සාමාන්‍ය පෙළ දක්වාම නිවෙස කිට්ටුව පිහිටා තිබූ ගමේ පාසලෙන් අධ්‍යාපනය ලැබූ නගා අපේ පාසලට පැමිණියේ උසස් පෙළ වෙනුවෙන්. නමුත් ඊට කලින් ඉදන්ම මම නගාව දැන උන්නෙ සිරා කොලුවා සහභාගි වෙච්ච අතිරේක පන්ති වලටම ඒකාත් සහභාගි වෙච්ච හින්දයි.
ඔය කිව්ව සාමාන්‍ය පෙළ විභාගය එහෙම සමත් කොරගෙන නගා කොලූ අපේ පාසලට බඩගෑවෙ රටක් රාජ්ජයක් දිනපු එකෙක් ගානට...අපේ උසස් පෙළ ජීවිතය පටන් ගන්න කලියෙන් සෑම සිසුවෙක්ම දෙමාපියන් එක්ක පාසලට කැදවාලා පවත්වපු රැස්වීම දවසේ නගා භයෙන් භීරාන්ත වෙලයි උන්නෙ. ඒ වෙන අටමගලක් නිසා නම් නෙමෙයි. එකා එකා මේකට නවක වදයට ලක් කොරයි කියලා. ඒ භය නිසාමද කොහෙද පාසලේ ප්‍රධාන පිවිසුමෙන් ඇතුලු උනාට පස්සෙ තියෙන පොඩි කදු ගැටය තරණය කරලා ප්‍රධාන ශාලාවට පිවිසෙන තුරාවටම මේකා පොඩි එකා වගේ මගේ අතේ එල්ලිලාමයි උන්නෙ.
අපරාදෙ කියන්න බෑ අපේ කොල්ලො කිසි එකෙක්ට නවක වදය කියලා ශාරීරික දඩුවම් දුන්නෙ නෑ...ඩෙස් පුටු උඩ නැගලා ඉන්න කියලා කිව්වෙත් නෑ. ආර්ථික හැකියාව, නිවසේ පසුබිම වගේ දේවල් අලුත් අයගෙන්ම දැනගෙන පුංචියට බිස්කට් පැකැට්ටුවක් දෙකක් ගේන්න කියන එක විතරයි කොලේ.
නගා මගේ මිත්තරයා වෙච්චි කොට මම කෝමෙයි උගෙන් බිස්කට් ඉල්ලන්නෙ. මම නගාගෙන් කිසිම දෙයක් ඉල්ලුවේ නෑ...පන්තියෙ අනිත් උන් තමයි මේකාගෙන් බිස්කට් කෑවෙ.
ඔය ඉතිං නවකයින්ගෙ සබකෝල ගතිය දුරුවෙන්න වැඩි කාලයක් අවශ්‍ය නෑ නොවැ. ඉක්මනින්ම අලුත් පරිසරයට හැඩ ගැහෙන්න මේ අයට හැකි වුනා. ඒ කාලෙ නගාට මේ වගේ සාඩම්බර නමක් රැජිස්ටර් වෙලා තිබුනෙ නෑ. ඒ උනාට මොන දේ කිව්වත් කෙදිරිගාන ගතියක් අපේ විචක්ෂනශීලී විමර්ෂණ වලට හසුවෙච්ච හින්දම වැඩි දවසක් නොගිහින් නගාට ඉතාම සුන්දර නමක් පටබැදුනා. එයින් කියවුනේ ශරීරයේ එක් උපාංගයක් මේකාට නෑ කියලයි. ප්‍රසිද්ධියේ මෙවැනි නමක් කියන්නට තිබුන ප්‍රායෝගික අපහසුතා ආදිය සළකා බලලා මේ නම තවත් ටිකක් මොඩ් කරලා තමයි නගා කියන තැනට ගෙනාවෙ. සමහරු නම් කිව්වෙ නංගි කියලා...මොනා උනත් මේ නම පිළිගන්න අකමැති බව පෙන්නලා මුල් කාලෙ පොඩි පොඩි ගෝරනාඩු කලාට, අපරාදෙ කියන්න බෑ අන්තිමට උප්පැන්නෙ තියෙන නමටත් වඩා නගා කියන නම ප්‍රසිද්ධ උනා. නගාටත් අන්තිමේදි ගානක් නැතුව ගියා.
අපි ඉතින් උසස් පෙළ විභාගය සදහා පන්සලක පාඩම් කොරාපු විත්තිය මම අතීතයේ ලියපු සමහර ලිපි වල දක්වලා තියෙනවා. ඒ ලිපි කියවපු ඇත්තන්ට ඒ බව මතක ඇති. මේ කියන නගාත් මේ අපේ පාඩම් කණ්ඩායමට අයත් වුනා.
මට මතක විදියට අපි පාඩම් කරන්න පටන් ගත්තෙ ඉතාම ශීත දේශගුණයක් තිබ්බ වසර අග කාලෙක. උදෑසන හැම අතම මීදුම. පන්සලේ ධර්ම ශාලාවේ ඉදන් වෙල් යායට තියෙන්නෙ බොහොම පොඩි දුරක් හින්දමද කොහෙදෝ රාත්තිරී 10 කණිසම පනිනකොටම අපිට මහා ශීතලක් දැනෙන්න ගත්තා.
