අපි එහෙනං බලමු පුතාලා කොහොමද අපි මේ විභාගයට කලින් දවසෙ සූදානම් වෙන්නෙ කියලා... දේශක තුමා ඉදිරියෙන් තබා ඇති වයිට් බෝඩයේ පෑනකින් යමක් සටහන් කරමින් උපදෙස් මාලාවක් නිකුත් කරයි. වඩා වැදගත් දේ තමයි...අපිට උත්තර සපයන්න ලැබෙන සුළු කාලය කොහොමද වඩා ඵලදායී ලෙස කලමණාකරනය කරගන්නෙ කියන කාරණේ...
මෙවැනි දේශන උදෙසා සම්පත් දායකයින් සෑහෙන තරමේ මුදලක් වියදම් කරමින් පාසලට රැගෙන එන නිසාදෝ සති කීපයක සිටම ශිෂ්‍යයන්ට අවධාරනය කරන්නේ.. විභාගයට පෙර පැවැත්වෙන සම්මන්ත්රණ මාලාවට අනිවාර්යෙන්ම සහභාගි විය යුතු බවකි. ඒ නිසාමදෝ සාමාන්‍ය පෙළ සිසුන්ගෙන් බහුතරයක් මේ කියන දින කීපයේ ප්‍රධාන ශාලාවේ අසුන් ගනී.
සම්මන්ත්‍රණයේ විවේක කාලයට තවත් වේලා තිබුනත් හදිසියේ පැමිණි නියෝජ්‍ය විදුහල්පති වරයෙකු විසින් පිටතින් පැමිණ සිටි දේශක මහතා ඇතුළු පිරිස ප්‍රධාන කාර්යාලය තුලට කැදවාගෙන යන දසුන කාගේත් කුතුහලය ඉහළට එසවීය. මොකෝ බන් මේ එකපාරටම සැට් එක ගියේ...මා පිටුපස සිටි එකෙක් තට්ටුවක් දමමින් විමසයි.
ඒ අතරතුර බ්රාස් යන අනුකරණයෙන් එකතැන තිරිංග පෑගුනු සුදු පැහැති වෑන් රථයක් විදුහල්පති කාර්යාලය අසලට ලගා විය. ඒ තුලින් පාසල නිළ ඇදුම සහිතව කිප දෙනෙකු බිමට බසිනා දර්ශනය යන්තමින් දර්ශනය වෙයි. යුරෝපීය ඇදුමෙන් සැරසුනු විද්‍යාලයාධිපති තුමා ඒ සමගම ප්‍රධාන ශාලාවට වාර්තා කලේ ගොනුන් තලනා කෙවිටක් බදු වේවැලක්ද සමගිනි. වෑන් එකෙන් සම්ප්‍රාප්ත වූ සැට් එකට පෝරියල් එක ලැබෙන බව දැන් ඉතිං කිරි ගහට මන්නෙන් කෙටුවා සේ පැහැදිලිය.
ප්‍රධාන ශාලාව තුල දැන් සිටින්නේ විද්‍යාලයේ සිසුන් හා ගුරු භවතුන් පමණකි. චූදිතයෝ මාධ්‍යයට භයේ මුහුණු සගවා ගැනීමට උත්සාහ නොකලෝය... උනුන් බිම බලාගත් වනම ලග අඩි තියමින් පේළියට පැමිණියෝය.
අනේ ඇත්තට මුන්ට මෙච්චර කට කැඩෙනකන් සම්මන්ත්‍රණයට එන්න කියලත් ගිහිල්ලා මගුල් නටන්න...මගේ පන්තියෙ නාම්බෙකුත් ඔය ඉන්නෙ... ගුරුතුමියක් තමන්ගේ පන්තියේ චූදිතයෙක් දෙස බලා තම සිතැගි හෙළි කරයි.
ශාලාවේ තැන් තැන් වල කසු කුසු ඇසුනත් වෙච්ච සන්තෑසිය තවමත් පැහැදිලි නැත. කාට කාටත් හොදට තමුන්ගෙ මූණු බලාගන්න නගිනවලා ස්ටේජ් එක උඩට...විදුහල්පති තුමාගේ ගරු ගාම්භීර කටහඩ ප්‍රධාන ශාලාව තුල රැව් පිළිරැව් දෙයි. තවත් මොහොතකින් වැරදිකරුවන් දස දෙනෙකු පමණ වේදිකාව මතට නැගී සිය රූප සොභාව අවශේෂ මිත්‍රයන්ට පෙන්වමින් සිටියි. පසුතැවිල්ලක සේයා ඒ මුහුණු වලින් හොදින් දිස්වෙයි.
ඉන් අනතුරුව එළැඹියේ චූදිතයන්ගේ පශ්චාත් කලාපය සමග වේවැල වේගයෙන් ඝට්ටනය වූ ඒ උද්වේගකාරී අවස්ථාවයි... සැට් එකම පුක රත්වෙන්නට දෙක, තුන , හතර බැගින් කෑවෝය... එහෙත් උන් කල වැරැද්ද දැන ගැනීමට තවත් පමා වූයේ දඩුවම් ලාභීන් සමග වචනයක් දෙකක් දොඩන්නට අපට අවස්ථාව ලැබෙන්නට ගත වූ කාල පමාව හෙයිනි.
විදුහල්පතිතුමාගේ කාරුණික භාවය නිසාම විභාගය අතළග තබාගෙන පන්ති තහනම් කිරීම, විභාග ප්‍රවේශ පත්‍ර ලබා නොදීම වැනි දරුණු දඩුවමකට යටත් නොවී වැඩේ නුලෙන් ගොඩදාගන්නට උන්ට හැකි විය. ඒ අවසරයෙන් සිද්ධියේ සුළ මුල අකුරක් නෑර දිගහැරීමට පශ්චාත් කලාපයේ වේදනාව සමනය වූ සැනින් ගුටි කෑ එවුන් ඉදිරිපත් විය.
සම්මන්ත්රණ වලට ඉදලා කාටද බන් හරිගියෙ අපි කෙටවල ගිහින් නාලා ෆන් එකක් දාමු...පාප මිත්‍රයෙක් කල ඒ යෝජනාව සම්මත වෙන්නට වැඩි වේලාවක් ගොස් නැත. කෙටවල යනු 50 දශකයේදී ගම්පහ ප්‍රදේශයේ කෙත්වතු වෙත ජල සම්පාදනය පිණිස ඇති කල අමුණක් හෙවත් ඇනිකට් එකකි...මෙම ස්ථානයේ දියනෑම විශේෂයෙන් ගම්පහ තරුණ පරපුර අතර ඉතා ජනප්‍රිය අතර වසරකට කිප දෙනෙකු අනිවාර්යෙන්ම ජීවිතයට සමුදෙන ස්ථානයකි.
