ජන වර්ග 5 කට අයත් තරුණියන් එක් ඡායාරූපයක |
77 විවෘත ආර්ථික ක්‍රමයෙන් පස්සෙ ලංකාවෙ බෙහෝ අය පිටරට රැකියා සොයා ගියත්, මැලේසියාව බලා පිටත් වූ ලාංකිකයන්ගේ සංඛ්‍යාව වැඩිවෙන්නෙ 90 දශකයේ අග භාගයෙදි. පසුගිය සියවස ආරම්භ වන විට ලංකාවට වඩා බොහෝ පිටුපසින් ආර්ථික දියුණුව අතින් හිටිය මැලේසියාව අද ඉන්නෙ ගව් ගානක් ඉදිරියෙන්. ඒ දියුණුවේ නියමුවා උනේ හිටපු අගමැති, ආචාර්ය මහතීර් මොහමඩ් මහතා. වර්තමාන අගමැති තුමාත් එතුමාගේ සැලසුම් අනුව රට කරවන බවක් තමයි මැලේසියානු ජනතාව කියන්නෙ. අද ජාලෙන් පෙරලලා මම ඔබට කියන්නේ අපි නොදන්න මැලේසියාව ගැන.
මැලේසියාවේ දියුණුවේ නියමුවා |
Kuala Lumpur නගර මධ්‍යයේ පිහිටා ඇති වර්තමාන ලෝකයේ උසම නිවුන් ගොඩනැගිල්ල පෙට්‍රොනාස්. පසුගිය සියවසේ ආරම්භය වන විටත් ඝන කැළෑවක්ව පැවති ක්වාලා ලම්පූර් නගරය අද දිස්වෙන ආකාරය. |
ඉතිං මේ කියන මැලේ ජාතිකයන් භාවිතා කරන භාෂාව තමයි මැලේ භාෂාව...භාෂා මැලේසියා යනුවෙන් තමයි මැලේ භාෂාව මැලේ වදනින් හදුන්වන්නෙ. ඒ අයට තමන්ගෙම කියලා අකුරු එහෙමත් නැතිනම් හෝඩියක් නෑ. ඉංග්‍රීසි හෝඩිය තමයි මේ අය භාවිතා කරන්නෙ. ඒ අකුරු භාවිතයෙන් තමයි මැලේ භාෂාව ඔවුන් ලියන්නේ.
ලංකාවෙ ආදිවාසී ජනකොටස වැද්දා ලෙස අප හදුනාගන්නවා. ඒ ආකාරයෙන්ම මැලේසියාවටත් ආදි වාසී ජන කොටසක් සිටිනවා. ඔවුන් ඔරන් අස්ලා (Orang Asla) යනුවෙනුයි හැදින්වෙන්නෙ. 2000 වසරෙ කරපු ජන සංගනනය අනුව රටේ සමස්ත ජනගහනයෙන් 0.5% වගේ සුළු ප්‍රමාණයක් තමයි ආදි වාසී ජනතාව වර්තමාන මැලේසියාවෙ ජීවත් වෙන්නෙ. මේ ඇත්තො නැගෙනහිර මැලේසියාවෙ සරවක් කියන ප්‍රදේශයේ බහුතර ජන කොටසයි. මුස්ලිම් ආගම වැලදගෙන නැති මේ ඇත්තන්ගෙන් බහුතරයක් ක්‍රිස්තියානි දහම වැලදගෙන සිටින බවක් තමයි අහන්න ලැබෙන්නෙ. ඔවුන් අද වෙසෙන ප්‍රදේශ අතීතයේ විවිධ ජාතීන්ගේ යටත් විජිත ලෙස පැවතීම එයට හේතු වෙන්න ඇති. ඔරන් අස්ලා ජනකොටසට අමතරව තවත් ජන කොටස් කීපයක් සුළු වශයෙන් මේ පළාත් වල ජීවත් වන බවට දත්ත තිබෙනවා.
මැලේසියාවෙ භූ විද්‍යාත්මක පිහිටීම දෙස අපි ඊලගට බලමු. ආසියාවේ ගිණිකොන දෙසට වෙන්නට වෙන් වෙන්ව පිහිටි ගොඩබිම් ප්‍රදේශ 2 ක් ලෙස මැලේසියාව සරලව හදුන්වන්න පුලුවන්. විකිපීඩියාව කියන විදියට සමස්ත මැලේසියාවේ විශාලත්වය වර්ග කිලෝමීටර් 329,847 ක් වෙනවා. මැලේසියාව දළ වශයෙන් ලංකාව වගේ 5 ගුණයක් විශාලයි කියලා හිතමු. මේ ගොඩබිම් ප්‍රදේශ දෙක එකිනෙක වෙන් කරනනෙ චීන දකුණු මුහුද මගින්. චීන දකුණු මුහුද මෑතකදි MH 370 ගුවන් අනතුර සමග කරළියට පැමිණි බව ඔබට මතක ඇති.
කොළ පැහැයෙන් දැක්වෙන්නේ මැලේසියාවයි |
මැලේසියාව අයත් භූමි කොටස් දෙක ලෝක සිතියමේ එක ලග පිහිටා නැති බව ඔබට පෙනේවි. හරියටම වෙන් වෙන් වශයෙන් රටවල් දෙකක් වගෙයි. මැලේසියානු අර්ධද්වීපය යනුවෙන් හැදින්වෙන සිතියමේ වම්පස ඇති පළමු කොටස රටේ පරිපාලනයට අදාළ සියලු ස්ථාන පවත්වාගෙන යන භූමි කොටසයි. ඒ අනුව රටේ අගනුවර වන ක්වාලාලම්පූර් නගරයත්, පරිපාලන අගනුවර වන පුත්රජයා නගරයත් පිහිටා තිබෙන්නේ මේ භූමි භාගයේ. මේ භූමි භාගය ගොඩබිමෙන් තායිලන්තය හා සිංගප්පූරුව සමගත් මුහුදින් සිංගප්පූරුව, වියට්නාමය සහ ඉන්දුනීසියාව සමගත් මායිම් වෙනවා.
අනෙක් ප්‍රධාන කොටස නැගෙනහිර මැලේසියාව යනුවෙන් ප්‍රධාන වශයෙන් හැදින්වුවත් මේ නමට අමතරව මැලේසියා බෝර්නියෝ (Malaysian Borneo) යනුවෙන් සහ දේශීයව සභා (Sabah) යනුවෙන් හදුන්වන තවත් නම් දෙකක් තිබෙනවා. මැලේසියාවේ පවතින ජනපද (State) 13 න් සභා (Sabah) නම් ජනපදය නැගෙනහිර මැලේසියාවේ පිහිටා තිබීම ඇතැම් තැනක නැගෙනහිර මැලේසියාව හැදින්වීමට ඒ නම යොදාගන්නට හේතුභූත වෙන්න ඇති.
ගොඩබිමෙන් බෘෘනායි රාජ්‍යයට සහ ඉන්දුනීසියාවට මායිම් වන මේ භූමි භාගය මුහුදෙන් පිලිපීනයට මායිම් වනවා. බෝනියෝ යනුවෙන් හදුන්වන සමස්ත භූමි කොටස රටවල් 3ක් අතරේ බෙදී ගොස් තිබෙන අයුරු ඉහළ සිතියම බැලුවොත් ඔබට වැටහේවි. ලොව අග්‍ර ගණ්‍ය ස්භාවික වැසිවනාන්තරයක් ලෙස සැළකෙන බෝනියෝ වැසි වනාන්තර පිහිටා තිබෙන්නෙත් මේ භූමි කොටසෙ. ලෝකයේ විශාලම පුෂ්පයත් මේ කියන බෝනියෝ වනාන්තරයේදිම විකසිත වෙනවා. ඒ මලින් සුවද වෙනුවට හමන්නෙ විශාල දුගදක් නිසාම මිනී මල කියලත් සමහරු හදුන්වනවාලු.
සාමාන්‍ය වදුරන්ට වඩා නහය දිග ප්රෙබොසිස් (Proboscis) වදුරන් සහ ඔරං ඔටං යන සත්ව කොටස් දෙක ඇතුලුව තවත් සත්වයින් විශාල ප්‍රමාණයක් ජීවත් වන ජෛව විවිධත්වයෙන් උපරිම වැසිවනාන්තරයක් ලෙසයි බෝනියෝ සැළකෙන්නෙ.
