Sunday, September 14, 2014

84 අපේ නගාගෙ චූටි නංගි

සිරා කොලුවගෙ අතිජාත මිත්තරයෙක් වෙච්ච නගා කොලුවා ගැන මෙයට කලින් වංගියකත් මම කථා දෙක තුනක් ඇදබෑවා නොවැ. ඒවා කියවපු ඇත්තන්ට ඒකාගෙ චරිත ස්වභාවය ගැන යම් තරමකට අවබෝධයක් ඇති. නගා ගැන අන්තිමට කියපු කථාවෙදි අපි තිත තැබුවෙ ගම්පහ පුස්තකාලයට පාඩම් කරන්න ගිය තැනින්.

මේ පුස්තකාලය ඒ දවස් වල මල් වගේ කෙල්ලන්ගෙන් පිරී තිබ්බ බවත්...ඒ මැද්දෙ අපි පාඩම් කොරාපු ආකාරයත් මම වේලාසනින් ලියපු තවත් ලිපියක සටහන් කොලා. සිරා කොලුවා ඇතුලු කණ්ඩායම දැන් පාඩම් වැඩ කොරාගෙන කොරාගෙන යනවා කියමුකො.


අර අසික්කිත ලව් අමාරුව කියන බරපතල රෝගය අතරින් පතර සමහර එකාලට බෝ වෙන්න ගත්තා නොවැ විභාගෙට දින ලං වෙද්දි. සිරා කොලුවටත් පුස්තකාලෙ පාඩම් කරන්න ආව ගින්දරගෙ සීදේවි හිනාව දැකලා පපු කැනැත්ත සසල වෙච්ච අන්දම වගේම මගේ යෝජනාවට ඒ දැරිවි දුන්න පිළිතුරත් සිරාගෙ කාමරේට එන බොලා දැන් දන්නවා. කියවලා නැති ඇත්තො පරණ ලිපිය කියවලාම ඒ හරිය දැනගත්තොත් හොදා.

ඉතින් බොලව් සිරා කොලුවා ඇතුලු අනිත් නඩේ ලව් අමාරුව, අමාරුවෙන් හොද කරගෙන ඔලුව කෙලින් කරගනිද්දි...විභාගෙට මාසයක විතර කාලයක් ඉතිරි වෙලා තිබුන අපේ නගා කොලුවටත් ඒ අමාරුවම හැදුනා. හැබෑටම කවුද ඒ දැරිවි.

වතුර ටැංකිය ලග පාසලේ කොළ පාට ටයි පටියක්. පෙනුමෙන් වගේම හැසිරීමෙනුත් හරිම අහිංසක චරිතයක්. වැඩිය උස් මහත් නොවුනට ඉතාම දිග කොණ්ඩයක් මේ ඇත්තිට තිබුන නිසාම හරිම ප්‍රියමනාපයි. මේ කෙල්ලගෙ තිබුන අහිංසක කම හින්දම පුස්තකාලෙ හිටිය කොලු සමාජය චූටි නංගි කියලා හුරතල් නමකුත් ඒ වෙද්දි අටවලයි තිබුනෙ.

ඉතිං මේ කියන චූටි නංගි අපේ නගාගෙ හිත් අහසෙ පුර හදක් වගේ නැගී ඇවිදින්. ඒකා විභාගය අස්සෙන් ඒ ගැනත් කම්පනා කොරනවා. නමුත් කියාගන්න පුරුෂ දහිරිය නෑ. ඒ කියන්නෙ භෞමික අඛණ්ඩතාවයේ ප්‍රශ්නයක්.

පුස්තකාලෙ පාඩම් කොරාපු නඩේ උන්න පිරිමි පාර්ශවය බොහොම සමගි සම්පන්නව සිටි පිරිසක් නිසාම ඉතිරි වෙලා තියෙන මාසය ඇතුලෙ කොහොම හරි නගා කොල්ලව පෙම්වතෙක් කරන්න සියල්ලෝම ඒකමතිකව තීරණය කොලා. ඒ සදහා විවිධ දහංගැට ගැහුවා.

උදෑසනම පුස්තකාලෙට වාර්තා කරන නගා...චූටි නංගි දිහා බලලා හීනියට ඇහැක් එහෙම වහලා ඉගි බිගි පෑවා. ඒ දැරිවිත් නගාට සිනහවකින් ප්‍රති උත්තර දුන්නා. වැඩේ නැගලම යනවා....නමුත් දවසින් දවස ගත උනත් නගා ඇගෙන් ඒ ගැන විමසන්න භයයි.

ඔය අතරෙදි තමයි නගා එව්ව විදියට මිනිහට හොරෙන් විවිධ දේ ලියපු කඩදාසි කෑලි අපි චූටි නංගිට අතින් අත යැව්වෙ.

ඔයා ගැනමයි දැන් හිතෙන්නෙ...පාඩමට කෝ එකලාසයක්...

ඔය දිග කොණ්ඩෙ එල්ලිලා මට ඔන්චිලි පදින්න තියෙනවා නම්...

මේ වගේ විවිධ විකාර මගේ අත්අකුරින් සැරසිලා චුටි නංගි සොයා ගියා. ඇය ඇගේ යෙහෙලියො එක්ක එකතු වෙලා මේවා කියවලා නගා දිහා බලාගෙන හිනා උනාට නගා මේ මොකුත් දැන උන්නෙ නෑ.

නගෝ...තවත් බල බල ඉන්න එපා ගොනෝ...විභාගෙට තව සති දෙකයි. ඕක ඉක්මනට අහලා ඉවරයක් කරපංකො.

අනේ බෑ බං....මොනවා කියයිද කවුද දන්නෙ. උගෙ සුපුරුදු බැරි බැරියාව යලිත් ඉස්මතු උනා.

මොනවා කියන්නද බොල...එක්කො හා...එක්කො බෑ...මෙහෙ වර අපි හරි අහන්න...

