Monday, February 23, 2015

129 පවිත්‍රි

සිරාගෙ කාමරේ බූට් මාසය දැන් ඉවර වෙන්නත් ළඟයි. ආදරයේ විරහව පිළිබඳ කෙරුන කථා බහ අතරෙ ඉතාම හොද මිත්තරයො ගනනාවක් අලුතෙන් අඳුන ගන්නත් මේ කාල සමය සිරා කොලුවට ඉවහල් උනා. ආදරයේ වියෝව නිසා මේ පෙබරවාරිය ආරම්භ වෙද්දි හිතට දැනුන වේදනාව දැන් කොහෙ ගිහිල්ලද මන්දා...හිත ගොඩාක් සතුටෙන්. එකිනෙකාගෙ අත්දැකීම් මේ මාසය පුරාම අපි කියෙව්වා. ඒ ඔස්සේ සිත මෙහෙයවීමෙන් අාදරයේ විප්‍රයෝගය බොහොම සුලභ අත්දැකීමක් බව ඒත්තු ගියාම දුක අමතක කරලා හිනා වෙන්න පහසුයි. දුක දන්න මිනිහා තමයි තව කෙනෙකුගේ දුකට පිහිටවෙන්න ඉදිරියට ආවෙ. විවිධ අවස්ථා වල අපි ඒ බව දැක්කා.

ආදරය නිසා හටගන්න දුක විවිධ අයුරින් හට ගන්න පුලුවන්. සමහරු අාදර සබඳතාවක් බිඳී ගිය නිසා දුක් වෙද්දි...තවත් සමහරු සබඳතාවක් පටන් ගන්නත් කලියෙන්ම ඒක පාර්ශවීය ආදරය නිසා ‍දුක් විඳිනවා. ඒක පාර්ශවීය ආදරය සිරා කොලුවගෙත් හිත කීප වාරයක්ම රිදවලා තියෙනවා.

අද කියන්න යන මේ කථාව මට එව්වෙ බූට් ඇනෝ...මිනිහා වෙන අයට වෙච්ච සන්තෑසි කියලා තමයි මේ කථා මට හැමදාමත් එවන්නෙ. ඒත් මට වෙලාවකට හිතෙනවා වතාවකුත් මිනිහා තමන් යාලු වෙන්න උත්සාහ කරපු ගෑණු දරුවගෙ පියතුමාගෙන් ඇති වෙන්න ගුටි කාපු නිසා...අහක යන ගුටිත් මිනිහා නමටම සැට් වෙනවා ඇති කියලා. ගුටිකන නැකතක ඉපදුනාම එහෙම වෙනවා.

ඒක පාර්ශවීය ආදරයෙන් රිදුනාමත් සෑහෙන්න දරුණුයි...එවැනි දුකක් හිතේ තියාගෙන දුක්වෙන අයත් එක්ක අද කථාව බෙදා ගමු. මෙච්චර දවසක් ආදරය නිසා තැලුණු පොඩිවුන හිත් වලට ඔවදනක් දීලා...වල් වැදුනු හිත් යහමගට ගන්න දායක වෙච්ච ලොකු මාමලා / අයියලා හැමෝටම ස්තූතිය පල කරමින් අපි අද කථාවට බහිමු.


මේ කතාව මම උසස්පෙළ කරන කාලේ වෙච්ච සිද්ධියක්....

මම උසස්පෙළ පන්ති ගියේ නුගේගොඩ රොටරි සහ කොහුවල සක්යා එකට.... මට මතකයි උසස්පෙළ පන්ති පටන් ගත්තම ව්‍යාපාර අධ්‍යයනය පන්තියේදී මම මුලින්ම ඒ ගෑණු ලමයව දැක්කේ... දැක්ක ගමන් හිත ඇතුලෙන් අකුණක් කෙටුවා වගේ මට දැනුනා... අනේ මෙයාව මගේම කර ගන්න පුලුවන් නම්... ඔච්චරයි මට මතක් උනේ....

මට හොඳට මතකයි මම ඒ කෙල්ල දිහා බලන් ඉන්නකොට මගේ හොඳම යාළුවා උන අනුරත් ඒ කෙල්ල දිහා කන්න වගේ බලන් හිටපු විදිහ.... එදා පන්ති ඇරිලා යනකොට අනුරයා මගෙන් අහනවා මචං අර උදේ දැක්ක කෙල්ල ලස්සනයි නේද.. මම දෙන්නද පොඩි ට්‍රයි එකක් කියලා... පුදනකොටම කාපි යකා කියපි, කොල්ලා දැම්මා තැනට සුදුසු නුවණ... මචං එකී සුදු උනාට කෙට්ටු වැඩි බන්... උඹට හරියන්නේ නෑ... වෙන එකකට ට්‍රයි කරපන් කියලා... මුත් මගේ කීම පිළිගත්තා.... ඔන්න ඊට පස්සේ කොල්ලා ආපහු දැම්ම වචනේ.... මෙහ් ...!!! උඹට හරියන්නේ නැති එකේ මමවත් ට්‍රයි එකක් දාල බලන්නද බන්....? එහෙම කියලා යාළුවාව යන්තම් ශේප් කර ගන්න මට පුළුවන් උනා... (ඔන්න මගේ යාළුවා)

එකම පන්තියේ නිසා කෙල්ලගේ විස්තර හොයා ගන්න වැඩිය අමාරුවක් උනේ නෑ... කෙල්ලගේ නම පවිත්‍රි... තාත්තා පොලිසියේ... හෝව් හෝව්.... පොලිසියේ....? හම්මේ.... පොලිස් ගුට්ටක් සෙට් වෙන්න යන්නේ.... මගේ යාලුවා මට කෝචෝක් එක දාන්න ගත්තා....කොල්ලා සැලුනේ නෑ... පට්ටම සිද්ධිය කියන්නේ කෙල්ල මම ගිය හැම පන්තියකටම ආව එක... සතියෙන් දවස් 6කම මට එයාව දකින්න පුළුවන් උනා... ප්‍රශ්නෙකට තිබ්බේ අර නොදැක ඉන්න දවස ගෙවා ගන්නේ කොහොමද කියන එක.

මං ඉතින් පන්තියට ගිය වෙලේ ඉදලා උගුඩුවා වගේ එකී දිහා බලන් ඉන්න පටන් ගත්තා.... මේකිටත් මාව පොඩ්ඩ පොඩ්ඩ මීටරේට වැටුනා හරකා හැරෙන්නෙ පොල් පැලේ කන්න කියලා... එත් එකී මාව ශත පහකට ගණන් ගත්තේ නෑ.. උසස්පෙළ පන්ති පටන් අරන් මාස 6ක් විතර ඉවර වෙලත් මම තාම එක වචනයක්වත් කෙල්ල එක්ක කතා කරලා නෑ.. මාස 6ම කලේ බලන් හිටපු එක විතරමයි.

යකෝ උඹ ඔහොම ඒකිව ගිලින්න වගේ බලන් හිටියම එකී උඹ එක්ක පැනල යන්න එනවා කියලා හිතුවද...? වල් ඌරා... අනුරයා මාව ‍අවුස්සනවා. ඔය වයසදෙි කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන එක තරම් අමාරු කිසිම දෙයක් මේ ලෝකෙම නැතුව ඇති... එත් මෙහෙම හිටියොත් කොල්ලා පරදින බව මටත් හිතිලා තිබුනා. ඒකට හේතුව කෙල්ලට ට්‍රයි කරන කොල්ලෝ ගාන දවසින් දවස වැඩි උන එක.

දවසක් තිබ්බ අන්තිම පුරුෂ ශක්තිය බින්දුවත් එකතු කරලා මම කෙල්ල එක්ක කතා කරන්න කෙලින්ම ඩිරෙක්ට් ගියා...

මේ...මට ඔයා එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද...?

(කන්න වගේ බලමින්) මොනවා කතා කරන්නද මට ඔයත් එක්ක...?

මට ඔයාට කියන්න දෙයක් තියෙනවා...

ඉතින් මෙහෙම කියන්න....

මම ඔයාට කැමතියි....

කව්ද ඔයා...?

එහෙම කියලා කෙල්ල සුසන්තිකා අක්කා වගේ පන්තියට දිව්වා.... මමත් හොර පූසා වගේ ගිහින් වාඩි උනා විතරයි කෙල්ලෝ සෙට් එක මහා හයියෙන් කිචි බිචි ගාන්න ගත්තා... විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ... ඒ ටිකට කෙල්ල යාළුවොන්ගේ කනේ තියෙලා... බයිට් ගොඩක් මැද්දෙන් එදා දවස ඒ විදියට ඉවර උනා....

