Friday, June 13, 2014

81 හිතුමතේ ජීවිතේ 3

මෙයට පෙර කොටස් කියවන්න අතපසු වූයේ නම්..

1 කොටස
2 කොටස

අනුරාධපුර සිරගෙදරින් එළියට පැමිණි වෑන් රථය විලච්චිය පාරට වැද වේගයෙන් ධාවනය වූයේය. වෑන් රථය වංගුවක් ගනිද්දී එහි පසුපස දොර ගැලවී විසිවී ගියේය. පසුව සැතපුම් 8 පමණ ඉදිරියට ගිය වාහනය පාර අයිනේ වූ තරමක් විශාල වීර ගසක හැපී නතර විය. සිරකරුවෝ මල්වතු ඔයට උතුරින් වූ වනාන්තරයට රිංගා ගත්හ. මරු සිරා, ලයනල් සහ සුමතිපාල එදිනම සෙසු පිරිසගෙන් සමුගෙන පුලියන්කුලම කැලයට මාරු වූහ. ජ.වි.පෙ සාමාජිකයෝ ඉදිරියට ගොස් ඒ වන විටත් වනගතව සිටි ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් සමග එකතු වූහ. (සෝමපාල,ගුරුසිංහ සහ ලොකු බණ්ඩාර ඒකනායක යන ජ.වි.පෙ නායකයෝ එකල තන්තිරිමලය අවට කැලයේ කදවුරුබැද සිටියහ. පසුව ජ.වි.පෙ පිරිස් වඩා සංවිධානාත්මක ලෙස දෙවන Prison break එකක් සැලසුම් කල අතර අනුරාධපුර සිරගෙයි උන් විශාල පිරිසක් බේරා ගනු ලැබිණි)

සුමතිපාල මරු සිරාගෙන් සමු ගෙන හේන් ගොවියෙකු සේ වෙස් වළාගෙන පැමිණ ගල්ගමුවේ මිතුරකුගේ නිවසේ දින දෙකක් නතරව සිටියේ සිරගෙය කඩා පලායෑමේ කථාව යටපත් වනතුරුය.

දෙවැනි පලායෑමේ මෙහෙයුම ආරංචි වන විට සුමතිපාල කළුතර වස්කඩුවේ මිතුරකුගේ නිවෙසට පැමිණ සිටියේය. සිය පියාද මිය ගිය බව ඔහුට අසන්නට ලැබුනි. නංගීත්, අම්මාත්, තාත්තාත් ඇතුළු ඔහුගේ පවුල නැවත හමුවිය යුත්තේ මෙලොව නොව එලොවදීය. ඊට පෙර නංගිව දූෂණය කල කළුතර විදුහල්පතිවරයාත්, හලාවත ආරච්චිකට්ටුවේ මස් කඩ මුදලාලිත් සමග ගණුදෙනු බේරා ගන්නට තිබේ.

සුමතිපාලගේ මිතුරා ඔහුගේ බිරියට සුමතිපාලව හදුන්වා දුන්නේ අනුරාධපුර පළාතේ සිට පැමිණි දුර බැහැර ඤාතියෙකු හැටියටය. එබැවින් දින කීපයක් එම නිවෙසේ ගතකිරීමට අපහසුවක් නොවීය. මිතුරාගේ බයිසිකලය ඉල්ලාගත් සුමතිපාල පරගස්තොට පැත්තට බයිසිකලය පැදගෙන ගොස් කලින් දැන සිටි මංසලකුණු ඔසසේ ගොස් නංගි දූෂනය කර මරාදැමීමට සහාය වූ විදුහල්පතිවරයාගේ නිවෙස සොයා ගත්තේය. එම නිවෙස පැරැණි පන්නයේ එකකි. වත්ත තරමක් විශාලය. කෙසෙල් වගා කර තිබේ. සුමතිපාල නිවෙසට වැටුණු සුදු වැලි පාර ඔස්සේ මිදුලටම බයිසිකලය පැදගෙන ගියේය. ගුරුවරයාගේ බිරිය යැයි සිතිය හැකි කාන්තාවක් ආලින්දයට පැමිණියාය.

නෝනා කෙසෙල් කැනක් දෙකක් කපාගන්න පුලුවන්ද කියලයි බැලුවේ.

සුමතිපාල අහිංසක ලීලාවෙන් ඇසුවේය. මෙහේ කෙසෙල් කැන් නැතැයි ඇය පිළිතුරු දුන්නාය. මේ අවස්ථාවේ මෝටර් සයිකලයකින් විදුහල්පති ගුරුවරයාද එහි ආවේය. ඔහුගේ පෙනුම මනාව හිතට ගත් සුමතිපාල පිටත් විය.

පසුදින සුමතිපාල නැවත සයිකලයට නැගී පයාගල රේන්ද වාඩියකට ගියේය. එහි අයිතිකරු හිතුමතේගේ පියා හදුනන නමුත් සුමතිපාල මතක නැත. වාඩියෙන් මල් කපන පිහියක් ඉල්ලාගත් ඔහු එදින දවස ගෙවෙනතුරු එහෙ මෙහෙ රස්තියාදු වී රාත්‍රී 10 ට පමණ ගුරුවරයාගේ නිවසට ගියේය. වත්තේ කොනක සැගවී සිටි ඔහුට නින්ද ගියේය. පනිට්ටුවක් සෙලවෙන ශබ්දයෙන් ඇහැරුණු ඔහු විදුහල්පතිවරයා බාල්දියක්ද රැගෙන වැසිකිළිය දෙසට යමින් සිටිනු දුටුවේය. වැසිකිළි දොර වසාගත් පසු සුමතිපාල එක් අතකින් පිහියද ගෙන පොල් පිත්තක් බිත්තියට තබා ඒ මත නැගී කවුළුවෙන් වැසිකිළිය තුළට එබී බැලුවේය. පිහිය සහිත අතද ඇතුළට ගත්තේය.

