Wednesday, October 16, 2013

117 ඒ හීනෙට චුට්ටි දුරයි

සිරාගේ ජීවිතයේ  හා පුරා කියා නිරත වූ රැකියාවෙන් මිළදී ගත් දෑ අතරින් ශේෂ වී තිබූ අවසන් සැමරුමත් මගෙන් සමුගත්තේ ඉකුත් සතියේ දිනකය. එය වූ කලී අතේ බදිනා ඔරලෝසුවකි. මගේ දුකෙහිදී මෙන්ම සැපේදීද මගේ හද ගැහෙනා රිද්මයට සවන් දෙමින් මා සමගම සිටි මේ අජීවී වස්තුව වූ කලී මට ඔරලෝසුවක්ම පමණක් නොවීය. එය වැර වෑයමෙන් වෘත්තීය ජීවිතය තුල ඉහළට ආ මගේ ආරම්භය යළි යලිත් සිහිපත් කරන මතක සටහනක්ද විය. මෙකී කරුණු නිසාවෙන්ම මේ වස්තුව කුණු කූඩයකට විසිකර ඊට වඩා නවීන පන්නයේ ඔරලෝසුවක් මිළදී ගන්නට මගේ සිත එක්වරම නොනැමිනි.

කෙසේ හෝ මේ වස්තුව අළුත් වැඩියා කරගනිමී යන අධිෂ්ඨානයෙන් යුතුව ඔරලෝසු කාර්මිකයන් කීප පලක් වෙතම ඉදිරිපත් කලද ඔවුන් හැමගේම පිළිතුර වූයේ ඔරලෝසුව ඵලදායී ජීව කාලය අවසානයේ යළි නොඑනා ගමන් ගොස් ඇති බවකි. එසේ වූ නමුදු මගේ සිතුවිලි වෙනස් වූයේ නැත. තවදුරටත් මා මගේ මිත්‍රයාට පණ දෙන්නට සමත් ජීවකයකු සොයා ඒ මේ අත ඇවිද්දෙමි. එහි ප්‍රතිඵලයක් ලෙස මගේ කාර්යාලයට ආසන්න අතුරු මාර්ගයක තිබූ චීන ඔරලෝසු කාර්මිකයෙකුගේ සේවා ස්ථානයක් ඇස ගැටුනෙන් වහා ඒ කරා ගියේ සිතේ ජනිත වූ අලුත් බලාපොරොත්තුවක්ද තුරුලු කරගනිමිනි.

කාර්මික තැන වූ කලි වයෝවෘද්ධ පුද්ගලයෙකු විය. හෙතෙම පැලද සිටි උපැස් යුවලටත් පිටින් යමක් විශාල කර බැලිය හැකි තවත් කාචයක් පැළද ගනිමින් මගේ ඔරලෝසුවේ ධමනි, ශිරා සොයා ඒවා අවුස්සන අයුරු මම එකත්පස්ව බලා සිටියෙමි. ඔහුගේ යාබද මේසයේ සිටි අළුත්වැඩියා කාර්මිකයාද පෙර කියූ කාර්මික තැනගේ  මිත්‍රයෙකු කිව හැකි පෙනුමක් ඇති මහළු අයෙක්ම විය.

ඒ අතටත් මේ අතටත් ඔරලෝසුව හරවමින් ඊට පණ දෙන්නට වෙර දරන මහලු මිනිසාගේ මේසයට ඉදිරියෙන් වූයේ තරුණයකුගේ ඡායාරූපයක් රැගත් කළු සුදු දැන්වීම් පුවරු දෙකකි. ඉන් එකක් ලොව පතල ස්විට්සර්ලන්ත ඔරලෝසු නිෂ්පාදන සමාගමකින් ඔහු ලද කාර්මික පුහුණුවක් පිළිබද සහතිකයකි. අනෙක් සහතිකය නිකුත් කර තිබුනේ ජපානයේ තවත් සුප්‍රසිද්ධ සමාගමක් විසිනි. එහි වූ රුවත් වැඩෙහි යෙදෙන මහලු මිනිසා දෙසත් කීප වරක් බැලීමෙන් පසු ජීවිතයේ අනිත්‍ය පිළිබද ධර්මය නැවත වතාවක් මෙනෙහි කර ගැනීමට හැකි විය. දැන්වීමේ කොණකට වෙන්නට කුඩාවට මුද්‍රණය කර තිබූ එය නිකුත් කල වර්ෂය අදින් වසර 40 කට එහා එකකි. ඒ අනුව දැන්වීමේ සිටිනා තරුණ රුව රැගත් පුද්ගලයා කාලයේ ඇවෑමෙන් මහල්ලකු වී ඇති අන්දම අවබෝධ කරගත් පසු මා සිතේ ඇති වූයේ කණගාටුවකි. අපි කවුරුත් දවසක මේ කඩඉමට එනවා නේදැයි මගේ සිත මගෙන්ම ඇසුවෙහිය.

තමාටම අවනත නැති වෙවුලන ‍අතගැලි වල පිහිටෙන් විනාඩි 10 ක් පමණ ඔරලෝසුව සමග පොර බැදූ මහලු මිනිසා අවසානයේ මට කීවේ මෙයට පණ දෙන්නට නොහැකි බවකි. කරන්නට දෙයක් නැත...මෙලොව ජනිත වන කවරක වුවද දිනක නැසෙයි යන කියමනේ පිහිටා අලුත් ඔරලෝසුවක් ගන්නට මම හිත හදා ගතිමි. අද මා අලුත් සගයකුගෙන් වේලාව බැලුවද පැරැන්නා තවමත් මා ලග සුරැකිව සිටී. ඒ ලංකාවට ගිය දිනක හෝ ඊට පණදෙන්නෙමියි යන බලාපොරොත්තුවෙනි.

