සිරා කොලුවා පේන්නට නොසිටි කාලය තුල දුක සැප විමසා ඊයක් එවූ මෙන්ම, මකුළුදැල් බැදී පාලුවට ගොස් තිබූ කාමරයට ගොඩ වැදී මේකා කොහෙ මකබෑවුනාදැයි විමසමින් සටහනක් තැබූ බ්ලොග් මිතුරන්, මිතුරියන් සියල්ලන්ටම එක සේ ස්තූතිවන්ත වෙමි. ඔබේ ඒ අල්පමාත්රයකුදු නොවෙනස් අකලංක ලෙංගතුකමට මා අතිශයින් කෑදර නිසාවෙන්ම නැවතත් සිරාගේ කාමරයේ අද පටන් විවිධ දෑ ලියවෙයි. ගත වූ කාල සමය තුල මා අත්දුටු, කල කී දෑ අසීරුවෙන් ගලපාගන්නා තුරු සීයාගේ පත්තර එකතුවෙන් ඔබවෙත ගෙන ආ පැරණි පත්තර මතකයන් ඔබ වෙත නැවත තිළිණ කරන්නෙමි. ලංකාවෙන් පිටත් වන විට මේවා මගේ පරිගණකයේ තැන්පත් කර ගත්තේ ඔබ වෙත තිළිණ කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙනි. මීළග සටහනේ සිට නොරටක සිටින සිරා මුහුණ පෑ දේ පිළිබද නොවලහා කියමි. පසුගිය කාල සමය තුල මා හට කිසිවෙකුගේ හෝ බ්ලොග් සටහනක් කියවීමට අවස්ථාව නොවීය. ඒ මගේ අරමුණු හඹා යාමට කාලය යෙදවීමට මට සිදු වූ බැවිනි. ඒ පිළිබද ඔබ සැමගෙන් සමාව භජනය කරමි.
මේ වන විට එදා පත්තර කී කථා ලේබලයෙන් සිරාගේ කාමරයේ ලියැවුනු සටහන් කීපයකි. ඒ විවිධ මාතෘකා ඔස්සේය. ඒවා මගහැරුනු අය කියවා බලන්න. 1 කොටස 2 කොටස 3 කොටස
1959 සැප්තැම්බර් මාසය වන විට වෙළද පොලේ පැවති යන්ත්‍ර සූත්‍ර හා ඒවායේ තාක්ෂණික මට්ටම පිළිබද යම් තරමක දැනුමක් අද පෝස්ටුවෙන් ඔබට ලබාගත හැකි වනු ඇත. වර්තමානය වන විට එම නිෂ්පාදන අතීතයට වඩා දියුණුවට පත්ව තිබුනත් කාලයට සාපේක්ෂව ඒ ගැන සිතීමට කාරුණික වන්න. මුලින්ම ඇත්තේ ගුවන් විදුලි යන්ත්‍ර පිළිබද දැන්වීම් කීපයකි.
රූපවාහිනිය කරලියට පැමිණ නොතිබූ ඒ කාලයේ ජනමාධ්‍ය අතර සුඛෝපභෝගී මට්ටමක තිබූ ජනමාධ්‍ය ගුවන්විදුලිය විය. ඒ හේතුවෙන්ම වෙළදපොලේ ඉහළ මිළක් නියම වූ ගුවන් විදුලි යන්ත්‍රයක් තිබී ඇත්තේද ආර්ථික හැකියාව තිබූ අයෙකු ලග පමණි. බැටරි බලයෙන් ක්‍රියාකල හැකිවීම මෙන්ම මුද්‍රිත ජනමාධ්‍යයට වඩා සජීවී වීම හා වේගවත් වීම මත ගුවන්විදුලිය පසු කලෙක ඈත ගම් නියම් ගම් වෙතද වේගයෙන් පැතිර ගොස් තිබේ. වෑල්ව් භාවිතය නිසා ප්‍රමාණයෙන් විශාල වූ අතීත රේඩියෝ ට්‍රාන්සිස්ටරය නම් මාහැගි සොයාගැනීම සිදුකල පසු ප්‍රමාණයෙන් කුඩා විය. පසුකලෙක අතේ ගෙන යා හැකි තරමට කුඩා වූ විට ඒවා වෑරලස් (Wire less) නම් විය. කෙටි තරංග (SW) මගින් විකාශයන් පවත්වාගෙන ගිය මුල්කාලීන ගුවන්විදුලියේ සේවය කලෝ දැනුමෙන් සන්නද්ධ ඇසූ පිරූ තැන් ඇති අයවලුන්ම වූහ. එහෙත් තාක්ෂණයේ දියුණුව සමග එෆ් එම් සංඛ්‍යාත භාවිතයට ගුවන් විදුලිය හුරු වුවත් ලංකා ගුවන් විදුලියේ මුල්කාලයේ සේවය කල දැනුමින් සපිරුනු ඇත්තන් ඒවායේ නොවීය. ඒ වෙනුවට වූයේ ඔවුන් සමග සෙට් වී ෆන් එක ගන්න යයි අපට ඇරයුම් කල ගිරා පෝතක රැළකි. නූතන සමාජය ගුවන් විදුලිය ශ්‍රවනය කරනවාද නැතිනම් ඒවා කරන උන් මුදල් දී ශ්‍රවනය කරගන්නවාද යන්න තීරණය ඔබට භාර කරමි.
මැජික් ඇස ඇතුළු වෑල් අටකි, තරංග පටි පහයි, හඩ පාලන උපකරණ දෙකයි, තදකරන බොත්තම් හයයි, තද කිරීමේ - ඇදීමේ “ අවුට් පුට් ස්ටේජ් “, නියම ප්‍රමාණයේ බැටරි වලින් වැඩිම ජීවිත කාලයක් පාවිච්චි කල හැක, පිකප් සම්බන්ධය, එක්ස්ටෙන්ෂන් ස්පීකර් සොකට් එක, විදුලි බලය ඉතිරිකිරීමේ උපකරණය
මීළගට ඇත්තේ කෘෂිකාර්මික අවශ්‍යතාවක් උදෙසා නිපදවූ යන්ත්‍ර සූත්‍ර කීපයකි. මේ ආයතන අදටත් අදාළ ක්ෂේත්රයන්හි පතල නමක් ඇතිව කටයුතු කරන්නේ අතීතයේ සිට රැකගෙන ආ කීර්ති නාමය නිසාවෙන් යැයි මට සිතේ.
