Sunday, April 6, 2014

102 කථා කරන පින්තූර

වචන දාහකින් වුවත් ප්‍රකාශ කරන්න බැරි දෙයක් ඉතාම පහසුවෙන් ඡායාරූපයකට කියන්න පුලුවන් කියලා බොහොම ප්‍රසිද්ධ අදහසක් තියෙනවා. ඒ කාරණය සත්‍යයක් බව ඔබට මේ ඡායාරූප කීපය දැක්කාම නිසැකවම හිතේවි.

මාසයේ පළමුවැනි ලිපිය ජාලයෙන් පෙරලලා අරන් එන එක නොවැ. මේ ඊයෙ පෙරේදා අහම්බෙන් නෙත ගැටුන ඡායාරූප කීපයක් මේ ලේබලය යටතේ අද සිරාගෙ කාමරෙන් ඔබත් එක්ක බෙදා හදා ගන්න මම තීරණය කොලා. මේ ඡායාරූප වලින් ඔබේ සිත් ගත් ඡායාරූපයත්...ඒ ඇයි කියන කාරණයත්...ඔබේ අදහස් එක්ක ගලපලා කමෙන්ටුවක් විදියට තබා ගියොත්...මෙතැන ලස්සන කථාවක් ගොඩ නැගේවි.

කොන්ස්තන්තින් ප්‍රෝනින් කියන්නෙ දෙවැනි ලෝක යුද්ධයේ අත්දැකීම් සම්භාරයක් ඇති වයස අවුරුදු 86 ක් වන විශ්‍රාමික යුධ සෙබලෙක්. දෙවැනි ලෝක යුද්ධයේ මතකයන් එක්ක බෙලරුසියාවෙ ඉදන් රුසියාවේ මොස්කව් නුවර වාර්ෂිකව පැවැත්වෙන ජයග්‍රහණයේ දිනය සමරන්න සෑම වසරකදීම ඔහු පැමිණෙනවා. නමුත් මේ වසරෙදි (2011 මැයි 9) ඔහු නියෝජනය කල යුධ හමුදා ඒකකයෙන් ඔහු පමණයි පැමිණ සිටියෙ. ඔහුගේ ඒකකයේ අනිත් අය හැමෝම දිවි ගමනෙන් සමු අරගෙන. ඔහුගේ මුහුණේ තියෙන ඉරියව් කෙතරම් දේ අපිට කියනවද ?

01

හබල් දුරෙක්ෂය මගින් ලබාගත්ත මේ ඡායාරූපයෙන් පෙනෙන්නෙ සිය ගනනක් වන තාරකා මණ්ඩල...එහෙමත් නැත්තං මන්දාකිණි. මේවායේ ඉතිහාසය අවුරුදු බිලියන 10 ක් පමණ ඈතට දිවෙනවා. මේ පෙනෙන ග්‍රහ වස්තු අතරෙ තවත් ජීවී විශේෂ ඉන්න බැරිද...ඒ දිහා බලාන ඉද්දි මට එහෙම හිතුනා. විශ්වය කියන්නෙ මොන තරම් නම් අභිරහසක්ද. කවදා සොයාගන්න පුලුවන් සත්‍යයක්ද.


02


අගහරු ග්‍රහයා මතට 2005 වසරෙදි ගොඩබාපු Sprit Rover නම් යානය විසින් අගහරු ලොව හිරු උදාව සිදුවන ආකාරය ඡායාරූපයට නගපු අවස්ථාවක්. අපේ ජීවිත කාලය තුල කවදාවත් පියවි ඇසෙන් දකින්නට ලැබෙන්නෙ නැති සිදුවීමක් තමයි මේ.


03

උතුරු අයර්ලන්තයේ ජන ශූන්‍ය බවට පත් කල වීදියක වාහන බෝම්බයක් නිෂ්ක්‍රීය කරන්න දිගු ගමනක තනිවම යෙදී සිටිනා යුධ සෙබලෙක්. මේ කාර්යය කරන අතර තුර සුළු හෝ අත්වැරදීමක් උනොත් ඔහුගේ ජීවිත ගමන එතැනින් නිම වෙනවා. මේ පියවර අතර තුර ඔහුට මොන තරම් දේ හිතෙනවා ඇතිද.

04


සද ගමන ගැන සමහරුන්ට එච්චර විශ්වාසයක් නෑ. මටත් එහෙමයි. 1960 දශකයේ හද තරණය කරන්න හැකි උනා නම් මේ වෙද්දි රටකින් රටකට ගුවන් ගමනක් යන තරමට එය පහසු විය යුතුව තිබුනා. තවත් සමහරු කියන්නෙ පිටසක්වල බලපෑම් නිසා ඒ ව්‍යාපෘතිය ඇමරිකාව විසින් නවතා දැමූ බවක්. 2020 දි තමයි නාසා ආයතනය නැවත සද ගමනක් ගැන හිතන්නෙ. කෙසේ වෙතත් නීල් ආම්ස්ට්‍රෝන් සද මත ඇවිදලා ආවට පස්සෙ ගත්ත ඡායාරූපයක් මේ. මෙතුමා වතාවක් ශ්‍රී ලංකාවේ සංචාරයකත් නිරත වුනා.

05


1945 අප්‍රියෙල් මාසයෙදි දුම්රිය මගින් රැගෙන පැමිණි යුදෙව් සිරකරුවන් එම දුම්රිය වලින් පිටතට පැමිණියේ තමන් දැන් නිදහස් යන හැගීමෙන්..නමුත් මේ පැමිණ තිබෙන්නේ ජීවිතයේ අවසාන දුම්රිය ගමන බව ඔවුන් දැන සිටියේ නෑ. හිට්ලර්ගේ සිර කදවුරු වල ගාල්වෙලා විවිධ ක්‍රම වලට මියැදෙන්න මේ අයගෙන් අති මහත් බහුතරයකට පසුව සිදුවුනා.

06

ඇමරිකාවෙ විස්කොන්සින් ප්‍රාන්තයේ මිල්වෝකි නගරයේදි ගත්ත ඡායාරූපයක්. හිසට සෙවනක් නැති උනත් මේ මහලු මිනිසාගේ සිත ප්‍රීතියෙන් යුතු වෙන්න පුලුවන්. චිත්ත ප්‍රීතිය ඇති කරන්න හැම විටම ධනයට සහ බලයට බෑ.

07

1937 වසරේදි පැවැත්වුනු නාසි රැලියක්. මේ තරම් ජන ගංගාවක් එකම තැනක ඉන්නවා මම නම් දැකලාම නෑ

08


අජටාකාශගාමී මයිකල් කොලින්ස් විසින් ගන්නා ලද ඡායාරූපයක්. ඔහු සමග සද තරණය උදෙසා පිටත් වෙච්ච ඕල්ඩ්‍රින් සහ නීල් ආම්ස්ට්‍රෝන් ප්‍රධාන යානයෙන් වෙන් වෙලා අතුරු යානයකින් සද මත පා තැබීමට පිටත් වන ආකාරය මේ ඡායාරූපයෙන් පෙනෙන්නෙ.

09


තම රථයේ හැපී මිය ගිය 8 හැවිරිදි දරුවෙකුගේ දේහය අසල කම්පාවන ලිතුවේනියානු රියදුරෙක්.

