Wednesday, January 30, 2013

134 ගම්පහ ගෙට්ටුවේ අය-වැය සහ නොකී කථා

ජනවාරි 27 වන දින පැවැත්වුනු ගම්පහ ගෙට්ටුව දැන් අතීතයට එකතු වී හමාරය. ඒ ගැන තව තවත් එකම දේ ලිවීමෙන් පලක් නොවන බැව් මගේ අදහසයි. මේ වට විට ඇති තරම් බ්ලොග් අවකාශයේ ඒ ගැන ලියවී තිබේ. ගම්පහ ගෙට්ටුව ගැන කෙටියෙන් යමක් කියනවා නම් එය ජීවිතයට අලුත් අත්දැකීමක් එක් කල අමතක නොවන දිනයකි. බ්ලොග් කරුවන් මෙන්ම බ්ලොග් කියවන අයද කාන්තා පිරිමි, උස් මිටි භේදයකින් තොරව එක පවුලක උන් මෙන් එකතු වූ දිනයකි, සතුටු වූ දිනයකි. අනෙක් අය ඒ පිළිබද ඔබට සමීප නොකල දෑ කියන්නට සිරා කොලුවා වන මම මෙතැන් පටන් රිසි වෙමි.

සමූහ ඡායාරූපය

2012 වසරේ ඔක්තොම්බර් මස බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධානය මගින් සිදුකල සමාජ සත්කාරය වූ අම්පාර, ගලහිටියාගොඩ මහා විද්‍යාලයට පොත් පරිත්‍යාග කිරීම පිළිබද ලියැවුනු ලියමනෙන් පසු බොහෝ දෙනා කියා සිටියේ මෙවර නොහැකි වුවත් මීළගට සිදුකෙරෙන  සද් කාර්යයකදී අත්වැල් බැදගැනීමට ඔවුන්ද සූදානම් බවයි. එසේ කියූ පිරිසත් අලුතින් බ්ලොග්කරණයට පැමිණි අයත් 2013 වසරේ මුල් කාර්තුවේදී  එකට එකතු කෙරෙන,  සුහදත්වය වර්ධනය කිරීමේ වැඩසටහනක අවශ්‍යතාවය ඒ අනුව පැනනැගුනා. අන්න ඒ වැඩසටහනේ ආරම්භය තමයි ගම්පහ ගෙට්ටුව.

මුලින්ම සුහද ක්‍රිකට් තරගයක් පවත්වන්න සත්ගුණවත් සිරා කොලුවා යෝජනා කලත් අවසානයේ එයට තව තවත් අදහස් එකතු වෙලා ගෙට්ටුවක් බවට පත්වුනා. මේ සදහා සංවිධාන ශක්තිය දෙන්න සිරා සමග සෑම් මුලින්ම එකතු වූවා. ඊටත් පස්සෙ අටම්පහුරෙ අටම් ගොයියත් අපිත් එක්ක අත්වැල් බැදගත්තා...ඒ අනුව අපි තිදෙනාගේම සංවිධාන ශක්තියෙන් තමයි ජනවාරි 27 වන ඉරිදා ගම්පහ මල්වත්ත ලංකාව පුරාවට විසිරී පැතිරී සිටින බ්ලොග් තරු වලින් හැඩ වුනේ.

ප්‍රවේශ පත්‍ර‍ අළෙවි කිරීමේ වගකීම මාධව අයියට (කම්මල)  සහ සමී මලයාට පැවරුනා. ඔවුන් ඒ කටයුත්ත ඉතාම හොදින් ඉටුකරලා පුදුමාකාර සහයෝගයක් ලබා දුන්නෙ.

තම තමන්ගෙ බ්ලොග් අඩවි වලට මුවාවෙලා නොපෙනී ඉන්න නිසාම සහෝදර බ්ලොග්කරුවන්ගෙ/කාරියන්ගෙ  සැබෑ ස්වරූපය දැක ගන්න හැමෝම ඉන්නෙ දැඩි කැමැත්තකින්... අන්න ඒ කැමැත්ත අත්තටු සලා ඉගිල ගිය දිනයක් ලෙසත් ගම්පහ ගෙට්ටුව ගැන හදුන්වන්න පුලුවන්.  සිරා කොලුවත් බොහොමයක් අය අදුන ගත්තා, කථා බහ කොලා. බ්ලොග් කරුවන්ට අමතරව තවත් අමුත්තන් දෙන්නෙක්  එදා උදේම ගම්පහ මල් වත්තට ඇවිල්ලා හිටියා. එක්කෙනෙක් මගේ මිත්තරයා, වූෂු ශූර අබේරත්න. ඔහු ගැන බ්ලොග් අවකාශයේ මම ලියපු ලියමනෙන් පස්සෙ ඔහුට නොයෙක් දෙනා කල උදව් නිසාම ඔහු මේ අවස්ථාවට එක් වුනේ ආරාධනයකින් තොරවම. බල්ගේරියාවෙ පුහුණු සැසියකට යන්න මුදල් නොමැතිව ලතැවෙන වෙලාවක ලියැවුනු ඒ ලිපියෙන් පස්සෙ ඔහුට අරමුදල් ලැබුනා. ඒ සදහා මූලිකත්වය ගත්තෙ මනුස්ස කම උතුරා යන දුකා අයියා ප්‍ර‍මුඛ විදේශයන් හි වෙසෙන සහෝදර බ්ලොග් කරුවන්...එයට කෘතගුණ දක්වන්නත් එක්ක තමයි අබේරත්න බ්ලොග්කරුවන් අතරට පැමිණියේ.

ගෙට්ටුව ආරම්භ කර සුලු වේලාවකින්ම බ්ලොග් කරුවන්ගේ මනුස්ස කමේ සුවදින් ගම්පහ මල්වත්ත සුවදවත් උනා. පැමිණි පිරිස හදුනාගෙන අවසන් වෙනවාත් සමගම පූරක රාජකාරිය කොරපු මගේ ලගට ආවෙ ඇවිද්ද පය ලියන සුදීක අයියා.....

මල්ලි මම අබේරත්න එයි කියලා හිතලා පොඩි තෑග්ගක් ගෙනාවා...මේක එයාට දෙන්න...

වූෂු ශූර අබේරත්නට ත්‍යාග වවුචරය පිරිනමන ඇවිද්ද පයේ සුදීක


ඒ රු. 5000/- වටින ADIDAS  තෑගි වවුචරයක්

ඔන්න ඉතිං හැමටම කලින් අබේරත්නට ඒ ත්‍යාගය පිරිනමලා තමයි ගෙට්ටුවේ ඉතිරි කොටසට අපි ගියේ. ඒ වෙලාවෙ වූෂු ශූරයාගෙ මුවේ ඇදුනු අව්‍යාජ සිනහව පිළිබද එතැන සිටි අය සාක්ෂි දරාවි. එය අප හැමෝටම සතුටක්. සුදීකා අයියටත් එය මහත්  සතුටක්  වුනා කියලා හිතනවා.

‍ක්‍රිකට් තරගය පැවැත්වෙන අතර තුර  මට කථා කලේ සංජීව මෙන්ඩිස් අයියා. ඔහු සිරාගෙ කාමරය ඇතුලුව අනෙකුත් බ්ලොග් අඩවි අස්සෙ නිතරම කරක් ගහන ලංකාවෙ ප්‍ර‍ධාන සමාගමක ඉහළ තනතුරක් දරන කෙනෙක්.  තමන්ගෙ පුංචි පුතා සහ බිරින්දෑ එක්ක ඔහු ගම්පහ මල්වත්තට ඇවිල්ලා හිටියෙ. දැඩි අවුරශ්මිය මැද්දෙ ලකුණු සටහන් කිරීමේ යෙදී සිටි මට ඔහුගේ හිස් වැසුම ලබා දෙන්නට තරම් ඔහු කාරුණික වුනා.

මල්ලි මේ තරගෙ දිනන අයට දෙන්න මෙන්න මගෙන් ටී ෂර්ට් දෙකක්...


මෙය පසුව එකතු කරන ලද ඡායාරූපයකි.
වමේ සිට පිළිවෙලින් - සුදීක, සංජීව මෙන්ඩිස්, ලොකු ජෝන්, මඩිස්සලේ නිෂාන්, සමී, වීයා


ත්‍යාග ලෙස ටී ෂර්ට් ලබන ක්‍රිකට් තරගය ජයගත් කණ්ඩායමේ නායක, දේවා

මෙවන් මනුසත් කුලේ උතුම් ඇත්තන් සමග දවසක් ගෙවන්නට ලැබීම පිළිබදවත් සිරා කොලුවා අනේක වාරයක් සතුටු වුනා... එක  බත්පතක්  සංජීවගෙ පවුලෙ තිදෙනාම බෙදාගෙන කන්න සැරසෙනකොට  ලබාදුන්න අමතර බත් පැකට්ටුව ඔහු ලබාගත්තේම නෑ.... වැඩිපුරත් එක්ක බත් තියෙන බව දන්වලා පෙරැත්ත කලාම තමයි ඔහු එය ලබාගත්තෙත්. ගෙට්ටුව අවසාන භාගයෙදි ඔහු අපෙන් සමුගන්න කලියෙන්

පුතේ මේ මාමලට වදින්න කියලා පුංචි එකාට කියපු අවස්ථාවේ ඒ පුංචි පැටියා අපේ ඉදිරියෙ දනින් වැටුනාම මගේ ඇස් කුහර තුල ගුලිවෙච්චි කදුලු බිදු කීපයක් අතරින් මට කියැවුනේ,

පුතා හොදට ඉගෙන ගෙන හොද මිනිහෙක් වෙන්න කියලා විතරමයි.