ට්රැක්ටරය සම්බන්ධයෙන් කථා කරන විට ලංකාවෙන් බිහි වූ කීර්තිමත් නව නිපැයුම් කරුවෙකු වූ රේ විජේවර්ධන මහතා අමතක කල නොහැක. ලංකාව වැනි ඝර්ම කලාපීය රටක ගොවියාට ගැලපෙන පරිදි රෝද දෙකේ ට්‍රැක්ටරයක් නිපදවීමට 1955 දී එතුමා සමත් වුවද එකල පැවති රජය ඔහුට දිරිදුන්නේ අපට රෝද 4 ට්‍රැක්ටර් මිස රෝද දෙකේ ට්‍රැක්ටර් වැඩක් නැත යනුවෙන් යැයි මා අසා ඇත. මේ වචනයෙන් පසුබා ගිය එතුමා තම සැලසුමෙන් කවර ජාතියක් හෝ ප්‍රයෝජනයක් ගනීවී යැයි සිතුවිල්ලෙන් එංගලන්තයේ ලෑන්ඩ් මාස්ටර් සමාගම වෙත තම සැලසුම ඉදිරිපත් කල අතර ඒ සමාගම එමගින් රෝද දෙකේ ට්‍රැක්ටර් නිපදවූ පසු ඔවුන් නියම කල මිළ යටතේ ඒවා මිළදි ගැනීමට ලාංකිකයන්ට හැකි විය. රෝද දෙක එපා යයි කී අපේ පාලකයින් එදා ඒ දෙස බලා සිටියේ රෙදි ඇදගෙන දැයි විටෙක මට සිතේ. රේ විජේවර්ධන මහතා පිළිබද විස්තර මෙතැනින්
ශත වර්ෂ ගණනාවක් තිස්සේම උෂ්ණ කලාපීය රටවල ගොවියා තමා වගා කරන අක්කර ගණනත් නිෂ්පාදන ප්‍රමාණයත් මීහරකුන්ගේ ගමන් වේගයට සීමාකරගෙන සිටියේය. එහෙත් තවදුරටත් අප එසේ කිරීමට උවමනා නැත.
ලෑන්ඩ් මාස්ටර් 150 සාදා ඇත්තේ ඒවා ලාභයට ඉක්මනට හා පහසුවට නිෂ්පාදනය වැඩිකර ගොවිතැනට යාන්ත්‍රික ආධාර දෙමින් සුළු ගොවියාට බොහෝකල් වැඩ ගත හැකි වන පරිද්දෙනි. ලෑන්ඩ් මාස්ටර් 150 උෂ්ණ කලාපීය රටවල ගොවීන්ගේ ජීවන තත්වය උසස් කිරීමට බෙහෙවින් උපකාර වනු ඇත. එය පාවිච්චි කිරීමට අමතර වියදමක් නොයයි. බොහෝකල් පවතී. බර වැඩට ඔරොත්තු දෙයි. ක්‍රියාකරවීමට ලෙහෙසියි. වී ඇතුළු හැම ධාන්‍ය වර්ගයක්ම වගා කිරීමට සුදුසු ලෙස සාදා ඇති එය ගොඩේත් මඩේත් එකසේ ක්‍රියා කරයි. හෑම,මඩ කිරීම, සමතලා කිරීම, ජලය සැපයීම් ආදී හැම දෙයක්ම.... මීහරකුන් දවස් ගණනකින් කල හැකි දෙයක්ම..... පැය ගණනකින් කරයි.
කැටපිලර් යන නාමය වර්තමානයේ ඉදිකිරීම් කටයුතු සදහා භාවිතා කරන විශාල පරිමාණයේ යන්ත්‍ර සූත්‍ර සමග සම්බන්ධ වූවකි. ගොවිපලේ වැඩකරන කැටපිලර් ඩීසල් ට්‍රැක්ටරයක සුවපහසු ගෙනදෙන ආසනයක හිදගත් එක් මිනිසෙකුට කුඩා ට්‍රැක්ටර් හෝ සතුන් යොදා වැඩකරන වැඩිදෙනෙකුගේ තැන ගැනීමට හැකිවේ. මෙය කෘෂිකර්ම ද්‍රව්‍ය නිපදවන්නන්ට විශාල ඉතිරිකිරීමක් වන අතරම ඔබේ වැඩ කිරීමේ ශක්තිය වෙනත් අත්‍යවශ්‍ය කාර්යයන් සදහා යෙදවීමට ඉඩකඩද සැලසේ. එයින් යන්ත්‍රෝපකරණ සදහා ඔබේ මුදල් යෙදවීමත් ක්‍රියාකරවීමේ වියදමත් එයින් අඩුකරගත හැකි වේ. එය ඔප්පු කිරීමට අපට දන්වා අපට අවස්ථාව ලබාදුන මැනවි.
ගොවිතැනෙන් පසු ලැබෙන අස්වැන්නෙන් රස මසවුළු සෑදූවෝ කාන්තා පරපුරයි. ඒ ඇත්තියන්ගේ ඉවුම් පිහුම් කටයුතු පහසු කිරීම සදහා එදා දායක වූයේ මෙවැනි උපකරණයි. ගෑස් උදුන් භාවිතයට ප්‍රථමයෙන් භූමිතෙල් උදුන් භාවිතයෙන් ආහාර පිසීම වැඩි වශයෙන් සිදුකලත් වර්තමානයේද භූමිතෙල් උදුන් වෙළදපලේ තිබේ. Boss යන නමින් වෙනත් නිෂ්පාදන අද රථ වාහන වෙළද පොලේ තිබුනත් ඔවුන් තවමත් ගෘහණියන් වෙනුවෙන් නිෂ්පාදන සිදුකරනවාදැයි මා දන්නේ නැත.