වැසිකිළිය තුල සිටි මිනිසා ඔහුගේ හිසට වැලි සහ බදාම කැට වැටීම නිසා උඩ බැලුවේය. කුප්පි ලාම්පුවේ එළයෙන් සිහින් උඩු රැවුලක් සහිත මනමාල මුහුණ සුමතිපාල හැදිනගත්තේය.

කවුද යකෝ මේ ? විදුහල්පති කෑ ගැසුවේය.

මම තොපි මරාදාපු කුසුමාවතීගේ අයියා.... සුමතිපාල මොර දුන්නේය.

ඊළග මෙහොතේ ඇසිල්ලකින් වැසිකිළියේ දොර අරින්නට නැගී සිටි මිනිසාගේ ගෙල හරහා මල් කපන පිහිය ඇදී ගියේය. කවන්ධය වැසිකිළිය තුලම වැටුන අතර හිස වැසිකිළියෙන් පිටතට විසිවී ගියේය. සුමතිපාල එක් අතකින් කෙස්වැටියෙන් අල්ලාගත් හිසත් අනෙක් අතින් ගත් ලේ තැවරුනු පිහියත් රැගෙන දර මඩුව අසලට ගොස් සයිකලයද ගෙන එහි දමාගෙන ආ ගෝනියක් ලෙහා හිසත් පිහියත් ඒ තුලට දමා බැද ගත්තේය.

බණ්ඩාරගම ප්‍රධාන පාරට පැමිණි ඔහු කළුතර දෙසට වේගයෙන් සයිකලය පැද ගියේය. පොලිස් අධිරීවරයාගේ නිල නිවාසය අසලට එන විට වෙලාව උදෑසන 6.00 පසු වී තිබුනේය. හිතුමතේ ඒ වන විට දහදිය දමා දියබත්ව උන්නේය. අලුයම ව්‍යායාම සදහා බැහැර සක්මනෙහි යෙදුනු සහකාර පොලිස් අධිකාරී තැන අරින ලද ගේට්ටුව අතරින් නිල නිවෙසට ඇතුලු වෙමින් සිටියේය.

ඔහු පසුපසම ගේට්ටුවෙන් ඇතුළු වූ සුමතිපාල සයිකලය නවත්වා ඔන්න මහත්තයෝ මම අනිත් එකාවත් ඉවර කෙරුවා යැයි ගෝනිය ලෙහා හිස එළියට ගත්තේය.

කළුතර මිනී මැරුමේ මූලික විමර්ශන අවසන් වන තුරු කෙටි කාලයක් කළුතර බන්ධනාගාරයේ සිටි සුමතිපාල නැවත වැලිකඩ බන්ධනාගාරයට මාරු කෙරිණි. වැලිකඩදී ඔහුට සිරිපාල එනම් මරු සිරා අනුරාධපුර විජයපුර වතුර ටැංකිය අසල වෙඩි වැදී වැටී සිටියදී අල්ලාගනු ලැබූ බව අසන්නට ලැබිණි. මරු සිරා සියදිවි නසා ගැනීමට වෙඩි තබාගෙන සිටියත් ඔහු මියගියේ නැත.

සුමතිපාලගේ කැරැට්ටුව දන්නා පැරණි සිරකරුවන් අතර ඔහුට කිසියම් ගෞරවයක් හා සැලකිල්ලක් තිබුනේය.

සුමතිපාලට මෙන්ම සුපිරි වැඩකාරයන් සේ සැලකූ ඇතැම් වැඩකාරයන්ට කෑම පෝලිමේදී මස් කෑල්ලක් වැඩිපුර ලැබුනේය. එවැන්නෝ සමහර විට විවිධ හේතු දක්වමින් බන්ධනාගාර රෝහලේම සිටියහ. නමුත් සුමතිපාල සාමාන්‍ය සිරකරුවන් අතරම සිටියේය. සුමතිපාලට හිතවත්කම් දක්වන සිරුකරුවෙක් දිනක් සවස් භාගයේ ඔහු වෙත පැමිණ රහසක් කනේ තැබුවේය. ඉන් කියැවුනේ ලගදි ඇතුළට පැමිණි සිරකරුවකු සුමතිපාල ගැන විස්තරයක් තමාගෙන් ඇසූ බවත් මාසයක් පමණ කෙටි අච්චුවකට ඔහු සිරගෙට පැමිණ ඇති බැවින් ටිකක් සැලකිල්ලෙන් පසුවීම නුවණට හුරු බවත්ය.

පසුදින යහළුවා සුමතිපාලට සැක සහිත සිරකරුවා පෙන්වා දුන්නේය. ඔහු වෙනත් කිසිවකු හා කතාකරමින් සිටයදී සුමතිපාල ඔහු හොදින් නිරීක්ෂණය කර ගත්තේය. හෙතෙම ආගන්තුක තැනැත්තා පිළිබද විස්තර සොයා බැලුවේය. හෙතෙම ජා-ඇල ප්‍රදේශයේ අයෙකි. නම ලක්ෂ්මන්ය. කොන්ත්‍රාත්තුවට මිනී මරන පාතාලකාරයෙකි. නමුත් මෙවර සිරගෙයි සිටින්නේ ගංජා සමග පොලීසියට හසුවී වරද පිළිගෙන උසාවියෙන් නියම කල දඩය නොගෙවා සිරගත වීමෙනි.

