Sunday, July 22, 2012

100 ඔයා සංඛ දිනෙත්ද ?

දින කීපයක් තිස්සේම චාරිකා සටහන් කියවලා  හෙම්බත් වෙලා ඉන්න සිරාගේ කාමරයට ගොඩ වදින ඔබ තමුන්නාන්සේලාට වෙනස්ම පෝස්ටුවක් තිළිණ කරන්නයි ඔන්න මේ වෑයම... පහුගිය වංගිය පුරාවට ඉතිහාසයට සම්බන්ධ දේවල්ම ඇද බාපු නිසා මගේ භාෂා ශෛලියත් ටිකක් විතර වෙනස් වෙලයි තිබුනෙ.. කාරි නෑ කාරි නෑ..  පුරැදු ක්‍රමේටම මෙන්න මේ කථාවත් අහන්න..... ඉඩ පහසුකම් තියෙන විදියට පුටු කබලක් දෙකක් අරන් ලං වුනොත් හොදා....

හැබෑටම ජනප්පියත්වය කියන්නෙ කොයි වගේ එකක්ද ? 
අපිට ජනප්පිය වෙන්න බෑද ? 

මොකෑ බැරි සිරා කොලුවගෙ ඉහේ කඩා වැටුනනෙ එහෙම චෑන්ස් එකක්, මේ කියන්න යන්නෙ ඒ ගැන.. සිරාගෙ ළගම මිතුරන් රාශියක් මේ කාමරේට ගොඩ වදින නිසා සිරාට බේගල් ඇද බාන්නට ඉඩක් නැතුවාය. ඒ නිසා මේ කථාව සහසුද්දෙන්ම ඇත්තකි. නයෙක් නොවේය.

සිරාගෙ මේ කියන දවස් වල පෙනුම කොයි වගේද ? එහෙම ඇහුවොත් මෙන්න උත්තරේ.... හැබැයි නිකටට උඩින් තියෙන සැවුල් කොටේ නම් සිරාට තිබුනේ නැතිය.

සැබෑ සංඛ දිනෙත් 
සිරා කොලුවත් මෙයාට ගොඩාක් සමානයි...


(මගේ ෆොටෝ එකක් නැතුව මේ කථාව අසම්පූර්ණයි වගේ දැනුන නිසා 

ඔන්න මම පසුව මේ  ෆොටෝ එක එකතු කලා. නිල් පාට ටී ෂර්ට් එකක් ඇදලා ඉන්නෙ සිරා...
සිරාට පිටිපස්සෙන් ඉන්න උස කෙනා තමයි තිසර චානක හෙවත්
Sirasa Super Star Generation 4 ජයග්‍රාහකයා...
මේ ඉන්න හැමෝම අපේ බෑන්ඩ් එකේ හිටපු සාමාජිකයන්
රංටැඹේ කදවුරැ භූමියට ලංකාවෙ අංක 1 වෙච්ච
අපේ වෙස්ටර්න් බෑන්ඩ් එක බලන්න  ගිය වෙලාවක ගත්තෙ...
රතුපාට ටී ෂර්ට් එක ඇදන් ඉන්න කෙනා ලගම ඉන්නෙ ජපන් චමී )

මේ සිදුවීම් සිදුවුන  සමයෙ  සිරා කොලුවා වැඩ කොලේ ඔය බොරැල්ල කොටා පාර පැත්තෙ දැන්වීම් ප්‍ර‍චාරන ආයතනයක... ගම්පහින් රේල්ලුවට නැගලා මරදානෙන් බැහැලා තමයි ඔන්න සිරා වැඩට ගාටන්නෙ...

අපිට ඉතිං මේ වගේ තැන් වල වැඩ කොරන කොට ගොඩාක් පිරිස සුහද වෙනවා , ඒ වගේම අදුන ගන්නත් ලැබෙනවා.... ඒ වෙද්දි සිරිලංකා රෑප පෙට්ටියට රියැලටි කලාව ගෙනාපු සිරස රෑපවාහිනියෙ සුපර් ස්ටාර් පළමු වැඩසටහන අවසන් වෙලා  දෙවන අදියර ආරම්භ වෙලා  අවසන් 24 දෙනා තරග කරමින් හිටිය කාලෙ.. සිරා මේ කියන දවස් වල මේ වැඩසටහන බැලුවෙ නෑ... අවසන් වටයට පිරිස තේරැනාම තමයි සිරා වැඩසටහන නරඹන්න පටන් ගන්තෙ

අපේ ඔපීසියට වෙළද  දැන්වීම් ගෙනාපු කෙනෙක් හිටිය රණසිංහ කියලා... අවුරැදු 50ක් විතර වයස තියෙන බොහෝම සුහද චරිතයක්...

දවසක් වැඩ කරමින් සිටි  සිරාට රණසිංහ උන්දැ මෙහෙම කියනවා...

ඔයාගෙ මල්ලි සිරස සුපර් ස්ටාර් එකේ ඉන්නවා‍ කියාල අපිට කිව්වෙවත් නෑ නේද කියලා....

මොකක්ද බොල මේ හරැපෙ.. මගෙ නට් ලූස්  උනා...

ඇයි බොලං ඒ මල්ලි නෙමෙයිද ? උඹ නිකන් බොරැව දාන්න එපා... කියලා රණසිංහ ගොයියා මට කියපි..

ඒ කථාව ඔන්න එදා ඒ  විදියට ඉවර වුනා කියමුකො.... කොළඹ නගර සභාවෙ ඒ දවස් වල මස් කඩ වල මස් පිළිබද ප්‍ර‍මිතිය පරීක්ෂා කරපු අනිල් පශු වෛද්‍ය තුමත් මේ ඔපීසියට නිතර යනෙන කෙනෙක්.. විනෝද  සාගරයක් ඒ චරිතය...

දවසක් එතුමා මට කියනවා...

අපිට කියන්නෙත් නැතුව උඹ සුපර් ස්ටාර් ගියා නේද ? මම ඊයේ ටීවී එක බලනකොට දැක්කෙ... ඕනෙ උදව්වක් දෙන්නම් කියලා....

සිරාට ආයෙත් අන්දොස්... මොකක්ද මේ හරැපෙ කියලා... ඔතනින් පටන් ගත්ත මේ කියැවිල්ල එකා දෙන්නා බවටත්, දෙන්නා තුන්දෙනා බවටත් පත්වෙන්න වැඩි දවසක් ගියෙ නෑ....ඊට පස්සෙ සිරා කවුද මේ හාදය කියලා සුපර් ස්ටාර් වැඩසටහන යන අතරෙදි බැලුවා... වැඩේ ඇත්ත මම වගේමයි...
එයාට කලින් මේ ලෝකෙට මම ආපු නිසා... කොපි කලේ මම නෙමෙයි...

සිරා ඒ දවස්වල ඇදුම් ගත්තෙ කොටුව ඉස්ටේසුම එහා පැත්තෙ තියෙන ලෝක වෙලද පොලේ සුදා ගෙන්.. හොද තත්වයේ ලස්සන ලස්සන ටී ෂර්ට් සුදා ලග අඩුවට තිබුනා. සුදා ඒ වෙනකොට ලෝක වෙලදපොලේ ජනප්‍රිය චරිතයක් වගේම සිරාගෙ බොක්කක්.

