Sunday, September 13, 2015

68 ගව මුත්තරා ටිකක් බොමුද ?

අපේ කාර්යාලයට මාස 6 කට පමණ කලියෙන් සම්බන්ධ වූ, නවදිල්ලියෙන් මැලේසියාවට පැමිණි වරුන් ඛේරා (Varun Khera) බොහොම පැහැපත් පෙනුමක් තියෙන හැඩකාරයෙක්. මුල් කාලෙ ඔපීසියෙ යුවතියො එක්ක විතරයි මිනිහා පයුරු පාසානම් පැවැත්වුවෙ. කාර්යාලයෙ පුරුෂ පාර්ශවය ඉතින් මේ වගේ වෙලාවට ස්වභාවිකව ඇතිවෙන ඉරිසියාවත් එක්ක මේ ගොයියව වැඩිය ගනන් නොගෙන අතඇරලා දාලා ඒකාට  Chicky Boy කියලා ලස්සන නමකුත් දැම්මා.

කාර්යාලයේ ඇත්තො රාත්‍රී කෑමකට චීන අවන්හලකට ගිය අවස්ථාවකත් වරුන් ගොයියා කොල්ලන්ගෙ මේසය වෙනුවට කෙල්ලන්ගෙ මේසය තෝරගෙන ‍ගෑණු පරාණ මැද්දට වෙලා හිටිය අන්දම දැක්කම අපිට හිනාව නවත්තගන්න බැරි උනා. කොහොමින් කොහොම කාලයාගේ අැවෑමෙන් මේ කෙල්ලො තමන්ගෙ දත ගලවන බව දැනුනට පස්සෙ වරුන්ට මොළේ පෑදුනා. අන්තිමේදි මිනිහා කාර්යාලයේ පුරුෂ පාර්ශවය සමග සුහද උනා. 

දැන් ඉතින් අපි බොහොම සුහදයි. ඇත්තටම ඔහු හොඳ මිත්තරයෙක්...ඒ වගේම බොහොම සංවේදී මිනිහෙක්. මැලේසියානු ජාතික යුවතියක් එක්ක පෙමින් වෙළිලා ඉන්න අතරෙ වරුන්ගෙ අම්මා ඉන්දියාවෙන් තව කෙල්ලෙක් ජෝඩු කරලා. මැලේසියාවෙ කෙල්ල අත ඇරලා ඉන්දියාවෙ කෙල්ල බැන්දෙ නැත්තං බලාගමු කියලා ගෙදර ඇත්තො මිනිහට තර්ජනය කරනවා. මේ අන්ත දෙකට හිරවෙලා පිස්සු හැදිලා වගේ හිටියත් දවල් කෑමට අපි එක්ක හැමදාමත් වගේ මැලේ ආච්චිගෙ කෑම කඩේට යන්න ඔහු එනවා. බොහොම බරසාර මාතෘකා ගැන සමහර වෙලාවට කෑම කන අතරෙ සාකච්ඡා කරනවා. අන්න ඒ වගේ දිවා ආහාරයට පිටත් වෙන වෙලාවක තමයි හා පුරා කියලා අද බොලාට කියන්න යන මේ කථාවට පොට පෑදුනේ.

මිත්‍රයා ඔයා දන්නවද ගව මුත්තරා බිව්වම මිනිස්සුන්ට ලැබෙන වාසි ගැන.

අනේ නෑ...ලංකාවෙදි ජීව වායුව හදනවාට වඩා ප්‍රයෝජනයක් ගන්නෙ නෑ. ඒවා අපද්‍රව්‍යනෙ හරකගෙ... මම එහෙම කිව්වා.

ඉන්දියාවෙ නම් එහෙම නෑ. අපි ඉන්න පළාතෙ ගොඩාක් හින්දු භක්තිකයො හරක් මුත්තරා හිස්බඩ පානය කරනවා. ඒකෙන් ලැබෙන වාසි විශ්මිතයි. ගොඩාක් රෝග වලට මේ පානය කඳිම ඔසුවක්.  අපේ සීයත් මට මතක කාලෙ හරකෙක් මුත්තරා කරද්දි පිටිපස්සෙන් ගිහින් අත අල්ලලා මූණ වටේට බින්දු කීපයක් ඉහගෙන කට ඇතුලට තවත් බින්දුවක දෙකක් දා ගත්තා. ඉස්සර වගේ නෙමෙයි දැන් ගොඩාක් තරුණ අයත් මේ වැඩේට හවුල්. කොටින්ම මමත් නිතර දෙවේලෙ බෝතල් කල ඒවා බොනවා.

මේ කථාව ඇහුවට පස්සෙ මට පුදුම හිතුනා. අපි දන්න විදියට මුත්‍රා කියන්නෙ ශරීරයෙ විවිධ අවයව වල සිදුවන පරිවෘත්තීය ක්‍රියා වලින් බැහැර කරන  අපද්‍රව්‍ය එකතුවෙන ස්ථානය. සත්වයෙකුගේ උනත් මුත්තරා වල ඖෂධීය ගුණ තියෙනවා කිව්වම පුදුම නොවී කොහොමද ?