ඔරලෝසු කාර්මිකයා මුණ ගැසුනු දින රැකියාව නිමකර රාත්‍රියේ නවාතැනේ තනි වූ පසුද වරින් වර මගේ චිත්ත රූපයන් තුල මැවුනේ ඒ මහලු රුවමය. වෙව්ලන අතැගිලි සමග ඔහු වැඩ කරන්නට දැරූ මහන්සිය මෙන්ම දැන්වීමේ තිබූ තරුණ රුවද වරින් වර මට මෙනෙහි විය. ජීවිතය යනු මායාවක්ද... තනතුරු,තාන්න මාන්න, ධනය මේ සියල්ලම තවෙකෙකුට පවරා මේ කුණු ශරීරයෙන් අපි දිනක නිදහස් වනවා නේද ? එසේ නම් ඒ ටික කාලයට ඇයි මේ මිනිස්සු  මිනිසාටම හතුරු කම් කරන්නෙ, ඇයි අපිට තවත් කෙනෙකුගේ ජීවිතයක් එළිය කරන්න පුලුවන් විදියකට උදව් කරන්න බැරි, මේ ආකාරයෙන් නොයෙක් සිතුවිලි සිත තුල ජනිතව නැසී ගියෝය.












අපහසුවෙන් හුස්ම ගන්නා යශෝධා

අයියෙ දැන් මට කලින්ට වඩා අමාරුයි... ආදරණීය නැගණිය මා වෙත දින කීපයකට පෙර එවා තිබූ පණිවිඩයක එසේ සටහන්ව තිබූ බවත් මා ඇය ගැන මගේ කුඩා කාමරයේ සටහනක් තබන බවක් ඇයට පොරොන්දු වූ බවත් මට එක් වරම සිහිවූයේද පෙර කියූ පසුබිම තුලමය.

යශෝධා නැගනිය මට මෙන්ම සමස්ත බ්ලොග් අවකාශයටම හදුන්වාදීමේ ගෞරවය හිමි වනුයේ අපි කවුරුත් හදුනන තහනම් අඩවියේ රජ මලයාටය. ඒකා මගේම පාසලේ මට වඩා වසර ගණනාවක් බාල සහෝදරයෙකි. මා සිංගප්පූරුවේ සිටියදී ඔහු මෙන්ම හිතාදර Sam Creations හි සෑමා සමගද වරින් වර අන්තර්ජාලයෙන් කථා බස් කලේ ඇයට සරණක් විය හැකි ආකාරයන් පිළිබදවය. ඒ අවස්ථාවේම ඇය ගැන ලියන්නට රජා ඉදිරිපත් වූයෙන් මම මගේ දායකත්වය බ්ලොග් වල එල්ලිය හැකි ගැජට්ටුවක් නිම කිරීමට ලබා දුන්නෙමි.


උපතින් නැගනියක නැති මට නැගනියක වූ මගේ මලයාගේ බිරිදට පසු ඒ ස්ථානයට අලුතින් එක් වූ තැනැත්තිය යශෝධා බැව් කීම අතිශෝක්තියක් නොවේය. මා අන්තර් ජාලයට පිවිසෙන සෑම විටකම සිරි ලංකාවේ හෝ ඈත රටක වෙසෙන මිතුරකු /මිතුරියක සමග ඇය ගැන කීවෙමි. ඇයට සරණක් වන ලෙස අයැද සිටියෙමි. ගෙඩි පිටින් ලක්ෂ 45 වැනි විශාල මුදලක් සෙවිය යුතු වටපිටාවක ඇයට තිබිය හැක්කේ ප්‍රාර්ථනාවක් පමණි. ඒ නිසාම මම නිර්මාණය කල ගැජට්ටුවටද ඒ කොටස යෙදුවෙමි. අන්තර්ජාලයේ යශෝධා දකින සෑම විටකම ඇගේ කාර්යයේ නවතම තතු විමසුවෙමි. ඇයද ඇගේ රෝගී තත්වය අමතකව මගේ සුව දුක් මෙන්ම රැකියාවේ තත්වයන් ගැනද නිරතුරුව විචාළාය. හැමදාමත් කථා බහ අවසානයේ බුදු සරණයි කියන්නටද අමතක නොකළාය.

ඒ අයුරින් ගත වූ කාලය දැන් මාස ගණනක් ගෙවා දමා ඇත. ඇගේ බලාපොරොත්තුවද දැන් අත පොවන මානයට පැමිණ ඇත.  අයියෙ මට දැන් ඉස්සරට වඩා සෑහෙන්න අමාරුයි. කොදු ඇට පේළියෙ තියෙන ඇදය එන්න එන්නම වැඩි වෙනවා...ඒ හින්දා හදවතයි අක්මාවයි පෙණහළුයි ඇග ඇතුලෙ තෙරපෙනවා කියලා දොස්තරලා කියනවා...දැන් හුස්ම ගන්නෙත් අමාරුවෙන්...ලබන මාසෙවත් මගේ ඔපරේෂන් එක කරගන්න පුලුවන් නම්...ඇය සුසුමක් හෙලයි...ඒ සුසුම ස්වභාවයෙන්ම සංවේදී හිතක් ඇති මට බරටම දැනෙයි. දෙනෙත් මුල කදුලක් මෝදු වෙයි.  මම ඔයා ගැන බ්ලොග් එකේ ලියන්නම්....මම එසේ ඇයට පොරොන්දු වූයෙමි.

