Tuesday, March 10, 2015

59 නගාගේ ජොකා

කිසිම ලකයක් තිබ්බෙ නැති උදේ ඉඳලම වැහි බීරුමට යට වෙලා, අව් රැල්ලක් වැටුනෙ නැති මුස්පේන්තු දවසක් ගෙවිලා යන්න ඔන්න මෙන්න තියෙද්දි මගේ දුරබණුව හදිසියේ කම්පොනය උනා. තිරයෙ වැටිලා තිබුනෙ ජිවන්ත කියලයි. මිනිහා මගෙ අතිජාත මිත්තරයෙක්. දැනටම කාමරේට එන යන බොලා මේකව අඳුනනවා. ඒ මම කලින් දවසක ජීවන්තයා ගැන බොලාට කියපු නිසයි.

උඹ කොහෙද ඉන්නෙ ? මොකද කරන්නෙ ?

ගෙදර බං...කොරන්න දෙයක් නැතුව තමයි මේ ඉන්නෙ.

අඩ්ඩක් ගහමුද සීතල යන්නත් එක්ක ?

උඹ කියනවා නම් මම ඉතිං එක පයින්...

එහෙනං පුටාරා එකේ වරෙන් අපේ ගෙවල් පැත්තට....




ජීවන්තයා කියන්නෙ ඉතිං 6 පන්තියෙ ඉඳන් මගේ අතිජාත මිත්තරයා නොවැ. ඒකාට ඔය බොන කන වැඩ තනියම කොරන්න හිත වාවන්නෙ නෑ. දන්න කියන එව්වො තුන් හතර දෙනෙක් ලඟ පාතින් තියාගෙන සින්දුවක් කාරිය කියලා උගෙ කාමරේ මුල්ලක හැමදාම දුක් විඳින කොංගෝවට වැරෙන් තඩි බාන එක තමයි ඌට තිබ්බ පරම සුවය.

මමත් ඉතිං හැන්දෑකොරේ ඇඟපත කාරිය හෝදගෙන ගෙදර බුදුන්ට අමූලික බොරුවක් කියලා එළියට පැන්නා. වටේ පිටේ සීදේවි කෙලියන්ට රබර් ඇහැත් දාගෙන ජීවන්තයගෙ ගෙදරට බයිසිකලේ පාගද්දි මිනිහා සෑහෙන ලකේට සැර බීම පාටියක් දාන්න සැට් වෙනවා. ජාතියක් ජම්මයක් හොයන්න බැරි රට බෝතල් දෙක තුනක්, ඒවා ‍ඔතලා තිබුන පත්තර කොළ අස්සෙන් එබී බලලා මට හීන් හිනාවක් පෑව වග මගේ අක්මාවට දැනුනා.

මම ‍මේ නූඩ්ල්ස් එකක් හදන්න ගත්තා බං...තව එකෙක් දෙන්නෙක් එයි. හුග කාලෙකින් අපි ඉතින් සොමියක් දැම්මෙත් නෑනෙ. ජීවන්තයා ගිණි කසේට වැඩ. උන්ගෙ ගෙදර කාලයක් කේටරින් වැඩක් කරපු නිසාම විශාල ප්‍රමාණයේ භාජන වලිනුත් හිගයක් නෑ.

ට්‍රිංට්‍රිංට්‍රිංට්‍රිං.....මගේ ජංගම දුරබණුව ආයෙමත් කම්පොනය වෙනවා. මෙදා පොටේ තිරයෙ වැටිලා තියෙන්නෙ නගා කියලයි.

උදේ ඉඳන් වහින්න වගේ නේද බං...මොනවා හරි කරමුද ? නගා කෝල තාලෙන් මගෙන් අහනවා....

මොනවා කරන්නද බොල..මම මේ ජීවන්තයා එක්ක සෙට් වෙන්න හදන්නෙ...

උඹලා මහ කැත මිනිස්සු බං...අපිව හලලා තනියම සෙට් වෙනවා නේද....හා හා සෙට් වෙයංකො...මගේ පිළිතුර හින්දා මානසිකව වැටිලා අසාධ්‍ය වෙච්ච නගා හෙණ ගැහුවා වගේ ඇමතුම විසන්ධි කොලා.

ජීවන්තයො...

ඇයි බොල.....

නඟාටත් එන්න කියමුද...ඌ මට මේ දැන් කථා කලා...

එන්න කියහං...ආවත් ඉතිං බොන්න පුලුවන් මිනිහෙක්යැ...දෙක ගහද්දි වැනෙනවා....

ජීවන්තයා පොඩි කාලෙ කජු රට යවන මහා පරිමාණ ව්‍යාපාරයක් තිබුනා උන්ගෙ දෙමාපියන්ට. ඒකගෙ ගෙදර හැම බිම් අඟලම සිමෙන්ති දාලා තියෙන්නෙ. ඒ කජු ව්‍යාපාරය කරපු කාලෙ කජු වේලන්න. අන්න ඒ සිමෙන්ති පොළවෙ හැදුව ලිපක් උඩ නූඩ්ල්ස් හැළියක් ඉදෙනවා. පැත්තක කුකුල් මස් හොද්දක් ගොජ දානවා.