එම තොරතුරු එතරම් යහපත් නැත. සමහර විට කොච්චිකඩේ ගෙස්ට් හවුස්කාරයාගේ ඥාතීන් හෝ තවමත් තමා සොයමින් සිටින ආරච්චිකට්ටුවේ ජස්ටින් මස්කඩ මුදලාලි හෝ තමා මරා දැමීම සදහා මේ පුද්ගලයා බන්ධනාගාරයට දැම්මා වෙන්නට පුළුවන. ලක්ෂ්මන් කිසිවිටෙක සුමතිපාල හා කථාබහ නොකළේය. එහෙත් නිතරම තමා පෙනෙන තෙක් මානයේ සිටීමට ඔහු වෑයම් කරන බව සුමතිපාලට ඒත්තු ගියේය. ගංජාකාරයාගේ අච්චුව අවසන් වීමට තිබුනේ තවත් දින 14 කි. ඔහු තුල නොඉවසිල්ලක් වැඩෙන බව සුමතිපාලට වැටහුණේය.
හිතුමතේ ජීවිතය පිළිබද මව්බිම පුවත්පතේ පළවූ ලිපි මාලාව වෙනුවෙන්
ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජනක රත්නායක මහතා විසින් අදින ලද සිතුවමක්


බොහෝවිට සුමතිපාලගේත් ගංජා ලක්ෂ්මන්ගේත් ඇස් එකිනෙක හමුවූ අතර දෙදෙනාම වහා ඉවත බලාගත්හ. ඔහු ඉව අල්ලමින් සිටින්නේ නිසැක ලෙසම තමා නින්දට පත්වන මොහොතක් අල්ලා ගන්නට බව සුමතිපාල දැන සිටියේය. රාත්‍රී කාලයේ සුමතිපාලත් ලක්ෂ්මනුත් වැසුනේ තවත් සිරකරුවන් 40 ක් සමග විශාල ෂෙල් එකකය. බොහෝ විට සුමතිපාල නිදාගත්තේ නැත. අඩ නින්දේ නමුත් සෑම මෙහොතක්ම සෝදියෙන් පසු වූවේය. මේ පුද්ගලයාට අහේතුකව ප්‍රහාරයක් එල්ල කරන්නටත් බැරිය. පැමිණිලි කිරීම එක අතකට මදිපුංචි කමකි. අනෙක් අතට ඒ සදහා ඔප්පු කල හැකි කිසිදු සාක්ෂියක්ද නැතිය.

සුමතිපාල එන ඕනෑම තත්වයකට තමාම මුහුණ දෙන්නට තීරණය කළේය. ගංජා ලක්ෂ්මන් අත කිසිදු අවියක් හෝ පහරදිය හැකි උපකරණයක් පෙනෙන්නට නැති බවත් හිතුමතේ නිරීක්ෂනය කළේය. ලක්ෂ්මන් නිදහස් වී යන්නට තවත් තිබුනේ දින 4කි. දින තුනක්ම සුමතිපාල ඇහැක් පියෙව්වේ නැත. තමාට අතක් තිබ්බොත් අපායට යතත් ඒකාවත් අරගෙන යනවා යැයි සුමතිපාල සිතා ගත්තේය. අවසන් දින අවසන් රාත්‍රිය උදා විය.

සුමතිපාල අළුයම් යාමය පැමිණෙනතුරු අසීරු රාත්‍රිය නොනිදා පහන් කළේය. ඒ වන විටත් ඔහු දින තුනක් නිදි වරා සිටියේය. අලුයම 4 පසුවූ පසු ඔහු නින්දට පරාජය වූවේය.

සුමතිපාලගේ පියවුණු දෙනෙතට තමා වෙත වේගයෙන් පතිත වන කිසියම් ඡායාවක් දැනුනේය. විදුලි වේගයෙන් කිසිවක තියුණු තුඩක් සුමතිපාලගේ වම් ඇස අසළින් කිදා බැස්සේය. ඇසෙන් එළියට පැන්න උණුසුම් ලේ දහරාවක් මුහුණ පුරා පතිත වූවේය. දෑස් අන්ධකාරයේ ගිලී තිබියදී විදුලි වේගයෙන් නැගී සිටි සුමතිපාල එසේ නැගිටිමින්ම ඇසට කිදා බැස තිබූ යකඩ කූර තම අතින් ඉවතට ඇද තමා වෙත නැඹුරු වී සිටි මිනිසා පෙරළාගෙන ඇනගෙන ඇනගෙන ගියේය. ඔහුගේ මුහුණ ලෙයින් පෙගී තිබුණේය. ඔහු උල් පහර එල්ල කලේ කිසිවක් නොපෙනී අදුරේය. මහා ගාලගෝට්ටියකින් සෙසු සිරකරුවන් සුමතිපාල අල්ලා මේච්චල් කරන විට සුමතිපාලගෙන් පහර කෑ මිනිසා ලේ විලක මැරී සිටියේය. ඒ අන් කිසිවකු නොව ජා-ඇල ගංජා ලක්ෂ්මන්ය.

හදිසි මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ සුමතිපාල ලක්ෂ්මන්ට තියුණු යකඩ උලකින් 46 වාරයක් ඇන ඇති බවය. සුමතිපාලගේ ඇස කෙළවරට එල්ල වූ පහර උඩුතල්ල දක්වා අගල් දෙකක් පමණ ඇතුලට බැස තිබුනේය. සිරගෙට පැමිණි මාරයා සුමතිපාලට කොකා පෙන්වා ලක්ෂ්මන්ව කැදවාගෙන ගොස් තිබුනේය.

කොළඹ නයනාරෝග්‍ය ශාලාවේත් ජාතික රෝහලේත් මාසයකට ආසන්න කාලයක් සුමතිපාල ප්‍රතිකාර ලැබුවේය. යකඩ කූර වම් අැසට දශම කීපයක් ඔබ්බෙන් කිදා බැස තිබූ හෙයින් ඔහුට පෙනීම සම්බන්ධ ගැටලුවකට මුහුණපාන්නට සිදු වූයේ නැත. උඩුතල්ල සිදුරු කරමින් ඇති වූ තුවාලයද ක්‍රමයෙන් සුවපත් විය. ඔහු යළිත් වැලිකඩ සිරගෙදරටම එවනු ලැබිණි.

