Sunday, May 26, 2013

74 රුපියල් 40 කට තුවක්කුවක්

එක ලග ලියැවුනු සිරාගේ රට කථා කීපයකින්  පසු ඒ සදහා කෙටි විරාමයක් තබන්නට කල්පනා කළෙමි. එක දිගටම ඒ සම්බන්ධයෙන් කියවීම ඔබට නීරස විය හැකි යයි සිතුනු නිසා සිරාගේ සීයා පෙරදිනයක කියවූ පත්තර ඇසුරින් ඔබ වෙත ගෙන ආ එදා පත්තර කී කථා  විශේෂාංගයට අද නැවතත් යොමු වෙමු. මේ වන විට මේ ලේබලයෙන් ලියවුනු සටහන් කීපයකි. ඒවා කියවීමට අතපසු වූ අය සිටී නම් ඉහත දැක්වූ ලින්කුව ඒ සදහා මග කියාවි.

අද මා ඔබ වෙත ඉදිරිපත් කරන්නේ 1959 වසර වන විට ශ්‍රී ලාංකීය වෙළද පොල ජයගෙන සිටි පාරිභෝගික නිෂ්පාදන පෙළකි. ඒවායේ රුව ගුණ තේජස පෙන්වන්නට රූපවාහිනී කලාවක් එකල නොවූයෙන් ඒ වගකීම ප්‍රධාන පෙලේ ජාතික පුවත් පත් වෙත පැවරී තිබිනි. අතීතයේ පලවු පුවත්පත් දැන්වීම් හා වර්තමාන දැන්වීම් අතර ප්‍රධාන වෙනස ලෙස මා දකින්නේ සිංහල භාෂාව භාවිතා ඇති ආකාරය බැව් මා මීට පෙරද පවසා තිබේ. ඇතැම් විටක හාස්‍ය ස්වරූපයක් ගන්නා මේ භාෂා භාවිතයට හේතුව සිංහල පිළිබද දැනුම අඩු ඉංග්‍රීසියෙන් උගත් අයවලුන් පත්තර කන්තෝරු වල වගකිවයුතු පුටු වල සිටීම බැව් වරෙක මට දැනගැනීමට ලැබිනි. අද රට පුරා දැන්වීම් ප්‍රචාරන ආයතන තිබුනත්...එදා මේ දැන්වීම් නිර්මාණය කර ඇත්තේ පුවත් පත් ආයතන මගින් පමණයි.

වර්තමානයේ වෙළදපලේ දක්නට නැති නිෂ්පාදනයක් පිළිබද දැන්වීමක් මුලින්ම,


අලුත් ඇස් ආර් වල සිසිල් රසටත්, පෙණ නගින ගතියටත් ඔබ ආශා වෙයි. මුඛයට අළුත් මිහිරියාවක්, ආශ්වාසයට අමුතු ක්‍රියාකාරිත්වයක් ඇතිවන බව ඔබට දැනෙයි. මතක තබා ගන්න, විදුරු මස් වල ලෙඩ රෝගයන්ට හා ඉන් ආරක්ෂා වීමට දන්ත වෛද්‍යවරු පාවිච්චි කරන සෝඩියම් රිසිනෙලි‍යෙට් අඩංගු ඇස් ආර් වල පමණය. එය සැමදා ඔබේ විදුරු මස් ඝණව හා නීරෝගීවද, දත් ශක්තිමත්ව හා සුරක්ෂිතවද තබයි. අළුත් ගිබ්ස් ඇස් ආර් අදම පාවිච්චි කර බලන්න.

සිරා කුඩාකල බඩ රිදෙනවා අද ඉස්කෝලෙ යන්න බෑ කී කල මගේ මිත්තනියගේ පිළිතුර වූයේ ඊළගට දක්වා ඇති නිෂ්පාදනය පානය කිරීමට සලස්වා මා නිවසේ රැදවීම යහපත් බවයි. නිතර නිතර හොර අසනීප ගනිමින් පාසල් නොයන්නට වෙර දැරූ එකෙකු නොවූ මා එවැන්නක් පවසන්නේ සැබෑවටම එසේ වූ විටක පමණි. අදද වෙළදපලේ ඇති මේ නිෂ්පාදනය පිළිබද වර්තමාන පරපුරට වඩා ඉහ නිකට පැහුණු ඇත්තෝ හොදින් දනිති.



මොරවක මෙඩිටෝ බෝතලයටත් ඉමිටේෂන් වර්ග හදපු ඇත්තො ඒ කාලෙත් ඉදලා තියෙනවනෙ හැබෑටම...

ඊළගට අපි යොමුවෙන්නෙ වර්තමානයේදිත් වෙළදපොලේ ඉතාමත් ඉහළ කීර්තිනාමයක් දිනා සිටින සුප්‍රසිද්ධ ලිවර් බ්‍රදර්ස් සමාගමේ නිෂ්පාදනයක් වෙත. රෙදි හෝදන කාරණය ගැන කථා කරනවානම් මේ නිෂ්පාදනේ නමත් අනිවාර්යෙන්ම කියවෙනවා.


ඔබේ පවුල ගැන ආඩම්බර වන්න, ඔවුනට දිනපතාම අළුතෙන් සේදූ පිරිසිදු ඇදුම් අන්දවන්න. සන්ලයිට් වලින් දිනපතා සේදීමෙන් පුදුමාකාර ලාභයක් ඔබට ලැබේ. මක්නිසාද ? සන්ලයිට් ස්වල්පයකින් ඇදුම් රාශියක් සෝදාගත හැක. කමිස, කලිසන්, සාරි, තුවා පමණක් නොව ඇද ඇතිරිලි පවා සන්ලයිට් වලින් සේදීම පහසුය. 

සන්ලයිට් වල ඇති විශේෂ පෙණ පිඩු ගලේ ගැසීමක් නැතුවම ඇදුම් වල දිප්තිමත් සුදු පැහැයන් ගෙනදේ. මතක තබා ගන්න. දිනපතාම ඇදුම් සෝදන විට ඔබට සේදීමට ඇත්තේ ස්වල්පයකි. ගෙදරදී සන්ලයිට් වලින් සේදිමෙන් ඇදුම් දිරා යාම වළකී. වැඩිකල් පවතී. 

