Thursday, April 30, 2015

46 මගේ ප්‍රථම ප්‍රේමය

ප්‍රථම ප්‍රේමය..හ්ම්...හරි ලස්සන වචන දෙකක්. ප්‍රේමවන්තයො කවදාවත් වයසට යන්නෙ නෑ කියනවා වගේ, වයස්ගත කෙනෙක්ට උනත් තමන්ගෙ ප්‍රථම ප්‍රේමය කිසි දවසක අමතක වෙන්නෙ නෑ. මම දන්න විදියට ගොඩාක් අයට ප්‍රථම ප්‍රේමය ජයගන්න ලැබිලා නෑ. ජීවිතේ ඉස් ඉස්සෙල්ලාම ආදරයක රහ දැනුන අවස්ථාව නිසා ඒ මතකය මිහිරි රිදුමක් වෙලා අපේ හදවතේ ගැඹුරුම තැනක රැදෙන්නෙ ආශ්චර්යමත් විදියට. කසාද බැඳලා දරු මුණුපුරන් හිටියත් ප්‍රථම ප්‍රේමය ගැන මතක් කල පමණින් සංවේදී වෙන වැඩිහිටියොත් මට මුණ ගැහිලා තියෙනවා. ප්‍රථම ප්‍රේමය කිසිදිනෙක නොමියෙයි කියලත් කියමනක් තියෙනවානෙ.




මම ඉතින් මගේ ප්‍රථම ප්‍රේමය ගැන යමක් සිරාගෙ කාමරයට ලියලා හිතේ කෙළවරකට වෙන්න තියෙන පුංචි වේදනාවටත් සමු දෙන්නයි හිතුවෙ. හිනාවෙන්න එපා මේක ඒක පාර්ශවීයයි කියලා. ඒක පාර්ශවීය උනත් දැනෙන්නෙ එකම වේදනාවම තමයි. විරහව වෙලාවකට රසයක්. වෙලාවකට දුකක්. ඒක රසයක් කරගත්තම හරි අමුතු ලස්සනක් මට දැනෙනවා.

ගෑල් ළමයෙක් ගැන හැගීමක් ඇතිවෙන්න පටන් අරන් සෑහෙන කලක් ගත උනත් ආදරයක් කියලා හැගීමක් හිතට ආවෙම නෑ. උසස් පෙළ අතිරේක පන්ති ගනනාවකට ගියත්, බස් රථ වල නිතර නිතර එහා මෙහා ගියත්, ලස්සන කෙල්ලෙක් දිහා හොරෙන් බැලුවත් කිසිම දවසක අනේ මටත් කෙල්ලෙක් හිටියා නම් කියලා මට හිතිලා තිබුනෙම නෑ. මම බොහොම නිදහස් විදියට ජීවත් උනේ.

විභාගය අවසන් උනාට පස්සෙ මම පොඩි වෘත්තීය පාඨමාලාවකට සම්බන්ධ උනා. එතනදි නුවර පළාතෙ ගොඩාක් ලස්සන කෙල්ලෙක් මට මුණ ගැහුනා. පන්තියෙ හිටිය කොල්ලො බහුතරය මේ ළමයා එක්ක යාලු වෙන්න උත්සාහ කලත් ඒ කිසිම කෙනෙක් එයා තඹේකට මායිම් කලේ නෑ. නමුත් මේ කෙල්ල මා එක්ක හිතවත් උනා. එයා නුවර යන දවසට අපි බස් එකේ එකට ආවා ගියා. ඒත් මට මේ ලස්සන කෙල්ල ගැනවත් කිසිම ආදර හැගීමක් ඇති උනේ නෑ. මට උවමනා උනේ යාලුවෙක් විදියට ඉන්න. නමුත් ඒ දැරිවි  මා ගැන යම් බලාපොරොත්තුවක් ඇති කරගන්න බව දැනුනම  වැඩේ දුරදිග යන්න කලින් මම එයාගෙන් ඈත් උනා.

මගේ යාළුවො මට බැන්නෙ උඹට තියෙන්නෙ ලෙඩක් ඕකට බේතක් ගනින් කියලයි. මටත් ඇත්තටම හිතුනා මට ආදරය කරන්න හිතෙන්නෙ නැත්තෙ ලෙඩක් නිසාද කියලා. ඒ උනත් අපේ පන්තියෙ කෙල්ල ගැන නම් මට ආදරයක් ඇති උනේම නෑ.