ඉන්දියාවෙ දැන් ගව මුත්තරා බෝතල් කරලත් විකුණන්න තියෙනවා. මම ඔයාට බෝතලයක් ගෙනත් දෙන්නං...දවසක වතුර වීදුරුවකට බින්දු තුන හතරක් දාලා බීලා බලන්න. වරුන් මට එහෙම කිව්වට පස්සෙ ම‍ගේ අක්මාව මට කිව්වෙ මේ ගැන ‍ජාලෙන් හොයලා බලහං කියලා. ඒ සොයාබැලීම් වලින් මම එකතු කරගත්ත දේ තමයි බොලාට අද ජාලෙන් පෙරලූ ලිපියෙන් කියවන්න ලැබෙන්නෙ.

ගවයා යනු හින්දු ආගමට අනුව පූජනීය සත්වයෙකි. දේවාවාදී අාගමක් වන හින්දු අාගමේ එන ශිව දෙවිඳුගේ වාහනය ලෙසද ගවයා සැළකෙයි. එක් දේව පුරාවෘත්තයකට අනුව විෂ්ණු දෙවියන් විසින් කිරි සයුර කළඹන ලද අවස්ථාවේ හමු වූ සුරබිධේනුව සියලුම ගව දෙනුන්ගේ මාතාව ලෙස සැළකෙයි. 

ගවයාගේ පිරිමි සත්වයාට වඩා ගැහැණු සත්වයන් වැඩි සැළකුම් ලබන්නේ එළදෙන මගින් ලබාගන්නා කිරි මිනිස් දරුවන් උස් මහත් කරන්නට විශාල කාර්ය භාර්යයක් ඉටු කරන හෙයිනි. මේ කිරිවලින් පස්ගෝ රස ( කිරි, දීකිරි, මෝරු, ගිතෙල්, වෙඬරු ) නිපදවෙන අතර ඒවායෙ රස, ගුණ  විඳින මිනිසුන් දහස් ගණනකි.

හින්දු ආගමට අනුව ගවයා පෘථිවිය, පෘථිවියේ ජීවය  පිළිබඳ සංඛේතයකි.  තණකොළ, ජලය, ධාන්‍ය අාදි සරළ දෑ කීපයක් ලබා සැපයීමෙන් වටිනා කිරි ලබාගත හැකි නිසා ත්‍යාගශීලීභාවය පිළිබඳ සංඛේතයකි. එමෙන්ම කරුණාව සහ සමෘද්ධිය පිළිබඳ සංඛේතයක් වශයෙන්ද ගවයා සැළකෙයි. මෙවැනි හේතු නිසා හින්දු භක්තිකයන් ගවයා පූජනීයත්වයට පත් කොට තිබේ. පූජනීයත්වය පිළිබඳ මේ සංකල්පය වර්තමානයේදී ගව මුත්‍රා පානය දක්වාම පැතිර ඇති සෙයකි.

ජයිරාම් සිංගාල් නැවුම් ගව මුත්‍රා ලබා ගනිමින්

අතීතයේ සිට පැවති මුත් දැන් දැන් තරුණ පරපුර අතරද ගව මුත්‍රා පානය කිරීමේ පුරුද්ද සීඝ්‍රයෙන් පැතිරෙන ආකාරයක් දකින්නට තිබේ. ඔවුන්ගේ විශ්වාසය අනුව ගව මුත්‍රා පිළිකා ඇතුලු රෝගාබාධ ගණනාවක් සුව කිරීමට සමත් ඔසුවකි. ගවයාට අරෝපණය වී ඇති පූජනීයත්වය පිළිබඳ සාධකය නිසාම ගව මුත්‍රා තුල රෝග සුව කිරීමේ බලයක් ඇතැයි යන තදබල විශ්වාසයක් මේ භක්තිකයන් වෙලාගෙන තිබෙනවා වන්නටත් පුලුවන. 42 හැවිරිදි ජයිරාම් සිංගාල් දශකයකට අධික කාලයක සිට ගව මුත්‍රා පානය කිරීමෙන් විවිධ සෞඛ්‍ය ප්‍රතිලාභ ලැබූවෙකි.

මට දිය වැඩියාව තිබුනා. කෙනෙක් මට කිව්වා ගව මුත්‍රා පානය මේ රෝගයට හොදයි කියලා. එදා ඉඳන් මම ගව මුත්‍රා පානය අැරඹුවා. දැන් මගේ දියවැඩියා මට්ටම යහපත් තත්වයකට ඇවිත් තියෙනවා. මෙතන ගවයො ඇති කරන්න පටන් අරගෙන අවුරුදු 12 ක් විතර වෙනවා. මුල් කාලෙ ඉඳලම අපි දවස ආරම්භ කරන්නෙ උදේම පානය කරන ගව මුත්‍රා වීදුරුවකින්.