පිරිමින්ටම සුවිශේෂී වූ උපකරණයක් පිළිබද මීළගට සලකා බලමු. වර්තමානයේ වුවද මෙහි ප්‍රසිද්ධියේ වෙනසක් නැත. රැවුල කපන අය අදද මෙහි විශිෂ්ඨත්වය දනී.


වර්තමානයේ නම් ඉතාමත් කලාතුරකින් පාවිච්චි කරන මුත් මා කුඩා කල නිතර පානය කරන්න ලැබුනු පානයකි මේ. එහි ඇති සුවිශේෂී සුවද සමහරුන්ට දිරවන්නේ නැත. පානයක් ලෙස මෙන්ම පාන් මත තැවරුමක් ලෙසද භාවිතා කල හැකි මාමයිට් අදද වෙළදපොලේ තිබේ. නමුත් මේ කියන ආකාරයෙන් ආහාර පිසීම සදහා එය උපකාරී කරගන්නා අන්දමක් ගැන මම මෙය දකින තුරු දැන සිටියේ නැත.


මාමයිට් ගැන දැනගැනීමට පෙර ඈ කෙසේ කෑම පිළියෙල කළේද යන්න ඈට පුදුමයකි. මුලු පවුලේම අය එයට කැමතියි. එය ඔවුනට බොහෝ ප්‍රයෝජනවත් වී ඇත. ඔවුන් වැඩි හොදට කෑම ගනිති. දැන් ඈ සුප් සහ සේවරි ආදියට මාමයිට් යොදන නිසා වඩාත් පැසසුම් ලබයි. මාමයිට් පිරිසිදු යීස්ට් සහ එළවළු සාර රසයකි. එය විටමින් බී බහුල වශයෙන් ලබාගැනීමට මාර්ගයකි. එහි මස් හෝ සත්ව තෙල් නොමැතියි. සියල්ලෝම මාමයිට් වලට ප්‍රිය කරති. එය ඉතා පිරිමැස්මදායකයි. අදම ටිකක් පාවිච්චි කර බලන්න. 

රස විදීමට (බටර් සහිත හෝ නොමැති) පාන් හෝ විස්කෝතුවල යොදා පාවිච්චි කරන්න. ඔබ එහි ඇති ආහාර රුචිය වඩවන ප්‍රනීත රසයට ප්‍රියවඩනු නිසැකය.

ප්‍රණීත රසැති මාමයිට් වලින් සාදන විට මුලු පවුලේම අය සුප් ආශාවෙන් පානය කරනු ඇත. ඔවුන් තව තවත් ඉල්ලනු නිසැක නිසා එය වැඩියෙන් සාදන්න.

ඒ බවර් සහ සමාගම පොහොර නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකි. එහෙත් ඔවුන් බිස්කට් වෙළදාමේද නිරත වී සිට ඇති බැව් දැනගත්තේ මේ දැන්වීමෙනි. මේ නාමයෙන් තවමත් වෙළදපොලේ නිෂ්පාදනයක් තිබේදැයි නොදනිමි.



අප කුඩා කල නොයෙක් වර භුක්ති විදීමට ලැබුනු නිෂ්පාදනයකි මේ. මෝර ගුලි ලෙසද වඩාත් ප්‍රසිද්ධ වූ තවත් ආකාරයක් වෙයි.

























මීළගට ඇති නිෂ්පාදනය දුටු විට මේවා පාවිච්චි කරන ඇත්තන් අදත් මේ මිළටම ඒවා දෙනවා නම් කෙතරම් සතුටු වනු ඇද්ද.... එසේ වී නම් කිසිවෙකු එක, දෙක බැගින් මිළදී නොගන්නවා ඇත. පැකට් පමණක් ගන්නවා නියතය. එකල සිගරට් ශරීරයට සැනසුම දුන්  නිසාදෝ සිගරට් බොන ඇත්තන්ට පිළිකා අවධානමක් තිබී නැති බවක් පෙනේ. ඒ හෙයින්ම රජයේ අවවාදය යනුවෙන් පෙට්ටිය මත සටහන්ව නැත.

සිගරට් බොන ඇත්තන්ගෙන් මම මේ අහන්නෙ.....තාමත් සිගරට් මුදලේ නියම වටිනාකම දෙනවාද ?


පාරිභෝගික ද්‍රව්‍ය අස්සෙ වෙනස් දැන්වීමක් ඉදිරිපත් කරන්නයි මේ වෑයම. මේ  දැන්වීම දැක්ක ගමන් මට මතක් වුනේ අපේ විචාරක තුමාව, තුවක්කු ගැන දැනුම අපට ලබාදෙන්නෙ ඉතිං එතුමා නොවැ...එදා පත්තර වල දැන්වීම් දාලා තුවක්කු විකුණන්න ඇත්තෙ සතුන්ගෙන් වගා හානි බේරා ගැනීමට අවශ්‍ය ගොවි මහතුන්ගෙ ප්‍රයෝජනයට කියලයි මට හිතෙන්නෙ. මොකද කියන්නෙ සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව රුපියල් 40 ට තුවක්කුවක් ගමුද ?


1959 වගේ අවදියක ජනතාවට විනෝදාස්වාදය උදෙසා තිබූ අවස්ථා සීමිත නිසා  චිත්‍රපට කර්මාන්තය ඉතාමත් හොදින් ලාභ ලබමින් පැවතුනා. එකල නිපදවුනු චිත්‍රපට අද වගේ ප්‍රේක්ෂකයගෙ සාක්කුවට විදින ඒවා නොවුන නිසාත්....සමාජයට යම් වැදගත් පණිවිඩයක්  ලබා දෙන නිසාත්, වැඩිහිටියන්ට පමණයි ලේබලයෙන් මිදිලා තිබුන නිසාත් ඒවා නරඹන්න පවුල් පිටින් තමයි ප්‍රේක්ෂකයො චිත්‍රපට ශාලා වලට ගොස් තිබෙන්නෙ. අන්න එහෙම සාඩම්බර අතීතයක චිත්‍රපට දැන්වීමක් බලන්න ලැබුනොත් නරකම නෑ නේද... මෙහි සදහන් සිරිමලී චිත්‍රපටය ඒ අවදියේ ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ එකක්. මා කීප වතාවක් මේ චිත්‍රපටය පසුකාලීනව රූපවාහිනියෙන් නැරඹුවා.

