Monday, July 6, 2015

75 රඹුටන්

රතට රතේ බැබලෙන රඹුටන් ගෙඩියක් දැක්කම කාටද රස බලන්න හිතෙන්නෙ නැත්තෙ. ලොකු කුඩා කවුරුත් රඹුටන් ගෙඩියක රස බලන්න කැමතියි. මේ පළතුරේ පෙනුමත් ඉතාම ආකර්ශනීයයි. රඹුටන් කිව්වම කාට කාටත් ඉක්මනට මතකයට එන්නෙ මල්වාන. වෙළඳපොල ඉලක්ක කරලා විවිධ ප්‍රභේද මුසු කරලා හදපු අලුත්ම රඹුටන් වර්ග මල්වානෙ වගා කරලා තියෙනවා.


මල්වානේ රඹුටන්

ඉස්සර සිරා කොලුවගෙ පන්තියෙ හිටියා මල්වානෙ රඹුටන් වතු හිමියෙකුගෙ පුත්‍රයෙක්. තමන්ගෙ වත්තක රඹුටන් ඵලදාව නෙලපු දවසට පහුවදා ඒකා පාසල් ආවෙ විශාල උරයක් පුරවලා රඹුටන් අරගෙන. ඒවා එක එකාට වෙන වෙනම බෙදිල්ලක් නෑ. පාසලේ විවේක වෙලාවට පන්තිය මැදට එන අපේ රඹුටන් යාලුවා. ඉඳා කාපියව් කියලා බෑග් එක ඩෙස්ක් එකක් උඩට අත අරිනවා. එතනින් පස්සෙ කොල්ලො මේස පුටු පෙරලගෙන රඹුටන් ගෙඩියකට පොර බැදපු හැටි මට තවමත් මතකයි.

ඒ වගේම සිරා කොලුවා පුංචි එකා සන්ධියෙ අපේ මිදුලෙත් තිබුනා විශාල රඹුටන් ගහක්. මේ වර්ගය මස් ගැලවෙන පැණිරස එකක් නොවුන නිසා වැඩියෙන්ම කෑවේ ලේන්නු...එහෙමත් නැත්තං වවුල්ලු. ඒත් කහ පාටට රඹුටන් ගෙඩි වලින් ගහ බර වෙද්දි ගමේ කොල්ලො කුරුට්ටන්ට එන්න කියලා වැඩිහිටියෙක් ලව්වා රඹුටන් අතු පාහින එක අපේ නැසීගිය ආච්චි අම්මගෙ සිරිත. එයින් පස්සෙ ගහ යට එකතුවෙන්නෙ රඹුටන් කන්දක්. ඇති පදං අරං පලයල්ලා...වටෙන් පිටෙන් ආපු කොලු කුරුට්ටන්ට ආච්චි අම්මා එහෙමයි කිව්වෙ. 

රඹුටන් එක්ක මැලේ නංගියෙක් 
සිරා කොලුවා වර්තමානයේ ඉන්න මැලේසියාව රඹුටන් ගැන කථා කරනවා නම් අනිවාර්යෙන්ම සිහි කල යුතු තැන. ඒ රඹුටන් වල නිජබිම මැලේසියාව නිසයි. මැලේ භාෂාවෙන් කෙස් යන අරුතෙන් බිඳී ඇවිත් තමයි රඹුටන් කියන නම හැදිලා තියෙන්නෙ. ඒ රඹුටන් ගෙඩියේ කෙස් වැනි කෙඳි විශේෂයක් තියෙන නිසයි. Rambut කියලයි මැලේ භාෂාවෙන් කෙස් හඳුන්වන්නෙ. ලංකාවෙ නැති රඹුටන් ප්‍රභේද පවා මම මෙහිදි දැකලා තියෙනවා.


ලංකාවේ දකින්නට නැති රඹුටන් විශේෂයක් මැලේසියාවේදී...
දැනට මාස දෙකකට වගේ කලින් ඉඳන්ම මැලේසියාවෙ දේශීය රඹුටන් පළඳාව සිරා කොලුවා අඩුම කුඩුම ගන්න යන එන රාත්‍රී වෙළඳපොලේ ලෑලි මේස උඩට එන්න පටන් අරගත්තා. ඒවා රස අතින් ලංකාවෙ මල්වානට දෙවැනි උනාට ඉතාම ඉහළ රසයකින් යුක්තයි. රඹුටන් අළෙවියෙදි එක ගෙඩියකට ලංකාවෙදි මිළ නියම කලාට මෙහෙ එහෙම නෑ. මැලේසියාවෙදි රඹුටන් අළෙවි කරන්නෙ කිලෝ ගානට. මමත් ඉතිං කීප වතාවක් කිලෝ එක බැගින් අරගෙන ඇවිල්ලා රඹුටන් කන අතරෙදි තමයි අද බොලාට කියන මේ විස්තර ටික මුලිච්චි උනේ. රඹුටන් කෑවට රඹුටන් ගැන විස්තර /  පෝෂ්‍ය ගුණය ගැන එහෙම බොලා දන්නෙ නෑ නොවැ. එහෙනම් අද ජාලෙන් පෙරලපු ලිපියෙන් ඒ ගැන දැනගනිමු.


