Tuesday, September 10, 2013

119 කලුවා සමග කසිප්පු චන්දරේ

කසිප්පු පිළිබද යම් සටහනක් මීට පෙර ලිපියේදී එක් කළෙමි. ගම්බද ජනතාවට විශේෂයෙන්ම අඩු මිළකට මත් වීම අරභයා මේ නිෂ්පාදනය ගම් ආශ්‍රිතව නිපදවූයේ ගම්වාසීන් කීප දෙනෙකු මිස කොම්පැණි කරුවන් නොවන නිසාම කසිප්පු සම්බන්ධයෙන් ඇති කථා බොහොමයකි.


කසිප්පු ගැන කථා කරනවා නම් කසිප්පු පෙරීම ගැන කථා නොකරම බැරිය. මක්නිසාද යත් කසිප්පු ආශ්‍රිතව ගොඩ නැගී ඇති රසකථා බොහොමයකටම අවස්ථා සම්බන්ධය ඒ ඔස්සේ වැටී ඇති හෙයිනි. සිරා කොලුවා කුඩා කල අප ප්‍රදේශයේ කසිප්පු වෙළදාම ජයටම කරගෙන ගියේ රිචී නම් අඩි 6කට වඩා උස තද කලු සමකට උරුමකම් කියූ පුද්ගලයෙකි. පුංචි අප මේ පුද්ගලයා දුටුවනම බියට පත් වූ අයුරු අදටත් මට සිහිපත් වෙයි. ඔහු පාරක තොටක යනවා නම් කිසිදු පොඩි එකෙකු එළිපහලියේ සිටින්නේ නැත. මුහුණ තුල ගිලුනු කපටි ඇස් ගෙඩි දෙකක් සහ සම්පූර්ණයෙන්ම සුදු පැහැගත් හිසකෙස් වලින් යුතු රිචී ගොයියාව පුංචිත්තන් විසින් හැදින්වූයේ රිචා යන නාමයෙනි. රිචාගේ ස්කාගාරය පිහිටා තිබුනේ අප ගම් පෙදෙසට ආසන්නව ගලා යන අත්තනගලු ඔය ආසන්නව වුවත් බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිහිටා තිබුනේ වෙල්යායේ අත්හැරී තිබු මඩ ඉඩම් තුල වූ බඩවැටි තුලය. ඔහුගේ හිතවතා සහ බෙදාහැරීමේ කළමණාකරු ලෙස කටයුතු කල ජෑස් කොල්ලාට අත් වූ ඉරණම මවිසින් වේලාසනින්ම ලියා තිබේ. ඔබ එය කියවා නැති නම් කියවා බලන්න මේ හොද වෙලාවයි.


මේ කියූ රිචාගේ ජංගම කසිප්පු අළෙවි සැල වෙල්යායේ විවිධ ස්ථාන වලින් වරින් වර ප්‍රාතූර්භූත වුවත් වඩිය පෙරන වේලාවට නම් එක එල්ලේ ඉහළ නගින කලු දුම් රොටු ඉද්ද ගැසුවාක් මෙන් ඒ දෙසට මග ගම්මුන්ට හෙළි කරයි. ගමේ වෙල්යාය පටන් පටන් ගන්නා එක් ඉසව්වක් සිරා කොලුවාගේ නිවස පිටුපසින් වැටී ඇති හෙයින් කසිප්පු අල්ලන්නට එන පොලිස් ඇත්තන් අපේ මිදුල උඩින් දිව ගිය අවස්ථා කීපයකි. වේලාසනින්ම පොලිසිය මග එන ආරංචිය ලැබෙන රිචා සිය කළමණාකරුවා සමග වහං වුවත් වතාවක් පණිවිඩය හරිහැටි සන්නිවේදනය නොවූ නිසාදෝ රිචාගේ බොටුවෙන් අල්ලා ජිප් රථයට පටවන දසුනක් දැකීමට පුංචි අපට හැකි විය.

පසුකළෙක මෙලොව විදින්නට ඇති බොහෝ දුක්ඛ දෝමනස්සයන් විදිමින් තමා කල පවු මෙලොවදීම ගෙවූ රිචා ඇදක් මත වසර දෙකක් පමණ එක්තැන්ව සිට අවසානයේ යටියන්තොට ගියේය. කසිප්පු බී ගෙදර පැමිණෙන සැමියාට දොස් පවරමින් කසිප්පු පෙරණ එකාට හෙන ඉල්ලූ ඇඹේනියන්ගේ ශාපයම රිචාට පලදුන්නා වන්නටත් පුලුවන. රිචාගේ සමුගැනීමෙන් පසු කසිප්පු බොන්නට හුරුව සිටි ජීවිතයේ සැදෑ සමය ගෙවූ බොහෝ ඇත්තන්ද ඒ මග ගියෙන් අපේ ගමේ කසිප්පු ඉල්ලුමට තිත තැබිනි. තරුණ පරපුර ඒ කෙරේ ආශක්ත නොවූයෙන් තව දුරටත් කසියා විකුණා බඩවියත රැකගැනීමට අපේ ගම් පියස සුදුසු තැනක් නොවූ නිසාදෝ අපට යාබද තවත් ගමක ඒ ව්‍යාපාරය ස්ථානගත විය. වර්තමානය වන විට අහළ ගම් හතක සුදුවා සොයා ගැනීමට නොහැකි වන ලෙස අප ගම් පලාතේ මේ දේශීය නිෂ්පාදනය විරල වී තිබේ.

යාබද ගමක සිට ඉල්ලුමට සැපයුම දුන් අලුත් පුද්ගලයාගේ නම කලුවා විය. රිචා මෙන්ම තද කලු සමකට උරුමකම් කිව්වද මේ කියන පුද්ගලයා ඊට වඩා බොහෝ සෙයින් මිටි පුද්ගලයෙකු විය. හෙතෙම තම කසිප්පු වඩිය පෙරීම උදෙසා බලශක්තිය සපයාගත්තේ පොල්කටු භාවිතයෙන් නිසා අප ගම් ප්‍රදේශයටද පැමිණ මුදල් දී පොල්කටු ගෙනයාමට කෙමෙන් කෙමෙන් හුරුවිය. නිකරුනේ අපතේ යන පොල්කටු කලුවාට දී කීයක් හෝ උපයාගත හැකි වීම නිසා ගෘහණියන් එතැන් සිට පොල්කටු ගෝනි තුල එකතු කර කලුවාට දෙන්නට මග බලා සිටියහ. මාසෙකට වරක් අත් ට්‍රැක්ටරයකින් පොල්කටු ගෙන යාමට පැමිණි කලුවා නිවැසියන් ඉදිරියේම පොල්කටු ගනන් කර අත්පිට මුදලට ඒවා මිළදී ගත් නිසාම මගේ මවද කලුවාට පොල්කටු විකුණුවාය. ඇගේ ඒ මුදල් බොහොමයක් රසකැවිලි වී අපේ කුස තුලට කිදා බැස්සේ හන්දියේ වූ කඩයට පින් සිදුවන්නටය.

කලුවාගේ ව්‍යාපාරය ජයටම කෙරීගෙන යන බව අපට දැනුනේ මුලදී මසකට වරක් පැමිණි කලුවා පසුව මසකට දෙවරක් පොල්කටු සොයා ආ බැවිනි.

අක්කේ, නංගියේ පොල්කටු තියෙනවා නම් එකතු කරලා තියන්න..ලබන සතියෙ ආයෙත් එනවා.....අපේක්ෂිත ඉලක්කය සපුරාගත නොහැකි වූ විට කලුවා එසේ පවසයි.

