‍ර‍මය තුල අධ්‍යාපනය විතරක් උඩු ගං බලා යන්න විදියක් නෑ නොවැ. මේ කවි පෙළ  වදන් කවි පොතෙන් උපුටා ගත් එවා...


අතීත සමාජයේ ගුරුවරයා හා ශිෂ්‍යා අතර තිබූ අනෝන්‍ය බැදියාව හා චර්යාවන් සියුම් ලෙස ග්‍ර‍හණයට ගත් රචනාවක් ලෙස අපට ඇතැම් කවි හදුනාගත හැකියි. ඒ අනුව පමා වී පාසලට පැමිණී කල දඩුවම් ලබා දීමට පාවිච්චි කල උපකරණ පිළිබදවත් යම් හැදින්වීමක් මේ  කවියක අන්තර්ගතයි. කුමන දුකක් හෝ විද දරාගෙන අනාගත සුභ සිද්ධිය උදෙසා අධ්‍යාපනය ලැබිය යුතු බවට ශිෂ්‍යන් වෙත යම් අවධාරනයක් කරන්නේ පරිණත වැඩිහිටියෙකුගේ  කෝණයෙන් බවයි මගේ අදහස. තමන්ගේ වැරදි උදෙසා කෙරෙන දඩුවම් මගින් වැලකීමට තමා තුලම අධිෂ්ඨානය ඇති කරගත් පැරණි ශිෂ්‍යා ප්‍ර‍ජාවගෙන් නූතන ශිෂ්‍යයන් වෙනස් වන්නේ ශිෂ්‍යයාගේ වරදට දඩුවම් කරන ගුරුවරුන් නීතිය හමුවට පමුණුවාලීමට ඔවුන් කටයුතු කරන හෙයිනි. 

කුමන බාධකය ආවත්..ඒවා මැඩගෙන අධ්‍යාපනය ලැබිය යුතු බවත්, එලෙසින් ලබන අධ්‍යාපනය මතු කලෙක ප්‍රයෝජනවත් වන ආකාරයත් ශිෂ්‍ය මනසට ගෝචර වන පරිද රචනා කර ඇති අන්දම අපූරුයි. හැම් බේකන්, චීස්, බටර්, අනුභව කර සුඛෝපභෝගී බෙන්ස්, BMW රථ ඇසුරේ පාසල් යන එන දරු පැටව් ඇති ලෝකයක, තමන් උපන් දේශයේ දරිද්‍ර‍තාවයේ සෙවනැලි වලින් පීඩාවට පත් දරුවන්ද සිටින වග අප අමතක කල යුතු නොවේ. එය අපේ ලංකාවට පමණක් සීමා වූ කාරණයක්ද නොවේ.

ඉහතින් දැක්වූ  කවි පෙලේ අරුත යලිත් වතාවක්  මට හොදින් පසක් වුනේ මේ සමග ඇති ඡායාරූප සමූහය දැකීමෙන්. තෙවෙනි ලෝකයට අයත් රටවල වැසියනගේ දුවා දරුවන්  පාලකයන්ගෙ නිද්‍රාශීලී ප්‍ර‍තිපත්ති හේතුවෙන් මේ අයුරින්  පීඩාවට පත්වී තිබෙනවා...වරද කාගේ වුවත් මේ දරුවන් තම දිවි පරදුවට තබා...අධ්‍යාපනය ලබාගන්නට දරන වෙහෙස පිළිබදව ඇතිවෙන්නෙ සංවේගය මුසු වූ සතුටක්.

යටිතල පහසුකම් වල  පවතින ඌණතාවයන් හමුවේ නොසැලී කෙසේ හෝ මතු දියුණුව උදෙසා ධෛර්යයෙන් අකුරට යන මේ පොඩි පැටව්  පිළිබද ඡායාරූප මට ලැබුනේ විද්යුත් තැපෑලෙන්...මිතුරෙකු මාර්ගයෙන්... වචන දහසකින් කිව යුතු  දේ එක් පින්තූරයකට පැවසිය හැකියැයි කියවෙන නිසාවෙන්...තවත් වචන නාස්ති නොකර ඒ සියල්ල නැරඹීමටත්...ඒ තුලින් කියවෙන දරිද්‍ර‍තාවයේ හෝ ඌණ යටිතල පහසුකම් පිළිබද කථාවත් ...ඒ හමුවේ බිද නොවැටුනු සිසු දරුවන්ගේ ඉගෙනීමේ ආශාව පිළිබදවත් සිතා බලන්න... ලෝකයේ කොහේ සිටියත් ඔව්හුද දරුවෝය...ඉගෙනගැනීමට ඇති අයිතිය උදෙසා ඔවුන් දරණ මහන්සිය කෙතරම් දුක්ඛසහගතද ?




























මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

මේ රට තමයි ඉන්දුනීසියාව

මේ ආකාරයෙන් පාසල් යන්නට දුක් විදින දරුවන් අපේ රටේද සිටී. ඒවා බලලෝභී දේශපාලුවන්ට නොපෙනීම නම් සැබැවින්ම අභාග්‍යයකි.

83 comments:

  1. ලෝකේ මිනිස්සු කොච්චර දුක් විදිනවද....
    සැප තියෙන එකාට ඒකේ අගයක් නෑ...
    උන්ට ඒත් මදි...
    මං දැක්කා මේ ලගදි වීඩියෝ එකක් මැදපෙරදිග සල්ලි කාරයෙක්ගේ වෙඩිමක්...
    වෙඩිම ඉවර වෙලා රතිංඥා වෙනුවට රත්තරං තුවක්කු වලිං අහසට වෙඩි තියෙනවා..
    තව කාර් ඇවිල්ලා රත්තරං පාටයි දියමන්ති අල්ලලා විකාර ගොඩයි..
    උං කරන වැඩ වලිං තේරෙනවා කිසිම අධ්‍යාපනයක් ලබලා නැති විත්තිය...
    ඒ අතිං බලනකොට මේ ඉන්දුනීසියාවේ මුස්ලිම් මිනිස්සු අධ්‍යාපනය වෙනුවෙන් මෙච්චර කැපවීමක් කරන එක අගය කරන්න ඕනා...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි තරියා...තියෙන එකාට උතුරන්න තියෙනවා...නැති එකාට ලෙවකන්නවත් නෑ...

      Delete
  2. දෙයියනේ .... මම උඩගියා බං මේ ෆොටෝ ටික දැකල. මේ ළමයි උදේ හවස ඔය විදියට යනව එනව කියන එක විශ්වාස කරන්නත් බෑනේ. අපිට ජීවිතේ එක දවසක් ඔය වගේ වැඩක් කරන්න උනොත් ඒක අමතක නොවන වික්‍රමයක් වෙයි. ඒත් ඒක හැමදාටම කරන මේ අහිසකයො .....

    ReplyDelete
    Replies
    1. අපි අගය කරන්න ඕනෙ මෙච්චර කරදර විදගෙන හරි ඒ දරුවො අධ්‍යාපනය ලබන්න පාසලට පැමිණෙන්න දක්වන කැමැත්ත /උවමනාව කියන සාධක...

      Delete
  3. මේවා පෙන්නන්න ඕනි ළමයින්ගේ අයිතිවාසිකම් සුරකින්න ඕනියි කියලා උඩ පනින උන්ට. නොගහා හදන ළමයි රටට බරක් වෙනවා වගේම කැපවීමෙන් දුක් මහන්සියෙන් හැදෙන ළමයි ලෝකෙටම වැඩදායී වෙනවා.

    ඇඟ හීතල වෙලා ගියා ඇර පොඩි එව්වෝ යන හැටි දැක්කම.

    ReplyDelete
    Replies
    1. දියුණු රටවල නාස්ති කරන ධනස්කන්දයෙන් මේ වගේ ජීවිත ලස්සන කරන්න පුලුවන් කම තියෙද්දි එහෙම නොකරන එක පිළිබද කණගාටුයි...

      Delete
  4. වහින කාලෙට කොහොම යනවා ඇතිද? මම ලඟදි දැක්කා ලංකාවෙත් මේ වගේ තැනක්.තවත් තැනක් තියෙනවා ගාලු දිසාවේ හිනිදුම චන්ද කොට්ටාශයේ ලංකා ගම කියල ගමක්. එකත් මේ වගේ තමා පාලකෝ ඉන්නවා වුන් කාර් රේස් තියල විනෝද වෙනවා.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙත් මෙහෙම තැන් කීපයක් තියෙනවා...සමහර ගම්මාන බාහිර ලෝකයෙන් හුදෙකලා වෙලා...ලෙඩෙක් වත් ගෙනියන්න මාර්ගයක් නෑ...අපේ රටේ පාලකයො බහුතරය ඉතිං...මීහරක් නොවැ...

      Delete
  5. මේ වගේ දේවල් පේන්නේ නැති මිනිස්සු ඉන්නවද? උදේ පාන්දර හිත කීරි ගැහිලා ගියා. පක්ෂ භේද , අර භේද, මේ භේද ඔක්කොම අමතක කරලා, රටේ ඉදිරි පරපුර වෙනුවෙන් මිනිස්සු එක්වෙන්ට ඕනි මේ වගේ වෙලාවලට.

    දුප්පත්, අහිංසක ලමයි...

    ReplyDelete
    Replies
    1. මේ වගේ අහිංසක ළමා ජීවිත වලට එළියක්...අපිට හැකි විදියට දෙන්න පොඩි බලාපොරොත්තුවක් තියෙනවා...මේ වසර අග භාගයේ...

