Thursday, May 8, 2014

78 70 දශකයෙන් සමුගනිමු | Lets Depart From The Decade of 70

70 දශකයේ අප නොදුටු සුන්දරත්වය නැවතත් බ්ලොග් අවකාශයට රැගෙන පැමිණීමට සිරා කොලුවාට පසුගිය දිනක හැකිවූයේ ඩග්ලස් කැම්බල් මහතා නිසාවෙනි. එතුමාගේ ඡායාරූප ඇතුලත් කොට මවිසින් පලකල ලිපිය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් විය. එම ලිපිය අවසානයේ නැවතත් 70 දශකයේ ඡායාරූප පෙලක් සමග හමුවෙමු යැයි මා කීවද පසුගිය බක් මාසය පුරාවට ඒ සදහා ඉසිඹුවක් නම් නොලද්දෙමි.

වෙසක් මස උදාවූ ඇසිල්ලේ නැවතත් ඒ පිළිබද කථා බහක නිරත වන්නට මා හට සිත් වූයෙන් මේ ලිපිය ලියන්නට කරුණු කාරණා යෙදුනු බැව් සැළකුව මනාය. මේ ලිපියත් සමගින් 70 දශකයේ ඡායාරූප අළලා ලියවෙන ලිපි පෙළ නිමාවට පත් වෙයි.

මීට පෙර පල වූ ලිපි නොදුටු අයටයි මේ හෝඩුවාව. 1 ලිපිය 2 ලිපිය

ස්කොට්ලන්තයේ ඩග්ලස් කැම්බල් මහත්තයා කරපු සත්කාරිය ගැන අන්තිම ලිපියෙදි කිව්වා නොවැ. ඒ නිසා ආයෙම ඒ ගැන කථාකරන්න දෙයක් නෑ. එදා එතුමා මේ ඡායාරූප ටික  බොහොම ආරක්ෂිතව සංරක්ෂණය කරලා  තිබ්බ හින්දා නොවැ සිරා කොලුවට මෙහෙම ලිපියක් දෙකක් ලියලා බොලා එක්ක මේවා බෙදාගන්න හැකි වුනේ. ඒ වගේම තමයි එතුමාගෙ පුත්‍ර රත්නය ඩන්කන් කැම්බල්. මේ පින්තූර ටික කිසිම ලෝභ කමක් නැතුව හැමෝගෙම රසවින්දනය උදෙසා අන්තර්ජාල ගත කරපු එකම මදැයි එතුමාටත් ස්තූතිවන්ත වෙන්න . තාත්තා ජීවතුන් අතර ඉද්දි සංචාරය කරපු රටවල් 20 ක ඡායාරූප 30000 කට වැඩි සංඛ්‍යාවක් ස්කෑන් කරලා අන්තර්ජාලයට එකතු කරනවා කියන්නෙ සුලුපටු රාජකාරියක්ද ආයිබෝං.

ඔවුන් ශ්‍රී ලංකාවේ සංචාරය කල ආකාරය
ඩග්ලස් කැම්බල් මහතා සිතියමක සලකුණු කොට ඇති ආකාරය
ආතක් පාතක්, අයිතිකාරයෙක් නැතුව...ඕපපාතිකව වගේ ජාලෙ එක එක අහුමුලු වල තිබ්බ මේ ඡායාරූප වල වර්තමාන හිමිකරුවා කවුද කියන කාරණය මවිසින් සොයාගත්තට පස්සෙ ඩන්කන් මහත්තයා එක්ක දිගින් දිගටම අදහස් හුවමාරු කරගන්න මට හැකි වුනා. ස්කොට්ලන්ත ජාතිකයෙක් උනාට එතුමා පහුගිය වසර 16 ක ඉදන් විශ්‍රාමික සුවයෙන් චිලී රටෙයි ජීවත් වෙන්නෙ. තොරතුරු තාක්ෂණ පද්ධති විශේෂඥයෙකු විදියට වැඩ කල හින්දම වෙන්න ඇති තාත්තගෙ ඡායාරූප අනතර්ජාලයට මුදා හැරලා බොහෝ දෙනෙක් එක්ක බෙදා හදාගන්න එතුමාට අදහසක් පහළ වෙන්න ඇත්තෙ.

අන්තර්ජාලයේ කරපු සොයාබැලීම් වල ප්‍රතිඵලයක් හැටියට මේ පැරණි ඡායාරූප පලවූ තැන් කීපයක්ම මම සොයාගත්තා. ඒ කිසිවෙක් මේ පින්තූර වල අයිතිකරුවා කවුදැයි නොදන්නා නිසාම ඒ පිළිබද කිසිම සටහනක් නෑ...බොරු නම් බලන්න මේ තියෙන්නෙ ලැයිස්තුව..ඇත්තම කියනවා නම් ඉතිං පළමු ලිපිය ලියද්දි මම උනත් දැනන් හිටියෙ නෑ නොවැ.

www.newslanka.net/pics_of_sri_lanka_from_1973.html

www.lkvision.us/gallery.php?level=picture&id=5712

maduralk.com/PhotoGallery/2013/07/20/sri-lanka-in-1973/signpost-dambulla/

ardillaklonkas.blogspot.com.au/2012/11/wonderful-pics-from-sri-lanka-in-1970s.html

fantasticphotocollection.blogspot.com.au/2012/10/wonderful-pictures-of-sri-lanka-in-1970s.html

sathsamudura.blogspot.com.au/2012/11/70.html

www.elakiri.com/forum/showthread.php?t=1472174

www.athirasa.info/2013/06/sri-lanka-in-1973.html


මේ සියල්ලම මම ඩන්කන් මහතාගෙ අවධානයට යොමු කලා. එතුමා මවෙත එවූ පිළිතුර මෙන්න මෙහෙමයි.



ඔහුගේ පිළිතුරේ පින්තූර 30 කට අවසර දුන්නා කියලා තියෙන්නෙ අද ලිපියට ඇතුලත් කරන පින්තූර පිළිබදව.....සිරා කොලුවා පස්සෙ දවසක තව පින්තූර 10 ක් වැඩිපුර මේ ලිපියට එකතු කරන්න එතුමාගේ අවසරය ලබා ගත්තා.

ඩග්ලස් කැම්බල් මහතාගෙ 70 දශකයේ ඡායාරූප ඇතුලත් කරලා සිරාගෙ කාමරයේ ලියවෙන අවසාන ලිපිය දැකගන්න ඩන්කන් මහතා වගේම එතුමාගෙ පවුලෙ උදවියත් හරිම කැමැත්තකින් තමයි ඉන්නෙ. මේ වෙද්දිත් එතුමා තමන්ගෙ ඤාතීන් සිරා කොලුවගෙ බ්ලොග් අඩවියේ තාත්තා ගැන ලියවෙනවා කියලා දැනුවත් කරලයි තියෙන්නෙ. ඒ නිසා මෙදා පොටේ ඒ ඇත්තන්ටත් කියවන්න හැකි විදියට මේ ලිපියට ඉංග්‍රීසි අනුවාදයකුත් අමුණන්න සිරා කොලුවා කම්පනා කොලා. සුද්දගෙ භාෂාව සුද්දන්ට නොදෙවෙනි ලෙස යොදලා මේ කාරිය යස අගේට කරලා, මට ලොකු උදව්වක් දුන්නෙ කවදත් සිරාට වගේම සිරාගෙ කාමරේටත් හිතවත් ගරු හෙන්රි බ්ලොග්වෝකර් මැතිතුමා. සිරාගෙ කාමරේ උඩ එල්ලලා තියෙන සිතුවමත් එතුමාගේ නිර්මාණයක් තමයි ඔන්න.