පන්සල ලගපාතම හිටිය පුෂ්පෙ කොලුවා ඒ දවස් වල පාඩම් කරන්න එන්නෙ අපේ මේ ශීතල දුරු කරන්න අති විශාල උණුසුම් බෝතලයක තේ එකක් එහෙම පුරවගෙන. සිරා කොලුවා, පුෂ්පෙ ළමයා, වැද්දා, නගා එක්ක පන්සලේම නැවතිලා ඉදගෙන අපේ පාසලේ, අපේ පන්තියෙ අධ්‍යාපනය ලබපු කන්තලේ මෛත්‍රී ගොයියත් මේ කියපු පාඩම් නඩයට අයත් වුනා.
තේ එකක් බොමු බං....නගා අදහස දානවා.
උඹට දැම්මම ශීතලද නගෝ...
ශීතලකට නෙමෙයි යකෝ...පවුනෙ බං...මෙච්චර ලොකු වතුර බෝතලයක් උස්සගෙන එන එකේ අපි මේක හිස් කරලා දෙන්න එපායැ බන්....
එහෙම කියලා පළවෙනි වතාවට තේ කෝප්පයක් තොල ගෑවා කියමුකො.. තවත් අඩහෝරාවක් යන්න කලියෙන් ආයෙමත් නගාට තේ බොන්න ඕනෙ. මේ විදියට සැරෙන් සැරේ තේ බීලා උණුවතුර බෝතලේ අඩිය පෑදුනාට පස්සෙ තමයි නගාගෙ තේ බීම නතර වෙන්නෙ.
මේ හැමවතාවකම ප්‍රයෝජනයට ගන්න පන්සලට ලැබුන දානමාන ආදියෙන් මෛත්‍රීලාගේ ප්‍රයෝජනයට ලොකු හාමුදුරුවො නිකුත් කරපු තල කැරැල්ලක්, කැවුමක් , කෙසෙල් ගෙඩියක් වගේ දේකුත් එකතු වුනා. එහෙමත් දවසක තමයි ඉතිං අපි තේ විතරක් බිව්වෙ. පාඩම් කරන්න කියලා ඉදගත්තට තවමත් සිත එක්තැනකට අරන් නිසිලෙසම ඒ වැඩකටයුත්තේ යෙදෙන්න අපට අපහසුතාවක් දැනුනා. ඒ අපහසුතාව නිසාමදෝ තේ බෝතලය ඉතා ඉක්මනින් හිස් උනා.
පාඩම් නොකලත් කමක් නෑ...එකතැනක වැඩි වේලාවක් වාඩිවෙලා ඉන්න එකත් ඇති මුල් කාලෙ. ටික ටික තමයි පාඩමට හිත යොමුකරගෙන මේ කටයුත්ත කාර්යක්ෂම තත්වයට ගේන්න ඕනෙ...අන්න එහෙමයි අපේ ගුරු භවතුන් ඒ කාලෙ අපට උපදෙස් දීලා තිබුනෙ.
උදේ ඉදන් අව්වෙ කරවෙලා බෑන්ඩ් ගහලා ඉක්මනින් නිදා ගන්න බලාගෙන ගෙදර එන මට ඈත තියාම දකින්න ලැබෙන්නෙ අපේ ගෙදර ගේට්ටු කණුවකට හේත්තු කරලා තියෙන නගා ඒ කාලෙ පැදපු පොල්ල නැති බයිසිකලේ. පා පැදියෙ හරස් පොල්ල තිබුනෙ නැති කාන්තා වර්ගයේ එකක් වෙච්ච නිසාම නගාගෙ සාඩම්බර නම තවත් බැබලුනා කියලා මට හිතෙනවා.
උඹ පලයන් නගෝ...මට අද හරිම මහන්සියි...නිදිමතයි... කිව්වත් නගා නෙමෙයි යන්නෙ.
කමක් නෑ බං...ගානක් දෙකක් හදලා උඹ නිදිය ගනින්....එහෙම කියලා කොහොම හරි මාවත් පංගරාර්තු කරගෙන නගා පන්සලට යන්නෙ අතරමගින් වැද්දවත් එකතු කරගෙන.
පන්සල ලග පුෂ්පෙ කොලුවා සහ වැද්දා නගා අපේ පාසලට එන්න කලියෙන් භජනයක් තිබුනෙ නෑ. අපි පාඩම් කරන්න සැට් වෙන්න සැළසුම සකස් කරගෙන යන කාලෙදි මම තමයි නගාවත් මේකට දා ගමු කියලා යෝජනා කලේ. උනුත් අන්තිමේදී ඒ අදහසට කැමති වෙලා තමයි නගාට අපිත් එක්ක පාඩම් වැඩ වලට එකතු වෙන්න අවස්ථාවක් උදා උනේ.
ඉතිං තේ බෝතලේ ඉවර උනාට පස්සෙ නගාගෙ ඇහැ යන්නෙ පන්සල ලගම තිබුන විදුලි පහන් කණුවක අස්සෙන් පේන අඹ වල්ලට.
සෝක් අඹ වල්ල බන්...තිතට පැහිලා..
ඉතිං උඹ මොනවද කරමු කියන්නෙ. නගාට මේ විදියට අනිත් කෙනෙක් තවත් ප්‍රශ්නයක් යොමු කලාම නගාගෙ පිළිතුර උනේ.
මොනා කරන්නද බන් කඩමු....