මැලේසියාවේ රඹුටන් අළෙවි කරුවෙක්...වම් පැත්තේ තිබෙන්නේ Lychee

රඹුටන් විද්‍යාත්මකව හඳුන්වන්නෙ  Nephelium Lappaceumis යනුවෙන්. ලෝකයේ ඇති පළතුරු අතරින් රඹුටන් වලට ලැබෙන්නෙ ඉතාම සුවිශේෂී තැනක්. මේ පළතුර ගැන ගොඩාක් අය වැඩි තොරතුරක් දන්නෙ නෑ.  LycheeLongan, Mamoncillo කියන්නෙ රඹුටන් වලට සමීප ලක්ෂණ පෙන්වන තවත් පළතුරු වර්ග. මේවායින් පළමු දෙවර්ගය මැලේසියාවෙදි රස බලන්න මට හැකියාව ලැබුනා. Longan නැමති පළතුර ලංකාවේ මොර වලට සමානයි කියලයි මොර කාලා තියෙන අය මෙහෙදි මට කිව්වෙ. එය ඉතාමත් රස පළතුරක්. රඹුටන් වල නිජබිම මැලේසියාව උනාට අග්නි දිග ආසියාවෙ හැම රටකම වගේ රඹුටන් දකින්න පුලුවන්.


රඹුටන් වලට ඉතාමත් කිට්ටු  Lychee



Longan
රඹුටන් ගස් වලත් ගැහැණු හා පිරිමි වශයෙන් ප්‍රභේද දෙකක් තියෙනවා. ඒ වගේම මේ දෙවර්ගයේම ගති ලක්ෂණ සහිත ද්විලිංගික රඹුටන් ශාකත් දකින්න පුලුවන්. පිරිමි ගස් වල පිරිමි මල් පමණක් හට ගන්නා අතර ගැහැණු ශාක වල ගැහැණු මල් පමණයි හට ගන්නෙ. ද්වි ලිංගික රඹුටන් ගස් වල මේ දෙවර්ගයේම මල් හටගන්නා නිසා මේ වර්ගයේ ශාඛයන්ගෙන් ඵලදාව උපරිමයෙන් ලැබෙනවා. පිරිමි ගස් වල රඹුටන් මල් හටගත්තත් රඹුටන් ගෙඩි ඵල දරන්නේ නෑ.

රඹුටන් මල්

රඹුටන් මල් වලින් ඉතා මිහිරි සුවඳක් හමනවා. ඇතැම් රටක රඹුටන් මල්, විචිත්‍ර මල් පොකුරු සැකසීම සඳහාත් යොදා ගන්නවා. ඒවා සුදු හෝ කොළ පැහැයෙන් යුතුයි. මේ ඉහළ සුවඳ නිසාම රඹුටන් මල් වලට විශාල වශයෙන් මී මැස්සන් ආකර්ශනය වන ආකාරය දකින්න පුලුවන්. මේ පළතුරේ මිහිරි රසයට අමතරව මනා පෝෂණයකුත් සිරුරට ලැබෙනවා. ඒ කොහොමද කියලා දැන් කියවලා බලමු. 

මිනිස් සිරුරට යකඩ ලැබෙන ප්‍රධානම ආහාරයක් ලෙස බොහෝ අය දන්නේ නිවිති ගැන වුවත් රඹුටන් වලිනුත් එය ලැබෙන බව ඔබ දැන සිටියාද ? රඹුටන් යකඩ වලින් පරිපූර්ණ පළතුරක්. යකඩ කියන්නෙ මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය පෝෂණ සංඝටකයක්. පෙණහළු වල සිට ශරීරයේ  විවිධ මාංශ පේශීන් වෙත රුධිරයේ හිමොග්ලොබින් හරහා ඔක්සිජන් ප්‍රවාහනයට යකඩ උපකාරී වෙනවා. යකඩ ඌණතාව ඇති වූ විට ඉක්මනින් වෙහෙසට පත් වීම සහ හි‍සේ කරකැවිල්ල වැනි රෝග ලක්ෂණ දකින්න පුලුවන්.

ශරීරයේ අනවශ්‍ය මේදය ඉවත් කල හැකි පළතුරක් ලෙසත් රඹුටන් සැලකෙනවා. රඹුටන් ඵලය තන්තුමය වශයෙන් ඉතා ඉහළයි. සිරුරේ අනවශ්‍ය මේදය ඉවත් කරලා ශරීර‍යේ බර අඩු කරන්නට රඹුටන් ඇට වලටත් පුලුවන්ලු. රඹුටන් ඇට හොඳින් පොඩි කරලා වෙනත් ආහාරයක් සමග මුසු කොට ආහාරයට ගැනීමෙන් ශරීරයේ බර අඩු කරගන්න හැකිලු.

රඹුටන් ලෙල්ලෙන් අතීසාරය / පාචනය වැනි රෝගී තත්වයන්ට ප්‍රතිකාර කල හැකි බව මමත් පළමු වතාවටයි දැනගත්තෙ. රඹුටන් තවත් අමුද්‍රව්‍ය කීපයක් සමග සමග මුසුකර ලබා දීමෙන් කල්ගත වූ උණ රෝග තත්වයන් කාර්යක්ෂමව සමනය කල හැකි බව නවීන විද්‍යාවෙන් හොයාගෙන තියෙනවා. ඒ වගේම රඹුටන් ලෙල්ලෙ අන්තර්ගත වෙලා තියෙන Gallic අම්ලය, ශරීරයේ ඔක්සිකරණ ක්‍රියාවලියේදී විය හැකි හානි අවම කරනවලු.



මේ පළතුර කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන් වලිනුත් බොහොම සන්නද්ධයි. රඹුටන් මඳය තුල ජලයද විශාල ලෙස ඇති නිසා පිපාසය සංසිදුවා ක්ෂණිකව සිරුරේ ශක්තිය ඉහළ දමන්නට පුළුවන් නිසාම‍ ක්‍රීඩකයන්ට රඹුටන් වලින් ගත හැකි සේවය ඉමහත්.