තාත්තා එක්ක පුංචි පුතා

මට තවත් එක් අයෙක් ගැන විශේෂ යමක් කියන්න අවශ්‍යයි. ඒ අපේ අටම් ගැන. මේ වෙද්දි ගෙට්ටුව දවසෙ ඔහුගේ හැසිරීම් අලලා බ්ලොග් කරුවන් හුදෙක් විනෝදයට නොයෙක් දේ කිව්වත් ලක්මාල් කන්දෙවිදානෙ යනු මිනිස් කම පිරි උතුම් මිනිසෙක්.

මම, සෑම්, අටම් ගෙට්ටුව ගැන බොහෝ දේ සැලසුම් කලේ මූණු පොතේ සිදුකල කථා බහෙන්, අටම් දවසෙ වැඩ රාජකාරි අවසන් කරලා රාත්‍රී 10 පහුවෙලා තමයි මේ කථා බහට එකතු වෙන්නෙ... බොහෝ දවස් වලට අළුයම 2 ආසන්න වනතුරු අපේ  කථා බහ දිග්ගැස්සෙනවා... අපි තිදෙනා බ්ලොග් අවකාශයෙ ගෙට්ටුව ගැන ලියපු පෝස්ටු සියල්ලම කලින් සැලසුම් කර ලියපු ඒවා. ඒ අනුව ගෙට්ටුව ගැන අවසන් පෝස්ටුව වෙනස්ම විදිහකට ලියන්න අටම් ට භාර කලේ ගෙට්ටුවට සති එක හමාරකට පමණ කලියෙන්...

ගෙට්ටුවට කෙමෙන් කෙමෙන් දින ලං වුනා. එක් රාත්‍රියක පොඩ්ඩක් හිටපන් සිරා මම අර කියපු එක ලිව්වා කියලා අටම් කවි පෙළක් මට මූණුපොත හරහා එව්වා.

පස්ටයි බන් කියන්න දෙයක් නෑ...සුපිරියි...උඹ නම් මාර කවියෙක්... කියලා මම කිව්වාම  අටම් කිව්වෙ....

මට එහෙම කවි ලියන්න බෑ බං... උඹලා පෝස්ටුව ලියන්න කිව්ව දවසෙ ඉදලා දවස් ගාණක් රෑ නිදිමරාගෙන එකින් එක ලියලා තමයි යන්තම් ඔය ටික ලියාගත්තෙ කියලා...

ඒ පිළිතුරෙන් මගේ හදවත කඩාවැටුනෙ නෑ කිව්වොත් මම මහ බොරුකාරයෙක්.... කුසවල් තුනක් පුරවන්න දිනපතා වෙහෙසෙන අටම් තමන්ගෙ නින්ද ඒ විදියට කැප කලේ අප වෙනුවෙන්, ගෙට්ටුවට තව එකෙක් හරි වැඩිපුර ගෙන්නගන්න කියලා හිතෙනකොට ඔහු ගැන මගේ හිතේ ඇතිවෙන්නෙ විශාල භක්තියක්.

ගෙට්ටුවෙ අවසාන තරගයත් නිම උනාට පස්සෙ තරමක් අනුමත වෙලා හිටිය අටම්ට සභාව අමතන්න අවශ්‍ය වුනා. මයික්‍රෆෝනය අතට අරගෙන පළමු වචන කීපය කථා කරද්දි ඔහුට හැඩුම් ආ අයුරු ඔහු අසලම සිටි මම හොදින් දුටුවා. සතුට වැඩි කමටදෝ ආයාසයෙන් වචන අමුණගෙන ඔහුගේ ශබ්ද කෝෂයේ වචන අනුවයි ඔහු එදා කථා කලේ. මම ඒ කථාව තුල අටම්ගෙ සැබෑ ස්වරූපය අත්වින්දා. අටම් බ්ලොග් මිතුරන් සමග ගත කල හෝරා කීපය නිසා  උකහා ගත්ත සැහැල්ලුව, සතුට දෝරෙ ගලා ගිය අවස්ථාවක් තමයි ඒ අවස්ථාව.

ආයාසයෙන් සභාව අමතන අටම්



ගෙට්ටුවෙදි හමූ වූ අනිත් සියලුම අයත් මට විශේෂ චරිත.. බොහෝ අය පළමු වතාවට තමයි දැක්කෙ,  ඒ අතරින් අඩවි රජා ගැන යමක් කියන්නම ඕනෙ... ඒකා ලියන ඒවායෙ හැටියට සෑහෙන්න දාංගලයක් ඇති කියලා හිතුවට...කියන්න පුදුමයි රජා හරිම අහිංසක විනීත, නිශ්ශබ්ද තරුණයෙක්. කණට ඇහෙන්න කථා කරන්නෙත් නැති තරම්. මගේම පාසලේ සහෝදරයෙක්.  ගාල්ලෙ ඉදන් ආපු වීයා එක්ක විතරයි මට එකට ඉදලා ෆොටෝවක් ගහන්න චෑන්ස් එකක් ලැබුනෙත්... සංවිධායක වැඩ නිසා එහෙට මෙහෙට දිව්වා මිසක් බොහෝ අය සමග කථා බහ කරන්නත් අවස්ථාවක් ලැබුනෙ නෑ...ඒ නිසාම ගම්පහ ගෙට්ටුවෙන් මට මතක තබා ගැනීමට අවකාශ සැලසුනු මූණත් තහඩු සංඛ්‍යාව බොහොම සීමිතයි. ඒ ගැන හිතනකොට ඇතිවන දුක හැර වෙනත් කිසිදු දුකක් මට ගෙට්ටුව පිළිබද නෑ.

සිරා සමග වී පොකුරෙ වීයා
ක්‍රිකට් තරගයට පෙර ශරීරය උණුසුම් කරමින්

ක්‍රීඩා කරන අනුපිළිවෙල තෝරන තුණ්ඩු ගුවනට මුසුවෙමින්



පපඩම් දුන්නෙ නෑ කියපු උන් බලාපියව්

සෑමාට එදා රාත්තිරියේ නින්ද නොගිය හේතුව, උමා නගාගෙන් අරවා එකක්.


වෙන් වෙන්  වශයෙන් සියල්ලන්ම මතක් කරන්න ගියොත් මේ පෝස්ටුවත් අනෙක් ඒවා වගේම වන නිසා බ්ලොග් කරුවන් විසින් අත්සන් කල පැමිණීමේ නාම ලේඛණය අනුව ගෙට්ටුවට පැමිණි සියලුම අය ආරූඩ නාමයන්ගෙන් සහ සැබෑ නම් සම්මිශ්‍ර‍නයෙන්  මේ විදියට දක්වන්නම්. ඒ ගැන කිසිවෙක් සිරා සමග අමනාප නොවේවි කියා සිතනවා. සංවිධායකයන් හැර අනෙක් අය මෙන්න මෙහෙමයි.

ප්‍ර‍දීප් /  නාඩියා /  ශම්මි /  සුමිත් නිරිඇල්ල /  වීයා /  රාමා /  Raj /  අඩවි රජා /  ඊ මේල් කවිකාරි / කම්මල /  රෙපා /  නලින් / තරියා / සමී / රත්ගමයා /  දිනෙල්ක /  චතුමිතු /ගවේෂක /  නෙරංජි / JD / නොහික්මුණු ඇස / සුදීක / ගැටයා / ගයාන් සම්පත් ගුණවර්ධන / දුලාන් ආසිරි දළුගම / දේවා / අන්තිමයා / දගයා-හිරු / අහිංසක සිංහයා / ශයංග අශාන්ද සිල්වා / Bunny / රස්තියාදුකාරයා / ප්‍රාර්ථනා සෙව්වන්දි / පවනි තරංගා / ඉෂාර / ජිංජිබිරිස් / චමී4යූ / රෝහණ කුමාර / අනූ / දිලීප / අන්තිමයා / ලොකු ජෝන් / පික්සු මලියා / සුළැගිල්ලා / බට්ටා / බුද්ධික කසුන් / ඕනයා /වැප් / A.Wickz / ඉන්දික / සිතුම් පැතුම් / කසුන් චානක / ප්‍ර‍දී / සිත්තරී මං / ජගත් පද්මසිරි / මඩිස්සලේ නිෂාන් / වෙඩික්කාරයා / පූසා / ප්‍ර‍සා / බුල්ටො / Mister Hyde / සිත්තමී / දමිත් ශ්‍රියන්ත / තිලිණ ෂෙහාන් / අයිෂ් / සිහින මදාරා / බිම්සර / ස්කූබි ඩූ / ඉන්දි / උමා / රොබොරෝසියා / කස්සා / සුහද සංහිද / ලක්රුවන් / සුදර්ශි /  / පසිදු මිහිරත්න / ශියානි වනසිංහ / හිමාෂා නිර්මාණි / නිශාන්ත /අනුරාධ නානායක්කාර / ආගන්තුකයා / භාග්‍යා / තහනම් වචන / ලක්ෂිත / දර්ශන

ගම්පහ ගෙට්ටුවට පැමිණි සියල්ලන්ටම සංවිධායක මණ්ඩලය වෙනුවෙන් මගේ නොමද ස්තූතිය හිමි වේ.