භද්‍ර යෞවනයට පිවිසීමටත් කලියෙන් ඇයට පල දුන්නේ පෙර ආත්මයක කල මහා අකුසලයක් විය යුතුය. එක ඉත්තක පිපි මල් තුනක් අතර ඇය දෙවැනියාය. ශිෂ්‍යත්වය හොදින් සමත් වී කිරිබත්ගොඩ විහාර මහා දේවි බාලිකාවේ 6 වසර පන්තියේ ඉගෙනුම ලබමින් තම දක්ෂතාව ප්‍රකට කරන්නට පටන් ගන්නවාත් සමගම ඇගේ ඉනෙන් පහල කොටස පණ නැති වීමත්...ඉන් පසු එළැඹුන සමයේ  ඇගේ පියා පවුලෙන් වෙන් වීමත්, ඒ වන විට ගුරු වෘත්තියේ යෙදී සිටි මැණීයන් ඉන් ඉවත් වී ඇගේ කටයුතු උදෙසා අද දක්වාම කැපවී සිටීමත් එහි බලපෑම හේතුවෙන් පවුලේ අදායමට කණ කොකා හැඩීමත් යන සාධක මේ අසරණ යුවතිය තව තවත් අසරණ කලා වුවද යශෝධාගේ දිරිය මව එතැන් සිට අද දක්වාම කටයුතු කර ඇති ආකාරය නිසාම මා සිත තුල ඇය කෙරේ ඇති වෙන්නේ නොමද භක්තියකි. ඇගේ වැඩිමහලු විවාහක සහෝදරියගේ වැටුපෙන් වැඩි කොටසක් යශෝධා වෙනුවෙන් වැය වන වට පිටාවක අපට ස්පර්ශ වෙනුයේ සහෝදරත්වයේ බැදීම මේ යැයි කියනා නූතන කථාන්තරයකි.




ඇගේ වෛද්‍ය වාර්තා සමහරක්
ඉතාමත් ආයාසකර දුරු කතර ගෙවාගෙන ලක්ෂ 45 කඩඉම මේ වන විට ලක්ෂ 15ක් දක්වා පල්ලම් බැස තිබේ. ඒ සංවේදී හිතක් ඇති මනුස්ස කමේ ගුණ සුවද හොද හැටි හදුනන ඔබ නිසාමය. නැතහොත් මුද්‍රිත ටිකට් පත් රැගෙන ගෙයක් ගෙයක් ගානේ...නගරයක් නගරයක් පාසා ගොස් අළෙවි කරමින් ඇයට සුවදායක හෙටක් පැතූ පවුලේ අයට පිටස්තර මනුස්ස කම පිරි මිනිසුන් නිසාය. යලි දෙපයින් නැගී සිටීම කෙසේ වුවත් ඇගේ ජීවිතය හෝ බේරා ගැනීමට ලියුකේමියා තත්වයේ අතුරු ආබාධයක්  නිසා ඇද වූ පිට කොන්ද සැකසීමේ වගකීම කරට ගත් ඉන්දියාවේ ඇපලෝ රෝහලේ සජාන් හෙජ් ජීවක තුමා ලබා දුන් මාස 5 කාල සීමාවත් දැන් ඉක්මවා ගොස් තිබේ. තත්වය එසේ වුවත් ඇය තවමත් බලාපොරොත්තු සහගත දෑසින් පෙරමග බලා සිටින්නීය.

උපුටා ගත්තේ යශෝධාගේ ෆේස් බුක් ගිණුමෙනි


සමහරු වාහනයක් ගන්නට, ගෙයක් දොරක් හදාගන්නට සිහින දකිති, තවත් සමහරු ඉහළ රැකියාවක් ලබා ගන්නට, තමාගේ සිත දිනූ කෙනා සමග සම්බන්ධයක් ඇති කරගන්නට සිහින දකිති. මෙවන් වූ වටපිටාවක අසරණ යශෝධා සිහින දකින්නේ පරිත්‍යාග ශීලීන්ගේ පින්බර මුදලින් තමාගේ ඉලක්කය සපුරාගෙන සිරුරට දැනෙන පීඩාව නිමකරගන්නට බරපතල ඝනයේ සැත්කමකට මුහුණ දෙන්නටය. ඉතිං ඒ අහිංසක බලාපොරොත්තුවට පියඹායන්නට හැකි ඉක්මනින් අත්තටු දෙමුද ? තීරණය ඔබේ අතේ...

ඇගේ ඇද වූ පිට කොන්ද


තවමත් ඇය වෙනුවෙන් ආධාරයක් කරන්නට නොහැකි වූ ඔබ සැමගෙන් සිරා කොලුවා වන මම ආයාචනා කර සිටින්නේ නිකරුනේ නාස්ති කරන්නට සිතා සිටින රුපියල් 100 හෝ ඇගේ ගිණුමට බැර කර පින්වත් කාර්යයකට දායක වන ලෙසයි. මනුෂ්‍යයින් ලෙස මෙලොව  වෙසෙනා අප පින් දහම් කරන්නට මහළු විය එළඹෙන තෙක්ම කල් මැරීමට අවැසි නැත. ඒ සදහා පන්සලට හෝ පල්ලියට යා යුතුමද නැත. මේ කාරණයද මහත් ඵල මහත් ආනිශංස තිළිණ කරනා පින්කමකි.

ඒ සත් කාර්යයට මග කියනා තොරතුරු මෙන්න. බැංකු ගිණුම් දෙකක තොරතුරු මෙතන තියෙනවා.