පටන්ගැන්මේ සිට අවසානය දක්වා ඔබව කුල්මත් කරන මෙවැනි සිංහල චිත්‍රපටයක් පෙර නොවූ විරූය. 


ඔන්න ඒ අස්සෙ හාල් මිළත් නැගලා... හාල් , පාන්, මේ වගේ පාරිභෝගික ද්‍රව්‍ය වල මිළ ඉහළ යාම් කෙතරම් ශ්‍රී ලාංකීය ජනජීවිතයට බලපෑම් කලාද කියතොත්...පැවති රජයන් පවා බිද වැටුනා...සමහරු හදෙන් හාල් ගේන්න සැලසුම් හැදුවා.... ඔන්න එහෙනම් 1959 සැප්තැම්බර් මාසයේ බඩු මිළ.



එහෙනම් අදට අහවරයි. ආයෙත් දවසක පරණ පත්තර එක්ක හමු වෙමු.


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා..






74 comments:

  1. ගිලට් බ්ලූ II+ මගෙත් අංක එක. හාල් රුපියලකින් ගණන් ගියා කිව්වම මට හෑ: ගෑවුනා. මොකද මෑත අතීතයේත් (අවු 4කට පහකට පෙරත්) හාල් කිලෝ එකක් රු.22යි 23යිනෙ. පස්සේ දැක්කේ හාල් මිටියක් කියලා.
    සැනසුමත් ප්‍රබෝධයත් ගැනනම් කියලා වැඩක් නෑ.

    ඒකාලේ එව්වා දැක්කම වෙලාවකට හිනා යනවා. වෙලාවකට ඇඬේනවා.

    ReplyDelete
    Replies
    1. ගිලට් බ්ලූ II තමයි මගෙත් තේරීම...ඉදිරියේ මිළ වැඩිවෙයි කියලා හිතෙන විදියට දැන්ම ටිකක් ගබඩා කරගන්න පුලුවන් නම්.....

      Delete
  2. ඒ දවස්වල ප්‍රසිද්ධියෙම් තුවක්කු විකුණලා නේද ? මේවයින් පේන්නෙ අද අපි අත්දකිමින් ඉන්න වාණිජකරණයේ මුල් ගල් වල හෙවනැලි තමා.. අද මුලු සමාජයම ගිලගෙන ඉන්න වාණිජකරණය වැටි වැටි නැSගිටිමින් ඇවිදින්න පුරුදු වෙන හැටි..

    ReplyDelete
    Replies
    1. ඒ දවස් වල එවැනි යමක් මිළදී ගන්න හැකියාව තිබුනෙ බොහොම සීමිත...සමාජයේ උසස් යැයි සම්මත අයට පමණයි නොවැ...

      Delete
  3. අද කාලෙ පත්තර ටිකක් අරන් තියාගනින් උබේ පොඩිඋන්ගෙ පොඩිඋන්ට බ්ලොග් ලියන්න ... හෙක් හෙක් හෙක්

    ReplyDelete
    Replies
    1. ජෝනා, මොකක්ද බර අර උඹේ බ්ලොග් එකට කරලා තියෙන්නෙ. ඒකෙ කමෙන්ට් කරන්න බෑනෙ මොකක්ද G+ උලව්වකින් ලොගින් වෙන්න කියනවනෙ..

      බැරිද යථාතත්වෙට ගන්න ?

      Delete
    2. පොඩි උන් බ්ලොග් ලියයිද ? සුනාමිය පිළිබද සියලුම පත්තර මම දැනටම අරන් තියලා තියෙන්නෙ...

      Delete
  4. සිරා නැව් නැග්ගේ පත්තර මිටියත් කර ගහන්ද ...? මොනවා උනත් වටිනවා සිරෝ... ( parana paththara kiyala singlish walin danna..ගූගල් එන්ජිමට ලේසියෙන් අහු වෙනවා ඔතොකොට ) ගොඩක් ස්තූතියි මේ දේවල් දැමීම ගැන සිරා ...

    ReplyDelete
    Replies
    1. පත්තර ටික ස්කෑන් කරලා පරිගණකයට දාගෙන තමයි රට පැන්නෙ...ඔබ කියන වෙනස්කම කරන්නම්...ස්තූතියි සහන්..

      Delete
  5. මං බලං හිටියේ සිංගප්පූර් කතාවේ ඉතුරු කොටස එනකං!

    හාල් මිල පත්තර කැල්ලේ තියෙන පෙරකදෝරු දැනවීමේ ඒටී බස්නායක කියන්නේ ගම්පහ හිටපු මන්ත්‍රී (ශ්‍රීලනිප 1970-1977)

    ReplyDelete
    Replies
    1. එකි වකවානුවේ ගණේමුල්ලේ දිවි ගෙවූ දීප්තිමත් පාසල් සිසුවකුට මේ නම අමතක වෙන්න නොහැකියිනේ..

      Delete
    2. moo galahitiyaawa kaapu ekek neda? nikan pora tok denna enne. ane bola suriyarachchio

      Delete
    3. @ AnonymousMay 26, 2013 at 11:14 AM

      ආ මේ පොඩි මාමා නේද?

      කොහොමද දැන් වාත අමාරුව, සනීපෙයි?


      Delete
    4. ලොකු පුතාගේ කක්කාපැත්තේ අමාරුව දැන් කොහොමද

      මගේ අමාරුව පොඩි නැන්දගේ තෙල් සාත්තුව හන්දා හොද උනා

      පොඩි මාමා

      Delete
    5. පොඩිපුතාගේ දෙවෙනි නෝනාගේ කක්කා පැත්තේ අමාරුව මම ගැට නැති පොල්ලෙන් හොඳකර දුන්නා මතකද?