සුදා කියන්නෙ සිරාගෙ යාලුවො පිරිසකට අහම්බෙන් හමුවෙච්ච චරිතයක්... ඒ හමුවීමත් රසවත් එකක් නිසා ඔන්න කෙටියෙන් දක්වන්නම්....

අපේ උන් ඉතිං ඔය කොළඹ රටට ආගන්තුක කාලෙ ලෝක වෙළද පොල ලගින් කොහෙ හරි අවලං ගමනක් ගියා... ඒ ඉස්සරහ පදික වේදිකාවෙ ඇවිදන් යන උනුත් බලෙන්ම කඩ ඇතුලට දාන මාෆියාවක් ඒ කාලෙ ලෝක වෙළදපොලේ තිබුනා..මේ අත්දැකීම කියවන බොලාටත් සමහර විට ඇති. ඉතිං ඔන්න අපේ  එවුනුත් යන ගමන පැත්තක තියලා බලෙන්ම සුදාගෙ කඩ කාමරේට තල්ලු කොරලා..

සිගිත්තාගේ චූටි ජංගියේ සිට කලිසම් කොට් දක්වා මිළ දර්ශනය ඉදිරිපත් කරපු සුදා මොනවද ඕනෙ කියලා අපේ උන්ගෙන් අහලා... ඇදුම් ගන්න සුදානමක් කොහෙත්ම නොතිබූ නිසා උන් කියලා මොකුත් එපා අපි පාරෙ යද්දි බලෙන් එව්වෙ අයියෙ කියලා... මේ උත්තරේ අහපු සුදාට නස්පියට නැගලා .. උන් එව්වට තොපි මොන මගුලකටද යකෝ ආවෙ කියලා අඩි හප්පනකොට  ඇගපත හොදට තියෙන අපේ එකෙක් මීයෙක් වගේ බය වෙලා උගෙ ප්‍ර‍මාණෙට කයිසමක් අරන් මාරැ වෙලා... කයිසම හොද නිසා ඌ අපිටත් තව උන්ටත් විස්තරේ කිව්වා.  එදා ඉදන් අපේ මිත්තරයො බහුතරය ඇදුම් ගන්න සුදාව විසිට් කොලා... පස්සෙ කාලෙක අපි සුදාට සද්දෙ දැම්මා...

මෙන්න මේ කියන සුදා පස්සෙ පස්සෙ අපිත් එක්ක හොදටම හිතවත් වුනා... අපි හොයන ඇදුම සුදා ලග නැත්නම් / ඇදුම් විකුණන සුදා ලග  නැති සපත්තු,සෙරෙප්පු පවා තියෙන කඩේකට  අපිත් එක්ක ඇවිත්  මුදලාලිට කථා කරලා අඩුවට අරන් දෙන තරමට හිතවත් උනා...

මුලින් කියපු සුපර්ස්ටාර් කථාවට පස්සෙ දවසක් ටී ෂර්ට් එකකුයි ලේන්සුවකුයි ගන්න සිරා සුදාව හමු වුනා...මම යනකොට සුදා අලුතෙන් ගෙනාපු ටී ෂර්ට් වගයක් අඩුක් කරනවා... පොඩි බංකු කෑල්ලක ඉදගෙන සිරාත් ඔන්න දැන් වටපිට සිරි නරඹමින් ඉන්නවා ... ඈතින් තියෙන කඩයක් අස්සෙන් හයේ හතරෙ පොරක්  මගේ දිහා එක එල්ලේ බලාගෙන ඉදලා අතුරැදහන් උනා... පෙර වැරදිත් නැති නිසා මම කම්පනා කොලා මොන මගුලක්ද යකෝ මේ කියලා... ටිකකින් අර හාදයා ආයෙමත් ඊට මෙහායින් තිබ්බ කඩේකින් මතුවෙලා  මගෙ දිහා බලං ඉන්නවා.... සුදා තවමත් ටී ෂර්ට් අහුරනවා....

තවත් ටික වෙලාවකින් ඒ හාදයා මගේ ලගටම එනවා... ටිකෙන් ටික ටිකෙන් ටික ලංවෙන හැටි මට දැනුන.. මම බිම බලාගෙන හිටිය.. ඔහුගේ හෙවනැල්ල මගේ ඇගට වැටෙන තරම් ලං උනා...  මගෙත් හද ගැස්ම වැඩි වුනා... ඊළගට මක්ක වෙන්න ඇති කියලද හිතන්නෙ ?

ඔයා සුපර් ස්ටාර් සංඛ දිනෙත් නේද ?

අර මෑන් මගෙන් එහෙම ඇහුවා... මට බකස් ගාලා හිනාවක් ගියා... මම කිව්වා අනේ ඒ මම නෙමෙයි කියලා.... මිනිහා පුදුමෙන් වගේ මගේ දිහා බලාගෙන ඉදලා ආයෙමත් අහනවා එහෙනං ඒ ඔයාගෙ මල්ලිද කියලා..... මම ආයෙමත් කිව්වා අනේ නෑ කියලා.... මෑන් තවත් ටිකක් වෙලා බලාගෙන ඉදලා මේක පුදුම වැඩක්නෙ කියලා එතනින් මාරැ උනා... ඔය කියන සංඛ, මම ඒ වෙද්දි රෑප පෙට්ටියෙන් දැකලා තිබ්බ නිසා  ඒ කථාව මට එච්චර අරැමයක්  වුනේ නෑ... ලැබිලා තිබ්බ තොරතුරැ වලට අනුව පදිංචිය කලුතර කියලා දැනගෙන හිටියා....

සුදා වැඩේ ඉවර කරලා මා ලගට ආපු වෙලේ මම සිද්ධිය කිව්වා... සුදා මගෙ දිහා බලලා හීන් හිනාවක් දාලා කියනවා... ඇත්තමයි උඹ ඒ වගේමයි... උඹනම් මහ මි හරකෙක් ... කියන්න එපෑ බොල ඒ උඹ තමා කියලා  ඔන්න ඔය විදියටයි ඒකා මට දෝස් මුරයක් තිබ්බෙ... සුදාගෙන් ටී ෂර්ට් එක ගත්තට මිනිහා ලග ලේන්සු තිබ්බෙ නෑ... නියම ලේන්සු වගයක් තියෙන තැනක් තියෙනවා වරෙං  කියලා සුදා මට ඉස්සරවෙලා ලෝක වෙළදපොලේ තව කඩේකට යන්න පිටත් වුනා.

සුනිල්/වීරෙ/රාළහාමි/අජියා/මුරලි  සුදා නම් වගයක් කියලා කෑ ගැහුවා කඩ අස්සෙන් එකා දෙන්නා ඇවිත් පිරිසක් අපේ වටේට එකතු වෙලා....

මචං මේ තමා සිරස සුපර් ස්ටාර් එකේ සංඛ දිනෙත්... කලුතර ඉදන් ආවෙ මගෙන් ඇදුම් අරන් යන්න... (සුදා හීනියට වෙළද දැන්වීමකුත් දා ගත්තා) උඹලා ප්‍රෝග්‍රෑම් එක බලලා සප් එකක් දෙන්න ඕනෙ අරිද ....

