Wednesday, January 6, 2016

96 කාමරේ දොර ආයෙමත් විවෘතයි.

සුභ 2016 වසරක් වේවා බොලා හැමෝටම...කාලෙකට පස්සෙ සිරා කොලුවා ආයෙමත් කාමරේ ලෑලි දොර විවර කොලා. කාමරේ පැත්ත පළාතෙ නෑවිත් හිටිය පහුගිය කාලය බොහොම කාර්ය බහුලයි. දැන් කියලා ඉතින් වෙනසක් නෑ. ඒත් ඉතින් දන්න නොදන්න ඇත්තො ආයෙමත් යමක් ඇදබාන්නෙ නැතෙයි අහලා සතියකට තුන හතරක් ඊ විදිනකොට මගේ හඳුන්පොත මෙලෙක් උනා. ඒ හින්දම අකුරු දෙක තුනක් හරි කොටලා මකුළුදැල් බැඳුන මගේ දුප්පත් කාමර කබල ආයෙමත් බොලා වෙනුවෙන් විවර කොරන්නයි මේ වෑයම.

ගෙඹි මස් ගැන දෙසාබෑව අන්තිම බ්ලොග් සටහන අමුණන කොට මැලේසියාවෙ හිටිය සිරා කොලුවා දැන් ඉන්නෙ සිරි ලංකාවෙ. මගේම කියලා පුංචි ව්‍යාපාරයක හිමිකාරයෙක් වෙලා. දැන් ඉතින් අණ දෙන්න බොසාලා නැති නිසා ලොකු නිදහසක් දැනුනත් හැමදේම තනිවම කළමණාකරණය කරගත යුතු නිසාම තමයි බොලව් මේ තරම් කාර්යබහුල උනේ.

ලෝක වෙළඳපලේ තෙල් මිළ දරුණු ලෙස පහළ යාම මැලේසියානු ආර්ථිකයට මරු පහරක් වෙලා තියෙන්නෙ. ඒ නිසාම පහුගිය අප්‍රියෙල් මාසයෙදි අලුතින් පනවපු 6% භාණ්ඩ හා සේවා බද්දෙන් පස්සෙ ඒ රටේ භාණ්ඩ සහ සේවා ගාස්තු ඉහළ ගියා. ඊට සරිලන විදියට අපේ වැටුප් පත්‍රිකාවත් ආදරණීය බොසා ඉහළ නංවාවි කියන පරම පිවිතුරු චේතනාවෙන් හැඩගැන්වී තිබුන අපේ මල් වගේ අහිංසක හිත් ඒ බලාපොරොත්තුව ඉටු නොවුන තැන යම් කළකිරීමකට පත් උනා.

ඒ අතරතුර කාලෙදිම තමයි සිරා කොලුවගෙ පිය තුමාගෙ පපුවෙ ආගන්තුක ගැස්මකුත් හට ගත්තෙ. නම් දරාපු විශේෂඥ වෛද්‍යවරු කීප දෙනෙක් විවිධ පරීක්ෂණ අවසානයෙදි කිව්වෙ කොලෙස්ට්‍රෝල් මට්ටම ඩිංගිත්තක් වැඩි වෙලා තිබුනත් පපුව ඉතාම හොඳ තත්වයේ තිබෙන බවක්. එහෙත් තාත්තගෙ පපුවෙ ගැස්ම අඩු උනේම නෑ. වරින් වර මතු උනා.

අන්තිමේදි ජයවර්ධනපුර රෝහලේ නවත්වලා ප්‍ර‍තිකාර කලත්, පැය 24 ක්ම හෘදයේ රිද්මය හඳුනන නවීන යන්ත්‍රයක් සවිකර තිබුනත් තාත්තා චෝදනා කරන මේ පපුවෙ ගැස්ම නං අල්ලගන්නම බැරි උනා. කියන්න ලෙඩක් නැති නිසා ඒ ඇත්තො ලෙඩා ගෙදර එව්වා.

අන්තිමේදි මම උපකල්පනය කලේ මාස තිහකින් නොදුටු සිරා කොලුවා දුටුවොත් තාත්තගෙ අසනීප තත්වයේ වෙනසක් වේවි කියලා. එහෙමත් නැත්තං නවීන උපකරණ වලට හසු නොවන ඔහුගේ පපුවෙ ගැස්ම හුදු මානසික සිතිවිල්ලක් පමණක් කියලා.