උඹලට රෑට කන්නත් දීලා තමයි මම අද යවන්නෙ, ලිපට ගිණි පිඹින ජීවන්තයගෙ නලලෙන් පහලට රූරා හැලෙන දාඩිය බින්දු ගින්දර එළියට දිළිසෙනවා මම දැක්කා.

ට්‍රිංට්‍රිංට්‍රිංට්‍රිං.....මගේ ජංගම දුරබණුවට ඉස්පාසුවක් නෑ අප්පා...අපේ දෙයියා...ඉංග්‍රීසි සෑර්ගෙන් ඇමතුමක්....

කොහෙද අයිසෙ ඉන්නෙ...මම මේ පුෂ්පයයි නඟයි එක්ක වාහනේ. පොඩි එකක් ගමු නේද...ගෙදරින් පනිනවා මොනවා හරි කියලා. සෑර්ගෙ ශ්‍රී මුඛයෙන් එහෙම හඬක් නැගුනා.

කවුද බං කථා කරන්නෙ...ජීවන්තයා ලිපට පිඹින ගමන් මගේ දිහාට හැරුනා.

සෑර් බොල...

අඩේ...උඹලට අර බොන්න අරන් දෙනවා කිව්ව ඉංග්‍රීසි සෑර්ද...ඉතිං මෙහෙ එන්න කියපං...

තවත් හෝරාවක් විතර ගත වෙද්දි සෑර්ගෙ සුදු පාට මෝටර් රථය ජීවන්තයගෙ නිවසෙ ගේට්ටුවට එපිටින් නතර උනා. නඟා කොලුවා මල් මල් තිබුන කලිසම් කොටයකුත් ඇදගෙන තාලෙට වැනෙමින් අපිට සම්මුඛ වෙද්දි හැමදේම සූජානම් වෙලා අහවරයි.

මේ තමයි අපේ සෑර්...ජීවන්තයට අපේ ඉංග්‍රීසි සෑර්ව හඳුන්වා දීලා පුංචි මේස කොටයක් වටේට නඩේ හැමෝම අසුන් ගත්තා. ජීවන්තයගෙ  ගමේ මිත්තරයො දෙන්නෙක් තුන්දෙනෙකුත් මෙතන ඉන්නවා. දුම් දාන නූඩ්ල්ස්, එක්ක කුකුල් මස් කෑලි එක දෙක මේසය උඩට සම්ප්‍රාප්ත වෙද්දි ජීවන්තයා සෑර් අතට බෝතලයක් දීලා ඉවරයි.

සෑර් නමෝ විත්තියෙන් කඩලා ගමු එහෙනං..

හැමෝම තම තමන්ගෙ වීදුරු වලට දුඹුරු පාට ද්‍රාවණය වත් කොරලා...රහමෙර හොයාගත්ත චියර්ස් කියන සුද්දවත් මතක් කරලා පණුබේත් සුට්ට සුට්ට බොක්කට හැලීම ආරම්භ කොලා. වෙනදා වගේම ආගිය කථා, වීර කථා, භය හිතෙන කථා ඉවරවෙද්දි ජනවාර්ගික අර්බුදය, බඩු මිළේ උච්ඡාවචනය, බලය බෙදීම, හන්දියෙ යකඩ කඩේ යකඩ රාජාගේ සීඝ්‍ර දියුණුව, වගේ බරසාර මාතෘකා ඔස්සෙ ඇඳිලා ගිය කථාව නඟාගේ ප්‍රේම අ‍ඳෝනාවට වැටුනෙ හිටි අඩියෙමයි.

වෙනදට බොනවා කියලා අමුලික බොරුව කරන නඟා අද හිටු කියලා ලඟ නමනවා. අපි බොන්නෙ දුඹුරු පාට වර්ගයක් නම්....එදාට නඟා සැන්ටිං කරන්නෙ කොකා කෝලා....අපි බොන්නෙ සුදු පාට වර්ගයක් නම් එදාට නඟා සැන්ටිං කරන්නෙ ස්ප්‍රයිට්....කොහෙං ගියත් අන්තිමට ඒකා බීලා තියෙන්නෙ අරක්කු නෙමෙයි.
නගෝ....ඔහොම බොන්න එපා බොල...උඹව මෙතනම කට් ඩවුන් වෙයි. මේකා බොන විදිය නුවනට හුරු නැති නිසා පුෂ්පෙ කොලුවා තෝන්තුවෙන් වගෙයි.

අරකි ඇයි බන් වෙන එකෙක් බැන්දෙ...නගාගෙ සියලු දුක්ඛ දෝමනස්සයන් පළවා හරින්නට මෙන් ගිණිවතුර වරින් වර බොක්කට හැලෙයි.

ටිකක් වැඩිපුර ෂැන්ඩි කරලා ගහනවා අයිසෙ...ගෙදරින් එළියට ගත්තෙ වාහනේට ටයර් හොයන්න යන්න කියලා. මෙතන ඇඳගෙන වැටුනොත් එහෙම මම ගෙදර ගිහින් හමාරයි. නඟාගේ විරහා වේදනාව අස්සේ සෑර්ගේ දුක්ඛ දෝමනස්සයන්ද කකුලක් බාගෙට කැඩුනු ලෑලි මේසය උඩට හැළෙයි.