ඒ කථාව ඒ විදියට ඉවරයක් උනා. පාඨමාලාවෙ අදියර දෙකක් අවසාන කරලා මම රැකියාවකට සම්බන්ධ වෙන්න බැලුවා. ලංකාවෙ ප්‍රසිද්ධ සමාගමක ප්‍රධාන ශාඛාවේම හ‍ොඳ රැකියාවකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුනා. දවසක්දා රාජකාරි කටයුත්කට අපේ සමාගමේ කොළඹින් පිට ශාඛාවක ලේකම් කෙල්ලෙක් එක්ක මට දුරකථනයෙන් කථා කරන්න අවස්ථාව ලැබුනා. මේ කථාබහ තවත් දවසක් දෙකක් කෙරීගෙන යද්දි අපි දෙන්නා හොඳ යාලුවො බවට පත් උනේ අපිටත් හොරෙන්. එයා මට වඩා වසර දෙකක් වැඩිමල්.

මුලින්ම අක්කා, මල්ලි විදියට ආමන්ත්‍රණය කලාට, පස්සෙ පස්ස‍ෙ ඒ දේවල් වෙනස් උනා. තවත් ටික දවසකින් අපේ  මිත්‍රත්වය තද බැඳීමක් බවට පත් උනා. එයා එයාගෙ දුක්බර අතීතයේ හැම දේම මට කිව්වා. පළමු පෙම අහිමි වීම නිසා මේ ගෑණු දරුවා බොහොම කණගාටුවෙන් හිටියෙ. ඒ හිත හදන්න මම රාජකාරී නොවන වෙලාවටත් එයාව ඇමතුවා. සමහර වෙලාවට පැය දෙක තුන අපි දෙන්නා දුරකථනයෙන් කථා බහ කලා.

අපේ මේ සමීපත්වයට පිං සිද්ධ වෙන්න මම ආදරය කියන හැගීම කුළුදුලේම විඳගත්තා. අපේ මිත්‍රත්වය ආදරයක් බවට පෙරලුනේ මම හිතුවෙ නැති විදියට. මට එයා ගැන ආදරයක් ඇති උනාට පස්සෙ  ඒ බව කියන්න මම හදිස්සි උනේ නෑ. හිතේ හිරකරගෙන හිටියා. දවසින් දවස ආදරය වැඩි උනා.

කොළඹ රැකියාවක් කරන්න එයා ආශාවෙන් හිටියෙ. මමත් ඒකට උදව් කලා. එක පැත්තකින් ඒකෙ මටත් වාසියක් තියෙන නිසා. රැකියාවෙන් පස්සෙ ලැබෙන වෙලාවෙදි මම කැපවීමෙන් එයාට රැකියා හෙව්වා. ඒක සතුටින් කරපු වැඩක්.

ඔය අතරතුර කාලෙදි හදිසියේම වගේ මගේ ඒක පාර්ශවික ආදරවන්තිය කියපු කථාවකින් මගේ මුළු ලෝකයම කඩාගෙන වැටුනා වගේ මට දැනුනා. එයාගෙ සති අග පන්තියක කොල්ලෙක් එයාගෙන් කැමැත්ත ඇහුව බවත්, එයාට කැමති වෙන බවත්, මේ ආරංචිය එයාගෙ ලගම යාලුවෙක් විදියට මට මුලින්ම කියන බවත් තමයි කෙල්ල මට කිව්වෙ. මෙච්චර කාලයක් ආදරයක් හිතේ හංගගෙන මම කරපු ගොං වැඩේ ගැන මට හරියට පසුතැවිල්ලක් ඇති උනා. මම නියම වෙලාවට මගේ අදහස කිව්වා නම් ඇයව මට හිමිවෙන්න ඉඩ තිබුනා නේද කියලා හිතෙනකොට ලොකු වේදනාවක් හිතට දැනුනා. අන්තිමට එයාට තිබුන ආදරය නිසාම එයාගෙ සතුට ගැන හිතලා මේ සම්බන්ධයට උදව් කරන්නං කියලා කියන්න මට සිද්ධ උනා.

මට උවමනා උනේ කෙල්ලග‍ෙ සතුට. එයාට මම ඒක පාර්ශවීයව ගොඩාක් ආදරේ කලා. දැන් අලුත් ජෝඩුව ආදරය කරගෙන යනවා. මමත් අමාරුවෙන් අමාරුවෙන් හිත හදා ගන්න උත්සාහ කරමින් ඉන්නවා. ටික ටික කාලයත් ගත උනා. හදිසියේම දවසක මගේ හිතවතී මට ආයෙමත් කථා කලා. එයා බලාපොරොත්තු වන ආදරය පෙම්වතාගෙන් ලැබෙන්නෙ නෑ කියලයි එදා මට කිව්වෙ. මේ වචනෙ ඇහුව වෙලේ ඉදලම මගේ පරණ ආදරය ආයෙමත් හිස ඔසවන්න ගත්තා. කාර්යාලයේ මා එක්කම වගේ සේවය කරන කීප දෙනෙකු මේ ගැන යම් තරමකට දැනගෙන හිටියා. ඒ අය අපි දෙන්නගෙ නම් දෙක ගාවලා විහිළු කලත් මම මේ ගැන කිසිවෙකුට කිව්වෙ නෑ.