ඔය විදියට වදෙන් පොරෙන් එක් සන්ධ්‍යාවක චූටි නංගිගෙන් මේ ගැන අහන්න නගාව කැමති කරගන්න අපිට හැකි උනා.

ගම්පහ පුස්තකාලෙ උඩුමහලෙදි පාඩම් වැඩ අහවර කොරලා අපි ඒ කාලෙ බිමට බැස්සෙ හැන්දෑවෙ 6 කණිසමට. අවසන් මොහොත දක්වාම චූටි නංගිත් ඇගේ යෙහෙලියො සමග අධ්‍යයන කටයුතු වල නිරත වීම නගාගෙ ලව් අමාරුව හොද කරන්න පහසුවක්.

දැරිවියකගෙන් කැමැත්ත විමසන මෙවැනි සුන්දර දවසක් ආවම පුස්තකාලෙ පිරිමි පරාණ හරිම එකමුතුයි. ඒ වෙද්දිත් පෙම්වතුන් වෙලා හිටිය ඇත්තො දෙපාර්ශවයටම සහයෝගය දෙනවා. චූටි නංගිගෙ ආගමනය අපේක්ෂාවෙන් අපේ සැට් එක ප්‍රධාන මාර්ගය අද්දර දැන් බලාන ඉන්නවා.

තනි කරලට ගොතපු දිග කොණ්ඩය දෙපසට වනමින් චූටි බෝනික්කෙක් වගේ චූටි නංගි අපේ ඉදිරියෙන් සිනහවක් නගාගෙන ගෙදර යන්න පිටත් උනා.

නගෝ...තෝ ගල් ගිල්ලා වගේ ඉන්නෙ අහපිය යකෝ....නඩේ ගුරා බීඩියා මොර දෙනවා. ඒ වෙද්දිත් පුස්තකාලෙ උන්න රූමත් ලඳක් සමග පෙම් සබදතාවක් පටන් අරගෙන තිබුන නිසාම බීඩියා ලව් ඔස්තාද් කෙනෙකුගේ මට්ටමට උසස් වීමක් ලබා තිබුනා. කොල්ලො අතර පිළිගැනීමක් තිබුනා.

බීඩියගෙ හිත අරන් තිබුනෙ රතු ටයි පටියක්. ඉතාම පැහැපත් දැරිවියක්. යගුලිය වගේම කවපෙත්ත විසිකරපු ක්‍රීඩිකාවක්. ඇගේ වාසගම යාපා බණ්ඩාර උනාට, කොල්ලෙක් තඹේට මායිම් නොකොට ඇය සිටි විලාශය නිසාම කොල්ලො ඇයට කිව්වෙ යකා බණ්ඩාර කියලයි. උදේට ඇගේ පියා මෝටර් රථයෙන් පුස්තකාලය අසලට ඇයව ගෙනත් දානකොට බීඩියා නියපොතු කමින් ඒ ආසන්නයේ තිබුන සුදු අරලිය ගහ යට හිටපු විදිය මට තවමත් හොදට මතකයි. ඒකා මේ දැරිවියට ආදර දැළ එළමින් උන්නු කාලෙ...

බලහංකො බං කකුල...පිස්සු බම්ප් වෙනවා නේද බං...බොහෝ වෙලාවට ඇය ඉතාමත් කෙටි ඇදුම් ඇන්දෙ...එවැනි විටෙක ඇගේ නිරාවරණය වූ දෙකකුල් වල සුන්දරත්වය බීඩියා අපි සමග විදගත්තෙ එහෙමයි.

බීඩියා කියන්නෙ සිරා තරම්වත් උස නැති එකෙක්. තමන්ගෙ සිත් ගත් දැරිවි තමන්ට වඩා උස නැති බව සැක හැර දැනගත්තට පස්සෙ තමයි ඔහු ඉදිරි පියවරක් හැමදාම තැබුවෙ. ඔහු ඇය අසලින් යන වෙලාවට ඇගේ උස සහ උගේ උස හිතින් ගලපා  ගන්නවා. කෙල්ල ටිකක් විතර උසයි වගේ නම් ඇය පැළද සිටින සෙරෙප්පුවේ අඩියේ උස හිතින් අත් ඇරලා බලනවා. මේ වගේ විවිධ ශිල්ප ක්‍රම බීඩියා සතුව එකල තිබුනා.

අවසානයේ කාලයේ ඇවෑමෙන් ඇගේ පෙම්වතා වෙන්නට බීඩියාට හැකි උනාට පස්සෙ...ඔහු ඇයට දිගට අදින්නට නියම කලා. තමාට වඩා උස වැඩිවෙයි කියලා අඩිය උස නැති සෙරෙප්පු පළදින්න යෝජනා කලා. දැන් ඉතින් ඇගේ දෙපාවල දිස්නය අනෙක් උන්ට දකින්න හැකියාවක් නෑ.

නෙදකින් මූසලයා....පුස්තකාලෙ තිබුන ලස්සනම කකුල් දෙක කෑවා...අනිත් උන් බීඩියගෙ මූණටම එහෙම කිව්වා විහිළුවට වගේ.

තොපිලා බලාගෙන ඉන්න නිසාම තමයි මම එහෙම අදින්න කිව්වෙ. බීඩියා පිළිතුරු විදියට කිව්වා.

යකා බණ්ඩාර අත ඇරලා අපි ආයෙත් නගා පැත්තට හැරෙමු. බීඩියා ඇතුළු නගාගෙ පරිවාර ජනතාව නගාව මරාගෙන කන්න හදනවා දැන් ...

ඔහෙ ගියදෙං බං...හෙට බැරියැ අහන්න...

උගේ මේ කැදනැති පිළිතුරෙන් නප්පියට නැග්ග අපේ හිතවතුන් නගාට එල්ලකරපු පරුෂ වදන්වල බලයෙන් නගාට ක්ෂණිකව ධෛර්යය පහළ උනා.

