අ.පො.ස සා/පෙ එහෙම ගොඩ දාගෙන සිරා උසස් පෙළ පන්තියටත් ගියා කියමුකො... බෑන්ඩ් එකේ වැඩ අස්සෙ හීනියට හීනියට කරපු පාඩම් වැඩ කටයුතු විභාගෙට මාස 6 ක් විතර ලං උනාම ඉතාම උඝ්‍ර තත්වයට පත් වුනා. රාත්තිරියට පන්සලේ පාඩම් කොරලා දවල් වරුව ගෙදරදි පාඩම් වැඩ කරන කාලසටහනක් තමයි සිරාට තිබුනෙ... ඒත් ඉතිං ඒකටත් හෙනහුරෙක් පාත් වුනා නොවැ.... ඒකා වෙන කවුරුවත් නෙවෙයි අපේ අසල්වාසී තරුණ කොලු ගැටයෙක්... මේකාට සින්දු අහන්න උවමනා උනාම ගමටම ඇහෙන්න සින්දු අහන එක තමා සිරිත... මගේ කරුමෙට මම අකමැතිම ගායකයෙක් වන බස් අජිත් තමයි උගෙ ප්‍රියතම ගායකයා... පෙම් පත ඉරන්න එපා ගුරුතුමනි / පත්තරක කොලයක ඔතලා තිබුනා / පෙති ගිලිහී ගිය මල නුඹදෝ / කදුරු මලක් වාගේ සෙනෙහසට පිපෙන්න...... ඔන්න ඔය වගේ කර්ණ රසායන ගීත හැමදාම වගේ උගෙ රෙකෝඩ් බාර් එකෙන් දිනපතා වාදනය වෙන්න ගත්තම තමා මට තව දුරටත් නිවසේ ඉදන් පාඩම් වැඩ කොරන්න බැරි තත්වයක් උදා උනේ.... මේකාට සංගීත විචාර පාඩමක් කරලා හඩ අඩුවෙන් ගීත අහන්න පුරුද කරනවාට වඩා මම පාඩම් කරන ස්ථානය වෙනස් කලොත් හොදා කියලා හිතලා ඔන්න මම හාපුරා කියලා ගම්පහ මහජන පුස්තකාලෙ සාමාජිකයෙක් වුනා....
දැන් ඔන්න සිරාගෙ අලුත්ම නවාතැන ගම්පහ මහජන පුස්තකාලෙ මේ වගේ විභාග වලට ළමයි පාඩම් කරන කොටස... පන්සලේ පාඩම් කරපු අයගෙන් නගා සහ පුෂ්පෙ සිරා එක්ක මේ අලුත් තැනටත් ආවා. උදේ 8.00 සිට සවස 6.00 දක්වා ප්‍රසිද්ධ නිවාඩු දින හැර අනෙක් සෑම දිනයක්ම පුස්තකාලෙ විවෘත නිසා වගේම නොයෙක් පොත පත පරිශීලනය කරන්න තිබ්බ අවස්ථාවත් නිසා මෙය පාඩම් වැඩ වලට කියාපු තැන. ඊට අමතරව පාඩම් කරන්න කොල්ලො මෙතන්ට ඇදෙන්න තව හේතුවක් තිබ්බා... ඒ තමා මල් වගේ සුන්දර ළදුන්....
විශාල පුමාණයේ මේස හතරක එකක 20 ක වගේ ප්‍රමාණයක් පාඩම් වැඩ කරනවා...පිරිමි පාර්ශවයට මේස 2 සහ කාන්තා පාර්ශවයට මේස 2 බැගින් සම අයිතීන් දෙපාර්ශවයම දිනාගෙන තිබුනා. පුස්තකාල ආගමනයෙන් පස්සෙ මාස 2 ක් වගේ සිරා ඉතා කැපවීමෙන් දිනපතා පුස්තකාලෙට ගාටලා පාඩම් වැඩ කරමින් සිටිද්දිම හැදුනා නේද කරුම ලෙඩේ ආයෙමත්......
මොන ලෙඩේද හැබෑටම...... ලව් අමාරුව බොල....
හයියෝ දැන් ඉතිං ආයෙමත් වසලා හමාරයි... ඒ දැරිවිත් දිණපතාම පුස්තකාලෙට එන නිසා දවස ගානෙ ඒ සීදේවි මූණු පොඩ්ඩ දකින්න ලැබෙද්දි මගේ හදුන් පොත මාගරින් වගේ මෙව්වා වෙලා ගියා....
ඇගේ සිනහව මේ පෝස්ටුව ලියන අවස්ථාවෙත් මට හොදටම මතකයි...ඉතාම ලස්සන සිනහවක් ඇයට තිබුනෙ... සිනාසෙන විට ඇය පුදුමාකාර ලස්සනයි... ඇගේ නෙතු සගලත් ඊට නොදෙවෙනියි... අමුතුම ආකර්ශනයක් ඒ නෙතු දෑලෙ තිබ්බෙ... ඒ වගේ සිනාවක්... ඒ වගේ ඇස් දෙකක් එදා මෙදාතුර සිරා පෙම් කල කිසිවෙකුටත් තිබිලා නෑ.... ඒ නිසාම තමයි සිරා ඉතිං දන්න ශිල්ප ඔක්කොම දාලා බොක්කෙන්ම පෙරන්න ගත්තෙ....
මේ වගේ සත්කාර්යයන් වෙනුවෙන් අතහිත දෙන බොහොම පින්වත් දරුවො පිරිසක් තමයි පුස්තකාලෙ පිරිමි පාර්ශවයෙ හිටියෙ... කොළඹ / ගම්පහ විවිධ පාසල් නියෝජනය කරන අය මේ අතර හිටියට දිනපතාම හමුවෙද්දි ඇතිවෙච්චි සුහදකම නිසාම හරිම සමගි සම්පන්නවයි ඔන්න අපි හිටියෙ... ඒ උනාට කාන්තා පාර්ශවය නම් එහෙම නෑ... දැරිවියො අතර මහලොකු සමගියක් තිබුනෙ නෑ...උන් එකෙක්ට එකෙක් ඉරිසියයි.
ඉතිං මෙන්න මේ වගේ පාඩම් කරන අය අතරින් තමන්ගෙ හදවත සොරාගන්න දැරිවි ගැන පාඩම් කරන අනිත් කොල්ලන්ට ප්‍රසිද්ධ කලාට පස්සෙ ඒ හැමෝම උදව්වට එනවා...ඊට අමතරව තව කෙනෙක් ඒ ගෑණු දැරිවිටම සෙවල පෙරන එකත් නවතිනවා...
ඉතිං මෙන්න මේ විදියට නම් ප්‍රසිද්ධ කලාට පස්සෙ පුස්තකාලෙ ඇතිවෙච්ච පුටු ප්‍රශ්නෙකදි සිරා එක්ක පන්සලේ පාඩම් කරපු නගා මගේ හිත ගත් දැරිවි අතින් කුජීතම වෙලා ගියාට පස්සෙ එයාට ගින්දර කියලා නමක් පටබැදුනා.... ගින්දර ගණිතය විෂයන් හදාරපු නිසා වාණිජ විෂයන් හදාරපු සිරාට අමතර පන්ති වලදි හමු වුනේ නෑ....
විභාග ආතතිය ඇගට අරන් දැන් හැමෝම බැහැලා පාඩම් කරනවා... ඒත් සිරාගෙ පොත මේසෙ උඩ... හිත ඈ ලග, බැරිවෙලාවත් ඇයව එක එල්ලේම පේන විදියට අසුන් ගන්න බැරි උනොත් ඒ අවශ්‍යතාවය සපුරාගන්න පුලුවන් විදියට ආසනයක් ලබා දෙන්නත් සිරාගෙ පුස්තකාල මිත්තරයො පරිත්‍යාගශීලී වුනා...
ටික් ටික් ටික්.... කාලය කෙමෙන් ගෙවී යනවා... විභාගෙට ඇති දිණ ගනනත් එන්න එන්න ලං වෙනවා... විභාගෙන් පස්සෙ මේ හැමෝම වෙන්වෙලා යන නිසා ඊට කලින් පියවරක් ගන්නත් ඕනෙ... ඒත් උපන් ගෙයි ලැජ්ජාකාරයෙක් වෙච්ච සිරා කලින් වතාවෙ සිද්ධ වුනා වගේ අදහස හිතේ හිරකරගෙන පීඩාවට පත් වෙමින් ඉද්දි තමා පුස්තකාලෙ හිටපු අයගෙන් ඉටු දෙවියෙක් වගේ මගේම පාසලේ මට වඩා වසරක් වැඩිමල් සොයුරෙක් සිරාට අත දුන්නෙ... එතුමාට අපි කිව්වෙ බීඩියා කියලා...ඒ නිතරම කොල වලින් බීඩි ඔතලා කනේ ගහගන්න පුරුද්දක් තිබුන නිසා....බීඩියා අද ලංකාවේ ඉහළම පෙලේ ආයතනයක කළමනාකරුවෙක්.