බෝනියෝ වැසි වනාන්තරය |
බෝනියෝ වනාන්තරයේ ඔරං ඔටං සත්වයෙක් |
නහය දිග ප්රෙබොසිස් (Proboscis) වදුරු විශේෂය |
Rafflesia arnoldii ලෝකයේ විශාලතම මල |
2010 ජන සංගනනය අනුව මැලේසියාවේ සමස්ත ජන ගහනය මිලියන 28.33 ක්. එයින් මිලියන 22.6 ක්ම ජීවත් වෙන්නෙ මැලේසියානු අර්ධද්වීපය නම් කොටසෙ. සමහර අය තමන්ගෙ ජීවිත කාලය තුල කවදාවත් තමා ජීවත් වන කොටසින් අනෙක් කොටසට ගිහිල්ලා නෑ. මේ ලගදි වසර 14 කට පස්සෙ මැලේසියාවෙ අගනුවරට නැගෙනහිර මැලේසියාවෙන් පැමිණි මැලේසියානුවෙක් මට හමුවුනා. මේ පැත්ත එහෙං පිටින්ම වෙනස් වෙලා...මට පාරවල් හොයාගන්නත් අමාරුයි ඔහු සිනාසෙමින් සමහර මාර්ග පිළිබදව මගෙන් විමසුවා.
මැලේසියාවෙ අනෙකුත් තොරතුරු කථා කරන්න කලියෙන් මැලේ භාෂාව ගැන තවත් තොරතුරු ටිකක් කියන්න මට හිතුනා. මැලේසියාවට අමරතව මේ භාෂාව තම ප්‍රධාන භාෂාව ලෙස ඉන්දුනීසියාවෙත් භාවිතා වෙනවා. මැලේ භාෂාව කථා කරද්දි අහගෙන ඉන්න ආසයි. කනට මිහිරියි. ඉතාම කෙටි වචන බහුතරයක් තියෙන හින්දද කොහෙද බොහොම වේගයෙන් තමයි ඒ අය කථා බහේ යෙදෙන්නෙ. බොහෝ චචන වල අවසන් ශබ්ද රූපය ටිකක් දුරට ඇදගෙන ඉන්න නිසා අමුතුම චමත්කාරයක් නිරායාසයෙන්ම කථා බහේදි එකතු වෙනවා. උදාහරණයක් විදියට OK කියන ඉංග්‍රීසි පදය ගත්තොත් ඒ අය මෙය ශබ්ද කරන්නෙ ඕකේ ලා යනුවෙන්. ලා යන ශබ්දය බොහෝ වචන අගට එකතු කරනවා. එච් යන ඉංග්‍රීසි අකුර ශබ්ද කරන්නෙ හෙච් යනුවෙන්. පැය යන අරුත දෙන Hour යන්න ඔවුන්ගේ උච්චාරනය අනුව හවර් වෙනවා.
මැලේ භාෂාව වෙනත් භාෂා වලින් ණයට වචන ඉල්ලගෙන හදාගත්ත භාෂාවක් කිව්වත් වරදක් නෑ. විකිපීඩියාවෙ සදහන් වෙන විදියට සංස්කෘත, පර්සියන්, දෙමළ, තෙළිගු, ග්‍රීක, ලතින්, පෘතුග්‍රීසි, ඕලන්ද, චීන, අරාබි සහ ඉංග්‍රීසි භාෂා වලින් එකතු වූ වචන මැලේ භාෂාව යහමින් පෝෂනය කර තිබෙනවා.
ලංකාවෙ අපි සිංහල භාෂාව තුල භාවිතා කරන ඇතැම් වචන ඒ අරුතින්ම මැලේ භාෂාව තුලත් දකින්න පුලුවන්. ඒවා සිංහල භාෂාවට එකතු වුනේ සංස්කෘත භාෂාවෙන් වීම එයට හේතුවයි. මැලේ භාෂාවෙන් කාන්තාව හදුන්වන්නෙ වනිතා යන නමින්, පොත හදුන්වන්නෙ පුස්ථක කියන නමෙන්, ඒවාට අමතරව දුක, දීර්ඝායු, භූමි,සේවා, ස්ථාන, මහා, මුල (ආරම්භය යන අරුත), රජ, රත්න (මැණික්), රස, රූප, සම (සමාන යන අරුත) ශක්ති, සම්පූර්ණ, වර්ණ වැනි සංස්කෘත භාෂාවෙන් මැලේ භාෂාවට එකතු වෙච්ච මහා ගොඩක් වචන තිබෙනවා. එහෙම බැලුවාම අපේ භාෂාවත් ණයට වචන අහුලගත්ත එකක්. මා වතාවක් කියවා තිබෙනවා බඩ යන වචනය පමණක් සිංහලයට එකතු වූ තැනක් සොයාගන්න නැත එය පුරාණ සිංහල වචනයක් විය යුතුයි කියා සිංහල භාෂා විශාරදයෙක් කියා තිබූ කථාවක්. මේ කිව්ව සංස්කෘත වචන වලට අමතරව ගෑරුප්පුව, තක්කාලි, කංකුං, දොදොල් යන වචන සිංහල අර්ථයෙන්ම මැලේ භාෂාව තුලත් භාවිතා වෙනවා.
උදාහරණ - Bus = Bas, Pharmacy = Farmaci , Police = Polis, Photo = Poto, Post = Pos, Sauce = Sos, Promotion = Promosi
මැලේසියාවෙ ජීවත් වන ප්‍රධාන ජන වර්ග දෙස ඊලගට බලමු. ශත වර්ෂයකට, දෙකකට ප්‍රථම මැලේසියානු අර්ධද්වීපයට පැමිණි චීන ජාතිකයන්ගෙන් පැවත එන පරම්පරාව අද වන විට මැලේසියාවේ දෙවන විශාලතම ජන කොටස බවට පත් වී තිබෙනවා. ඔවුන් සමස්ත ජනගහනයෙන් 30% කට ආසන්නයි. පසු කලෙකදී මැලේ මුල් පදිංචිකරුවන් සමග මිශ්‍ර විවාහ ආදිය සිදු කිරීමෙන් ඔවුනුත් අද වන විට මේ රටේ සංස්කෘතික උරුමයට නතු වී තිබෙන අයුරු දකින්න හැකියි. මැලේසියාවේ සංස්කෘතික මූලිකාංග සුරකින ගමන්ම පාරම්පරික චීන චාරිත්‍ර වාරිත්‍ර ආදිය අනුගමනය කිරීමත් මේ අයගේ සිරිතක්. එකිනෙක අතර සුළු වෙනස්කම් ඇති චීන භාෂා රාශියක් මැලේසියාවේ වෙසෙන චීන සම්භවය ඇති ජනතාව භාවිතා කරනු ලබනවා. Cantonese, Mandarin, Hokkien, Hakka, Hainanese, සහ Foochow වැනි භාෂා එලෙස දැක්විය හැකියි.
සමස්ත ජනවර්ග අතරින් තෙවැනි තැන හිමි වී තිබෙන්නේ ඉන්දියාවේ සිට මෙරටට සංක්‍රමණය වූ ජනතාවට. ඒ අතරින් 85% පමණ දෙමළ ජාතිකයින්. අනෙක් අය අතර බහුතරය සීක් ජාතිකයින්. මෙලෙස සංක්‍රමණය වූ ජන කොටස මැලේසියාවේ සමස්ත ජනගහනයෙන් 10% ආසන්නයි. හින්දු දහමත් සික් දහමත් මෙලෙස පැමිණි ඇත්තන් නිසා මැලේසියාවේ පැතිරී ගොස් තිබෙනවා.
මේ ජනවර්ග වලට අමතරව අතීතයේ මැලේසියාව යටත් කරගෙන සිටි පෘතුගීසීන්ගෙන් සහ ඉංග්‍රීසීන්ගෙන් පැවත එන යුරේසියානුවො (Eurasians) නමින් හදුන්වන ජන වර්ගත් සුළු වශයෙන් මැලේසියාවේ ජීවත් වෙනවා.
ජන වර්ග කීපයකට අයත් ඇත්තියො එක තැනක |
සමස්තයක් විදියට ගත්තම මේ ජනවර්ග තමන්ගේ මවු රටවලින් මැලේසියාවට පැමිණියේ ඔවුන්ගේ සංස්කෘතික ලක්ෂණ, ආහාර, ඇදුම් පැලදුම් විලාසිතා, ආගම, සිරිත් විරිත් ආදියත් සමගින්. පසුකලෙකදී මැලේසියානු සංස්කෘතියත් සමග ඔවුන් හොදින් බද්ධ වුනා. අද වන විට බහුවාර්ගික රටක් විදියට මෙන්ම බහු ආගමික රටක් විදියටත් මැලේසියාව පවතින නිසා විවිධ රටවල් මගින්, විවිධ ආගම් මගින් මෙරට සංස්කෘතියට එකතු වුන ගති ලක්ෂණ හොදින් අත්විදින්න පුලුවන්.