අපට ඉදිරියෙන් ගමන් කරනා චූටි නංගි හඹායන්න තරමේ ධෛර්යවන්ත කමක් නගාට පහල වෙලා. නගාගෙ පිටිපස්සෙන් එ්කාගෙ පිරිවර හඹාගියා. අන්තිමේදි ගම්පහ දුම්රිය නැවතුම අසළ බස් නැවතුමේදි කපොල් එක සම්මුඛ උනා.

නගා තවමත් මුනිවත බිදින්නෙ නෑ. චූටි නංගි පොත් මිටිය ළැමට තුරුලු කරගෙන වටපිට බලනවා සිදුවෙන්න යන දේ නොදන්නවා වගේ.

මිත්තරයො මැද උනත් අද දවසෙ තමන්ගෙ අදහස කියා ගන්න බැරි උනොත් වස ලැජ්ජාවක් වෙන්නෙ කියලා නගා තේරුම් ගත්ත හින්දමද කොහෙද ඒකා දැරිවියට ලං වෙලා ඇසෙන නෑසෙන ගානට තමන්ගෙ සිතැගි සැල කොලා.

මට කෙනෙක් ඉන්නවා....... චූටි නංගි ලේන්සු අග්ගිස්ස දකුණු අතින් පොඩි කරන ගමන් තවමත් හිනා වෙනවා.

තමාගෙ ආදරය දිනාගත්ත යුවතියක් ලබා දෙන මෙවැනි පිළිතුරකින් පස්සෙ වෙනත් ප්‍රේමවන්තයෙක් සැලී සැලී ගියාට අපේ නගා එහෙම නෑ. ඒකා එතැන ඉදන් විභාගය ගැන කථා කරනවා.

චූටි නංගි ජීවත් වෙච්ච ඉසව්වට යන්න ගම්පහ නගරයේ ඉදන් ග්‍රාමීය බස් සේවයක් එකල තිබුනා. කහපාට ලංගම බස් කොටේකට ඇය මිතුරියන් සමග ගොඩවෙද්දි බීඩියා නගාට යෝජනා කලා ඔහුත් එහි යා යුතු බව.

වෙනදාට රුපියලක් උනත් දෙවරක් කල්පනා කරලා වියදම් කරන පෙරේතයෙක් වෙච්ච අපේ නගා එදා නම් ලව් අමාරුවට බෙහෙත් ගන්න යන නිසාම රුපියල් 100 නෝට්ටුවක් දීලා කොල්ලො රංචුවටම ප්‍රවේශ පත්‍ර අරගෙන දුන්නා.

දැන් අපි බස් රථයෙන් බිමට බැහැලා. මේ අවස්ථාවේ කථා කල යුතු දේවල් මොනවද කියලා ඒ වෙද්දිත් බීඩියා බස් ගමන අතරතුර නගාව දැනුවත් කරලා.

ඉතිං ගේ කොයි හරියෙද තියෙන්නෙ ?

ඇයි ගෙදර එන්නද ? චූටි නංගි උත්තර දුන්නා.

නෑ නිකං දැනගන්න ඇහුවෙ.

ඉතිං කවදද උත්තරයක් දෙන්නෙ.

මම ඉතින් උත්තරයක් දුන්නනෙ...මට කෙනෙක් ඉන්නවා.

අනේ යන්න බොරු නොකියා....කෙල්ලො කවදද ඇත්ත කිව්වෙ...නගා කලින් පුහුණු වෙච්ච දෙබස් බොහොම තාත්විකව කියනවා.

බොරු නෙමෙයි අනේ...මේ බලන්න....ඇය තමන්ගෙ මුදල් පසුම්බියෙ තිබුන තමන්ගෙ පෙම්වතාගෙ ඡායාරූපයක් නගාට පෙන්නුවා. බලාගෙන ඉද්දි අදුරු වෙන නගාගෙ මුහුණ අපේ හදවත් වලට හීන් දුකක් කාන්දු කලා.



මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

මේ සත්‍ය කථාවෙ අවසානය ඉදිරියේදී ඔබට මුණගස්වමි.

84 comments:

  1. ඉතින් ඊට පස්සේ ..............................................................................

    ReplyDelete
    Replies
    1. සපයිඩර් මෑනුයි සුපර් මෑනුයි හොරි ටික අල්ල ගත්තා. :D

      Delete
    2. // හොරි ටික අල්ල ගත්තා//

      කසන්නද?

      Delete
    3. කැලුම් දෙදුනු සතුටින් ඡිවත් වුනා

      Delete
    4. ඊට පස්සෙ වෙච්ච ඒවා ඉදිිරියට කියවගෙන යමු...බොලා කාලෙකට පස්සෙ....

      Delete
  2. චැඃ.................ඔන්න ඔය වෙලාවට තමයි අප්පා පොලොව පලාගෙන නෙවෙයි අඟහරු ලෝකේ වුනත් පලාගෙන යන්න හිතෙන්නේ.

    හැබැයි සිරෝ එක බස් එකයැ පාරෙ දුවන්නේ කියලා හිතන එවුන්ට තමයි හරියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඊලගට පලවෙන කොටස් වල මොකදෑ වුනේ කියලා බලමු විචාරක තුමා....

      Delete
  3. ඩුඩ්ට කියලා චිත්‍රෙකුත් ඇඳගන්න තිවුනේ... චූටි නංගි මුදල් පසුම්බිය පෙන්නනවා... සිරායි, නගායි බීඩියයි එකත්පස්ව ඒක දිහා බලාගෙන ඉන්නවා... :)

    ReplyDelete
    Replies
    1. හොද රූපරාමුවක්....සිනමා පටයක එහෙම නම්...හෙන්රි අයියට කියලා කාමරේට චිත්‍රයක් අන්දගත්තෙත් සෑහෙන අමාරුවෙන්...අධික බිසි.....