Jayarathne Diyunugalge Yashodha Samindri
ගිණුම් අංකය : 273-2-001-4-0000208 
මහජන බැංකුව, කඩවත. 
PSBKLKLX (Swift code)

 ගිණුම් අංකය : 8150914277 
කොමර්ෂල් බැංකුව, මහනුවර නගර ශාඛාව CCEYLKLX (Swift code)

ඇය ඇමතීමට අවශ්‍ය නම්

077-5262396 / 072-8571983
yashodha.jayarathne@gmail.com

ඇගේ බලාපොරොත්තුව පරිදි මේ සැත්කම සදහා උවමනා ඉතිරි මුදල ඉක්මනින් සොයා ගැනීමට ඇයට හැකියාව ලැබේවා. සැත්කම අවසානයේ ඇය පෙළනා රුදුරු දුක් කරදර වලින් මිදී ඇයට පෙර මෙන් දෙපයින් නැගී සිටින්නට...යෞවනයේ සුන්දරත්වය අත්විදින්ට වරම් ලැබෙවා යයි සිරා කොලුවා වන මම ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

ඉස්සර මම නිසදැස් ලියන්න රුසියෙක්. යාලුවන්ගෙ සමරු පොත් වල...ඒ අයට වෙනත් අය දෙන සමරු පොත් වල ඒ අයගෙ නමින් මම අකුරු කල නිසදැස් කීයක් නම් ඇත්ද ? ඒත් දැන් ඒ වසන්තය ගෙවිලා ගොඩාක් කල්...කාලයකට පස්සෙ ආයෙත් එකක් ලියැවුනේ යශෝධගෙ නමින්......

අමාවක  සද 
දැන් ඉතිං බැස යන්න
ඇගේ නෙත් මානයෙන්...
ඒ හිතේ පුංචියට
ජනිත වූ සිහිනයක්
මහ හඩින් කෑ ගසා
කියන්නට බැරි දුකක්....
පර වෙන්න ඉඩ නොදී
ගිලිහෙන්න වර නොදී
රැකගත්ත සිහිනයක්....
තටු ගසා ඉගිලෙන්න
සොම්නසට ඉඩ දෙන්න
අදුර වෙනුවට එළිය
ඇගේ ලොව වෙත දෙන්න......
පුරපසින් සද එඹෙන සද
මුකුලිත වූ සිනා මල්
ආයෙමත් පිබිදෙන්න...
හරියටම පෙර වගේ.....


තහනම් අඩවියේ යශෝධා පිළිබද රජා ලියූ ලිපියත් කියවා බලන්න.

යශෝධා පිළිබද සෑමා ලියූ ලිපිය මෙතැනින්

ඇය වෙනුවෙන් හිත හොද තරුණයෙකු අභිනවයෙන් නිමකල වෙබ් අඩවිය මෙතැනින්

මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා


ප.ලි

1999 සිට රෝදපුටුවක කල් ගෙවන වයස  අවුරුදු 24 ක ඇයට ලංකාවේ ප්‍රමුඛ පෙළේ, මා මිත්‍ර අධ්‍යක්ෂක වරයකු ලව්වා වීඩියෝ වාර්තාවක් සැකසීමට පසුගිය සති කීපයේ වෙහෙසුනත් ඇය දැන් සිටින තත්වයත් සමග එය අත හැර දමන්නට අපට සිදුවිය. කිසිම අයකිරීමකින් තොරව ඒ කාර්යය ඉටු කර දෙන්නට ශපත කල මගේ මිත්‍රයා මෙන්ම ඒ කටයුතු ලංකාවේ සිට මා වෙනුවෙන් සම්බන්ධීකරණය කල මගේ අතිජාත බ්ලොග් සහෝදරයා සෑම් වෙතද මගේ නොවක් ස්තූතිය.

වෛද්‍ය වාර්තා, X කිරණ ඡායාරූප හා ගිණුම් තොරතුරු තහනම් අඩවියේ යශෝධා පිළිබද පලවූ ලිපියෙනි.

මේ තියෙන්නෙ මෙදා සැරේ අලුතින් බ්ලොග් වල එල්ලන්න හදපු ගැජට් එක...හැමෝම තම තමන්ගෙ බ්ලොග් වල මේ ගැජට්ටුව එල්ලගෙන අසරණ යශෝධාට සහයෝගයක් දෙන්න තමන්ට හැකි විදියට මග පෙන්වන්න. පින්තූරයත් එක්ක මේ ලිපියට සබැදියකුත් එකතු කරන්න. පින්තූරෙ අර ගන්න මෙතන කොටන්න.






117 comments:

  1. ගැජට්ටුවට ස්තුති.හැකි පමණින් ඇයට උපකාර කරන්නට සහය වෙමි

    ReplyDelete
    Replies
    1. සිරසෙ ප්‍රෝග්‍රෑම් එකක යශෝධා අක්කා ගැන වීඩියෝව...

      මෙම වීඩියෝවේ 3:30 සිට විස්තරය!!!!

      http://www.youtube.com/watch?v=GEbiZQoVROI&list=PLjkPRbI5S9G4JcTV0bsm7writQSKCa3oG

      Delete
    2. බොහොම ස්තූතියි ශානු...දන්න කියන අයටත් මේ තොරතුර දෙන්න....

      Delete
    3. ස්තූතියි ඔබට...

      Delete
    4. Highly recommend http://repository.kln.ac.lk/ to read and download more academic ,practice and policy articles free of charge on this topic.

      Delete
  2. මේ සිද්දිය මම අදයි දැක්කේ. මමත් උදවු වෙන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විශ්ව...ඔබේ වදන් ඇයට ලොකු හයියක් වේවි...

      Delete
    2. ස්තූතියි ඔබට...

      Delete
  3. හදවතින්ම කනගාටුවෙනවා යශෝදා ගැන. අපි හැමෝම ඇයට හැකි උදව්වක් කරන්නම්. ස්තූතියි දැනුවත් කිරීමට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබටත්...පපුවෙ තෙතමනයක් තියෙන කෙනෙක්ට තමයි ඉතිං තමන්ට කිසිම සම්බන්ධයක් නැති වුවත් මේ වගේ අසරණ වුන කෙනෙක් ගැන ඔහොම හිතෙන්නෙ...දන්න කියන අයටත් පණිවිඩේ දෙන්න....