10


1915 දි සිදුවුන ආමේනියාවේ මහා ජන සංහාරය අතරතුර කුසගින්නේ සිටින ආමේනියානු දරුවන් පිරිසකට පාන් කැබැල්ලක් පෙන්වමින් ඔච්චම් කරනා තුර්කි නිලධාරියෙක්.


11


පිලිපීනයේ දේශපාලකයෙක් තම පවුලේ සාමාජිකයන් ඡායාරූපයකට නැගුවෙ මෙන්න මේ විදියට. නමුත් ඔහුගේ ඝාතකයාත් මේ ඡායාරූපයේම සටහන් වේවි කියලා නම් ඔහු කිසි විටෙකත් හිතන්න නැතුව ඇති.

12


සුළං විදුලි බලාගාරයක සේවයේ නිරතව සිටියදී හදිසියේ ඇති වූ ගින්නකට හසුව මිය ගිය නෙදර්ලන්ත ඉංජිනේරුවන් දෙපලක් පිළිබද මතකය සටහන් වන අනුවේදනීය ඡායාරූපයක්. මේ දෙදෙනා ජීවතුන් අතර සිටියදී ගන්නා ලද අවසාන ඡායාරූපයද මෙයයි. 2013 ඔක්තොම්බර් මස 29 වෙනිදා තමයි මේ අවාසනාවන්ත සිදුවීම සිදු වී තිබෙන්නෙ.

13

























ඔහු පැමිණියේ දුම්රියක් බලාපොරොත්තුවෙන්...නමුත් නොසිතූ දෙයක් සිදු වූයේ. ස්වභාවික හේතුන් මත චීනයේ Shanxi Taiyuan දුම්රිය ස්ථානයේදි හදිසියේ මිය ගිය මගියෙකුගේ අත අල්ලාගෙන ඔහුගේ මරණින් මතු ජීවිතය යහපත් වෙන්නට ප්‍රාර්ථනා එක් කරනා බෞද්ධ භික්ෂුවක් ඡායාරූපයට හසුවී තියෙන්නෙ මේ විදියට, මරණය......කවදා කොයි විදියට අපිව හොයාගෙන ඒවිද...මේ ඡායාරූපය ඊට හොදම උදාහරණයක්.
14
2011 වසරේ පැමිණි සුනාමිය නිසා තම සියලු වත්කම් අහිමි වූ ජපන් ජාතික තරුණියක් හඩා වැටෙනා දුක්බර දසුනක්. 


15



බීමතින් අඩපණව බිම හිදගෙන සිටින තම පියා නගා සිටුවන්නට උත්සාහ කරනා කුඩා දරුවෙක්

16






මධ්‍යම යුක්රේනයේ Vinnitsa නගරයේ ජීවත්ව සිටි අවසාන යුදෙව්වා මරා දමන්නට සැරසෙන නාසි හමුදාවේ SS අලුගෝසු ඒකකයේ නිලධාරියෙක්. තමාගේ හිස දෙපලු වන්නට මොහොතකට පෙර තම සගයන්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුරු සහිත මිනී වල ඉදිරියේ දණ ගසා සිටින ඔහුගේ හැගීම් කෙබදු වන්නට ඇතිද. මෙලෙස Vinnitsa නගරයේ ජීවත්ව සිටි 28000 කට අධික යුදෙව්වන් පිරිසක් නාසි හමුදාව කෘෘර ලෙස ඝාතනය කර තිබේ.


17

ලොව ඇති පාලම් අතරින්  අතිවිශාල වශයෙන් ඡායාරූපයට නගා ඇත්තේ 1937 දි ඉදිකල ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටි ගෝල්ඩන් ගේට් පාලමයි. ඒ තොරතුරු කෙසේ වෙතත් මේ පාලම මතින් ජලයට පැනීමෙන් වසරකට දිවි තොර කරගන්නා සංඛ්‍යාවට දහසකට ආසන්නයි. එය දිවිනසාගැනීම සදහා වැඩි වශයෙන්ම යොදා ගන්නා පාලම් අතර ලෝක මට්ටමේ දෙවැනි ස්ථානය ගෝල්ඩන් ගේට් පාලමට ලබාදීමට තරම් දායක වෙලා. ඇමරිකාවේ ඈත පළාත් වල සිට කිිලෝ මීටර් සිය ගනන් ගෙවා තම රථ වාහන මගින් මේ ස්ථානයට පැමිණ දිවි තොරකර ගන්නා අයද සිටී.

ඒ හේතුවෙන්ම දිවි නසාගැනීමට පැමිණෙන අයට තම තීරණය පිළිබද නැවත වාරයක් සිතා බලා ජීවත් වීමට පැතුමක් එක් කරන්නට එහි දුරකථනයක් තබා තිබේ. දිවි නසාගන්නට පැමිණෙන කෙනා ඒ මගින් තවත් පාර්ශවයකට ඇමතූ විටක ඒ හරහා ඔහුගේ තීරණය වෙනස් කිරීම මේ දුරකථනය එහි තැබීමේ අරමුණයි.


18


තමාගේ මව සිංහ ප්‍රහාරයකට හසුව මිය ගිය කල අතරමංව සිටි බැබුන් පැටියෙකු සහ සිංහයන් අතර ඇතිවුන අසාමාන්‍ය හැසිරීමත්, දරු පෙමින් ඔද වැඩී ගිය බැබුන් පියා නැවත තම දරුවා තමා භාරයට ගත් ආකාරයත් අපි මීළගට බලමු.

ඡායාරූප ශිල්පී Evan Schiller සහ ඔහුගේ බිරිද Lisa Holzwarth වන සතුන්, විශේෂයෙන් බිළාල පවුලේ සාමාජිකයන් ආරක්ෂා කිරීම උදෙසා තම ජීවිතයෙන් වැඩි කාලයක් ඡායාරූපකරණය සහ ඔවුන් පිළිබද ලිපි සම්පාදනය සදහා වැය කල යුවලක්. මේ සතුන්ගේ වටිනාකම ලෝකයටම වටහා දෙන්න මේ දෙන්නට අවශ්‍යයි.

බොට්ස්වානා රටේ සෙලින්ඩා කියන පළාතෙ වනෝද්‍යානයක මේ දෙදෙනා සංචාරයක නිරතව සිටියදී දැක්කෙ පොළවෙ තියෙන විශාල පදුරු වලට මුවාවෙලා බලාන ඉන්න බැබුන් රංචුවක්...ඊට මදක් ඔබ්බට වෙන්න සිංහයන් කීපදෙනෙකුත් සිටිය නිසා කුමක් හෝ යමක් සිදුවන බවක් ඔවුනට ඒත්තු ගියා. ඒ විපරම අනුව කාචයට හසුකරගත්ත ඡායාරූප පෙළ තමයි මේ.

තමාගේ ජීවිතය අවසන් වන්නට මොහොතක් තිබියදීත් තම දරුවා අත් නොහැර සුරැකිව තබාගෙන සිටින මේ බැබුන් මව දකින විට මට ඇතිවන සිතුවිලි හරිම සංවේදියි. මාතෘත්වය සහ එහි වටිනාකම ගැන මම මාස කීපයකට කලිනුත් ලිපියක් පල කලා. ඒ බව නැවතත් පසක් කල අවස්ථාවක් ලෙස මේ ඡායාරූපය දක්වන්න හැකියි.
