ඔය කිව්ව කාරණා දෙක නිසාම මම තීරණය කලා මාස 30 ක මැලේසියානු ජීවිතයට තිත තියන්න...දෙමාපියන් සමග ජීවත්වෙන්න තියෙන කැමැත්ත නිසාම ලංකාවෙ ඉපයීම් මාර්ගයක් ආරම්භ කරන්න. වැටුපට වැඩ කරනවා වෙනුවට මගේම කියලා ව්‍යාපාරයකට අත ගහන්න. ඔන්න ඔය විදියට තමයි මේ ලියවිල්ල ලියන අවස්ථාව දක්වා කරුණු කාරණා සිද්ධ උනේ. සතුටට කාරණය තමයි තාත්තගෙ රෝගී තත්වය මේ වන විට සුවපත් වී තිබීම. මගේ ආගමනය නිසා ඔහුට ඇතිවුන චිත්ත ප්‍රීතියත් එයට ඉවහල් වෙන්න ඇති.

මාස 30 කට පස්සෙ ලංකාවට සම්ප්‍රාප්ත උන මට, ගුවන්තොටුපල ආපසු පැමිණීමේ පර්යන්තයේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ කඩ සාප්පු කිසිම ලකයක් නැති වග, මත්පැන් බෝතල් තියෙන තැන ඒවා විකුනන්නට පමණට වඩා මේකප් දැමූ නංගිලා අවශ්‍ය ප්‍ර‍මාණයටත් වැඩියෙන් ඉන්නා බව, නගරයේ මාර්ග වල දිවෙන වාහන සංඛ්‍යාව සැළකියු යුතු ලෙස වැඩිවී තිබෙන බව, රටකජු කරත්තෙන් ඉස්සර වගේ රුපියල් 10 ට රටකජු ගන්න බැරි විත්තිය, ඒ දවස් වලට වඩා දැන් ඉන්න දැරිවියො ෆාස්ට් ෆෝවඩ් වග. මගේ දෙමාපියො වගේම මිත්තරයන්ගෙ දෙමාපියොත් පෙනුමෙන් වයසට ගිහින් තියෙන බව, මා එක්ක අතීතයේ දවසක ස්කූටර් චාරිකා වලට එකතු උන ඇත්තන්ගෙන් සමහරෙක් පිය පදවි ලබා, වගකීම් සහගත ජීවිත ගත කරන නිසා නැවත චාරිකා යන්නට එකතුකරගන්නට නොහැකි විත්තිය අක්මාවට දැනුනා.

සිරිලංකාවට පය තිබ්බට පස්සෙ බ්ලොග් ලියන කියවන ඇත්තන්ගෙන් සෞදි අරාබියේ ඉන්දික සහ ගම්පහ කම්මල ගොයියා මුණ ගැහුනෙ ගම්පහ ගල් පල්ලිය ලගදි. ඒ හමුවීම අවසන් උනේ ගම්පහ තානායමේ රවුම් මේසයකින්. ඉන්දික අයියා හා පුරා කියලා මුලිච්චි උනේ එදා.

කම්මල / ඉන්දික (පින්තූරෙ ගත්තෙ ඉන්දික අයියා බත් කන ගෙදර අක්කා)
ඊට පස්සෙ බ්ලොග් අඩවිය නිසාම සිරා කොලුවා එක්ක බොහොම ලඟ යාලුවෙක් තරමට බැදුන ඇමරිකාවේ සමීර කොලුවගෙ ගාල්ලෙ නිවසෙ පැවැත්වුන සාදයකට සහභාගි උනේ ඔහුගේ ආරාධනාවකින්. සමීර වගේම සමීරගෙ පවුලේ උදවිය දක්වපු ආගන්තුක සැළකිළි ඉතාම ඉහළ නිසාම පහුවදා දවල්ටත් බඩ පුරවගෙනයි සිරා කොලුවා එළියට බැස්සෙ.