      Delete
    2. ස්තූතියි ඔබටත්...

      Delete
  4. ඇය වෙනුවෙන් මාත් සිරාට ස්තුති වෙනවා. නැවත ඇය පිලිබද සටහනක් තැබීම පිලබදව..

    ඇයගේ සැත්කම සාර්ථක වූ පසු ඇගේ සතුටු සිනා පිලිබද පෝස්ටුවක් දැමීමට මා ඉන්නෙ නොඉවසිල්ලෙන්. ඇය කඩවත ආ විට මා ඇය බලන්නට ගොස් ඇගේ තත්වය දුටු නිසාමයි තවත් උනන්දුවූයේ.

    වීඩියෝ කටයුත්තට අත ගසන්නට වෙර දැරූ සිරා සහ චමිල් මහතාටත් මගේ ස්තුතිය.

    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. වීඩියෝ කටයුත්ත සම්බන්ධීකරණය කරන්න දුන්න සහයෝගයට නැවතත් ස්තූතියි සෑමා...ඇයගේ සැත්කම් සාර්ථක වුනාට පස්සෙ ලියන පෝස්ටුව එහෙනං උඹට බාරයි...ජය !

      Delete
    2. ස්තූතියි sam අය්යෙ. ඔයාලා මාත් එක්ක ඉන්න එක මට ලොකු හය්යක්.

      මා වෙනුවෙන් වීඩියෝවක් කරන්නට වෙර දැරූ සිරා අය්යටත් සහ චමිල් මහතාටත් මාත් ස්තුති වන්ත වෙනවා....

      Delete
  5. හරිම කණගාටුයි. උදව්වක් කරන්නම්. ස්තූතියි සිරාට.
    සෑම් සහ රජාටත්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොඩ්ඩි...අදුනන හැමෝටම මේ ගැන කියන්න...

      Delete
  6. කොහොම හරි උදව්වක් කරමු

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් රාළෙ...අදුනන සැට් එකටත් කියන්න...පිං අතේ වැඩක්...

      Delete
    2. ස්තුති ඔබටත්....

      Delete
  7. පුද්ගලිකව හැකි දෙයක් කරන්නම්. මේ පිලිබඳ සිරා,රජා සහ සෑම් දක්වන උනන්දුව ප්‍රශංසනීයයි.

    ReplyDelete
    Replies
    1. ඇය රජාගෙන් ඉල්ලුවෙ ඇයටත් හැකි විදියකට උදව්වක් කරන්න කියලා මේ අතිවිශාල මුදල හොයාගන්න...ඉතිං අපිට පුලුවන් උපරිමයෙන් ඇයට උපකාර කරනවා සහ කරගෙන යනවා.

      Delete
    2. ඔබටත් ස්තුති....

      ඕව් රජා මල්ලී සහ සෑම් සිරා අය්යලා මුල ඉදන්ම මේ වැඩේට මට ලොකු ශක්තියක් දෙනවා....

      Delete
  8. අනිවාර්යෙන්ම උදව්වක් කරන්නම්...

    ReplyDelete
    Replies
    1. අපේ මහත්තයටත් කියලා යවන්න...

      Delete
    2. ගොඩාක් ස්තුති...

      Delete
    3. ඔන්න මම එයාටත් කිවුවා....රජා දීලා තිබුණ ලින්කුවත් දුන්නා බලන්න කියලා එයාගෙ යාලුවන්ට යවන්න.එයා හැමෝටම කියලා...හැම කෙනෙක්ම නැතත් තෙත පපුවක් තියන අය උදවු කරාවි කියලා හිතනවා.....

      Delete
    4. බොහොම ස්තූතියි නංගි ආයෙම සැරයක්...

      Delete
  9. අපි කොහොම හරි මේ වැඩේ කරමු සිරා අයියේ..

    ReplyDelete
    Replies
    1. ඔහොම හිතන එක කොච්චර දෙයක්ද ? මේ කමෙන්ට් දැක්කම යශෝධට අලුත් බලාපොරොත්තුවක් ඇති වේවි සැත්කම ගැන...

      Delete
    2. ඔබේ වචන මට ලොකු ශක්තියක්... ගොඩාක් ස්තුති....

      Delete
  10. පුළුවන් විදියට උදව්වක් කරන්නම් මල්ලි

    ReplyDelete
  11. සිරෝ කොහොමද මේක අපේ ඒවායේ එල්ලා ගන්නේ කියලා දියන්කෝ.
    ඒ වගේම උඹලා කරන මේ වැඩේට මමත් හිස නමා ආචාර කරනවා.

    ReplyDelete
    Replies
    1. සහන් යටින් ඒ ගැන උත්තර දීලා තියෙන නිසා මම අලුතින් කියන්න යන්නෙ නෑ...දන්න කියන අයට කියලා ඇයට සහායක් වෙන්න මලේ...

      Delete
  12. සිරාට ස්තූතියි,නොවැරදීම උදව්වක් කරන්නං

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලපයියෙ...ඔය පළාතෙ ඉන්න අනිත් අයටත් පණිවිඩේ දෙන්න...

      Delete
    2. ගොඩාක් ස්තුති

      Delete
  13. සිරා කොලුව ඇතුළු කට්ටියම කරන මේ උත්සාහය බොහොම ප්‍රශංසනීයයි. අනිවාර්යෙන් උදව්වක් කරන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මුහුදු...ඔබේ වදන් අපට මෙන්ම ඇයටත් දිරියක් වේවි...

      Delete
    2. ගොඩාක් ස්තුති ඔබ හැමෝම මට දෙන ශක්තියට

      Delete
  14. මුදල් ගිණුම් ගත කරන ලදී...................

