Wednesday, October 23, 2013

112 ඩ්‍රැගන් ෆෘට් දඩයම

සිංගප්පූරුවේදී  ලද අත්දැකීම් කල් යල් නොයවා සැනින් එසැනින් සිංහල යුනිකෝඩ් බවට පත් කලත් සිරාගේ මැලේසියාවේ අත්දැකීම් තවමත් හරි ආකාරයෙන් ලියා නැත. ලියනවා නම් ඉක්මනින් ලිවිය යුත්තේ හොර පාරෙන් ඒජන්තයන්ට හසු වී මෙහෙට නොපැමිණෙන ලෙසය. එහෙත් ඒ අඩුව මැළේ රාළ මැනවින් සපුරද්දී මම ලංකාවේ මගේ පැරණි මතකයන් ඔස්සේ වෙනත් දෑ ගැනම දිගටම ලියුවෙමි.

නැවතත් මැලේසියාව දෙසට යොමු වෙන්නට මට සිතක් පහල වූයේ මස්සිනාගේ කථාවේදී මා සමග සේවය කල සහෝදරයකු දුරබණුවෙන් මා හට ඇමතීමත් අදාළ ලිපිය පිළිබද මා දුන් ඔත්තුව මස්සිනාගේ අවදානයට යොමු කිරීමත්, ලිපිය කියවා මස්සිනා ප්‍රීති ප්‍රමෝදයට පත් වීමත් යන කරුණු කාරණා වලින් මගේ චිත්ත සන්තානය කිති කැවුනු බැවිනි.

මස්සිනා ඇතුලු අවශේෂ ශ්‍රී ලාංකිකයන් සමග මා නවාතැන් ගෙන සිටියේ නගරයෙන් දුරස්ථ රමණීය පෙදෙසක තිබූ නිවාස සංකීර්ණයක බැව් ඉකුත් ලිපියේදී මම සදහන් කලෙමි. එහෙත් එහි ගත කල කාලය තුල අපේ ක්‍රියාකාරකම් කියවුනේ නැත. අද ලිපිය ඒ ඌණ පූරණය උදෙසාය.

මේ චරිත සියල්ල එකල වාසය කල නිවාස සංකීර්ණය


මැලේසියාවේදී තාවකාලික පදනමට හෝ රැකියාවක් ලබාගැනීමට බොහෝ විට ඒජන්තයකුගේ මැදිහත් වීම අත්‍යවශ්‍යය. මේ ඒජන්තලා යනු පාර අයිනේ තැනක කාර්යාලයක් පවත්වාගෙන යන නියම ඒජන්ත වරු නොවේය. රැකියාවක් හොයන අයවලුන්ට මොන දිල්ලියෙන් හෝ රැකියාවක් සොයා දී රැකියාව ලබාගන්න තැනැත්තාගෙන් ඒ වෙනුවට මුදලක් ඉල්ලන කාක්කන් විශේෂයකි. අවංක ඒජන්තයෙකු සොයා ගැනීමට වඩා ඉබ්බාගෙන් පිහාටු ගැනීම පහසුය. ඒජන්තයෝ එතරම් කපටිය. අංග චලනයෙන් පණ පිහිටුවා විස්තර කරන රැකියාව රැකියා ස්ථානයට ගියාට පසු කිසිසේත් නැත. ප්ලාස්ටික් කොම්පැණියකට යවනවා කිව්වොත් ඇත්තටම එතැන කරන්නට ඇත්තේ නගරසභාවේ කුණු ගොඩේ ප්ලාස්ටික් තෝරන්නටය. මයික්‍රො චිප්  හදන තැනකට කියා වතාවක් යැවූ පිරිසකට කරන්න තිබුනේ ඇසිඩ් වර්ගයක් වාහන වලට පටවන්නය. මෙපරිද්දෙන් මුචලින්ද ප්‍රමාණයේ නයි ඇරීමට ඔවුන් අති ශූරය. මොවුන් සොයාදෙන රැකියාවක් අමාරුවෙන් හෝ කර පඩි ඉල්ලූ විට පඩි නැත. මේවා පිළිබද වැඩිදුර තොරතුරු ඉදිරි දින වල විවේක සුවයෙන් ලියමි.

ඉතිං අප භාරව සිටි ඒජන්තයාද කපටිකමේ ප්‍රතිමූර්තියක් බදු එකෙකි. ඔහුගේ ගිවිසුමේ අපට නවාතැන්, ප්‍රවාහනය සැපයීම මෙන්ම ආහාර පාන ආදිය සම්පාදනයද ඇතුලත්ව තිබුනි. එහෙත් මා එහි සිටි අවසන් සතියේ අප සතු කෑම සංචිතය අහවර වු පසුවත් ඒජන්තයා නොපැමිණි නිසා සෑහෙන කරදරයකට වැටෙන්නට එහි සිටි සියල්ලන්ටම සිදු විය. ඒ වෙද්දිත් පඩිපත අප සොයා පැමිණ සිටියේ නැති හෙයින් අප අත වූ මුදල සීමිත වීම මේ කරදරේ තවත් උග්‍ර කලෙහිය.

අපේ කෑම ඉවරයි...හවසට ගෙනත් දෙන්න..මා සමග සිටි උන් පළමු දිනයේම ඒජන්තයා අමතා එසේ පැවසූ කල ඒජන්තයාගේ පිළිතුර වූයේ රාත්‍රියට පැමිණෙන බවකි. එහෙත් එදායින් පසු ඔහුගේ ජංගම දුරබණුවද ක්‍රියා විරහිත වූයෙන් අපට සිදුවූයේ කබලෙන් ලිපට වැටෙන්නටය. එහෙත් මේ වෙලාවේ කාණ්ඩ දෙකක් ලෙස එක් නිවසක දෙපසක සිටි අප සියල්ලන්ම අන් කථා වල මෙන් නොව එකට එකතු වී ලංකාවේ නම තියන්නට කල්පනා කලෙන් තත්වය මදක් සමනය කරගත හැකි වටපිටාවක් ඇතිවුනි.

උඹලා ලග තියෙන බඩු මුට්ටු ඔක්කොම මෙතනට ගෙනෙල්ලා...අදින් පස්සෙ අපි තියෙන දෙයක් එකට උයමු...කන්න දෙයක් නැත්නම් එකට බඩගින්නෙ ඉමු...සැබෑ සහෝදර හැගීමෙන් එකකු පැවසූ එවදන් වලට ගරු කල සියල්ලෝ  එජන්තයා අවසන් වරට ලබා දී තිබුනු ආහාර ද්‍රව්‍ය වලින් තමන්ට හිමි වූ කොටසින් ඒ වෙද්දිත් ඉතිරිව තිබූ දෑ එක තැනකට ගෙනැවිත් ගොඩ ගැසුවෝය.

ඒ අනුව සහල් තවත් දිණ කීපයකට ප්‍රමාණවත් පරිදි තිබුනත් වෑංජනයක් හදන්නට දෙයක් නැත. ලංකාවේ මෙන් අහල පහල වෙල්දෙණි කියා දෙයක් හෝ ඒවා තුල ගොටුකොළ, මුකුණුවැන්න හෝ නොතිබුන හෙයින් යම් කිසි විකල්පයක් සෙවිය යුතුම අවස්ථාවකට අප එළඹ සිටියෙමු.

උඹලා ලග තියෙන කීය කීය හරි දීපල්ලා බලන්න...එකෙකු ආධාර වටයක් යයි. වටය අවසානයේ ලැබුනු මුදලින්  වෑංජනයක් හදන්නට යමක් මිළදී ගැනීමට  හැකියාව තිබේ. පංගුපේරු වැඩ නැත. කොටසක් බඩු ගෙන යන්නට කඩේ යද්දී තවත් කොටසක් ඒවා පිසින්නට සූදානම් වෙයි.

මේ අයුරින් ගතවූ දිණ කීපයකට පසුවත් ඒජන්තයා නැත...උගෙන් ප්‍රතිචාරයක්ද නැත...අපි උන්නාද මළාද කියාවත් නොසොයන මේකාගේ දෙමාපියන් පවුය. ඔව්හු එතරම් බැනුම් ඇසූහ. දැන් තත්වය ඉතාමත් බරපතලය. කඩේ යන්නට සල්ලියක් එකෙකු ලගවත් නැත...හාල් මිටියේ තවත් සුලු කොටසක් ඉතිරිව තියෙයි. එහෙත් මිරිස්, ලූණු, වැනි කිසිම දෙයක් අපේ කුස්සියේ නොමැත.