ඔන්න ඉතින් එතැන ඉදලා එක සීරුවට ලොකු පුංචි ගල් කැට වගේම පොලු කෑලිත් විදුලි පහනේ ගෑවි නොගෑවී අල්ලපු හිස් ඉඩමට වැටුනා. කොහොම හරි අඹ ගෙඩියක් බිම වට්ටා ගත්ත දවසට අපිට හරිම සතුටුයි. විදුලි පහන් කණුව හින්දම අඹ වල්ලට ගලක් ගහන එක අමාරු කාරියක් උනා. විශ්වාස කරන්න.....අපි පාඩම් කරපු අවුරුද්දකට වැඩි කාලය තුල කෙතරම් ගල් ගැහුවත් එක ගලක් වත් මේ කියන විදුලි පහන් කණුවේ විදුලි පහනේ වැදුනෙ නෑ.
තේ බීලා, අඹ කාලා සැට් එක ජොලියෙන් ඉන්න වෙලාව උදාවෙනකොට තූර්ය වාදක පුහුණුවීම් නිසා බොහොම මහන්සි වෙලා ඉන්න සිරා කොලුවගෙ කරටිය බිමට පාත් වෙනවා. මුල්ම කාලෙ මම නිදා ගත්තට පස්සෙ අනිත් උන් පාඩම් වැඩ වෙනුවට ධර්ම ශාලාවෙ තියෙන බංකු වලින් බාධක හදලා නගාගෙ පොල්ල නැති බයිසිකලේ ඒක ඇතුලෙ පැද්ද. එක වටයක් යන්න යන කාලය ඔරලෝසු වලින් මැනලා ජයග්‍රාහකයො පවා තේරුවා...අද නම් මේවා බොහොම සුන්දර මතක.
බයිසිකල් පැදිල්ලත් එපා උනාම පන්සල් බිමේ සිටවා තිබුන නානාප්‍රකාර මල් ගස් වලින් පැල ගැලවීම, මල් කැඩීම වැනි ඉතාම යහපත් ක්‍රියා වල පිරිස නිරත වුනා. ලොකු හාමුදුරුවො තමයි විිවිධ තැන් වලින් මේ මල් වර්ග වල ඇට/පැළ ආදිය ගෙන්වාගෙන මේ විදියට හිටවලා පන්සල ලස්සන කරලා තිබුනෙ.
මහා රාත්‍රිය උදා උනත් සමහර විට ආවාසෙ ඉදලා ලොකු හාමුදුරුවො පාඩම් කරන ඇත්තො දිහා කරුවලේම බලාන ඉන්නවා. ඉතිං එහෙම වෙලාවට ඇහැ නොගැටෙන්න, මල් ගැලවිල්ලට ගිණි කූරක් දල්වා ලැබෙන එළිය තමයි පාවිච්චි කලේ. මේ විදියට ගිණි පෙට්ටියක් පමණ එක් රාත්‍රිය
කට අපට වැය වුනා.
රෙඩ් ෆාම් ගස් වලට තමයි හැමෝම කෑදර වුනේ. දවසක් වැද්දා මල් පෝච්චියක සිටුවා තිබුන ලස්සන රෙඩ් ෆාම් පැලයක් ගලවන්න අත් දෙකෙන් පෝච්චියෛ් පස් හාරමින් උන්නෙ...එක පාරටම මේකා අම්මෝ කියාගෙන දිව්වෙ...අපිවත් තල්ලුකරගෙන.
ගිණි කූරු එළිය මල් පෝච්චියට ලං කලාම තමයි කාරණය අක්මාවටම දැනුනෙ. වැද්දා මෙලෝ සිහියක් නැතුව මල් පෝච්චියේ පස් ඉවත් කරද්දි කඩි ගුලක් මතුවෙලා. උන් පරන ඇරියස් එක්කම වැද්දට ඇනලා.
ඉතින් සතියක් දෙකක් පාඩම් කිරිල්ල මේ කියන ස්වරූපයෙන් කෙරුනට පස්සෙ තමයි නියම විදියට පාඩම් කරන්න ආරම්භ උනේ. අපි නගා කියලා කෝචොක් එක් දැම්මට අපේ නඩේ හිටිය මීටරේ නගා කිව්වට වරදක් නෑ. අන්තිමේදි අපි හතර දෙනා අතරින් සරසවි වරම් ලැබුවෙත් ඒකා පමණයි.
මෙන්න මේ විදියට පාඩම් කරමින් ඉන්න වෙලාවක තමයි පන්සලට එහා පැත්තෙ නිවෙසට අමුත්තෙක් ආවෙ. ඒ කථාවත් ඔබට මතක ඇති.
රාත්තිරියෙ පන්සලේ පාඩම් කලාට උසස් පෙළ දෙවැනි අවුරුද්දෙ පළවෙනි මාස හය පමණ ගත උනාට පස්සෙ පාසල් යන්නෙ නැතුව නිවසේ ඉදන්ම පාඩම් වැඩ කරගන්න තමයි හැමෝම කැමැත්ත දැක්වූවෙ. ඒ උනාට අපේ නිවස කිට්ටුව නිවාසයක දෙකක හිටිය සංගීත රසකාමී ජනතාව ඒවායේ හඩ උපරිම කරලා ඒ රස මිහිර විදගත්ත නිසාම මට නිවසෙ ඉදන් පාඩම් වැඩ කොරගන්න විදියක් නැති බව වැටහුනා. අපේ පන්සලේ පාඩම් නඩයටත් මේ අපහසුතා ගැන කියලා දිවා කාලයේ ගම්පහ පුස්තකාලයේ පාඩම් කරන්න යොදාගමු කියන යෝජනාව අන්තිමේදි මගේ කටින් පිටවුනා.