එහෙනං බොලව් වැඩි කථා බහ නවත්තලා අපි මේ ඡායාරූප සැට් එකත් නරඹලා ඉමු. හැබැයි පොඩි ඉල්ලීමක් තියෙනවා ඊට කලියෙන් කොරන්න. මේ ලිපිය බලන්න එන විදේශීය අමුත්තන්ට ඩන්කන් කැම්බල් මහත්තයාගෙ මේ ව්‍යායාමය ශ්‍රී ලාංකිකයො හැටියට අපි කෙතරම් අගය කරනවාද කියන කාරනය තේරුම් යන්නත් එක්ක ඉංග්‍රීසි භාෂාවෙන් කොමෙන්ටුවක් කොටන්න පුලුවන් ඇත්තො එහෙම කොටන්න. එය ඒ අයට මහත් සතුටක් ගෙන දෙනවා කියලා මම හොදින්ම දන්නවා. අපේ මේ ද්වීපාර්ශවීය සුහදත්වය නිසා ඒ අයටත් ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න ඉදිරියේදි අදහසක් පහල වෙන්නත් පුලුවන්.

මම ඩන්කන් මහතාට පොරොන්දු උනා අවසාන ලිපියෙදි මේ ඡායාරූප අන්තර්ජාලයේ තියෙන නියම තැන පිළිබද තොරතුරු ලිපිය කියවන ඔබට කියන බවට, ඒ අනුව ඒ පොරොන්දුවත් අද ඉෂ්ඨ කරනවා.

මෙන්න මෙතැනින් https://www.flickr.com/photos/thedouglascampbellshow/sets/72157615274605023/ ඒ පැත්තට ගිහින් ඒ ඡායාරූප පිළිබද ඔබට හිතෙන දේ එතනත් සටහන් කලොත් ඒ සිත් සතුටු වේවි නොසෑහෙන්න. මේ වගේ 70 දශකයේ ඡායාරූප 480 කට මදක් වැඩි ප්‍රමාණයක් එහි තිබෙනවා.

මේ තියෙන්නෙ මේ ඡායාරූප කාචයට හසුකරගත්ත ඩග්ලස් කැම්බල් මහත්තයා පිළිබද විස්තර ඇතුලත් පිටුව http://donduncan.org/dcml/#photographer ඒ පැත්තටත් ගිහිල්ලා එන්න. එතුමා ඡායාරූපකරණය ආරම්භ කල අන්දම වගේම, ඒ සදහා භාවිතා කල උපකරණ පිළිබදවත් කදිම විස්තරයක් එහි තිබෙනවා. ඉන් සමහර කොටස් මා ලියූ දෙවන ලිපියට ඇතුලත් කලා.

අප නොදුටුව ඉතිහාසයක් අප දෑස මානයට ගෙන එන්නට වෙහෙස වූ දිවංගත ඩග්ලස් කැම්බල් මහතාටත් එම මැතිණියටත්...මේ ඡායාරූප අන්තර්ජාලයට මුදා හල ඩන්කන් කැම්බල් මහතාටත් නැවත වතාවක් ස්තූතිවන්ත වෙමි. දේශ සීමා, මායිම් පරයා නැගෙන මේ ගෝලීය සුහදත්වය ලෝකය තනි යායක් යන අරුත නැවත නැවතත් පසක් කරයි.

Lets depart from The decade of 70



Thanks to the late Mr. Douglas Campbell, I was able to bring back the sweet memories of the awe-inspiring seventies to the blogosphere, the other day, with my blog post adorned with Mr Campbell’s excellent photographs of Sri Lanka back in that decade. Though I promised in that last post of mine, which managed to grab the attention of many readers, that I’d bring another episode with more great pictures from the same era, I wasn’t able to keep it as I was too busy during April.

As I wanted to make it up to you at least with the dawn of the month of Vesak, (May), here I am with the next episode of memorable photographs of the seventies which would also bring  that series to an end.

For those who missed the previous posts, here are the links.

Part 1

Part 2


In my previous post, I discussed in detail the excellent job Mr. Douglas Campbell of Scotland had done by capturing those photographs and preserving them with utmost care. Had it not been for that, the wonderful blog posts I had the pleasure of sharing with you, would only have been a dream. And it is undoubtedly a remarkable task his son Mr. Duncan Campbell’s had taken over by painstakingly scanning a collection of over 30,000 photographs his father had taken on a world tour both of them had made that covered over 20 countries, and being generous enough to share them on the internet for the immense pleasure of millions of those who are interested. Maybe the fact he worked as an expert in Information Technology field influenced his decision.

Mr. Douglas Campbell has Pointed his Sri Lankan Journey
on a Sri Lankan map like this
When I managed to discover the authentic owner of these wonderful photographs that were scattered all over the blogosphere, I managed to contact and continue to correspond with Mr. Duncan Campbell who has been living in Chile in retirement for the last 16 years.

As a result of my initial searches on the net for these photographs, I found a number of sites where they were published without any acknowledgement. If you won’t believe me, just take a peek at this list.


www.newslanka.net/pics_of_sri_lanka_from_1973.html

www.lkvision.us/gallery.php?level=picture&id=5712

maduralk.com/PhotoGallery/2013/07/20/sri-lanka-in-1973/signpost-dambulla/

ardillaklonkas.blogspot.com.au/2012/11/wonderful-pics-from-sri-lanka-in-1970s.html

fantasticphotocollection.blogspot.com.au/2012/10/wonderful-pictures-of-sri-lanka-in-1970s.html

sathsamudura.blogspot.com.au/2012/11/70.html

www.elakiri.com/forum/showthread.php?t=1472174

www.athirasa.info/2013/06/sri-lanka-in-1973.html


When I brought this to Mr. Campbell’s attention, this is the reply I got from him.





Though he originally gave permission to publish 30 photographs, I managed get it extended up to an additional 10.

As I learned that Mr. Campbell and his family are eagerly waiting to see this last blog post of the series with the photographs of Mr. Douglas Campbell, I thought of publishing it with an English translation attached, exclusively for the benefit of the Campbell family and their friends.

Then, guys, here we are. And I also request my fans, if there is a possibility, and it it’s not too much trouble, please make that extra little effort to make a comment also in English for the benefit of our guests for this post, the Campbell family and the friends. It would just show them how much we appreciate his work as Sri Lankans. Who knows if this mutual understanding might encourage some of them to visit Sri Lanka in the future?