ඉවසලා ඉවසලා බැරිම තැනදි ඕනෙ දෙයක් වෙන්න කියලා මම මගේ ආදරය ඇයට හෙළි කලා. එතනින් එහාට සියල්ලම වෙනස් උනා. එයාට මං ගැන කවදාවත් ආදරයක් තිබුනෙ නැති බවත්, මාව ආශ්‍රය කලේ හොඳම මිතුරෙක් විදියට බවත් එයා කිව්වා.

මම කොච්චර නම් පැහැදිලි කරන්න උත්සාහ කලාද, නමුත් මට අවස්ථාවක් දුන්නෙම නෑ. මගේ ඇමතුම් වලට උත්තර දුන්නෙත් නෑ. කෙටි පණිවුඩ වලට පිළිතුරු එනකං දවස් ගනන් නොකා නොබී බලා උන්නා. මට දැනුන දුක අපමණයි. මට අකමැති උනත් මෙහෙම කරයි කියලා මම කීයටවත් හිතුවෙ නෑ. තනිවෙච්ච තැන් වලදි මම කදුළු හැලුවා. වැටෙනකං බිව්වා. නමුත් හිත හදාගන්න බැරි උනා.
දවස් දෙකකට විතර පස්සෙ එයා මට රාජකාරිමය වැඩකට කථා කලා. කිසිම දෙයක් නොවුන ගානට. කෙල්ලො මේ විදියට කොහොම හැසිරෙනවද මන්දා. මට දුක කියන දේ හොඳට දැනුනා. ඔය අතරෙදි අපේ ආයතනයෙන් ඉවත් වෙලා ගිය වෙළඳ කළමනාකරුවෙක් එයාගෙ වර්තමාන ආයතනයේ ඇතිවෙච්ච පුරප්පාඩුවකට මට කථා කලා. ලැබෙනවා කිව්ව වැටුපත් නරක නෑ. එ සමාගම ගොඩාක් ප්‍රසිද්ධ එකක් නෙමෙයි. මගේ ආයතනික හිතවතුන් මේ තීරණය ගැන කොච්චර බැන්නත් මම අදහස අතඇරියෙම නෑ

අලුතින් කෙනෙක්ව අරගෙන පුහුණු කරනවට වඩා මගෙන් පුරප්පාඩු වෙන තනතුරට මගේ ප්‍රථම ප්‍රේමයව බඳවා ගැනීම වාසිදායක බව ආයතනය තීරණය කලා. එයත් ඒ තීරණය ගැන බොහෝ සතුටු උනා.

ඉස්සර මම රැකියාවෙන් අයින් වෙනවා කිව්වම දුක් වෙච්ච කෙල්ල දැන් මගෙන් අහනවා කවදද යන්නෙ කියලා. එයාට නම් ගානක් වත් නෑ. මට තමයි දුකක් කියලා දෙයක් දැනෙන්නෙ. ඒ මම අවංකව ආදරය කරපු නිසාද ?

දන්නෙ නැති නිසයි අහන්නෙ. පණ දෙන්න වගේ ලගින් ඉඳන් දුක සැප හැම වෙලේම අහන, අපි ගැන හොයා බලන කෙල්ලෙකුගෙන් ප්‍රේමය ගැන ඇහුව ගමන් ඒ අය වෙනස් වෙන්නෙ, කෝපයට පත් වෙන්නෙ, මට කිසිම අදහසක් ඔයා ගැන ඇති වෙන්නෙ නෑ කියන්නෙ ඇයි...මට හිතාගන්න බෑ. ආදරය කියන වචනය ඒ තරම් නරක එකක්ද කියලා මම තවමත් කල්පනා කරනවා.


මාසයේ අවසන් ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට ලියා එව්වේ,

ජනිත චතුරංග


ප.ලි

ජනිත චතුරංග මිත්‍රයා සිරාගේ කාමරයට සෑහෙන කාලයක  සිට එන යන පාඨකයෙකි. මාස 6 කට පමණ ඉහතදී ඔහු මේ කථාව මවෙත එව්වේ සිරාගේ කාමරයේ කෙසේ හෝ පල කරන ලෙසයි. ඔහුගේ ඒ ඉල්ලීම අද මෙසේ ඉටුවෙයි. සිරාගේ කාමරයේ 7 වෙනි ලිපියට ලිපියක් ලිවීම පිළිබඳ මගේ ස්තූතිය ජනිත මලයාට හිමි වෙයි.


