Monday, June 9, 2014

88 හිතුමතේ ජීවිතේ 2

පළමු කොටස මෙතැනින් කියවන්න.

බෝගම්බර බන්ධනාගාරයේ අලුගෝසුවා පෝරකය මත සිටවූ (බාගෙට සිහිසුන්) සුමතිපාලව ඔහුගේ සහායකයා වැටෙන්නට නොදී අල්ලා ගෙන සිටියේය. වෙලාව පෙ.ව 8.02 සටහන්ව තිබුනේය. සුමතිපාලගේ ගෙලට තොණ්ඩුව දමා මනාව සකස් කර ඇත. මුහුණ සුදු ලෝගුවෙන් වසා තිබේ. අලුගෝසුවා පෝරකය ගස්සන ලිවරය දකුණතින් තදින් අල්ලා ගත්තේය.

ඒ මොහොතේ කිසිවෙක් කොරිඩෝව දිගේ එහි පැමිණෙමින් සිටියේය. ඔහු අන් කිසිවකු නොව අග්‍ර ආණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතාගේ එවකට සිටි ලේකම්වරයාය. ඔහු කෙටි ලියවිල්ලක් බන්ධනාගාර අධිකාරීවරයා අත තැබුවේය. එය කියවමින්ම අධිකාරීවරයා අලුගෝසුවාට අතින් සංඥාවක් දුන්නේය. ලිවරය අත්හළ අලුගෝසුවා වහා සුමතිපාලගේ ගෙලින් තොණ්ඩුව ඉවත් කළේය. හිතුමතේ, පෝරකයට නංවා ගෙලට තොණ්ඩුව දැමීමෙන්ද පසුව ජීවත්වීමට වාසනාව ලද එකම ලාංකිකයා විය.

සුමතිපාල නැවතත් මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරනු ලැබීය. දින 7 කින් සාමාන්‍ය වාට්ටුවට මාරු කෙරිණි. නැවත බන්ධනාගාරයට ගෙනයෑම සදහා වෛද්‍යවරුන් අනුමැතිය දුන්නේ තවත් මාස දෙකක් ගතවීමෙන් පසුවය. එල්ලා මැරීම සදහා වූ නඩු තීන්දුව අනුව නැවත දිනයක් නියම වනතුරු ඔහු මරණයට කැපවූ අනෙක් සිරකරුවන් මෙන් තනි සිරමැදිරියක සිටියේය. එහෙත් කවර හේතුවක් නිසා හෝ ඒ සදහා අධිකරණ අමාත්‍යංශයේ ලිපිය ලැබීම පමා වෙමින් තිබුනේය.

හතුරන් තිදෙනාගෙන් පළි නොගෙන පරලොව නොයා යුතු යයි සිතා ගත් හිතුමතේ සිර ගෙදරින පළා යාමට සැලසුම් කළේය. මරණ දණ්ඩනයට නියමු වූ සිරකරුගේ අඩි 6 x 4 කුඩා කාමරයේ තිබුනේ සීමිත ආම්පන්න. සංඛ්‍යාවකි. කෑම බෙදන තැටිය, කෝප්පය හා මල බදුන හෙවත් පිස් පෝච්චියක්, වතුර සලාකය ලබාදුන් කුඩා බාස්කට් එකක්ද ඒ අතර විය. එම වතුර භාජනය සිර ගෙදර භාෂාවෙන් හදුන්වන ලද්දේ කොට්ටුව යන නමිනි. එය කුඩා බාල්දියක් වැන්නකි. එයට අමතරව සිරකරුගේ පරිහරණය සදහා රෙට්ටුව නමින් හැදින්වූ ඝන රෙද්දක්ද විය. සිර මැදිරියේ බිත්ති නිමවා තිබුනේ විශාල ගල් වලිනි. යම් හෙයකින් බිත්තියේ ගලක් ඉවත්කරගතහොත් ඉන් මතුවන සිදුරෙන් රිංගා සිර මැදිරියෙන් පිටවීමේ හැකියාව තිබේ.

වතුර බාස්කට් එක දෙපසින් තදකර එහි පනිට්ටු කොක්ක ගලවා ගත් ඔහු එය උල් කූරක් සේ යොදා ගනිමින් ගලවටා වූ බදාමය සූරන්නට පටන් ගත්තේය. Condemned Shell ප්‍රදේශයට රාත්‍රී කාලයේ නිලධාරීන් එන්නේ නැත. ඔහු කම්බි කොක්කේ ආධාරයෙන් ගලවට වූ බදාමය සූරාදැමීම සිරගෙය නින්දට ගිය පසු ආරම්භ කළේය. එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවූයේ බදාමය සවිමත් බැවිනි. දිනකට කඩල ගොට්ටක් පිරෙන්නට තරම් වූ බදාම කුඩු ප්‍රමාණයක් එකතු වූ අතර ඒවා හිස් පෝච්චියකට දමා නියමිත වෙලාවට එළියට ගෙන ගියේය. බාල්දි කොක්ක යළි තිබූ පරිද්දෙන් සවි කෙරිණි. දිවා කල අනෙකුත් සියල්ල සාමාන්‍ය පරිදි සිදුවිය. ගල වටේ බදාමය සූරා දැමීමෙන් ඇති වූ කඩතොළු වැසීමට ආහාර සලාකයට ලැබුනු පාන් භාගයේ මැද කොටස හොදින් පදම් කොට පිටි ගුලියක් සේ අනා භාවිතා කෙරිණි. රාත්‍රී කාලයේ නොනවත්වාම ඔහු වැඩ කළේය. එම බරැති විශාල ගල මාස එකහමාරක් පමණ යද්දී බුරුල් විය.

පිටතට පැමිණියත් බෝගම්බර හිරගෙදර අඩි 18 ක් තරම් උස තාප්පය තරණය කිරීම ගැටළුවකි. සුමතිපාලට ලැබී තිබූ රෙට්ටුව කලක් පාවිච්චිය නිසා ඉරී තිබුනේය. ඔහු පළමු පියවර වශයෙන් නිලධාරී මහතකුට ඇවිටිලි කොට අලුත් රෙට්ටුවක් ඉල්ලා ගත්තේය. එය බෙහෙවින්ම ශක්තිමත්ය. රෙට්ටුව තීරුවලට ඉරා කඹයක් අඹරා ගත්තොත් එම කඹේ ආධාරයෙන් සිරගෙදර තාප්පය නැග පැන යා හැකිය. රෙට්ටුව තීරුවලට ඉරන්නට පහසු වන පරිදි ඇගිලි පුරුක්වලින් මැන කපන ස්ථාන ලකුණු කල සුමතිපාල කැපුම්වලට මුල පුරා රෙට්ටුව සාමාන්‍ය පරිදි බිම එළා නිදාගත්තේය.