කෙටවල දසුනක් http://farm8.staticflickr.com/7257/7643015938_1828657852_z.jpg |
ඔන්න ඉතිං ආයුබොවන් මුන් ටික එදා සම්මන්ත්‍රණයට කට් එක දිලා..නිදහසේ නා කියා ගන්න කියලා කෙටවල පැත්තට ගිහින්...ඔය ගමන යන්නෙ පා ගමනින් රේල් පාර දිගේ...ගම්පහ සහ දාරළුව දුම්රිය පලවල් අතර තමයි මෙය පිහිටා තියෙන්නෙ. කෙටවල කිට්ටුවට ගියාම තියෙනවා දුම්රිය හරස් මාර්ගයක්...අන්න එතැනදි වමට හැරිලා ගෙවල් කිපයක් පසුකරගෙන තමයි අදාළ තැනට යන්න ඕනෙ...
ඒ අතර තිබූ නිවසක සිටි කාන්තාවකට තමන්ගෙ දරුවත් මේ පාසලේ ඉගෙන ගන්න නිසා නිළ ඇදුම හොදට හුරුයි. ඒ නිසාම අහලා තියෙනවා...ඉස්කෝලෙන් කට්ටි පැනලද නාන්න යන්නෙ...කරුණාකරලා ආපහු යන්න කියලා...මෙන්න මේ වෙලාවෙ නාන්න ගිය උන් පිළිතුරු විදියට දිලා තියෙන්නෙ කුණු හරුප වැළක්...කාන්තාව එයින් පසු පසුබා ගියත්...ඇය පාසලට ඇමතුමක් අරන් විස්තරය දැනුම් දී තිබෙනවා.
කෙටවල දෙසට එන වාහනයක් ඈත දීම පෙනෙන නිසා මේ පිරිස අල්ලාගන්නා එකත් ගැටලුවක්...විද්‍යාලයේ විනය කමිටුව සාමූහිකව සාකච්ඡා කරලා තරමක් මහන්සි විය යුතු සැලසුමක් හදාගෙන...ඒ අනුව විද්‍යාලයේ ගුරුභවතෙකුගෙ පුද්ගලික වාහනයකින් ඒ ඉසව්වට යනවා... නමුත් ගුරුවරුන් ඈත තියාම හදුනාගත හැකි නිසා ඔවුන් ඒ සදහා විකල්ප ඇදුම් ප්‍රයෝජනයට අරන්...ඒ කිව්වෙ වෙස් මාරුකරගෙන.
ඒ කිව්වෙ...සපත්තු , කලිසම්, කමිස වලින් මිදිලා සරමක්, බැණියමක් කාරිය ඇදලා... බුලත් විටකුත් හපන ගමන් තමයි පිරිස නාන සැට් එකට කිට්ටු කරලා තියෙන්නෙ...ඔය අතර හිටියා නන්දසේන කියලා ගුරුභවතෙක්...ගණිතය විෂය තමයි ඉගැන්නුවෙ... එතුමා ඇදන් ඉන්න සරමට අමතරව තවත් සරමකින් මුහුණ හදුනාගත නොහැකි ආකාරයට ආවරණය කරගෙන තමයි මෙහෙයුම ක්‍රියාත්මක කරන්න සුදානම් වෙලා තියෙන්නෙ...
ඔන්න දැන් පිරිස නාන උන් ලගට කිට්ටු වෙලා... මේ වයසක උන්දැලට සමහර උන් කෝචොක් එක දාන ගමන් එක එක දේවල් ඉල්ලලා....මේ වෙලාවෙ තමයි...හෙණ ගැහුවා වගේ විනය කමිටුව ක්‍රියාත්මක වෙලා මුන් ටික බෙල්ලෙන් අල්ලගෙන වෑන් එක ලගට ඇදගෙන ඇවිල්ලා පාසල් නිල ඇදුම අන්දලා වාහනේට පටවලා තියෙන්නෙ...නාන්න ගිහිල්ලා ගිලුනා නම් කවුද වග කියන්නෙ... මේ ප්‍රශ්නෙ තමා පාසල් බලධාරීන් නාන්න ගිය නඩෙන් අහපු එකම ප්‍රශ්නෙ...
ඇයි යකෝ ඔච්චර උඹලට ඔය සර්ලව අදුන ගන්න බැරි උනාද ? සමහරු චූදිතයන්ගෙන් එහෙමත් ඇහුවා... කවුද බන් හිතන්නෙ අපේ නන්දසේන සර් බුලත් විටකුත් හප හපා සරමක් ඇදලා ජටාවක් ගහගෙන ඔතනට එයි කියලා...අපේ උන් ඩබල් සරම් කියලා විහිලුත් කලා බන්...හරියටම කුරුං ගුරුං වගේ තමයි හිටියෙ...අදුන ගන්න බෑ. මෙහෙම සභාව ඉස්සරහටම ගෙනල්ලා ගහයි කියලා නිකමටවත් හිතුවෙ නෑ බන් ...ප්‍රින්සිපල්ට යන්තම් වැදලා වැදලා විභාගෙ ලියන්න චෑන්ස් එක ගත්තෙ..දැන් ඉතිං පුක නෑ වගේ වේවැල් පාර වැදිලා....ආයෙ නම් කෙටවල පැත්තවත් බලන්න හිතෙන්නෙ නෑ බොල...ඇත්තමයි....අද දවස පට්ටම කුජීතයි.
මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා
ප.ලි
සිරාගේ කාමරේ දොර විවෘත කර ගතවූ මාස 9 පුරාවටම 7 ගුණාකාරයෙන්, කියවන ඔබ වෙනුවෙන් එක හුස්මට ලිව්වෙමි. ඒ ලිවිල්ලට මද විරාමයක් තියන්නට දැන් ඉතිං කාලය එළැඹ තිබේ. පුද්ගලික ජීවිතේ ඇති බලාපොරොත්තු හා අනාගතය පිළිබද ඇති අපේක්ෂාවන් සාක්ෂාත් කරගැනීමේ අරමුණින් මවුබිමෙන් සමු ගනිමි. සිරාගේ කාමරයට කෙටි විරාමයක් තබමි. එනමුදු නුදුරු දිනයක නැවතත් කාමරයට යන එන ඔබ වෙනුවෙන් නිසැකවම ලියමි. මගේ සහෘද බ්ලොග්කරුවන්ගේ ලියවිලි මේ කාලය ඇතුලත කියවන්නට මට ඉඩක් නැත්තේය. ඒ ගැන අමනාප නොවනු ඇතැයි සිතමි. බ්ලොග් කලාවේ අතදරුවෙකු වන මා හට නන් අයුරින් සහාය වූ සියලුම සත්පුරුෂයන් ආදරයෙන් මතක් කරමි. ඔබට ජය !