      ගලහිටියාවේ මහප්පා

      Delete
    6. ඇනෝ මල්ලිල මගෙන් පාඩම් උගත් අයද?

      Delete
    7. @ කකා

      ඒ විස්තර ඊළග පෝස්ටුවේ සිට නැවතත් ලියැවෙනවා..ඔබ ගණේමුල්ලට කිට්ටුව ජිවත් වුනු කෙනෙක්ද...ගණේමුල්ල මටත් වැඩි දුරක් නෙමෙයි...බස්නායක මන්ත්‍රී ගැන නම් දැන උන්නෙ නෑ...තොරතුරට ස්තූතියි...

      @ ඇනෝ

      චීයා අනේ ඔයාලා කියන කථා...හලිම නාකයි...

      Delete
  6. අවම පහසුකම් යටතේ වුව එදාත් දැන්වීම් කරුවා ඉහළම තලයක සිටි බව හොදින් පේනවා සිරා මේ සටහන්වලින්

    ReplyDelete
    Replies
    1. මේ දැන්වීමකට පින්තූරයක් දාන්න ඒ අය විදලා තියෙන දුක් දැක්කම අද කොච්චර තාක්ෂණය දියුණු වෙලා තියෙනවද කියලා හිතෙනවා.

      Delete
  7. >>ඔබේ ශරීරයට සැනසුමද,
    සිසිල් ප්‍රබෝධමත් භාවයද
    ලබා ගැනීමට නම් <<
    මට මේ ටික දැක්කම මැරෙන්න හිනා.අපිත් මෝඩ කමට බෙහෙත් නැති කාලෙ කැහි කොට උරෝපු එව්වො නමුත් ඔය කියන කිසි මගුලක් දැනුනෙ නැහැ.මැටහෝන් [මෙන්තෝල් රසය දැනෙන]සිගරැට්ටුව,රාජා බීඩි වැඩිපුර ඇද්ද දවස් වලට නම් ඕසෙට කැස්ස නම් තිබුන.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ දැන් කෙන්ජි අයියා දැන් දුම් පානයෙන් තොරයි....සතුටුයි ඒ ගැන...

      Delete
  8. බොහොම ස්තුතියි සිරා ආපහු පරණ පත්තර කතා වලට බැසීම ගැන. මේ දැන්වීම් දැකලා මමත් මනසින් ඒ අතීතයට ගියා. මේ දැන්වීම් මම බොහොම කුඩා දරුවකු කාලේ ඒවා. නමුත් මේ සියල්ලම වගේ අත්විඳ තිබීම නිසා බොහෝ දේවල් මතක තියනවා. SR දත්බෙහෙත් වලින් දත් මද්දා හොඳට මතකයි. ඒ වගේම ඒ කාලේ තිබුනා එංගලන්තයේ නිෂ්පාදිත Pepsodent, Colgate, වැනි තවත් වර්ග. (මම අයිති හමුදාවේ සිංහ රෙජිමේන්තුවට නොවැ. මට මතකයි 1980 දශකයේදීත් හමුදාවේ සමහරි Sinha Regiment = SR කියලා විහිලු කරනවා.

    ඇත්තටම ඒ කාලේ ලොකු විශ්වාසයක් තිබුනා 'මොරවක මෙඩිටෝ Medical Tonic = Medito' කියන්නේ දිවය ඖෂධයක් කියලා. ඈත ගම්වල අය පවා පුරුදුවුනා ඒ දැන්වීමේ තියන අසනීප වලදී ඒවා බොන්න. සෝඩා වගේ බුබුළු දැම්මා. කොකා කොලා පාටට ආසන්නයි. තිත්ත, කහට, පැණිරස ඔක්කොම තිබුනා. හැබැයි දැන්වගේ නීති නොතිබුන නිසා අඩංගු ද්‍රව්‍ය ලේබලයේ ගහලා තිබුනේ නැහැ.

    ඇත්තටම සන්ලයිට් වලට විශේෂ තැනක් තිබුනා. දැන් තියන 'රින්සෝ' වගේ ඒ කාලේ රෙදි සෝදන කුඩු වර්ගයක් තිබුනා OMO ඕමෝ කියලා. හරිම හොඳයි.

    ඒ කාලේ සාමාන්‍ය ජනතාව රැවුල කැපුවේ 7 O'clock සෙවන් ඕ ක්ලොක් නමැති රේසර් තල වලින්. සල්ලිකාරයෝ සහ ජෙත්තුකාරයෝ (ඩූඩ් ලා :D) තමයි, ඔය එංගලන්තයෙන් ගෙන්වූ, කළුපාටට හුරු තද නිල්පාට ගිලට් තල වලින් රැවුල කැපුවේ. එක තලයකින් මාස කීපයක් රැවුල කපන්න පුළුවන්. අම්මෝ කවුද තල 5 කට රුපියලක් දෙන්නේ. සෙවන් ඕ ක්ලොක් එකක් සත 10 යි.

    අර ඉංග්‍රීසියෙන් හිතලා සිංහලෙන් ලියන නිසා තමයි මාමයිට් දැන්වීමේ කෑම පිසියි යන වචනය පිසයි කියලා ලියලා තියෙන්නේ.

    සිරෝ, ඕවල්ටින් බිස්කට් නම් හරිම රසයි. තවමත් ඒ රස මතකයි. ඒ කාලේ දැන්වගේ පරිසරය වනසන පොලිතීන් කවර වල නෙවේ බිස්කට් ආවේ. ටින් භාජන වල තමා ආවේ. සමහර බිස්කට් ටින්, සැමන් ටින්, විවෘත කරන්න යතුරක් පවා ඒ භාජනයේ තියනවා.