මේ පුස්තකාලෙම පාඩම් කරලා සරසවි ගිය අයත් පුරුද්දට වගේ සරසවියෙ විභාගවලටත් පාඩම් කරන්න මහජන පුස්තකාලෙටම ආවා. ඒ අතරින් කෙනෙක් තමයි වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසරෙ අධ්‍යාපනය ලැබූ පත්තරයා අයියා...
මල්ලි මේ කාලෙ තමා කෙල්ලෙක්ගෙන් අහන්න සුදුසුම කාලය...ඒ කිව්වෙ විභාගෙට මාස 3 කට විතර ඉස්සෙල්ලා, පාඩම් කරලා කරලා සෑහෙන්න මහන්සි වෙලා ඉන්න නිසා මේ වගේ යෝජනාවක් ආපුවහම කෙල්ලො මානසික සහනයටත් එක්ක හා කියනවා කියලා තමා අපේ වෙන්න දොස්තර මහතා කිව්වෙ.... අපේ කොල්ලන්ගෙ අහුමුලු වල කැසිලි වලට ගාන්න ඕනෙ ක්‍රීම් ජාති ගැන මෙන්ම ආදරය සම්බන්ධ ගැටළුත් පත්තරයා අයියා ඒ දවස් වල පුස්තකාලෙ ඇතුලෙදි විසදලා දුන්නා...
ඔන්න ඉතිං බීඩියා මගේ හිත ගත් දැරිවි ගැන එයාගෙ චර පුරුෂයො සියල්ලම වාගේ යොදවලා සතියකට පස්සෙ වාර්තාවක් කැදෙව්වා... ඒකෙ හැටියට එයාගෙ තාත්තා විදුහල්පතිවරයෙක්, අම්මා ගුරුවරියක්, අක්කා කෙනෙක් විතරයි ඉන්නෙ.... දැනට කොල්ලෙක් නෑ..... කොල්ලෙක් නෑ කිව්වට පස්සෙ ඉතිං තව මොනවද... සිරා ප්‍රීතියෙන් ඔකද වුනා... හරියටම අර හිස් අහසෙ සදරුවා ඔකද වෙනවා වගේ... ඇත්තමයි සත්තයි....
ඊට පස්සෙ පුස්තකාල කොල්ලන්ගෙ ලව් ඔස්තාද් විද්වත් කමිටුව පුස්තකාලය ඉදිරිපිට තියෙන සුදු අරලියා ගහ යට රැස් වුනා... ගෑණු දැරිවියන්ගෙන් කැමැත්ත ගන්න සිරා ඇතුලුව කීප දෙනෙකුම හිටියා...බීඩියත් ඒ අතරින් කෙනෙක්.... එයාගෙ හිත අරන් තිබ්බෙ අපේ පාසල ලගම තියෙන රතු ටයි පටියක් තියෙන පාසලේ යගුලිය දාන ක්‍රීඩිකාවක්.... සිරාගෙ හිත අරන් තිබ්බෙ කොළ පාට ටයි පටියක් තියෙන වතුර ටැංකිය ලග පාසලේ දැරිවියක්...
බීඩියා කියන්නෙ ටිකක් විතර කොට චරිතයක්... ඉතිං ගෑල්ළමයෙක් මිනිහාගෙ හිත ගත්තොත් බීඩියා ඉස්සෙල්ලාම බලන්නෙ උස ඇතිද කියලා... ගෑනු දරුවා ඇවිදින වෙලාවක එයාගෙ ලගින්ම ඇවිදලා තමා මිනිහා උස මැන ගන්නෙ.... පළමු පරීක්ෂණය සාර්ථක නම් විතරයි ඒකා ඊළග පියවරට ගියේ....
පත්තරයා අයියා තමා ලව් අපේක්ෂක පිරිසට සුදුසුම කාල සමය තීරණය කල තීරකයා වුනේ... ඒ අනුව මුලින්ම බීඩියා... ඊට පස්සෙ ප්‍රබුද්ධක... ඊටත් පස්සෙ තව එකෙක්... ඔය ලිස්ට් එකේ අන්තිමට හිටියෙ සිරා...
ඔන්න දැන් සැට් එක පේලියට ගෑණු දරුවන්ගෙන් කැමැත්ත විමසනවා... පත්තරයා අයියා කිව්වා වගේ විභාග මානසිකත්වය අස්සෙ සතියක විතර ඇවෑමෙන් කැමතියි කියලා උත්තරෙත් ලබා ගන්නවා... මෙන්න මේ විදියට සිරා ට කලින් හිටිය හැමෝම ගොඩ ගියා....
උඹත් අහපන් යකෝ ඉක්මනට... පේනවනෙ හැමෝම ගොඩ...
අනෙක් උන් එහෙම කිව්වට සිරා ට ඒ සදහා පුරුෂ ශක්තිය උත්පාදනය කරගන්න අමාරු වෙච්ච නිසාම ඒ වැඩේ දිනෙන් දින පස්සට ගියා... හැමදාම නෙත් කොනින් බලලා ගින්දරට මම කැමතියි කියන පණිවිඩේ දුන්නා... ඇයත් මගේ දිහා බලාගෙන ඉන්න නිසා වැඩේ ගොඩ යයි කියලා තමා මගේ අක්මාවට දැනුනෙ.
විභාගෙට තව මාස 3 යි... පාඩම් වැඩ අස්සෙ සිරාගෙ හිත ගින්දර නිසා පීඩනයට පත්වෙලා තියෙන්නෙ කියලා මගේ පුස්තකාල මිතුරන් දැන සිටියා... අ.පො.ස සා/පෙ කාලෙදි ලව් ලෙටරයක් ලියලා කැමැත්ත විමසුවාට අ.පෙ.ස උ/පෙ කාලෙ වෙනකොට කෙල්ලගෙන් කෙලින්ම ඇහුවෙ නැති නම් ඒකා පිරිමියෙක් නෙමෙයි කියලා පිළිගැනීමක් තිබුන නිසා සිරාට ලව් ලෙටර් ලියන්න අදහසක් තිබුනෙත් නෑ...
ඔන්න ඔය වගේ වෙලාවක තමයි වැඩිය පුස්තකාලෙට එන්නෙ නැති බීඩියගෙ වගේම මගෙත් මිත්තරයෙක් වෙච්ච... තමන්ට අකමැති වෙච්ච කෙල්ලෙක් අවුරුද්දකට පස්සෙ කැමති කරගත් නිසාවෙන්ම ලව් ඔස්තාද් කෙනෙකු බවට කොල්ලන් අතර පිළිගැනීමක් තිබූ තවලමා පුස්තකාලෙට කඩා පාත් වුනේ.... ආදරී එක්ක එහෙ මෙහෙ රවුම් ගහද්දි බස් එකේ යන්න සල්ලි නැති වෙච්ච දවසට තමා මිනිහා පුස්තකාලෙ පැත්තෙ එන්නෙ කාගෙන් හරි මුදලක් ඉල්ලගන්න....
ඔන්න මේ කියන දවසත් ඒ වගේ දවසක්....
මචං මේ සිරාගෙ කේස් එකක් තියෙනවා... විභාගෙට කලින් මේක ඉවරයක් කර ගන්න පොඩ්ඩක් උදව්වක් කරලා පලයන්....බීඩියා එහෙම කිව්වා...
ඒ වෙද්දි ගින්දර තමන්ගෙ යාලුවත් එක්ක ප්ලේන්ටියක් බොන්න පුස්තකාලෙ පිටිපස්සෙ තියෙන කැන්ටිමට ගිහිල්ලා හිටියෙ...
ඇත්තද මල්ලි... ඔය වගේ දේවල් හිතේ තද කරගෙන ඉන්නෙ ඕනෙ නෑ.... අහලා ඉවරයක් කරමු... එතකොට උඹට සෑහෙන්න සහනයක්... කෝ කෙල්ල...
කැන්ටිමට ගිහිල්ලා... මම තවලමාට කිව්වා...
එහෙනම් වරෙන් යන්න...
අනේ මට බෑ... මම කිව්වා...