Wish you all the veyy bestමචන්. සියලු දේ සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවායි පතමි.
ReplyDeleteඅපිට නම් ඔය කරදර තිබ්බෙ නෑ. ඉස්කෝලෙ එහා පැත්තෙ වැව.
බොහොම ස්තූතියි සහෝදරයා...
Delete@ Ukussa,
Deleteඉබ්බාගමුවේ වත් ද??
ඉස්කෝලෙ යන කාලේ දඟ වැඩවල සීමාවක් නෑ. විශේෂයෙන්ම කොලු නඩේට...
ReplyDeleteසිරා අනාගතය වෙනුවෙන් යන ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ! කියලා මම ප්‍රාර්ථනා කරනවා.බ්ලොගය කියන්නෙ ජීවිතයේ තාවකාලික කොටසක් විතරයි. ජීවිතයේ සාර්ථකත්වය ඊට වඩා වැදගත් නිසා...ඒ ගමන සාර්ථක කරගන්න...සුබ ගමන් යාළු...
බොහොම ස්තූතියි හිතවත් ලිහිණි...
Deleteඒ කියන්නෙ ඒ සෙට් එකේ සිරත් හිටියයි කියල නේද?
ReplyDeleteඉදිරි වැඩකටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වෙන්න කියල පතනවා.
අපෝ නෑ....මම කිසිම දවසක පාසල ඇරෙන්න කලින් පැනලා ගිහිල්ලා නෑ....පාසලේ ඉද්දි දඩුවම් ලැබුව සිද්ධිය බූරු ගහපු කථාවෙදි ලිව්වා...
Deleteස්තුතියි ප්‍රසන්න අයියෙ...
කෙටවල අමුණ දැකපුවාම ලංකාවෙ රස මතක අවදිවුණා.
ReplyDeleteඇයි සිරා කොහෙ ගියත් ලියන්න පුළුවනිනේ.මේ අපි ලියන්නෙ ඔබේ ජීවිතයේ සියලුම බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි
ඒක තමයි... අර ලෝක විනාසේ දවස්වල කට්ටිය කිය කිය හිටියේ නෙට් එක තියෙනවනං ඇති කියලා... හි හි ... ඉතිං කොහෙ ගියත් ඔය පොඩි දෙයක් ලියන්න බැරැවයැ.....
Deleteහැලපෙ අයියා ලගදි ලියපු ඒවා මට කියවන්නත් බැරි උනා. මම මගේ වටපිටාව හදාගත්තට පස්සෙ ආයෙමත් ලියන්නම්...
Deleteප්‍රාර්ථනාවට ස්තූතියි...
මං දැක්කා අද දිවයිනේ ගණං ප්‍රස්ථාරේ වැරදුනා කියලා ළමයෙක්ට තුවාල වෙන්නම මීටර් කෝදුවෙන් ගහපු කතාවක්... වැඩේ කියන්නේ මාත් ඇතිවෙන්න මීටර් කෝදුවෙන් ගුටි කාලා තියෙනවා.. ඒත් තුවාල වෙන්න තරම් නම් ගැහුවේ නෑ එක ගුරුවරයෙක්වත්...
ReplyDeleteසර්ලගේ වෙස් මාරුව නම් කියලා වැඩක් නෑ.. හි හි.. ඇත්තටම හැමදාම ඉස්කෝලෙට අඳින ඇඳුමෙන් නැතුව වෙන තැනක හොඳට දන්න කෙනෙක්ව වත් අඳුරගන්න බැරි මං වගේ උන් ටිකක් ඉන්න ඇත්තේ එදා කට්ටි පැනලා... හි හි..
මීටර් කෝදුව කිව්වම හිරු සෑහෙන දිගයිනෙ බොලං...ඔය කියන්නෙ අඩි රූල වෙන්න ඇති. බොලත් කට්ටි පැන්නද ඉස්කෝලෙන් ? අප්පුච්චියේ මෙහෙමත් කෙල්ලො...
Deleteමීටර් කෝදුවෙන් අපිත් කාල තියනවා බං. එක දවසක් විතරයි.. පස්සේ නම් මොකක් හරි හේතුවක් නිසා එහෙම වුනේ නෑ.
Deleteනෑ බං මීටර් කෝදුව... 4 වසරෙදිද කොහෙද පාඩමක් තිබ්බා හැමෝටම මීටර් කෝදු හදන්න.. ඒක නිසා අපේ පන්තිවල ඇතිවෙන්න මීටර් කෝදු තිබ්බා සර්ලට ටීචර්ලට අපිට අල්ලගෙන දෙන්න සම්බුව.... ටීචර්ලා වැඩිය අඩිරෑලෙන් ගැහුවට ඉස්කෝලෙටම හිටිය එකම සර් වෙච්ච අරුණසිරි සර්ගේ පන්තියෙ හිටිය මං ගුටි කෑවෙම මීටර් කෝදුවෙන්.... වැඩිපුරම ගුටි කන්නේ පීටී වලට එළියට ගිහින් දෙවනි බෙල් එකට කලින් පන්තියට ආවේ නැති උනාම.... හි හි...
Deleteමං හොඳ ළමයා.. ඉස්කෝලෙන් කට්ටි පැනිල්ල කෙසේ වෙතත් කවදාවත් පීරියඩ් එකක්වත් කට් කරලා තිබ්ෙබ් නෑ ඒලෙවල් වෙනකම්... හි හි..
ස්කොලෙන් කට්ටි පැනල කොහේ හරි යන එක ගැන කියලා වැඩක් නෑ...අමුතුම ගතියක් තියනවා. ස්කෝලෙට අහුවුනොත් බඩුම තමයි..ඒවගේම මොකක් හරි අනතුරක් වුනොත් වග කියන්න කවුරුවකුත් නෑ.