    හප්පොච්චියෙ සෙවන්සීස් මෝරතෙල් ඒ කාලේ අපේ බෙල්ලෙන් අල්ලාගෙන තමා අම්මලා අපිට පොවන්නේ. හරිම ගඳයි. ජරා රහක් තියෙන්නේ. අක්කලාට තමා පොවන්නේ ලස්සන වෙන්ඩ කියලා. මොරිසන්ස් කියලා සමාගමකින් තමා නිෂ්පාදනය කලේ. එංගලන්තේ බඩු.

    ලැවිනියා සිගරට් නම් මතක නැත. අපි දන්නා සිගරට් වර්ග මෙන්න, ආඩත්, කැප්ස්ටන් නෙවිකට්, මාල්බරෝ, ත්‍රී රෝසස්, ෆෝ ඒසස්. (අපි කුඩා ළමයි නිසා මේවගේ නම් මිස රස දන්නේ නැත)

    අපේ ගෙදරත් බෝර් (අපි බෝර කියලා ලියන වචනය වැරදියි) 12 තුවක්කුවක් තිබුනා. සෑම අවුරුද්දකම එය ලයිසන් කරන්න කච්චේරියට රැගෙන යායුතුයි. තාත්තා මාව තමා අල්ලගන්නේ තුවක්කුව අරං යන්න තාත්තත් එක්ක. පාරේ ගෙනියනකොට පතරොම් දමන ඉරියව්වෙන් තුවක්කුව විවෘත (කඩනවා කියලා කිව්වේ) කරලා ගෙනියන්න ඕනෙ. එය ආරක්ෂාව පිලිබඳ නීතියක්. මම ඉතිං තුවක්කුව අරං යන්නේ කාලතුවක්කුවක් ගෙනියනවා වගේ :D :D ඔය දැන්වීමේ ඔහොම තිබුනට ප්‍රභූ පැලැන්තියේ අය තමයි 'රයිෆල්' කියන වර්ගීකරණයේ ඒවා පාවිච්චි කලේ. වෙඩි 5 යනුවෙන් දැක්වෙන්නේ මැගසිනයට පතරොම් 5 ක් දැමිය හැකි බවයි.

    ඇත්තෙන්ම සිරා ඒ කාලේ මිනිස්සුන්ට විනෝදාස්වාදය බොහොම අඩුයි. ගම්වල ගොයම් කපන කාලෙට මිනිස්සු අතේ සල්ලි තියන නිසා ගම්වලට එනවා විශාල කැන්වස් කූඩාරම් (100 කට විතර ඉන්න පුළුවන්) වල චිත්‍රපටි පෙන්වන ජංගම සිනමාහල්. සත් 10, 15, 25, 50 වගේ ටිකට් මිළ. ඉංග්‍රීසි භාෂාවේ Theatre කියන වචනය අපේ මිනිස්සුන්ට ඇහුන ආකාරය අනුව මේවා හැඳින්වූවේ 'ටීටර්' , ටීටර් මඩු කියලයි. මීගමුවේ සිට අම්බලන්ගොඩ දක්වා වෙරළබඩ ප්‍රදේශ වලින් නාට්‍ය කණ්ඩායම් ඇවිත් නාට්‍ය පෙන්නුවා. මේ චිත්‍රපටි දැන්වීම් වල තියන 'සිරිමලී' සහ 'වීර පුතා' මම බලලා තියනවා. වීර පුතා සිංහල දෙබස් කවු ඉන්දියානු චිත්‍රපටියක්. ඒ කාලේ බහුලව එය සිදුකෙරුනා. දේශීය චිත්‍රපටි අඩු නිසා තමයි මේ තරම් දෙමල චිත්‍රපටි ප්‍රදර්ශනය වුනේ. සිංහල අය ඒ චිත්‍රපටි බැලුවා.

    අපේ ඥාතියෙක් ඒ කාලේ මාස තුනකට වරක් රන් පවුමක් මිලදී ගත්තලු. දැන් කොහොමද? අපිනම් දුප්පත් නිසා සමූපකාරෙන් හාල්පොතට දෙන හාල් තමයි කෑවේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක





    ReplyDelete
    Replies
    1. කාලය වේලාව අරන් විචාරක තුමා මහන්සි වෙලා කොටපු මේ කොමෙන්ටුව පෝස්ටුවක් තරම්ම රසවත්...පරණ පත්තර සටහන් හැමදාමත් සම්පූර්ණ වුනේ ඔබේ කමෙන්ටුවත් සමගින්...බොහොම ස්තුතියි විචාරක තුමා.

      Delete
  9. සන්ලයිට් වලටත් දීර්ඝ ඉතිහාසයක් තියනවා නේද..?අපේ සීය කෙනෙක්ගෙන් ඇහුවනම් ලවීනිය වල වටිනාකම කියාවි ..හි හි :

    ReplyDelete
    Replies
    1. සීයගෙන් පොඩ්ඩක් අහලා බලන්න සැනසුම ලැබුනද කියලා...

      Delete
  10. ඕවල්ටයි න් නම තියන ශක්ති ජනක පානයක් නම් තියනවා .. බිස්කට් සමහර විට ෆාමසි වල වගේ ඈති .....මොනවා උනත් ඒ කාලේ කට්ටිය වැඩිය අන්දලා නෑ වගේ ...... කොහොමත් ඉස්සර ගුවන් විදුලියේ උනත් දැන්වීම් ප්‍රචාරණයේදී අදාළ පුද්ගලයන් සමාගම් විසින් සහතික කරන විදිහට තමා ප්‍රචාරය කරලා තියෙන්නේ ....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත...සමාගම ඒ පිළිබද වගකීමට බැදෙන බවක් තමයි ඔවුන්ගේ දැන්වීම් වලින් ඉස්සර ප්‍රකාශ වුනේ.