සති තුනක් වැඩ කළ ඔහු ගල ගලවා ඇතුලට ගන්නට සමත් විය. අවට පිරිසිදු කොට නැවතත් ගල පෙර පරිද්දෙන්ම රදවා එදින වැඩ කටයුතු අවසන් කළේය. පසුදින තීරණාත්මක රාත්‍රිය එළැඹියේය. සුමතිපාල හොද ශක්තිමත් කොක්කක් තිබූ කොට්ටු බාල්දියට තමාගේ වතුර සලාකයද ගෙන හැන්දෑවේ ගනන් කිරීමෙන් පසු සිර මැදිරියට වැදුණේය. අවසන් ගනන් ගැනීම සිදු කරන නිලධාරියා මැදිරියට එබී බලන අවස්ථාවේ තද නින්දේ පසුවන ඉරියව්වක සිටි සුමතිපාල ඊළග නිමේෂයේ නැගිට වහ වහා ක්‍රියාත්මක වන්නට විය. රෙට්ටුවෙන් අඩක් තීරු තීරුවලට ඉරාගත් ඔහු ඒවා ශක්තිමත් කඹයක් ලෙස ගොතන්නට විය. විනාඩි 30 ක පමණ කාලයක් තුල අඩි 12 ක් පමණ ශක්තිමත් කඹයක් සාදා ගන්නට ඔහුට හැකි විය. බාල්දි කොක්ක පන්නා එය කඹය අගට ගැට ගැසූ ඔහු ගල ගලවා එළියට ගියේය.

නිසොල්මනේ තාප්පයට කිට්ටු කල සුමතිපාල බාල්දි කොක්ක තාප්පය මතට විසි කර සිර කරගත්තේය. අනතුරුව අඩියට දෙකට තාප්පය මුදුනට ලගා විය. බැම්මට නැග බාල්දි කොක්ක අනෙක් අතට සිරකොට කඹය පහළට දමා බිමට රූටා වැටුනේය. ඔහු සිටියේ බෝගම්බර පිටියට නුදුරින් වූ ලදු කැලෑවේය. (දැන් එය නැත) එතනින් අතුරු පාරක් සොයාගත් ඔහු ගරාජයක සේවකයෙක් වේලෙන්නට දමා තිබූ ඇදුම් කීපයක් සොරාගෙන ගන්නෝරුව දුම්රිය ස්ථානය දක්වා ගියේය. නුවර සිට පැමිණි බඩු දුම්රියක් එහි නැවැත්වූ අතර එහි කෙළවර එක් මගී පෙට්ටියක් පමණක් අමුනා තිබුණේය. සුමතිපාල ගන්නෝරුවෙන් එයට නැග වනවාසලදී දුම්රියෙන් බැස හිරගෙදරදී හදුනාගත් මිතුරකුගේ නිවෙසට ගියේය. එහි දින දෙකක් ගතකොට ඔහුගෙන් මුදල් අතමාරුවක්ද කරගෙන පසුව වාද්දූව ප්‍රදේශයේ මිතුරකුගේ නිවෙසට ගියේය.

කුසුමා නැගණිය දූෂණය කර මරා දමන්නට හවුල් වූ කළුතර ගුරුවරයා සොයා ඔහුට දඩුවම් පමුණුවන්නට දෛවය සුමතිපාලට නියම කර තිබේ. කණිටු පාසලක විදුහල්පතිවරයකු වූ ඔහු පොලිස් පරීක්ෂකවරයාට නැගණිය ගැන ඔත්තු සපයා පසුදින මීගමුව කොච්චිකඩේට ගොස් ඇයව දූෂණය කරන්නටද සහභාගි වී තිබේ. එබැවින් ඔහුට දඩුවම් කල යුතුමය.

මිතුරාගෙන් පා පැදියක් ඉල්ලාගත් සුමතිපාල කළුතර නගරය මගහැර අතුරු පාරවල් ඔස්සේ අදාළ විදුහල්පතිවරයාගේ වංහුං සොයා බණ්ඩාරගම පාරේ සැරිසැරුවේය. දින කීපයක් ඇවෑමෙන් ඔහුට තමා සොයන ගොදුර හමුවිය. පරගස්තොටට ගොස් ගුරුවරයාගේ නිවෙස සොයාගත් සුමතිපාල එම නිවෙසින් වතුර වීදුරුවක්ද ඉල්ලාගෙන පානය කොට ආපසු පැමිණියේය.

බන්ධනාගාර මිතුරාගේ නිවසේ සතියක් නතරව සිටි සුමතිපාල ඊලග කාර්යය සදහාද කටයුතු සැලසුම් කළේය. ඔහුගේ මිතුරා ඒ දිනවල ළිදක් කපන්නට මුලපුරා තිබුනේය. ඔහු මිතුරා සමග හරි හරියට මහන්සි වී ළිද කැපුවේය. සති අන්තයේ දිනක මිතුරාගෙන් ගමන් වියදම් ඉල්ලාගත් ඔහු වනවාසල දුම්රිය ස්ථානයෙන් දුම්රියක නැග මීගමුවට ගියේය. කිසිවෙකුට නොදැනෙන්නට, නොහැගෙන්නට කොච්චිකඩේට ගොස් නැගණිය පැහැරගෙන විත් රදවාගෙන සිටි නයගරා ගෙස්ට් හවුසිය සොයා ගන්නට උත්සාහ කළේය. එය සොයා ගැනීම එතරම් අසීරු කරුණක් නොවීය. අසළ කුඩා තේ කඩයක මුදලාලි කෙනෙකු සමග කථාවට වැටුනු ඔහු දැනගත්තේ තානායමේ කෙරෙන වල්කම් පළාත පුරා ප්‍රසිද්ධ බවත්, පෙත්සම් ගැසුවද කිසිවක් නොවූ බවත්ය. තමා හිස ගසා දැමූ අයි.පී ගේ නංගි බැදපු මස්සිනාගේ ගෙස්ට් හවුසිය මෙය බව සහතිකවම දැන ගත්තේය. පසුව ඒ අසළ ගැවසී තානායමේ අයිතිකරු දැකබලා ගත්තේය. ඔහුගේ හැඩරුව නිරීක්ෂණය කොට ආපසු වනවාසලට ගියේය.