ReplyDeleteසිරා අයියේ අනාගත ජීවිතේට මගෙන් සුභම සුභ පැතුම්. ළඟදීම දවසක මුණ ගැසෙන තුරු සමුදෙන්නම් සෙනෙහසින්...
ස්තුතියි රයිටර් මලයාටත්....චාරුලතාව මතක් කලා කියහන්..
Deleteමාත් ඔතන නාල තියේ.. හැබැයි ඉස්කෝලෙන් කට්ටි පැනලා ගිහින් නෙමෙයි..
ReplyDeleteසියළු බලාපොරොත්තු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුභ ගමන්!!!
මමත් කිප වතාවක් නෑවා...ඒත් පාසලෙන් කට්ටි පැනලා නෙමෙයි... කෙටවල ජලයත් පිරිසිදුව තියෙන නිසා නාන්නම තමයි එතනට ගියොත් හිතෙන්නෙ...
Deleteස්තූතියි ඔබටත්...
සියලු බලාපොරොත්තු සාර්ථක වේවා.යන දිහාවක ඉදන් පුළුවන් වෙලාවට ලියන්න ට්‍රයි කරන්න.
ReplyDeleteඉස්කෝලෙන් කට්ටි පනින එක තරම් අතල් වැඩක් තවත් නැ.
අනිවාර්යෙන්ම...වටපිටාව හරිගිය ගමන් ආයෙත් ලියනවා...
Deleteඅපේ ඉස්කෝලේ පිටිපස්ස්සේ මා ඔය! ඔය සාම්බුව අපිටත් හම්බ වෙලා තියනවා මදි නොකියන්න!
ReplyDeleteසිරෝ කොයි පැත්තටද අයියේ මන්ගච්චනේ?? සුභ පැතුම් ඈ!
ආසියාවෙම තැනක්...අරාබිය නම් නෙමෙයි...වැඩි විස්තර ඉදිරියට...
Deleteසුභ පැතුම් වලට ස්තූතියි...
මේ තාක් කාලයක් පුරාවට අපට රහට යමක් කියවන්න සැලැස්වූවාට බොහොමත්ම පිං. ඔබේ ගමන විතරක් නෙමෙයි, අනාගතයම සර්වප්රකාරයෙන් සාර්ථක වේවා. බුදු සරණයි..!!
ReplyDelete(මම ඔබේ හලාල් ලිපියට එරෙහිව අදහස් පල කළ ඔබේම පාසලේ සගයා වෙමි.)
සහෝදරයා බොහොම ස්තුතියි... බොහොම හෘදයාංගමව මේ කමෙන්ටුව කොටා ඇති බවක් මට වැටහෙනවා...
Deleteඅපේ ඉස්කෝලෙට ගිහින් කෙටවලින් නාලා නැත්තන් වැඩක් නෑ...
ReplyDeleteනැද්ද සිරා අයියේ? :) :)
අඩේ කොහෙද අප්පා යනවා?????
ඉදිරි අනාගතේට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
රජා මලයත් ඉතිං අපේ එකෙක් නොවැ... කෙටවල් ෆන් ආරෙට යනවද මන්දා...
Deleteපැතුමට තුති...
සිරා රැකියාවකට විදේශ ගත වෙනවාවත්ද ? සියළු පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!
ReplyDeleteරට ගියාට ලියන්නනම් අවුලක් නෑ බන්.. සමහර විට ඔයිට වැඩිය ලියන්න හම්බෙයි උඹට..
ජයම පතමි !!!
එහෙම තමයි සෙන්නා...ලියන්න බැරි වෙන්නෙ නෑ...මගේ වටපිටාව...නවැතැන් ආදිය සපුරාගෙන..ඉසිඹුවක් ලද සැනින් ලියන්නම්.
Deleteජයම පැතුවට ස්තූතියි !
සියලු කටයුතු සාර්ථක වේවායි පතමි !!!!!!
ReplyDeleteකෙටවල ඇනිකට් එක ලග ඉදන් දාරළුවෙ පාලම ගාවට පීනන එක ඉස්සර සිම්පල් වැඩක්.මැරෙන්නෙ පිටින් ඇවිත් නාන උන්.සිරාට මතක නැතිව ඇති එක දිගටම් අවුරුදු ගානක් බණ්ඩාරනයකේ ළමයි ඔතන ගිලිල මැරුණ. ඒ හරියටම ඔය ෆොටෝවෙ තියන වක්කළමෙ නාන්න ගිහින්.
බොහොම ස්තූතියි අයියෙ...ඕගොල්ලො ඉතිං කෙටවල හොදට පිනුම් ගහපු අය නොවැ...
Deleteහ්ම්ම් එහෙනං සිරාත් විහිං පිටුවාහල් වෙච්ච අපෙ ක්ලබ් එකට.. .. ලිවිල්ල අතාරින්න එපා පුතෝ.. සියලු කටයුතු සාර්ථක වේවා.
ReplyDeleteස්තූතියි සරත් අයියෙ...
Deleteඅන්න ඒ ක්ලබ් එකේ සාමාජිකයෙක් වෙන්න තමයි සිරා හදන්නෙ...ඔන්න රැග් එක එහෙම දෙන්න එපා...
Great Story sira. Wish you all the best. You were actually sathgunawath person. I am eager to see your writings again very soon. All the best sira.
ReplyDeleteThanks a lot for your comment here, no doubt i will be writing again immediately,
Deleteසිරා...
ReplyDeleteඔය කතාවේ කතා නායකයා අද ඉන්නේ ඩුබායි වල. හැබැයි උන් ඔය කියන විදිහට කාටවත් බැනල නෑ... වෙලා තියෙන්නේ අර කාන්තාව ඉස්කොල්යට කතා කරලා කියල කියල තියෙන්නේ නිකන්ම... (මොකෝ ඔය කියන දවස් වල අපේ පාසලේ ළමයි දෙන්නෙක් නැති වුනා . එක්කෙන්ක් හුණුපිටෙයේ සිග්නල් කණුවේ වැදිලා, අනික අත්තනගලු ඔයේ ගිහින් ) ඔය හේතු නිසා පාසැල අවට තියන හැම අනතුරු දායක තැනකම අසල්වාසීන් දනුවත් කලා පාසලට ඇමතුමක් දෙන්න කියන්න කියල එහම මොනවා හරි දන්නවනුම්.. එකේ ප්‍රතිපලයක් තමයි ඔය සෙට් එක අත් වින්දේ...