නැති බැරි සමීර කොලුවා

සමීරගෙ නිවසේ පැවති ධාරාණිපාත සංගීත වරුසාව
ඔයින් මෙයින් ජනවාරි පළමුවෙනිදාවත් උදා උනා. සුභ වේලාවල් නැකත් අරවා මේවා බැලුවෙ නෑ. නමක් හදාගන්න සිංහල භාෂාව මුදලට වික්ක උන්ව හොයාගෙන ගියෙත් නෑ. යමක් කරන්න උවමනා නම් එ් සඳහා ඕනෑම වෙලාවක් සුදුසුයි කියන තර්කයේ ඉදගෙන කාලයක් තිස්සේ හිතේ එකතු උන හීන වලට පණ දෙන්න මගේ පුංචි ව්‍යාපාරය ආරම්භ කොලා. ව්‍යාපාරයේ නම Dreamz Creations. ග්‍රැෆික් නිර්මාණ කටයුතු සහ මුද්‍ර‍ණ කටයුතු තමයි අපේ ප්‍ර‍ධාන ව්‍යාපාරික කටයුතු වලට අයත් වෙන්නෙ. ඊට අමතරව මයෙ මලයා මංගල ඡායාරූපකරණයට අත ගහලා තියෙන්නෙ.

මගේ අලුත් පුටුව

ගතවුන කාල සීමාව තුල බ්ලොග් ලිපි කිසිවක් කියවන්න ඉසිඹුවක් තිබුනෙ නෑ. ඒ පිළිබඳ ඒ ඇත්තො අහිතක් හිතන එකක් නෑ කියලයි මගේ විශ්වාසය. එක් වරම එක හුස්මට මේ ලියමන ලියාගෙන ලියාගෙන යන්නෙ සිරාගෙ කාමරේට යන එන බණ්ඩාරවෙල නැන්දා කෙනෙක් කොලුවො යමක් ලියපිය කියලා මට තරයේ අවවාද කල නිසාම තමයි.

බ්ලොග්කරණය තුල ගතවෙලා තියෙන වසර 3 ඇතුලෙදි සිරා කොලුවා ඉපයූ වත්කම් වලට සාක්ෂි සපයන්නෙ මා ගැන විමසා මවෙත ලැබුන ඊ පණිවිඩ, එහෙමත් නැතිනම් තෝ මොකද ලියන්නෙ නැත්තෙ මැරිලද ? යනුවෙන් මා ලද දුරකථන ඇමතුම්...මේ උණුසුම් ප්‍ර‍තිචාර නිසාම කොහොමද යමක් අකුරු කරන්නෙ නැතුව ඉන්නෙ. ඒ හින්දම සිරා කොලුවා ආයෙමත් හැකි විදියට ලිපියක් දෙකක් ලියාන පාඩුවේ ඉන්න තීරණය කලා. ඔබ සියල්ලන් සමග කරන මේ ගණුදෙනුව මට මහත් සතුටක්.

අපේ ව්‍යාපාරික ස්ථානය තියෙන මීගමු පුරවරය ගැන ඉතින් කියන්න දෙයක් නෑනෙ...කන බොන පපුව හොඳ මිනිස්සු ඉන්න පළාතක් විදියට තමයි ප්‍ර‍සිද්ධ. හැමදේම බිම් මට්ටමෙන් පටන් අරගෙන ඉදිරියට යන්නයි සිරා කොලුවගෙ වර්තමාන වෑයම.

එහෙනං බොලව් අදට මේ මදැයි...ආයෙ එහෙම..සිරෝ තෝ මලාද කියලා අහලා ජංගම දුරබණුවට ඇමතුම් එහෙම දෙනවා නෙමෙයි. කසාදයක්වත් නොබැඳ දැන්ම මැරෙන්න මගේ අදහසක් නෑ බොලව්..


මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

සිරා කොලුවා ගැන විමසූ හැමටම අක්මාවෙන්ම ස්තූතියි...ඉඩ ඇති පරිදි ඔබ සැම කියවන්නට එමි.

96 comments:

  1. අම්මො ඇති යන්තම් ඇති යන්තම් අපහු ආව.. සුබ අලුත් අවුරුද්දක් වේවා... වැඩි වැඩි යෙන් ලියන්නට ලැබේවා...!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බොලාගෙ ප්‍රාර්ථනා වලට...ආදරය පිරුන වසරක් වේවා බොට කියලා මමත් අක්මාවෙන්ම පතනවා...

      Delete
  2. කසාදයක්වත් නොබැඳ දැන්ම මැරෙන්න මගේ අදහසක් නෑ බොලව්..

    ehenam ekath ikmanatama kerei wage :D :D :D

    Aluth wedeta subha pethum...!