වෙලාව දැන් පාන්දර දෙකයි.  මූණ රතු වෙලා දෙපසට වැනෙන නඟා තව ටිකකින් ඇඳගෙන වැටෙන බව අපිට ඉරහඳ වගේ විශ්වාසයි. නගෝ උඹ ඇති දැන් බිව්වා. හැමෝම එහෙම කිව්වත් නගාට ඒ වෙද්දි කෙලින් ඉන්න අපහසු තරමට බඩු වැඩකර තිබුන නිසා, කජු වේලන්න හදපු සිමෙන්තිය උඩ පැදුරක් එලලා ඒකව ඒක උඩ සැතපෙව්වෙ ජීවන්තයා.

මට දැනුයි මතක් උනේ කාර් එක තවම පාර අයිනෙ. කෑලි ගලවලද දන්නෙත් නෑ. මේ පැත්තෙ කුඩ්ඩො නෑ නේද. සෑර් ජීවන්තයගෙන් අහනවා.

ශත පහකට බය වෙන්න එපා සෑර්. අපේ ගේ ඉහළින් කපුටෙක් පියාඹන්නෙත් කලාතුරකින්...නැද්ද ඇන්ටො...ජීවන්තයා ගමේ සගයෙක්ගෙ කරට අත දාලා උගෙ කං පෙත්ත මිරිකුවා.

සෑර් යතුර දෙන්න මම දාන්නම් වාහනේ ඇතුලට සිරා කොලුවා ඉතිං වීරයා වගේ ඉදිරිපත් උනා. ලැයිසොං ගත්ත මුල්ම කාලෙ හින්දා වාහනයක් එලවන්න පුදුම කැසිල්ලක් තමයි ඒ කාලෙ මට තිබුනෙ. ජීවන්තයගෙ ගෙදර තියෙන්නෙ මහා පතරංග ගේට්ටුවක්. උන්ගෙ කජු ව්‍යාපාරයේ ආරක්ෂාවට හදපු තනිකර යකඩ කඳක්. ඒක තල්ලු කරලා අරින්නත් තුන් හතර දෙනෙක් ඕනෙ. මම තනියම ගේට්ටුවත් ඇරලා සෑර්ගෙ වාහනේ පණ ගන්වලා ප්‍රධාන විදුලි පහන් ක්‍රියාත්මක කලා. වීදුරු සියල්ලම වැහිලා තියෙන මෝටර් රථයෙ නුවර එළි සිසිලස කඳිමෙට දැනෙනවා. වටේ පිටේ කවුරුවත් නෑ. හැමෝම බෝතලේ සුවඳට ඉව අල්ලනවා.

වාහනේ ඇතුලට ගනිද්දි නූලටම ගත්තෙ නැත්තං පැත්තක තියෙන පොඩි පහේ කාණුවක වැටෙනවා. මම ඉතින් බොඳවුන දෙනෙතින් ඉස්සරහා හරියටම කෙලින් කරලා ගේට්ටුවෙන් ඇතුලට රිංගෙව්වත් පස්සෙ එක රෝදයක් කාණුවෙ වැටුනා. සුට්ටක් විතර වෙන්න එන්ජිමට සැර දැම්මම වාහනේ හෙල්ලෙනවා විතරයි. මම සැලෙයි ඕවට,  ඒ හින්දා ඊළග වතාවෙ සැර වැඩියෙන් දැම්මා. වාහනේ වෙනුවට ගේට්ටුව ටිකක් හෙල්ලෙනවා යන්තමින් දැක්කත් මම වැඩිය ගනන් ගත්තෙ නෑ.

යකඩෝ මෙන්න මහා රාත්තිරියෙ අහල පහල ගෙවල් වල ගෑනු නයිටිය පිටින්ම ජීවන්තයලගෙ ගේ ඉස්සරහා වටවෙලා බලාන ඉන්නවා. මට තවමත් නිච්චියක් නෑ. සෑර් ඇවිත් මාව රියදුරු අසුනෙන් බිමට බස්සලා රථය ඇතුලට දාලා ගේට්ටුව වැහුවා. බේබද්දො වාහනේ ඉදිරි කලාපය දිහා බලාන ඉන්න නිසා මමත් එබුනා. අයියෝ සංසාරේ...වාහනේ බෆර් එකේ ගන්න දෙයක් නෑ. ගේට්ටුවෙ වැදිලා චොප්ප චුරුස් වෙලා.

වීදුරු වහලා තිබුන නිසා මට සද්දෙ ඇහුනෙ නැති උනාට සෑහෙන සද්දයක් පිට වෙලා. ඒ හඬට තමයි අහල පහළ මිනිස්සු පිරුනෙ. බෝතලේ වටේ හිටිය උන්ටත් ඒ හඬ ඇහිලා උනුත් දුවගෙන ඇවිල්ලා. තමන්ගෙ වාහනේ හැප්පුනා කියලා සෑර්ට ගානක්වත් නෑ. ඒ උනාට මගෙ හිතට හරි නෑ.