මේ කියන පුස්තකාලෙ නිසා තමයි පස්සෙ කාලෙක අපේ නගාට කවදාවත් හිතපු නැති දේවල් උරුම උනේ. ඒ විස්තර ඉදිරි දිනයක.
මේ වනවිටත් සාර්ථකව අපි අපේ බ්ලොග් දර්ශකයට බ්ලොග් පිටු ඇතුලත්කරමින් සිටිනවා. ඔයාලත් දන්න බ්ලොග් අඩවි තියෙනවනම් අප වෙත ඉදිරිපත් කරන්න දර්ශකයට ඇතුල් කරන්න. අපේ බ්ලොග් දර්ශකය වෙත පිවිසෙන්න.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/
ස්තූතියි බොලං...අනුන්ගේ රසවින්දය උදෙසා බොලාලා කරගෙන යන මේ ව්‍යාපෘතිය මාගේ නොමද පැසසුමට ලක් වේ.
Deleteඅද පලියක් නැද්ද?
ReplyDelete//""මොනා උනත් මේ නම පිළිගන්න අකමැති බව පෙන්නලා මුල් කාලෙ පොඩි පොඩි ගෝරනාඩු කලාට, අපරාදෙ කියන්න බෑ අන්තිමට උප්පැන්නෙ තියෙන නමටත් වඩා නගා කියන නම ප්‍රසිද්ධ උනා. ""// ඕක තමයි වෙන්නේ ඉස්කෝලේ කාලේ බැඳෙන හැම නමකටම .
පලිය දාන්නෙ කථාව අවසානයේ...මේ කථාව මේ කියන්න පටන් ගත්තා විතරයි..නගා කියන්නෙ කථා රාශියක්...හැබෑට මේකා ගැන ලියනවා නම් මට මාස ගානක්ම ලියන්න දේ තියෙනවා...
Deleteඅපිත් පන්සලේ අඹ ගස් දෙකේම පලදාව අවුරුදු ගානක්ම අතට ගත්තා පොල්ලේ පිහිටෙන්.. හැක්.. මාර නගෙක් කේ.. ඌ බිස්කට් කවල වෙන්ටැති බොලා ඔච්චර සුදු වෙලා තියෙන්න්..
ReplyDeleteඒවා යුතුකම් දේශකයො...කවුරුවත් ප්‍රයෝජනයක් ගන්නෙ නැත්තං අපිවත් ඒ කාරිය කොරන්න එපායැ...මම කලිනුත් කියලා තියෙනවා...අපි අඹ කඩලා නිකා හිටියෙ නෑ...පස්සෙ පස්සෙ පාඩම අස්සෙ පන්සලේ තැඹිලි ගස් වලටත් බඩ ගෑවා...එකෙක් දවසක් තැඹිලි වල්ලක් බිමට බාන්න කියලා ගෙනිච්ච මන්නයක් තැඹිලි වල්ලක් අස්සෙ ගහලා එක වල්ලක් බිමට බාලා ඒකත් බිමට බැස්සා...පස්සෙ දවසක ලොකු හාමුදුරුවො තැඹිලි කපන්න මිනිහෙක් ගහට යැව්ව වලේ අපේ සායම දිය වුනා....ගෝලයො පාඩම අස්සෙ නිකං ඉදලා නෑ වගේ කියලා...ඒ මනුස්සයා ලව්වා බාපු තැඹිලි වල්ලත් අපිටම පැවරුවා....
Deleteඅපෙත් හිටියා ඔහොම එකෙක්… මෑනුත් මරු මීටරේ, ඒත් ඩයල් එක ඕය තරම් සමාජ ශීලී නෑ.… කොටින්ම කිසිම බාහිර වැඩකට සම්බන්ධ වෙන්නෑ. කෙල්ලන්ව නම් හොදට ආස්සරේ කරනවා.
ReplyDeleteඅද ඇත්තට පලිය කෝ??
ඉක්මනටම පුස්තකාලෙ සිද්ධි ටිකත් දාන්න……
පලිය දාන්න කථාව ඉවර කරල ඉන්න එපාය එතෙක් හිටු
Deleteඅන්න බලන්න විදානෙට තේරුම් ගිය කාරණේ බොට තේරුම් ගියේ නෑ නොවැ...මේ කථාව කියන්න පටන් ගත්තා විතරයි. අපේ නගා ඉතින් පස්සෙ කාලෙක සල්ලං වුනේ කෙල්ලො නිසාම තමයි...ඒ කථා ඉදිරියට...
Deleteකථාවේ උච්චතම අවස්ථාවට අැවිල්ලා නතර උනානේ..
ReplyDeleteඉස්කෝල යන කාලේ කාඩ් නං සිරාම තමයිි සිරාේ..
ජය වේවා!!!
තාම උච්චතම අවස්ථාවට ආවෙ නෑ විදානෙ...ඒ අවස්ථාව තව මග....
Deleteමට විදානේගේ කාඩ් එක දෙකක් මතක් වුනා.
Deleteදෙකෙන් එකක්වත් කිව්වොත් නරකද ?
Deleteඉතිං ඔය මල් කැඩිල්ල හාමුදුරුවන්ට අහුවෙන්නෙ නැද්ද දවල්ට.