හරි හරි සුදා අයියා, අපිත් ප්‍රෝග්‍රෑම් එක බලනවා
මල්ලි එලටම සිං කරනවා.. කෝම හරි සුපර් ස්ටාර් වෙන්න ඕනෙ. අපි ඉතිං දෙන්නම් ෆුල් බකප් එක... දන්නවනේ මේකෙ කොල්ලො ගැන... ආයෙ තනි රත්තරන් පපු කියලා කට්ටියම මට අතට අත දීලා සුභ පතලා එක කෙළියයි එතන... මේවා පුරැදුත් නැති අහිංසක සිරා යන්තම් හිනා වුනා විතරයි.

ඔන්න අපි ලේන්සු කඩේටත් ගියා... මට ඕනෙ එක තෝරගත්තට පස්සෙ සුදා අර රැකෝඩ් එක එලෙසම නැවතත් වාදනය කොලා... කඩේ වයසක මුදලාලිත් මට සුභ පතලා ලේන්සුවට සල්ලි එපා කිව්වා... කොච්චර දෙන්න හැදුවත් ගත්තෙම නෑනෙ බොලේ...

කාලය ගත වෙලා ඔන්න සිරස සුපර් ස්ටාර් දෙවන අදියරේ අවසන් 12 දෙනා සතියකට එකා බැගින් කැපීගෙන යන කාලෙ... වැඩසටහනේ ආකෘතියෙ වෙනස/කමල් අයියගෙ අමුතු ටෝක්/ තරගයෙන් ඉවත් වෙන ගෑල්ළමයි වැලහින්නියො වගේ ඇඩීම ආදිය හින්දම මේ වැඩසටහන සෑහෙන ජනප්‍රියත්වයක් දිනාගෙන තිබුනා.  මට මතක විදියට 5 වෙනියා විදියට කැපුනෙ සංඛ, ඒ වෙද්දි මෑන් උපරිම හිට්වෙලා මූණත් තහඩුව මිනිස්සුන්ට මතක හිටින විදියට.

මේ වෙද්දි සිරාට ජනප්‍රියත්වය කියන්නෙ කොයි වගේද, ඒක කොයි තරම් කරදරයක්ද කියන එක අගේට වැටහිලා තිබුනෙ

ගම්පහින් රේල්ලුවට නැග්ගට පස්සෙ හිටගෙන ඉන්න හැමෝම බලන්නෙ මගෙ දිහා.. මට ඒ වෙලාවල් වල දැනුන අපහසුතාවය වචනයෙන් කියන්න බෑ...

හැන්දෑවට මරදාන ඉස්ටේසුමට ඇවිල්ලා දුම්රිය වේදිකාව දිගේ ඉස්සරහට එද්දි අයියලා /අක්කලා/නංගිලා/මල්ලිලා/ආච්චිලා/සීයලා/ඇන්ටිලා /අන්කොල්ලා හැමෝම මගේ දිහා බලන් හිටියෙ අමුතු සතෙක් දිහා බලනවා වගේ... සිරා ඉස්ටේසුමේ තනියෙන් හිටගෙන හිටපු කෙනෙක් නිසා කථා කරන්න කෙනෙකුත් නෑ.... වටේ පිටේ උන් මටම ඇහැ දාගෙන හිතා ගන්න පුලුවන් නේද එහෙම ඉන්නකොට දැනෙන පන්ක් එක... මට නම් එපා වුනා අයියෝ.... ජනප්‍රියත්වය කියන්නෙ හරිම කරදරයක්...සැබෑ කෙනා මම නම් තව කමක් නෑ...

අක්කෙ අර සංඛ..... නෑ නෑ එයා වෙන්න බෑ... පිස්සුද අනේ එයාම තමයි... සමහර ගෑල්ලමයි එහෙම මුමුණනවා මට ඇහෙනවා

අර සුපර් ස්ටාර් එකේ සින්දු කියනා ළමයා නේද? කෝච්චියෙ ඇතුලෙදි ඇන්ටිලා එහෙම කියනවා ඇහෙනවා...

ඔය කියන කාලෙ සිරා හවසට ගියෙ මහව දුම්රියෙ... කවුරැත් දන්නවනේ මහව දුම්රිය කියන්නෙ උප සංස්කෘතියක් තියෙන සීට් වලට අයිතිකාරයො ඉන්න දුම්රියක් කියලා... මට ඉතිං  ඒ කාරණය ගැටලුවක් උනේ නෑ,  මොකද සිරා කියන්නෙත්  දුම්රියට අරක් ගත් නඩයක එකෙක්... මේ කියන නඩේ මල් වගේ  දැරිවියො වගේම සිරා වගේ අහිංසක කොල්ලොත් හිටියා... පිරිමි පාර්ශවයේ වැඩිපුර හිටියෙ මුස්ලිම් ජනතාව.. දවසක් ඔය අය අතරට අලුත් මුස්ලිම් කොල්ලෙක් ආවා.. මිනිහත් පළවෙනි දවසෙ මගේ දිහා බලන් හිටියට කථා කරන්න ඉඩක් ලැබුනෙ නෑ...

දවසක් ඔපීසියෙ වැඩ කරමින් ඉන්න වෙලාවක දුම්රියේ මුස්ලිම් මිතුරෙක් මට දුරබණුවෙන් ඇමතුවා..

මචං අර එදා අලුතෙන් ආව එකා අපෙන් ඇහුවා උඹ සංඛ ද කියලා අපිත් ඔව් කියලා ඌව ඇන්දුවා... කලුතර ඉන්න කෙනා ගම්පහට යන්නෙ ඇයි කියලත් ඇහුවා... අක්කගෙ ගෙදර යනවා කියලයි අපි කිව්වෙ ප්‍රෝග්‍රෑම් එකට යන්න ලේසි නිසා.... අද ඌ උඹ ගැන කෑල්ලට කියලා මහවෙ අපිත් එක්ක සංඛ යනවා කියලා... ඒ ගෑල්ළමයාට උඹව බලන්න ආසයි කියලා ඔන්න හවස ට්‍රේන් එකට එනවලු... උඹ සංඛයා වගේම ඉන්න ඕනෙ අරිද ?

මළ මගුලයි... මට එහෙම කියැවුනා... තව කෙනෙක් වගේ බොරැවට රගපාන්න මට කිසිම ආශාවක් නෑ... මම ඒක ඌට පැහැදිලි කලත්... අනේ අදට විතරක් කරපන් කියලා ඇමතුම දුන්න කෙනා බැගෑපත් වෙච්ච නිසා සිරා ඉතිං හා කිව්වා...

වෙනදාට මරදානෙන් දුම්රියට ගොඩවෙන සිරා එදා කොටුව දුම්රිය ස්ථානයෙන් අපේ උන් ඉන්න  10 වෙනි පෙට්ටියට සුපුරැදු විදියට ගොඩ වුනා... හරියටම දුම්රිය පෙට්ටිය දැන ගන්න මුල සිට අගට හිතින් ගැනගන්න ඕනෙ. දුම්රිය නවත්තන්න කලින්ම මාව දැකපු අර දැරිවි අත දික් කරලා පෙන්නුවලු අන්න සංඛ කියලා... අපේ ගැන්සිය ලගට කිට්ටු උනාම කෙල්ලො ටික කටපුරා හිනාවෙලා ආ සංඛ එන්න ඉදගන්න කියලා සීට් එකකුත් දුන්නා... අලුත් කොල්ලා කෙල්ලත් එක්ක මගේ දිහා බල බලා හිනා වෙනවා... සංඛ ඉතිං ආයෙත් කවදද රෙකෝඩින්.... අක්කලගෙ ගෙදර ඉදන්ද යන්නෙ.... ඊළග වටේට කියන්නෙ කාගෙ සින්දුවක්ද... ඔය වගේ ප්‍ර‍ශ්න වැලයි.... මමත් ඉතිං ෂේප් එකේ උත්තර දිලා ගම්පහෙන් බහිනකොට ඇත්ත සිද්ධිය දෙසා බෑවා.... එතකොට අර ගෑල්ළමයා කියනවා.... මටත් වෙනසක් දැනුනා මොකද ඔයා චුට්ටක් විතර වෙනස්, සංඛට පොඩි රැවුල් කොටයක් තියෙනවා ඒක ඔයාට නෑ කියලා....