තමා මරා දැමීම සදහා ලක්ෂ්මන් බන්ධනාගාරයට එවූයේ කවුදැයි යන ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට සුමතිපාලට හැකි විය. පුත්තලම් පාරේ මස්කඩ කීපයකම හිමිකරුවකු වූ ආරච්චිකට්ටුවේ ගැස්ටන් මුදලාලි මේ සිදුවීම පසුපස සිටියේය. ගැස්ටන් කොච්චිකඩේ ගෙස්ට් හවුස් අයිතිකාරයකු වූ කළුතර පොලිස් පරීක්ෂකගේ මස්සිනාගේ මිතුරෙකි.

කුසුමාවතී වනාතවිල්ලුවට රැගෙන ගොස් ඝාතනය කරන්නට මග පෙන්වා ඇත්තේ ඔහුය. දැන් සුමතිපාල මරා දමන්නට ගොස් පොල්ල වරද්දා ගැනීම නිසා ගැස්ටන් මුදලාලිගේ ඉරණම තව දුරටත් තීන්දු වී තිබේ.

ශල්‍යකර්ම කීපයකටම යොමු කිරීමෙන් පසු සුවය ලැබූ සිරා නොහොත් සිරිපාල සුවය ලබා නැවතත් අනුරාධපුර බන්ධනාගාරයටම මාරු කරනු ලැබුවේය. නැවතත් හිතුමතේ, මරු සිරා සහ ලයනල් අනුරාධපුර බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂිත සිරකරුවන් රදවන කොටසේ රදවනු ලැබ සිටියහ. එය සුමතිපාලට මහත් සතුටක් වූයේ මරු සිරාත් ඔහුත් දෙදෙනාම එලොව ගොස් මොලොවට පැමිණ සිටීම නිසාය.

නඩු විභාග වූ සෑම දිනකම සිරිපාල, සුමතිපාල හා ලයනල් ඇතුළු සිරකරුවෝ ආරක්ෂක මුරකාවල් ඇතිව බන්ධනාගාර රියකින් උසාවියට ගෙන යනු ලැබූහ. මරු සිරා ගැන ඒ වන විටත් ලැබී තිබූ ප්‍රසිද්ධිය නිසා උසාවි ගෙන එන සිරකරුවන් බැලීමට සමහරු මිරිසවැටියේ සිට උසාවිය දක්වා මග රැක සිටියහ.

පලා යෑමේ නඩුවට අච්චු නියම කරන දිනයද පැමිණියේය. එම දිනය පසුවූ විට සුමතිපාල නැවතත් වැලිකඩ යවනු ඇත. ඊට පෙර සිරගෙයින් පලායෑම ඥානාන්විත වේ යැයි සුමතිපාල කල්පනා කලේය. කොළඹ යැවුවහොත් සිරගෙයින් පලා යාම දුෂ්කර වනු ඇත. එබැවින් සිදුවන්නක් සිදුවිය යුත්තේ අනුරාධපුර බන්ධනාගාරයේදී විය යුතු යැයි සුමතිපාල විශ්වාස කළේය.

මේ අතර සිරිපාලගේ මිනිමැරුමේ නඩුවෙන් අනිවාර්යෙන්ම මරණ දඩුවම හිමිවනු ඇතැයි සිරිපාල කල්පනා කලේය. එබැවින් ඊට ප්‍රථම අවස්ථාව ලද සැනෙන් පලා යා යුතුය. නැතහොත් අනිවාර්යෙන්ම පසුතැවිල්ලට හේතුවනු ඇත. සිරිපාල පලා යා යුතු බවට වූ පණිඩුඩය සුමතිපාලගේ කණේ තැබුවේය. ඔහු එක හෙළා ඊට කැමැත්ත පල කළේය.

ඔවුන් සමග එකට උසාවි ගෙනයන සීමන් සිල්වා කලක් කොළඹ කොටහේනේ පදිංචිව සිටි බෝම්බ මාස්ටර් කෙනෙකි. බෝම්බ සෑදීම සහ දමා ගැසීම පිළිබද සීමන් සිල්වා ලද විශේෂඥ පුහුණුවේ ප්‍රතිඵල ලෙස ඔහුගේ එක් අතක මහපට ඇගිල්ල සහ දඹර ඇගිල්ල නැත. ඇගිලි අඩු සීමන්ට ඕනෑම අවස්ථාවක අත උල්කොට මාංචුව පන්නා ගත හැකිය. සදුදා උදෑසන නඩුව විභාගයට ගනී. සිරිපාල මහාධිකරණයටත් සුමතිපාල සීමන් සිල්වා සහ පියසේන මහේස්ත්‍රාත් උසාවියටත් ගෙන යා යුතුය.

එක සදුදාවක සාමාන්‍යයෙන් ඔවුන් ප්‍රවාහනය කරන රථය ආපදාවකට ලක් වී තිබිණි. බන්ධනාගාරයේ ඇති කුඩා වෑන් රථය ප්‍රමාණවත් වන්නේ පොල් පටවන්නාක් මෙන් රිමාන්ඩ් සිරකරුවන් පටවාගෙන යන්නටය. මරු සිරා ඇතුළු විශේෂ ඝනයේ සිරකරුවන් වඩා ආරක්ෂිතව රැගෙන යා යුතු බැවින් එවැනි අවස්ථාවකදී අනුරාධපුර බන්ධනාගාරයේ සාමාන්‍ය පිළිවෙත වූයේ අනුරාධපුර ටවුමෙන් පුද්ගලික කුලී මෝටර් රථයක් ගෙන්වා විශේෂ සිරකරුවන් උසාවි ගෙන යෑමය. නිතර බන්ධනාගාරයට කැදවන 4 ශ්‍රී ඔස්ටින් කාර් රථයක් හිරගෙදරට පැමිණියේය.

සිරිපාල, සුමතිපාල, සීමන් සිල්වා සහ පියසේන එහි පසුපස අසුනට නංවා දොරවල් ලොක් කෙරිණි. රිපීටර් තුවක්කු දෙකක් රැගත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා ඉදිරිපසින් නැග්ගේය. නඩු විභාගය අවසන් විය. සිරකරුවන් පෙර පරිදිම නැවත ගෙනැවිත් ඔස්ටින් රථයේ පැටවිණි. අනුරාධපුරයේ හිරෙන් පැන යාමේ වරදට සිරාටත්, හිතුමතේටත්, ලයනල්ටත් වසරක සිර දඩුවමක් එකතුව තිබුණේය. මරුසිරාගේ නඩුවේ තීන්දුව පසු දිනට කල් ගියේය.