සෑර් මේක හදන්න මම සල්ලි දෙන්නං....

තියාගන්නවා අයිසෙ මහලොකු සල්ලි...වාහන කියන දේවල් හැප්පෙනවා...හැප්පෙනකොට අපි හදනවා එච්චරයි...මෙන්න මෙහෙ එනවා ඉතුරු ටිකත් ඉවරයක් කරලා මේ බිම දපාගෙන ඉන්න එකාව ගෙදර ගිහින් දාන්න.

ඒ වෙද්දි පැදුර උඩ සැතපිලා උන්න නගාට අපි ආයෙමත් සමීප වෙද්දි ජීවන්තයා උගෙ කලිසං කොටේ ගලවලා තමන්ගෙ  සරමක් ඒකාට අන්දලා තිබුනා. තවත් සුළු වේලාවක් ගියාම කොරේ පිටට මරේ කියලා නඟාට අහවල් කැත වැඩේ කොරන්න අවශ්‍යතාවක් ඇති වෙලා.

ජීවන්තයෝ මාව එක්ක පලයං අහවල් එකට...නැත්තං මම මෙතන ....... උගෙ තර්ජනයට භය වෙච්ච හින්දද කොහෙද ජීවන්ත ගොයියා නගාව නිවසින් පිටත සේවකයන් වෙනුවෙන් හදලා තිබ්බ වැසිකිළි පේලියකට නඟාව රැගෙන ගියා.

නගෝ උඹ වැඩේ කරගෙන මට කථා කරහං...කෑලි හතරෙ ටෝච් එකක් ජීවන්තයගෙ අතේ.

විනාඩිය දෙක ගෙවෙනවා..කළුවරේ ජීවන්තයා මදුරුවො තල තලා බලා ඉන්නවා..හාවක් හූවක් නෑ...
සෑර් මුගෙන් සද්දයක් නෑ...මලාද මන්දා කක්කුස්සිය ඇතුලෙම...බලා ඉඳලා බැරිම තැන ජිවන්තයා කට ඇරියා.

අපි හැමෝම එක රොත්තට එතනට එඹුනෙ. අනේ අපේ සීදේවි නඟා ඇඳක නිදාගන්නවා වගේ හරිම සනීපෙට උපන් ඇඳුමෙන් වැසිකිළිය අැතුලෙ බිම නිදාගෙන ඉන්න රමණීය දර්ශනය දැකලා අපේ සිත් සතන් සතුටින් ඔකඳ උනා.

ජිවන්තයට දැන් හොඳටම තරහා ගිහින්.  නඟාගෙ ගුණ ගායනා කරමින් අපි බේබදුකමට මඳ විරාමයක් තියලා මේකව මහ රෑම නෑව්වා. නෑමෙන් පස්සෙ නඟා ආයෙමත් පැදුරෙ සැතපිලා. විවිධ දේ කියවමින් තනියම හිනා වෙනවා.

නැගිටපං යකෝ...එළිවෙලා...පුෂ්පයා නඟාට කියනවා...

පලයං බං වද නොදී මේ දැන්නෙ රෑ උනේ...

පුෂ්පයා හොඳ එකා නේද බං.....

මොන හොඳක්ද...ඕකා ලෝක කුණා...අමු බේබද්දා...ඒකට අපේ සෑර්....අන්න රත්තරං මිනිහා...මිනිහට තියෙන ඔළුවෙ අමාරුවට අපිට කීයක බොන්න අරගෙන දීලා ඇද්ද මේ වෙද්දි...ඕක්....

මේ දෙබස් අපේ දුරබණු වල පටිගත වෙන බවක් නඟා දන්නෙ නෑ. උගෙ පිළිතුරු වලට හිනාවෙලා අපේ හන්දිපත් රිදෙනවා.

ගල් පාන්දර 4 විතර වෙද්දි නගාට තරමක සුවයක් තිබුන නිසා ඒකා කැටුව නිවසට යන්න සෑර් කල්පනා කොලා.

ඇඳුම් ඇඳගෙන නැගිටලා එනවා ඉක්මනට.

සෑර්ගේ බසට අවනත වෙලා වැනි වැනී ජීවන්තයගෙ නිවස තුලට ගියා නඟා එතැන ඉඳන් බෙරිහන් දෙනවා.

සෑර් මගෙ ජොකා නෑනෙ.

අසරණ ජීවන්තයා ආයෙමත් වතාවක් විදුලි පන්දමේ එළියෙන් නඟාගෙ ජොකා හොයන මෙහෙයුම ආරම්භ කොලා.

ජොකා නෑ බොල...බල්ලෙක් වත් අරගෙන යන්න ඇති. උඹ අන්තිමට කවද්ද ඒක හේදුවෙ...

අනේ බං එහෙම කියන්න එපා බං...ලොකු ගානක් දීලා ටවුමෙ කඩේකින් ගත්ත ඉස්තරං ජොකෙක් ඒකා....වෙරි පිට වුවත් නඟා විස්සෝපයෙනි.