      Delete
  6. පිස්සු හැදෙනවනේ සිරා... විශේෂයෙන් අර පළවෙනි ෆොටෝ එකේ තියන විදිහට හැමදාම යනවා එනවා කිව්වහම... අර වයර් එකක එල්ලිලා යන එකකුත් තියෙන්නේ... සෑහෙන ගාණක් අනතුරුත් වෙනවා ඇති... ඒත් මේ ළමයින්ගේ ඉගෙන ගන්න තියන උනන්දුව....

    තාමත් මේවා මෙහෙමද දන්නෙ නෑ....

    ReplyDelete
    Replies
    1. ඔය ඡායාරූප වල ළමයි කාණ්ඩ දෙකක් ඉන්නවා...නිර්භීත අය උඩින් එනවා...භය අය කලිසම් ගලවගෙන ජලය තරණය කරලා එනවා...කොයි ආකාරයෙන් ආවත් මේ අයට තියෙන්නෙ අධ්‍යාපනය ලැබීමට තියෙන උවමනාව සහ ආශාව..

      Delete
  7. ලංකාවෙත් මෙහෙම එකක් (වගේ එකක්) ටී වී එකේ පෙන්නුවා මතකයි... උදේ පාන්දරම හරිම දුක හිතෙන පින්තූර කතාවක්...

    ReplyDelete
    Replies
    1. ලංකාවෙත් කිපයක්ම තියෙනවා...මමත් ප්‍ර‍වෘත්ති වලට දැකලා තියෙනවා...

      Delete
  8. ඔය ළමයින්ට පාලමක් හදාදෙන්න බැරිනම් ගඟ හරහා ඔරුවක් පාරුවක් දාන්නවත් හිතලා නැද්ද මන්දා?

    සිරා කියලා තියෙනවා වගේ ලංකාවෙත් ඔය වගේ යන ළමයි නිතර දෙවේලෙ රූපවාහිනියෙ දැකලා තියෙනවානෙ.. සමහරු ගස් අතර කඹ බැඳන් ඒවාවල එල්ලීගෙනත් යනවා.. පොඩි අට්ටාල හදාගෙනත් ගඟ තරණය කරනවා..

    හැබැයි ඒ සිද්ධිවල නොදකින පැත්තකුත් තිබ්බා.. සමහරවිට මිනිස්සු එහෙම එල්ලිලා දඟලන්නෙ යන්ඩ එන්ඩ පාරක් පාලමක් තියෙද්දිමයි.. නියම විදිහට හදපු පාර දුර වැඩි නිසා මිනිස්සු එකතුවෙලා මේ වගේ ශෝට්කට් ගහගත්තු තැනුත් තියෙනවා.. ඉතින් එහෙම බැලුවාම ඔය වගේ යන හැමතැනකටම පාලමක් දාන්ඩ කියන එක සාධාරණ නෑ..

    ReplyDelete
    Replies
    1. මේ වගේ ගම්මාන බොහොමයක් බාහිර ලෝකෙන් හුදෙකලා වෙලා තියෙන්නෙ...ගමේ දේශපාලන නියෝජිතයා ඡන්දයක් ලං වුනාම විතරයි මේ ප්‍රදේශවල සංචාරය කරන්නෙ...ඉතිං දෙන පොරොන්දු වලට රැවටිලා ඡන්දෙ දෙනවා...ආයෙ අවුරුදු දෙක තුනක් යනකං අපේක්ෂකයා දකින්නත් නෑ...ඊළග ඡන්දෙටත් මිනිස්සු මෝඩ කමට සහයෝගය දෙනවා...ඔන්න ඔය චක්‍ර‍ය තමයි ක්‍රියාත්මක වෙන්නෙ...

      Delete
  9. මිනිස්සු මේ තරම් ජීවිතය පරදුවට තියනවද කියල හිතෙන්නෙ මේව දැක්කම තමා.ලංකාවෙත් ඕය වගේ සිද්ධි ඕන තරම් තියෙනව වාරතා වෙන්නෙ නැති එකයි ප්‍රශනෙ.

    සමහර පන්ඩිත දේශපාලකයො ඉන්නව ගමේ මිනිස්සුන්ට අත්‍යවශ්‍ය තැන නොවේ පාලම් දමන්නෙ..උන්ට හිතෙන ,තමන්ගෙ පාක්ෂිකයට පහසු තැනක මිසක්වඩා සුදුසු තැන නොවේ.ලංකාවෙ එහෙම උදාහරන තියෙනව.
    ඉතිං මෙහෙම සිද්දි වෙනව.