46 comments:

  1. මොනවා කලත් ඕනම කෙනෙක්ට තමන්ගේ පලමු ආදරය අමතක කරන්න අමාරුයි.
    සුන්දර හෝ දුක්බර මතකයක් විදිහට හදවතේ ගැඔුරුම කොනක සදහටම තැන්පත් වෙලා තියෙනවා

    ReplyDelete
  2. නුවර කෙල්ලෝ කොහොමත් ලස්සණයිලු.:P

    මම හිතුවේ සිරා එයාගේ පලමු ප්‍රේමය ගැන කියනවා කියලා. ජනිතව ඉතින් දන්නේ නැති හන්දා විහිලු කරන්ට බෑනේ.:D

    ප්‍රථම පෙම අමතක කරන්ට බෑ. අවුරුදු දහයෙදි විතර බැඳුනත් ...

    ReplyDelete
    Replies
    1. අවුරුදු දහයේදී ?????????????

      Delete
    2. මාගේ පාසල් කාලය සිහිවෙනවානේ හැමදින
      ඈගේ සුරතල් ආලය රෝස මලක් වගේ පෙනුනේ මට
      මං පොඩි කාලේ මාව දැම්ම පාසලේ
      ඉගෙන ගෙන වැඩුණේ මගේ මොලේ
      පාසලේ පන්තියේ කෙල්ලෙක් වැටුණ මගේ දැලේ

      ගායනය - පෝල් ප්‍රනාන්දු

      Delete
    3. මේ පැත්තෙ එන්න පරක්කු උනාට මුලින්ම සමාව ඉල්ලනවා හැමෝගෙන්ම,,,
      හ්ම්ම්... නුවර කෙල්ල ලස්සනයි. එත් රුපයට ආසාවක් ඇති උනත් මට කවමදාකවත් එයා ගැන ආදරයක් ඇති උනේ නෑ.. ඔයාගේ අවු.10 ආදරය ගැනත් සිරා අයියට කියන්න. අපිත් ආසයි දැනගන්න...

      Delete
  3. සින්දු ඇනෝ, ගල් මෙන්ඩො, ඉන්දික, ......කට්ටියම වරෙල්ලා....මෙන්න සිරා ආයෙත් ලවු කථාවක් ලියලෝ.....!!

    ReplyDelete
    Replies
    1. ආයත් පටන් ගමු බුට් වසන්තය...
      මේ පාර නම් මාස 6 ක්වත් ඇදගෙන යනවා.
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    2. රහසේ හඬනා අප හැඟුම්
      ලොව නෑ දන්නේ අප පැතුම්
      ලා සඳු පායනා රැයේ
      පිණි සේ තරු සේ
      තනි වී තැවෙනා පෙම් සුසුම්

      හිරිමල් වයසේ සෙනෙහෙන් බැඳී එදා
      මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
      ආදරයේ රස මියුරු වේදනා

      රහසේ හඬනා අප හැඟුම්...

      සඳ රෑ සිහිනේ සෙවණැල්ල සේ වෙලී
      ඉමු අපි සොඳුරේ සුපුරුදු ලෙසින් බැඳී
      ආදරයේ රස මියුරු වේදනා

      රහසේ හඬනා අප හැඟුම්...

      රහසේ හඬනා අප හැඟුම්
      ලොව නෑ දන්නේ අප පැතුම්... //


      ගායනය - නීලා වික්‍රමසිංහ / ක්ලැරන්ස් විජේවර්ධන

      Delete
    3. බූට් කථාවට හැමදාමත් ජීවය දෙන සින්දු ඇනෝ වෙත මාගේ ප්‍රණාමය....

      Delete
  4. අයියෝ මම හිතුවෙම මේ ඔයාගේ කතාව කියලා ......... මර්තුකාව දැක්ක ගමන් කල්පනාවට ආවේ ඒ වගේ පිචන් වැඩත් මෙතන ලියන්න පුලුවන්ද කියලා හොඳ වෙලාවට වෙන කෙනෙක්ගේ වෙන කතාවක් සිරෝ ඔන්න මම කාටවත් කිව්වේ නෑ ඔයාගේ පස්ට් ලව් ඉට්ටෝරියනම් දාන්න එපා ඔන් ......