මැලේසියාවේ අතීතය දෙසට මොහොතක් ඔබේ අවධානය යොමුකරවන්න මම කැමතියි. ශ්‍රී ලංකාව වගේම මැලේසියාවත් විවිධ ජාතීන් යටතේ යටත් විජිතයක් ලෙස පැවතී තිබෙනවා. පෘතුගීසි (1511 - 1641) ලන්දේසි (1641 - 1795) (1818 - 1825) ඉංග්‍රීසි (1826 - 1945) ජපන් (1942 - 1945) ආදිය ලෙස ඒවා කෙටියෙන් දක්වන්න හැකියි.
අතීතයේදී මැලේසියානු අර්ධද්වීපයත්, නැගෙනහිර මැලේසියාව ලෙස අද හදුන්වන කොටසත්, සිංගප්පූරුව ලෙස පසුව වෙන් වූ භූමි ප්‍රදේශයත් එකම රටක් ලෙසයි පැවතී ඇත්තේ. මෙරට පසේ ඇතැයි ඉංග්‍රීසින් විසින් හදුනාගත් ටින් නම් ලෝහයත්, රබර් වැවිය හැකි යයි හදුනාගත් සාරවත් පොළවත් නිසාම මැලේසියානු අර්ධද්වීපයට ඔවුන්ගේ ඇල්ම බැල්ම වැටී තිබෙනවා.
තම තමන්ගේ ව්‍යාපෘති වලට අවශ්‍ය කම්කරුවන් වෙනත් රටවලින් ගෙන්වා ගැනීමේ උවමනාව මතයි චීන ජනතාව සහ ඉන්දියානුවන් වැඩි වශයෙන් මෙරටට පැමිණ ඇත්තේ. ඒ වකවානුව වන විට ස්වදේශික මැලේ ජනතාව සුළු කර්මාන්ත සහ වී වගාවේ වැඩි වශයෙන් නිරතව සිටි පිරිසක්. නැගෙනහිර මැලේසියාව සහ සභා (Sabah) නම් ප්‍රදේශය වෙනස් පරිපාලනමය නීති රීති යටතේ පාලනය කල ඉංග්‍රීසීන් අද සිංගප්පූරුව පවතින භූමි භාගය තම පාලනයේ කේන්ද්‍රස්ථානය ලෙස පවත්වාගෙන ගොස් තිබෙනවා. එහි පැවති තොටුපල හා වරාය මේ කේන්ද්‍රස්ථානය එහි ඇති කිරීමට හේතු වෙන්න ඇති. එය ඉංග්‍රීසීන්ගේ වෙළද කටයුතු වලටත් විශාල රුකුලක් වෙන්නට ඇති. වර්තමානය වන විටත් නැගෙනහිර මැලේසියාවේ සමහර පළාත් වල නීති රීති වෙනස්. උදාහරණයක් ලෙස මැලේසියානු අර්ධද්වීපය කිට්ටුව පිහිටා තිබෙන ලංකාවි නම් දූපතට මැලේසියා රජය පැනවූ බදු අදාළ වෙන්නෙ නෑ.
දෙවන ලෝක යුධ සමයේදී මැලේසියානු අර්ධද්වීපය, බෝනියෝ සහ සරවක් ආදී ප්‍රදේශ ජපන් හමුදා යටතට පත්ව තිබෙනවා. ඔවුන් දැඩි ජාතිවාදී ප්රතිපත්තියක සිට රට පාලනය කල නිසා ස්වදේශික මැලේසියානුවන් අතරින් ක්‍රම ක්‍රමයෙන් විරෝධතා මතුවෙලා. කෙසේ හෝ දෙවන ලෝක යුද්ධය අවසාන වී මැලේසියාව යළි අත්පත්කරගත් ඉංග්‍රීසීන් රටේ විවිධ පළාත්, විවිධ ක්‍රමවේද අනුව පාලනයට නතු කර පවත්වාගෙන යමින් සිටි මේ ගොඩබිම් කලාප දෙක, එක්සත් මැලේසියාව ලෙස තනි ඒකකයක් බවට බත් කිරීමට සැලසුම් සකස් කලා.
නමුත් ජපනුන්ට විරෝධතාව දක්වමින් එක්සේසත් වූ විවිධ ජනකොටස් ඒ වෙද්දි ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලබාගැනීමට මලයානු එක්සත් සංවිධානය ලෙස සංවිධානය වීමත්, මැලේසියාවට සංක්‍රමණය වූ චීන ජාතිකයන්ට මෙරට පුරවැසි කම ලබා දීමට එකග වීමත්, එම සංවිධානයේ අනුදැනුම සහ සහයෝගය යටතේ චීන ජාතිකයන් ඉංග්‍රීසීන් වෙත වරින් වර ගරිල්ලා ප්‍රහාර එල්ල කිරීම ආදී සිදුවීම් රාශියක අවසන් ප්‍රතිඵලය ලෙස 1957 අගෝස්තු 31 වෙනි දින ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලබා ගැනීමට මැලේසියාවට හැකිවුනා. ඉංග්‍රීසීන්ගේ යටත් විජිත ලෙස පැවති සිංගප්පූරුව, උතුරු බෝනියා සහ සරවක් ආදිය මැලේසියානු සමස්ත භූමිය ලෙස ඒ අවස්ථාවේ ඇතුලත්ව තිබුනත් 1965 දී සිංගප්පූරුව මැලේසියාවෙන් වෙන් වී ස්වාධීන රටක් බවට පත්වුනා.
අපි නොදන්න මැලේසියාවේ තවත් විස්තර ජාලෙන් පෙරලන ඊලග ලිපියෙන් බලාපොරොත්තු වන්න.
අද ලිපියට මූලාශ්‍රය
ආගම් අනුව පුද්ගල ප්‍රතිශතය |
මැලේසියාවේ අතීතය දෙසට මොහොතක් ඔබේ අවධානය යොමුකරවන්න මම කැමතියි. ශ්‍රී ලංකාව වගේම මැලේසියාවත් විවිධ ජාතීන් යටතේ යටත් විජිතයක් ලෙස පැවතී තිබෙනවා. පෘතුගීසි (1511 - 1641) ලන්දේසි (1641 - 1795) (1818 - 1825) ඉංග්‍රීසි (1826 - 1945) ජපන් (1942 - 1945) ආදිය ලෙස ඒවා කෙටියෙන් දක්වන්න හැකියි.
අතීතයේදී මැලේසියානු අර්ධද්වීපයත්, නැගෙනහිර මැලේසියාව ලෙස අද හදුන්වන කොටසත්, සිංගප්පූරුව ලෙස පසුව වෙන් වූ භූමි ප්‍රදේශයත් එකම රටක් ලෙසයි පැවතී ඇත්තේ. මෙරට පසේ ඇතැයි ඉංග්‍රීසින් විසින් හදුනාගත් ටින් නම් ලෝහයත්, රබර් වැවිය හැකි යයි හදුනාගත් සාරවත් පොළවත් නිසාම මැලේසියානු අර්ධද්වීපයට ඔවුන්ගේ ඇල්ම බැල්ම වැටී තිබෙනවා.
තම තමන්ගේ ව්‍යාපෘති වලට අවශ්‍ය කම්කරුවන් වෙනත් රටවලින් ගෙන්වා ගැනීමේ උවමනාව මතයි චීන ජනතාව සහ ඉන්දියානුවන් වැඩි වශයෙන් මෙරටට පැමිණ ඇත්තේ. ඒ වකවානුව වන විට ස්වදේශික මැලේ ජනතාව සුළු කර්මාන්ත සහ වී වගාවේ වැඩි වශයෙන් නිරතව සිටි පිරිසක්. නැගෙනහිර මැලේසියාව සහ සභා (Sabah) නම් ප්‍රදේශය වෙනස් පරිපාලනමය නීති රීති යටතේ පාලනය කල ඉංග්‍රීසීන් අද සිංගප්පූරුව පවතින භූමි භාගය තම පාලනයේ කේන්ද්‍රස්ථානය ලෙස පවත්වාගෙන ගොස් තිබෙනවා. එහි පැවති තොටුපල හා වරාය මේ කේන්ද්‍රස්ථානය එහි ඇති කිරීමට හේතු වෙන්න ඇති. එය ඉංග්‍රීසීන්ගේ වෙළද කටයුතු වලටත් විශාල රුකුලක් වෙන්නට ඇති. වර්තමානය වන විටත් නැගෙනහිර මැලේසියාවේ සමහර පළාත් වල නීති රීති වෙනස්. උදාහරණයක් ලෙස මැලේසියානු අර්ධද්වීපය කිට්ටුව පිහිටා තිබෙන ලංකාවි නම් දූපතට මැලේසියා රජය පැනවූ බදු අදාළ වෙන්නෙ නෑ.