රඹුටන් තුල කොපර් සහ මැංගනීස් යන අමුද්‍රව්‍යත් සංයෝග වෙලා තියෙනවා. රතු සහ සුදු රුධිරානු වර්ධනය පිණිස කොපර් ඉවහල් වෙනවා. ශරීරයේ නොයෙකුත් එන්සයිම වර්ග නිපදවීම සහ ඒවාය‍ේ ක්‍රියාකාරීත්වයට මැංගනීස් අවශ්‍යයි. මිනිස් සිරුරේ බොහෝ ජීව විද්‍යාත්මක ක්‍රියාකාරකම් සඳහා මෙලෙස නිපදවෙන එන්සයිම උපකාර වෙනවා. ඒ වගේම රඹුටන් තුල අන්තර්ගත ඉහළ ජල ප්‍රතිශතය සමේ තෙතමනය ආරක්ෂා කරමින් එය මෘදුව තබා ගැනීමටත් උදව් වෙනවා.

මේ පළතුර විටමින් C වලින් අනූනයි. ඔබ රඹුටන් ගෙඩි 10-12 ප්‍රමාණයක් වරකට ආහාරයට ගත්තා නම් ඒ සමග ඇස්කෝබික් අම්ලය මිලිග්‍රෑම් 75 - 90 අතර ප්‍රමාණයක් ඔබේ සිරුරට ලැබී අවසන්. එය හරියටම දිනකට අවශ්‍ය ඇස්කෝබික් අම්ල ප්‍රමාණය මෙන් දෙගුණයක්. 

විටමින් C අපේ ශරීර වල පැවැත්මට කරන සේවය බොහොම වැඳගත්. ලෙඩරෝග වලින් අපිව ආරක්ෂා කරන්න ඉස්සෙල්ලම සටන් වඳින්නෙ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය. මේ පද්ධතිය බලගන්වන්නට විටමින් C  දායක වෙනවා. ඒ වගේම විවිධ ආහාර මගින් ශරීරයට ලැබෙන ඛනිජ ලවණ ශරීරයට අවශෝෂණය පිණිසත් විටමින් C උපකාරී වෙනවා. 

අපේ වකුගඩු තුල තැන්පත් වෙලා තිබෙන විවිධ අපද්‍රව්‍ය ඉවත් කරන්නටත් රඹුටන් වලට හැකියි. ඒ මේ පළතුරේ අඩංගු ෆොස්පරස් නම් සංඝටකය නිසයි. මෙයට අමතරව මිනිස් සිරුරේ ගෙවීගිය සෛල අලුත්වැඩියා කරන්නටත්...අලුත් සෛල ඇති කරන්නටත් ෆොස්පරස්  දායක වෙනවා.

එදිනෙදා සුලභව දකින්න පුලුවන් සමහර රෝගාබාධ වලටත් රඹුටන් මගින් සහනය ලැබෙනවා. හිසේ කැක්කුම සඳහා රඹුටන් කොළ තලපයක් පරිද්දෙන් සකස් කොට නළලේ තැන්පත් කිරීමෙන් සහනය ලැබෙනවාලු. ඒ වගේම පාචනය / අතීසාර වැනි තත්වයන්ට රඹුටන් මුල් මගින් සහනය ලබා ගත හැකියි. රඹුටන් ඇට මගින් දිය වැඩියා රෝගීන් පෙළන අපහසුතා යම් තරමකට අඩු කල හැකි බවත් පැවසෙනවා. ඒ අනුව බැලුවම රඹුටන් කියන්නෙ හුදෙක් පළතුරක් පමණක් නොවන වග පැහැදිලියි. 

රඹුටන් පත්‍ර මගින් ඔබේ හිසකෙස් වලට පෝෂණය ලබාදිය හැකි බව කවදාවත් අහලා තිබුනද....රඹුටන් පත්‍ර ජලය මිශ්‍ර කරමින් හොඳින් කොටාගෙන එහි ඉතිරිවන කෙඳි ආදිය ඉවත්කොට හිසේ මඳ වේලාවක් ගල්වා තබා සේදීමෙන්, සති කීපයකදී යහපත් ප්‍රතිඵල ලබාගැනීමට හැකියාව තියෙනවලු. ඒ වගේම රඹුටන් අනුභවය මගින් පුරුෂ පාර්ශවයේ ශුක්‍රානු ගිනුම ඉහළ දමන්නටත් හැකියාව තිබේලු. මේ සඳහාත් දායක වෙන්නෙ රඹුටන් තුල අඩංගු විටමින් C .

මැලේසියාවෙ Kebangsaan සරසවිය විසින් රඹුටන් වල අප ආහාරයට නොගන්නා කොටස් විවිධ පිළිකා වලට එරෙහිව යොදාගත හැකි බව දැන් සොයාගෙන තිබෙනවා. ඒ ඔස්සෙ ඔවුන් තව දුරටත් පරීක්ෂණ පවත්වන බවයි දැනගන්න තියෙන්නෙ.

රඹුටන් ගෙඩියක් ඇතුලෙ කොපමණ වටිනාකමක් තියෙනවද කියලා දැන් ඔබ දන්නවා. මීට කලින් කවදාවත් රඹුටන් ගෙඩිය මේ තරම් වටිනවා කියලා ඔබ හිතුවෙ නැති උනත්, අදින් පස්සෙ මාර්ගය අද්දර රඹුටන් විකුණන වෙලාවක ඔබ අහක බලාගෙන යන්නෙ නැති විත්තිය නම් මට විශ්වාසයි.

අද ලිපියට මූලාශ්‍රය




මම කාමරේ අරින සිරා කොලුවා.

75 comments:

  1. එල්ලෙන සියල්ල රඹුටන් නොවේ කියලා කියමනකුත් තියෙන්නෙ...