එදා පත්තර කී කථා ලේබලයෙන් තවත් දෑ ඉදිරියේදී ඔබ වෙත.......
මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.
ප.ලි
මගේ අලුත් වටපිටාව පිළිබද තොරතුරු ඉදිරියේදී ඔබට කියමි.
සයිබරයේ සිහින අවුරුදු උළෙලේදී මෙතෙක් හමු නොවූ බ්ලොග් කරුවන් හමුවීමට වසර ආරම්භයේ සිතා සිටියද ඒ අවස්ථාව මෙවර මා වෙතින් ගිලිහී ගියේය. එහි ඡායාරූප බැලීමෙන් සැනහෙමි.
යශෝධා නැගනිය වෙනුවෙන් කලයුතු යමක් ඉදිරියට කථා කරමු.
සයිබරයේ සිහින අවුරුදු උළෙලේදී මෙතෙක් හමු නොවූ බ්ලොග් කරුවන් හමුවීමට වසර ආරම්භයේ සිතා සිටියද ඒ අවස්ථාව මෙවර මා වෙතින් ගිලිහී ගියේය. එහි ඡායාරූප බැලීමෙන් සැනහෙමි.
යශෝධා නැගනිය වෙනුවෙන් කලයුතු යමක් ඉදිරියට කථා කරමු.
නැවත පැමිණීම සතුටක් සිරා.
ReplyDeleteඉක්මනින් උඹේ කතා බලාපොරොත්තු වෙනවා..එතකන් මෙහෙම හොඳා..
මම හිතන්නෙ wireless කියන එක තමා වෑර්ලස් වුනේ..
සෙන්නා දැකීම මටත් මහත් සතුටක්.... බ්ලොග් අවකාශයෙන් වෙන්වෙලා හිටපු කාලෙ ටිකක් නීරසයි වගේ...ඒ තරමට බ්ලොග් කියන දේ ශරීරයට ජීරණය වෙලා... Wireless යනුවෙන් මම පසුව නිවැරදි කලා, ඒ වගේම විචාරක තුමාගෙ වෑරලස් පෝස්ටුවත් සබැදියක් ලෙස මෙයට ඇතුලු කලා...ඒ පිළිබද තොරතුරු වලට ස්තූතියි...
Deleteකාලයේ ආපස්සට යන්න බැරි දුක නැති වෙන්න බලන්න පුළුවන් බ්ලොග් අඩවි ඉතාම සුළු ගණනින්, මම කැමතිම එක.. සුබ සහ ජය!
ReplyDeleteඔබේ වදන් මට ඇත්තටම සවියක්...ඔබටත් සුබ සහ ජයම පතමි !
Deleteසිරාගේ පෝස්ටු ආයේ කියවන්න ලැබුණු එක සතුටක්... ආගිය විස්තර පස්සේ අහමුකෝ එහෙනම්.
ReplyDeleteඅර වෑරලස් කියන වචනේ භාවිතයට ආවේ එහෙම ද බං.. මාත් හිතුවේ සෙන්නා කියපු විදිහට හැදුනු වචනයක් කියලයි. ඒත් ඉතින් "වෑල්ව් රහිත" කියන අදහස ගන්නත් පුළුවන් තමයි.
අපි අහපු වෑර්ලස්...
Deleteඔය තියන්නේ විස්තරේ... මාත් කියවපු ලිපියක් ඒක. සුට්ටක් අමතක වෙලා තිබුනේ. :)
Deleteනැවතත් දැකීමට ලැබිම සතුටක් මිත්‍රයා...මම මුලින් හිතාගෙන හිටියෙ Valveless වෑරලස් වුනා කියලයි. එහෙත් සෙන්නා එය නිවැරදි කලා...විචාරක තුමාගේ ලිපිය ඊට සාක්ෂියක් එක් කරනවා...අපි පොකට් රේඩියෝ කිව්ව ඒවට වෙන්න ඕනෙ සාමාන්‍ය ජනවහරෙ වෑරලස් කියලා කිව්වෙ...
Deleteඑල! සිරා අයියේ..ඉන්න තැන රට තොට ගැන ලියමු එහෙනම් හනික!
ReplyDeleteඑල නාඩියා...මම දැක්කා අවුරුදු උත්සවේ දවසෙ රෙඩ් බුල් බෙදපු නංගි දිහා නාඩියා නාඩි වැටෙන්නෙ නෑ වගේ බලාගෙන ඉන්න උත්කෘෂ්ඨ දර්ශනයක්....
Deletewelcome back සිරා උබ නැතුව හරි පාළුවක් තිබුනේ බ්ලොග් අවකාශේ, ඉන්න තැනක පරිස්සමින් ඉදන් පුළු පුළුවන් වෙලාවට ලියහන් මොනාහරි අපිට බලන්න
ReplyDeleteස්තූතියි සහෝදරයා...පුලුවන් වෙලාවට නෙමෙයි...නිසැකවම ඉදිරියට ලියන්න බොහෝ දේ තියෙනවා...හොද හොද දේ ඉදිරියට...
Deleteආපහු දකින්ට ලැබීම ගැන නම් ගොඩක් සතුටුයි. දැන් නම් ආසා අර අතුරුදහන් වෙලා හිටපු කාලේ ගැන කතා අහන්ට.
ReplyDeleteකමක් නෑ . හිමින් කියමුකෝ. හිමින් කීවේ ඉතින් ඊලඟ පෝස්ට් එකෙන් විතර.:D
ඔබ නැවත දැකීමත් සතුටක් පොඩ්ඩි....අතුරුදහන් වෙලා හිටිය කාලය තුල සිදුවෙච්ච දේවල් එකක් නෑර කියන්නම්...හැබැයි මේ විරාමයෙන් පස්සෙ...