    උදේට...අම්ම්ගෙ කරදරේට නැගිටල..පාසල් සේවයෙන් ඉස්කෝලෙට ගිහින් සුදු ඇඳුමෙ ඉරක්වත් නොමැකෙන ලෙස ගන්නා ඉගැනුමට වඩා...උදේට ඇලව්තුර කෝප්පයෙන් සැනසිලා, අරවගේ වැල්පාලමක කම්බියක ගිහිල්ල හැතැම්ම 5ක්,6ක් පයින් ගිහින් දුප්පත් ඉස්කෝලෙක ඉගෙන ගෙන ලබන අධ්‍යාපනය අතර වෙනස අහසයි පොලවයි වගේ...

    ඕවුන්ට අනාගතයේ ලැබෙන තැන ගැනනම් ගැටලුවක්..??

    ReplyDelete
    Replies
    1. දේශපාලුවෙක් දවසක් කිව්වලු...මම මේ ගමට පාලමක් ලබා දෙනවා කියලා...ගමේ මිනිස්සු කිව්වලු පාලම් හදන්න අපේ ගමේ ගගක් නෑ කියලා...එතකොට දේශපාලුවා ආයෙත් කිව්වලු...අපි ගගක් හාරලා හරි පාලමක් හදනවා කියලා...

      Delete
  10. ඔහොම තියෙද්දිත් ඉස්කෝලෙ යනවා කියන එකම ඇති

    ReplyDelete
  11. මේ වගේ තත්වෙක ඉදල ඉගෙන ගන්නවා කියන්නේ ගොඩාක් ඉගෙනගන්න කැමති කියන එකනේ.. ලංකාවෙත් ඕන තරම් මේ වගේ තැන් තියනවා..ඒත් ඉතින් රජයේ ඉන්න සත පහකට වැඩැක් නැති ඇමතිවරුන්ට වියදම් කරල ඉවරවෙලානෙ අනිත් දේවල් කරන්නෙ.අහා විපක්ෂයටත් කන්න දෙන්න ඕනිනෙ,,,

    ReplyDelete
    Replies
    1. මේ ආසියාවෙ රටවල් සෑහෙන ප්‍ර‍මාණයක් දූෂිත දේශපාලුවන්ගෙ අතකොළු වෙලා...අන්න එතැනදි තමයි සාමාන්‍ය ජනයාට මේ වගේ දුක් විදින්න වෙන්නෙ...

      Delete
  12. හොද ලිපියක් යාළුවා.අපේ පැත්තෙත් ඇවිදින් යන්න..මේ මගේ අලුත් බොගේ....http://siragekamare2.blogspot.com

    ReplyDelete
    Replies
    1. ෂහ් පට්ට බ්ලොග් එක.. ඔන්න මම ෆලෝ පාරකුත් දැම්මා.. :D

      Delete
    2. වැඩක් නෑ කියලා...සුපිරිම බොගක්...හිටගෙනද දන්නෙ නෑ ලියන්නෙ...

      Delete
  13. ලංකාවේ සමහර පලාත් වලත් තාම ඔහොම්මයි...

    ReplyDelete
  14. December wala oya plane karala tiyana wadata ape ratay may wage school ekak hoyagana.
    ape inawa "Sirage" pitipasan.
    Jayawewa

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම සංජීව අයියෙ...ඔබ වැනි හදේ තෙතමනයක් තියෙන මනුසත් කුලේ ඇත්තො රාශියක් එක්වුන තැන තවත් සමාජ සත්කාරයක්...ඒ දිනය නුදුරේම එළඹේවි...

      Delete
  15. ඇසට කඩුල එක්කල මේ පින්තුර පෙළ. මේ දරුවන්ට අත්වැලක් විය හැකි බොහෝදෙනෙක් සිටියත් නොදැක්ක සේ සිටීම ඊටත් වඩා දුකක්.

    ReplyDelete
    Replies
    1. මටත් මේ පින්තූර මුලින්ම දැක්ක වෙලාවෙ සෑහෙන්න වේදනාවක් ඇති වුනා...

      Delete
  16. හුණුවටයේ සින්දුවක් මතක් වුනා මේක දැකල.

    ඔහොම දුෂ්කරතා විඳගෙන පාසලට එන දරුවෝ අපේ රටෙත් කොච්චර නම් ඇද්ද. තියන ප්‍රදේශ වලට සම්පත් අතිරික්තයක් තියද්දි තවත් ප්‍රදේශ වලට අවශ්‍යම දේ වත් ලැබෙන්නේ නෑ.
    පොඩි එවුන් ඒකෙ එල්ලිලා යන හැටි දැක්කම බලන අපිට බය හිතෙනවා නේ. මේ ස්ථාන දෙකක් වෙන්න ඕන. නැත්නම් අර මුලින් බයිසිකලේ පැදගෙන එන දෙන්නා මැද කොටසෙන් යන්නේ කොහොමද..
    දුෂ්කරතාවය මදකට අමතක කලොත් ඒ අයගේ හිත වල බය කියන එක නම් නැති වෙනවා ඇති.. ඔවුන්ට ඒක සාමාන්‍ය දෙයක් වෙලා වගේ. වැඩිහිටියෙකුගේ ආරක්ෂාවක් වත් නැතුවනේ වැඩි දෙනෙක් යන්නේ.