අනපේක්ෂිත ලෙස කලුවාගේ නිවසට යාමට මට දිනක් අවස්ථාව උදා වුනේ අපේ නිවසට යාබදව ජීවත් වූ ජෑස් කොල්ලාගේ බිරිද වූ විමලාවතී නැන්දාගේ ආරාධනයෙනි. තමන්ට දරුවන් නොමැති දුකටදෝ හැමදාම කටගොන්නක් බීගෙන නිවසට විත් විමලා සමග ගෝරිය අල්ලන ජෑස් කොල්ලා බොන්නේ කොහෙන්දැයි විපරම් කර බැලූ විමලාවතී නැන්දාට අවසානයේ සොයාගත හැකි වූයේ ඒ කලුවාගෙන් බවයි. තම සැමියා මුදල් දී කසිප්පු ඉල්ලුවත් ලබා නොදෙන ලෙස කලුවාගෙන් ඉල්ලීම ඇගේ අරමුණ විය.

අප එහි යන විට පොතක ආදායම් වියදම් සටහන් කරමින් සිටි කලුවා අප සාදරයෙන් පිළිගෙන අසුන් පනවා කාරණය විමසුවේය. විමලා නැන්දාගේ තරහා ඉහවහා ගොස් තිබූ නිසාම මොහොතකින් සාකච්ඡාව ගාලගෝට්ටියක් විය.

මට සල්ලි දෙනවා නම් මම ඕනෙ එකෙක්ට අරක්කු විකුණනවා....පුලුවන් නම් නවත්තලා බලනවා..කලුවා ගුගුරයි..

හිටපන් මම හෙට පොලීසියට ගිහිල්ලා උඹ ගැන කියලා උඹව කූඩු කරනවා....විමලාද දෙවැනි නොවෙයි.

විමලාවතී කියූ දේ කලාදැයි හරියටම මා දන්නේ නැති මුත් ඊට ටික දොහකට පසු කලුවා පොලීසියට හසුවුන පුවත ගම්පලාතේ පැතිරී ගියේ රසකථාවක්ද සමගිනි. කලුවා කසිප්පු බෝතල් 8 සමග පොලීසියට හසු වී අවශේෂ උපකරණ එකතුකර ගන්නා තෙක් පොලිස් ජිප් රථයේ පිටුපස අසුන් ගන්වා සිට ඇත.


අනේ සෑර් මේ දොර පොඩ්ඩක් අරින්නකො මම දොට්ට යන්න හිතාගෙන ඉද්දිම තමයි රාළහාමිලා මාව මේකට කුදලගෙන ආවෙ...දැන් නම් ඉන්න බැරි තරම් අමාරුයි....

කලුවා පැන යන්නට පොටක් පාදනවා යැයි සිතූ පොලිස් නිලධාරියෙක්...

බොරු කියන්න එපා බොල...දෙනවා දෙකක් කන රත් වෙන්න...

අනේ සෑර් බොරු නෙමෙයි ඇත්තමයි මට දැන් නම් ඉන්නම බෑ...මාව වෙව්ලනවා වගේ...අර බඩවැටියට පොඩ්ඩක් වහං වෙලා එන්නද...

කොහෙ යන්නද බොල...තොට සැරයක් කිව්වා...කරන රෙද්දක් පොලීසියට ගිහින් කරපිය.

මද වේලාවකින් ජිප් රථයේ පිටුපස දොර හැරගත් පොලිස් නිලධාරියා පිටතට පැන ඇත්තේ

බලන්න සර් මේ කාලකන්නියා ජිප් එක ඇතුලෙ රිව්වා යැයි තම උසස් නිලධාරියාට කියමිනි.

එතැන් සිට කලුවාට පොලිස් බාහු බලයෙන් කදිම සංග්‍රහයක් ලැබී ඇති අතර ඒකා ලව්වාම ජිප් රථය සෝදා පිරිසිදු කර බෝතල් 8 දෙගුණයක් කර නඩු පැවරූ බවක් ආරංචි විය.

කසිප්පු පෙරූ බහුතරය එක් වරක් පොලීසියට හසු වුනා කියා තම කාර්යය නවත්වන්නේ නැත. මේ කියන කලුවාද එසේමය. නීතිමය ක්‍රියා මාර්ගයන්ගෙන් දඩුවම් විද කාලයකට පසු නැවතත් සුපුරුදු කර්මාන්තය කරගෙන ගියේය.

ඒ අප විහාරස්ථානයේ කථීන පිංකම පැවැත්වෙන වකවානුවයි. කඨින චීවරය රැගත් පෙරහැර කලුවාගේ නිවසට යාබද කුඩා මාර්ගයකද නොවරදවාම ගමන් කරයි. ඒ මාර්ගයේ එක් තැනක මාර්ගයට මායිම් වූ විශාල රබර් වත්තකි. පෙරහැර උදෙසා මාර්ගය සකසන මුවාවෙන් කසිප්පු පෙරීම උදෙසා රබර් දර සපයාගැනීමට කදිම අවස්ථාවක් එළඹ ඇතැයි සිතූ කලුවා මාර්ගය දෙසට වන්නට ඇති රබර් අතු සියල්ල කපා දමන්නට තීරණය කොට ඒ කාරිය කරමින් සිටියදී රබර් ගසකින් බිම පතබෑ වී සුසුම්නාව කුඩු වී සදා සොත්ති විය. අදටත් මේ කලුවා ජීවත් වුවත් ඇවිදීමට හැකියාවක් නැත. ඔහුගේ ව්‍යාපාරයටද එමගින් තිත තැබිනි. පසුකලෙක කලුවාගේ බිරිද කලුවාගේ අතවැසියෙකු සමග ගමෙන් වහං වූ බවක්ද දැනගන්නට ලැබිනි.

කසිප්පු අළෙවිය සදහා කූට උපක්‍රම යොදාගත් අපූරු පුද්ගලයෙකු පිළිබද මට තොරතුරු සැපයූවේ දැන් මා සේවය කරන ආයතනයට යාබද ආයතනයක සිටින ශ්‍රී ලාංකික මිතුරෙකි. ඒ කසිප්පු ගැන මා බ්ලොගේ ලියන්නට යන බැව් සැල කලාට පසුවය. මේ කියන පුද්ගලයා කැලණියට තදාසන්න පෙදෙසක ජීවත් වූවෙකි. අපි ඔහුට චන්දරේ යැයි කියමු.

චන්දරේ හැම විටම පොලීසියට ඇස නොගැටී තම කාර්යය කරගෙන යාමට තම කූට නුවන උපයෝගී කරගත්තෙකි. ඔහුගේ තිප්පලට පොලීසිය එන බව දැක දැකත් අවසන් මෙහොත වන තුරු කසිප්පු විකුණා යාබද ඇළට පැන එගොඩට පීනා එගොඩ ඉවුරේ සිට පොලීසියට සරම ඔසවා තම නිරුවත් පශ්චාත් භාගයේ රූ සිරි පෙන්වීමට ලොල්ය.

පලාතේ කසිප්පු වෙළදාමේ බලකණුව චන්දරේ බැව් පොලීසිය දන්නා මුත් මේකා අල්ලා ගැනීම ලෙහෙසි පහසු නැත. ඒ චන්දරේගේ කපටි නුවන හේතුවෙනි. ඇළ ඉවුර උඩින් පොලීසිය කසිප්පු දඩයමේ යද්දී ඇළ ඉවුර මැදින් ඇතුලට හාරා ඒ තුල බැරල් හා අඩුම කුඩුම සගවා ගෑස් භාවිතයෙන් කසිප්පු පෙරීමේ නිරතව සිටි එකෙකි මේ කියන චන්දරේ.

කෙසේ හෝ වරක් චන්දරේගේ නිවස පොලීසියෙන් වටලා ඇත්තේ ඒ තුල කසිප්පු තිබිය හැකි බව සිතමින් විය යුතුය. එහෙත් ඒ වන විට නිවසේ ජල ටැංකිය ලෙස කසිප්පු පිරවූ ටැංකියක් තබා කුස්සියේ ජල නලයෙන් කසිප්පු ලැබෙන පරිදි සකසා ඇති බවක් පොලීසිය දැන සිට නැත.