උද්ගත වී ඇති තත්වය හමුවේ දිනකට ආහාර වේල් දෙකකට පමණක් අනුමැතිය ලැබුනු පසු වෑංජනයක් සකසන්නට දෙයක් නැතිව සියල්ලෝ වට පිට බැලූහ. මෙන්න මේ අවස්ථාවේ පෙරට ආවේ කලින් වතාවක පෝස්ටුවක් තුලින් අපට හමුවූ අපගේ ආදරණීය මස්සිනාය.

උයන්න දේවල් මේක ඇතුලෙන්ම හොයාගමු...මම දැක්කා අතන හොද ඵලදාවක් තියෙන ගස්ලබු ගහක් තියෙනවා...දෙමුද ගේමක්....දත් කොටේ පෙන්වමින් මස්සිනා සුපුරුදු සිනහව පෙන්වයි.

මේ මහ දවල් සෙනගත් ඉන්නවනෙ බං...කොහොමද ඒකෙන් ගස්ලබු කඩන්නෙ...

යේක මම කොරන්නම්...කලින් කථාවේදී අපට මුලිච්චි නොවූ ප්‍රේමේ එසේ පැවසුවේය. දමිළ සහෝදරයෙකු වූ ප්‍රේමකුමාර් යාපනය ප්‍රදේශයේ අයෙකි. කකුල් දෙකෙහිම දණහිස්සෙන් පහළ සුව වූ විශාල තුවාල කැලැල් සංඛ්‍යාවක් තිබීමත්, මැලේසියාවේදී එක්සත් ජාතීන්ගේ සරණාගත වීසාවට අයදුම් කර තිබීමත් නිසා ඇතමෙක් ඒකා නැති තැන මූ නම් කොටි සංවිධානෙ හිටිය එකෙක්ද කොහෙද යනුවෙන් කීවත්...එය අපේ සමගියට බාධාවක් නොවීය....අඩු වශයෙන් සිංහල කථා කිරීමට ඔහුට හැකි වුවත් ඉංග්‍රීසි භාෂාව පිළිබද මනා දැනීමක් තිබූ නිසා අප අතර සන්නිවේදනයට එය රුකුලක් විය.

ප්‍රේම්කුමාර් ටික කලකදී ප්‍රේමේ විය...තවත් ටික දිනකින් එය ප්‍රේම් යනුවෙන් මොඩ් විය. ඒ අනුව ගස් ලබ්බට අත තියන්න බාරගත්තේ ප්‍රේම්ය. ප්‍රේම් ඕනෑම තැනක නෑ බෑ නොකියා වැඩට ඉදිරිපත් වෙන එඩිතර චරිතයකි. මෙතැනදීත් සිදූවූයේ එයමය. තමා ලග තිබූ කුඩා පිහියක් කොහෙන්දෝ හොයාගත් ලීයකට තබා බැදගත් හෙතෙම ගිණි මද්දහනේ නිවාස සංකීර්ණයේ කාටත් ඇස ගැසෙන තැනක සිටුවා ඇති ගස්ලබු ගසට ලං වෙන්නට මාන බලයි. ලීය එතරම් දිගු නැති නිසා...ගස්ලබු ගසේ භාගයක් දුර බඩගෑමට ප්‍රේම්ට සිදුවෙනු නිසැකය. මම තනියෙන් යන්නම් කවුරුත් එන්න එපා...ප්‍රේම් එසේ කීවෙන් අපේ කිසිවෙකු උගේ සහයට නැත. අපගේ නිවස පිහිටා තිබූ 4 වෙනි තට්ටුවට ලබු ගස හොදට පෙනෙයි.

මා සමගම සිටි මස්සිනා......

අයියා ලබු හොද්ද කාලා තියෙනවද ?

කවදාවත් අපේ ගෙදර උයලා නෑ බං...

එහෙමද ටෝක් එක...හරියට තුනපහ දාලා ගත්තම කැකිරි පරාදයි...ලංකාවට ගිය වෙලාවක එන්නකො අපේ ගෙවල් පැත්තෙ...ඔයා කෑවට පස්සෙ කියන එකක් නෑ මේ ගස් ලබු කියලා...අනිත් එක ඇගටත් සෑහෙන ගුණයිලු..මස්සිනා ලබු වෑංජනයේ අනර්ඝත්වය විස්තර කරයි.

කථා බහ අතරතුර අපේ අවධානය නිරතුරුව යොමු වී ඇත්තේ ප්‍රේම්කුමාර් වෙතය. ඒකා ගහ වටේ කැරකෙනවා මිසක ගෙඩි කඩන පාටක් නැත.

ඉක්මනට ගෙඩි දෙක තුනක් කඩපංකො ප්‍රේමයො..වටේ කැරකෙන්නෙ නැතුව...මස්සිනා මොර දෙයි...බලාගෙන ඉදලා වැඩක් නෑ අයියෙ එන්නකො මා එක්ක පල්ලෙහාට යන්න...මමද මස්සිනා සමග ලබු ගස ඇති ඉසව්වට ලගා වුනෙමි. එහි පසෙක විවේක සුවයෙන් සිටින්නට සැකසූ කුටියක් බදු තැනකි. එහි ඇති කුටියේ මම අසුන් ගත්තෙමි. ප්‍රේම් කොලුවාදා සෙල්ලං නැත...අප එතරම් බලාගෙන සිටියද අපේ ඇස් වලටත් වැලි ගසා ඒකා ඒ වන විටත් ලොකු ලබ්බක් බිම සතපවා තිබුනි.

විවේක සුවයෙන් ඉන්න හදපු කුටිය තමයි මේ පේන්නෙ

පළවෙනි එක කඩපු ගමන් කවුදෝ මේ පැත්තට ආවා මම ඉක්මනට බිමට පැන්නා...ප්‍රේමේ ඇසෙන නොඇසෙන ගානට කියයි.

ඔහොම භය වෙලා බෑ බං...මෙහෙ වරෙන් ඉතුරු ටික මම කඩලා දෙන්නම්...මස්සිනා ලබ්බට අත තියන්නට දැන් දැන් සැරසෙයි....වට පිට බැලූ හෙතෙම ලබු ගසේ කරටිය දක්වා ඉගිලුනේ අසුරු සැනිනි. දඩාස්  දඩාස් යන අනුකරණයෙන් බිම පතබෑවුනු ලබු ගෙඩි අසල පදුරු අස්සේ සැගවෙද්දී මස්සිනා හොද ළමයා මෙන් නැවතත් අප සමීපයට විය.

දැක්කා නේද...අන්න ඒමයි වැඩේ කරන්නෙ...ඇඹරි ඇඹරි ඉදලා බෑ...ඔහු ප්‍රේම් කොලුවාට උපදෙසක් දෙයි.

මස්සිනාගේ ලබු හොද්දේ ආනුභාවයෙන් දවල් දිනය ගත වුවත්....ඒ සමගම සහල් සංචිතයද අවසන් වීම හේතුවෙන් රාත්‍රි ආහාරයට වැට බැදිනි. දැන් ඉතිං මොකද කරන්නෙ...කිසිවෙකුගෙනුත් යෝජනාවක් නැත.

අපි අර රතු පාට ගෙඩි තියෙන වත්තට පනිමු. ඕවා මොන රහද අයියෙ...මම කවදාවත් කාලා නෑනෙ..මස්සිනා තමන්ගේ යෝජනාව සභාව හමුවේ ඉදිරිපත් කලේ එසේය. එවකට අප නවාතැන් ගෙන සිටි ස්ථානයට යාබදව පිහිටියේ අති විශාල ඩ්‍රැගන් ෆෘට් වගාවකි. රාත්‍රී 10 පමණ වනතුරු විදුලි පන්දම් එළියෙන් වත්ත තුල ඔබ මොබ යන එහි සේවකයෝ ඉන් පසු හාවක් හූවක් නැත. 4 වන තට්ටුවේ පිහිටි අපේ නවාතැනේ සිට බැලූ කල්හි රතු පාටින් බැබලෙන ඩ්‍රැගන් ෆෘට් ඵලදාවත්...ඩ්‍රැගන් ෆෘට් ගෙඩි වලින් පිරවුනු විල් බැරැක්ක තල්ලු කරන ස්වදේශික ලදුනුත් අගේට පෙනුනි.