Deleteසිරා කොලුවාව සිංගප්පුරුවෙදි දක්නා ලදි
ReplyDeleteඑහෙත් දැන් සිරා කොලුවා සිංගප්පූරුවේ දක්නට නැත....
Deleteකියෙව්වෙ නෑ...උඹ ආව කියලදැනුනු සතුටට සටහනක් තියල යන්න ආවෙ..!
ReplyDeleteමගේ අතිජාත බ්ලොග් මිත්‍රයා...ඉතාමත් සතුටුයි නැවතත් ලියන්නට අවස්ථාවක් ලැබීමත්...ඔබ තුමා දැකගන්නට ලැබීමත්...
Delete"ඔබතුමා.".? ඒව නෑ...!..:))) මචං..කියපං..!
Deleteඑළ මචෝ...
Deleteඅනේ හරි මචං නේද සිරා අයියේ.................. අම්මප මේ වයසක උන්දැල කොල්ලො වෙන්න යන එක තරම් හිත හදාගන්න අමාරු කාරණාවක් තවත් නෑ....................
Deleteහික්ස්......................
(ජෝක්ස් දන්න වීයටම කල විහිළුවක් පමණයි)
වීයා එළ කොල්ලෙක් සිත්තමියෙ ළමයි දෙතුන් දෙනෙක් හිටියට...
Deleteඅනේ සිත්තමී හිච්චි කෙල්ලෙ..!D මක්කටෙයි මේ වැඩිහිටියන්ගෙ කතා අස්සෙ..?..:)))
Deleteනියමයි සිරා මල්ලි ආයි ලියන එක සතුටක්..මූනු පොතෙන් දුටුවා අළුත් ෆොටෝ...
ReplyDeleteමමත් දැක්කා කෙසෙල් ගෙඩියක් ලෙලි ගහගෙන වෙනී මාමත්.... ඕහ් සමාවෙන්න වෙනී අයියත් මූණු පොතේ ඉන්නවා...මට අකුරක් කොටාගන්න විදියක් තිබුනෙ නෑ...අලුත් බොස් මගේ ලග එවෙලෙ...
Deleteවෙල්කම් බැක් සිරා. රහට ලියන් එකෙක් නැති උනාම ඒ අඩුව හොඳට දැනෙනවා...
ReplyDeleteමට බොලොග් කියවන්න පටන් ගත්තේ " සඳරු" ගේ හිස් අහස දැකල....
Deleteදැන් නම් උගේ බොල්ග් එකත් හිස් වෙලා .....
++++++@රහට ලියන් එකෙක් නැති උනාම ඒ අඩුව හොඳට දැනෙනවා...+++++++++++
මහාචාර්ය මා තලන් තුමා ඔහොම කියනකොට කොහොමද රහට නොලියා ඉන්නෙ...තෑන්ක් යූ පොඩි තල්ලුවක් දුන්නට...
Deleteසිරාගේ නැවත පැමිණීම සතුටක්.
ReplyDeleteඅවංකවම මටත් සතුටක්...
Deleteඑනවා කියල පොරොන්දු වෙච්චි එකෙක් ආවම ඉතිං සොට් එකක් දාගන්න තමා හිතෙන්නේ.. වෙල්කම් කිව්වා
ReplyDeleteචියර්ස්...එහෙනම් ඔන්න පළවෙනි ෂොට් එක මම දාගත්තා...
Deleteමේ මාත්..!
Deleteදේශකයා මෙයත් එනවා නම් බෝතල් දෙකකුත් මදි වෙයි මගෙ හිතේ...
Deleteහපොයි ඇති යන්තම් ඇවිල්ලා මෙයා... හි හි....
ReplyDeleteඅර ජාතියේ පිලිප්ස් වෑර්ලස් එකක් තියෙනවා අපේ මහත්තයලාගේ ගෙදර... පරණ බඩු වලට බැන බැන හිටියට මං ඒකට නම් බැන්නේ නෑ... තාමත් වැඩ කරනවලු... ඒක නම් අනේ මන්දා... මොනා උනත් අන්න හොඳට සුද්ධ කරලා සාලේ පැත්තෙන්ම තියලා ආවා....
අනේ ඔයාගෙ හිනාව...ඒක නම් තාම වෙනස් වෙලා නෑ එහෙමමයි... අපේ මහත්තයවත් මතක් කලා කියන්න...ඔය කියන වෑරලස් එක ලක්ෂ ගාණක් වටීවි තව ටික කාලෙකින්...ඒ නිසා පරිස්සම් කරලා අරන් තියාගන්න...
Deleteසතුටුයි ආයෙ ආවට. අපේ ගෙදරත් අර වාගෙ බූමිතෙල් ලිපක් තිබ්බා නම් මතකයි. කොහෙන් හොයා ගත්තද අප්පේ මේවා. වටිනා කෞතුක වස්තු වගේ දැක්කත් ඇති.
ReplyDeleteබ්ලොග් අවකාශය තුල මා හට බොහොම ලෙංගතු සහෝදරියක ලෙස මට ඔබ දැකීමත් මහත් සතුටක්...මම කොහොමත් ඇන්ටික් පෙරේතයෙක් නොවැ...මගේ පරණ පෝස්ටු ඇවිස්සුවොත් තව දේවල් හොයාගන්න ලැබේවි.
Deleteනැවත පැමිනීම ගැන සතුටුයි. දැන් ඉතින් ලියන්නයි තියෙන්නේ ඇරියස් කවර් වෙන්ඩත් එක්කම..
ReplyDeleteඇරියස් කුඩු වෙන්න ලියන්න දේවල් තියෙනවා....කෝක මුලින් ලියනවද කියලා හිතාගන්න බෑ...
Deleteඑහෙනම් ගලපගෙන ලියන්නකො බලන්න අලුත් අත්දැකීම ගැන...
ReplyDeleteඅනිවාර්යෙන්ම ලොකු අයියෙ, මේ දවස් වල ගලපගෙන ගලපගෙන යනවා...