 මේ තැනැත්තිය කවුදැයි නොදැන කෙළිදෙලෙන් පසුවන අසරණ බැබුන් පැටියා.


 බැබුන් පැටියාගේ ආරක්ෂාවටදෝ පිරිමි සිංහයකු එළවා දමනා සිංහ ධේනුවක්.


තම රැළෙන් වෙන් වී සෑහෙන වේලාවක් අසල වූ දිරාගිය ගසක් මත සිට  පැටියා බේරාගැනීමට මාන බලමින් සිටි දරු පෙමින් නැහැවී ගිය බැබුන් පියා අවසානයේ කෙසේ හෝ තම බලාපොරොත්තුව සඵල කරගන්නට සමත් වූවේය.











බැබුන් පියා තම බලාපොරොත්තු සඵල කරගත් බව දැක්වෙන මේ ඡායාරූපය ගැන කෙතරම් දේ වචනයෙන් ලිව්වත්...ඡායාරූපයෙන් පෙනෙන තරම් ඒ කිසිවක් අපේ හදවත් වලට දැනෙන එකක් නෑ.

එහෙනං අදට අහවරයි. කථා කරන ඡායාරූප සදහා මූලාශ්‍රය


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.

102 comments:

  1. මා හැඬු බව පමණක් කියමි.

    ReplyDelete
    Replies
    1. ඔබේ සංවේදීත්වයට මගේ ආචාරය !

      Delete
  2. පින්තූර ටිකනම් නියමයි අයියෙ, ඒ අතරින් 1, 8, 13, 16, 18 සුපිරියි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලයො...හැමදාමත් වගේ කාමරයට ඇවිල්ලා තල්ලුවක් දානවට...

      Delete
  3. //වචන දාහකින් වුවත් ප්‍රකාශ කරන්න බැරි දෙයක් ඉතාම පහසුවෙන් ඡායාරූපයකට කියන්න පුලුවන් කියලා බොහොම ප්‍රසිද්ධ අදහසක් තියෙනවා. //

    උඹ තෝරගත්තු ඡායාරූප ටිකම ඒ අදහස සනාත කරනවා මිත්‍රයා. ආදරය, අනුකම්පාව, පිළිකුල, අපේක්‍ෂා භංගත්වය, වේදනාව, දුක, සතුට ඒ හැම දෙයක්ම මෙතන තියෙනව.

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සෙ ආවත්...නිතරම තමන්ට හිතෙන දේ අවංකව කියන පුද්ගලයෙක් ලෙසයි මම ඔබ හදුනාගෙන තියෙන්නෙ...කාමරේ දොර ඇරපු මුල් කාලෙ ඉදන්ම නොවැ අපේ DDT ගොයියා අපිව බලන්න එන්නෙ. ස්තුතියි බං.... සතුට / දුක /පරාජය / කලකිරීම / ජයග්‍රහණය මේ හැමදේටම කියන තනි වචනය තමයි ජීවිතය.

      Delete
  4. කදිමයි කියන්නෙ කියල වැඩක් නෑ. මට නම් පුදුමෙනුත් පුදුමයි. සිංහ බැබුන් ඡායාරූප එහෙම අදහන්නත් බෑ. ඒත් ඒ තිරිසනුන් වූ සිංහ ධේනුවන් අර ආමීනියන් දරුවන්ට පාන් කෑල්ලක් පෙන්වන තුර්කි නිළධාරියා, අසරණ යුදෙව්වන් මරණ නාසීන් එක්ක සංසන්දනය කරන කොට මොන තරම් ශ්‍රේෂ්ටද කියල හිතෙනවා.
    සත්තු තවත් සතෙක් මරන්නෙ බඩගින්නට. නිකරුණේ මරන්නෙ නැහැ. ඒත් තිරිසනුන්ට අන්ත තුර්කි සෙබලු හා නාසීන් මොන තරම් ම්ලේච්ඡද කියල හිතුනා. කවද අපට මේ මනුස්සකම් අත ඇරල තිරිසනුන්ගෙ මට්ටමට ලගා වෙන්න පුළුවන් වෙයිද කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. @යකා,
      නියම කොමෙන්ට් එක.

      Delete
    2. යකා උනත් යකෙක් නොවන කමෙන්ට් එක...!

      Delete
    3. බොලාගෙ කමෙන්ටුව මේ පෝස්ටුවටත් එළියක්...මිනිසාගේ මිනිසත් භාවය ගැන කදිමෙට කියවෙන පැරණි ගීතයක පද කීපයක් මතක් වුනා....ගායකයා නැසීගිය අබේවර්ධන බාලසූරිය මහතා.

      කරුණාව වෙහෙර මලුවේ දේවාලෙ කෝවිලේ....මිනිසාට මතක නැති වෙයි ගේ ගාව මායිමේ...

      Delete
  5. මම කොහොමත් පින්තුර වලට ආසයි. ඒ පින්තුර වලට කතන්දර හදන්නත් ආසයි. මේ ටික නම් උපරිමයි කියන්න පුළුවන්,

    ReplyDelete
    Replies
    1. මමත් එහෙමයි...පින්තූර දිහා බලාන විවිධ චිත්ත රූප මවන්න තමයි කැමැත්ත...

      Delete
  6. වඩාත් සිත් ගත්තේ අංක 7 සහ අවසන් පින්තූර පෙල. 7 දැක්කම ඒක ක්ෂණයකින් හිතට ආවෙ මෙහෙ හිටපු යාචකයෙක්. යාචකයෙක් කිව්වට ඔහු ඉංග්‍රීසි ගුරුවරයෙක්. අවසානය මහ පාර. මේකෙ ඉන්න පුද්ගලයා ටිකක ඒ වගේ.
    අන්තිම පින්තූර සෙට් එකට අදාල වීඩියෝව මං බලල තියනව. ඒකෙ අවසානය දන්නෙ නැතුව හිටියෙ. මේ පින්තූර ටිකේ තියන්නෙ ඒ වීඩියෝවෙ මං නොදැකපු ටික.

    ReplyDelete
    Replies
    1. උඩ කමෙන්ටුව දැම්මෙ මොබයිල් වර්ෂන් එකෙන් ඇවිත්. ඒත් දැන් එහෙම නැතුව ඇවිත් පින්තූර ටික ප්‍රමාණයෙන් විශාලව බලද්දි, මං කලින් කිව්ව පින්තූර වලට අමතරව, ඊටත් වඩා මගේ සිත් ගත් තවත් පින්තූර කිහිපයක්ම තියනව මෙතන..

      Delete
    2. සිටුවරයො වසලයො වෙන වසලයො සිටුවරයො වෙන ලෝකයක් මේක...අනාගතය ගැන නිෂ්චිතව යමක් කිව නොහැකි වුවත්...නියම මිනිහෙක් විදියට හොද ගුණ දම් රැකගෙන ජීවත් වෙනවා නම් නිසැකවම බොහෝ බාධක අඩු වේවි.