දෙවන ලෝක යුධ සමයේදී මැලේසියානු අර්ධද්වීපය, බෝනියෝ සහ සරවක් ආදී ප්‍රදේශ ජපන් හමුදා යටතට පත්ව තිබෙනවා. ඔවුන් දැඩි ජාතිවාදී ප්රතිපත්තියක සිට රට පාලනය කල නිසා ස්වදේශික මැලේසියානුවන් අතරින් ක්‍රම ක්‍රමයෙන් විරෝධතා මතුවෙලා. කෙසේ හෝ දෙවන ලෝක යුද්ධය අවසාන වී මැලේසියාව යළි අත්පත්කරගත් ඉංග්‍රීසීන් රටේ විවිධ පළාත්, විවිධ ක්‍රමවේද අනුව පාලනයට නතු කර පවත්වාගෙන යමින් සිටි මේ ගොඩබිම් කලාප දෙක, එක්සත් මැලේසියාව ලෙස තනි ඒකකයක් බවට බත් කිරීමට සැලසුම් සකස් කලා.
නමුත් ජපනුන්ට විරෝධතාව දක්වමින් එක්සේසත් වූ විවිධ ජනකොටස් ඒ වෙද්දි ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලබාගැනීමට මලයානු එක්සත් සංවිධානය ලෙස සංවිධානය වීමත්, මැලේසියාවට සංක්‍රමණය වූ චීන ජාතිකයන්ට මෙරට පුරවැසි කම ලබා දීමට එකග වීමත්, එම සංවිධානයේ අනුදැනුම සහ සහයෝගය යටතේ චීන ජාතිකයන් ඉංග්‍රීසීන් වෙත වරින් වර ගරිල්ලා ප්‍රහාර එල්ල කිරීම ආදී සිදුවීම් රාශියක අවසන් ප්‍රතිඵලය ලෙස 1957 අගෝස්තු 31 වෙනි දින ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලබා ගැනීමට මැලේසියාවට හැකිවුනා. ඉංග්‍රීසීන්ගේ යටත් විජිත ලෙස පැවති සිංගප්පූරුව, උතුරු බෝනියා සහ සරවක් ආදිය මැලේසියානු සමස්ත භූමිය ලෙස ඒ අවස්ථාවේ ඇතුලත්ව තිබුනත් 1965 දී සිංගප්පූරුව මැලේසියාවෙන් වෙන් වී ස්වාධීන රටක් බවට පත්වුනා.
අපි නොදන්න මැලේසියාවේ තවත් විස්තර ජාලෙන් පෙරලන ඊලග ලිපියෙන් බලාපොරොත්තු වන්න.
අද ලිපියට මූලාශ්‍රය
මම කාමරේ අරින සිරා කොලුවා.
ප.ලි
2014 වසර මැලේසියාවේ සංචාරක වසර ලෙස නම්කොට තිබේ. ඔබ සංචාරයක් උදෙසා මැලේසියාවට පැමිණෙනවා නම් මේ ඒ සදහා හොදම වසරයි.
ශ්‍රී ලංකාවට වසර 9 කට පසු නිදහස ලැබූ මැලේසියාවට වර්තමාන දියුණුව අත්පත් කරගැනීමට හැකි වුනි නම් ඇයි අපට නොහැකි වුනේ. ඒ ගැටලුවට පිළිතුර කුමක් විය හැකිද ?
බොහොම අගෙයි සිරා බොහොම වටිනා තොරතුරු ඇතුලත් ලිපියක්. මැලේසියාවට හෝඩියක් නැතිවීමට බලපෑ එක හේතුවක් තමයි යටත්විජිතයක්ව පවතිද්දී ඔවුන්ගේ සංස්කෘතිය විනාශවීම. අදත් ඇමරිකානු ආභාෂය දකින්න පුලුවන්.
ReplyDeleteයම්කිසි මහා සංස්කෘතියක් මාහාද්වීපයක හෝ උප මහාද්වීපයක දීර්ඝ කාලයක් පවතුනාම එහි බලපෑම අවට සංස්කෘතීන් වෙතත් පැටවෙනවා. ආර්යාගමනය නිසා තමයි සිංහල භාෂාව මේ විදිහට හැදුනේ. එය ණයට ගැනීමක් නොවේ.
මෙවැනි ලිපි පාසල් දරුවන්ගේ අවධානයට ලක්වෙනවානම් බොහොම හොඳයි.
නැවතත් ස්තුතියි මේ අගනා ලිපියට.
+++++++++++++++++++++++++++++++++++++++++++++++++
Deleteබොහොම ස්තූතියි අගය කිරීමට විචාරක තුමා. සිරා හිට්ස් බලාගෙන ලියනවා නම් මෙවැනි ලිපි ලියන්නෙ නෑ. නමුත් මගේ අදහස නම් නිකං දෙන පලියට යුනිකෝඩ් කොටන්නෙ නැතුව කියවන කෙනෙක්ට වැදගත් වෙන දෙයක් පුලුවන් හැම වෙලාවකම ලිවිය යුතුයි කියලයි.
Deleteඔබ කියන ඇමරිකානු ආභාෂය නිසාම තමයි මැලේසියානු ධජය ඇමරිකානු ධජයට සමානව නිර්මාණය වෙලා තියෙන්නෙ. ඒ වගේම ගිය මාසෙ ඔබාමා අයියත් මේ පැත්තට ඇවිල්ලා ගියා.
ආර්යාගමනයෙන් අපේ භාෂාව පෝෂණය වෙච්ච බව මම දන්නවා. මැලේසියාවෙත් බුදු දහම හොදින් විසිරී පැතිරී තිබූ සමයේ එකතු වූ වචන තමයි බහුතර සංස්කෘත වචන...
නොදන්නා දේවල් පිළිඹඳ දැනුවත් කලාට ගොඩක් ස්තුතියි! මැලේසියාවට ඉංග්‍රීසීන් එන්න ඉස්සෙල්ලා ඒ අය අකුරු ලිවීමට භාවිතා කලේ මොන විදියේ අක්ෂරද දන්නෑ. රටේ පිහිටීම අනුව පහසුවෙන්ම ආක්‍රමණ වලට ගොදුරු වෙන්න පුළුවන් රටක්.
ReplyDeleteප.ලි. ඇඩ් එකට බොට කීයක් ගෙව්වද? ;)
හප්පේ අකමා දැක්ක කල්.....
Deleteඉංග්‍රීසි අකුරු තම හෝඩිය ලෙස මැලේසියානුවන් භාවිතයට අරන් තියෙන්නෙ ඉංග්‍රීසීන් යටත් කරගත්තාට පස්සෙ නොවැ. ඊට කලින් Pallawa, Kawi, Rencong යන ආකාර වල අකුරු මැලේසියාවේ භාවිතා කල බවක් තමයි විකිපීඩියාව කියන්නේ...ඒ අකුරු භාවිතා කරද්දී නම් තමන්ගේම කියලා අනන්‍යතාවක් මේ අයට තියෙන්න ඇති කියලා හිතෙනවා..මේ අකුරු වල ස්වභාවය නූතන තායිලන්තයේ භාවිතා වන අක්ෂර වලට සමානයි.
ඇඩ් එකක් නෙමෙයි බං ඒක....අපේ ලංකාවෙ ආර්ථික තත්වයේ හැටියට අපේ රට වැසියෙකුට අඩු මුදලකින් කරදරයක් නැතුව හොද සංචාරයක නිරත වෙන්න පුලුවන් හොදම රට තමයි මැලේසියාව. ඉතිං කිසියම් රටක සංචාරයකට යන්න අදහසින් ඉන්න කෙනෙක්ට යම් තල්ලුවක් දෙන අදහසින් තමයි ඒ කොටස එකතු කලේ...කොහොමත් මම මැලේසියාවෙ සංචාරක අංශයට සම්බන්ධ ආයතනයක තමයි රැකියාව කරන්නේ...
ඇයි අපිට නොහැකි උනේ ?
ReplyDeleteකව්රුහරි කොරල දෙනකම් උඩ බලං ඉන්න නිසා වෙන්න ඇති , ^_^
අපිට බැරි උනේ...ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ලෙස මහා ජාතිය දෙපිල බෙදිලා සමගිය නැති කරගත්ත නිසයි. මුල් කාලෙ හිටිය මහාමාන්‍ය ඩී ඇස් සේනානායක වැනි උත්තම ගනයේ දේශපාලඥයන් අවංකව රටේ ජනතාවට සේවය කරන්න වෙහෙසුනත් එතැනින් පස්සෙ බලයට පැමිණි දේශපාලකයන් ගත්ත වැරදි තීරණ...මෑත කාලයෙදි බලයට ආපු උන් හොරකෑම තම එකම දර්ශනය කරගෙන සිටීම යන කාරණා එක්ක අපේ දියුණුව අඩාල උනා. ගල්ඔය ව්‍යාපාරය වැනි මහාපරිමාණ දැවැන්ත වෘපෘති වලින් අදටත් විපුල ඵල ලබන අහිංසක ජනතාව දැක්කම ඩී.ඇස් සේනානායක මහතා වැනි දේශපාලඥයො නැවත ලංකාවේ බිහිවේවිද කියලා හිතෙනවා.