Deleteමම මේක කියෙව්වේ නෑ තාම. නමුත් උඹ ආපහු දකින්න ප්ලැබුන එක ගැන මට අප්‍රමාණ සතුටු බව කියන්නයි මේ කමෙන්ට් එක දැම්මේ. දැන් උඹ කොහෙද වාසේ දේසේ? එහෙද මෙහෙද?
ReplyDeleteමගේ ව්‍යාපාරික සහකරු හෙන්රි උතුමානනි...මා ගැන සොයා බලන්නට එවූ මේලයන් ගැන මම ඔබට මහත් ස්තූතිවන්ත වෙමි.වාසේ සිරිලංකාවේ නොවේය. ඒ ගැන තොරතුරු ඉදිරියේදී...
Deleteමන් නං ඉතින් දන්නවා ඇඩ්රොස් එකත් එක්කම...
Deleteඒ කොහොමද බොලං...
Deleteඅඩෝ අපිටත් කියහල්ල..@#$#%$#^
Deleteආපහු පටංගත්ත එක ගැන සතුටුයි.
ReplyDeleteනියම ඇඩ් ටිකක්. අර ලෑන්ඩ්මාස්ටර් ගැන කියනවනං දැං උනත් මේ රටේ තත්වෙ ඒකම තමයි.
අර අන්තිමට තිබ්බ ජාතියේ භුමිතෙල් ලිපක්නං අපේ ගෙදරත් ඉස්සෙල්ල තිබුණ.
ප්‍රසන්න අයියා දැකීමත් සතුටක්...ලෑන්ඩ් මාස්ටර් කථාව අදටත් වලංගුයි ඒක ඇත්ත. කොච්චර උගත්තු ඉන්නවද තමන්ගෙන් ප්‍රයෝජනයක් ගන්තෙ නැති නිසා ලංකාව හැර ගිය..ඔය තත්වය නිසා අපිට ඉතිං සදාකල් දියුණු වෙමින් පවතින ලේබලයේ රටක් විදියට තමා ඉන්න වෙන්නෙ.
DeleteAmmoo...uba dakapu kal. aymat Kamreta set wemu.
ReplyDeleteJayawewa.
ඔබතුමා දැකීම මට ඉමහත් සතුටක්...මේ වතාවෙ අපිට කරන්න යහපත් කාර්යයක් තියෙනවා...ඒ තමයි යශෝධා නැගනියට සරණක් වෙන එක...ඒකට සංජීව අයියගෙ සහයෝගය ලැබේවි කියලා හිතනවා...ජය !
Deleteaniwa...mama sAm ta call ekak denam.
DeleteJayawewa
සිරා ආයෙත් ආව එක ලොකු දෙයක්. මම දිගටම සිරාගෙ කාමරේට ආව. ඒත් කමෙන්ට් කළේ අඩුවෙන්, හෙනට පරක්කු වෙලා. සිරාගෙ සිරා ශෛලියෙන් ලියන විස්තර ආයත් කියවන්න පුළුවන්. ජය වේවා!
ReplyDeleteසතුටක් ඔබේ ආගමනය...දිගටම මේ පැත්තට පැමිණේවි කියා හිතනවා...ජය !
Deleteඇති යාන්තම් ....ආයෙත් හොද බොලොග් ලිපි ටිකක් කියවන්න පුළුවන් ......
ReplyDeleteමම හැමදාම කාමරේ පැත්තේ ආවා ජනේලයක්වත් ඇරලාද බලන්න :-(
ජය !!!!!!!
දැන් ජනේලය විතරක් නෙමෙයි දොරත් ඇරලා තියෙන්නෙ...
Deleteමම දෑනට සිරාගේ කාමරේ පෝස්ට් කීපයක්ම කියවල තියෙන්නෙ... ගොඩක් ආසාවෙන් කියෙව්ව සමහර ඒවා... ඒත් ඔන්න අද තමයි පළවෙනි කමෙන්ට් එක... :)
ReplyDeleteසිරාගේ කාමරයට සාදරයෙන් පිළිගන්නවා...හොද නරක දෙකම ඔබේ අදහස් තුලින් දැන ගන්නට තමයි මම කැමති....
Deleteපහුගිය දොහේ හෙන්රිගෙන් එහෙම මලය ගැන ඇහැව්වට පිළිතුරක් ලැබුනෙ නැහැ.
ReplyDeleteසුදිකගේ ලිපියක් කියවද්දී දැක්ක කොමන්ට් එකකින් මලය ඉන්න දිශාව.
ඔය රටේ නිතිය සැරටම[රැකියා කොරන] පිට රැටියන්ට වදින නිසා ඒ ගැන පළමුව සිතන්න.
ලෑලි කාමරෙ අයින් කරල විදුරු/ජනෙල් AC කාමරෙ හිටියත් පරන සිරා මලයමනෙ :).
ලංකාවෙන් පිටත් වීමෙ ඉදල දැනට සිටින තැන දක්වා රසවත් තොරතුරු ලියන තුරු සිටිමි...!
හෙන්රි අයියා මට ඊයක් එවලා තිබුනා ඒ ගැනත් කියලා...මම උත්තරේකුත් යැව්වා සමහර විට කියන්න අමතක වෙන්න ඇති...නැවත හමුවීම සතුටක්...මේ විදියට හැමෝම උණුසුම් අන්දමින් පිළිගන්නකොට තව තවත් ලියන්නම තමයි හිතෙන්නෙ..... පිටරට විස්තර ඉදිරියට...මම අර වතාවක් ලිව්ව වූෂු ෂූරයා මේ දවස් වල ඔන්න ඔය රටට ඇවිල්ලා...
Deleteඅම්මෝ.... මෙන්න ඇවිත්.... සිරා අයියගේ ලිපි නැවත කියවන්න ලැබීම ලොකු සතුටක්.... :)
ReplyDeleteනගෝ ඉතිං....ටික දවසකට පස්සෙ...එන්නම්කො ඒ පැත්තටත් වෙලාවක...