Here I am keeping the promise I made to Mr. Campbell that I would inform my readers of the genuine website where these photographs rightfully belong to and here is the link to the site.

https://www.flickr.com/photos/thedouglascampbellshow/sets/72157615274605023/

It would be very nice of you if you take a moment to visit that site and mention your feelings as a comment, which I’m sure would please them immensely.

So, once again, I thank the late Mr Douglas Campbell, Mrs Campbell, and Mr Duncan Campbell who shared these wonderful photographs with us, taking our mutual admiration and understanding a step further.

01
කැලණි විහාරය  |  Kelaniya Temple

02
කැලණි විහාරය අසල  යාචකයින්  |  Beggers Near The Kelaniya Temple

03
කැලණි විහාරය අසල  පදික වෙළෙදුන්  |  Street Vendors Near Kelaniya Temple

04
කැලණි විහාරය අසල  පදික වෙළෙදුන්  |  Street Vendors Near Kelaniya Temple












05
දිවංගත කැතරින් කැම්බල් මහත්මිය  |  Late Mrs. Katharine Campbell 












06
කැලණිය  |  Kelaniya














07
ඉසුරුමුනිය   Isurumuniya

08
ජේතවනාරාමය දාගැබ   Jethawanaramaya Dageba

09
අව්කන  Snake Charmer, Aukana
10
දර සමග කලාවැව ළමයි   Children Carrying Wood, Kalawewa
11
අනුරාධපුරයේ නිවෙසක්  | A House in Aunradhapura
12
රුවන් වැලි සෑය  Ruwan Weli Seya Dageba, Aunradhapura
13
කලාවැව අසබඩ නැවතුන සංචාරක රථය  The Tourist Car Beside The Kalawewa Tank
14
පොළොන්නරුවේ දරුවන් පිරිසක්  | Group of Children, Polonnaruwa
15
ගන්දර පන්සලේ වාර්ෂික පෙරහැර  | The Annual Perahera of Gandara Temple
16
ගන්දර පන්සලේ වාර්ෂික පෙරහැර  | The Annual Perahera of Gandara Temple
17
ගන්දර පන්සලේ වාර්ෂික පෙරහැර  | The Annual Perahera of Gandara Temple
18
ගන්දර පන්සලේ වාර්ෂික පෙරහැර  | The Annual Perahera of Gandara Temple
19
දඹුල්ල හාඩ්වෙයාර් වෙළද සැලක්  | Hardware Shop, Dambulla
20
දඹුල්ල පොල  | Dambulla Fair

21
දඹුල්ල පොල  | Dambulla Fair

22
දඹුල්ල | Dambulla

23
දඹුල්ල | Carrying Pottery, Dambulla
24
දඹුල්ල හාල් මෝලක්  | A Rice Mill Dambulla

25
මාතලේ | A Boy with Cocoa Bean, Matale

26
මාතලේ | Bullock Cart, Matale
27
රත්නපුර මැණික් පතලක් | A Gem Mine, Ratnapura

28
නුවර | Pineapple Stall, Kandy

29
නුවර | A Tourist Riding an Elephant, Kandy









30
නුවරඑළිය | Nuwara Eliya

31
කිතුල්ගල | Harvesting Rice, Kitulgala

32
වෙහෙරහේන බුදු පිළිමය, මාතර | Giant Buddha Statue, Weherahena Temple, Matara

33
ගාල්ල මස් කඩය| Meat Market, Galle
34
ගාල්ල මස් කඩය| Meat Market, Galle



35
මහවිල | Tapping Rubber, Mahawila

36
කොළඹ| Fish Seller, Colombo

37
අලි නැටුම් නරඹන ජනයා දෙහිවල සත්තු වත්ත | Watching Elephant Dance , Dehiwala Zoo

38
කොළඹ වරායට යාබද දසුනක්| Near Colombo Harbour

39
බ්ලූ ලැගූන් හෝටලය, මීගමුව| Blue Lagoon Hotel, Negombo

40
මීගමුවේ වීදියක් | A Street in Negombo

















































































































































































මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.


PS.


It should not be a problem if you download these photos for your personal non commercial use and viewing pleasure. Naturally all of us would like to see the images of a forgotten or unseen era of our beloved motherland. And that is why I haven't attempted to embed any watermark or another signature into these images, not that I have a right to do so. And as the copyright owner of these images requests, please do not use them for any commercial purpose. And please be kind enough to contact him and take the necessary permission in case you need to use them in public, on the internet or any other public media.



ප.ලි

මේ ඡායාරූප ඔබේ රස වින්දනය උදෙසා පුද්ගලික පරිගණකයකට භාගත කලාට කම් නැත. මා මෙන්ම ඔබද අපේ මාතෘ භූමියේ නොදුටු අතීතයක දසුන් දකින්න ප්‍රිය උන් වන්නෙමු. ඒ නිසාම මා කිසිම දිය සලකුණක් (Water Mark) හෝ මේ පින්තූර වෙත එකතු කර නැත. එසේ කරන්නට මට අයිතියක්ද නැත. නමුත් මේ ඡායාරූප වල වර්තමාන හිමිකරු ඉල්ලා සිටින පරිදි මේ වටිනා ඡායාරූප වාණිජ අරමුණු සාක්ෂාත් කර ගැනීමට උපයෝගී කර නොගන්න. අන්තර්ජාලයේ හෝ කුමන ආකාරයක හෝ භාවිතා කිරීමකට ප්‍රථම හිමිකරුගෙන් නිසි අවසරය ලබා ගන්න.

මේ ලිපිය අත්වැරදීමකින් නොසිතූ අවස්ථාවක පල වී යලි මකා දමන ලද හෙයින් මෙයට පෙර පල කොට තිබූ ලුණු මිනිසා බොහෝ දෙනෙකුට මග හැරෙන්නට ඇත.

මේ සියළුම ඡායාරූප 1973 වසරේදී ගන්නා ලද ඒවාය.

78 comments:

  1. මේ රට කාලා ඇදලා ඉන්න පුළුවන් ලස්සන සුන්දර රටක් කියලා සුද්දා දැනගත්තට සුද්දගේ හිත ගැන අපේ රටේ මිනිස්සු ගවේශනය කරේ නෑ.අපි කරේ සුද්දට බැනපු එක විතරයි.අදත් අපි බොරු අටෝප විතරයි කරගහගෙන ඉන්නේ .වටිනා කම් සියල්ල විනාශ කරනවා පෞද්ගලික ලාභ වෙනුවෙන් .පරිසරය ගැන හිතන්න උත්සහ ගන්නවට වඩා ඒ සියල්ල විනාශ කරන වැඩසටහන් කොටි ගණන් දිලා සුදානම් කරනවා.පස්සේ කාලෙක සල්ලිත් නැ වැඩකුත් නෑ පරිසරයත් නෑ.මේ අපි දකින්නේ විදේශකයෙක් අපිව ලස්සනට දැකපු හැටි .ඒ පුද්ගලයා ඒ සියල්ල දැක්කේ නිහතමානිව සුන්දරව ඒ ඒවැන්නක් රස විද නැති නිසා ඔහු වාසනා වන්තයි මේ දේ දකින්න නමුත් අප අවාසනා වන්ත වන්නෙමු මේ සියල්ල අහිමි වන අයුරු දැක සාර්තක ලිපියක් ඔබට ස්තුති මිතුර මේ තොරතුරු ගොනු කරාට

    ReplyDelete
    Replies
    1. සිරාගෙ අතට මසුරන් දීල චන්දනගෙ කටේත් මසුරන් දාන්න ඕනෙ මේ ලියපු ටිකටත්.
      සුද්දගෙ වැඩ නිසා තමයි අපේ වටිනා දේ ගොඩක් අදත් අපිට දකින්න තියෙන්නෙ. එච් සී පී බෙල් මහත්තයාගෙ වැඩ ගැන ටිකක් හොයන්නකො.