Deleteහ්ම්ම්ම්ම්, ඇත්ත තමයි බං, දේසපාලුවොන්ට වඩා වැරදි උන්ගෙන් ලැබෙන මස් කටු වලට ලෝභකමේ සහ අද කොරයි,හෙට කොරයි කියලා උන්ව හැමදාම බලයේ තියන් ඉන්න ජහමනයාද මන්දා,
Deleteඅන්න උන් තමා බෙල්ලො...
Deleteසිරා සිරාවටම වෙහෙසිලා ..සාමාන්‍යයෙන් සිරා එහෙමනේ . ලිපියක් ලියන්න සෑහෙන මහන්සි වෙනවා . කැප කිරීම අගය කරනවා . දැන් මැලේ රාලයට බ්ලොග් එක වහන්න් වෙනවා .ඌ මොනවද දැන් ලියන්නේ ..?
ReplyDeleteමගේ ක්‍රමය තමයි මේ. අද ඉරිදා දවසම වෙහෙසිලා තමයි මේ ලිපිය සම්පාදනය කරගත්තෙ. කියවන කෙනෙක්ට කිසිම ප්‍රයෝජනයක් නැති හිස් දේ වලින් සිරාගෙ කාමරය පුරවන්න මගේ අදහසක් නෑ...බ්ලොග් ලිවිල්ල නවත්වපු කාලයක හරි මහන්සි වෙලා දෙයක් ලිව්ව එකේ සතුට හිතේ පවතීවි.
Deleteමැලේ රාලයා මගේ බෙල්ල මිරිකන්න බලාගෙන ඉන්නෙ...එයාට කලින් වෙසක් ඡායාරූප මේකෙ පල කලාට....හික් හික්...මිනිහා හිත හිත හිටියට අපි මක්ක කොරන්නද...
සිරා මල්ලි උඹෙන් මේ වගේ ලිපියක් බලාපොරොත්තු වුනා..... උඹේ කාර්ය බහුල ජීවිතයත් එක්ක කට්ටිය දැනුවත් කිරීම ගැන මගේ ප්‍රණාමය....!
ReplyDeleteගිය සතියෙ බල්ලො 38 ට දෙනෙක් 15 වක දරුවෙක් දුෂණය කරපු එක නම් මට ෂොක් මල්ලි....
ස්තූතියි කෙන්ජයියා...ඔබ කියූ කාරණය ගැන ලියන්නත් මම මුලින් කල්පනා කලා...එහෙත් ඒ වගේ තිරිසන් ක්‍රියාවකට තව දුරටත් ප්‍රසිද්ධියක් ලබා දීම අවශ්‍ය නෑ කියලා හිතලයි මම ඒ ගැන නොලියා හිටියේ...ඔයා දැක්කෙ නැද්ද ඊතල දෙකක් විදලා මිය ගිය බැල්ල ගැන. එය ජාත්‍යන්තරව කථා බහට ලක් වුනා.
Deleteඅපූරු විස්තරයක් සිරා අයියේ..
ReplyDeleteස්තූතියි ඔබට...
Deleteහොද ඔත්තුවක් දුන්නේ! ආයේ ඇවිත් පොඩ්ඩක් කැරකිලා ගියත් පාඩුවක් නෑ වගේ!
ReplyDeleteඑද්දි ගල් බෝතලයක් එහෙම අරගෙන වරෙන්...අපි ඉන්නවනෙ උඹව පිළිගන්න....
Deleteපුවත් පතකට උනත් ගැලපෙන ළිපියක්..
ReplyDeleteස්තූතියි මහාචාර්ය මා තලන්.....
Deleteඅප්පට බොල.. සෑහෙන්ඩ මහන්සි වෙලා නෙවැ.. බොහොම ස්තුතියි මස්සිනා මේ ලියන දේවල් වලට අපි වෙනුවෙන්..නොදන්න තොරතුරු ගොඩක් තිබ්බා බං
ReplyDeleteඅප්පට බොල ඒ කියන්නේ උඹ නොදන්නා දේවලුත් මේ ලෝකේ තියෙනවා එහෙනං ඈ ... උඹ නොදන්නා අනික් එක තමයි උඹ මගේ අතින් මැරුම් කන දවස ..ඔ යේස්
Deleteඔය ඉඳල හිටල කලාතුරකිං එකක් දෙකක් තියනවා තමා දන් නැති.. නැත්තං අනිත් සේරම වගෙ දන්නවා.. මං හොඳටම දන්න දේ තමා තෝව බාවල මං හිරේ යනවා කියන එක.. ඉස්තීරයි ඕං !!!
Deleteඋඹලා දෙන්නම දානෙ දෙන්න සල්ලි ඉතුරු කරලා....වලකපන ඇත්තන්ට හොද අරක්කු වඩියක් දෙන්න බඩු සැට් කරලා මරාගනිල්ලා...
Deleteමහතීර් මොහමඩ්ලාට
ReplyDeleteලී ක්වාන් යූ ලොක්කට
එන්ඩ කියමු මෙහාට
අපෙ රට හදාල දෙන්ට
//ඒ අයට තමන්ගෙම කියලා අකුරු එහෙමත් නැතිනම් හෝඩියක් නෑ. ඉංග්‍රීසි හෝඩිය තමයි මේ අය භාවිතා කරන්නෙ. ඒ අකුරු භාවිතයෙන් තමයි මැලේ භාෂාව ඔවුන් ලියන්නේ.//ආසියනු රටක භාෂාවකට මෙහෙම වෙලා කියලා අහන්නත් පුදුමයි.
//වෙන්ව පිහිටි ගොඩබිම් ප්‍රදේශ 2 ක් ලෙස මැලේසියාව සරලව හදුන්වන්න පුලුවන්.//මේකත් අස්වාභාවිකයි වගේ..
මහන්සිවෙලා ලියපු විස්තරේට ගොඩක් ස්තුතී සිරා.....
කියවලා නිකංම මාරුවෙන්නෙ නැතුව...සිරාට තල්ලුවක් දෙන්න කමෙන්ටුවක් කෙටුවට ස්තූතියි මිත්‍රයා. ඇත්තටම ඔය රටවල් දෙකටම මම ගිය නිසා කියන්නෙ. මේ රටවල් වර්තමානයේ ලබා තියෙන ආර්ථික දියුණුව දැක්කම මේ මිනිස්සු ආයෙම වතාවක් මනුලොව ඉපදෙයිද කියලා හිතෙනවා. සුලුපටු සේවයක් නෙමෙයි තමන්ගෙ රටවැසියන්ට ඒ අය ඉටුකරලා තියෙන්නෙ. වර්තමානය වන විටත් මේ නායකයන් දෙපළම ජීවත් වෙනවා. ලී ක්වාන් යූ මහතාට නම් දැන් වයස 92 ක් විතර...
Deleteහරිම අගෙයි සිරා......
ReplyDeleteනොදන්න බොහොමයක් කාරණාවන් දැන් තමයි දැනගත්තේ මැලේෂියාව ගැන... ඇත්තට ම රට කෑලි දෙකකට තියෙන්නේ කියලත් දැනගත්තේ දැන්... ඉතින් වටිනා ලිපියක් මේ විදිහට ගෙනාවාට බොහොම ස්තූතියි.. හැකි හැම විට ම මෙවැනි තවත් ලිපි ගෙනෙන්න යැයි අපි ආරාධනා කරනවා....
මමත් ඉතිං මෙහෙ එනකං දැන උන්නෙ නෑ නැගෙනහිර මැලේසියාවක් ගැන. නමුත් වීසා නිකුත් කිරීමේදී ඒ ගැන සදහන් වන නිසයි සොයලා බැලුවෙ. අදහසට ස්තූතියි.
Deleteඅන්න ආශ්චර්යමත් රටවල්.. නොදන්න විස්තර ටිකක් දැන ගත්තා.. මේක සංචාරක වසර වුනාට ඉතින් මේ අවුරුද්දේ එනවා ශුවර් නෑ.. ඒ හන්දා වෙන වෙලාවක හිතලා බලන්ට ඕන..
ReplyDeleteඕනෑම වෙලාවක එන්න පුලුවන්. මේ වසරෙදි ඉතිං සැපයෙන පහසුකම් සහ විනෝදාස්වාදය වෙනුවෙන් සංවිධානය වූ දේ බොහොමයි. ඒ නිසයි සංචාරක වසර ලෙස නම් කරලා තියෙන්නෙ.