එතැන් සිට දෙවැනි දිනයේ දඩයම් ගමන අරඹන්නට තීරණය කල ඔහු මිතුරාගේ කලිසමක් සහ කමිසයක් ඉල්ලා ගත්තේය. තරමක් පැරණි ගමන් බෑගයක්ද මුදලින් රුපියල් 600 ක්ද මිතුරා සුමතිපාලට දුන්නේය. වැදගත් මගියකු ලෙස වෙස්වළාගත් සුමතිපාල වනවාසලින් පිටත්වූ දිනයේම මධ්‍යහ්නයේ කොච්චිකඩේ හන්දියෙන් බැස නයගරා ගෙස්ට් හවුස් වෙත ගියේය. රාත්‍රියේ නැවතී පසුදින උදෑසන ආපසු යාමට කාමර ගාස්තුව එකල අය කලේ රු 100 කි. සුමතිපාල එක් රැයක් පමණක් එහි නවාතැන් ගන්නා බව කීවේය.

සේවකයෙක් කාමරය පෙන්නන්නට ඔහු කැටුව ගියේය. එහි තරමක් වටිනා රන් පැහැති දොර අගුලක් දැමූ කාමරයක් තිබුණේය. සුමතිපාල ඒ කාමරේ දෙන්නැයි ඉල්ලා සිටියේය. මහත්තයා, එ්ක අපේ මුදලාලිගෙ කාමරේ, ඒක පිට අයට දෙන්නෙ නෑ. සේවකයා කීවේය. සුමතිපාල මුදලාලිගේ කාමරයට යාබද කාමරයේ නවාතැන් ගත්තේය. දිවා ආහාරයද තානායමෙන්ම ගෙන. ගමන් මල්ල එහිම තිබෙන්නට හැර කලිසමෙන් හා කමිසයෙන් සැරසී කාමරයේ යතුරද රැගෙන ආලින්දයට පැමිණියේය. ඒ වන විටත් මුදලාලි පැමිණ සිටියේ නැත. ගරාජයේ මෝටර් රථය නොවීය. කොච්චිකඩේ හන්දියට ගිය ඔහු එහිදී හලාවත බසයකට නැගුනේය.

වයික්කාල කඩමණ්ඩියේ ලංකාවේ සුප්‍රසිද්ධ පිහි වෙළෙන්දෝ සිටිති. පාර දෙපැත්තේම පිහි කඩ තිබේ. සුමතිපාල පිහි මැස්සක් ලග නතර වී සිය රාජකාරියට සරිලන පිහිය කුමක්දැයි මන්නා පිහි, වක් පිහි, දික් පිහි, මේස පිහි, මස්කඩ පිහි, මාළු කපන පිහි ආදිය අතර දෙනෙත් එහා මෙහො යැව්වේය. තරමක් දිග මිටක්ද සහිත දිලිසෙන මුවාතකින් යුතු තලයක් සහිත මන්නා පිහියක් ලග ඔහුතේ දෙනෙත නතර විය. එය මිළට ගත් ඔහු සිමෙන්ති උරයකින් එය ඔතාගෙන තානායමට යාමට පෙර දෙමළ චිත්‍රපටියක්ද නැරඹීය. රාත්‍රී 9.30 ට චිත්‍රපටය අවසන් විය. රාත්‍රී ආහාරය කඩයකින් ගත් ඔහු නැවත තානායමට ගියේය. තානායමේ ගරාජයේ මෝටර් රථයක් නවත්වා තිබේ. ඒ දහවල් මිදුලේ නවත්වා තිබූ තානායම් අයිතිකරුගේ මෝටර් රථය බව ඔහු හැදින ගත්තේය.

හිතුමතේ තමාගේ කාමරය හා මුදලාලිගේ කාමරය හැදිනගෙන තානායමේ වහළයට නැග උළුකැට කීපයක් ඉවත් කිරීමෙන් පසු මුදලාලිගේ කාමරයට විවෘත වන නාන කාමරයට බැස්සේය. නානකාමරයේ දොර මදක් විවර කල විට කාමරයේ දෙදෙනෙකු සිටින බව පෙනිණි. පිරිමියා නිරුවතින් ඇදේ දිගා වී සිටියේය. හිතුමතේ ඔහුට ළං වන විට ඔහු හොරෙක් හොරෙක් යයි කෑ ගැසීය. සුමතිපාල හොදින් නැවී තානායමේ අයිතිකරු කළුතර අයී. පී මහතාගේ මස්සිනා බව නිසැක ලෙස හදුනා ගත්තේය.

යකෝ මම කුසුමාවතීගේ අයියා සුමතිපාල යැයි මන්නා පිහිය ඔසවමින් සුමතිපාල ශබ්ද නගා කීවේය.

ඊලග නිමේෂයේදී මන්න පිහි පහර විදුලි වේගයෙන් තානායම්කරුගේ ගෙල මත පතිත වූයේය. කදින් වෙන්වූ හිසත් කවන්ධයත් පසෙකට ඇලවී ගියේය.

හිතුමතේ ජීවිතේ පිළිබද මව්බිම පුවත්පතේ පළ වූ ලිපි මාලාව වෙනුවෙන්
ප්‍රවීන චිත්‍ර ශිල්පී ජනක රත්නායක මහතා විසින් සිතුවම් කල සිතුවමකි.


තානායම්කරුගේ සිරුරට යටවී හුන් ළාබාල කෙල්ලගේ කෑ ගැසීම මැද සුමතිපාල තානායම්කරුගේ බොකුටු කොණ්ඩයෙන් අල්ලා හිස වම් අතට ගෙන කාමරයේ දොර හැර දකුණතින් ගත් මන්නා පිහියත් සමග මිදුලට පැන්නේය. ගේට්ටුවෙන් පාරටද පැනගත්  සුමතිපාල සුළු වෙලාවක් තුල කොළඹ - පුත්තලම පාරේ මීගමුව දෙසට වේගයෙන් ගමන් කරමින් සිටියේය.