    ReplyDelete
    Replies
    1. ඉතිං බලන්න අර උ/පෙ ඉහළ ප්‍ර‍තිඵල ගත්ත කැලණි පාලම යට හිටිය සංජීවනී සිසුවිය... ඒ දැරිවි එවැනි ප්‍ර‍තිඵලයක් ගත්ත නිසානෙ අපි දන්නෙ...එහෙම නොවුනා නම් අදටත් ඒ පවුල දුක් විදිනවා පරණ නවාතැනේ...

      Delete
  17. ඉන්දුනීසියාව කියන්නෙ කණිජ තෙල් අපනයනය කරන රටක්.. ආර්ථික වශයෙන් ඉහල තත්වෙකට යන්න තරම් සම්පත් ඇති රටක් ඒත් ආසියාතික රටවලට පොදු හෙණය තමයි එහෙත් තියෙන්නෙ. දූශිත පාලනය ..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්...දකිනකොටම පේනවා...ජරාව නිසා බඩ නෙරා ආපු දූෂිත දේශපාලුවො ඇති කියලා...

      Delete
  18. ඒ රටෙත් අපේ රටේ වගේ පුතාලට රොකට් අරින්න, නයිට් රේස් තියන්න, රගර් ගහන්න සල්ලි වියදම් කරන ඒත් චන්දදායකයන්ට නොසලකන පාලකයෝ ඉන්න රටක් වගේ . .

    දුක හිතුනා මේ පින්තූර දැක්කම

    ReplyDelete
    Replies
    1. රටේ විසදන්නට දාහක් ගැටලු තියෙද්දි රජ පවුල ආතල් ගත්තම මදෑ...අන්න ඒකටලු ආසියාවේ ආශ්චර්යය කියන්නෙ...

      Delete
  19. අර ඉහලින් තියෙන යෝජනවාට මමත් කැමතියි. එහෙම තැනක් හොයාගෙන අපි වැඩේට බහිමු.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම සපෝර්ට්.. කරනවනම් අන්න වැඩක්.. බ්ලොග් කාරයො හමු වෙන එක හොඳයි.. හැබැයි මෙහෙම එකක් ඊට වඩා කෝටි වාරයක් වටිනවා..

      Delete
    2. අනිවාර්යෙන්....ඔබ දෙපළගෙ සහයෝගය ඉදිරියේදි සිදුකෙරෙන කටයුත්ත හා ඒකාත්මික වේවි කියලා හිතනවා...

      Delete
    3. හිතන්ඩ දෙයක් නෑ.. හැකි උපරිමයෙන්.. දැනුවත් කිරීමක් කරන්න..
      අවුරුද්දට එක ගානෙවත් බ්ලොග් අවකාශෙ කට්ටියට එකතු වෙලා සමාජ මෙහෙවරක් කරන්න පුලුවන්නම් ඒක හොඳ වැඩක් වෙයි.. මේක බොහොම බලගතු කල්ලියක්..

      Delete
    4. අවුරුද්දකට සැරයක් සමාජ සත්කාරයක් කරන්න තමයි බොහෝ දෙනාගෙ අදහස තියෙන්නෙ...

      Delete
  20. පව්ව්... :( ලෝකෙ මොනතරම් ඉන්නාවද අසරණ දුක් විධින මිනිස්සු.

    මම ත් දැක්කා ලංකාවෙත් ඔහොම අවදානම් විදියට ගඟක් තරණය කරලා ඉස්කෝලෙ යන ලමයි ගැන පෙන්නුවා නිව්ස් වලට..

    මෙ රටෙත් මොනතරම් මිනිස්සු දුක් විඳිනවාද..., පාලක පැලැන්තියට කොහෙද හෆ්ෆා දුප්පත් අහිංසක මිනිස්සුන්ගෙ දුක පෙනුනෙ.. ලංකාවෙම බලන්නැපැයි..,ඡන්දයක් ලං වුනාම ළමයි ටික වඩා ගන්න ගම් පැත්තෙ රවුමක් ගැහුවොත් මිසක්.., ඔය දුෂ්කර ගම් වල පහසුකම් ගැන දේශපාලකයෝ හොයන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද...මේ දරුවොවත් ලොකු මහත් වෙලා මේ දූෂිත පාලනයට එරෙහිව කටයුතු කලොත්..ඊළග පරම්පරාවට හරි මේ පාලම හැදේවි...

      Delete
  21. සිරා මෙහෙම තැන් කීපයක් නෙවේ එක 30 කට කිට්ටුව තියෙනවා. සිරසෙන් ඔය ගැන වැඩසටහනක් යනවා මන් දැක්කා.වැඩේ කියන්නේ ඔහොම දෙයක් සමාජ සත්කාරයක් විදිහට කරන්න කෙනෙක් නැහැ.