උතුරු ඉන්දියාවේ අග්‍රා නුවර ඩී ඩී සින්ගාල්ගේ ගව පට්ටිය අසල නැවුම් ගව මුත්‍රා වීදුරුවක් ලබා ගැනීම පිණිස දිනපතා පැමිණෙන බොහෝ පිරිසක් වෙති. ජයිරාම් සිංගාල් ඒ අතරින් කෙනෙකි.

නිවසේ උඩුමහ‍ලේ ඇති සිංගාල්ගේ ගව පට්ටිය

ගොඩාක් සෙනග මෙහෙ එනවා. එන්න එන්නම මේ ගණන වැඩි වෙනවා. අපි හැමෝම සෑම උදෑසනම එළදෙනකගේ මුත්‍රා පානය කිරීම සිදු කරනවා. කාලෙකට කලින් මෙහෙම සෙනගක් ගව මුත්‍රා ඉල්ලගෙන අපි ලඟට ආවෙ නෑ. ඒත් අද වන විට තත්වය වෙනස් වෙලා. බොහෝ පිරිසක් දිනපතා ගව මුත්‍රා වීදුරුවක් පානය කරන්න මෙතනට එන්න පුරුදු වෙලා. ඒ අතර දරුණු පිළිකා රෝගීනුත් ඉන්නවා. ඒ අයට අවශ්‍යයි ගව මුත්‍රා පානය නිසා තමන්ට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ තමන් විසින්ම අත්දැක බලන්න.

අග්‍රා නුවර ගව සංගමයේ පුරෝගාමියා වූ ඩී ඩී සිංගාල්ගෙන් සත්කාර ලබන ගවයෙක්

හින්දු අධ්‍යාත්මික නායකයන්ගේ දිරි ගැන්වීමත් වර්තමානයේ ජනතාව අතර ගව මුත්‍රා පානය ප්‍රචලිත වීම කෙරෙහි බලපා තිබේ. මේ ආගමික නායකයන්ට අනුව ගව මුත්‍රා පිළිකාව, දියවැඩියාව, ශරීරයේ පඨක තුල ඇතිවෙන වේදනා රහිත ඉඳිමුම, ක්ෂය රෝගය, උදරය සම්බන්ධ රෝගාබාධ ඇතුළු බොහෝ රෝගාබාධ ගණනාවකට දිව ඔසුවකි. මේ අයගේ අදහස අනුව තට්ටය පැදීම නවතාලන්නට කළ හැකි හොඳම ප්‍රතිකාරයද ගව මුත්‍රා පානයයි.


අක්ෂි රෝග, උදරාබාධ, සඳහා බෙහෙත්, දත් බෙහෙත්, ඇඟ ගල්වන සබන් ඇතුළු විශාල වපසරියක නිෂ්පාදන ගව මුත්‍රා ආශ්‍රයෙන් නිපදවිය හැකි බව අග්‍රා නුවර ගව සංගමය පිහිටුවීමේ මූලිකයා වූ  ඩී ඩී සිංගාල්ගේ අදහසයි. 

හින්දු පූජකයෙකු වන රමේෂ් ගුප්තා ට අනුව මේ ලොව පරම පිවිතුරු දෑ අතරින් ගව මුත්‍රා එක් වර්ගයකි. පුරාණ හින්දු ලියවිලි වලත් ගව මුත්‍රා වලින් මිනිස් ශරීරයට ගත හැකි විපුල ඵල පිළිබඳ සටහන්ව ඇති බව ඔහු පවසයි. ගුප්තාට  අනුව සෑම ගවයෙකුගේම මුත්‍රා වලින් මේ ප්‍රතිලාභ ලබාගත නොහැක. ඒ සඳහා පැටවෙකු ප්‍රසූත නොකල කන්‍යාවියකගේ මුත්‍රා භාවිතා කල යුතුය. එමෙන්ම මුත්‍රා ලබාගත යුත්තේ හිරු උදාවට මොහොතකට පෙරයි.



විවිධ පුද්ගලයො ගව මුත්‍රා පානය විවේචනය කරනවා. නමුත් අපි කලබල වෙන්නෙ නෑ. ගව මුත්‍රා පානය නොකරපු කෙනෙක් මේවායින් ගත හැකි ප්‍රයෝජන ගැන මොනවද දන්න‍ෙ. කාලයත් එක්ක ඒ අයත් මේ වටිනා සම්පත ගැන එයාලගෙ සැක සංකා දුරුකර ගනීවි. දැනට පවතින ඉල්ලුම කෙමෙන් කෙමෙන් අධික ඉල්ලුමක් බවට පත්වෙමින් තිබෙන්නෙ. ඒ අනුව වාණිජ මට්ටමෙන් ගව මුත්‍රා අළෙවිය ආරම්භ කරන්න අපි සැලසුම් කොට තිබෙනවා. දැනටත් සමහර ගව පාලකයො ගව මුත්‍රා විකිණීම සිදුකරගෙන යනවා.