අඩුපාඩුවක් වී නම් අපට සමාවෙනු මැන !



ගෙට්ටුවේ අයවැය

ආදායම්

ප්‍රවේශපත්‍ර අළෙවියෙන් ලද ආදායම
(88 x 200 )                                                 = 17,600

ඉන්ද්‍ර‍නාථ තේනුවර මහතා ලබා දුන් මුදල        =   6,000


සමස්ත ආදායම                      = 23,600 


වියදම් 

ක්‍රීඩාංගනය වෙන්කිරීමට                               = 3,000

තාවකාලිකව විදුලිය ලබා ගැනීමට                  = 4,909

මල්වත්තේ ප්‍රවේශ පත්‍ර වලට 
(88 x 50 )                                                  = 4,400

දිවා අහාර සදහා 
(100 x 100)                                                = 10,000

සමරු තිළිණ සදහා                                      =   3,000

DJ සංගීතයට                                              =   5,000

ටිකට් පොත් මුද්‍ර‍ණය / සැකසීම                      =      300  

සමස්ත වියදම                      =  30,609 

සමස්ත හිගය                       = 30,609 - 23,600

                                         = (7,009)

හිගය පියවාගත් ආකාරය

වෙඩික්කාරයා                                         =         500
නලීන් දිල්රුක්ෂ                                     =          800
සිරා/සෑම්/අටම්                                        =        5709    


සටහන්  

රු 120/- වටිනා කෑම පැකැට්ටුව අවම 100 ක ප්‍ර‍මාණයක් මිළදී ගන්නේ නම් රු 100/- බැගින් ලබා දීමට හැකියාව ඇති බව කෑම සැපයූ අය  කියූ නිසාත්, ගෙට්ටුව සදහා වූ අන්තර්ජාල පෝරමය 120 දෙනා සම්පූර්ණ කර තිබූ නිසාත් කෑම පාර්සල් 100 ඇනවුම් කලෙමු.

කෑම සැපයූ අය සතුව බිල් පොතක් නොමැති හෙයින් ඊට අදාළ බිල්පතක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නැත.


ක්‍රීඩාංගනය වෙන්කරන ලද රිසිට් පත


තාවකාලික විදුලි සැපයුමට අදාළ රිසිට් පත
සමරු තිළිණ සහ ටිකට් පොත් මුද්‍ර‍ණය
උද්‍යානයට ඇතුල්වීමේ ටිකට් පත







DJ වියදම
උද්‍යානයට ඇතුල්වීමේ ගාස්තුව ඇතුලත්ව අප විසින් නිකුත් කල ටිකට් පත

අප්‍රේල් මස පැවැත්වෙන සයිබරයේ සිහින බක්මහ උළෙලේදී නැවතත් හමුවෙමු !


මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා,


ප.ලි

විදුලිය සදහා වැයවන මුදල සොයාගැනීම පිළිබද අවිනිශ්චිත තත්වයක සිටියදී ස්වේච්චාවෙන්ම ඉදිරිපත් වී එයින් අප ගලවාගත් ඉන්ද්‍ර‍නාථ තේනුවර ඇදුරාණන්ට අපගේ නොමද ස්තුතිය හිමි වේ.

ගෙට්ටුව පිළිබද ප්‍ර‍චාරනයට දායක වූ සියලුම සින්ඩිකේටර වලට සහ බස් රේඩියෝ කණ්ඩායමට සංවිධායක මණ්ඩලය වෙනුවෙන් ස්තූතිවන්ත වෙමි.

ගම්පහ ගෙට්ටුව හරහා අලුත් වූ  බ්ලොග් අවකාශයේ මිතුරු දම තවත් ශක්තිමත් කරමින් වසර අග සිදුකෙරෙන සමාජ සත්කාරයට යොමු වෙමු.

ගම්පහ ගෙට්ටුව ගැන තවත් අය කියූ කථා....














134 comments:

  1. //විදුලිය සදහා වැයවන මුදල සොයාගැනීම පිළිබද අවිනිශ්චිත තත්වයක සිටියදී ස්වේච්චාවෙන්ම ඉදිරිපත් වී එයින් අප ගලවාගත් ඉන්ද්‍ර‍නාථ තේනුවර ඇදුරාණන්ට අපගේ නොමද ස්තුතිය හිමි වේ//

    තේනුවර මහත්තයෝ
    කල උපකාරයට ගොඩාක් ස්තූතියි

    ReplyDelete
    Replies
    1. එතුමා ඒ උදව්ව කලේ නැත්නම් අපි සෑහෙන කට්ටක් කනවා අටමො...

      Delete
    2. මෙතනදි කියන්න ඕනෙ එතුමා ආධාරයක් කරන්න කැමැති වුණ බවට මට ප්‍රදීප් අයිය කෝල් කරල කිව්වා. ඔහු දුන් තොරතුර ඔස්සෙ අපිට පහසුවක් වුණා.

      ඒ වගෙම සිරාගෙ මලයා එතුමාගෙ ගෝලයෙක්ලු නේ ?

      එතුමාට බොහොම ස්තුති. අනිත් හැමෝටම බොහොම ස්තුති අපි වෙනුවෙන් ආවට.

      Delete
  2. වැඩේ තිතටම දීලා තියෙන්නෙ සිරා.. උඹලට ජය !!! ආයේ මේ වගේ දෙයක් කරපල්ල.. පුලුවන් කමක් තිබුනොත් අපිටත් එන්න..

    ReplyDelete
    Replies
    1. අනිවා සෙන්නා...ඔබව දැකගන්නත් කැමැත්තෙන් ඉන්නෙ... දවසක හමුවේවි.

      Delete
  3. සිරා ඇඩෙනවා බං අඩේ එදා තේනුවර ආවද එතෙන්ට..

    ReplyDelete
    Replies
    1. ඔන්න මේකා හිටිය සිහිය...

      Delete
    2. ආවෙ නෑ...වැඩමුළුවකට හිරවෙලා හිටියෙ...එන්න බැරි නිසා මුදල් ලබා දුන්නා..වැඩේ නියමෙට කරන්න කියලා.

      Delete
    3. නලියා බොහොම වැඩි පුර පාවිච්චි කරල වගේ :ඩී

      Delete
  4. සුපිරි ඈ සිරා අයියේ..උඹලා අපේ අකුරු බැඳීම හදවත් බැඳීමක් කළා.... :)

    ReplyDelete
  5. වැඩේ සුපිරියි..
    පිලිවෙලයි...
    නිරවුල්...
    කාටවත් මුකුත් කියන්න බැරි වෙන විදිහට එලකිරි වගේ සංවිධානය කරලා තිබ්බා..
    බෝම ස්තූතියි සිරාඅයියා සෑමයියා සහ අටං අයියට!!!!!!!!!!!
    ජයවේවා!!!!!!!!

    ReplyDelete
    Replies
    1. බොලාලා ආවෙ නැත්නම් අපේ මේ උත්සාහය වතුරෙ...ඒ නිසා පැමිණීම ගැන මගේ ප්‍ර‍සාදය...

      Delete
  6. සියදෙනෙකු ගෙන් දෙන්නෙක් විතරක් දන්න ගෙට්ටුවකට ගිය පළවෙනි වතාව වේ. වැඩේ සිරා.. :)

    ReplyDelete
    Replies
    1. ඊළග වතාවෙ යද්දි ඔබ දන්න පිරිස අනිවාර්යෙන්ම වැඩී.

      Delete
  7. ගොඩාක් හොදට සන්විදානය කරල තිබුන කියල දෑනගන්න ලෑබුනා හෑමෝගෙන්ම... සුභ පතනවා තුන් කට්ටුවටම ඉදිරියටත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලෑබේවා කියල...

    ReplyDelete
    Replies
    1. අපි තුන්දෙනාගෙ තවත් ප්ලෑන් තියෙනවා ඉදිරියට කරන්න...බලමු...