      Delete
  11. මොරවක මෙඩිටෝ නම් මීට වසර කිහිපයකට කලින් මම ද පානය කොට ඇත පස්ටය . ලගකදී සේවොඕ නමුත් සොයා ගැනීමට හැකි වුයේ නැත . ආපෝ මෝර ගුලි නම් මතක් වෙන කොටත් අප්පිරියයි මං පොඩි කාලේ ඔයින් එකක් හපලා පය 2ක් විතර යනකම් කටේ මහා ජරාම රහක් තිබ්බා සීනි කාලා / කට හෝදලා වත් හරි ගියේ නෑ ,

    විචාරක තුමා ! මේ තුවක්කු ටිකත් විවරණය කරලා දෙන්නකෝ

    ReplyDelete
    Replies
    1. මොරවක මෙඩිටෝ සිල්ලර වලද සල් වල අලවියට ඈත ..

      Delete
    2. මුලින්ම තියෙන්නේ කුඩා පෙලට්ස් දමා වෙඩි තියන .177 කැලිබරයේ වායු රයිෆලයක්

      ඊළඟ එක පතරොම් 5 ක් දැමිය හැකි B.R.N.O. වර්ගයේ .22 කැලිබරයේ සාමාන්‍ය රයිෆලයක්

      ඉන්පසු තියෙන්නේ B.R.N.O. වර්ගයේ බෝර් 12 පතරොම් තුවක්කුවක්

      ඊළඟ එක .22 කැලිබරයේම 'ක්‍රිකෝ' නමැති වෙළඳ නාමයෙන් එන පතරොම් 5 ක් දැමිය හැකි රයිෆලයක් 302 ඊ සහ 310 ජේ කියන්නේ ඒම රයිෆලයේම තවත් මෝස්‌තර දෙකක්.

      ඊළඟ එක, ලෝකයේ අතිශයින්ම ජනප්‍රියවූ, 'වෙබ්ලි ඇන්ඩ් ස්කොට්' සමාගමේ නිෂ්පාදිත බෝර් 12 තුවක්කුවක්මෙහිදී තනි කාණුව/කාණු දෙක යනුවෙන් අදහස් කරන්නේ තුවක්කුවේ බටය barrel (Single Barrel/Double Barrel) බව මතක තබාගන්න.

      ඊළඟට කියා තිබෙන පිස්තෝලය එලාම් නොව එයාර් වියයුතුයි. (පිස්තොලෙන් එලාම් තිබ්බොත් තියපු මිනිහටම වෙඩිල්ල වදියි :D) එයමෙන්න මේ වගේ එකක් එකක් වියයුතුයි.

      ඊළඟට තියන බෝර් 12 සහ 16 ස්ටීවන්ස් තුවක්කුත් ලෝක ප්‍රසිද්ධ ඒවා. බෝර් 12 ට වඩා කුඩා කැලිබරයක් තමයි බෝර් 16 කියන්නේ.

      පතරොම් තුවක්කු වල ඉජෙක්ටර් රහිත කියලා කියන්නේ වෙඩි තැබීමෙන් පසු තුවක්කුව විවෘත කරන විට හිස් පතරොම් කොපුව/කොපු දෙක (බැරල් දෙකේ තුවක්කුවක් නම්)එක්තරා උපක්‍රමයක් තියනවා. මේ දැන්වීමේ තියෙන්නේ ඒම උපක්‍රමය සහිත තුවක්කු එන්නට පෙර මෝස්තරයක ඒවා.
      http://jangun.files.wordpress.com/2013/05/12.jpg

      http://jangun.files.wordpress.com/2013/05/22.jpg

      http://jangun.files.wordpress.com/2013/05/31.jpg

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. මොරවක මෙඩිටෝ නම් මම බොහොම කාලෙකින් බීලා නෑ...ආසයි ආයෙත් රස බලන්න. විචාරක තුමාට ආයෙත් ස්තුතියි මේ තොරතුරු වලට...

      Delete
    4. බොහොම ස්තුතියි විචාරක තුමාට

      Delete
  12. උඩින් දාල තියන ජාතියේ රේසර් එකක් නම් අපේ ගෙදර තියනවා ආතා පාවිච්චි කරපු. SR නම් මට මතකයි. ඒවා නම් ලඟක් වෙනකම් තිබුනනේ...?(ලඟක් වෙනකම් කීවේ අවුරුදු 10 කට විටර කලින්) මාමයිට් නම් සුප් වලට දැම්මම නියමයි.පස්ටය. සිරා අයියාට අවශ්‍ය නම් අපේ මාමා ගෙ ගෙදර තියනවා මොකක් හරි පත්තරේක ගහපු පළවෙනිම මුද්‍රණය.මේ පැත්තේ ආවොත් බලන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. පත්තරේ පළමු මුද්‍රණය ස්කෑන් කරලා මේ විදියට ඔබේ බොගේ දැම්මොත් නරකද මලේ ?

      Delete
  13. ඒ කාලේ හාල් මිටියක මිල යි දැං හාල් සේරුවක මිල යි එක සමානයි නේ... :D

    ReplyDelete
    Replies
    1. තව ටික දවසකින් ඒ ගානට හාල් හුන්ඩුවක් වත් ගන්නත් බැරි වෙයි මේ යන විදියට...

      Delete
  14. මේ භාෂාවේ තියෙන හාස්‍යජනක ගතියට හේතුවක් මම හිතන්නේ, ඉංග්‍රීසියෙන් තියෙන වාක්‍යය අමු අමුවේ සිංහලට පරිවර්තනය කරන්න යෑමයි.

    >>අලුත් ඇස් ආර් වල සිසිල් රසටත්, පෙණ නගින ගතියටත් ඔබ ආශා වෙයි.<<
    You'll love the cool flavor and the foamy nature of new S.R.

    ඒක පැත්තකින් තියමුකෝ. සමහර ඒවා කෙලින්ම ඇදගෙන නාගෙන.

    ඈ වැඩි හොඳට කෑම පිසයි.
    ඇගේ පෙණුමද හොඳයි

    She cooks better
    And she looks better

    මෙතන තිබ්බ කූක්ස් බෙටර්, ලුක්ස් බෙටර්, රයිම් වෙන ගතිය, එලි සමය ඔක්කොම ඉවරයි, මොකද ඒ ගැන නොහිතා, අනවබෝධයෙන් අර අදහස පරිවර්තනය කරපු නිසා.