ඔහු යමින් සිටියේ තෙල්වත්ත පොලිස් මුරපොල දෙසටය. පාන්දර නිසා මහා මාර්ගය පාළුවට ගොස් තිබුනි. නමුත් කිලෝමීටර් 7 ක් පමණ මග ගෙවා තෙල්වත්ත පොලිස් මුරපොළ ආසන්න වන විට මග දිගට කීප දෙනෙක් මිනිස් හිසක් හා පිහියක් අතින් ගත් අයෙකු පාරේ යන බව දැක තිබුනි. මුරපොළ අසළට ගිය ඔහු පිහිය හා හිස එහි තබා ක්ලාන්තව වැටිනි. පොලිස් නිලධාරියකු තමන් පානය කරන්නට ගෙනැවිත් තිබූ වතුර බෝතලයක් සුමතිපාලගේ හිස මත වත්කළේය. සීතල වතුර සිරුර පුරා ගලායන විට සුමතිපාල නැවත ප්‍රකෘති සිහියට පැමිණියේය.

මේ සිදුවීමෙන් පසු හිතුමතේ අනුරාධපුර බන්ධනාගාරයට යවනු ලැබිණි. ඔහුට දෙවන වර පැන යාමට උපකාරී වූයේ 1971 කැරැල්ලයි. අත්අඩංගුවට ගත් පිරිස් එන්න එන්නම වැඩිවීම නිසා අනුරාධපුරය බන්ධනාගාරය තුල තදබදය එන්න එන්නම වැඩි වී පහසුකම් අවම විය. එවැනි තත්වයක් තුල සිරගෙදරින් පැනයාම සුමතිපාලගේ පමණක් නොව බොහෝ දෙනාගේ අවශ්‍යතාවයක් බවට පත්වෙමින් පැවතියේය.

ජ.වි.පෙ ට සම්බන්ධ කීප දෙනෙක් පැන යන්නට තීරණය කර පැනයන ප්‍රථම කණ්ඩායමද සංවිධානය කළහ. ජ.වි.පෙ සාමාජිකයන් සමග මරු සිරා සමීප ඇසුරක් පැවැත්වූ නිසා ඔහු ඊට සම්බන්ධ විය. හිතුමතේ මරු සිරාගේ මිතුරා නිසා ඔහු ද එයට සම්බන්ධ විය.

මරු සිරාගේ කණ්ඩායමට පැවරූ වැඩ කොටසට සුමතිපාල ද සහාය වූයේය. ඉවත දැමූ මලකෑ දිරාපත්වූ බාල්දි ගොඩක් මුල්ලක තිබිණි. ඉන් පන්නාගත් බාල්දි කොකු දිග හැර බිම උරච්චි කරමින් තුඩ මුවහත් කොට කුඩා හෙල්ලක් මෙන් සකසා පස් යට සගවා තබන්නට ඔව්හු කටයුතු කලහ. දින කීපයක් තුල උල් යකඩ කූරු 15 ක් තනා අවසන් කොට පස් යට තැන්පත් කෙරිණි.

ප්‍රහාරය ආරම්භ කිරීම සදහා ජ.වි.පෙ සාමාජික හීන් බණ්ඩා උපදෙස් දී තිබුනේ උදෑසන ප්‍රධාන දොර සම්පූර්ණයෙන් විවෘත වන වෙලාවටය. දිනය තෝරා ගැනිණි. එදින උදෑසන කෑම පෝලිමේ සිරකරුවන් වැඩි පිරිසක් සිටින අවස්ථාවක යොදවා සිටි ඔත්තුකරුවකු විසින් ප්‍රධාන දොර අරින බවට සංඥාව ලබාදෙන ලදී. 15 ක පමණ කණ්ඩායමක් ගේට්ටුව දෙසට දිව ගියහ. ඔවුන් ඇතමකු අත ඉතා තියුණු උල් සහිත හෙල්ල තිබිණි.

ජේලර්ලා පිරිසක් බැටන් පොලු ඇතැතිව ඔවුන්ට හරස් කැපූ නමුත් යකඩ උල්වලින් පෙරළා පහරදුන් විට තත්වය පාලනය වූයේය. නිල් පැහැති බන්ධනාගාර වෑන් රථයක් ප්‍රධාන දොර ඇතුලත කාර්යාලය අසල නතර කර තිබුණේය. කිසිවෙක් එය පණගැන්වීය. ආයුධ රාක්කයට කඩා පැන්න කීප දෙනෙක් අගුළු කඩා තුවක්කු හත අටක්ම බෙදා ගත්හ.

ආයුධ දුටු ජේලර්ලා පසු බැස ගියහ. වෑන් රථය  පිටත්වන විට සිරකරුවෝ තිස් තුන් දෙනෙක් එහි නැග සිටියහ. මරු සිරාත් ලයනලුත් තුවක්කු ඇතැතිව පැති දොරේ එල්ලී ගමන් කළහ.

සුමතිපාල රිපීටර් තුවක්කුවක් අල්ලාගෙන සිටියේය. එක් සිරකරුවෙකු වහල මත වාඩිවී හුඩ්රැක් එක අල්ලාගෙන සිටිනු පෙනිනි. විලච්චිය පාර දෙපස මිනිස්සු දෑත් හිසේ බැද තුෂ්ණිම්භූතව බලා සිටියහ.


මතු සම්බන්ධයි.



මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

2012 / 06 / 10 දින මුල්වරට  ලෑලි දොර අරින ලද සිරාගේ කාමරය මේ සමරන්නේ සිය දෙවන උපන් දිනයයි. මේ දෑ වසර පුරාවට විවිධ දේ පිළිබද කථා බහ කරන්නට අපට හැකි විය. විවිධ සමාජ සත්කාර උදෙසා දායකත්වය දෙන්නට හැකි විය. කාමරය වටා හොද පාඨක පිරිසක් වර්ධනය කර ගන්නට හැකි විය. දැන් ඉතින් නැවතීමක් නැත. සිරා කොලුවාගේ හිතට දැන් ඉතිං කාමර කෑල්ල වසා දැමිය යුතු යැයි හැගෙන දවසක් දක්වාම සිරාගේ කාමරය ඔබ සැමට විවෘතව පවතිනවා ඇත. ප්‍රබුද්ධ, පීචං භේදයක් නොමැතිව, කාට කාටත් විවේකී වෙලාවට සිරාගෙ කාමරය තනියට සිටිනු ඇත. මෙතෙක් කල් මෙහි පලවන දෑ කියවා මට වචනයකින් හෝ සවියක් වූ ඔබට මගේ ආචාරය ! 



බ්ලොග් කෙරුවාව ඇගට පත්තියං වන තෙක් මගේ පසුපස සිට නන් අයුරින් ඔවදන් දුන් සහෝදර බ්ලොග් කරුවන්ද ආදරයෙන් සිහිපත් කරමි.

කාමරයේ පළමු උපන් දිනය දා සිරා තැබූ සටහන මෙතැනින්

88 comments:

  1. දෙවෙනි අවුරුද්දට සුබ පැතුම්

    --ස්කුටර් යාලුවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලයො...බොලා දාගෙන තියෙන්නෙ හරි අපූරු නමක් නොවැ. මගේ අඩිපාරෙම ගිහිල්ලා බොලාත් එහෙනං ඇන්ටික් ස්කූටර් හිමියෙක් උනා...

      Delete
  2. Many Happy returns of the day saho

    ReplyDelete
  3. දෑවුරුද්දට සුභපැතුම් සිරා අයියේ....!

    මේ මම කියවන බ්ලොග් අතරින් හොඳම බ්ලොග් එකක්. දිගටම ලියන්න. ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. අගය කිරීම ගැන ස්තූතියි බස්සියෙ...

      Delete
  4. අවුරුදු දෙකට සුබ පැතුම් සිරෝ.

    ReplyDelete
    Replies
    1. හැලපයියටත් මාගේ ස්තූතිය.

      Delete
  5. දෙවැනි උපන්දිනයට අපෙන් උණුසුම් සුභපැතුම් සිරා.................

    ReplyDelete
  6. අවුරුදු දෙකට සුබ පැතුම් සිරා ,කතාව කියවා ඉවර වනතුරු ඉවසා වදාරමි

    ReplyDelete
    Replies
    1. තව කොටස් දෙක තුනකින් පසු කථාව අහවර වේවි. ඉවාන් ගොයියටත් මගේ ස්තූතිය.

      Delete
  7. දෑවුරුද්දේ පොඩි එකාට ඉදිරියටම යන්නට සුබපැතුම්. කතාව දිගටම කියවාගෙන යනවා. ප්‍රමාද නොකර ඉදිරි කොටස් පලකරන්න.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ඉතිරි කොටස් නිසි වෙලාවට පල වේවි. විචාරක තුමාටත් දෑ අවුරුද්දෙ පොඩි එකාගෙන් ස්තූතිය.

      Delete
  8. බොලොග් ලියවිල්ලේ දෙවෙනි අවුරුද්දට උණුසුම් සුබ පැතුම් !

    සිරා පුංචි නිවැරදි කිරීමක් සඳහා අවසර...
    // " අතුරු පාරක් සොයාගත් ඔහු ගරාජයක සේවකයෙක් වේලෙන්නට දමා තිබූ ඇදුම් කීපයක් සොරාගෙන ගන්නෝරුව දුම්රිය ස්ථානය දක්වා ගියේය"//

    ගන්නෝරුව හරහා දුම්රිය ගමන් නොකරයි. ගන්නෝරුවට ආසන්න දුම්රිය ස්ථානය "සරසවි උයන" නැවතුම් පොලයි.

    ඔබට ජයෙන් ජය !!.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනෝ මිත්‍රයා...වරද නිවැරද කරන්න අවසරයක් කුමට...මේ කථාව මවිසින් ලියූවක් නොවෙයි. මා මෙහිදී කරන්නේ ලියා තිබූ ආකාරයෙන්ම පල කිරීමක් පමණි. මමත් හැබෑටම කම්පනා කොලා ගන්නෝරුව කියලා දුම්රිය ස්ථානයක් ගැන කවදාවත් අහලා නෑ නේද කියලත්..

      Delete
  9. දෙවෙනි උපන් දිනයට ජය වේවා...!

    ReplyDelete
  10. මන්දා, සමහර ජීවිත ගැන එක වෙලාවකට පුදුමත් හිතෙනවා.. ඒ මේ වගේ කතාවල් කියවද්දී.. ඒ අයට ඒ ඳේවල් වලට හේතු ඇති.. ඒත් අන්තිමේ මොනවද තියෙන්නේ කියලා බලද්දී දැනෙන්නේ කණගාටුවක්..

    අවුරුදු දෙකේ සැමරුමට සුබ පැතුම් අයියේ..

    ReplyDelete
    Replies
    1. සමහර ජීවිත එක් කුඩා සිදුවීමක් නිසා කණපිට හැරෙනවා...එතෙක් ගමන් කල මාර්ගයෙන් පිට පනිනවා...එහෙම දෙයක් තමයි සුමතිපාලටත් උනේ.

      සුභ පැතුමක් එකතු කලාට දිනේෂ් මලයටත් මගේ ස්තුතිය.

      Delete
  11. දෙවෙනි වසරට සුභ පැතුම් මල්ලි.......
    බ්ලොග් කරුවො විතරක් නෙමේ කමෙන්ට් කරුවන්වත් සිහිපත් කරන්න...
    යකෝ මේ කතාව බයිස්කෝප් එකක් බලනව වගේනෙ ....
    මිගමුව දෙස සිට හලාවතට යද්දී වයික්කාල දුම්රිය හරස් පාර පැන්න ගමන් පාර දෙපස ඔය පිහි කඩ ඉස්සර ඉදල තාමත් තියෙනව මගෙ හිතේ......