ReplyDeleteබොලා හිතුවද අපි මල්කැඩුවෙ අහුවෙන්න කියලා...හාමුදුරුවො පාට දෙකේ මල් පිපෙන බෝගන්විලා වර්ග කීපයක් වවලා තිබුනා...ඒවායින් කොච්චර කියලා මම දඩු කඩාගෙන ගිහින් ගෙදර හිටවන්න ඇතිද...එකක් පැළවුනේ නෑ නොවැ....කොල්ලො කිව්වා පස්සෙ පස්සෙ පන්සලෙන් ගෙනියන හින්දද කොහෙද කිසිම වගතුවක් නෑ මේ මල් පැලවෙන්නෙත් නෑ කියලා...වැද්දගෙ රෙඩ් ෆාම් පැලය නම් පැලවුනා.....නමුත් වසර ගානක්ම ඒක වර්ධනයක් පෙන්වුවේ නෑ....එක තැන...අදටත් එහෙමද දන්නෙ නෑ.
Deleteරෙඩ්ෆාම් පැල පොකුරෙන් එකසැරේ ගැලෙව්වම එහෙම තමයි...! පස්සෙ හරියනව..මුල් අද්දන්න කාලයක් යනව.
Deleteඑහෙමත් එකක්ද ?
Deleteඋඹලා උස්සන මල් පැල වලට මොකද කලේ? ඒවා ගෙදර ගෙනිහින් හිටෙව්ව කියලා නම් මම හිතන්නේ නෑ?
ReplyDeleteමම මහන වෙච්ච දවසක උඹලා වගේ එවුන් නම් පංසල පැත්තටවත් වද්දා ගන්නේ නෑ කියලා හිතාගත්තා.
අපේ අම්මා කාලෙන් කාලෙට විවිධ මල් වර්ග මිදුලෙ වවන්නෙ...කාලයක් කැනස් වර්ග වැව්වා...කාලයක් බෝගන්විලා...ඊට කලියෙන් ඇන්තූරියම්...
Deleteබෝගන්විලා වවන කාලෙදි අපේ ගෙදර නැති ඒවා පැල කරන්න සෑහෙන්න පන්සලෙන් අතු කඩාගෙන ආවා...කිසිම ප්‍රගතියක් ලැබුනෙ නෑ....බොලා මහන වෙන්නද යන්නෙ...ශාසනේටත් කෙළවෙන පොටක් වගේ...
අද ප.ලි. නැද්ද ?
ReplyDeleteකොහොමවුනත් අද නගා ගැන වැඩිපුර දේවල් ටිකක් දැනගත්තා... ඉතුරු විස්තරත් ඉක්මනින්ම ලියන්න ....
ප.ලිය දාන්නෙ කථාවෙ අවසානයටනෙ නගෝ...මේ ඇරඹුම...තව ඉදිරියට කියන්න දේ තියෙනවා....
Deleteප. ලි ය අනික් සැරේට වෙන්නැති නේද සිරෝ.අපේ අපවත්වුනු ලොකු හාමුදුරුවොත් හරියට මල් වැව්වා හැබැයි ගලෝනව තියා අල්ලන්න වත් දෙන්නෙ නෑ කොළයක්වත් කඩල අහුවුණොත් ඉඳල ඕනෑ නෑ ඉතිං සිවුර කැහැපොට ගහගෙන බනින්නෙ.
ReplyDeleteමේ කියන ලොකු හාමුදුරුවො නුවර පළාතෙ කෙනෙක්...ඒ පළාත් වලින් ලස්සන ලස්සන මල් වර්ග හොයාගෙන ඇවිල්ලා හිටවන එක උන්වහන්සේගෙ සිරිතක්...පන්සලේ හිටිය නිසා සමහර දවස් වලට අපිටත් පැවරුනා මල් වලට වතුර දාන්න වගේ පොඩි පොඩි වැඩ....
Deleteතාමත් ඌට කියන්නේ ඔය නමමද? පවු බන්
ReplyDeleteයෑස් යෑස්...තවමත් නගාම තමයි...නමුත් උගෙ වාසනාවට මේ නම කැම්පස් එක ඇතුලට ගියේ නෑ...
Deleteඋඹේ මේ ස්ටයිල් එකේ කතා වලට මම හරි මනාපයි බං...:)
ReplyDeleteකිවත් වගේ කෝ යකෝ පලිය..?
මේ ඉට්ටයිල් එක තමයි ඉස්සර මම ලියපු බොහෝ ලිපි වල තිබුනෙ...අද මේ එදාවේල ටුවර්ස් වලින් තමයි බොග ලියාගෙන යන්නෙ...මට දැන් වෙලාව අඩුයි බන්...මෙහෙම ලියන ඒවා රහ නෑ කියලයි මගේ අදහස...මක්ක කරන්නද...
Deleteනඟා... ඉවරයිනෙ ඒකා එතනින්ම. පවු නැත්ද අහිංසකය.
ReplyDeleteමේකා අහිංසකයා වගේ හිටියට කපටි රජා...හීන්නූලෙ ගේම් දෙන්නෙ...බලහංකො ඉදිරියේදි නගා කරපු වැඩ....
Deleteඉස්කෝලේ යන කාලේ ගැන මතක් කරපුවහම හැම එකකම වගේ මේ වගේ නගා චරිතයක් ඉන්නවා වගේ බං අයියේ
ReplyDeleteමුන් වගේ එකෙකුත් ඕනෙ බං...නැත්තං කිසි කික් එකක් නෑ ගැන්සියෙ....
Deleteඅපෙත් හිටිය නංගි කෙනෙක්.... ඌත් අනිත් උන් ඉන්න තැන චු කරන්න බෑ කිව්වා කියල තමා ඒ නම වැටුනේ.