බිව්වට පස්සෙ මගෙ එක ‍එක දේවල් නැති වෙලා තියෙනවා මීට කලිනුත්, ඒත් ජොකා නැති උනේ පළවෙනි සැරේට. 

නඟාව දෙකට නමලා වාහනය ඇතුලට පැටෙව්ව නිසාම උගෙ නාටකය එතනින් අවසාන උනා. අපෙන් සමු අරගෙන නඟා /පුෂ්පෙ/ සෑර් රැගත් රථය පිටත් වෙද්දි මම ජීවන්තයයි උගෙ ගමේ මිත්තරයොයි එක්ක සින්දුවක් දෙකක් කියන ගමන් කොංගෝවට තැලුවා.

පසුදා උදෑසන නඟාගේ ජොකා නිරුපද්‍රිතව ජීවන්තයාට හමුවීමත්, උගේ පයින්ඩයක් මත එය රැගෙන යන්නට ලැජ්ජාවක් නැති නඟා දහවලේ එහි යාමත්, ජංගම දුරබණු වල සටහන් වූ නඟාගේ ඉල ඇ‍ඳෙන දෙබස් රාශියත් නිසා සතියක් දෙකක් යනතුරාවට නඟා කොලුවා අපට මුහුණ දුන්නේ නැත. ජොකාගේ වරුනාව කියූ විගස නඟාගෙන් හොඳ කුණුහබ්බයක් දෙකක් අහන්නට කාලයක් යන තුරු අපට අවස්ථාව උදා වී තිබුනි. දැනුදු බැරි වෙන එකක් නැත.



මම කාමරේ අරින සිරා කොලුවා.

59 comments:

  1. මෙන්න කතා. සිරාගෙ කතාවල අයිඩින්ටිය හෙවත් බීම හෙවත් රීම රැකගෙන ඇති කතා. එල එල‍. මම එකද මන්දා

    ReplyDelete
    Replies
    1. බොරු කියන්නෙ මොකටද ඇනෝ ගොයියො...ඉස්සර අපි හරිම කැත විදියට බිව්වා නිතරම...දැන් මාස ගානකට බීම දකින්නෙත් නෑ...බොන්න උවමනාවකුත් නෑ...ඉස්සර බොනකන තැන් වලදි ලග ඉදගෙන රසකථා කියපු, දුක සතුට බෙදාගත්තු යාලුවො නැතුව බීලා වැඩකුත් නෑ.

      Delete
  2. හෙක් හෙක්.. ජීවන්තය උඹලට බොන්න එන්න කියල මාර කට්ටක්නෙ කාල තියෙන්නෙ.
    නගා වගේ පොරක් සෙට් වෙන එක කොච්චර චාටර් උනත් ඒකෙ ආතල් එකකුත් තියෙනව ඔය වගේ වෙලාවට.

    ReplyDelete
    Replies
    1. නගා තමයි අපේ සෙට් එකේ නිල ආතල් සැපයුම්කරු...මේකට වෙච්ච වැඩ කියලා නිමක් නෑ අප්පා...ජීවන්තයා මට මතක විදියට එදායින් පස්සෙ මට එන්න කිව්වත් නගාට නම් වැරදිලාවත් එන්න කිව්වෙ නෑ අඩ්ඩක් ගහන්න.

      Delete
  3. +++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. වැට ගැහුවෙ කමෙන්ට් එකක් යටින්ද ?

      Delete
  4. අඩේ උඹල බොන එක එහෙම නතර කරන්න එපා හරිය

    ReplyDelete
    Replies
    1. අතීතය සිහිනයක් පමණයි කියලා තමයි කියන්න වෙන්නෙ...මේ හැමදේම අතීතයට මිස වර්තමානයට අදාළ නෑ...හැමෝම තම තමන්ගෙ වැඩ එක්ක හිරවෙලා..සමහරු රටෙත් නෑ මේ මම වගේ...

      Delete
  5. මරු කතා සැට් එකක් උඹට තියෙන්නෙ. අත්දැකීම් කතා ලියන්නන්ගෙන් මම දැකපු හොඳම ලියන්නා තමයි උඹ.

    ReplyDelete
    Replies
    1. උබ මේ නොකියා කියන්නේ සිරා කථා ගොතලා කියනවා කියලද........ (හුකැ...ස්......)

      Delete
    2. ස්තූතියි රාජ්...ඔබේ අදහසට...

      මැලේ රාළ ගොයියො...කාම පැයේදි දත් නැතුව බත් කන්න ආසද ?

      Delete
  6. උමබලගේ නගා තමයි දවසකටවත් නගා.
    උකුස්සා කිව්වා හේ උඹල බොන එකනම් නතර කරන්න එපා

    ReplyDelete
    Replies
    1. බොන එක නතර කරන්න දෙයක් නෑ බං...දැන් නතර වෙලා...සාමාජිකයො හිගකම තමයි ප්‍රධාන හේතුව උනේ...