      Delete
  4. අනේ පව්.... නගා කොල්ලට පොළොව පලාගෙන යන්න හිතෙන්න ඇති!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ...ඌ ධෛර්යවන්තයා...ඒ වගේම ඉවසිලිවන්තයා..බලමුකො ඉදිරියට....

      Delete
  5. අයියගෙ පින්තුරෙද දන්නෙ නෑ පෙන්නුවෙ..

    ReplyDelete
    Replies
    1. පික්සුද බොල....අපි එකට ඉන්න යාලුවන්ට එහෙම ජඩ වැඩ කරනවද ?

      Delete
  6. යකෝ..මේවා ලියන්න එපා... අපේ ඉස්කෝලේ කාලේ මතක් වෙලා තනියම හිනා වෙනකොට මගේ කෙල්ලෝ අහනවා
    මෙනවද සර් තනියම බල බල හිනා වෙන්නේ...අපිටත් පෙන්නන්කෝ..

    ReplyDelete
    Replies
    1. ඉතිං කෙන්ජියා ලිව්ව සුද්ද සිංහල පෝස්ට් එකක් පෙන්නපන්.

      Delete
    2. පරිස්සමින් පු‍තෝ.. ඔක්කෝටම එක සැලකිල්ල. එකෙකුටවත් විශේෂ උන දාට කාලා හමාරයි..

      Delete
    3. අන්න මෙන්ඩිය කරනවනම් හැලපයිය කියපුඑක කොරහන්

      Delete
    4. @හැලපයියේ.
      දවසක් සිංදු වගයක් දාලා දෙන්න කියලා ළමයෙක් පෙන් එකක් ගෙනත් දුන්නා..හුටා.මට ලැඡ්ඡා හිතුනා අපි මෙනවද බලන්නේ කියලා.
      @සරත් අයියන්ඩි
      නැහැ..මගේ රස්සාවෙදි මම බය නැතුව මගේ කෙල්ලොන්ගෙන් අහනනේ මම කවදාවත් උඔලාට අයුතු යෝඡනාවක් කරලා තියනවද? තැන් තැන් වල හම්බවෙන්න කියලා තියනවද කියලා?
      @දමිත්
      මගේ කෙල්ලෝ උන්ගේ අති පෞද්ගලික දේවල් පවා සමහර වෙලාවට මාත් එක්ක කථා කරනවා ඒත් මම ඒවා කවදාවත් වැරැදි විදිහට යොදා ගන්නේ නෑ. ඒ නිසා තමයි උන් මට අවුරැද්දට දෙපාරක් දන ගහලා වදින්නේ.
      මගේ කෙල්ලෙන්ගේ අම්මාලා පවා මට කතා කරනවා.
      මගේ කෙල්ලෝ=මගේ දරැවෝ

      Delete
    5. මෙන්ඩො අප්පේ කීයකගෙ කියල ඔලුව අත ගාන්ඩද?

      Delete
    6. ඒවුනාට ඒ දවස බෝහොම සෙදුරැ හෝරා කිහිපයක්.. ආඩම්බරෙන් හිත පිරෙනවා.

      Delete
    7. ඉතිං නංගිලා රොත්තට තමන්ගෙ හපං කං පුරාසාරම් කියන ගමන් බැලුවා නම් අහවරනෙ...පරණ ලව් ස්ටෝරි වල හිටපු කෙල්ලන්ගෙ මූණු මොනිටරෙන් පේන්න ගන්නවද ?

      Delete
  7. රතු ටයි පටි, කොල ටයි පටි, නිල් ටයි පටි. හෙක්..හෙක් සිරා මලය එක ටයි පටියක්වත් බෙල්ලෙ බැදගත්තෙ නෑනෙ.
    අපි පාඩම් කලේ කිරිදිවැල බස් එකේ ඒ බස් එකට කිවුවෙ මල් ගුඩිය. රතු ටයි පටිය සිවිල් දවස දෙකේම බස් එකේ අපේම නොවුනු අපේම සීට් එකක් තිබුන.
    එහෙම නැත්තම් ඉන්ටර් සිටියෙ නුවර ගියා, කෝච්චිය බස් එක තමයි පාඩම් කරන්න සුපිරිම තැන්.

    ReplyDelete
    Replies
    1. නුවර ගියේ පාඩම් කරන්නද?

      Delete
    2. පාඩම් කරන්න තමයි බං, මම යාලුවොත් එක්ක පිස්සු කෙලින හින්ද ඈතට අරන් යන්නෙ. උන්දැ දැන් දොස්තර නෝනෙක්, ඉතින් පාඩම් නොකල කියන්න බෑනෙ. මාව මේ තත්වෙට ගේන්න මහන්සි උන කෙනා තමයි ඒ උන්දැ

      Delete
    3. මමත් ටයි පටියක් දෙකක් බෙල්ලෙ බැද ගන්න උත්සාහ කලා...මම ට්‍රයි එක දුන්නු කෙල්ලො මට කැමති උනේ නෑ....ඒ අතර එක කෙල්ලෙක් මට ට්‍රයි කලා....ඒකිට මම කැමති උනේ නෑ.....අනිච්චේ දුක්ඛේ....

      දොස්තර නෝනා මිසින් උනේ කෝච්චි පෙට්ටියෙ බෑග් එක නැති උනාට පස්සෙද ?

      Delete
  8. අහෝ සංසාරෙ කිවුවලු! :D

    නගාට පොළව පලාගෙන යන්න හිතෙන්න ඇති. පව් වැඩේ.

    ඒත් මට හිතෙනවා චූටි නංගිව නගාට සෙට් වෙන්න ඇති කියලා!!

    ReplyDelete
    Replies
    1. උඹට අන්තිමට හිතිලා තියෙන දේ කාටවත්ම හිතිලා නෑනෙ ප්‍රියෝ...බලමු ඉස්සරහ කොටස් වලදි මිනිහට චූටි නංගිව සැට් උනාද කියලා...