    ගඩුගුඩාත් ටිකක් රඹුටන් වගේ නේද? මං හිතන්නෙ එකම කුලයේ වෙන්න ඇති. රඹුටං වගේම රහ ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ඔය රඹුටන් එල්ලෙන කථාව එක්තරා ප්‍රධාන කාන්තා පාසලක වැසිකිළියක ලියලා තිබුනා කියලා ඒ පාසලට විභාගයක් ලියන්න ගිය එකෙක් වතාවක් මට කිව්වා. ගඩුගුඩා වල මඳය රඹුටන් වල වගේ ගැලවිලා එන්නෙ නැති නිසා වෙන්න ඇති එය මෙතනට දාලා නැත්තෙ. රඹුටන් වලට සමානයි කියලා මෙතන දක්වලා තියෙන අනිත් පළතුරු සියල්ලේම මඳය හොඳින් ගැලවෙනවා.

      Delete
  2. රඹුට් කියන්නේ කෙස් වලට බව දැනගන්න පුලුවන් මැලේෂියන් ෂැම්පූ බෝතලේක ලේබලේ කියෙව්වාමත්.

    රඹුටන් කිලෝවක් ලංකාවෙ රුපියල් වලින් කීයක් විතර් වෙනවද සිරා?

    රඹුටන් මතක ගනනාවක් අපිට තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අද මම ගත්තා කිලෝ හතරක්ම රුපියල් වලින්නම් 360 කට විතර

      Delete
    2. සාමාන්‍යයෙන් කිලෝවක් රිංගිට් 4 හෝ 5 ක් තමයි වෙන්නෙ. මේ දවස් වල තියෙන අනුපාතය අනුව 5 x 35 = රුපියල් 175/-

      රාළට කිලෝ හතරක්ම රුපියල් 360 ක් වගේ අඩු ගානකට දුන්නෙ රඹුටන් කඩපු හාදයද... ශුක්‍රාණු ගිණුම ඉහළ යනවා කිව්වා විතරයි...කිලෝ හතරක්ම අරගෙන...හැක්...

      Delete
    3. උබ මෙහෙ තියෙන ෆුඩ් සිටියෙන්ද බන් රබුටන් ගන්නෙත්

      Delete
    4. ඔච්චර අඩුවට කොහෙද අනේ රඹුටන් දෙන්නෙ...අපේ ගේ ලග පොලේ කිලෝව රිංගිට් 5...අද මස්ජිඩ් ඉන්දියා වල දැක්කා කිලෝව 6...

      Delete
  3. තායිලන්තෙ ගිය වෙලාවක රඹුටන් කෑව කිලෝ ගානට... ඒ රහ නං තාම මතකයි....

    ReplyDelete
    Replies
    1. තායිලන්තයත් පළතුරු වලින් ඉතාම පොහොසත්...ලයිචි එහෙම තායිලන්තයෙන් මෙහෙටත් ආනයනය කරනවා.

      Delete
  4. ඉතා අගෙයි සිරා මලේ. වටිනා විස්තරයක්. අපි පුංචි කාලෙ රඹුටන් ඇටත් කොස්ඇට බදින්නැහෙ කබලෙ බැදලා කාලා තියෙනවා. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. හැබෑට...මම මේ ලිපිය කියවනකං රඹුටන් ඇට ප්‍රයෝජනයට ගන්නවා කියලා දැන් උන්නෙ නෑ.

      Delete
    2. මම නම් දැනන් හිටියෙ ඇටේ ගිලුනොත් බඩේ පැලවෙනවා කියලා විතරයි

      Delete
    3. හෙහ් හෙහ්... කාලා බලපල්ලකො. කොස්ඇට බැද්දා වගේ. කිරිරහ එමටයි.

      Delete
    4. වෙලාවක ටැස්ට් කොරලා බලන්න ඉටා ගත්තෙමි.

      Delete
  5. යකෝ මෙලෝ සිහියක් නැතුව ගිලල දැම්මට රඹුටන් වලට මෙච්චර දෙයක් කරන්න පුලුවං කියල දැනගෙන හිටියෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. මෙච්චර දෙයක් කිව්වෙ ශ්‍රක්‍රාණු ගිණුම ඉහළ දාන්න පුලුවන් වගේ දෙයක්ද...

      Delete
  6. රඹුටං කාපු ගමන් සවුන්ඩ් කාඩ් එකට කෙළවෙනව දවස් ගාණකට
    ඒකනෙ එපා වෙන්නෙ..
    ස්තූතියි සිරා අය්යෙ මේ තොරතුරු වලට..
    හෙන්රි අය්ය අහපු පස්නෙට උත්තරයක් දියෝ

    ReplyDelete
    Replies
    1. පොත්ත කටින් ගලෝපුවහම තමයි එහෙම වෙන්නෙ.

      Delete
    2. හෙන්රි සෑර්ගෙ ප්‍රශ්නයට උත්තර දුන්නා. මමත් ගෙදර ගෙනාවම කිලෝවට තනියම තමයි වග කියන්නෙ දවස් දෙකට...ඊට පස්සෙ උගුරෙ පොඩි දැවිල්ලක්..නම් ඉතිරි වෙනවා දවසක් දෙකක් යනකං...

      Delete
    3. රඹුටන් සැරයි කියලනෙ කියන්නෙ. 10ක් විතර කෑවොත් සොරිම තමයි.