අවසාන කොටස මීළගට...


මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

සිරා කොලුවා විසින් පසුව කරන ලද සොයාබැලීම් අනුව සුමතිපාල හෙවත් හිතුමතේ ජීවිතේ නිදහස ලැබූ පසු සිදු කරන ලද හෙළිකිරීම් ආශ්‍රයෙන් උදේනි සමන් කුමාර මහතා විසින් මව්බිම පුවත් පත වෙනුවෙන් ලියූ ලිපි මාලාවක් සාරාංශ කොට සිරාගෙ  කාමරේ පලවන මේ කථාව ප්‍රතිසකසා ඇති බව සොයාගත හැකි විය. ඒ අනුව මේ ලියවිල්ලේ හිමිකරුවා වන උදේනි සමන් කුමාර මහතා වෙත මෙහි සියලුම ප්‍රශංසාවන් හිමිවිය යුතුය.

81 comments:

  1. සුමතිපාල අර විදුහල්පතිගෙ ගෙදර ගිහින් වතුර වීදුරුවකුත් බීල ගියා කියල කලින් ලිපියෙත් තිබුන මතකයි. කොහොම උනත් හැමවිටම මිනිහ එක්ක වාසනාව තිබිල තියෙනව වගේ.

    ඊළඟ කොටසත් ඉක්මනට දාපං බං, මේක කියවල ඉවර කරන්න.

    ReplyDelete
    Replies
    1. වාසනාව තිබුනෙ නැත්තං මේ මිනිහට තමන්ගෙ ඉලක්ක කරා යන්න ලැබෙන්නෙ නෑ...තදියං නොවී සුට්ටක් ඉවසහං DDT යො.

      Delete
  2. කියෙව්වා.. ඉතුරු කෑල්ල හෙටම දාපං ඈ !! :D

    ReplyDelete
    Replies
    1. එපා සිරා හෙටම දාන්න එපා සතියක් විතර ඉඳලාම දාපන්... එතකන් මුන්ට කස කස ඉන්න කියලා ......

      Delete
    2. ආ මේ ඉන්නෙ සතියෙන් සතිය පෝස්ට් දාන එකා.. අර මෙව්ව පැයේ වෙන්ටැ කොමන්ට් එක දාන්ඩ ඇත්තෙ :D

      Delete
    3. ඒ පැයේ මූ කොමෙන්ට් දැම්මට. කරගන්නව නම් කොච්චර වැඩ තියෙනවද මම අහන්නෙ? ;)

      Delete
    4. ඉරිසියාකාර දුෂ්ට හැත්ත ............. අපිට කොම්පැනියෙන් දෙන පැ සිලිටි වලටත් බොලට ඉරිසියයි..... පුදුමයි අර රුසියන් කාරයා නැ මෙතන

      Delete
    5. හෙට දාන්න උන්නනත් රාළ කිව්ව නිසා දාන්නෙම නෑ පත්තරයො...

      හැබෑට රාළෙ ඔය කොයි කොම්පැණියෙද කාම පැයක් දෙන්නෙ...

      Delete
  3. හ්ම්ම්.... හැමදාම කියෙවුවට දාන්ඩ කමෙන්ට් එකක් හිතාගන්න බැරිව කියවලා යනවා. අඩුම ගානේ කියෙවුවා කියලාවත් දැනගන්න අද දැම්මා කමෙන්ට් එකක් -_-

    ReplyDelete
    Replies
    1. නගා දැකීම සතුටක්... දිගටම අපේ කාමරේ පැත්තෙ එනවා නම් හොදා...

      Delete
  4. අර ගිනි අවි සහ ගිනි කෙළි කතාව වගේ මේ කතාවෙන් තවම මොකුත් නිර්මාණයක් කරලා නැද්ද?

    ReplyDelete
    Replies
    1. තවම නෑ. මේ චරිතය පිළිබද ජනතාව දැනගත්තෙ ඔහු නිදහස ලැබුවට පස්සෙ. ඉදිරි කාලයේදි නිසැකවම චිත්‍රපටයක් තැනේවි කියලා හිතෙනවා.

      Delete
  5. එහෙනම් අපි අන්තිම කොටසත් බලලම ඉමුකෝ.. ඉක්මනට දාමු ඒකත්..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම...ඒ කොටස ලබන සතියේ දිනයක මෙහි පල වෙනවාමයි.

      Delete
  6. Man Hithuwe adin iwarai kiyala. Anikath ikmanata damu.

    ReplyDelete
    Replies
    1. මමත් අද ඉවර කරන්නම තමයි හැදුවෙ...නමුත් ලියවිල්ල බොහෝ දිගු වෙනවා...ඒ නිසා අකමැත්තෙන් හෝ දෙකඩ කරන්නට සිදු වූ බව සලකනු මනාය.

      Delete
  7. කතාව බලපුවාම ඇඟත් හිරි වැටෙනවා සිරෝ....

    ReplyDelete
    Replies
    1. ඒ මොකද පොඩ්ඩි...ඔය පැත්තට අධික ශීතලද ?

      Delete
  8. ඇත්තටම නියම චිත්‍රපටියකට කතාවක් , සුමතිපාලට මොකක් හරි වාසනාවක් තිබිලා තියෙනවා ජීවිතේ ගැන

    ReplyDelete
    Replies
    1. ඒ වගේ වාසනාවක් උඹට නෑ.. එක පාරයි බඩු බනිස් !!!

