Raj යනුවෙන් එහි සටහන් වී තිබුනි. මල්ලි අපි ළගම එනවා පල්ලෙහාට වරෙන් ඔහුගේ ලෙංගතු හඩ සවන් පිරවීය.
එකම පාසලක ඉගෙන ගත් නිසාවෙන්දෝ බ්ලොග් අවකාශයේ පළමුවෙන්ම සැබෑ ජීවිතයේ මට හමුවූ චරිතය ඔහුය. 2012 සයිබර් අවුරුදු උත්සවයට සමගාමීව බ්ලොග් අවකාශයේ මිතුරන් විසින් සංවිධානය කල සමාජ සත්කාරය වෙත හිස් අහසෙ සදරු ලබා දුන් අදහසක් අනුව අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ගලහිටියාගොඩ මහා විද්‍යාලයේ පුස්තකාලය සඳහා පොත් පරිත්‍යග කිරීමට පිටත් වෙන්නයි මේ සූජානම. මෙම වැඩසටහන යෝජනා වෙලා ක්‍රියාත්මක වෙන කාල සමයෙ සිරා බ්ලොග් අවකාශයේ හිටියෙ නැතත් එහි අවසාන භාගයෙදි මගේ පාසල් සහෘදයා Raj විසින් සිදු කරන ලද ආරාධනයක් අනුව ඒ එක්ක අත්වැල් බැදගන්න සිරාටත් අවස්ථාව ලැබුනා...
දැනුමැති සමාජයක් උදෙසා පොතක් පරිත්‍යාග කරමු.. මේ පාඨය තමයි මේ වැඩසටහන පුරාවට භාවිතා වූ තේමාව. ඒ අනුව සිරා අත් පන්දුවක් සහ පොතක් මේ සත් කාර්යයට එකතු කලා...මාස ගණනක් තිස්සෙ වැර වෑයමෙන් එකතු කර ගත්ත සම්පත් මේ පුංචි පාසලට භාර දෙන්නට යන ගමනට මටත් ආරාධනාවක් ලැබුන නිසා ඔන්න සත්ගුණවත් සිරා කොලුවත් පෙරදා රාත්‍රියේ රැකියාව නිසා ලද වෙහෙස මහන්සිය නොබලා මේ ගමනට එක්වුනා.. තවත් විශාල පිරිසක් මේ කාර්යය සංවිධානය කරන්න, ආධාර රැස් කරන්න තිරය පිටුපස සිටියා... ඒ අය අතරින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් රුපියල් 60000 /- ආධාර ලබා දීමට සම්බන්ධීකරණය කල අභීත සහ ඒ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් දැක්වූ එම ආයතනයේ දත්ත ජාල කලමණාකරු නිශාන්ත රත්නායක මහතාවත් මෙහිදී මතක් කල යුතුමයි. මේ පිළිබද තවත් තොරතුරු මෙතැනින් කියවන්න පුලුවන්....
වෑන් රථය කියපු වෙලාවටම කාර්යාලය ළග... මල්ලි මේ තමයි වෙනී අයියා රාජ් තවත් බ්ලොග් සහෘදයෙක් මට හදුන්වා දුන්නා... ඔහුට පිටිපස්සෙන් හිටියෙ උදිත් මලයා. වෙනී සමග එකම අසුනක ඈදි ගත්තට පස්සෙ ඔන්න රථය පිටත්වුනා... අතර මගදි සද කිදුරා ඊටත් පස්සෙ වැප් සහ අන්තිමට පාන් රාත්තල් 5 ක ටෝස්ට් කල සැන්ඩ්විච් මල්ලක් සහ පානීය ජල බෝතල් 2 එක්ක යක්කලින් රථයට නැගුනෙ මගේ මරණය සමග සිහින. තවත් කීප දෙනෙක් මේ ගමන් යන්නට බහ දී තිබුනත් අවසන් මොහොතෙ යෙදුන වැඩරාජකාරි නිසා ඒ අය පැමිණ සිටියෙ නෑ....