    ReplyDelete
    Replies
    1. නුබෙ සුවද පිරුනු පුන්චි කාමරෙ
      රතු රොස මලක පෙති හෑලී තියෙ
      මට නපුරු උනෙ ඈයි දයාවියෙ
      මෙ කදුලු බින්දු ප්‍රතම ප්‍රෙමයෙ//
      මගෙ සමරු පොතෙ රොස පිටු සොයා
      මුතු අකුරු පෙලියක් ලියු ඔයා//
      සිහි වටනයක් ලෙසින් තවත් තියෙ
      සමනල පියාපතක් ය ජීවිතෙ
      සිත දුරක ගියා ආදරෙ සොයා
      ම්තු කදුලු බින්දුවක් ගලා ගියා//
      සමුගන්ම වෙදනාවකි ලොවෙ
      මෙ ඉන්ද්‍රචාපයක්ය ජීවිතෙ

      Delete
    2. නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
      හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
      තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ
      වැහි බිංදු වැටේවී... ‍රෝස පෙති කඩා හැලේ
      කිළිපොලා සැලී යමින් නොයිම් සීතලේ
      තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
      ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
      හෙට උදේම අවදි වී යායුතුව තිබේ...
      නින්ද නැති රැයේ...//
      රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
      ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
      කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
      සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ...
      නින්ද නැති රැයේ...//

      ගායනය : ගුණදාස කපුගේ
      පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
      සංගීතය : ගුණදාස කපුගේ

      Delete
    3. සින්දු ඇනෝ උඔගේ මේ කමෙන්ටු පෝසට් වලට එලියක්

      Delete
  5. අනේ පවු එයා....මෙච්චර කෙල්ලො ඉන්න රටේ....හිත ගිය තැන මාලිගාවළුනේ....අනේ අර කෝස් එකේ හම්බුන ගෑල්ලමයවත් සෙට් කර ගත්ත නම්

    ReplyDelete
    Replies
    1. හිත ගිය තැන මාලිගාවළුනේ.... කෝස් එකේ හම්බවුන ගෑනු ලමයාව ඊට පස්සෙ දැක්කෙ නෑ.. මටත් එහෙම ඩෙයක් උනාම එයාගෙ දුකත් මට හොදටම තේරුනා... සමාව ඉල්ලන්න කතා කරත් ෆෝන් වැඩ කරේ නෑ... හොයන්න පුළුවන් හැම විදිහටම එයා ගැන හෙවුවා. ආරංචි විදිහට ලංකාවෙ නෑ...

      Delete
  6. ප්‍රථම ප්‍රේම කතා එකතුවක් හදලා පොතක් ගහමුද සිරෝ.

    ReplyDelete
    Replies
    1. මටත් තියනවා කුලුදුල් ප්‍රේමයන් 6ක් විතර

      Delete
  7. ප්‍රථම ප්‍රේමය ගැන නම් මම මුකුත් කියන්නේ නෑ...
    ගනන් ගන්ඩ එපා මචං...ඊළග කෑල්ල තවත් රසවත්

    ReplyDelete
    Replies
    1. ඊළග කෑල්ල නම් රසවත් තමයි මචන්, එත් පළවෙනි පාර වැරදුනා කියලා හිතෙද්දි පට්ටම දුකයි..

      Delete
  8. ප්‍රථම ආදරේ අනන්ත සිහින ලෝකයක්..

    ReplyDelete
    Replies
    1. පිවිතුරුය.. පළමු පෙම..
      බිහිසුණුය.. බිඳුණු දින..
      ලෙන්ගතුය.. සුවඳ ඔබ.. සුදු හාමිනේ..
      තනිකඩය.. තවම මම... //

      වස්සාන කාලයක හිත දවා..
      අකුණු සැර නෙත් කෙවෙනි බොඳ කළා..
      මල් යාය බඹර ගී හඬ තලා..
      කැකුළු පෙම මල් නටුව හැර ගියා..

      පිවිතුරුය පළමු පෙම......

      කප්තුරට යදම් බැඳි තටු සලා..
      සක්මනට නුහුරු සිත තනි කළා..
      අවර ගිර තරු වැටින් ගිලිහිලා..
      සුභ නැකත රන් හුයක පැටලුනා..

      පිවිතුරුය පළමු පෙම......


      ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

      Delete
  9. මේක කියවද්දී ඇත්තටම හිතට ආවේ "බයක්"
    මොකෝ කියලා තව ටික කාලෙකින් කොටන්න පුළුවන් වෙයි.. සමහර විට

    ReplyDelete
  10. ප්‍රේමය බිදුන දවස් වල උඔ වැටෙන්න බිව්වා නම් ඇඩුවානම් මම පිලිගන්නවා උඔ ඒකිට බොක්කෙන් ආදරය කරලා.
    එල ද බ්‍රා
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. බිව්වට වැඩක් නැති එකයි අව්ල බන්... වෙරි මරගාතෙ ඇඳ කැරකි කැරකි ඉන්නකොට පරණ දේවල් මතක් වෙනකොට නොබී හිටිය නම් හොඳයි කියල හිතෙනවා.එතකොට අඬන්නැතිව ඉන්න ඇහැකි.