      Delete
  9. nedakin tho... chuun wegena enakotama kathawa ahawara korala... kotiyama kaapiya... :@

    ReplyDelete
    Replies
    1. තරහා අවසර රත්තරනේ...ඉදිරි කොටස් වලින් නැවත චූන් එක ගොඩනගාගන්න බලන්න.

      Delete
  10. ඔබේ ප්‍රේම නගරේ.......

    ඔබේ ප්‍රේම නගරේ තැනූ ප්‍රේම මැදුරේ
    නවාතැන් සොයා පැමිණි මා..
    ගියේ ඇයි ද හැරදා දමා..

    අමා ගීතයක් වී ඔබේ ගී පොතේ
    පෙරා මිහිර පිර වූ හදේ මී විතේ..
    ඔබෙන් හමු නොවේ දැන්... එසේ වුව ඔබෙයි මම්...
    එදා මෙන් සදා මිහිරියේ....

    සඳේ සීත කැළ්මයි ඉරේ රස්නයයි
    සමානයි ද නැහැ නේද රසවන්තියේ
    සිතා කල්පනාවෙන් සිනාවෙන් දයාවෙන්
    රැඳේවා මගේ හදවතේ.....

    පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය: මොහොමඩ් සාලි
    ගායනය: මිල්ටන් පෙරේරා

    ReplyDelete
    Replies
    1. සිංදු ඇනෝ, මේ ලගකදි සිංදුවක් ඇහුන දෙන්නෙක්, තුන්දෙනෙක් කියන සිංදුවක් වගේ ඇහුනෙ, කුමාරියක් නැති රජ කුමරෙක් ගැන. පරණ එකක් නෙමේ වගේ. මතකෙට එනවනම් දාපන්කො.

      Delete
    2. කම්මලේ බලමු.මට මීටර් නැ ...
      මේකත් බලපන් ...

      සිංදු ලියලා තනුව දැම්ම පෙම්වතා මමයි
      චිත්‍රේ ඇඳල පාට කරපු පෙම්වතිය මමයි
      පිස්සු හැඳිලා කවිය ලියූ පෙම්වතා මමයි
      මාව දැනිලා ආදරේට වෛරකරපු
      පෙම්වතිය මමයි

      සරත්චන්ද්‍රගෙන් භරතමුණිට
      භරතමුණිගෙන් ඇරිස්ටෝටල්ට
      සරත්චන්ද්‍රගෙන් භරතමුණිට
      භරතමුණිගෙන් ඇරිස්ටෝටල්ට
      ඇරිස්ටෝටල්ගෙන් කිසලොව්ස්කිට
      ඇරිස්ටෝටල්ගෙන් කිසලොව්ස්කිට
      මාරු උනා
      මාරු උනා
      මාරු උනා මං

      අම්මේ මට කියන්න
      මං කවුරු වගේ වෙයිද

      රෝස මලෙන් ලිලී මලට මාරු උනා මං
      ලිලී මලෙන් පිච්ච මලට මාරු උනා මං
      පිච්ච මලෙන් ගංජා මලට
      මාරු උනා
      මාරු උනා
      මාරු උනා මං

      රෝස මලෙන් ලිලී මලට මාරු උනා මං
      ලිලී මලෙන් පිච්ච මලට මාරු උනා මං
      පිච්ච මලෙන් ගංජා මලට
      මාරු උනා
      මාරු උනා
      මාරු උනා මං

      තාත්තේ මට කියන්න
      මං කවුරු වගේ වෙයිද

      ගායනය - අමිල සඳරුවන්, ලසඳුනි ජයවර්ධන
      https://www.youtube.com/watch?v=spSv5B0w-UA#t=80

      Delete
    3. මේකත් මරුනෙ, මට සිංදුව මතක තියාගෙන ආවත්, අර වෙල්ලවැහුං කේස් එක උනේ.

      Delete
    4. කම්මලේ මටත් දැන් ඒක අහන්නමයි ඕන මචෝ .මුල් පේලිය හරි දීපන්

      Delete
    5. මතකෙට එන්නෙම නෑ බං, හිටහන්කො දෙකක් දාගත්ත වෙලාවටවත් මතක් වෙයිද බලන්න.

      Delete
    6. එලද බ්‍රා ...

      බ්‍රෑන්ඩ් එක නම් ...
      ගල් ..

      Delete
    7. තැන්කූ, ආදරය සමග හැලිබොරේන්ජ්. -ස්තූතියි-

      Delete
    8. මදි පාඩුවට ගොලීප් එකක්
      -ස්තුතියි-

      Delete
    9. ඇත්තමයි සින්දු ඇනෝ....මෙච්චර සින්දු අහන මම කවදාවත් අහලා නැති සින්දුනෙ බං උඹ මේ ලියලා තියෙන්නෙ...උඹ නම් එහෙං පිටින්ම රැකෝඩ් බාර් එකක්....ස්තූතියි බොලං...

      Delete
  11. සිරා රිදෙන තැන් මතක් කරනවානෙ.. අපි කාටත් ඔහොම කතාවක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇගේ නමට හිමිකම් පවරා දුන්...
      ඇගේ නමට හිමිකම් පවරා දුන්
      මගේ ජීවිතය නම් දිනපොත ගෙන
      පෙරලා බැලුවෙමි එහි පිය සටහන්
      යුග ගණනක් දුර මතකය විහිදා....

      නිකිණි මහේ තිස් එක් වැනි රිවි දින
      ඇය හමු වූ බව මම ම ලියා ඇත
      රෝස මලක් ගුරු පාරේ දුටුවෙමි
      නෙළා ගන්න එය දවසක රිසිවෙමි....

      ඉල් මාසේ තිස් එක් වැනි සඳු දින
      මිහිරි සොඳුරුබර සැඳෑ වෙලාවක
      මා හා එන බව ඇගෙ අත් අකුරින්
      පිටක් පිරෙන්නට ලියා තබා ඇත....