      Delete
  8. කියන්න වචන නෑ අයියේ , උබල අපි වෙනුවෙන් ඒ කරපු දේ වෙච්ච මහන්සිය එතනට ආව ඕනෙම කෙනෙක්ට තේරුනා , අදුන ගත්ත අය බෝමයි , ලැබුණු දේවල් බෝමයි ,
    මම හිතන්නේ නැහැ කචුරුවත් අය වැයක් අහයි කියල ,රුපියක් 200 ක් විතරක් එක්කෙනෙක්ගෙන් අරගෙන මෙඡ්චාර් වැඩක් කරපු එකේ ,

    නමුත් ඒවාද ඉදිරිපත් කිරීමෙන් මනා සංවිධානය පෙන්නවා ,
    නවටත් ස්තුති බ්ලොග් අවකාශයේ මිතුරෝ වෙනුවෙන් කරපු හැම දෙකටම ඔබට

    ReplyDelete
  9. නොහික්මුනු ඇස කිව් කතාවට මමත් එකඟයි. ඇත්තෙන්ම මෙවැනි අය වැයක් කවුරුවත් බලාපොරොත්තු වන්නේ නෑ. නමුත් එය ඉදිරිපත් කර ඇති නිසා සංවිදානය කිරීමේ උපරිම විනිවිද බාවය හැමෝටම පෙන්නල දීල තියෙනවා.


    මනුස්සකම, සහයෝගය, හිතවත්කම උතුරා දෝරෙ ගලන සටහනක් සිරා අයියේ.
    බෙහෙවින්ම පිං අපි වෙනුවෙන් මේ කරපු සෑම සියලු දේකටම.

    ReplyDelete
    Replies
    1. කවුරුවත් බලාපොරොත්තු වෙන්නෙ නෑ කියන්න බෑ මලේ...මේ දේ බලාපොරොත්තුවෙන් ඉන්න අයත් ඉන්නවා...ඒ අයට තමා අයවැය

      Delete
  10. මම සිරාගේ සත්ගුණවත් භාවය හැබවින් අඳුර ගත්තේ එදා. ඒ ඇරෙන්න හමු වූ සියලු දෙනාත් ඉතා හොඳ අය. අර ටී ෂර්ට් දුන්න කෙනා සංජීව මෙන්ඩිස් ද ?සුනිල් මෙන්ඩිස්ද ? මගේ ලඟටත් ඇවිත් මටත් එකක් දුන්නා. පොඩි එකාට මම අපේ බෝල දෙකෙන් අලුත් එක දුන්නා. මගේ හිතට වැදුන පුදුම මනුස්ස කමක් තියෙන කෙනෙක්. මගේ ලඟට ඇවිත් බීම ටිකක් පවා දුන්නා. ඒ ලෙන්ගතු කම ගැන වචනයක් සඳහන් කරන්න මම පුල පුලා බලා සිටියේ. මම සමාව අයදිනවා ලඟට ඇවිත් වචනයක් කතා කරන්න බැරි වුන අයගෙන්. මට සිරා ලොකු රාජකාරියක් පැවරුවනේ.

    ReplyDelete
    Replies
    1. සුදීක අයියා එදා දවසෙ අපිට දුන්න සහයෝගයට මම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා...බ්ලොග් අවකාශය තුල මට හමු වූ හැමෝම බොහොම සුන්දර මිනිස්සු...ඒ නිසාම තමයි දිනෙන් දින බ්ලොග්කරණයට යොමු වන පිරිස වැඩිවෙන්නෙ කියලා මට හිතෙනවා...

      සංජීව මෙන්ඩිස් තමා නියම නම...කාලයක්ම සජිත් කියන නමින් තමා කොමෙන්ටු දැම්මෙ.

      Delete
    2. ෂමාවෙන්න ඕනේ කතාව මැද්දෙන් පනිනවට,එදා අන්තිම මොහොතේ තමයි සුදීක අය්යා මගෙත් එක්ක කතා කරේ,කොළඹදිම මම සුදීක අයියාව අදුරගත්තත් කතා කරන්න බට වුනා,මගේ පළවෙනිම ගෙට්ටුව නිසා,මම හිතන් හිටියේ අනිත් හැමෝම මට වඩා හුගාක් පරණ අය කියලා, ඒත් අන්තිම මොහොතේ අටං අයියගේ කතාවත් එක්කම ඔයාද ශම්මි කියලා අහගෙන කතා කරද්දි, සුහදශීලිකමක් දැනුනා, ඒ වෙලාවේ හිතුනේ අපරාදේ උදේ මටම කතා කරන්න තිබ්බනේ කියලා, ඒ ගැන සමාවෙන්න ඕනේ මට..

      Delete
  11. ඇත්තෙන්ම සිරා වැඩේ ලස්සනට කෙරිල තියෙනව, මේ දවස්වල හුඟක් අය දාන පෝස්ට්වලින්ම පේනව ඔවුන් කොයිතරම් සතුටු උනාද කියල.

    මොකද බං පපඩම්වලට කට්ටිය ඔය තරම් පෙරේත. අනෙක සිරා කොහොමද දන්නෙ සෑම්ට නින්ද නොගිය කියල, ඌ ගානට අනුමත වෙල ගිහිල්ල සුබ සිහින දැක දැක දොයියන්න ඇති.

    ඒක නෙවි සිරා මම අහන්න කියලම හිටියෙ, ඔය ගෙට්ටුවෙ ලෝගෝ එක ඩිසයින් කරේ උඹද, උඹ ඉතිං ඉලස්ට්‍රේටර් වැඩකරුනේ.

    ReplyDelete
    Replies
    1. සිරා තමයි ඒක ඩිසයින් කළේ DDTයෝ...

      Delete
    2. ඒ ලොගෝ එක ගැන කීප දෙනෙක්ම ඇහුවා,ග්‍රේට් වැඩක්.....

      Delete
    3. උඹවත් දැකගන්න කැමැත්තෙන් මම හිටියෙ...කොහෙද ඉතිං මේකා ගෑණු දරුවා වගේ එන්න බෑ කිව්වනෙ...අවුරුදු උත්සවේටවත් වරෙන්....පපඩම් බයිට් එකට ගන්න තමා හැමෝම පොරකෑවෙ...සෑමා මූණුපොතෙන් මට කිව්වා නින්ද යාගෙන එද්දි උමා උම්මා දෙනවා කියලා...

      ලෝගෝව වගේම එදා දුන්නු මග් එකෙත් නිර්මාණකරු මම...

      Delete
  12. මට තියන ලොකුම ආසාව තමයි... අර ගෲප් ෆොටෝ එක්ක ඉන්න කට්ටිය අනුපිලිවෙලින් නම, බ්ලොගය එහෙම දැනගන්න එක. පුලුවන් නම් එන්න බැරි වෙච්ච අය වෙනුවෙන් ලොකු උදව්වක්...

    ReplyDelete
    Replies
    1. තිසර ආතල් කැඩෙන දේවල් කියන්න එපා ..

      Delete
    2. ඒක කරන්න පුලුවන් නම් හොදයි තමයි...උත්සාහයක් අරන් බලමු...එතැන බ්ලොග් ලියන්නෙ නැති කියවීම පමණක් කරන අයත් ඉන්නවා...

      Delete
  13. adenawa aiye..
    Ubala maara mahansiyak wela tiyenawa..
    Aiyalawa hambenna,katha karanna labunu eka lokuma loku sathutak..

    Nawatha hamuwemu..
    Jayama wewa !!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම නැවත දිනයක හමුවෙමු...

      Delete
  14. අන්න ඔහොම තමයි ඉන්න ඕනා . නියමයි සිරා.

    ReplyDelete
    Replies
    1. ලොකු ජෝන් අයියා හදුනා ගැනීමත් සතුටක්...ඒත් වැඩිය කථා බහ කරන්න අවස්ථාවක් නොලැබුනු එක තමයි අවුල...

      Delete
  15. සිරා මේ කරපු දේ ඇත්තටම හොඳයි.. සිරා ඉතින් දැන් කාමරෙන් එළියෙ ඉඳන් බ්ලොග් එක ලියමු... මොකෝ කෙල්ලන්ට බෑනෙ, ඕක අස්සෙ එන්ට... :D ... ගෙට්ටුවෙන් පස්සෙ සිරාට කෙල්ලො යාලුවො ගොඩයි..

    ReplyDelete
    Replies
    1. නෙරංජි මේ පැත්තට ආව පළමු දවස නේද ? කාමරයට සාදරයෙන් පිළිගන්නවා...
      කාමරේ දොර ඇරලා තියෙන්නෙ...භය වෙන්න කාරියක් නෑ...

      Delete
  16. මේ වගේ වැඩක් කිරීම හරිම අභියෝගත්මකයි. ඒක උඹල ජය ගත්ත.
    කිසිම දොස්,පරොස් නෑ..ඇස් වහක් ,කටවහක් නෑ සුපිරියි.

    සරලයි වගේ පෙනුනට උඹල දවස් කීයක් නිදි නොලබ මහන්සි වෙන්න ඇත්ද..

    හැබැහින් දැකල අඳුනගන්න ලැබුනු ඈයො බොහෝයි,හිතට දැනෙන මෙව්ව එක කියල වැඩක නෑ..!

    උඹලට පිං..!

    ReplyDelete
    Replies
    1. උඹත් මට හොද යාලුවෙක් තමයි දැන්...පළමු හමුවීමෙන්ම වීයා කියන්නෙත් හිත හොද එකෙක් කියලා මට දැනුනා...