දැන් ඉස්කෝලේ පූල් තිබුනට ඉස්සර අපේ පූල් එක වුනේ ඔය කෙටවල ඇනිකට් එක තමයි.. කෙටවල , යත්තල්ගොඩ , අත්තනගලු ඔය.. හොදට හුරු පුරුදු තැන්...එක දවසක් කරන දවස් වල උදේ කාල පරිචේදයට පස්සේ තිබුනේ අන්තිම කාල පරිචේදය එදා අපිට උගනපු ගුරුතුමන්ලට රැස්වීම්, අපිට කිව්වේ පුස්ථකාලයෙන් හෙලවෙන්න එපා කියල.. එත් කොහොමද අප්පා එහෙම ඉන්නේ .. අපි උදේ ගිහින් හොදට නාල ආයි අන්තිම පරිච්චේදයේ ඇවිත් ඉගන ගත්ත ... වෙලාව කියන්නේ එදා අන්තිම කාල පරිච්චේදයේ නම් ලකුණු කලා .. කවදාවත් පැනපු නැති එදාම පැනපු සෙට් එක අහු වුනා අපි බේරුනා..
ඔය ඔක්කොම කරලා අද ජීවතුන් අතර ඉන්නවා කියන එකම ලොකු දෙයක්.. (කවදවත් දුම්රියේ ගෙදර යන්න නොතිබුන මට දුම්රිය සීසන් 2ක්ම තිබුන නම් දෙකකින්. මාසේ අන්තිමට උප විදුහල්පතිම තමයි සීසන් එක ගන්න අත්සන් කලේ ). ඉස්කෝලේ කලේ කරපුව කියනවනම් පොතක් ලියන්න පුළුවන්.. ඇත්තටම උබට පිං අතීතයට ආයි එක්කගෙන යනවට..
උබ යන ගමන සර්වක්ප්රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..(ෆේස් බුකියට උබේ යන තැනක දුරකථන අංකය මැසේජ් කරපං )
මම
මයික්
පෝස්ට් එකේ කරුණු වලට ඌණ පූර්ණයක් බොගෙ කමෙන්ට් එක මයික්...ප්‍රාර්ථනාවට වගේම උඹ දුන්නු උපදෙස් වලටත් බොහොම ස්තූතියි...නොම්බරය ලැබුනු ගමන් එවන්නම්.. ජය !
Deleteසිරා ! සුහ ගමන් !! ඔබගෙ සිතුම්/පැතුම් සිතනා ආකාරයට ඉෂ්ට සිද්ධ වේවායි පතමි !!!
ReplyDeleteබොහොම ස්තුතියි අයියෙ....
Deleteවෙනද වගේම රසවත් පෝස්ටුවක්.
ReplyDeleteසිරා යන ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල පතනවා. වැඩ කටයුතු එකලාසියක් කරගෙන ආයේ ලියමුකො. ජයවේවා මචං..!
බොහොම ස්තුතියි මිත්තරයා...ආයෙත් ලගදීම හමු වෙමු !
Deleteඅද නම් පෝස්ටුව කියෙව්වෙ නෑ.
ReplyDeleteසිරා රට යනවැයි..තොරතුරුනම් දන්නෙ නැහැ.
මටත් මේ දවස් වල බ්ලොග් කියවීම නිසිපරිදි කල නොහැකි වෙලා. උඩින් බලල යනව මිසක්.ඒත් එහෙම කමෙන්ට් කරල පුරුද්දක් නැතිනිසා ගොඩක් මගහැරුන.
හේතුව මගේ ලොකු දුව රෝහල් ගතවෙලා. අසනීප නිසා ජ,පුර නවත්තලා.
උඹේ ගමනට හදවතින් සුබ පතමි..! ආ විගස තොරතුරු කියාපන්.
ඇයි දුවට මක් වෙලාද??? දුවට ඉක්මනින්ම සුව වෙන්න කියල පතනවා!
Deleteබ්ලොග් අවකාශයේ මට හමුවුන ලෙංගතුම මිත්‍රයෙක් ඔබ...ඔබේ දියණියට ඉක්මන් සුවය පතනවා...ආයෙත් දවසක හමුවෙමු...
Deleteසමනලී , සිරා....
Deleteදුවට දරුනු විදියට සෙම අමාරුවක් ආවා උනකුත් එක්ක..ඒ නිසා ජ'පුර නැවැත්තුවා.දැන් ටිකක් සුවයි අද රෝහලෙන්ගෙදර ආවා.ස්තුතියි ඕබ දෙදෙනාටම.
සිරා.. ඇත්තටම ඒ ගුරුවරු පුදුම කැපවීමක්තිබුනු දෙවිවරු නේද.නැත්නම් ඔය තරම් කැපවීමක්කල හැකිද..?
අනික අද කාලෙ ඔය වගේ ලම්යින්ට තැලුවනම් ගුරුවරය වැරදිකාරය වෙලා.
දෙමාපියන් ගුරුතුමාගෙන් අහවි "උඹට මොකද ලම්යි නෑවාම කියල"
ඇයි මචං විදේශ ගතවෙන්නෙ.රැකියාවකටද..?
අර ඇන්ටිට කොල්ලෝ ටික දෙස් තියන්න ඇති නේද.......
ReplyDeleteඅයියගේ ගමන වගේම, සියළුම බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල පතනවා!
පුළුවන් ඉක්මනින් ලියන්න ලැබෙන්න කියලත් පතනවා!
ස්තූතියි සමනළී නැගනිය...ඔබේ කටයුතුත් සාර්ථක වෙන්නට පතනවා...
Deleteඅපි එහෙම නාන්න ගියේ වරවිභාගේ කාලේදී.හිටපු ගමන් විභාගේ ඉවර වෙන්නේ වෙනදට වඩා වේලාසනින් නිසා කොහේ හරි ඇලක දොලක ගිහින් නානවා. අහුවෙලනම් නැහැ.
ReplyDeleteපරිස්සමින් ගිහින් වැඩ පටන් ගන්න.යට රටේ නොඇසූ කතා කියල අපිවත් දැනුවත් කරන්න.
අනිවාර්යෙන්ම...අලුත් තැනක ඉදන් අලුත් දෙයක් ලියන්න හැකි වේවි...