අපගේ නිවස්නයට පෙනුන ඩ්‍රැගන් පෘට් වත්ත
වත්තෙ වැඩ කරන අය දවල්ට හිටියෙ නිල් පාටට පේන ටකරං මඩුවෙ

ඕවට පනින් යන්න එපා බොලව්...බැරිවෙලාවත් කරන්ට් වයර් එකක්වත් ඇදලා තිබුනොත් පනින උන් සුන්....මගේ අදහස මම නොවලහා ප්‍රකාශ කලෙමි. එහෙත් එය මේ කර්තව්‍ය වළකන්නට තරම් ප්‍රමාණවත් නොවුනි.

අර යකා එනකං කියලා කවදා වෙනකං බලන්නද අයියෙ...අපේ පාස්පෝට් උගෙ ලග නොතිබුනා නම් මෙළහකට අපි ජොබ් එකට හෙණ ගහපුදෙන් කියලා ගිහිල්ලනෙ...මොනවා කරන්නද අතේ සල්ලිත් නැති එකේ මෙහෙම දෙයක් හරි නොකර...

කවුද වත්තට පනින්නෙ...මස්සිනා විමසයි...ඉහළට එසැවුනු පළමු අත ප්‍රේමකුමාර්ගේය. ඉන් පසු තවත් අත් කීපයක් ඉහළට එසැවිනි. රෑ දෙකට විතර වැඩේට බහිමු...කරුවලේ පේන සුදු ඇදුම් එහෙම අදින්න එපා...කලුවට හුරු ඒවා ඇදපල්ලා...මස්සිනා තමා කුඩා කල සිට වැර වෑයමෙන් රැස් කරගත් හොර ඥාණය කොල්ලන් අතර නොමසුරුව බෙදයි.

උගේ කථා පෙට්ටියට පින් සිදු වෙන්නට කාලය ගෙවුනේ අපට හොරාය. දැන් දැන් බඩගින්න ලැව් ගින්නක් මෙන් පැතිරී ඇති සෙයකි. බඩේ පණුවන් කුපිත වී ඇති හැඩකි. හොර නඩයට නායකත්වය දෙමින් පහළට යන්නට ප්‍රථම අපගේ නිවස්නයේ සිට ඩ්‍රැගන් පෘට් වත්තේ ඒ මේ අත හොදින් බැලූ මස්සිනා...

වත්තට පනින්න ඕනෙ අන්න අතනින්...එතන ඔය පත්තු වෙලා තියෙන ලයිට් එක මම තව ටිකකින් ගලවනවා...උඹලා ඊට පස්සෙ වැට අයිනෙන්ම ඉස්සරහට යන්න ඕනෙ...බැරිවෙලාවත් වත්තෙ වැඩ කරන එකෙක් ආවොත් උඹලා මේ පැත්තට එන්න එපා...පුලුවන් තරම් වත්ත ඇතුලට පලයල්ලා...ෆෝන්වල සද්ද වහපල්ලා...අපේ ඉන්න ගානට විතරක් ගෙඩි කඩපල්ලා...මම දවල් දැක්ක විදියට අර කොණේ ගස් වල තමයි වැඩිපුර ගෙඩි තිබුනෙ...



හැබෑටම මේ වත්ත සෑහෙන විශාල එකක්

ඩ්‍රැගන් පෘට් ශාකයන්හි පිපුනු මල් තමයි සුදු පැහැයෙන් පේන්නෙ


මේ කෙහෙල් කැන නම් අපි එතනින් යනතුරාවට මස්සිනාගෙන් බේරිලා නිරුපද්‍රිතව තිබුනා

ඒ කියන්නෙ උඹ වත්තට පනින්නෙ නැද්ද...හොරුන්ගෙත් හොරා කම්බ හොරෙක් වූ මස්සිනාගේ නොපැමිණීම ගැන උරණ වූ එකෙකු ඒකාට බැන වදියි....උඹේ කයිය නම්...උඹ මහ ලොකුවට කිව්වෙ ඉස්කෝලෙන් අරක ඉස්සුවා මේක ඉස්සුවා කියලා...ඔක්කොම බොරුනෙ...උඹට මේ වත්තෙ වැට පැන ගන්න බෑනෙ...භයේ වෙව්ලනවා... තාමත් මස්සිනා සන්සුන්ය. දත් කොටේ පෙන්වා හෙතෙම සිනාසෙයි.

මම පුරුද්දක් විදියට හද තියෙන දවසට හොරකමේ යන්නෙ නෑ....ඒ හින්දයි මම එන්නෙ නැත්තෙ...

අනේ මේ වරෙල්ලා මේකගෙ බණ අහන්නෙ නැතුව...මුගෙ කයිය විතරයි...ඒ අවසරයෙන් නප්පියටම තද වූ එකෙකු ප්‍රේම් ද සමගින් පහළට යන්නට  සූදානම් වෙයි.

පොඩ්ඩක් පහළට යමු අයියෙ..අපි හැමෝගෙම බඩගින්න හින්දනෙ මුන් වත්තට පනින්නෙ...ඒ නිසා පොඩ්ඩක් උදව් කරමු. හොරකමට මම කැමති නැත. එහෙත් මෙතැන එය වැළකීමට කටයුතු කිරීමෙන් ප්‍රයෝජනයක්ද නැත. ඒ නිසාවෙන් මස්සිනා සමග ඇවිද යාමට පමණක් මම එකතු වූයෙමි.

අසළ වූ කෙහෙල් පදුරක් අසල පිරිස රැදවූ මස්සිනා තනිව ගොස් වට පිට තත්වය, අපේ නිවාස සංකීර්ණයේ තවමත් නිදි වර්ජිතව සිටින අය ආදී මෙකී නොකී තොරතුරු රාශියකින් සන්නද්ද වූ පසු වත්තට පනින්නට නියමිත ස්ථානයේ වූ විදුලි බල්බය සංයමයෙන් කරකවා ගැලවූවේය.

හා හා දැන් ඉතිං වැට පනින්න ලෑස්ති වෙයල්ලා...හැබැයි කලබල වෙන්න එපා...හිමින් සැරේ...වත්ත ඇතුලෙදි සද්දයක් බද්දයක් ආවොත් ගහකට මුවාවෙලා බලාගෙන ඉදපල්ලා...එක සැරේ දුවන්න එපා.. මස්සිනා හොරු වෙන්නට යන උන්ට හොර අත්දැකීම් අවසන් මොහොතෙත් බෙදා දෙයි.

මස්සිනාගේ සුරතට පින් සිදු වන්නට ලිහිල් වූ තැනක කම්බි පොටවල් කීපයක් අතරින් ප්‍රේම් සහ තවත් එකෙකු වත්ත තුලට බැස්සාහ. ඩ්‍රැගන් ෆෘට් වත්තේ වූ කෑළි කැපිය හැකි ඝන අදුරේ ඔවුන් නොපෙනී යද්දී මස්සිනාද ඒ දෙසට නෙත් යොමු කර අදුර ඇති තැනක සැගවුනි. කාලය ටික් ටික් හඩින් ගලාගෙන යන අතරේ මුන්ට කරදරයක් වේදෝයි සිතමින් මගේ හදවත වේගයෙන් කම්පොනය වෙයි.

විනාඩි 20 පමණ ගත වන්නට ඇත....ඩ්‍රැගන් ෆෘට් පදුරු අතරින් කළුවර සෙවනැලි දෙකක් වැට අද්දරට ලගා විය. වැට අයිනටම වෙන්නට තිබූ කෙසෙල් පදුරු අතරින් පැමිණි එකෙක්...

මස්සිනෝ ගනින් යකෝ...මේ ටික ඉක්මනට....රතට රතේ බැබලෙන අති විශාල ඩ්‍රැගන් ෆෘට් අහුරක් මස්සිනාගේ සරමට වැටෙයි...සරම කැඩෙයිදෝ සිතා නොසිතා මස්සිනා එක පිම්මට හතර වෙනි තට්ටුවට දුවයි. මෙහෙයුමට සහභාගි වූ යුවලද වැටේ කම්බිය පිළිසකර කර හොර පූසන් මෙන්...නිවස්නයට පැමිණෙයි.