කොල්ලා ගේම ඇත ඇරියේ නෑ... හැමදාම පන්තියෙ බලන් ඉදලා කෙල්ල ගෙදර යන බස් එකේම යන්න මමයි අනුරයයි පුරුදු උනා... දැන් මේක හැමෝටම ප්‍රසිද්ද රහසක්... කෙල්ලයි ඒකිගේ හොදම යාලුවා රුක්ෂානියි තමයි පන්තියේ ඉන්නේ... හරියට මමයි අනුරයයි වගේ... අපි ඉතින් හැමදාම උන් දෙන්නා ඉඳ ගන්න පිටිපස්සේ සීට් එකේ වාඩි වෙනවා... දවසක් කෙල්ලෝ දෙන්නා කිචි බිචි ගගා ඉඳලා එක පාරටම පවිත්‍රි පිටිපස්ස හැරිලා මට කතා කරා... ඔව් ජිවිතේ පලවෙනි පාරට...

අනේ බුක් මාක් එකක් ගන්න පුලුවන්ද...? අපේ ඉස්කෝලේ කොමර්ස් ඩේ එකට හදපුවා....

ඒ වචන ටික හරියට කාන්තාරෙකට වැටුන වැස්සක් වගේ මට දැනුනේ.... චූන් උන පාර එතන තිබ්බ බුක් මාක් 11ම මං තියාගෙන රුපියල් 110ක් කෙල්ලට දුන්නා... උන් දෙන්න බය වෙලා මූනට මුණ බලන් හිටපු විදිහ මට තාම මතකයි.... අම්මා කන්නයි බස් වියදමටයි දෙන සල්ලි අමාරුවෙන් එකතු කරලා මං කරපු වැඩක් තමයි ඕක.

පොඩ්ඩ පොඩ්ඩ අපි හිතවත් වෙන්න පටන් ගත්තා.... ඔය කාලෙදිම තව සිද්ධියක් උනා... කෙල්ලට ට්‍රයි කරන අපේම පන්තියේ මුස්ලිම් කොල්ලෙක් හිටිය සහිරා එකට ගිය... දවසක් මමයි අනුරයයි පන්ති ඇරිලා යන දවසක නුගේගොඩ හන්දියේ 176 බස් එකේ අපි දෙන්න කයියක් ගහගෙන වාඩි වෙලා ඉන්නවා... එදා කෙල්ල පංති ආවේ නැති දවසක්... අර මුස්ලිම් කොල්ලා බස් එකට නැග්ගා තව කොල්ලෝ 10ක් 15ක් එක්ක විතර... මගේ ගාවට ඇවිත් උඹද ........... කියන්නේ කියලා ඇහුවා ... මමත් ඔව් මචං කිව්වා විතරයි මතක... චට පට චාට පාල ගාල කට්ටියම කෙලින්න පටන් ගත්තා මට... අනුරයා ෆුල් ට්‍රයි එක වලිය බේරන්න.... මුණ බෙර ගන්න මම පොත් ටිකෙන් මුණ කවර කරා... මොන කවර්ද පොත් ටික ජනේලෙන් එලියට විසි වෙලා නුගේගොඩ කඩල කරත්තෙ උඩ... බස් එකේ සෙනග ඇවිත් වලිය බේරනකොට මට වැදිලා හමාරයි... කොහොම හරි ඔය සිද්ධිය පන්තියේ සෑර්ටත් ආරංචි වෙලා පන්ති වේලාවකදී කෙල්ලට බැන්නා... (සෑරුත් දැනගෙන ඉඳලා මම කෙල්ලට ට්‍රයි කියලා) කොල්ලෝ ෆෝම් කරලා අන්තිමේදී උන් ගහ මරා ගන්නවා කියලා.... එදා පන්ති ඇරුනම කෙල්ල මගේ ලඟට ඇවිත් ඇඬුවා... මම මේ කිසිම දෙයක් දන්නෙවත් නෑ... එත් ඔයගොල්ලෝ නිසා මමයි බැනුම් ඇහුවේ කියලා... මටත් සෑහෙන්න අවුල් ගියා කෙල්ල මං ඉස්සරහ අඬපු එකට... ඔයා කැමතිද ආපහු සර් මට බනිනවට...? ඔයා ආපහු ඒ කොල්ලොන්ට ගහන්න යන්න එපා.. කෙල්ල එහෙම කියලා ගියා... යාළුවො මට බනින්න ගත්තා උඹ ගුටි කාලා නිකං ඉන්නවා කෙල්ලෙක් නිසා... අපේ ඉස්කෝලෙටත් එක්ක ලැජ්ජාව අරකයි මේකයි කිය කියා... මම ඉතින් ගොනා සේ සද්ද නැතුව කර බාගෙන හිටියා...

ටික කාලෙකින් අපි එකම සීට් එකේ වාඩි වෙලා කතා කර කර යන තරමටම දියුණු උනා... අපි දෙන්නා විතරක් බස් එකේ යන්න එන්න පටන් ගත්තා... කෙල්ල ගිය කොටිකාවත්ත ආර්ථික විද්‍යාව පන්තියකටත් මං යන්න ගත්තා... ඒ අර අපි මුණ නොගැසෙන එකම දවසත් කවර් කර ගන්න.... ඔය විදිහට උසස්පෙළ අවසාන කාලෙටත් ලං උනා... දවසක් මම කෙල්ලගෙන් කෙලින්ම ඇහුවා මම ඔයාට කැමතියි ඔයා මොකද කියන්නේ කියලා... එයා මට කිව්වේ ඕනෙනම් අපේ ගෙදරින් ඇවිත් අහන්න අම්මලා කැමති නම් මමත් කැමතියි කියලා....

උඹලා පොඩ්ඩක් හිතපල්ලා උසස්පෙළ කරන අම්මගෙන් තාත්තාගෙන් යැපෙන එකෙක්ට ඔහොම කිව්වම ඌ ගන්න තීරණය මොකක් වේවිද කියලා... අනික යන්න ඕනේ පොලිස් ෆ්ලැට් වලට.... කෙල්ලගේ තාත්තා එස්. අයි කෙනෙකුත් එක්ක... කොල්ලා එත් සැලුනේ නෑ... දවසක් පන්ති කට් කරලා මම ගියා කෙල්ලගෙ ගෙදර...

අම්මයි තාත්තයි බොහොම හොඳින් මාත් එක්ක කතා කරලා ආව කාරණාව ගැන ඇහුවා.... මමත් ඉතින් ඔක්කොම විස්තරේ ඒ දෙන්නට කිව්වා... කෙල්ලගේ තාත්තා මට කිව්වේ ඔයා හරිම නිර්භීත කොල්ලෙක්... මොකද වෙන කෙනෙක්නම් මෙහෙම ගමනක් එනවා තියා හිතන්නෙවත් නෑ... කොහොම උනත් පුතා තාම දෙන්නම ඉගෙන ගන්න වයසේ නිසා හොඳට ඉගෙන ගන්න... අපි ඊට පස්සේ බලමුකෝ මේවා ගැන කියලා... (මන් දන්නවා එහෙම කිව්වේ මගේ මෝඩ කමට වෙන කියන්න දෙයක් නැති නිසා කියලා )

කොල්ලට දැන් ෆුල් හැපී... කෙලින්ම ගියා පන්තිය ගාවට... කෙල්ල පන්තිය ඇරිලා බස් හෝල්ට් එකට එනකම් ඉඳලා මම එයාට විස්තරේ කිව්වා... එත් එයා මාව විස්වාස කලේ නෑ...

ඔයා කියන්න බලන්න අපේ ගෙදර තිබ්බ දෙයක්... කෙල්ල මම ගිය එක ඇත්තද නැද්ද බලන්න මගෙන් ඇහුවා...

ඔය ගොලොන්ගේ කැබිනට් එක උඩ තියලා තියෙනවා .............

එ්ක කිව්වා විතරයි කෙල්ල දෙවෙනි පාරටත් මං ඉස්සරහා අඬන්න ගත්තා...