    ReplyDelete
    Replies
    1. සහන් කියන්නකෝ කොහොමද මේ ලිපියට සබැදියක් අපේ බ්ලොග් වලින් දෙන්නේ කියා.

      Delete

    2. ඉහත රූපය සමග මෙයට සබැඳියක් එක් කිරීමට් අවශ්‍ය නම් පහත කේතයද

      _____________________________________________________
      <a href="http://siragekamare.blogspot.com/2013/10/blog-post_16.html" imageanchor="1" style="margin-left: 1em; margin-right: 1em;"><img src="http://4.bp.blogspot.com/-RV1icXIi_is/UlqpEdF3a_I/AAAAAAAADic/yJ6lUFzmtVY/s400/60207710200828806188303.jpg" border="0" height="400" width="313">
      ______________________________________________________


      ලින්කුවක් පමණක් එක් කිරීමට අවශ්‍ය නම් පහත කේතයද භාවිත කරන්න ...

      _____________________________________________________
      <a rel="nofollow" href="<a rel="nofollow" href="http://siragekamare.blogspot.com/2013/10/blog-post_16.html">ඇයට සරණක් වෙමු !</a><
      ____________________________________________________

      Delete
    3. ස්තූතියි සහන්...මගේ ඉල්ලීමට මෙතරම් ඉක්මනට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධව...දවසක මුණ ගැහිලම කථා කරමු...මම හමුවෙන්න ඉතාම ආශාවෙන් ඉන්න බ්ලොග් කරුවන් අතර ඔබත් එක්කෙනෙක්...

      Delete
    4. ගොඩාක් පිං සහන් ඔබේ කාරුණිකත්වයට.... එය මට ලොකු ශක්තියක්...

      Delete
  15. දැනට පුලුවන් තරමට උදව්වක් කලා. තව තවත් උදව් කරන්නම්. ඇය ගැන ඉස්සරහට වෙන දේවලුත් දැන ගන්න සටුතුයි.

    ReplyDelete
    Replies
    1. ඇය හා අප අතර සන්නිවේදනය දිගටම සිදු වේවි. උදව්වේ තරම නොව උදව්වක් කරන්නට කටයුතු කිරීම තමයි ඉතාමත් වටින්නෙ...ඇල්බන් දොස්තර මහතාට මගේ ප්‍රණාමය...

      Delete
    2. ගොඩාක් පිං ඔබේ උපකාරයට.... දිගටම මාගේ විස්තර දන්වන්නම්....

      Delete
  16. පුලුවන් උදවුව කරන්නම් සිරා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දමිත්...ලොකු උදව්වක් එය ඇයට...

      Delete
  17. දැන් ලඟයි වගේ.
    දැනටමත් කලින් දැන්වීම එල්ලලා තියෙන්නේ. මේකත් දාමුකෝ.

    ReplyDelete
    Replies
    1. තව සුට්ටයි හෙන්රි අයියෙ...හිතේ තෙතමනය තියෙන මිනිස්සු ඇය වටා රොක් වෙන්න වෙන්න මේ ඉලක්කය ලගා කරගන්න එක එච්චර අමාරු වෙන එකක් නෑ.

      Delete
  18. අනිවාර්යෙන්ම උදව් කරන්නම්...
    තොරතුරු ලබා දුන්නට පිං !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධුරංග...ඔබේ වදන් නිසැකවම යශෝධාට දිරියක් වේවි...

      Delete
    2. ඔබේ කාරුණිකත්වයට ගොඩාක් ස්තූතියි

      Delete
  19. මෙම වීඩියෝවේ 3:30 සිට විස්තරය!!!!

    http://www.youtube.com/watch?v=GEbiZQoVROI&list=PLjkPRbI5S9G4JcTV0bsm7writQSKCa3oG

    ReplyDelete
    Replies
    1. වීඩියේව පුලුවන් නම් ඒ කොටස පමණක් එඩිට් කරලා දාහන් මලේ...මගේ ලග දැන් වීඩියෝ එඩිටින් මෘදුකාංග නෑ...

      Delete
    2. වීඩියෝව share කරලා ලබා දෙන support එකට ගොඩාක් පිං රජා මල්ලී...

      Delete
  20. අනිවාර්යෙන්ම උදව්වක් කරන්නම්.බැනර් ඒකත් බ්ලොග් එකේ එල්ලුවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හසරැල්...ඇගේ මුවෙත් හසරැල් නැගෙනවා බලන්න තමයි අපිත් කැමැත්තෙන් ඉන්නෙ...

      Delete
    2. ගොඩාක්ම ස්තුතියි

      Delete
  21. සිරා.....අනිවාර්යයෙන් මම යමක් කරනවා.....

    ප.ලි....ඉශාන් අබේරත්නට මම උදව්වක් කරා. මම ඒ බව ඔහුට දැන්වූවා. ඒ මුදල් ගිනුමට බැර උනාම මට දන්වන්න කියා.මාසයක් විතර වෙනවා. මට උත්තරයක් නැහැ. මට දැණගන්න අවශ්‍ය එය ලැබුනාද යන්න පමණයි. නැත්නම් මට බැංකුවට කතා කල හැකියි. වැරදි තැනක දාපු කමෙන්ට් එකක්ද මන්දා.ඔහුටත් මම දෙවරක් කතා කලා.මීට සති කිහිපයකට පෙර. මෙය ඉවත දැමිය නොයුතු මුදලක්. ඒකයි මෙහෙම ලිව්වේ.