තවත් ටික කාලයකට පසු මේ ක්‍රමය වෙනස් කල හෙතෙම විශාල වීදුරු මාලු ටැංකියක් නිවසේ සාලයේ තබා එය තනිකරම කසිප්පු වලින් පුරවා ඒ තුල පාවෙන ප්ලාස්ටික් මාලු විශේෂයක් බහා ඇත. එවිට ගනුදෙනු කරුවන්ට බඩු ලැබෙන්නේ මාලු ටැංකියට කෝප්පය එබීමෙනි. කෙසේ හෝ මද කාලයක් ඇවෑමෙන් නැවතත් චන්දරේගේ නිවසට පැමිණි පොලිස් නිලධාරීන්ට එවරද කිසිවක් සොයාගත නොහැකි වී ඇත. ඒ වන විට කුඩා පරිමාණ වලින් නිවසේ කසිප්පු තබා ගනිමින් තමන්ට ලගම හිතවතුන්ට පමණක් නිවසේදී කසිප්පු විකුණන්නට හුරුව සිටි චන්දරේ ඒ වෙද්දී කසිප්පු ගබඩා කර තිබී ඇත්තේ නිවසේ වැසිකිලිය තුල තබා ඇති බාල්දිය තුලය. එය ඇත්තටම චන්දරේගේ පවුලේ අයවලුන් වැසිකිලිය තුල භාවිතා කරන බාල්දියම බැව් චන්දරේ ගැන පැවසූ මිතුරා මට කීවෙහිය.

ගුරුන්ටත් අකුරු වරදින දවසක් එනවා සේම චන්දරේට වැරදුන දිනයකුත් ඇත. මේ කියන දිනය වන විට චන්දරේ බඩු ගබඩා කරන්නේ පෙර පාසල් යන තම පුතුගේ වතුර බෝතලය තුලය. හදිසියේ නිවසට පැමිණි පොලීසිය

බොරු නොකියා ඇත්තම කියපන්...කොහෙද බඩු හංගලා තියෙන්නෙ...

අනේ සෑර් මම දැන් ඒ බිස්නස් එක නවත්තලා ගොඩක් කල්...මම දැන් ගගේ වැලි ගොඩ දාලා ජීවත් වෙන්නෙ...ඕනෙ කෙනෙක්ගෙන් අහලා බලන්න..

චන්දරේගේ පුංචි පුතා දුටු පොලිස් නිලධාරියෙක්...ඔහුව තනිකරගෙන හෝඩුවාවක් ගැනීමට ටොපී චොකලට් ආදිය දෙන බවට පොරොන්දු වූ පසු,

මාමි මාමිලාට ඕනෙ අලක්කුද ? ඒවා මගේ වතුල බෝතලේ ඇතුලෙ තියෙන්නෙ....

තටු ඇකුලුනු චන්දරේ නැවත ගෙදර පැමිණි දිනෙක තම පුංචි පුතාට කියා ඇත්තේ...බලපන් උඹ එක එකාට අරක්කු තියෙනවා කියන්න ගිහින් තාත්තට වෙච්ච දෙයක්...ආයෙමත් එහෙම කිව්වොත් තාත්තට මාස ගාණක් ගෙදර එන්න බැරි වෙයි. ඒ හින්දා අදුනන්නෙ නැති උන් අරක්කු තියෙනවද කියලා ඇහුවොත් දන්නෙ නෑ කියපිය. එදායින් පසු මේ පොඩි එකා කට හොල්ලා නැත.

පොලීසියට කී පරිදිම චන්දරේ උදේ වරුවේ වැලි ගොඩ දැමීමේද නිරත වී ඇති චරිතයකි. අඩි 15 - 20 පමණ දිය යට කිමිදී වැලි කැනීම කරන නිසා පාරුව තල්ලු කරන්නට උපයෝගී කරගෙන ඇත්තේ ඊටත් වඩා දිග රිටි කීපයකි. දිනක් ඉවුර ආසන්නයට වැලි පිරවූ පාරුව ලගා වෙමින් තිබියදී පාරුව පැදවූ පුද්ගලයාගේ අත වූ රිටේ දිග මදි වී ඇත්තේ ගගෙහි වූ වැලි වලක වැටීමෙනි. වහාම තම අත වූ රිට ඔහු දෙසට යොමු කල චන්දරේ,

ඕක දිග මදිනම් යකෝ මේරිට ඔබපන්........

ඒ වෙද්දි මේරි නම් තනිකඩ මැදිවයසේ කාන්තාවක් නාන මංකඩේ රෙදි සෝදමින් සිට ඇත.

ඈ බොල මේරිට ඔබන්න...ඊට නරකද උඹේ අම්_ _ ######$%%%%%%%#### නම්....වල් වනචරයා...





මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා..


ප.ලි

ඡායාරූපයන් admin.lankadeepa.lk අඩවියෙනි.

119 comments:

  1. අඩේ කසියා ගද තමා උහුලන්න බැරි. සිරා අයියා දන්නවද පලතුරු කසියත් තියනවා ඒවානම් සුවදායී

    මේක හොද විකල්පයක් පිටරටට යන සල්ලි ටික ඉතුරු කරන්න...

    සිරා අයියත් මේරිට ඔබලා වගේ ...........

    ReplyDelete
    Replies
    1. කසිප්පු ගද කියන්නෙ මොළේ නිකං කුරුවල් වෙලා යන සැරක් ඒකෙ තියෙන්නෙ... ගද එහෙමනං බොන උන්ගෙ බොකු බඩවැල් කොහොම ඇතිද....මේරිට ඔබන්න මම පාරු පැද්දෙ නෑ නොවැ...ඉදලා හිටලා ගංවතුරෙදි පැද්දෙ තෙප්පං...

      Delete
  2. රටටම කසිප්පු බෙදපු දන්කොටුවෙත් අද කසිප්පු බෝතලයක් හොයන එක පුදුම අමාරුවක් බන්,,ඒ උනාට පුද්ගලික පරිභෝජනයට පෙරා ගන්න ලොක්කෝ ඉන්නවා,අන්න බඩු, ඒව නම් ශරීරයට විසක් පේන්නත් නෑ,ඔය අපූරුවට 75 පන්නන්නේ,

    ReplyDelete
    Replies
    1. දංකොටුවෙත් බඩු නෑ කියන්නෙ ලොක්කා මතට තිත හරියටම තියලද ?

      Delete
    2. මේ ඉන්නේ සබ්ජෙක්ට් කාරයෝ..

      Delete
  3. ape pattet baratama kashiya thibba dan bethakata hoyaganda ne appa. Sira ayyatat mehata wela kadi haliyak dan hitiyanam ahawarayne!
    By Manoj ND

    ReplyDelete
    Replies
    1. ඔව් බන්...පොලෝසියෙන් සපෝට් එකක් තිබුනා නම් එහෙම කරන්නත් තිබුනා...

      Delete
  4. මම මේ කල්පනා කලේ ඊයේ අරක්කු, අද කසිප්පු හෙට විස්කි??? :)

    මේ අර පොල්කටු තියන්ට කියෙන්නේ රා බොන්ටද?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ...මේවා කියවන්න කාන්තා පරාණ එතරම් කැමති නැති බව මගේ අක්මාවට දැනෙන නිසාම...ඊළග කථාව වෙනස් එකක්.....

      පොල්කටු තියන්න කියන්නෙ රා බොන්න නෙමෙයි...මිනිහා ගෙනියන පොල්කටු තමයි බලශක්තිය විදියට පාවිච්චි කලේ කසියා පෙරන්න...ඒ කිව්වෙ ඒවා තමයි දර වෙනුවට භාවිතා කලේ...පොල්කටු වලින් දර වලටත් වඩා සෑහෙන රස්නයක් ගන්න පුලුවන්ලු...

      Delete
  5. මේවා ගැන කියනකොට ඉදිරියෙන්ම ඉන්නේ දන්කොටුව ඒවා තමයි.....

    ReplyDelete
    Replies
    1. ඔය ඉහළින් කියලා තියෙන්නෙ දංකොටුවෙත් දැන් බඩු නෑ කියලා...