බඩගින්නෙන් පීඩාවට පත්වී සිටි හැමෝම දැන් ඩ්‍රැගන් ෆෘට් වල රහ බලන්නට සූදානම්ය. ඒ අතරින් මීට පෙර මේවායේ රස බලා සිටියේ මා විතරක් විය යුතුය. මේවාගෙ කන්නෙ කොයි කොටහද අයියෙ...මස්සිනා විමසයි...ඉදිලා කියනනෙ මචං රිදෙන්න ඉදිලා...තව එකෙක් කියයි...බිමට එළන ලද පත්තර කොළයක් උඩ සැතපවූ ඩ්‍රැගන් ෆෘට් උඩ බලා සිනාසෙයි...

ඩ්‍රැගන් ෆෘට් ගෙඩියේ වටේ ඇති ලෙල්ල ඉවත්කල පසු පොල් ගෙඩියක් තරමේ අලංකාර දම් පාටකින් යුතු ඵලයක් එහි අභ්‍යන්තරයේ වෙයි. එය ආහාරයට ගත යුතු කොටස බව මා දැක්වීමෙන් පසු සියල්ලෝ ඉවසුමක් නැතුව ඩ්‍රැගන් ෆෘට් දෙසා බෑහ...ලංකාවේදී මා අනුභව කල සුදු පැහැති වර්ගයට වඩා මේ වර්ගය අතිශයින් රසවත්ය...එක් ගෙඩියක් අනුභව කල පමණින් කුසගින්න අතුරුදහන් වෙයි.



මස්සිනාගේ කූට මොළයට අනුව සුන්බුන් සියල්ල ඈතින් තිබූ කුණු බහාලන තැනක තැන්පත් කිරීමෙන් පසු මෙහෙයුම අවසන් විය. එහෙත් ඩ්‍රැගන් ෆෘට් අනුභයේදී අතේ ගෑවෙන යුෂ වල ඇති රෝස පැහැය නම් සබන් යොදා අත සේදුවත් යන්නේ නැත. මේ මෙහෙයුමෙන් දිණ දෙකකට පසු ඒජන්තයා පැමිණි අතර වැටුප් ආදිය ගෙවූ පසු පිරිසට විසිර යන්නට අවසර ලැබිනි. මෙයින් පසු දිනක නැවතත් ඩ්‍රැගන් පෘට් අනුභව කලද මේ කියන දවසේ ඒවා තරම් රසවත් නොවෙතැයි මට සිතේ. සහෝදරත්වයෙන් යුතු පිරිසක් සමග කෑ ඩ්‍රැගන් පෘට් එතරම් රසවත්ය.

සියවසේ පළතුර ලෙස හදුන්වන ඩ්‍රැගන් පෘට් පිළිබද කදිම විස්තරයක් මෙතැනින්



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා



ප.ලි

හොරකම කිසිසේත් අනුමත නොකරමි. අන් අයකුගේ කුමන දේ හෝ හොරෙන් ලබා ගැනීම ඉතාමත් පිළිකුල් ක්‍රියාවකි. එහෙත් මෙහිදී සියල්ලන් පත්ව සිටි අසරණ කම නිසාම මෙවැනි ක්‍රියාවක නිරතවීමට මේ අයට මග පෑදු බව සටහන් කරමි.

112 comments:

  1. අපේ දිතෑත් තාත්තා වවලා තියෙනවා ඩ්‍රැගන් ෆෲට් !
    තාම නං ගෙඩි ආවේ නෑ.. බලමුකෝ ගෙඩි ආවහම :)

    මේ පාට එවුවා නං දැකලත් නෑ.. මං දැකලා තියෙන්නේ සුදු පාට එවුවා :)

    ReplyDelete
    Replies
    1. මමත් ලංකාවෙදි දැකලා නෑ...මෙහෙදි තමයි ඉස්සෙල්ලාම දැක්කෙ..ලංකාවෙ තියෙන වර්ගයට වඩා මේ වර්ගයේ ගෙඩි සෑහෙන ලොකුයි...රස නම් උපරිමයි...

      Delete
  2. අනේ මන්දා සිරා මෙහෙ තියෙන ඒවා නම් මෙලෝ රහක් නැහැ.. කාපු එකෙක් අනිත් දවසේ පැත්ත හැරිලා බලන්නේ නැහැ.. මට නම් එපා උනා..නිකන් දුන්නොත් මිස සල්ලි වලට නම් අරන් කන්නේ නැහැ ... :(

    ReplyDelete
    Replies
    1. මමත් ලංකාවෙදි රුපියල් 300 කට වඩා ගෙවලයි ගෙඩියක් ගත්තෙ...මෙලෝ රහක් නෑ තමා...ඒ සිතුවිල්ලෙන් මේ සැරෙත් මම එච්චර උවමනාවෙන් නෙමෙයි කෑවෙ...නමුත් මේ රතු වර්ගය ඉතාම රසවත්...එක ගෙඩියක් කෑවම බඩ පිරෙනවා නිකං බත් කෑවා වගේ..

      Delete
    2. රතු වර්ගයේ ගෙඩිත් මම දවසක් ගත්තා බං , ඇබින්දං ගෙඩි දෙකක් , ඒකාලේ හිටියේ ලොක්කි විතරයි . අපිදෙන්නා නං කෑවේ නැ , හාමිනේ නං , රහ නැති උනාට ගුණයි අනේ , සල්ලි අපරාදේ අනේ කියලා සීනිත් එක්කබ්ලෙන්ඩර්එකට දාලා කොටාගන වතුරත් දාලා බිව්වද කොහෙද

      Delete
    3. \\\\රහ නැති උනාට ගුණයි අනේ .... සල්ලි අපරාදේ අනේ\\\\

      ගත්ත හැම එකාම කියන්නේ මෙච්චරයි ... :D

      Delete
    4. මටත් ඔය සන්තෑසියම තමයි... අපේ අම්ම දවසක් ඔය රතු වර්ගයේ එකක් ගෙනත් දීලා, අපරාදෙනෙ විසිකරන්න කියලා ඔය විදියටම බ්ලෙන්ඩර් කරලා බිව්ව.. හැබැයි එතකොට නං රහයි... හි හි... ඒ උනාට අම්ම නං කිව්වා ඒක රහයි කියලා.. අනේ මන්ද...

      Delete
    5. උඹලට හොඳ ගෙඩියක් කන්න ලැබිල නෑ. හොඳට පැහිල ඉදුනු ගෙඩියක් මාර රසයි බං. මගේ යාළුවෙක් මේ වගාවක් දැම්ම අවිස්සාවේල්ලෙ කොස්ගම. සුදු-රතු වර්/ දෙකම තියනව.

      Delete
    6. @හ๢ර๠

      hihihi

      Delete
    7. හොදට ඉදුනු රතු වර්ගයේ ගෙඩියක් අරන් කාපල්ලා...හැබැයි මේ දෙවර්ගයේම පොත්ත එක වගේම නිසා විකුණන තැන ගෙඩියක් කපලා තිබුනෙ නැත්නම් මොන වර්ගයද කියලා හරියටම දැන ගන්න අමාරුයි.

      Delete
  3. ඕක ඉස්සර ආපුම දවස් වල හෙන ගණන් හින්ද මමත් හිතුව හෙන රහ ඇති කියල. අයියෝ සල්ලි.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් අය ඔය ගෙඩියෙ තියෙන අමුතු පෙනුමට වශී වෙලා තමා ගන්නෙ...රහ බලපු නැති අය ඉතිං රහ බලන්නත් ආසයි..

      Delete
  4. සිරෝ ඔව්වා කරනකොට ක්‍රියාන්විතයක් විදිහට කරන්න ඕනේ. 'ඔපරේෂන් ගස්ලබු' 'ඔපරේෂන් ඩ්‍රැගන්ෆෘට්' අන්න එහෙම වැදගත් විදිහට කොරන්න ඕනේ වැඩනේ ඔව්වා. අර රතුපාට ඩ්‍රැගන් ෆෘට් දැක්කම නම් පෙරේතකොමේ බැරුවා.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ..මට දැනුයි කම්පනාවට ආවෙ...සෙබල මුලක් හදාගෙන රෙජිමන්ට් එකක් අමුණ ගත්තා නම් වත්තම ගලවලා අපිට වෙන භෝගයක් ඉන්දන්නත් තිබුනා....ගිය නුවණ ඉතිං ආයෙ ගන්න බෑ නොවැ....