හිරු උදාවට මොහොතක් තියෙද්දි හාත්පස තියෙන අදුර කපාගෙන රථය ඉදිරියට ඇදුනා... ඒ අතරතුර සහෘද බ්ලොග් කරුවන් සහ සිරාගේ දැනහැදුනුම් කමත් දළු ලා වැඩුනා... මේ සියල්ලන්ම ඉතා හොද මිතුරන් බවට පත්වුනා...
ප්‍රේම කථා, වීර කථා, ආගිය කථා, ජන කථා, රස කථා , බ්ලොග් ලොව සොදුරු සිදුවීම් අතර තුර සිරා බ්ලොග් කරණයට එන්නට කලියෙන් ජීවන ගමනට සමු දී තිබූ සොදුරු මිනිසුන් වූ ඔබා මාමා සහ ඉලංදාරියා ගැනත් පිරිස කථා වුනා. කථාවෙන් කථාවෙන් රථය නුවර ප්‍රදේශයට ලගා වුනා... අඩ අදුරත් එක්ක වෙලුනු නුවර වැව දැඩි මීදුමට මැදි වී ගෙන ආ දර්ශනය සිතුවමක් තරම් සුන්දරයි.
ඒ වෙද්දි ඇති වී තිබූ කුසගින්න සැන්ඩ්විච් පාන් පෙති මගින් සපුරා ගැනීමට උත්සාහ කලත් කුස තුල බුර බුරා නැගුන මහා ගින්න සන්තර්පනයට පාන් පෙත්තක් යනු කැලණි පාලම යටින් ගිය පොල්ලෙල්ලක් වගේ වුනා... ඒ නිසාම උඩුදුම්බර ප්‍රදේශයට එනවිට පිරිස උදෑසන ආහාරය ඉල්ලා සිටියත් නඩේ ගුරා රාජ් නිහඩයි... අවසානයේ සියල්ලන් එක්ව
අපිට කන්න දීපියව්.... කෝ කෑම.... නඩේ ගුරා නිදිද ?
ආදී වශයෙන් පැවැත්වූ උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක් ලෙස උඩුදුම්බර චන්ද්‍රිකා හෝටලයෙන් උදෑසන ආහාරය ලබා ගැනීමට තීරණය වුනා...
මෑතකදී මැනවින් නවීකරණය කර ඇති දහ අට වංගුවේ සිරි අසිරි නරඹමින් පිරිස හසලක නගරය හරහා බිබිලට ගමන් කර අනතුරුව අම්පාර පුදේශයට ලගා වුනා... මෙම වැඩසටහනේ සම්බන්ධීකාරක සදරු කොළඹින් පිටත් වූ පිරිසට පැවසූවේ අම්පාර හාඩි උසස් අධ්‍යාපන ආයතනය ඉදිරිපට රැදී සිටින ලෙස වුවද ඔහු එතැනට පැමිණියේ මදක් පුමාද වී... ඔහුගේ ආගමනය අපේක්ෂාවෙන් සිටි බ්ලොග්කරුවන් පැවසුවේ සදරු කොලුවා මුල්ල පටස් වත් ගේන්න යන්න ඇති බවකි.
පිළිගැනීමේ කථාව පැවැත්වූ විදුහල්පති තුමා අප සියල්ලන් නැවත් වරක් උණුසුම් අන්දමින් පිළිගත් අතර පාසලේ ඇති පොත්පත් හිග කමත්, අලුත් පොත් පත් කියවන්නට මේ දරු කැල කෙතරම් ආශාවෙන් සිටින වගත් පැහැදිලි කලා. අනතුරුව විද්‍යාලයේ තවත් ශිෂ්‍යාවක් විසින් කථාවක් පැවැත්වූවා... ඇය නම් කැළයේ පිපුනු සැබෑම වන මලක් බදුයි. ඉතාමත් දක්ෂ ලෙස වචන හැසිරූ ඇගේ කථික හැකියාව ඒ කථා බහ තුර මොනවට ඔප්පු වුනා... මෙවැනි මල් කැකුළු කැළයේම පර නොවෙන්නට ප්‍රාර්ථනා කරමින් සභාව ඇමතු නඩේ ගුරා රාජ්, බ්ලොග් යනු කුමක්දැයි කුඩා දරුවන්ට පැහැදිලි කර මෙවැනි සත්කාරයකට මග පෑදුනු ආකාරය මෙන්ම එහි සම්බන්ධීකරණය සිදු වූ ආකාරයත්, මෙම පාසල තෝරාගත් ක්‍රමවේදයත් පැහැදිලි කලා...