    ReplyDelete
    Replies
    1. //බ්ලොග් කරුවො විතරක් නෙමේ කමෙන්ට් කරුවන්වත් සිහිපත් කරන්න.//

      අනිවා... අනිවා ... අපේ හිටපු සුප්‍රසිද්ධ කමෙන්ට්කරුවා, බ්ලොග්කරුවෙකු උනාට පස්සෙත් අපිව මතක තිබීම ගැන ඔන්න මගේ හදපතුලෙන්ම එන මෙව්ව එක පිළිගන්න කෙන්ජි අයියා. :)

      Delete
    2. ස්තූතියි කෙන්ජි අයියා...පාඨකයො කියන වචනය ඇතුලෙ කමෙන්ට් කරුවන්ද සිටින බව කරුණාවෙන් සලකනු මැන....

      මේ කථාව හැබෑටම ලංකාවෙ සිද්ධ උනාද කියලත් වෙලාවකට හිතෙනවා...ඉදිරි කොටස් කීපයත් කියවා බලන්න.

      Delete
  12. සුභ පැතුම් සිරා, මම දවසට සැරයක් ඔළුව දාල බලනව මොනවද කාමරේට අළුතෙන් ගෙනල්ල තියෙන්නෙ කියලා. :) කාමරේට දීර්ඝායුෂ ලැබේවා !!!!!!!!!!!!!! :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගොළු බෙල්ලා...බොලාලා ඒ විදියට දෙන තල්ලුව නිස තමයි කාමරේ දොර තාමත් ඇරිලා තියෙන්නෙ.

      Delete
  13. අවුරුදු දෙකට මගේ සුභ පැතුම්...
    නංගි කෙනෙක් වෙනුවෙන් තමංගෙ ජීවිකත්ම කැප කරපු අය්යල කීදෙනෙක් ඇද්ද...
    අතේ ඇගිලි ගානටත් අඩු ඇති නේ

    ReplyDelete
    Replies
    1. නංගිලා සහ අයියලා අතර බොහොම තද සහෝදර බැදීමක් තියෙනවා කියලනෙ අපි අහලා තියෙන්නෙ. ඉතින් මෙතැනටත් ඒ කාරණේ පොදුයි කියලයි මට හිතෙන්නෙ.

      ප්‍රාර්ථනාවට ස්තුතියි මහේෂ්.

      Delete
  14. එක හුස්මට කියවලා ඉවර කරා.
    අඞෙි බෝතලයක් ගහලා සමරමු

    ReplyDelete
    Replies
    1. ගල් බෝතලයක් තමයි ඕනෙ...කාලෙකින් බිව්වෙ නෑ.

      Delete
  15. දෙවෙනි උපන් දිනයට සුභ පැතුම්.......
    දිගටම හරවත් සහ රසවත් ලිපි කියවීමට
    කාමරයට ගොඩ වීමට බලාපොරොත්තු වෙමි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...වැඩි වැඩියෙන් එවැනි ලිපි ලියන්න තමයි සිරාගේ කැමැත්ත.

      Delete
  16. මුලින්ම අවුරුදු දෙකට සුබ පැතුම්…!! සිරා අයියෙ.

    මම හිතුවෙ හිතුමතේ විදුහල්පතිව මරලා ඉදී කියලා.

    ReplyDelete
    Replies
    1. විදුහල්පතිට ඊලග කොටසෙදි ස්වීප් එක ඇදෙයි වගේ...

      ප්‍රියා මලයටත් අද වගේ දවසක කමෙන්ටුවක් එකතු කලාට මගේ ස්තූතිය.

      Delete
  17. ඔබගේ බ්ලොග් සටහන් වලට සුබම සුබ උපන්දිනයක් වේවා!!

    චිරං ජයතු!

    ReplyDelete
  18. දෙවැනි වසරට සුබ පැතුම් සිරා.

    ReplyDelete
  19. දෑවුරුද්දට සුභ පැතුම්!!! ටික දවසකින් blogකියවන්න බැරි උනා. අද හවසට සවුදිය පුරමු.

    ReplyDelete
    Replies
    1. වැඩිය දුර ඈතක කෙනෙක් නොවන නිසා ලංකාවට පැමිණි දවසක මෛත්‍රී අයියා එක්ක සවුදිය පුරන වෙලාවට ඔබත් නිසැකවම එතන හිදීවි. ස්තූතියි

      Delete
  20. අප්පට බොල අවුරුදු දෙකේ උපන් දිනේද.. සුභ පැතුම් බොක්කෙන්ම මචං.. සමරමු !!! :D

    ReplyDelete
    Replies
    1. එලකිරි පත්තරයො....හුරුල්ලො ටිකක් බැද්දා...බෝතලේ අරගෙන විගහට වරෙන්.

      Delete
    2. තොපි හු රුල්ලො කන්ඩ කතා කොරනව...!

      Delete
  21. Happy anniversery sira.wish u all the best.

    ReplyDelete
  22. අඩේ අවුරුදු දෙකට බොක්කෙන්ම සුබ පැතුම්....
    ගල්ද ගහන්නේ..පොල්ද හොඳ..???

    ReplyDelete
    Replies
    1. පොල් ගැහුවම ටිකක් ඔලුව කැක්කුම වගේ...ඒ නිසා සීදූවේ ගලම ගහමු...මේ දැනුත් කාමරේ ගලක් තියෙනවා මාස දෙක තුනකට කලින් මට ලැබුනු. තවම ගෙනා ආකාරයෙන්ම තියෙනවා. ස්තූතියි අදහසට.

      Delete
  23. දෙවෙනි අවුරුද්දට සුභ පැතුම් අයියේ!!!

    ReplyDelete
  24. දෙවන වසරට සුබ පැතුම් ....... තව සතියකින් මම පලවෙනි වසර සමරනවා ....... මට බ්ලොගක් ලියන්න හිතුනේ අනෙක් බ්ලොග් කියවන කොට ඒ අනෙක් බ්ලොග් අතරේ ඔයාගේ බ්ලෝග ඉදිරියෙන්ම තිබුනා ...... ඉදිරියටත් ජයෙන් ජය පතමි ..........

    ReplyDelete
    Replies
    1. ඔය කථාව අද නොවැ දැනගත්තෙ...ඒක එහෙම නම් බොහොම සතුටුයි රාළෙ. සිරා කොලුවගෙ කාමරේට සුභ පැතුමක් එකතු කලාට තුති.