      Delete
    2. @ Chandana,

      ++++++++++++++++++++++++++

      Delete
    3. චන්දන....ඔබ ඇත්තම ඇත්ත තමයි ප්‍රකාශ කරලා තියෙන්නෙ...අපි සුද්දාගෙ නරක විතරයි හැමදාම දකින්නෙ...ඒ අය කරපු හොද දේ දකින්නෙ සහ ඒ අයගෙ හොද ගතිගුණ දකින්නෙ නෑ. සුද්දා අපේ රටට ආවෙ නැත්තං අතීතයේ තිබුන ගමේ ආරච්චිලටයි, හාමුටයි...උගෙ හෙන්චයින්ටයි දණ්ඩ නමස්කාර කරගෙන සිටි ආකාරයේ ජන සමාජයක් අදත් පවතින්න ඉඩ තිබුනා. සුද්දො අපේ රටට අහිතකර දේත් කලා ඒක ඇත්ත...ඒත් දුම්රිය මාර්ගය වැනි ඉතාම වටිනා දේත් කර ඇති බව සමහරු කුහක කමට පිළිගන්න කැමති නෑ.

      H.C.P Bell කියන්නෙ ලංකාවේ පළවෙනි පුරාවිද්‍යා කොමසාරිස් වරයා නොවැ...එයා ලංකාවෙන් බොහෝ පුරාවස්තු කොල්ලකාගෙන එංගලන්තයට ගෙනිච්චා කියලා මම අහලා තියෙනවා...ඒ වගේම සීගිරිය ඇතුලතින් ඉහළට යන්න පුලුවන් කම තිබ්බ මාර්ගයක් සිමෙන්ති යොදා වසා දැමූ බවටත් කථාවක් මම අසා තිබෙනවා.

      Delete
  2. කලින් කීප වතාවක්ම අාවා.. කෝ තිබ්බෙ නෑනේ..

    වැදගත් විස්තරයක් එක්ක වටිනා ඡායාරූප ටිකක්.. සමහර එ්වා බාගන්නවා ඉතිං...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය වැරදීමකින් කලින් පල වුනා...එයයි වෙච්ච සන්තෑසිය විදානෙ...

      Delete
  3. ඒ කාලේ සමාජයත් මේ රටේ පරිසරයත් හරිම සුන්දරයි අදට වඩා කියලා මට හිතෙනවා මේ පින්තූර දැකපුවාම.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ මිනිස්සුන්ගෙ අවශ්‍යතා අද තරම් සංකීර්ණ වෙලා තිබුනෙ නැති හින්දමද කොහෙද සල්ලි හොයන බලු පොරය අද තරම් තරගකාරී බවක් ගෙන තිබුනෙ නෑ...ඒ නිසාම මිනිස්සු බහුතරයක් ලග මනුස්ස කම කියන දේ රැදී තියෙන්නට ඇති.

      Delete
  4. අනිත් උන් වගේ වැඩකට නැති හෑලියි...පඩ, ජී, ජොක්කු, කුණුහරුප වගේ ඒවායි ලියන්නෙ නැතුව මේ වගේ ගවේශණශීලී බ්ලොග් කලාවක යෙදී ඉන්නෙ උඹ ඇතුලුව අතලොස්සයි බං....ඒ නිසයි මම මොකුත් නොකියා යන්න හදලත් ආයෙම යමක් කෙටුවෙ...

    උඹට ජය ! මෙවැනි ලිපි වැඩි වැඩියෙන් ලියහං....උඹලා මෙහෙවත් ලිව්වෙ නැත්තං සිංහල බ්ලොග් කලාවට දෙවි පිහිටයි....

    ReplyDelete
    Replies
    1. බොලා ඉහළින් දක්වපු ලැයිස්තුවේ ඇතැම් ඒවා ගැන මමත් ලිපි ලියා තියෙනවා ගොයියො...බොගක් උනාම විවිධ රස එකතුවක්...එතැන තියෙන්න ඕනෙ කියලයි මම හිතන්නෙ. නමුත් වැඩි වශයෙන්ම අර්ථයක් ඇති කියවන කෙනෙකුට යමක් උකහා ගන්න හැකි ලියවිලි වැඩියෙන් ලියන්නයි මගේ කැමැත්ත.

      Delete
  5. On behalf of all Sri Lankans let me grant my sincere gratitude to Campbell family for capturing beauty of my country in an era where photography was l luxury thing for us. Junior campbell had done justice to his parent's great work by exposing it into web sphere where people like us being able to witness a history of our country exclusively from your flicker efforts.

    Thank you Sira for this partnership with Campbell family and open it into sinhala web sphere.

    ReplyDelete
    Replies
    1. Thanks a lot dear Sudeeka ayya, I do appreciate your humble comment regarding this post.

      Delete
  6. //මචං සුදා පෝස්ට් එක දාපු ගමන් උඹ ඇවිත් සිරා නියමයි කියල කිහහං හොදේ//

    ඔන්න කිව්වා මචං සුදා.. හැක්...

    ReplyDelete
    Replies
    1. මම චැට් එක දානකොට බොමින් හිටිය ප්‍රෑන්ක්ලින් බෝතලේට අම්බානට වෙරිද? මම නොකියපු දේවලුත් සිහියට එන්නෙ.....හැක් හැක්...

      Delete
  7. thanks,for sharing,i was 10 years when these photos taken. its take me to the past.as i live in outside SL i really appreciate this kind of things to shear there.
    thank you mr kampbell

    ReplyDelete
    Replies
    1. you are a lucky person, coz you could see this society but my generation never sceen.

      Delete
  8. ෂාහ් කැලණිය ...ඔය තනි මකර තොරණ මට මතකයි. අලුත් පාර හැදෙන්න කලින් බස් ගියේ ගඟ අයිනෙන් කැළණි විද්‍යාලය ඉස්සරහින් . ඔබගේ මහන්සිය අපතේ ගිහින් නැහැ සිරා ..හරිම අගෙයි

    ReplyDelete
    Replies
    1. මේ ඡායාරූප තියෙන ඔරිජිනල්ම තැනට යන්න අක්කා...එතැන කැලණිය පිළිබද තවත් ඡායාරූප රාශියක් තිබෙනවා. ඒ වගේම සමස්තය ලෙස ඡායාරූප 480 කට මදක් වැඩි ප්‍රමාණයක් අඩංගුයි.