      Delete
  7. උබ හොඳ වෙලාවට මෙහෙ වාහන එලවන්නේ නැත්තේ

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ලගදිම පටන් ගන්න යන්නෙ...ඒ හින්දා මගෙන් ඈත් වෙලා එලවන එකක් එලවනවා හොඳා...

      Delete
  8. නඟාගෙ ගානට වැදුනම සමහරු පරණ තරහ කාරයෝ හොයාගෙන යන එක තමා තිත්ත වෙන වැඩේ.. මැවිල පේන්න කතාව තියෙනවා.අපූරුයි..

    ReplyDelete
    Replies
    1. අනේ ඒ අතින් නම් අපේ උන් සෝයි...බිව්වට පස්සෙ හිටියට වඩා සංවරයි...අපි කවදාවත් වලියට බර වෙලා නෑ....වලි බේරන්න නම් ගිහිල්ලා තියෙනවා...

      Delete
  9. ගිනි ගින්දර සිරා.... ඔහොම ඩයල් එකක් අපේ සෙට් එකෙත් හිටියා... මෙතන කෙටුවට කමක් නෑ කියලා හිතෙනවා... දවසක් අපේ සෙට් එක ට්‍ර්පක් යන්න කෝච්චියේ සෙට් උනා... මගේ මිත්තරයෙක්ගේ තාත්තා දුම්රිය දෙපාර්තුමෙන්තුවේ යාඩ් එකේ වැඩ කොලේ... එතුමාට පින් සිද්ද වෙන්න අපි කෝච්චියට නැග්ගේ යාඩ් එකෙන්... කොහොම හරි බෝතල් 4ක් ගෙනිච්චා කෝච්චියේ ගහන්න... කොල්ලෝ 8 දෙනයි... අපේ අයියාලා බොන්න පටන් ගත්තේ පොල්ගහවෙලින්... කොහොම හරි ඉතින් ඉස්ටෙෂන් දෙකක් යද්දී බෝතල් 4 ඉවර කොලා... කොල්ල මුලින්ම ඔන් ද සපෝට්... කොහොමින් හරි මම නැගිටලා බලද්දී එකෙක් ඇරෙන්න අපේ ඔක්කොම බෝම්බයක් ගහලා වගේ තැන තැන වැටිලා.... කෝච්චිය ඇතුලෙම කබරයත් දාලා... එක ගිනි විජ්ජුම්බරයයි.... එත් කෙලින් ඉන්න එකා උන මර ගාතෙන් වගේ තනියම කියෝනවා... බැලින්නම් අර කොච්චි වල වඩේ විකුනන්න එන පොරකගෙන් මලක් සෙට් කරන මුන් මල ඇදලා... ජීවිතේට මල් නොගහපු මුන් අර ඩෝප් මර ගාතේ මලක් ගැහුවම ඉතින් කතා කරන්න දෙයක් නෑනේ... පට්ට ආතල්... උබේ කතාව කියෝනකොට මට මතක් උනේ ඌව... ඌ කිව්වත් ඔය ජිවන්තයා කිව්වා වගේ දේවල් තමයි... මම ඔක්කොම ෆෝන් එකෙන් රෙකොර්ඩ් කරන් මාස ගානක් පොරව බයිට් කරා...

    ReplyDelete
    Replies
    1. නගා කථා කරන්නෙ පොඩ්ඩක් කාන්තා ලීලෙන්...ඉතිං ආතල් කෝටියයි...ඌ කුණු හරුප කියන්නෙ නෑ..නමුත් අපි අහන ප්‍රශ්න වලට මැරිලා වැටිලා වගේ පැදුර උඩ දපාගෙන මරු උත්තර දුන්නා.

      Delete
  10. ඉතින් සිරා ...අපි ලOකාවෙ ගිහිල්ල ඔය නගා කොළුවත් සැට් කොරගෙන අඩියක් ගහමු නේද?...

    බ්‍රෑන්ඩ් එක ගල්ම තමයි ඉතින්....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම..නගා ඉතිං බොමු කිව්ව‍ොත් ඕනෙ වෙලාවක රෙඩි ඌට කීයක්වවත් වියදම් කරන්න වෙන්නෙ නැත්තං...

      Delete
  11. ඒකගෙ ගෙදර හැම බිම් අඟලම සිමෙන්ති දාලා තියෙන්නෙ.
    උඹ අදහස් කලේ වත්තේ හැම බිම් අඟලක්ම කියන එකද?

    හයියෝ උඹ අර යකාගේ කාරෙක කෑවා නේද? මටත් ඔහොම වැඩක් වුනා හුඟක් ඉස්සර. වීදුරු වහගෙන මර්සීඩස් කාර් එකක් ස්ටාට් කලා. මම එලවලාතියෙන හුචක්කු ස්ටාට් වුනාම ඇඟට දැනෙනවා. මේක ස්ටාට් වෙලා බව නොදැන මම ආයෙම මෝටර් එක ගහනකොට මිනිස්සු වට වුනා උඹට වුනා වගේ.