Deleteඅද කොල්ලෝ ඔය ගමන අහුවෙන විදිහට යන්නේ නැහැ. කොල්ලෝ ගිය බව ආරංචි වුනත් විදුහලෙන් හොයන්න යන්නේ නැහැ. එහෙම ගිහිල්ලා කොල්ලෝ අල්ලාගෙන එන්න හැදුවොත් කොල්ලන්ගෙන් ගුටි කන්න වෙනවා ගුරුවරුන්ට. කොල්ලන්ව වේදිකාවට ගෙනල්ලා වෙවලින්ගහුවොත් පහුවදා විදුහල්පති රිමාන්ඩ් මානව හිමිකම් කඩපු නිසා. මේ කොල්ලෝ එදා ගුටි කාල හැදුනා. අද කොල්ලෝ අනාගත බ්ලොග් එකක ලියනවා අපිව මට්ටු කරන්න ඇවිත් පිනා අනාගත්ත හැටි ලියලා ලිපියක්.
ReplyDeleteනැද්ද සිරෝ මං අහන්නේ.
අසමි දකිමි සොයමි ලියන විචාරක
මොනවා කියනවද...තව ටික කාලෙකින් ශිෂ්‍යයන්ට ගරුවරු දඩුවම් නොකරම ඉදීවි. රොබෝ ගතිගුණ තියෙන දරු කැලක් බිහි වේවි...
Deleteසුභ ගමන් සිරා..!
ReplyDeleteස්තූතියි....
Deleteකතාවෙ ජොලියත් නැතුව ගියා ඒ ප්‍රවෘතිය අහලා. මට පොඩ්ඩක් පරක්කු වුනා බං එන්න.
ReplyDeleteඋඹගේ සැලසුම් සර්වප්රකාරයෙන් සාර්ථක වේවා. සුභ ගමන්.
උඹේ පාට්නර් ඩූඩ්.
මේලකින් විස්තර කියාපං.
ස්තූතියි මගේ ව්‍යාපාර සහකාරතුමනි...ඔබේ චිත්‍රය ඇස ගැටෙන හැම වෙලාවකම මට ඔබ මතක් වෙනවා... මේලයක් එවන්නං...
Deleteමටත් මේලකින් විස්තර දීපං..!
Deleteඔය විනය කමිටුවලට ගන්නෙත් ලේසි පාසු බුවාලා නෙමේනේ..
ReplyDeleteඅපෙත් හිටියා හයේ හතරේ සර්ලා ටිකක්...
අනාගත බලාපොරොත්තු ඉටුවෙලා ජීවිතේ අති සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
ලියන එකනං ඉතිං නවත්තන්න එපා...
කොහෙ ගියත් නෙට් තියෙනවනේ...
ජයවේවා!!!!!!!!
ලියන එක නවත්තන්නෙ නෑ...හිමින් සීරුවෙ ආයෙත් පටන් ගන්නම්...ස්තූතියි තරියා...
DeleteSira hodata liyanawa.mama blog kiyawanna huru une sirage kamaren.digatama liyanna.aramunu sarthaka wenna suba pathanawa.sirata jaya.
ReplyDeleteDAMITH
ප්‍රතිචාරයට බොහොම ස්තූතියි දමිත්...මාස දෙකකට පසු පිළිතුරක් දීමට සිදු වීම ගැන සමාව අයදිමි. සිරාගෙ කාමරයට දිගටම එන්න...ජය !
Deletekhoma hita hadaganada, "Sirage kamareta" nawit ina. pulwan hama welawkama liypan.
ReplyDeleteGampha getuwadi wage apiwa ekatu karana uba Lankawata enakan api balagena inawa.
Jaya sri maha bo hamuduruwan ge pihitai.....gihin waran.
Jayawewa.
බ්ලොග් කෙරුවාව නිසා මා හදුනාගත් වටිනා මිනිසුන් පිරිසකගෙන් කෙනෙකු තමයි ඔබ. සිරා ආයෙමත් කාමරේ වැඩ පටන්ගන්න තමයි මේ සැරසෙන්නෙ...හරියටම මාස දෙකකට පස්සෙ...
DeleteParisamata gihin ikmanata ena, yana gamana sartaka vena mage wife suba patuwa.
ReplyDeleteSira mamata "Budu Saranai" mage Puta kiyana kiwa.
uba ape ekek wage danana ekata mata satutui.
Jayawewa.
ඔබේ මේ ලෙංගතුකමට බොහොමත්ම ස්තූතියි අයියෙ...ඔබේ ඒ ප්‍රාර්ථනාවන් නිසාදෝ සිරාගේ කරදර කාලය දැන් නිමා වෙලා.. ජය !
Deleteයන ගමන සරුවප්රකරෙන් සාර්ථක වේවා. සුබ ගමන් සිරා. ඉක්මනට අයෙත් පොස්ට් එකක දන්න.
ReplyDeleteස්තූතියි....මාස දෙකකට පස්සෙ තමයි ඔන්න ආයෙත් ලියන්න ලෑස්ති වෙන්නෙ..
Deleteකොහේ ගියත් හොදින් වැඩකටයුතු කරගන්න වාසනාව ලැබේවා.. ඉක්මනින් කාමරේට ගොඩවෙන්න අවස්තාව ලැබේවා, ~!!!!,
ReplyDeleteනිතර යාවත්කාලින වන බ්ලොග් (කියවන්න දෙයක් තියෙන) අඩුවෙමින් යන අතරේ උබේ කාමරේ ටිකකලකට හරි වැහෙන එක පාඩුවක්.
හෙට අනිද්දා ඉදන් ආයෙත් සිරාගේ කාමරේ විවෘතයි.. අපේ මේ ලෙංගතුකම ඉදිරියටත් පවතීවා..
Deletesuba anagatayak sira aiyye jaya wewa idiri gamana... bc 2004 yaluwek
ReplyDeleteස්තූතියි මලයො...අද තමා දැක්කෙ...
Deleteඅඩේ ඒ කාලේ තාප්පෙන් පැනලා නාන්න යන හැටි මතක් උනා :) :)
ReplyDeleteසුබ පැතුම් ඈ හැම දේකටම.....
ස්තූතියි තරුවා...පෝස්ටුවකින් ඉක්මනටම හමුවෙමු !
Deleteනන්දසේන සර්. හයියෝ මට මැවිල පේනව බුලත් විටක් කකා කොල්ලන්ව අල්ලන්න එන හැටි. අපි ඉස්කෝලෙ යද්දිත් විනය කමිටුවෙ හිටිය. අයියට මතක ඇති විනය කමිටුව කක්කුට්ටා පතියා සහ කැන්ද නරියා. අඩේ බං අයියෙ ඩයස් සර් ගැනත් මොනා හරි ලියපංකො !!