    ReplyDelete
    Replies
    1. ඒක කෙරෙන දවසක් ගැන තවමත් කියන්න බෑ...සතූතියි ඔබට...

      Delete
  3. එහෙනං වීදුරු ටික මැදල ගත්තනං..

    ReplyDelete
    Replies
    1. ඇයි බං උඹට පේන්නෙ නැද්ද ඒව මැදල ලස්සනට කර්ටන්ස් හිටං දාල තියෙන්නෙ. හැක්..

      Delete
    2. ඒ වීදුරු නෙමෙයි බොලං, අසෝක වීදුරු...

      Delete
    3. ෂොට් දෙකක් වැක්කෙරෙනකොට වීදුරුව මැදලද කියල හොයන්නෙ නෑනෙ.

      Delete
    4. බයිට් එකට බැඳපු හුරුල්ලොද ?

      Delete
  4. කාමරේ අැරපු ඒකට ස්තූතිය... සුභ අලුත් අවුරුද්දකටත් සුභ පැතුම්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තෙ ඇවිත් ගියාට...

      Delete
  5. පටන්ගත්ත වැඩේ අති සාර්ථක වේවා !!!

    ReplyDelete
  6. පටන්ගත්ත වැඩේ අති සාර්ථක වේවා !!! x 2
    කම්මලයා දෙකක් දැම්මේ නැතුවම අප්සෙට් වගේ නිසා මාත් එකම දැම්මා :)

    ReplyDelete
    Replies
    1. කම්මලගෙ දෙකක් වැටෙන ලෙඩේ දැන් හොඳයිද එතකොට ? ස්තූතියි කමියො

      Delete
  7. වැඩක් කරන්න හිතක් තියෙනවනං වෙලාවල් බලන්න, නං දාන්න එක එකා පස්සෙ යන එක බොරු වැඩක්.
    උඹේ අලුත් ව්‍යාපාරෙ සාර්ථක වෙන්න කියල වගෙම මේ 2016 සුබ වෙන්න කියලත් පතනව.

    ReplyDelete
    Replies
    1. මොකද බං අර රවුටරේට මෝල්ගස් දෙකක් හයිකරල තියෙන්නෙ. :D

      Delete
    2. ස්තූතියි ප්‍ර‍සන්න අයියා... මගෙ වැඩ කොහොමත් එහෙම තමයි...රවුටරේ ආපු හැටි තමයි ඒ...මොන දිල්ලියෙන් හරි ඒ දිග මෝල් ගස් සිග්නල් හොයාගෙන අරගෙන එනවා...

      Delete
  8. සිරත් නිකං අර සින්දු කියන ගයන්ත ගෙ ෂේප් එකද මංද හිහි
    අලුත් ව්‍යාපාරයට සුභ පැතුම්
    සියල්ල සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා
    හැක හැම විටම බ්ලොගත් අප්ඩේට් වේවා
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ් කාලෙන් කාලෙට විවිධ හැඩතල සිරාගෙන් මතු වෙනවා...ඒ නිසා කාලෙන් කාලෙට විවිධ නම් පට බැඳුනා...මේ දවස් වල නම් එහෙම නමක් නැතුව දෙයියනේ කියලා ඉන්නවා...

      Delete
  9. ලැබුවා වූ නව වසරේ ඇරබි ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා..

    ReplyDelete
  10. උඹට ජයවේවා...!!! උඹට වරදින් නෑ බං. උඹ හිත හොඳ එකා. දිනෙන් දින දියුණු වේවා!

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකියාගෙ බොක්කෙ අදහස් වලට මගේ අක්මාවෙන්ම ස්තූතියි...කොත්මලේ නටඹුන් මතුවෙන දවසක ඒ පැත්තට යමු...හා ද ?

      Delete
  11. ඔන්න සිරා දොර අරිනකොට තවත් බයියෙක් ගෙයි දොරකොඩට අවිල්ලා.

    ReplyDelete
    Replies
    1. සුබ නව වසරක් වේවා!!!

      Delete
    2. මම ඉතින් බයියොද ටොයියොද කියලා ගානක් නෑ...කාමරේට එන හැමටම සලකනවා. ස්තූතියි ඔබට...