ReplyDeleteඅප්පට සිරි...එහෙනං ඒකා ඇත්තටම නංගියෙක් වෙන්න ඇති....
Deleteඅපේ ඒලෙවල් පංතියෙත් හිටියා බං එකෙක්..ඉස්සරහම පේලියේ ඉන්නේ හැමදාම..සෑර්ගෙ ආවතේව කරුවා..ඌ තමයි උදේට රෙජිස්ටරේ පැන්සලෙන් එකයි බිදුවයි දාන්නේ.සර් දවස් දෙක තුනකට.පාරක් ඕක මකලා පෑනෙන් දාන්නෙ..
ReplyDeleteඋදේ පීරියඩ් එක ඉඳලා අපි යනවනෙ බං අපේ ගමං බිමං තාප්පෙ උඩිං..මේ යකා මටයි අනික් උන්ටයි බින්දු දාල . 80% දෙන්නෙ උගෙ බාප්පද..?? මං ඉතිං ආදරෙන් කීවා ආවත් නාවත් අපේ නං වලට එක නොදැම්මොත් උඹෙ &%$# &%$$ වා කියලා.. ඊට පස්සෙ අපූරුවට දැම්ම බං.උගෙ අතිං පයිං යනවෑ ඕක දැම්ම කියල.
පත්තරයා ඒ කියන්නෙ ඒ කාලෙ පන්තියේ සද්දෙ දාගෙන ඉදලා තියෙන්නෙ...මේ වගේ අහිංසක නගාලට...දුක නැද්ද බොල...මේ වගේ නගාලව තලා පෙලන්න...
Deleteඅනේ එහෙම නෑ බං.. ඌ ඉතිං කොහොමත් බයිට් වෙන එකානෙ.මං මක් කරන්නද බං.. වෙන එකෙක්ගෙන් නං ගුටි කනවනෙ .. ඇයි යකෝ බින්දුව දාන්නෙ අපි ඉස්කෝලෙ ආව නොවැ.. පීරියඩ් එකක් දෙකක් පන්තියෙත් හිටියනෙ.. අනික එක පන්තියෙ ඉන්න එකා වෙච්චි..
Deleteපීරියඩ් දෙකක් පන්තියේ ඉදලා ඉතුරු ටිකට ෂෝට් ලීව් දැම්මද ?
Deleteමේ ඉස්කෝලෙ කාලෙ කතා ටික නම් මල් හතයි සිරා අයියේ!
ReplyDeleteමොනවට කියනවද නගේ ඒ හරිය...මට මේ බොග අවුරුද්දක් උනත් නඩත්තු කරන්න කථා තියෙනවා අපේ පාසල් ජීවිතය ඇතුලෙ...ඒ තරම් සුන්දරයි....
Deleteහරිම රසවත් පාසැල් කාලයක් සිරාට තිබිලා තියෙන්නේ...
ReplyDeleteමටත් ආසයි අඹ ගස්වලට ගල් ගහලා පන්සලේ ඉඳගෙන පාඩම් කරන්ට අර ලොකු බෝතලෙන් තේ බි බී....:)
ඔයා ඉතින් ඕවා කරන්න ආසා උනාට දැන් හොද කාලෙ පහුවෙලා නොවැ....ඒ නිසා ලබන ආත්මෙ හරි එහෙම කරනවා කියලා අධිෂ්ඨාන කොරගන්න.
Deleteකෑ පතේ රෙන වැඩ කියන්නේ ඕවට තමයි. ඒ වුනත් කොලු වැඩනේ. මතකයන් සුන්දරයි.
ReplyDeleteකෑවොත් ඉතින් රෙන්න වෙනවමනෙ ලොක්කො....මොකද ඊයෙත් කලා, පෙරේදත් කලා කියලා නිකං ඉන්නයැ...
Deleteසිරා ලොක්කගෙ කතා විලාසයට නියමෙට සෙට් වෙන එකක් තමයි මේකත්..ඔය වගේ දේවල් අනිවා කරන්න ඕනෙමයි.නැත්නම් ගතියක් නැහැ..
ReplyDeleteමොනවා කියනවද මලේ...එහෙම දෙයක් කොරපු නිසා නේන්නම් අද අපි මතක් කරලා සතුටක් ලබන්නෙ....නමුත් සීමාවක් ඇතුලෙ තමයි වෙවැනි දේ විය යුත්තෙ.
Deleteමේ ඉන්න චරිත පටබැඳෙන නම් හැම එකක්ම හැම කෙනෙක්ගෙම පාසල් කාලයට පොදුයි වගේ දැනෙනවා.එකම විදියෙ සෙට් තමයි හැම තැනකම ඉන්නෙ.
ReplyDeleteඅපෙ ඉස්කෝලෙ එකෙකුයි ටියුෂන් ක්ලාස් එකේ එකෙකුයි හිටියා...