      Delete
  17. බොහොම හොදට සංවිධාන කටයුතු කර තියෙන බව පේනවා . ඕනෑම කටයුත්තකදි තිබිය යුතු විනිවිද බාවය
    …නොඅඩුව තියෙනවා . සහෝදර බ්ලොග් කරුවන් වෙනුවෙන් කල සෑම දෙයක්ම ඉතාම අගය කරනවා .

    ReplyDelete
    Replies
    1. සිංහල මිනිහට වැඩක් කරනවා නම් බැණුම් අහගන්න බලාගෙන කරන්න ඕනෙ කියලා අනගාරික ධර්මපාල තුමාත් කියලා තියනවා...වැඩේ පොදු යහපත උදෙසා කලත් අපිට බනින්නත් සමහරු බලාගෙන ඇති...ඒ අයට තමා මේ උත්තර දිලා තියෙන්නෙ. මේ වගේ සාධක සහිතව සියල්ල හෙලි කලාම කිසිවෙකුට ගැටලුවක් නෑ...

      Delete
  18. ලෙඩා මලත් බඩ සුද්දයි ඕං!!!!

    මේ අර අර නැටුම් තෙල් වල ගාන කෝ බං? :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔන්න බලපං පැපරාසි රජාට විතරයි මතක් උනේ..හිකිස්..?!

      Delete
    2. නැටුම් තෙල් වලට සම්මාදම තම තමන්ම නොවැ කොර ගත්තෙ...මට මතකයි රජා කොලුවත් ඇහැක් හීනි කරලා හීනියට තියලා අදිනවා...

      Delete
  19. ආයේ කතා දෙකක් නෑ සිරාම තමා. නියමෙට විස්තරෙත් තියෙනවා. ඒක නෙමේ බං මටත් දානයක් දෙන්න හිතුනා උඹට බැරිද සංවිධානේ බාරගන්න. මම රු. 2000 ක් විතර උඹට දෙන්නං.. (ඉතුරු පොඩි ගාන මං හිතන්නේ රු. 39433 ක් වගේ ගානක් උඹට ෂේප් කරගන්න පුළුවන් නෙව)

    ReplyDelete
    Replies
    1. හයියූ පොඩි ගානක්නෙ කරලා දාමු...ඕවා හිත හිතා ඉන්න දේවල් නෙවී...

      Delete
  20. aththatama mata kandulu awa meka kiyawala..eth duka hithena dekata nam nemey.Atam gana kiyapu dewal hadawathata danenawa Sira..aththatama atam hitha honda manussayek

    ReplyDelete
    Replies
    1. අටමා නියම බොක්කක්...අවංකයෙක්...

      Delete
  21. එන්න නොලැබුන එක ගැන ලොකු කණගාටුවක් තියෙන්නේ.ඉතා හොඳට සංවිදානය කරලා තියෙනවා.බිල් දාපු එක ගොඩාක් හොඳයි.නැත්තන් කතා හැදෙන්න ඉඩ තිබුනා ගානක් ගහගත්තා කියලා.

    ReplyDelete
    Replies
    1. ඒ නිසාම තමයි සාධක සහිතව ආදායම් වියදම් දැක්වූවෙ...අප්‍රේල් මාසයේදිවත් මුණ ගැසෙමු.

      Delete
  22. ubata banina hitanawa.. "Getuwata yana viydama bedagana mawat eketu karagana tibuna".
    aymat dawaska set wemu... .
    Jayawewa

    ReplyDelete
    Replies
    1. සංජීව අයියා දුන්නු උදව් වලට බොහොම ස්තුතියි... කියන්න වෙන වදන් නෑ මට...

      Delete
  23. ඔය තියෙන්නේ... තුන් දෙනා ගානට වැඩේ සංවිධානය කරලා තියෙනවා...

    අර මග්ස් වැඩේ නම් ඇත්තටම නියමයි සිරා... මං අපේ මහත්තයටත් පෙන්නුවා... ඒක නම් නියම වැඩක් කිව්වා.. හි හි... ( ඊයේ හැමෝම දාලා තිබ්බ ‌ෆොටෝ ටිකත් පෙන්නුවා ... ඒ වෙලාවේ නම් මට තේරුනා වෙඩිම වෙනුවට ගෙට්ටුවට ගියා නං හොඳයි කියලා හිතන්නේ මං විතරක් නෙවෙයි කියලා .. හි හි)

    අටමා මාව අපායටම එලෙව්වත් එයත් එක්ක තරහා යන්නෙ නෑ බං මට මේවා දකින කොට... හි හි

    ReplyDelete
    Replies
    1. අප්‍රේල් මාසෙ උත්සවේට වරෙන් හිරු...අපේ මහත්තයා එක්ක...

      Delete
  24. කියන්න දෙයක් නෑ සිරා අයියේ,එදා ගෙට්ටුවයි,අය වැයයි,මේ පෝස්ටුවයි ඔක්කම හොදම විදියට තියනවා...ආයේ කාටවත් ඒ ගැන කතා කරන්න බෑ... හැබැයි මේ වගේ දෙයක් නම් බලාපොරොත්තු වුනේ නෑ රු200න් කරන්න පුළුවන් වෙයි කියලා,, එදා දවස හොදම දවස් අතරින් එකක් මට නම්... අර මුලින්ම නාඩියා අයියා කිව්වා වගේ මෙච්චර කල් අකුරු බැදීමක් වෙලා තිබ්බ දේ දැන් හදවත් බැදීමක් වෙලා..

    ස්තූතියි සංවිධායක මණ්ඩලයේ හැමෝටම..!!
    ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගියො... ඔයා කියන ඔය බැදීම නිසා තමයි අපි මහන්සි වෙලා මේ කාර්යය කලේ... ජය !

      Delete
  25. මේ බිල් ඔඩිට් එකකින් අනුමත කරලා නෑ....

    ReplyDelete
    Replies
    1. ඔඩිට් කෙසේ වෙතත් එදා ආවනම් වාහනයකට හේත්තු වෙලා මාතලන්ටත් අනුමත වෙන්න තිබුනා...

      Delete
  26. මෙවැනි සුහද හමුවක් සංවිධානය කිරීමට කැපවීම ගැන සිරා, සෑමා සහ අටං ට මගේ ප්‍රණාමය. එසේම එහි විනිවිද භාවය ඔප්පු කිරීම සඳහා අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමෙන් මෙවැනි දෙයක අඩුපාඩු හොයන අයට උත්තරයක් දීල තියෙනව.

    ඉදිරියේදීත් මෙවැනි දේවල් කිරීමට ඔබ තෙපලට ශක්තිය ලැබේවා.

    අර කිවුවත් වගේ බෝතල්වලට ගිය ගාන මේකෙ දාල නෑනෙ. :D

    ReplyDelete
    Replies
    1. ප්‍ර‍සන්න අයියත් හිටියා නම් සන්තෝෂයි... ප්‍රාර්ථනාවටත් බොහොම ස්තූතියි... බෝතල් වලට තම තමන් පුද්ගලිකව නොවැ වියදම් කොලේ...ඒවායෙ බිල් තියෙන්නෙ අරක්කු ගේන්න කඩේ ගිය එකා ලග...

      Delete
  27. ෂා මරු! එන්න නොහැකිවම කණගාටුවට කාරණයක්. ඒ වගේම මෙයින් බොහෝ දෙනෙක් මා අදුන්න්නෙත්නෑ‍. ඒ කියන්නෙ බ්ලොග් කරණ කට්ටිය දැන් සෑහෙන්න ඉන්නවා කියන එක නේද? සතුටුයි!

    ReplyDelete
    Replies
    1. බූද්ධිව හදුනාගැනීමට මමත් කැමැත්තෙන් හිටියෙ....බ්ලොග් අවකාශයට සෑහෙන මෙහෙවරක් කරපු අය අතර ඔබේ නමත් තිබෙන බව මම දන්නවා...ඉදිරි දිනයකදි හරි හමුවෙමු...

      Delete
  28. හරිම සතුටුයි ගෙට්ටුව ගැන ලිපි කියවනකොට... එන්න බැරි වුනත් මේවා කියෙව්වම ආව වගේම තමා..... සිරා අයියලාගේ සංවිධාන ශක්තිය නම් උපරිමයි කියල හිතෙනවා.ඒ නිසා තමයි ගෙට්ටුව ඒ තරම් සාර්ථක වෙලා තියෙන්නේ........

    ReplyDelete
    Replies
    1. ඊළග වතාවෙදි හරි අපිත් එක්ක එකතුවෙන්න එන්න සමනළී...