ඔයා මොනවද මේ කරන්නේ...? මං කොහොමද දැන් ගෙදර යන්නේ....? මං ඔයාට අපේ අම්මලාගෙන් ඇවිත් අහන්න කිව්වේ ඔයාගේ කරදරෙන් බේරෙන්න... මං හිතුවා ඔයා එ්ක කරන එකක් නෑ කියලා... මගේ හිතේ ඔයා ගැන එහෙම කිසිම අදහසක් නෑ.

කොල්ලගේ හිත ආපහු කඩන් වැටුනා... ගොඩාක් නරක විදියට. ඒ දුක මම කාලයක්ම වින්දා. මම එයාට ආදරේ නිසා මෙච්චර දෙයක් කරලත් එයා මට මෙහෙම එකක් කියපු නිසා.... හැබැයි කොල්ලෝ අතරේ මම වීරයෙක් උනා... මං කරපු ගොන්කම නිසා... උසස් පෙලින් පස්සේ එකම එක පාරක් මම රුක්ෂානිට චොක්ලට් එකක් දුන්නා පවිත්‍රිට දෙන්න කියලා... ඊට පස්සේ  ඒ ආදරේ දියවෙලාම ගියා.



සිරාගෙ කාමරයේ බූට් මාසය වෙනුවෙන්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි සිට ලියා එව්වේ බූට් ඇනෝ.




පලි.

2005 දී මේ කතාව උනේ... ආපහු පවිත්‍රිවයි රුක්ෂානිවයි අනුරයවයි KFC එකේදී සෙට් වෙලා මේ පරණ මතක ගැන කතා කලා.

පපලි - අනුර නම් දැන් විවාහ වෙලා... පවිත්‍රියි රුක්ෂානියි තාම මං වගේම තනිකඩයි....

129 comments:

  1. ඔය වයසදෙි කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන එක තරම් අමාරු කිසිම දෙයක් මේ ලෝකෙම නැතුව ඇති... දිස් ඉස් සර්ටි‍පිකේට් ටෲ. ඕ යේස්...

    ReplyDelete
    Replies
    1. දෙයියන්පා බන්... ඔය ගට තිබ්බනම් මන් කෙල්ලෝ 10ක් 15ක් එක්ක යාළු වෙනවා ඒ කාලේ....

      Delete
    2. උණ පඳුරක මල් පිපිලා
      ඔබේ පෙමත් ඒ වාගෙයි
      මලක් පිපී පෙති ‍හ‍ැලිලා
      ඔබේ පෙමත් ඒ වාගෙයි

      උණ පඳුරක මල් පිපිලා
      ඔබේ පෙමත් ඒ වාගෙයි...

      ඇරඹුම අවසන කොතැනද
      නොදැනයි මඳනල දිව යන්නේ
      කොතැනක විසිරී යනවද
      නොදැනයි මේකුළු පාවෙන්නේ...

      යායුතු වෙනතක් නැතිවද
      රළ පෙළ වෙරළට දිව එන්නේ
      බෑ කියන්න බැරි හින්දද
      මා හා ඔබ හිනැහී යන්නේ...


      ගේය පද : කේ. ඩී. කේ. ධර්මවර්ධන
      තනුව, සංගීතය සහ ගායනය : විජේසිරිවර්ධන පොලොන්නෝවිට

      Delete
    3. විශිෂ්ටයි සින්දුවා... මේක ඇහුවෙත් අදමයි. මේක අහන්න ලින්ක් එකක් දෙන්න පුළුවන්නම් බොහොම පිං

      Delete
    4. මෙන්න
      http://www.youtube.com/watch?v=D7_Ew-1wV-A

      Delete
  2. පව් අප්පා....මේ මාසේ ඉවර වෙන එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. අපි බොහොම අවංකව ආදරේ කරපු කොල්ලෝ... එකයි මෙහෙම කෙල උනේ...

      Delete
    2. අනේ නිකන් ඉන්න පොඩ්ඩි උදැල්ල දන්නෙ නැතුව..
      දැනටම දෙසැරකට සදූගෙන් අවසර අරගෙන තියන්නේ සමියාගේයි බුට් ඇනෝගෙයි විරහාව වෙනුවෙන් බොන්න..ඔයා හදන්නෙ අරක්කු ටිකක් බොන්න තියන එක නැති කරන්න..

      Delete
    3. පැහැදිලි ඉරිසියාව බන් මෙන්ඩෝ... උඹ නාඩා ඉඳින් මයේ අම්මා

      Delete
  3. මිල්ටන් හිට් වුණේ බූට් එක නිසා.

    විරහවේ ඇති ආදරය මාරයි බං. නොලැබීම මිනිස්සුන්ව නිර්මාණකරුවෝ කරනවා කියල මම හිතන්නේ.

    බූට් කතා සැට් එක කියවන්න හම්බුනේ නැහැ හරියකට.

    ReplyDelete
    Replies
    1. කියවහන් කියවහන්... උඹෙත් අත්දැකීම් තියෙනවනම් බොගේ දාහන් අපි එනවා කියවන්න ගල් බෝතලයක් එහෙම අරන් ඒ පැත්තේ....

      Delete
    2. මමත් එනෝ...මාවත් එක්කගෙන පලෝ...

      Delete
    3. වරෙල්ලා වරෙල්ලා... සිංහල අවුරුද්ද ඇවිල්ලා... කඩල්ලා කඩල්ලා ගල් බෝතෙලේ මුඩී කඩල්ලා....

      Delete
  4. පව් දෙය්යනේ . කෙල්ලට පිහියෙන් අනින්නේ නැතුව මෙහෙම ආපසු හැරිලා කඳුළු අතරින් හිනාවෙන කොල්ලෝ තමයි නියම වීරයෝ.

    ReplyDelete
    Replies
    1. අන්න දැක්කද.... අපි කොච්චර අහිංසක කොල්ලොද කියලා... නොලැබුණා කියලා පලි ගන්න ගියේ නෑ...

      Delete
  5. මේ යකාගේ නම ජීවිත කාලේම බුට් ඇනෝම වෙන්න ඕන.. හැක්

    ReplyDelete
    Replies
    1. එහෙමත් වගේ බන්.... මම කැමති කෙල්ලෝ මාව දාලා ගියා... මට කැමති කෙල්ලෝ මන් ගණන් ගත්තේ නෑ... අනිච්චේ දුක්කේ...

      Delete
  6. //පපලි - අනුර නම් දැන් විවාහ වෙලා... පවිත්‍රියි රුක්ෂානියි තාම මං වගේම තනිකඩයි....//
    තාමත් වෙකන්සිය තියනව වගේ.

    ReplyDelete
    Replies
    1. නෑ බන්... ඔය කාලේදී වයසේ වැරද්දත් එක්ක එන අහිංසක හැඟීම් නේ බන්.... මට හිතෙන විදිහට එකම වයසේ කෙල්ලෙක් බඳින එක පොඩ්ඩක් විතර අවුල්.... මම ගිය අවුරුද්දේ ලංකාවට ගියාම කට්ටියවම මුණගැහුණා... හැමෝම වයසට ගිහින් යකොව්....

      හැබැයි එදත් කතා උනේ මගේ ගොන්කම ගැන...

      Delete
    2. හැබැයි එදත් කතා උනේ මගේ ගොන්කම ගැන...//
      යකෝ..එ්ක ගොන්කම නෙමෙයි අවංක කම සහ නියම කොලුකම..ගෙදරට ගිහින් අහන්න පුලුවන් කියන්නේ උඔ එල ද බ්‍රා

      Delete
    3. වෙන්නත් ඇති බන්... ඒත් දැන් තමයි එක මහා මෝඩ වැඩක් කියලා පෙන්නේ...

      Delete
  7. යකෝ දැංවත් ආපහු ට්‍රයි එකක් දීල බලාපං...
    හිහි... (ගුටි කන්න වෙන්නෙ නැත්තං) බුහ්හහ් හා

    ReplyDelete
    Replies
    1. දැන් බෑ... දැන් එහෙම දෙයක් හිතෙන්නේ නෑ... රුක්ෂනිනම් කිව්වා දැන් අහලා බලන්න කැමති වෙයි කියලා... මට දැන් එච්චර උනන්දුවක් නෑ බන්...

      Delete
    2. එපා...එපා..
      ඒ වැඩේ කරන්න එපා..ඒකි කැමති වුනත් එතන ආදරයක් නෑ තියෙන්නෙ අනුකම්පාවක්...අනුකමපා කරන්න තරම් උඔ අසරන වෙලා ණෑ.
      ගිය ඒකි ගියදෙන්

      Delete
    3. පිස්සුද බන්.... ආපහු එපා මට.....