      උඳුවප් මාසේ කිසියම් දවසක
      බොඳ වූ පොඩි වූ පිටුවක් හමුවෙයි
      ඇය දීගෙක ගිය වග මා අතහැර
      කවුරු නමුත් ලියලා ඇත ලොකුවට

      ඉන්පසු පසු පෙරළෙන හිස් පිටු ගණනකි
      තවමත් එහි මම කිසිවක් නොලියමි...
      තවමත් එහි මම කිසිවක් නොලියමි...
      තවමත් එහි මම කිසිවක් නොලියමි...
      තවමත් එහි මම.....

      පද : ප්‍රේමකීර්ති ද අල්විස්.
      සංගීතය : වික්ටර් රත්නායක
      ගායනය : වික්ටර් රත්නායක

      Delete
    2. යකෝ උඔගේ පෙකනිවැල කැපුවේ රෝඩියෝ එකක් උඩ තියලා සිඩි එකකින්ද?
      එල ද බ්‍රා

      Delete
    3. අහපු ගමන් කෙල්ල හා කියලා ලව් කරලා කසාද බැද ගත්තාම පස්සෙ කාලෙක කිසිම ගතියක් නෑ නේද...ඒ හින්දම වෙන්න ඕනෙ ගෑල්ලමයි කට්ට කන්න දීලා පොඩි බුරුලක් දීලා පස්සෙ බූට් එක තියන්නෙ.

      Delete
  12. හයියෝ අද කතාවනම් පට්ටයි. ඡේදෙන් ඡේදෙට හිනා යනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බස්සි...හිනා වී තර වෙන්න එහෙනම්...

      Delete
  13. //ඔහු ඇය අසලින් යන වෙලාවට ඇගේ උස සහ උගේ උස හිතින් ගලපා ගන්නවා. කෙල්ල ටිකක් විතර උසයි වගේ නම් ඇය පැළද සිටින සෙරෙප්පුවේ අඩියේ උස හිතින් අත් ඇරලා බලනවා.//

    පට්ට අපේ එකෙඋත් හිටියා මෙහෙම, අපි උට දැම්ම වර්ණපාල තියරියේ අනිත් එක, ඒ කියන්නේ කෙල්ල ළඟ ඉන්න කොට කොල්ලට කෙල්ලගේ නම කියලා විහුලු කරනවා, අරුටත් එතකොටම ක්ෂණිකව ධෛර්යය පහළ වෙලා ඇහුවා, අනේ අපරාදේ කියන්න බෑ කෙල්ල පස්සේ කියන්නම් කිව්වා, මගේ හිතේ එකී තාමත් පස්සේ කියනවා. :D

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බීඩියා කියන්නෙ හොද මීටරයක්....මිනිහා පස්සෙ කාලෙක කොළඹ සරසවියෙන් කළමනාකරණ උපාධිය අරගෙන...දැන් ලංකාවෙ ප්‍රමුඛතම සුපිරි වෙළදසැල් ජාලයක ශාඛා කළමණාකරුවෙකු විදියට වැඩ....

      Delete
  14. සැක් නගටත් එහෙමද වුනේ.මටත් වුනා නේ කිප සැරයක්ම

    ReplyDelete
    Replies
    1. ඉතින් ලියමුකෝ එහම කතාවක්.

      Delete
    2. බස් එකේ දැක්කේ - මා හා සිනා පෑවේ..
      පුසුඹේ බැරුවා - මා ලඟින් වාඩිවුන්නේ..
      ජනේලයෙන් අහක බැලුවේ..
      මා දෙස හොරෙන් බැලුවේ..
      කොටුවට ටිකට් ගත්තේ - ඒ ලඟම හදත් ගත්තේ..

      වංගු ලාල ලාල ලාල ලා...
      වංගු ලාල ලාල ලාල ලා...//

      හෝන් සද්දේ ඇසේ සංගීතයක් සේ..
      ට්‍රැෆික් එකේ වෙනස් වේ..
      දැනේවී පෙම් සිසිලේ..
      ඈ ළඟ සිටින වේලේ..
      හෘදේ සාදයක් සේ..
      මං ලෝකේ පාරාදීසේ..
      මැවේවි හයිලෙවල් පාරේ..

      ළඟින් මෙසේ මෙ බස් එකේ මේ
      රූට් එකේ මුණ ගැසෙයි
      කියා සිතා හිතා මතා
      ඇහෙන වෙලාවටම එන්නේ..
      හිටන් යන්නෙ - ඉදන් යන්නෙ
      දුරින් ඉන්නෙ - ලඟින් ඉන්නෙ
      සාරි අදින - ස්කර්ට්ස් අදින
      සුරගනක්ද ඔෆිස් යන්නෙ...

      වංගු ලාල ලාල ලාල ලා...
      වංගු ලාල ලාල ලාල ලා...//

      කලින්ම පැනල වෙනද ගෙදර යන්නෙ මං
      ඈ හින්දා කට්ට කාලා ඉන්නෙ මඟ බලන්
      බස් එකේ සුන්දරියේ සඳ වතියේ
      මගෙ හෝල්ට් එකට පෑයුවේ...

      බස් එකේ දැක්කේ...//

      ගායනය : Funky Dirt
      පද රචනය : මුර්ෂාඩ් හුවයිස්
      සංගීතය : ශෙනාල් මද්දුමගේ

      Delete
    3. මචං.. හිස් අහසේ සදරෑට පස්සේ මම දැක්ක තවත් වැඩ්ඩෙක් උඔ සින්දු ඇනෝ.
      බ්‍රැන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    4. මෙන්ඩා මචෝ මට නිකම් පිස්සුවගේ බන් .... "හිස් අහසේ සදරෑ" තමයි මචං මාව බ්ලොග් කියවන්න පෙළඹුවේ .ඌ ගැන හිතනකොට මම කිකම්ම නිකන් සක්කයක් බන් ........
      සින්දුවක් මතක් කරලා මෙහෙම දැම්මට වැඩ්ඩෙක් නම් නෙවෙයි ..........