    මේවා, ඔය හැම තිස්සෙම 'එදා තමයි හොඳම, අද ඔක්කොම සවුත්තුයි,' කියන මානසිකත්වයේ ඉන්න කට්ටියට හිතන්න හොඳ දේවල්. ඇත්තෙන්ම අද සිංහල කවදටත් වඩා හොඳයි මට නම්.

    ReplyDelete
    Replies
    1. භාෂා භාවිතය පිළිබද වෘත්තීය මට්ටමේ කදිම කමෙන්ටුවක්...මා හිතවත් හෙන්රි මහතාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා...ඔබේ කථාව හරියටම හරි..අමුවෙන්ම හිංහල කොරන්න ගිහිල්ලා තමයි මේ වැඩේ වෙලා තියෙන්නෙ...

      Delete
  15. SR දත් බෙහෙත් එකනං මේ ළගක් වෙනකල්ම යුනිලීවර් එකෙන් හැදුවනෙ.
    මෝරගුලිනං මාත් කාල තියෙනව. මාමයිට් ඒ කාලෙ ආහාර රසකාරකයක් විදියට යොදාගන්න ඇති දැං වගේ එක එක ජාති නොතිබිච්ච නිසා.
    ඒ කාලෙ හාල් මිටියක් ගන්න ගානට දැං යංතං කිලෝ එකක් ගත්තහැකිනෙ.

    ReplyDelete
    Replies
    1. එස් ආර් මමත් පාවිච්චි කරලා තියෙනවා...අන්තිම කාලෙ වෙද්දි සැෂේ පැකට් වගේ ඒවත් තිබුනා...

      Delete
  16. අදකාලේ පත්තරවල යන එව්වා තව අවුරුදු පනහකින් හැටකින් බලන උදවියට ජෝක් එකක් නොවෙයි කියලා කාටද කියන්න පුළුවන් ඈ..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ජෝක් තමයි...අපි සීයලා වෙච්ච දවසට එදා කොල්ලො අපි බ්ලොග් වල ලියපු දේ දැක්කත් හිනා වෙයි...

      Delete
  17. //ඈගේ පෙනුමද හොදයි ..ඈ මාමයිට් ගැන දැනගෙන ඇත //

    පිස්සු හැදෙනවා බං මේවා දකිද්දී ....

    ReplyDelete
    Replies
    1. මාමයිට් ගාන කෙනා දැකලද ?

      Delete
  18. ලියන්ඩ දෙයක් නැත්තං නිකාහිටු පරණ පත්තර අවුසන්නේ නැතුව කාවෙක් වාගේ

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න සෑර්...මම බලෙන් ඔබතුමාව මෙතනට ගෙන්නගත්තෙ නෑනෙ...බලාපොරොත්තු කඩ උනාද ?

      Delete
  19. මොරවක මෙඩිටෝ මාරු බිම තමා! එක සැරයයි බීලා බැලුවේ! කට කාරවගෙන ගියා! මොනවා උනත් ඒ කාලේ පත්තරේක කියවන්නවත් දෙයක් තිබිලා තියනවා!

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ පත්තරේක පිටු තියෙන්නෙ බොහොම පොඩ්ඩයි...අද වගේ විදෙස් පුවත්,ක්‍රීඩා පුවත්,ව්‍යාපාරික පුවත් කියලා වෙන වෙනම අතිරේක නෑ...හැමදේම කලවමේ තමයි තිබිලා තියෙන්නෙ...

      Delete
  20. මේ ටික සේරම අදම තමයි දැක්කෙ. ස්තුතියි සිරාට..!

    …මාමයිට් කියන්නෙත් පරණ ආහාරයක් එතකොට.. :) ලැවීනියා සිගරට් දැන් නැද්ද දන්නෙ නැ. හොයා ගන්න වටිනව නෙ. :D

    කොප්පරා පාරම්...? ඇහැව්වෙත් අදමයි එහෙම මිනුම් ඒකකයක් ගැන.

    ReplyDelete
    Replies
    1. කොප්පරා මැනලා තියෙන ඒකකය ගැන නම් මමත් මේකෙන් තමයි ඉස්සෙල්ලාම දැක්කෙ...

      Delete
  21. හපොයි තුවක්කුත් විකුණන්ට තිබිලා. අර කුල්මත් වෙන ෆිල්ම්ස් ටික දැන් බලන්ට තිබුනා නම් කියලා හිතුනා... :D

    ReplyDelete
    Replies
    1. තාමත් ඉදලා හිටලා සිරිමලී රූපවාහිනියෙ ප්‍රචාරය වෙනවා...කථන භාෂාවක් වෙනුවට ලිඛිත භාෂාවක් තමයි ඒ චිත්‍රපටියෙ දෙබස් වල තියෙන්නෙ...

      Delete
  22. හරිම රසවත් දැන්වීම් ටිකක් . දැන්වීම් කලාවේ විකාශය ගැන කල්පනා කරන කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි ,

    මේවායේ චිත්‍ර විදෙස් වල විදෙස් ආභාෂයක් තියෙනවානේද .

    ReplyDelete
    Replies
    1. පුවත්පත් දැන්වීම් කලාවෙ විකාශනය ගැන සැළකිලිමත් වෙන කෙනෙක්ට මේ දැන්වීම් වඩා වැදගත් වෙයි කියලා මටත් හිතෙනවා....චිත්‍ර වල ආභාෂය ගැන හරියටම දැනගන්න වෙන්නෙ ඩූඩ් වගේ කෙනෙක්ගෙන් තමයි.

      Delete
  23. කන පැලෙන්ඩ බීලා පහුවදාට ඇගට පතට අමාරුවක් දැනෙන දවස් තියනවා නේද , අන්න එදාට ගහන්ඩ මොරවක මොඩිටෝ එකක් , ඇගට මොකක්ද මන්දා එකක් වෙලා දාඩිය දාලා වෙනවා නිකන් මොකක්ද මන්දා එකක් , විනාඩි දෙකතුනක් යනකොට මලක් වගේ හිටියහැකි.