      Delete
    2. ඔය ටික කියපන් කන්නාඩියක් ඉස්සරහට ගිහින් ,

      Delete
    3. තොපි දෙන්නම එක කාමරේකට දාලා බලන්නයි තියෙන්නෙ. නැටි දෙක විතරක් ඉතුරු වෙයිද කියලා...

      Delete
    4. ඇත්තටම. නැත්තං මිනී මැරුම් කරන්නයි..පොලෝසියට බාර වෙන්නයි...ආපහු හිරෙන් එන්නයි...තවත් කෙනෙක් මරන්නයි...මේ පැටර්න් එක කෙහොමද දිගටම කරන්නෙ...

      පත්තරයා එක්ක මරාගත්ත දවසක..මැරුන එකා භූතයෙක් වෙලා හරි කමක් නෑ වෙච්ච සිද්ධිය කිව්වොත් මේ වගේ ලිපියක් ලියා ගන්න මට හැකියි.

      Delete
  9. ඉතාම ලගන්නා සුලු ආරකින් බොහොම අපූරුවට ලියලා තියනවා සිරා. අවසන් කොටසත් කියවමු.

    ReplyDelete
    Replies
    1. උදේනි සමන් කුමාර මහතාට තමයි එහි ගෞරවය හිමි විය යුත්තේ...මොකද මා නොවෙයි නොවැ මෙහි රචකයා.

      Delete
  10. මව්බිමේ ගිය එකේ සම්පූර්ණ විසිතරේම තිබුණත් දිගවැඩි නිසා කියෙව්වෙ නෑ... ඒති මේකසාරිංශ කරල නෙ තියෙන්නෙ අවුලක් නැතිව කියෙව්ව

    ReplyDelete
    Replies
    1. ඒ සාරාංශ ගත කිරීම කලේ කවුද කියන එක නම් මම නොදනී.

      Delete
  11. සමන් කුමාරට මෙන්ම සිරා ටත් පූංශසාවන් හිමි විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙන්ඩිස් අයියා..

      Delete
  12. ෆට්ට සිරෝ අනිත් කොටසත් එනකන් මග බලන් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. දෑස රිදෙනවා....පාර බලා ඉදලා....වගේද ?

      Delete
  13. කතාව අගෙයි. කොටස් කීපය ම එක දිගට කියවගෙන ගියා.. අනිකත් බලමු ඉක්මනට ම..........

    ReplyDelete
    Replies
    1. ඒ කොටසත් එහෙමනං බලන්නකො..

      Delete
  14. රස කරකර කියෙව්වට ගොඩක් දෙනෙක්ගෙ ජීවිත අඳුරු කරපු සිද්ධියක් නේද ? :/

    ReplyDelete
    Replies
    1. කොහොමත් රසය තියෙන්නේ අදුරෙනේ මචන්

      Delete
    2. හැක්, ඔය කිව්වෙ කතාවක්, :v :v

      Delete
    3. වැරැද්දක් කලොත් ඉතිං දඩුවමකුත් තියෙන්න එපායැ...

      Delete
  15. මරු සිරා..
    ඇත්තටම හිතුමතේගෙ චේතනාව හින්දමද කොහෙද මිනිහගෙ බඹරෙ හැම වෙලාවෙම වැල්ලෙත් කැරකිලා තියෙනව.

    ReplyDelete
    Replies
    1. ඒ බව තමයි ඉහළින් කීප දෙනෙකුම කියා තියෙන්නෙ. මේ විදියට ඇතුලට යන්නයි...නැවත පිටතට එන්නයි කටයුතු කරමින් මිනී මැරූ කෙනෙක් අපේ ඉතිහාසයේ නැතුව ඇති.

      Delete
  16. අර හිරේ නොගිහින් එක පාරම කට්ටියවම ඉවර කරන්න තිබ්බනෙ කියන අදහසට මට උත්තරේ පැහැදිලියි.

    හිතුමතේලා වගේ අයයි ගංජා කේස් එකකට ඇතුලට ආපු ලක්ෂ්මන්වයි එකට දැමීම සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්නෙ.

    අන්තිම කොටසත් බලලම ඉමු.

    ReplyDelete
    Replies
    1. ගංජ කේස් වලට හිරේ යවන කොහොමත්ම වැරදියි බං :D

      Delete
    2. ඒකත් හරිනේ සිගරට් බිවුවා කියලා අමතක කරානම් අහවරයි. ;)

      Delete
    3. හිර ෙගවන් කියන්ෙන් තවත් අමුතුම ෙලාා්කයක් චතූ. සමහරුන්ට ඒතැන දිව්‍ය ෙලා්කයක්. සියල්ල ෙමෙහයවන්ෙන් ඒතැන ඉදන්.

      Delete
    4. තමන්ගෙ ආරක්ෂාවට තමයි හිතුමතේ සෑම ඝාතනයකටම පස්සෙ පොලෝසියට භාර වෙලා හිර ගෙදරට යන්න ඇත්තෙ. ඉස්සර එහෙම උනාට ප්‍රියා මම හිතන්නෙ නෑ වර්තමානයේ මරණ දඩුවම හිමි වෙච්ච අය සහ දඩය ගෙවාගත නොහැකි අය එකම සිරකූඩුවක ඉන්නවා ඇති කියලා.

      Delete
  17. ඊළඟට මේවගේ කතාවක් උබට කව්රුහරි මේල් කරොත් මට ෆොර්වඩ් කරපන් .......... මට බ්ලොග් එකේ දාන්න නෙවි......... හරි වැරදි බලන්න

    ReplyDelete
    Replies
    1. ආ උඹට බ්ලොග් එක්ක් තියනව කියල මතකද :D

      Delete
    2. උඹ අඩු ගානේ අර "කාම පැයෙන්" බාගයක්වත් අරං බ්ලොගත් ලියපං. මොකද ඒකට තව පැයක් දෙන්න බෑනේ

      Delete
    3. කාම පැයේ උඹේ බොග ලියලා රති වෙලාවට (ටී ටයිම්) අනිත් බ්ලොග් කියවපන්. වැඩේ අහවරයි. :)

      Delete
    4. ටැංකු ටැංකු බෝලාගේ බොක්කටත් ටිකක් පහලින් එන උපදෙස් වලට

      Delete
    5. අර කිව්ව කාම පැයේද හරි වැරදි බලන්නෙ....වෙලාව තියේද...