පලයන් බන්... භය නොවී කියලා අනිත් එව්වො තල්ලුකරපු නිසාම භයේ ගැහි ගැහී ඔන්න සිරා උද්වේගකර අවස්ථාවට පිය මැන්නා.... අපරාදෙ කියන්න බෑ හැමෝම මට සුභ පැතුවා...
ඔන්න මමයි තවලමයි දැන් කැන්ටිම පැත්තට යනවා... ගින්දර යාලුවා එක්ක අපේ ඉදිරියට එනවා...
ගින්දරගෙ යාලුවා එච්චර ලස්සන එකියක් වුනේ නැති නිසාමදෝ ඒකිට කවුරුත්ම ට්‍රයි කලේ නෑ... තවලමා ඉස්සරහට ගිහින් ගින්දරට කෙලින්ම කිව්වා මගේ යාලුවට ඔයාට දෙයක් කියන්න තියෙනවා කියලා...
ගින්දරගෙ යාලුවා සතුටෙන් ඉපිලී ගියා... මාත් එක්කද කියලා ඒකි වට පිට බලද්දි...
නෑ නෑ ඔයා එක්ක නෙමෙයි ඔයාගෙ යාලුවා එක්ක කියලා තවලමා ඒකිව පැත්තකට අරන් වෙනත් කථාවකට මුල පිරුවා....
ඔන්න දැන් ගින්දර තනි වෙලා... සිරාගෙ හදවත සෑහෙන වේගෙන් ගැහෙනවා... සද්දෙත් වෙනස්, හරියට මෝටරයක් දුවනවා වගේ.... ජීවිතේ ඉස් ඉස්සෙල්ලාම කෙල්ලෙක්ගෙන් කැමැත්ත මේ විදියට සෘජුව අහපු හැම කොල්ලෙක්ටම මේ අත්දැකීම පොදු ඇති...
මාස ගානක් හිතේ තදකර ගෙන විදවපු... රෑට රෑට නින්දෙදි සිහින මවපු.... හිතට බරක් වෙලා පීඩනයක් වෙච්ච මේ සිතුවිල්ලෙන් මම මිදෙනවාමයි කියලා පුරුෂ ශක්තිය අරන් සිරා ගින්දරට ලං වුනා....
ගින්දර මගෙ දිහා බලලා අහිංසක විදියට හිනා වුනා... ඒ හිනාවෙ සුන්දර කමට මට උතුර දකුණ මාරු උනා...
ම..මට ඔයා ගැන අදහසක් තියෙනවා.... මම බොහොම අමාරුවෙන් ඒ වචන පෙළ පිට කරගත්තා... දැන් හිත නිදහස් අමාරුම දේ කියාගත්තා නොවැ....
මගේ දිහා හොදට බලපු ගින්දර ඔලුව පැත්තකට ඇළ කරලා .
මගෙ හිතේ එහෙම දෙයක් ඔයා ගැන නෑනෙ....කියලා කිව්වා...
ඒක එහෙමම වෙන්න ඕනෙ කියලා නියමයක් නෑනෙ මමත් උත්තර දුන්නා...
මට කෙනෙක් ඉන්නවා... ගින්දර එහෙම කිව්වා.. ඊටත් පස්සෙ එයාගෙ හිත ගත්ත කොල්ලා ගැන දීර්ඝ විස්තරයකුත් කලා...
මා වටා පරිසරයම හිනාවෙනවා වගේ මට එවේලේ දැනුනෙ
සමාවෙන්න මම කරදරයක් කලා නම්... එහෙම කියලා මම ඇගෙන් සමුඅරන් කැන්ටිමට ගියා...
මගේ පස්සෙන් තවලමා දුවගෙන ආවා...
වැඩේ ගොඩද මල්ලි ... මොකද වුනේ.... උගෙන් ප්‍රශ්න වැළයි...
වැඩක් නෑ අයියා ඒකිට එකෙක් ඉන්නවලු... මාස ගානක් තිස්සෙ දැකපු හීනයක් එක්වරම බිද වැටුනාම කොච්චර නම් අප්සැට් ද ? කවද කාපු ටකරන්ද...
ගහපන් මල්ලි බිත්තියට හයියෙන්... මම නම් එහෙමයි මගේ හැගීම් පිට කරගන්නෙ... තවලමා එහෙම කිව්වට සිරා වෙනස්...
දුම් දුමන ප්ලෙන්ටි දෙකක් ගත්ත සිරා එකක් තවලමාට දීලා අපේක්ෂා භංගත්වයේ වේදනාව නැති වෙන්න කියලා එක හුස්මට ප්ලේන්ටිය ගිල දැම්මා...
උගුර දිගේ ආමාශයට පිච්චීගෙන ගලා බහින ප්ලේන්ටිය අස්සෙ සිරා පරාජිත හැගීමෙන් කැන්ටිමේ මේසෙකට වාරු දුන්නා...
මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා
ප.ලි
ඇගේ ඡායාරූපයක් මතක සටහනක් විදියට මට අවශ්‍ය වුනා... පුස්තකාලෙන් සමුගන්න දවසෙ සමූහ ඡායාරූපයක් ගන්න මම කටයුතු සූදානම් කරලා එහි පිටපතක් හැමෝම අතරෙ බෙදා දුන්නා... ඒ අනුව මේ ඡායාරූපයේ පිටපතක් ඇය ලගත් තිබෙනවා...
වර්ෂ 2001 න් පසු අද වනතුරු ඇයව මම නැවත වරක් දැක නෑ... ඒ අවස්ථාවේ ඇගේ පෙම්වතා වී හිටියෙ අපේ පාසලේම තවලමාගෙ යාලුවෙක් කියලා පස්සෙ දැනගත්තා... පසුකාලීනව ඒ ආදරය දෙදරා ගිය බවක් ආරංචි වුනා... අද ඇය කාගෙ හෝ පතිනිය වී සතුටින් ඇති කියලයි සිරා හිතන්නෙ...
පුස්තකාලෙ සිදුවෙච්ච ආදර කථා වලින් විවාහයක් දක්වා දුරදිග ගියේ පුබුද්ධගෙ සම්බන්ධය විතරයි...
මේ ඡායාරූපයේ ඉන්න බහුතර අය අද ඉංජිනේරුවන් , වෛද්‍යවරුන් හා ගණකාධිකරුවන්.... ඒ හීනයක් වගේ ලස්සන අතීතය සිරාගෙ කාමරයට එන යන ඔබ සියල්ලන් සමග බෙදා ගන්නයි මේ කථාව මෙහි සටහන් කලේ....මේ ඡායාරූපයේ සිරාගෙ හිත ගත් ගින්දරත් ඉන්නවා පුලුවන් නම් හදුනාගන්න...
පුස්තකාලෙන් අපි සමුගන්න දවසෙ මම ඇයට සුභ පතන්නත් ඇය මට සුභ පතන්නත් අමතක කලේ නැති විත්තියත් සටහන්න කරන්න කැමතියි.
නාට්ටියක් වගේ.. හි හි.. සිරාව පෙන්නුවා නම් ඊතලේකින් හරි මම කෙල්ල කවුද කියලා කියනවා... හි හි... ඔය වගේ ෆොටෝ වගයක් මා ගවත් තියෙනවා... හැබැයි ඒවා නම් කොල්ලන්ගේ ෆොටෝ... හි හි...
ReplyDeleteමම නම් දෙපාරයි පුස්තාලෙ පාඩම් කරන්න කියලා ගියේ... ඒ මගේ යාලුවෙක් යාලුවෙලා හිටපු කොල්ල එක්ක තරහා උනාට පස්සේ ඒ කොල්ලා, උන් දෙන්නා පෙම් කර කර හිටපු ෆොටෝ ටිකක් ප්‍රසිද්ධ ස්ථාන වල පළ කරනවා කියලා තර්ජනය කරපු වෙලාවක ඒක ගොඩින් බේරන්න....
“ ඔයා ඔය වගේ දෙයක් හිතන්නවත් පුළුවන් කෙනෙක් කියලා මම හිතුවේ නෑ අයියේ.. ඔහොම කලොත් ඔයා හොඳ කෙනෙක් කියන්නේ කොහොමද ආයිත් කාටවත්... “
ඔන්න ඔහොම බටර් ගාලා මම ෆොටෝ ටිකයි නෙගටිව් ටිකයි ගත්තා... හැබැයි ඒ කොල්ලා නම් හොඳ එකෙක්.. මගේ යාලුවා තමයි වැඩකට නැති උනේ.. මොනා උනත් කෙල්ලෙක් නේ.. මම උදවු කලා..