සිරි ලංකාවේ ඇත්තන්ට නම් ගව මුත්‍රා පානය බොහොම පිළිකුල් සහගත දෙයක් බව මම දන්නවා. පළමු වතාවට වරුන් මේ පිළිබඳ මා සමග කථා බහ කල වෙලාවෙත් මම පුදුම උනා. එහෙත් ගව මුතා සරණ යන බොහෝ පිරිස නූගතුන් හෝ ලෝකයේ දියුණුව නොදුටු අය නොවේ. ඉන්දියානු විද්‍යාඥයන් පිරිසක් ප්‍රතිජීවක ගුණය ඇතිකල හැකි ගව මුත්‍රා සංයෝගයක් වෙනුවෙන් 2002 වසරේ ඇමරිකාවේදී පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීමෙන්ම එ් බව තහවුරු වෙනවා.

කථා දෙකක් නැත. ගවයා තරම් මිනිසාට ප්‍රයෝජන ගත හැකි තවත් සත්වයෙකු නැත. මස්, කිරි, හම, ගොම මෙන්ම දැන් ගව මුත්‍රාද මිනිසාට සේවය කිරීමට සැඳී පැහැඳී සිටිති. ඉන්දියාවේ වර්තමානයේ පවතින මේ ප්‍රවණතාව ලංකාවේ හින්දු ජනතාව වෙතද නොපැමිණ තිබේද ?




ඡායාරූප සහ අද ලිපියට මූලාශ්‍රය


මම කාමරේ අරින සිරා කොලුවා.

68 comments:

  1. කරන්නට නම් හීනෙකින්වත් නොසිතෙන පිළිකුල් සහාත යමක් උනාට දැනුම් පොතට වටින කරුණු ටිකක් ස්තුති සිරෝ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ආචාර්ය තුමා...මටත් පිළිකුලක් තමයි ඇති උනේ...හරක් හුජ්ජ වල ගඳ මතක් වෙද්දි...

      Delete
  2. ඈක්..............................
    මොන කෙහෙල්මල් බෙහෙතක් ද බං ඒ ?

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් බීලා බලලම කියමුකො ගුණ අගුණ...

      Delete
    2. කොච්චර ගුනයි කිව්වත් ඉවානයා ගල් අරක්කු ටිකක් බොන්නෙ නෑනේ

      Delete
    3. ඒ උනාට ඉවානයට පෙවෙනවා ඇති.

      Delete
  3. හෑ? මේ ඇත්තමද සිරෝ? කොහොමද බං මොන ලෙඩේ තිබුනත් මූත්‍රා බොන්න හිත හදාගන්නෙ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ ලෙඩේ හැදිලා ඉවසන්න බැරි අමාරුවක් තියෙන වෙලාවක ගඳ අමතක කරලා බොන්න ඇහැකි ඇති.

      Delete
  4. හෙහ් හෙහ් හෙහ්.......මට මතක්වුනේ මොරාජි දේශායි සහ ජේ.ආර්. ජයවර්ධන කාටූන් එක. ඉන්දියාවේ හිටපු අගමැති වරයකු වූ මොරාජි දේශායි හිස්බඩ බොන්නේ තමන්ගේම මුත්‍රා ටිකක්ලු. එය බොහොම ගුණ පානයක්ලු. ඉන්දියාවේ බොහෝ දෙනා එහෙම කරනවලු.

    මොරාජි දේශායි ලංකාවට අවා නිළ සංචාරයකට. අපේ රටේ ලොක්කා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන. පහුවදා උදේ පත්තරයක තිබුණා කාටූන් එකක්. දේශායි සහ ජයවර්ධන උදෙන්ම නැගිටලා වීදුරු දෙකක් අතේ තියාගෙන සුපිරි පානය ගන්නවා. ජේ.ආර්. මෙහෙම කියනවා. I say Moraji, I feel that there's a mix up on glasses.

    ReplyDelete
    Replies
    1. මම ඊයෙ පන්සල් ගිය වෙලාවෙ මේ ගැන එතන හිටිය කීප දෙනෙක් ගැන කථා කලා. ඒ අය අතරිනුත් ඔය දේශායි තමන්ගමෙ මුත්තරා පානය කල කථාව මතු උනා. ඒ වගේම මෙහෙ ඉන්න ලංකාවෙ වෛද්‍යවරයෙක් දියවැඩියා රෝගියෙකුට උපදෙස් දීලා තියෙනවා කිව්වා උදෑසනම පළවෙනි එකෙන් නොව දෙවැනි ලෝඩ් එකෙන් තමන්ගෙම මුත්තරා අරගෙන පානය කරන හැටියට. දැන් ලෙඩේ බොහොම සුවයි කියන්නෙ. අනේ මන්දා දොස්තරලා කිව්වට කොහොම බොනවද කියලා...