    අඩි 100 දිග අඩි 5 පළල ඔහොම පාළමක් හදන්න මන් හිතන්නේ ලක්ෂ 5 කින් වගේ බැරි වෙන එකක් නැහැ..අපේ සිවිල් ඉංජිනේරු , QS , වගේ දේවල් වලට සම්බන්ද අය estimate එක හැදුවොත් ලේසි අපිට දෙයක් කරන්න...

    මහා විසාල කොන්ක්‍රීට් පාලම් හදන්න නොයා, යන්තන් නොමැරී එහා පැත්තට යාගන්න සැලසුමක් දෙන්න බලන්න ප්‍රවීණයෝ ක්ෂේත්‍රයේ...

    ReplyDelete
    Replies
    1. බලමු සහන් ඉදිරියේදී අපිට ඔවැනි දේකට දායකත්වයක් දෙන්න පුලුවන් වේවිද කියලා...ඉදිරියේදී සිදුකෙරෙන සමාජ සුබසාධක කටයුත්තකට යොදා ගැනීමට ඒ අදහස මතකයේ තියා ගමු.

      Delete
  22. ලොකු ලොකු සල්ලිකාරයින්ගෙ ළමයි ඉගෙනගන්නව කියල කුඩු ගහල පෙති ගහල නාස්තිවෙන අතරෙ මේ වගේ කැපවීමෙන් ඉගෙනගන්න යන ළමයි ලංකාවෙත් නැතුව නෙමෙයි. ඒ ළමයින්ගෙ අවශ්‍යතා ඉටුඋනාම තමයි මේ රට ඓශ්චර්යමත් රටක් වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත...සංවර්ධනයේ අරුණළු සෑම ජනකොටසක් අතරම අඩු විෂමතාවයකින් බෙදුනාම තමයි රටක් සංවර්ධනය වෙලා තියෙනවා කියලා කියන්නෙ...නමුත් අද තියෙන්නෙ සීත කාමර වල ඉදලා සංඛ්‍යා හරඹ කරලා පෙන්වන දර්ශක මගින් රටේ සංවර්ධනය පෙන්වන ප්‍රෝඩාවක්...

      Delete
  23. "අද"පුවත් පතේ අදදින ලෑලි නැහැ කම්බි වල එල්ලිලා යනව ළමයි වඩාගත් අය/වයසක අය යටියන්තොට,විරගොල්ල,එක්කිඔය හරහා.ඒ වගේ ලංකාවෙ තව කොච්චර ඇද්ද?එහෙමෙ තියාගෙන නේද එක එක ඒකාධිපතියෝ "නයිට් රේස්"පදින්නෙ කියල හිතෙද්දි ???අපි ටික දෙනෙක් එකතුවෙලා කරන ප්‍රජා සත්කාරවලින් වලින් පමණක් රටක් ගොඩනැගිය හැකිද සිරා ?[ප්‍රජා සත්කාර කරන අයට නොකරන්න කියල නෙමේ කිව්වෙ හරිය.]

    ReplyDelete
    Replies
    1. නයිට් රේස් පදින උන්ට රුසියන් බඩුවකට හේත්තු වෙලා ගන්න ෆන් එක දුප්පත් අහිංසක දරුවෙක්ට උදව්වක් කරලා ලබා ගන්න බැරුව ඇති...

      Delete
  24. ඔය වගේ පු‍ටුව ලණුවක බැඳලා ගඟට උඩින් යවන ලංකාවෙ ගම්මානයක් ගැන පත්තරේක තිබ්බා මතකයි මටත්.

    අර කේබල් එකේ යාම නම් මාරයි. අනතුරුත් සිද්ද වෙනවා ඇති නිතරම මම හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. වතුර වැඩි කාලෙට ගගට වැටුනොත් සෙල්ලම් නෑ නේද.. පවු ඉතිං කාගෙ හරි දරුවොනෙ...

      Delete
  25. අපේ ලංකාවෙත් ඔහොම සීන් තියෙනවා නේද අයියා.ගම් නගා සිටුවන්න දෙන සල්ලි එක එකාගේ සාක්කුවලට යන්නේ.ඔය පින්තූරවලත් එහෙම දෙයක් වුන රටක් වෙන්න ඇති.හැබැයි ඒ ළමයි නම් බොහොම ආශාවෙන් ඉස්කෝලේ යන පාටක් තමා පේන්න තියෙන්නේ අච්චර අර දිරපු පාලමකත් සයිකලයකින් යන්නේ :)

    ReplyDelete
    Replies
    1. අපිට පුලුවන් විදියකට ඉදිරියේ මේ වගේ අසරණ වෙලා ඉන්න ජන කොටසකට උදව්වක් කරමු...සාමූහිකව..