ඊට පස්සේ නම් පුස්තකාලෙ පලාතේ ගියේ නෑ... මොකෝ මම විභාගෙට කියලා උඩ දාගෙන පාඩම් කලායෑ.... හි හි
ඔය ඉන්නෙ ඉරි තියෙන ටී ෂර්ට් එකක් ඇදලා... ඌ තමා සිරා...
Deleteමගෙ යාලුවෙක් කිව්වට ෆොටෝ පලහිලව්ව වෙලා තියෙන්නෙ හිරුටම ද කොහෙද....
අනේ නෑ.... මට එහෙම උන් නෑ නේ බං... මං බැන්දේ මං මුලින්ම යාලු වෙච්ච එකාව... හි හි..... ඌ ඔය වගේ කතාවක් කියන්න තියා හිතන්නේ වත් නෑ... හි හි.....
Deleteඔය කාලේදී ඔය වගේ දේවල් වෙන්නත් ඕනේ බං.. පස්සේ මතක් කරලා සංතෝස වෙන්න හෝ දුක් වෙන්නත්...
ReplyDeleteඒක නෙමේ කෝ උබ ඒ ළමයව පොටෝ එකේ කව්ද කියල පෙන්නුවේ නැහැනේ..සුදු ගවුමද ?
ඒ කාලෙ හරිම සුන්දරයි බන්.. ජීවිතේ ගැන ලොකු වගකීමක් තිබ්බෙ නැති කාලයක් නොවැ... සුදු ගවුමට අල්ලපු එක...
Deleteසිරාගෙ ප්‍රේමපුරාණෙත් සිරානේ. ඒ කාලෙ හරි සුන්දරයි බං. මට සිරාව නම් අඳුරගන්න පුළුවන්, ඒත් ‘ගින්දර‘ නම් අනිත් දැරිවියොන්ගෙන් වෙන්කරල අඳුරගන්න අමාරුයි.
ReplyDeleteඒ දවස්වල දැරිවියෙක්ගෙන් කැමැත්ත අහන්න පුදුම භයක් තිබුනෙ... ඒකට අද දැන් දැක්කොත් දැන්ම අහන්න ගට්ස්... මේවා තිබ්බා නම් ඒ කාලෙ කොල්ලා ගොඩ.... සුදු ගවුමට අල්ලපු බිම බලන් ඉන්න ලජ්ජාශීලි එකී....
Deleteගින්දර ගැන ගින්දරටම ලියලනෙ... සිරා නිල් ඉරි ටී ශර්ට් එක නේද? ගින්දර සුදුගවුමට පිටිපස්සෙන් පේන කෙනා වෙන්ටෝනා,..
ReplyDeleteසිරාව හරියටම අදුනගෙන තියෙනවා... සුදු ගවුම ලගම ඉන්න බිම බලාගත්ත සීදේවි දැරිවි තමයි ඉතින් ගින්දර...
Deleteමට නම් ඔයා හොයාගන්ට බෑ. ඒ එයාව නම් පේනවා...අර කොමල කරන කෙනා නේද හී හී...
ReplyDeleteසුන්දර මතකයක්....!!!
සිරාත් ලේසි නෑ. කීපාරක් විතර පෙම් කලාද? :D
ඉරි තියෙන ටී ෂර්ට් එක තමා සිරා... සුදු ගවුමට යාබද කෙනා තමයි ගින්දර...
Deleteමතකය නම් සුන්දරයි තමා ඒ වුනාට ටිකක් දුක්බරයි... සිරා අහපු පළවෙනි 4ම අබ්ලික්... ඊට පස්සෙ ඉදන් ඒවා ගොඩ ගියා ඒ වුනාට අදහස් වල නොගැලපීම් මත ඒවාත් අවසන් වුනා... දැන් නම් ට්‍රයි කරන්නත් කවුරුවත් නැති නිදහස් කුරුල්ලෙක්... ලව් නම් තවත් එපා කියලයි දැන් හිතෙන්නෙ...
සිරාවට සිරා.... කවුද දැන් මෙතන ගින්දර?
ReplyDeleteඅර රතනාවලියේ අක්කාවත්ද ඈ?
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
රතනාවලියෙ අක්කට යාබදව බිම බලාගෙන ඉන්න කෙනා.. ඔතන බිම බලාගෙන හිටියට ඒකි හරිම නිර්භීත කෙල්ලෙක්... කොල්ලො සැට් එකම ඉන්න තැන අපේ නගාගෙ රෙදි ගැලෙව්වෙ එයා තමයි...
Deleteරාජ සම්පත්ම ලැබේවා බොට....
//ඒකි හරිම නිර්භීත කෙල්ලෙක්... කොල්ලො සැට් එකම ඉන්න තැන අපේ නගාගෙ රෙදි ගැලෙව්වෙ එයා තමයි...//
Delete:)))
ගින්දර එදා තර්ක කලේ අයුක්තියට එරෙහිව... මගේ යාලුවා උනත් වැඩේ අසාධාරණ නිසා උගෙ රෙදි ගැලවෙනකන් මමත් බලන් හිටියා...
Deleteසිරාම ලව් එකක් සුන්දර මතකයක්...සිරාවටම සිරා අදුරගත්තා...නමුත් කෝ ගින්දර සුදුගවුමද
ReplyDeleteහා හා කොළ පාට ටයි පටිය කිව්වාම හැමෝම සුදු ගවුමට රැවටිලා... එයාගෙ වම් පසින් ඉන්න කෙනා...
Deleteගින්දර තමයි රත්නාවලී ටයි එක යකෝ බීඩියා පොඩි කාලේ ඌ බන්ඩාරවත්තට ගියේ මගේ මතකය හරි නම් උගෙන් අහල බලපං උඹ දන්නවද ඌ පොඩි කාලේ උගේ ගෙදරට ගිනි ඇවිලීලා පොත් පත් ඔක්කොම පිච්චිලා ගියා නමුත් දැන් ඌ ඉන්න තත්වය ආඩම්බර වෙන්න ඔන කරුනක් අනික ඉගෙන ගන්නැතුව පිස්සු කෙලින උන්ට බිඩියා හොඳ චරිත කතාවක් පොඩි කාලේ ඉඳන් දැන් ඉන්න තත්වයට ඌ ආපු විදිහ පිස්සු කෙලියා ආතල් ගත්තා ඒ වගේම ඌ ජිවිතේ සාර්ථක කරගත්තා ඔය ලයිබ්බිරිය අරලිය ගහ කැන්ටිම අපූරු අතීත මතක මචං
ReplyDeleteරාජ් කියන්නෙත් පුස්තකාල සාමාජිකයෙක් කියලා මට අමතක වුනා නොවැ... බීඩියා කියන්නෙ නරා වලක ඉපදිලා උත්සාහයෙන් ගොඩ ගිය අපේ කාලයේ නියම කොල්ලෙක් කියලා තමා කෙටියෙන් කියන්න තියෙන්නෙ... උගෙ චරිතෙන් අද කාලෙ කොල්ලෙක්ට ගන්න පුලුවන් ආදර්ශ විශාලයි....
Deleteසුදුපාට අරලියා ගහ කියන්නෙ අපේ පෙම් කථා ඔක්කොම අහගෙන හිටපු කෙනා.. හරිම සුන්දරයි ඒ අතීතය...
ගින්දර මොකද බිම බලාගෙන,? සිරා මලේ ,අපේ මාරයත් ළගපාත එකේ බලාගත්තොත් නාකද හදහන, මෙච්චර කෙල්ලෝ ඉන්න ඉස්කෝල දෙකක් මැද්දෙ ඉදලත් හුටපට හතරකවත් පැටලුනේ නැත්තෙ ග්‍රහයෝ අමනාප වෙලා ඇති
ReplyDeleteහරියටම ගින්දර අදුනගත්තෙ බොලා විතරයි... ග්‍රහයො කොහෙ ඉන්නවද මන්දා... අදටත් නෝ ලව්.. ඔක්කොම ඉලව් උනා... මාරයා හරි මාතලන් හරි හම්බ වෙන්න වෙයි වගේ... වැඩේ කියන්නෙ ඒ දවස් වල මගෙන් අහපු කෙල්ලොත් හිටියා...මම උන්ට කැමති උනෙත් නෑනෙ...
Deleteඔන්න ඕකනේ බං, උඹ ඒකියක්ට කැමත වුනා නම් දැන් උඹට අපේ වයසෙ ළමයිතුත් ඉන්නවනේ. :)
Deleteබොලාගෙ වයසෙ ළමයි ඉන්න නම් මට බදින්න තිබ්බෙ මම ඉපදුන ගමන්මයි.... හික් හික්...