ඊට පස්සෙ දවසක සිරා සති අන්ත දුම්රියක යමින් සිටියා... මට ඉස්සරහා සීට් එකේ ඇන්ටියෙක් සගරාවක් බලමින් උන්නෙ... ටික වෙලාවකින් එයා සගරාවට උඩින් මගේ දිහා බලාගෙනම ඉන්නවා... තවත් ටිකකින් සුපුරැදු ප්‍ර‍ශ්නය... ඔයා සංඛ නේද ?

ගම්පහ කොළඹ බස් ස්ටෑන්ඩ් එක හරියෙදි ත්‍රීවීල් සංගමේ නියෝජිතයෙකුත් මගේ පස්සෙන් පන්නගෙන ඇවිල්ලා  ඔයා සංඛ දැයි විමසු හැටි මතකයි... එදා මම හිතුවෙ මට ගහන්න එකෙක් එනවා කියලා...


මේ කිසිම සිද්ධියක් ඔෆීස් එකේ උන්නු පාප මිත්‍ර‍යන්ට කිව්වට උන් එකෙක් වත් පිළිගත්තෙ නෑ.. සිරා පට්ට පල් කෙබර අරිනවා කියා කියා උන් මට කෝචොක් එක දැම්මෙ.

අපි ඉස්සර මධුවිතට සැට් වෙන්නෙ කාසල් එක කිට්ටුව තිබ්බ හොවැංහෝ රෙස්ටූරන්ට් එකේ... ඔපීසියේ නඩේම දැන් ඔන්න ඉන්නවා... අනිත් පැත්තෙ මේසෙ හිටියෙ  දෙන්නයි. ඒ අය කොළඹ ප්‍ර‍ධාන පාසලක ආදි ශිෂ්‍යයෝ ටිකක්...  ඒ අතරත් එක්කෙනෙක් සිරා දිහා බල බලා ඉන්නවා...  වරෙකට එකා බැගින් තමා ඒ අයගෙ කෂ්ටිය සැට් වෙන්න ඇවිල්ලා ඉද ගන්නෙ... අලුතින් එන කෙනා අසුන් ගන්නවත් එක්කම මගෙ දිහාට අත දික් කරලා මුලින් හිටපු දෙන්නා සිරාව පෙන්නනවා...ඔය විදියට 8 දෙනෙක් විතර අවසානයේ දැන් සිරා දිහා වරින් වර බලනවා එහා පැත්තෙ මේසෙන්.

ටිකකින් එක්කෙනෙක් නැගිටලා ඇවිල්ලා කෙලින්ම ඇහුවා සුපුරැදු ප්‍ර‍ශ්නෙ... මල්ලි ඔයා  සංඛ නේද ?

මමත් හිනාවෙලා නෑ අයියෙ කිව්වා... ඔයා ඒ වගේමයි අපේ අය කථා වෙවි හිටියෙ ඒ ගැන කියලා මාරැ වුනා.

මේක කථා බහ ඇහුනු මගේ පාප මිත්‍රයෝ

මචං උඹ කියපු කථා මෙච්චර කල් අපි විශ්වාස කලේ නෑ... ඒත් දැන් ඇස් පනාපිට වෙච්ච දේ නිසා අපිට විශ්වාස කරන්න වෙනවා කියලා කිව්වා.

ඒ දවස්වල මගුල් ගෙදරකට ගියාමත් කසු කුසුව, අන්න අරයත් ඇවිල්ලා.. සින්දුවක් එහෙම අහන්න පුලුවන්... එහෙම කිව්වෙ කාන්තා පාර්ශවය.

අහිංසක සිරා හට තව දුරටත් ජාමෙ බේරාගෙන මගමග යන්නට නොහැකි කල එළැබුන විට නියම ප්‍ර‍මාණෙට වැවී තිබු ක්‍රේල් කොණ්ඩය නෝට් එකටම කපා දැම්මා

ඒ ඉන්පසුව හෝ මේ මළ වදෙන් ගැලවෙනු ඇතැයි හිතලා.. ඒ උනාට වැඩසටහන බලලා මම වගේ ඉන්න සංඛ මලයට දිගටම ඇස් ඇම් ඇස් නම් යැව්වා...

ඉන් පසු මා දුටු උන් කිව්වෙ කොණ්ඩෙ තිබ්බ නම් මෙයා සංඛ වගේමයි කියලා....

සුපර් ස්ටාර් වැඩ සටහන අවසන් වී ටික කාලයකට පසු සිරාගේ මල්ලි කොල්ලා රැකියාව කොරන රතු කුරැස සමාජෙන් සුපර් ස්ටාර්  තරැ සහභාගි වන සංගීත සැදෑවක් සංවිධානය කොලා... ඒ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයෙ

සිරා කොලුවත් මේ ප්‍ර‍සංගය බලන්න ගියා... ප්‍ර‍සංගය අතරතුර මුත්‍රා අඩස්සිය හැදිලා මුත්‍රා බොක්ක පිපිරෙන්න පුලුවන් නිසා සිරා වේලාසනම සින්දුවක් කියන්න ගියා ඒ ඉසව්වට... වැඩේ අහවර කරලා එළියට එනකොට ඇතුලට ආවා මැදි වයසේ තුන් දෙනෙක්... එක්කෙනෙක් මා එක්ක හොදට හිනාවේගෙන ගියා... මට ටිකකින් ඇහෙනවා...

මචං ඒ ගියෙ සංඛ උඹලා දැක්කෙ නැද්ද කියලා...

ඔන්න ඉතිං ප්‍ර‍සංගය ඇරඹිලා සංඛ සින්දු කියන වාරය එළැඹුනා.... සිරා සිටි තැනම ඉහළින් විශාල තිරයක සජිවී රෑප රාමු වැටෙනවා ප්‍ර‍සංගයෙ,

ටික වේලාවකින් ළග පාත හිටපු නරඹන්නො  තිරය දිහා බලනවා සිරා දිහා බලනවා / තිරය දිහා බලනවා සිරා දිහා බලනවා, සිරාට චූ යන්න වගෙයි.

කාලයාගේ ඇවෑමෙන් සංඛ පොෂ් වීමත් සිරාගේ බඩ ගෙඩිය ඉදිරියට නෙරා ඒමත් නිසා අද මා සහ ඔහු අතර සැලකිය යුතු පරස්පරයක් ඇත. ලගකදී එකෙකු හෝ මාගෙන් මේ ගැන විමසාද  නැත. ඒ සිරාගේ පෙනුමේ වූ වෙනස් වීමක්ද, වැඩසටහන ප්‍ර‍චාරය වන සමයේ ඇතිවන ක්ෂණික ජනප්‍රියත්වය ගිලිහී යාම නිසාදැයි වැටහීමක් සිරා හට නොමැත.