      Delete
  5. අපෝ මල ජරාවක් අපිට නම් බට අතින් ඕවා සෙමිනා එකකට ගිහින් අම්බානක් හම්බුනා උන් කපටි කමටද කොහෙද 2කට පලලා තිබුනේ නැත්නම් අපිට විකුණගන්න හරි තිබුනා

    අපිටත් ඔය ගස් වල තියන ගෙඩින්ම් පෙන්න බෑ අනිවා උදේට අතුරුදහන් කරනවා සල්ලි දීලා කනවට වඩා උස්සලා කන ඒවා රස වැඩියි මගේ හිතේ

    ReplyDelete
    Replies
    1. මේ වර්ගය නම් හරිම පැණි රහයි...මංශල ගතිය වැඩි නිසා කුසගින්නත් නැතුව යනවා...ඩ්‍රැගන් පෘට් වලින් ලැබෙන පෝෂණය බොහොම ඉහලයි කියලයි කියන්නෙ...

      Delete
  6. සිරා කවුරුන්දැයි අපි දනිමු.

    ReplyDelete
    Replies
    1. සිරා කොහෙ ගියත් එමම තමා ඉතිං....

      Delete
  7. නියම ශ්‍රී ලාංකිකයෝ ටික! :D

    ReplyDelete
    Replies
    1. උඹ දන්නවනෙ ඉතිං ලංකාවෙ උන් මොනවා හරි කරලා දිවි රැකගන්න සූරයො කියලා...

      Delete
  8. දැන්වත් උඹ කට්ට කන එක ඉවරද මල්ලියො....?
    රස වැඩි නම් දම් පාට එක.සුදු පාට එකත් ලාවට ඇඹුල් මිශ්‍ර දිය රහකුත් එක්ක නරකමත් නැහැ.

    ReplyDelete
    Replies
    1. කට්ට කන එක ඉවර වෙලා මාස ගාණක් ගත වුනා කෙන්ජයියෙ...සිරා ලංකාවෙ කරපු වෘත්තියම දැන් බොහොම නිදහසේ කරගෙන යනවා...

      Delete
    2. සතුටුයි..
      අපේ මැලේ මල්ලිය ලොකු මෙහෙවරක් කරනව ලිපි ලියමින්.
      එයට ලංකාවෙ පුවත් පත්/TV මගින් ඔබට යම් කිසි මෙහෙවරක් කල හැකිදැයි සොයා බලන්න මල්ලි.

      Delete
    3. නලින් අයියා මෙහෙට ආව වෙලාවෙත් මාව හමුවෙලා ගියේ...මම එවරත් ඔහුට කිව්වෙ මෙහෙ ඇත්ත තත්වය ගැන ලියන්න කියලා...තව මාස දෙක තුනකින් මගේ අත්දැකීම් ටිකත් ලියලා දානවා....ඒක නෙමෙයි මොකක්ද මේ වලි සීන් එක ?

      Delete
  9. අපි ඉස්කෝලේ යන කාලේ මඤ්ඤොක්කා උස්සපු හැටි මතක් වුනේ.. ඒ වගේද අෆ්ෆා ඉතින් ඩ්‍රැගන් ෆෘට්..

    ReplyDelete
    Replies
    1. මඥ්ඥොක්කා ඉස්සුවා කිව්වෙ ගස් ගැලෙව්වද ? පවු ඉතිං හිටවපු එකා...අලය බහිනකං බලාගෙන ඉන්න ඇති....

      Delete
  10. කුසගින්න ලොකුයි පන්සිල්වලට වඩා! තවත් කුසගින්න දැඩිවෙන කොට පානාතිපාතාවටත් පෙළඹෙයි.

    ReplyDelete
    Replies
    1. ඔහෙත් එක්ක බෑ... මමත් කියන්න ගියේ ඕකමයි.. මිනිස්සුන්ට අසාධාරනකම් සිද්ද වෙන කොට තමයි, මිනිස්සු වැරදියි කියන වැඩ වලට පෙළබෙන්නේ...

      මගෙත් ප්‍රියතම කෑමක්.. ඒත් වැඩියෙන්ම කැමති දූරියන්..

      Delete
    2. සමහරුන්ට බඩ තමන්ගේ පිරිලා ඉද්දි වැදී බණ දෙසන්න හිතෙනවා.. උඩම ඉන්න ඩබලම නොම්බර එකේ වැදී බණ දෙසන ඩබලක් ...

      Delete
    3. අසනීපය වැඩි වෙලාද මන්ද...?

      Delete
    4. වේසි වගේ වත්ත වටේ යන එකද ?

      Delete
    5. මම එතනින් අයින් උනාට තව කීප දෙනෙක් තාමත් වැඩ...ඊයෙ පෙරේදා ආරංචියක් ආවා තලගොයෙක්ව යටියන්තොට යැව්වා කියලා...කකා කියපු දේම නේද වෙලා තියෙන්නෙ...

      Delete
    6. ආ...මම දැනුයි දැක්කෙ....පොඩි ළමය...
      සයිලන්ට් කෑල්ල අයින් කොරල හොදට බූරුම් හඩ එන සයි ලන්සර් කියල දාගන්න මගෙ මල්ලිය.

      Delete
    7. මේක සොදුරු වලියක්ද ? නැත්නම් පිහියෙන් ඇනලා බෙලි කපන වර්ගයේ දරුණු එකක්ද ?

      Delete
    8. වචන හසුරුවන විලාශයෙන් ඔබ එය තේරුම් ගන්න.
      මම නම් සැම විට සොදුරු සිතිවිලි සමග ජිවත්වන බුවෙක්මි..

      Delete
  11. කන්ට දෙයක් නැතුව කට්ටිය හිටපු හැටි අහපුවාම දුකේ බෑ.

    ඩ්‍රැගන් ෆෘට් රතු එක රහයිනේ. :)

    ReplyDelete
    Replies
    1. ඔහෙ වගේ නෙමෙයි පොඩ්ඩි...මෙහෙ අපේ කොල්ලො හරියට දුක් විදිනවා...අද ඔපීසියක සුව පහසුවට නුවරඑළි සිසිල විදගෙන වැඩකලාට මා එක්ක දුක් වින්ද කොල්ලන්ව තමයි මට නිතරම මතක් වෙන්නෙ...

      Delete
  12. මම කාල තියෙනව...ඕව

    පිළිකා වලට දිවි ඔසුවක් තමා ඩ්‍රැගන් ෆෘට්.....

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ නං මේ ගෙඩියක ගාන සාමාන්‍ය ජනයාට දරාගන්න අමාරු නිසා කුතුහලය යන්න කෑවට පස්සෙ ආයෙ නම් ගොඩාක් අය කන්නෙ නෑ...

      Delete
  13. ඩ්‍රැගන් ෆෘට් කාලානම් නැ.
    කන්න අසාවෙන් හිටියේ.
    මැලේසියවෙ කෙසෙල් කැනටම තියෙන්නෙ එක ඇවරියද?නැත්තන් එක ඇවරියද ඉතුරු කලේ?

    ReplyDelete
    Replies
    1. ඒ කෙසෙල්වල කොහොමත් තියෙන්නෙ ඇවරි දෙකයි තුනයි. ඒවට තමයි "නේත්‍රපලම්" කියන්නෙ. එක ගෙඩියක් රු. 100/= යි., වේලක් පිරිමහගන්න පුළුවන්. ඒ වගේම පුරුස සත්තිය වර්ධනේ කරගන්නත් හොඳයි.... ;)

      Delete
    2. නේත්‍රපලම් ගැන අහලා තිබුනට ෆොටො එකක් හරි දැක්කේ අද තමා.

      Delete
    3. මාත් බැලුවෙ මුං නේත්‍රපලමට වැඩේ නොදුන්නෙ ඇයි කියල

      Delete
    4. //මාත් බැලුවෙ මුං නේත්‍රපලමට වැඩේ නොදුන්නෙ ඇයි කියල//

      කන්න නැතිව ඉද්දි මොන පුරශ ශක්තියක්ද රාජ්.

      Delete
    5. සුමිත් අයියා නියම පිළිතුර දීලා තියෙනවා...තව දවස් කීපයක් මේ විදියට වේල හොයාගන්න උනා නම් කෙහෙල් කැනටත් සොරි තමා...මම හිතන්නෙ ටිකක් පැහිලා මදි හින්දයි ඒක බේරුනේ....