අනතුරුව එළඹියේ සියල්ලන් දෑස් අයාගෙන මෙතෙක් වේලා බලා සිටි අවස්ථාවයි. බ්‍රවුන් පේපර් කවර වල ඔතා ගම් ටේප් අලවා තිබූ පොත් පාර්සල් අතරින් එකක් රාජ් විසින් විදුහල්පති තුමා වෙත සංඛේතාත්මකව භාර දුන් අවස්ථාවේ කන් බීරි වන තරමේ අත්පොලසන් හඩක් නැගුනේ ඒ කුඩා දෑත් එක් වීමෙනි... ඒ හඩ පසුපස තිබුනේ පොත් කියවන්නට ඔවුන් තුල පැවති ආශාවේ තරම බව මා අමුතුවෙන් කිව යුතු නොවේ. අප සියල්ලන් නෙතු අග සතුටු කදුලු එක්තැන් වූ මේ සන්ධ්‍යාවට සහභාගි වීමට මා හට ආරාධනා කල Raj වෙත මා සිතෙන් දහස් වර ස්තූති කලේ මේ මතකය මියෙන තුරාවට සිතේ රැදෙන සංවේදී මොහොතක් වූ නිසාවෙනි.
වෑන් රථය කියපු වෙලාවටම කාර්යාලය ළග... මල්ලි මේ තමයි වෙනී අයියා රාජ් තවත් බ්ලොග් සහෘදයෙක් මට හදුන්වා දුන්නා... ඔහුට පිටිපස්සෙන් හිටියෙ උදිත් මලයා. වෙනී සමග එකම අසුනක ඈදි ගත්තට පස්සෙ ඔන්න රථය පිටත්වුනා... අතර මගදි සද කිදුරා ඊටත් පස්සෙ වැප් සහ අන්තිමට පාන් රාත්තල් 5 ක ටෝස්ට් කල සැන්ඩ්විච් මල්ලක් සහ පානීය ජල බෝතල් 2 එක්ක යක්කලින් රථයට නැගුනෙ මගේ මරණය සමග සිහින. තවත් කීප දෙනෙක් මේ ගමන් යන්නට බහ දී තිබුනත් අවසන් මොහොතෙ යෙදුන වැඩරාජකාරි නිසා ඒ අය පැමිණ සිටියෙ නෑ....
හිරු උදාවට මොහොතක් තියෙද්දි හාත්පස තියෙන අදුර කපාගෙන රථය ඉදිරියට ඇදුනා... ඒ අතරතුර සහෘද බ්ලොග් කරුවන් සහ සිරාගේ දැනහැදුනුම් කමත් දළු ලා වැඩුනා... මේ සියල්ලන්ම ඉතා හොද මිතුරන් බවට පත්වුනා...
ප්‍රේම කථා, වීර කථා, ආගිය කථා, ජන කථා, රස කථා , බ්ලොග් ලොව සොදුරු සිදුවීම් අතර තුර සිරා බ්ලොග් කරණයට එන්නට කලියෙන් ජීවන ගමනට සමු දී තිබූ සොදුරු මිනිසුන් වූ ඔබා මාමා සහ ඉලංදාරියා ගැනත් පිරිස කථා වුනා. කථාවෙන් කථාවෙන් රථය නුවර ප්‍රදේශයට ලගා වුනා... අඩ අදුරත් එක්ක වෙලුනු නුවර වැව දැඩි මීදුමට මැදි වී ගෙන ආ දර්ශනය සිතුවමක් තරම් සුන්දරයි.