      ස්තුතියි
      -බ්‍රැන්ඩ් එක ගල්-

      Delete
    5. හැබෑට.....බොලාගෙ බිරිදද එතකොට ඒ දුක් ගිණි නිවලා කොල්ලට සමන් මලෙන් පවන් සැලුවෙ....

      සදරුවා කියන්නෙ මට බොගක් ලියන්නම කියලා දොලදුක ඇති කරපු චරිතය....ඒක උගෙ මූණටමත් මම කියලා තියෙනවා.

      Delete
  15. නගා ගැන කතා නම් මරු.

    ReplyDelete
    Replies
    1. නගා ගැන තව කථා කීපයක්ම ලියන්නයි මගේ අදහස...

      Delete
  16. අනේ අපොයි.ඔය කාලෙට කන කටු ගැන නම් කියල වැඩක් නෑ. මටත් ඔය සන්තෑසියම වෙලා තියෙනවා. ඒත් ඉවසීමෙන් සැනසීම ලැබේ වගේ කියනවනේ...අවරුදු තුනක් ඉවසගෙන ඉඳල වැඩේ ගොඩ දැම්ම.( මම කිව්වේ මේ වලට වැටුන... :D )

    ReplyDelete
    Replies
    1. ඉවසීමෙන් සැනසීම ලැබේ වගේම කොච්චර කට්ට කෑවත් සැලෙන්න නරකයි...මේ කරුණු දෙකටම දක්ෂ එකා ආදරයෙන් ජය ගන්නවා....අවංකව කියනවා නම් මට කට්ට කන එක වැඩි දවසක් කරන්න බෑ...අත ඇරලා දානවා මේ මොන මගුලක්ද කියලා....

      Delete
  17. පව් නගා... සමහර විට ඒ ෆොටෝ එකේ හිටියේ අයියා වෙන්න බැරිද ?

    ReplyDelete
    Replies
    1. පික්සු කථා කරන්න එපා....එකට ඉන්න හොදම යාලුවෙක්ට එහෙම වැඩ කරනවද....අපි ඒ කාලෙ බෝ පැල වගේ උන්...

      Delete
  18. හෙක්..ඔය කාලෙට උදවු නොකරන කොල්ලෙක් හරි අමාරුයි හොයා ගන්න,,....අනේ මාත් සෑහෙන්න හොයල එක්කෙනෙකුට සැට් උනා කියමුකො....මෙන්න ආර්ට් ක්ලාස් එකේ එකෙක් නහයෙන් අඩනව..අඩේ මොනවද බන් බලු වැඩ කරන්නෙ මම ගමේ ඉස්කෝලෙට යන කාලේ ඉදන් ට්‍රයි කොලේ කියා කියා....අන්තිමට ඌට සලකන්න ගිහින් ඌටත් නෑ මටත් නෑ..හම්මේ,,,උන්දැගේ යාලුවන්ගෙන් මම බැනුම් අහපු තරමක්...දෙවෙනි කොටසත් දාහන් මලේ ඉක්මනටම...වෙනද වගේම සුපිරියි..

    ReplyDelete
    Replies
    1. සා/පෙ ලියපු කාලෙ මගේ ගැන ගම්පහ රේල් පාරට කිට්ටුව නිල් ඉරි පාසලේ දැරිවියක් උනන්දුවෙන් උන්නා. අතිරේක ඉංග්‍රීසි පන්තියෙදි මා එක්ක කථා බහට එහෙම නිතරම ආවා. තවත් ටික දවසක් යද්දි එයාගෙ යාලුවත් එක්ක මගේ පස්සෙන්ම එන්න ගත්තා....මේ මොන මගුලක්ද කියලා දවසක් මම මගේ යාලුවෙක්ට කිව්වා මෙන්න මේකිව මොනවා හරි කියලා යවපං කියලා...මේකා අමු කුණුහරුප දෙක තුනක් අත ඇරියෙ නැතෑ...එදායින් පස්සෙ ඒ කෙල්ල මූණවත් බලන්නෙ නැතුව අත ඇරියා...අයියෝ සල්ලි...ලස්සන කෙල්ල....ඒ කාලෙ මගේ භෞමික අඛණ්ඩතාව මොටවෙලා තිබීම තමයි මගේ කරුමෙ...

      Delete
  19. //ඔය දිග කොණ්ඩෙ එල්ලිලා මට ඔන්චිලි පදින්න තියෙනවා නම්...//

    හී හී ...කොල්ලෝ හිතන හැටි නේ?

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩිටත් දිග කොණ්ඩයක් තියෙනවා නම් ප්‍රවේශමෙන්...අරයා හදිසියට රෙදි වැලක් උනත් බදින්න පුලුවන්...

      Delete
  20. ඔය දිග කොණ්ඩා වලට නම් මත් මනාපයි නොවැ...
    එක පාරින් පරජේ බාරගන්න නරකයි අප්පා..කෙල්ලෙක්ට කොල්ලෙක් ඉන්නවා නම් එක කොල්ලන්ට නොට් නොවී තියෙන්නේ නෑ..අනිවා එනවාමයි ඉදල හිටලවත් හම්බ වෙන්න..එහෙම එන්නේ නෑ කියන්නේ එක එච්චර ප්‍රබල සම්බන්දයක් නෙමෙයි..අපේ සහෝදර කාලයා ඒවාට දෙනවා නියම විසදුම්...හිතට ගත්ත දේ අතට අරන් බලන් ඉන්න තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. දිග කොණ්ඩයක් තියෙද්දි දැරිවියකට අමුතුම සුන්දරත්වයක් එනවා...ඕක දෙපැත්තට වන වනා ඇවිදිනකොට අලංකාරෙ කියලා නිමක් නෑ.....අපි ඉතිං ඒ කාලෙ ඔය සුන්දරත්වය චූටි නංගිගෙන් ඇති පදම් වින්දා....හරිම දිගයි ඒ කෙල්ලගෙ කොණ්ඩෙ...