      Delete
  14. ඩ්‍රැගන් පෘට් මාත් දවසක් කෑවා ඒත් පුරුද්දක් නැති කමට කිසි ගතියක් තිබ්බේ නැහැ. මොනා උනත් උඹ කව්ද කියල මම දන්නව නේ මලේ..

    ReplyDelete
    Replies
    1. වචනයට ස්තූති...කොහෙ ගියත් මොන සමාජය ඇසුරු කලත් සිරාගෙ ගතිගුණ කවදාවත් වෙනස් වෙන්නෙ නෑ....හැමදාම අසරණයාට පිහිට....

      ලංකාවෙ වගා කරන වර්ගය මම හිතන්නෙ එතරම් රසවත් නෑ...අපිට තාමත් රටේ අවශ්‍යතාව රට තුලින් සපුරාගන්න බැරි නිසා පිටරටිනුත් ගෙන්වනවා ඇති.

      Delete
  15. ඔය වගේ ගේමක් දීල කනකොට කඩෙන් සල්ලි දීල අරං කනවට වඩා රසයක් දැනෙනව තමයි.

    අර කෙහෙල්කැන බේරුනේ කොහොමද කියලයි මම කල්පනා කරන්නෙ. එක්කො ඔතන හිටපු කවුරුවත් කලින් කෙහෙල් කාල තිබුණෙ නැද්ද මංද? :D

    ReplyDelete
    Replies
    1. කෙහෙල් කන්න තරම් මට්ටමකට පැහිලා තිබ්බ නැති එක තමයි මූලික කාරණේ...නැත්නම් ඉතිං මස්සිනාගෙන් බේරෙයි....පහුවදාට ගහ තිබ්බ තැනවත් හොයාගන්න බැරි වෙයි.

      Delete
  16. මාර කට්ටක් නෙ කාලා තියෙන්නෙ.

    අපේ පැත්තෙ නම් ඩ්‍රැගන්ෆෘට් කියන්නෙ අඹ, නාරං වගේ සාමාන්‍ය පළතුරු භෝගයක්. වර්ග දෙකෙන්ම තියෙනවා.
    ඕවා කෑමට වඩා බීමටත් 'වර්ණක' වලටත් තමයි වඩාත් ම සුදුසු.

    ReplyDelete
    Replies
    1. සුමිත් අයියලගෙ පැත්තෙ වගා කරනවද ? ඩ්‍රැගන් පෘට් ලංකාවෙ හොදට වවන්න පුලුවන්...මොකද මේ ශාකයට බොහොම තද හිරු එළිය හිතකර නිසා...

      Delete
  17. සිරාවටම, හැම දෙයක් ගැනම ඔය හොරෙන් කරන ‍එකේ ආතල් එක වැඩි බව නම් ඇත්ත. ඒකනේ අපි නොමිලේ දෙන ලිනක්ස් තියෙද්දි හොරෙන් ගන්න වින්ඩෝස් පාවිච්චි කරන්නෙ. නැද්ද...?

    ReplyDelete
    Replies
    1. හොරෙන් බිව්ව කුරුම්බා , තැඹිලි, හොරෙන් කඩපු අන්නාසි එහෙම කොච්චර රසද...අන්නාසි කියද්දි තව පෝස්ට් එකක් මතක් වුනා...ඒක ඉදිරි දිනක...

      Delete
  18. හැදෙන්ඩ නං කට්ටක් කන්නම ඕනි බන් ... කොහොම උනත් ඔය අත්දැකීම් උබට කවදා හරි ප්‍රයෝජනවත් වෙයි .. හැබැයි උබලගේ ඒජන්තයා අනික් උන් තරම්ම හොරෙක් නෙවේ වගේ ....!! ඩ්‍රැගන් පෘට් " අනේ අප්‍රසන්නයි .... එකම පාරක් ගෙඩි රුපියල් 200 කට ගත්තු ගෙඩිය විතරයි යේ අහු උනේ නෑ..............!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ලංකාවෙ කවදාවත් ගන්න බැරි තරමෙ අත්දැකීම් කන්දරාවක් ලබා ගත්තා...ඒවා ජීවිතයට බොහොම ප්‍රයෝජනවත් බව ඇත්ත...

      ඩ්‍රැගන් පෘට් වල තියෙන අමුතුම ආකාරයේ පෙනුමත්, ඇහැකඩාගෙන යන වර්ණයත් නිසා තමයි ගොඩාක් දෙනා පළමු වරට මිළදී ගන්නෙ...

      Delete
  19. කෑම නැතුව ඉන්නකොට ඕක මොකද්ද? ලඟ පාතක සත්තු වත්තක් තිබ්බා නම් මුවෙක් උණත් මාරාගෙන කයි... හෙණ කට්ටක්නෙ උඹලා කාල තියෙන්නේ...

    ඔය ෆෘට් එක මම කාලා නෑ.. කට්ටියගෙ කතා ඇහුවහම කන්න හිතෙන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. කාලා බලන්න...එහෙම අවුලක් නෑ...රතු පාට එක ගන්න....කට්ටක් කියන්නෙ සුපිරිම කට්ටක් කෑවෙ...යාලු වේශයෙන් ලංකාවෙදි ඇසුරු කරපු මාලුවො තමයි සමහර දේට වගකියන්න ඕනෙ...දැන් අවුලක් නෑ...ආයෙ පීල්ලට වැටුනා.

      Delete
  20. අයියටත් මැලේසියාවෙදි කටු කන්න උනාද එහෙනම්?

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවද නංගි...කට්ට උපරිමයෙන් කාලා තමයි ගොඩ ගියේ...

      Delete
  21. ඔය හොරකම හොදද නරකද කියල අහපන් හැලපයියගෙන්.මට උබ ගැන දුක හිතුන බන්.මෙහෙ ඉන්නකොට කවදාවත් වෙල ගැන බයක් ආවද නේ.දැන් සියල්ල හරිගොස් ඇතැයි හිතනව.මොනව උනත් උබ ගැන අපි දන්නව.
    හය හතර

    ReplyDelete
    Replies
    1. දැන් නං සියල්ල හරි...හැලපයාගෙන් අහන්න තියෙන්නෙ ඉතිං අලවත්තෙන් හොරෙන් අන්නාසි කඩපු හැටි තමා...ඒ වග කිප වතාවක්ම එයාගෙ බොගෙත් ලියවුනා...මේ වගේ රටකට ආපුවාම තමන්ගෙ දේ තනියම කරගෙන ජීවත් වෙද්දි ගෙදර ඇත්තො ගැන පුදුමාකාර ගෞරවයක් තමයි හිතේ ඇතිවෙන්නෙ...ලංකාවෙ හිටියට එහෙම වෙන්නෙ නෑ බොහෝ විට...

      Delete
  22. ඔතන රසේ තියෙන්නේ කාපු දේවල් වල නෙවෙයි . සහෝදර කමේ

    ReplyDelete
    Replies
    1. අන්න හරි...වෙන උන් වගේ තමන්ට තියෙන දේ හොරෙන් කාලා මාරු වෙන්න මේ කවුරුවත් උත්සාහ කලේ නෑ...

      Delete
  23. කාල නෑ අනේ. හැබැයි දැක්කට කන්න හිතෙන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. kanakota aasa hithei... :P wadiyama kanakotath epa wenawa...

      Delete
    2. ගෙඩියෙ තියෙන අමුතු පෙනුම හින්දා රස බලපු නැති අයට කන්නම හිතෙනවා...ඒක ස්වභාවය...

      ඇනෝ කිව්වෙ වෙන ගෙඩි ජාතියක් කන විදිය ගැනද ?