      Delete
    4. >>මමත් ගෙදර ගෙනාවම කිලෝවට තනියම තමයි වග කියන්නෙ දවස් දෙකට<<

      >> ශුක්‍රාණු ගිණුම ඉහළ යනවා කිව්වා විතරයි...කිලෝ හතරක්ම අරගෙන...හැක්...<<

      ඉහත ප්‍රකාශ දෙකම සිරාගේ කමෙන්ට් වලින් උපුටා ගන්නා ලදි.

      Delete
    5. මොකෝ හෙන්රි සෑර්..මාලදිවයිනේ රඹුටන් නැතෙයි....

      Delete
    6. තියෙනවා. කිලෝඑකක් රුපියල් අටසිය පනහක්, දාහක්, එකදාස් දෙසීයක් වගේ වෙනවා.

      Delete
    7. අඩේ රස්සාවෙන් අස් වෙලා ඔහෙට රඹුටන් පැටෙව්වොත් නරකද කියලා මගෙ අක්මාවට දැනුනා..

      Delete
  7. මම අවුරුද්දෙ වැඩි හරියක් ඉන්නෙ දෙකටන. සිරා ඒ පැත්ත හොදට දන්නවා ඇති. මල්වාන අල්ලපු වැටේ නිසා රඹුටන් කාලෙට ඉතින් අවුරුදු වගේ තමයි. මම ඉන්න දිහා රඹුටන් ගස් හත අටක් තියෙනවා කන්න එකෙක්වත් නෑ. හැමදාම 50ක් 60ක් කාලා අන්තිමට දිවත් පලාගෙන තමයි නතර වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. රඹුටන් බොහොම සැරයි කියලා අපේ අම්මලා ඉස්සර වැඩිය කන්න දෙන්නෙත් නෑ නොවැ. ඒ ඇත්තො මේ ලිපියෙ තියෙන තරම් ගුණ රඹුටන් වල තියෙන බව දන්න‍ෙ නැතුව ඇති. හොඳ පැණිරස රඹුටන් ගහක් කිට්ටුවෙන් ඉන්නවා කියන එක සතුටක් නේද...නෙත රසඳුනක් රතු වෙච්ච රඹුටන් ගහක් දකින එකත්...

      Delete
  8. මෙහේ රඔුටං කිලෝ එකක් ගන්න ඉඩමක් උගස් තියන්න වෙනවා..
    රඔුටං වගේ මැලේ නංගියෙක් අරන් වර

    ReplyDelete
    Replies
    1. මේ මෙන්ඩ කියන දේ අහල මැලේ නංගිල ගේන්ඩ ගිහින් ඕකුන් රඹුටං ගලවල එවයි.

      Delete
    2. කම්මල
      රඔුටං වල කෙදි ටික ගලවලා එවයි.

      ඩ්‍රැකි
      මගේ යෝඡනවා එල ද බ්‍රා නේද?

      Delete
    3. ඔරිජිනල් මැලේ නංගිලා ගේන්න එහෙම බෑ මෙන්ඩයියෙ රජයේ විශේෂ අවසරයක් හරි කෙල්ලගෙ තාත්තගෙ අවසරය හරි ඕනෙ..වෙන ආගමක මැලේ නංගියෙක් නම් කරදරයක් නැතුව ගේන්න පුලුවන්. අැස් හීනි චීන නංගියෙක් අරගෙන එන්නද...

      මෙහෙ කලින් අවසර ගන්නෙ නැතුව මුස්ලිම් තරුණියො වෙන ආගමක කෙනෙක්ව බැන්දොත් රජයේම ආගමික නිලධාරීන් පිරිසක් ඉන්නවා එහෙම මගුල් වලට පැනලා ජෝඩුවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ අය ආවොත් උත්සවේ එතනින් සමාප්තයි.

      Delete
    4. හා හා ..කරන දෙයක් ඉක්මනට .නැත්නම් ඇස් පෙන්නේ නැති චීනෙක් තමා හොයා ගන්න වෙන්නෙ..

      Delete
    5. අපිත් බලාගෙන ඉන්නෙ වෙඩිං කේක් කෑල්ලක් කාලා අරක්කු ටිකක් බොන්න

      Delete
    6. කොහෙද ඉතිං මෙන්ඩලා කේක් කෑල්ල කන්න බලාන හිටියට අපිට පෙළවහක් වෙන්න කිසි හැල්ප් එකක් දෙනවා කියලයැ...ඇහුවොත් ඉතිං කෙල්ලො වට කරගෙනලු ඉන්නෙ...

      මල්කොබා අනිත් එකා...තනියම ගොඩ ගියා අපිව හලාගෙන...තොපිලා වැටිලා ඉන්න අමාරුවෙ අපිවත් දාපියව්කො...

      Delete
  9. කිලෝ ගානට රඹුටන් කනවා කිව්වා? අපිට නොදී??? මම රඹුටන් වලට ආසයි ( මේ මොනවා කියනවද, සුද්ද සිංහලෙන් කිව්වොත් රඹුටන් පෙරේතියක්) මේවා දැකල දැන් පිස්සුව තද වෙනවා. හය්යු

    ReplyDelete
    Replies
    1. ඇත්තටම උපේක්ෂා මමත් රඹුටන් වලට ඉතාමත් මනාපයි...ඊට වඩා මනාපයි දූරියන් කන්න. දූරියන් තරම් රසවත් වෙනත් පළතුරක් නෑ. මේ දෙවර්ගයේම නිජබිම මැලේසියාව. මෙහෙ සමහර තැන් වල දූරියන් කන්න පාර අද්දර ඉඳිකරපු කඩ තියෙනවා. මැලේසියාවෙ දූරියන් හැදුනට අනෙක් පළතුරු වලට සාපේක්ෂව මිළ ඉහළයි දූරියන් වල. දූරියන් ඇට සිහින් පෙති කපලා ජල වීදුරුවකට දාලා රැයක් තියලා උදේට හිස් බඩ බිව්වම මුත්‍රා රෝග සමනය වෙලා සිරුරට ලොකු ශක්තියක් ලැබෙනවලු...ඒ වගේම ලිංගික ශක්තියත් සෑහෙන ඉහළට දානවලු...ඒ නිසා සමහරු දූරියන් හොය හොයා කන්නෙ.