      Delete
  26. මේකට තමයි ආසියාවේ ආශ්චාර්යය කියන්නේ...

    ReplyDelete
    Replies
    1. දැන් නම් ආශ්චර්යය කන් දෙකෙන් බේරෙනවා...

      Delete
  27. මම දාපු ක්ම්න්ට් එක කොහිද?

    ReplyDelete
    Replies
    1. බහිරවයා ගිලලද කියලා නම් දන්නෙ නෑ...Spam ගොඩේ නම් නෑ නගේ...

      Delete
  28. හිතා ගන්නවත් බෑ. මෙච්චර අවධානමක් අරන් අධ්‍යාපනය ලබන්න තරම් ඒ අයගේ ඉගෙනීමේ පිපාසය මොන තරම් ඇතිද... අර වැල් පාලමේ එල්ලීගෙන යන පින්තූර ටික හරිම සංවේදීයි. ඒ රටෙත් අපේ රටේ වගේම තමන්ගේ බඩ විතරක් තර කර ගන්න දේශපාලුවෝ ඇති අනිවාර්යෙන්ම...

    ReplyDelete
    Replies
    1. මේ දරුවන්ට ඉගෙනගන්න තියෙන ආශාවත් එක්ක...නිසි පහසුකම් සමග හොද අධ්‍යාපනයක් දුන්නොත්...නිසැකවම ලොවට වටිනා චරිත කීපයක්ම බිහිවේවි.

      Delete
  29. පිස්සු හැදෙනවා සිරා මලයා...මාර පිංතුර සෙට් එකක්. ඇඩෙනවා..

    ReplyDelete
    Replies
    1. වසර අග අපිත් අසරණ අයට පිහිටක් වෙමු නේද...

      Delete
  30. මම මෙතන වලියක් ඇද ගන්න කැමති නෑ. ඉන්දුනීසියාවේ ළමයි ගැන සංවේදි වෙන මිනිස්සු ලංකාවේ ළමයි මෙහෙම යනවද කියලා දන්නෙත් නෑ. සිරා මේක දාපු එක හොඳයි. කොළබින් වැඩි ඈත යන්න ඕන නෑ, මේ වගේ අවදානම් පාලම් කොච්චරනම් තියෙනවාද.. සුද්දා දාලා ගියපු කේබල් තවමත් තියෙන ගම්මාන ඕනා තරම්. අපේ රටේ කොච්චර මුදල් නාස්ති කරණවාද අනවශ්‍ය දේවලට. උදාහරණයක් තමයි දැයට කිරුළ. පාලම් ඕන නෑ. හෙන ගහනවද මේවාට වැල් පාලම්වත් හදලා දුන්නානම්. බනිස් මාමා වගේ වැල් මාමා කියලවත් මිනිස්සු කියාවිනේ. ඔඋඅ නලීන් මහත්තයලට එහෙම මේවාට දායක වෙන්න පුළුවන් ඕසෙට. මෙතන දුක් වෙනවාට වඩා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත...විදුලි බල නව ඇමතිනිය පිළිගන්න විතරක් වියදම ලක්ෂ 42....මෙන්න මේ වගේ ජනතාවගේ මුදල් ගිලින බහිරවයො එක්ක රටක් දියුණු වෙයිද ඉතිං...

      Delete
  31. ආසියාවේ ලතින් ඇමරිකාවේ බහුතරයක් රටවල් මෙහෙම තමයි තාමත් අපේ රටේ ඌව, මධ්‍යම, සබරගමුව පළාත්ව මෙවැනි දසුන් දකින්න තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඇත්ත...ඒ මිනිස්සුන්ටත් දැන් මේ ක්‍රියාකාරකම් හුරුවෙලා ඇති...

      Delete
  32. නේපාල පිලිපීන හෝ ඒ කිට්ටුව රටක් වගෙයි.

    ReplyDelete
    Replies
    1. ඇයි මලේ රට මොකක්ද කියලා ඔය ප.ලි කොටසෙ ලියලා තියෙන්නෙ...
      ඉන්දුනීසියාව...

      Delete
  33. සංවේදී පුවතක්.... දුප්පත් කම වල්ගය නැති ගොනා වැනී....

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත...හැමතැනින්ම තැලෙනවා...

      Delete
  34. පොඩි එකෙක් බයිසිකලෙකුත් පදිනවනේ..මේ ළමයින්ට පුරුදු ඇති. ඒත් ඉගෙන ගන්න මාර කට්ටක්නෙ කන්නේ..ජීවිත අවදානමම ගත්තාම මාර කැප කිරීමක්

    ReplyDelete
    Replies
    1. අවධානමේ උනත් හැමදාම දිනචරියාව ගතවෙන කොට ඒක සාමාන්‍ය දෙයක් වෙනවා...