Deleteඅයියා සිංහල යුනිකොර්ඩ් හොද දේවල් වෙනුවෙන් පාවිච්චි කරන එක හොද වැඩක්, නොදන්න දේවල් බොහොමයක් දැන ගත්තා. ස්තුතී මොකෝ කාමරේ වෙසෙන සත්ගුණවත් කෑල්ල හලලා ඈ ? :(
ReplyDeleteඒ අපුර් දැන් මේකා කාමරේ ඉන්නේ සරම නැතුවනේ.එක නිසා වෙන්න ඇති...:D
Deleteහි හි මේ අයියා ඩෙනිම් නේ අදින්නේ මනෝ :D
Deleteසත්ගුණවත් කෑල්ල හැලුවෙ දේශකයගෙ යෝජනාවකට අනුව..ඒක ඒකාකාරියි කියලා මටත් හිතුනා. සිරා ඉතින් පොඩි ඇලට් එකක් දාලා ඉන්න වෙලාවක සරම එහෙ මෙහෙ වෙන්න පුලුවන්නෙ ඉතිං...ඒකයි කාරණේ.
Deleteඩෙනිම් අදිනවද බං නිදිය ගන්න...අනේ මන්දා...
ෆට්ට සිරෝ සිරාම ලිපියක්
ReplyDeleteස්තූතියි ආචාර්ය වීරකෝන්..
Deleteඇත්තටම ගොඩාක් හොඳ වටිනා හරවත් ලිපියක්. මේවැනි ලිපි තව තවත් ලියන්න.
ReplyDeleteලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න
අගය කිරීම පිළිබදව මාගේ ස්තූතිය.
Deleteසිරා සැහෙන්න මහන්සි වෙලා මේ ලිපිය හදල තියෙනවා. මම මෙහෙම එකක් ලියන්න හිතුවට කවදාවත් ලිව්වේ නෑ... පට්ට කම්මැලි කම නිසා.. හෙහ් හෙහ්. පුත්රජයා වල තියෙනවා 1400 ඉඳන් සිද්ද වෙච්ච වැදගත් සිද්දි දාල හදපු ස්මාරකයක්. මම ගත්ත ෆොටෝස් ටිකක් තියෙනවා. මම සිරාට එවන්නම්. ඊළඟ ලිපියට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි.
ReplyDeleteඑවන්නකො බලන්න...හැකියාවක් තිබුනොත් එයත් ඇතුල් කරන්නම්...බොලා මැලේසියාවෙ බව මම දැන උන්නෙ නෑ...මට මැලේ රාළත් කිව්වා මැලේසියාවෙ ඉදන් බ්ලොග් කෙරුවාව කරන තව කෙනෙක් ඉන්නවා කියලා...වෙලාවක ඒ පැත්තෙ එන්නං....දැනමට පරක්කුයි. සමාවෙයං...ඒ ගැන..
Deleteසිරාවටම පුදුම තරමෙ මහන්සියක් අරන් ලියපු ලිපියක්. මැලේෂියාව ගැන ගොඩක් දේවල් විශේෂෙන්ම භාශාව ගැන දැන ගත්තෙ මේ ලිපියෙනුයි. ෆොටෝස් ටිකත් වටිනවා. අර වඳුරා නම් අප්‍රසන්නයි.
ReplyDeleteස්තූතියි අයියෙ.
වදුරා අප්‍රසන්න උනාට ඒ පළාත් වලට සංචාරකයන් ගෙන්වගන්න බොහොම ආකර්ශනයක් ඇති කරන සතෙක් එයා. ස්තූතියි ප්‍රිය.
Deleteහොඳ විස්තරයක්. සිරා මෙහෙත් හුඟාක් තියෙන්නේ මැලේෂියාවෙ හදපු සබන්, කෑම ජාති, ඩිටර්ජන්ට් හෙම. ඉතින් ඔය දවටන වල තියෙන බහසා මැලේසියා මම දැකලා තියෙනවා saban, kek වගේ වචන. එතකොට ඉන්දුනීසියාවෙත් ඔය තත්වයම නේද . මම හිතන්නේ ඒකට කියන්නේ බහසා ඉන්දුනීසියා කියලා. ඇල්ෆබට් එක රෝමන් ඇල්ෆබට් එකමයි.
ReplyDeleteඑතකොට මැලේසියාවේ හදන ප්රෝටෝන් කාර් කොහොමද? ඒවා හොඳද? ලංකාවෙත් තියෙනවා ප්රෝටෝන් සාගා, වයිරා හෙම.
ජපන් කාර් එක්ක සංසන්දනය කරද්දී නම් ප්රෝටෝන් කාර් වල අවුල් ගොඩක් තියෙනවා. හැබැයි ඉන්දියන් මරුටි,නැනෝ,ටටා කාර් වලට වඩා සුව පහසුව අතින් සහ සවිමත් බවින් ප්රෝටෝන් කාර් වඩා හොඳයි මම හිතන්නේ.මෙහෙ දුවන ටැක්සි ඔක්කොම ප්රෝටෝන් තමයි. අවුලක් නැතුව දුවනවා. ඒත් ලංකාවේදී තමන්ගේ පාවිච්චියට වාහනයක් ගන්නවනම් ජපන් කාර් එකක් ගන්න එක හැම අතින්ම වඩා හොඳයි.
Deleteපැතුම් කියන එක හරි.ප්‍රොටොන් කාර් ලංකාවෙ පාරවල් වලට ලඳබොළඳ වැඩී මම හිතන්නෙ. :D
Deleteමමත් පැතුම් අයියා එක්ක එකඟයි !!!
Deleteඉන්දුනීසියාවෙ භාවිතා වෙන මැලේ භාෂාවෙ සුලු සුලු වෙනස් කම් තියෙනවා කියලයි මම අහලා තියෙන්නෙ. ඔය භාෂාව සමාන වන හින්දා වෙන්න ඇති මැලේසියාවෙ අනවසරයෙන් රැකියා කරන අති මහත් බහුතරය ඉන්දුනීසියානුවන් වෙලා තියෙන්නෙ.
Deleteප්රෝටෝන් වාහන ගැන කියනවා නම් ලංකාවෙ අදටත් අළෙවි කරන්න නැති විවිධ මාදිලි මැලේසියාවෙ තියෙනවා. සුඛෝපභෝගී ජිප් රථයක් වැනි වාහනේකුත් ප්රෝටෝන් මැලේසියාව වෙනුවෙන් නිපදවනවා. මේ වාහන වල මම ඇති තරම් ගිහිල්ලා තියෙනවා. සුවපහසුව ජපන් වාහනයක වගේම තියෙනවා. 90 දශකයේ මුල නිෂ්පාදනය කරපු ප්රෝටෝන් වාහන තවමත් මහා මාර්ග වල සෑහෙන්න දකින්න පුලුවන්. ඒවා ඉතාම හොද ක්‍රියාකාරීත්වයෙන් යුක්තයි. පැතුම් කිව්වා වගේ කුලී රථ වලින් වැඩිම ප්‍රමාණයක් ප්රෝටෝන්. මේ වාහන මිළෙන් සෑහෙන අඩුයි. මූලික ගෙවීම් අරවා මේවා මොකුත් නැතුව මෙහෙ මුදලින් රිංගිට් 500 (රුපියල් 20000) පමණ ගෙවලා වාහනයක් ගෙවීමේ ක්‍රමයට ගෙදර අරගෙන යන්න මෙරට පුරවැසියන්ට පුලුවන්. මාස්පතා 500 බැගින් තමයි ගෙවන්න ඕනෙ. ඉතිං මෙහෙ පාරෙ සපත්තු හදන මනුස්සයා එන්නෙත් කාර් එකේ. අපේ ඔපීසියෙ ලලනාවෙ ලගත් වැඩිපුර තියෙන්නෙ ප්රෝටෝන් වාහන..ඒ ඇත්තියො සමහර දවස් වලට සිරා කොලුවට ප්‍රවාහන පහසුකම් සපයනවා.
පැතුම් කිව්වා වගේ ජපන් වාහන වලට පහලින්, ඉන්දියන් වාහන වලට වඩා ඉහළින් ප්රෝටෝන් තබන්න පුලුවන්.
එහෙනං උඹ වාහනයක් ගන්න හිතන්නවත් එපා , ලලනාවෝ එක්කං යනවනම් මොකටද බං සල්ලි දීලා වාහන ගන්නේ ,
Deleteහෙහ් හෙහ් ප්රෝටෝන් එකක් ගන්න නෙවෙයි ඇහුවේ. මම වාහන ගැන ඉන්ටරෙස්ටඩ් නිසා. මම ඉතින් ටොයෝටා තමයි.