      Delete
    2. සමාවෙන්ට මෙයා... දූරියන් ??? ඈක්කා......

      නුවර හැමතැනම තියන් විකුනනවා. අපොයි මට නම් ඉවසන්න බැහැ ඒ ස්මෙල් එක.

      රඹුටන් නම් ඉතින් උරයක් උනත් කිසි ගේමක් නැතුව කාගෙන කාගෙන කාගෙන කාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ දවසේ අමාරුවෙන් ඇස්දෙක ඇරලා ඉක්මනට නාගත්තම ඔක්කොම හරි. මගේ ඔහොම පිස්සුවෙන් කන කෑම ඔක්කොම වගේ උෂ්නයි කියන කැටගරියේ. අන්නාසි, මැන්ගුස් , කොකෝව, මොර, ගඩුගුඩා, ගල් සියඹලා , සියඹලා ඔක්කොටමත් මගේ ප්‍රතිපත්තිය ඉහත කියපු එක තමයි. තවත් එහෙම එකක් තියෙනවා. ඒතමයි වරකා.... අම්මෝ මතක් වෙනකොටත් කටට කෙල උනනවා. මට හරි අකරතැබ්බයක් උනා ඔය වරකා කාල එකපාරක්

      Delete
    3. හරි දැන් මේක රඹුටන් කතාවක්නේ. කෙල්ලෙක් කියල කිව්වා ගමං දුරියන් කතා කියන්නේ උඹ අහෙනියකින්ද ඉන්නේ හැබැට

      Delete
    4. කථාව රඹුටන් උනාට බොල මම කිව්වෙ මැලේසියාවෙ තත්වය ගැන. උඹට මොකද මේ තරම් ලේ කෝප වෙලා..වෙලාවක දූරියන් ගෙඩියක් අරගෙන කාලා බලහං...

      උපේක්ෂාට වෙච්ච අකරතැබ්බය ගැන මට හිතාගන්න පුලුවන්...වරකා කෑවම එහෙම අකරතැබ්බ වෙච්ච කථා කීපයක් මම අහලා තියෙනවා.

      Delete
  10. මේ සැරේ අපේ පුංචි ගෙවත්තේ ඇති රඹුටන් ගහ බොම සරුසාර අස්වැන්නක් දුන්නා. මුළු ගමටම බෙදන්න පුළුවන් වුනා.

    මම ලයිචීස් කාල තියනවා ටින් වල අසුරපු ඒවා. මම හිතන්නේ සුපිරි වෙළඳසල් වල අදත් ගන්න ඇති.

    රඹුටන් රසය ලිපිය පුරා තියනවා. බොහොම අගෙයි.

    ReplyDelete
    Replies
    1. රඹුටන් ගස් ලපටි කාලෙ ලොකු ගෙඩි හොඳ පළදාව..හැබැයි ගහ පරණ වෙද්දි ගෙඩි වල ප්‍රමාණය පොඩි වෙලා පළදාවත් පල්ලං බහිනවා. තමන්ට තියෙන ‍දෙයක් බදාගෙන තනියම භුක්ති විදින්නෙ නැතුව ගමටම බෙදපු එක නම් වටිනවා...විචාරක තුමාට මගෙන් සැලියුට් එකක්..

      Delete
  11. හප්පේ! රඹුටන් කාල කාල මගෙ ඇඟේ දැන් රඹුටන් වගේම රතුපාට පලු දාල තියෙන්නෙ. මොකාක්? කෙට්ටු වෙනව කිවුවා! දැන් රඹුටන් ඇට කන්න පටන් ගන්න ඕන එහෙනම්

    ReplyDelete
    Replies
    1. ඔන්න බස්සො පරෙස්සමෙන්...!!! :-)

      Delete
    2. රඹුටන් සමහරුන්ට ඇලජික් වෙනවා නේද නගා...මට හිතෙන විදියට ගොඩාක් කෑවම ශරීරය තුල ඌෂණ ගතියක් ඇති කරනවා ඇති.

      ඩ්‍රැකියා කියන කථා වලට යමක් කියලත් බෑ නොකියත් බෑ...අනේ මන්දා මම නෑ ඕවට...

      Delete
    3. ඔන්න බස්සො පරෙස්සමෙන්...!!! :-)
      +++++++++++++++++++++++++++
      පුරුද්දට කටෙන්ම පොත්ත ගලවනවා හෙම නෙවෙයි ....

      Delete
    4. // පුරුද්දට කටෙන්ම පොත්ත ගලවනවා හෙම නෙවෙයි //

      මේවට කොහෙන්ද බොල හිනාවෙන්නෙ..උඹත් ඉඳලා ඉඳලා මාර හරුපයක් නොවැ ඇඳබාලා තියෙන්නෙ.

      Delete
  12. සමහරු ඕනෑවට වැඩිය රබුටන් කාලා ඇට කස කස යනවා දැක්කමත් හිනා යනවා

    ReplyDelete
    Replies
    1. උඔ කිලෝ 4ක්ම ගත්තා කිව්වාම අපිට හිතුනා

      Delete
    2. අහවල් ශක්තිය ඉහළ යනවා කියලා කිව්වා විතරයි පේනවනෙ...කිලෝ 4 ක්ම අරගෙන.