      Delete
    2. වරෙන් යන්න අපිත් එක්ක කන්න බොන්න හිනා වෙන්න..
      බයිලා නැත්තම් හිපොප් කියන්නම් ඔලුවෙන් හිටගෙනම..
      ඩෙනිම් ඇඳන් ජෙල් ගාගන්න..
      සාක්කු වල මොනරු ගෙන්න..
      yes පහයි NO තුනකුයි ඇති කෙල්ලෙක් දාගන්න

      කඳුළු පුරවාගෙන දවසෙම අඬන්නේ මොකටද..
      බොක්කෙන්ම love කරලා බැඳලා බෙරගහල..
      ලොවට පෙන්නාපු කෙල්ලෝ හලපු..
      පොරවල් දැක්කා.. තැන්තැන් වල රජ වෙනවා..
      වැරැද්ද කාගේද.. නීතිය අපි කාටත් එකද..
      ජාති ජන්ම කුල බේද පටලවපු අපේම සමහරු
      සුදු ඇඳුම ඇඳගෙන අසරණයට දඩුවම් කෙරුවා..
      පරක්කු නෑ තවම.. අපිට වෙනස් වෙන්න බැරිද..
      වරක් කිව්වා හොඳ සැපක් ඕනේ නම් බකන් නිලන් මොකද..

      ජීවත් වෙන්න ජීවය මෙන්න..
      මෙන්න.. මෙන්න.. ජීවත් වෙන්න..
      ජීවය දෙන්න..
      කන්න බොන්න.. කන්න දෙන්න..
      වරක් කිව්වා මෙන්න බැන්දා..
      අපි මේකත් අහල පොඩි shot 1ක් දාගන්න..
      වරෙන් යන්න අපිත් එක්ක..
      වරෙන් යන්න අපිත් එක්ක..
      යන්න ගන්න කන්න බොන්න එන්න හිනාවෙන්න..
      ජීවත් වෙන්න..


      ගායනය - Daddy

      Delete
    3. වැටෙන්න බිව්වා, තවත් ගොඩක් පිස්සු නැටුවා.. දැන්නම් මතක් වෙද්දි ලැජ්ජත් හිතෙනවා....

      Delete
  11. ප්‍රථම ප්‍රේමය හැමදාම සුන්දරයි . ප්‍රථම ප්‍රේමය ජය ගන්නෙ හරිම කලාතුරකින් . සමහරු එය හිමි කරගෙන සතුටු වෙනව වගේම , එය හිමිවීමෙන් අද දුක් වෙන අයත් නැතිවා නෙමේ . ප්‍රථම ප්‍රේමය අහිමි වීමෙන් අපි ඉගෙන ගත් පාඩම් වැදගත් වෙනව ජීවිතය පුරාටම .

    කොච්චර ලඟින් හිටියත් එකට ගමන් බිමන් ගියත් නුවර ගෑණු ලමයට ආදරයක් ඇති නොවුන බව ඉහත සඳහන් කරල තියනවා . ලඟින් හිටියා කියල ආදරයක් ඇති වෙන්නේ නෑ ඒක ඇත්ත . ඒත් ගෑණු ලමයනම් එදා වේදනා විඳින්න ඇති .

    දෙවන ගෑණු ලමයටත් ඒකම තමයි වෙන්න ඇත්තෙ . ඇය ඇසුරු කරන්න ඇත්තේ යාලුවෙක් විදියට . ඒත් ආදරේ ප්‍රකාශ කලාට පසු ඔච්චර උදව් කල කෙනාට සැලකූ හැටි අනුමත කරන්න බෑ . සියළු හිතවත්කම් අත් හරින්න කාරණයක් නෙමේ ඒක .