Deleteආයේ දකින්න ලැබීම සතුටක් සිරාවටම සිරා අයියේ..අලුත් අරමුණු මොකක්ද කියලා කියනවා නම් අපි දැන ගන්නත් කැමතියි ඒ ගැන
ReplyDeleteරයිටර් දැකීමට ලැබීම මටත් සතුටක්
Deleteඅලුත් තත්වය ඉදිරියේදී පියවරෙන් පියවර කියනවා මලේ...
බොහොම සංතෝෂයි සිරා...ආගමනය ගැන
ReplyDeleteඔය උඩින්ම තියෙන වෑර්ලැස් එකක් අපේ මහගෙදර තිබුණා. හැබැයි ඒකට අඩි 50ක් විතර දිග ඒරියල් එකකුත් දාන්න ඕන.
ඉස්සර ගමේ කඩවල ඔය ජාතියේ භුමිතෙල් ලිප් තිබුණා තේ හදන්න වතුර රත් කලේ ඒවගේ. දැන් භූමිතෙල් ලිපකින් වතුර රත්කරලා තේ හැදුවොත්,තේ එකක් රු.50/=කටවත් දෙන්න බෑ.
එළ සුමිත් අයියා...
Deleteඔය වගේ විශාල රේඩියෝවක් අපේ සීයා ලගත් තිබුනා...ඒකෙ ගුවන්විදුලි සේවා අල්ලන්න උන්දා ඒකත් එක්ක ඔට්ටු වෙච්ච හැටි මට තාම යන්තමට මතකයි...සීයගෙ වියෝවත් එක්ක පසු කාලීනව ඒකත් වලපල්ලට ගියා...
වෙල්කම් බැක් සිරා...
ReplyDeleteමේ භුමිතෙල් උඳුන් නම් දැන් වෙළද පොලේ නෑ මම හිතන්නේ..තනි ලිපේ උඳුන විතරයි තියෙන්නේ..
උඩ තියන වෑර්ලස් වල වෑල්ව් කතාව තියෙන්නේ ට්‍රාන්සිස්ටර් එන්න කලින් හදපුවා නිසා වෙන්න ඇති..
ස්තුතියි රූ.. මමත් වර්තමානයේ දැකලා තියෙන්නෙ තනි ලිපේ උදුන් තමයි. වෑරලස් කියලා සමහරු කිව්වයි කියන්නෙ බැටර් දාලා අහන පොඩි රේඩියෝ වලට...Wireless යන්නෙන් තමයි එය බිදී එන්න ඇත්තෙ...
Deleteඔය මැජික් ඇස කියන එකක් ඉස්සර අපේ ගෙදරත් තිබුන ... ගෙදර ඉන්න මම කොලුවා මක බාස් වැඩ කරන්න ගිහින් ඒක කැඩුනා...
ReplyDeleteඉතින් වෙන කීමට දෙයක් නැත .. වෙල් කම් බැක් තමයි කියන්න තියෙන්නේ... :D
මම
මයික්
මැජික් ඇසෙන් මොනවද බන් වෙන්නෙ...ඒ ගැනත් කියන්න එපායැ මයික්...
Deleteඒක පැත්තකින් පහුගිය දොහේ නොවුන්න එකම හොඳයි .......
ReplyDeleteඒ මොකෝ ලොකු අයියෙ ?
Deleteහරි හරි දෙවල් උනානෙ
Deleteමේල්ලුවක් හරි දැම්මොත් නරකද දැනගැනීම පිණිස...
DeleteSana...mata aranchi una uba lankawen giya kiyala...elazz...kohoma hari jeewith goda dagena misaka lankawe pas paganna lasthi wenda epa...harida adooo.... (apita jayawewaa)...elakiri....
ReplyDeleteජංගම ග්‍රැෆික් දොස්තර බොට මොකද බොල එක පාරටම උනේ. මොකද දැන් සමාජයට එන්නෙ නැතුව හැංගිලා ඉන්නෙ...බොගෙ යාලුවා නම් එක එක කථා කියනවා ඒ ගැන...මූණු පොතට වත් වරෙන් වෙලාවක. ආපු දවසක හමුවෙමු...අපිට ජයවේවා ! එළකිරි
Deleteu hadila aie ane dabadiwa mahosshada bola bolage jiwithe hada ganin anunge ganu passe yanne nathuwa....
Deleteඇනෝ කමෙන්ටුව කාගේදැයි මම නම් දනිමි. පිළිතුරු දීම මහෞෂධ වෙත පවරමි.
Deleteසිරා අද එන බව මම දැනගෙන හිටිය හින්දා පොස්ට් එක දැකලත් පරක්කු වෙලා ආවේ. පිටරටක ජීවන සටන ගෙනියන එක මෙහෙ ජීවත් වෙනවට වඩා කොයි තරම් බාරදුරද කියලා තේරෙනවා නේද? එහෙනම් ඉදිරියේදී සුපුරුදු විදියට හමු වෙමු.
ReplyDeleteපිටරට ජීවිතයෙ භාරදූර පැත්ත දැන් හොදට වැටහෙනවා...තමන්ගෙ හැමදෙයක්ම තනියෙන් කරගෙන රාජකාරියත් කරගෙන ඉද්දි...ගොඩාක් දේ ඉගෙන ගන්න පුලුවන්...කොටින්ම අංගසම්පූර්ණ මිනිහෙක් වෙන්න පුලුවන්.
Deleteඑළකිරි..මමත් කොතැනකදී හරි දැක්ක,සිරා සිංගප්පුරුවේ ඉන්නෙ කියල..කොහේ හිටියත් කාමරේට වරෙන්..
ReplyDeleteසිංගප්පූරුවෙ කලින් හිටියා...දැන් එහෙ නෑ...ඒ ගැන විස්තර කියන්නම්... කාමරයට දිගටම එමි.