      Delete
  12. ජය වේවා !!! සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නැන්දෙ...ඔබටත් එසේම වේවා !

      Delete
  13. සුබ නව වසරක් වේවා. බිසිනොස් එක සරු වේවා.

    ReplyDelete
    Replies
    1. අපිට ජය වේවා ! ස්තූතියි ලලිත් සහෝදරයා...

      Delete
  14. Nithara comment nokalath mama oyage post hama ekakma kiyawanawa.aluth business ekata suba pathum!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හසිත...ඔබ වැනි අදහස් නොදක්වන නමුත් කාමරේට නිතර යන එන බොහෝ අය මම නිශ්ශබ්දව සිටි කාලයේ ඊ පණිවිඩ එවා තිබුනා...

      Delete
  15. අලුත් ව්‍යාපාරය සර්වාප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...

    ReplyDelete
  16. එළ කිරි සිරා කොළුවෝ......! අළුත් ව්‍යාපාරය අති සාර්ථක වේවා කියලා ඔන්න අපෙන් සුභම සුභ පැතුම්.....!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී අයියා.... අපිට ජය වේවා !

      Delete
  17. සියළු සිතුම් පැතුම් ඉටුවන නව වසරකට සුබ පතන ගමන් අලුත් වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න පතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉන්දික අයියා...

      Delete
  18. එහෙනම් උඹ ආයිත් මෙහෙට කඩාපාත් උනා. ඈ....

    නව වසර සිරා ඇතුළු පවුලේ අයට සුබ වෙන්න කියල ප්‍රාර්ථනා කරන ගමන්ම අලුත් ව්‍යාපාරය දිනෙන් දිනම දියුණුවෙන් දියුණුවට පත්වෙන්න කියලත් ප්‍රාර්ථනාකරනවා.

    අර අන්තිමට කිව්ව එක, මැරෙන්න ඉස්සර කසාදයක් බැඳගන්න මේ අවුරුද්දෙවත් පොඩි ට්‍රයි එකක් දුන්නොත් නරකද.

    ReplyDelete
    Replies
    1. බොලාව දැකීම සතුටක්...මම ඉතින් කොහෙ ගියත් ලංකාවෙ ස්ථිර පදිංචිය තියාගන්න කැමති එකෙක්. කවුරු මොනවා කිව්වත් අපේ රට තරම් හොඳ තැනක් මට නම් නැහැ.

      මැරෙන්න ඉස්සර කසාදයක් බැඳගන්න තවමත් මට ලොකු උවමනාවක් නෑ. බලමුකො ඉතිං....කාලය සියල්ල විසදාවි....බොට ස්තූතියි...

      Delete
  19. සුබ නව වසරක් වේවා.අලුත් ව්‍යාපාරය ජය වේවා සහ අලුත් අවුරුද්දේ පිළිවෙලක් වෙන්නට ලැබේවා!!

    ReplyDelete
    Replies
    1. හැලපයියාටත් නව වසර ජය වේවා ! කිරියෙන් පැණියෙන් ඉතිරේවා !

      Delete
  20. අලුත් ව්‍යාපාරෙට ජය ! බ්ලොග් එකට නෙමේ උඹ දැන් තැන දෙන්න ඕනා, අලුතෙන් හිටවපු පැලේට කියලයි මගේ හෑඟීම...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙන්නා...අලුත් පැලේට තමයි උපරිම තැන දෙන්නෙ....වෙලාව තියෙන විදියට තමයි කාමරේ දොරට තට්ටුව දාන්නෙ...

      Delete
  21. සිරෝ උඹ බුද්ධිමත්ව හිතලා හොඳ තීරණයක් අරන් තියෙන්නේ. නව ව්‍යාපාරය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා හදවතින්ම සුබ පතනවා.

    යකෝ, දැන්වත් ගහකට තියලා හරි බැඳපිය. නාකි වෙන්නේ නැතුව.

    හැකි ඉක්මණින් හොඳ වෙලාවක හමුවෙමු.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචාරක තුමා...මම ලංකාවෙ දිවි ගෙවන්න කැමති නිසා මම කැමති ලංකාවෙ ස්ථාවර වෙන්න. ඒ වෙනුවෙන් තමයි මේ වෑයම.