      Delete
  7. සිරා,
    කීමට කිසිවක් ඉතිරිව නැත මචං.....වචන 1000 කියලවත් තේරුම් කරන්න බැරි දේවල් මේ එක පින්තුරයකින් කියවෙනවා.. මට මෙන්න මේ ටික මතක් වුනා (කෝහේදි හරි මේ ටික දැක්කේ)

    “You don't make a photograph just with a camera. You bring to the act of photography all the pictures you have seen, the books you have read, the music you have heard, the people you have loved.”
    ----Ansel Adams---

    මම
    මයික්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මගේ අතිජාත මිත්‍රයා..විභාගයක් අතලග තියාගෙනත් කාමරෙන් ලිපියක් කියවලා අදහසක් එක්කරලා යන්න උඹේ වටිනා කාලයෙන් බිදුවක් වැය කිරීම ගැන ස්තූතියි. කැමරාව යනු ආයුධයක් පමණි. එහි කාචය පිටුපස සිටින්නාගේ ක්‍රියාකාරිත්වය මෙන්ම ඔහුගේ නිර්මාණශීලීත්වයද කදිම ඡායාරූපයකට මග පාදනු ඇත. මම එහෙම කියන්නම්.

      Delete
  8. වචන වලින් කියන්න බැරි හුඟක් දේ පින්තූර වල තිබුනා ...

    විශ්‍රාමික යුධ සෙබලාගේ පින්තූරය, යුදෙව් සිරකරුවන්ගේ පින්තූරය, පාන් කැබැල්ලක් පෙන්වමින් ඔච්චම් කරනා තුර්කි නිලධාරියාගේ පින්තූරය, මරණින් මතු ජීවිතය යහපත් වෙන්නට ප්‍රාර්ථනා එක් කරනා බෞද්ධ භික්ෂුවගේ පින්තූරය ඒ අතරින් විශේෂයි...

    ReplyDelete
    Replies
    1. මිනිසත්කමේ අගය නොහදුනන...පපුවේ තෙතමනයක් නැති අමනයෝත්...දෙවිවරු වන් මිනිසුන් අතරේම වෙසෙනවා...දෙව්ලොව සහ අපාය දෙකම පිහිටා ඇත්තේ අප ජීවත් වන ලෝකයේය.

      Delete
  9. ඇත්තටම යකා කියලා තියෙනවා වගේ මනුස්සයන් තුල තියෙන තිරිසන් ගතියයි තිරිසනුන් තුල තියෙන උසස් ගුණාංගයි නියමෙට වෙන් කරලා හදුනා ගත්තා.

    ඒ විතරක් නෙමේ ආදරය, මරණ බිය, පසුතැවීම, ත්‍රාසය, සෑම දෙයක්ම අඩංඟු ජායාරූප පෙළක්. නියමයි. ගොඩක්ම හිත ගියේ අන්තිම ටිකට.

    ReplyDelete
    Replies
    1. තිරිසන් කියලා වචනයක් පාවිච්චි කරලා අපි ඒ සතුන්ට නිග්‍රහ කලාට...ඇත්ත වශයෙන්ම ඉතා හොද ගුණදර්ම මේ සතුන් බහුතරයක් ලග තියෙනවා මිනිසා ලග නැති.

      Delete
  10. කියන්න වචන නෑ ස්තුතියි සිරා.. බොහොම ස්තුතියි.. වචන වලින් කියන්න බැරි ගොඩක් දේවල් ඒ photo වල තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මොණරි අදහසක් එක් කලාට...මේ ආවමයි නේද සිරාගෙ කාමරේ පැත්තෙ ?

      Delete
  11. බීමතින් අඩපණව බිම හිදගෙන සිටින තම පියා නගා සිටුවන්නට උත්සාහ කරනා කුඩා දරුවෙක් :(
    ළමයින්ගෙ ලෝකවල ඉස්සරවෙලාම වීරයො වෙන්නෙ දෙමවුපියෝ.ඒත් සමහර වෙලාවට එයාල නිසා ළමයි කොයිතරම් අසරණ වෙනවද ?

    ReplyDelete
    Replies
    1. සමහර ළමයි තමන්ගෙ ළමා කාලයේ කටුක බව තමන්ගෙ දරුවන්ටත් පසු කාලීනව ලබාදෙන්න උත්සාහ කරනවා...තමා නොවින්ද සුන්දරත්වයක් ළමා කාලයේ තවත් දරුවෙකු විදිනවාටත් ඇතැම් අය කැමති නෑ. ඒ මෙවැනි සිදුවීම් නිසා වෙන්න ඇති.

      Delete
    2. හ්ම්ම්ම්ම්, එහෙම අයත් ඉන්නව තමයි බං, :/

      Delete
  12. 1,4,6,8,10,11,12,13,15,16,17 jeewithe his bawa, awinishchitha bawa, anithyaya, duka, ... ane mandaa.......

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම...ජීවිතය ගැන නිර්වචනයක් හෝ...එහි හරස්කඩක් යනුවෙන් මේ පෝස්ටුව නම් කලත් එහි වරදක් නැති වේවි.

      Delete
  13. මෙවැනි පින්තූර කාලීනව අලුත් වෙමින් තිබෙනවා. අපේ ලෝකය කොයිතරම් පුදුමද කියලා අපිට දැනෙන්නේ මේ වගේ දේවල් දැක්කමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපි ලෝකය ගැන, එහි මිනිසුන් ගැන ගොඩාක් දේ දන්නවා කියලා හිතාගෙන හිටියට එය සාවද්‍යයි. මෙවැනි ඡායාරූප දකිනකොට අපිට වැටහෙනවා අපි මොනවද දන්නෙ කියලා.

      Delete
  14. මම මෙහෙම පින්තූර එකතු කරන්න කම්මැලි යි. ඒත් බලන්න කැමති යි විස්තර කියවනවට වඩා. ස්තුති යි ඔබට බෙදා ගත්තට අප සමග.

    ReplyDelete
    Replies
    1. කම්මැලි වෙලා බෑ නගෝ...මට ලැබෙන සුළු වෙලාවෙත් මම කොහෙන් හරි අහුලගෙන බොලාලට අරගෙන එන්නෙ...ඒ තුලින් හරි යහපත් දෙයක් උකහා ගනීවි කියන බලාපොරාත්තුවෙන්.

      Delete
  15. අනේ සිරා අයියේ මෙන්න මේ වගේ ටිකක් වැඩි පුර ලියන්නෝ

    අද මාස ගානකට පස්සේ ආවේ මොනා උනත් පට්ට ඈ කියන්න වචන නෑ

    ReplyDelete
    Replies
    1. අද වැඩියෙන් ලියලා නෑ මලයො..අඩුවෙන් තමයි අකුරු කරලා තියෙන්නෙ...කමෙන්ටුවට ස්තූතියි.

      Delete
  16. වියපත් හමුදා සෙබලගේ පින්තුරෙයි හිතට වැදුනේ වැඩියෙන්ම.. ඊට පස්සේ අන්තිමේ තියෙන බැබුන්ගේ ෆොටෝ සෙට් එක..

    ReplyDelete
    Replies
    1. හමුදා සෙබලගෙ පින්තූරය තමයි මේවා ඉස්සෙල්ලාම දකිද්දි මුලින්ම මගේ නෙත ගැටුනේ...ඒ මහළු වතත්...හුදෙකලාවේ සිටින ඔහුගේ සිරුරත් දැක්කම මටත් සෑහෙන වෙනස් ආකාරයේ සිතුවිලි පහල උනා...ඒ සිතුවිලි තමයි මේ ඡායාරූප මේ විදියට මෙතනට ගේන්න මට පාර කිව්වෙ.