      Delete
  35. සිරා
    ලංකාවේ සහ ඉන්දුනීසියාවේ දේශපාලනය එකිනකට බොහොම සමානයි(බහුතරයක් ආසියාතික රටවල්වල දේශපාලනය ගන්න ගැන කතා කරලා වැඩක් නෑ ) ...අර උඩින් කොමෙන්ටුවක උබ දාල තිබුනා වගේ..
    "ගමේ දේශපාලන නියෝජිතයා ඡන්දයක් ලං වුනාම විතරයි මේ ප්‍රදේශවල සංචාරය කරන්නෙ...ඉතිං දෙන පොරොන්දු වලට රැවටිලා ඡන්දෙ දෙනවා...ආයෙ අවුරුදු දෙක තුනක් යනකං අපේක්ෂකයා දකින්නත් නෑ...ඊළග ඡන්දෙටත් මිනිස්සු මෝඩ කමට සහයෝගය දෙනවා...ඔන්න ඔය චක්‍ර‍ය තමයි ක්‍රියාත්මක වෙන්නෙ..."

    මම
    මයික්

    ReplyDelete
    Replies
    1. මේ රටවල් වලට ආර්ථික මට්ටමෙන් හරි සංවර්ධනය අතින් හරි ඉදිරියට යන්න බැරි ඔය කරුම දේශපාලනේ නිසා තමා...

      Delete
  36. මම ගොඩාක් කැමත්තකින් කියවු ලිපියක්.ඇත්ත තමයි එවැනි කවියක් තියා අද වැඩිහිටියන්ට කථා කරන්නවත් දන්නෙ නැති පිරිසක් ඉන්නේ.නායකත්ව පුහුණුවේදි ඒ අත්දැකිම මම ලැබුවා.ඉන් සමහරක් ළමයි දෙස බැලුවම හිතා ගන්න බැ අනාගතයේ සාරධර්ම කියලා එකක් තියෙවිද කියලා.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. රටේ සංස්කෘතිය පිළිබද අධ්‍යාපනයක් නොලැබෙන තැන කොහොමද ඉතිං අලුත් පරම්පරාව ඒ දේවල් දැනගන්නෙ...පිටරටින් එන වසංගත දෑතින්ම පිළිගන්නකොට පොඩි උන් හිතන්නෙ ඒ තමයි සැබෑ වීරයෝ කියලා...

      Delete
  37. සංවේදී පින්තූර කතාවක්..! අපේ රටෙත් කොයිතරම් ඇතිද මේ වගේ දුක්විඳින පුංචි අය.. හැම අතින්ම.. ඒ කැපකිරීම් යම් දවසක ඔවුන්ට ප්‍රථිඵලයක් ලැබේවිද සැකයි.. අපේ රටේ පාලනයත් එක්ක..!

    ReplyDelete
    Replies
    1. දේශපාලනය කියන සාධකේ...රටේ සියලුම ක්ෂේත්‍ර‍ වලට තදින් බලපෑම් කලහැකි රටක...ඒ තනතුරු වලට සුදුස්සන් පත්වෙන දිනය දක්වාම අපේ රටෙත් මෙවැනි දරුවන් සිටීවි.

      Delete
  38. හිත කීරි ගැහෙන පින්තූර කතාවක්..මෙච්චර දුක් විඳලා ඉගෙන ගෙන හරියට රස්සාවක් හොයාගන්න බැරිවුනොත්..!!

    ReplyDelete
    Replies
    1. දරුවො පාසල් යන්න මේ තරම් දුක් විදිනවා ඒ රටවල පාලකයන්ට පෙනෙන්නේ නැත්තෙ උන් අන්ධ ද කියලත් හිතෙනවා..

      Delete
  39. මේ පින්තූර ටික දැක්කම නම් පුදුම දුකක් දනුනෙ. මේ වගේ තව කොච්චර දෙනෙක් මේ ලෝකේ දුක් විදිනවා ඇද්ද..... ඒ දුකෙන් මිදෙන්න කියල හිතා ගෙනම වෙන්න ඇති ඒ පොඩි එවුන් ඔච්චර දුෂ්කරතා මැද්දේ වුනත් අධ්‍යාපනයට කැමැත්තෙන්ම යොමු වෙලා ඉන්නේ.....

    ReplyDelete
  40. මේ කලාපයේ රටවල ළමයි වැඩියම මැරෙන්නේ දියේ ගිලීම් වලින් . ගංගා වැඩියි. මේ ගඟේ පාරුවක් තිබුණ නම් මිට වඩා හොඳයිනේ .

    දියුණු රටවල ළමයින්ගේ ප්‍රශ්නයි මේ ප්‍රශ්නයි අහසට පොලව වගේ .

    ReplyDelete
  41. අපේ රටේත් මේ වගේ මරු වැල් පාලම් තියෙනවා සර්කස් පෙන්නන්න පුලුවන්.

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...