Deleteසිරා කතාව
ReplyDeleteඒ උනාට දුක් බරයි නගේ... හදුන්පොත කී ගානවා...
DeleteMama Bityata gahala Plaintiya eka Sigarat ekak gahwa. ubage post ekan mamat atitayta giya.ela..ela..(Sudu guma neda?)
ReplyDeleteJayawewa,
Sajith Mendis.
සුදු ගවුම ඇදන් ඉන්න කෙනාගෙ වම් පස දැරිවි... බොලාටත් මේ සන්තෑසියම වෙලා වගේ...
Deleteමේ හා සමාන සිදුවීමක් දෙකක් මගේ පාසල් ජීවිතයේත් සිදු වෙලා තියනව. ඒ වෙලාවට ඒක දුක්බර දෙයක් උනාට පසු කාලෙක දුක්බර මතකයක් වගේම සුන්දර අත්දැකීමක් බවට හැරිල නොදැනීම.
ReplyDelete\\සිරාගෙ හදවත සෑහෙන වේගෙන් ගැහෙනවා... සද්දෙත් වෙනස්, හරියට මෝටරයක් දුවනවා වගේ.... ජීවිතේ ඉස් ඉස්සෙල්ලාම කෙල්ලෙක්ගෙන් කැමැත්ත මේ විදියට සෘජුව අහපු හැම කොල්ලෙක්ටම මේ අත්දැකීම පොදු ඇති...//
මේ මොහොතට මමත් මේ විදියටම මුහුණදීල තිබුනා.
කොහොමද ඒ මොහොතෙ දැනෙන වින්දනය...දැන් මතක් කලත් සැපයි නේද...
Deleteහනේ ඔව් මචෝ... හරිම දුක්බර කතා වස්තුවක් තමයි. සිරා ,,මේ සිරාවටමයි කියන්නේ ජීවිතේ ඔය වගේ අත්දැකීම් පුදුම තරම් සතුටක් ගේනවා. සමහර වෙලාවට ඒවා ජීවිතේ තේරුම් ගන්න කමටහන් වගේ.අනේ අපි කොයිතරම් සතුටින් උන්නද කියලා මතක් වෙනකොට මේ ජීවිතේ හැටි තේරෙනවා යාන්තමට හරි.
ReplyDeleteමේක උඹ් එළකිරි වගේ ලියලා තියෙනවා.
ස්තූතියි රතු... අන්න ඒ වගේ අත්දැකීමක් දෙකක් නරකද කර්කශ පොළොවක ඇවිද ගොස් අකුරු කලා නම්....
Deleteනියමෙට ලියල තියනවා. පරණ පෙම් පලහිලව් මතක් උනාම සුන්දරත්වයත් එක්ක වෙන මොකක්දෝ හැගීමකුත් හීනියට වගේ දැනෙනවා..
ReplyDeleteසුන්දරයි ඒ මතකය... හිතේ වගකීම් තිබ්බෙ නැති සැහැල්ලු කාලයක් නොවැ....
Deleteකොටස් වශයෙන් ලියන්න කෝ.ආතීතය පාසල් කාලය තමයි ජිවිතේ සුන්දරම අවදිය.ජය ඔබට!
ReplyDeleteනාවික හමුදා සොයුරිය කාමරයට සාදරයෙන් පිළිගන්නවා.... ඉදිරියටත් මේ පැත්තට එන්නකෝ.. විටින් විට මෙවැනි දෑ සිරා ඇද බානවා... ජය !
Deleteබීඩියා , ප්‍රබුද්ධක ආයි ගොඩක් දේවල් මතක් වෙනවා... කරපු පිස්සු වැඩ, නටපු නාඩගම් ... ලස්සන අතීතයක්.. නැවතත් ඵ් කාලයට යන්න තියනවනමි...
ReplyDeleteඋබට මම මුණු පොතේ මැසේජ් එකක් තිබ්බ පොඩ්ඩක් ඒක බලල රිප්ලයි එකක් දාපන්..
මම
මයික්
නැවතත් ඒ කාලයට යන්න හදන්නෙ අර අත ඇරිච්ච දෙන්න තුන්දෙනා ආයෙත් සැට් කරගන්නද...මම වයිපරේට උඹේ කැරැට්ටුව කියන්නද මයික්....
Deleteජය !
හා හා කට කට සිරා ... :D (හාමිනේ මම ගැන ඔක්කොම දන්නවා බං)
Deleteකොමෙන්ටු කියෙව්වම ගින්දරව ගින්දර වගේ හොයා ගන්න පුලුවන් උනා.. චර පුරුෂ සේවයට වැරදිලා මං හිතන්නේ. නැත්තං කලින්ම කොල්ලෙක් ඉන්නවා කියල හොයා ගන්න තිබුනනේ..
ReplyDeleteමටත් ඔය වගේ වැඩක් උනා.. හොයන කොට තනිකඩයි කියල දැනගත්ත කෙල්ල ඇහුවම කොල්ලෙක් ඉන්නව කිව්වා.. දැන්නම් ඒ කාලේ මතක් වෙනකොටත් මාර ගති..
බොහොම බලවත් චර පුරුෂ සේවාවක් තමයි තිබුනෙ... ඒ උනාට ඒකටත් වැරදුනා... අහලා කොල්ලෙක් ඉන්නවා කියනකොට ඉතිං සෑහෙන අවුල් ...
Deleteමාත් ඇදිලා ගියා මගේ බැක්ෆයර් වෙච්ච ප්‍රේම සබඳතා පිළිබඳ පුරාණයට. දැරිවි කවුද කියලා නොකිව්වානම් හොඳ නැත්ද සිරා පෞද්ගලිකත්වය උදෙසා. එක අතකට මේක ඒක පාර්ශවීය එකක් හන්දා ගානක් නම් නෑ තමයි.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
එහෙනම් අපේ හෙන්රි අයිය අර තාත්තගෙ ට්‍රයම්ප් එකේ නැගලා එහෙ මෙහෙ රවුම් ගහන ගමන් ගෑල්ළමයින්ට ඇහැත් දාලා වගේ...
Deleteගෑල්ළමයා පෙනුමින් අදුනගන්න අමාරුයි බිම බලාගෙන ඉන්න නිසා... අනිත් කාරණය එයා දන්නෙත් නෑ එයාට ගින්දර කිව්වා කියලා... ඒ වගේම එයාගෙ නියම නාමය සටහන් කරලත් නැති නිසා මම හිතන්නෙ නෑ එයාගෙ පෞද්ගලිකත්වයට හානියක් වෙයි කියලා...
පුස්තකාල ලව් අපේ උන්ට තිබුනා. මම සපෝට් එකට ගිහින් තියෙනවා බං. උන් මූනට මුන බලං ඉදල යනවා :)
ReplyDeleteසිරා ලියන විදිහ සිරා. මම කිව්වෙ කලකට ඉහත.
සුන්දර අතීතයක් බං. !
පොත්ගුල කියන්නෙ සමහර ලව් වල තිඹිරිගෙය... හෙල්ප් එකට ගිය ගමන් සෑමා ඇහැ දැම්මෙ නැද්ද කාටවත්....
Deleteස්තූතියි ඔබේ අදහසට...
ලව් කතා ඇවිල්ලා සිරාම කතා නේද සිරා ?
ReplyDeleteඅර ගෑණුදරුව කවුද කියලා නොකියා උන්න නම් හොඳා.. දැන් ඉතින් ඔව්වා මෙව්වා නැති එකේ..
සිරා මොකාද කියලත් ගෙඩිය පිටින් එක තැනක දාලා තිබ්බ හන්දා ඔන්න මාත් ගිහිල්ලා බැලුවා..
ලව් කතා නම් සිරා තමයි...කොපමණ වයසට ගියත් ඒ අතීතය මතක් කලාම පුංචි මිහිරක් හිත වෙලා ගන්නවා... ගෑණු දරුවා අදුනගන්න බෑ... එයාගෙ නියම නාමය දැම්මෙත් නෑ... ගින්දර කියන නම එයා දන්නෙත් නෑ... ඒ නිසා එයාට හානියක් වෙලා නෑ කියලයි මගේ හැගීම...
Deleteෆොටෝ එකේ කොළ පාට ටයි එකයි සිරාවයි මම අදුරගත්තා.මම තාම ඔය වගේ අත්දැකීමකට මූණ දීලා නැහැ අයියා මම හිතන්නේ මාත් අයියා වගේම චරිතයක්.මම එක පාරක් ඔන්ලයින් චැට් එකකින් නම් කෙනෙක්ගෙන් ඇහුවා මට එවේලේත් පපුව ගැහිලා හෙන සීන් ගොඩක් වුනා.එයත් ඔය වගේම කෙනෙක් ඉන්නවා කිව්වා එච්චරයි එදායින් පස්සේ අද වෙනකම් චැට් එකෙන්වත් කතා කරේ නැහැ.