ඒ වෙද්දි ඇති වී තිබූ කුසගින්න සැන්ඩ්විච් පාන් පෙති මගින් සපුරා ගැනීමට උත්සාහ කලත් කුස තුල බුර බුරා නැගුන මහා ගින්න සන්තර්පනයට පාන් පෙත්තක් යනු කැලණි පාලම යටින් ගිය පොල්ලෙල්ලක් වගේ වුනා... ඒ නිසාම උඩුදුම්බර ප්‍රදේශයට එනවිට පිරිස උදෑසන ආහාරය ඉල්ලා සිටියත් නඩේ ගුරා රාජ් නිහඩයි... අවසානයේ සියල්ලන් එක්ව
අපිට කන්න දීපියව්.... කෝ කෑම.... නඩේ ගුරා නිදිද ?
ආදී වශයෙන් පැවැත්වූ උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක් ලෙස උඩුදුම්බර චන්ද්‍රිකා හෝටලයෙන් උදෑසන ආහාරය ලබා ගැනීමට තීරණය වුනා...
මෙන්න නියම නඩේ ගුරෙක් Raj |
උදෑසන ආහාරය ගිල දැමූ පසු පිටත් වූ රථය දහ අට වංගුව පෙනෙන මානයේ නතර කරන්නට වූයේ අපට හොරෙන් රෝදයක හුළං බැස යාම නිසාවෙන්... ඒ තත්වය පිළිසකර කරගන්නා තුරු වෙනි අයියා සමාවෙන්න වෙනී මාමා ඉතා විශිෂ්ඨ, කලාත්මක, සොබා සෞන්දර්යයෙන් අනූන ඡායාරූප පෙළක්ම ලබා ගත්තා...
අපට හොරෙන් ගිය හුළං |
පොඩි උන් උඩ නග්ගා නිවැරදි කෝණය සොයන වෙනිවැල් අයියා |
මරන්න ගිය හරකෙක් බේරාගන්න ගියා... අපේ ගමේ හරක් මරන්න දෙන්නෙ නෑනෙ... ඒ හින්දයි පොඩ්ඩක් පරක්කු වුනේ.
බයිසිමොටෝවකින් පැමිණි සදරුගේ නිදහසට කරුණු දැක්වීම සාධාරණ එකක් නිසා ගැටලුවක් පැන නැගුනෙ නෑ...
සදරු පැදවූ බයිසිමොටෝව පසුපස ගිය අපගේ රථය ගම් නියම් ගම්, අතුරු මාර්ග, වෙල්යාය පසු කරමින් පාසල වෙත ගමන් ගන්නා මාර්ගයට වැටුනා... එදින සෙනසුරාදා දිනයක් නිසා... සුදු ඇදුමින් සැරසුනු දරු දැරියන් පාසල් පැමිණ තිබුනේ ඔවුන්ට ආධාර ලබා දෙන මේ වැඩසටහනට සම්බන්ධ වීමේ අරමුණ වෙනුවෙන්මයි. එහෙත් අප නියමිත වෙලාවට වඩා සෑහෙන වේලාවක් ප්‍රමාද වීම නිසා ඇතැම් දරුවන් නැවතත් නිවසට යන්නට බස් නැවතුමේ රැදී සිටියා. එහෙත් අප ගමන්ගත් රථය දුටු විගස පුදුමාකාර උද්යෝගයකින් නැවතත් ඔවුන් පාසල වෙත දිව ආවා...
පාසලේ විදුහල්පති පී.ජී ගුණරත්න මහතා ප්‍රමුඛ ඇදුරු මඩුල්ලේ උණුසුම් පිළිගැනීම මැද බ්ලොග් නඩේ උත්සවය පැවැත්වෙන ප්‍රධාන ශාලාව වෙත පියමැන්නා... ශාලාව අසලදී බුලත් හුරුළු දී අප පිළිගත්තෙ විද්‍යාලයේ සිසුවෙක් හා සිසුවියක් විසින්.