      Delete
  24. උබට වෙච්ච දේවල ටිකත් ඔක්කොම ලියපන් සිරෝ මම ලියනවා කියලා ඇත හරින්න එපා.... එතකොට අපිට පුළුවන් ඉස්සරහට ඔය වගේ දුක්විදගෙන ඉන්න එවුන් ටික දෙනෙක්වවත් අඩු කරන්න.....
    ලංකාවේ ඩ්‍රැගන් ෆෘට් රස නැත්තේ ඒවා චීනයෙන් ගෙන්වන නිසාය... මොකද ච්නයේ වියට්නාමයේ හා දකුණු අප්‍රිකාවේ ඩ්‍රැගන් ෆෘට් ශාකයේ සුළු ජාන වෙනස් කමක් සිදු කොට මහපරිමනයෙන් වවන්නේ යුරෝපයේ ඖශද නිපදවන සමාගම්වල ඉල්ලුමට සරිලන ලෙසය.... කෑමට ඉතා රසයෙන් යුතු ඩ්‍රැගන් ෆෘට් හැදෙන්නේ මැලේසියාවේ හා ඉන්දුනීසියාවේ පමණි

    ReplyDelete
    Replies
    1. මට වෙච්ච දේවල් ටික අනිවාර්යෙන්ම ලියනවා...ඒකට මම තව ටික කාලයක් ගන්නවා...මට සිරාගෙ කාමරේට අවුරුද්දක් විතර ඒ අත්දැකීම් වලින් පමණක් පෝස්ට් ලියන්න පුලුවන්...ඒ තරම් දේ තියෙනවා කියන්න...මම ඊයෙ පෙරේදා දැක්කා ජාලෙ තියෙනවා මෙහෙට ඉගෙනගන්න එවන වැඩසටහනක් ගැන...පාට් ටයිම් ජොබ් පවා දෙනවා කියලා...කොහෙද ඉතිං ඊයක් එවන්න ලිපිනයවත් දන්නවා කියලයෑ...රාළෙ මට ඊයක් වත් දාන්න හදිසියකට සම්බන්ධ කරගන්න...

      Delete
    2. s.l.malayrala@gmail.com ඔන්න ඕක මගේ මේල .... මගේ බ්ලොගේ view my profile එක click කරාම ඕක තියෙනවා බන්

      Delete
  25. ඉස්කෝලේ තාප්පෙන් පැනල, අපේ යාළුවන්ගෙ ගෙවල් වල තැබිලි කඩපු සිරා මලයලට මේව කජ්ජක්ද ?
    මේ ඔපරේෂන් එකෙන් පස්සෙ වේලවල් ටික පිරිමහගත්තේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවද ? ඉස්සර අපි මහ දවාලෙ රතු ටයි කාරියො පාසල ඇරිලා යන වෙලාවෙත් තැඹිලි කඩනවා කල්යාණි පාරෙ... ඊට පස්සෙත් ඉතිං ලබු හොද්දෙන් ගේම ගහගත්තා...දැන් නම් සියල්ල සන්සුන්...මම හොද ආයතනයක දැන් රැකියාව කරනවා ලංකාවෙ කලා වගේ...සැහැල්ලුවෙන්...

      Delete
  26. කොහොමත් සල්ලි දීලා කනවට වඩා ඔහොම කත්දි රහ නම් වැඩී. ගුණය නම් කොහොමද නොදනී.
    ඔය ඒජන්ත වරුගැන කියද්දි මට නන් මතක් වෙන්නෙම 'මෑන් පව‍ර්' කම්පැණි. උනුත් ඔයිට දෙවනි නෑ. ශ්‍රම සූරාකන්නො.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ කොල්ලන්ට මෙහෙදි වල කපලා තියෙන තරමක් කපලා තියෙන්නෙ අපේම උන්...ඒ ගැන කථා කරද්දි කළකිරෙනවා...

      ඩ්‍රැගන් පෘට් වල ගුණය ඉතාමත් ඉහළයි කියලයි කියන්නෙ....මේ නිවාස සංකීර්ණයෙ පොඩි ළමයි හිටපු අය උරයක් පුරවලා වතාවකට ඩ්‍රැගන් පෘට් අරන් ගියා...

      Delete
  27. නියමයි සිරා ලොක්ක...මමත් ඔය පලතුර කාල තියෙන්නෙ දෙපාරක් විතර පට්ටම රහයි.හැබැයි රතු එකනම් කාල නැහැ.

    ReplyDelete
    Replies
    1. රතු එක කෑවා නම් පට්ටම කියන එක වෙනුවට වෙන වචනයක් ආදේශ කරලා තමයි කියන්න වෙන්නෙ...ඒක හොදටම රහයි...

      Delete
  28. නියම පිංතූරටික බං. හොරාකන්න හරි යන්න ආසයි මේවගේ තැනකට.

    ReplyDelete
    Replies
    1. මේ වත්ත උදේට දැක්කම ඇසට පුදුම සනීපයක් දැනෙන්නෙ...දිනය පුරාම මේ වත්ත අපේ නෙතට සුව දුන්නා...මොකද ඒකෙ වැඩට හිටියා ලස්සන මැලේ කෙල්ලො දෙන්නෙක්..

      Delete
  29. Replies
    1. හැමදාම ඔය ටික ගහලා යන්න එපා බං...එතකොට අපි අතර තියෙන ෆිට් එකත් නිකං දිය වෙලා යනවා...බොට මේ දවස්වල වැඩ අධිකද ?

      Delete
    2. eham kiyana epa ban..mawa Gedariunt ayin karala wage ine. Ireland Office ekak eka Rata wate yanawa. ikmantma aymat enawa.

      Delete
    3. ඔෆිස් එකද රට වටේ යනවා කිව්වෙ...නරකද ඒක හොද අත්තිවාරමක තියලා බදාම ටිකක් දැම්මොත්...

      Delete
  30. මාත් ආසම පලතුරක්... ඩ්‍රැගන් ෆෘට් වත්තක් නම් මීට කලින් දැකලා තිබුනෙ නෑ..

    ReplyDelete
    Replies
    1. මමත් ඔය දැක්කම තමා...තුශානි කාමරේ පැත්තෙ ආවෙ පළවෙනි වතාවට නේද ? සාදරයෙන් පිළිගන්නවා ඔන්න...

      Delete
    2. පිලිගත්තට ගොඩක් ස්තූතියි... බ්ලොග් කලාවට මම තාම අලුත්...

      Delete
    3. සිරාට ඉතිං අලුත් පරණ බේදයක් නෑ...

      Delete
  31. සිරා උඹටත් හරි වැඩනෙ බං වෙලා තියෙන්නෙ,මොනව උනත් උඹ දාල තියෙන පින්තූර ටික නං හරිම ඉහළයි ඒක ඉස්සෙල්ලම කියන්න ඕනෑ.
    මටත් ඔය රතු ජාතියෙම ඩ්‍රැගන් පෘට් කන්න ලැබුනා හරිම රසයි.ආයෙම කන්න ලැබෙනකල් බලාගෙන ඉන්නෙ.
    උඹේ නරක කාලෙ ගෙවිල ගිහිං ඇති නේද,විස්තර ඔක්කොම ඉදිටියට ලියනවා නේද.

    ReplyDelete
    Replies
    1. මේ කථාවෙ කියවෙන අත්දැකීම් දැන් නම් විදින්නෙ නෑ...දැන් කාර්යාලයක රැකියාව කරගෙන පාඩුවෙ ඉන්නවා...විස්තර ඔක්කොම ලියන්න තමා හිතාගෙන ඉන්නෙ...ඉදිරියට..

      Delete
  32. උඹලා කාලා තියෙන කට්ට ගැන ඇහුවාම මාර අප්සෙට් වුනා බං. ඇත්තෙන්ම පිටරටකදි කෑම වේලත් නැතුව යන්න තරම් තත්වයකට වැටෙනවයි කියන එක පුදුමාකාර අසරණකමක් නේද?

    මම කාලා නෑ බං ඩ්‍රැගන්ෆෘට්.

    ReplyDelete
    Replies
    1. මේ ගමන මම හිතාගෙන ආපු ගමන නෙමෙයි හෙන්රි අයියෙ...මේක කලින් සැලසුම් නොකල ආකාරයකටයි පසුව වෙනස් වුනේ...විශ්වාසවන්තම යාලුවො විශ්වාසය කඩ කරපු එකත් මේකට හේතුවක්...නමුත් අද මේ දුෂ්කරතා මම විදින්නෙ නෑ...ලංකාවෙ කරපු රැකියාවම ගැටලුවක් නැතුව කරගෙන යනවා....

      Delete
  33. මම කාලතින්නේ සුදුපාට එව්වා. මෙලෝ රහක් නැහැ............... මචන් සිරා අයියේ උඹ මාර කට්ටක්නෙ කොල්ලෝ කන්නේ මෙන්න මෙහෙ ඩුබායි වගේ රටකට වරෙන් බං

    ReplyDelete
    Replies
    1. කට්ට දැන් නම් කාලා ඉවරයි...මේ ඉස්සර වෙච්ච දේවල්...ගෙවීම් හොද නම් මට ඉතියෝපියාව උනත් අවුලක් නෑ...මම එන්නද ඔහෙට...සපෝට් එකක් දෙනවද ?