      Delete
  25. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ඔබෙ අදහස සිරාගේ කාමරයට සම්බන්ධ නැති වෙනත් බාහිර පාර්ශවයකට චෝදනා කරන්නක් හෙයින් මකා දැමීමට සිදු වූ බව කරුණාවෙන් සලකන්න.

      Delete
  26. සුබ පැතුම් සිරෝ,උඹේ බ්ලෝග මම ඒ කාලේ ඉඳම්ම කියෙව්වා.
    ඔහම දිගටම යමන්.

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටුයි මිත්තරයො.

      Delete
  27. උණුසුම් සුභ පැතුම් පාර්ට්නර් දෙවන උපන්දිනයට. ජයම වේවා.

    ReplyDelete
    Replies
    1. හෙන්රි සෑර් මෙහෙම කියනකොට අක්මාවටම සතුට දැනෙනවා...ස්තූතියි.

      Delete
  28. අදයි මේ කතාව දැක්කෙ, මුල් කොටසත් කියවන්න ලිස්ට් එකට දාගත්ත ඔන්න.

    ඉතිං, උඹට සුබපතන්න නෑවිදින් කොහොමද. මගෙනුත් සුබපැතුම් සිරා. තවත් බොහෝ කාලයක් මේ බ්ලොග් එක ලියන්න වාසනාව ශක්තිය ලැබෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. කාමරේ අටවපු මුල් කාලෙ ඉදලම සිරාට ලොකු හයියක් වෙච්ච චරිතයක් නොවැ බොලා. ඉතිං අද වගේ දවසක කොහොම අමතක කරන්නද...ඔබේ වදන් වලට බොහොම ස්තූතියි DDT.

      Delete
  29. සිරා,

    ඉදිරියටම යන්නට සුබ පැතුම් මචං...!! වැඩ රාජකාරී එක්ක මම පොඩ්ඩක් කාර්‍යබහුලයි මේ දවස් වල ..වැඩි විස්තර පසුව කියන්නම්.. කොමෙන්ටු දැම්මේ නැති වුනාට ඉඩ ලැබෙන හැමෙ වේලාවකම පොස්ට් කියවනවා මචං

    මම​
    මයික්

    ReplyDelete
    Replies
    1. මගේ අතිජාත මිත්තරයා...බොට තියෙන වැඩරාජකාරි අස්සෙ කමෙන්ටුවක් කොටන්නවත් වෙලාවක් නැති වග මම දන්නවා...කිසිම අමනාපයක් නෑ. හැකි වෙලාවට අදහසක් තබා යන්න. ස්තූතියි අද වගේ දවසක සටහනක් තැබුවට... ජය !

      Delete
  30. සිරාගේ අවුරුදු දෙකට සුබ පතනවා!!!

    කතාව රුසියානු නවකතාවක් වගේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොඩ්ඩි....ඇත්ත කථාවක් නිසාම මේ කථාවෙ රසය වැඩියි මට නම්..

      Delete
  31. අවුරුදු දෙකක් තුල සිරා බොහෝම දුරක් ඇවිත්.. සුබ පැතුම්.. මේ කතාවත් බොහොම රසයි ඒත් කෝධය තමයි හිතට එන්නෙ. අපි ඉන්නෙ හිතුමතේ එක්ක ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සරත් අයියා. ඉදිරි කොටස් කීපයත් එලෙසින්ම රසවත් වේවි. අපි හැමෝම සාධාරණත්වය අගය කරන අය නිසාම තමයි මේ කථාවෙදි සුමතිපාලගෙ පැත්තට බර උනේ.

      Delete
  32. He seems to be a very good brother. Hats off.....

    ReplyDelete
    Replies
    1. Definitely......Such a wonderful brother, he has sacrificed his whole life for the name of his sister.

      Delete
  33. අවුරු‍දු දෙකේ ඇනවර්සරියට සුබ පැතුම් මලයා. දිගටම ලියන්න හැකියාව ‍ලැබේවා !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න අයියා...හැමදාම වගේ සිරාට දෙන තල්ලුවට...

      Delete
  34. සුබ පැතුම්!!!

    සිරා.....මම මේ කතාව කියවගෙන යනවා. මේ කතාව කිහිපදෙනෙකුට ඊමේල් මගින් ලැබුනු බව කමෙන්ට්ස් වලින් දැක්කා. මම මේ කල්පනා කරන්නේ මෙවැනි දෙයක් ඊමේල් හරහා එහා මෙහා වෙන්නේ මොන හේතුවකටද කියලා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ අයියා....

      මෙවැනි දෙයක් ඊමේල් හරහා හුවමාරු වෙන්න හේතුව තමයි සාධාරණය නැති සමාජ ක්‍රමයක...සාධාරණය වෙනුවෙන් තනිව සටන් වැදුන මිනිහෙකුගේ කථාවට බොහෝ දෙනා කැමති වීම. කථාව කියවාගෙන යද්දි...මේ ඉන්නෙ සුමතිපාල නොව තමා බව බොහෝ දෙනාට හැගෙනවා ඇති. ලංකාවෙ බහුතරය අද සාධාරණය දෙස අපේක්ෂාභංගත්වය පිරුන දෑසින් බලාන ඉන්න අය.

      Delete
  35. Suba pathum sira. Digatama enawa me paththata. Ohoma yan ,,,,,

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගයාන්...දිගටම කාමරේ පැත්තෙ එන්න...

      Delete
  36. අඩේ මේක ප්‍රබන්ධයක්ද?
    එහෙමත් නැත්නම් පොතක තිබ්බ එකක්ද??
    දක්සකම අවතක්සේරු කෙරුවා නෙමේ ඈ එතරම්ම සිරා! :-)
    ආයේ එමි!!!

    ReplyDelete
    Replies
    1. මෙය මවිසින් ලියූවක් නොවෙයි...වෙනත් අයෙකු විසින් ලියූවක් සිරාගෙ කාමරය තුල ඉදිරිපත් කිරීම පමණක් මවිසින් කරන්නෙමි.

      Delete
  37. ඇවුරුදු දෙකට හදවතින්ම සුභ පතනව යාලුව.කතාව කියවගෙන යමු නේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දමිත්...කාමරේ පැත්තෙ දිගටම එන්න ඕනෙ...