      Delete
  8. උඔ නම් නමට ගැලපෙන එල කොල්ලෙක්..
    වර වර ලංකාවට වර මේවා මෙහම කතා කරන්න බෑ බෝතලයක් ගහලාම කතා කරමු..

    ReplyDelete
    Replies
    1. බෝතලේ නම් මදිවෙයි මෙන්ඩෝ... අනිවා මම අගෝස්තුවේ සෙට් වෙමි සිරාලා සමග.... අප්‍රේල් වලත් එමි... කැමතිනම් අපි එතකොටත් සෙට් වෙමු....

      Delete
    2. එළ එළ ... අපි සෙට් වෙලා කතා කරමු මේ ගෑන...

      Delete
    3. කැමතිනම් අපි එතකොටත් සෙට් වෙමු....//
      කන පලනවා ඇවිත් හොරෙන් බිලා ගියොත්...
      වරෙන් මෙන්ඩාගේ ගෙදර ඔින වෙලාවක වර බත්කටක් කලා යන්න..
      සමියා..බුට්
      මගේ මේල්, ඡංගමය පැය 24ම අවදියෙන්..කිසිම කරදරයක් නෑ..වරෙන්...

      Delete
    4. එල එල සෙට් වෙමු.....හික් හික්...බ්‍රෑන්ඩ් එක ගල්.....

      Delete
    5. අනිවා බ්‍රෑන්ඩ් එක ගල්..
      රහසින්..
      (69, රතු ලේබල්, කලු ලේබල් නැද්ද බං?)

      Delete
    6. තියන්ව තියනව...ඒව තියෙන්නෙ මේසෙ යට.......පොඩ්ඩක් ඉඳපන්....ගල් බොතලේ ඉවර වෙන කන්......

      Delete
    7. මොන පිස්සුද ඔය ගල් මෙන්ඩ ගල් බෝතල් දිහා බලන්නෙවත් නෑ.

      Delete
    8. මම එදා ගල් බ්ව්වෙ නැත්තෙ උඔලා නැති දුකට..
      හරි බං බ්‍රෑන්ඩ් එක ගල් බොන්නෙ ඉතිං!!!!

      Delete
    9. මමත් ගල් බිව්වේ නෑ කාලෙකින්... ජෙම්සන් ගොයියා තමයි මගේ තනි රකින්නේ...

      Delete
  9. ප.ප.ලි. හරිම එන්කරේජින් නෙ මචන්.. රුක්ශානි කෑල්ලද? ආයෙ KFC යන වෙලාවක කියපං අපිටත් ඒ පැත්තෙ එන්න.. හැක් හැක්..

    බූට් කිව්වට බූට් මත් නෙවෙයි වගේ.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් පට්ට කෑල්ල.... ඒකිගේ තාත්තත් පොලිසියේ... හම්මේ....

      Delete
    2. හ්ම්..ම්..ම්.. ඒක්ත් එහෙමද?

      කෝකටත් කියපන්කෝ එදාට වෙන වැඩක් නැතිඋනොත් විතරක් මං සෙට් වෙන්නම්.. හ්ම්..ම්..ම්..

      Delete
    3. කමියා උඔට වැඩ වැඩිනේ තෝ හිටු මම යන්නම්..

      Delete
    4. අන්න ඉල්ලං කන්න.. ගිහින් කාපං පොලිස් ගුටි.. සාදු..

      Delete
    5. හම්මට උඩු... ගුටි කන්න දගලන දැගලිල්ලක්

      Delete
  10. දෙන්නම තාම තනිකඩ නං ආපහු පරණ දේවල් අලුත් කරල ගන්න බැරුවයැ.දැන් අත්දැකීමුත් වැඩියිනෙ.

    ReplyDelete
    Replies
    1. දැන් එහෙම හැඟීමක් එන්නේ නැනේ හලපයියේ එයා ගැන....

      Delete
  11. මම ඉස් ඉස්සෙල්ලම ඇහුවේ නිසදැසක් දීල... මෙන්න පස්සේ දවසේ ඉදන් කෙල්ල රවන් යනවා.. . සතියකට විතර පස්සේ කිව්වා කොලු පුන්චෙක් ඉන්නවා කියල.. . ඉතින් ඒ පුන්චත් එක්කම ඉන්න කියල නිකන් හිටිය. සීරියස් ඒ ගැන හිතුවේ නැති හින්ද

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අපි වලක් කැපුවොත් ඒකේ ගෙම්බෙක්.... ගහකට නැග්ගොත් ඒකේ දෙබලක්... ගල් බෝතලයක් කැඩුවොත් ළඟ පත්තරයයි මෙන්ඩයි කම්මලයයි....

      Delete
    3. අනිවා මම වඩේ 5කුත් අරන් එන්නෙ .

      Delete
    4. අපි සුවදට ඇදිලා එන කොල්ලෝ..

      Delete
    5. ඔන්න ඕකනේ බැරි මුන් එක්ක...

      කම්මලේ සෝඩා බෝතලේකුත් ඇන්න වරෙන්...

      Delete
    6. කොච්චි සම්බෝලත් එක්ක මඤ්ඤොක්කා.....පOකාදුයි...

      Delete
    7. ඇයි මඩ රහත් එක්ක කොරලියෙක් බැදලා..

      Delete
  12. මේ සම්බන්ධව වැඩිය කතා කරන්න මම කැමති නැහැ බං. ඔය කට්ට මමත් උපරිම කාල තියෙනවා. හැබැයි උඹනම් නමේ හැටියටම සිරා කොල්ලෙක්...
    කෙල්ලෝ නිසා බස් වල, බස් ස්ටෑන්ඩ් වල, ටවුන් වල ගහගෙන තියෙනවා, ගුටි කාල තියෙනවා (ඒවා ටිකයි). අපිඅටත් එක හිත එකතැන නතර කරගන්න බැහැ නොවැ...හෙහ් හෙහ්...

    වෙලාවකට හිතෙනවා උන් මහ පුදුම ජාතියේ සත්තු කොට්ඨාශයක් කියල ඒ කාලේ අපිට දීපු වදේ හැටියට. ඒ කෙල්ලෝ ගැන...
    ......................................................................................
    මෙන්න අතුරු කතාවක් ගෑණු ගැන...
    මේ ලඟදි මමයි යාළුවකුයි බොන ගමන් කතා කලේ “දැන් කාලේ ගෑණු ඉන්නවා නේද”, සත පහකට වැඩක් නැහැ කියලා.
    අපේ අම්මලගේ අහලකින් තියන්න බැහැ කියල තමයි මමයි ඌයි කතා උනේ.
    බොන්න යනවා කියල කියලා ගියාම ගියපු වෙලාවේ ඉඳල කෝල් කරනවා “එන්නේ කීයටද අහ අහා”,
    කියන්නේ නැතුව බොන්න ගියාම ඊට හපන්... දවස් තුන හතරක් යනකල් මුක පුණේ.
    හැබැයි ඒ දවස් දෙක තුන ඇතුලේ තව පාර්ටි දෙක තුනක් සෙට් උනොත් ගොඩ, අර එකවුන්ට් එකෙන්ම ඒවත් ශේප් වෙන්න පුළුවන්.

    අන්තිමට අපේ අවසන් තීරණය උනේ “අපේ අම්මල මෝඩ වෙන්න ඇති, ඒ නිසා තාත්තල එක්ක ගේම ඉල්ලන්නේ නැතුව ඉන්න ඇති” කියලා කප්පනා කරලා හිතේ දුකටත් එක්ක තුන් කාලයි බියර් එකයි ගහල ගෙදර ගියා.

    (මෙව්වා කිව්වේ ආදර්ශයක් ගන්න කෙනෙකුට ගන්නවනම් ගන්න)

    ReplyDelete
    Replies
    1. හම්මෝ.... බඳින්නත් බය හිතෙනවා බොලං මේවා අහනකොට....