      Delete
  9. මේ පිංතූරවල ඉන්න මේ පුංචි එවුන් අද කොහේ කොතන කොහොම ඇතිද. මේ ෆොටෝ එකක් ඒ අයට දැන් පෙන්නන්න තිබුනනම්..

    ReplyDelete
    Replies
    1. මේ ෆොටෝ වල ඉන්න පුංචි උන්ට අද මේ වයසටත් වැඩි පුංචි එවුන් ඇති. උන්ගෙ හුරතල් බලමින් තමන්ගෙ ළමා කාලය මෙනෙහි කරමින් ලංකාවේ කොහේ හෝ තැනක ජීවත් වෙනවා ඇති. ඒ අයට මේ ඡායාරූප පෙන්වන්න හැකි නම් විශාල සතුටක් ඇති වේවි.

      Delete
  10. සිරාගේ බ්ලොග් කලාව කවදත් මම අගය කල රටාවක්, ඒ වගේම මේ කාර්යයේදී ඔබ ක්‍රියාකර ඇති මහත්මා ආකාරය ගැන ඔබට ප්‍රණාමය , අන්තරාලයේ ඇති දේවල් පෑනක් නොව බුද්ධිමය දේපල පවා මු අමුවේ කොල්ල කන අවධියක ,ඔබ මේ පින්තූර පලකිරීමට ගත මහන්සිය වගේම ඔබ අවසර ලබාගැනීමට ක්‍රියාකළ ආකාරය විශිෂ්ටයි සිරා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉවාන්...මේවා ඉතින් ආයාසයෙන් ඇතිකරගත යුතු පුරුදු නෙමෙයි. පවුල් පසුබිමෙන්ම ලැබුනු දේවල්. මේ ක්‍රියාදාමය නිසා සිංහල බ්ලොග් සමග ස්කොට්ලන්ත ජාතිකයන් කීප දෙනෙකු සම්බන්ධ කරන්න මට හැකි වුනා.

      Delete
  11. එළ කිරි සිරා. කැළණි පන්සල දැක්කම පුදුම සතුටක් ආවේ. සුදු මහත්තයා එන්න කලින් ඔයිටත් ලස්සනයි. කොටින්ම අර දඹුල්ල ටවින් එක වගේමයි. වෙල් ඩන් මචෝ. මේ වගේ පින්තූරවලට නම් බයිට් කීයක් ගියත් දුක නෑ. උඹට පුළුවන්නම් මට දර ගෙනියන අත් කරත්තෙක පින්තූරයක් හොයා දියන්කෝ.

    ReplyDelete
    Replies
    1. කැලණිය පන්සලේ තවත් ඡායාරූප මේ ඡායාරූප පෙල තියෙන නියම ස්ථානයේ තිබෙනවා...ඒ පැත්තට ගිහිල්ලා ඒවාත් නරඹන්න. අත් කරත්තයක් බේතකට හොයාගන්න නෑනෙ හැබෑටම...අද දවල් මම ජාලෙ පීරුවා බොට අත්කරත්තයක් හොයන්න. ෂුවර් එකටම ඉදිරියේදී එන පෝස්ටුවකට වෙන්න ඕනෙ.

      Delete
  12. පට්ටයි සුපිරියි ඇඞෙනවා තනි ඇහැට

    ReplyDelete
    Replies
    1. අනේ පැටියො නාඩා බලන්න....කදුලු ඇවිත් ඇස් බොද උනොත් පින්තූරත් බොද වෙලා පේන්නෙ....

      Delete
  13. ඇත්තටම ඒ කාලෙ බොරු සංවර්ධනයක් නැති උනාට මිනිස්සු බොහොම සන්තෝසෙන් ජීවත් වෙලා තියෙනව වගේ පේනව. මේ වගේ අලංකාර රටක් තට ටික කාලයක් යනකොට දකින්න නැතිවෙයි.

    Thank's Mr. Campbell & Sira for shearing these ancient beautiful pictures.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම...මටත් ඒ කාලයේ ජීවත් වෙන්න ඇතිනම් කොයි තරම් හොදද කියලා හිතිලා තියෙනවා සෑහෙන වාර ගනනක්. විවෘත ආර්ථිකය රටට ආවෙ නැති වටපිටාවක් තමයි මේ පෙන්න තියෙන්නෙ. ආයෙම රටක් විදියට මේ තැනට යන්න පුලුවන් නම් අපිට වැරදි හදාගෙන අද සිංගප්පූරුව ඉන්න තැනටත් ඉහළ තැනකට ලංකාව ගේන්න පුලුවන්. මොකද ඒ අයට රටේ පිහිටීම මිසක කිසිම ස්වභාවික සම්පතක් ලැබිලා නෑ. අඩුම තරමින් බීමට සුදුසු ජලය පවා නෑ.

      Delete
  14. යකෝ ඉස්සරට වඩා දැන් පොඩ්ඩයි වෙනස් නේ කෙසෙවෙතත්....thanks,for sharing

    ReplyDelete
    Replies
    1. හොද පොඩ්ඩ...ආයෙම මුල ඉදං බලහං...කම්මැලිකම් නොකර....

      Delete
  15. හුඟක් වටින පින්තූර ටිකක්... අපි නොදැක්ක අපේ සුන්දර ලංකාව අපේ දෑස මානයට ගෙන ආපු දිවංගත ඩග්ලස් කැම්බල් මහතාටත් එම මැතිණියටත් අපේ ප්‍රණාමය හිමි විය යුතුමයි... ඒ වගේම ඒ පින්තූර අන්තර්ජාලයට මුදා හල ඩන්කන් කැම්බල් මහතාටත් ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි අපේ කෘතවේදීත්වය පුද කරන්න ඕනේ...

    As a Sri lankan, I would like to take this opportunity to express my deepest appreciation and sincere thanks to Campble family for sharing these remarkable captures.

    ඒ වගේම මෙවැනි ලිපි බ්ලොග් පාඨක පිරිස වෙත ගෙන එන්න ලොකු වෙහෙසක් ගන්න සිරා අයියටත් ස්තූති කරන්න අවස්ථාවක් කරගන්නවා...

    කැලණියේ නිසාමද මන්දා කැලණියේ පින්තූර ටිකට වැඩිපුර හිත ගියා... එදාට වඩා අද කැලණිය කොයි තරම් නම් වෙනස්ද...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නගෝ ඔබේ අදහසට...මම මේ ලිපිය පිළිබදවත් ඒ ඇත්තන්ගෙ අවධානයට යොමු කලා....තවම කිසිවෙකු ජාලය පැත්තෙ ඇවිල්ලා නෑ...වෙනදට නම් පණිවිඩය යැවූ සැනින් මට පිළිතුරු ලැබුනා.

      කැලණියේ තවත් වටිනා පින්තූර මේ ඡායාරූප තියෙන නියම ස්ථානයේ තිබෙනවා. ඒවාත් නරඹන්න.

      Delete
  16. This is a post that brought a strong feeling of nostalgia to me.

    And hats off for Sira for setting an example to the blogosphere by blogging like a gentleman. This is one of the rare cases of a blogger trying to track down the rightful owner and getting the permission to use the material. It's swimming upstream.

    And hats off to late Mr Douglas Campbell for taking these photographs and preserving them. We enjoyed them a lot.