    ඔක හදන්ඩ මදටිය කොල ගන්නවා මයේ හිතේ

    ReplyDelete
    Replies
    1. ඒක ගැන මම දැනගෙන හිටියෙ නෑනෙ බොලේ...කදිම තොරතුරක්..ස්තුතියි අටම්...

      Delete
  24. uba parna patara tikat aragena giyada? Parani rasanga walata iluma wadi.
    Jatawewa

    ReplyDelete
    Replies
    1. පරණ පත්තර ටික කොම්පියුටරේ අස්සට දාගෙන තමයි ගියේ...

      Delete
  25. මොරවක මෙඩිටෝ අදත් මගේ ප්‍රියතම පානයක්. දැක්ක තැන බොනවා, තුවක්කු නෙමෙයි බන් රත්තරන් ටිකක් අරගෙන තිබ්බ නම් අද අපිත් මිනිස්සු තමයි...

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවද...පේනවනෙ රන් පවුමක මිළ...ඒ ගානට අද දවල්ට බත් එකක් කන්නත් බෑ...

      Delete
  26. සිරා පරණ පත්තර මිටිය ලංකාවෙ දාලා ගිහිං නෑ වගේ. ඔහොම යං ඔහොම යං...
    පරණ දේවලට පණ දීගෙන ඉන්න අපිව අතීතෙට අරං යන සිරාට ජය වේවා!

    ReplyDelete
    Replies
    1. මගේ ඇන්ටික් පෙරේත කම ගැන නොයෙක් වර බොගේ ලියලා තියෙනවා...ඒවාත් වෙලාවක කියවලා බලන්න...

      Delete
    2. මම සිරාගෙ පෝස්ට් ඔක්කොම කියවලා තියෙනවා. ඒව කියෙව්වෙ මගෙ බ්ලොගේ පටන්ගන්නත් කළින් ඉඳන් නොවැ.

      Delete
  27. මගෙ ලඟත් ඔහොම පරණ පත්තර එකතුවක් තියනවා :)
    නවයුගය සහ.. රසවාහිනී....... :)

    ReplyDelete
    Replies
    1. නරකද ඒ ටිකත් මේ වගේ පල කලොත්...

      Delete
  28. මටත් මතකයි එක නම්, එ වගේම මොරවක මෙඩිටෝත් බීලා තියනවා දැන් අවුරුදු 3, 4 කට කලින්, ගමේ කඩවල හොයාගන්න පුලුවන් මම හිතන්නෙ..

    මොරගුලි ගැන නම් කියන්න තියෙන්නෙ මමයි, නංගියි ඒකට නම් හරිම ආසයි... උදේට නෑවායින් පස්සෙ අම්මි දෙන්නෙ. අම්මෝ ඒ වෙලාවට පුදුම සන්තෝසයි...
    මාමයිට් නම් බොන්න ආස නෑ ඒත් තාමත් පාන් එක්ක කනවා..
    ඉස්සර මිනිස්සුන්ගේ ජීවිත වලට බැදිල තිබුන දේවල් හරි සරලයි නේද?

    ReplyDelete
    Replies
    1. මෝරගුලි කන්න මමත් ඉස්සර සෑහෙන කැමතියි....හැමදාම උදේට කෑවා මතකයි...ඉස්සර ජන ජීවිතය ගොඩාක් සරළ උනේ ඒ අයට අද තරම් මහ ලොකු බලාපොරොත්තු කන්දක් තිබුනෙ නැති නිසා වෙන්ට ඕනෙ...

      Delete
  29. ඒස් ආර් නම් මට මතක කාලයක්ම තිබ්බා.. ඔය සෙවන්සීස් මෝරතෙල් එක තාම තියෙනවා... තාම තියෙන්නේ ඔය ලේබල් එකමයි මට මතක හැටියට... මෝර ගුලි වලට මාත් හරි ආසයි... ඉස්සර අම්මා ඕක දෙනකම් ඉන්නේ නෑ මම.. හොරෙන් කනවා... හි හි... ඕවල්ටින්, බවර්ලා එංගලන්තෙන් ගෙන්නලා බෙදාහැරපු එකයි මං හිතන්නේ කරලා තියෙන්නේ... තාමත් සුපර්මාකට් වලට තියෙනවා.... මොරවක මෙඩිටෝ බිව්වම මත් වෙනවා... ඒක මාර අරිශ්ටයක් තමයි... හි හි...

    අර සිතාසිත් පත්තරේ දැම්මේ ඇයි දන්නෑ නේ... ගම්වලට ලියුම් වලට වඩා කලින් පත්තර ගිහිල්ලද....

    ReplyDelete
    Replies
    1. මේ ඊයෙ පෙරේදා එළියට ගියාම දැක්කෙ...මෙහෙ සුපර් මාර්කට් වල සෙවන් සීස් කියලා අරක්කු ජාතියකුත් තියෙනවා...කොහොමත් ලියුම් වලට කලියෙන් ඉස්සර පත්තර යන්න ඇති කියලා මට හිතෙනවා....

      Delete
  30. මේ ගණන් මිනුම් දැක්කම නිකං විහිලු වගේ පෙනෙන්නේ. තවත් පරම්පරා දෙක තුනකින් හොඳටම විහිළුවක් වගේ පෙනෙයි.

    ReplyDelete
  31. මම සිරාගෙ මේ පත්තරේ විස්තරේ පෝස්ට් වලට හරි ආසයි. අපි විටෙක ඉපදිලාවත් නැතුව ඇති මේ පත්තර වල කාලෙ බලද්දි සහ ඒවායේ මිල බලද්දි. විටෙක හිනත් යනවා.....

    සිරා මොලකාරයා.....ස්කෑන් කොරගෙන පත්තර ටික රටින් පිටවෙලා තියෙන්නේ.....

    ReplyDelete
  32. me wage ewa wadak nah ban. liyahanko ubey pem jawanika wage ewa. ehema ewa fattama athal.

    ReplyDelete
  33. post eka wagema danuma godak comment walinuth enawa.good job sira

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...