      Delete
  17. මටනම් පළවෙනි පින්තූරේ තරම් වෙන එකක් නෑ. ජීවිතයේ අනිත්‍යය අපූරුවට විග්‍රහ කරණවා ඒකෙන්. ඔහුට මොනවා හිතෙනවා ඇත්ද ? ඒ සිතුවිල අතර අනිවා "අපි මොන තරම් මෝඩ වැඩක්ද කළේ"කියන සිතුවිල්ලත් නොවරදාම ඇති. මම ඒක නම් කරනවා "වාරය එනතෙක්"කියලා.

    (20011 හදන්න සිරා)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔහු පමණක් හිස් වෙච්ච බංකුවෙ ඉදගෙන ඉද්දි අතීතයේ කල කී දේ සිනමා රූප රාමු වගේ ඔහුගේ ඉදිරියේ මැවෙනවා ඇති. ඒ මතකයන් තුල ජයග්‍රහණයන් වගේම බොහොම සංවේදී සිදුවීම් එහෙමත් ඇති. යාලුවො නැති පාලුව ඔහුට වැඩිපුර දැනෙනවා ඇති.

      වරද නිවැරදි කළෙමි.

      Delete
  18. අපුරුයි සිරා . මට හිතෙන්නේ පින්තුර වලින් කියන මේ කතා ගැන අපිට කියන්න තියෙන දේවල් විස්තර කරන්න වචන ගබඩාව ශක්තිමත් නැහැ .

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම මගේ විශ්වාසයත් එහෙමයි. වචනයෙන් විස්තර කරන දෙයක් ඒ ඒ පුද්ගලයා වෙත සන්නිවේදනය වීමේදී ලොකු පරස්පරයක් නොපෙන්නුවත් ඡායාරූප තුලින් කථාවක් කියද්දි ඒ ඒ පුද්ගලයාගෙ චින්තන ශක්තිය අනුව පරස්පරතා ඇති වෙන්න පුලුවන්.

      Delete
  19. සැරයටි වාරුවෙන්
    ඇවිදයමි තනිවම සෙමින්
    අතීත මතකයෙන්
    දැවී තැවී රිදුම් දෙන හදවත
    වසාලූ මතුපිටින්
    සැලෙන ලෙළෙන පදක්කම්
    කරයි ඔච්චම් මිණි කිංකිණි හඬින්
    නොමැරෙන කෙනෙකු ලෙස
    ජීවත් වෙන්න එපා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කදිම ගෙතුමක්...පළවෙනි පින්තූරයේ අදහස තවත් තීව්ර වෙලා වගේ මට හැගෙනවා.

      Delete
  20. කියන්න වචන මදි , මේ දේවල් වචන වලින් විස්තර කරන්න බෑ.. හැගීම් කියන්න හැගීම් වලට ... පට්ට සිරා

    ReplyDelete
    Replies
    1. ඇත්ත...හැගීම් විස්තර කරන්න ඇතැම් විට අපේ ශබ්දකෝෂයේ වචන මදි වෙනවා...නැත්නම් ඒ වචන වලින් ජනිත වෙන අදහස අපට සමීප වීමේ ගැටලු තිබෙනවා.

      Delete
  21. සමහර පොටෝ මේල් එකකින් දැකල තිබ්බා.

    අපූරුයි පොටෝ ටික..

    ReplyDelete
    Replies
    1. හැබෑට...එහෙම මේල් එකකුත් තියෙනවද...

      Delete
  22. අර 4 වෙනි පින්තූරෙ බිත්තියෙ ගහල තියෙන්නෙ දෙවියන් මුනගැසීමට සූදානම් වන්න කියල නේද? බෝම්බෙ පිපුරුනොත් ඒක කරගන්න පුලුවන් වෙයි තමයි.

    අන්තිම පින්තූර සෙට් එක තමයි මගේ හිතට අැල්ලුවෙ. මනුස්සය කොච්චර නුවනක්කාර ‍සතෙක් කිවුවත් ඒ නුවනක්කාරබව තියෙන්නෙ කොහෙද කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. ඒ හින්දා තමයි මම කිව්වෙ පොඩ්ඩ ගැස්සුනොත් ජීවිතය අහිමි වෙනවා කියලා...එ් වැකිය කදිමෙට මේ ඡායාරූපයෙන් පෙනෙන දර්ශනයට ගැලපෙනවා.

      සත්තු ඉතින් වංචාව කියන දේ මිනිසා තරම් ප්‍රගුණ කරලා නෑ නොවැ. කන්න දුන්නත් නැත්ත ගෙදර මිනිහා එනවා නම් බල්ලා නැට්ට වනන්නෙ ඒකනෙ.

      Delete
  23. කතා කරන පින්තූර ටික හොඳයි..
    සමහර ඒවා දකිනකොට සෑහෙන දුකක් හිත ඇතුලට කාන්දු වෙනවා !

    ReplyDelete
    Replies
    1. උඹට දැනුන දුක මටත් දැනුන නිසයි මේ ටික මේ විදියට බෙදාගන්න කල්පනා කලේ.

      Delete
  24. අපුරු පින්තුර ටිකක් තිබුණා,කොහොමත් සත්තු ළඟ මනුස්සයන්ට වඩා මනුස්සකම තිබෙනවා නේද කියලත් හිතුණා.

    ReplyDelete
    Replies
    1. සත්තු ලග ඔබ කියන ගුණය තියෙන බව මම නම් අත්දැකීමෙන් දන්නවා...ඒ අය වංචාවට...සල්ලියට වැඩ නෑ නොවැ..

      Delete
  25. අන්තිම පොටෝස් ටිකට කැමතියි.ඒ වගේම අර 2 ලෝක යුද්ධ කාලයේ ඒවාටත් මම කැමතියි.

    කොහොම වුණත් අපුරු කතා කියන අපුරු පින්තුර එකතුවක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්..වෙනදා වගේම සිරා කොලුවට හයියක් වෙලා ගියාට...

      Delete
  26. ‍රැස්වීම්වලට අච්චර මිනිස්සු හිටි හිට්ලර් අද කෝ ? ඔන්න ඔය වගේ අද ජනර්ප්‍රිය රජවරු ගැනත් දවසක මිනිස්සු කියාවි..
    අච්චර දුර තියෙන විශ්වයේ වෙනත් තැන් හොයන්න ඉස්සර මුංට එම් එච් 370 හොයාගන්න බෑනෙ තාම..

    ReplyDelete
    Replies
    1. //අච්චර දුර තියෙන විශ්වයේ වෙනත් තැන් හොයන්න ඉස්සර මුංට එම් එච් 370 හොයාගන්න බෑනෙ තාම.. //
      මාත් ඕක කීප තැනකම කියල තියෙනව. මටනං පේන්නෙ මුං ඔය පෙන්නන ඔක්කොම බොරු වගේ.