      Delete
  29. සිරා අය්යේ ....හැමෝගෙම මනුස්සකම් දැකපු ඔයා ඊටත් වඩා උතුම් මනුස්සයෙක් කියල මට හැගෙනවා !මම එහෙම කිවුවට කවුරුත් මාත් එක්ක තරහ වෙන එකක් නෑ .මම කියන්නේ මගේ අවංක හැගීම !ඔයා වගේම මනුස්සකම් පිරුණ අය හමුවෙන්න මට තිබුන අවස්තාව ගිලිහිලා ගිය එක ගැන දුකයි ..ගෙට්ටුව සාර්ථක කරගන්න සිරා /සෑම් /අටම් දරලා තියන උත්සාහය මම මේ පෝස්ටුවෙන් දැක්කා ..මට එන්න නොලැබුනත් මේ පෝස්ටු දැක්කහම මට ලොකු සතුටක් ඇතිවුණා ..ඒ වගේම මේ පෝස්ටුව ඔබේ සංවේදීත්වයේ කැඩපත කියා මට හිතෙනවා :)
    .............................................
    ඉන්ද්‍රනාත තෙනුවරයන් ආවද ?........හය්යු :((

    ReplyDelete
    Replies
    1. මම දන්නවා ඔබට තියෙන භූගෝලීය දුරත් එක්ක මේ ගමන එන්න අමාරු බව...ඒ කෙසේ වෙතත් ඉඩ ලැබුනු වෙලාවක හමුවෙමු...කොතැනකදි හරි...මා පමණක් නොව බ්ලොග් අවකාශයේ ඉන්න බහුතරයක් අය ඉතාමත් හොද මිනිසුන්...

      Delete
  30. බ්ලොග් වලින් අඳුන ගත්තු ගොඩක් අය ඇවිල්ලා. ඒ වගේම හොඳින් හැමදේමසිදුවුනු බව පේනවා.
    ගොඩක් සතුටුයි සිරෝ...

    අර නැති උනා කීව පපඩම් පවා බෙදලනේ....:D

    ReplyDelete
    Replies
    1. ඒකනෙ පොඩ්ඩි කියන්නෙ...රට්ටු අපිට නිකරුනේ පද හදනවා...

      Delete
  31. කිසිම ගැටළුවක් නෑ සිරා, උඹලා මේක ගානට සංවිධානය කළා.....

    බොහොම ස්තූතියි, බොහොම සංතෝෂයි....!!!

    ReplyDelete
    Replies
    1. සුමිත් අයියා හදුනාගන්නට ලැබීම මටත් සතුටක්...ආයෙත් දවසක හමුවෙමු .

      Delete
  32. ගම්පහ ඇයන්ට ස්තුතීයි ඊගාව සටනට සැරසෙන්...ජය

    ReplyDelete
    Replies
    1. ඊළග සටනට ඕගොල්ලො තමා සැරසෙන්න ඕනෙ...

      Delete
  33. මේ වතාවේ එන්න බැරි වුනත් (නිදහසට කරුණු නොකියමි)...... ඉදිරියේදී වත් බලමු. ෆොටෝ ටිකයි බ්ලොග් වල තිබ්බ විස්තර ටිකයි දැක්කම වැඩේ සුපිරියට තිබිල තියනවා කියල පේනවා. සුන්දර හදවත් තියන කෙල්ලෝ කොල්ලෝ ටිකක් එකට හමු වුනු අවස්ථාවක් බව දැනුනා පෝස්ට් කියවද්දී....! ඒ වගේම මේක සංවිධානය කරන්න උඹලා තුන්දෙනා සැහෙන්න මහන්සි වෙලා තියන බවත් පේනවා මචං. ඒ වුනු මහන්සියටත් නොආපු අයට විස්තර බලාකියා ගන්න පෝස්ට් දාපු හැමෝටමත් ස්තුතියි..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන..ඊළග වතාවෙ අනිවාර්යෙන් වරෙන්...මමත් කැමතියි උඹව දකින්න...කථාබහ කරන්න.

      Delete
  34. //සෑමාට එදා රාත්තිරියේ නින්ද නොගිය හේතුව, උමා නගාගෙන් අරවා එකක්.// සිරා මේක දිහා බලන් ඉන්න විදිහ දැක්කම දුක හිතෙනව.D ටිකට් විකුනද්දීම මට හිතුන මේකට වියදම පියව ගන්න බෑ කියල.කොහොම නමුත් ඉතාමත් සන්විදානාත්මක වැඩක්. නියමයි සිරා.
    ප .ලි කරගත්තා වූ කුසල් මහිමයෙන් සිරා මල්ලිටත් ලගදීම මල්වත්තේ මල් කැඩීමට හේතු වේවා වාසනා වේවා !!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. අනේ බං මටත් ඕක කියන්න හිතුනා..
      කල වයසත් හරි එකේ..!

      Delete
    2. දුක හිතෙනවා නේන්නම්...ගෙවල් කිට්ටුව ඔහොම ලස්සන තැනක් තිබිලත්...ඔය බංකුවක් උඩ ඉදගන්න මට තාම අවස්ථාවක් ලැබිලාම නෑ...ප්‍රාර්ථනයට වගේම එදා දුන්නු සහයෝගයටත් බොහොම ස්තූතියි...

      Delete
  35. සිරා, බොහොම භාරදූර වැඩක් උඹල සෙට් එක කරා. ඒ ගැන රස්තියාදුකාරයාගේ ප්‍රණාමය මුලින්ම. ඒ වගේම එදා වගේම හෙටත් උඹල කරන ඕනිම දේකට කොච්චර දුරක හිටියත් අනිවාර්යෙන් එනවයි කියන දේ මේ වෙලාවේ කියන්නම ඕනි. විශිෂ්ඨයි මචං.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගෙට්ටුවට ආවට...මට මතකයි රස්තියාදුකාරයා ගීතයෙන් ගීතය තරගයට ඉදිරිපත් වෙලා සිටි ආකාරය...

      ආයෙත් දවසක හමුවෙමු...

      Delete
  36. සිරාවටම මචන් නියමයි . උබල හොදට වැඩේ කරලා තියෙනවා.
    මාත් ගෙට් එක ගැන වැටුන හැම පෝස්ට් එකම හරි අසාවෙන්
    බැලුව මචන්.ඉස්සර අපිත් කරපු අවුරුදු උත්සව මතක් උනා .
    දිගටම මේ ගමන යන්න සුබ පතනවා වගේම මීළඟ එකට පුළුවන්
    දෙයක් අපිත් කරන්නම්...
    ජය ! ( සුබ අනාගතයක් කියල දාන්න බෑ , ලේ කෝපවෙනවා නෙව )

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ සහන් ඉන්නෙ ලංකාවෙන් පිට..එහෙම නේද... යම්කිසි දවසක කෙහෙදි හිරි අපි මුණ ගැසේවි...ලෝකය අපි හිතන තරම් විශාල නෑ...

      ජය !

      Delete
  37. අනේ මට එන්න බැරි වුනානේ..සික් විතරක් :'(

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් ඒ ගැන හිතලා වැඩක් නෑ නොවැ....අවුරුදු උත්සවේට හරි එන්න...

      Delete
  38. එන්න නොහැකි උනත් සියලුම බ්ලොග් කරුවන් වෙනුවෙන් ඔබේ මහන්සිය අගේ කරනවා~

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සබිත්...භූගෝලීය බාධක තිබුනේ නැතිනම් ඔබත් ඒවි යැයි සිතනවා...

      Delete
  39. මෙවැනි දෙකට සහභාගී වීමට තරම් තවමත් සුදුසු සෞඛ්‍ය තත්වයක නොසිටින නිසා නොපැමිණියෙමි. ඉතා හොඳ හමුවක් බව පෙනෙයි. සුබ පැතුම් පිළිගන්වමි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. දවසක ඔබතුමාවත් මුණ ගැසීමට ඉතාමත්ම කැමැත්තෙන් සිටිමි. හැකියාවක් ලැබුනොත් කොළඹදී පැවැත්වෙන අවුරුදු උත්සවයට එන්න...

      Delete
  40. සිරගෙ සෑමගේ අටමගේ සංවිධානය උපරිමයි. එන්න බැරි උනාට දුකයි. බක්මහ උළෙල වත් හමුවෙන්න බලමු.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම එදාට හමුවෙමු.

      Delete
  41. මංජුල අයියාගේ ඇඩුම්බර කතාව මටත් මීටර්.මන් හිතුවේ අටමා කඳුළු සලයි කියලා.බීපු කට්ටිය නම් ගොඩක් ලෙන්ගතු වුනා මට..

    හැබෑට මොකටද මේ ගණන් පෙන්නුවේ?.

    ReplyDelete
    Replies
    1. ගණන් පෙන්නුවෙ මේ කාර්යයේ ලාභ හොයන උන්ට දැනගැනීම පිණිස...

      Delete
  42. ඊලඟපාර නම් අනිවාර්යෙන්ම එනවා. කොහෙද ඉතින් වැඩක් වැටුනා නෙව.
    කට්ටියම පට්ට ෆන් එකක් ගත්තා නම් ඒ ඇති !

    ReplyDelete
    Replies
    1. මම දන්නවා උඹ එදා වැඩක් තිබ්බෙ නැති නම් අනිවාර්යෙන්ම එන බව...ඊළග වතාවෙ හමුවෙමු...