    And hats off to Mr Duncan Campbell for going through all the trouble to scan all those images and to preserve your dad's memories of Sri Lanka. And most of all for granting permission to our blog buddy Sira to use them.

    ReplyDelete
    Replies
    1. No words to express your help who given me to write a succeeded blog post. Hats off my blog buddy, for your humble words...

      Delete
  17. අර කැළණියෙ ෆොටෝ ටික එහෙම දකිත්දිත් පුදුමයි.

    ස්තූතියි සිරා අයියෙ මෙය ඉදිරිපත් කලාට.

    Thank you mr kampbell.

    ReplyDelete
    Replies
    1. කැලණියෙ තවත් ඡායාරූප මේ ඡායාරූප තිබෙන ඔරිජිනල් ඉසව්වෙ තිබෙනවා. ඒ පැත්තටත් ඔලුව දාලා බලන්න.

      Delete
  18. Sira, by this, you are guiding us how to do blogging as a gentlemen. As Henry said very correctly, we all, including me are very lazy to go back and get the permission for the materials which we are using for our posts. but u did the right thing. not only that, by doing so, now you have made a bridge between Sinhala bloggers and the Campble family. Since they have been attached to Sri Lanka since decades, they may be pleased to have this new relationship with the Sri Lankans. i guess so.

    Dear Mr. Duncan Campble, I have no words to appreciate the work which done by your father. without that, our generation never come to know how was the era which we born. Whilst thanking you lot for allowing Sira to use these nice pictures on his posts, I really enjoyed them. Thanks again !

    ReplyDelete
    Replies
    1. Thanks a lot Senna, I believe its our responsible. We should pay our respect in everytime when we using others copyright.

      Delete
  19. අමතක වුනා. මම නිවැරදිනම්, මීට කලින් සුදීකත් මේ වෑඩේ කරලා තිබුනා. ඔහුටත් කරන ගෞරවයක් වශයෙන් ඒකත් මෙහිම සටහන් කළාත සිරා අමනාප නොවෙයි මගේ හිතෙ..

    ReplyDelete
    Replies
    1. මොනවටද අයියෝ අමනාප වෙන්නෙ. හොද වැඩක් කවුරු කලත් හොදමයි.

      Delete
  20. අතීතයට ගිහින් ආවා වගේ හැඟීමක් තිතට දැනෙනවා. ඒ කාලෙයි අදයි බලනකොට කොයි තරම් නම් වෙනසක් වෙලාද නෙහ්.. :)

    ReplyDelete
    Replies
    1. අවුරුදු හතලිහක් කියන්නෙ මිනිසාගේ ආයුෂ එක්ක බැලුවත් අඩකට ආසන්න ප්‍රමාණයක්. මේ වසර ගනනට මිනිහෙක් ස්වරූපයෙන් කෙතරම් වෙනස් වෙනවද ? එහෙව් එකේ සමාජය ගැන කවර කථාද ?

      Delete
  21. නියමයි සිරා.....

    ReplyDelete
  22. අම්මෝ..... පට්ට පිංතූර ටික දඹුල්ල ඒ කාලෙ තිබිල තියෙන හැටියි අද තියෙන හැටියි දැක්කහම නිකං මංඥං වගේ....
    මොනා වුණත් මේ ලිපිය ලියල මේ පිංතූර ටික බෙදාහදාගත්ත එක නං පට්ට වටිනව...
    ජයවේවා...

    ReplyDelete
    Replies
    1. මමත් පුද්ගලිකව මේ ඡායාරූප දැකපු මුල්ම අවස්ථාවෙ ඒවා දිහා පුදුමයෙන් වගේ තමයි බලාන උන්නෙ. අපි නොදැක්ක අතීතයක් මේ විදියට හරි දකින්නට ලැබීම ගැන සතුටුයි.

      Delete
  23. ඉතාම වටින ඡායාරූප එකතුවක්. මේ පින්තූර ගන්න සෑහෙන වෙහෙසක් දරන්න ඕනේ. අද වගේ ප්‍රවාහන, සන්නිවේදන, මාධ්‍ය, පහසුකම් නැති කාලෙක පටල පටි යොදන කැමරාවකින් මේ පින්තූර අරගෙන තියෙන්නේ. මේ දිනවල මා ලියාගෙන යන පරණ කාර් ලිපියට අදාලව මේ පින්තූර වලත් පරණ කාර් කීපයක් දකින්න පුළුවන්. බොහොම ස්තුතියි සිරා මේ පින්තූරටික අපිට පෙන්නුවාට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක තුමා ඔබේ අදහසට...මේ ඡායාරූප වලින් පෙනෙන යුගය පසුකරගෙන ආව කෙනෙක් හැටියට මම කැමතියි ඔබ ඔබේ ලිපි වලින් පුලුවන් විදියකට ඒ කාලෙ ජන සමාජය ගැනත් යම් අදහසක් අපිට දෙනවා නම්.

      පටල පටි යොදලා හොද තත්වයේ ඡායාරූප 480 කට වැඩි ගනනක් ගන්නවා කියන්නෙ සෙල්ලම් වැඩක්ද ? මේ ඡායාරූව තියෙන නියම තැනට ගිහිල්ලා බලන්න. එහි තිබෙනවා තවත් බොහෝ විසිතුරු.

      Delete
  24. නියම වැඩක් සිරා, විශේෂ පොටෝ ඩවුන්ලෝඩ් කරගත්තා.( කියපු විදියටම ඒවා කිසිම අවස්ථාවක වාණිජ අරමුණු වෙනුවෙන් යොදාගන්නෙ නෑ)

    පේන විදියටනම් මාතර වෙහෙරහේන විතරයි එදාට වඩා වෙනස් වෙලා නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. වෙහෙරහේනට මේ පින්තූර වල අඩුවකට තියෙන්නෙ වර්තමානය වන විට බුදු පිළිමය වටා ඉහළට නැගෙන පඩිපෙල පමණයි.

      Delete
  25. ඒ දවස්වල දඹුල්ලෙ ෆිල්ම් හෝල් එකේ තිබිලා තියෙන්නෙ “මේ දෙඇස් කුමට ද“ (22)

    “මේ දෑස කුමට ද“ ෆිල්ම් එකේ නම ප්‍රදේයෙන් ප්‍රදේශයට වෙනස්වෙලා කියන එකට තවත් සාක්ෂියක්.

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ ඒක නිකන් විහිළු කතාවක් කියලා. බලද්දි එහෙම නෑ වගේ...

      Delete
    2. මේ දෑස කුමටද...කියලා පෝස්ටර් ඇලෙව්වට චිත්තර පටිය බලන්න සෙනග ආවෙ නැති නිසා මේ දෑස මක්කටෙයි කියලා නැවත නම වෙනස් කොලා කියන්නෙ දකුණු පළාතෙ නේද ?

      Delete
    3. මේ ඇස් ගෙඩි දෙක මක්කටෙයි බං.. ඔය විදානේලේ දමියලා පස්ස කඩාගෙනලු දිව්වේ පටිය බලන්න

      Delete
    4. හැබෑට....පටිය පිට පැනලද තිබිලා තියෙන්නෙ.