      Delete
  6. ඔය කිව්වත් වගේම අලුතෙන් පෝස්ටුවක් දාලා නෙව කසිප්පු ගැන. අඩේ තවත් පෝස්ටුවක් දානව නෙවෙද මේ ගැන. මං දැකලම නැනෙ හැබෑටම කසිප්පු පෙරන තැනක් මේ පින්තුරවලින් ඇරෙන්ඩ. මං අහල තියෙනවා කසිප්පු විකුනන පිරිමින්ගේ හාමිනේලත් පිරිමින්ට ඊටම දෙවෙනි නෑ කියලා...

    ReplyDelete
    Replies
    1. මත්පැන් ගැන තව ලියන්න බොහෝ දේ තියෙනවා...නමුත් දැනට නවතිනවා...මමත් කසිප්පු පෙරන වෙලාවක ඒ තැනකට ගිහිල්ලා නෑ.

      මිනිහා මහඋළුගෙදර බඩගෑවම බඩ වියත රැක ගන්න මිනිහගෙ ගෝල බාලයොත් එක්ක ගෑණු පරාණෙ වැඩට බහින හින්දා තමයි කසිප්පුත් එක්ක කාන්තාවනුත් සම්බන්ධ වෙලා තියෙන්නෙ...

      Delete
  7. අපේ නම් එකෙක් ඉන්නවා ගෙදර හදන්නේ කොත්තමල්ලි වලින්.. රසයි සුවඳයි.. ඒ වගේම බොහොම ගුණයි කියලත් කියන්නේ.. ගුණ අගුණු ගැන නම් දන්නෙ නෑ.. රසයි සුවඳයි නම් නියමෙටම තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ දුරු කොටල කොත්තමල්ලි කොටල හදන තුනපහේ ගැන වෙන්ටැති...

      Delete
    2. පස්පංගුව... ^_^

      Delete
    3. වෙනිවැල්ගැට එහෙමත් දානව ඇති.

      Delete
    4. වෙරි වෙනවද ? සිරාවටම අහන්නේ..

      Delete
    5. තව ටික දවසකින් ලස්සන ලේබලයක් ඇලවිලා වෙළද පොලට එයිද දන්නෙත් නෑ හන්දි පත් රුදාවට ක්ෂණික සහනය කියලා...

      Delete
    6. ඇයි බං තරලසාර කියලා ආවේ ඕව තමා.

      Delete
    7. මචංස්ලා.....බොරු නෙමේ.මගේ යාලුවෝ ඉන්නවා මහවැව.ෆ්ලේවර්ඩ් කසිප්පු තියෙනවා.එවා ඕඩර් වලට විතරයි හදන්නේ. ෆ්ලේවර් එක කිව්වාම පහුවදා හැන්දෑවට ගත්ත හැකි.මචං කිසිම අමිහිරක් නැතිව බිව්වැහැකි.ටොප් බඩු.නෙල්ලි එක තමයි මම ආසම.

      Delete
    8. මේක නම් අලුත් ආරංචියක් ගොයියො..බඩු සුපිරි නම් සීල් බෝතල් වලට දාලා දුන්නත් පාඩු නෑ නොවැ...

      Delete
  8. චන්දරේ ගේ සිස්ටම් එකට අපිට අරක්කු ටැංකියක් හදාගන්න පුළුවන්.. නියම විස්තරයක්.. හැබැයි පොඩි එකාට බොරු කරන එක නං වැරදියි චන්දරේ...

    ReplyDelete
    Replies
    1. අන්න හරි...මමත් මිනිහව මුලිච්චි උනොත් ඔය කථාවම කියන්න ඉන්නෙ...කවුද දන්නෙ මිනිහා පුතාවත් තමන්ගෙ අඩි පාරෙම යවන්න හදනවද කියලා...මේ දේශීය කර්මාන්තය රැක ගන්න.

      Delete
  9. අපේ ගමේ කසිප්පු මුඳලාලි තමයි ජානක...ඊයෙත් පොලිසියෙන් කොටු කරා..වැඩක් නෑ..අපි දන්නවා හෙට ඇප පිට ඌ එලියේ කියලා...මේ මනුස්සයා නම් කසිප්පු පෙරනවට අමතරව තනියම ගෑනු ඉන්න ගෙවල්වලට රෑට පනිනවා...ඒ හින්දා ඌට බූතයා කියලත් කියනවා..

    නිතරම අම්මා තාත්තා එක්ක රණ්ඩු වෙනවා...ඉඩ කඩම් ඉල්ලලා..දවසක හොඳට විඳවලා ඌත් මැරිලා යාවි කියලා මට විශ්වාසයි..හිරේ කියන්නේ දැන් එයාට නිකන් ගෙදර වගේ...ගමේ ගිහින් එනවා වගේ හිරේ ගිහින් එන්නේ... :D

    අර කිවුවා වගේ කීපාරක් හිරේ ගියත් කසිප්පු පෙරන එක නවත්තන්නේ නෑ...එලියට ආපු ගමන් පටන් ගන්නේ ඒක.

    //ඕක දිග මදිනම් යකෝ මේරිට ඔබපන්........// හිකිස්..... :D :D

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තෙ නම් කසියා විකුණපු එකෙක්වත් ලෙහෙසියෙන් පහසුවෙන් යටියන්තොට ගියේ නෑ...විදවලම තමා මැරුනෙ...ගෑණු ඉන්න ගෙවල් වලට පැනලා උන්ව බදා ගන්න යන උන්ට අපේ පැත්තෙ කියන්නෙ ග්‍රීස් යකා නැත්නම් බූලා...

      Delete
  10. //'අදටත් මේ කලුවා ජීවත් වුවත් ඇවිදීමට හැකියාවක් නැත. ඔහුගේ ව්‍යාපාරයටද එමගින් තිත තැබිනි. පසුකලෙක කලුවාගේ බිරිද කලුවාගේ අතවැසියෙකු සමග ගමෙන් වහං වූ බවක්ද දැනගන්නට ලැබිනි"// මං අහල තියෙන කස්ප්පු කතා ගණනාවක අවසානය ඔය වගෙයි. එක ස්වභාවධර්මයේ දඬුවමද කොහෙද ?

    ReplyDelete
    Replies
    1. ඒ වගේම තමයි මස් කඩ පවත්වාගෙන යන පිරිසත්...වැඩි ආයුෂ විදින්නෙ නෑ...

      Delete
  11. මම පාරක කේස් එකකට උසාවි ගියානේ. මගේ අම්මෝ බං තියෙන කසිප්පු නඩු! උසාවියේදි කසිප්පු වලට මොකක්ද නමක් කියනවා බං 'කේටාල්' වගේ... මට මතක් නෑ.

    ReplyDelete
    Replies
    1. කසියා කියන්නෙ ඉතිං දේශීය නිෂ්පාදනයක්නෙ...වතාවක් මගේ යාලුවෙක් සීනි තොග කඩයක් කලා එච්චර ලොකුවට සීනි විකුණන්න අවශ්‍යතාවක් නැති තැනක...පස්සෙ තමයි තේරුනේ උගෙන් සීනි ගන්න එන්නෙ කසියා පෙරන උන්...පාරෙ වැඩේ ගොඩ දාගත්තද ?

      Delete
    2. මට මහන්සි මම යනවා

      Delete
    3. ගොඩ දාගත්තා බං, ඒ වුනාට මාර ගානක් වියදම් වුනා ලෝයර් ඩබලක්ම අල්ලපු නිසා. ඇයි වැඩිය කරන්නේ නඩුව කල්දාන එකනේ. ඒක අහගන්නත් දෙන්නටම පිදේනිය ගෙවන්න ඕනේ.

      Delete
    4. @ chami foyu

      උඹ දාලා තිබ්බ විකාර කමෙන්ට් මකලා මට මහන්සි බොල...යුනිකෝඩ් වලින් ටයිප් කරන්න තාම හුරු නැති නම් වෙන තැනක පුරුදු වෙයන්...කාමරේ අවුල් නොකර....