      Delete
  5. ගව මුත්‍රා භාවිතය ලංකාවට අලුත් නෑ. හැබැයි එහෙම පිටින්ම ගව මුත්‍රා පානය කරන සිරිත ලංකාවේ තිබුනු බවක් අහලා නෑ. ගවමුත්‍රායෙන් අඹරනු, නස්න කරනු කියලා වෙනත් බෙහෙත් සමග කලවම් කරන එක නම් නිතර කෙරෙනවා. පූතිමුත්ත භෙසජ්ජ කියලා බේතක් අහලා තියෙනවද? ගවමුත්‍රාවලට ඇට ඉවත් කරපු හරිතකී හෙවත් අරළු ගෙඩි බහා තබා කලක් ගත වුනාට පස්සෙ පරිභෝජනය කරන බව ආයුර්වේදයේ සඳහන්. ඉතා දරුණු ගණයේ කුෂ්ටරෝග, වකුගඩු රෝග, බඩවැලේ ආසාදන ඇතුළු රෝග ගණනාවක් සුවකරන ඔසුවක්. හැබැයි දැන් මේ බෙහෙත හදන අයත් පාවිච්චි කරන අයත් අඩුයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා...මම නම් ගව මුත්‍ර ලංකාවෙදි භාවිතා වෙනවා කියලා අහලා තිබුනෙම නෑ. ඔබේ කරුණු අනුව ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල ගව මුත්‍රා භාවිතා කර ඇති අන්දම ගැන දළ අදහසක් ගන්න පුලුවන්.

      Delete
  6. ඕක මොකක්ද, ලංකාවේ Coka Cola එක oil බෝතල් කරලා ලංකාවේ උන්ට බොන්න විකුනන්නේ!

    ReplyDelete
    Replies
    1. දැන් බෝතල් කරන්නෙත් නෑලු නේද....කැලණි ගගට දාලා නොමිලේම පොවනවා කියන්නෙ නළ ජලය එක්ක.

      Delete
  7. සිංහල අරිෂ්ට බෝතලයක අඩංගු ද්‍රව්‍ය ගැන තියන එකේ මම දක්කලා තියනවා "ගව මුත්‍රා" කියල තියනවා

    ReplyDelete
    Replies
    1. හැබෑට...මම නම් අහලා තිබුනෙම නෑ ගොයියො...

      Delete
  8. විස්තර කියනකොට අප්‍රසන්න කමක් දැනුනත් රෝගීව මරණා භය ඇතිවුන වෙලාවක කෙනෙක් ඕක ට්‍රයි කරන්න බොහෝම ඉඩ තියෙනවා. අපි කවද්ද හිතුවෙ ගස්ලබු කොල කොටලා බොන්න වෙයි කියලා.

    ඇදහීම කෙසේවෙතත් ගවයා වැනි අතිශයින් ප්‍රයෝජනවත් සතෙකුට ආදරයෙන් සැලකීම ගැන ඉන්දියනුවන්ව අගය කරන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. බොලාව සාදරයෙන් කාමරයට පිළිගන්නවා.

      ගවයාට ආදරණීයව සැළකීම ගැන ඉන්දියානුවන් කෙරෙහි මගේ හිතෙත් යම් ගෞරවයක් තිබෙනවා. එ් සතුනුත් වාසනාවන්ත වෙලා තියෙනවා අරාබි රටක නොව ඉන්දියාවෙ උත්පත්තිය ලබන්න.

      බැලූ බැල්ම බොහොම අසික්කිත වැඩක් වගේ පෙනුනත් හරයක් නැතුව මේ භාවිතාව වසර ගනනාවක් නොනැසී තිබෙන්න ඉඩක් නෑ. ඇරත් නව පරපුර මේ සඳහා අනුගත වෙන්නෙත් නෑ. ඒ නිසා සත්‍යතාවක් තියෙන්න පුලුවන්.

      Delete
  9. අප්‍රසන්න කියවීමක් වුනත් ප්‍රයෝජනවත් දැනුමක් ලැබුවා. ගව මුත්‍ර හෙළ ආයූර්වේදයේත් විවිධ ඖෂධ නිපදවීමේදී යොදා ගන්නා බව අසන්ට ලැබිතිබෙනවා. ඒ පමණක් නොව සර්ප විෂ නිසා අසාධ්‍ය වූවකුට ප්‍රතිකාර කළ අවස්ථාවකදී වයස 7 ත් 12 ත් අතර මනුෂ්‍ය දරුවකුගේ (පිරිමි දරුවකුගේ) මුත්‍රා යොදා ගත් අවස්ථාවක් ද දක්නට ලැබී තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. සර්ප දෂ්ඨනයකට ප්‍රතිකාර කරන්න අපේ ගමේ ආතර මාමත් ඔය කියන වයස් කාණ්ඩයෙ එකෙකුගෙ හුජ්ජ හෙව්වා වතාවක්. මම ඒ කා‍ලෙ ඔය වයසෙ හිටිය නිසා මගෙන් තමයි ඉස්සෙල්ලාම ඉල්ලුවෙ. ඒත් මම ඒ වෙද්දි ටැංකිය හිස් කරලා හිටි නිසා ඉල්ලුමට සැපයුම දෙන්න බැරි උනා. අන්තිමට ආතර මාමා පොල්කට්ටකුත් අරගෙන ගිහින් කොහෙන්ද හුජ්ජ ටිකක් එකතු කරගෙන ඇවිත් තිබුනා. එදා ඒ බේත හදන්න මොණරු පිහාටුත් එකතු කල බව මට මතකයි.