      Delete
    2. //බොන්න යනවා කියල කියලා ගියාම ගියපු වෙලාවේ ඉඳල කෝල් කරනවා “එන්නේ කීයටද අහ අහා”, // ඕකෙන් ගැලවෙන්න බෑ සංසාර චක්කරේ වගේ තමයි. හිතේ දුක යන්න ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් ගෙ මවගෙ ගුණ අනුස්මරණය කරගෙන බීහන්

      Delete
    3. ලොකු පුතේ කට ඇරපිය මේ ගල් බෝතලේ කටේ වක්රන්න..
      ඇත්ත මචං..බදින්න ඉස්සරනම් කියන්නෙ ඉදලා හිටලා යාලුවෙක් එක්ක සෙට් වුනාට කමක් නෑ
      ඉතිං..තැන් තැන් වල ගිහින් බොන්නෙ ඇයි ගෙදර තියන් බොන්නකෝ..
      ඔයා බිලා ඉවර වෙනකන් මම ලගට වෙලා ඉදගෙන ඉන්නම්..
      පුක තමයි..
      අනේ ඉතිං මෙන්ඩත් අහුවුනා ඔය කතාවලට

      Delete
    4. //තැන් තැන් වල ගිහින් බොන්නෙ ඇයි ගෙදර තියන් බොන්නකෝ,ඔයා බිලා ඉවර වෙනකන් මම ලගට වෙලා ඉදගෙන ඉන්නම්//
      නෙදකින් විතරක් තොටත් එහෙමද ? මම හිතුවේ මේ මට විතරයි කියලා .මටනම් මචෝ ෆෝන් එක ගෙදර අමතක වෙනවා දැන් ...හැක් හැක් .ආ කියන්න අමතක උනා .වැරදිලා හරි බිලා ඇවිත් බාත්රූම් එකේදී දිව මැදලා උගුරා කාරලා සේදුවොත් ඉවරයි .මේ මල ජහජරාවක් බිලා ඇවිත් මෙතන වමනෙත් දානවා .ගියදෙන්කෝ ආයෙත් අරුන් එක්ක බොන්න ...බ්ලාබ්ලාබ්ලාබ්ලාබ්ලා...

      Delete
    5. මැරෙමි මම නොකා... ඔය කෙල්ලොනම් එපා... සිටන් බාලේ රැක්ක සීලේ ඇත හරින්නේ නෑ...

      Delete
    6. මං බදින්නේ නෑ , මට දුක් විදින්න බෑ
      වද කෙරුවත් හෙට මැරුණත් , මං බදින්නේ නෑ, සත්තයි
      මැරෙමි මම නොකා, ඔය කෙල්ලෝ නං එපා
      සිටන් බාලේ රැක්ක සීලේ අත් හරින්නේ නෑ

      දැන් කාලේ කෙල්ලන් හට කෙරුවට ආලේ
      විශ්වාසේ බැහැ තබන්න කොහෙත්ම රාලේ
      උබ මගෙ පන මැරෙනවා මම උබ නැති කාලේ
      ඔහොම කියන අය හපන්නු දමන්න මාලේ

      මුලින් හොදට පණ දෙන්නයි කතා කරන්නේ
      යටින් තවත් කෙනෙක් ගැනයි හිතේ තියෙන්නේ..
      මම උබටයි උබ මෙමටයි මුලදි කියන්නේ
      බොරු නරකයි රවටන්නට ඇයි පෙලබෙන්නේ

      මෙලොව සැපත ඔබ නැති නං කුමට රත්තරන්
      පොරොන්දු වෙමි ඔබ තනි කර නොයන්නට ඉතින්
      උබ මැරුනොත් මමත් මැරෙමි කියයි හොර සිතින්
      මේවා අසා කෙල්ලෝ කොල්ලෝ වෙනවා අතරමං

      බැදපු අලුත බොහොම හොදට කතා කරනවා
      කල් යනකොට ඇති හොද නොහොදට පෙරලනවා
      නැති දේවල් ඇති කරමින් සැක උපදනවා
      අන්තිමේදී උසාවි වල පෙනී සිටිනවා

      ගායනය - දන්නේ නැතෝ

      Delete
    7. සින්දුවො මේක කියන්නෙ මෑක්ස්වෙල් මෙන්ඩිස්......ඈයි බන් මෙන්ඩිස් කිව්වම උඹලට .......මතක් වෙන්නෙම....??

      Delete
    8. //ඈයි බන් මෙන්ඩිස් කිව්වම උඹලට .......මතක් වෙන්නෙම....??//
      එළද බ්‍රා ...හැක් හැක්

      Delete
    9. සි.ඇ. තැන්කූ බොක්ක....

      Delete
    10. ///ලොකු පුතේ කට ඇරපිය මේ ගල් බෝතලේ කටේ වක්රන්න..///

      මෙන්ඩෝ, හිමීට කියපිය ගෑණිට ඇහුනොත් එහෙම

      Delete
    11. සින්දුවා..
      තෝත් ඇරපිය කට මේ ගල් බෝතලේ වක්කරන්න.
      බුට් / සමි
      අපි විතරක් අමාරැවේ දාලා උඔලා ෂාෆාන් එකේ ඉන්න වර ලංකාවට ගෑනිගේ නංගිලා දෙන්නට අල්ලලා බන්දනවා..
      මස්සිනලා තුන්දෙනා එකට බිලා සරම උස්සගෙන ගෑනුන්ට කූනුහරැපෙන් බනිමු..
      ලොකු පුතේ උඔ බයද?...අපි නම් බය නෑ..
      බිලා ආපු දවසට ගෑනි කොස්සෙන් ගැහැව්වට..සිනි බෝතලෙන් ඔලුවට ගැහැව්වට අපි හොද එඩිතර කොල්ලෝ..

      Delete
    12. බුදු අම්මෝ කියනකොටත් බය හිතෙනවෝ....එත් ඉතින් නOගිල දෙන්නෙකුත් ඉන්නව කිව්වම කාටද කටක් ඈරල බෑ කියන්න පුලුවන්....මෙන්නෙ නියම බොක්කෙ පොරවල්...වෙන එකෙක් වත් කිව්වද මේ වගේ කතාවක්....

      Delete
  13. සික් ඉදලා හමාරයි.... යාලුවෙක්ට උනා කියලා එව්වම එහෙම නොදා මූ මාව කාලා... සිරෝ බන්ඩි පොර ඉවරෙයි...? පොඩි වැරදි ටිකක් තියෙනවා හදපන්...

    මේකිටත් මාව පොද්ද පොද්ද මීටරේට වැටුනා (පොඩ්ඩ පොඩ්ඩ )

    නුගේගොඩ කලා කරත්තේ උඩ. (කඩල කරත්තේ )

    ReplyDelete
    Replies
    1. හැදුවා බොල...ලව් සික් එකෙන්ද මේවා ලිව්වෙ...මේ තරම් දරුණු විදියට වැරදුනේ...ඔය උපේක්ෂා කෙලීගෙන් වත් අහලා දැනගනින් අද කාලෙ දැරිවියො හිතන පතන විදිය...අහගෙන නිකං ඉන්න එපා මටත් කියපිය....

      Delete
    2. කබලෙනේ සිරෝ... තව තැනක් තිබ්බා බන්.... පොඩ්ඩක් බලලා හදපන්...

      උපේක්ෂා... මගේ නම්බර් එක දෙන්නද...? මට 28 තාම... හිකිස්

      Delete
  14. වර්තමාන කොල්ලන්ටත් ආදර්ශයක් නොවැ. ඇති ඔයින් ගියා පොලිස් කූඩුවෙ ලගින්න නොවී,

    ReplyDelete
    Replies
    1. එහෙමත් දාන්න පුලුවන්ද බන්....? මන් වැරද්දක් කරේ නෑනේ

      Delete
  15. හම්මෝ... ආයෙ හම්බ වෙච්ච එක නම් දෛවයේ සරදමක් තමා... ඒත් ඉතින් එහෙම ගෙදර යන්න කියල බොරුවට කියනවද???

    ReplyDelete
    Replies
    1. මගේ වදෙන් බේරෙන්න කියන්න ඇත්තේ...

      Delete
  16. අපරාදෙ බන්...අර බූක් මාක් ටික.....ගත්තේ...

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ ගල් කාලක් අරන් බිපිය ඒ සල්ලි වලින්

      Delete
    2. මන් ගාව තව දේවල් තිබ්බා බන්... පස්සේ එකිටම යැව්වා ඔක්කොම මතකයන් ටික... එක තමයි අමතක කරන්න පුළුවන් විදිහ...

      ඒ කාලෙනම් ගල් බාගයක් ගන්න තිබ්බා මයේ හිතේ...