බලන්න මේ දරුවන්ගේ අව්‍යාජ හිනාව |
අපගේ ආගමණය අපේක්ෂාවෙන් පැය කීපයක් බලා හිද වෙහෙසට පත්ව තිබූ සිසු දරුවන්ගේ නෙත් බලාපොරොත්තුවේ ආලෝකයත්, අලුත් පොත් කියැවීමේ පිපාසයත් නිසා ප්‍රමෝදයට පත්ව තිබුනා. පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව විසින් උත්සව සභාව මෙහෙයවූ අතර ආගම සිහිකිරීමෙන් අනතුරුවයි කටයුතු ආරම්භ වූයේ.
පිළිගැනීමේ කථාව පැවැත්වූ විදුහල්පති තුමා අප සියල්ලන් නැවත් වරක් උණුසුම් අන්දමින් පිළිගත් අතර පාසලේ ඇති පොත්පත් හිග කමත්, අලුත් පොත් පත් කියවන්නට මේ දරු කැල කෙතරම් ආශාවෙන් සිටින වගත් පැහැදිලි කලා. අනතුරුව විද්‍යාලයේ තවත් ශිෂ්‍යාවක් විසින් කථාවක් පැවැත්වූවා... ඇය නම් කැළයේ පිපුනු සැබෑම වන මලක් බදුයි. ඉතාමත් දක්ෂ ලෙස වචන හැසිරූ ඇගේ කථික හැකියාව ඒ කථා බහ තුර මොනවට ඔප්පු වුනා... මෙවැනි මල් කැකුළු කැළයේම පර නොවෙන්නට ප්‍රාර්ථනා කරමින් සභාව ඇමතු නඩේ ගුරා රාජ්, බ්ලොග් යනු කුමක්දැයි කුඩා දරුවන්ට පැහැදිලි කර මෙවැනි සත්කාරයකට මග පෑදුනු ආකාරය මෙන්ම එහි සම්බන්ධීකරණය සිදු වූ ආකාරයත්, මෙම පාසල තෝරාගත් ක්‍රමවේදයත් පැහැදිලි කලා...
උත්සව සභාව වර්ණවත් කල වනමල් කැකුලිය |
බ්ලොග් කරුවන් වෙනුවෙන් Raj සභාව අමතමින් |
අඩු පහසුකම් සහිත පාසලක් වුවත් මේ කුඩා දරුවන්ගේ විනය ඉතා ඉහළ මට්ටමක තිබූ පව පැවසිය යුතුම කරුණකි. කිසිම විටෙක අනවශ්‍ය කථා බහේ නියැලුනේ නැති ඔවුන් ඉතාමත් ප්‍රියජනක ලෙස වාඩි වී නිශ්ශබ්දව උත්සව සභාවේ සිදුවන දෑ දෙස නෙත් අයා බලා සිටියහ. ඇතමෙක් ටයි පටියක් සහ සපත්තු පැළද සිටිති තවෙකෙක් රබර් සෙරෙප්පු දෙකක් පැලද සිටිති. සමහරෙකුට ටයි පටියක් නැත... අඩු වැඩි වශයෙන් මේ පෙනේනේ ඔවුන් පෙළන දරිදුතාව වුවත්.. අලුත් යමක් ඉගෙනගන්නට, තීන්ත සුවද එන අලුත් පොතක් කියවන්නට පුංචි සිත් තුල නළියන ආශාව දෝරෙ ගලායන්නට ආසන්නය. උත්සව සභාව අවසන් වීමෙන් පසුව කුඩා මේසයක් මත සතපා තිබූ පොත් පාර්සල් ගුරුවරුන්ගේ මෙහෙයවීමකින් තොරව පුස්තකාලය වෙත රැගෙන යාමට කුඩා දරු දැරියන් පොර කමින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූයේ එම පාර්සල් වල තිබූ අධික බර පවා නොසලකමිනි. ඔවුන්ගේ ආශාවන්ට තටු ලැබී ඉගිලෙන මේ මොහොත ඔවුන්ගේ සිත් ආනන්දයෙන් පුරවා ඇති සෙයකි.