      Delete
  10. //ඒ පමණක් නොව සර්ප විෂ නිසා අසාධ්‍ය වූවකුට ප්‍රතිකාර කළ අවස්ථාවකදී වයස 7 ත් 12 ත් අතර මනුෂ්‍ය දරුවකුගේ (පිරිමි දරුවකුගේ) මුත්‍රා යොදා ගත් අවස්ථාවක් ද දක්නට ලැබී තිබෙනවා.//
    මූලික ප්‍රථමාධාරයක් ලෙස තමයි, හීන් බෝවිටිය කොල සමග මුත්‍රා සමග කොටල බදින්නෙ. ඉස්සර අම්ම බේත් කරද්දි නිදි මරගාතෙ ඇවිත් පොල් කට්ටකට බේත් ටික වක්කරල යනව.

    ReplyDelete
    Replies
    1. එළ ගව මුත්‍රා සිංහල බෙහෙතට ගැනීමේදී , උදෑසන පිණි වැටුනු විශේෂ තෘණ වර්ගයක් ලබා දිය යුතු බවයි වෙද පොතේ තිබුනෙ.
      සිරාත් ඉදල හිටල හරි ඕවයින් ටිකක් ගන්න , අරූ නිකම්ම ගෙනත් දෙන එකනෙ.

      Delete
    2. නිදිමරගාතෙ පොල්කට්ටට බෙහෙත් වත් කරද්දි වෙන මොකුත් වැටුනෙ නෑ කියලා ෂුවර් නේද ?

      වරුන් ගොයියා මට හරක් හුජ්ජ පොවන්න පොරේ...උෟ මට කියනවා හරක් හුජ්ජ සතියක් බිව්වම මීටර් 100 ක් එහායින් හරකෙක් ඉන්නවා නම් ඌ ඇහින් දැක්කෙ නැති උනත් කියන්න පුලුවන්ලු අතන හරකෙක් ඉන්නවා කියලා...ඒ ඥානය පහල වෙනවලු.

      Delete
    3. පොල්කට්ට පිරෙන්න දාන්න පුළුවන් උනාද කම්මලේ...?

      Delete
    4. මම හිතන්නෙ එච්චර හරියක් කරගන්න බැරි වෙන්න ඇති. පොල්කට්ටෙ හිල නිසා...

      Delete
  11. මධුවා කියනවා වගේ අපි අසරන වුනාම නොකරන දේවල් වුනත් කරන්ක හිත හදාගන්නවා..

    ඒ වුනාට ගල් බොනවා වගේ නැතුව අැති...

    ReplyDelete
    Replies
    1. නරකද මෙන්ඩයියා හරක් හුජ්ජ සැන්ඩියට ගල් ගැහුවා නම්...කොල බොක්කටම වදියි කියලා මට ෂුවර්.

      Delete
  12. Hapoi...!! Harak hujja...??? Ane deyyanee...?? Meepaasaanam tikak kanawa oyta hondai ban.. Thanks post ekata..

    ReplyDelete
    Replies
    1. ඒ වගේද බං ලෙඩේ හොඳ වෙනවා නං...මිනිස්සු හරක් හුජ්ජ පීප්ප ගනන් හරි බොයි.

      Delete
  13. අප්‍රිය කරන දෙයක් උනත් වටිනා තොරතුරු ටිකක් සිරා.
    ලංකාවෙ උනත් ඕව අමුවෙන්ම පාවිච්චි නොකළට සිංහල වෙදකමේ සමහර බෙහෙත් වලට යොදාගන්න වග අහල තියෙනව.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ ඉන්දියාවෙ උන් දැන් හොදට පදම් වෙලා...දැකලා දැකලම මේක වේගයෙන් පැතිරෙනවා ඇති. අනිත් එක රෝගීන්ටත් සුව වෙනවනෙ...කටින් කට පැතිරෙනවා ඇති හරක් හුජ්ජ වල වටිනාකම

      Delete
  14. නයි කෑවම බොන්න දෙනව කියල අහල තියෙනව දේශීය වෛද්‍ය විද්‍යාවෙ.ඒ විතරක් නොවේ.මිනිස් මුත්‍රාත් දෙනව. අනික ඇහේ නගන යක් ආවම උදේපාන්දර ඇහේ ගෑවම අත් දු‍ටුවයි ප්‍රත්‍යක්ෂයි.මිනිස් මුත්‍රා එහෙම නං ගවමුත්‍රා එහෙම නොවීතියේය.