      Delete
  21. හය්යෝ සැලරි.... හැම කොල්ලටම තියෙන අත්දැකීමක් නෙව... සමහර මතක සුන්දරයි සමහර මතක මතක් වෙද්දිත් දුවන්න හිතනව... නිකං නෙවී ගස් පෙරළගන.. ඒ තරං... ඩේන්ජර්
    හිහික්

    ReplyDelete
    Replies
    1. මේ වගේ අත්දැකීමක් දෙකක් මේ කියන වයසෙදි තිබුනෙ නැත්තං පස්සෙ කාලෙක දුවන රේස් එක අතරමැද නැවතිලා බැලුවාම හිතට ප්‍රීතියක් දැනෙන්න දෙයක් නැතුව යනවා...

      Delete
  22. අනිච්චේ දුක්කේ සංසාරේ... :(

    ReplyDelete
    Replies
    1. සංසාරේ භවේ දුකා...සම්බෝලයි බතුයි කකා...සින්දුව මතක් වෙන්නෙ බොලං...

      Delete
  23. නගා කිව්වම මට මතක් වෙන්නෙම අපේ බ්ලොග් සීන් එකේ ඉන්න නගාව.

    ReplyDelete
    Replies
    1. ඔයා ඔය චරිතය ගැන දවසකුත් මතක් කලා.....ගම්පහ ගෙට්ටුව වෙලේ මල්වත්ත පෙන්වන්න කෙනෙක් සෙට් කරන්නං කියලා මාව රැවැට්ටුවෙ ඔය කියන නංගි තමයි...

      Delete
  24. Maru....

    Ithin eththatama eyata kollek hitiyada?:(

    ReplyDelete
    Replies
    1. හිටියා නේන්නං....මල් වගේ කෙල්ලො හැම වෙලේම බොරු කියනවයැ.....ඉදලා හිටලා බොරුවක් කිව්වට...

      Delete
  25. මේවගේ කතා අහනකොට දුකේ බැරුවා. බැලුවාම අපේ මාමා දෙකක් ඇනගෙන උරෙස්සේ තියෙන පච්චේ අතගගා "ෂමාජේ අපි ඔක්කොම ෂමානයි" කියලා කිව්ව කතා ඇත්ත කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හෙන්රි අයියට මේ වගේ හිත රිදෙන...ඒ වගේම හිතට හීන් දුකක් දැනෙන අතීත ආදර අන්දර නැද්ද....නැත්තං දන්න කියන වයසෙ ඉදන්ම ට්‍රයි එක දුන්නෙ එක්කෙනෙක්ටද...

      Delete
    2. උඹ මගුලක් කතා කරනවා. එහෙම ඒවා හැට හුටහමාරක් තියෙනවා. ලියනවනම් ඒ කතාවලට සාධාරණයක් ඉෂ්ට වෙන්න ලස්සනට ලියන්න ඕනේ නිසා කල් දානවා. නමුත් කතා ලියන්න පුලුවන් මූඩ් එකක නෙවෙයි බං මම ඉන්නේ. වැඩ වැඩියි. හිතට නිදහසක් නෑ.

      Delete
  26. පුස්ථකාලේ ලග මම එනකන් හිටපු කොල්ලෙක් මතක් වුනා. ඔය වගේ කාතාත් නැත්තෙම නෑ

    ReplyDelete
    Replies
    1. ගම්පහ පුස්තකාලෙ ලග නෙමෙයි නේද....මම හිතන්නෙ ඒ කොල්ලා බලාගෙන ඉන්න ඇත්තෙ පොතක් අස්සට දාලා ලියුමක් දෙන්න...

      Delete
  27. /යකා බණ්ඩාර/ මේ කිට්ටුවත් ඉන්නව ඒ වගෙ දැරිවියක් :D

    සිරා, පොඩි අදහසක් දෙන්නම්. මේ විදිහෙ කතා ලියද්දි මට හිතෙනව උඹ අර කලින් ලිව්ව ටැක්සි කතාවෙ ශෛලියෙන් ලිව්ව නම් තවත් ලස්සන වෙයි කියල. හිතල බලහන් කො.

    අනෙක් කොටස කියවන්නට එමි

    ReplyDelete
    Replies
    1. බොලා මොකද මේ දවස් වල පේන්න නැත්තෙ.....ඇත්තටම ඒ විදියට කථා ලියන්න තමයි මම ගොඩාක්ම මනාප....ඒ උනාට ලැබෙන විවේකය ඉතාම අඩුයිනෙ...ඒ හින්දයි මේ විදියට කථාවක් දෙකක් ඇදබාන්නෙ...විවේකයක් ලැබුනාම තමයි එහෙම යමක් ලියන්නෙ. ස්තූතියි අදහසට...

      Delete
  28. //පස්සෙ...ඔහු ඇයට දිගට අදින්නට නියම කලා. තමාට වඩා උස වැඩිවෙයි කියලා අඩිය උස නැති සෙරෙප්පු පළදින්න යෝජනා කලා.// යකෝ සේ ටික කළා කියන්නෙ ඒ කෙල්ල බීඩියට පණ දීලනෙ ඉන්න ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම....බීඩියා කියන්නෙ දුප්පත් පවුලක හොදට ඉගෙනගත්ත කොල්ලෙක්....මිනිහා උ/පෙ වලින් හොද ප්‍රතිඵල අරගෙන සරසවි අධ්‍යාපනය ලබලා පස්සෙ කාලෙක ලංකාවෙ ප්‍රසිද්ධ සමාගමක කළමණාකරුවෙකු බවට පත් උනා....ඒකා මේ සුකුමලියට කරපු බොරුවක් අතේ පත්තු වෙලා පස්සෙ කාලෙක දෙන්නා වෙන් උනා...ඇය අද නර්ස් නෝනා කෙනෙක්...

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...