      Delete
  17. සින්දු ඈනෝ ....කො බන් සින්දු මුකුත් නෑතෙයි....?

    ReplyDelete
    Replies
    1. බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින්
      බිඳෙන බඳුන් කුමකට සුරකිම්ද ආදරෙන් //

      මදහස පෑ දෑස හිත හඬවා
      යන්න යාවිනම් //
      කඳුලේ රිදුමෙන්
      සොයමි රස හැඟුම්
      කුමට සුබ පැතුම්

      බිඳුණු කලක...

      වැටහෙන්නෙ නෑ වින්ද දුක රුදුරු
      නිමා වී නැතී //
      ගිලිහී ගියදෙන්
      පෙමට දුන් රිදුම්
      බිඳුණු පෙම් පැතුම්

      බිඳුණු කලක... ///


      ගායනය - පුන්සිරි සොයිසා

      Delete
    2. මූ නැති පොස්ට් එකක් පරිප්පු නැති හෝටලේ වගේ ප්‍රසාද්...

      Delete
  18. දැන් තමයි මට මේ සීන් එක මීටර් උනේ.
    සිංහල කොල්ලෙක් සිංහල කෙල්ලෙක් එක්ක යාළු වෙන්න ගියත් “තම්බියෙක්” ඒ කෙල්ලට කැමතිනම් ඒත් සිංහල කොල්ල ගුටි කනවා.
    සිංහල කොල්ලෙක් “තම්බි” කෙල්ලෙකුට ට්‍රයි කලත් අනිවාර්යයෙන්ම ගුටි සහ සමහර විට වැදගත්ම ශරීර අවයවයක් නැති වීමට හැකියාව ඇත.

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා...

    ReplyDelete
    Replies
    1. එහෙමත් එකක්ද බන්....?

      Delete
  19. බැබලීම වගෙම බැසයාම අයිති සඳටයි
    පිඹිදීම වගෙම පරවීම අයිති මලටයි..
    හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි

    ‍රැවටෙන්න වගෙම රවටන්න හිතක් නැතී
    හංගන්න වගෙම පෙන්වන්න කිසිත් නැතී
    නුඹ දන්න තරම් මගෙ හිත
    වෙන දන කෙනෙකු
    ලොව මට හමුවෙලා නැතී

    හිමිවන්න කියා හමුවන්න හිතක් නැතී
    පිංවන්ත හිතේ විඳවන්න දුකක් නැතී
    අදහන්න නමුත් හැකි වෙද
    නුඹ දුන්නේ නැතත්
    නුඹේ හිත මගෙ ළඟම ඇතී


    කරුණාරත්න දිවුල්ගනේ....

    ReplyDelete
    Replies
    1. ඇනෝ යාලු...
      මගේ සහෝදර බුට් ඇනෝ වෙනුවෙන්...
      බල බල ඉන්නෙ දා ගන්නකෝ තව ගල් ෂෝට් එකක්..
      කම්මලේ අර ගෙනාපු වඩේ එකක් දිපං යාලුට...
      එල ද බ්‍රා
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    2. පද - යමුනා මාලනී පෙරේරා
      සංගීතය සහ ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

      ලස්සන සංවේදී සින්දුවක්....මමත් කැමතියි මේකට...

      Delete
    3. සිරාගේ සිංදු කාමරේ... ඕ යේස්....

      Delete
  20. යකෝ බලපුවහම ඔක්කොම කාල තියෙන්නේ බූට් නේ!

    ReplyDelete
    Replies
    1. ගම්පහ ගෙට්ටුවට ආපු චූටි නංගියා බොටත් බූට් එක තිබ්බද කොලුවො....අපේ සංගමයට එකතු වෙමු එහෙනං...

      Delete
    2. ඔහොමම ගල් බලකායට ඇප්ලිකේෂන් එකක් දැම්මනම් සභාපති මෙන්ඩා උඹවත් බදෝ ගනීවි....

      Delete
    3. //ගම්පහ ගෙට්ටුවට ආපු චූටි නංගියා බොටත් බූට් එක තිබ්බද කොලුවො// මම එදා නාඩියට කිවුව තවටිකක් උස පලයන් කියල. නංගි පොඩ්ඩක් නැත්තම් ඕක වෙයි කියල

      Delete
    4. නාඩියා මම පුරවන්නද උඔගේ ඇප්ලිකේෂන් එක?
      බල බල හිටියෝත් පරාදයි...
      බ්‍රෑන්ඩ් එක ගල්
      ගල් බලකායට ඡයවේවා.

      Delete
  21. හිතේ අදහසක් නැත්තම් ගෙදරින් අහන්න කියපු එක නම් හරිම වැරදියි නේද. කොහොම වුනත් මේ දේවල් වලට මුහුණදීලා ආපහු හිත ශක්තිමත් කරගත්ත එකයි වටින්නේ.

    ReplyDelete
    Replies
    1. මන් හිතන්නේ එහෙම කිව්වම ගොඩක් කොල්ලෝ පස්ස ගහනවා.... මගේ වදෙන් බේරෙන්න එහෙම කියන්න ඇත්තේ... උසස්පෙළ අවුරදු 2ම ඒකිගේ පස්සෙන් නේ මම....

      Delete
  22. ඇති යන්තං ඔහොම ගියා අර එස්.අයි කාරයගෙන් වෙඩි කන්නෙ නැතුව.

    ReplyDelete
    Replies
    1. පිස්සුද මචං මාමන්ඩි කාරයා මු ගියාට පස්සේ වෙඡිමයිට් (නැන්දාම්මා) එකට කිව්වලු කොහම හරි කෙල්ලව මුගේ ඇගේ ගහමු කියලා

      Delete
    2. හුකෑස්... හැබැයි දැන් වගේ ගියානම් කැමති වෙන්නත් තිබ්බ බන්... ඒ කාලේ යකෝ මොන යකාද ගෙවල් වල යන්නේ මගුල් කතා කරන්න....

      Delete
  23. කෝ මේ සින්දු ඇනෝ ????????

    හදවත ඉල්ලා
    නොලැබුන විටදි
    දහසක් සිතුවිලි මා
    හද තුල තෙරපී
    මිතුරිය ඔබ කෙලෙසක හෝ
    අමතක කරමී
    නොපිරු පෙරුමන් පුරලා
    කුමටද ලතැවී

    ඔය නෙතු අග රැදි තිබු
    නිල්මිණි ඡායා
    දැක මා හදවත සසැලි
    සෙනෙහස කීවා

    මතු අප උපදින භවයේ
    යළි හමු වේවා
    ඔය නෙත් අග සිසිල රැදි
    මට ළං වේවා

    Artist : Priya Sooriyasena

    ReplyDelete
    Replies
    1. මාගේ අතීත දිවියේ
      සැමරුම් මැකී මැකී
      කුමරි ඔබේ සිනහවේ
      කොහේදෝ මුලා වී //

      මාගේ කුමාර කාලේ
      සෙනෙහේ අතීතයේ
      පෑයූ සුපුන් සඳක් වාගේ
      අප්සරාවියේ
      ඇයි දෝ වෙනස් වුණේ
      මහදේ වේදනා මවා

      මාගේ අතීත දිවියේ...

      අපගේ පැතුම් විමානෙන්
      වෙන් වීල එක් වුණේ
      භවයෙන් භවේ පැතූ
      අපගේ ආදරේ නිසා
      කාලේ ළඟා වුණා ආයේ
      වේදනා නිවා

      මාගේ අතීත දිවියේ...//

      ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
      ගී පද - සනත් ගුණතිලක

      Delete
    2. මේ වනලා තියෙන්නේ වටේටම... මූ පොඩි කාලේ වෑර්ලස් එකක් ගිලලා...

      Delete
  24. බඹරිඳු බඹරිඳු කුමට වඩින්නේ...
    වන මල් කැකුළිය සොයා වඩින්නේ...
    වන මල් කැකුළිය කුමට සොයන්නේ...
    ලැබුණොත් ඇය පෙම් පවස නිවෙන්නේ...

    සඟැවුණ රසමදිරා තුඩ ගාවා..
    පෙම් මකරන්දය මුළු වත නාවා...
    බඹර කුසුම් හදවත් යුග යාවා...
    දෙමිය පියුම් ලොව හැම රස පාවා..

    අන් මලකට මකරන්දය ගාවා...
    ඔබෙන් ගෙනා බව මලට නොකීවා...
    අප පෙම එ මලින් මල්පල වේවා...
    ලස්සන ලස්සන මල් සුපිපේවා...