      Delete
    5. මේකා මගේ එකත් වනසලා තිබුණා අද? මං කුණු හපර ටික විතරක් මකලා අනිත්වා ඉතුරු කොළා පොඩි එකාගේ ආසාවනේ කියලා හිතලා

      Delete
  12. ලන්කවෙ හැමතැනම කසිප්පු පෙරන අයගෙ විස්තර එක වගෙයි නේ.

    ReplyDelete
    Replies
    1. මොකද කසියා පෙරන්නෙ හැමෝම වහන් වෙලා නොවැ...අන්න ඒකයි කාරණේ.

      Delete
  13. මම කුඩා කාලයේ ජීවත්වූ කෑගල්ලේ හෙට්ටිමුල්ල ප්‍රදේශයේ කසිප්පු පොළකට පොලිසියෙන් පැන්න'ලු' (මෙතන ඉඳලා ඔක්කොම ලු යනු ඒ විදිහයි) ඉතින් කසිප්පු පෙරන්නායි බොන්ඩ ආව යයි ඔක්කොම පණ එපා කියලා දිව්වලු. එක මිනිහෙක් දුවලා දුලා ගිහින් මහා හබරල ගාලක හැංගිලා ඉන්නකොට ලොකු චූ බරක් ආවලු. මිනිහා එහෙමම හිටගෙන චූ කලාලු. නමුත් චූ ඔක්කොම ඇඟට විසිවෙනවලු. මිනිහා තමන්ටම කියාගත්තලු 'නොදකින් අද .....ජත් පස්සට එන්නේ' කියලා. බලනකොට මිනිහා පොලීසිය එයි කියලා වටපිට බල බලා ලොකු හබරල කොලයකට තමයි චූ කරලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ දුවපු කෙනා විචාරක නෙමෙයි ලු. :D

      Delete
    2. හැබෑටම විචාරක තුමා නම් කසියා ගැහුවා කියලා හිතන්න අමාරුයි...කාටද මේ වැඩේ උනේ...

      Delete
    3. පොහ්..........අර නියම දන්කොටුව පලතුරු ස්පෙෂල් එක කොහොමද. හැබැයි ඉතින් ඒවා ගරු ගාම්භීර විදිහට (සමහරවිට පොලීසියත් එක්ක) තමයි රස බැලුවේ.

      Delete
  14. කසිප්පු නං මොනාද මෙයා...

    අර Celebration Vodka හෙවත් කඩුවෙල වොඩ්කා එකක් ගැහුවා නම් ඔර්ජිනල් කසිප්පු තමයි. පෙර පෙර ඉන්න දේකුත් නෑ. රැස් පිට ගහන්න පුළුවන්. පොලිසියෙන් අල්ලන්නෙත් නෑ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. Celebration Vodka කියන්නෙ ලේබලේ අලවලා බාර් එකට එන අලුත් වර්ගයක්ද මලේ...මම දන්නෙ නෑනෙ...

      Delete
  15. ඔන්න ගම්පහ පැත්තෙ කසිය ‍පෙරන පොට් එකකට පොලිසිය පැනල. පොලීසිය හොරෙන් හොරෙන් ලඟාවෙද්දි බටේ අල්ලගෙන ඉන්න එකා කියනවලු "මොකද දන්නෑ අද පරක්කු" කියල. "ලම්පහ ඉඳලම එන්න එපැයි ඒකයි පරක්කු" කියාගෙන පොලීසිය පැන්නලු.

    ReplyDelete
    Replies
    1. හා හා බටේ අල්ලගෙන හිටපු එකාට තනි ඇහැට ඇඩෙන්න ඇති...පට්ටයි. සිරා කොලුවත් ගම්පහ එකෙක් තමයි...

      Delete
  16. පත්තරයක සෑරයක් දෑක්කා ටෑප් ලයින් එකෙන් කසියා බෙදලා අහුවෙච්ච සීන් එකක්.මතක විදියට බදුල්ල පෑත්ත වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කසියා පෙරන උන්ට කසියා සැර මොළේට ගහලා වැඩි උනාම නව නිපැයුම් කරන්න අදහස් පහළ වෙනවා...ඒකත් එහෙම අවස්ථාවක් වෙන්ට ඕනෙ...

      Delete
  17. ගෙදර ගිහින් කියවන බව දැනුන් දෙමින් දැන් යන්නම්.

    ReplyDelete
    Replies
    1. හොදා හොදා...පරිස්සමෙන් අයින් වෙලා යන්න...

      Delete
    2. කසියා වඩියක් එවන්නද නදිනිටත්.

      Delete
  18. දර දාල, පොල්කටු දාල, ගෑස් වලින් කව ටිකක් දවස් යනකොට මයික්‍රෝ වේව් වලිනුත් පෙරන්න පටං ගනියිද මන්ද.
    මේ පැත්තෙනං තාමත් බඩු තියෙනව තැං තැං වල.

    මේ රිට දාපං කිව්වහම මට හිතුනෙ අරූ සරම උස්සල උගේ රිට පෙන්නුව කියල.

    ReplyDelete
    Replies
    1. සරම උස්සලා උගෙ රිට පෙන්නුවා නම් එකක් කියලා ඌට හිතෙන්න ඇති නිරපරාදෙ මේරිගෙන් අහ ගත්ත කුණු කථා හින්දා...

      Delete
  19. රිචා අවසානයේ "යටියන්තොට" ගියා කිව්වේ අපායේ ගියා කියල නෙහ්.. මම බැලුවේ යටියන්තොට මම නොදන්නා රිචා කෙනෙක් ඉන්න බෑනේ..

    චන්දරේගේ උප්පරවැට්ටි ඔක්කොම හොඳයි. පොඩි එකාගේ වතුර බෝතලේ හැංගුව එක තමයි අවුල.

    ReplyDelete
    Replies
    1. කොල්ලො ඔය කුපාඩි කමට යටියන්තොට ගියා/වලකජ්ජ ගැහුවා ආදී ලෙස කියන්නෙත් මැරුනා කියන එකමයි...බිස්නස් එක අමාරුවෙන් ගොඩ දාගන්න වෙලාවෙ වතුර බෝතලේ කාගෙද කියන එක චන්දරයට අවුලක් වෙන්න නැතුව ඇති.

      Delete
  20. මෙව්වා අපට වැඩක් නැතෝ!

    ReplyDelete
    Replies
    1. අන්න හරි නගේ...ඔන්න ඔය වගේ බොක්කටම වදින්න කමෙන්ට් කරනවට තමයි මම කැමති බොරුවට සුදු හුණු ගාන්නෙ නැතුව... ඊළග එකවත් බලමු එහෙනම්..මක්ක කොරන්නද ?

      Delete
  21. ඔක්කොමත් හර්හි අන්තිම වාක්‍ය නම් ලෙසටම ලියල තියෙනවා හැක් හැක් හැක්

    ReplyDelete
    Replies
    1. මේරි දන්න සේරම කුණුහබ්බ නාන මංකඩේ අත ඇරියා කියලයි මට ආරංචි උනේ...

      Delete
  22. කසියා බී නොමැත.. නමුදු සාදනවා සහ පොලීසියෙ මාමලා අල්ලනව දැක ඇත......

    ReplyDelete
    Replies
    1. කසියා මම බීලත් නෑ බන්...නහයක් තියෙන එකෙක් කොහොම බොන්නද...

      Delete
    2. හා..හා එහෙම කියන්න එපා කොලුවෝ මේ තියෙන්නේ ඕක ප්‍රනීත පානයක් කරගන්න විදිහ. සැහෙන පරණ රෙසිපියක්
      http://helapakade.blogspot.com/2013/08/81.html

      Delete
    3. බොලේ මේ අපේ හැලපයියා නේද...ඔය ඉන්නෙ සබ්ජෙක්ට් එකේ හසල දැනුම සහිත අය..