Deleteසිරාව නැවත දැකීම හරිම සතුටක්...පරණ පත්තර නෙවෙයි දැන් ඉන්න දිහාවෙ විස්තරයි පින්තූරයි ටිකක් දැම්මොත් හොඳයි.
ReplyDeleteපරණ පත්තර දාලා පොඩි ආරම්භයක් ගත්තෙ..ඒ දේවල් ඉදිරියට...
Deleteහෙට අනිද්දටම හොද රසවත් පොස්ටුවකින්ම දෙවැනි ආරම්භය ඉදිරියට අරගෙන යමු ..
ReplyDeleteජයවේව!!!
අනිවාර්යෙන් චමියො...ජයම වේවා !
Deleteකොහෙද බං ගිහින් උන්නේ.ඒකට කමක් නෑ අපිට සිරාගේ කාමරේ 3 වෙනි සීසන් එකක් එපා.2 වෙනි සීසන් එක නවත්තන්නෙම නැතුව දිගටම කරගෙන යන්න....
ReplyDeleteනෑ නෑ...සීසන් 2 පමණයි...ඉදිරියේදි දිගටම සිරා කාමරේ ඇති...
DeleteNice to c
ReplyDeleteවෙල්කම් වේවා ! ජයම වේවා..
ReplyDeleteඅපිට ඕන සයුරෙන් එහා කතා දැන්.. :)
සයුරෙන් එහා කථා....හොදට ගොතා...මම කියන්නෙමි මගෙ සුදු සෑමෝ...එතකං ඉවසාගෙන සිටිනු මැන...
Deleteවෙල්කම් බැක් මාමේ.....
ReplyDeleteඑදා මට බිත්තර බත් එකක් දෙන්න හදලා පස්සේ චිකන් එකක් දුන්න හින්දමයි මම මේ එන්නේ. නැත්තන් එන්නෙම නෑ... ^_^
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අනේ චූටි පුතාට දෙන්න හුළං විස්කෝත්තක්වත් නෑ...දැනට මේ ගුණසිරි බුල්ටො එක කාලා යන ගමන් ජිනදාසගෙ තලකැරැල්ලක් සාක්කුවෙ දාගෙන යන්න....
Deleteරාජ සම්පත් ලැබෙන තරමක් ලැබීයන්...මට මෙන්ම බොටත්...
වෙල්කම් බැක් එහෙනම්.මම නම් කැමති ඉස්කෝලේ කතා කියවන්න සිරාගේ :)
ReplyDeleteකලවමේ දෙන්නම් කිරිපුතේ සරුවත් වීදුරුවක් වගේ...
Deleteසිරා නිවාඩු ගන්න කතාව මගේ RAM මතකයටවත් වැටී තිබුනේ නැත. ඒ නිසා මම පුදුමයට පත්වෙලා හිටියේ. එකසිය ගානට බ්ලොග් ලියන සිරාට මොකදවුනේ කියලා. මගේ අඩවියට ඇවිත් අදහසක් දාලා තිබුනම මම තවත් පුදුම වුනා. ආපහු පටන් ගැනීම ගැන සතුටුවෙනවා බෙහෙවින්ම. මේවගේ පරණ පත්තර කියවීමෙන් සරල වින්දනයක් ලැබෙනවා විතරක් නෙවෙයි. ඒ කාලයේ සමාජ තත්වය මොනවගේද කියන එක ගැනත් යම්කිසි අදහසක් ගන්න පුළුවන්.පරණ වෑර්ලස් ගැන මමත කොටස් හතරක ලිපියක් ලිව්වා පහුගිය දවස්වල.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
හදිසියේ පොඩි විරාමයක් තැබුවා. දැන් ආයෙත් ලියනවා...ඔබතුමාගේ ලිපියෙ ලිංකුවක් පෝස්ටුව යටින් එල්ලලා තියෙනවා දුටුවෙ නැද්ද...නැවත හමුවීම සතුටක්...
Deleteනාකියාගේ ඇස් පෙනීම දුර්වලයි.
Deleteඅපේ හැලප අයියගේ පොස්ට් එකේ දැකලා මේ පැත්තේ ආවේ. දකින්නත් සතුටුයි සිරෝ.
ReplyDeleteමම කාමරේ හිටියෙ නැති දවස් වල කාමරේ පාලුව නැතිකරන්න අකම් ඇව්ල්ලා ගිහිල්ලා තිබුනා කියලා මම දැක්කා...සතුටුයි අකම්...
Deleteමට නම් හරි සතුටුයි සිරා ඉක්මණින්ම බ්ලොග් එක ලියන්න පටන් ගත්ත එක ගැන.මම පහු ගිය ටිකේ පේන්න නොහිටපු නිසා බලන්න ආවාමයි දන්නේ බොලා මේ ඉසව්වේ නැතෙයි කියලා...ඉඩ ලැබෙන විදිහට එහෙනම් ලියන්නකෝ සිරා... සුබ පතනවා මේ තබපු පියවරට ...!
ReplyDeleteනිෂ්ශබ්ද සහන් කාමරේ තැබූ සටහන් මම ඊයෙ පෙරේදා තමයි දැක්කෙ..ඉදිරියට දිගටම ලියමි. ස්තූතියි..