    බඹරුන් නැති ලොව මල් නොපිපෙන්නේ...
    මලක් නොළත් ගස නෑ පළ දෙන්නේ...
    ගසක් මලක් නැති ලොව කොයි වැන්නේ...
    මෙත් ගුණ නැති රළු කතරක් වැන්නේ...

    සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ
    " සරුංගලේ" (1979) චිත්රපටයෙන්.
    යුග ගැයුම - පණ්ඩිත් අමරදේව
    පද රචනය - ගාමිණී ෆොන්සේකා
    සංගීතය - වික්ටර් රත්නායක

    ReplyDelete
    Replies
    1. කොහේ සිට ඔබ පැමිනියෙදෝ
      සිහිනයේ රැදුණු ඒ අප්සරා
      මගේ ඉරබට තාරකා
      ඔබට ගැයෙනා නැවුම් කුලුදුල්
      ප්‍රේම ගියයි මේ

      දෙනෝ දාහක් අවට සිටියද
      තනි වෙලා වේදනා වින්දෙමි මං
      නුවන් දාහක් අවට දුටුවත්
      දෙනෙත නලවන නෙතක් නොදුටීම් මං


      පලු ඝනදුරු රුදුරු රෑන් මැද
      නෙත වසා ආදරේ පැතුවෙමි මං
      මගේ සුසුමන් දැනෙන තරමට
      ඔබට ලං වී කෙදින හිදිමිද මං

      Delete
    2. පතනා දේ සුන් වේ නම්
      නොසිතූ දේ සිදුවේ නම්
      පතනා දේ සුන් වේ නම්
      නොසිතූ දේ සිදුවේ නම්
      මේ සෑම දේම සිහිනයකි
      බලන් සිත් යොමන්
      සුළු මොහොතක අපි සැනසෙන්නේ
      යළි මහමෙර සේ දුක්‌ වන්නේ
      කිසිවක්‌ නෑ සදහට රැඳුණේ
      ජීවය තණ අග පිණි බිඳුවේ
      මේ සෑමදේම සිහිනයකි
      බලන් සිත් යොමන්
      පතනා දේ සුන් වේ නම්
      නොසිතූ දේ සිදුවේ නම්
      මේ සෑම දේම සිහිනයකි
      බලන් සිත් යොමන්
      ලොව සුන්දර දේ නොපෙනේ නම්
      දෑසක්‌ කුමකට ලැබුණාදෝ
      මිහිරක් සවනට නොදැනේ නම්
      දෙසවන් කුමකට ලැබුණාදෝ
      මේ සෑමදේම සිහිනයකි
      බලන් සිත් යොමන්

      ගායනය - එච්.ආර්. ජෝතිපාල

      Delete
    3. දිනෙක මතුදා දෛවයෝගෙන්
      ඔබව හමුවී නම්..
      සිතැඟි ඉවසා වේදනා දුන්
      ආදරේ මා පවසන්නම්..//

      බැදි ආදරේ සඟවා හිතේ
      නොකියා මෙමා උන්නා..
      ඔබ දන්නෙ නැ - මා කීවේ නැ
      හඬනා හැඟුම් පෙන්නා ළයේ..
      ආදරෙන් අමතාවී..

      දිනෙක මතුදා....

      ඉරණම් ලෙසින් වෙන්වී මගෙන්
      හෙට හෝ ඔබත් යාවී...
      තනිවූ මගේ පෙම් චේතනා
      මට රෑ රිදුම් දේවී හදේ - පසුතැවී අදුරේ..

      දිනෙක මතුදා...

      ගායනය : අබේවර්ධන බාලසූරිය

      Delete
    4. සිංදුවා.... උබේ සප් එක ගැන නම් වචන නෑ... පට්ටයි ආ...

      Delete
    5. සින්දුවා ගහපිය ෂෝට් එකක්

      Delete
    6. ඔන්න මටත් තව එකක් දාපන්...අයිස් කෑටේකුත් එක්ක...

      Delete
  25. අඩේ නුගෙගොඩ කතාවක් මරු ස්ටොරිය බන් දැන් මතක් වෙනකොට ආතල් නේ ඒකාලේ කට්ට උනාට

    ReplyDelete
    Replies
    1. එකෙන්ම.... ඒ කෙල්ලත් බක බක ගාල හිනා වේවි කතා කරේ මීට් උන වෙලේ... ඔහොම ආතල් නැති ජිවිතයක් වැඩකුත් නෑ බලන් ගියාම...

      Delete
  26. තාම මේ බූට් මාසෙ ඉවර නැද්ද බොලා.....

    ReplyDelete
    Replies
    1. අපි ඇන්ද බූට් වල තරම දන්නේ අපිනේ... ඒවා ඔක්කොම දාන්න ගියොත් අවුරුද්දක් විතර සිරාට මේක බූට් කාමරේ කරන්න වෙනවා...

      Delete
    2. නෑ නෑ තව ඉවර නෑ..
      දුකට බොන්න එන්නද වැව් ඉස්මත්තට?
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
  27. උබ මරු බන්.. ඒ කාලේ මෝඩ කමට හරි ඔහොම තනියෙන් ගෙදෙට්ට ගිහින් අහන්න ගට් තිබ්බ කියන්නෙ..ලෝක අන්ඩ පාල චරිතයක් වෙන්නැති නේද..එක අතකට අපි ඉස්සර ලව් කරන්න යන්න ඇත්තෙ ඇත්තටම ආදරේ කියන්නෙ මොකක්ද කියල තේරුම් අරගන්නේ නැතුව වෙන්න ඇති නේද බන්..කොමෙන්ටුව පරක්කු උනා.මොකද අපේ ගල් මෙන්ඩගෙයි සින්දුවගෙයි කොමෙන්ට් ටික අනිවා කියොල තමයි ඉන්නේ මුලින්ම..

    ReplyDelete
    Replies
    1. වයසේ වැරැද්ද බන්... ඉස්සර කෙල්ලෙක් දැක්කොත් මෙකිවම තමයි මන් බඳින්නේ කියලා එකිගේම පස්සෙන් යනවා... දැන් තමයි හිතෙන්නේ අපරාදේ මගේ වටිනා කාලේ කියලා.... එක කෙල්ලෙක්ගෙ පස්සෙන්ම යන්නේ නැතුව තව කෙල්ලෝ 10කට ට්‍රයි කරානම් දෙකක්වත් සෙට් වෙනවා බන්...

      අනිවා අනිවා.... උන් දෙන්නගේ ආතල් නැතුව පොස්ට් එක පාලුයි බන්...

      Delete
    2. //යන්නේ නැතුව තව කෙල්ලෝ 10කට ට්‍රයි කරානම් දෙකක්වත් සෙට් වෙනවා බන්...//
      ඒක මාරාන්තික වැඩක් බං, දෙකක් එක පාර සෙට් උනොත් සුම්ම තමයි. අපේ එකෙක්ට ඕක උනා.

      Delete
    3. ඉන්දි..
      ගෙදරට ගිහින් අහන්න ගට තිබුන කොල්ලෙක්ගෙ පෙම්වතිය වුනා නම් ඒකි මූ කොච්චර ආදරේන් එකිව බලාගනිද?
      අන්තිමට උන් බෑකෝ ගත්තා අපි හූකෝ ගත්තා
      උන්ට හරි ගියා අපිට නින්ද ගියා..
      උඔ ඔවා හිතන්න එපා ඉන්දි ගහපිය තව විදුරැවක් කට කපලා
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
  28. ඉතිං චොකලට් එක ගත්තද?

    //"" පවිත්‍රියි රුක්ෂානියි තාම මං වගේම තනිකඩයි.... ''// ඉතිං ආපහු ගමනේ යා කියලා පටාන් ගන්න නෙව තිබ්බේ

    ReplyDelete
    Replies
    1. චෝකෝ එකට මොනවා උනාද දන්නේ නෑ... මන් අහන්න ගියේ නෑ... අපොයි බෑ... ආපහු බෑ... මට බෑ... බෑ...බෑ...

      Delete
    2. එපා..එපා..එපාමයි ආපහු..
      පල යන්ඩ ඉවානයා පොඩි එකාව ආපහු මෝල් කරන්නෙ නැතුව.