      Delete
  26. පින්තූර ටික උඩින් පල්ලෙන් බලලා වැඩක් නෑ කියලා හිතපු නිසා වෙලාව අරන් හොඳට බැලුවා..

    …තුන්වෙනි පින්තූරෙ නම් වැඩියෙන්ම හිතගිය ලංගම බස් එක. ඔය බස් වල අන්තිම කාලෙ හොඳටම කෑලි හැලිච්ච එකක් අපේ පාරෙත් දිව්වා මතකයි. ඒ වගේම හතවෙනි පින්තූරෙ තිබ්බ අයිස් ක්‍රීම් වෑන් එකයි වෑන් එකයි ඒ කාලෙ අලුත්ම ඒවා වෙන්න ඇති කියලා හිතෙනවා.

    හයවෙනි පින්තූරෙ දැක්කමයි පෙනුනෙ ඒ කාලෙ ගවුම් අදටත් වඩා කොටයි කියලා.. ඒවගේම 22 වෙනි පින්තූරෙ මුරුගන් ස්ටෝර්ස් කියලා බැඳි අකුරෙන් ලියපුවාත් ඒ කාලෙටම අයිතිනෙ. එතන පෝස්ටරේක තිබුනෙ 'මේ දෙ ඇස් කුමටද? ' කියලා. 'මේ දෑස මක්කටෙයි?' එකේ තවත් වර්ෂන් එකක්ද?

    36 වෙනි පින්තූරෙ වගේ මාලු කත් තාමත් මොරටුව පැත්තෙ ටියෙනවා දැකලා තියෙනවා..

    අවසාන වශයෙන් පින්තූර වලට බොහොම ස්තුහියි. මේවල ඉන්න මිනිස්සුත් පරණයි වගේ පේන්නෙ ඇඳගෙන ඉන්න ඇඳුම් මෝස්තර පරණ නිසාද? නැත්නම් ඒ කාලෙ ඡායාරූප තාක්ෂණය නිසාද?

    Thank you very much for sharing those valuable images.

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ වගේ ලියවිල්ල හොදින් කියවලා තමන්ගෙ අදහස පල කරනවාට තමයි මම ඉතාම කැමති. ඔය වර්ගයේ ලංගම බස් වල රියදුරු තැන ලග තියෙන බැටරි පෙට්ටියේ යන්න තමයි සිස්සත්තෙ කරන කාලෙ මගේ වැඩි කැමැත්ත තිබුනෙ.

      ඔය කියන කාලෙ මිනිගවුම් කියලා විලාසිතාවක් තිබුනා නොවැ. පරණ චිත්තර පටි වල එහෙම කෙල්ලො ඉන්නෙ බොහොම කොට ගවුම් කෑලි ඇදගෙන. මේ කියන කාල සමයෙදි අපේ රට විවෘත ආර්ථික ක්‍රමයට නතු වෙලා තිබුනෙ නෑ. පිටරටින් ගෙන්වන දේ ඉතාම සීමා සහිතවයි තිබී ඇත්තේ.

      Delete
  27. මටනම් අල්ලලම ගියෙ මෙවයෙ තියෙන වාහනටික.බොහොම ස්තුතියි සිරා,thank you very much mr kampbell & family.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි. පරණ වාහනයක් දැක්කොත් එදාට බඩගිනි වෙන්නෙත් නෑ...බඩ පිරෙනවා..

      Delete
  28. අයියේ නියමයි. කොකෝවා ගෙඩිය අතේ තියන් ඉන්න ළමයගේ ඇඳුම දැක්කම පේනවා ඒ අයගේ පවුල් පසුබිම, ගොඩක් වටිනා ෆොටෝ ටිකක්.
    thank you very much mr. Campbell I never see like this photo. also I thanking you lot for allowing Sira brother to use these valuble pictures on his post. thanks again

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නගෝ...ඒක තමයි මම කිව්වෙ පින්තූරයක් දාහක් දේ කියයි කියලා...කෝ මේ මාතලං ගොයියා මේ කථාවට එකග නෑනෙ. බලන්න දැන් ඔබ කියන ඡායාරූපය..එ් ළමයගෙ නිවසේ ආර්ථික වටපිටාව ගැනත් යම් ඉගියක් මේ ඡායාරූපය ලබා දෙනවා නේද...

      Delete
  29. තුන් හතර සැරයක් ඇවිත් බැලුව සිරෝ,වටිනාකම කියන්න වචන නෑ,ඒ තරමට විශිෂ්ට පින්තූර ටිකක්.මේ මීට වසර 40 කටත් කලින් ගත්ත පින්තූරනේ මට හැම තිස්සෙම හිතෙන්නෙ මේ පින්තූරවල ඉන්න අය දැන් කොහෙ ඇද්ද මොනා කරනව ඇද්ද කී දෙනෙක් ජීවතුන් අතර නැද්ද පොඩි අය අද ලොකු මිනිස්සු ගෑනු වෙලා ඇතිනේද කියල හිතාගෙන යනකොට මහා පාළුවක් වගේ දෙයක් හිතට දැනෙනව බං,මේ බොරු කාඩ්බෝඩ් සංවර්ධනේ කියන එක නැතුව ඒ කාලෙ වගේ සරලව ජීවත්වෙන්න තියෙනව නං මොන තරං වාසනාවක්ද කියල ඒ යුගය විඳපු කෙනෙක් හැටියට මගේ හදවත මොරගානව බං.මෙන්න මේ ටික අකුරුවලින් ලියාගන්න බැරුව මම දවස් දෙකක් තටම තටමා හිටියා.උඹට මම කියන දේ තේරෙනව ඇති කියල මම විශ්වාස කරනව.කවුරුදැයි නොදන්නා මොකක්දැයි නොදන්නා හේතුවකට මගේ හිත අඬා වැටෙන්නෙ ඇයි කියල මට කියහං සිරෝ...

    ReplyDelete
    Replies
    1. මටත් ඕකම හිතුනා.. ඒත් ඉතින් කා ළඟවත් උත්තර නැති ප්‍රශ්ණ අහලා වැඩක් නැති නිසා නිකන් හිටියා...

      Delete
    2. යකෝ මේ වගේ ඒවා දැක්කාම මටත් නිතරම හිතෙන දෙයක් බං ඕක.

      Delete
    3. බොලා වාසනාවන්තයි හැලපයියෙ...අපියි අවාසනාවන්ත...අපි මේ ලෝකෙට එද්දි තිබුනෙ විවෘත ආර්ථික ක්‍රමය නිසා සාරය උරාගනිමින් හප වෙමින් තිබ්බ සමාජයක්. ඒ සමාජ ක්‍රමය තුල උඹලා දැක්ක සුන්දරත්වය විදින්න ලැබුනෙ හරි අඩුවෙන්. විවෘත ආර්ථිකය එන්න කලින් මිනිස්සුන්ට තිබ්බ අවශ්‍යතා බොහොම සරළ ඒවා වෙන්න ඇති. තියෙන දෙයක් කාලා මිනිස්සු බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙච්ච බවක් පේනවා. බොට වගේම මටත් පරණ පින්තූරයක් දැක්කම මේ අයගෙන් කී දෙනෙක් අද ජීවතුන් අතර ඉන්නවාද කියන කාරණය හිතට එනවා.