      Delete
    2. අනිවාර්යෙන්ම සරත් අයියෙ..බලය තියෙද්දි සමහර මිනිස්සු බලයෙන් අන්ධ වෙනවා...බලය දිය වෙලා යද්දි තමයි නැවත මොළේ පෑදෙන්නෙ..නමුත් ඒ වෙද්දි පරක්කුයි. MH 370 පිටුපස විශාල අභිරහසක් තියෙනව බව දැන් දැන් පැහැදිලියි

      Delete
  27. කියන්න වචන නැත ,කියන්න ඕන හැම එකක්ම උඩින් කියලා කස්ටිය

    ReplyDelete
  28. බැබුන් පැටියගේ පින්තූර ටික බලලා ඒ විස්තරේ කියෙව්වාම ඇස් වලට කඳුළු ආවා, වටිනා post එකක් අයියේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චූටි...බලාන ගියාම චූටිටත් සංවේදී හදවතක් තියෙන්නෙ...සතුටුයි ඒ ගැන.

      Delete
  29. සමහර පින්තූරු දිහා බලනකොට දැනුණු දුක තුනීවෙලා ගියා අන්තිම පින්තූරු ටික දැක්කට පස්සේ. එක ෆොටෝ එකකින් සමහර වෙලාවට පෝස්ට් එකක කතාවක් කියන්ට පුලුවන්. හොඳ පින්තූරු ටිකක් සිරෝ...

    ReplyDelete
    Replies
    1. බැබුන් ඡායාරූප කීපය දැක්ක පළවෙනි වතාවෙම මමත් සියලුම ඡායාරූප හොදින් පරීක්ෂා කලා. ඊටත් පස්සෙ ඒ ඡායාරූප යටින් කියවෙන අනුවේදනීය කථාව නිසාම මගේ සිත් ගත්තා.

      Delete
  30. දුකම මූලික කරගත් පින්තූර ටිකක් නිසා...දුක වචනයට මේ යැයි පෙරලන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. දුකත් රසයක් කියලා කියනවා නොවැ. අනිත් එක ඉතින් අපි සියල්ලන්ම දුක අඩු වැඩි වශයෙන් විද තියෙනවා නොවැ. ඒ නිසාමයි සමහර කථාවක් හෝ ඡායාරූපයක් දැක්කාම ඒ දේ තුලින් සමීපත්වයක් දැනෙන්නෙ.

      Delete
  31. හරිම අපූරැයි මල්ලී ඔබ අප සමඟ බෙදා හදා ගත් මේ ඡායාරෑපයන්. ඒවායේ තාත්වික බවට හේතුව තමයි ඒ එක සිදුවීමක් වත් රඟ පෑමක් නොවීම. ජය මලේ!!

    ReplyDelete
    Replies
    1. ඔබත් සමග එකග වෙමි. අංගරචනා, ලයිටින්, අරවා මේවා මොකුත් නැති නියම පින්තූර ටිකක්.

      Delete
  32. උඩ තියෙන එක් පිංතූරෙකටත් වැඩිය අන්තිම සෙට් එකට මගෙ හිත ගියෙ...
    ඇත්තෙන්ම දුර්ලභ සිදුවීමක් වගෙම අසාමාන්‍ය සිදුවීමක්...
    දරු සෙනෙහසය සීමායක් නෑ කියන්නෙ නිකංද

    ReplyDelete
    Replies
    1. මමත් හරිම දුකට පත් වුනා බැබුම් මවගේ මරණය ගැන ඇහුවාම. නමුත් බැබුන් පියාගේ අධිෂ්ඨානශීලී හැසිරීම මගේ හිතට සතුටක් මුසු කලා.

      Delete
  33. ඇත්තටම වටිනා මතක සටහන් කිහිපයක්.

    ReplyDelete
  34. 1) සිදුවූ සියල්ල අතීතය බව පසක් කරගෙන තවමත් ඉදිරිය දෙස සෘජු බැල්මකින් බලා සිටිනා වැඩිහිටියාගේ ආත්ම ශක්තිය.
    3) පින්තූරය පිලිබඳ උඹේ හැඳින්වීම සහ ඡායාරූපයේ ඇති Prepare to meet thy God වාක්‍යය. හැඳින්වීම සහ වාක්‍ය මට නම් දැණෙන්නේ කදිම උපහාසයක් වගේ.

    ReplyDelete
    Replies
    1. එකග වෙමි. ඒ යුධ බටයාට තනිව වාහනය කරා යන විට ඒ අදහස්ම පහළ වෙන්නත් ඇති. යුධ බටයාගේ මුහුණේ තියෙන ඉරියව් වලින් නම් ලොකු කථාවක් කියවෙනවා.

      Delete
  35. ලස්සන පින්තුර ටිකක්..ස්තුතියි..

    ReplyDelete
  36. අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ!!!

    ReplyDelete
    Replies
    1. හැබෑව හැබෑව...මට ඒ කාරණයත් බොලා කිව්වාම තමයි කම්පනාවට ආවෙ...

      Delete
  37. පින්තූරයකින් මහා ළොකු කතාවක් කියන්න නම් බෑ. එහෙනම් මේ හැම පින්තූරෙටම විස්තර දාලා තියන්න ඕන නෑ නේ. පින්තූර පේලියකින් නම් කතාවක් යාන්තම් ගොතා ගන්න පුළුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට ස්තුතියි...නමුත් මම එයට එකග නෑ...උදාහරණයකට බලන්න අර විශ්‍රාමික යුධ සෙබලාගේ ඡායාරූපය..ඔහුගේ මුහුණේ ඉරියව් කෙතරම් සංකීර්ණද...ඒ තුලින් කොතරම් දේ අපට උපකල්පනා කරන්න පුලුවන්ද...ඔහු හිදගෙන සිටින ආසන හිස් වෙලා තියෙන්නෙ. ඒ තත්වය ගැන ඔහු කෙලෙස කල්පනා කරනවා ඇතිද...මේ වගේ අපි නොහිතන ගොඩාක් පැති වලට ඡායාරූපයක් අපව යොමු කරනවා.

      ඡායාරූප යටින් විස්තරයක් දාලා තියෙන්නෙ ඒකට පසුබිම් වෙච්ච කථාව කියන්න. යුධ සෙබලා බංකුව උඩ වාඩි වෙලා ඉන්නවා දැක්කට ඇයි ඔහු එහෙම වාඩි වෙලා ඉන්නෙ...ඔහු කවුද වැනි කාරණා පිළිබද අපි දැනුවත් උනාම තමයි ඡායාරූපයෙන් මතුවෙන කථාව ඉතා රසවත්ව විදගන්න පුලුවන්.

      Delete
    2. ඉතින් උඹ නැවතත් මම කියපු දේම තහවුරු කරලා නේ. ඔය ඔක්කෝම කතන්දර කියනවනම්. මොකටද විස්තරයක්. ඔය විස්තරේ පින්තූරේ තියෙන්න ඕන. ඕක මේ ප්‍රසිද්ධ බොරුවක් විතරයි.

      Delete
    3. බොට මම නැවතත් කියන්නෙ...ඔය අදහස සමග මම එකග නෑ කියලා...සැරයක් කිව්වම අහංකො බං.....