      Delete
  38. හදිස්සියි හදිස්සියි කිව්වට එන්න පොඩ්ඩක් පරක්කු උණා බොල. ඒ අස්සේ කේකුත් කපල. උඹේ බ්ලොග් එකටත් උඹටත් ජයෙන් ජයමවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අකමා...උඹට දෙන්නම කියලා කේක් කෑල්ලක් තියාන උන්නා...කාමරේට ආපු කෙනෙක් ඒකටත් වග කියලා.

      Delete
  39. සුභ පැතුම් සිරා..

    ReplyDelete
  40. උණුසුම් සුබ පැතුම් සිරා මල්ලි...මේක කියවද්දී ජිවතුන් අතර නැතත් ඒ නංගිය කොච්චර වාසනාවන්තද කියල හිතුන ..මේ වගේ අතිජාත සහෝදරයෙකුගේ ආදරනීය සොහොයුරිය වීමට...

    ReplyDelete
    Replies
    1. එළඹෙන ආත්මයකදී හෝ මේ සහෝදර පෙම නැවත එක වහලක් යට මුණ ගැසේවා කියලයි මා නම් ප්‍රාර්ථනා කරන්න කැමති.

      Delete
  41. උඹට බොහෝම දිග ගමනක් යන්න සුභපතනවා සිරා... උඹයි සෑමයි නිසා තමයි මාත් බ්ලොග් කාරයෙක් උනේ.

    මේ කතාවෙන් හොලිවුඩ් චිත්‍රපටියක් කළා නං මම සුමතිපාලගෙ චරිතෙට ගන්නෙ ක්ලින්ට් ඊස්ට්වුඩ්. ඒ තරම් සිරා චරිතයක් තමා සුමතිපාල. කතාව ලියලා තියෙන ශෛලිය නං ඒ තරම් සාර්ථක නෑ. ඒ වුණත් කතාවෙ තියෙන ප්‍රාණවත් කම සහ ප්‍රබලත්වය ඒ අඩුව පුරවනවා.

    වෙල් ඩන් සිරා. උඹ බ්ලොග් ඉතිහාසයෙ එක් ටර්නිං පොයින්ට් එකක් විදිහට මම සළකනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඩ්‍රැකී...ඔය කියන නළුවාව ගැන නම් මගේ දැනුවත් භාවයක් නෑ...කථාව ලියවී ඇති ආකාරයේ අඩුපාඩු තියෙන බව සත්‍යයක්. උපුටාගැනීමක් පමණක් කරන නිසා ඒවා සකසන්න මම උත්සාහ කලේ නෑ. තියෙන විදියටම තමයි පල කරන්නෙ. මට හිතෙන විදියට මේ කථාව ඉදිරියේදී චිත්‍රපටයක් වෙන්න බැරි නෑ.

      Delete
    2. අයියෝ බං හොයාගෙන බලහං The Good, The Bad and The Ugly ෆිල්ම් එකවත්. මුගෙ ෆිල්ම් කීපයකින්ම ඩීමන් ආනන්ද සිංහලෙන් පොත් ලියලා තියෙනවා. මේ ෆිල්ම් එක මාත් ඉස්සෙල්ලම කියෙව්වෙ ඩීමන් ආනන්දගෙ “හොඳ, නරක, කැත මිනිස්සු“ පොතෙන්. බලන්නම වටින ෆිල්ම් ටිකක් තියෙනවා ඊස්ට්වුඩ් ගෙ.

      Delete
  42. සුබ පැතුම් දෙවෙනි සංවත්සරයට !!!!

    මු නම් නියම පොරක්. දෙමළ චිත්‍රපටවල තමයි මේ වගේ චරිත තියෙන්නේ.

    ReplyDelete
  43. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දිනයක් වන අතර, මගේ හිටපු ස්වාමිපුරුෂයාට ඔහුගේ මැජික් හා ආදර අක්ෂර වින්‍යාසය සමඟ නැවත ගෙන්වා ගැනීමට වෛද්‍ය සාගුරු මට උපකාර කර ඇත. මම විවාහ වී වසර 6 ක් ගත වී ඇති අතර එය ඉතා භයානක වූයේ මගේ ස්වාමිපුරුෂයා මට වංචා කර දික්කසාද වීමට බලාපොරොත්තුවෙන් සිටි නිසාය. නමුත් වෛද්‍ය සගුරු අන්තර්ජාලය හරහා විද්‍යුත් තැපෑලක් දුටු විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ආපසු ලබා ගැනීමට උදව් කර ඇති ආකාරය සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කරන්න. සහ ඔවුන්ගේ සම්බන්ධතාවයෙන් මිනිසුන් සතුටු වීමට සලස්වන්න. මම මගේ තත්වය ඔහුට පහදා දී ඔහුගේ උපකාරය පැතූ නමුත් මා පුදුමයට පත් කරමින් ඔහු මට කීවේ ඔහු මගේ නඩුව සඳහා මට උදව් කරන බවත් මගේ ස්වාමිපුරුෂයා යහපත සඳහා මුළුමනින්ම වෙනස් වී ඇති නිසා මම දැන් සමරන බවත්ය. ඔහුට සෑම විටම මා විසින් වීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැකිය. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා. ආචාර්ය සගුරු සැබවින්ම සැබෑ අක්ෂර වින්‍යාසය නිසා මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දරමි. දැන් ඔබට විද්‍යුත් තැපෑල හරහා සම්බන්ධතා වෛද්‍ය සාගුර්ට උදව් කිරීමට අවශ්‍යද: drsagurusolutions@gmail.com හෝ WhatsApp +2349037545183 ඔබේ ගැටලුවට එකම පිළිතුර ඔහු වන අතර ඔබේ සම්බන්ධතාවය ගැන ඔබ සතුටට පත් කරයි. තවද ඔහු 1 ආදරණීය අක්ෂර 2 හි පරිපූර්ණයි 3 ගර්භාෂයේ පලතුරු 4 ප්‍රවර්ධන අක්ෂර 5 ආරක්ෂණ අක්ෂර 6 ව්‍යාපාර අක්ෂර 7 හොඳ රැකියා 8 අක්ෂර වින්‍යාසය සහ අධිකරණ නඩු අක්ෂර වින්‍යාසය.

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...