Deleteඕ යේස්.. මටත් වාහන කබලක් අතගගා ඉන්ඩ තියේ නං කන්ඩ ඔනැත් නෑ !!
Deleteඇයි බන් අත ගගා ඉන්නෙ....පැහිලද කියලා බලනවද ?
Deleteවාහන වල මිලගනන් කියන්න එපා බං ..ලංකාව තවත් එපාවෙනව..(ලංකාවෙ පාලකයො
Delete)
පිටරටින් එන වාහන වලට බදු ගැහුවට කමක් නෑ...දේශීයව නිපදවන වාහනයක් අඩු මුදලට ගන්න ජනතාවට අවස්ථාව තියෙනවා නම්...එහෙම කිසිම විකල්පයක් නැතුව ලංකාවෙ මිනිස්සුන්ගෙ වාහන සිහිනය පාලකයො බොද කරලා තියෙන්නෙ.
Deleteසෑහෙන්න වටින ලිපියක් වීසා නැතිව මැලේසියාවේ ගිහින් අවා වගේ, තැන්කූ වේවා.
ReplyDeleteමට කීයක් හරි දීහං එහෙනං වීසා ගාස්තුව විදියට....හෙක් හෙක්...
Deleteනියම ලිපියක් සිරා.
ReplyDeleteඅපිට බැරි වෙන්නෙනං මොකුත් නොකර උඩ බලාගෙන ඉන්න ඔය ලොකු තැන්වල ඉන්න එවුවො පුරුදු කරල තියෙන හින්ද තමයි.
අපිට බැරි උනේ කාලකන්නි දේශපාලන සංස්කෘතියක් රටේ ඇති වෙච්ච නිසා...උගතුන් වෙනුවට නූගතුන් පාර්ලිමේන්තුවට ගිය නිසා.
Deleteසිරා...මේ ලිපියනම් මොකෙක්හරි උස්සනවා බුදුශුවර් පත්තරේකට.
ReplyDeleteමුල ඉඳන්ම කාමරෙත් එක්ක හිටි නිසා මම දන්නවා..උඹ මේ වගේ වටිනා කියන ලිපි ලිව්වා කියල.ඒත් මේ ලිපියේ මොකක්දෝ මන්දා හිත ඇදිලයන ගතියක් තියේ.
මැලේසියානු ලී වර්ග එහෙම ලංකාවෙ ඔය තරම් ප්‍රසිද්ධ මොකද මන්දා..? තව ලිපියක් එන්ට තියෙන නිසා දැනගන්න කැමතියි ඔහේ අධ්‍යාපනය එහෙම ගැන විස්ථර ටිකකුත්.
කමක් නෑ බං...ලිපියක් ගොඩාක් අය කියවනවට මම මනාපයි. වෙනත් තැනක පල කරනවා නම් මගේ ලින්කුවක් එක් කරන්න කියලයි මම හැමවෙලාවෙම කියන්නෙ. මැලේසියානු සීලිමක් එහෙමත් ලංකාවෙ ගහනවා නේද අඩු වියදමෙන්...මෙහෙ ඇති තරම් කැලෑ තියෙනවා. ඒවායින්ද මන්දා ගස් කපන්නෙ. අගනුවරත් තැනින් තැන පොඩි පොඩි කැලෑ තියෙනවා කියහංකො ඉතින්...
Deleteමම ඉල්ලීමක් කරන්නම්
ReplyDeleteඉතිරි කොටස් වලදි කිරින්දේ ධම්මානන්ද හාමුදුරුවන් ගැන
රඹුටන්, නනාස්, දූරියන් තේ-ඕ ගැන
වටලප්පන් ගැන ලියන්න
ඔයා කියන්නෙ සිරිධම්ම හාමුදුරුවො ගැන වෙන්න ඕනෙ. මැලේසියානු රඹුටන් සහ දූරියන් නම් ඇති පදම් කාලා තියෙනවා මේ වෙද්දි. වටලප්පම් නම් තාම මට සෙට් උනේ නෑ. දන්න දේවල් ගැන ලියන්නම්.
Deleteනැහැ මම කිවුවෙ http://en.wikipedia.org/wiki/K._Sri_Dhammananda හාමුදුරුවො ගැනයි. මැලේසියාවෙ ඉන්න ලාංකිකයන්ට ආඩම්බර විය හැකි උතුමෙක්.
Deleteඔය කියන්නෙ බ්‍රික්ෆීල්ඩ් පන්සලේ වැඩ වාසය කල මැලේසියාවේ හිටපු ප්‍රධාන සංඝනායක හිමිපානන් ගැන. උන් වහන්සේ ඉතාම වියත් තෙරනමක් හැටියට මැලේසියානු බෞද්ධයො අදත් ඉතාම භක්තියෙන් සිහිපත් කරනවා. බ්‍රික්ෆීල්ඩ් පන්සල අද පවතින දියුණු තත්වයට ගෙනෙන්න සෑහෙන තරමේ කාර්යය භාරයක් කරපු හිමිනමක් වශයෙන් තමයි කවුරුත් උන් වහන්සේව හදුන්වන්නෙ.
Deleteසිරා මෙහෙම දේකට අතතියපු එක හොඳයි.. මැලේ රාල ලියපු ලිපිත් ගොඩක් අය දැනුවත් කරන්න ඇති..
ReplyDeleteපිටරට ජීවත් වෙන අය හැටියට අපෙන් මේ වගේ ලිපි තමයි කියවන ඇත්තො වැඩිපුර බලාපොරොත්තු වෙන්නෙ. අන්න ඒ අය වෙනුවෙන් යමක් ලියන්න ගත්ත පුංචි උත්සාහයක් මේක.
Deleteanthima prashneta uththe thamai ban....
ReplyDeleteape eun enne rata hadanna nemei... unge paramparawa hadanna... anna ekai apita kela wela thiyenne.... ape rata me kapedi goda enne na... ape un full aathal eke hitiyata hama minihekma ambaaneka nayai... bath mulatai arakku bothaletai chande dena un innakam ape rata hamadaama ohoma thamai... kohomath apita kelawila iwarai... eka gana nodanna modachun la uda pana pana innawa...
මට ඔබේ අදහස සමග කිසිදු ගැටුමක් නෑ. කථාව සහතික ඇත්ත. ගමට, රටට හෙණ ගැහුවත් තමාට ලැබෙන වාසිය ගැන හිතලා කතිරෙ ගහන උන් ඉන්න නිසා තමයි ආණ්ඩුව මොන වරදක් කලත් දිගින් දිගටම දිනන්නෙ.
Deleteනොදැන හිටිය විස්තර හුඟක් දැනගත්තා.. ස්තූතියි..
ReplyDelete++++++++++++++++++++++++++++++++
Deleteස්තූතියි නගෝ...ඊලග ලිපියට තවත් නොදන්න දේ එකතු කරන්න බලන්නම්.
Deleteතොරතුරු ගොඩක් එකතුකරලා මහන්සිවෙලා ලියපු ලිපියක් නේද,මමත් නොදන්න තොරතුරු ගොඩක් දැනගත්තා.බොහොම ස්තූතියි සිරා.
ReplyDeleteස්තූතියි හැලපයියා....ඊලග ලිපියත් කියවන්නෙකො...
Deleteඉතාම වටින ලිපියක්. සිරාගෙම පින්තූර දාල ලියන්න. හැබෑටම දැං මැලේ රටේ ඉන්නව බ්ලොග්කාරයො බර ගානක්. මැලේ රාලයිි උඹයි තමයි රට ගැන ටිකක් ලියල තියෙන්නෙ.
ReplyDeleteමැලේ රාල / මම/ කෙන්ජි / පැතුම් / සරත් අයියා...මේ අය තමයි මැලේසියාවෙ ඉදන් බ්ලොග් ලියන මම දන්න සැට් එක. ඉදිරියටත් හැකි විදියට මැලේසියාව ගැන ඔබ දැනුවත් කරන්න අපේක්ෂාවෙන් ඉන්නවා.
Deleteමමත් ගොඩක් අය වගේ මැලේසියාව ගැන තොරතුරු බොහොමයක් දැනගත්තේ උඹේ මේ ලිපියෙන් බං.හරි කියලා තියෙනවා වගේ රටේ පිහිටීම මටත් අමුතුයි.
ReplyDeleteඋඹේ මහන්සිය අපතේ ගිහින් නැහැ සිරෝ.
ස්තූතියි මනෝජ්...වෙනදා වගේම අදත් මේ පැත්තට ඇවිල්ලා සිරාට පොඩි තල්ලුවක් දීලා ගියාට. රටේ කොටස් දෙක අතර ගුවනෙන් තමයි යන්න වෙලා තියෙන්නෙ.