ReplyDeleteඅයියෝ කොළ පාට ටයි පටිය නෙවේ අර කන්නාඩි කුට්ටම නේද?
Deleteමුහුණ දීලා නැත්නම් මුහුණ දීලාම බලන්න.. හිතේ හැගීමක් ආවොත් කල් යල් බලා භය නැතුව අහන්න මලයා... කෙල්ලො කැමති ඒ වගේ දිරිය පුරුෂයන්ට...
Deleteඅනේ අම්මේ මෙහෙම කතාවක් කියෙව්වමයි.අන්තිම ටිකට එනකොට අති උද්වේගකර ජවනිකාවක් වුනා.මං හිතුවේ හරියයිම කියලා සිකේ...
ReplyDeleteඔය ලව් ලෙටර් කෙලිය නිසා මට දෙපාරක්ම කෙල වුනා.මුල්ම ලව් ලෙටර් එක ලිව්වේ 6 වසරෙදි.ඊට පස්සේ එක 9 වසරෙ වගේ මතක.එක පාරක් නම් ලව් ලෙටර් එක ආමාශගත කරගෙන බේරගත්තේ ජීවිතේ... ඔය කාලේ හරි සෝක් අප්පා ඒ ලව් කරපු හැටි මතක් වෙද්දි හිනාත් යනවා හයියෝ... වැඩේ කියන්නේ ඔහොම ලව් කොරලා ලව් එක කැඩෙනකන්ම මම කෙල්ලගේ ඇඟට අතවත් නොතිබ්බ එකනේ... අඩු ගානේ ඇඟිල්ලක්වත් ඇල්ලුවේ නෑ... දැන් නම් සන්තෝසයි ඒ ගැන.දෙවැන්න (ටෙක්නිකලි ඒක තමා පලමුවැන්න,දුර හිටිය නිසයි කනෙක්ෂන් නැතිවුනේ) සාර්ථකව ගලා යනවා..
ගින්දරව තියා සිරාවවත් අඳුරගන්න බෑ අප්පා... මාරම ලස්සනට ලියලා තියෙනවා සුපිරියි.
බොලේ ගැමියා 6 වසරෙදි ලව් කොලා කියන්නෙ බොට ආදරය පිළිබද හැගීමක් ඒ කාලෙත් දැනුනද ? මොනා උනත් අන්තිමේදී එකක් සැට් වුනා නොවැ... මම අදටත් විශ්වාස කරන්නෙ පාසල් කාලයේ කරන ආදරය ඉතාම සුන්දරයි කියලයි... වගකීම් රහිත නිදහස් සිතක් තියෙන නිසා ආදරය දැනෙනවා වැඩියි...
Deleteමමනම් සිරාව අඳුනනවා..(උඹේ පෝස්ට් වලින්ම තමා)
ReplyDeleteගෑනු ලමය කවුරු උනත් අවාසනාවන්තියක් සිරාවගේ කොල්ලෙක් ලබන්ට බැරිඋනේ.
මගෙත් හඳුන්පොතේ මතකසටහන් ඇවිස්සෙනව බං..!
මම අවංක වැඩියි... ඕනෑවට වඩා හොද වීමත් හොද නෑ කියලා කියනවලුනෙ... ළමයි දෙන්නවත් දෙපැත්තෙන් තියාගෙන වී පොකුර මනෝපාර දාගෙන ඉන්නවද ? ඒවා ඔට්ටු නෑ දැන් අරිද...
Deleteගණන් ගන්න එපා සිරා. ස්කොලේ කාලේ වෙන ඔව්ව අනාගතේදී සුන්දර මතක ගොඩක් විතරක් වෙනවා කියල ඒ කාලේ තේරුනා නම් මතක් කරලා හිනාවෙන්නවත් දෙයක් නැති වෙනවා.
ReplyDeleteදැන් අවුලක් නෑ... මතක් වෙනකොට දැනෙන පුංචි මිහිරක් පමණක් ඉතුරු වෙලා තියෙනවා...
Deleteමටත් ඒ කාලේ සිරා වගේම ගට්ස් තිබ්බේ නෑ නේ. තිබ්බත් මට තිබ්බ ලා බාල පෙනුමට කෙල්ලෙක් කැමති වෙයිද මන්දා? පාසල් කාලේ පෙම්(හිතෙන්) කල කෙල්ල පස්සේ සෙට් වුනත් පාසල් කාලේ දැකපු බාහිර ලක්ෂණ වලින් විවාහය දක්වා ගෙනියන සම්බන්ධයක් ගොඩ නගා ගන්න බෑ කියලා පස්සෙයි තේරුනේ. මගේ කතා ටිකත් දානම් නිවාඩුවේ. මේ කතා ඔස්සේ මමත් අතීතයේ සොඳුරු මාවත් දිගේ පිය මැන්නා. ලබ්රියට නම් ගියේ එක දවසයි. එක මගුල් සක්වලක්. මට ඕනෑ වුනේ පාඩම් කරන්න. ඒ නිසා පස්සේ ගියේ නෑ. කතාව හරි ලස්සනයි. මම එතන හිටිය වගේ දැනුනා.
ReplyDeleteස්තූතියි අයියා... ඔබේ කථා කීපයත් කියවන්නට ආශාවෙන් සිටිමි... ආදරය කවදාවත් වයසට යන්නෙ නෑ කියන්නෙත් ඔය හේතුව නිසාමනෙ... මිනිස් ජීවිතයේ පදනම ආදරය කියලයි මට හිතෙන්නෙ... ජය !
Deleteමම උසස් පෙළ කරන කොට ඔය වගේම කෙනෙක් ගැන හිතේ අදහසක් තිබුනා ඇහුවම කිව්වා අපි තවම ඉගෙන ගන්නවනේ කියලා විභාගේ ඉවර උනහම ඇහුවම කිව්වා කැමති නැහැ කියලා අයියෝ සල්ලි ...
ReplyDeleteමගේ යාලුවෙක් ඉන්නවා 15 වතාවක් කෙල්ලගෙන් ඇහුවා... සති දෙකකට සැරයක් ඌ ඒකිගෙන් අහනවා... අහන වාර ගණනත් මතක තියා ගන්නවා... 15 වෙනි වතාවට පස්සෙ කෙල්ල කිව්වා ගෙදරින් අහන්න කියලා... ගෙදර ගිහින් කථා කරලා දෙමාපියො කැමති වෙලත් මේකි කැමති වුනේ නෑ... අන්තිමට යාලුවො බල කලාට පස්සෙ තමයි හා කිව්වෙ...
Deleteරොබින්ට වෙච්ච සන්තෑසිය බලපුවාම ඇඩෙන්නෙ තනි ඇහැට නොවැ...
මේක කියෙව්වම මට වෙච්ච කුජීත සීන් එකක් මතක උනා.පට්ට කතාව සිරෝ.ටයිම් මැෂින් කැලේ.මගේ ඔලුව පහලට හිටින්න එක පාරට අවුරුදු 10 ක අතීතෙට ගියා.
ReplyDeleteහා හා එහෙනම් ෂුවර් එකට කෙල්ලෙක්ගෙන් අහන්න ගිහිල්ලා කුජීත වෙච්ච කේස් එකක් වෙන්න ඇති....
Deleteමගෙත් තියේ ඔයවගේ කතා සෙට් එකක් ම. ඒත් මම බැන්දේ වෙන කෙනෙක්ව. කෙල්ලෝ හය හතක එළු පාරවල් කා අන්තිමට සෙට් වූ එකී මට හා කිව්වේද මන්ද..
ReplyDeleteසිරාගේ මුහුණේ ඇති පෙනුමින් මම මේ පින්තුරය සිරා විසින් ගනු ලැබුවක් බව ද (පස්සෙයි දන්නේ වෙන කෙනෙක් අරගෙන කියලා. මම හිතුවේ ට්‍රයිපොඩ් එකක තියල ගත්තයි කියලා) කෙල්ල ලජ්ජාශීලිව බිම බලාගෙන හිඳීමෙන් ඒ සිරාගේ ගින්දර බවද තේරුම් ගතිමි. ඒ ඉරියව් දහසක් කතා කියයි..
ඒ කාලෙ කෙල්ලො අද ඉන්න උන්ට වඩා ලැජ්ජයි... බලන්න උසස් පෙළ ලියන කාලෙත් ඒ දැරිවියන්ගෙ තියෙන ලැජ්ජාවක තරම...මේ ඡායාරූපයම එයා ළගත් තියෙන නිසා සමහර විට මම අහපු සිද්ධිය මතක් වෙනවාත් ඇති...