ReplyDeleteඩයස් සර් ගැනත් ලියන්න දේවල් තියෙනවා බන්...ලියලා ගුටිකන්න වෙයිද කියලත් හිතෙනවා..මොකද පාසලේ හිටිය ගුරුවරුන්ගෙන් අදටත් මහමගදි දැක්කොත් කථා කරන චරිතයක් තමයි ඩයස් සර්...ඉදිරියේදී යමක් ලියන්නම්...
Deleteසිරා උඹ යනවද? ඇත්තටම හිතට සෑහෙන කණගාටුවක් දැණුනා. කොහේ ගියත් දිගටම ලියපන්. අපි මුණග්හැගෙයි මචං. උබට යන එන හැමතැනකම ජයම වේවා.
ReplyDeleteප්‍රාර්ථනාවට ස්තූතියි රතු......මාස දෙකකට පස්සෙ ආයෙමත් ලියන්න තමයි මේ සැරසෙන්නෙ...
Deleteජීවිතේ දිගු ගමනකට පියවර තබන ඔබට මගෙත් සුබ පැතුම්..
ReplyDeleteආයේ ඒ සුන්දර පාසල් ජීවිතේ එන්නෙ නෑ..හීනයක් වගේ..
ඒ හීනයක් වගේ සුන්දර අතීතයෙන් මතක් වෙන දේවල් වරින් වර ලියන්නම්...ස්තූතියි..
Deleteඅයියේ හීන් සැරේ බලන්නම් උදේ ඕපන් කලේ තවම කියෙව්වේ නැහැ.
ReplyDeleteතාම කියෙව්වෙ නැද්ද බන්...
Deleteඅපි ඕලෙවල් කරන කාලෙ අපේ පාසල තිබ්බ නගරයේ තිබ්බ පිරිවෙනක සම්මන්ත්රණ වගයක් සංවිධානය කරලා තිබුන අපේ ස්කොලෙන් ඒවාට යන්න තහනම් නියෝගයක කලින්ම දීල තිබ්බ අපේ කස්ටිය එක වැඩිය ගණන් ගත්තේ නෑ ,කොහොම හරි ඒ සම්මන්ත්රණ පටන් ගත්තු දවසෙම අපේ කස්ටියගෙන් 80% ක් විතරම ගිහින් [මාත් එක්ක ] කොහොම හරි එක නිසා අපිට දවස් 3ක් විතර ස්කොලේ තහනම් කලා ,
ReplyDeleteඒ ලෙවෙල් කොරන කාලේ නම් වැඩිපුරම කලේ කට්ටි පනින කෙරුවාව තමයි
සිරා අයියට සුභ ගමන් , වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරමි ., යන රට ගැන විස්තරාත් පස්සේ කියන්න කෝ [ගියායින් පස්සේ ]
ප්රාර්ථනාවන්ට ස්තුතියි මලේ...රට ගැන විස්තර අනිවාර්යෙන්ම කියනවා...
Deleteඅනේ මල්ලි මේ , රටගියා කියලා බොග දාන්ඩ බැරිවෙනවද, ඔය රට ඉන්න එකාලා ඕනතරම් බොග දාන්නේ, සතියකට දවසක්වත් මොනවාහරි කෙටුවේ නැතං බලපං උඹට කොරන හරිය,
ReplyDeleteබෙල්ලේ ගලක් එල්ලගන කෙටවලේ පතුල බලන්ඩ ආසද
භයේ බෑ අප්පා...මම හිතාගෙන හිටියට වඩා අටමා සෑහෙන්න දරුනුයි. බොග දාන්න බැරි වෙච්ච හේතුව ඉදිරියේදී කියන්නම්...මරණ තර්ජනේට භය හින්දම තමා මාස දෙකකට පස්සෙ බොග ලියන්න මේ සූජානම් වෙන්නෙ..
Deleteසීරා අයියේ එන්න ටිකක් පරක්කු උනා.ඔබ පතන ලොව ඔබට ළඟා කර ගැනිමට අවශ්‍ය ශක්තිය ඔබ සතු ඇත.ස්වභවාධර්මය තවමත් ජිවමානයි.එහි කිරණ ඔබේ ශක්තියට අශිර්වාද කරයි.ඒ මන්ද කියනවා නම් ඔබ කරා වු යහපතට ඔබට ලැබේන පඬුරකි.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
නගා පරක්කු ටිකයි...මම උත්තර දෙන්නෙ සෑහෙන්න පරක්කු වෙලා...ඔබ කියන සොභාදහම පිළිබද න්‍යාය මමද අදහමි. එය සත්‍යයකි.
Deleteම් සිතේ ඇති සියළු ප්‍රාර්ථනා සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සිරා..හැකි හැමවිටම ආපහු බ්ලොග් ලෝකෙට බලන්න ඒවි කියල හිතනවා..
ReplyDeleteස්තූතියි...බ්ලොග් ලෝකෙට ආයෙමත් ආවා...
Deleteආයෙමත් ඉක්මණට ඇවිත් බ්ලොග් එක ලියන්න.... අයියගේ සියලු කටයුතු සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා මමත්
ReplyDeleteමාස දෙකකට පස්සෙ ඉක්මනට ආවා....දැන් ඉතිං එක හුස්මට ලියන්න තියෙන්නෙ...එච්චරට දේවල් තියෙනවා ලියන්න...
Deleteආයෙමත් මේ පැත්තට ඉක්මණින් ඒවි කියලා බලාපොරොත්තු වෙනවා..අයියගේ සියළු පැතුම් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මමත්..
ReplyDeleteස්තූතියි...ආයෙමත් බොග ලියන්න තමයි ලෑස්ති වෙන්නෙ...
Deleteබොහොම ආසාවෙන් කියවපු බ්ලොග් එකක්, ඒ නිසා ඉක්මනටම ආපහු ලියනකම් බලාගෙන ඉන්නවා...
ReplyDeleteඅය්යා ගේ අනාගතය සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!!!
ස්තූතියි...ඉදිරියටත් ආශාවෙන් කියවාවි කියා සිතනවා...