      Delete
  23. මමත් ඔය පලතුරු වර්ගය පාවිච්චි කරල තියෙ...ඉස්කෝලෙ යන කාලෙ...හැබැයි ඒක බීල ටික වෙලාවකින් මට ඉස්සර තිබුන ගස් ඔක්කොම බිමට වැටුන......හරි ආතල්...පස්සෙ බලනකොට වැටිල තියෙන්නෙ මාව...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ පුංචි මොළේටම කසියා පාර වැදිලා....බයිට් එකට මොකුත් ගත්තෙ නැද්ද ?

      Delete
  24. සීනි පන්සීයට බෝතලයයි..රට ඉඳි , අන්නාසි පොඩි ගෙඩියක් ( හැබැයි පොඩි කැස්සක් එනවා අන්නාසි දැම්මම ) , වරකා පළුවක් දාලා ගත්තනම් කිසිම චා ගඳක් නැති පිරිසිදු ඖෂධීය පානයක් ලැබෙනවා. වියදම බෝතලෙටම 300 ක් වගේ. සීනි 4 ක් ගින්නක් නැතුව ගහන්න පුළුවන් කළේක. වියදම 1200 ක් යයි වැඩිම. අලුත් කළයක ෆස්ට් ටයිම් ගහද්දි කළේට කාඩිය පොඩ්ඩක් උරනවා..

    ( මේක තේරෙන්නේ සබ්ජෙක්ට් කාරයන්ට විතරයි ඕන්. මදි පාඩුව කාපර්ලා පුරවයි )

    ReplyDelete
    Replies
    1. සබ්ජෙක්ට් එක දන්න උන් සහන්ට උදව් වෙයල්ලකො කසිප්පු වඩියක් පෙරන්න කාමරේ ඇතුලෙ...

      Delete
    2. වැරදියි වැරදියි වැරදියි. ඔහොම කරොත් බොන්න පුළුවන් කෝඩියල්. තියරිය එකක් ප්‍රැක්ටිකල් තව එකක්

      Delete
    3. දවස් 5 ක් විතර පස්සන්න ඕනේ:P වැරද්දක් නැහැ බන්. අත්දුටුයි . ( දැන් සීනි මිල ගැන නම් නොදනී )

      Delete
    4. තරහා නැතුව නිශාන්තගේ ක්‍රමෙත් දැම්මා නම් ලේසි අපිට කාමරේම පෙරා ගන්න..

      Delete


    5. http://imageshack.us/photo/my-images/542/de4y.jpg
      මෙන්න තියෙනවා දළ සටහන

      01. හැමෝම ගන්නේ තඹ බටේ කල්පැවැත්ම උදෙසා. නමුත් සාර්ථකම ප්‍රතිඵල තියෙන්නේ ඇලුමිනියම් බටෙන්. එදිනෙදා ගේ දොර පාවිච්චියට හදනවා නම් ඇලුමිනියම් බටයක් නමලා ගත්තත් සාර්ථකයි. අඩි 3 ක විතර අඟල් කාලේ බටයක් ගන්න. ලියවන පට්ටලේකට දීලා නමා ගන්න. වැලි දාලා නමන්න ගියාට බැහැ, බටේ කැඩෙනවා.

      02.

      03. වර්ගඵලය අඩි 2යි දෙකේ ශීට් කෑල්ලක් ගන්න. මැදින් හිල් කරන්න. ඒ සිදුර මැද්දෙන් කළේ සිට එන බට කෑල්ල යවන්න. ඊට පස්සේ දෙවෙනි මුට්ටිය තියන්න. දෙවනි මුට්ටිය වතුරෙන් පුරවන්න ඕනේ. ලීක් නොවෙන විදිහට ඇටවුම් සියල්ල හදාගැනීම ඔබේ වගකීම. මේ ආකාරයට ශීට් කෑල්ලක් තියන්නේ දෙවෙනි මුට්ටිය ගින්දර රස්නේ වැදිලා රත් වෙන එක වළක්වා ගන්න . ශීට් කෑල්ල අනිවාර්ය නැහැ..



      04. ටැප් එකෙන් වතුර යාන්තම් වැටෙන්න ඉඩ හරින්න දෙවෙනි මුට්ටියට. උතුරා යන ජලය පිටව යෑමට මෙම බටය යොදන්න. ඔබේ දක්ෂතාවය මත මෙය සකසා ගන්න. නැත්නම් ළිප නිවෙයි වතුර ගිහින්..

      05.
      06.
      07.


      08. මෙන්න මේ ටික ලීක් නොවෙන්න හරියටම හදා ගන්න ඕනේ. මෙතන වැරදුණොත් හරි ලීක් උණොත් හරි ප්‍රොජෙක්ට් එකම අසාර්ථකයි...


      මේ තියෙන්නේ ඉතාම සරළව නිවසේදී සදා ගන්න පුළුවන් ඇටවුමක්. මේ මගුල හදාගන්න වැඩි වියදමක් යන්නේ නැහැ.තඹ බටෙයි , හෝර්ස් කෑලි ටිකයි , සීල් කරන්න ගන්න අයිටම් වලටයි 1500 වගේ යයි.. වෑල්ඩින් ෂොප් එහෙකින් පාස්ස ගන්න පුළුවන් උනොත් ඉතාම සාර්ථකයි.. ( හැබැයි එක එකා ළඟට යන්න එපා බොක්කේ ෆිට් එකක් නෙවේ නම් මේවා උස්සන් යන්න එපා වෑල්ඩින් කරන්න )


      කාඩිය එක එක විදිහට හදනවා. ඒ ගැන තව තොරතුරු අනිත් අය දැම්මොත් වටිනවා..


      Delete
    6. දවස් 5 ක් පමණ පල් වූ පසු කාඩිය රැගත් කළය නටන තෙක් ගින්දරෙන් රත් කරන්න.

      නටන මට්ටමට රත් වූ පසු ගින්දර අඩු කරන්න. සෙමෙන් සෙමෙන් තඹ බටය හරහා ඖෂධීය පානය පැමිණෙනු ඇත.

      ගින්දර වැඩි උනොත් වාෂ්ප අහක යාවි. ඒ නිසා මද ගින්නේ රත් වෙන්නට ඉඩ හරින්න. ගින්දර මදි උනොත් වාෂ්ප එන්නේ නැතුව යාවි. ගාණට මිම්මට ගින්දර තියාගන්න ඕනේ..

      දෙවෙනි මුට්ටියේ තියෙන වතුර විනාඩි 15 ක් වගේ යද්දී රත් වේවි. රත් වෙන්න වෙන්න වතුර මාරු කරන්න. ඉහත ඇටවුම හරියට හදාගත්තොත් අමතර වෙහෙසකින් තොරව වතුර ටික ඉබේම මාරු වේවි..:)

      ටිකක් මහන්සි වෙන්න ඕනේ . කියන තරම් ලේසි නැහැ කරන්න ගියාම. සීල් කරගැනීම් සහ සුදුසු බට භාවිතය තුලින් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය..



      Delete
    7. සිරෝ කාමරේ දොර වහපන් . කව්රු හරි ආවොත් හරි නැහැ..

      Delete
    8. මික්සර් එකට ගොඩක් පලතුරු දාන්න බැ. සීනි ගතිය උපරිම තියන පලතුරු විතරයි සෙට් වෙන්නේ. අනික පලතුරු ප්‍රමාණය ආසන්න වශයෙන් ජලයෙන් 1/8 විතර වෙන්න ඕන. වරකා, වැල දානවනම් ගොඩක් දාන්න බැ. පැහෙන්න දවස් 5යි ඊස්ට් සමග උපරිම 7යි ඊට වැඩි උනොත් වැඩක් ගන්න බැ.සරලම ක්‍රමේ නම් මාරයා දාලා තිබ්බා. ඉරමුසු පොල්පලා කොත්තමල්ලි වගේ දේවල් පෙරන්න ගන්න දවසේ උදේ පොට්ටනියක් බන්දලා දාන්න ඕන. මොකද ආසවනයට උත්ප්‍රේරක සහ භාදාවක් නොවන දේවල් විතරයි සුළු වශයෙන් කලින් මික්ස් කරන්න පුළුවන්. නැත්තන් අවසානයේ අඩියේ තලපයක් ඉතිරි වෙනවා. ඕක ඉතින් 1 ෂොට් සාර්ථක ප්‍රතිපල ගන්න බැ. අතේ හුරුව තමයි

      Delete
    9. දෙදෙනාටම බොහොම ස්තූතියි..හීනියට අඩියක් ගහන්න මග පෑදුවට...