වැඩසටහන අවසානයේ විදුහල්පති තුමාගේ කුඩා කාර්යාලයට යාබද ශාලාවේ පුංචි පහේ සංග්‍රහයකි. ඔවුන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සංවිධානය වී තිබූ එය කට්ට සම්බෝලයක් සමග මයියොක්කා, රෝල්ස්, කේක්, කෙසෙල් ගෙඩි, ආදියෙන් සමන්විත විය. ඒ අතරතුර අප හා දොඩමළු වූ විද්‍යාලයේ ගුරු භවතුන් මගින් විද්‍යාලයේ පවතින අඩුපාඩු පිළිබද අප දැනුවත් උනා.
මේ කුඩා පාසලේ දරු දැරියන් 651 අධ්‍යාපනය ලබති. ඔවුන්ගේ ගුරු මණ්ඩලය 39 දෙනෙකි. මේ ගුරු මණ්ඩලය තුල ඇත්තේ පුදුමාකර සමගියක් බව අපට ප්‍රත්‍යක්ෂ වූයේ ඔවුන් සමගින් කල කථා බහෙනි. කලා මාධ්‍යයෙන් පමණක් උසස් පෙළ පන්ති පැවැත්වෙන මෙහි චිත්‍ර ගරුවරයෙක් නැත, දෙමළ උගන්වන්නට ගුරුවරයෙක්ද නැත. ඉංග්‍රීසි භාෂාව උගන්වන්නේ තවත් පාසලකට අනුයුක්ත ගුරු භවතෙකි. තත්වය එසේ වුවද ගිය වසරේ උසස් පෙළ ප්‍රතිඵල 100 % කි. ශිෂ්‍යත්ව විභාගයෙන් තිදෙනෙකු සමත් වී ඇති අතර වැඩිම ලකුණු සංඛ්‍යාව 173 කි.
නගරයේ පාසල් වල මෙන් විවිධ සාරි විලාසිතා මේ ගුරු මහත්මීන් අතර නැත, අත පිරෙන්න වළලු මෙන්ම ගෙල සරසන රන් මාල තිබුනේද නැත, අඩි උස සෙරෙප්පු දමා... පිට වැඩිපුර පෙනෙන ලෙස මෝස්තර දැමූ හැට්ට හැද සිටියේද නැත, ගුරුවරුන් බහුතරයද පැළද සිටියේ සපත්තු නොව සෙරෙප්පුය. ඔවුන්ද මේ දරුවන් නියෝජනය කරන සමාජයේ අයයි. දරුවන්ගේ ප්‍රශ්න ඔවුන්ගේ ප්‍රශ්න බදුය. එනමුත් මනුෂ්‍යත්වයෙන් නම් ඔවුන් සියල්ලන් අභිබවා පොහොසත්ය.

ගුරු භවතුන් සමග බ්ලොග්කරුවන් |
පන්ති කාමර තුල සිමෙන්ති බිම ඉරි තලා වලවල් හෑරී ගොස්ය. පුටුවේ සමබරව වාඩි වී අකුරු කරන්නට එම දරුවන්ට අවකාශ නැත. උත්සවය පැවැත්වූ ප්‍රධාන ශාලාවද එසේමය. පරිගණක 18 කින් සමන්විතව තිබූ පරිගණක විද්‍යාගාරයේ අද ක්‍රියාකාරී තත්වයේ ඇත්තේ පරිගණක දෙකක් පමණි. එහි වායුසමීකරණ සියල්ලද ක්‍රියාවිරහිතව ඇති අතර... ඒවා පිළිසකර කරන්නට අරමුදල් ඔවුන් සතුව නැත. සනීපාරක්ෂක පහසුකම් ඉතාමත් අසතුටුදායක මට්ටමක ඇති අතර වැසිකිළි / කැසිකිළි ගරා වැටී ඇත. පානිය ජල ප්‍රශ්නයකටද පාසල මැදිව තිබේ. ඇතැම් පන්ති කාමර වලට සෙවන සලසන්නේ ටකරං තහඩුය... දිවා කාලයට ඉන් ජනිත වන්නේ ඉමහත් රස්නයකි. මෙම අඩුපාඩු පිළිබද ජාතික පුවත්පත් කීපයක අවධානය යොමු කරන්නට සිරා පොරොන්දු විය. මිනිස්කමේ ආශිර්වාදයෙන් ඔවුන් සමග බෙදාහදාගත් අපේ සුහදත්වයට තාවකාලික නැවතීමේ තිත තබමින් අපි ඔවුන්ගෙන් සමුගත්තේ නැවතත් දිණෙක පැමිණීමේ අරමුණින්.