      Delete
  29. බුට් කතා මාලාවම කියෙව්වා.අපේ ජිවිත වලත් අඩු වැඩි වශයෙන් ඔය කතා තියෙනවා.
    මමත් හිතින් තනියෙන් කොයි තරම් කෙල්ලන්ට ආදරේ කරලා ඇතිද?

    ReplyDelete
    Replies
    1. ඒ ගැනනම් කුමට කතාද.... හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්

      Delete
    2. ලොකු අය්යෙ පොඩ්ඩක් ඉඳපන් තව කතාවක් එනව මයිහිතේ......

      Delete
  30. මේ වෙබ්සයිට් එක ගන මට කිව්වේ මගේ හොදම යාලුවෙක්,අත්තටම හුගාක් වටිනවා,කෙනෙක්ගෙ දුක වේදනාව කියාගන්න කෙනෙක් නැතිව හිතෙන් විදවන අය ගොඩක් ඉන්නවා!අහෙම අයට මෙහෙමහරි තමන්ගෙ දුක බෙදාගන්න දෙන ඒක ලොකු උදව්වක්,ඒ වගෙම ලොකු පිනක්! මේ හැම කතාවකම පොඩි සිද්දියක් හරි අපෙ ජිවිත වල තියෙනවා! මේ කතාව එවල තියෙන කෙනාගෙ ආත්ම ශක්තිය ගැන හුගක් සතු‍ටුයි,ඒත් කවදාවත් තමන්ගෙ හදවතින්ම අවන්කව කරපු දෙයක් වරදින්නෙ නෑ!ඒක ඒ වෙලවෙ වැරදුනත් කවදහරි ඒකෙ ප්‍රතිපලය දෙගුන තෙගුන වෙලා ලැබෙනවා!ඒ නිසා කවදවත් ඒ කොල්ලට වැරදෙන්නෙ නෑ! ඒ තිබුන හයිය හැමදාම තියාගන්න! සිරා කොල්ලට හුගක් ස්තුති කෙල්ලන්ට කොහොම උනත් කොල්ලන්ට මේ කරන සේවයට!

    ReplyDelete
    Replies
    1. එකෙන්ම... සිරා ගොයියට බොක්කෙන් ටැංකු කිව්වත් මදි....

      Delete
  31. කතාවෙ අවසානය හිතන් හිටියට වඩා වෙනස් ... :)

    ReplyDelete
    Replies
    1. එකනේ කියන්නේ.... අන්තිමට හිතන් හිටපු දේ උනේ නෑනේ....

      Delete
  32. මේ හැම කතාවකම කෙල්ලො නිසා දුක් විදින චාටර් කාපු කොල්ලො ...ඒත් මගෙ කතාව ඊට වෙනස් මම කෙල්ලෙක්ට දුක් දීල අම්බානට දුක් වින්දා ...හිතාගන්නවත් බෑ ..රූපෙට වශී වෙලා කතාවට වශී වෙලා,,කොහෙවත් යන බොරු ගෑනියෙක්ගෙ ආදරෙන් අන්ද වෙලා හිටපු මට අන්තිමට ඉතුරු උනේ මට ජීවිතෙ දුන්නෙ මම දකින්නත් පිලිකුල් කරපු,මම පුලුවන් හැම විදියකටම බයිට් කරපු..මම පන්ති නොගියම නොට්ස් ටික ලියාගන්න , තියාගෙන හිටපු අහින්සක කෙල්ල විතරයි,මගෙ ගැන හිතෙ ආදරෙ තියාගෙන මට කියන්නෙත් නැතුව මම තව කෙල්ලෙක්ගෙ අත අල්ලගෙන යද්දී ඒ හිතේ ඇතිවුන දුක අර ගැනී නිසා මට ලැබුනා,ඒත් ඒ කිසිම දේකට ඒ කෙල්ල මට වෛර කලේ නෑ!ඒ වෙලාවෙ මට මම අර කෙල්ලට දීපු හැම දුකක්ම ‍ෆිල්ම් ඒකක් වගේ මැවිලා පෙනුනේ, කන්නෙත් නැතිව බේබද්දෙක්ම වුනා මාව,මට අර ගැනිව අමතක කිරිම කෙසෙ වේතත් අර කෙල්ලවමයි මතක් වුනෙ,අන්තිමට පෙර සන්සරෙක කරපු පිනකටද කොහෙද අන්තිමට මට ඒ කෙල්ලවම ලැබුනා,ඇත්තටම සමා වෙන්න ඔනේ..මට මේ හැම කතාවක්ම කියවද්දි මේ කතාවත් කෙටියෙන් හරි කියගන්නෙ නැතිව ඉන්න බැරි වුනා ,,,ඇත්තටම හොද කෙල්ලොත් නැත්තෙමත් නෑ මචන්ලා..ආදරෙ කරන්න උන් හොයාගන්න ලෙසියි,ඒත් ඇත්තට ආදරේ කරන්න කෙනෙක් ඇත්තට ආදරේ කරන අවන්ක හිතක් හොයගන්න අමාරුයි.අපිත් නොදැනිම අපිට ආදරේ කරන උන් කොයිතරම් ඇතිද එහෙම කෙනෙක්ව සිහියෙන් හිටියොත් හොයාගන්න පුලුවන් ,,,මේ බුට් කාපු කොල්ලනේ දුක් වෙන්න එපො....උබලගෙ ජිවිතෙත් මේ කොහෙහරි ඇති...සිහියෙන් හිටපල්ලා...තමන්ට ආදරෙ කරන කෙනෙක් හොයගන්න පුලුවන් කවදාහරි,,,මේකප් ගාගත්තු වෙසක් කූඩු ලග ආදරේ නෑ..උන් ලග තියෙන්නෙ කෑදරෙ...හ්ම්ම්ම් සිරා කොල්ලොන්ට ජය වේවා,,,

    ReplyDelete
    Replies
    1. මටත් ඔහොම එකක් තිබ්බ ඇනෝ..මගේ කතාවෙදි මම කියපු සිටුබණ්ඩාර සර් ගේ පන්තියේදී මාව දැනගෙන හිටපු,පසු කාලීනව මට වරකාපොල ටෙක් එකේදි මුලිච්චි උණු කෙල්ලක් අවුරුදු ගානක් මාගැන බලාගෙන උන්න.නමුත් ඒ කාලේ මගේ හිතේ තිබුනේ නැහැ කිසිම කෙල්ලෙක් ගැන අනුකම්පාවක්.මම ඒ කෙල්ලව ගනන් ගත්තෙම නෑ.ඒ කාලේ මගේ හිතේ තිබ්බේ ගෑනු ගැන පුදුමා කාර තරහක්.පසු කාලෙක මම ඇයට පහදල දුන්න මගේ හිතේ කිසිම බලාපොරොත්තුවක් නෑ එයා ගැන කියල.එදා හොදටම අඩලා වැලපිලා ගියා..ඒත් හිතේ ආදරය නැතුව එකට ජිවත් වෙන්න බැහැනෙ.එයා ලස්සනයි හොදයි නමුත් මම බලාපොරොත්තු උන සමහර ගතිගුණ නැහැ.කොහොම උනත් ඒ ළමය මම විවාහ වෙලත් අවුරුදු 13ක් යනකන්ම බදින්නෙ නැතුව හිටිය.අන්තිමට ගිය අවුරුද්දෙ තමයි බැන්දේ.ඕව ඔහොම තමයි..හැබැයි මම වචනෙකින්වත් ඒ ළමයට බලාපොරොත්තු දීල නෑ..ඒ ගැන සහතිකයි.

      Delete
    2. මමත් දන්න කොල්ලෝ ඉන්නවා උන් එක පාර කෙල්ලෝ දෙතුන් දෙනත් එක්ක යාළු ඉන්න....

      Delete
  33. apo...ow me kaale inna pavichchi karala anatha karala anthimata dala yana unta vadiya ...uba hodai ban...kollekta kellek unath...kellekta kollek unath lassana nisa hari hoda gathiguna nisa hari hitha yanawa..panath dei sirawatama love nam ,,eath eken kiyanne na ea 2na atharama aka wagema adare athi venna one kiyala,,eath etn hithe adare thiyagena silence ake edala mulu jivitha kaalema thaniyama edala marila giya un unath issara hitiya kiyanne..un tikak mole kalpana kalanam unta kamathi akekuth me loke athi kiyala unta waradenneth na..adare andai kiyanne okane ban..aka akkenage hithe hati thamai..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්..........

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...