    මම වීයා.

    ReplyDelete
    Replies
    1. මොකෝ බං ඇනෝ වෙලා අද. මම දැන උන්නෙ නෑනෙ බොලේ හරක් හුජ්ජ ලංකාවෙත් මේ විදියට භාවිතා වෙනවා කියලා. නග්න කථාව ඇහුවෙ අදමයි.

      Delete
  15. Visitor V... කියලා එකෙක් අපබ්‍රංස ලියුමක් ලියලා පොඩ්ඩක් ගිහින් බලලා ඇවිත් මටත් තේරැම් කරලා දිපල්ලා...ඒකේම ලිපියේ උඩම තියනවා පලවෙනි ලිපියත් ඒකේ පිංතුරේ නම් ‍එල ද බ්‍රා..

    ReplyDelete
    Replies
    1. පොර ඉඳලා හිටලා මේ පැත්තෙත් එනවා...කොහෙද ඔය ලියුම තියෙන්නෙ...

      Delete
    2. ලින්කුව නැද්ද බන්..

      Delete
    3. http://visitor-v.blogspot.com/

      Delete
    4. ස්තූතියි මාධවී...ඉසිඹුවක් ලැබුනාම බෙලාගෙ ඉසව්වට එන්නං...

      Delete
  16. එහෙනං බීල කියපන්කො.

    ReplyDelete
    Replies
    1. අපි මෙන්ඩවයි කම්මල ගොයියවයි පෙරට යවමු...

      Delete
    2. අනේ මේ තෝ බිපිය..යකෝ ලියපියකෝ ගල් අරක්කු බිව්වාම යෝධ බල ශක්තිය ලැබෙනවා වගේ ලිපියක්..

      Delete
    3. බොලා දාන දැන්වීම් වල හැටියට සංස්ථා ස්කාගාරයෙන් බොලාට ගානක් ගෙවන්න ඕනෙ.

      Delete
  17. ඔවෑක්... සිරා අයියා අප්පිරියා හිතවන්ඩමද කොහෙද කහ පාටට පින්තූරත් හෙන ගොඩාරියක් දාලා!

    බීල බලල කියන්ඩ ඈ රසද කියලා.

    ReplyDelete
    Replies
    1. නගාගෙ රුව තව වර්ධනය වෙයි කියලා මට හිතෙනවා උදේට උදේට සුට්ට සුට්ට බිව්වා නම්...ලංකාවට ආව දවසක අපේ පියේ මාමගෙ හරක් පට්ටියෙන් තමයි බොන්න ඕනෙ...නැවුම් බඩු...එතකං බෑ නගෝ...

      Delete
  18. ගුණ ඇති බං.. ඒකනේ ඉතිං ඔය බොන්නේ.... සැන්ඩි කරලා බොන්න ඔට්ටු නැද්ද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. බලහං නාඬියා උඹේ ඇග දිහා...හරක් හුජ්ජ ටිකක් වත් බීලා වෙනසක් කරහංකො...

      Delete
  19. කොහොමද බන් සිරා හිත හදාගෙන මේක බොන්නෙ...
    අනේ මට නම් එපෝ...
    හැබයි බොලාගෙ ඔපීසියෙ ගෑණු පරාණ වලින් නම් අඩුවක් නැ වගේ නෙද?

    ReplyDelete
    Replies
    1. මෙතන අාගමික ගෞරවයකුත් එක්ක මුසුවෙච්ච පුරුද්දක් බවයි පේන්නෙ. ඒ නිසා මේ කාරිය කරන්න පහසු ඇති. අපේ ඔපීසියෙ කාන්තා පරාණ තමයි ගොඩාක් ඉන්නෙ.

      Delete
  20. සිරා අපි මේ ඔක්කොම නවත්තලා බිස්නස් එකක් පටන් ගමුද?.. අපි බොතල් කරල ලස්සන නමක් දාල රට යවමු..ගොඩ යන්න පුලුවන් වෙවි බන්.මොකද උඹ කියන්නේ. වැඩේට අත ගහමුද?

    ReplyDelete
    Replies
    1. ගල් අරක්කු ටිකක් බොනවා වගේ නෑ බං..
      සමි..මධුමාධවි පැත්තට එන්න ඒක ආතල් ලෝකයක්

      Delete
    2. මෙන්ඩා එක්ක සැලසුම් කරලා කම්මලට කියලා ලස්සන නමකුත් දාගෙනම වැඩේට බහිමු.

      Delete
  21. ළමා මුත්‍රා අපේ රටේ සර්ප වෙදකමට ගන්නවා. බොන්න නං නොවෙයි බෙහෙත් අඹරන්න.