ඉස්කෝලෙ එකාට දැම්මෙ පබා කියලා.උගෙ නම පබසර. ඉස්කෝලෙට ඒ ලෙවල් කරන්න ආවාම පරණ එව්වො හැටියට මායි තව එකෙකුයි තමයි පුස්තකාලෙට ලමයිගෙ නම් දීලා කාඩ් එහෙම ගෙනැල්ලා අළුත් එව්වන්ට මග පෙන්නුවෙ. මේකට මම නිල්පාට පුස්තකාල කාඩ් එකක් දුන්නම මේකා කියපි // අනේ මට මේ පාට එපා රෝස පාට දෙන්න // කියලා. මට ඕක එවෙලෙ මීටර් නොවුනට පන්තියෙ හිටිය රෙජිස්ටාර්ට ගානට මීටර්. එදා ඉඳන් ඌ පබා. හැබැයි අපරාදෙ කියන්න ඕන්නෑ ඒක ඉස්කෝලෙන් අයින් වෙනකොට ගානට හදලා යැව්වා නැත්තං ඌ හිටියෙ සමූහ දූෂණයට ලක්වෙන ගානට....
අනිකට කියන්නෙ නංගිමල්ලි. ඒකා අහිංසක කමේ උපත. ඌට මොකක් කිව්වත් ඌ නෙමෙයි එකට එක කියන්නෙ හිනා වෙලා පැත්තක් අල්ලගෙන පාඩමක් කරගෙන ඉන්න එක තමා උට තිබ්බ සැපේ.බස් එකක යද්දි කොල්ලො ස්ටෑන්ඩ් එකේ ඉඳන් කෑ ගැහුවාම ඒකා වීරයා වගේ අත වනාගෙන යනවා කිසි ගානක් නැතිව.කෝමහරි දැන් මිනිහා ඉංජිනියරිං
අනිකා වැද්දා. ඒකා කරපු එකම වරද නාට්ටියකට ලමයි තෝරනකොට මිස් මම වැද්ද වෙන්නං කියපු එක. 8 වසරෙ විතර ඇති එතකොට. කෝමහරි නම දැම්මයි කියමුකො ඒකා නෙමෙයි කනකට ගත්තෙ.හැබැයි නාට්ටිය ඉවරවෙලා ඔඩිටෝරියම් එකේ කට්ටිය පිස්සු නටනකොට දුන්නක් අරං මූ විදින්න ගත්තම තමා නම දාපු එවුන්ටයි කියපු එවුන්ටයි රත් වෙන්න ගත්තෙ...
ආසාවේ බෑ අප්පා මේ මතක හාරනකොට ඔහොම යං ඈ
උඹ වගේ උවමනාවෙන් කමෙන්ට් කරන උන් නිසා තමයි බං බ්ලොග් කලාව රසවත් එකක් විදියට මට ඉස්සර දැනුනෙ...දැන් දැන් මේ විදියට තමන්ගෙ හිතේ තියෙන අවංක හැගීම් වෙලා අරගෙන කමෙන්ට් එකක් විදියට දාන්නෙ කීයෙන් කී දෙනාද...මහා ගොඩක් බ්ලොග් අඩවි අතරෙ ඒ ඇත්තන්ට ඒ සදහා මිඩංගු කරන්න කාලයකුත් නැතුව ඇති. නමුත් ලියන කෙනාට කික් එකක් එන්නෙ සුපිරියි..අනර්ගයි කියනවාට වඩා තමාගේ අත්දැකීම් බෙදාහදාගන්න වර්ගයේ කමෙන්ටු වලින්....බොට බොහොම ස්තුතියි..
Deleteඅපි බෑන්ඩ් ගහන කාලෙ අලුතෙන් ආපු පොඩි එකෙක් හිටියා නංගි බබා කියලා..ඒකා ඇරපු අතක් නෑ කෙල්ලෙක්ම තමයි...ඉතින් බෑන්ඩ් එකේ පුහුණුවීම් වලට ආවෙ නැති උනාම දඩුවම් දෙන බව දන්නවා නොවැ. මේකව බයිට් කරන්න හිතාගෙන එදා සැරයන් උගෙන් ඇහුවා උඹ -ක දෙනවද ? වෙඩි කනවද කියලා....වටේ පිටේ හිටපු උන් යන්තමට ඇහෙන ගානට ඌට කිව්වා වෙඩි කනවා කියලා කියන්න නම් එපා...උඹට අම්බානක පනිෂ්මන්ට්....ඒ නිසා අනිත් එකට කැමතියි කියලා කියපං කියලා....අනේ නංගි බබා....අයියෙ මට වෙඩි කන්න නම් බෑ....-ක දෙන්නම් කියලා කිව්වා නේද....අපිට එදා හිනා වෙලා පණ ගියා.
හපොයි දෙයියනේ ඔක්කොටම එහානේ මේක.... :D
Delete//ඒ උනාට අපේ නිවස කිට්ටුව නිවාසයක දෙකක හිටිය සංගීත රසකාමී ජනතාව ඒවායේ හඩ උපරිම කරලා ඒ රස මිහිර විදගත්ත නිසාම මට නිවසෙ ඉදන් පාඩම් වැඩ කොරගන්න විදියක් නැති බව වැටහුනා.//
ReplyDeleteඔක්කොමත් හරි මේක තමයි වැඩේ.අපේ මිනිස්සුන්ට තියෙන අමුතු රෝගයක්.මමත් ඕකට ඔය විදියටම මුහුණ දුන්නා.
අපේ ගෙවල් ලග හිටි කෙනා දැම්මෙ කාගෙ සින්දුද දන්නවද ? රස විදින්න පුලුවන් දෙයක් නම් පාඩම් නොකර හරි අහගෙන ඉන්න තිබුනා...ඒ උනාට කොහොමද බන් බස් අජිත්ගෙ මෙලෝ රහක් නැති ගූ සින්දු අහගෙන ඉන්නෙ.
Deleteඅපිත් ඔහොම කලක් පාඩම් කලා මතක් වුනා..