සැබෑ ජීවිතයේදී සංඛ, සිරා හට තවමත් හමුවී නැති වුනත් ලගදීම දිනෙක හමුවිමට ඉඩ ඇත... එදාට අප දෙදෙනාම සිටිනා පින්තූරයක් දමමි. අද දින නැගී එන තරැණ සංගීත වේදීන් අතර සංඛ දිනෙත් තමාගේම මාවතක යන දක්ෂයකු බැව් සිරාගේ අදහසය.


ඇත්තටම මේ වගේ දෙයක් බොලා ලටත් උනොත් මක්ක වෙයිද ?


ජනප්‍රියත්වය කෙබදු එකක්දැයි අහම්බෙන් හෝ මමත් දැනගත්තා... එය වෙලාවකට කිසිම නිදහසක් නැති  කරදරයක් කියලා තමා සිරාගෙ අක්මාවට දැනුනෙ...





මම සයිබරෙයේ අලුත් මිතුරා සිරා......


ප.ලි

පම්පෝරි නොගැසූවෙමි... වෙච්ච දැ වෙච්ච පිලිවෙලටම ගලපා ඇත

සැබෑ සංඛ මෙය දුටුවහොත්... අනේ මා මරන්නට එපා... මා ඇල්වතුරද නිවා බොන ඉතා අහිංසක ජීවියෙකි...











100 comments:

  1. උඹ නයෙක් ඇරියේ නැත්තම් සිරාවටම ලකී පොරක්.

    ReplyDelete
    Replies
    1. නයි ගැන කථා කරන්නත් බයයි... ඇත්තමයි සත්තයි... සත්‍ය සිදුවීමක්...

      Delete
  2. එකවගේ 7දෙනෙක් ඉන්නව කියනවනේ. මගේ මස්සිනා වගේම නළුවෙක් ඉන්නව. එයාටත් ඔහොමයි.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්... ඔටෝ එහෙම සයින් කරන්න කථා කරනවද කස්ටිය ?

      Delete
  3. මේ කතාවේ එන්නම ඕනේ එකක් තමා සිරාගේ ෆොටෝ කෑල්ලක්. ඒක නැතුව මේ කතාව පරීප්පු නැති හෝටලේ වගේ :D

    ReplyDelete
    Replies
    1. සිරා ලගදීම දවසක සංඛ මුණ ගැසේවී.... ඒ සිරාගේ යහලුවෙකු වන නව පරපුරේ ජනප්‍රිය ගායකයෙකු සමග... එදාට අපි දෙන්නම ඉන්න ඒ ෆොටෝව මෙහි පළකරන තුරැ කුතුහලය රදවා ගන්නයි එහෙම කලේ...

      Delete
  4. මේකගේ පච බං... මම දැක්කනේ බුකියේ මූව...
    සංඛයා මූ දිහා බලාගෙන බත් වත් කන්නේ නෑ දැක්කොත් එහෙම.. :)))

    හූ ඈ.... ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹ දැක්කෙ රජෝ මගෙ අද පෙනුම... මම මේ කියන්නෙ 2008 - 2009 කාලෙ වෙච්ච දෙයක්... ඒ කාලෙ අපි දෙන්නගෙ පෙනුම සෑහෙන්න සමානයි...සංඛ හමුවෙච්ච දවසක අපි දෙන්නම ඉන්න ෆොටෝ එකක් දාන්නම්...දැන් සිරා එදාට වඩා අගල් 5 කින් මහත් වෙලා ඉන්නෙ...

      රාජ සම්පත්ම ලැබේවා !

      Delete
    2. ඔන්න පස්සෙ ෆොටෝ එකකුත් දැම්මා.. දැන් බලහල්ලකො රජාගෙ කීම කොච්චර සාධාරණද කියලා.. මේ ෆොටෝ එක 2011 දි ගත්තෙ.

      Delete
    3. රජා කියන ඒවා මේ දවස්වල එච්චර ගනන් ගන්ඩ එපා සිරෝ.. ඌට කවුද "උත්ත මාවියක්" අම්බානකට නෙලලා පහු ගිය දොහේ. තාම හරියට සිහියක් පතක් නෑ.. :-)

      Delete
    4. රජා මගේ පාසලේ හිච්චි කොල්ලෙක්

      කෙල්ලෙක් නිසා ඔහොම කුජීත වෙනවානම් උඹ රජ කමට තියා ඇමතිකමකට වත් සුදුසු නෑ... කොන්ද කෙලින් තියං මූණ දීපන්කො ඕනෙ අටමගලෙකට...

      Delete
    5. ඒකනෙ රජාට අපි..අපිට රජා..!

      Delete
  5. මේක කියෙව්වට පස්සෙ, වැරදිලවත් ජනප්‍රිය වෙන්ඩනම් හිතන්නෑ කියලා හොඳින් අදිශ්ඨාන කොර ගත්තා... මාර දුකක්නේ සිරා සිරාවටම විඳලා තියෙන්නෙ..

    // ආදිය හින්දම මේ වැඩසටහන නොබැලූ කෙනෙක් ඒ කාලෙ නෑ... //

    එකෙක් හිටියා බොල..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙන්නා
      නොබැලූ කෙනා සෙන්නා විය යුතුය. ඇයි සිරස ඔය පළාතට පේන්නෙ නැද්ද

      Delete
    2. සිරස නම් හොඳට පේනවා.. ඒත් මට ඔය ගොන් පාට් පේන්ඩ බෑ..

      Delete
    3. මම ඔන්න පෝස්ටුවෙ ඒ කොටස සංශෝධනය කොලා...

      Delete
    4. ඒ මොකටද බන්...? මම කිව්වෙ මම කැමති නෑ කියලා විතරනෙ..මම කැමති නෑ කියලා උඹ උඹේ පෝස්ට් එක සංශෝධනය කළේ මොන මගුලකටද ?

      ඔන්න තද වෙනවා.. :-)

      Delete
    5. බලපු නැති කෙනෙක් හිටියෙ නෑ කියන එක අසාධාරණයි කියලා මට හිතුනා... මම හැම විටම මම විශ්වාස කරන දේ අවංකව ලියන කෙනෙක්..

      Delete
    6. අයියෝ.. උඹ නමේ හැටියටම හැම දේම සිරා ගන්න සිරා පොරක් වගේ..

      Delete
    7. ඇත්තමයි සහෝ මමත් සිරස බලන් නැ

      Delete
    8. සිරස ප්‍ර‍වෘත්ති තමා සිරා නම් වැඩියෙන්ම බලන්නෙ... රටේ වෙන දේ ගැන යම් කිසි අවබෝධයක් ගන්න පුලුවන් ඒකෙන් විතරයි.

      Delete
  6. නියමයි නියමයි..කෝකටත් සින්දුවක් දෙකක් කියන්න පුරුදු උනානම් හොඳයි නේද සහෝ>> :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි !

      අවංකවම කථා කරන්නේ නම් සිරා හොද ගායන හැකියාවකින් යුක්ත එකෙකි. අපොස සා/පෙ හිදී සංගීතය විෂයට විශිෂ්ඨ සම්මාන ලාභියෙකි,බටහිර තූර්ය වාදක කණ්ඩයේ සිටින කල පාසලේ හොදම ට්‍ර‍ම්පට් වාදකයාය, ගායනා තරග හිදී සමස්ත ලංකා මට්ටමේ ජයග්‍ර‍හණ ලැබූවෙකි. අදට වඩා හොද ආර්ථික තත්වයක් යටතේ මගේ තෘප්තිය උදෙසා ගීත කීපයක් පටිගත කිරීමට සිතා සිටිමි. ජනමාධ්‍ය හා සම්බන්ධ නිසාම කලා ලොව සම්බන්ධතා රාශියක් සිරා සතුය. (ආත්ම වර්ණනාවක් නොවේය)

      Delete
    2. සෙන්නා අපොස සා/පෙ හිදී සංගීතය විෂයට විශිෂ්ඨ ලයිට්කණු ලාභියෙකි. ඇඬෙනවා .. :-)

      Delete
    3. සෙන්නා අඩන්න එපා.. ලබන ආත්මෙදි ආපහු හොදට මහන්සි වෙලා සංගීතය පේපර් එකට ලියන්න. ජය!

      Delete
    4. සෙන්නා මටත් එව්වා එකක් ඇත

      Delete
    5. අටම්පහුරත් සෙන්නා එක්කම එකතු වෙලා ලබන ආත්මෙදි සංගීත පේපර් එකට ආපහු ලියන්න... මමත් උඹලටම සැට් වෙන්නම්...

      Delete
    6. නියමයි නියමයි..කෝ වොයිස් කරපු ඒවා තියනවනම් අපිටත් අහන්න පෝස්ට් එකක්වත් දාන්නකො සහෝ..

      Delete
    7. වොයිස් කල රෙකෝඩ්ස් මා සතුව දැනට නැත.. ඉදිරි දිනයක දෙන්නම්... ඔබේ සිංහල ගීත ගායනයක් ඇසීමටද මම ප්‍රිය වෙමි.

      Delete
    8. අටම්පහුර, එළ එළ එහෙනම් උඹයි මමයි දෙන්නම එකම පහුරෙ.. හෙහ් හෙහ්..

      Delete
    9. සංගීතය ඔච්චරම බැරි නම් චිත්‍ර පන්තියට නොගියේ මන්ද සෙන්නා සහ අටම්.

      සිරා ..අනාගතයේ සිරාම ගායකයෙක් වේවා !

      Delete
    10. ස්තූතියි සහෝදරිය.. ඔබේ ප්‍රාර්ථනාවට...

      Delete
  7. මේකේ දිග බලහන්...

    ReplyDelete
  8. සිරා ..... සිරා ....

    ReplyDelete
  9. මු වයසක බුවෙක් කියලා මම අයියා කිව්වදත් මන්ද ? සොරි හොඳේ. දන්නෑනේ. ඇයි ඉතිං වන්දනා නඩ වල යනකොට මම හිතුව ...

    ReplyDelete
    Replies
    1. හා හා මමත් දැක්කා ඒ කොටස... සංශෝධනය කළේ නෑ... වන්දනා නඩ වල යන හැමෝම වයසක නැත...

      Delete
    2. ඇයි බන් අර නයත් එක්ක ඉඳලා ෆොටෝ එකක ගහලා තිබුනේ.. ඒ තමයි සිරා... :-)

      Delete
  10. කතාව ලාවට ලාවට ඇත්ත වගේය :D

    ReplyDelete
    Replies
    1. අවුරැදු 3 ට පෙර මගේ තත්වය හා සැසදුවා නම් ලාවට නොව සෑහෙන්න ඇත්තය. ඒ වකවානුවේ සුදුසු ෆොටෝවක් මා සතුව නැත.

      Delete
  11. කොටා පාරේ වැඩකරපු තැන නම කියහංකෝ

    ReplyDelete
    Replies
    1. අවුරැදු 2කට ආසන්න කාලයක් එතන වැඩ කොලේ... ගෙවීම් පිළිබද ප්‍ර‍ශ්නයක් නිසා මම අයින් වුනේ හෙන ගැහුවා වගේ එකපාරටම... ඒ නිසා ප්‍ර‍සිද්ධියේ කියන්නට බැරිය..මේල්ලුවක් එව්වොත් කියන්නම්.

      Delete
  12. සිරටත් මාර වැඩ තමයි වෙන්නේ...තව දෙතුන් දෙනෙක්ව අන්දන්න තිබුනනේ ...

    ReplyDelete
    Replies
    1. සිරා අහිංසකයෙකි.. කපටිකම් වලට හිත ඉඩ නොදෙන නිසා එසේ නොකළෙමි.

      Delete
  13. ඔව් බං බොලාගේ සමානකම් තියෙනවා..වගේ ඇත්තටම එහෙම උනාද..මල කරදරයක් නේ...!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වෙච්ච නිසා තමයි බන් ලිව්වෙ... හැමෝම තමන් දිහා අවධානෙන් ඉන්නකොට ඒක පුදුම වදයක්...

      Delete
  14. හෙහ් හෙහ් .... සිරාටත් සිරා වැඩ තමා වෙන්නෙ.
    මේ ඇඳුම වෙනස් කරල තියෙන්නෙ. මම අද නේ දැක්කෙ. දැන්නම් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඇදුම ගැන දැක්වූ අදහස් වලට ස්තූතියි... සිරාට වෙලා තියෙන වැඩ ගැන තව හරියට කියලා නෑ...තව ඉස්සරහට බලන්නකො වෙලා තියෙන දේවල්...

      Delete
  15. පොඩි ආතල් එකක් ගත්තනේව අවුලක් නෑ

    ReplyDelete
    Replies
    1. හ්ම්...ඒක නියම ආතල් එකක් තමා..

      Delete
  16. Replies
    1. අලේ ... මේ 3 ඉලක්කම් වලින් මොනාද කියලා තියෙන්නෙ ? මට බැන්නද ?

      Delete
  17. හිනා වෙවී කියෙව්වා සීන් එක.... අපරාදේ කොණ්ඩෙ කැපුවේ.සංඛ සිංදු කියන්න යද්දි කොහෙ හරි හැංගිලා ඉඳලා එයා සිංදු කියලා ගියාට පස්සේ ආයේ එන්න තිබුනේ එහෙනම් උස්සන් යන්නේ අයියව... ඒක නෙමේ කෙල්ලෝ අත්සන් ගන්න එහෙම ආවේ නැතෙයි....

    ඒක නෙමේ අයියේ මට මරු නිව්ස් එකක් තිබුනා ඔයාගේ කොමෙන්ටුවක.... සිරාවටම සිරා අයියා ගාව සංගීත ලෝකේ සම්බන්ධතා තිබේද?? හදිසියේ සිංදුවක් කියෝගන්න ඕනේ වුනොත් සිරා අයියව හමුවිය හැකිද??

    ReplyDelete
    Replies
    1. ගැමියාට ප්‍ර‍ථමයෙන් මගේ ස්තූතිය... සිරා කවදාවත් කල නොහැකි දෑ ගැන මෙන්ම ලග නැති දේවල් ගැන පුරසාරම් දොඩන්නේ නැත. බ්ලොගියේ ලියන්නේ ඇත්තම ඇත්තය. සැබෑවටම සබදතා තියේ.. මගෙන් සින්දුවක් කියාගන්න නම් එය ආධුනික ප්‍ර‍සංගයක් විය යුතුය. ඇත්තටම ගැමියා මොකක්ද වෙන්න ඕන කාරණය කියලා මේල්ලුවක් දාන්න..