Deleteසිරා මල්ලි කාලෙකින් ආවෙ. සතියක් පමණ එන්න බැරි වුණා. ඉතින් මමත් ඔබේ ඉදිරි ගමනට සෙනෙහසින්ම සුබ පතනවා. කොහේ ගියත් අපේ කම රැකගෙන වාසනාව සතුට සම්පත් පුරවා ගෙන මව් බිමට ඒවි කියල හිතනවා. ඔයාලා වගේ අය අපේ රටට අවශ්‍යයයි. මේ රටේ ඉන්න ඇත්තොන්ට අගේ තේරෙන්නෙ නෑ. පොඩි කලෙකට ඇසුරුකලත් ඔබවැනි සොයුරෙක් හඳුනාගන්න ලැබීමත් සතුටක්. ජයම වේවා! කියා තෙරුවන් සරණින් පතනවා.
ReplyDeleteබොහොම ස්තුතියි අක්කේ...ඔබ හැමෝගේම ප්‍රාර්ථනාවන් නිසාවෙන් මා ඉතා හොදින් ඉන්නවා. බ්ලොග් ලොව තුල සොයුරියක සේ ඔබත් මා හට සමීප බැව් කියන්න කැමතියි.ආයෙමත් බොග ලියන්නයි මේ වෑයම...
Deleteඉස්කෝලෙන් කට්ටි පැනලා චාටර් වෙච්ච සීන් ටිකක් මාත් දැම්මා. ඒ කාලෙ මතක් වෙනකොට පිස්සු වගේ. වේවැලක් දකින්නැතුව දැන් කාලේ හැදෙන එව්වො කොතනින් නවතියිද කියන එක තමයි ප්‍රශ්නේ...
ReplyDeleteසිරා, බ්ලොග් කියන්නේ අබිං වගේ දෙයක්. මාත් දන් ඇබ්බැහි වෙලා ඉන්නේ. ටික දවසක් කොහොම හරි එන්නැතුව ඉන්න හැදුවත් නොදුටු යාළුවො මතක් වෙනකොට අර හිතපුවා ඔක්කොම දවස් දෙකයි.ඊට පස්සේ ඒ දවස්වල කියවන්න බැරි උනා ඒවත් එක්ක ඇරියස් අල්ලනවා. ගෙදර නෙට් එකට ගෙවන ගමන් ෆෝන් ඒකටත් ගෙවනවා අමාරුව වැඩි හින්දා.
-------------
ඔයා ටික දවසක් එන්නැති එක ගැන දුකයි. ඒත් ඔයා ගැන හිතනකොට සන්තෝෂයි. යන තැන ස්ථාවර වෙනකන් බ්ලොග් ගැන හිතන්නවත් එපා. ඔයාට ජයෙන් ජය!!
බ්ලොග් වලට ඇබ්බැහි වීමටත් වඩා ඒ තුලින් හදුනාගත් සත්පුරුෂයන් ආශ්‍රයට තමයි මම ඇබ්බැහි වෙලා තියෙන්නෙ...කියවන ඔබ සැම වෙනුවෙන් තව දුරටත් ලියමි.
Deleteනියම කතාව සිරා...
ReplyDeleteඋඹේ ඉදිරි අනාගතය සාර්ථක වේවා කියල මුළු හදින්ම පතනවා මචං.
ස්තුතියි මචෝ....
Deleteමට මේ පෝස්ට් එක මඟෑරිල බං, මම ඒත් පහුගිය දවස්වල කම්පනා කළා සිරා කොළුව හුඟ දවසකින් දැක්කෙ නෑ කියල. ඇවිත් බැලින්නම් උඹ මේ විවේකයක් අරන් ඇවිදින්න ගිහින්නේ. එහෙනම් සුබ ගමන් යාළුවා.
ReplyDeleteඒකනේ උඹ පෙන්න හිටියෙ නෑනෙ යද්දි යනවා කියන්න...අවුලක් නෑ...සිරා ආයෙමත් වැඩ පටන් ගන්නයි යන්නෙ...කාමරේ පැත්තෙ එන්න..
Deleteසිරා කොහොමද මේ දවස්වල තොරතුරු..... මේ පැත්ත පාලු වෙලා. ඉඳලා හිටලවත් මකුළු දැල් කඩලා යන්න එන්න.
ReplyDeleteජයවේවා!!
ඉදලා හිටලා නෙමෙයි දිගටම ලියන්නයි මාස දෙකකට පස්සෙ සිරා සූදානම් වෙන්නෙ..ඔබටත් ජය අකම්...
Deleteකෝ මේ සිරා කොලුවා ...?
ReplyDeleteඉන්න තැනකින් හූවක් දියන් බලන්ට ...
හූහූහූහූහූහූ..............
Deleteමම මේ මේකා නැත්තේ ඇයි කියල බලන්න ආව ගමන්..
ReplyDeleteපස්සෙනේ දැක්කේ සිද්දිය...ජීවිත ගමන සාර්ථක කරගන්න
සිරෝ..එදාට හැම දේම ලැබේවි....
සුබ ගමනකට සුබ පතනවා...
ජයෙන් ජය. .
ස්තූතියි නිෂ්ශබ්ද සහන්....නැවතත් අපි මුණ ගැහුනා ඔන්න....
Deleteඅලුත් අවුරුද්දේ සිරාගේ කාමරේටද ගොඩ වැදුනෙමි.. ජයවේවා..!
ReplyDeleteඅලුත් අවුරුද්ද පසුවී සිරාද කාමරයට ගොඩ වැදුනා...ඔබටත් ජය !
Deleteසිරාටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
ReplyDeleteඔබටත් පවුලේ සැමටත් අලුත් අවුරුද්ද සුභම වේවා !
Deleteයන ගමනක් සාර්ථකව ඉටුවේවා කියල පතනවා. සිරා ඒ කියන්නේ මේ වෙද්දී ඉන්නේ මව්බිමෙන් පිටත නේද? එහෙනම් හොඳින් එතෙර කටයුතු ඉටුකරගන්නා අතර අපේ සංගමය වෙනුවෙන් නැවතත් මමත් පිලිගන්නවා.. නැවත ලියන කලක එන්නම් මේ පැත්තේ.
ReplyDeleteලංකාවෙන් එතෙර සංගමයට මා පිළිගත්තාට ස්තූතියි....මාස දෙකකට පසු සිරා නැවතත් වැඩ අල්ලන්න තමයි මේ සැරසෙන්නෙ...
Deleteකෝ තාම පිටරටද ???
ReplyDeleteඔව් ඔව් එහෙමලු...
Deleteසිරා මොකෝ බන් සද්දයක් ඇත්තෙම නැත්තෙ ??
ReplyDeleteලගදිම සද්දෙ දාන්නයි මේ සූදානම...
Deleteයකෝ රට යන එක ඇඩ් එකක් කරගන්න එපා
ReplyDelete