ReplyDeleteමෙහෙම කිව්වෙ පන්සලකද ? ඒ උනාට අපි වගේ ගේම් නම් දෙන්න නැතුව ඇති..
Deleteසිරාගේ පාසල් කතා ගෙනෙයි සිහියට අප ගේද පාසල් මතකයන්...
ReplyDeleteනලින් අයියා කාලයකට පස්සෙ කාමරයට ගොඩ බැස්සේ...ඒ කියන මතකයන් එකක් දෙකක් ඇයි ඔබේ අතින් අකුරු නොවෙන්නෙ...
Deleteබලාගෙන යද්දී කාගෙත් සෙට් එකේ මෙහෙම එකෙක් ඉදලා තියෙන පාටයි.. බලමුකෝ එහෙනම් ඊලග එකත් කියවලම..
ReplyDeleteනගා කාඩ් එක වැදුන එකෙක් හරි බොහෝ තැන් වල ඉදලා තියෙන බව පැහැදිලියි දැන්.
Deleteඋඹලාත් එක්ක හිටිය හැම එකෙක්ටම මොකක් හරි වෙනත් නමක් තිබිලා තියෙනවා නේද.
ReplyDeleteගොඩාක් උන්ට තිබුනා...කොටින්ම මටත් තිබුනා...ඒ නම කිව්වාම තමයි මාව ගොඩාක් උන් අදටත් දන්නෙ.
Delete//ධර්ම ශාලාවෙ තියෙන බංකු වලින් බාධක හදලා නගාගෙ පොල්ල නැති බයිසිකලේ ඒක ඇතුලෙ පැද්ද. එක වටයක් යන්න යන කාලය ඔරලෝසු වලින් මැනලා ජයග්‍රාහකයො පවා තේරුවා...අද නම් මේවා බොහොම සුන්දර මතක.// ඔය බොලාඅ ලිව්ව පන්සලේ කතාවෙ..මම කිව්ව වගේ මතකයි ඒත් නැවත කියමි.පින්වන්ත හාමුදුරු කෙනෙක් නැත්තන් තොපිලට ගහල එලවන්නෙ ධර්ම ශාලාවෙ සයිකල් පැදල.
ReplyDeleteපුස්ථකාලෙ කතාත් මතකයි බොලා කිව්ව.
ලොකු හාමුදුරුවො නිතර නිතර පිටරට සංචාර වලට වැඩියා දායකයන්ගෙ උවමනා එපාකම් මත. ඒ කාලෙට ඉතිං පන්සල අපිට අපේ ගෙදර වගේ තමයි...ඒ වගේ කාලයට තමයි බයිසිකල් රේස්....තැඹිලි කැඩිලි නැගලම ගියේ...
Deleteශිහ්.. ඌට මහ අජූත නමක්නෙ වැටිලා තියෙන්නෙ..පව් වැඩේ... ඌ මේවා කියවනවද ?
ReplyDeleteමොනවා කරන්නද සෙන්නා...ලබා උපන් හැටි නොවැ...අදටත් උගෙ කාඩ් එක නගාම තමයි.
Deleteඔන්න අද අවා මේ පැත්තේ ගොඩ කාලෙකින් ^_^
ReplyDeleteහුග කාලෙකින් කියන්නෙ නගා මේ පැත්තට ආවමද කොහෙද...කාමරයට සාදරයෙන් පිළිගන්නවා ඔන්න...
Deleteනගා කිව්වේ අපේ පවනියාට නේද ?
ReplyDeleteමොන පවනියෙක්ද ලොකු අයියෙ...පවනියා එක්ක අපි කෝමෙයි එකට පාඩම් කරන්නෙ උ/පෙ වලට....ඒකා දරුකමට හදාගන්න පුලුවන් වයසක ඉන්න එකෙක් නොවැ...
Deleteඅපෙත් හිටිය නගෙක් ඔය වගේම මල්ලියෙ..මු ඕ ලෙවල් ෆේල් උනා නමුත් හොදට සල්ලි..ඌට කාඩ් එක හිච්චි නගා..පස්සෙ මලය මේකා යෝග කරන්න ගියා..ඌට ඒක හොදට අල්ලලම ගියා..පේරාදෙනියෙ යෝග උගන්වන තැනක් මූට සෙට් වෙලා ඒකෙ යෝග උගන්නන්න ගියා...අන්තිමට එතනට යෝග ඉගෙන ගන්න ආව මූට වඩා අවුරුදු 3 වැඩිමල් ස්වීඩන් ඩොකියෙක් එක්ක සෙට් වෙලා මූ බැදල ස්වීඩන් ගියා..හැබැයි..කොච්චර කලත්...කොච්චර කල් ගියත් උගෙ පරන හිතවත්කම එහෙම්මමයි..ඌ මම දැනුවත්ව සුනාමියෙන් අසරන වෙච්ච පවුල් 4 කට ගෙවල් හදල දුන්න උගේම වියදමෙන්..වෙනද වගේම අදත් කතාවෙ මේ කොටස ඉස්තරම්..ජය වේවා
ReplyDeleteමිනිසුන්ගේ දෛවය වෙනස් කරපු ඔය වගේ සිදුවීම් මමත් බොහෝමයක් අහලා තියෙනවා...එක නිමේෂයකදි ජීවිතයට ලැබෙන අලුත් දේකින් ගොඩගියා කියලා මම අහලා තියෙන කථා වලට මේකත් එකතු වෙයි...ස්තූතියි...
Delete