      ගහකට හරි තියලා බන්දයි තව වසරක් දෙකක් ගතවෙනකොට ගෙදර ඇත්තො. මම ඉතින් වෙන දෙයක් වෙයි කියන සිතිවිල්ලෙන් ව්‍යාපාරෙට ආදරය කරගෙන ඉන්නවා.

      අනිවාර්යෙන්ම හොද දවසක...හොඳ තැනකදි හමුවෙමු. ජය !

      Delete
  22. සුභ පැතුම්
    K නැන්දා

    ReplyDelete
    Replies
    1. මම නොලියා හිටිය කාලෙ K නැන්දලා බලාන ඇති කියලා හිතුනා..ස්තූතියි...

      Delete
  23. අවුරුද්දට වගේම අළුතින් අතගහපු වැඩ වලටත් හදවතින්ම සුබ පැතුම්.
    බ්ලොග් එකත් ඔය අස්සෙම ඇදගෙන යමු කොහොම හරි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි...වැඩ අස්සෙන් කොහොම හරි ඇදගෙන යන්න තමයි මගේ උත්සාහයත්...

      Delete
  24. සුභ පැතුම් සිරා...

    ReplyDelete
  25. බොගොම සතුටුයි සංජිව.මම හිතන්නේ ඔබ නැවත පැමිණියේ සුදුසුම කාලයේ කියලා.දෙමාපියන්ට ඔබ නැති අඩුව තදින් දැනෙන්න ඇති.
    අලුත් ව්‍යාපාරයක් කියන්නේ කුඩා දරුවෙක් වගේ රැක ගත යුතු දෙයක්.
    ඔබේ ඉදිරි ජීවිතේ සර්වප්‍රාකාරයෙන් සාර්ථක වෙන්නත් ඔබේ සිතුම් පැතුම් වලට සරිලන සහකාරියක් ලැබෙන්නත් කියල අවංකවම ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගිම්...ඔබේ වදන් මට මහත් ශක්තියක්...ජීවිතය කියන්නෙ ඉතින් ගඟක් වගේ හැල හැප්පීම්,බාධක මැද ගතවෙන දෙයක්නෙ...අභියෝග වලට අභියෝග කරගෙන ඉදිරියට යන්න තමයි උත්සාහය.

      Delete
  26. ආපු පළමුවෙනි දවස. ඔබගේ නව ව්‍යාපාරය සාර්ථක වේවා.

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා ඉයන්...ස්තූතියි ඔබේ ප්‍රාර්ථනාවට...

      Delete
  27. mama godak kaleka idala oyage blog eka kiyawanawa. pahu giya dawaswala mama nitharama beluwa oya aluthin monawada liyala thiyenne kiyala. den masayakata vithara kalin mama oyawa dekka gampaha station eka gawa. eth katha karanna baya hithuna wena kawuru hari kiyala. danne nene lankawata ewith kiyala. mama asgiriye inne.

    ReplyDelete
    Replies
    1. ඊළග වතාවෙ දැක්කොත් කථා කරන්න...ගම්පහ ස්ටේෂන් එක පැත්තෙ ඇවිද්දා තමයි කීප වතාවක්ම. අපේ ජපන් චමියා ඉන්නෙත් අස්ගිරියෙ නිසා ඔය පැත්තට එන වෙලාවලුත් තියෙනවා...හැකිනම් ඊයක් විදින්න.

      Delete
  28. කොහේද මනුස්සයෝ ගිහින් හිටියේ?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන විස්තර තමයි බොලං මේ කියලා තියෙන්නෙ...

      Delete
  29. වැඩේ සාර්ථක වේවා.

    ReplyDelete
    Replies
    1. අක්මාවෙන්ම ස්තූතියි රාජ්..

      Delete
  30. සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා සිරා අයියෙ! අලුත් ව්‍යාපාරය සිතන අයුරින්ම සාර්ථක වේවා!

    ඉඩකඩ ලැබෙන විදියට බ්ලොග් එකත් ලියන්න හොඳේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගි...ඔබටත් ඉතාම සුභදායී නව වසරක් පතනවා...හැකි විදියට කාමරේ අරින්න තමයි හිතාන ඉන්නෙ...

      Delete
  31. කාමරේ ඇරලා තියෙන එකේ ඇවිල්ලා යන්න එන්නම් ඈ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...බොලාට ඇවිත් යන්න තමයි දොර ඇරලා තියෙන්නෙ...