      බොලා ලෝකයේ රටවල් ගනනාවක ඇවිදලා බොහෝ පරිසර දැකපු කෙනෙක් නොවැ. අපේ රටේ වර්තමාන තත්වයත් ලගදි ඒ පැත්තට ගිහිල්ලා දැක ගත්තා නොවැ. ඔය හිත අඩනවා කියලා කියන්නෙ ඔබ තවමත් කැමතියි තරුණ වයසෙදි, අතීතයේ ඔබ විදපු ඒ සුන්දරත්වය අදත් විදින්න. එදා වගේ අලවත්තෙන් හොරෙන් අන්නාසි කඩන්න. නමුත් අපි එදාට වඩා කෘතිම වෙච්ච සමාජයක තමයි දැන් රේස් එක දුවන්නෙ. මේක එන්න එන්නම කෘතිම වෙනවා. අද ඔපීසියෙදි මේ රටේ එකියක් මගෙන් ඇහුවා මව්වරුන්ගේ දිනය සමරන්නෙ නැද්ද කියලා..මම ඒකිට කනේ ඇගිලි ගහගන්න උත්තරයක් දුන්නා.

      Delete
  30. සිරා උඹ ඇත්තටම මේක කැපවීමෙන් කරනවා කියන එකට නියම උදාහරණයක් බං මේ.
    මේ කාලේ අපි ඉපදෙන්න තියා හිතලාවත් නැතිව ඇති.ස්තුතියි බං මේක බෙදා ගත්තාට අපිත් එක්ක.

    ReplyDelete
    Replies
    1. මං එදා ඉදලම බොග ලිව්වෙ කැපවීමෙන් තමයි බං...මම ලියන දේ ගැන මම තෘප්තිමත් නැත්තං මම ඒ ලිපිය පලකරන්නෙ නෑ...පලකරන්නෙ නැතුව මකලා දාපු ලිපිත් මගේ ඉතිහාසයේ තියෙනවා. මුල් කාලයේ සිටම කියවන අයට යම් පණිවිඩයක් හෝ වටිනා දෙයක් තිළිණ කරන්නයි මගේ අවශ්‍යතාව උනේ.

      Delete
  31. Hello Duncan,
    I really appreciate this contribution of lovely photographs of old Sri lanka (Ceylon) to the Sinhala blog readers. My sincere thanks to Campbell Family & Sira for sharing these. I was 11 years old boy & my wife was only 9 when these pictures were captured by your proud dad Douglas & lovely mum Catherine . We have been to Scotland several times & now we will remember Campbell family name on our next visits. Thanks & cheers from my family!!

    ReplyDelete
    Replies
    1. Thank you verymuch Aru ayya. I believe you know very well how nice Scotland people. Mr. Duncan is same. He has given me his fullest cooperation to write this blog post. It gives me a motivation to write the blog any further.

      Delete
  32. මේ කාලෙට කොච්චරනම් දේවල් වෙනස් වෙලාද එක අතකට බලද්දී.. මහන්සි නොබලා මේ විස්තර එකතු කරන් අපිත් එක්ක බෙදාගන්නවට ගොඩක් ස්තූතියි අයියේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලයො...සිරාට පොඩි කික් එකක් දුන්නට...

      Delete
  33. මට නං ලස්සනම 26 වෙනි පින්තූරෙ .. ෂහ්.. බොහෝම ස්තූතියි සිරා , උඹ මාර මහන්සියක් වෙනවා බ්ලොග් එකට .. උඹේ කාලය නින්ද කැපකරං කරන මේ වැඩේට මෙන්න මචෝ මගෙන් සැලියුට් එක !!

    ReplyDelete
    Replies
    1. ඒ වගේම කොකෝවා ගෙඩියක් අතේ තියාගෙන ඉන්න දරුවගෙ පින්තූරෙත් හරිම කලාත්මකයි. ඒ දෙකේම වර්ණ වලත් අමුතුම ලස්සනක් තියෙනවා. ස්තුතියි මචෝ...

      Delete
  34. අද වගේ කලිසම් ඇඳගත්ත ගෑනු ඒකාලේ සුලභ නොවුන නිසා එවැනි අප්‍රසන්න දර්ශන මේ පිතූර පෙලේ තිබුණේ නෑ. ඒ කාලේ සමාජය පුරාවට කාන්තාවන් අතර තිබුණ මේ පොදු හැඩගැසීම එකළ සමාජයේ ප්‍රසන්න බවටත් හේතුවක්. මේ පිතූර පෙළෙනුත් මම දැක්ක එක් විශේෂ දෙක් තමයි ඒක.

    ReplyDelete
    Replies
    1. කලිසම් ඇන්දම ඇයි අප්‍රසන්න ? ඒක හොඳට විලි වැහෙන ඇඳුමක්නෙ..

      Delete
    2. ඔබේ කථාව ඇත්තයි ලිංගික නිදහස....ඒ දවස්වල ගවුම, සාරිය, හැට්ටෙ සහ රෙද්ද මේවා තමයි කාන්තාවො වැඩියෙන් ඇදලා තියෙන්නෙ.

      කලිසමට හොදට විළි වැහෙනවා උනාට...ඇගට නොසෑහෙන්න හිර උනාම ඇති වන දර්ශනයේ ජුගුප්සාජනක බව නිසාම අප්පිරියාවක් ඇති වෙනවා.

      Delete
  35. අර 37වෙනි පින්තූරෙ පොරක් අතේ තියන් ඉන්න ගැජට් එක මොකක්ද ? වීඩියෝ කැමරාවක්නම් වෙන්න බෑ නේද ?

    ReplyDelete
    Replies
    1. ඒක ෂුවර් එකටම වීඩියෝ කැමරාවක් වෙන්න ඕනෙ. මොකද ඔය හැඩයෙ නිෂ්චල කැමරා මම දැකලා නෑ.

      Delete
  36. To Siri, and to all those people who have commented on my father's photographs, my family and I say a very big "Thank You".

    I would like to share the story behind my parents' visit. In the 1930s a young Sri Lankan engineer came to study in England, and lodged in my grandparent's house. After obtaining his degree, he returned to Ceylon (as it was called in those days) and made his career in the energy industry. Over the years, the two families stayed in touched, and it was thanks to him that my parents enjoyed such a successful visit in 1973. I know that they were excited at touring such a far-away country. What they could not imagine was that some day their "photo show" would be broadcast to the whole planet: but I am sure they would have approved of that.

    My objective in uploading his photographs to Flickr was to share his "snapshot" of the world of the 1970s with the modern generation. Your praise for his work is proof that it was well done and that it is a record of times past which should not be forgotten. I also appreciate your praise for my undertaking to digitise these images: fortunately, the quality of the original photographs has been preserved.

    My best wishes to you all. I believe that true understanding between peoples makes this a better world.

    Sincerely,
    Duncan Campbell

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...