      Delete
  43. ගෙට්ටුවේ පින්තූරු ටිකයි කාගෙ කාගේත් කතාවල් කියවද්දී ඔබලාගේ අසලම හිටියවගේ හැගීමක් දෙනව.විශේෂයෙන් නලින්ගේ ලිපියෙන්.නලින් සහ සුදික පැමිණ ඔබලා සමග සතුට බෙදා ගැනීම ඉතාමත් ප්‍රශංසනීයයි!සිරා,සෑම් සහ අටම් ඉතා කැපවීමෙන් ඔබ තිදෙනා පැවැත්වූ ගෙට්ටු මංගල්‍යය ඉතා සාර්ථකයි.ඔබලා ඇතුළු අලුතින් මුණගැසුන සහෝදර/සහෝදරියන් ද ,ඉදිරියේදි එකතුවන රජ පොරවල්/රැජින පොරවියල් සමග ඉදිරියට යාමට මාගේ සුභාශිංසන!!!

    ReplyDelete
    Replies
    1. අද අලුත් වචනයක් ඉගෙන ගත්තා ඒ තමා “පොරවියල්“

      සුදීක/නලින් වගේම විවිධ වයස් කාණ්ඩ වල අය එකට එකතු උනත් කිසිම භේදයක්, ගැටීමක් නැතිව ගෙට්ටුව සාර්ථකව පවත්වන්නට ලද හැකියාව නිසාම මට කියන්න තියෙන්නෙ බ්ලොග් අවකාශයෙ ඉන්න හැමෝම බොහොම හොද මිනිස්සු කියලයි.

      Delete
  44. එදා මට දැනුන හැගිම වචන කරගන්න තේරෙන්නෙ නෑ සිරා..මගේ ජිවිතයේ අමතක නොවන සිදුවුම් ගොඩාක් ඔය පාක් එකත් එක්ක බැදිලා පවතිනවා..ඒ සුන්දර පිටු අතර තව නොමැකෙන පරිච්චේදයක් සටහන් කරන්න සිරා/සෑම් සහ අටම්ගේ දාඩිය කදුළු ඉවහල් වුනා කියලා මට දැනෙනවා. සංවිධායක මණ්ඩලය ඇතුළු සහයෝගය දුන්න හැමෝමත් එක්කම ආපු හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා හදවතින්ම..

    ReplyDelete
    Replies
    1. ගවේෂක කොලුවා එදා මගේ ලියමන් ගැන මට කියපු දේවල් බොහොම හෘදයාංගම බව මගේ මතකයෙ බොහොම ගැඹුරෙ රැදුනා. තව කෙනෙකුගේ දෙයක් අගය කරන්නත් ඔහුට/ඇයට හොද හික්මීමක් / නිරහංකාරකමක් තියෙන්නෙ ඕනෙ...ඒ දේවල් උඹට හොදටම පිහිටලා තියෙනවා මලේ... ආයෙත් දවසක එදා වගේම හමු වෙමු...එදාටත් රජාගෙ නංගි එක්කම වරෙන්...

      Delete
  45. මේ වගෙ කැප කිරීමක් කොට මේක හොඳින් සංවිධානය කරපු සිරා කොලූට මගේ ස්තූතිය පුද කරමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...එය මට පමණක් නොව සෑමා සහ අටමාට ඇතුලු සහාය දුන් සියල්ලන්ටද හිමි විය යුතුය.

      Delete
  46. ඇත්තටම සිරා සමාවෙන්න ඕන එදා සහභාගීවෙන්න බැරිඋනාට ,මෙන්න මට වෙච්ච් දේ .එදා මට කැම්පස් එකේ ඉදිර්පත්කිරීමෙක් [presentation assignment]එකක් තිබුණු නිසා මම ඔයාලගේ ෆෝම් එක පිරෙව්වේ නැහැ,ඒත් කොහොමහරි කැම්පස් ඒකට කතාකරලා presentation එක උදේම දා ගත්තා.ඊට පස්සේ මං සෙනසුරාදා රෑ සිරාට කතාකරලා එන විදිහත් අහගත්තා,campus ගිහින් එනකොට පරක්කුවෙනනිසා දවල්ට කෑමත් එපා කිව්වා,මං හිතන්නේ සිරාට මතක ඇති.කැමරාවත් අරගෙන මං එදා උදේ ගෙදරින් එලියට බැස්සා.මෙන්න ටිකකින් කෝල් එකක් එනවා head office එකෙන් අපේ branch එකේ atm එක කැඩිලා කියලා.

    atm ගැන වගකීම තියෙන්නේ මට.ඉතින් රස්සාවට ප්‍රශ්නයක්වෙනනිසා ආපහු ඇවිත් atm එක හැදුවා.හදලා ඉවර වෙනකොට දවල් 1 යි.ඉතින් එතකොට ගම්පහ එන්න වෙලාවක් නැහැ.ඔන්න ඔහොමයි මගේ එදා කරුමේ පත්තුවුනේ...

    ReplyDelete
    Replies
    1. මට මතකයි ඔබ දුරකථනයෙන් ඇමතුවා..අමනාප වෙන්න කිසිම හේතුවක් නෑ...මම උනත් රාජකාරියට ප්‍ර‍මුඛතාව දෙන කෙනෙක්...අප්‍රේල් මස 21 වෙනිදාව මේ බ්ලොග්කරුවන් නැවත් එකට එකතුවෙන දවස...එදාට එන්න උත්සාහ කරන්න. විස්තර ඉදිරියේදී බලාගන්නට පුලුවන් වේවි.

      Delete
  47. සිරා, ඇත්තටම ගෙට්ටුවට සහභාගී වීමට එන්න බැරි වුණු එක ගැන සෑහෙන පසුතැවිල්ලක් මට තියෙනවා. උඹ අහිතක් හිතන්නේ නෑ නොවැ? ඒ වගේම මේ පෝස්ටුව කියෙව්වාම උඹලා තුන්දෙනා අතින් වියදම් කරගෙන කට්ට කාගෙන කරපු වැඩ ටික හොදටම පැහැදිලියි. ඉදිරියටත් බ්ලොග් ලෝකයේ සහෝදරත්වය වර්ධනය කිරීම වෙනුවෙන් සුවීශේෂී මෙහෙවරක යෙදෙන්නට උඹට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ එනු ඇතැයි කියා සිතුවෙමි. නමුත් පුද්ගලිකව හා රාජකාරීමය වශයෙන් ඇතිවන ගැටලු හමුවේ එන්නට හැකියාවක් ලැබෙන්නට නැතැයි පසුව සිතුවෙමි. ප්‍රාර්ථනාවන්ට ස්තූතියි... අවුරුදු උත්සවේටවත් වරෙන්...

      Delete
  48. පින්තුර දකිද්දි නම් ආසයි...එන්න බැරි උනා, හරිම දුකයි!!!

    ReplyDelete
    Replies
    1. ඊළග වතාවෙදිවත් හමු වෙමු !

      Delete
  49. සිරා, අටම්, සෑම් තුන් කට්‍ටුව ලෙසටම වැඩේ දීලා තියෙනවා. දන්නවද මම උඹලා තුන්දෙනාම එක්ක ෆෝන් එකෙන් කතා කරලා තියෙනවා එකෙක්ව මුණ ගැහිලත් තියෙනවා කියලා. ඇයි කම්මලත් මුන ගැහුනනෙ.

    අය වැය ඉදිරිපත් කිරීමෙන් පේන්නෙ උඹේ සංවිධාන ශක්තිය වගේම බුද්ධිමත් බව හා දුර දක්නා නුවණයි. ඒක හොඳම වැඩක්.

    මීට පස්සෙ වැඩේ කරනකොට අන්තිමට සංවිධායකයන්ට අතින් කයිට් නොවෙන්න තවත් හොඳට සැලසුම් කරන්න ලැබේවා.

    ඒ වගේම උඹලාගෙ මහන්සිය අපි ඉහලින්ම අගය කරන බවත් කියන්නම ඕනෙ.

    ReplyDelete
    Replies
    1. අතින් කයිට් උනේ අපි කැමැත්තෙන් හෙන්රි අයියා...අපිට පුලුවන් උපරිමයෙන් ගෙට්ටුව පවත්වන්න මිස වියදම අවම කරන්න අපි බලාපොරොත්තු වුනේ නෑ. ඒ වගේම යන වියදම ප්‍රවේශ පත්‍රයෙන් ආවරණය කරන්න උත්සාහ කලෙත් නෑ...එහෙම අවශ්‍යතාවක් අපට තිබුනා නම් එය රු. 200/- ට වඩා ඉහළ මුදලකට අළෙවි කරන්න වෙන්නෙ. එතකොට ඒ මුදල සොයාගන්න බැරි පාසල් යන වයසෙ බ්ලොග්කරුවන් මෙය වර්ජනය කරන්න ඉඩ තිබ්බා.

      ස්තූතියි කමෙන්ටුවට...යම් දිනයක නිසැකවම අපි හමු වේවි.