Deleteඔය මැලේසියාව අවට රටවල් ගොඩකට තමන්ගේම කියලා අක්ශර නෑ නේද සිරා,පිලිප්පීන් අයත් ලියන්නේ ඉංග්‍රීසි අකුරු.
ReplyDeleteඔය මැලේසියාවේ දියුනුවට ලාංකික බුද්ධිමතුන්ගේ සේවයත් යෙදිලා තියනවා කියලා මම අහලා තියනවා,අපේ රටෙන් ගියාලු මැලේසියාවේ කරපු ප්‍රොජෙක්ට් එකක් හදාරලා ඒ වගේ දෙයක් ලංකාවේ කරන්න උපදෙස් ගන්න,,මැලේසියාවේ බලධාරීන් ගිය නිලධාරීන්ට දුන්නු උත්තරේ තමාලු,උබලගේ රටෙන් ආපු ඉංජිනේරුවෙක් තමා මේ ප්‍රොජෙක්ට් එක අපිට හදුන්වලා දීලා ප්‍රදාන ඉංජිනේරුවා විදිහට උන්නේ කියලා..
පිලිපීනය සහ ඉන්දුනීසියාව ඉංග්‍රීසි අකුරු භාවිතා කරනවා. අනිත් රටවල් වලට තමන්ගෙම කියලා හෝඩියක් තියෙනවා. විශේෂයෙන් තායිලන්තයට..
Deleteමම කලින් වතාවකත් කිව්වා වගේ බේකරි කර්මාන්තය සහ රත්තරං භාණ්ඩ නිෂ්පාදන ශිල්ප ක්‍රම මේ රටට ලැබුනෙ අපේ ශිල්පීන් නිසයි. සුද්දගෙ කාලෙ ලංකාවෙන් මෙරටට සංක්‍රමණය වෙච්ච අය තමයි ඒ දැනුම මෙරට වැසියන්ට දුන්නෙ. එදා ලංකාවෙන් ආපු සමහරු ආයෙමත් ලංකාවට ගියේ නෑ. ඒ අයගෙ මුණුපුරු මිනිබිරියො එද මෙරට පුරවැසියො විදියට ජීවත් වෙනවා.
නියම ලිපියක් උඹ සිංගප්පුරැව ගැන ලියමු මෙි වගේම ලිපි පෙලටත් මම මනාපයි.
ReplyDeleteස්තූතියි සංජීව අයියා...ඔයා අර දැරිවියන්ට ලං වෙලා...යාලුවෙක් කිය කිය දාන ෆොටෝ වලට මම මනාපයි.
Deleteපලයන් යන්ඞ කින්ඞි දාන්නේ නැතුව
DeleteTimor-leste people also use the same language. but language name is different it is not "basha Malay".
ReplyDeleteImportant letter.
Tarima kashi.
I dont know anything about that....
DeleteThis is the correct term...terima kasih
terima kasih = Thank you
In Malaysia, it's legal to to divorce your partner via text message. කියලා තිබ්බා 8fact.com එකේ. ඒකතාව ඇත්තද?
ReplyDeleteමොන බොරුද...එහෙම පුලුවන් නම් හැමෝම ඇදුම් මාරු කරනවා වගේ නෝනලා මාරු කරයිනෙ....වැඩිදුර විස්තර මෙතැනින් බලන්න.
Deletehttp://www.mylawyer.com.my/article/divorce.html
අගෙයි..අගෙයි සිරෝ..
ReplyDeleteඔය ලෝකෙම ලොකුම මල සිරා දැකලා තියෙනවද? පොඩි පොඩි මල් කඩන එකේ, ඔයින් එකක් කඩා ගත්තොත් තමයි සිරා.. සිරා කියන්නේ.
සිරා ඉතිං වැඩට යනවා එනවා විතරයි. ක්වාලාලම්පූර් නගරය ඇතුලෙම තමයි ජීවිතේ ගෙවෙන්නෙ. තාම මැලේසියාවෙ වැඩිය ඇවිදලා නෑ. ලොකු මල් බලන්න අනිත් කොටසට යන්න එපායැ ගුවන් මගින්.
Deleteපොඩි මලක්වත් කඩන්න නැතුව බං ඉන්නෙ...මොන ලොකු මල්ද...
සැක් උබ සැහෙන්න මහන්සි වෙලා ලියල තියෙන්නෙ.මටනම් හෙන කම්මැලියි බන් ඔයවගෙ හොයල ලියන්න.තැන්ක්ස් මචො.
ReplyDeleteඑක නෙමෙයි අර මැලෙ රාලය නේද ගහක් උඩ ඉන්නේ
ලියන්නං වාලෙ බොරු කයිවාරු ලියලා වැඩක් නෑනෙ බං...මම බ්ලොග් කෙරුවාව පටන් ගත්ත කාලෙ ඉදලම බොහොම ඕනෙ කමින් තමයි මේ කාරිය කොරගෙන යන්නෙ. නැත්තං මේක නවත්වපු කාලයක කිසිම තෘප්තියක් නෑ.
Deleteමැලේ රාළගෙ බාල මලයා ගහ උඩ ඉන්නෙ.
Very interesting
ReplyDeletetruly Asi!
ස්තූතියි දයාල්...ඇත්තටම මැලේසියාව සහ ලංකාවේ සංස්කෘතීන් අතර ඉතාම විශාල වෙනසක් නෑ. මේ රටත් අතීතයේ බෞද්ධ රටක් ලෙස පැවතීම එයට හේතුවක් වෙන්න ඇති.
Deleteසිරා ලියන සිරා ලිපි ගොන්න එන්න එන්නම රසවත් වෙනවා. දැණුම එකතුකරවනවා. අන්වර් එබ්‍රාහිම් ගැන සාමන්‍ය ජන මතය කුමක්ද?
ReplyDeleteබොහොම ස්තූතියි අරූ අයියා. අන්වර් ඊබ්‍රාහිම් ගැන එහෙම විශාල ජනමතයක් මිනිස්සු අතර තියෙනවා මම නම් දැකලා නෑ. ඔහුට එරෙහිව පහුගිය කාලයේ සමලිංගික චෝදනාවක් එල්ල වී තිබුනා. මුස්ලිම් ආගම අනුව සමලිංගිකත්වය කියන්නෙ ඉතාම දරුණු ගණයේ වැරැද්දක්. මැලේසියාවෙ අලුත්ම ආරංචිය තමයි කැට්බරි කියන ඉතාම ජනප්‍රිය චොකලට් විශේෂයට හලාල් සහතිකය නෑ කියලා මෙහෙ විකිණීම තහනම් කරන්නට කටයුතු යොදමින් පැවතීම. මැලේසියාවෙ ඒවා අළෙවිය ආරම්භ වෙලා වසර 35 කට කිට්ටුයිලු. ඒ උනාට හිටි අඩියේම මෙහෙම වෙලා තියෙන්නෙ මෙහෙ අගමැති තුමා ඒ කර්මාන්ත ශාලාව මිළට ගන්නට උත්සාහ කිරීමත්..අදාළ බලධාරීන් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමත් කියලයි මේ රටේ සාමාන්‍ය ජනතාව නම් කියන්නෙ.
Deleteස්තූතියි සිරා...Cadburyකියන්නේ එංගලන්තය විසින් ලොවට දායාදකල අංක එකේ චොකලට් වෙලඳ නාමයක්. එය නෙස්ලේ ආයතනය විසින් මෑතකදි විශාල මුදලකට මිලදීගත්තා. Cadbury World කියලා මෙහේ බලන්න යන්න තැනක් තියෙනවා ඒ ගැන. ටිකට් එකක් පවුම් 16යි.ළමයින්ට පවුම් 12යි. ජෝන් කැඩ්බරි තමයි 1824 මෙය ආරම්භ කර තිබෙන්නේ.
Deleteමලයාසියා වලදි මට ආපු මුල්ම අවුල තමයි ඇයි වතුර බෝතලේ Air කියල ගහලතියෙන්නෙ කියන ඒක
ReplyDeleteපස්සෙ තමයි දන්නෙ මැලේ වලින් වතුර වලට කියන්නෙ එහෙම කියල :D
මම විදේශීය රටකට යත්දී ඒ රට ගැන පූර්ණ අධ්‍යනයක නිරත වෙනවා. ඒ නිසා මෙහි සඳහන් බොහොමයක් කරුණු ගැන කලින් දැනගෙන උන්නා. මෙහි අඩු කොටස් ටික ඊළඟ ලිපියකින් ලියවෙයි කියලා හිතනවා. ලී ක්වාන් යූ ගේ පොත්, දන්නා කියන මලෙසියානුවන් සමග කල කතාබස් සහ මගේ සංචාරය නිසා බොහොමයක් කරුණු අලුත් නැති වුවත්, බොහෝ දෙනෙකුට මෙය වටිනවා.
ReplyDelete