    ReplyDelete
    Replies
    1. ඔයවගේ දෙයකදි අපි හදවතට නැතුව මොලේට ඉඩදීලා තීරණ ගත්තනම් අපි අදටත් හොඳ යාළුවො. ඒ වගේම අපිට ආදරේ කරන හැම කෙනා ගැනම අපිට ආදරයක් ඇති වෙන්නෙ නෑ. ඒක සාමාන්යදෙයක්. ඒත් කෙනෙක් අපිට ආදරේ කරන්නෙ එයාට අපිව special හින්දා, කවදාවත් ඒ විස්වාසෙ කඩන්න එපා, ඒ වගේම තව කෙනෙකුගෙ හැඟීමක් කවදාවත් බාල්දු කරන්නත් එපා, තමන්ගෙ හිතේ තියෙන දේ තව කෙනෙකුට කියද්දි ඒ කෙනාගෙ මානසික මට්ටම බලලා එයාගේ හිත නොරිදෙන විදිහට කියන්න පුළුවන්නම් හිත් රිදීම් ගොඩක් අඩු වේ....
      මේ වෙච්චි දේවල් වලින් මන් ඉගෙන ගත්ත පාඩම ඒකයි....
      Comment කරාට Tnx...!

      Delete
  12. ප්‍රථම ප්‍රේමය ගොඩක් අයගේ ඒක පාර්ශවීයයි තමා.
    ඒ කෙල්ල හිතන්න ඇති ඔබ හොඳ යාළුවෙක් කියලා.යාලුවෝ ප්‍රේමවන්තයෝ වෙනවා.හැබැයි ටිකක් කල් යනවා.

    ReplyDelete
    Replies
    1. ඒත් මන් නිකන්ම එහෙම හැගීමක් ඇති කරගත්තෙ නෑ මචන්...
      යාළුවෙක්ට ආදරය කරන එකේ මන් දැකපු විදිහට දෙපැත්තක් තියෙනවා,,,
      එයා අකමැති උනොත් ආදරෙත් නෑ, යාළුකමත් නෑ...
      කැමති උනොත් මුල ඉදන්ම අපිව තේරුම් ගත්ත කෙනෙක් අපේ ආදරේ වෙනවා... අවාසනාවට මට උනේ පළවෙනි එක...

      Delete
  13. මගෙ හොඳම යාළුවෙක් දවසක් කිව්වා, “කලින් ප්‍රේම සම්බන්ධයක් තිබුණ කෙල්ලෙක් ට ආදරේ කරන්න හිතෙන එක හරිම අවාසනාවක්“ කියලා.

    ReplyDelete
  14. ජනිත් මචං.. අර නුවර කෙල්ල කොච්චර එවුන් පස්සෙන් ආවත් උඹව තෝරගත්තා.ඒත් උඹ පිටු පෑවා.අද එයාත් එක්ක කතා කරන්න උනොත් උඹ අවුලක් නැතිව කතා කරනවානෙ.ඒ වගේ තමයි මෙයත්.මෙතන කාගෙවත් වරදක් නෑ.උඹව ට්‍රයි කරල බෑ කියනවාට වඩා මුලින්ම බෑ කියපු එක හොඳයි.ඒත් යන්නෙ කවදද එහෙම අහපු එක ටිපිකල් ආත්මාර්ථකාමී ගෑනු ගතිය.
    ලිපිය රහයි.
    සිරා... තැන්කිව් මචං.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං ඒ පවද මන්දා මට ඵල දුන්නේ.. මොනා උනත් මන් දැන් එයාව අමතක කරලා ගොඩක් කල්... මේ Post එක සිරා අයියට දැම්මෙ හොදටම අවුලෙන් ඉන්න කාලෙ... දැන්නම් අවුලක් නෑ

      Delete
  15. ප්‍රථම ප්‍රේමය සිහිනයක්. ලස්සනයි ජනිත්. සිරාටත් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. මේ කතාවෙ මීට වඩා ගොඩක් දේවල් උනා චන්දි.. ඒත් ඒ හැම එකම දාන්න උනේ නෑ... කතාව ලස්සනයි වගේ තිබුනට ඒ කාලෙ විදපු දුක මතක් වෙද්දි ආයි ආදරේ කියන වචනෙ අහන්නත් බයයි...

      Delete
  16. මම හිතුවෙත් සිරෝ උඹේ ප්‍රථම ප්‍රේමය කියලනෙ.

    ReplyDelete
  17. අතින්වත් අත ඇල්ලුවේ නෑ
    කිසිම කිලුටක් තිබුණෙ නෑ
    ආදරය හැර හීනයකවත්
    කිසිම කිලුටක් තිබුණෙ නෑ
    ඔබට අමතක වෙන්න බෑ
    අපේ දුප්පත් ප්‍රථම ප්‍රේමය
    ඔබට අමතක වෙන්න බෑ
    ඔබට අමතක වෙන්න බෑ
    කුළුදුලේ කී මුල් ම වචනය
    පැටලෙද්දී ඔය සොඳුරු දෑසට
    නුඹත් මා ළඟ මං වගේ නිහඬයි
    බිම බලාගෙන ගොළු වුණේ ඒකයි
    නොඉඳුලේ හැඟුමන් තියාගෙන
    කාලයෙන් වියපත් වෙලා අප
    වෙන්වුණෙත් ආදරය හින්දාමයි
    සමුදෙන්න බැරි හමුණොවිත් ඒකයි
    හමුණොවිත් සමුදෙන්න බැරි ඒකයි
    ඔබට අමතක වෙන්න බෑ
    අපේ දුප්පත් ප්‍රථම ප්‍රේමය
    ඔබට අමතක වෙන්න බෑ
    ඔබට අමතක වෙන්න බෑ