      Delete
  34. උබත් එහෙනම් රට ගිහින් කට්ටක් කාපු එකෙක් නේද ?, කොහොම හරි දැන් අවුලක් නැතුව ඉන්න තියෙනවානම් එච්චරයි ..,
    මම කාපු ඩ්‍රැගන් පෘට් නම් මෙලෝ රහක් නැහැ බං ..

    ReplyDelete
    Replies
    1. දැන් ප්‍රශ්නයක් නෑ බං...මේ කථා මැලේසියාවට පය තබපු කාලෙ වෙච්ච දේවල්...අද ගැටලුවක් නැතුව රැකියාව කරගෙන ඉන්නවා...උඹ සුදු පාට ඒවා වෙන්න ඇති කන්න ඇත්තෙ...රතු පාට එකක් කාල බලහං...

      Delete
  35. උඹලා විඳි දුක ඇහුවාම මගෙත් පපුව දාලා ගියා . මම හිතනවා දැන් ඒ නරක කාලේ ගෙවිලා ගිහින් ඇතිය කියලා . ආතල් එකට සහ බඩ ගින්නට පොඩි හොරකමක් කෙරුවාට පවු නෑ බං . මේ ඊයේ පෙරේදා මමත් අහල පහල ගෙයකින් කුරුම්බා පාරක් කැඩුවේ ආතල් එකට මිසක්ක හොරකමකට නෙවෙයි . කොහොම හරි කමන්නෑ .. ඉන්න දීපංකරේක උඹලට සැපෙන් ඉන්න ලැබේවා..!!

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි සදරුවො...ජීවිතේ එක එක කාලෙට සැප දුක සමබර වෙනවා...බුදුරජානන් වහන්සේත් 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරපු එකේ මේවා මොනවද ? මගේ ජීවිතේ හොදම කාලය උදා වෙන්න තව ටික කාලයයි තියෙන්නෙ...එතකං ඕනෙ දුකක් රහයි...දැන් නම් මේ කියවෙන ආකාරයේ ගැටලුවක් නෑ...කාර්යාලයක සාමකාමීව වැඩ...

      Delete
  36. සිරා.....බඩගින්න කියන්නේ මහා වේදනාකාරී ගින්නක් බං.....මට අත්දැකීම් තියෙනවා. මිනිස්සු බඩගින්නට මරාගන්නවා. කෙනෙක්ව බඩගින්නේ තියෙන අයට මේ ලෝකෙම කවදාහරි පඩිසන් දෙනවා.

    Dragon fruit Sorbet එකක් ට්‍රයි කරන්න. Sorbet කියන්නේ ක්‍රීම් නැතුව හදන අයිස් ක්‍රීම් වගේ දේකට.ඔය මැජෙන්ටා කලර් ඩ්‍රැගන් ෆෘට් වැඩේට මරු.

    ReplyDelete
    Replies
    1. බඩගින්න නිමා ගන්නනෙ ඉතිං හැමෝම මහන්සි වෙලා කීයක් හරි හොයා ගන්න හදන්නෙ....ඕක ඇති වෙන්නෙ නැත්නම් කාටවත් රැකියාවක් කරන්න උවමනාවක් නැතුව යයි.

      මෙහෙත් තියෙනවා...එක එක විදියට ඩ්‍රැගන් පෘට් හදලා...ඒ අතරින් ඩ්‍රැගන් පෘට් ජෑම් විශේෂයි.

      Delete
  37. ඔයි ඈතින් කුරුම්බ ගසුත් තියෙන්නෙ..ඒවට කිට්‍ටු උනේ නැතෙයි කට්ටිය.

    වෙලාවට කලාවට බ්ලොග් වලට ගොඩ වදින්න බැරිවෙලා ආයිබොවන්...හරිම කනගා‍ටුයි..! හච් වලින් වෙන එකකට මාරු වෙන්න කාලෙ හරි වගේ..!(පට්ටම ස්ලෝ වෙලා)

    ReplyDelete
    Replies
    1. මේ කියපු නිවාස සංකීර්ණයේ උද්‍යානයේ සුද්ධ පවිත්‍ර කිරීම් කරගෙන හිටිය මනුස්සයා තමයි තැඹිලි කුරුම්බා ගෙඩි කැඩුවෙ....ඒ ලගපාත තිබුන චීන අවන්හලකට පැහිච්ච පොල් ටික විකුණනවා...ගහට නගින්නෙ ඉනිමගක් තියලා...මේ කියන කෙනාම වවලා සරු සාරෙට හැදිලා තිබුන උක් පදුරු වගයක් තිබුනා...සැට් එක ඒකට කෙළ හලනවා මිනිහා එක දවසයි දැක්කෙ...පුපුරන්න මෝරලා තිබුන උක් පදුරු ටික ඊළග දවසෙ බිමටම සමතලා කරලා බීම හදන්න අර චීන කඩේටම වික්කා...විශ්වාසනීය වෙනසකට යන්න ඕක අවුල් නම්...

      Delete
  38. මොනව වුනත් බඩගින්න නිවාගන්න තමයි සේරම දේවල් කරන්නේ එකත් එකටම අපේ රටේ වගේ විදුලි වයර් ඇදල‍ තුවක්කු හයිකරා නැති එක හොඳට ගියා. කොහොමටත් ඩ්‍රැගන් ෆෘට් මාර රහයි..

    ReplyDelete
    Replies
    1. ජීවිතේ දුක් විදපු මනුස්සයට තමයි සැප විදින දවසක නිහතමානී කම ඇතිවෙන්නෙ...මොකද විදපු දුක් අමතක වෙන්නෙ නෑනෙ...ඉතිං මමත් මෙහෙ ආපු මුල් කාලෙ කාපු කටු වලින් ජීවිතේට වටිනා දේවල් ගොඩාක් ඉගෙන ගත්තා...

      Delete
  39. අඩේ මාත් කාලා බලන්න ආසයි ඕක. දැකලා විතරයි තියෙන්නේ :(

    ReplyDelete
    Replies
    1. උඹ සෑහෙන කාලෙකින්නෙ කොලුවො දැක්කෙ...කවුද කිව්වා උඹ කෙල්ලෙක් එක්ක හදපානෙ වහං වෙලා කියලා...

      Delete
    2. හප්පටසිලි මේ ලෝකයා මං වගේ පොඩි එවුන්ට හදන කතා අම්මපා. සැක්. පොඩි පොඩි මෙව්වා හින්දා මෙව්වෑං ඈත් වෙලා ඉඳලා මාස දෙකකට විතර පස්සේ ඕං අද තමා ගොඩබෑවේ

      Delete
    3. ලෝකයා හරි නපුරුයි බොලං අපි හිතනවට වඩා...දැන් දැන් ලංකාවෙ පොලවල් වලත් ඩ්‍රැගන් පෘට් විකුණනවා...වෙලාවක කාලා බලන්න...

      Delete
  40. මං කාලා නෑ නෙවැ ඔය ඩ්‍රැගන් ෆෘට්. සිරාවටම ෆොටෝ ටික නම් පට්ට සිරා අයියේ..........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රන්දු...දැක්ක තැනක අරගෙන කාලා බලන්න...

      Delete
  41. වියට්නාමයේ ඩ්‍රැගන් ෆ්රුට් රස ඒවත් තියෙනව. දම් පාට වර්ගය ගණන් වැඩියි. ..අනික් පලතුරු වගේම හොඳට ඉදුණු රස ගෙඩියක් තොරාගන්නත් පළපුරුද්ද ඕන . මුලදී ආස නැති වුනත් දැන් නම් රස ගෙඩියක් අහු වුනොත් කනවා .

    රටේ දකුණු පැත්තට වෙන්න තමයි වැඩිය වවන්නේ .

    ReplyDelete
    Replies
    1. වියට්නාමයේ සංචාරය කරන්න මමත් බොහොම මනාපයි..ඔය රට තවමත් වැඩි වශයෙන් කෘෂි කර්මය මත යැපෙන රටක් නේද ?

      Delete
  42. සිරාගෙ ඒ අත්දැකීම් නොමගින් මෙහෙ එන්න හදන අයට පාඩමක් වෙයි.. ඒ නිසා ලියන්න

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...