      Delete
  18. කෑලි දානකොට බලන අය කැමති නෑ,අමතකවෙනව මග ඇරෙනවා වගේ නිසා.නමුත් මේ කතාව එහෙම නෑ කියවගෙන යන්න පුළුවනි.

    ReplyDelete
    Replies
    1. කථා වස්තුවේ තියෙන ප්‍රාණවත් බව නිසා තමයි එහෙම වෙන්න ඇත්තෙ. අපේ ඉතිහාසය තුල කලින් කියවා නැති කථා ප්‍රවෘත්තියක් වීමත්...සත්‍ය කථාවක් වීමත් එයට හේතු වෙන්න පුලුවන්.

      Delete
  19. මගේ වාසනාවට අද කියවන්න පටන් ගත්තේ. හිතුමතේ නම් අදහන්න වටිනා පොරක්. තමන්ට අවශ්‍ය විදියට නීතිය ඉෂ්ඨ වෙන්නේ නැති බව දන්නා නිසා මේ වැඩේ කරන්න ඇත්තේ. බෞද්ධයන් වශයෙන් ප්‍රාණඝාතය අනුමත නොකලත්, මේ මිනිහා සාධාරණයි කියලා හිතෙනවා. එක-එක මර මර හිරේ ගියේ මේවා වෙනමම ලිඛිතව සටහන් කරන්න වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඒ මනුස්සයගෙ හිතේ කැකෑරෙන වෛරය, පරාජිත හැගීම, පස්සෙ ලොකු අධිෂ්ඨානයක් වෙලා චූදිතයන්ගෙන් පලි ගන්න තැන දක්වා ඔහුව මෙහෙයවන්න ඇති.

      Delete
  20. වටිනව ... මේ....දේවල් හුග දෙනෙක් දන්නෙ නැහැ....දිගටම මෙවැනි පැත්තත් බලන්න මල්ලි....
    හැබැයි උඹ ලියන රස පැත්ත අමතක කරන්න එපා.....
    එහෙම වුනොත්.....තොගෙ ලෑලි දොර කුඩු කරනව ...හෙක්....හෙක්....

    ReplyDelete
    Replies
    1. ෙකන්ජව මිිනි මරුෙවක් කරන්න ඒපා සිරා

      Delete
    2. කෙන්ජයියා මාර දරුනු පොරක් වෙලානෙ හැබෑටම...අර බනිස් විකුණන්න ගත්තට පස්සෙ තමයි මෙහෙම උනේ...ලෑලි දොර වෙනුවට යකඩ දොරක් හයි කරන්න වෙයිද මන්දා...

      Delete
  21. Replies
    1. මේ ඉන්නෙ මේ කථාව මට එවපු හාදයා....

      Delete
  22. මේක නම් මාරයි සිරා අයියේ.... අනිත් කොටසත් ඉක්මනින් පල කරන්නකෝ....

    ReplyDelete
    Replies
    1. ඒ කොටසින් මේ කථාව සර්ව සම්පූර්ණ වේවි. සිත තුල පැන නැගුන බොහෝ ගැටලු වලට පිළිතුරු ලැබේවි.

      Delete
  23. කෑලි කෑලි නොදා දානවානං ඔක්කොම දාපිය නැත්තං විචාරකගෙං එකක් ඉල්ලං ඇවිල්ලා තියනවා ආයෙ දෙකක් නෑ තොගෙ ලෑලි දොර පෙනේරෙ වගෙ වෙන්ට ඕං මං නොකීවයි කියන්ට එපා.

    ReplyDelete
    Replies
    1. යකඩෝ පාතයගෙ සැර...නිකං සද්ද නං තියා ගන්න එපා පාතෙ...මම මේ කේස් එක හැන්ඩ්ල් කරන්න පත්තරයට බාර දෙනවා...පත්තරයා ඉවානයාට පස්සෙ උඹේ නම උගෙ පොතේ ලියාගනීවි.

      Delete
  24. මේක නම් මල්ලි අමතක නොවෙන කතාවක් වෙනව .......
    මේ යකා එක පැත්තකින් වාසනාවන්තයෙක්.....

    ReplyDelete
    Replies
    1. මූ වෙග්ම මරදන්කඩවල යකඩයත් වාසනාවන්තයින්.

      Delete
    2. දෙන්නටම ඉතිං අරලිය ගහ මන්දිරයේදි රජතුමාවවත් බැහැ දකින්න චෑන්ස් එකත් වැදුනා නොවැ.

      Delete
  25. අර කවුරුත් කියනව වගෙ වාසනවත් සැහෙන්න තිබිල තියෙනව

    ReplyDelete
    Replies
    1. නැත්තං නැත්තං...එහෙම නැති උනා නම් නිදහස් වෙලා එළියට එන්න සුමතිපාල කෙනෙක් ඉතිරි වෙයිද...

      Delete
  26. එක හුස්මට කියෙව්වා සිරා. ඊළඟ කොටසෙන් මර්ඩර් දෙකක්ම අහන්න ලැබෙයි වගේ.

    මං අහන්නමයි හිටියෙ //මම කාමරේ අරින සිරා කොලුවා// හැබෑට උඹ මගුලක් කොරගන්න අදහස අත් ඇරලා, කාටහරි කාමරේ දාගෙන මොනවත් කොරනවද, උඹේ සත්ගුණවත් කම පැත්තකට දාලා?

    ReplyDelete
    Replies
    1. සත්ගුණවත් කොම පැත්කට දාලා මේ නම හොදා කියලා මට යෝජනා කලේ අපේ දේශකයා...ඉතිං මම කැමති උනා මේ අලුත් වෙනසට...අද කාලෙ කෙල්ලො සත්ගුණවත් උන්ට වඩා ගුණය නැති උන්ට තමයි කැමති.