    ReplyDelete
    Replies
    1. මර්සිඩීස් එක තව හොදයි හෙන්ඩ්‍රි සර්, අපේ මසියගෙ මයිනර් එකක් තිබ්බ මම අනන්තවත් ස්ටාට් එකේ තියෙද්දිම මෝටර් එක ගහල තියනව . සිරාලගෙ ගුරුතුමා වාහනේ විකුනල දැම්ම මුන් හින්දම.

      Delete
    2. ඒකියන්නෙ හෙන්රි අයියා...උන්ගෙ ගෙදර වටේටම විශාල තාප්පය...ඒ තාප්පය ඇතුලෙ හැම බිම් අගලම සිමෙන්ති දාලා තිබුනෙ කජු වේලන්න...ගෙදර පිළිකන්න පැත්තෙන් පසුපසට එන මාර්ගය විතරක් තණකොළ තිබුනා. එදා වාහනේ හැප්පුනා කියලා සෑර්ට කිසිම අප්සැට් එකක් ගියෙ නෑ...සමහර විට බීලා හිටි නිසාද දන්නෙ නෑ. මේ ලගදි මමත් මෙහෙදි සුපිරිම වාහනේකට නැගලා අයිතිකාරයා එක්ක කථා කර කර උන්නා...පස්සෙන් ආව වාහනේකට දෙන්න මේ වාහනේ එක පාරටම ඉස්සරහට ගත්තා...මම ඇහුවා කොහොමද ස්ටාර්ට් කරන්නෙ නැතුව ගත්තෙ කියලා...මිනිහා කියනවා ස්ටාර්ට් එකේනෙ තිබ්බෙ කියලා...කිසිම දෙදරීමක් සද්දයක් නෑ...මටම පුදුමයි තාක්ෂණයේ දියුණුව ගැන.

      මයිනර් නම් මමත් පැදලා තියෙනවා...ඒක මරු වාහනේ...පවර් ස්ටියරිං නැති උනාට හරවන්න පුලුවන් එලටම. සෑර් මේ සිදුවීමට පස්සෙ හරකෙකුත් හැප්පුවා...ඒවා වෙනම රස කථා...කම්මල අයියා හොදට දන්නවා මේ කියන සෑර් ගැන...

      Delete
    3. ඉතින් බන් උඹට ගොඩක් තුවාල උනාද...? (ඉෆ් යූ නෝ වට් අයි මීන්)

      Delete
  12. නගා දැන් මොකද කරන්නෙ බං.ඌ තාම බොනවද?

    ReplyDelete
    Replies
    1. අපේ සෙට් එකෙන්ම කැම්පස් ගියේ නගා විතරයි. උගෙ උ/පෙ ප්‍රතිඵලය ඒ 3 ක්. උපාධිය සාර්ථකව අවසන් කරගෙන මිනිහා දැන් අධ්‍යාපන අමාත්‍යංශයෙ වැඩ...ඉඳහිට සල්ලි වියදම් වෙන්නෙ නැති තැන්වලදි බොනවා ඇති. නගා සල්ලි වියදම් කරලා බොන්න කැමති නෑ...පිනට දෙනවා නම් කෙලියි.

      Delete
  13. නගා කිව්වොත් ඉතින් රස කතාවක්ම තමයි.. . . නගා දන්නවනම් නගාව මෙච්චර ෆේමස් කියල තනියම ගහයි ගල් බෝතලයක්ම තව හතර පස් දෙනෙක් එක්කම... හොක් හොක්

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නෙ නගාගෙ හොඳම යාලුවෙක් තමයි බොලව්...මෙන්න මේ මල්කොබාලා තමයි නගාව නරක් කලේ...

      Delete
  14. අනේ අප්පොච්චියේ. අපි ඔහොම බීලා නැතිලු. වාහන හපාගෙන එව්වට ගෙවලත් නැතිලු. පහුවදාට අණදෙන නිලධාරිතුමා ඉස්සරහ හිටගෙන හොඳ රට ඉංගිරිසි කුණුහරප වලින් බැනුම් අහලත් නැතිලු.

    ReplyDelete
    Replies
    1. හැබෑට...එහෙනං අපිට හිතාගන්න පුලුවන්...එහෙම අහුඋනාම බැනුම් විතරද..වෙන දඬුවම් නැද්ද...

      Delete
    2. අපි දන්නවා...අපි දන්නවා

      Delete
  15. නගාට බීපු ගමන් ටොයිලට් යන්ඩ වෙනව නේද? ඔහොම සාටර් වෙලා ගෙදර ගියේ කොහොමද ?
    එක පාරක් හන්තානෙ ගිහින් ඔර්ජිනල් නගෙක් බීල මාව අපහරණය කරන්න ගියා, මතක් වෙනකොටත් ලැජ්ජාවෙ සන්තෝසෙ බැරුවා.

    ReplyDelete
    Replies
    1. නගාට එහෙම නෑ..නමුත් කට කපලා වැදුන දවසට ඔය අවශ්‍යතාව මටත් එනවා. එදා මොනවා කියලා නගාව ගෙදරින් බැස්සුවද කියලා දෙයියො තමයි දන්නෙ. තව පොඩ්ඩෙන් පතිවත කෙළෙසගෙන තමයි එහෙනං කම්මල අයියට ගම්පහට එන්න වෙන්නෙ...ඔයින් ගියා මදෑ...