      Delete
  32. සියලු වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්...සියලු යහපත් දේ ඔබටත් පතමි...

      Delete
  33. (අම්බෝ ඇති යන්තම්. ගෙඹි මස් සමග බත් කෑවට පස්සෙ මේ මලයට වෙලා තියෙන දේවල්.. ) මල්ලි ඔයාගේ සියළු කටයුතු සිතන පතන අයුරින් සාර්ථක වේවා!!!.

    සුජීවා අබේගුණවර්ධන - දෙණියාය.

    ReplyDelete
  34. හිතේ අමාරුවන් හිටියේ දේව කැද්වීමවත් ඇවිල්ලද කියල . සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. දේව කැදවීමට තව කල් තියේලු...හැක්..

      Delete
  35. ශ්‍රී සුබ වේවා!!!
    යමින් එමින් මීගමුවේ උඹේ කඩේට ගොඩ වෙන්න අනිවා එන්නං! හරියටම තියෙන තැන කියපං!!

    ReplyDelete
    Replies
    1. බොටත් අලුත් රැකියාව එක්ක ශ්‍රී සුභ වේවා...මම මූණු පොතට පයින්ඩයක් එවන්නං බොට...

      Delete
  36. ජය වේවා මගේ හිත හොඳ මිත්‍රයා. උඹේ ව්‍යාපාර දිනෙන් දිනම දියුණු වේවා...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි ඔබට මිත්‍ර‍යා...

      Delete
  37. හම්මෝ යන්තං ඇති ආයෙත් බ්ලොග පටන්ගත්තා හැම සතියෙම බැලුව මුකුත් නෑ , ජයවේවා සිරා අයියගේ බිස්නස් එකට !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලයො....බොලාගෙ ඔය ලෙංගතුකම නිසාම තමයි අමාරුවෙන් හරි කාමරේ දොර අරින්නෙ...

      Delete
  38. සියලු වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...

    ReplyDelete
  39. උඹේ ව්‍යාපාරය සහ අනාගතය දිනෙන් දිනම සාර්ථක වේවා. පැතුම් ඉ‍ටු වේවා. මමත් උඹ වගේම ආපහු ඇවිත් මොකක් හරි පටන් ගන්න පුදුම ආසාවකින් අං ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. මගේ ව්‍යාපාරික සහකරු හෙන්රි සෑර්ට අක්මාවෙන්ම ස්තූතියි...ලංකාවෙ නවතිනවා නම් ඉතින් පඩියට වැඩ කරලා වසන්න අමාරුයි දැන්...තමන්ගෙම යමක් කරන එක තමයි එකම විසඳුම....

      Delete
  40. නව වසරේ නව කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගස්ලබ්බො...බොටත් ජයම වේවා !

      Delete
  41. ලංකාවට ගියත් හරි මොකද උනේ කියල බැලුවා ........ මේ තියෙන්නේ විස්තරේ...... ජයෙන් ජයම වේවා ..... ඔපිසිය අතුගාන වෙකන්සිය තියාගනින් ආපු කාලෙක අපිට සෙට් වෙන්න

    ReplyDelete
    Replies
    1. ආ මැලේ රාළ මාමා හුග කාලෙකින් දැක්කෙ...ලංකාවෙ අතුගාන්න එන්න හදන්නෙ මැලේසියාවෙ නයි මිරිස් වැවිල්ල එපා වෙලාද ?

      Delete
  42. congrats bro... wish you all the best බොක්ක පිරිසිදු නම් වරදින්නෙ නෑ....

    ReplyDelete
  43. සුභ පැතුම් සිරා . මම ආරම්භයේ සිට ඔබගේ බ්ලොග් කියවනවා , මෙම පළමු වරට අදහස් වේ.
    - Buddhika - .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි බුද්ධික...ඔබේ වදන් නිසැකවම සවියක් මට...

      Delete
  44. ela macho, wish you all the best. welcome back.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා...පහුගිය දොහේ මා පිළිබඳ සොයා බැලුවාට...

      Delete
  45. සිරා , ඔයා පටන්ගත්ත ව්‍යාපාරය සර්ව සම්ප්රාත්රියෙන්ම සාර්ථක වේවා කියල මුළු හිතින්ම පතනවා . ඔබට සුබ .

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...