Deleteඅම්මෝ යන්තම් ඇති ආවා ,අපි බැලුව සිරා කොලුවට මොකක්ද උනේ කියල , මාත් සතියට දෙපාරක් 3න් පාරක් ඇවිල්ල කාමරේ මකුණු දැල් කඩල ගියා හොදේ , මැජික් ඇස කියන්නේ පොඩි බල්බ් එකක් වගේ එකක් ලු , රේ විජේවර්ධන කියන්නේ මගේ ලෝකේ වීරයෙක් , එතුමා ගැන --->(http://nalakagunawardene.com/ ,1955දී තමන් නිපද වූ රෝද දෙකේ අත් ට්රැක්ටරය වසර දහයකට වැඩි කාලයක් ඝර්ම කලාපීය රටවල ගොවීන්ට ප්‍රවර්ධනය කිරීමෙන් පසු එය තමන් අතින් සිදුවු ‘ලොකු වරදක්’ යයි කීර්තිමත් ලාංකික ඉංජිනේරු රේ විජේවර්ධන ප්‍රසිද්ධියේ කියා සිටියා. හරිත විප්ලවය ආරම්භයේ පටන් එහි පෙරගමන්කරුවකු වූ ඔහු 1960 දශකය අවසන් වන විට එහි මූලික දැක්ම ප්‍රශ්න කළා........,) සිරා අයියා ගියපු ගමන ගැනත් පස්ට පොස්ටු ටිකක් ඉක්මනට දාන්න
ReplyDeleteමලයට බොහොම ස්තූතියි අමතර කරුණු කීපයකුත් කොමෙන්ටුව ඇතුලෙ ඔතලා දුන්නට...රේ විජේවර්ධන වැනි චරිතයකින් ගත යුතු ප්‍රයෝජනය ගන්නට අපේ රට සමත් වුනේ නෑ. එතුමා සැහැල්ලු ගුවන් යානයක් පවා නිපදවා තිබෙනවා...මම අහලා තියෙන විදියට...පිටරට කථා ඉදිරියට...
Deleteදැන් උනත් ඔය තත්ත්වයේ වෙනසක් නෑ. මොනවා හරි හැදුවොත උෟ හිරේ..
Deleteඑතුමා ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයකත් විශේෂ කුඩා ගුවන් යානයක් නිපදවා තිබෙනවා , එතුමා ලංකාව ඇතුලේ ගමන් බිමන් ගිහින් තියෙන්නේ එතුමාම නිපදවපු කුඩා ගුවන් යානයකින්
Deleteසිරාගේ සිරා පොස්ට් එකක් නැතුව සිත්තමිත් බැලුවා කෝ කියලා.............ඔන්න එහෙනම් ආයෙ ආයෙමත් ආදරෙන් කියල ලියමු බලන්න
ReplyDeleteජයම වේවා...............
අපේ සිත්තමී කෙල්ල කෝ කියලා මේ මමත් කම්පනා කොලේ...සිත්තමියෙ බොලා කරකාරයක් හෙම බැන්දද..පහුගිය දොහේ...
Deleteඅයුබෝවන් කිව්වා..........
ReplyDeleteආයුබෝවන් සහෝදරී...මේ ටික දොහට නමත් වෙනස් වෙලා නේද ?
Deleteඑහෙනම් ආයෙත් පටන් ගමු. උබ ඉන්න අළුත් පරිසරය ගැන ලියලම පටන් ගත්තනම් මාරු නේද? ඉක්මනින් බලාපොරොත්තු වෙනවා.
ReplyDeleteඅලුත් පරිසරය ගැන ඉදිරියේදි අනිවාර්යෙන් ලියනවා...මේ පෝස්ටුව ඒ සදහි ආරම්භයක්...
Deleteඅද තමා ඉස්සල්ලාම ආවේ. ලස්සන තැනක්. හැමදාම එන්නම්. :)
ReplyDeleteකාමරයට සාදරයෙන් පිළිගන්නවා...දිගටම එන්න...
Deleteඅඩේ සිරා අයියේ මමත් අද තමයි ආයෙම ආවේ කොහොම උනත් වෙල්කම් බැක්. ඒ කාලේ දේවල් බලද්දී ඇත්තටම හිනහ යනවා අද තාක්ශනේ එක්ක බලද්දී නමුත් අද තාක්ෂනෙට අත්පොත් තිබ්බේ ඒ තාක්ශනේ නේද කියල හිතෙද්දි ලොකු ගෞරවයක් හිතට එනවා.
ReplyDeleteකෝරලේ මලයත් නිවාඩුවක් අරන් වගේ....ඔබේ කථාව සහතික ඇත්ත....ඒ නිෂ්පාදන මතින් තමයි අපි වර්තමානෙට ඇවිල්ලා තියෙන්නෙ...
Deletesiraa, ube naewatha paeminima sathutak.
ReplyDeletetiakak busy machan. ayemath ennam.
රතු...මගේ මිත්‍රයා, නැවත දැකීම සතුටක්...නිවාඩු පාඩුවේ එන්න...
Deleteආ .... සිරා කොලුව ආයිත් ඇවිත් ...... එහෙනම් ඔන්න උම්මා එකක් දීල පිළිගන්නවා මචං.
ReplyDeleteඅපේ රටේ නව නිෂ්පාදකයොන්ට එදා ඉඳන්ම අත්වුනු ඉරණම ශෝචනීයයි බං. ඒ උනාට අන්තිමේදි ඒක වෙන රටකින් නිෂ්පාදනය කළොත් උඩදාගෙන අරගෙන එන්නෙ. මේ කාලකණ්ණි දේශපාලනේ නිසා මේ රටට අහිමි වුනු දේවල් කොපමණ ඇත් ද?
ඉක්මනටම උඹේ අළුත් විස්තරත් කියපංකෝ.
මම දැක්ක උඹ අද ඩූඩ්ගෙ බ්ලොගේ මගේ කමෙන්ට් එක යටින් සද්දයක් දාලා තිබුන. අඩෝ .....ව් ඒව තියාගන්න එපා, හරිය. උඹ හිතුවද මමත් උඹ වගේ බෙබෙක්ය කියල. අපි බොහොම ලැජ්ජ බයට හැදිච්ච කොල්ලො, හරිය.
උම්මා අනේ...අලුත් විස්තර ලගදීම කියමි. එතෙක් රැදී සිටින්න සුදෝ....
Deleteඅනම් මනම් සද්ද තියාගන්න එපා DDT යො. මම හොදට හොදයි...නරකටත් හොදයි... අපිත් ලැජ්ජ භයට හැදිච්ච කොල්ලො අරිද? මම ආයෙ බොනකන් බීම නැවැත්තුවා. උඹට පණු අමාරුව කිව්වා නේද...ඒක නිසා පොඩි ෂොට් එකක් අදට විතරක් ගනිං.