      Delete
    2. ස්තූතියි ස්තූතියි අයියේ මම මේලය කොටන ගමන් ඉන්නේ...

      Delete
  18. ආතල් සබන් බෝල කිව්වලු. මෙහෙම උනොත් නම් එපාම වෙනවා තමා. මට මතකයි ඉස්කෝලේ උදේ රැස්වීමේදී මට කිය කියා හිටපු සින්දුව අමතක වෙලා මාසයක් විතර ජනප්‍රිය වෙලා හිටපු හැටි. සංසාරේ එපා උනා.

    ReplyDelete
    Replies
    1. ඔය කථාව ඇහුවම මට මතක් වුනේ මම දෙක වසරෙදි රෝස මලේ කටුවෙ නටු කියලා පද වරද්දලා සින්දුව කියලා ප්‍රින්සිපල් තුමා තව සැරයක් ගීතය කියන්න කියලා මාව දිරිගන්වලා සද්දෙට අත්පුඩියක් ගහපු හැටි..

      Delete
  19. මචන් සිරා උඹ කියන තැන් ඔක්කොම මටත් බොහොම සමීපයි මචන්.
    1. සුදාව මම දන්නේ දැන් අවුරුදු 10 කට විතර පෙර සිටය තාමත් මගේ නම කිව්වොත් අඳුනගන්නවා සුවර්ය.(ගොඩ දවසකින් හමුවීමට බැරිවිය)
    2. හොවැන්හෝ එක ඉස්සර නැතිවම බැරි තැනක්ය අනිවාර්යයෙන් සතියට දවස් 6 ක් වත ඕකට බඩගානවාය.
    3. සංක දිනෙත් වැඩ කලේ (ඉස්සර)අපේ (sister)කොම්පැනියකය දුරින් කිව්වොත් බිල්ඩින් දෙකකට විතර එහා පැත්තේය.

    ඇත්තටම උඹ කොහෙද බං වැඩකලේ.

    ReplyDelete
    Replies
    1. උඹ කියන්නෙ, හුනුපිටිය ගංගාරාම පාරෙ ( Hunupitiya Lake road - Col 2 ) වෙන්ඩ ඕනා.. එහෙම නේද ?

      Delete
    2. එහෙමයි එහෙමයි ...

      Delete
    3. එළ.. ඔය කියන විදිහට ඔබ තුමා නැසීගිය TDW මහතාගේ සහ වර්තමාන SD මහතාගේ සුවච කීකරු සේවකයෙක් වෙන්ඩ ඕනා..

      නැවකුත් තියෙන්නෙ පිටිපස්සෙන්.. :-)

      Delete
    4. @ Shanaka

      කාමරයට සාදරයෙන් පිළිගන්නවා !

      ඇත්තමයි එහෙම ගැලපීමක් වෙච්ච එක ගැන මට පුදුමයි වගේම සතුටුයි.. මටත් සුදාව ලගදි හමුවෙලා නෑ... Credit Card පාවිච්චි කරන්න ගත්තට පස්සෙ සුදා මග ඇරැනා.. මම වැඩ කරපු තැන ප්‍ර‍සිද්ධියෙ කියන්න බෑ මචෝ... මොකද මම වැටුප සම්බන්ධ ප්‍ර‍ශ්නෙකට පෙර දැනුම් දීමකින් තොරව අයින් වුනේ... ඒකෙන් ඔෆිස් එකේ වැඩත් හිරවෙලා තිබුනා... මේල්ලුවක් දැම්මොත් කියන්නම්..

      සෙන්නා ගෙත් යාලුවෙක් වගේ...

      Delete
    5. @ සිරා ඒකත් එහෙමද මේල්ලුවක් දාන්නම් පස්සේ.
      @ සෙන්නා මචන් ඔය දෙන්නම හිටපු බොසාලගේ ගොඩට වැටෙන්න ඕනේ කස්ටිය ... මම ලංකාවෙන් ඇවිත් දැන් අවුරුදු 2 ක් විතර වෙනවා .... සෙන්නා කොහොමද ඔව්වා දන්නේ .

      Delete
    6. හෙහ් හේ... ඒ රහස් පරීක්ෂක සෙන්නාගේ තවත් වීරක්‍රියාවක්... හැක හැක..

      Delete
  20. යකෝ උඹ ඒ වගේම නේ!!! මම ඇත්තටම හිතුවේ මේ සංඛ ගේ ම පින්තුරයක් කියලයි...

    ReplyDelete
    Replies
    1. උඩම තියෙන්නෙ සංඛ ගේම පින්තූරයක් තමා...

      Delete
  21. බොරු කියන්නේ මොකටද සිරාට.. එක පාර පින්තුරේ දකිනකොට මමත් ‍රැව‍ටුනා වගේ... සිරාවටම සිරා සංඛ දිනෙත් එහෙම නෙමේ නේද ?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ දේවා... සිරා ඉතා අහිංසක ජීවියෙකි..

      Delete
  22. කවුද සංඛ දිනෙත් කියන්නේ ...D .[ සිරාවටම අදමයි ඇහුවේ . සොරි වෙන්ට ඕන . ] . අපි බලන්නේ ඇමරිකන් අයිඩල් විතරනේ ..D ..[ ඇත්තටම මේ D අකුර හරිම වැදගත් අකුරක් වුනානේ ]

    ReplyDelete
    Replies
    1. ඇමරිකන් අයිඩල් ශ්‍රීලංකා වර්ෂන් එක වන සිරස සුපර්ස්ටාර් වැඩසටහනේ දෙවැනි අදියරෙන් ජනප්‍රිය වුන තරැණ ගායකයෙක්... 1996 ලෝක කුසලාන ක්‍රිකට් අවසාන තරගය තමයි ශ්‍රීලංකික රෑපවාහිනී ප්‍රේක්ෂකයන් වැඩිම දෙනෙක් නැරඹුවා කියලා වාර්තාගත වෙලා තියෙන්නෙ... එම වාර්තාවේ දෙවැනි තැන ඉන්නෙ සිරස සුපර් ස්ටාර් පළමු වැඩසටහනේ අවසන් මහා තරගය... මම ඒ තොරතුරැ දැක්වූයේ මේ වැඩසටහන් කෙතරම් ලංකාවෙ ජනප්‍රිය වුනාද කියලා පෙන්නන්න... මේ තරග වලින් පුදුමාකාර ජනප්‍රියත්වයක් මේ තරැ වලට කෙටි කාලීනව ලැබුනත් ඒ අතරින් කීප දෙනෙකු විතරයි වෘත්තීය මට්ටමේ ගායකයන් වුනේ... සංඛ දිනෙත් දැන් ගායකයෙකුට වඩා සංගීත අධ්‍යක්ෂනයට තමා යොමු වී සිටින්නේ..

      සුපර් ස්ටාර් තරගයේ සංඛ තරග වැදුන අවස්ථාවක් පහත ලින්කුවෙන් නරඹන්න.
      http://www.youtube.com/watch?v=Z8Sq9BO9zaE

      Delete
    2. ස්තුතියි. මන් සුපර්ස්ටාර් බලල තියෙනව . අජිත් බණ්ඩාර දිනපු සිරිස් එකම වගේ බැලුව . විහිලුවට කිව්වේ . හැබැයි දැන්නම් බැලෙන්නේ නැහැ . තව ඊට පස්සේ අනික් චැනල්වලිනුත් කොපි කලානේ විවිධාකාර විදිහට . සැඟවුන අයට එලියට එන්න ලැබෙන නිසා ඔය වැඩසටහන් අගය කරන්න ඕන

      Delete
  23. ජනප්‍රියත්වය කොච්චර වේදනාකරිද? ගොඩක් දෙනෙක් ඒ වගේ රැවටුනාම එකෙන් වැරදි ලාභ ගන්නවා.ඒ අතින් උඹ එල කොල්ලෙක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අසරණයා...