      කාමරේ ඇරලා මොනවා කරනවා....චීයා...මෙයා...

      Delete
  27. එක හුස්මට කියෙව්වා. අර මනුස්සයා මරන මරන ගානට මගෙ හිතේ ඉන්න අපරාදකාරයා ඒක අනුමත කරන එක තමා පාපය..

    ReplyDelete
    Replies
    1. ඒක පාපයද...අපේ හිත් අසරණ මිනිහෙක් යුක්තිය හොයාගෙන ගිය ගමනට කරන ආශිර්වාදයක්ද කියලා අර්ථකථනයක් දෙන්න අමාරුයි...

      Delete
  28. නියම අයිය කෙනෙක්, අයිය කෙනෙක් කිවුවෙ තමාගෙ නංගිට කරපු අපරාධයක් වෙනුවෙන ජීවිතේම කැප කල සහෝදරයෙක්.

    ReplyDelete
    Replies
    1. තමන්ගෙ නැගණිය දේපොළ වෙනුවෙන් මරාදාන, සාහසික ලෙස දූෂණය කරන අයියලා ඉන්න සමාජයක හිතුමතේ කියන්නෙ මොන වගේ සහෝදරයෙක්ද කියලා ඔබට වැටහෙනවා...මේ කථාව කියවන සහෝදරියො මෙවැනි සහෝදරයන් තමන්ගෙ ජීවිත වලට ලං වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවත් ඇති සමහර විට...

      Delete
  29. මේ සම්පුර්ණ කතාවම මම කියවලා තියෙනවා.., හරි පුදුම චරිතයක් ඒ වගේම මිනිහා වටේ වාසනාවත් කැරකිලා තියෙනවා කරලා තියෙන කෙරුම් වල හැටියට තවම යහතින් ජිවත් වෙන්නේ ඒ හින්දා වෙන්න ඇති. එල්ලුම් ගහෙ තොන්ඩුවත් බෙල්ලට දාලා ආයෙමත් නිදහස් කරපු කෙනෙක් නෙවැ.. සුමතිපාල උන්නැහේ කියන්නේ .

    ReplyDelete
    Replies
    1. ඔහු මිනීමැරුම් සිදුකලත්..ඒ යුක්තිය ඉටුකිරීම උදෙසා නිසා..ස්වභාව ධර්මයාත් සමහර විට හිතුමතේගෙ පැත්ත ගන්න ඇති.

      Delete
  30. වැඩ ගොඩකට හිර වෙලා හිටිය නිසා කතාව කියවන්න එන්න ටිකක් ප්‍රමාද වුනා..

    හරිම පුදුම මනුස්සයෙක්.. බලමුකො කතාවේ අවසානයත්...

    ReplyDelete
    Replies
    1. අවසන් කොටස දැන් පල කරලා තියෙන්නෙ. ඒ කථාවත් කියවලා නිවී සැනසිල්ලෙ කල්පනා කරන්න. ඔබත් කැමති වේවි තමන්ගෙ නැගණියට මේ තරම් ආදරය කරන සහෝදරයෙකු ලබන්න.

      Delete
  31. Replies
    1. ඒ නිසාම තමයි කියවලා නැති අය වෙනුවෙන් මේ කථාව කාමරේට අරගෙන ආවෙ.

      Delete
  32. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දිනයක් වන අතර, මගේ හිටපු ස්වාමිපුරුෂයාට ඔහුගේ මැජික් හා ආදර අක්ෂර වින්‍යාසය සමඟ නැවත ගෙන්වා ගැනීමට වෛද්‍ය සාගුරු මට උපකාර කර ඇත. මම විවාහ වී වසර 6 ක් ගත වී ඇති අතර එය ඉතා භයානක වූයේ මගේ ස්වාමිපුරුෂයා මට වංචා කර දික්කසාද වීමට බලාපොරොත්තුවෙන් සිටි නිසාය. නමුත් වෛද්‍ය සගුරු අන්තර්ජාලය හරහා විද්‍යුත් තැපෑලක් දුටු විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ආපසු ලබා ගැනීමට උදව් කර ඇති ආකාරය සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කරන්න. සහ ඔවුන්ගේ සම්බන්ධතාවයෙන් මිනිසුන් සතුටු වීමට සලස්වන්න. මම මගේ තත්වය ඔහුට පහදා දී ඔහුගේ උපකාරය පැතූ නමුත් මා පුදුමයට පත් කරමින් ඔහු මට කීවේ ඔහු මගේ නඩුව සඳහා මට උදව් කරන බවත් මගේ ස්වාමිපුරුෂයා යහපත සඳහා මුළුමනින්ම වෙනස් වී ඇති නිසා මම දැන් සමරන බවත්ය. ඔහුට සෑම විටම මා විසින් වීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැකිය. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා. ආචාර්ය සගුරු සැබවින්ම සැබෑ අක්ෂර වින්‍යාසය නිසා මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දරමි. දැන් ඔබට විද්‍යුත් තැපෑල හරහා සම්බන්ධතා වෛද්‍ය සාගුර්ට උදව් කිරීමට අවශ්‍යද: drsagurusolutions@gmail.com හෝ WhatsApp +2349037545183 ඔබේ ගැටලුවට එකම පිළිතුර ඔහු වන අතර ඔබේ සම්බන්ධතාවය ගැන ඔබ සතුටට පත් කරයි. තවද ඔහු 1 ආදරණීය අක්ෂර 2 හි පරිපූර්ණයි 3 ගර්භාෂයේ පලතුරු 4 ප්‍රවර්ධන අක්ෂර 5 ආරක්ෂණ අක්ෂර 6 ව්‍යාපාර අක්ෂර 7 හොඳ රැකියා 8 අක්ෂර වින්‍යාසය සහ අධිකරණ නඩු අක්ෂර වින්‍යාසය.

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...