Deleteසිරා මේ කතා එක්ක මමත් නොදැනීම අතීතයට යනවා එවිට දුක මෙන්ම සතුටද ඇතිවෙනවා.
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
ජීවිතයත් ඒ වගේ නොවැ... දුක සතුට දෙකම තියෙද්දි තමයි ජීවිතය සුන්දර....
Deleteඅවතාර්ගේ මතකත් අවුස්සනවා සිරා
ReplyDeleteමේ කථාබහ හැමෝටම පොදුයි වගේ එහෙනම්....
Deleteඅපොයි...... ඇඩෙනවා. දැන් කොහොමද තත්වේ ඉතින් ?
ReplyDeleteතත්වෙ වෙනසක් නෑ මලේ....පස්සෙ කාලෙ සැට් උන ඒවා සැට් වෙන පරක්කුවට ගැලවුනා.... දැන් නම් තනිකඩ...
Deleteමේ හරි නොගියට තව එව්වා හරියන්ට ඇති නොවැ පස්සෙන් පහු ...හි හි..මම නම් ගින්දර අදුනගත්ත සිරාගේ කොමෙන්ට්වලින්..
ReplyDeleteපස්සෙ සැට් වුන ඒවත් ඉවරයි.... ඒවා මට මතක් වෙද්දි කියවෙන්නෙ අයියෝ සල්ලි කියලා විතරයි....
Deleteඔහොම අත්දැකීමකුත් තියෙන්ඩ ඕනා ජීවිතේට සිරා.. රහස් පරීක්ශකයන්ගෙ පොඩි දුර්වල තාවයක් තිබිලා තියනවා නේද ?
ReplyDeleteගින්දරගෙ යාලුවා ගැන නම් මට පුදුම අනුකම්පාවක් ඇතිවුනේ බන්.. උන්ට යන කල මොකක්ද හැබෑටම. උන් ඇත්තටම මාර විදිහට මානසිකව විඳවනවා ඇති නේද, තමන් වටේ ඉන්න අනික් යාළුවො ඔක්කොවන්ගෙන්ම එක එකා අහනවා ඒත් තමන්ව කවුරුවත් ගනන් නොගන්න එක ගැන...
හොදම වර්ගයේ රහස් පරීක්ෂකයො ටිකක් තමා වැඩේ භාරගත්තෙ... ඒ උනාට වැඩේ අල කලා.
Deleteහැමෝම ලස්සනට නොවැ ආකර්ශනය වෙන්නෙ... තමන්ගෙ යාලුවට වඩා ලස්සන එකියක් සැට් කර ගන්න තමා කොල්ලො ට්‍රයි එක දෙන්නෙ.. මට එහෙම තරගයක් නැති වුනත් ලස්සන කෙල්ලෙක් ගැන තමයි අදහසක් ආව නම් ආවෙ....
රුව නැති කෙල්ලො ලග ගුණ තියෙනවා... ලස්සන නැති නිසා පැත්තකට වෙලා හිටිය අපි උනත් වැඩිය සැළකුවෙ නැති කෙල්ලො ළග ලස්සන උන් ළග ගෑවිලාවත් නැති හොද ගතිගුණ තිබ්බා... ඒ කෙල්ලන්ටත් ඉතිං තමන්ගෙ රූපය ගැන යම් තරහක් ඇතිවෙනවත් ඇති....
මට මතක් වුනේ සමන්ද සිල්වාගේ "සුරූපී, විරූපී" සිංදුව.
Deleteඒ සින්දුව හරියටම ගැලපෙනවා සෙන්නා... ඒ මාතෘකාවට...
Deleteසිරාටත් වෙලා තියෙන දේවල්. දුකයි තමයි. ඒ වුනත් සිරා ලස්සනට ලියනවා . කාටවත් අපහාසයක් නොකර හිනාවෙන් මේ දේවල් දිහා බලන එක කොච්චර හොඳද . ලස්සන කෙල්ලන්ගේ කැත යාළුවො ..කතාකලයුතු මාතෘකාවක් . කැත කෙල්ලෝ කියල ජාතියක් නැහැ . බාල වයසෙන්ම ලස්සන අය ටිකක් වයස යද්දී එතරම් ලස්සන නැහැ . කැතයි කියල හිතන් උන්න අය තරුණ වයසට එද්දී හැඩ වෙලා එනවා . ඉස්කෝලේ කාලේ ලස්සන කෙල්ලෝ පස්සේ ගිය අය බැඳලා ඉන්නේ සාමාන්‍ය පෙනුමැති අය . ඒ වගේම හුඟක් ලස්සන කෙල්ලෝ ඉන්නවා හිතපු නැති විදිහේ අය බැඳපු.
ReplyDeleteසිරාගේ මතක බෙදා ගැනීම ගැන ස්තුතියි . මාත් ඉස්කෝලේ කාලේ පොඩි රවුමක් ගිහින් ආවා . කොලපාට ටයි එක විතරයි. මුණ හංගගෙන වගේ නේද ..D
ඔබේ කථාව සමග මම එකගයි... කොල්ලො කෙල්ලනගෙ ලස්සන හෙව්වට කෙල්ලො වැඩිපුර සළකන්නෙ ගතිගුණ... සිරා මුල්කාලෙ ලස්සන හෙව්වට ජීවිතේ ගැන යම් අවබෝධයක් ලැබුනට පස්සෙ හෙව්වෙ ගතිගුණ හොද අය...
Deleteඒ දැරිවියො හරිම ලැජ්ජයි... පේනවනෙ බිම බලාගෙන ඉන්න අපූරුව....
බොහොම අගෙයි සිරා, පාසල් ප්‍රේමය අතිශයින් සුන්දරයි. මමත් ඔබ වගේම පාසල් ප්‍රේමයෙන් ඉතා දැඩි පරාජයකට ( නැවත මනස ගොඩනගාගත්තේ සෑහෙන වෙහෙසකින්. වසර දෙක තුනක් ගියා) ලක්වූ කෙනෙක්. මගේ ඒ පෙම්වතියත් අද පොලිස් රාලහාමි කෙනෙකුගේ බිරිඳ ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ නගරයක සාමයෙන් සතුටින් කල් ගෙවනවා. හැබැයි ඒ ප්‍රේමයනම් කවදාවත් සිතෙන් ඉවත් වෙන්නේ නැහැ. ඒ දුක ඉවත් වෙන්නෙත් නැහැ. මගේ වර්තමාන බිරිඳට මම එක වරක් ඇයව අතීත ප්‍රේමයේ සියළු තොරතුරු කියා හඳුන්වා දුන්නා. මගේ බිරිඳ පාසල් වියේදී පෙම් කර නැතත් මගේ කතාව තේරුම් ගත්තා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ඔබතුමාට තියෙන්නෙත් මගේ මතයමයි... මමත් පාසල් ප්‍රේමය සුන්දර යැයි අදහන්නෙක්... ඔබේ බිරිදත් ඔබව හොදින් තේරුම් ගෙන ඇති හැඩයි... නාවික හමුදාවේ වෙසෙන මගේ මිතුරෙකුගෙ පැරණි ඡායාරූප ඇල්බමයේ ඔහුගේ පැරණි පෙම්වතියගේ ඡායාරූපයක් තියෙනවා... ඔහුගේ වර්තමාන බිරිද තමයි ඒ විදියට ඇල්බම් හදලා ඒවා සුරක්ෂිත කරලා තියෙන්නෙ...
Deleteදැන් ඉතිං පරක්කුයි නොවැ... ලබන ආත්මේදීවත් පාසල් ප්‍රේමයක හිමි කරුවෙක් වේවා කියලා මම ඉත සිතින් පතනවා.... ජය !
කලින් පෝස්ට් එක කියෙව්වත් කමෙන්ට් කරන්න බැරිවුනා.(ප්‍රොෆයිල් එක අතුරුදහන් වෙලා තිබුණ නිසා. දැනුත් තත්වය හොදම නෑ)
ReplyDeleteමට නම් ඔය ප්‍රශ්නයේදි එච්චර අවුලක් වෙලා නෑ.ඔක්කොම වගේ හරි ගියා., කොහොම වුනත් හරිම සුන්දර අත්දැකීම් නේද...?
සුමිත් අයියා වගේ අය හම්බවෙන්නෙ කලාතුරකින්... ඒ කිව්වෙ ආදර සබදතාවක් අල නොවූ කෙනෙක් විදියට... අතීතය නම් සුන්දරයි තමා... ඒ සුවද තමයි තවමත් මේ ආඝ්‍රහනය කරන්නෙ....