      මේ වගේ වාතාවරණයකින් ගොඩාක් වෙලාවට ගෑණු ළමයි සම්බන්ධ වාසි තමයි කපටියො ගන්නෙ. අපි වපුරන දේ තමයි ඊළග ආත්මෙදි අස්වැන්න විදියට ලැබෙන්නෙ ඒ නිසා මම කොහොමත් අවංකව ජීවත් වෙනවා...

      Delete
  24. ඕං මාත් තට්ටුවක් දාගෙනම කාමරේට ආවා. මචෝ උඹගේ ප්‍රොෆයිල් එකේ තිබ්බ.කැමතිම පොත් දේක. එදා හෙළදිව හා සුදු වැද්දා කියලා. මමත් කැමතිම පොත් දෙකක් තමයි ඒ. මරු ඈ.. සුදු ගෝනා පොත කියවලා නැද්ද.. යාලුවා උඹ නම් සංඛ දිනෙත් වගේම තමයි..

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා!

      සුදු ගෝනා පොත කියවලා තියෙනවා... ඔක්කොම දොස්තර ස්පිට්ල් ගෙ පොත් නිසා මම ඒ නම ඇතුලත් කලේ නෑ... ඔබේ අදහස් වලට ස්තූතියි ! ආයෙත් දවසක එන්න...

      Delete
  25. බොරු කියන්න ඕනි නෑනේ..ඒ දවස්වල කරදරයි කිව්වට මොකෝ මෙයත් හරි ගැම්මෙන් ඉදල තියෙන්නේ...ඒක අපිටත් කිව්වෙ සංඛ වගේ කියල පොඩි තැනක් ගන්න වෙන්ටැ....හික්ස්...ඒකනම් විහිළුවක්....

    මේ දවස් වල ගොඩක් වැඩ පොස්ට් බලන්නෙ විටෙන විට...ආපු දවසට ඔක්කොම කියවනවා...සහෝ....

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවද මාත් මාර ගැම්මෙන් තමා හිටියෙ... මතක්වෙන කොට තාමත් ඒ ගැම්ම එනවා..

      Delete
  26. මමත් සංඛ කොටුවෙ ඉස්ටේසමේ ඉන්නවා දැකපු එකෙක්.. යකෝ එතකොට උඹද ඒ?

    ReplyDelete
    Replies
    1. ළගකදි දැක්ක නම් ඒ ඇත්ත සංඛ වෙන්නත් බැරි නෑ... හැබැයි මිනිහා දැන් පොදු ප්‍ර‍වාහන සේවයේ යන්නෙ නෑ... වාහන හිමියෙක් වෙලා...

      Delete
  27. බැරි වෙලාවකවත් අපි සංක දිනෙත්ව දැක්කොත් උබ සිරා ද කියලා අහයි....
    ඌ කෑල්ලක් ටෝක් කරන වෙලාවක එහෙම ඇහුවොත් ඔවු සිරා බං කියලත් කියන්න බැරි නෑ..

    ReplyDelete
    Replies
    1. මිනිහා දැන් පොෂ් වෙලා නිසා උඹලට වරදින්න විදියක් නෑ... සිරා ඉතින් මොන පොෂ්ද...

      Delete
  28. සිරා නොහොත් අපි දන්නා නzයර්... :D

    ReplyDelete
  29. ඊයේ බන් බ්ලොග් එක දැක්කේ.... එල එල ලියාගෙන පලයන් ඔහ්හොම ...සුබ පැතුම් මචන් .අනිවා මේක කියවනවා දැන්නම් ලෝකේ කොහේ හිටියත්..(උබ හොදට අදුරන එකෙක් )

    ReplyDelete
    Replies
    1. මේ අපේ මයික් ගොයියා වෙන්න ඕනෙ... ෆේස් බුකියෙන් චැට් කල හින්දයි අදුර ගත්තෙ... ජය මචන්... දිගටම වරෙන්..

      Delete
  30. heei.............elakiri wede.......A dawaswala matath ooka hithuna......hebei aurudu gaanakin umbawa 4to 1kinwath dekke man ratenuth awata passe FACE bukiyata pinsidda wenna......man me lankawata enne koi wedleda bala bala enne...........ape weli keliye kastiya set karaganna...........umbe wede athi saarthaka wenna kiyala hadawathinma suba pathana gaman man kepennam..............

    ReplyDelete
    Replies
    1. ලංකාවට ආපුවහම සෙට් වෙමු...ඊට කලින් කවුද කින්ද මන්ද කියලා ඊයක් දාපන්... සතුටුයි මේ පැත්තට ආවට ජය!

      Delete
    2. umbama hoyaganinko kauda kiyala. eka langa gewal godak thiyena thenwalatath lankawe me rate nama bhawitha wenawa...

      Delete
    3. අපි එහෙම තැන් වලට කියන්නෙ කොරියාව කියලා නොවැ... කොරියාවෙත් මිතුරො කීපයක්ම ඉන්නවා.... ඒ අතරින් මංජු විය යුතුයි ඔබ...

      Delete
    4. mmmm..........oya hoyagaththe.............

      Delete
  31. මූ නම් සිරා පොරකි. කමෙන්ටු සිරා ගන්නා විදියෙන්ම එය පෙනේ.

    ReplyDelete
    Replies
    1. සිරා ගන්නවා යනුවෙන් අදහස් කළේ කුමක්ද ? අනිත් වුන් කියනා බොරු වලට මා හසුවෙනවා යන්නද ?

      Delete
  32. තව පොඩ්ඩෙන් මැරෙනවා හිනා ගිහින්...
    අයියව මං දැකලා තියෙනවා. ඉස්කෝලෙ එක එක කාරී වලට ඇවිත් තියෙනවා නේද? සංක වගේම නිසා තමා අයියව මට මතක.
    නියමයි සිරා අයියේ බ්ලොගිය. අද තමයි ආවේ. ඉස්කෝලේ පොස්ටු දෙකත් කියෙව්වා. තවත් ඉස්කෝලේ රස කතා ලියන්න. කියවන්න ආසයි ඒ කාලේ ඉස්කෝලේ උන සිද්දි. සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. අදුනගත්තට සතුටුයි මල්ලි...පාසල කියන්නෙ මගේ හදවතේ එක පැත්තක් වගේ ජීවිතේට බොහොම සමීප දෙයක්..පාසල ගැන බොහෝ දේ ඉදිරියේදි ලියවේවි.

      Delete
  33. මාරු සීන් එක මොන උනත්.
    ජයවේව!

    ReplyDelete
  34. සිරා අයියගේ කාමරේට අද තමයි මම ආවේ. ඇත්තටම ඔයා සංක වගේ.

    ReplyDelete
    Replies
    1. කාමරේට සාදරයෙන් පිළිගන්නවා...අද තමයි ඔබේ කමෙන්ටුව දැක්කෙ.

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...