      Delete
    3. රාලෙ කස කසා,ඉන්න වෙලාවෙ මොනව හරි දෙයක් ලියපංකො. ප්‍රීති කසානා ගැන උනත් දැන් ලියන්න අත් දැකීම් ඇතිනෙ.

      Delete
    4. කම්මලේ මොකෝ බන් හැමතැනම ඩබල් ...රඹුටන් කෑවද ? දුරියන් කෑවද ?....

      Delete
    5. කම්මලේගෙ ඩබල මැකුවා. මට හිතෙන්නෙ අධි මාත්‍රාවෙන් දූරියන් කාලා වගේ...

      මැලේ ගොයියා මේ ගොක්කොල පේන වයසෙ මනුස්සයා...මග යන්න පණ නැති චීන සීයෙක් එක්ක කඳුකරේ නයි මිරිස් වවනවා....ඇටේ කසාගන්නවත් අත පණ තියෙනවද කියලා මට සැකයක් තියෙනවා.

      Delete
  13. මාත් ගොඩක් කැමති පළතුරක්. මෙහෙනම් ඉතින් ගෙඩි දහයක් පහළවක් රුපියල් 100ක් 150ක් අතර ගාණක් වෙනවා. සමහර විට ඊටත් වැඩි උනොත් මිසක් අඩු වෙන්නෙ නම් නෑ. පෙරේත කමට කෑවට රඹුටන් ගැන කිසිම දෙයක් දැනන් හිටියෙ නෑ. ගොඩක් වටිනා ලිපියක් සිරා අයියෙ.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මැලේසියාවෙ කිලෝ ගානට රඹුටන් විකුණන්නෙ කියලා දැකපු පළවෙනි දවසෙම මට මතක් උනේ අපි ගෙඩියට රුපියල් 5 ක් දීලා ලංකාවෙදි රඹුටන් කාපු විදිය. අදහසට ස්තූතියි මනා..ජය !

      Delete
  14. සීන් එක රඹුටන් කෑවට පස්සේ පහුවදාට කතා කරගන්නවත් බැරි තරමට උගුර දාන්න පටන් ගන්නවනේ

    ReplyDelete
    Replies
    1. අන්න ඒ උගුර දන වෙලාවට දූරියන් කාහං මලයො...

      Delete
  15. රඹුටන් මතක් කොරන්න එපෝ ...ගියපාර රඹුටන් නිසා වයිෆ්ට දෙපාරක් බෙහෙත් ගෙන්න උනා .දැන් නම් කට පරිස්සම් කරගෙන ඉන්නවා ....හැක් හැක්

    ඇහැළ මලින් ගස් පිරිලා
    බලන්න හරි ලස්සනයී
    අඹ රඹුටන් ජම්බු ඉදිල
    අද හැමතැන හරි හැඩයි

    ඇහැළ මලින්..

    දොඹ ගස් යට මල් හැලිලා
    සුවඳක් හැමතැන දැනෙයි
    වළිකුකුළන් හඬලන විට
    අහන් ඉන්න හරි හිතයි

    ඇහැළ මලින්..

    ගස්වල දළු සෙලවෙනකොට
    ඇඟට හරිම සීතලයි
    ඉගිලෙන අර සමනලයින්
    අල්ලන්නට බැරි හැඩයි

    නා‍ට්‍ය‍ය‍ - න‍රි‍ බෑ‍නා‍

    ++++++++++++++++++++++++++++++++++++
    "රන් රඹුටන් ගස්‌ දෙකයි
    ගිනිකුකුළන් පස්‌දෙනයි
    උන්ගෙ කරේ බොත්තමයි
    බලන්න හරි ලස්‌aසනයි
    රන් රඹුටන් ගස්‌ දෙක යට
    ගිණි කුකුළන් පස්‌දෙනයි
    උන්ට කන්න බත් දෙනකොට
    උනුත් එක්‌ක ලස්‌සනයි"

    ReplyDelete
    Replies
    1. රන් රඹුටන් ගස් දෙකේ කථාව පොඩි කාලෙ ඉදලම අහන එකක් නොවැ. බොට ස්තූතියි ආයෙමත් ඒ මතකය අලුත් කලාට.

      Delete
  16. ලිපිය බැලුවට පස්සේ හිතුනා ගෙදර තියන රඹුටන් ගහට මීට වඩා හොඳට සලකන්න ඕන කියලා . දැනගන හිටියේ නෑනෙ වටිනාකම . මාත් ගොඩාක් ආස පළතුරක් . කවදාවත් උගුරේ අමාරුනම් හැදිලා නෑ තාම .ලෙල්ල ගලවනකොට පිහියක් භාවිතා කරනවනම් කහට ගෑවෙන එක අඩු වෙනවා .

    ReplyDelete
    Replies
    1. ඇයි හස්බන්ද්ට රඹුටන් දෙන්නද?

      Delete
    2. ඔව්...හොඳ වර්ගයේ ගහක් නම් සාත්තු කලාට පාඩු නෑ. ඵලදාව අළෙවි කරන්නත් පුලුවන්...මේ ඇනෝ ගොයියගෙ ගැටලුවටත් පිළිතුරක් දුන්නා නම්...

      Delete
  17. මගෙත් ආසම පලතුර්ක්. හැබැයි ඉතින් චුට්ටක් ( රඹුටන් ගෙඩි 20-25 ) කෑවහමත් ඉක්මනටම කටහඬ වෙනස් වෙනවා.. හි..හි..

    රඹුටන් ඇට පොඩි කරලා කෑවහම කෙට්ටු වෙනවා කිව්වානේද. කරලා බලන්න ඕනේ....

    නොදැන හිටිය බොහොම වටින විස්තරටිකක්. ස්තූතියි සිරා අයියේ...