Deleteනියම කතාවක් :) :) ජයම වේවා සහෝ! :)
ReplyDeleteසතූතියි හිරු... ඔබටත් ජයම වේවා !
Deleteහප්පා සිරාටත් වෙන දේවල්. පාසල් ප්‍රේමය සුන්දරයි. හැබැයි තේරුමක් ඇතිව කලොත්. වරදකුත් නැහැ.
ReplyDeleteකෝරලේ මහත්තයා මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා...
Deleteතේරුමක් ඇතිව කරගෙන යනකොටමනෙ මේ කෙල්ලො බූට් එක තියෙන්නෙ... අන්න එතනයි ගැටලුව පැනනගින්නෙ...
කෝ බං ගින්දර ගින්දර කියුඅවට ඉන්න එක්කොම ඕදිරිස්නේ
ReplyDeleteහා හා ඒකාලෙ කොයි කෙල්ලත් ඔහොම තමා බොලං... පස්සෙ පස්සෙ තමා මේගොල්ලො අරවා මේවා උලාගෙන පොෂ් වෙන්නෙ....පිරිමි නම් හැමදාම ලස්සනයිනෙ නැද්ද මම අහන්නෙ...
Deleteසිරා මල්ලි මාව හැත්තෑව දශකයෙ අග භාගයට ආපහු ඇදගෙන ගියා. අපි ගම්පහ ඒ ලෙවල් ටියුෂන් පන්ති යනකාලෙ සිද්දවුනෙත් ඕවම තමයි. නම් ගම් විතරයි වෙනස්.
ReplyDeleteපළමු වතාවට ලෑලි දොරට තට්‍ටුව දැම්මේ. ආයෙත් හමුවෙමු.
ඔබතුමාගේ සම්ප්‍රාප්තිය මට සතුටක්.... ගම්පහ කිව්වම ඊටත් වඩා සතුටුයි...
Deleteදිගටම මේ පැත්තට ආවට මගේ නම් කිසිම අමනාපයක් නෑ... ජය !
ගින්දර විදිහම මගෙත් යාළුවෙක් හිටිය මෝදර පැත්තේ.. එයාද මන්ද???
ReplyDeleteමගෙත් ඔය තිබ්බ පරණ කෙස් එකක් මතක් උණා සිරාගේ කථාව කියෙව්වට පස්සේ..!!
ජය
එයාද කියලා කියන්නත් බෑ.... මේ වගේ කථාවක් අතීතයේ සිදුවෙච්ච නැති කිසිවෙක් නෑ වගේ...
Deleteඅද වෙද්දි ලස්සන කොලු පැට්ටෙක්ගේ අම්ම කෙනෙක් උන්දෑ.. හිකිස්!
Deleteඉස්කෝලෙ ගිය කාලෙ මතක් උනා.ඒත් දැන් මතක් වෙනකොට පසුතැවීම් නම් අනන්තයි සිරෝ....
ReplyDeleteසැලෙන්න නරකයි... එහෙම සැලුනා නම් අද සිරා නෑ....
Deleteඔහොම ඉදල හරි යන්නේ නෑ සිරා අයියේ ස්කූටරේ දාගෙන යන්න කව්රු හරි හොයාගත්තොත් හොදා , මගේ ගණනය කිරීම අනුව සිරට දැන් අවුරුදු 27 ක් විතර මං හරි ඇති නේ ......
ReplyDeleteස්කූටරේ පිටිපස්සෙ යන්න කෙනෙක් තවම නම් හම්බවුනේ නෑ මලේ... ග්‍රහයො ටික හරියට සැට් වුන දවසක ඒ වැඩෙත් හරි යාවි...
Deleteබොලාගෙ ගණනය කිරීම වැරදියි.... සිරා තව මාස 2කින් දශක තුන සම්පූර්ණ කරනවා...
මලා මට මීටර් නැතුව ගෘණ හදලා තියෙන්නෙ 2001 දි ඔ/ලෙවෙල් කොරා කියලා නොවැ....
Deleteහෙහ් හෙහ්...
Deleteපාසල් ආදරය හරි ලස්සනයි එත් ඒ ආදරය පාසලෙන් එලියට ගෙනියන්නේ බොහොම සුළු ප්‍රමාණයයි.
ReplyDeleteමගේ පාසල් ආදරය තමා මගේ හාමිනේ වෙලා ඉන්නෙත් ඒකත් අවුරුදු 7 ක විතර ආදරයකින් පස්සේ.
බොලා ඇත්තටම වාසනාවන්තයි... එහෙම අවස්ථාවක් ලැබෙන්නෙ කීයෙන කී දෙනාටද... සිරාට ඉතිං පාසලෙන් එළියට අරන් යන්නත් ලව් එකක් තියෙන්න එපායෑ... අනිච්චේ දුක්ඛේ කිව්වලු....
Deleteඔබ දෙපළගේ විවාහ ජීවිතයට සියළු යස ඉසුරු පතමි... ජය !
සිරාගේ ලිවීමේ හැකියාව ඉතා අගය කරමි. ඒ වගේම හැම කොමෙන්ටුවකටම පිළිතුරු ලියල ඉස්තූති කරන එකත් අගය කරනවා. ඊටත් වඩා පිළිතුරු ලියන භාෂාව සහ හැක්යාව ඇති විශිෂ්ටයි.
ReplyDeleteමට හිතෙන්නේ ඔය භාෂා විලාශය ඇඟට එන්නේ එක්කෝ ප්‍රේමයෙන් පැරදුනොත් නැත්නම් ප්‍රේමයෙන් දිනුවොත්. ගානුලමයෙක්ගෙන් අහන්නෙත් නැති උනන්දුවකුත් නැති අයට හිතෙන්නෙත් නෑනේ කිසිවක් ලියන්න.
බොහොම ස්තූතියි අගය කිරීම ගැන...ඔබේ කමෙන්ටුවට සෑහෙන කාලයකට පස්සෙ පිළිතුරු ලබා දීමට සිදුවීම ගැන නම් කණගාටුයි.
Deleteඕන් ඔහොමලු වුනා කියන්නේ... සිරා නම් ඒ කාලේ සිරාවට ඉදලා තියෙන වග පේනවා. දැන් නම් බඩ මුදලාලි වෙලානේ :P
ReplyDeleteරට පැටවුනාට පස්සෙ දැන් නම් බඩ වගේම බරත් අඩු වෙලා ගොයියො...
Deleteඑල එල... මේ වගෙ ඉස්ටෝරියක් කියෙව්වත් මාර ගතියක් දැනෙන්නෙ.. මට නම් මුලු ජීවිතේටම කිසිම කෙල්ලෙක් සැට් වෙලා නෑ බන් :P
ReplyDeleteගනන් ගන්න එපා බන්...මටත් ඔය විනම්බෑසියම තමා.. රූපය කියන දේ කෙල්ලන්ට විතරක් නෙමේ.. කොල්ලන්ටත් බලපානවා... මම සිරාටත් වඩා අවුරුදු පහක් විතර වයෝවෘද්ධ පොරක්...දැන් ඉතින් කාලෙත් පැනල.. අපි ඉතින් කොරන්නෙ නෙට් එක අස්සෙ රිංග රිංග අනුන්ගෙ ලව් කතා කියවන එක තමා... හික්.. හික්..
Deleteඑහෙම තමා..තමා ලබා උපන් හැටි කියලයි කෙටියෙන් ඕකට කියන්නෙ...මේ ආත්මෙවත් පිනක් දහමක් කරගෙන බලමු. ලබන ආත්මෙකවත් ගොඩ යයිද කියලා...මොකද අපි මළාම බැනර් එකේ ගහපු පලියට නිවන් දකින එකක්යැ...
Deleteසමහරු ආදරේ කරල දුක් විඳිනවා... සමහරු ආදරේ නොකර දුක් විඳිනවා..
ReplyDeleteබැලුවහම ආදරෙත් මහ දුකක් නේ..
ආදරය හරියටම ගලපගන්න බැරි උන තැන හරිම දුකක්...ඒ දුක විදලාම බලන්න ඕනෙ...පුදුම වේදනාවක්...මුලු ශරීරයටම එය දැනෙනවා...
Deleteoya sudu gawma adala inne eya neda sira ayyeeeeee
ReplyDeleteසුදු ගවුමගෙ වම් පසින් ඉන්නෙ....එයා තමයි ගින්දර.....හෙවත් මගේ හිත ගත්ත කෙනා....
Delete