    ReplyDelete
    Replies
    1. ඉතාමත් අගය කරනවා අරූ මහත්මයා...ඔබත් දරුවන් සිටින පියෙකු හැටියට...පවුලේ කැණිමඩල අහිමි මේ දියණියට උදව් කරන්නට කල්පනා කිරීම බොහොම වටිනා කාරණයක්...මම ඔබේ පණිවිඩය ඉෂාන් ට සන්නිවේදනය කරලා පිළිතුරක් ලබා දෙන්නම්...ඒ ගැනත් බොහොම ස්තූතියි... දැනට සති තුනකට පමණ ඉහත ඔහු බල්ගේරියාවේ සංචාරයක නිරත උනා...ඒ දවස්වලද දන්නෙත් නෑ ඔබ ඔහුට කථා කලේ...

      Delete
    2. ඔබේ මානසික ධෛර්ය්‍ය වට්ටගන්න එපා. මේවා පිං නෙමේ යශෝධා යුතුකම් කියන කොටසට තමයි වැටෙන්න ඕන.

      Delete
    3. අන්න ඒකයි අරූ මට ඔක්කොටම වඩා අප්සට් යන්නේ යශෝදා හැමෝමටම ස්තූතියි කියලා තියෙනවා දකිද්දී.. යශෝදා මේවා අපේ වගකීමක් මිසක් පිං පිණිස කරන දේවල් නෙවේ . ඔයා මනස වට්ටගන්න එපා..බොහෝ පිරිසක් ඉන්නවා ඔයා වටා.. වර්තමානය වෙද්දී මම ඉන්නෙත් පොඩ්ඩක් පහල..නැත්නම් ඔයාව මුණගැසීමට මම එනවා..

      Delete
    4. මේ ලිපියෙන් පස්සෙ ගොඩාක් දෙනා යශෝධට උදව් කරන්න එක් වෙලා තියෙනවා...පුද්ගලිකව සමහරු මට ඊ මේල් පණිවිඩ එවලා තියෙනවා...බොහොම සන්තෝෂයි ඒ ගැන...අමතක කරන්න එපා...මේ ස්තූතියි කියලා කොටලා තියෙන හැම කමෙන්ටුවක්ම යශෝධා කොටන්නෙ රෝද පුටුවක අපහසුවෙන් ඉන්න ගමන් කියලා...

      Delete
    5. arugeadaviya සහ SilentSahan> මන් කව්ද කියලවත් නොදැන මනුෂ්‍යත්වය වෙනුවෙන් ඔයාලා හැමෝම යුතුකම් ඉටු කරද්දී ඒ කරන කටයුතු අගය කරන්නයි මගේ යුතුකම විදිහට මන් හෙමොටම ස්තුතියි කිවේ. මේ වෙලාවේ මන් වෙනුවෙන් යුතුකම් ඉටු කරන ඔයාලට දෙන්න මන් ලග තියෙන්නේ පිං විතරයි.ඒකයි පිං දුන්නේ..
      ඔයාලා වගේ ගොඩාක් පිරිසක් මන් වෙනුවෙන් එකතු වෙලා ඉන්න එක ගැන මට ගොඩාක් සතුටුයි... ඔයාලා දෙන ශක්තියෙන් තමා මන් ජීවත් වෙන්නේ....

      Delete
    6. මගේ සුළු උදව්ව් ඉටු කෙරුවෙමි.

      Delete
    7. ගොඩාක් ස්තුතියි...

      Delete
  22. මම සියල්ල සටහන් කරගත්තා. උදව්වක් කරන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක තුමා...ඔබ මා අප ඇතුලු සංවේදී හදවත් ඇත්තවුන්ගේ ආධාර වලින් තමයි ඇගේ මුදල් අවශ්‍යතාව මෙතෙක් කල් සැපිරුනේ...ඉදිරියටත් එය එසේම වේවි.

      Delete
    2. ගොඩාක් ස්තුතියි...

      Delete
  23. සිරා.....අනිවාර්යයෙන් මම යමක් කරනවා.....

    ReplyDelete
  24. හරිම කණගාටුයි ,උදව් කරන්නම් සිරා ..

    ReplyDelete
  25. සිරෝ ,
    මේ කරන මෙහෙවරට ගොඩක් පිං .....මමත් දන්නා හැමෝටම කියලා තියෙන්නේ ....
    අනිවා උදව්වක් කරනවා .....ඉක්මන් සුවය පතනවා යශෝධා නංගියෝ .....

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි හොද හදවතක් ඇති බොහෝ දන නෙතු මේ පෝස්ටුවේ ගැටෙන්නට පතනවා...ස්තූතියි කැලුම්...

      Delete
    2. ගොඩාක් ස්තුතියි කැලුම් අය්යේ

      Delete
  26. අැත්තට ම සද්ගුණවත් පෝස්ට් ඒකක්. අපි හැකි පමණින් උපකාර කරන්නම්. මේ වගේ වෙලාවක නැති උපකාරයකින් පලක් නෑ.

    ReplyDelete
    Replies
    1. එහෙම උපකාර කරන ගමන් තවත් අය දැනුවත් කලොත් මේ ලක්ෂ 15 ලොකු ඉලක්කයක් වෙන එකක් නෑ...ස්තූතියි දිලිනි...

      Delete
    2. ඔබටත් ස්තූතියි

      Delete
  27. අලුත් තොරතුරට ස්තුතියි..වරක් යැව්වා. තවත් වරක් යවනවා. හැබැයි ඉතිං මගෙ නම නං මේක නෙවෙයි.. යසෝදට විතරක් ලියන්නංකො..

    මීට කලින් අනුරාදපුර දරුවකුට උදව් කරන්න අපි එකතු උනා එහෙත් ඇයට වූ දේ ගැන කිසි තොරතුරක් තාමත් නැහැ.. මම යැවූ ඊ ලිපි වලටත් පිලිතුරු නැහැ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සරත් අයියා...නැවත වතාවක් උදව්වක් කරන්න අදහස් කිරීම ගැන...යශෝධා ගැන සියලු තතු පුද්ගලිකව හොයා බලා දැනුවත් වෙච්ච නිසයි මේ වැඩේට අපි උපරිමයෙන් උදව් කරන්නෙ...ඇය නිසැකවම සැත්කමෙන් පස්සෙ අලුත් තොරතුරු ඔබට කියාවි...