      Delete
    4. ඇයි උඹත් පොලිස්ද...? එහෙනම් අකුරක් වත් ලියන්නේ නැතිව ෆෝටෝ එකක් විතරක් දාපන්කෝ. මක්කටෙයි මේ හෑලී ලියන්නේ. කට්ටිය ඇවිත් ඕන නම් මාරයි. හරි ලස්සනයි. කොහෙන්ද අනේ මේක හොයාගත්තේ වගේ පච ටිකක් කෙලලා යයි ඉඹේ හිත හදන්න. ඒත් මම නම් අහන්නේ මොකක්ද බන් මේ රෙද්ද කියලා විතරයි.

      Delete
    5. මොන පොලිස්ද සුදෝ හොරා පොලිස් මිසක...අනිවාර්යෙන්ම..සැට් එක උඩ තියලා වනන වැනිල්ල මට මැවිලා පේනවා...ඒ උනාට මම තවමත් කියන්නෙ ඡායාරූපයකට වචන 1000 කට එකක්වත් අඩු නොවෙන්න ලොකු කථාවක් කියන්න පුලුවන්...හැම ඡායාරූපයකටම නෙමෙයි...කථාවක් තියෙන ඡායාරූප වල...

      Delete
    6. මාතලන් කියන කතාව එක විදියකින් ඇත්ත... පින්තූරෙකට කතාවක් කියන්න පුළුවන්නම් මේ පින්තූර වලින් සිරාත් මමත් මෙතන කමෙන්ට් කල ගොඩක් අයත් දැක්ක කතා මාතලන්ටත් පේන්න ඕනේ... මේ එක පින්තූරෙකවත් කතාවක් නෑ... කතාව තියෙන්නේ ඡායාරූපශිල්පියාත්, ඒ පිංතූරය විඳින කෙනාත් ගාව... ඒ ඇරෙන්න මේ පින්තූර, මේවා ගත්ත කැමරා ආම්පන්න විතරක් නෙමෙයි සමහරවිට පින්තූර බලන අයත් නිකම්ම නිකං ද්‍රව්‍යය විතරයි...

      Delete
  38. ඉස්සර පන්ති ඉවරවෙලා ගෙදර එන්න මරදානේ ඉස්ටේසමට එනකොට හවස පහ විතර වෙනවා. සෙනඟ සූ ගාල. කෝච්චිය එනකොටමත් හොදටම පිරිලා. පා පුවරුවෙත් හතු පිපිලා වගේ. කෝච්චිය නවත්වනකොටම ඔක්කොමල පොරකනවා. කීප දෙනාටයි නැග ගන්න පුළුවන් වෙන්නෙ. කොච්චි කිහිපයකටම ට්‍රයි කරලයි අන්තිමේදී ගෙදර එන්නේ. අදත් එකමයි මට උණේ. අදහස් හෝගාල පොරකනවා කෝච්චියට නගින්න. එත් එනකොටම කමෙන්ට් පිරිලා. කීප පාරක් ට්‍රයි කලා. තම අදහස් පොරකනවා. :)

    ReplyDelete
    Replies
    1. අනේ සුදෝ තේ එකක් කාරිය බීලා...පොඩ්ඩක් දගකරන සිතුවිලි දාංගලය අඩු වෙනකං ඉදලා...හිමින්සැරේ කොටන්න එපායැ...හිතට දැනුන දේ...

      Delete
  39. (මගේ අදහස)

    /// වචන දාහකින් වුවත් ප්‍රකාශ කරන්න බැරි දෙයක් ඉතාම පහසුවෙන් ඡායාරූපයකට කියන්න පුලුවන් කියලා බොහොම ප්‍රසිද්ධ අදහසක් තියෙනවා. ඒ කාරණය සත්‍යයක් බව ඔබට මේ ඡායාරූප කීපය දැක්කාම නිසැකවම හිතේවි. ///
    >
    ඡායාරූප සඳහා වෙන් වුනු ප්‍රදර්ශන , සඟරා , වෙබ් අඩවි වගේ දේවල් ඇතුලේ අපි දකින ඡායාරූප බැලු බැල්මට කොටස් දෙකකට බෙදන්න පුළුවන්.
    1. කිසිම හැඳින්වීමක් හෝ මාතෘකාවක් නැති ඡායාරූප
    2. කිසියම් හැඳින්වීමක් හෝ මාතෘකාවක් ඇති ඡායාරූප
    මේ ලිපියෙන් කමෙන්ට් එකට උපුටගත්තු වාක්‍යයේ අදහස හරියටම හරියන්නේ 1 වෙනි ගොඩට වැටෙන ඡායාරූප වලටයි... 2 වෙනි ගොඩට වැටෙන ඡායාරූප වලට මාතෘකාවක් හෝ හැඳින්වීමක් නැතිවුනොත් ඒකෙ වටිනාකම හෝ අර්ථයෙන් බාගෙට බාගයක්ම නැතිවෙනවා , සමහර විට කිසිම වැදගැම්මකට නැති ඡායාරූපයක් බවට පත්වෙන්න උනත් පුළුවන්.
    උදාහරණයක් විදිහට 4 වෙනි ඡායාරූපය ගමු. ඒකෙ තියෙන වාහනේ බෝම්බයක් තියෙන බවයි, ඩයල් එක නිෂ්ක්‍රීය අන්ශේ බවයි, ඒ මොහොත වෙද්දී නගරෙන් මිනිස්සුන්ව අයින් කරලා තියෙන බවයි කියන් නැතුව නිකන් පින්තුරේ විතරක් දැම්මොත් අර බිත්තියේ මොකක් ලියලා තිබුනත් වැඩක් නෑ. ඒ පින්තුරේට බිත්තියේ ලියල තියෙන දේ එක්ක අර්ථාන්විත,සංවේදී,උපහාසාත්මක අදහසක් එන්න නම් විස්තරේ දාන්න ඕනෙමයි. 2,9,12,18 යන පින්තූරත් ඒකට මේ ලිපිය තුලින්ම පෙන්නන්න පුළුවන් උදාහරණ...
    .
    ඉතිං, මේ උඩින් හයිලයිට් කරපු වාක්‍ය ලියලා ඒ එක්කම, ඒ අදහස සෙට් වෙන්නේ මේ ලෝකේ තියෙන හැම ඡායාරූපෙ එක්කම නෙමෙයි, කොටසකට පමණයි කියලත් ලියවුනානං මල් හතයි.
    >
    5 වෙනි ඡායාරූපෙ, උඹ මේ ලිපියෙන් පොදුවේ මුලිකවම කියන වටිනා අදහසට එහෙම්'පිටින්ම නිගාවක්...
    වෙන තැනකින් ගත්තු එක හරි, ඒත් ඒ පලියට ඔක්කොම නොදා සෙට්'වෙනම ටික විතරක් දැම්මනං හොඳයිනේ බං. උඹ කොහොමත් මුලාශ්‍රේ දානවනෙ.
    ලිපියෙහි ඔබේ මූලිකම අදහසට අනුව,
    වචන දාහකින් කියන්න 'බැරි' දේ නෙමෙයි, වචන සීයකින් විතරවත් කියන්න 'පුලුවං' වටින දෙයක් මේ 5 වෙනි පින්තුරෙ තියෙනවද..? අඩු ගානෙ 9 වෙනි පින්තූරෙට දෙන්න පුලුවං ඓතිහාසික වටිනාකමවත් 5ට දෙන්න පුලුවන්ද..??