      //ඉහත ඇටවුම හරියට හදාගත්තොත් අමතර වෙහෙසකින් තොරව වතුර ටික ඉබේම මාරු වේවි..:)//

      මේක දැකලා මගේ බොක්කත් පාත් වුනා හිනා වෙලා...

      Delete
    10. දැන් බලද්දී මායි නිශාන්තයි විතරද කසිප්පු කාරයෝ මේකේ ..?

      Delete
    11. ඒකනේ අනිත් උන් ඔක්කොම සිල් අරන් වගේ...

      Delete
  25. කසිප්පු කතා මහ රාශියක් මතක් වුනා බං උඹගෙ අපූරු පෝස්ට් එක කියවපුවම.බලපුවම හැම ගමකම ඉන්න කසිප්පු කාරයෝ එක සමානයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනේ අයියේ ලියහන්කෝ එව්වා..

      Delete
    2. බොලා මීට කලිනුත් කසිප්පු කථා ලියලා තියෙන බවක් උඩ කමෙන්ටුවක මම දැක්කා...තව තියනවානම් ලියමු ඉතිං...

      Delete
  26. මා ඔය අසබඩ ජිවිතේ ගෙවන මං තුමාට මේක අමුතු බිස්නස් එකක් නෙවෙයි! ඕනේ තරම් ඇති පදමට! අදටත් හොරෙන් හොරෙන් තැන් තැන් වල වෙනවා.. හැබැයි ගොඩක් අඩුයි!

    ReplyDelete
    Replies
    1. දැක්ක දේවල් එකක් දෙකක් ලියහංකො...කම්මැලි කම් කරන්නෙ නැතුව...

      Delete
  27. මම නම් බිව්වෙ පොල් රා වලට බෙහෙත් නෙල්ලි,ඉරමුසු වනේ කොටලා රා කලේ දින දෙකක් පැසෙන්න තබා පෙරාගත් බඩු.

    ReplyDelete
    Replies
    1. ඒ හින්දා වෙන්ට ඕනෙ කෙන්ජි අයියා යෝධ බල යෝධ වීර්යය ලැබුවෙ...

      Delete
  28. අපේ ගමෙත් හිටිය අපි පොඩිකාලේ මාර පොරක්... කරන්නෙම නීතියට පිටින් යන වැඩ.... මුලින්ම උ ගල්කටස් තුවක්කු හදල මට්ටු වෙලා හිරේ ගිය...... ඊට පස්සේ 5හේ කාසි හොරට හදල හිරේ ... ඊටත් පස්සේ හොඳ 5හේ කාසියි රත්තරනුයි කලාවන් කරලා තව ජාවාරමක්....... අයෙත් එකත් අහුවෙලා හිරේ ගිහින් ඇවිත් දවසක් පොර පාරේ යන කොට අපේ අයියයි මමයි යන ඉස්සරහට ආවා..... අයියා පොරගෙන ඇහුව දැන්වත් ඔය වැඩ නවත්තල දනවකෝ කියලා ... පොර කියනවා අනේ මහත්තයෝ දැන්නම් මම ඔය දහජර හොර වැඩ ඔක්කොම නවත්තලා ගග අයිනේ පොඩි ඉඩම් කැල්ලක් අරගෙන පාඩුවේ ටිකක් පෙරාගෙන විකුණන් පාඩුවේ ඉන්නවා කියලා ..... ඊට ටිකදවසකට පස්සේ මෙන්න මුව අයෙත් පොලිසියට අල්ලන් ගිය.... ගඟ මැද දුපතක කසිප්පු පෙරලා මෙගොඩ තියෙන ගෙදර නලලිදෙන් තමයි බඩු බෙදා හැරලා තියෙන්නේ කොහොමද ටිකිරි මොලේ .......

    ReplyDelete
    Replies
    1. අන්න ඒ වගේ නව නර්මාණ කරුවන් නිසි මගට අරන් හැකියාව වර්ධනය කරගන්න අත හිත ආණ්ඩුවෙන් දුන්නා නම් සිරි ලංකාව බලන් ඉද්දි දියුණු වෙන්න ඉඩ තිබුනා...

      Delete
  29. මොනව වුනත්, කසිය බිස්නස් කරපු එකෙක්ටවත් හරි ගියේ නං නෑ. අපේ ගමෙත් හිටිය පොරවල් කීපයක්, පවුල්පිටිං හැඳිගෑවිලා ගියේ.

    සිරාගෙ සුපුරුදු ශෛලිය ආයෙත් දකින් ලැබීම සතුටක්. ජය වේවා!

    උඹේ මැලේ ජීවිතය ගැනත් පෝස්ටු කීපයක් දාහං.

    ReplyDelete
    Replies
    1. මැලේ ජීවිතය ගැන මැලේ රාළ ලියන එකේ මම ටික දවසකට පස්සෙ ඒ ගැන ලියන්න කම්පනා කොලේ...අපේ පැත්තෙත් කසියා විකුණපු එකෙක්වත් ලේසියට පහසුවට මලේ නෑ ගොයියො...

      Delete
  30. අනේ සිරාකොලුවෝ උඹලා තමයි බං ආර්ථික ඝතකයෝ.
    මේ තරම් විදේශ විනිමය ඉතිරිකරන දේශීය ව්‍යාපාර වලට වල කපනවනේ..:D
    දැන් බලහන් මේවා පෙරන උන්ගේ මොළ.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බොලං ඔය ඉහළ කමෙන්ටුවක මම කිව්වෙ මේ වගේ නව නිර්මාණ කරුවන්ට රජය අත සහ හිත දුන්නා නම් සිරිලංකාව අද සුරපුරක් කියලා...

      Delete
  31. සිරා අයියේ...අන්තිම කෑල්ලට ඉල ඇදෙන්න හිනා...:D :D

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඉල ඇදගන්න එපා...මගේ කකුලට බෙහෙත් කරපු වෙද මහත්තයත් ජීවතුන් අතර නෑ බේත් බදින්න...

      Delete
  32. Replies
    1. ඊට යටින් සියරට දේ සිරිසැප දේ...

      Delete
  33. ජීප් එකේ රෙන උන් කෙසේ වෙතත්, පොලිස් කූඩුවෙ රෙන උන් ගැන නම් අහල තියෙනවා බං.

    මේරිගෙ එක ගැඹුරුද මචං?

    ReplyDelete
    Replies
    1. චන්දරයා උඹලා පැත්තට වෙන්න ඉන්න එකෙක්ලු...පොඩ්ඩක් ඔය වැඩට යන එන ගමන් විපරම් කරලා අහලා බලලා මටත් කියහංකො ගැඹුරෙ ප්‍රමාණෙ.

      Delete
  34. පට්ට මොලයක්නේ.... ඌව පොලිසියට ගන්න තිබ්බේ....

    ReplyDelete
    Replies
    1. වෙන රටක නම් එහෙම වෙන්න තිබුනා...අපේ රටේ ඉතිං මොළ සුද්ධ කරලා නිසි මගට ගන්න වැඩපිළිවෙලක් නෑ නොවැ...

      Delete
  35. කොහොමෙයි බං මාලු ටැංකියෙ දාල තියන්නෙ..පට්ට ගඳක්නෙ තියෙන්නෙ..පොලෝසියෙන්..හැමතැනම ඉව අල්ලල බලනව්නෙ.