      Delete
  16. ඈ බං බොලාගේ සර් ඇත්තටම හොදයි නෙහ්. මාත් අර බො උන ඇස් වලින් ගේට්ටු, තාප්ප බලල තියෙනවා..

    ReplyDelete
    Replies
    1. //මාත් අර බො උන ඇස් වලින්//
      ඔවු උඹට දැනුත් බොඳ වෙලා තමයි පෙනිල තියෙන්නෙ ඉඳගෙන.

      Delete
    2. හැක් හැක්...එදා මට මෙලෝ සද්දයක් ඇහුනෙ නෑ. යන්තමට ගේට්ටුව හෙල්ලෙනවා දැක්කා...තව ටිකකින් නයිටිය පිටින් පාරට දුවගෙන ආපු ගෑණු දෙතුන් දෙනෙක් දැක්කා..

      Delete
  17. යකෝ අරූට බිම එපා වෙන්ට ඇති තොපේ වැඩ වලින්.
    සිරා කතාව බං උඩින් රාජ් කියලා තියෙනවා වගේ උඹට මේ කතා ලියන්න අපුරු හැකියාවක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්...මේවා එකක්වත් අතේ රෝල් නෙමෙයි..මගේ කථා වල සාරාංශය පට්ටම ඇත්ත..පොඩි බණ්ඩි පෝර පාරක් ගහලා වනන එක තමයි මම කොරන්නෙ.

      Delete
  18. අරූගෙ රෙදි නෑනෙ යකෝ. ඌ මේ කතා කියවන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. තවම නම් කියවන්නෙ නෑ...ලංකාවට ගියාම මම මේකගෙ කනෙන් ඇදලා මේ කථා පෙන්වන්න හිතාන ඉන්නෙ.

      Delete
  19. නඟා තමයි නඟා.. ඒකා ඊට පස්සෙත් ඔය වගේ බිවුවද??

    ReplyDelete
    Replies
    1. මිනිහා හිටපු ගමන් ආයෙ කටේ තියන්නෙ නෑ කියලා නවත්තනවා...ඒත් ආයෙ දවසක ඒක අමතක කරලා බොනවා...ඒ වගේ කීප වතාවක්ම නැවැත්තුවා...

      Delete
  20. ආතල් නම් පට්ටය... බට් බීම ගැන නම් පැහැදීමක් නැත...

    ReplyDelete
    Replies
    1. ඉස්සර වගේ තියා කොහොමවත් දැන් බොන්නෙ නෑ බං...තනි ජීවිතේ....තනියම බීලා සොමියක් නෑ....

      Delete
    2. බට් බීම කිව්වෙ සිකරැට් බීමද බං? බට්ටෙකක් ගහනවා කියන එකද?

      Delete
  21. නගා, හරිම කොල්ලෙක් නෙ. අපේ කොල්ලො මෙවා පාවිච්චිය නැති නිසා මේ සීන් නැතිය.

    ReplyDelete
    Replies
    1. නගා ඉතිං රියල් බුලට් එක...ලග ඉන්නවා නම් අපිට පාලුවක් නෑ...

      Delete
  22. බාබෙද්ද...සිරෝ..ලංකාවට ගිහින් ආයේ එලවන්න බෆර් නැති වාහනයක් වත් අරගන්නේ නැතෙයි...අර ගුරුන්නාන්සෙ හින්දම හොදයි..

    ReplyDelete
    Replies
    1. අනුන්ගෙ ඒවා වෙනුවට මගෙම එකක් එලවන්නයි මේ වෑයම.

      Delete
  23. යකෝ කලින් දවසක කිව්වා වගේ මෙන්න ගුරා ලා!

    ReplyDelete
    Replies
    1. මල් තියලා වැඳහන් මෙවැනි ගුරුවරු ලැබෙන්න ලබන ආත්මෙවත්...

      Delete
  24. මමත් බිලා කාමරේ චු කරලා තියනවා.

    ReplyDelete
    Replies
    1. ඉතින් පවුල දුන්න කනේ පාරට වෙරි හිඳුනද ?

      Delete
  25. අපේ බුවෙක් දවසක් අල්මාරිය ඇරලා උඩ බලලා, "යකෝ හොඳටම කළුවරයි, හඳත් නෑ - තරුත් නෑ" කියලා අල්මාරියට චූ කළා කියන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඔය බොලාගෙ බාප්පා කියපු ගජබින්නාලංකාරයේ කථාවක් නේද..

      Delete
  26. අර ලේබල් එකට බේබදු කතා කියල දැම්මනම් හොඳ නැත්ද? :)

    චැහ්ඃ .. වෙච්ච දේවල්වල හැටියට අර යකාට ඊට පස්සෙ බොලා එක්ක ඉන්න ඉතිං ජොකා විතරක් නෙවි රෙදි ඕනම නෑනේ. :)

    ඒ උනාට පවු බං. බොලා ඌට පොවල, ඌව බයිට් එකටත් අරන්.

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...