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස ඉතාම අගය කරනවා...මේ අදහසේ මට විරුද්ධ වෙන්න දෙයක් නෑ..හැම පින්තුරයකටම වචන 1000 කථාව අදාළ වෙන්නෙ නෑ කියන එක ඇත්තයි. නමුත් වචන 1000 කට වඩා එහා යන පින්තූරත් තිබේ.

      Delete
  40. පිංතුර සහ පිංතුර පෙළකින් බොහෝ කතා සිතිවිල්ලට නගා ගත හැකි බව සත්‍යක් ඒ ඇතැම් සිතුවිලි හරිම සංවේද සහගතයි ඔබේ පිංතුර පෙළ අතර ඇති ඇතැම් රූ ඒ බැව් පසක්කලා ස්තුතී

    ReplyDelete
    Replies
    1. ඔබත් ඉතින් හොම්බ දිග කැමරාවක් එහෙම ආම්බාන් කරනවා නොවැ....ලගකදි මොකවත් කාචයට හසුවුනේ නැතෙයි ?

      Delete
  41. නියමයි සිරා. කියවීමෙන් විඩා වැටුන මනස නිකම්ම සුවපත් උනා. ලිතුවේනියානු රියදුරා අඩන පින්තුරේ ලංකාවේ හැම බස් එකකම ගැහුව නං හරි..

    ReplyDelete
    Replies
    1. ඔය විඩාවට පත් වෙච්ච මනස ලස්සන පින්තූරයක් දැක්කම සුවපත් වෙන කාරණය මමත් අත්විදලා තියෙනවා...අපේ උන් ඉතින් වාහනේ ගිණි තියාවි කියන භයට රහසේම මාරු වෙනවා මිසක් ඉදලා හිටලා කෙනෙක් නොවැ මේ වගේ එතැන නතර වෙන්නෙ...

      Delete
  42. Sira,

    mama meeta kalin comment karala na. eth mamath ube wayasema ube hema lipiyakma kiyawapu kollek. mama issellama kiyala blog ekak baluwe ube blog eka. eta kalin 2009 withara mama blog liyala ehema thiiba mama network admin kenek wela hitiya kale. eth dan mata a wage deyak karanna welawak na mokada mama IT field eken ain wela marketting field ekata apu nisa. eth mata ida thiyena hema welawema blogs kiyawanawa. ape rajage adaviya, kathandarakaraya, nisu, parasathu, chamiya, koralaya mage daily routine eken kotasak. eth ada wage thamanta hithanna deyak Ithuru karapu bogak dakke aththatama ada. photo ekakin kochchara deyak kiyanna puluwanda kiyala pennapu ubata mage pranamaya. thanks. sachie

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ...ඉදලා හිටලා හරි පොඩියට අදහසක් එක් කරනවානම් මම සතුටුයි...ලියවිල්ල කියවලා තමන්ට හිතෙන දේ අවංකව කියන එකටයි මම ඉතාම මනාප...

      Delete
  43. ෆෝටෝ ගන්න එවුන්ට විරුද්ධව ක්‍රියාත්මක වෙන ‍රැල්ල නිසා, එදා Facebook තිබ්බා නම් මේ ෆෝටෝස් බිහිවෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ තාක්ෂණික උපකරණ නොදියුණු කාලෙක...මේ විදියෙ ඉතා වටිනා ඡායාරූප එකතුවක් ලබාගෙන තිබීම ගැන මට වෙලාවකට ඇති වෙන්නෙ විශ්මයක්...

      Delete
  44. 1 පින්තූරෙ විස්තරේ ගැන කියෙව්වම සෑහෙන දුකක් දැනුන... ඇත්තටම ඒ මනුස්සයට මොන වගේ හැඟීමක් දැනෙන්න ඇද්ද... අර මූණෙ තද කරන් ඉන්නෙ ඒ වේදනාව කියල මට හිතෙන්නෙ....
    4 වෙනි පින්තූරෙ අර බිත්තියේ ලියල තියෙන එක මේ අවස්ථාවට හොඳටම ගැලපෙනවා...
    11 නොදකින් කාලකණ්ණි...
    12 අය්යෝ... අර පිටිපස්සෙ ඉන්න කෙනා නම් දකිනවා වෙන්න යන වැඩේ නේද... එතකොට මේ පින්තූරෙ ගත්තු කෙනා දැක්කද දන්නෙ නෑ එයාගෙ අවධානය යොමු වෙලා තියෙන්නෙ තමුන්ගෙ පවුලෙ අයට නිසා... මේ පින්තූරෙ ගත්තට පස්සෙ මෙතැන හිනාවෙලා ඉන්න අයගෙ ජීවිත මොන විදියට වෙනස් වෙන්න ඇද්ද...
    13 අර උඩ ඡායාව පේන්නෙ ඒ දෙන්නගෙ වෙන්න ඇති... මැරෙනව කියල දැන දැන ඔහොම ඉන්න වෙලාවෙ මොනව හිතෙන්න ඇද්ද... බිමට පැන්නද දන්නෙ නෑ අර වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකේ අය වගේ...
    අන්තිම පින්තූර ටික බලල ඉවර වෙනකොට ඇඬුනා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මියුරු කාලය අරගෙන ඔබේ හැගීම් පිළිවෙලකට මෙහි අකුරු කිරීම සම්බන්ධව..අන්තිම පින්තූර ටික නැරඹුවාට පස්සෙ ඇඩුනා කියපු අය බොහෝ හිටියා...ඒ අනුව අප වටා ඉන්න බහුතරයක් සංවේදී හදවත් ඇත්තන් බව දැනෙනවා..එය සතුටට කාරණයක්..

      අර දේශපාලකයට ඔය ඡායාරූපය දකින්න ලැබෙන්නෙ නෑ..ඡායාරූපය ගන්නවාත් එක්කම වෙඩිල්ල වදින්න ඇති. මම මේ ලිපිය සකස් කරන වෙලාවෙත් කල්පනා කලා සුළං බලාගාරය මුදුනෙ ඔය අවස්ථාවෙ මම හිටියා නම් මම මොනවා කරයිද කියලා...අනේ ඇත්තමයි හිතාගන්න බෑ කිසි දෙයක්...ඒ අයට අඹු දරුවො / දෙමාපියො සියලු අය මතක් වෙන්න ඇති..හරිම ඛේදජනක සිදුවීමක්.

      Delete
  45. කතාව ඇත්ත සමහර පින්තුර තියෙනව ඒව දැක්කම මොකක්ද කියන්නෙ යන්නේ කියල ලේසියෙන්ම කියන්න පුළුවන්.මොනාලිසා පින්තුරෙත් එහෙමයි කියනවනෙ.අපි තරහින් ඉදල මොනාලිසා දිහා බැලුවොත් එයත් බලන්නෙ ඒ විදියටලු සතුටින් බලනවනම් ඒ විදියට කියනවනෙ..හි හි

    ReplyDelete
    Replies
    1. මොනාලිසා ගැන ඉතින් විවිධ කථා තියෙනවනෙ..මම එක තැනක කියෙව්වා...මොනාලිසා දතක් ගලවලා ඉන්නෙ ඒ නිසා එක පැත්තක කම්මුල ඉදිමිලා කියලා..

      Delete
  46. Sira,
    6,11 & 16... Ai me podi lamaita mechachra widawanna wenne....?

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...