    ඇයි බං කාලයක් වයින් ඉස්ප්‍රීතු බීවෙ කට්ටිය..!නියම ලාම්පුතෙල් ගඳයි.

    ReplyDelete
    Replies
    1. මාලු ටැංකිය උඩින් පොඩි වහලයක් ගහලා ලයිට් දාලා වහලා ලගපාත බුදු පහනක් ලග හදුන්කූරු පත්තු කරලා තිබුනා කියලයි මට කථාව කියපු කෙනා කිව්වෙ....

      Delete
  36. මාත් දවස් දෙක තුනක් බීලා තියනව බං . හැබැයි තැන් කිහිපයකින් හැලියේ ගහපු බඩු , වැඩේ කියන්නේ ඒ දවස් අමතක නොවෙන දවස් වෙලාවක් ලැබුනොත් ලියන්නං.මෙන්න මේව්වාත් කසිප්පු කතා

    උඹ දැක්කද මේ කතාව

    එතකොට මේක

    මේකත් තවත් කසිප්පු කතාවක්

    ReplyDelete
    Replies
    1. හෙන්රියා මතු ආත්මෙක ගල් බෝතලයක් වෙලා ඉපදෙන්ඩ ඕන

      ලින්ක් එකක් දාන්ඩ උනහම ටුක් ගාලා උඩට ගියා ( කොහොමත් මම එන්ඩ කලින් ඌ හැම එකටම කමෙන්ට් කරනවනේ ) ෆෝපයිල් එක ක්ලික් කරා හෙන්රියගේ බොගට ගියා , html වැඩ කෑල්ල කොපි කරගත්තා , මගේ බොගට ගියා සර්ච් දිස් බ්ලොග් කරා ලින්ක් එක ගත්තා ඇදල ඇරියා ,

      ගල් නෙමෙයි උඹ පොල් බෝතලක්ම වෙයං

      Delete
    2. අටංගෙ කසිප්පු ලින්කු ටිකට ස්තූතියි....ඒ කිව්ව කසිප්පු කථා ටිකත් ලගදිම ලියවෙයි කියලා හිතෙනවා...හීනියට එකක් ලග නමාගෙන ලියහං....

      හෙන්රි අයියා ඊළග වතාවෙ ලංකාවට ආවම පොල් බෝතලයකට සැට් වෙමු....

      Delete
  37. මගේ අතීත මතකය හාර අවුස්සපු මතකයත්. මොකද ඉස්සර අපේ ආච්චිත් සල්ලි හොයාගන්න කරපු රස්සාව තමයි කසිප්පු විකිණීම. රුපියල් පහට කසිප්පු වීදුරුව ගුඩුස් ගා ගිල කාරා කෙළ ගහන මිනිසුන්, විටින විට සිවිල් පිට පනින පොලිස්කාරයන්, කසිප්පු බෝතල් හංගන සහ ගොඩගන්න විදි, පොලිසියට අහු නොවෙන්න ආච්චි දුවන හැටි, අහු උනාම පොලිස්කාරයන් ගතමනාව ගෙන මාරු වෙන හැටි සහ සමහරුන් අනුකම්පාසහගතව යම් බුරුලක් දෙන හැටි, ... etc etc etc . ඔව්වා තමයි ඉතින් අපි පොඩි කාලෙ දැක්කෙ.

    ආච්චි කළේ වැරදි වැඩක් තමයි. ඒත් ඒක එහෙමයි කියල නිකම්ම ලඝු කරන්න බැහැ නේද? මිනිස්සුන්ගෙ දරිද්‍රතාව, පරිකල්පනා මට්ටම, සමාජ මට්ටම ආදී ගොඩක් දේ ඊට බලපානව නේද?

    ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. සිරා කතාව මචෝ....

      Delete
    2. කථාව ඇත්ත...මහා පරිමාණ කසිප්පු ජාවාරම් කරුවො හැරුනු කොට සුළු පරිමාණ ගම්බද බොහෝ දෙනා කසිප්පු ව්‍යාපාරයේ නිරත වුනේ තමන්ගෙ දරු පවුල් රකින්න...

      Delete
  38. *මගේ අතීත මතකය හාර අවුස්සපු පෝස්ට් එකක්.

    ReplyDelete
  39. කසිප්පු කාරයන්ගේ කතානම් මාර ආතල් තමයි ..තව ටිකෙන් මේරිට ඔබන්න ගිහින් චන්දරේ කනවා

    ReplyDelete
    Replies
    1. චන්දරේට යට කිමිදිලා තව වැලි එකක් අරන් එන්න හිතෙන්න ඇති...

      Delete
  40. සිරා මේ කසිය ගෙන කතා කරනවා, දැක්කද මේ රටේ අපතේ යන කිතුල් ගස් ගොඩ ? ෂික් මේ ගොබ්බයො දන්නෙ නෑනේ ඕකෙන් අමෘතපානයක් හදන්න පුළුවන් කියල.. මට නම් දැක්කම හැමදාම හීල්ලෙනව. චන්දරේ ආවනම් හරි..

    ReplyDelete
    Replies
    1. චන්දරයා බිම වැඩ මිසක උඩ වැඩ කරපු එකෙක් නොවෙයි නොවැ....මමත් දැක්කා මීමුරේ පැත්තෙ ගිය වෙලාවක අපතේ යන කිතුල් ගස් ගොඩ....කිතුල් රා වලින් වැදුනම දවස් දෙක තුනක් යනවා කියනවා නේද බඩු බහින්න...

      Delete
  41. කසිප්පු විකුණන සහෝදරයින්ට බනින්න එපා බං. අඩුම ගානේ උන් ලුනු කැටයක් හරි නිකන් දෙනවනේ. බාර්වල බොන එවුන්ට ලුනු කැටයක්වත් නිකන් ලැබෙනවාද?

    ReplyDelete
    Replies
    1. ඇයි බන් පොලෝසියට මාට්ටු උනාම තවත් දේවල් නිකං ලැබෙන්නෙ...

      Delete
  42. මමත් දෙවතාවක් විතර කසිප්පු බීලා තියෙනවා, බියර්වලටත් සමහරවිට වෙරි වෙන මට කසිප්පු නිසා නම් මොකුත්ම වුනේ නෑ, ඉහින් කනින් දාඩිය දැම්ම එක හැර.

    ReplyDelete
    Replies
    1. එහෙනං..නියම ප්‍රමිතියට පෙරාපුවා වෙන්න ඇති...දාඩිය දැම්මෙ සමහර විට මදුරු කොයිල් එකක් කටු කම්බියක් වගේ මිශ්‍රණයට එක්කරලා පෙරපුවා නිසා වෙන්ට ඇති....

      Delete
  43. macho umbala kohomada ochchara hondata sinhala type koranne ?????

    "Kasippu Perapu Kasippuuuuuu"
    " Beewama Apata Kulappu"

    SPR

    ReplyDelete
    Replies
    1. සිංහල ටයිප් කරන්නෙ සිංහල යුනිකෝඩ් කියන පුංචි මෘදුකාංගය පරිගණකයට ඇතුලත් කරගෙන...මේ විදියට ටයිප් කරන්න නම් සිංහල කී බෝඩය පිළිබද අවබෝධයකුත් අවශ්‍යයි. මොකද ඉංග්‍රීසි අකුරු වගේ පිළිවෙලට නෙමෙයි සිංහල අකුරු තියෙන්නෙ...ඔබට ඒ පිළිබද අවබෝධය මදි නම් සින්ග්ලිෂ් ක්‍රමය අත්හදා බලන්න...එය පහසු වේවි. මේ ලින්කුවෙන් යන්න.
      www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

      Delete
    2. අඩොව් එල කිරිනෙ

      ඉස්තුති වෙවා ඔබ තුමාට

      ප්‍රොෆ්ය්ල් එකෙක් හඩා ගන්නත් ඔනෙ හෙමීට

      ඈනො කොමෙන්ට් චානෙ
      ජය .............

      "SPR"

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...