    ReplyDelete
    Replies
    1. ඔව්...මමත් වතාවක් ඒ බව දැක තිබෙනවා.

      Delete
  22. ඉස්සල්ලම බ්ලොග් රෝලෙ මේ මාතෘකිව දැක්කම බඩ ඇඹරිලා ගියා. දවස් දෙක තුනක් දකිද්දි දකිද්දි ඒක ටිකෙන් ටික අඩු වෙලා ගියා. ඊට පස්සෙ තමා කියවන්න ආවෙ.

    අන්ධ විශ්වාස තමා ඉතිං. බුුදුන් කිව්ව‍ෙ සිත හැම ධර්මයකටම පෙරටුගාමීව පවතිනවයි කියලා. ඒ වගේ සිතට යමක් කාවැදුනම ප්‍රතිඵල ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. බොලා විතරක් නෙමෙයි. තවත් අය මට පුද්ගලිකව දැන්නුවා මේක කියවන්නට මනාපයක් නැති බව.

      Delete
  23. ඔව්වා අපිට බොන්න බැහැ කියලා පිළිකුලෙන් බැහැර කෙරුවත් බොන්න කැමති උන් කොයි තරම් ඉන්නවාද බලාගෙන ගියාම.

    ReplyDelete
    Replies
    1. මෙතන ආගමික විශ්වාසයකුත් මේ පුරුද්ද පසුපස තියෙන බවයි මගේ හැගීම.

      Delete
  24. මෙචිචර වටිනා බෙහෙතක් නොවැ හරක් නැටිට උස්සගෙන නිකරැනේ බිමට හලලා දාන්නේ.
    ගව මූත්‍ර පානය අප්‍රිය කලාට මොකද මිනිස් මූත්‍ර,අසුචි දාලා හදපු කසිප්පු එහෙම ගජරාමෙට පානය කරපු පිරිසක් ගැන මට පොලිස් ලොක්කෙක් කිවිවා.

    ReplyDelete
    Replies
    1. කසිප්පු මිශ්‍රනයට ඔය පොඩි පොඩි සත්තු වැටිලා මැරිලා කුණු වෙලා තියෙනවා කියලා නම් මමත් අහලා තියෙනවා. හරක් මුත්තරා වල ගුණයක් තියෙනවද කියලා මටත් හිතාගන්න අමාරුයි.

      Delete
  25. ගව මූත්‍රා වගේම තමන්ගේ මුත්‍රා බීමෙනුත් සමහර ලෙඩ රෝග සුව වෙනවා කියන විශ්වාසයක් තියෙනවා නේද? ඒකත් ඉන්දියාවෙ ප්‍රචලිත මතයක්.

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං උඔට ඉහෙන් බහින රෝගයක් නැත්තේ..අර ඇද යට තියන බැරල් වලිනුත් උදේට කිරි අලුවා කෑල්ලක් කාලම බිපන්

      Delete
    2. යට තියෙන බැරල් කිව්වේ....

      Delete
  26. කැමරාවෙන් එහා ලෝකය
    ඌගේ හිත රිදිලා...එක්කෝ
    වහ බොනවලු...නැත්නම්
    තපසට යනවලු....බැරිනම්
    ගගේ මුහුදේ පනිනවලු...
    අනේ ..කට්ටිය ගිහින් පොඩ්ඩක් අහිංසකයාගේ මුණ අන්තිම වතාවට බලලා එනවද..

    ReplyDelete
    Replies
    1. ඌට කෙලියක් සෙට් කරමුද..දවසක හිතෙයි අනේ මම එදා මලා නම් කියලා...

      Delete
  27. එහෙනම් මුත්තරා බොන්න ඉස්සෙල්ල අනිත් එකෙන් ටිකක් කාලම මුත්තරා ටික බිව්වම තවත් ගුණධායක ඇති.

    ReplyDelete
    Replies
    1. නරකද ඇනෝ කරලම බැලුවොත්...අපිටත් කියන්න ගුණයක් ලැබුනොත්...

      Delete
  28. කිඹුලනැටුවගම සෙදෝනාගේ කඩේ නිෂ්පාදිත, පෝෂ්‍ය ගුණයෙන් අනූන පුස්ලෝඩං ...කාලා තියනවද?

    යන්ඩ..ඉක්මනට යන්න..“ඩ්‍රැකියාගේ අඩවියට“..
    ඉවර වුනා කියලා අපිට දොස් කියන්න එපා..
    දැනටමත් කැමර කටයි, දෙමල ණ යන්නයි බිබික්කමකට මරා ගන්නවා.

    ReplyDelete
    Replies
    1. මෙන්ඩියා දැන් දිගට හරහට දැන්වීම් දානවනෙ බොලේ...නරකද කීයක් හරි අරගෙන මේ වැඩේ දිගටම කලොත්...

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...