විදුහලේ අඩුපාඩු පිළිබද දැනුවත් වෙමින් |
විද්‍යාලයේ දරුවන් පෙලන අඩුපාඩු |
ආධාර රැගෙන පැමිණි බ්ලොග් නඩය වෙත දිවා ආහාරය ලබාදුන්නෙ සදරු ගෙ නිවසෙදි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අව්‍යාජ මිනිසුන් වන ඔවුන් ඉතාමත් ඉහළින් සියල්ලන් හට ආගන්තුක සත්කාර දැක්වූ බවත් නොකියාම බෑ... බ්ලොග් අවකාශයේ කාගෙත් හිත දිනාගත් සදරු බ්ලොග්කරණයේ යෙදෙන්නට සිරා හට උත්තේජනයක් වූ බවද නිරහංකාරව පැවසීම මගේ යුතුකමක්... හිස් අහසෙ වරක් ලියැවෙච්ච අති විශේෂ කෝපි වර්ගය අපටත් ලබාදෙන්න ඔහු එකග වුවත් කාල වේලාවේ මද කම නිසා සදරුගෙන් මෙන්ම ඔහුගේ මව්තුමිය හා සුන්දර නැගණියගෙන් සමුගෙන නැවතත් කොළඹ බලා එන්නට අපට සිදුවුනා...
සදරුගේ නිවසින් ප්‍රණීත දිවා ආහාරය |
සදරු,වෙනී, සිරා |
ජීවිතයට අමතක නොවන අත්දැකීමක් එකතු කල ලස්සන දවසක් ගෙවීගියේ ඔන්න ඔහොමයි... මේ ගමන අතරතුර සිදුවුන රසබර දෑ සියල්ල ලියන්න සිරා වන මම උත්සුක නොවූයේ මෙම ගමනට සහභාගී වූ සහෝදර බ්ලොග් කරුවන් ඒ අඩුව පුරවාලනු ඇතැයි යන සිතිවිල්ල නිසයි.
පොතක් පරිත්‍යාග කර කුඩා උන්ගේ මුවග සිනාවක් නංවන්නට දායක වූ සියල්ලන්ටම බොහොමත්ම පින්..
ඉතිරි අඩුපාඩු කීපයත් සම්පූර්ණ කර ගන්න ඔවුන්ට සරණ වෙන්න ඔබට පුලුවන් නම් එය වචනයෙන් කිව නොහැකි තරමේ උදව්වක් බවට පත්වේවි.
විද්‍යාලයේ අඩුපාඩු ගුරු භවතුන්ගේ හඩින්ම අහලා බලන්න.
මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා.
ප.ලි
තිරය පිටුපස සමහර සිද්ධි...
ඇතැම් ඡායාරූප මෙහි අනිවාර්යෙන්ම පල කල යුතු බවට මා හට තර්ජනද එල්ල වූ බව කරුණාවෙන් සලකන්න.
හසලක නගරයේ ෆාමසියක් අභියස සිට ප්‍රේමයෙන් වෙලුනු මැස්සන් යුවලක් දක්වමින් ෆාමසියේ සේවයේ නිරතව සිටි යුවතියකගේ ප්‍රේමය අයැද සිටියේ කවුදැයි මම නම් නොදනිමි.
සියල්ලන්ගෙ මූණත් තහඩු වෙන් වෙන් වශයෙන් දැකගන්න මෙතැනට යන්න.