      Delete
  50. මාත් ලගදීම බ්ලොග් කරණයට පිවිසෙන්නම් , ගම්5 ගේට්ටුවට එන්න බැරි වුනේ ගෙදරින් අවසර නොලැබීම සහ අධ්‍යාපන කටයුතු නිසාවෙනි , සිරා අයියා , අටම අයිය , සැමා අයිය ඇතුළු පට්ට කට්ටක් කාපු සංවිධායක මණ්ඩලයට බොක්කෙන්ම ප්‍රණාමය

    ReplyDelete
    Replies
    1. මඩ දැනටම රජා ගහගෙන ගහගෙන යන්නෙහිය. මීලග වතාවෙදිවත් හමුවෙමු මලේ...

      Delete
  51. දුක හිතුනා මේ පින්තුරවල හිටින්ඩ මාත් නොආව එක ගැන...ඇත්තටම ආසාවෙන් හිටියේ නොදැකපු උදවිය දැකගන්න.

    ReplyDelete
  52. කිඅයන්න බැරි වුන තවත් දෙයක් තමයි මේ වගේ කටයුත්තක් සාර්ථකව ඉටු කරගන්න ගත්තු ශක්තිය ධෛර්යය ඉදිරියටත් එහෙමම පවතීවා යන්න. අටමාටත්,සැමාටත් ආචාරය...

    ReplyDelete
  53. සිරා

    වැඩේ ලස්සනට සහ පිළිවෙලට කරලා තියනවා.. එන්න බැරිවුන එක ගැන දුකයි
    ඉදිරියටත් සහෝදරත්වය වර්ධනය කිරීම වෙනුවෙන් සුවිසේෂි මෙහෙවරක යෙදෙන්නට උඹලාට හැමෝටම තව තවත‍් හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    මම
    මයික්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මයික්, උඹ ලංකාවට ආ දවසක හමු වෙමු...

      Delete
  54. මේවා දකිද්දී නම් හිතට දුකයි එන්න බැරි උනාට...ඊළඟ පාර නම් අනිවා මමත් එනවා..මේකට නොආවට ඊලග එකතු වීමේදී සිරා අයියලා බ්ලොග් පවුලෙන් අපිව හලන එකක් නෑ කියලා හිතනවා... ;)

    ReplyDelete
    Replies
    1. පික්සු කථා කරන්න එපා මලයො...කවුරුවත් උඹලව හලන්නෙ නෑ...ඔන්න තවත් අවස්ථාවක් තියෙනවා අප්‍රේල් මාසයේ අවුරුදු උත්සවය දවසෙ...විස්තර ඉදිරියේදී දැන ගන්න ලැබේවි...එදාට හමුවෙමු...

      Delete
  55. ගෙට්ටුව ගැන ලියවුන බ්ලොග් පෝස්ට් ඔක්කොම කියෙව්ව. එකකටවත් කමෙන්ට් කලේ නැත්තේ දුක, පසු තැවීම වගේම ඉරිසියාව නිසා. ඒ තරම් හොදට ගෙට්ටුව තිබිලා. උඹල ගැන ආඩම්බරයි සිරා.

    මම විශේෂයෙන් මෙතන කමෙන්ට් කරන්න හේතුවක් තියනවා. ඒ මම ගෙට්ටුවට එන බව ෆෝම් එක පුරවපු ඒත් ගෙට්ටුවට ආපු නැති කෙනෙක්. ඒ ගැන උඹලගෙන් සමාව ගන්න ඕන. නොආපු එක ගැන පසුතැවීම තවත් වැඩි වුනේ මේ වගේ හොද වැඩක් කරල, උඹල අතින් කයිට් කරගත්ත එක ගැන දැන ගත්තහම (මේ ගැන මම සෑමා එක්කත් බුකියෙදි කතා කලා ). ඒකට මම වගේ එනවා කියල නොආපු එවුනුත් එක හේතුවත් වෙන්නැති.

    මම නිදහසට කාරණා මෙතන කියන්න කැමති නෑ. ඒත් නොසිතූ අකරතැබ්බයකට මුහුණ දෙන්න වුන නිසා කියල විතරක් කියන්නම්. ඊළග එකට අනිවා එන්නම් මචං. හිගමුදල් පියවන්න විදිහක් තියනවනම් කියහං මචං.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුවට ස්තුතියි... ෆෝම් පුරවලා ආපු නැති සෑහෙන පිරිසක් හිටියා...කලින් ගෙට්ටු පවත්තලා අත්දැකීම් තියෙන අය එක්ක කථා බහ කරපු නිසා ආපු නැති අය නිසාවෙන් සිදුවෙන්නට ගිය පාඩුව අවම කරගන්න හැකි වුනා...නැවත වතාවක අවසන් අවස්ථාව වනතෙක් ඉදලා එන්න හැකිම නම් පමණක් පෝරමය පුරවන්න. මේ වගේ වැඩක් සංවිධානය කරන එක ලේසි නෑ කියන එක මමත් දැන් හොදට දන්නවා...එනවා කියලා එන්නෙ නැති වුනාම සැලසුම් අසාර්ථක වෙනවා...

      වියදම් පියවන්න කිසිවක් නෑ... සියල්ල සම්පූර්ණයි...ඊළග වතාවෙදි හමුවෙමු ! ඒ ගැන විමසුවාට ස්තුතියි.

      Delete
    2. අවසන් අවස්ථාවෙදී (27ම ) තමා අකරතැබ්බේ සිද්ධ වුනේ. එහෙම නොවුනනම් අඩුම තරමේ කෝල් එකක් හරි දීල කියනවා. කොහොම වුනත් ආයෙත් එහෙම දෙයක් සිද්ධ වෙන එකක් නෑ කියල හිතනවා.

      Delete
  56. වැඩෙ නියමෙටම කරලා තියෙනවා ...
    දුකයි එන්න බැරිවුණාට...
    සිහින බක්මහ උලෙලට එන්නමිකො......
    සුභ

    ReplyDelete
    Replies
    1. බක්මහ උළෙලේදී හමුවෙමු එහෙනං....

      Delete
  57. නියමයි සිරා+සෑම්+අටම්
    ගොඩාක් අගය කරනවා එතෙක් මෙතෙක් කරපු දේවල්.
    "හිගය පියවාගත් ආකාරය " දැක්කාමනම් අවුල් මචන්..

    ReplyDelete
    Replies
    1. අවුලක් ගන්න එපා...හිගය පියවන්න අපි කොහොමත් කැමැත්තෙන් හිටියෙ...

      Delete
  58. විනිවිදභාවය සම්බන්ධකම් රකිනවා සේම ඉදිරියේදි සැලසුම් කරන සියල්ලන් සර්ථක විමට පිටුවහලකි.
    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. විනිවිදභාවය කියන්නෙ විශ්වාසය, එය ඉදිරි වැඩසටහන් වලට ඉතාමත් අවශ්‍යයි.

      Delete
  59. උඹල තුන්දනා නියමටම වැඩේ කරලා තියෙනවා කිසි කෙනෙකුගෙන් කිසිම වචනයක් අහන්නවත් නැති විදියට. නියම සංවිදායක ශක්තියක්.

    තුන්දෙනාටම ජය වේවා!!

    මේ එක ගේට්ටුවකට සහබාගි වෙන්න ලැබිල නැහැ නේ. කවදා හරි දවසක බලමු..

    ReplyDelete
    Replies
    1. ඊළග ගෙට්ටුව තියෙන දවසක ලංකාවට ආවා නම් හරි...ඔබටත් ජය!

      Delete
  60. සිරා අය්යේ... වැඩෙනම් එල කිරි වගෙය්... දැක්කාම මර දුක්යි එන්න බැරි වුන එකට... මට මාර අසාවක් තිබ්බ සහභාගි වෙන්න... එ වුනට පොඩි මෙව්වා එකක් වගෙයි.... මම blogs ලියන කෙනෙක් නෙමේයිනේ... :( :( අපරදෙ කියන්න් බැහ වචන 2ක් ගලපල ලියාගන්න බැහ.... දුක තමයි.... ලිව්වෙ නැති වුනාට ඔය හැමොගෙම එව්වා කියවනවා.....ඔක්කොම වගේ.. මාව කවුරුත් දන්නේ නැති වුනාට මටනම් ඔය හැමොම ගෙදර අය වගේයි....ලොකු අසාවක් තියනව හම්බුවෙලා පොඩ්ඩ්ක් කතා බහ කරන්න..... මම හිතන්නේ මන් වගේ අය තව ගොඩක් ඇති....මට තියන ප්‍රස්නේම තියන..... ඉලන්ග වෙඩෙට කොහොම් හරි එනවා,,,,,,, අම්පාර වෙඩේ වගේ එව්වා සන්විදානය කරදි අපිටත් කියන්න........
    ඔයලා හමොටම ජය...........

    ReplyDelete
  61. බ්ලොග් මිතුරු මිතුරියන්ගේ එකතුව දැක්කම හරි සතුටක් දැනුනා.
    සංවිදානයේ හැකියාව නම් ඉතින් කියල වැඩක් නෑ..
    ඒ මදිවට අතින් කයිට්.
    ඊලඟ එකටවත් එන්න try එකක් දෙන්නම්.

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...