    පද රචනය - අමිල තේනුවර
    සංගීතය - දර්ශන රුවන් දිසානායක
    ගායනය - අමරසිරි පීරිස්

    ReplyDelete
  18. ප්ර්තම ප්‍රේමය මහ අමුතු දෙයක් මචන්. මගේ හිතේ කාටවත් ඒක අමතක කරන්න මාර අමාරුය්. මගෙ ප්‍රතම ප්‍රෙමය තාමත් අපි හොද යාලුවෝ වගේ ඉන්නවා, නමුත් ....

    ReplyDelete
  19. කෙල්ලො කියන්නේ මචන් වෙලාවක් ලැබුණු හැම වෙලේම පන්සල් පල්ලි කෝවිල් යමු කියලා කථා කරන..
    ඒත් අපි අහන දේවල් වලට අපේම ඔලුවට අත තිය තිය දිවුර දිවුර බොරු කියන ජාතියක් බන්..

    ඉතින් ඔයින් ගියා මදැයි..
    :-)

    ReplyDelete
  20. මටත් තියෙනව ඒක පාර්ශවීය ප්‍රථම ප්‍රේමයක්... හමුබ වුණේ දහමි පාසල් යන කාලෙ.......කවදාවත් එයාට කියල නෑ......... දැන් එයා දරුවො දෙන්නෙක් ඉන්න සුන්දර අම්ම කෙනෙක්, ගුරුවරියක්........... දැන් එයාව දකින කොට ඇත්තටම මට දැනෙන්නෙ ලොකු ගවුරවයක් වගේ හැඟීමක්..... පසු තැවිල්ලක් නෑ......... ඒ නිසා කිසි අවුලක් නැතුව එයත් එක්ක කතා කරන්න පුලුවන්............ තව දෙයක්... ඒ කාලෙ මම මේක ගැන දහම් පාසලේ මගෙ ගජයට කියල තිබුණා.... උෟ හොඳ එකා........... වැඩේ ලීක් කලේ නෑ............
    තව මට තියෙනව පුකාශ කරන ලද කුලුඳුල් ප්‍රේමයක්........... එයත් මට අයිති උනේ නෑ ....... හැබැයි.......... ඒකනම් මෙහම කෙටියෙන් ලියන්න බෑ......

    ReplyDelete
  21. මචං ජනිත .. ඕකට කියන්නෙ මිස් වෙනව කියල. බලාගෙන ගියාම අපි හැමෝටම මිස් වීම් වෙලා තියනවා. අපූරු අත්දැකීම් සහ මතකයන්... මගේ කතන්දර ගැන මෙතන ලියන්න ගියොත් වෙනමම පෝස්ටුවක් විදියට දාන්නත් පුළුවන් වෙයි.. එක පාර්ශවීය ප්‍රේමය කියන්නෙ මහා කරුමයක්...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්.... එක පාර්ශවීය ප්‍රේමය කියන්නෙ මහා කරුමයක්...

      Delete
  22. අදහස් දැක්වූ සැමටම ස්තූතියි...මේ අත්දැකීමේ හිමිකරු මෙහි ආ දිනෙක ඔබේ අදහස් උදෙසා පිළිතුරු ලබා‍දෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඉස්සර දවස ගානෙ මේ පැත්තෙ අවා... දැන් ගොඩාක් Busy නිසා ඉදලා හිටලා තමයි මේ පැත්තෙ එන්නෙ...ඒ ආපුවාම මගේ Story එක දැකලා ආස හිතුනා වගේම මන් කරපු පිස්සු වැඩ මතක් වෙලා පොඩි ලැජ්ජවකුත් ඇති උනා...
      අහ් මට සිරා අයියට කියන්න අමතක උනා.. මන් අර දෙවෙනියට ගිය තැනින් අයින් වෙලා වෙන Company එකකට සෙට් උනා..
      මෙතන ගොඩාක් Busy උනත් මන් ආසාවෙන් වැඩ කරනවා...
      Tnx මගේ කතාව Blog එකේ දැම්මට..

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...