    ReplyDelete
    Replies
    1. රඹුටන් ගෙඩි 20 -25 ක් කියන්නෙ හොඳ සුට්ට...ඔය රඹුටන් ඇට කාපු හැටි ගැන ඉහළින් කසුන් කියලා තියෙන්නෙ. එයා කියලා තියෙන්නෙ කබලෙ බැඳලා කෑවා කියලා...ඒ විදිය අත්හදා බලන්න නගා.

      Delete
  18. රඹුටන් කාලෙට මෙහෙනම් මොකක් හරි අවුලක් බං.

    එක පාරක් රඹුටන් කඩන්න ගිය පොඩි වුන් දෙන්නෙකුට කරන්ට් වැදිලා මියගිය සිද්දියක් මතකයි.
    මේ ගමන ඔය කොහෙද පළාතක තාත්තායි,පුතයි අනුන්ගේ ගෙදරක රඹුටන් කඩන්න ගිහින් රඹුටන් ගහේ අයිතිකාර ගෙදර මිනිහාට පොල්ලකින් ගහලා ඌව මරලා.ඊයේ පත්තරේ දැක්කා රඹුටන් කඩන්න ගෙදර වහලට නැගපු අවුරුදු පහලවක කෙල්ලෙක් වහල කඩන් වැටිලා මැරිලා කියලා.

    රඹුටන් මෙච්චර ගුණ බව දැනගත්තේ අද.

    ReplyDelete
    Replies
    1. රඹුටන් ගෙඩි රතුපාටට බැබලෙනකොට ඒ ගස් වලට අමනුෂ්‍ය බලවේග ආකර්ශනය වෙනවා කියලා මම අහලා තියෙනවා. එ් නිසාලු රඹුටන් ගස් බඩ ගාන අයට විපත්ති වෙන්න‍ෙ. මමත් රඹුටන් ගස් වලින් ඇදවැටුන සිදුවීම් ගොඩාක් අහලා තියෙනවා. ගිය අවුරුද්දෙ මැලේසියාවෙ රඹුටන් ගහකින් පතබෑවිලා ලංකාවෙ කොල්ලෙක් මිය ගියා.

      Delete
  19. කව්ද දන්නෙ මෙච්චර දෙයක් රබුටන් වල තියෙනවා කියල.. ඉස්සර එහා වත්තට පැනල ගහේ ඉදන් කාල ගෙදරත් අරන් එනවා. ඇට නැති ඒවා තමයි රසම. .

    සිරා කොලුවා බැදලත් නැති එකේ කාපන් කිලෝ එකක් දෙකක් දවස ගානේ..

    ReplyDelete
    Replies
    1. //සිරා කොලුවා බැදලත් නැති එකේ කාපන් කිලෝ එකක් දෙකක් දවස ගානේ..//
      මල්කොබා එතකොට ස්ටොක් එකට මොනාද කරන්නේ ? මැලේසියාවේ නොවැ ඉන්නේ ...හැක්

      Delete
    2. උඹත් දැන් පුංචි කෙල්ලට මල්ලියෙක් ගේන්න නේද හිත හිතා ඉන්නෙ...ඒ හින්දා සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව රඹුටන් වගේම දූරියනුත් කාහං...

      Delete
  20. රඹුටන්...රඹ+උටන්.ඒ කියන්නෙ ළමයි..
    රඹ=කෙසෙල්.උටන්=සෘජු යන්නට සමාන පදයක්.
    කෙසෙල් ගෙඩියක් ආකාරයට සෘජුකරන්නාවූ දෙය නැමැති අදහසින් මෙයට රඹ උටන් හෙවත් රඹුටන් යයි කියනු ලැබේ..
    ඔන්න බොරුයි නම් ගස්ලබු ගහේ රඹුටන් හටගන්න ඕනෙ.
    හෙහ් හෙහ් හේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොලා මේ අදහස හිටංද ලිව්වෙ..රඹ ගැන අහලා තිබුනට උටන් ගැන ඇහුවෙ අද නොවැ හිටං...

      Delete
  21. අපේ ගෙවල් ළඟ සිරිල් මාමලාගේ වත්තෙ බොහොම රස මස් ගැලවෙන රඹුටන් පලගන්න විශාල ගහක් තිබ්බා.ගැට කාලෙ ඉඳලම මිනිහ ගහට ලේනෙකුටවත් එන්න නොදී රකිනවා.ඉදුනම විකුණලා කසිප්පු බොනවා.බීල ඇවිත් ගහට එන සත්තුන්ට බනින බැනිල්ල අහං ඉන්න බෑ බං,තිත්ත කුණුහරුප.අපිට හරි ජොලි.වෙලාවක ඒ කතාව ලියන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. ඒක බොහොම රසවත් සිදුවීමක් වේවි. බලා ඉන්නවා කථාව ලියපු දවසක කියවන්න...මේ දිනවල කාලයක් නැති නිසා අලුතින් ලියපුවා කියවන්නට එන්න නොහැකි උනා...මේ සති අන්තයේදිවත් උත්සාහයක් දරන්නම්...

      Delete
  22. හම්මේ රඹුටන් ... කාලම එපා වෙලා සහෝ ... නියම විස්තරේ

    ReplyDelete
  23. මම තඉලන්ඩ් වලින් ල්ය්චී ගෙනවා මම ඈට දෙක තුනක් පෙල කලා පොඩි පෙලයක් ත්යනව,මට ඩෙන ගන්න පුලුවන්ඩ මචන් ඔව ලන්කවෙ හෙඩේද?, පිදෙන්න කොච්චර කලයක් යඉඩ කියල?

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...