      Delete
    2. ඔබ එවූ email එකට මන් පිලිතුරක් එව්වා සරත් සර්. මන් හැකි හැමවිටම ඔබ සියලු දෙනාටම මාගේ විස්තර දන්වන්නම්.

      වරක් නොව දෙවරක්ම මා හට ලබා දුන් වටිනා ආධාරයට ගොඩාක් ස්තුතියි. මේ පිං බලයෙන් ඔබට දුක් කරදර වලින් තොර නිරෝගිමත් ජිවිතයක් ලැබේවයි කියා මන් ප්‍රර්ථනා කරනවා.

      Delete
  28. බොහොම හොඳයි සිරා! සඳුදට නොවැරදීම මුදල් දානව. සහන්ට ස්තුතියි කෝඩ් එකට

    ReplyDelete
    Replies
    1. බොහොම සන්තෝෂයි රාජ්...දන්න කියන අනිත් අයටත් මේ පණිවිඩය බෙදලා දෙන්න...

      Delete
    2. ගොඩාක් ස්තුතියි ඔබට

      Delete
  29. මමත් උදව්වක් කරන්නම්.... ඒවගේම මේබව කීප දෙනෙකුම මට කිව්වා. ඒනිසා මමත් දන්න හඳුනන අයට මේ පණිවුඩය දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දයානන්ද අයියෙ...ඔබ මේ දක්වන දයාවේ ආලෝකයෙන් ඒ ජීවිතය එළිය වේවා !

      Delete
  30. අනිවා පුළුවන් ලොකුම උදව්ව කරනවා. මේ ගැන දැනුවත් කරපු ඔයාල හැමෝටම ස්තුතියි.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රන්දු...දිගටම හැකි විදියට ඇයට උදව් කරමු...

      Delete
    2. ස්තුතියි ඔබටත්

      Delete
  31. පුලුවන් උපරිම සප් එක දෙන්නම් මචං ..

    ReplyDelete
    Replies
    1. අන්න සදරුවා වදන...මම දන්නවා උඹ කිව්වොත් කරනවා කියලා....

      Delete
    2. ගොඩාක් සතුටුයි මට

      Delete
  32. ඇනෝ සහෝදරයා ....මට ඉතාමත් සතුටුයි ඒ වගේම ආඩම්බරයි ඔබ වැනි අයෙකු මෙවැනි වටිනා යමක් කිරීම සම්බන්ධයෙන්...බොහෝ අයට ඇනෝ කමෙන්ටු කෙරෙහි යහපත් ප්‍රතිචාරයක් නැති වුවත් මම තවමත් ඇනෝ වරුන් සමග සුහදව ගණුදෙනු කරනවා...තවමත් සිරාගේ කාමරේ ඇනෝ වාරණය කර නැති එක ගැන මට ඇත්තටම සතුටු වෙන්න පුලුවන් මේ විදියෙ කමෙන්ට් දැක්කම...

    වැරැද්දක් තිබුනොත් ඇය ඊයක් එවාවි...ආයෙමත් කියන්නෙ...සතුටුයි ඒ වගේම ආඩම්බරයි..ඔබ කලාවූ වටිනා කාර්යය සම්බන්ධව...

    ReplyDelete
  33. කාලයකට පස්සෙ උබගෙ කාමරෙට ආවෙ සිරා මලය.හෙට උදේ වෙනකන් මට කල් දියන් මම හාමිනේට පනිවිඩේ දෙන්නම්.අනිවා වැඩේ කෙරෙයි.මට මෙහෙන් දාන්න පුලුවන් අපරාදෙ ඒකටත් මොකටද රුපියල් 800 විතර දෙන්නෙ.ඒකත් එක්කම දාන්න කියන්නම්.ඒ සොයුරියට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරන්නම්.තෙරුවන් සරනයි....
    මම ඉන්දික,

    ReplyDelete
    Replies
    1. ඉන්දික අයියා කාලෙකට පස්සෙ දැකීම සතුටක්...බොහොම ස්තූතියි උදව්වට...ඇති හැකි තව අයට මේ පණිවිඩේ දෙන්න...

      Delete
    2. ඔබගේ මේ කාරුණික සහයෝගය මට ගොඩාක් වටිනවා ඔබට ගොඩාක් ස්තුතියි...

      Delete
    3. සමාවෙන්න ඔනෙ මට තදියම තිබුනට බැන්කු අරින්නෙ සදුදටනෙ එතකන් මට කල් දියන් නගේ.....

      Delete
    4. උදව්වක් කලෙමි.ඒ සොයුරියට ඉක්මන් සුවය පතමි..
      මම ඉන්දික

      Delete
    5. බොහොමත්ම පිං

      Delete
  34. බොහොම ස්තුතියි ඔමේ මේ විශාල සහයෝගයට. මට ගොඩාක් සතුටුයි මේ වගේ වෙලාවක මන් වෙනුවෙන් වේබ් පිටුවක් ලැබිම ගැන.
    බොහොමත්ම පිං

    ReplyDelete
  35. ඔන්න මමත් පුළුවන් විදිහට උදව්වක් කලා....

    ReplyDelete
    Replies
    1. ඔබට ගොඩාක් ස්තුතියි...

      Delete
  36. ඔන්න මමත් ආධාර කලා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මිත්‍රයා....

      Delete
  37. apith adara karanna ko ithn
    oyage blog eka nam maru

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...